ඉස්ලාමයට එරෙහි මෙහෙමත් චොදනා

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහමටත්, මුහම්මද් (සල්) තුමාණන්ටත් සමස්ථ මූස්ලීම් ප්‍රජාවටත් නිරන්තරයෙන් එල්ල කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ ඉස්ලාම් යුධමය ක්‍රියාවන් අවධාරනය කරනවා යන්නත් මුස්ලීම්වරුන් ආගමේ නාමයෙන් ත්‍රස්ථවාදය අනුමත කරනවා යන්නත් ය. මෙය ජාත්‍යන්තරයෙත් ජාතිකතලයේත් විවිධ ආකාරයට විවිධ මුහුණුවරයන්ගෙන් නිරන්තරයෙන් ප්‍රකාශ වේ. මේවා තුලින් සිදුවන්නේ ජාතීන් අතර විරසකයන් නිර්මාණය වීම පමණි. මෙවැනි කරුණු පිලිබදව සෑම මොහොතකම අවධියෙන් සිටින යහමග මේ පිලිබදව අභියෝගත්මක කරුණූ කිහිපයක් මෙහි ගෙන එන්නට අදහස් කරමි. ඊට ප්‍රථම මෑත කාලයේ ජාත්‍යන්තරයේ හා ජාතිකතලයේ ඉස්ලාමයට එරෙහිව එල්ල කල චෝදනාවන් කිහිපයක් ඔබේ අවධානයට යොමු කරන්නේ නම්,

ජාත්‍යන්තරය තුල

  • වර්ථමාන බෙනඩික් පාප්වහන්සේ තම දුරය භාරගෙන් කල තුට්ටු දෙකේ ප්‍රකාශය. එනම්, “ඉස්ලාම් දහම මුහම්මද් තුමා ලොව පුරා පැතිරවුයේ කඩුවෙනි” යනුවෙන් කල ප‍්‍රකාශය.
  •  මුහම්මද් (සල්) තුමාණන්ට යුධවාදී ස්වරූපයක් දෙමින් ඩෙන්මාක් රටේ මාධ්‍යයක් ජාත්‍යන්තරයට නිකුත්කල කාටූන් චිත්‍ර

ජාතික මට්ටමින්

  • විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා 2007.03.21 දින BMICH හි දී පොතක් එලිදැකිවීමේ උළෙලක දී “පැතිර ආ බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ වුයේ ඉස්ලාම් ධර්මය හමුදාමය මාර්ගයෙන් ප‍්‍රචාරය වීම…” යනුවෙන් කල ප‍්‍රකාශය.
  • පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත “නුවණැස පාදන සිරි සදහම්” පොතේ හි “මොහොමඞ් නබි මිනිස්සුන්ව කඩුවෙන් කප කපා හැම තැනම ගිහින් ඒ ධර්මය ප‍්‍රචාරය කළේ. එයා ධර්මය ප‍්‍රචාරය කළේ කඩුවෙනුයි. එයාට අකුරු බැරි නිසා අකුරු දන්න කෙනෙකු ලවා කඩුවේ කොටව ගත්තා ‘ඉස්ලාම්’ කියලා ඒකේ තේරුම ‘සාමය’ දැක්කද සාමය කඩුවට දාපු හැටි’’ යනුවෙන් කල ප‍්‍රකාශය.
  • ගාමිණි රත්න ශ්‍රී මහතා “සමයාන්තර ඥානය” යන පොතට පෙරවදන් ලිවීමේ දී “මිත්‍යා ද්‍රෂ්ටිකයන් ඝාතනය වැනි ක්‍රියා මාර්ගයක් ඉස්ලාම් සමය අනුමත කළ ද බෞද්ධ සම්ප්‍රදාය කිසිම විටෙක එය අනුමත කොට නැත. අල්ලාහ් ඉස්ලාම් දහම ව්‍යාප්ත කිරීම සදහාත් එහි අභිවර්ධනය සදහාත් අන්‍ය ආගමික පූජකවරැන් ඝාතනය කිරීම වුව ද සදාකිලික ස්වර්ගයට යාමට හේතුවන පින්කමක් බව ශුද්ධ වූ කොරාන් (කුර්ආනය) ග්‍රන්ථය සදහන් කරයි…” යනුවෙන් කල ප්‍රකාශය
  • මීට අමතරව ඉස්ලාමයට එරෙහිව ලියන ලද විවිධ පොත්පත්, මාධ්‍ය සාකච්චා, පුවත්පත් ලිපි… විශාල වශයෙන් දක්නට ලැබේ.

ඉහත චෝදනාවන් අතුරින් ජාතික මට්ටමින් මතු කරන ලද චෝදනාවන් දෙස අවධානය යොමු කලේ නම් ඔවුන්ගේ එම ප්‍රකාශනය සදහා කිසිදු ආකාරයක සාක්ෂියක් හෝ හේතුවක් ඉදිරිපත් කොට නැත. ඉහත තිදෙනා පිලිබදව හොදින් අවධානය යොමු කලේ නම් මොවුන් සමාජයේ යම් වගකීමක් ඇති පුද්ගලයන් එනම් විපක්ෂ නායකයෙක්, ලංකාවේ ජනප්‍රිය ස්වාමින් වහන්සේ නමක්, ත්‍රිපිටකවෙදී උපාධිදරයෙක්. මෙවන් වගකීමක් ඇති උගත් පිරිස් මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ තුලින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

ඉහත පිරිසට පමණක් නොවේ මෙවන් මත සමාජයේ වපුරන සියල්ලටම විවෘත අභියෝගයක් කරමි. ඒ අන් කිසිවකු නොවේ.

“හැකි නම් කුර්ආනයේ තිබෙනවා යයි පවසන එක් වාක්‍යයක් ගෙනහැර පෙන්වන්න”
(එසේ ඔබ admin@yahamaga.lk  ලිපිනයට ඉදිරිපත් කලේ නම් එය මෙම වෙබ් අඩියේ මුල් පිටුවෙහි ඉදිරිපත් කරන්න මා සූදානම්. එපමණක් නොව ඔවුන් පවසන ඕනෑම කොන්දේසියකට පදනම් විරහිතව යටත් වෙන්නත් සූදානම්)

මොවුන් මෙන්ම පාළු ගෙදර වලං බිදින අන්තවාදී පිරිසටත්, මොවුන්ගේ ප්‍රකාශ බුද්ධිමත් තර්කයන් විය හැක. නමුත් බුද්ධීමත් සැබෑ බෞද්ධයෙකු හට එය ඉතා පහත් ක්‍රියාවක් වනු ඇත. මන්ද චුල්ල හත්ථිපදෝපම සුත‍්‍රයෙන් බුදුදහම පවා අවධාරණය කරන්නේ,

“අනුමානය මතහිද යමක් තීරණය කරන්න කලබල නොවෙන්න හොදින් එය ප්‍රත්‍යක්ෂ කරගන්න”

ඒ අනුව අනුමානයට බුදු දහමෙත් ඉඩක් නොමැති බව පැහැදිලිය. කෙසේ වෙතත් කිසිදු ආගමකට අවනත නැති ජනතා ආකර්ශනය හා ජනප්‍රියත්වය පමණක් අරමුණු කරගත් පිරිස් අප අතර බොහෝමයක් ඇත. එවන් පිරිස් මෙවැනි පදනම් විරහිත චෝදනාවන් ඉදිරියටත් ප්‍රකාශ කරනු ඇත. එවන් වූ පිරිසගේ අවධානයට මෙහි පහත ලිපිද යොමු කරමින් මෙම සටහනට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/17

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම