ඔබ බිහි‌‌රෙක්, අන්ධ‌යෙක් මෙන් නොවන්න

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අද වනවිට ඉස්ලාම් දහම කථා කරන පිරිසගෙන් සමාජයේ අඩුවක් නැත. පොලක බඩු විකුණනවා සේ ආගමික කඩකාරයින් නොහොත් නිකායවාදීන් සහ කල්ලිවාදීන් සාමාන්‍ය මුස්ලීම් ජනයා තමන් වෙත ආකර්ශනය කරගැනීම පිණීස රටේ නැති විකාර ඉස්ලාම් නමින් පවසමින් මුස්ලීම් සමාජය නොමඟ යැවීමට කරන විවිධ වූ උත්සාහයන් සුලබව දකින්නට ඇත. ඒ් අතර දිව්‍යමය වදන් පවා තමන්ට වාසි වන ආකාරයට විකෘති කොට සහ ඒ්වාට විකෘති අර්ථකථන ලබාදෙමින් මුස්ලීම් සමාජය නොමඟ යවන ආකාරය ද නිරන්තරයෙන් දකින්නෙමු. වත්මන් මෙම ඛේදවාචකය දුටු ඉස්ලාම් දහම මෙවැනි තත්වයන් සමාජය තුල ඇති වනවිට ඒහි කටයුතු කලයුතුත්තේ කෙසේද? යන්න මීට සියවස් 14 කට පෙරම මුස්ලීම් සමාජයට අල්ලාහ් (දෙවි) අල්කුර්ආනය තුලින් මෙසේ අවවාද කොට ඇත. එනම්,

(මුස්ලීම්වරුන් වන) ඔවුන් හමුවේ තම දෙවිගේ (අල්කුර්ආන්) වාක්‍යයන් ගෙනහැර දැක්වූ විට බිහිරන් ලෙසත්, අන්ධයන් ලෙසත් (පිලිගෙන) එහි කටයුතු නොකරයි (බුද්ධිමත්ව සිතා බලා කටයුතු කරයි).

අල්කුර්ආනය 25-73

අද ඉස්ලාම් පූජකවරුන් ලෙස සමාජය ඉදිරියේ පෙනීසිටින සමහරක් ප්‍රෝඩාකාරී උලමාවරුන් ඉස්ලාම් දහම නමින් තමන්ට සිතූ සිතූ දෑ සමාජයට දේශනා කරන අවාසනාවන්ත තත්වයක් මුස්ලීම් සමාජය තුල දකින්නෙමු. විශේෂයෙන් උතුම් වූ සිකුරාදා බිම්බරය මත මෙම ඛේදවාචකය සුලබව දකින්නෙමු. දිව්‍යමය ඉගෙන්වීමන් පිලිබදව ගැඹූරු දැනුමක් නොමැති වත්මන් බහුතර මුස්ලීම් සමාජය මෙවැනි ප්‍රෝඩාකාරීන්ට මුලා වී තම ඉරණම අවාසනාවන්ත ඉසව්වකට රැගෙන යමින් තිබීම ඉතා කණගාටුදායක තත්වයකි. මෙම අවාසනාවන්ත තත්වයෙන් මිඳීමට නම්, ඉහතින් අල්කුර්ආනය අවවාද කරන ලෙස අප බිහිරන්, අන්ධයන් මෙන් නොවිය යුතුය. දිව්‍යමය මඟපෙන්වීම බුද්ධිමත්ව තේරුම් ගැනීමටත් ඒ් අනුව කටයුතු කිරීමටත් උත්සාහ කලයුතුය. විශේෂයෙන් අල්කුර්ආනීය වදන්වලට මුහම්මද් (සල්) තුමාණන් ලබාදුන් විග්‍රහය (අල්හදීස්) කුමක්ද? යන්න නුවණින් විමසා බලා ඒ් අනුව කටයුතු කිරීමට පෙලඹිය යුතුය. මේ ආකාරයට දහම තුල කටයුතු කරන විට ඔබ පිවිතුරු ඉස්ලාම් දහම විඳිනු ඇත. ඒසේ නොමැතිව මෙම පිවිතුරු දහම තුල පටු වාසි අපේක්ෂාවෙන් කිසිවකු කටයුතු කරයි නම්, මෙම අවවාදය ඔවුනටය,

අල්ලාහ් (දෙවියන්) හා ඔහුගේ දූතයා (වූ මුහම්මද් (සල්) තුමා) කිසියම් (ආගමික) කාරණයක් සම්බන්ධයෙන් තීන්දු කල පසු එම කාර්යයෙහි වෙනත් අදහස් දරන්නට (හෝ ක්‍රියාවට නැංවීමට) ‘ඊමාන්’ කොට ඇති (සැබෑ විශ්වාසවන්ත) කිසිදු පිරිමියෙකුට හෝ කාන්තාවකට අවසර නැත. (එම කාරණය සම්බන්ධයෙන්) අල්ලාහ් (දෙවියන්)ටත් ඔහුගේ රසූල්වරයාටත් කිසිවකු එරෙහි වන්නේ නම් නියත වශයෙන්ම ඔවුන් ප්‍රසිද්ධ දුර්මාර්ග (නොමඟ)යේ සිටින්නේය.

අල්කුර්ආනය 33-6

ඉහත අවවාදය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් ඔබ තවදුරටත් “අන්ධයෙකු” හෝ “බිහිරෙකු” ලෙස මෙම දහම දකිනවාද? නොඑසේනම්, යහපත් මුස්ලීම්වරයෙකු (“මූමීන්වරයෙකු”) ලෙස අල්කුර්ආනය පහතින් අවදාරණය කරන ආකාරයට ජීවත් වී ජය ලැබූවෙකු ලෙස මියැදෙනවාද?.

(ඉස්ලාම් දහම පූර්ණ ලෙස අනුගමනය කරන) ‘මුමින්වරුට’ (කිසියම් මතභේද හා ගැටළු ඇති වූ විට) විසදුම් ප්‍රකාශ කිරීමට අල්ලාහ් (දෙවි) හමුවටත්, ඔහුගේ දූතයාණන් හමුවටත් පැමිණෙන ලෙස කැදවුයේ නම් ඔවුන්ගේ (එකම) පිළිතුර ‘සවන් දුන්නෙමු!, අවනත වූයෙමු!’ යන්න පමණි. මොවුන්මයි ජය ලද්දෝ.

අල්කුර්ආනය 24-51

එසේනම්, ඉස්ලාම් දහම ආගමික කඩකාරයින්ගෙන් ආරක්ෂා කොට, එසේම ඔවුන්ගේ කුමන්ත්‍රණවලට හසු නොවී ඉස්ලාමය දිව්‍යමය වදන් තුලින්ම අවබෝධ කොට අන්ධයන්, බිහිරන් නොවී බුද්ධිමත් මුස්ලීම්වරුන් ලෙස පරලොව ජය ලබන්නට අල්ලාහ් (දෙවි)ගේ ආශීර්වාදය අපට හිමිවේවා! යන පැතුමින් මෙම සටහන ට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම