ඉස්ලාම් විරෝධි මුස්ලීම්වරුන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


"ඉස්ලාම් විරෝධි මුස්ලීම්වරුන්" යන මෙම මාතෘකාව තරමක් රැඩිකල් එකක් ලෙස බැලූ බැල්මට පෙනෙන්නට පුළුවන. නමුත් යථාර්තය නම්, එවැනි පිරිස් සැලකිය යුතු මට්ටමින් සමාජයේ ඇත්තටම සිටිනවා යන්නයි. ආගම දහම පිලිබදව තිබෙන අනවබෝධය නිසාත්, ලෞකික ලාභ ප්‍රයෝජන කෙරෙහි තිබෙන කෑදරකම තමන් අදහන දහමටත් ඉහලින් තිබෙන නිසාත්, ඉස්ලාම් දහම මුස්ලීම්වරුන් අතින්ම විකෘති කෙරෙන අවාසනාවන්ත ඉරණමක් වත්මන් සමාජය තුල දකින්නෙමු. එහි අවාසනාවන්තම කාරණය වන්නේ ඉස්ලාම් ආගමික පූජකවරුන් හා නායකයින් යැයි පවසා ගන්නා සමහරක් පිරිස අතින්ම මෙම විනාශය ඉස්ලාමයට සිදුවීමයි.

විවිධ වූ අනාචාරයන් ඉස්ලාම් නමින් සමාජගත කරමින්, එය පිලිපැදීම ආගමික භක්තිය යනුවෙන් ප්‍රචාරය කරමින් ඉස්ලාම් දහම තහනම් කරන ලද බොහෝ ක්‍රියාවන් අද ඉස්ලාම් නමින් සමාජය තුල ක්‍රියාවට නැංවීම සුලබව දක්නට ලැබේ. එවැනි අනාචාරයන් සමාජය ඉදිරියේ සලකුණු කොට පෙන්වීමත් එහි තිබෙන විකෘතිය කුමක්ද? යන්න සමාජයට අණාවර්ණය කිරීමත් යහමග අඩවිය ඉදිරිපත් කරන මෙම ලිපියෙහි අරමුණයි.


ගීත ගයලා නැටුම් නටලා ලබන්නට යන විමුක්තිය කුමක්ද?

ආගම නමින් නටන නාඩගම්

අද පල්ලිවල මෙලෙස නැටුම් නටන්න ද අතීතයේ සහාබාවරුන් ලේ වගුරවමින් දිවි පුදමින් වෙහෙසුනේ...

මේ කලකන්නි නැටුම් ඉස්ලාම් නොවේ

මුහම්මද් (සල්) තුමාණන් වසර 23ක් ලේ වගුරවමින් නින්දා අපහස ලබමින් ගොඩනැඟූ ඉස්ලාම් දහම සහා එහි අනුගාමික උතුම් සමාජය නැවත ජාහිලියාවට රැගෙන යන මේ කලකන්නි නැටුම් වන්දනය ඉස්ලාම් නොවන බවත්, එය ඉස්ලාම් හි මූලික ඉගෙන්වීමන්ට පවා එරෙහි ක්‍රියාවන් බවත්, මෙහි දැඩිව අවදාරණය කර සිටිමි.

මුහම්මද් (සල්) තුමාණන් වසර 23ක් ලේ වගුරවමින් නින්දා අපහස ලබමින් ගොඩනැඟූ ඉස්ලාම් දහම සහා එහි අනුගාමික උතුම් සමාජය නැවත ජාහිලියාවට රැගෙන යන මේ කලකන්නි නැටුම් වන්දනය ඉස්ලාම් නොවන බවත්, එය ඉස්ලාම් හි මූලික ඉගෙන්වීමන්ට පවා එරෙහි ක්‍රියාවන් බවත්, මෙහි දැඩිව අවදාරණය කර සිටිමි.

මෙවැනි නැටුම් ඉස්ලාම් වූයේ කෙසේද?

මෙවැනි නැටුම් ඉස්ලාම් වූයේ කෙසේද? - මේ පිරිස ඉස්ලාමය රැගෙන යන්නේ කොයිබටද?

මෙහෙමත් නැමදුමක්

සංගීතය තහනම් කරපු ඉස්ලාම් දහම තුල මෙහෙමත් නැමදුමක් - ඉස්ලාම් නමින් අනාචාරයන්

බැලූ බැල්මට ඉස්ලාම් ලෙස පෙනුනත්

මෙවැනි වීඩියෝ බැලූ බැල්මට ඉස්ලාම් ලෙස පෙනුනත් මේ සියල්ල ඉස්ලාම් විරෝධී, ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමන්ට පරස්පර වූ පාපක්‍රියාවන් ම වේ.

අරෆා දිනය සහ ලෝකල් දුල්හජ් 09 පටලවාගත් අප රටේ උලමාවරුන්

2023 වර්ෂයේ (තව දින කිහිපයකින්) සැමරීමට නියමික "හජ් උත්සවය" සහ "අරෆා උපවාසය" සම්බන්ධයෙන් ලාංකීය මුස්ලීම් ජනතාවගෙන් සහ මෙහි ඉස්ලාම් ආගමික විද්වතුන්ගෙන් විමසිය යුතු පැනයන් කිහිපයක් ඇත. එනම්,

  • ශ්‍රී ලාංකීය අපට මෙවර (2023) “හජ්” වන්දනයේ නිවැරදි “අරෆා” දිනය වන්නේ ජාත්‍යන්තර නව සඳ දැකීම අනුව තීරණ වී ඇති සැබෑම “අරෆා” දිනය වූ “2023 ජූනි 27 දිනය ද?. නොඑසේ නම් අප රටේ දකින නව සඳ පදනම් කරගත් 2023 ජූනි 28 දින “ලෝකල් දුල්හජ් 09” දිනය ද?.

(2023) මෙවර ලොව අති බහුතරයක් මුස්ලීම්වරුන් “අරෆා” දිනයේ (ජූනි 27 දින) උපවාසයේ නිරත වී ජූනි 28 දින හජ් උත්සවය සැමරීමට සූදානම් වෙද්දී අප රටේ හිතුවක්කාර සහ කුහක මුල්ලාවරුන් රටේ මුස්ලීම් ජනතාව නොමඟ යවමින් තම රටේ දින කැලැන්ඩරයට අනුව දුල්හජ් 09 ලෙස සැබෑ අරෆා දිනයට පසු දිනය (ජූනි 28 දිනය) “අරෆා” උපවාස නිරත වියයුතු දිනය ලෙසත්, ඊට පසු දිනය එනම් සැබෑ හජ් උත්සව දිනයට පසු දිනය “හජ් උත්සව” දින ලෙසත් ප්‍රකාශ කොට ඇත.

මේ ආකාරයට දහම තුල තීන්දු තීරණ ගැනීමට මෙම පිරිසට අවසර ලබාදුන්නේ කවුද?. ආගමක තීන්දු තීරණ එහි ඉගෙන්විමන් පදනම් කරගෙන තීන්දු කලයුතු කාරණයක් මිස ලෝක කාන්තා දිනය, දුම්වැටි විරෝධි දිනය, ලෝක පියවරුන්ගේ දිනය, සිංහල හින්දු අලුත් අවුරුදු දිනය... යනාදී දින තීන්දු කරනවා සේ වර්ථමාන දින දර්ශනය බලාගෙන ඉස්ලාම් ආගමික දින තින්දු කිරීම කල හැකි කාරණයක් නොවේ.

බිම්බරය අවභාවිතා කරන උලමාවරුන් ගැන අවදියෙන් සිටිමු

අප රටේ අද කිසියම් කෙනෙකුට ‘උලමා’ නොහොත් ‘මව්ලවි’ නම් ගෞරව නාමයක් හිමි නම්, ඔහුට ඔළුවෙහි ජටාවක් ද ඔතාගන්නට පුළුවන් නම්, සුදුපාට දිග වස්ත්‍රයකුත් පැලඳගත හැකි නම්, ඔහුට සිකුරාදා ‘බිම්බරය’ හෙවත් දේශන වේදිකාවකුත් හිමිවේ නම්, තමන්ට හිතෙන ඕනෑම දෙයක්, තමන් දරණ ඕනෑම මතයක් ඉස්ලාම් යැයි පැවසිය හැකි බව ඔවුන් සිතති. මෙහි භයානකම ඛේදවාචකය එය නොවේ. මෙලෙස පෙනීසිටින ඔවුන් පවසන ඕනෑම විකාරයක් භක්තිවන්තව හිස් මුදුනින් තබා පිලිගන්නට බහුතර මුස්ලීම් සමාජය සූදානම්ව සිටීමයි. (මේ පිලිබදව වැඩි විස්තර බිම්බරය අවභාවිතා කරන උලමාවරුන් ගැන අවදියෙන් සිටිමු යන ලිපිය තුලින් කියවන්න.)

මුස්ලීම් සමාජය නොමඟ යවන එවැනි දේශන පිලිබදව ආගමික සැබෑ ඉගෙන්වීම පදනම් කරගෙන සමාජයට කරුණූ අණාවර්නය කිරීම යහමග අඩවිය මෙම පෙලගැස්මේ අරමුණයි.

දිව්‍ය මඟපෙන්වීමක් වූ සලාමය ප්‍රතික්ෂේප කොට ඊද් සුබ පැතුමන් සමාජගත කිරීම

ඉස්ලාම් දහම පුද්ගලයන් අතර සිදුවන ආචාරය ලෙස “සලාමය” පෙන්වාදුන්නා මිස ඉන් එහා කිසිදු අවස්ථාවක වෙනත් ආකාරයක ආචාරයක් පෙන්වාදී නොමැත. එසේ තිබියදී කුසල් රාශියක් ගෙනදෙන සර්වකාලීන අසමසම “සලාමය” පසෙකදමා ඉස්ලාම් දහම පෙන්වා නොදුන් “ඊද් මුබාරක්” හෝ එවැනි නූතන ආචාරයන් සමාජය තුල නිර්මාණය කොට ඒවා ඉස්ලාම් ලෙස අනුගමනය කිරීම කුසල වෙනුවට අකුසල ගෙනදෙන අපව නිරය කරා රැගෙන යන “බිද්අත්” නම් පාපයක් වනවා නොඅනුමානය.

මීලාද්-උන්-නබි සැමරුම

උපන්දින සැමරුම තුල "ශිර්ක්" වූ විශ්වාසයක්

මුස්ලීම් සමාජයේ සැලකිය යුතු පිරිසක් මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන් මාසය මූලික කරගෙන “මව්ලූද්” නම් කවි පොතක් ඉතා භක්තියෙන් දේවස්ථානවල සහ නිවැස්වල කියවීම සුලභ දසුනකි. මෙය බොහෝ විට ශබ්ද විකාශන යන්ත්‍ර පවා යොදා ගනිමින් කණ්ඩායම් වශයෙන් හිඳ සවස් කාලයේ තාලෙකට ගායනා කිරීම දැකගත හැක. මුහම්මද් (සල්) තුමාණන්ගේ ගුණ ගායනා කරන බව පවසමින් කරන මෙම ගායනය තුල ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන්ට පරස්පර බොහෝ කරුණු මේ තුල කියවේ. මෙසේ කරන කවි ගායනය අතරතුර එක්තරා ස්ථානයක දී එම කවි ගායනා කරන පිරිස් අසුන්ගෙන සිටී තැනින් නැඟිට සිටගෙන කවි ගායනා කිරිමක් ද සිදු කරයි. මෙයට හේතුව ඔවුන්ගෙන් විමසූ විට ඔවුන් පවසන්නේ, එම කවි පන්තිය ගයන මොහොතේ මුහම්මද් (සල්) තුමාණන් එම ස්ථානයට පැමිණෙන බවයි. එමනිසා එතුමාණන්ට ගෞරව කිරීමක් ලෙස එම අසුන්ගෙන සිටී ස්ථානයෙන් නැඟීසිටින බවයි. (ඔබත් ඔබේ ප්‍රදේශයේ මෙවැනි ක්‍රියාවල නියැලෙන පිරිසගෙන් මෙය විමසා තහවුරු කරගත හැක.)

මීට වසර 1400 කට පෙර මියගිය මුහම්මද් (සල්) තුමාණන් අමරණීය යැයි සිතීම ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව “ශිර්ක්” වූ විශ්වාසයකි. මන්ද සදා අමරණීය යන්න අල්ලාහ් (දෙවි)ගේ ගුණාංගයක් වන බැවිණි. එපමණක් නොව ලොවපුරා මෙලෙස කවිගායනා කරන සෑම සභාවකටම එකම මොහොතේ සහභාගි වනවා යැයි විශ්වාස කිරීමත් “ශිර්ක්” වූ විශ්වාවාසයකි. මන්ද එයත් අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේණික ගුණාංගයක් වන බැවිණි. ඒ අනුව මෙම විශ්වාසය ඉස්ලාමයේ මූලික විශ්වාසයන්ට පරස්පර “ශිර්ක්” වූ අමූලික ප්‍රබන්ධයක් පමණි. මා මෙය ස්වමතය මත පදනම්ව නොව අල්කුර්ආනයේ ඉගෙන්වීම මත පදනම්ව අවදාරණය කරමි. මා පවසන කාරණයට පහත අල්කුර්ආන් වාක්‍යයන් සාක්ෂි දරයි.

සම්පූර්ණ ලිපිය මෙහි Click කොට කියවන්න - මීලාද්-උන්-නබි සැමරුම - ඉස්ලාමීය විමසුම

මුස්ලීම් වෙස්ගත්තු මුෂ්රික්වරුන්

අල්ලාහ් (දෙවි)ගේ අයිතීන් අභියෝගයට ලක්වන ආකාරයට හෝ ඔහුගේ අයිතීන් අවතක්සේරුවට ලක්වන ආකාරයට ඔහුගේ අයිතීන් වෙනත් කිසිවෙකුට හෝ කිසිවකට ආරෝපණය කොට කටයුතු කිරීම ඔහුගේ ස්වාමිත්වය, දේවත්වය සහ ඔහුගේ ගුණාංග ප්‍රතික්ෂේප කිරීමකි. මෙවන් ක්‍රියාවක නියැලීම ඉස්ලාම් දහම “ශිර්ක්” නම් මහා පාපයක් ලෙස දකින අතර එම ක්‍රියාවල නියැලෙන්නන් “මුෂ්රික්වරුන්” ලෙස දකී. වත්මන් මුස්ලීම් සමාජය තුල සුලභව දකින්නට ලැබෙන එවන් පාපකාරී ක්‍රියාවන්, විශ්වාසයන් කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි පෙලගසන්නේ නම්...

මෙම සම්පූර්ණ ලිපිය මෙහි Click කොට කියවන්න - මුස්ලීම් වෙස්ගත්තු මුෂ්රික්වරුන්