එදා අද සහ හෙට – දේශපාලන විමසුම
මේ දිනවල අප රටේ සිදුවෙමින් තිබෙන දේශපාලන බල පෙරලිය පිලිබදව සාධාර්ණය අගයන විද්වත් සමාජයට ඇත්තේ කල කිරීමකි. එහි පොදු ජන මතය අමු අමුවේ කුණු කූඩයට දැමීම අපට පැහැදිලිව දක්නට ඇත. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව 2015 ලබාගත් ජනමතය අද මහින්ද රාජපක්ෂ හමුවේ පාවාදී ඇත. එසේම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට එරෙහිව රාජපක්ෂ පාලනය අපේක්ෂා කල ජනමතය මෛත්‍රිපාල සිරිසේන හමුවේ මහින්ද රාජපක්ෂ පාවාදී ඇත.
- මේ සියල්ල කුමක් සදහාද?,
- රටේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසාද?,
- යහපාලනය සදහාද?,
අප රටේ දේශපාලනය කුමක්ද? යන්න වටහා ගැනීමට මීට වඩා හොද අවස්ථාවක් අපට උදාවන්නේ නැත. එය තවදුරටත් වටහා ගැනීම පහසු කිරීම පිණිස පහත වීඩියෝවන් නරඹන්න. අප රටේ දේශපාලන මුවාවෙන් රට වනසන කාලකන්නීන් ඔබ දැන්වත් හඳුනා නොගන්නේ නම් මේ රටේ අනාගතය අඳුරේ යන්නත්, ඉදිරි පරම්පරාවට රටක් ඉතිරි නොවනවා යන්නත් ඔබේ බුද්ධිමත් විමසුමට තබමි.
- එදා ජනාධිපති සිරිසේනගේ කථාව…
- 2015 මැතිවර්ණ සමයේ අනුර කුමාර සහෝදරයාගේ අණාවර්නය…
- 2015 මැතිවර්ණ සමයේ විමල්ගේ අපහසාත්මක කථාව…
- වත්මන් මේ බල පෙරලිය කුමක් සදහාද?…
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න