ඔහු හතුරෙක්, අපරාධකාරයෙක් හා පාපතරයෙක්

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහම ලොව අනිකුත් දහමන් හා දර්ශනයන් මෙන් ලෞකික කටයුතු සහ ආගමික කටයුතු වෙන වෙනම දකින දහමක් නොවේ. එමනිසා මුස්ලීම්වරයෙකු තම දිවිය තුල ගනු ලබන සෑම තීන්දු තීරණයකදී ම ඉස්ලාමීය අවසරය එහි තිබීම අත්‍ය අවශ්‍ය වේ. ඉස්ලාමීය අවසරය නොතිබුණත් එහි ඉස්ලාමීය තහනමක් නොතිබීම අනිවාර්‍ය වේ. මේ තුලින් පැහැදිලි වන්නේ මුස්ලීම්වරයෙකුට ස්වමතය මත පමණක් පිහිටා කිසිදු තීන්දු තීරණයක් ගත නොහැකි බවයි.

ඉස්ලාම් දහම දිව්‍යමය මඟපෙන්වීම මත පදනම් වූ දහමක් බව යහමග අඩවිය අවස්ථා ගණනාවකදීම කරුණු දක්වා ඇත. ඒ අනුව යහමක් ඉස්ලාම් යැයි තීන්දු කොට ඒ අනුව කටයුතු කිරීමට නම්, ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනය තුල හෝ අල්හදීසය තුල ආදර්ශ හෝ අවසර තිබීම අත්‍ය අවශ්‍ය වේ. කෙනෙකු එසේ නොමැතිව දහම තුල කටයුතු කිරීමේදී ඔහු සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ දෘෂ්ඨිය වන්නේ...

  • ඔහු ඉස්ලාමීය හතුරෙක්
…අල්ලාහ් (දෙවි) පහල කල (අල්කුර්ආනය හා අල්හදීසය මත පදනම්ව) දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් කාෆිර් (ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කල හතුරු තැනැත්තෙකු) බවට පත්වන්නේ ය.

අල්කුර්ආනය 5-44

  • ඔහු අපරාධකරුවෙක්
…අල්ලාහ් (දෙවි) පහල කල (අල්කුර්ආනය හා අල්හදීසය මත පදනම්ව) දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් අපරාධකරුවන් බවට පත්වන්නේ ය.

අල්කුර්ආනය 5-45

  • ඔහු පාපතරයෙක්
…අල්ලාහ් (දෙවි) පහල කල (අල්කුර්ආනය හා අල්හදීසය මත පදනම්ව)දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් පාපතරයන් බවට පත්වන්නේ ය.

අල්කුර්ආනය 5-47

ඉහත අල්කුර්ආන් වාක්‍ය 03 බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, දිව්‍ය මඟපෙන්වීමෙන් පරිභාහිරව තීන්දු තීරණ ගැනීම කොතරම් බරපතල වරදක් ද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. සර්වඥානී අල්ලාහ් (දෙවි) ප්‍රායෝගික එසේම සර්වකාලීන ජීවන සැලැස්මක් හා නීතිමාලාවක් හදුන්වා දී තිබියදී එය නොසලකා හෝ එයට අභියෝග කරන ලෙසට කටයුතුවල නිරතවීම දිව්‍ය මඟපෙන්වීම ප්‍රතික්ෂේප කිරීමකි. එය ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව “ශිර්ක්” නම් මහා පාපයක් ද වේ. එමනිසා දිව්‍ය දහම එහි ඉගෙන්වීම හා මඟපෙන්වීම අනුව ම ජීවත් වී මෙලෙවත් පරලොවත් ජය ලැබූවන් බවට පත්වේවා!, යනුවෙන්ද, සදාකල් නිරයට යොමු කරවන මහා පාපය වන “ශීර්ක්” නම් ක්‍රියාවෙන් අප ආරක්ෂා කරත්වා!, යනුවෙන්ද ප්‍රාර්ථනා කරමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම