පිරමීඩ් ජාවාරම

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ දිනවල රටේ උණූසුම් මාතෘකාවක් බවට “පිරමීඩ් ජාවාරම” යන්න පත්ව ඇත. රටේ පවතින ආර්ථිකමය වැටීමත්, ඒ සමඟ ම පොදු ජනතාව තුල ඇති වී තිබෙන උග්‍ර මුදල් අවශ්‍යතාවයත්, පහසුවෙන් මුදල් හම්බ කිරීමට ඇති ඔවුන්ගේ කෑදරකමත්... අවස්ථාවක් කරගත් කූඨ ව්‍යාපාරිකයන් පොදු ජනතාවගේ මුදල් මංකොල්ලකෑමට යොදාගන්නා නූතන උපක්‍රමයක් වන්නේ මෙම “පිරමීඩ් ජාවාරමයි”. මේ පිලිබදව කලින් කලට රජය ඇතුළු විවිධ පාර්ශවයන් පොදු ජනයා දැනුවත් කල ද ඒ කිසිවක් පලක් වී නොමැති බව දෛනිකව අසන්නට ලැබෙන පුවත් මඟින් පෙනීයයි. එවැනි පුවත් කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

මෙම පිරමීඩ් ජාවාරම බොරදියේ මාළුබාන තිරිසන් ව්‍යාපාරයක් යන්න යහමග අඩවිය ද අවස්ථා කිහිපයකදීම විවිධ පැතිකඩ ඔස්සේ මේ සමාජය දැනුවත් කිරීමට කටයුතු කොට ඇත. එවැනි ලිපි දෙකක් නැවත ඔබේ අවදානයට පහතින් පෙලගසන්නේ නම්,

මෙම ලිපිය යටතේ “ග්ලෝබල් ලංකා” නම් කූඨ ආයතනයක් විසින් කරන ලද “පිරමීඩ් ජාවාරම” මුලික කරගෙන ඔවුන් ජනතාව මුලා කරන්නේ කුමන උපක්‍රම මඟින් ද? යන්නත්, ඔවුන් පොදු ජනතාව රවටා මුදල් උපයන්නේ කෙසේද? යන්නත් ගණනය කිරිමන් මඟින් කරුණු පැහැදිලි කොට ඇත. ඊට අමතරව එම ආයතනය පුවත්පත් සාකච්චාවකට පැමිණ කල ප්‍රකාශයන් ද සාක්ෂි සහිතව ඉහත ලිපිය තුල ඉදිරිපත් කොට ඇත. එසේම මෙවැනි කටයුතුවලට සම්බන්ධ වීම පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය ද එහි පැහැදිලිව ඉදිරිපත් කොට ඇත.
මෙම ලිපිය යටතේ ව්‍යාපාරයක රුකිය යුතු ගුණාංග මොනවාද? යන්න පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පැහැදිලිව ඉදිරිපත් කොට ඇත. එසේම පොදු ජනතාව මුලා කරමින් කරන ව්‍යාපායන් කුමක්ද? යන්නත් විශේෂයෙන් “පිරමීඩ් ජාවාරම” තුල සිදුවන වංචාව කුමක්ද? යන්නත් එහි පැහැදිලි කොට ඇත.

ඉහත ආකාරයට සාක්ෂි සහිතව සරලව සහ සවිස්තරව ඇහැට ඇඟිල්ලෙන් ඇන මෙවැනි ක්‍රියා රටේ නීතිය අනුවත්, ආගමික ඉනේවීම් අනුවත්, මානුෂීයව බැලුවත් වැරදි බව කරුණූ පැහැදිලි කලාට පසුත් ඉහතින් සදහන් කූඨ ව්‍යාපාරිකයින්ට සහ බොරුකාරයන්ට ඔබ හසුවන්නේ නම්, එය ඔබේ අධික තණ්හාවත්, ලෝබකමත්, අලසකමත්, ආශාවත් නිසා දෙනෙත් අන්ධව යෑම හේතුවෙන් මිස අන් කිසිවක් නිසා නොවේ. එවැන්නෝ රෑ වැටුණු වළේ මහ දහවලේද, මහ දහවලේ වැටුණු වළේ රෑ ද මාරුවෙන් මාරුවට අඛණ්ඩව ඇදවැටිම නොවැලකිය හැකි තත්වයක් යන්න මා මෙහි නැවත නැවතත් අවදාරණය කරමින් ද ඉහත ලිපි දෙක බුද්ධිමත්ව විමසා බැලීමට ඔබට ආරාධනා කරමින් ද මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම