මුහු නොවන මුහුදු ජලය සහ දේව පණිවුඩය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් යන්න තහවුුරු කරන සාකච්චා පෙලෙහි තවත් අල්කුර්ආනීය සාක්ෂියක් මෙම ලිපිය තුලින් ඔබේ බුද්ධිමත් අවදානය පිණිස ගෙන එන්නට අදහස් කරමි. අල්ලාහ් (දෙවි) තම දිව්‍යමය පුස්තකය වන අල්කුර්ආනය තුලින් “(මිනිස් හා ජින්වරුනි!, වන) ඔබලා දෙපිරිස ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?“ යනුවෙන් දිගින් දිගටම අභියෝග කරයි.

එසේ අභියෝග ඉදිරිපත් කරන අල්කුර්ආන් පරිච්චේද අතර 55 වන පරිච්චේදය සුවිශේෂි වේ. එනම්, එම පරිච්චේදයේ වාක්‍යයෙන් වාක්‍යට “දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?“ යනුවෙන් අභියෝග කරයි. එසේ අභියෝග කරන වාක්‍ය අතර සුවිශේෂි වාක්‍යයක් අල්කුර්ආනයේ 55-19 හා 20 හි දක්නට ලැබේ. විද්‍යාවේ ඉනිපෙත්තෙහි සිටින බවට වහසිබස් පවසන වත්මන් සමාජය වර්ථමානයේ අනාවර්ණය කරගත් සත්‍යයක් මීට වසර 1400 කට පෙර අල්කුර්ආනය එහි කථෘ කරයි. එම වාක්‍යය මෙසේය,

එකට එකතු වන සමූද්‍රයන් දෙකම ඔහුම හමු වීමට සැලැස්සුවේය. එහෙත් ඒවා අතර බාධකයක් ඇත. (එම බාධකය) ඒ දෙක, කඩ කරන්නේ නැත. 

අල්කුර්ආනය 55:19-20

අප දකින මුහුද එකම තනි ජලකඳක් යන්න මෑතක් වනතුරු අපගේ පිලිගැනීමයි. නමුත් වර්ථමාන සාගර විද්‍යාව මුහුදු දෙකක් හමු වූ විට, ඒවායේ ජල උෂ්ණත්වය, වර්ණය සහ ඝනත්වය වැනි තනි ගුණාංග අඛණ්ඩව රඳවා ගන්නා බවත්, එමනිසා එසේ මුහුදු දෙකක් හමුවන තැන එකිනෙකට වෙනස් ජල කඳන් දෙකක් දැකිය හැකි බවත් පවසයි. ඒ පිලිබදව වූ පිංතූර හා වීඩියෝ රූපරාමු කිහිපයක් ඔබේ වැඩිදුර දැනගැනීම පිණිස ගෙන එන්නේ නම්,

  • වීඩියෝ දර්ශන


  • පිංතූර


මෙම අනාවර්ණය මෑත කාලීන සොයා ගැනිමක් වුවද අල්කුර්ආනය මීට වසර 1400 ට පෙර එය ඉහත ආකාරයට පැවසීම මෙම “අල්කුර්ආනය“ දිව්‍යමය අනාවර්ණයක් යන්න තහවුරු කරනවා නොවේද?. එහිදී ඉහත ආකාරයට නූතන විද්‍යාත්මක සත්‍යය අනාවර්ණය කිරීමෙන් නතර නොවන අල්කුර්ආනය,

“(මිනිස් හා ජින්වරුනි! වන) ඔබලා දෙපිරිස ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?“ යනුවෙන් විමසීම තුල “මෙම අල්කුර්ආනය දෙවියන්ගේ පණිවුඩයක්“ යන්න ප්‍රතික්ෂේප කොට සාගරය ජලය පිලිබදව නූතන විද්‍යාව පවා අනාවර්ණය කොටගෙන ඇති ඉහත සත්‍යය පමණක් දිව්‍ය වදනක් ලෙස පිලිගන්නවාද? නොඑසේ නම්, සියල්ල ප්‍රත්ෂේප කරනවාද?“ 

යන පැනය මේ සමාජය හමුවේ තබයි. එය බුද්ධිමත්ව තීන්දු කිරීම ඔබටම භාර කරමින් මෙවැනිම “ලෞකික හා ලෝකොත්තර“ අනාවර්ණ රාශියත් පිලිබදව කථා කරන අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි 02 යන ලිපිය තවදුරටත් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපියට විරාමය තබමි.




සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/02/12

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම