මී පැණි හා එහි ඖෂධ ගුණය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


විද්‍යාව තුලින් සියල්ල දකින්න හතිහලමින් දුවන සමාජයේ විද්‍යාඥයන් පවා මවිත කරවන බොහෝ අනාවැකි හා ඉඟි අල්කුර්ආනයේ අන්තර්ගතව ඇත. නමුත් මෙහි අවාසනාවන්ත කම වන්නේ මෙම කුර්ආනය මනුෂ්‍යයාගේ අවධානයට ලක්නොවීමයි. විශේෂයෙන් බහුතර මූස්ලීම්වරුන් හට ද මේ පිලිබදව අවබෝධයකි නොමැතිවීම මෙහි අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරවයි. මෙවන් වූ තත්වය හි ප්‍රථිපලය වන්නේ මෙම සත්‍ය විද්‍යාඥයන් මඟින් සමාජගත වනවිට මවිතයට පත්ව පිලිගැනීමයි. නමුත් මීට සියවස් 14 කට පෙර තමා ශුද්ධත්වයෙන් ගරුකරන කුර්ආනය තුල මෙම කරුණු අන්තර්ගත යන්න බහුතර මුස්ලීම් ප්‍රජාවට අවබෝධයක් නැත. උදාහරණයක් ලෙස පවසනවා නම්,

මී පැණි හා එහි ඖෂධ ගුණය

“මී පැණි” නම කියනවිටත් ඔබේ දිවත් සිතත් කුල්මත් කර මිහිරි බවක් දැනෙනු ඇත. නම්ත් මා පවසන්නට යන කාරණය තුල ඒ මිහිරි බව නැති වී අමිහිරි භාවයක් දැනෙනු ඇත. නමුත් සත්‍යයය මෙයයි.

මී පැණි යන්න හොද ස්වාභාවික ඖෂධයක් යන්නෙ හි කිසිවකුටත් විවාදයක් නැත. ඒ රුධිරයේ ඇති හිමෝග්ලොබින්, ප්‍රමාණය 10% කින් වැඩි කිරීමේ හැකියාව ඇති, සාමාන්‍යයෙන් ඇතිවන මත්ගතිය හා තෙහෙට්ටු ගතිය නැති කිරීමේ හැකියාව ඇති, වැඩ කිරීමේදී ක්ෂයවන ශක්තිය නැවත යතාතත්වයට පත්කිරීමේ හැකියාව ඇති, පාචන වැනි රෝගය, නියුමෝනියාව වැනි රෝග, උණ රෝග, අධික තරබාරැව අඩුකිරීම, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකිරීම සහ හෘදරෝග… වැනි බොහෝ රෝග සදහා මේ මීපැණි තුල රෝග නිවාරණ ඖෂධ ගුණාංගයක් පවතින බව වෛද්‍යවරු සියළු දෙනා ඒකමතිකව පිලිගන්නා සත්‍යයකි. මෙවන් විශ්මිත රෝග නිවාරණ හැකියාවක් ඇති මේ මී පැණි යනු කුමක්ද?

මෙම ප්‍රශ්නයට මෑතක් වනතුරු තිබුණු සරල පිළිතුර වන්නේ “මීමැස්සා මල්වලින් රැස් කරන පැණී” යන්නයි. නමුත් සත්‍යය එය නොවේ. මී පැණි යනු මීමැස්සා ආහාරයට ගන්නා මල්වල පැණි සහා මීමැස්සාගේ උදරයේ නිපදවෙන ස්‍රාවයක මිශ්‍රණයයි. මෙම මිශ්‍රණය තමා මී පැණි ලෙස හදුන්වන්නේ මෙය මීමැස්සාගේ මළපහට බොහෝසෙයින් සමානය. එහි රෝග සුවකිරීමේ හැකියාව පවතිනවා යන්න විද්‍යාඥයන් පරියේෂණ මඟින් තහවුරු කරගෙන තිබෙන සත්‍යයයි. මෙය මා ඉහතින් සදහන් කලාසේ අමිහිරි පණිවුඩයක් වුවද ‍ෙමහි ඇති රෝග නිවාරණ හැකියාවත් මිහිරි රසයත් හේතු කොටගෙන කිසිවකුටත් මෙය ප්‍රතික්ෂේප කල නොහැක.

මී පැණිවල සෑබෑතත්වය විද්‍යඥයින්ට පවා තහවුරු කරගැනීමට හැකිවුයේ මීට වසර කිහිපයකට පමණ පෙරය. නමුත් මීට වසර 1400 කට ප්‍රථම නොදියුණු සමාජයක ප්‍රකාශ වූ ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක මෙය පැහැදිලිව එනම් එහි රෝග නිවාරණ හැකියාව හා මෙය මීමැස්සාගේ උදරය තුල නිපදවන ඖෂධයක් යන්න අවධාරනය කිරීම ලොවම මවිත කරවන කාරණයකි. එනම්,

“මී මැස්සන්ගේ උදරයෙන් වර්ණවත් පානයක් වැහෙන්නේය එහි මනුෂ්‍යාගේ රෝග සුවකිරීමේ හැකියාව පවතින්නේය.”

ශුද්ධ වූ කුර්ආනය 16-69

ලොවම මවිත කරවන මෙවැනි සත්‍යයක් මීට වසර 1430 කට පෙර කිසිවිටෙකත් මිනිස් බුද්ධියක් පදනම් කරගෙන පැවසිය හැකිවේද?. පැහැදිලිවම මෙය දිව්‍යමය වාක්‍යයන් නොවේද?

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/15

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම