මුස්ලීම් අපේ ශ්‍රී ලාංකීය උරුමය සොයා

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ රටේ මුස්ලීම් ප්‍රජාවගේ ශ්‍රී ලාංකීය ඉතිහාසය විවිධ පාර්ශවයන් කලින් කලට අභීයෝගයකට ලක් කලත් එය ඈත අතීතයටම දිවයන්නක් බව යහමග අඩවිය අවස්ථා ගණනාවකදීම පේනවාදී ඇත. එම සාකච්චා පෙල සහ මෙම විෂය යටතේ යහමග අඩවිය තුල ඉදිරියේ දී සාකච්වා කරන කරුණු එකම තැනකට පෙලගැසීම මෙම “මුස්ලීම් අපේ ශ්‍රී ලාංකීය උරුමය සොයා“ යන ලිපියේ ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ඉතිහාසය නිසි ආකාරව සංරක්ෂණය නොවී පවතින සහ තිබෙන සාක්ෂි පවා සමාජය තුල වසන් වී පවතින මෙවන් වකවානුවක මෙවන් මෙහෙවර කාලීන අවශ්‍යතාවයක් ලෙස සහ එය සමාජයට අනාවර්ණය කිරීම සමස්ථ මුස්ලීම් ප්‍රජාවටම පැවරෙන වගකීමක් ලෙස ද මා මෙය සලකමි.

ඒ අනුව මූස්ලීම් අපේ ශ්‍රී ලාංකීය උරුමයන් මෙතැන් සිට පෙලගසමි...

ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ගේ අතීත පිය සටහන්

ලංකා යෝනකවරුන්ට ප්‍රෞඪ ඉතිහාසයක් තිබේ.

සයිරස් ඩී. එෆ්. අබේකෝන් විසිනි.

(සිලෝන් ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය – 1949 ඔක්තෝබර් 23)

“අද දින ලංකා ඩොමීනියන් රාජ්‍යය පුරාම ලංකා යෝනක ජාතිකයෝ ඔවුන්ගේ ජාතික දිනය සමරති. මුල් පදිංචි කරුවන් අරාබියෙන් පැමිණි නමුදු සමස්ත ලංකා යෝනක සංගමය වෙනම අනන්‍යතාවකට සහ නාමයකට හිමිකම් කියති.

ලංකා යෝනකවරුන්ගේ මුලාරම්භය ශත වර්ෂ ගණනාවක් ඈතට විහිදේ. අබ්දල් මලික් බින් මර්වාන් කාලිෆ්වරයාගේ වධ හිංසා වලින් බේරීම සඳහා ඇතැම් අරාබි ජාතිකයෝ ලංකාවට (සෙරන්ඩිබ්) පැමිණ ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම, පුත්තලම, කොළඹ, බේරුවල සහ ගාල්ල යන ප්‍රදේශ වල පදිංචි වුහ. සිංහල මිනිසුන් අතර ප්‍රසිද්ධව තිබුණේ මකල්ල වරාය වූ හෙයින් මේ අලුත් මිනිසුන් “මරක්කල” යන නමින් ඔවුහු හැඳින් වූහ. ද්‍රවිඩයින් ඔවුන් හැඳින්වුයේ “චෝනහර්” යන නමිනි.

හිජ්රි වර්ෂ (හිජ්රි වර්ෂය ආරම්භ වන්නේ මුහම්මද් ධර්ම දුතයානන් ගේ උපන් බිම වූ මක්කාහ් ප්‍රදේශයේ ජීවත් වූ ඉස්ලාම් විරෝධී කුරෛෂ් ගෝත්‍රිකයින් එතුමාණන් ව මරා දැමීමට සුදානම් වීමත් සමග දෙවිඳුන්ගේ උපදෙස් පරිදි මදීනා නගරයට දෙශාන්තරණය කළ දිනය පදනම් කරගෙනය. ඉස්ලාමීය දින දර්ශනයේ ආරම්භය මෙයත් සමග සිදු වේ. හිජ්රි යනු දෙශාන්තරණය යන අරුත් ඇති අරාබි පදයකි. 402 දී අරාබියේ සිට තවත් පිරිසක් මෙහි පැමිණියහ. යෝනක මිනිසුන්ට ලංකාවේ රජුගෙන් හිරිහැරයක් නොවූ හෙයින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බේරුවල වාස භුමිය කොට ගත්හ.

ඔවුන්ගේ ප්‍රගතියට කිසිවකුගෙන් හෝ බාධාවක් නොවීය. කොළඹ සිට හම්බන්තොට දක්වා වෙළඳාමේ ඔවුන් නිරත වූ අතර, සිංහල රජවරුන්ට ඔවුන් ගෙවූ බදු නිසා ක්‍රි. ව. 1350 වන විට ඔවුහු එක්තරා බලපෑමක් ඇති කළ හැකි පිරිසක් වුහ.

ඉතිහාසයට අනුව යෝනකවරුන්ගේ විශාලතම ආගමනය සිදු වුයේ පළමු වන බුවනෙකබාහු රාජ්‍ය කාලයේ අට වන වර්ෂයේදීය. අලුතින් පැමිණි මේ අමුත්තන්ට පුත්තලමේ සිට බේරුවල දක්වා සමුද්‍ර තීරයේ ගම්මාන වල පදිංචි වීමට සහ සිංහල කුල කාන්තාවන් සමඟ විවාහ වීමට පළමු වන බුවනෙකබාහු රජු අවසර දුන්නේය. මුලින් ම ලංකාවට පැමිණි යෝනක ජාතිකයින්ගෙන් පැවතෙන්නන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වී ගියේය. ඔවුන් පසු කලෙකදී වූවද අරාබි ස්ත්‍රීන් මෙහි ගෙන්වා ගත් බවට වාර්තා නොමැත. සිංහල මව් පාර්ශවයෙන් පැවත එන්නන් ලෙසට ඔවුන්ට ඓතිහාසික පසුබිමක් ඇති බවට හිමිකම් කිව හැකිය.

ලංකාවේ යෝනක නායකයන්ට බොහෝ විට “හිමි” යන පටබැඳි නාමය තිබුණි. මීට හේතුව පුරාණ හිමියාර් හෝ යේමන අරාබි රාජධානිය සමග ඔවුන්ගේ තිබුණු සම්බන්ධතා විය හැකිය. මේ අනුව, වස්තු හිමි නමැති සිංහල යෝනක කුමරු කුරුණෑගල රාජධානිය කොට ගෙන දෙවන බුවනෙකබාහු නමින් ලංකාවේ රජ කළ බව පෙනේ.

යෝනක රජු

වස්තු හිමි කුමාරයා වූ කලී පළමු වන බුවනෙකබාහු රජුගේ දෙවන බිසව වූ, කුරුණෑගල ට ආසන්න මැදකැටිය ගමේ විසු කුලීන යෝනක කාන්තාවක් වූ යකඩ දෝලිය බිසවගේ පුත්‍රයා බව කුරුණැගල පුරාවෘතයන්හි සඳහන් වේ. මේ කුමාරයා මුස්ලිම් භක්තිකයෙකු වූ නමුත් පුණ්‍ය කටයුතු කිරීමෙන් පින් දහම් රැස් කිරීමට ආශා කළ රජෙකු බවත් බෞද්ධ භික්ෂුණ් දහස් ගණනකට දිනපතා දානය පිරිනැමීමට ඔහු විසින් කටයුතු සැලසු බවත් මහාවංශයේ සඳහන් වේ. “තමා ඔටුනු පලන් දින උත්සවය රජෙකුට ඔබින ඉතා අනර්ඝ තත්වයෙන් වර්ෂයක් පාසා ඔහු විසින් පවත්වන ලද අතර ඉන් පසු උපසම්පදා මංගල්‍යයක් ඉතා උත්සවශ්‍රීයෙන් පවත්වා බුදු දහමට ප්‍රධාන තැනක් ලබා දුන්නේය” යි මහාවංශය කියයි.

රාජකීය කුමාරිකාවකට (රන්දෝලිය බිසව) උපන් කුමරෙකුට, එනම්, වස්තු හිමි කුමාරයාගේ අර්ධ සොහොයුරෙකුට පක්ෂපාත වූ සිංහල අමාත්‍යවරුන් පිරිසක්, වස්තු හිමි කුමාරයාගේ රාජ්‍ය කාලයේ දෙවන වර්ෂයේදී, දැනට කුරුණෑගල කච්චේරිය පිහිටි ස්ථානයට පිටු පසින් පිහිටි ඇතුගල මුදුනේ පැවැත් වූ උත්සවයකට සහභාගී වන ලෙස රජුට ආරාධනා කොට ඔහු එකී ගල මුදුනෙන් පහළට පෙරළා ඔහුගේ මරණය සිදු කළහ. ඔහුගේ මරණය සිදු වූ ස්ථානයේ ගලේ බණ්ඩාර දේවාලය ඉදිකොට තිබේ. කුරුණෑගල විසු එෆ්. එම්. මොඩර් මෙසේ ලියා තිබේ. “මේ අවාසනාවන්ත සිද්ධිය සිදු වූ ගල් පර්වතය අසල ප්‍රදේශයේ ඇතැම් දින වල මැදියම් රැයේදී දුඹුරු පැහැති අශ්වයෙකු පිට නැගී ගත් සුදු ඇඳ ගත් පුරුෂයෙකුගේ අවතාරය දිස්වන බව අද දක්වාම මිනිස්සු විශ්වාස කරති. මේ වූ කලී වස්තු හිමි කුමරුගේ අවතාර යයි කියනු ලැබේ.

1470 – 71 දී හට ගත් සිංහල කැරැල්ලේදී දෙවන බුවනෙකබාහු රජුට විරුද්ධව නැගී සිටි කැරලි නායක සිරිවර්ධන පතිරාජට කුරුගම-හිමි නමැති බලසම්පන්න යෝනක ප්‍රධානියා විසින් උදව් කරන ලදී. කළු ගඟේ සිට වලවේ ගඟ දක්වා ද වැලිගම සිට කෝට්ටේ අසල ප්‍රදේශය දක්වාද සිරිවර්ධනගේ හමුදා ප්‍රබලව සිටියහ. රජුගේ බාල සොහොයුරා විශාල හමුදාවක් රැගෙන වැලිගමට ගොස් කුරුගම-හිමිගේ පිටු පසින් පහර දුන් නමුත් අවසානයේදී සමගි සම්මුතියකට පැමිණ යුද්ධය සමාදාන වීමට රජුට සිදු විය. වැලිගම අද දක්වාත් වැදගත් යෝනක පිරිස වසන නගරයක්ව පවතී.

පෘතුගීසීන් විසින් ලංකාව සොයා ගන්නා ලද්දේ ද යෝනකවරුන් නිසාය. ලංකාවෙන් රැගෙන ගිය වටිනා කුළුබඩු රැගත් නැව් පසු පස පෘතුගීසීන් එළවා ගෙන යාමේදී කුණාටුවකට අසු වූ පෘතුගීසී නැව් ලංකාවේ වෙරළට ගසා ගෙන ආවේය. පසු කලෙක ලංකාව යටත් කොට එහි පාලනය ගැනීමට පෘතුගීසීන් පැමිණි විට ඔවුන්ට විරුද්ධව සටන් කිරීමට යෝනක ජාතිකයෝ දෙවන විජයබාහු රජුට සහයෝගය දුන්හ. කෝට්ටේ රාජධානියට පිටතින් ආරක්ෂක පවුරක් ඉදිකළ යෝනකයින් පෘතුගීසීන්ගේ ඉදිරි ගමන වැළැක් වීම සඳහා කාලතුවක්කු කීහිපයක් එහි සවි කළහ. පෘතුගීසීන්ට ජය අත් වූ පසු ඔවුන් හැකි තරම් විශාල වශයෙන් යෝනක ජාතිකයින් මරා දැමුහ. මේ ඝාතනයට අසු නොවී පලා ගිය සියලුම යෝනක වරුන් මහනුවර සෙනරත් බණ්ඩාර රජු විසින් පිළිගන්නා ලද අතර ඔවුනතුරින් ආරෝහ පරිනාහ අය මඩකලපුවේ යුද්ධ හමුදාවට බඳවා ගන්නා ලදී”.

සයිරස් ඩී. එෆ්. අබේකෝන් විසිනි.

(සිලෝන් ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය – 1949 ඔක්තෝබර් 23)

ඔටු බලකාය

හෙන්රි කොරයා.

(ද සන්ඩේ ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය – 1965 අගෝස්තු 8

“රණ ශුරයන් වූ ලංකා යෝනකවරු සිංහල යුද්ධ හමුදාවේ කොටසක් වුහ. ඔවුන්ගේ ඔටු බලකාය (ඔටු පැන්නිය) 17 වන ශත වර්ෂයේදී වැල්ලවාය සටනේදී ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. වැල්ලවායේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සිහි කිරීමක් වශයෙන් මේ ඔටු බලකායට ගෞරව කරමින් දෙවන රාජසිංහ රජු (ක්‍රි. වර්ෂ 1634 – 1684) විසින් හඟුරන්කෙත මහා දේවාලයට පුජා කරන ලද රාජකීය ප්‍රතිඥාත දේව අංගම් රෙද්දෙහි මේ බලකාය සිතුවම් කරන ලදී. මන්නාරමෙහි බෝබ් ගස් දෙකක් තවමත් තිබීම මෙහිලා සැලකිය යුතු කරුණකි. මේ ගස් වල කොළ ඔටුවන්ගේ ආහාරය පිණිස ගනු ලැබීය. මේ ගස් දෙකින් එකක් මන්නාරම් නගරය මැද ඇති අතර අනෙක පිහිටා ඇත්තේ මන්නාරමෙන් සැතපුම් දහයක් ඈත යාපනය පාරේ පපාමොටෙයි ගමෙහිය. මන්නාරම් දිස්ත්‍රික්කයේ මුරුක්කන් සහ සලවතුරෙයි (සිලාවතුර) හරහා යාමෙන් ළඟා විය හැකි අරිප්පු නමැති ස්ථානයේ මුහුදට මුහුණ ලා පිහිටි අත හැර දැමු යෝනක ජල ස්ථම්භයක් දැනුදු දක්නට ඇත.

ලන්දේසි අද්මිරාල් ජෝරිස්‌ වෑන් ස්පිල්බර්ජන් මඩකලපුවට ගොඩ බට බව සැල වූ විට දෙවන විමලධර්මසුරිය රජු මහත් සේ සතුටට පත් ව මේ විශේෂ අමුත්තන් පිළිගැනීම සඳහා තුර්කි, යෝනක හා සිංහල වැනි නානා ජාතීන්ගෙන් සමන්චිත බල ඇණි අටකින් සමන්විත වූ දහසක් පමණ යුද්ධ සේනාවක් මඩකලපුවට යැවූ බව වුටර් ස්කෝටන් විසින් ලියා තිබේ.

එක්තරා ලුණු ප්‍රමාණයක් වර්ෂයක් පාසා ලුණු බද්දේ දිසාවට ගෙනවුත් භාර දීමටත් පුවක් වෙළඳාමෙන් ලැබෙන ලාභයෙන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවීමටත් යටත් ව මුහුදු බඩ පළාත් සමඟ වෙළඳාම් කිරීමේ තනි අයිතිය කන්ද උඩ රට රජ වරුන් විසින් යෝනක ජාතිකයන්ට දී තිබුණේය.

මුහුදු බඩ ප්‍රදේශ වල සංචාරය කිරීමේදී යෝනක වෙළඳුන්ට දී තිබුණු අවසර පත් ඒ ඒ කඩවත් භාරව සිටි මුදලි වරුන්ට පෙන්වීමට යෝනක වෙළඳුන්ට නියම කර තිබුණු බවත් ලේඛනාගාර වල ඇති ඕලන්ද ලේඛන වලින් පෙනේ.

කල්පිටිය සහ පුත්තලම වරාය වලට ඇතුළු වන උඩරට යෝනක වෙළඳුන් විසින් රතු සිංහ රුපයක් සහිත සුදු කොඩියක්, වෙළඳ බඩු වැඩි වැඩියෙන්ම පුරවා තිබුන සෑම යාත්‍රාවකම ඔසවා තැබීම විශේෂ සිද්ධියකි.

මේ අනුව බලන කළ, ඔවුන්ගෙන් පැවතෙන්නන් වූ වර්තමාන යෝනකවරු සිංහ කොඩියට සැලකිලි දැක්වීම පුදුමයට කාරණයක් නොවේ. ඔවුන් ලංකාවට ගොඩ බට දිනයේ සිටම සිංහ කොඩිය ඔවුන්ගේ ඉතිහාසයේ කොටසක්ව පවතී.

නිශ්චල කලපු ජලයෙන් යුත් ලේවායන් හරහා සැතපුම් හතරක් ඈතින් නැතහොත් පුත්තලමේ සිට බටහිර දෙසට විහිදී කල්පිටියට යන ධුලි සහිත පාරේ සැතපුම් දහයක් ගිය තැන නවකඩ්ඩු නමැති අප්‍රකට ගම්මානය පිහිටා තිබේ. මෙහි පිහිටි අලංකාර පුළුල් වෙරළේ බොරලු රහිත සිහින් වැලිතලාව මෘදු පාද වලට සුව පහසුව ගෙන දෙන්නකි. රළ පතරින් තොර මුහුද කොතරම් නොගැඹුරු ද යත්, බොහෝ ඈතට යන තෙක් ළදරුවන්ට වුවද එහි බැස යා හැකිය.

මේ ගම නවකඩ්ඩු යනුවෙන් නම් කර ඇත්තේ කඩු නවයක ගම යන අර්ථයෙනි. එකල රජතුමෙකු ගේ අභිෂේක මංගල්‍යයෙන් පසු අභිනව රජතුමා මුහුදේ ස්නානය කොට රාජකීය අසිපත පැලඳීමට පෙර එය මුහුදු ජලයේ එබිය යුතුව තිබිණි. ඔහු ලංකාවේ රජු වශයෙන් හඳුන්වනු ලබන්නේ මේ චාරිත්‍රය ඉටු කිරීමෙන් පසුව පමණකි. මෙකී පෞරාණික චාරිත්‍රය ඉටු කිරීම සඳහා රජවරුන් නව දෙනෙකු තම අසිපත් මෙම ගම අවට මුහුදු ජලයේ ඔබා ඇති බැවින් ගමට මේ නම ලැබුණේ යැයි කියනු ලැබේ.

මෞලි මංගල්‍යයේ මේ චාරිත්‍රය, මහනුවර දළදා මාලිගාවේ සහ දේවාල වල පෙරහැර අවසාන වීමෙන් පසු සිදු කරනු ලබන දිය කැපීමේ උත්සවයට සම්බන්ධ වුවක් දැයි අපි නොදනිමු. එහෙත් මෙම චාරිත්‍ර දෙකෙහි කැපී පෙනෙන සමානත්වයක් දක්නට තිබේ.

ඇතැම් විට, රජතුමෙකු තමන්ගේ රාජධානියට අයත් සමුද්‍රයට ද අධිපතියා බව හැඟවීම සඳහාත් තම කඩුවේ බලයෙන් සමුද්‍රය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දීමක් වශයෙනුත් මේ චාරිත්‍රය පවත්වනවා විය හැකිය. විජය කුමාරයා මේ ගම අසල ප්‍රදේශයකට ගොඩ බැස්ස නිසාත් පුත්තලමෙන් සැතපුම් හයක් පමණ ඈත පිහිටි තණමල්විල නමැති ස්ථානයේදී කුවේණී සමග ඔහුගේ විවාහය සිදු කරනු ලැබූ හෙයින් ඒ නගරය මගුල් තොටමුණ යන නමින් ප්‍රකට වීම නිසාත් මේ චාරිත්‍රය ඇති වුයේ යැයිද සිතිය හැකිය.

අරාබි වෙළෙන්දෝ

පුත්තලමේ පදිංචි කරුවන්ගෙන් වැඩි දෙනා යෝනක ජාතිකයෝ වෙති. මෙම යෝනක ජාතිකයෝ වූ කලී, ලුණු හිඳීමට හා වෙළඳාම් කිරීමට අමතරව මුතු කිමිදීම, පොල් වගා කිරීම සහ වී ගොවිතැන් කිරීම සඳහා අට වන සිය වසේදී මෙහි පැමිණි අරාබි ජාතිකයන්ගෙන් පැවතෙන්නෝ වෙති. මේ නිසාම මෙම නගරයේ ඇති මුස්ලිම් දේවස්ථානය අත්‍යලංකාර විශිෂ්ට ගොඩනැගිල්ල්ලක් ලෙස ඉදි කොට තිබේ. මේ දේවස්ථානයේ උත්තුංග කොත් ඉතා ඈතට දර්ශනය වන අතර ළඟ සිට නරඹන්නෙකුට මේ දේවස්ථානයේ අලංකාරය සහ එය තබා ඇති මනහර තත්වය මැනවින් දැකිය හැකිය. එහෙත් මේ සැමටත් වඩා මේ දේවස්ථානයේ ඇති විශේෂ ලක්ෂණය නම් සිංහල රජ දරුවෙකු විසින් තම කෘතඥතාව පළ කිරීම වස් තමාගේ රාජ පාක්ෂික යෝනක ජාතිකයින්ට තෑගී කරන ලද අගනා තෑගී රැසක් මෙහි තබා තිබීමය.

සිංහල රාජ පරම්පරාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා චාරිත්‍රානුකුලව මෞලි මංගල්‍යය අවසාන කිරීමට නවකඩ්ඩු බලා යන ගමනේදී මේ නගරයෙන් පිටත පිහිටි සෙල්ලංකෙන්ඩල් නමැති ස්ථානයෙහි නතර වී ඇත. මේ ස්ථානය අද විනෝද කාමීන්ගේ ජනප්‍රිය ස්ථානයකි. විශේෂයෙන්ම, උෂ්ණාධික දින වල දුවිල්ලෙන් පිරි මාර්ග වල ගමන් කොට විඩා පත් මිනිසුන්ට මෙහි ඇති පිරිසිදු වැලිතලාව සහ පැහැදිලි ජලය ආනන්ද ජනකය. ඉහත සඳහන් පරිදි නරේන්ද්‍රසිංහ රජතුමා මෙහි සැපත් වූ අවස්ථාවේදී මේ ප්‍රදේශය පාලනය කරන ලද්දේ හෙට්ටි ගෝත්‍රයට අයත් රාමනාදන් නමැති දිසාව විසිනි. මුරමඩ්ඩු නමැති ඔහුගේ දිසා සහය මුක්කුමාර් ජන ප්‍රධානීන් අට දෙනෙකුගෙන් සමන්චිත වුවකි. ඔවුන් රජු සඳහා තාවකාලික මණ්ඩපයක් ඉදි කොට ඒ ප්‍රදේශයෙන් ලබා ගත හැකි වූ සෑම වර්ගයකම ප්‍රණීත ආහාර පාන වලින් රජතුමාට සංග්‍රහ කරන ලදී. එහෙත් රජුට හෝ රජතුමාගේ පිරිසේ අන් කිසිවෙකුට හෝ කවරදාක වත් සතුරු උවදුරක්‌ මෙහිදී පැමිණේ යැයි ඔවූහු සිහිනෙන් පවා නොසිතුහ.

මිනීමරුවන් පලවා හැරීම

බලෙන් රජකම උදුරා ගැනීමට අපේක්ෂා කළ තැනැත්තෙකු විසින් රජු මරා දැමීමට එවන ලද පිරිසකගේ කඩා වැදීම නිසා හදිසේයේම විශාල කලබැගෑනියක් ඇති විය. මේ අවස්ථාවේදී රජුට හරසර දැක්වීමට පැමිණ සිටි යෝනක ජනයා විසින් මිනීමරුවන්ට පහර දී තළා පෙළා ඔවුන් පලවා හරින ලදී.

කෘතඥ පුර්වක රජතුමා මේ යෝනක ජනයාගේ නිර්භීත භාවය සහ රාජ පාක්ෂික භාවය ගැන පැහැදී මහනුවර රාජ ලාංජනය සහිත තමාගේ පෞද්ගලික කොඩියද රාජකීය පෙරහැරේ භාවිත කළ සංගීත භාණ්ඩ කිහිපයක්ද චාමර දෙකක්ද රිදී ටැසල් දහ අටක් සහ වෙනත් බොහෝ භාණ්ඩද ඔවුන්ට තෑගි කොට ඒවා ඔවුන්ගේ පෙරහැරයන්හි පාවිච්චි කිරීමට උපදෙස් දුන්හ.

රජතුමා තෑගී කළ ඉහත සඳහන් කොඩියට කුමක් වුයේ දැයි දැන ගන්නට නැති නමුත් අනෙකුත් සියලුම භාණ්ඩ සුරක්ෂිතව යට කී දේව ස්ථානයෙහි තබා තිබේ. එසේම, රජතුමා අපේක්ෂා කළ පරිද්දෙන් මේ භාණ්ඩ සමහරක් පෙරහැර වලදී භාවිත කරනු ලැබේ. එසේ තෑගී කරන ලද හොරණෑ වලින් එකක් කොට කිරීමට සිදු විය. එය තිබුණු පරිදි පිඹීමට අපහසුවූ අතර ශත වර්ෂ ගණනකට ඉහත දී සිටි මිනිසුන්ට අදට වඩා ශක්තිමත් පෙණහලු තිබුණේදැයි ඒ දකින ඇතැමෙකුට සිතෙන්නට පුළුවන.”

හෙන්රි කොරයා.

(ද සන්ඩේ ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය – 1965 අගෝස්තු 8)

(උපුටා ගැනීම: “ශ්රී ලංකා යෝනකවරුන්ගේ අතීත පියසටහන්” – යෝනක ඉස්ලාමීය සංස්කෘතික නිකේතනය – කොළඹ)


ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්.

අරාබි පිය පාර්ශවයෙන් හා සිංහල මව් පාර්ශවයෙන් පැවත එන ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ මව්බස දෙමළ වුයේ කෙසේද යන්න පිළිබඳ මහාචාර්ය ලෝනා දේවරාජ මහත්මිය විසින් සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය, 900-1915” නම් වූ පර්යේෂණාත්මක ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටසක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

“ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ මව්බස කුමක්ද යනු මත භේදයට තුඩුදුන් කරුණකි. උතුරේ සහ නැගෙනහිර අය දෙමළ භාෂාව කථා කරන අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල භාෂා දෙකම කථා කරති. මැදපෙරදිගින් මුලින්ම පැමිණි සාංක්‍රමණිකයෝ අල් කුර්ආනයේ භාෂාව හා ආගමික මෙහෙය පවත් වන අරාබි භාෂාව කථා කළහ. එනිසා බෞද්ධයන්ට පාලි භාෂාව මෙන් මුස්ලිම් වරුන්ට අරාබි භාෂාව ශුද්ධ වන්ත එකක් වී තිබේ. එසේ වුවද ඉන්දියන් සාගරයේ වෙරළබඩ වාණිජ කටයුතු වලදී දෙමළ භාෂාව බහුල ලෙස භාවිත කරනු ලැබු බැවින් එය කතා කිරීම මුස්ලිම් වෙළන්ඳන් හට ප්‍රායෝගික අවශ්‍යතාවක් විය.

මුස්ලිම් සංක්‍රමණිකයන්ගෙන් දෙවන පිරිස ශ්‍රී ලංකාවට අවතීර්ණ වුයේ දකුණු ඉන්දියාවෙනි. දකුණු ඉන්දියානු වරාය වල පදිංචි ව සිටි මුල් අරාබි වෙළන්දෝ දේශීය ස්ත්‍රීන් විවාහ කර ගත්හ. මේ කුඩා මුස්ලිම් ප්‍රජාව, හින්දු ආගම අත හැර ඉස්ලාම් ආගම වැලඳ ගත් සැලකිය යුතු ප්‍රමාණයක් වු නිසා සංඛ්‍යාත්මක වශයෙන් වර්ධනය විය. දකුණු ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය වර්ධනය වෙත්ම, ද්‍රවිඩ වාග් ස්වර විද්‍යාව උල්ලංඝනය නොවන පරිදි යම් යම් වෙනස් කම් සහිතව දෙමළ සහ මලයාලම් භාෂා අරාබි අක්ෂරයෙන් ලිවීමට පටන් ගත්හ. ඉස්ලාමීය සංකල්ප සහ ආගමෙන් මුළුමනින්ම වෙන් කළ නොහැකි යම් යම් කටයුතු ප්‍රකාශ කිරීම සඳහා අරාබි වචන ගණනාවක් හඳුන්වා දී තිබේ. මෙම උපභාෂාව අරාබි-දෙමළ භාෂාව යනුවෙන් හැඳින්විණි. දකුණු ඉන්දියාවේ මුස්ලිම් වරුන් ඉස්ලාමීය ලෝකයේ සාහිත්‍යය දැන සිටි අතර ඒවායින් සමහරක් අරාබි-දෙමළ භාෂාවට පරිවර්තනය කරනු ලැබීය. දහ හතර වන සියවසේ සිට අරාබි දෙමළ මාධ්‍යයෙන් දකුණු ඉන්දියාවෙන් ඉස්ලාම්හි බලපෑම් පැතිරෙන්නට විය.

දකුණු ඉන්දියාවේ මුස්ලිම් වරුන් සහ ශ්‍රී ලංකාව අතර පැවති වාණිජ සම්බන්ධකම් සහ සංස්කෘතික සම්බන්ධතා අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් විය. ඉස්ලාම් දහම හැදෑරීම සඳහා වෙල්ලෝරයේ දේව ධර්ම ආයතන වලට ගිය ශ්‍රී ලාංකික මුස්ලිම් පරම්පරා ආපසු පැමිණ තමන් උගත් දේ අන් අයට පහදා දුන්හ. වර්ධනය වු මිත්‍ර සම්බන්ධකම් කෙතරම් වීද යත්, දකුණු ඉන්දියානු මුස්ලිම් වරුන් ගරු බුහුමන් දැක් වු පුද්ගලයෝ ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන් අතරද ඒ හා සමාන ගෞරවයකට පාත්‍ර වුහ. සතකතුල්ලා අප්පා, මාප්පිල්ලේලෙබ්බේඅලීම් වැනි නම් පෝක් සමුද්‍ර සංධිය දෙපැත්තේම එක ලෙස ප්‍රචලිත විය. මේ සියලු සම්බන්ධතා පවත්වනු ලැබුයේ අරාබි දෙමළ භාෂාව මගිනි. එය මුස්ලිම් වරුන්ගේ වාණිජ භාෂාව පමණක් නොව ඉස්ලාමීය සංස්කෘතියේ භාෂාවද විය. අල් කුර්ආනය අරාබි-දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලද අතර මෑතක් වන තුරුම එය සිංහලයට පරිවර්තනය කරනු නොලැබීය. මුස්ලිම් ළමයින් අනිවාර්යයෙන්ම අල් කුර්ආනය කියවිය යුතු වු බැවින් ඔවුන්ට අරාබි-දෙමළ භාෂාව ඉගෙන ගැනීමට සිදු විය. මුළුමනින්ම සිංහල කතා කරන ප්‍රදේශ වල ශත වර්ෂ ගණනාවක් ජීවත් වු මුස්ලිම් වරුන් ඔවුන්ගේ මව් බස වශයෙන් අරාබි-දෙමළ භාෂාව රැකගත්තේ මන්දැයි මෙයින් පැහැදිලි වේ.” (“ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය, 900-1915” ග්‍රන්ථ කර්තෘ: ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ලෝනා දේවරාජ මහත්මිය)

අද ඇතැම් ආගම්භේදවාදීන්ගේ මතය වී තිබෙන්නේ ලාංකේය මුස්ලිම් වරුන් මෙරටට අයිති නැති බවත් ඔවුන් ඔවුන්ගේ මුල් ප්‍රදේශ වන අරාබියට නැවත යා යුතු බවත්ය. මේ නිසා අපට වත්මන් ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන් ලංකාවට සම්බන්ධ වුයේ කෙසේද? යන්න පිළිබඳව මඳක් සොයන්නට සිතුණි. එම නිසා පහත සඳහන් මුලාශ්‍රයන් මගින් උපුටා ගත් කොටස් සැමගේ අවධානය පිණිස මෙමගින් ඉදිරිපත් කරන්නෙමු.

“අප කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ ආරම්භය පිළිබඳව මුලික ප්‍රභවයන් රැසක් දායක වී ඇත. ඒවා නම් ලංකාවට පැමිණි අරාබි වෙළඳුන්, මලබාර වෙළඳුන් සහ ජාවකයන්ය. මෙයින් අරාබි වෙළඳුන් සමග ශ්‍රී ලංකාවෙහි තිබුණු සබඳතාව පුර්ව ඉස්ලාමීය යුගය දක්වා ඈතට විහිදී ඇත. ලංකාවේ රජ කළ පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ ඉතිහාසය ගවේෂණය කරන අපට ඒ ගැන සාධකයක් හමු වෙයි. එනම් පණ්ඩුකාභය රජු (ක්‍රි.පු. 377-307) තම අගනුවර වු අනුරාධපුරයෙහි යම් යම් ඉඩම්, අගනුවරට පැමිණි පුර්ව ඉස්ලාමීය යුගයේ අරාබි වෙළඳුන් වු යෝනකයන් (මහාවංශය, X, පි.90) සඳහා වෙන් කළ බවයි. තවද අනුරාධපුර යුගයේ අගනුවර තුළ යවන (යොනුන් වාසය කළ) වීදි පවා තිබුණු බව ඉතිහාසයේ සඳහන් වේ.

ඉතිහාසය මේ කියන දෙය සත්‍යයක් නම් ශ්‍රී ලංකාවට පැමිණි විජය කුමාරයා සහ පිරිස මෙරටට ආ යුග‍යට පෙර හෝ ඊට පසු කාලයේ සිට අරාබි වරුන් මෙරටට පැමිණ මෙරට සමග ගනු දෙනු කරන්නට ඇත.

එමෙන්ම ලංකාවට පැමිණි අරාබි ජාතිකයන් ‍දේශීය කාන්තාවන් සමග විවාහ වීම නිසා අරාබි සිංහල මිශ්‍ර දේහ ලක්ෂණ වලින් හෙබි සමාජයක් බිහි වන්නට ඇත. මෙම ‍යෝනක සමාජයේ සිටි ඇතැම් ස්ත්‍රීන් සිංහල රජ වරුන්ගේ ආකර්ෂණයට පාත්‍ර වුවා පමණක් නොව ඇතැම් සංදේශ කාව්‍යයන් කළ කවීන්ගේ වර්ණනාවට පවා පාත්‍ර විය. පහළොස් වන ශත වර්ෂයේ සාහිත්‍ය කෘති වු සංදේශ කාව්‍ය වල (කෝකිල සංදේශ වර්ණනාව, ඩබ්.එෆ්. ගුණවර්ධන, 74 වන කවිය සහ ගිරා සංදේශ විවරණය, මුණිදාස කුමාරතුංග, 104 වන කවිය) යොන් ලියන් හෙවත් මෙම අරාබි මිශ්‍ර යෝනක කාන්තාවන් ගැන සඳහන් වේ. මේ නිසා අරාබි වරුන් මෙරට සමග ගනු දෙනු කළේ මෑතක සිට නොවන බව සහ ඔවුන් විසින් මෙරට ජනාවාස කර ගත්තේද අද ඊයෙක නොවන බව ද පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ මුතුන් මිත්තන් නව වන ශත වර්ෂයේ දී කායල්පට්නම් හි මුල් ජනාවාස පිහිටුවා ගත් අතර ඉන් අවුරුදු ගණනාවකට පසුව 1024 දී එම නගරයෙන් පැමිණි පිරිසක් බේරුවල ජනාවාසයක් පිහිටුවා ගත්තේය, යන මතය කාසිචෙට්ටි විසින් සඳහන් කරන ලදී. (Casie Chetty, The Ceylon Gazeteer)

තමා සිටි කාලයේ බේරුවල පදිංචි වී සිටි ඉතාම පැරණි මුස්ලිම් පවුල් වලින් එකක් සතුව පැවති පුරාණ අරාබි ලේඛනයක්, 1926 දී ලියන ලද “සෝනහාර්” නම් වු සිය කෘතියෙහි ජේ.සී. වෑන් සැන්ඩන් උපුටා දක්වයි. එහි දැක්වෙන පරිදි, යේමනයෙහ් රජ පවුලකට අයත් පුතුන් දෙදෙනෙකු ක්‍රි.ව 604 දී ලංකාවට පැමිණ ඇත. ඉන් එක් තැනැත්තෙක් මන්නාරමට ගොඩ බැස අතර අනෙක් තැනැත්තා බේරුවල ගොඩ බැස එහි පදිංචි වී ඇත. ඔහුගෙන් පැවතෙන්නන් බැව් කියා පෑ මුස්ලිම්වරු කිහිප දෙනෙක්ම බේරුවල සිටියහ. (J.C Van Sanden Sonahar, A Brief History of the Moors of Ceylon, Colombo, 1926,pp.117-118)

කෙසේ වුවද මගේ අදහස නම් ලොව නා නා විධ ස්ථාන වලින් මෙරටට ගොඩ බැසි මුස්ලිම් වෙළඳුන් ලක්දිව කාන්තාවන් සමග විවාහ වී මෙරට මුල් බසින්නට ඇත. එලෙස මෙරට මුල් බැසි ඔවුන් විවිධ වු ජනවර්ග වලට අයත් අයවලුන් වුවද සිය දහම ලෙස ඉස්ලාම් බැතිමතුන් වුයෙන් මුස්ලිම් ලෙස හැඳින්වෙන්නට ඇත. මේ අය දහමේ නාමයෙන් එක්ව පසුව මුස්ලිම් නමින් ජනවර්ගයක් ලෙස බිහි ව ඇති බවයි.

වත්මන් සමාජයට අතීතය දෙස බැලීමෙන් ඉතිහාසයෙන් ලද හැකි ආදර්ශයන් බොහෝය. විශේෂයෙන් අතීතයේ අප රට තුළ තිබුණු ආගමික සහජීවනය අරභයා ලද හැකි පාඩම් බොහෝමයක් ඇත. විශේෂයෙන් උඩරට පාලන කාලය තුළ සහ ඊට පසුව මුස්ලිම් වරුන් සහ උඩරට සමාජය අතර තිබුණු සහසම්බන්ධය ඉතා විශිෂ්ටය.” (මහාචාර්ය ලෝනා දේවරාජගේ “ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය” නම් වු කෘතියේ 146 වැනි පිටුවෙන් පහත කොටස උපුටා ගන්නා ලදී.

“1872 දී සම්පාදනය කරනු ලැබු, මහනුවර දිස්ත්‍රික්කයට අයත් රාජකාරි බදු ලේඛනයේ (Service Tenures Register, Kandy, Vols. 1,2, 1872 කච්චේරියෙන් හමු වු අත් පිටපත) කරන ලද සේවාවන් වෙනුවෙන් මාලිගාවට අයත් සේවා පංගු වල පදිංචි ව සිටි මුස්ලිම් වරුන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් වේ. මුස්ලිම් වරුන් ඉටු කරන ලද සේවාවන්, හීන කුලයේ කාර්යයක් යැයි සලකනු ලැබු බෙර ගැසීමේ සිට ගොවි කුලයේ උසස් අය විසින් පමණක් උසුලන ලද ඉතා සම්භාවනීය ස්වභා‍වයේ නිලයන් දක්වා පැතිරුණු ඒවා විය.

මොහොමඩ් ලෙබ්බේ සහ උදුමා ලෙබ්බේ යන මුස්ලිම් වරුන් දෙදෙනා දළදා මාලිගාවට අයත් පල්ලෙ ගම්පහ කහවත්ත නම් ගමේ ලුණු දෙන පංගුව භුක්ති වින්දාහ. එම පංගුවට අයත් රාජකාරිය වුයේ, අලුත් අවුරුදු මංගල්‍යය සඳහා හොඳ පිරිසිදු ලුණු සේරු 20ක් මාලිගාවට සැපයීමයි. (STR of the Dalada Maligava, Services due from Harispattuva p.695) උඩරට රාජධානියේ අන්තිම කාලය වන විට ඕලන්ද වරුන් වරායවල් පාලනය කරමින් අත්‍යවශ්‍ය වෙළඳාම සීමා කිරීමට උත්සාහ දරමින් සිටි බැව් සිහිපත් කිරීමේදී මෙම රාජකාරියේ බැරෑරුම් කම වැටහෙනු ඇත. මාලිගාවේ කාර්ය මණ්ඩලයට ආහාර පාන සැපයීම සඳහා ප්‍රමාණවත් ලුණු සහ කරවල තොග තබා ගැනීමට මාලිගාවේ මුලාදෑනීන්ට සිදු විය. දියවඩන නිලමෙට කරවල කූරියකු සහ බුලත් හුරුල්ලක් (කොළ හතළිහක්) සැපයීමද ඒ රාජකාරියේම කොටසක් විය.

බුලත් හුරුල්ලක් පිළිගැන්වීම යමකුගේ හාම්පුතුන් හට ගරුසරු දැක්වීමේ චාරිත්‍රයකි. මේ සිරිත දැනුදු, විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු සමයේදී ශ්‍රී ලංකාවේදී සිදු කෙරෙනු දැකිය හැකිය.

ලුණු සහ කරවල සැපයීම, මුස්ලිම් වරුන් විසින් ඉටු කරන ලද ආගමික හෝ සංස්කෘතික හෝ වැදගත්කමකින් තොර හුදෙක්ම ප්‍රයෝජනය මුලික කර ගත් රාජකාරියක් වශයෙන් සැලකිය හැකිය. කෙසේ වුවද, මාලිගාවට අයත් ගම් වල හේවිසි පංගුව භුක්ති විඳි මුස්ලිම් වරුන් සෑහෙන සංඛ්‍යාවක් සිටිය බව සැලකිල්ල යොමු විය යුතු කරුණකි.”

මෙම කොටස උපුටා ගන්නා ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ සම මහාචාර්යවරියව සිටි මහාචාර්ය ලෝනා දේවරාජ මහත්මිය විසින් රචිත, ලංකා ඉස්ලාමීය පදනම විසින් ප්‍රකාශයට පත්කරන ලද, “ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය, 900-1915” නම් වු කෘතියේ 146 වැනි පිටුවෙනි.


රහමාන් යාපනයට පා තබයි.

“කෝට්ටේ රාජධානිය තුන් කඩකට බෙදී යාමේ සිදුවීම් විජයබා කොල්ලය ලෙස සුප්‍රකටය. මෙලෙස සිංහල රාජධානිය සී සී කඩව බෙදී යාම පෘතුගීසීන් අමන්දානන්දයට පත් කළ සිදුවීම විය. පස්වනක් ප්‍රීතියෙන් පෘතුගීසීන් ඔකඳ කළ කෝට්ටේ බෙදීයාම තවත් ආඩම්බරකාර සිදුවීමක් වුයේ නව වන බුවනෙකබාහු ගේ මුස්ලිම් විරෝධය නිසාය. අරාබි මුහුදේ වෙළෙඳ බලය සඳහා පෘතුගීසීන් සහ මුස්ලිම්වරුන් අතර යුද ඇවිළී තිබු මෙකල එම වෛරය සිරිලකදී ද පුපුරා යමින් තිබිණි. විශේෂයෙන්ම කොළඹ කොටුව වටා පැතිර සිටි මුස්ලිම් සහ අරාබි වෙළෙඳ ප්‍රජාවගේ දැඩි විරෝධතාවන්ට පෘතුගීසීන්ට මුහුණ දෙන්නට සිදු විය. මෙය කෝට්ටේ අග නගරයේදී ද එලෙසම විය. එම නිසා පෘතුගීසීන් මාන බලමින් සිටියේ කෝට්ටේ අගනගරයෙන් මුස්ලිම්වරුන් පන්නා දැමීමටය. පුත්‍රයෙකු නොමැතිව හා තම සහෝදර මායාදුන්නේගේ නැගී ඒම ද නිසා මහත් බියෙන් රජ පදවි දරමින් සිටි නව වන බුවනෙකබාහුගේ භීතිය තෙගුණ වුයේ පෘතුගීසීන් හදිසියේ කළ බලපෑම නිසාය.

ඒ අනුව පෘතුගීසීහු කෝට්ටේ රැක දීමට නම් නව වන බුවනෙකබාහු කිතුනුවෙකු විය යුතු බව දන්වා සිටියහ. රජු එයට මැළි වූ කළ පෘතුගීසීහු අග නගරයට කඩා වැදී නගරය ගිනිබත් කළහ. එදින රාත්‍රියේ කෝට්ටේ දළදා මැදුරෙහි වැඩ සිටි දන්ත ධාතුන් වහන්සේ හිරිපිටියේ දිවනරාළ විසින් සීතාවකට ගෙන යනු ලැබුහ. මේ අතර පෘතුගීසීහු මුණගැසුණු රජ තෙමේ වෙනත් එකඟතාවක් සඳහා සාකච්ඡා ආරම්භ කළේය. තමාට බෞද්ධත්වය අත් හැර දැමිය නොහැකි බවත් වෙනත් ඕනෑම ඉල්ලීමකට එකඟ වන බවත් රජු පෘතුගීසීන්ට කීවේය.

ඒ අනුව පෘතුගීසීහු ඉල්ලීම් දෙකක් රජුට ඉදිරිපත් කළහ. ඔවුන්ගේ පළමු ඉල්ලීම වුයේ රජුගේ මුනුබුරා ඔටුන්න හිමි කුමරු ලෙස නම් කර ඔහු කිතුනු ආගමට හරවන ලෙසය. දෙවන ඉල්ලීම වුයේ කෝට්ටේ අග නගරයෙහි සිටින ස්වදේශීය විදේශීය මුස්ලිම් ජනයා පැය හයක් යන්නට මත්තෙන් අග නගරයෙන් පලවා හරින ලෙසය. රජු පළමු ඉල්ලීමට මහත් සේ බිය විය. දළදා වහන්සේ අහිමිව ඇති විටක තම මුනුබුරු අන්‍ය ආගමීකරණයට පත් කිරීමෙන් වන අනතුර ඔහු දුටුවේය. රජු ඒ සඳහා කල් ඉල්ලා සිටියේය. එවිට පෘතුගීසීහු වහා දෙවන ඉල්ලීම ක්‍රියාවට නගන ලෙස බලකර සිටියහ. රජු ඒ අනුව කෝට්ටේ අග නගරයෙහි වැසි සියලු මුස්ලිම් ජනයාව පැය හයක් යන්නට මත්තෙන් රාජධානියෙන් පිටමං වීමේ නිවේදනය නිකුත් කළේය.

ඒ සඳහා පළමු අණ බෙරය වැයුනේ බැද්දගානේ දීය. සියවස් ගණනාවක් මුළුල්ලේ සිංහලයන් සමග සහජීවනයෙන් සිට මුස්ලිම් ජන ප්‍රජාව ඉතිහාසයෙන් ප්‍රථම වරට සිංහල රජෙකු අතින් පිටමං කරනු ලැබීය. වෙළඳුන්, සිටුවරුන්, වෙදුන්, හුදියන්, කවියන්, ආදී විවිධ තරාතිරම් වල මුස්ලිම් ජනයා කෝට්ටේ අත හැර රැකවරණය පතා ගියේ මායාදුන්නේ රජුගේ සීතාවක රාජධානියටය. එමෙන්ම එදින රාත්‍රියෙහි අග නගරයෙන් පිටමං කළ මුස්ලිම් ජනයා සීතාවකට අයත් මල්වාන, හිඹුටාන සහ ගලගෙදරට පලා යන විට කෝට්ටේ අග නගරයෙහි සිටි බෞද්ධ ප්‍රභූන් ද ඔවුන් සමග එක්වීම ඉතිහාස කතා ලතාවේ අසිරිමත් සිදුවීමක් ද වේ. ඒ දළදා වහන්සේ සීතාවක වැඩම වීමද මුස්ලිම් සිංහල ජනයා එකම මොහොතක සීතාවකට පලා යාමද නිසාය.

මේ අනුව සීතාවකට පලා ගිය සාරවත් මුස්ලිම් ජනයා නිසා මායාදුන්නේගේ රාජධානිය ඉසිරුමත් රාජධානිය ලෙස නැගී එන්නට පටන් ගත්තේය. එලෙසම දළදා වහන්සේගේ හිමිකම් ලද මායාදුන්නේ සිරිලක එක් සේසතකට නැගීම සඳහා දේශමාමක දේශපාලන මුහුණතක පෙරමුණු තරුව බවට පත් විය. සීතාවක ගිල ගැනීමට පැමිණි පෘතුගීසි බලමුළු සතර වටින් වට කර සිඳ දැමු මායාදුන්නේ මුළු සිරිලක අග රජු වීමට පියවරෙන් පියවර පෙරට පා තබන්නට විය. මේ සඳහා ඔහුට ජාතිමාමක සිංහල බලමුළු ද දේශමාමක මුස්ලිම් බලමුළුවක් ද විය. ඒ අතර බෞද්ධ ධජය ඉහළින් ඔහුට සෙවණ දීම මායාදුන්නේ ලද සැනසිල්ලක් විය. මේ අතර සීතාවකට පැමිණ සිටි මුස්ලිම් ජනයා අතර සිටි විදේශීය අරාබි ජාතිකයින්ට යළි සිය රටවලට යාමට පෘතුගීසීන්ගෙන් ඉඩ නොලැබුණි. පෘතුගීසීන්ගේ මාරක සතුරන් බවට පත් ව සිටි ඔවුහු ස්වදේශීය මුස්ලිම් කතුන් ද සිංහල කතුන් ද සරණ පාවා ගෙන සීතාවක සබරගමු පුරා විසිර පැතිර යන්නට වුහ.

මායාදුන්නේගේ අධිරාජ්‍ය විරෝධී සටනට ජවය දෙන ජනකොටසක් ලෙස මෙම මුස්ලිම් වරු ඉක්මන් ගමනින් සීතාවක සබරගමුව සියනෑ ගම්බිම් පුරා ජනාවාසකරණය වන්න පටන් ගත්හ. මේ අතර දඹදෙණිය යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා රාජ ලිඛිත සටහන් අතර සනිටුහන්ව ඇති එක් මුස්ලිම් ප්‍රභූ පවුලක් සීතාවක රාජධානිය සමයේ ජනකාන්ත මුස්ලිම් තරු පොකුර බවට පත් විය. ඒ රහමාන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේ නිසාය. රහමාන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේ වූ කලි කතිරිමලි මැණිකේ මුදියන්සේගේ පුත්‍රයාය. මොහොමදු අස්කාර් ලෙබ්බේ ඔහුගේ පියාය. සිංහල මවකට ද මුස්ලිම් පියෙකුට ද දාව උපන් රහමාන් මායාදුන්නේගේ දේශමාමක තරුණ බලමුළුවේ සටන්කාමී ගැටවරයා විය. ඔහු වඩාත් තීව්‍ර කතා ලතාවක නිමිත්තක් වන්නේ යාපනය සීතාවකට යා කර අත්වැල අල්ලන මොහොත සඳහා පිටත්ව යාමත් සමගය.

පෘතුගීසීන් යාපනය දෙස බැලුවේ එය නිසරු භූමියක් ලෙසය. කිසිදු අභියෝගයක් නැති පිටමං ජනතාවක් සිටින යාපනයට වෙහෙසීමට පෘතුගීසීහු මැළි වුහ. ඒත් රහමාන් සීතාවක රජු පෙන්නු ඉව දිගේ මුදුනට නැග ආවේ යාපපන තොටමුණට පා තබන සිංහල රජුගේ පළමු නියෝජිතයා බවට පත් වෙමිනි. ඔහුගේ යාපනය පා තැබීම තත්කාලීන දේශපාලන උණුසුම තීව්‍ර කළ සිදුවීමක් ද විය. එමෙන්ම එතෙක් කෝට්ටේ, සීතාවක, හා රයිගම සහ අතර දෝලනය වූ සිරිලක දේශපාලන කතාන්දරය යළි යාපනය කේන්ද්‍රියව කතාබහට ලක් වීමය. සරුසාර සීතාවකට යාපන භුමිය සමග විශාල වෙරළ තීරුවක් විවර වන බව දත් පෘතුගීසීහු මහත් බියට පත් වුහ.

විශේෂයෙන්ම මේ වන විට කුරුවිට, දොම්පේ, කැලණිමුල්ල සහ කොටිකාවත්ත සටන් වලින් මායාදුන්නේගේ මාරක ප්‍රහාරයට ලක්ව සිටි පෘතුගීසීහු රහමාන්ගේ යාපන ගමනින් වඩාත් තැති ගැන්මකට පත්ව සිටියහ.

රහමාන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේගේ ගැටවර කතාලතා පිළිබඳ අතීත තතු විත්ති වලදී ඔහුගේ රූ වරුණාව ද මහත් වූ සේනා මැදට තනිව පැන සතුරන් පොකුරු පිටින් වනසාලු අපූරු සටහන් ද වේ. එමෙන්ම තම සිංහල මව නිසාම ඔහු කිරි හොදි සමග පොලොස් මාළු ද කෑමට රුසියෙකු බව ද පෘතුගීසි ලේඛක කෘරොස් ලියා තබයි. අන් අතකින් පෘතුගීසීන් ගේ බලය නිසා සීතාවකට පලා ආ අරාබි ජාතිකයන් බහුතරයක් දේශීයකරණය වීම සඳහා රහමාන් බල පෑ සැටි එකල තොරතුරු අතර ලියැවී ඇත්තේය. කෙසේ හෝ රහමාන් මුදියන්සේගේ යාපන යාගමනය නතර කර දැමීමට පෘතුගීසීන්ට නොහැකි විය. මායාදුන්නේගේ බලමුළු යාපනයට ඇතුල්වීම වැළැක්වීමට පෘතුගීසීන් දැරූ තැත වළකා රහමාන් යාපනයට පා නැගුයේ ක්‍රි. ව. 1572 වෙසක් මස 12 වැනිදාය.

මෙම සිදුවීම සමග මායාදුන්නේගේ සිංහල රාජධානියට පෘතුගීසීන් පන්නා දැමීමේ සිහිනය ඇස් ඉදිරිපිට දිස් වන්නට විය. පුත් කුමරෙකු පතමින් රජ මායාදුන්නේ ද ඔහු බිසව සිරිමලී දේවීන්වහන්සේ ද සිදු කළ මහා භාරහාර පල දරමින් පුත් කුමරෙකු පිළිබඳ පුවත සනාථ වුයේ මේ කාල සමයේය. එම නිසා මායාදුන්නේ රජු රහමාන්ගේ යාපන ගමන තම ආත්මීය පැතුම විකසිත කළ සිදුවීම ලෙස ද සිතුවේය. රජ තෙමේ ඔහුට මල්වාන ගම්වරය තෑගී කළේය. රහමන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේට මායාදුන්නේ රජුගේ සන්නසින් මල්වාන ගම ත්‍යාග ලද බව සැල වුයේ යාපනයේදීය. මල්වාන රහමාන් ගේ මව වූ කතරිමලී මැණිකේ මුදියන්සේගේ ගම ද විය.

ඉතිහාසය මහත් දිගු ගමනකි. එහි සැරිසරන්නට අප හුරුව ඇත්තේ ජනකාන්ත සුලබ සිදුවී මතින් පමණය. ඒත් ඉතිහාසය දුර්ලභ සිදුවීම් සඟවා ගෙන තබා ඇත්තේය. රහමාන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේගේ යාපනය පා තැබීම ද එවන් දුර්ලභ රහසකි.. මෙය රහසක් වුයේ මන්ද? පෘතුගීසි ඉතිහාස ලේඛන වල ද සිංහල ඉතිහාස ද ලියැ වී ඇති ඔහුගේ වික්‍රමාන්චිත පා ගමන මුස්ලිම්වරුන්ගේ කතා බහේදීත් සිංහල කතා බහේදීත් මැකී ගියේ මන්දැයි සිතමි. මුස්ලිම්වරුන් ජාතිවාදීව ඉතිහාසය කියවා ගැනීම ද සිංහලයන් ජාතිවාදීව ඉතිහාසය කියවා ගැනීම ද මේ විපතට හේතුවයි.

සමගියේ සංහිඳියාවේ රමණීය ඉතිහාස යුගාන්දරය සැඟවී යටපත් වුයේ එබැවිනි. සිංහලයන් ද මුස්ලිම්වරුන් ද එකට එක්ව හිඳ අනාගතය අරභයා කරන කතාබහට රහමාන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේ නිමිත්ත වන්නේ එවිටය. බොහෝ කල් ගෙවී ගියද මායාදුන්නේ දවස මෙන් නැගිට පිබිද එකට පෙරට ගිය දිනයක් අපට උදා වී නැත. ඒ බැවින් මෙවන් කමණීය රමණීය ඓතිහාසික විරුවෝ ඉතිහාස වැලිතලාවෙන් වැසී අතීත තතු පුවතේ ඇතුල් ගැබ සැඟවී සිටී. රහමාන් යාපනයට පා තබා එන කල්හි ඔහු ඝාතනය වී ඇත. ඒ කා අතින් කෙලෙස සිදු වූවාදැයි සොයමි. මන්ද රහමාන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේ සිරිලක මහාවංශයට එක් වූ අතුරු ජන වංශයෙහි පහන් තරුවය.”

සුජිත් අක්කරවත්ත

“ලංකාදීප” 2012 මැයි 5 වෙනිදා සෙනසුරාදා.


ලිඛිත ඉතිහාසයට පෙර මැලේ ජාතිකයින් ලංකාවේ වාසය කොට ඇත.

“ඉතිහාසයේ පළමු වරට මැලේ ජාතිකයෙකු සෙනෙට් සභාවට පත් කොට තිබේ. ඔහු නම් එම්. ඩි. කිචිලාන් මහතාය. මැලේ ජාතිකයින් ලංකාවට පැමිණියේ 13 වන ශත වර්ෂයේ දී පමණ යැයි සුප්රිකට මැලේ නායකයන් විසින් මෑතදී ප්රැකාශ කොට ඇත. ඉතා ඈත පුරාණයේ සිට ලංකාවේ මිනිසුන් හා මැලේ ජාතිකයින් අතර සම්බන්ධතා පැවති බව රාජකීය ආසියාතික සංගමයේ සඟරාවෙහි “මධ්යා කාලීන ලංකාව සහ මලයාසියාව” යන හිසින් ආචාර්ය එස්.පරණවිතාන මහතා විසින් පළ කරන ලද ලිපියක සඳහන් වේ. වාර්තාගත ඉතිහාසයට පුර්ව කාලයේ දී මැලේ ජාතිකයින් විසු බවට වැඩි දුරටත් සාක්ෂි රාජකීය ආසියාතික සංගමයේ සඟරාවෙහි 1/11 වන වෙළුමේ 257 වන පිටුවෙහි මා විසින් දක්වා ඇත. ලංකාවේ මානව වංශ විද්යාස සමීක්ෂණයේදී ජේ. ආර්. ද ලා හෝල් මැරේට සහය වීමේදී රැස්කර ගන්නා ලද කරුණු අළලා ආචාර්ය එන. ඩී. විජේසේකර විසින් ලියන ලද “ලංකාවේ මිනිස්සු” නමැති ග්රවන්ථයෙහි ඔහු සඳහන් කර ඇත්තේ ඉතා සුළු ප්රරමාණයක මොන්ගෝලියානු ලක්ෂණ සහ නෙරා ගිය හකු ගර්තයක් සිංහල ජාතියට ඇති බවය. ඔරුව සඳහා යෙදෙන පොලිනීසියානු වචනය “ඔරු” යන්න බවත් “ඔරුව” යන අපේ සිංහල වචනය එයින් සෑදුනු වදනක් බවත් සිංහලයන්ගේ වෙස් මුහුණු සිංහලයන් සරම අඳින ආකාරය යනාදිය ඉන්දුනීසියානු දුපත් වැසියන්ට සමාන බවත් ඔහු ප්රනකාශ කරයි. පොලිනීසියානු ජාතිකයින් සහ සිංහලයින් අතර ඇතැම් සමානතා මට දක්නට ලැබී තිබේ. උදාහරණයක් කියතොත් “ඇවිත් කෑම කන්න” යන්න පොලිනීසියානු භාෂාවෙන් කියැවෙන්නේ “නන් මායි එ කායි” යනුවෙනි. කායි යන වදන සිංහල “කන්න” යන වදනට සමානය.

ක්රිය.පූ. 1,000 වැන්නේ දී පමණ ප්රා ග්-මැලේ මුහුදු යාත්රිනකයින් විසින් ද්ර විඩ පුර්ව ශිෂ්ටාචාරයක් ඉන්දියාවේ බිහි කළ බව මහාචාර්ය සිල්වේන් ලිවයි ප්ර කාශ කරයි. ස්ථාන නාම සහ කොල්ලෑ ඔරු මේ බවට දෙස් දෙන බව ඔහු පවසයි. මේ අනුව බලන කළ ලිඛිත ඉතිහාසයට බොහෝ කලකට පෙර ප්රාිග් මැලේවරුන් ලංකාවට පැමිණි බව සිතිය හැකිය.

හම්බන්තොට යන නාමය සහ “මළල” යන පදයන් ආරම්භ වන හෝ අවසාන වන වෙනත් ස්ථාන නාම මෑත කාලයේ දී ඇති වූ නාම නොවන බව පෙනේ යැයි ආචාර්ය පරණවිතාන පවසයි. ක්රිෙස්තු වර්ෂයට අවුරුදු දහසකට පෙර තරම් අතීතයේ දී කොල්ලෑ බෝට්ටු වලින් ඉන්දියාවට පැමිණීමට තරම් මුහුදු ගමන් ගැන දැනීමක් සහ තාරකා පිළිබඳ දැනීමක් ප්රාුග් මැලේවරුන්ට තිබුණු බව ආචාර්ය ආර්. වින්ස්ටඩ් ගේ “මලයාවේ ඉතිහාසය” නමැති ග්ර්න්ථයෙහි සඳහන් ව තිබේ. ලංකා විශ්ව විද්යා ලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය කේ. ඩබ්ලිව්. ගුණවර්ධන යට කී රාජකීය ආසියාතික සංගමයේ සඟරාවකට ලිපියක් සපයමින් ඉහත සඳහන් කරුණු ගැන මෙසේ ප්රමකාශ කරයි.

“මළල ගේ, මළලසේකර, මළල්ගොඩ වැනි සිංහල වාසගම් බොහොමයක මැලේ සම්බන්ධතාවක් පෙන්නුම් කෙරෙන බව සනිටුහන් කොට ඇතැයි මම අදහස් කරමි. එවැනි නම් ඇති බොහෝ දෙනෙකුට බොහෝ දුරට මැලේ වරුන්ගේ මුහුණුවර තිබීම අහඹුවක් ම විය නොහැක” 1/11 වන වෙළුම, 2 වන කොටස 257 වන පිටුව)

ආක්‍රමණය

දෙවන පරාක්රේමබාහු රජු (ක්රිම. ව. 1236 – 1271) සමයේ දී තමන් ද බෞද්ධයන් යැයි අඟවා ඒ නිසා ලංකාවට පැමිණියේ යැයි කියා ගනිමින් මැලේ ජාතිකයෝ තම රජු වූ චන්ද්රාභානු යටතේ ලංකාවට පැමිණියහ. මේ සම්බන්ධයෙන් චුල වංශයේ මෙසේ සඳහන් වේ. “ලංකාවේ සෑම වරායකින්ම දිවයිනට ගොඩ බට මේ නපුරු ජාතික හේවායෝ දරුණු සර්පයන් බඳු විෂ ඊ වලින් දකින දකින ජනයාට විද ඉමක් කොණක් නැතිව මිනිසුන් තළා පෙළා ලංකාව විනාශ කළහ.” එහෙත් රාජාවලියේ සඳහන් අන්දමට චන්ද්රහභානුගේ සේනාව ද්රාවිඩ හෙවායන්ගෙන් සමන්චිත වුවකි.

ටෙනන්ට්

පොලිනීසියාවේ සිට මැඩගස්කාරය දක්වාත් ඉන්දු චීනයේ සිට තහිති දුපත දක්වාත් පැතිර සිටින මලයානු වර්ගයාට සුළු වශයෙන් සමානකම් ලංකාවේ මිනිසුන්ගේ හැඩරුවෙහි ද පුරාණයේ සිට පැවතෙන චාරිත්රහ වාරිත්රා වල ද දක්නට ඇතැයි මානව විද්යාචඥයන් විසින් සලකනු ලබන බව සර් එමර්සන් ටෙනන්ට් විසින් ශත වර්ෂයකට පමණ ඉහත දී පවසා තිබේ. ලාංකිකයින් විසින් භාවිත කරනු ලබන කොල්ලෑව සහිත ඔරු සහ කඳන් දෙකේ ඔරු ඉන්දියාවේ අරාබිය පැත්තේ වැසියන් විසින් කිසි විටෙකත් භාවිත නොකරනු ලබන බවත් එකී වර්ගයේ ඔරු මලයා ජාතිකයින්ට විශේෂ වූ ඔරු වර්ගයක් වන අතර ඒවා මලයා ජාතිකයන් සංක්රුමණය වූ රටවලට පමණක් සීමා වූ බවත් ඊට උදාහරණ මැඩගස්කාරය කොමෝරෝ දුපත්, සුලු ලුසෝන් සුසයිට් දුපත් සහ ටොන්ගා දුපත් බවත් ඔහු ප්රුකාශ කරයි.

ලංකාවේ ප්රපථම පදිංචිකරුවන් චීන ජාතිකයින් බව කියැවෙන ජන ප්රසවාදයක් ගැන රිබෙයිරෝ නමැති පෘතුගීසි ඉතිහාසඥයා සඳහන් කරයි. ඒ ග්ර න්ථයේ ඉංග්රීනසි අනුවාදක වූ ආචාර්ය පෝල් ඊ. පීරිස් විසින් මේ ප්රනකාශය තම පරිවර්තනයට ඇතුළත් කොට නැත. ඒ ග්රපන්ථයේ ප්රංකශ අනුවාදයේ මෙසේ සඳහන් ව තිබේ. “පෘතුගීසි ඉතිහාසඥයින් ප්රඅකාශ කරන කරුණු කෙරේ විශ්වාසය තබන්නේ නම් මේ දිවයිනේ ප්රවථම ජනාවාසය චීන ජාතිකයින්ගෙන් ඇති වුවක් බව පෙනේ. චීන ජාතිකයින් මුළු පෙරදිග ලෝකයේම සිටි අති දක්ෂ වෙළඳුන් වූ අතර ඔවුන්ගේ ඇතැම් නෞකා මේ දිවයිනට පැමිණ තිබේ.”

අවුරුදු දෙදහසකට හෝ තුන්දහසකට පෙර මැලේ ජාතික වෙළෙන්දෝ තම ද්රනව්ය මැඩගස්කාරය, අප්රි කානු වෙරළ බඩ ප්ර්දේශ, පර්සියානු බොක්ක හා ඉන්දියාවේ මලබාර් සහ කොරමැන්ඩල් වෙරළ බඩ ප්රේදේශ යනාදියට ගෙන ගියහ. ඔවුන්ගේ නැව් ලංකාවේ හම්බන්තොට (මැලේ භාෂාවේ “සම්පන්” යන වදනින් සෑදුනකි) සහ ගාල්ල වරාය වලට පැමිණියහ.

ලංකාවේ ස්ථාන නාම වලින්ද මැලේ ජාතිකයින් විසු ප්ර්දේශ ගැන හෝඩුවාවක් පෙන්නුම් කෙරේ. යාපනයේ චාවාකච්චේරිය (ජාවාකච්චේරිය), ගාල්ලේ ගඟබොඩ පත්තුවේ පිහිටි ජාගොඩ, ගාල්ලේ පිහිටි ජාකොටුව, කොළඹට නුදුරින් පිහිටි ජාඇල, කොළඹ ජාවත්ත, ගාල්ලේ පිහිටි ජාවෙල මෙවැනි ස්ථාන වලට උදාහරණ වේ.

ජාවා දුපතේ හිටපු රජු වූ සුසුනමක් කුරක් මාස් 1706 දී ලංකාවට පිටුවහල් කරන ලද තැනැත්තෙකි. ලන්දේසීන්ට විරුද්ධව කැරලි ගැසූ මැලේ ජාතික කුමාරවරු සහ ප්ර්ධානීහු හතළිස් හතර දෙනෙක් 1723 දී ලංකාවට පිටුවහල් කරනු ලැබුහ. ජාවා දුපතේ රජ මාලිගයේ ප්රුධාන අමාත්යනවරයා වූ අනුරගේ ද 1734 දී මෙසේ ලක්දිවට පිටුවහල් කරන ලද තැනැත්තෙකි. මෙසේ පිටුවහල් කරනු ලැබ ලංකාවට පැමිණි මැලේ ජාතික රාජකීයයන්ට මේ හදිසි වෙනස් වීමට අනුකුලව හැඩ ගැසීම අසීරු කාරණාවක් විය. ලන්දේසි ඉතිහාසඥයෙකු වූ වැලන්ටයින් ප්රටකාශ කරන අන්දමට මැලේ රජුගේ මාලිගය ප්රටධාන වශයෙන් කාන්තාවන් 10000 ක ගෙන් සමන්චිත වූ අතර මොවුන් අතුරෙන් සමහරුන් මුර භටයන් වශයෙන් ද අන්තඃපුර සේවකයන් සහ වෙනත් සේවකයන් වශයෙන් ද යොදවා තිබුණු බව කියැ වේ.

මවිතයට පත්වීම

තුවක්කු සහ හෙල්ල වලින් සන්නද්ධ වූ යෝධ ගැහැනු කණ්ඩායමක් නිරන්තරයෙන්ම රජුගේ ආරක්ෂාවට ඔහු වටා සිටි අතර, අනෙකුත් කාන්තාවෝ ඔහුගේ මැණික් එබූ ජල කෙණ්ඩිය, දුම්කොළ සහ දුම් උරණ උපකරණ, පාවහන්, ලිවීමේ උපකරණ සහ රාජකීය ජත්රලය භාරව කටයුතු කළහ.

මැලේ රජුගේ එක් ආහාර වේලකට ආහාර පාන වර්ග පනහක් පමණ මේසයට යවා තිබෙනු දුටු ලන්දෙසිවරු මවිතයට පත් වුහ.

කපිතාන් නුර්දීන් ගේ කථාව මැලේ ජාතිකයන් ගේ අවංක පක්ෂපාත භාවයට හොඳ නිදසුනකි. තමාට සේවය කරන්නේ නම් උසස් තනතුරු දී නින්දගමක් තෑගි කරන බවට උඩරට සිංහල රජතුමා නුර්දීන් ට පොරොන්දු වූ විට තමා බ්රිමතාන්යො ජාතිකයන් ට පක්ෂපාතව ක්රියයා කිරීමට එවකටත් පොරොන්දු වී තිබුණු හෙයින් රජුගේ ඉල්ලීම නුර්දීන් විසින් ප්රහතික්ෂේප කරන ලදී. එවිට රජතුමා විසින් කපිතාන් නුර්දීන් සහ ඔහුගේ සහෝදරයා මරුමුවට පත් කරන ලදී. ලංකාවට පිටුවහල් කරනු ලැබීමෙන් වර්ෂ කිහිපයක් ගතවීමෙන් පසු මැලේ ජාතික කුමාරවරුන්ට ආපසු ජාවා දුපතට යාමට අවසර දෙන ලදී. එහෙත් මෙසේ ආපසු යාමට කැමති වුයේ කිහිප දෙනෙකු පමණි. සෙසු අය ලංකාවේ නැවතී සිටීමට කැමැති වුහ.”

(ද සිලෝන් ඩේලි නිව්ස් 1965 නොවැම්බර් 13 වන සෙනසුරාදා-පව්ලිනස් තම්බිමුත්තු විසිනි).


මේ රටේ නමක් තැබූ විප්රේවාසිකයා (ඔරාබි පාෂා).

(ද සිලෝන් ඔබ්සර්වර් 1967 නොවැම්බර් 3 වන සිකුරාදා – මොහමඩ් සමීර් විසිනි)

(කොළඹ මරදානේ “ඔරාබි පාෂා මාවත” යනුවෙන් වීදියක් නම් කොට තිබෙන හේතුව මෙම ලිපියේ කරුණු මගින් පැහැදිලි වනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු.)

ඔරාබි පාෂා වූ කලී බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට පිටුවහල් කරන ලද මිසර කැරලිකරුවෙකි. ඔහු ලංකාවේ සිටි කාලය වූ 1883 – 1901 අතර කාලයේදී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ සමාජීය, ආගමික හා අධ්‍යාපනික දියුණුව සඳහා මාහැඟි සේවයක් ඉටු කොට ඔවුන් විෂයයෙහි ආකස්මික බලපෑමක් ඇති කරන ලද තැනැත්තෙකි. මුස්ලිම් ජන නායකයෙකු වූ අභාවප්‍රාප්ත අයි. එල්. එම්. අබ්දුල් අසීස් මහතා සමග එක්වී මුස්ලිම් ජනතාවගේ දියුණුව සඳහා ඔහු කෙතරම් සේවයක් කළේද යත් අබ්දුල් අසීස් මහතාගේ ජන්ම දිනය සහ ඔවුන් දෙදෙනාගේ සාමුහික සේවය අනුස්මරණය කිරීමේ උත්සවයක් පසුගිය සතියේ පවත්වන ලදී.

ඉන්දියාවේ කොටසක් වූ ලංකාව (බ්‍රිතාන්‍ය පාලනය යටතේ) එවකට පාලනය කළ රජුගේ දුත පිරිසක් මුහර්රම් මාසයේ හිජ්රි වර්ෂ 682 හි 14 වැනි දින ඊජිප්තුවට පැමිණි බව අභාවප්‍රාප්ත නීතිඥ ඒ. සී. එම්. අබ්දුල් කාදර් විසින් පළ කරන ලද “නිව් ස්පියර්” නමැති සඟරාවට සුප්‍රකට අරාබි ලේඛකයෙකු හා ඉතිසාසඥයෙකු වූ ජේ. ඒ. විල් පෙරේරා විසින් සපයන ලද ලිපියක උධෘතයක් වශයෙන් දක්වා තිබේ.

“එකී දුත පිරිස යවන ලද්දේ අබු නෙකා ලෙභාදාස් (බුවනෙක බාහු) කුමරුන් විසිනි. එල් භාගයක් දිග හා ඇඟිලි තුනක් පළල රත්රන් මංජුසාවක බහාලු හසුනක් ඔවුන් විසින් ගෙන යන ලදී. ඒ හසුන තල් කොළයක් වැනි කොළයක ලියා තිබුණු අතර එහි අඩංගු භාෂාව කයිරෝ නගරයේ සිටි කිසිවෙකුට කියැවිය නොහැකි විය. දුත පිරිසගෙන් ප්‍රශ්න කිරීමේ දී එකී තල් පතෙහි ලියා තිබුණේ ආශිංසනයක් සහ මිත්‍රත්වය පැතීමේ සංදේශයක් බව අනාවරණය විය”.

තෑගි

යේමනයේ රජු සමග තිබුණු සම්බන්ධතා තමා විසින් අත්හරින ලද බවත් ඊජිප්තුවේ සුල්තාන්වරයා සමග කිට්ටු සම්බන්ධතාවක් ඇති කර ගැනීමට තමා අපේක්ෂා කරන බවත් ඇතුන් මැණික් සහ සියලුම වර්ගයේ අගනා වස්තු සම්භාරයක් තමා සතුව ඇති අතර සුල්තාන්වරයාට මහඟු ත්‍යාගයක් තමා විසින් එවා ඇති බවත් කුමාරයා විසින් එහි සඳහන් කර තිබුණි. මේ කාලයේදී ලංකාවේ රාජධානියට බලකොටු 27 ක් අයත් ව තිබුණු අතර අගනා රතු මැණික් ඇතුළු විවිධ මැණික් වර්ග ලැබෙන පතල් රාශියක් ද තිබුනි.

ලංකාව එකල හැඳින් වූ සෙයිලාන් නොහොත් සෙරෙන්ඩිබ් යන නාමයන්ගෙන් අරාබි වරුන් ලංකාව ගැන දැන ගෙන සිටියාක් මෙන් ඉන්දියානු සහ චීන නාවික හමුදා වල සේවය කළ ඊජිප්තු නාවිකයන් මගින් ඊජිප්තු ජාතිකයෝද ලංකාව ගැන දැන සිටියහ. කෙසේ වුවද ඈත අතීතයේ පටන්ම ඊජිප්තු සුල්තාන්වරයා විසින් ලංකාව වැදගත් රටක් ලෙස පිළි ගෙන තිබුණි.

ඊජිප්තුව මහ බ්‍රිතාන්‍යයේ ආධිපත්‍යයට යටත්ව තිබුණු මේ කාලයේදී මැද පෙරදිග සහ අප්‍රිකාවේ උතුරු වෙරළ බඩ ප්‍රදේශ ඔටෝමාන් තුර්කිවරුන්ගේ පාලනයට යටත් ව තිබුණි. ඇල්බේනියානු කුමාරයාගේ පරම්පරාවෙන් පැවතෙන්නෙකු ඊජිප්තුවේ ආණ්ඩුකාරයා වශයෙන් තුර්කියේ සුල්තාන්වරයා විසින් පත් කර තිබුණු අතර පසුව ඒ කුමාරයා ඛෙඩව් යන නමින් ඊජිප්තුවේ පාලකයා බවට පත් විය.

තම මව්බිම බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් අත් පත් කර ගනු ලැබ විදේශීය බ්‍රිතාන්‍ය ආධිපත්‍යකට යටත් ව සිටීමට සිදු වීම ගැන කණස්සල්ලට පත් ඊජිප්තුවේ ස්වදේශිකයින් අතර ජාතික හැඟීමක් පිබිද ගියෙන් නිදහස සහ ස්වාධීනත්වය ගැන හැඟීමක් මුළු ඊජිප්තුව පුරා පැතිර යන ලදී. මේ අවධියේදී දේශප්‍රේමියෙකු වූ ඔරාබි පාෂා නොසන්සුන් ඊජිප්තු ජනතාවගේ නායකත්වය ගෙන ඔවුන්ගේ ජාතික හැඟීම් එළිපිටම ප්‍රකාශ කරමින් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කැරැල්ලක් මෙහෙයවිය. එහෙත් මේ වූ කලී මෙම අරගලයේ ඉතා දුර්වල ආරම්භයකි. මේ කැරැල්ල මැඩ පැවැත්වීම ප්‍රබල බ්‍රිතාන්‍යයන්ට ඉතා පහසු කාර්යයක් විය. ඔරාබි පාෂා සිර භාරයට ගන්නා ලදුව යටත් වීමේ “සුදු කොඩිය” අයථා ලෙස පාවිච්චි කරමින් තම කැරලි කටයුතු ඇලෙක්සන්ඩ්රියාවේ තහවුරු කිරීමේ යෙදුණේය යන චෝදනාව යටතේ ඔහුට විරුද්ධව නඩු විභාග කරන ලදී. මේ නඩු විභාගයේදී ඔරාබි පාෂා සහ ඔහුගේ ආසන්නතම අනුචරයන් වරදකරුවන් බව ප්‍රකාශ කරන ලදුව ඔවුනට මරණීය දඬුවම නියම කරන ලදී. ඉන් පසු එකී දඬුවම ක්‍රියාත්මක කරනු දිනය තෙක් ඔවුහු බන්ධනාගාර ගත කරනු ලැබුහ.

අපූරු සිද්ධියක්

ඔරාබි පාෂාට මරණීය දණ්ඩනය නියම කරන ලද දිනයේ සිට එය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු දිනය දක්වා වූ කාලය තුළදී හදිසියේම අපූරු සිද්ධියක් ඇති විය. එනම්, ඔරාබි පාෂා සහ ඔහුගේ නඩු තීන්දුව පිළිබඳව නිර්නාමික ලිපියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විරුද්ධ පාක්ෂික මන්ත්‍රිවරයෙකු වූ ඕඩොනල්ඩ් මහතාට ලැබුණු බව අයිරිෂ් පාර්ලිමේන්තු සඟරාවට ඒ මහතා ප්‍රකාශ කරනු ලැබීමයි. ඒ ලිපිය මෙසේය:

“මහත්මයාණෙනි,

අපේ සම්භාවනීය වයෝවෘද්ධයාට (එවකට අගමැති ධුරය ඉසුලු ග්ලැඩ්ස්ටන්) මුණ දීමට තරම් ධෛර්යයක් ඔබට ඇති බව දන්නා නිසා සමාදානය ඇඟවීමට භාවිත කරනු ලබන කොඩි සතුරු හමුදාව මුළා කිරීම පිණිස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් වුල්ස්ලිගේ “යුද භටයන්ගේ අත් පොත” කියවා බලන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.

යුද්ධ නීතිය ගැන හැදැරීමේදී ග්ලැඩ්ස්ටන් මහතාගේ අවධානය ඒ කෙරෙහි යොමු නොවුවා විය හැකිය.

මේ බවට, විශ්වාස වූ,

දේශපාලන විරුද්ධවාදියෙක්”.

යුද හමුදා නියෝග සම්බන්ධයෙන් වූ මේ අත් පොතෙහි සඳහන් ආකාරයට ඔරාබි පාෂා ට මුණ දීමට සිදු වූ අවස්ථාවෝචිත කරුණු අනුව සමාදානය අඟවන කොඩි වෙනත් අන්දමකට පාවිච්චි කිරීමට අවසර තිබේ. ඔරාබි පාෂා කොඩිය පාවිච්චි කර තිබුණේ මෙසේ අවසරය දී තිබුණු ආකාරයකටය. මේ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා කළ ඕඩොනල්ඩ් මහතා මේ කාරණය පාර්ලිමේන්තුවේදී මතු කොට පහත දැක්වෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

“තම යුද හමුදාව සහ ආයුධ අලෙක්සන්ඩ්රියාවන් ඉවත් කර ගැනීම සඳහා ඔරාබි පාෂා විසින් සමාදානයේ සුදු කොඩිය පාවිච්චි කිරීමෙන් කරන ලද වරද සමාව දිය නොහැකි පාපතර ක්‍රියාවක් බවට අග්‍රාමාත්‍ය තුමා විසින් ප්‍රකාශ කර ඇති හෙයින්, ඔරාබි පාෂා විසින් උපයෝගී කර ගන්නා ලද මේ නින්දිත උපාය මාර්ගයම අනුගමනය කිරීම බ්‍රිතාන්‍ය යුද හමුදාවට නිර්දේශ කරමින් සර් ගාර්නට් වුල්ස්ලි විසින් ලියා ඇති “යුද භටයන්ගේ අත් පොත” නමැති උපදේශ ග්‍රන්ථය බ්‍රිතාන්‍ය යුද හමුදාවේ භාවිතයෙන් වහාම ඉවත් කිරීමට අග්‍රාමාත්‍යතුමා වහාම පියවර ගන්නේද?”.

මේ විස්මය ජනක අනාවරණය කිරීම හේතු කොට ගෙන අදාළ බලධරයන් අතර ඉමහත් කලබලයක් ඇති වූ අතර මේ ප්‍රශ්නය විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමටත් පෙර ඔරාබි පාෂා ට සහ ඔහුගේ අනුචරයන්ට නියම කරන ලද මරණීය දඬුවම ක්‍රියාත්මක නොකරනු ලබන බවත් ඔරාබි පාෂා ට ගරු කරන රටකට ඔහු ඊජිප්තුවෙන් පිටුවහල් කරනු ලබන බවත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. තමාගේ මරණීය දණ්ඩනය මෙසේ අපුර්ව ලෙස වෙනස් කරන ලද බවත් ඒ වෙනුවට ඔහු ලංකාවට පිටුවහල් කිරීමට තීරණය කරන ලද බවත් ඇසු විට ඔරාබි පාෂා ඉමහත් සතුටට පත්විය. ඔහුගේ සතුටට ප්‍රධාන හේතුව වුයේ තම ආදි පීතෘවරයා වූ ආදම්ගේ වාස භුමිය ලංකාව යැයි විශ්වාසයක් එකල තිබීමය.

පිටුවහල් කිරීම

1882 දෙසැම්බර් 26 වන දින ඔරාබි පාෂා සහ ඔහුගේ අනුචරයන් “මියොට්ස්” නමැති දුම් නැවට නංවා ඇලෙක්සැන්ඩ්රියාවේ සිට ලංකාව බලා එන දීර්ඝ ගමනට පිටත් කර එවන ලදී. මේ නැව 1883 ජනවාරි 19 වන දින කොළඹ වරායට සේන්දු විය. මෙදින සැන්දෑවෙහි වරායෙන් ගොඩ බැසීමට ඔවුන්ට ඉඩ නොදී පසු දින ඔවුන් ගොඩ බස්වා කොළඹ පිහිටි බ්‍රේබෲක් හවුස් ස්ටෘවන් හවුස් සහ ලේක් හවුස් යන ස්ථාන වලත් වෙනත් ස්ථාන කිහිපයකත් ඔවුන්ට නවාතැන් පහසුකම් සැලසීමට එකල ලංකාවේ ආණ්ඩුකාරයා වූ ගරු ජේ. ඩග්ලස් මහතා වෛද්‍ය ඕබ්‍රයන් මහතාගේ ද සහය ඇතිව කටයුතු සම්පාදනය කළේය. ආණ්ඩුකාරයාගේ උපදෙස් පරිදි වොන් සහ සමාගමේ ලෙඩ්වර්ඩ් මහතා විසින් යට කී සියලු නිවාස වියදම නොතකා ඉතා මනහර ලෙස අංග සම්පුර්ණ ව ගෘහ භාණ්ඩ ආදියෙන් සප්පිත කරවන ලදී. මීට අමතරව ඔරාබි පාෂාට වර්ෂයකට පවුම් 800 ක් සහ අනෙකුත් අයට වර්ෂයකට පවුම් 400 සිට පහළට ඒ ඒ මුදල් ප්‍රමාණ දීමනා වශයෙන් ගෙවීමට ද බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් නියම කරන ලදී. පනස්හය දෙනෙකුගෙන් සමන්චිත වූ මේ කණ්ඩායම සහ ඔවුන්ගේ පවුල් ඉතා ඉක්මණින්ම මේ අලුත් පරිසරයට හුරු පුරුදු වුහ.

විදේශීය රටකට පිටුවහල් කරනු ලැබුවද ඔරාබි පාෂා ඔවුන් අතර උපශාන්ත හා උදාරතර ජීවිතයක් ගත කළේය. මෙහි දී පුදුම ගෙන දෙන කරුණ වුයේ ඔවුන් ප්‍රථම කොටම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට උනන්දුවක් දැක්වීමය. මහත් උද්යෝගයකින් ඔවුහු ඉංග්‍රීසි ඉගෙනීමෙහි යෙදුනහ. ඔරාබි පාෂා මේ කණ්ඩායමේ නායකයා වූ අතර ඔහු ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සගයන් හය දෙනෙක් වුහ. ඔවුන් ගෙන් කෙනෙක් ටොවුල්බා පාෂා ය. ඔහුගේ පුත්‍රයා ලංකාව ගැන පොතක් ලියා තිබේ. දෙවැන්නා මොහමඩ් ෆාහිම් වේ. ඔහුගේ මුනුබුරා වූ කාලිඩ් මහ්මුද් දැනට ලෙබනනයේ බේරුට් නගරයේ වාසය කරයි.

ඔරාබි පාෂා ගේ මේ ප්‍රබල අනුචරයන්ගෙන් අබ්දුල් අසීස් කොළඹ දී මිය ගිය අතර ඔහුගේ භූමදානය මහනුවර මහයියාවේ මුස්ලිම් දේවස්ථාන සුසාන භූමියේදී සිදු කරන ලදී. පාෂා ගේ දරුවන් කීපදෙනෙක් මහනුවර කින්ග්ස්වූඩ් විද්‍යාලයේ ඉගෙනුම ලැබුහ. ඔවුහු ඉගෙනීමට දක්ෂයෝ වුහ. පාෂා ගේ එක් පුතෙකු බර්ගර් ජාතික තරුණියක හා විවාහ වීමෙන් ලංකාව සමඟ තිබුණු සම්බන්ධතාව තවත් තර විය. ඒ තරුණිය ඉස්ලාම් දහම වැලඳ ගත් අතර ජමීලා යන නමින් හඳුන් වනු ලැබූවාය. මේ යුවළට ලැබුණු පුත්‍රයා ෆ්‍රෙඩ් ඔරාබි යන නමින් හඳුන්වනු ලදී. මේ වූ කලී ෆරීඩ් යන මුස්ලිම් නාමයේ ඉංග්‍රීසි භාවිතය වේ. මේ පුත්‍රයා කොළඹ වෙස්ලි විද්‍යාලයේ ඉගෙනුම ලැබ පසු කලෙක ඊජිප්තුව ට ගියේය.

ලංකාවේ විසු මුස්ලිම් ජාතිකයෝ ඊජිප්තු ජාතික ඔරාබි පාෂා මහත් හරසරින් යුතුව පිළිගෙන ඔහුට ගෞරවයෙන් සැලකුහ. ඔවුනතර ඉතා කිට්ටු මිත්‍ර සම්බන්ධයක් ඇති වූ අතර තම දහමට අයත් මේ විදේශීය ආගන්තුකයන්ගේ මෙහි වාසය සැපවත් කිරීමට සහ ඔවුන්ට තම රටට ආපසු යෑමට කටයුතු පිළියෙල කර ගැනීමට දේශීය මුස්ලිම් වරු සෑම අයුරින්ම ඇප උපකාර කළහ.

ආගමනය

මේ පිටුවහල් කළ පිරිස දිවයිනට පැමිණි නොබෝ කලකින්ම ඉස්මායිල් ලෙබ්බේ මරික්කාර් ආලිම් ගේ ප්‍රධානත්වයෙන් ලංකා මුස්ලිම් පිරිසක් මක්කා නගරයට හජ්ජි වන්දනා ගමනක් යාමට සුදානම් වුහ. මේ හජ්ජි වන්දනාකරුවන් මගින් ඊජිප්තුවේ සිටින තම නෑ හිතමිතුරන්ට ලියුම් සහ තෑගී බෝග යැවීමට මාහැඟි අවස්ථාවක් පිටුවහල් කරනු ලැබූ කණ්ඩායමට මේ නිසා ලැබිණ. තමාට සමාව දෙන ලෙස ඉල්ලන පෙත්සමක් ඔරාබි පාෂා විසින් පිළියෙල කරන ලදුව වන්දනා කණ්ඩායම විසින් ඒ පෙත්සම කොට්ට උරයක් තුළ බහා රහසේම ඊජිප්තුවට ගෙන යන ලදී. එහෙත් අවාසනාවකට මෙන් ඒ පෙත්සමෙන් පලක් නොවීය. පිටුවහල් කිරීමට තීරණය කළ වහාම මෙවැනි පෙත්සමක් ගැන සලකා බැලීම පවා ඉක්මන් වැඩි යැයි නිලධාරීහු කල්පනා කළහ. මෙකල සිදු වූ තවත් අහඹුවක් නම් ලංකාවේ ආණ්ඩුකාර ධුරයට සර් විලියම් ග්‍රෙගරි පත්ව ඒමය. ඔහු ඊජිප්තුවේ සිටි කාලයේදී ඔරාබි පාෂා දැන හැඳිනගෙන සිටියේය.

ලංකාවට පිටුවහල් කොට සිටියදී ඔරාබි පාෂා විසින් සර් විලියම් ග්‍රෙගරි සමග තිබුණු දැන හැඳුනුම්කම් අලුත් කර ගන්නා ලද නමුත් ඉක්මණින් සමාවක් ලැබ ආපසු ඊජිප්තුවට යාමට ඔරාබි පාෂාට උපකාර කිරීමට ආණ්ඩුකාරයාට නොහැකි විය. දේශීය මුස්ලිම් ජනතාව සමග නිදහසේ මිශ්‍ර වූ ඔරාබි පාෂා ඔවුන්ගේ ආගමික, අධ්‍යාපනික, සහ සමාජ කටයුතු වලට නොමඳව සහයෝගය දැක්වීය. මෙයින් දෙපක්ෂයම නොයෙකුත් දේ ඉගෙන ගත්හ. ශ්‍රීමත් රාසික් ෆරීඩ් ගේ සීයා වූ වාපිච්චි මරික්කාර් ගේ නායකත්වය යටතේ මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපනය නගා සිටුවීමට විශේෂ උත්සාහයක් සහ උනන්දුවක් ඔරාබි පාෂා විසින් ගන්නා ලදී. ඔරාබි පාෂා වාපිච්චි මරික්කාර් ට කෙතරම් සමීපවුයේ ද යත් ඔවුනතර හිතවත්කම හා මිත්‍රත්වය හුවා දැක්වීමක් වශයෙන් ඔහු වාපිච්චි මරික්කාර් ට ආමන්ත්‍රණය කළේ අල් වාපිච්චි යනුවෙනි. මේ කාලයේදී සහිරා විද්‍යාලයේ ප්‍රථම තෑගී බෙදා දීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් ඔරාබි පාෂාට ආරාධනය කිරීම ඔහු වෙත දක්වන ලද ඉමහත් ගෞරවයක් ලෙස ඔහු විසින් සලකන ලදී. තේජාන්විත පෙනුමකින් යුත් ඔහු මේ උත්සවයට පැමිණීම එහි පැමිණ සිටි සැම දෙනා තුළම මහත් භක්ති ප්‍රණාමයක් ඇති කිරීමට සමත් වූ අතර එය එකී අධ්‍යාපන ආයතනයට කරන ලද මහත් ගෞරවයක් ලෙස සලකන ලදී.

තාවකාලික වාසය

ඔරාබි පාෂා මේ දිවයිනේ වාසය කළ කාලය තුළදී ඔහු සමග ඉතා ළඟින් ආශ්‍රය කළ තැනැත්තෙකි අභාවප්‍රාප්ත හජ්ජි ඉස්මයිල් ඉෆෙන්ඩි. ඔරාබි පාෂා ව මනා ලෙස හදාරා ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති සහ ඉගැන්වීම් ගැන හොඳ අවබෝධයක් ලබා සිටි හජ්ජි ඉස්මයිල් ඉෆෙන්ඩි ඔරාබි පාෂා ගේ ඉතා හිතවත් මිතුරෙකු වුවා පමණක් නොව ඔහු ප්‍රකාශ කළ සෑම දෙයක් ම පාහේ පරිවර්තනය කොට සෙස්සන්ට කියා දීමේ මාධ්‍යය ද විය. මෙසේ ඊජිප්තුවේ සිට පැමිණි කණ්ඩායමේ නායකයා සමග හජ්ජි ඉස්මයිල් ඉෆෙන්ඩි නිරතුරුවම ඇසුරු කළා පමණක් නොව, ඔහුගේ ඇසුර බොහෝ විට පැතූ අනෙකුත් පාෂා වරුන්ට ද නන් අයුරින් උපකාර කළේය.. ඔහු බොහෝ විට ඔවුන්ගේ සමාගමෙහි තම කාලය ගත කළේය.

මින් අනතුරුව සහිරා විද්‍යාලයේ පවත්වන ලද ක්‍රීඩා උළෙලට ඔරාබි පාෂා පැමිණ එය විශිෂ්ට අවස්ථාවක් බවට පත් කළේය. මේ උත්සවය සිහිපත් කිරීම සඳහා ඔරාබි පාෂා විසින් සහිරා විද්‍යාල භුමියෙහි පොල් පැළයක් රෝපණය කරන ලදී. මේ පොල් ගස මෑතක් වන තුරුම එහි තිබුණි. වාපිච්චි මරික්කාර් විසින් සහිරා විද්‍යාලයට තෑගී කරන ලද නව ගොඩනැගිල්ලට අන්තරායකාරී ලෙස මේ පොල් ගස ඇලව තිබුණු හෙයින් සහිරා විද්‍යාලයේ විදුහල්පති විසින් මරදාන මුස්ලිම් දේවස්ථානයේ කළමනාකාර භාරකරු වෙත කරන ලද ඉල්ලීමක් පරිදි මේ පොල් ගස කපා දැමීම සිදු විය. අනතුරුදායක තත්වයේ පැවති මේ පොල් ගස කපා දමන ලද අවස්ථාවේ දී කළමනාකාර භාරකරුගේ ඥානාන්විත ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් එකී පොල් ගසේ ගෙඩියක් මුල් ගස තිබුණු ස්ථානයට සමීප ස්ථානයක සිටුවන ලදී. මේ පොල් ගෙඩියෙන් හට ගත් පොල් ගස අදත් මනා ලෙස වැඩී තිබේ.

1901 වර්ෂය ආරම්භ වත්ම ඔරාබි පාෂා ට ක්‍ෂමාව දෙන ලද බව දන්වා එවන්නට යෙදුණෙන් ඔහුට සහ ඔහුගේ පිරිසට ආපසු සිය රට බලා යාමට අවසර දෙන ලදී. මේ ආරංචියෙන් ඔරාබි පාෂා සතුටටත් කනගාටුවටත් පත් විය. තම රටට ආපසු යාමට ලැබීම ගැන ඔහු සතුටු වූ අතර තම හිත මිතුරන්ගෙන් වෙන් වීම ගැන ඔහු කනගාටු විය. ඔරාබි පාෂා ට සහ ඔහුගේ සහයකයන්ට ශුභ පැතීමේ විශාල උත්සවයක් හමීදියා පාසල් ගොඩනැගිල්ලේදී පවත්වන ලදී. මේ මාහැඟි උත්සවයේදී ශුභාශිංසනය කිරීමේ අරාබි ගීත ගායනා කරන ලද අතර ඒ කණ්ඩායමට නිරුපද්‍රිතව තම මව් බිම කරා යාමට ශුභ පතා යාඥා පවත්වන ලදී. පිටුවහල් කර සිටි කණ්ඩායමේ ඒ ඒ අයට ඒ ඒ අවස්ථාවේ දී ක්‍ෂමාව දෙන ලද හෙයින් වරින් වර ඔවුන්ගෙන් ඇතැමෙකු එවකටත් තම රට කරා ගොස් තිබිණි. කෙසේ වුව ද අවසානයට ඉතිරි වූ කණ්ඩායමට ඔරාබි පාෂා ඇතුළත් වූ අතර ඔහු මෙරට හැර යනු දැකීම හද කකියවන සිද්ධියක් විය.

මේ කාලයේදී මා බාල වියේ පසු වූ ළමයෙකු වුව ද එක්තරා අන්දමකින් මා ද ඔරාබි පාෂා සමඟ ළඟින් ඇසුරු කළ කෙනෙකු වන හෙයින් ඔහුගේ මව් රටට සුවසේ ආපසු යාමට ඔහුට සහ ඔහුගේ පිරිසට ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමින් මගේ මිය ගිය මව විසින් පබැඳ තිබුණු යාච්ඤාවක් අඩංගු ලිපියක් ඔහු අතට දීමේ වරප්‍රසාදය මට ලැබුණු බව මෙහිදී සඳහන් කිරීම අනුචිත නොවේ යැයි මම සිතමි. ඔරාබි පාෂා මෙරටින් පිට වී යාමේ දී ඔහු පිටත් වුයේ කරීම්ජී ජෆර්ජීගේ නිවසේ සිටය. බම්බලපිටියේ පිහිටි ඊසා විලා නමැති මේ නිවසේ ඔහු ආගන්තුකයෙකු වශයෙන් නැවතී සිටීය. ඔහුගේ මිත්‍රයන්ගේ සහ ඔහු ඇසුරු කළ අයගේ ප්‍රීති ඝෝෂා සහ ආශීර්වාද මැද ඔහු 1901 සැප්තැම්බර් 18 වන දින මේ දිවයිනෙන් පිටත් විය.

(ද සිලෝන් ඔබ්සර්වර් 1967 නොවැම්බර් 3 වන සිකුරාදා – මොහමඩ් සමීර් විසිනි).


තම අන්තිම කැමති පත්රනයෙන් ශ්‍රී ලංකාව පෘතුගීසීන්ට උරුම කළ නරපතියෙක් සාධකය.

(ජාතික කෞතුගාරයේ හිටපු සහකාර අධ්‍යක්ෂක සී. එම්. ඔස්ටින් ද සිල්වා බී. ඒ. විසිනි)

මහනුවර රජ කළ 11 වන රාජසිංහ රජු (ක්‍රි. ව. 1635 – 1687) ඌවේ දී පෘතුගීසීන් සමග කළ සටනකින් පැරද තම ජීවිතය බේරා ගැනීමට පලා ගියේය. ඔහු මෙසේ පලා යද්දී පඟරගම්මන නමැති ගමට පැමිණියේය. එහිදී විශාල බෙනයක් සහිත කොස් ගසක් දුටුවේය. ගව මඩුවක් අසල පිහිටි මේ කොස් බෙනයේ රජු සැඟවූණේය. පසු පස එළවා ගෙන පැමිණි පෘතුගීසි සොල්දාදුවන්ට මේ ගව මඩුව අසල දී හදිසියේම රජුගේ අතුරුදහන්වීම මහත් ප්‍රහේලිකාවක් විය. මේ අවස්ථාවේ දී කිරි දොවමින් සිටි යෝනක ස්ත්‍රියකගෙන් පෘතුගීසි සොල්දාදුවෝ රජු ගැන විමසුහ. රජු සැඟවුණු ස්ථානය ගැන ඇය ඔවුන්ට නොකීමෙන් ඔවුහු ඇය කැබලි කැබලි කොට කපා මරා දැමුහ. රජු බේරී දිවි ගලවා ගැනීමෙන් පසු රජු වෙනුවෙන් දිවි පිදු මේ හිතවත් ස්ත්‍රියගේ අවාසනාවන්ත ඉරණම ගැන රජුට අසන්නට ලැබුණේය. ඇගේ නාමයට උපහාරයක් වශයෙන් පඟරගම්මන නිවැසි යෝනක වරුන්ට විශාල ගම්වරයක් රජු විසින් තෑගි කරන ලදී.

කිවුලේ ගෙදර බණ්ඩාරගේ පෙම් පුවතටද පඟරගම්මන යෝනක ග්‍රාමය සම්බන්ධ වේ. සිංහල ප්‍රභූවරයෙකු වූ කිවුලේ ගෙදර කුඩා මොහොට්ටාල ආලයෙන් වෙලී ගිය රූමත් යෝනක තරුණියක් මේ ගමේ විසු බව කියනු ලැබේ. මේ තරුණිය විවාහ කර ගැනීමට තමා ආශා කරන බව ඔහු ඇගේ දෙමව්පියන්ට දන්වා ඔවුන්ගේ කැමැත්ත විමසු විට එක්තරා කොන්දේසියක් මත තමන් ඊට කැමති වන බව ඔවුහු ප්‍රකාශ කළහ. ඔවුන්ගේ කොන්දේසිය වුයේ “වී අමුණු තිහක කුඹුරක් අපට තිබේ. දැන් ඒ කුඹුරේ ගොයම් පැසී ඇත. ඔබ තනිවම ඒ කුඹුරේ ගොයම් හෙට එක් දිනෙන් කපා අවසන් කළහොත් අපේ දුව ඔබට සරණ පාවා දෙමු” යන්නයි. අප්‍රහති ධෛර්යයෙන් අනුන වූ කිවුලේ ගෙදර බණ්ඩාර තනිවම එක් දිනකින් ඒ කුඹුරේ ගොයම් කපා මේ කොන්දේසිය ඉටු කළෙන් එකී රූමත් යෝනක තරුණිය ඔහුට විවාහ කර දෙන ලදී.

තම අන්තිම කැමති පත්‍රයෙන් ශ්‍රී ලංකාවපෘතුගීසීන්ට උරුම කළ නරපතියෙක්

(සුමිත්ත කුරුප්පු විසිනි – 1964 ජුලි 15 වන දින – සිලෝන් ඩේලි නිව්ස් පුවත්පත)

සීතාවක නුවර සතුරු රාජධානියක් පිහිට වූ තම බාලම සහෝදරයා වූ මායාදුන්නේ රජුගේ අපේක්ෂාවන් නිසා කෝට්ටේ සිංහාසනයට උරුමකරුවකු පත් කර ගැනීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් බුවනෙකබාහු රජුට තම සැලකිල්ල මෙන්ම තීක්ෂණ බුද්ධිය ද මෙහෙයවීමට සිදු විය. කීහිප අවස්ථාවකදීම මායාදුන්නේ කෝට්ටේ වැටලුවේය. තම උත්සාහය සාර්ථක කර ගැනීමට ඔහු ඉන්දියාවේ කලිකට් හි පාලකයා වූ සැමොරින්ගේ සහය පවා ඉල්ලා සිටියේය. සැමොරින් වරක් තම විශිෂ්ටයන් දෙදෙනෙකු වූ පච්ච මරික්කාර් සහ කුන්හල මරික්කාර් යටතේ ද නැවත වරක් අලි ඉබ්‍රාහිම් යටතේ ද මායාදුන්නේට සහය දුන්නේය. පෘතුගීසීන්ගේ මැදිහත්වීම නිසාම මුස්ලිම්වරුන්ට පසු බැසීමට සිදු විය (ක්‍රි. ව. 1528).

සීතාවක රාජධානියට එරෙහිව තම රාජධානියේ ආරක්ෂාව ඇතිකරලීම සඳහා බුවනෙකබාහු රජුට පෘතුගීසීන් කෙරෙහි විශ්වාසය තැබීමට සිදු වුයෙන් කෝට්ටේ රාජධානියේ බලය පිරිහීමට පත් වූ අතර පෘතුගීසීන්ගේ බලය වැඩි දියුණු වන්නට විය. බුවනෙකබාහු රජුගේ දියණිය වූ සමුද්‍රා දේවී කුමරිය ‘එඩිතර ඇස් ඇති උස් වූ දේහයකින් හෙබි නිර්භීත’ වීදිය බණ්ඩාර කුමරුට විවාහ කර දෙනු ලැබිණ. ඔවුන්ට දාව උපන් ධර්මපාල කුමරු තම අනුප්‍රාප්තිකයා වශයෙන් පත් කිරීමට බුවනෙකබාහු රජු තීරණය කළේය. මේ අරමුණ මුදුන් පත් කර ගැනීමට බුවනෙකබාහු රජු විශේෂ ක්‍රමයක් අනුගමනය කළ අතර ඔටුනු පලන් රජුන් සම්බන්ධයෙන් එය විශිෂ්ට සිද්ධියකි. බ්‍රාහ්මණයෙකු වූ ශ්‍රී රාජපක්ෂ පණ්ඩිත සහ සල්ලප්පු ආරච්චි යන දෙදෙනා යටතේ බුවනෙකබාහු රජු පෘතුගාලයේ රජු වෙත රාජ දුත පිරිසක් යැව්වේය. එම දුත පිරිස ධර්මපාල කුමරුගේ ප්‍රතිමාවක් ලිස්බන් නගරයට ගෙන ගිය අතර 1543 දී පමණ ලිස්බන් හි දී ඊට කිරුළු පැලඳවීය. ප්‍රතිමාවේ හිස ඇත් දළින් සහ රනින් කරන ලද්දක් වූ අතර එහි කය රිදීයෙන් කරනු ලැබිණ. ප්‍රතිමාවේ අතක ඔටුන්නක් විය.

ප්‍රතිමාව

සිංහල තානාපතිවරුන් පිළිගැනීමට මුළු පෘතුගීසි රජවාසලම ලිස්බන් වරායට පැමිණ සිටි අතර, පෘතුගීසි මාර්ක්විස්වරයන් දෙදෙනෙකු විසින් ඔවුන් රාජ්‍යය ගෞරව සහිතව රජවාසල වෙත කැඳවාගෙන යන ලදී. එම ප්‍රතිමාවට ඔටුනු පැලඳ වූ දිනය පෘතුගාලය පුරා නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කෙරිණ. පෘතුගීසි රජ මාලිගයේ චාරිත්‍රානුකුලව උත්සවශ්‍රීයෙන් එම ප්‍රතිමාවට ඔටුනු පැලඳ වීය. ධර්මපාල කුමරු බුවනෙකබාහු රජුගේ උරුමකරු වශයෙන් පෘතුගාලයේ රජු විසින් පිළිගත් අතර එවක් පටන් ධර්මපාල කුමරු පෘතුගාලයේ රජුගේ ආරක්ෂාව ලැබුවේය. ඒ වන විට පෘතුගීසීන් සඳහා ලංකාවේ වෙන් කොට තිබු ප්‍රදේශ තබා ගැනීමට බුවනෙකබාහු රජු පෘතුගාලයේ දොන් ජුආම් රජුට ඉඩ දුන් අතර පෘතුගීසීන්ට ආධාර මුදලක් ගෙවීමට ද බුවනෙකබාහු රජු එකඟ වුයේය. එම නියමයෙන් ස්ථීර කෙරෙන රාජකීය ප්‍රකාශයක් (අල්වාරා) ඔටුනු පැලඳ වීමේ උත්සවයේදීත් නිකුත් කරන ලදී. එකී මෞලි මංගල්‍යයට පෘතුගාලයේ (ෆිඩලගෝස්) සහභාගී වූ අතර ගෞරවයක් වශයෙන් ගොන් පොර සහ වෙනත් උත්සව පවත් වනු ලැබිණ.

අසනීපයකින් පසුව යථා තත්ත්වයට පත්වෙමින් සිටි බුවනෙකබාහු රජු කැලණි ගඟ අසබඩ විවේකීව සිටියදී පෘතුගීසී හේවායෙකු විසින් පත්තු කරන ලද තුවක්කුවකින් රජුගේ හිස තුවාල විය. ඒ අවස්ථාවේ දී රජු තම මාලිගයේ ඉහළ මාලයේ සිටියේය. කෙසේ වුවුද එය මාරාන්තික වෙඩි පහරක් විය. රාජාවලිය ලියු ලේඛකයා දක්වන අන්දමට “එය යම් කාර්යයක් අරභයා කරන ලද්දකි. එහෙත් ඇතැම් අය දක්වන අන්දමට එය අහම්බෙන් සිදු වූවකි. මේ සම්බන්ධයෙන් සත්‍යය දන්නේ දෙවියන් පමණකි”.

දොන් අල්ෆොන්සෝ ද නොරොඤ්ඤ ගේ පැමිණීම

ධර්මපාල කුමරු සිංහාසනාරූඪ වූ විට ඔහුගේ පියා වූ වීදිය බණ්ඩාර තම පුත්‍රයාගේ බාල කාලය තුළ ඔහුගේ රාජ්‍ය අනුශාසක වුයේය. ඒ අවදියේදී ගෝවේ සාමන්තයා වූ දොන් අල්ෆොන්සෝ ද නොරොඤ්ඤ ගේ පැමිණීම වැදගත් සිද්ධියක් විය. නැව් 70 කින් සමන්චිත විශාල නාවික හමුදාවක්ද 3000 කින් සමන්චිත සේනාංකයක් ද ඔහු සමග පැමිණි අතර 1551 වර්ෂයේ දී මායාදුන්නේගේ රාජධානිය ආක්‍රමණය කොට වස්තුව පැහැර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබිණ. ආක්‍රමණය සඳහා ගිය වියදම වශයෙන් පෘතුගීසි සාමන්තයා පර්දාවෝ 200,000 ක මුදලක් බුවනෙකබාහු රජුගෙන් ඉල්ලා සිටියේය. රට වැසියන් භීතියට පත් කරමින් පෘතුගීසීන් කෝට්ටේ නගරය විනාශ කරන්නට විය. පෘතුගීසි හේවායන්ගේ තාඩන පීඩන වලට රට වැසියන් ගොදුරු වුහ. රට වැසියන්ගෙන් වස්තු සම්භාරයක් කොල්ලකා ගත් පෘතුගීසීහු සිංහල ස්ත්‍රීන් දුෂණය කළහ. මෙවැනි බිහිසුණු තත්ත්වයක් ඇති වුයෙන් වීදිය බණ්ඩාරට කරකියාගත හැකි දෙයක් නොවීය. පෘතුගීසීන්ට මුහුණ දීමට තරම් බලකායක් ඔහුට නොතිබූ හෙයින් වීදිය බණ්ඩාර පලා ගියේය.

රජ මාලිගය පවා කොල්ලකරුවන්ට ගොදුරු විය. වෙනෙකක් තබා රජුගේ රත්තරන් පඩික්කන් පවා පෘතුගීසි සාමන්තයා විසින් කොල්ලකනු ලැබීය. රජු හා සාමන්තයා අතර ඇති කර ගන්නා ලද ගිවිසුම අනුව ආක්‍රමණයෙන් කොල්ලකා ගත් වස්තුවෙන් අඩක් රජුට දීමට එකඟ වූ නමුත් එය ක්‍රියාත්මක කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය. “ක්‍රිස්තියානි භක්තිකයෙකු සමඟ වූ පොරොන්දුවක් ඉන්දියානුවෙකු විසින් කඩ කරනු ලැබුවේ නම් ඔහු ම්ලේච්ඡයෙකි. එහෙත් ම්ලේච්ඡයෙකු සමග ඇති කර ගන්නා ලද පොරොන්දුවක් කඩ කරන ක්‍රිස්තියානි භක්තිකයා කවරෙකු දැයි මම නොදනිමි. ඇතැම් විට පඬිවරු දනිති” යනුවෙන් ඔහුගේම රටවැසියන් විසින් මේ කාරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ලැබිණ.

සාමාන්තයාට ලැබිය යුතු ඉතිරි මුදල වෙනුවෙන් රජ පවුලේ සාමාජිකයෙකු වන්දියක් වශයෙන් අත් අඩංගුවට ගන්නා ලද අතර රන් මෙඛලාවක් දීමෙන් සහ ඉතිරි කොටස වෙනුවෙන් පොරොන්දු නෝට්ටුවක් දීමෙන් පමණක් ඔහුට තම නිදහස ලබා ගැනීමට හැකි විය. මෙම නිදසුන් වලින් පෙනී යනුයේ පෘතුගීසීන් විසින් කරන ලද කෲරතර කටයුතුය. උසස් පෘතුගීසි පාලකයෝද මේ ක්‍රියාවලියම අනුගමනය කළහ.

සහනය

සාමන්තයා පිටත්ව යෑමෙන් පසුව වීදිය බණ්ඩාර ආපසු කෝට්ටේ රාජධානියට පැමිණියේය. ඔහු කොළඹ කොටුව භාරව සිටි පෘතුගීසි නියෝජිතයා මරණයට පත් කළේය. ස්වදේශිකයන් කතෝලික ආගමට හරවා ගැනීම තහනම් කළ ඔහු පුජක වරුන් පලවා හැරියේය. මොවුන්ගෙන් ඇතැම් පුජකවරු වනගත වුහ. සම්ප්‍රදායක් වශයෙන් විවිධ ආගම් ඇදහීමේ සහනය ඇති මෙරට ඉතිහාසයෙහි පාලකයා එක් ආගමකට එරෙහිව කටයුතු කළ අවස්ථාවක් මෙය විය.

“විතර්ක ශක්තිය පමණක් බල පැවැත්විය යුතු ක්ෂේත්‍රයන් හි තමන් විසින් බලය පාවිච්චි කර නොමැති බව සිංහලයෝ සාඩම්බරයෙන් පවසති. බුද්ධ ධර්මයට මුල්තැන් දුන් බෞද්ධ රජවරුන් විසින් හින්දු දෙවිවරුන් වෙනුවෙන් දේවාල ඉදිකොට ඇත. මුස්ලිම් වරුන්ට අයත් වූ ද ඔවුන් වාසය කරන්නාවූ ද ගම් වල ඇති බෞද්ධ සිද්ධස්ථාන වල මුස්ලිම් ජනයාගේ ආගමික වතාවත් කිරීමට ඉඩ දී තිබේ. ක්‍රිස්තියානි ධර්ම දුත පිරිස් මෙරටට එවන ලෙස බුවනෙකබාහු රජු විසින් ඉල්ලා සිටියේ මෙවැනි පෘථුල හැඟීමක් ඇතිවය. රජුගේ යටත් වැසියන් විසින් ද එම ධර්මදුත පිරිස් පිළිගනු ලැබුවේ එවැනි හැඟීමක් ඇතිවය” යනුවෙන් ශ්‍රීමත් ආචාර්ය පෝල් ඊ. පීරිස් දක්වා ඇත. එසේ වුව ද පෘතුගීසීන්ගේ හැසිරීම නිසා මීට ඉඳුරාම වෙනස් තත්ත්වයක් ඇති විය.

පිළිම වන්දනාව සම්බන්ධයෙන් සිංහල රජවරුන්ගේ ආකල්පය පෘතුගීසීන්ගේ ආකල්පයට ප්‍රතිවිරුද්ධ විය. “මිථ්‍යා දෘෂ්ටික ආගමික උත්සව ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලික වශයෙන් පවත්වන්නන් හෝ ඒවාට අනුබල දෙන්නන් හෝ බ්‍රාහ්මණයන් ආරක්ෂා කරන්නන් ක්‍රිස්තුස් වහන්සේගේ සතුරන්ය. එමනිසා ඔවුන්ට දඬුවම් කළ යුතුයැ” යි 1546 දී පෘතුගාලයේ රජු විසින් සාමන්තයා වෙත එවන ලද ආඥාවක සඳහන් වෙයි. තවද එම පණිවිඩයේ මෙසේ සඳහන් වේ. “මිථ්‍යා දෘෂ්ටිකයන් ශුභාරංචිය පිළිගන්නේ විශ්වාසයේ ශුද්ධවන්ත භාවය ගැන ඒත්තුයාමක් නිසා නොවන හෙයින් සහ සදාකාලික ජීවිතය ගැන බලාපොරොත්තුව නිසාම නොවන හෙයින් ඔවුන්ගේ හදවත් සැහැල්ලු කිරීම වැනි ලෞකික සහන සැලසීමෙන් ඔවුන්ට ධෛර්යය දිය යුතුය. තව ද ක්‍රිස්තු ධර්මය ප්‍රචාරය කිරීමේ ක්‍රමයක් වශයෙන් මෙතැන් සිට ඉදිරියට ක්‍රිස්තියානි ආගම වැලඳ ගන්නන් කප්පම් ගෙවීමෙන් නිදහස් කළ යුතු අතර ඔවුන්ට මෙතෙක් කල් නොදී තිබුණු යම් යම් වරප්‍රසාද සහ නිලතල දීමෙන් ඔවුන් දිරි ගැන්විය යුතුය”.

වීදිය බණ්ඩාර

තම කටයුතු කර ගෙන යෑමට වීදිය බණ්ඩාර බාධකයක් බව පෘතුගීසීන්ට අවබෝධ විය. එම නිසා ඔවුහු වීදිය බණ්ඩාර සිරභාරයට ගෙන බිංගෙයක සිරකොට තැබුහ. එවිට ඔහුගේ භාර්යාව සමුද්‍ර දෙවි කුමරිය රයිගමට පලා ගොස් වෘත්තියෙන් පතල්කරුවන් වූ පහත් කුලයකට අයත් පතල්කරුවන්ගේ සහය ලැබ උමගක් සාදා ඔහුට පලා යෑමට අවස්ථාව සලසා දුන්නාය.

ඉන් පසුව වීදිය බණ්ඩාර පස්දුන් කෝරළයේ සීමාවේ ඇති කඳු ප්‍රදේශයෙ හි ආරක්ෂාව සඳහා ගොස් පෘතුගීසීන්ගෙන් පළි ගැනීමේ ව්‍යායාමයක යෙදුණේය. මුහුදු බඩ ප්‍රදේශයෙ හි ඔහුට එරෙහි වූ සෑම පෘතුගීසී ජාතිකයෙකුම ඔහු ජීවිතක්ෂයට පත් කළේය. ඔහු ද්වේෂ කළ පරංගින්ගේ සංකේතය වූ ක්‍රිස්තියානි දේවස්ථාන විනාශ කළේය. වීදිය බණ්ඩාරගේ භාර්යාව වූ සමුද්‍ර දේවිය මරණයට පත් වුයෙන් කෝට්ටේ රාජධානිය තම අණසක යටතට ගෙන ඒමේ අවස්ථාවක් දුටු මායාදුන්නේ වැන්දඹුවක් වූ තම දියණිය වීදිය බණ්ඩාර ට විවාහ කොට දුන්නේය. දේශපාලන වශයෙන් පෘථුල ප්‍රතිඵල ඇති විය හැකි වූ මේ ගිවිසුම අභ්‍යන්තර ගැටුමක් නිසා පුස්සක් බවට පත් විය. වීදිය බණ්ඩාර තම දෙවන භාර්යාවට කෲර අන්දමින් සලකන්නට විය. මෙය මාමණ්ඩිය සහ බැනණ්ඩිය අතර ආරාවුලකට හේතු විය. කෝපාවිෂ්ට වූ මායාදුන්නේ ක්‍රි. ව. 1555 දී වීදිය බණ්ඩාරට විරුද්ධ ව පෘතුගීසීන් සමග ගිවිසුමක් ඇති කර ගත් අතර වීදිය බණ්ඩාර තහවුරු කර ගෙන සිටි කඳුකර ප්‍රදේශයෙන් නෙරපීමට ද කටයුතු සංවිධානය කළේය.

එකල ලාබාල තරුණයෙකු වූ මායාදුන්නේගේ බාල පුත්‍රයා වූ ටිකිරි බණ්ඩාර (පසුව රාජසිංහ) තම මස්සිනා වූ වීදිය බණ්ඩාර කන්ද උඩරට ප්‍රදේශයට එළවා දැමීමේ සටනේ දී කැපී පෙනුණු පුද්ගලයෙකු විය. ඔහු වීදිය බණ්ඩාර එළවා දමා තම සොහොයුරිය ඇතෙකු පිට නංවා ආපසු සීතාවක ට එව්වේය. අවසානයේදී යාපනයට පලාගිය වීදිය බණ්ඩාර ත්‍රාසජනක මරණයකට ගොදුරු විය.

ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම

පෘතුගීසීන් ට මුහුදු තීරයේ ධීවර ජනයාගෙන් 70,000 ක් පමණ දෙනා ක්‍රිස්තියානී ආගමට හරවා ගැනීමට හැකි විය. ක්‍රි. ව. 1557 දී ධර්මපාල රජු හා ඔහුගේ බිසව බෞතීස්ම කිරීමෙන් ආගම පැතිරවීමේ ව්‍යායාමය උච්ච ස්ථානයට පත් විය. ධර්මපාල රජු දොන් ජොආවෝ නොහොත් දොන් ජුවාන් යනුවෙන් ද ඔහුගේ බිසව පෘතුගාලයේ රැජිනට ගරු කිරීමක් වශයෙන් දෝන කැතරිනා යනුවෙන් ද හඳුන් වනු ලැබිණ. රජවාසල අධිපතීන් බොහෝ දෙනාද රජු අනුගමනය කරන්නට වුහ. මිථ්‍යාදෘෂ්ටිකයින් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ මෙන්ම මුළු මහත් දිවයිනම ආධ්‍යාත්මික වශයෙන් යටත් කර ගැනීමේ කර්තව්‍යය ඉටු කර ගනු පිණිස දේව වරමින් පත් කළ නියෝජිතයෙකු ලෙස ෆැන්සිස්කානු පුජකවරුන් විසින් ධර්මපාල රජතුමා පිළි ගනු ලැබිණ.

මින් පසුව බෞද්ධ සහ හින්දු සිද්ධස්ථාන වලට අයත් ඉඩම් ක්‍රිස්තියානි දේවස්ථාන වල සහ ධර්ම දුත ව්‍යාපාර වල ප්‍රයෝජනය සඳහා වෙන් විය. කතෝලික පුජකවරු රජුගේ උපදේශකයින් බවට පත් වුහ. දළදා මාලිගාවට අයත් වූ ස්ථානය ක්‍රිස්තියානි දේවස්ථානයට හිමි විය. මෙයින් උද්ගත වූ තත්ත්වය නිසා දළදා වහන්සේ ද කෝට්ටෙන් අතුරුදහන් විය. මේ අවදියේදී සිටි සිංහල ජාතිකාභිමානයක් ඇත්තන්ගේ නෙත් සිත් සීතාවක දෙසට යොමු වූ අතර දළදා වහන්සේගේ භාරකාරයන් විසින් රහසේම එය සීතාවකට ගෙන යන ලදී. ක්‍රිස්තියානි ආගම වැලඳ ගැනීමත් සමග ධර්මපාල රජු මෙතෙක් කල් සිංහල ජාතිකයින් විසින් අනුගමනය කරන ලද සම්ප්‍රදාය බිඳ දැම්මේය. මෙතෙක් පැවති විශ්වාසය අනුව බෞද්ධ කුමරෙකු ශ්‍රී ලංකාවේ රජ විය යුතුය. ධර්මපාල රජු බෞද්ධ යටත් වැසියන්ගෙන් ඈත් විය. ඔහු ක්‍රිස්තියානි ආගම වැලඳ ගැනීමත් සමග පෘතුගීසීන් විසින් කෝට්ටේ රාජධානිය අල්ලා ගැනීමේ කාර්ය සම්පුර්ණ විය.

රූකඩ රජු

වීදිය බණ්ඩාරගේ මරණින් පසුව උද්ගත වූ ප්‍රශ්න වලට එඩිතර ව මුහුණ දිය හැකි ශක්තිමත් නායකයෙකු කෝට්ටේ රාජවංශය අනුගමනය කළවුන්ට ඇති නොවීය. රාජසිංහ රජුගේ ආක්‍රමණ නිසා කෝට්ටේ ආරක්ෂා කර ගැනීම පෘතුගීසීන්ට දුෂ්කර කාර්යයක් විය. එම නිසා 1565 දී පැරණි කෝට්ටේ රාජධානිය අත් හැර දමනු ලැබිණ. ඉන් පසු ධර්මපාල රජු කොළඹ කොටුවෙහි ම වාසය කළ අතර ඔහුගේ රාජ සභාව ද එහි ම පවත්වනු ලැබිණ. ධර්මපාල රජු ඔහුගේ යටත් වැසියන්ගෙන් ඈත් වූ රූකඩ රජෙකු බවට පත් විය. ඔහු පෘතුගීසි නිලධාරීන්ට වඩාත් සමීප වූ අතර එදිනෙදා රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමට ද පෘතුගීසීන් ට අවකාශය ලැබිණ.

ඇතැම් අවස්ථාවල දී රජෙකු වශයෙන් තම ගෞරවයට හානි වන අයුරින් කටයුතු කිරීමට ද ඔහුට බල කෙරිණ. පෘතුගීසි නිලධාරීන්ගේ හිතුවක්කාර ක්‍රියා කලාපයට විරුද්ධ ව පෘතුගාලයේ රජුට ධර්මපාල රජු විසින් තම විරෝධය පළ කරන ලද අතර කොළඹ පෘතුගීසි කපිතාන් වරයාගෙන් ස්වාධීන වූ අපක්ෂපාත මුරකාවල කපිතාන් වරයෙකු පත් කරන ලෙස ඔහු පෘතුගාල රජුගෙන් ඉල්ලා සිටියේය. පෘතුගීසි නිලධාරියෙකු විසින් ධර්මපාල රජුට වස දීමට තැත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ දත් වැටුණු අතර ඔහු ගොත ගසන්නෙකු ලෙසට ද පත් විය.

ධර්මපාල රජුගේ සියලු බලතල පෘතුගීසීන් විසින් උදුරා ගනු ලැබූ අතර විඳ දරා ගත නොහැකි කරදර හිරිහැර වලට ද ඔහු පාත්‍ර කරන ලදී. 1597 දී ඔහු මිය ගිය අතර ඔහුගේ අන්තිම කැමති පත්‍රයෙන් කෝට්ටේ රාජධානිය පෘතුගාලයේ රජුට උරුම කර තිබුණේය.

“සීලම් පෙරියා ෆැන්ඩර් රජෝත්තමයාගේ අනුග්‍රහයෙන් අති උත්තම දොන් ජුවාම් කුමාරයා” ශාන්ත ෆ්‍රැන්සිස්ගේ කන්‍යාරාමයේ දී මෙරටෙහි දී දෙනු ලැබිය හැකි උසස්ම පෘතුගීසි රාජ්‍ය ගෞරව ඇතිව මිහිදන් කරන ලදී. ප්‍රථම වතාවට මෙන්ම අවසන් වතාවට ද සිංහල රජෙකු ක්‍රිස්තියානි පිළිවෙත් අනුව මිහිදන් කරන ලද අතර ඔහුගේ ආත්මය වෙනුවෙන් යාච්ඤා කරනු ලැබිණ.


සිංහල මුස්ලිම් අතීත සබඳතා.

(ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්ද ධර්මරත්න මහතා විසිනි – ඉරිදා ලංකාදීප – 2013 පෙබරවාරි මස 3 වැනිදා ඉරිදා)

සහෝදරත්වය නම් බැඳීමෙන් උනුන් බැඳී සිටි වගට ඉතිහාසය මැනවින් සාක්ෂි දරයි. උනුන් ලෙසින් සඳහන් කළේ සිංහලයන් හා මුස්ලිම් වරුන්ය. මුස්ලිම් වරුන්ගේ ඉතිහාසය සොයා යන ගමනේ දී ඔවුන් දුරාතීතයේ සිටම ලංකාව හා ලංකාවේ රාජ්‍ය පාලකයන් සමග සබඳතා පැවැත් වූ බවට සාක්ෂි ඉතිහාසයෙන් හමු වේ. ඒ සබඳතා ආර්ථික හා දේශපාලන යනුවෙන් දෙයාකාර වේ. 7-8 සියවස් වෙද්දී අරාබීන් හෙවත් මුස්ලිම්වරු වෙළෙඳාම මුල් කර ගෙන මේ රට සමග දැඩි සබඳතාවන් ගොඩ නගා ගෙන තිබුණි.

එපමණක් නොව අරාබි ජාතිකයින් ලංකාව ගැන ලියු මුලාශ්‍ර දෙස බැලීමේ දී ඔවුන් දැඩි අවධානයක් ලංකාව සම්බන්ධ ව යොමු කර ඇති බවට සාක්ෂි මුණ ගැසේ. ඉස්ලාම් දහම පහළ වීමට බොහෝ කලකට පෙර පටන් අරාබි ජාතිකයෝ ලංකාව ගැන දැන සිටියහ. ග්‍රීකයන්ට හා රෝම වරුන්ට මේ රටේ තොරතුරු දැන ගන්නට ලැබුණේ අරාබි සංචාරකයන්ගෙනි.

එසේ වුවත් අරාබිවරු ලියන ලද ග්‍රන්ථ වලට ලංකාව පිළිබඳ තොරතුරු ඇතුළත් කරන ලද්දේ ඉස්ලාම් දහම ඇති වුණාට පසුවය. පළමුවෙන්ම මෙවැනි දේශාමන වර්ණනයක් ක්‍රි. ව. 950 දී පමණ අභූසයියිද් නමැත්තා ‘සිල් සිලක් අල් කවාරි’ නම් ග්‍රන්ථයට ලංකාව ගැන තොරතුරු ඇතුළත් කෙරුණි. ඉන් අනතුරුව ලංකාව ගැන අනගි වර්ණනාවක් කළ මුස්ලිම් ලේඛකයා වන්නේ ඉබ්නු බුර්දාද් නැමැත්තාය. ඒ සියලු කරුණු ඒකරාශී කර 10 වැනි සියවසේ දී පමණ මසුදි නම් ලේඛකයා තවත් ග්‍රන්ථයක් ලීවේය. ඉන් අනතුරුව මක්දීසි වැනි ලේඛකයන් ද ලංකාව ගැන ලුහුඬින් සඳහන් කිරීම් කළේය.

පසු කලක අබුල් තීදා වැනි භූගෝල විද්‍යාඥයන් ද ලංකාව ගැන සඳහන් කර ඇත. ඒ සියලු මුස්ලිම් ලේඛකයන් අතර වඩාත් වැදගත් වන්නේ 14 වැනි සියවසේ මේ රටේ සංචාරය කළ ඉබ්නු බතුතා ගේ වාර්තාවය. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයෝ 7 වැනි සියවස වෙද්දී බටහිර දෙසට යන මුහුදු මාර්ගයන් හි ආධිපත්‍යය ලබා ගෙන සිටියහ. දකුණු ඉන්දියාවේ චෝල පාණ්ඩය යන රාජ්‍යයන් යටපත් වීමත් සමගම අරාබි බලය දියුණු වුයේය. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි. ව. 949 වෙද්දී අරාබි නැව් වෙළෙඳ ගනු දෙනු සඳහා කොළඹට පැමිණියේය. 8 වැනි ශත වර්ෂයේ සිට මුස්ලිම් වරු විශාල පිරිසක් ලංකාවේ වුහ.

ලංකාවේ සිටි මේ මුස්ලිම්වරු ලාංකික මුස්ලිම්වරු හා මුහුදුබඩ මුස්ලිම්වරු යනුවෙන් හැඳින් වුහ. අරාබි බලය දකුණු ඉන්දියාවේ වර්ධනය වුවාට පසුව මුස්ලිම්වරු වෙළෙඳ ගනු දෙනු සඳහා කොළඹට පැමිණියහ. මෙයත් සමග අරාබි වෙළෙන්ඳෝ කොළඹ පදිංචි වුහ. 1505 දී පෘතුගීසීන් පැමිණීමට බොහෝ කලකට පෙර අරාබීහු ලංකාවේ මුහුදුබඩ පෙදෙස් වල වෙළෙඳාමේ තනි අයිතිය හිමි කර ගනිමින් සිංහල රජුත් සිංහල වැසියනුත් සමග සාමකාමී සහජීවනයෙන් යුතු දිවි පෙවෙතක් ගත කළහ. ඔවුන් ලංකාව හැඳින් වුයේ සෙරෙන්ඩිබ් යන නමිනි.

මේ කාලය වන විට අරාබි මුහුදේ නැගෙනහිර කොටසේ ප්‍රධාන වෙළෙඳ පොළ වුයේ කොල්ලම් නම් ස්ථානයයි. මේ ස්ථානයේ සිට මාර්ග දෙකක් විහිදී තිබුණි. 9 – 10 වැනි සියවස් හි අරාබි නැවියන් ලියු වාර්තා වල මේ ගැන සඳහන් වෙයි. එයින් එක් මාර්ගයක් වැටී තිබුණේ මන්නාරම් බොක්කේ සිට ගංගා නදී මෝය දක්වාය. අනික් මාර්ගය නිකොබාර් දුපත ඔස්සේ වැටී තිබුණි. එපමණකුදු නොවේ. ලක්බිමේ උපන් සෑම ද්‍රවිඩයන් කෙරේම මුස්ලිම් ජාතිකයෝ බලවත් සැලකිල්ලක් දැක්වුහ. ඔවුහු කුළු බඩු නිෂ්පාදන පෙර අපර දෙදිග රටවල් වෙත ගෙන ගියහ. මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවක් ලංකාවේ බිහි වුයේ මෙපරිදිය.

මේ ප්‍රජාවට අයත් වැන්දඹුවන් හා අනාථ දරුවන් පිරිසක් මව් රටට යැවීමේ කටයුතු එකල ලංකාවේ රජතුමා විසින් කරන ලද බවක් 8 වැනි ශත වර්ෂය පිළිබඳව ලියැවුණු ඉතිහාස සටහනක සඳහන් වෙයි. ඉන් පෙනී යන්නේ සිංහල පාලකයන් මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව කෙතරම් ආරක්ෂා කළා ද යන්නය. අරාබි මුස්ලිම්වරු ලංකාවේ මැණික් ගැන හැම විටම විශේෂ උනන්දුවක් දැක්වුහ. එදා ලංකාව හැඳින් වූ නමක් වුයේ රත්න ද්වීපය යන්නය. ඒ නමට සමාන අරුත් ඇති නමකින් මුස්ලිම්වරු ද ලංකාව හැඳින් වුහ. ඒ නම වුයේ ‘ජසීරත් අල් යකුත්’ (මැණික් දිවයින) යන්නය. ඔවුන් ලංකාවෙන් පිටරට යැවීමට කටයුතු කළේ මැණික් මුතු හක්ගෙඩි කුළු බඩු වැනි වටිනා ද්‍රව්‍යයන්ය. මෙම මුස්ලිම් වරුන් ලංකාවේ පදිංචි වුයේ බලහත්කාරයෙන් හෝ ආයුධ බලයකින් හෝ නොවේ. මේ රටේ රජවරුන්ගේ අනුග්‍රහය හා අනුමැතිය මෙන්ම පෞද්ගලික ව්‍යාපාර වල ප්‍රතිඵලයක් ලෙසත් ය.

මුහුදුබඩ ප්‍රදේශයේ මේ අන්දමට පදිංචි වූ මුස්ලිම් වරුන්ට තම ආගම අදහන්නට සිංහල පාලකයන් ආගමික සහනශීලිතාව ගරු කරමින් පහසුකම් සලසා දුන් බවත් සිංහල පාලකයන් තුළින් ඒ ආගමික සහනශීලිතාව මැනවින් දිස් වූ බවත් අරාබි ග්‍රන්ථ කතු වරුන් විසින් සඳහන් කර තිබේ. මුස්ලිම් වරුන් ලංකාවේ බටහිර වෙරළ තීරයේ සුදුසු තැන් වලත් විශේෂයෙන්ම කලපුව අසලත් සිංහල වැසියන්ගේ හා පාලකයින්ගේ ආරක්ෂාව හා කාරුණික සැලකිලි ලබමින් ජීවත් වුහ. මුහුදුබඩ ප්‍රදේශයේ එවකට පදිංචි වූ මුස්ලිම්වරු ශ්‍රීපාද කන්දට ආසන්න ප්‍රදේශයේ මැණික් ඇති තැන් සොයා යෑමේ වෑයමට ද ප්‍රවේශ වුහ. එවැනි දේ වුයේ ලාංකික රජවරුන්ගේ චාරිත්‍රානුකුල අනුමැතියට අමතරව ලාංකික ජනතාව ඔවුන් වෙත ලබා දුන් සහාය ද හේතුවෙනි.

මුස්ලිම් ව්‍යාප්තිය යාපහුව රාජධානි සමය වන විට තවත් වර්ධනය විය. යාපහුව පාලකයා වූ පළමු වැනි බුවනෙකබාහු රජු මුස්ලිම් රටක් වූ ඊජිප්තුව සමග 1283 දී වෙළෙඳ ගිවිසුමක් ද ඇති කර ගත්තේය. එදා ඊජිප්තුවේ රජවාසලට ලංකාවේ වෙළෙඳ දුත පිරිසක් සිංහල රජුගේ සංදේශයක් රැගෙන ගියහ. එහි මෙසේ සඳහන් වෙයි.

“ලංකාව ඊජිප්තුවයි. ඊජිප්තුව ලංකාවයි. මගේ දුතයන් ආපසු එන විට ඊජිප්තුවේ දුතයෙකු ඔවුන් සමග එනු ඇතැයි බලාපොරොත්තු වෙමි. සෑම වර්ගයක ම මැණික් හා මුතු අති විශාල ප්‍රමාණයක් මා සතුව තිබේ. නැව්, ඇතුන්, රෙදි, අගිල්, කුරුඳු වැනි සියලු වාණිජ ද්‍රව්‍යයන් ඔබට එවමි. තෝමර තැනීමට සුදුසු ලී ගස් මගේ රාජ්‍යයෙහි වැවේ. අවුරුදු පතා නැව් 20 ක් එවන්නැයි සුල්තාන් තුමා මට කියතොත් ඒවා සැපයීමට මට පුළුවන. එතුමාගේ විජිත වල වෙළෙන්ඳන්ට මගේ රාජ්‍යයේ වෙළෙඳාම් කිරීමට සම්පුර්ණ නිදහස තිබේ. මට අයත් මාලිගා 29 ක් තිබේ. ඒවායේ භාණ්ඩාගාර හැම වර්ගයක ම මැණික් වලින් පිරී තිබේ. මුතුපර තිබේ. එයින් ගනු ලබන සියලු මුතු මා සතුය.”

මෙවැනි වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පැහැදිලි වන්නේ අපේ රට මුස්ලිම් රටවල් සමග හොඳ සම්බන්ධතාවක් පැවැත් වූ බවයි. මෙය එකී සබඳතාව තහවුරු කරන එක් උදාහරණයක් පමණි. ගාල්ලේ තිබී භාෂා තුනකින් ලියැවුණු සෙල් ලිපියක් හමු විය. එම සෙල් ලිපිය ලියා තිබුණේ චීන දෙමළ පර්සියානු භාෂා වලිනි. 14 වන සියවසේ ලංකාවට ආ ඉබ්නු බතුතා ශ්‍රී පාද කන්දට යද්දී ලංකාවේ පාලකයා එම ගමනේ දී සෑහෙන්න ඔහුට අනුග්‍රහයන් ලබා දුන් බව එහි කියැවේ. මේ ආකාරයේ සෑහෙන සබඳතාවක් මුස්ලිම් වරුන් හා සිංහල ජනයා අතර එම යුගය වෙද්දී ඇති වී තිබුණි.

තවද සීතාවක රාජධානියේ මායාදුන්න රජුට කෝම්පේ බුවනෙකබාහු හා පෘතුගීසීන් සමඟ සටනට යන්නට සම්පුර්ණ සහය හා අනුබලය දුන්නේ ද ඉන්දියානු සාගරයේ එවකට ආධිපත්‍යය ලබා ගෙන සිටි සැටොරින් නම් වෙළෙඳ කණ්ඩායම විසිනි. සැටොරින් යනු මුස්ලිම් වරුන් ය. මේ වෙළෙඳ කණ්ඩායම සීතාවක රාජධානියත් සමග හොඳ වෙළෙඳ හා මිත්‍රශීලී සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇත.

මේ රට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගැනීමේ අරගලය හෙවත් නිදහස් සටන් ව්‍යාපාරයට මුස්ලිම් නායකයෙකු වූ ටී. බී. ජායා මහතා මහත් වූ දායකත්වයක් ලබා දුන්නේය. එදා මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් භේදයක් තිබුණේ නැත. එදා නිදහස් සටනට මේ මුස්ලිම් නායකයා ලබා දුන් සහයට කෘතගුණ දැක්වීමක් වශයෙන් කොළඹ නගරයේ මාවතක් ටී. බී. ජායා මාවත ලෙස නම් කෙරුණි. ඔහු එදා මේ රටේ නිදහස වෙනුවෙන් සිංහල නායකයන් සමග උරෙනුර ගැටී සටන් කළේය.

සාමය සමගිය පතුරාලා

කුල වාද භේදය දුරලාලා

සැම උපකාරය නංවාලා

අපි හැදෙමු වැඩෙමු එක්සත් වීලා

එදා සිංහලයන් දමිළයන් හා මුස්ලිම් වරුන් කටයුතු කළේ එකී හැඟීමෙන් හා සහෝදරත්ව බැඳීමෙන් බව එකී සබඳතාවේ අක් මුල් සොයා යන ගමනේ දී ඉතාහාසය විසින් පහදන සත්‍යයයි.


සුප්‍රසිද්ධ යෝනක වෛද්‍ය පරම්පරාව.

(මුලාශ්‍රය: “ශ්‍රී ලංකා යෝනක වරුන්ගේ අතීත පිය සටහන්” – යෝනක ඉස්ලාමීය සංස්කෘතික නිකේතනය – කොළඹ)

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක දිප්පිටියේ ගැටබේරිය වලව්වේ විසු පල්කුඹුරේ වෛද්‍යතිලක රාජකරුණා ගෝපාලන අධිකාරම් මුදියන්සේලාගේ බේත්ගේ හජ්ජි මුහන්දිරම් සේගු මුහම්මද් උඩයාර් නිලමේගේ පරම්පරාවේ ආදිම මුතුන් මිත්තා ක්‍රි. ව. 1155 දී පමණ ස්පාඤ්ඤයේ යෝනක රාජ්‍ය පරම්පරාවේ නවාබ් රජතුමාගේ කාලයේ වයඹ දිග ග්‍රනඩාවේ විසු පඬිවරයෙකු වන අබු බක්කර් මුහම්මද් ඉබ්නු අබ්දුල් මලික් ඉබ්නු තුෆයිල් බව සොයා ගෙන ඇත. ටික කාලයක් මක්කමේ වාසය කිරීමෙන් පසු මේ අය ඔවුන් යටතේ පැවති මිසරයට සහ ගෝවට පැමිණියහ. මේ පවුලේ එක් ශාඛාවක් උතුරු ඉන්දියාවේ පදිංචි වී සිටියහ. කෝට්ටේ රජ කළ ශ්‍රී සඟබෝ ශ්‍රී පරාක්‍රමබාහු රජතුමාගේ ආරාධනය පරිදි ඉන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ පදිංචි වී ඔවුන්ගේ පරම්පරාගත වෛද්‍ය කර්මයෙහි යෙදෙමින් සිටියහ. සිවිල් සහ යුද්ධ කටයුතු වලදී ඔවුන්ගේ සේවය රජවරුන් සහ රදලවරුන් විසින් නිතර නිතරම ලබා ගෙන ඇත. මෙයින් එක් වෛද්‍යවරයෙකු විමලධර්මසුරිය රජු යටතේ 1597 දී වෙරළාරක්ෂ හමුදාවල අණදෙන නිලධාරී පදවිය දැරූ හමුදා සෙන්පතියෙකුව සිටීය. අවසානයේදී ලන්දේසීන් විසින් කල්පිටියේදී ඔහු අල්ලා මරණයට පත් කර ඇත. ඔහුගේ මුතුන් මිත්තන් සියලු දෙනාම එතෙක් වෛද්‍යවරුන් වශයෙන් රාජ සභාවේ සේවය කර ඇත. මේ පවුල් උසස් සිංහල පවුල් සමග සම්බන්ධකම් ඇති කර ගත්හ. මේ ලිපිය ලියන ලේඛකයාගේ මව් පාර්ශවයේ මී මිත්තනිය කැප්පෙටිපොළ පවුලේ කෙනෙකි.

පසු කාල වල දී සිටි අවසාන රජවරුන්ගේ කාලයේදී ඔහුගේ මුත්තෙකු වන රාජකරුණා ගෝපාල මුදියන්සේ රාලහාමි පිළිමතලාවේ සහ ඇහැළේපොළ අධිකාරම් වරු සමග අපරාධ හා සිවිල් නඩු විසඳීමෙහි දී රාජාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු වශයෙන් කටයුතු කළේය. මෙවැනි සේවාවන් සඳහා ඔහුගේ මුතුන් මිත්තන්ට ප්‍රදානය කළ නොයෙකුත් නින්දගම් අතර පහත සඳහන් ප්‍රදානයන් වැදගත් වේ.

ක්‍රි. ව. 1553 දී සෙනරත් රජතුමාගේ සන්නස

ක්‍රි. ව. 1567 දී රාජසිංහ රජතුමාගේ සන්නස

ක්‍රි. ව. 1597 දී විමලධර්මසුරිය රජතුමාගේ සන්නස

ක්‍රි. ව. 1661 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සන්නස

ක්‍රි. ව. 1683 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සන්නස

මෙම සන්නස් පත්‍ර මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ පළාත් වල ඉඩම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඒවාය. 1815 දී මහනුවර රාජධානිය ඉංග්‍රීසීන්ට භාර දුන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් බ්‍රිතාන්‍යයන් යටතේ මෙම මහජන සේවය දිගටම කර ගෙන යන ලදී. 1828 දී මැණික්දිවෙල රාජකරුණා වෛද්‍යතිලක මුදියන්සේගේ ඈවෑමෙන් පලුඹුර වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදියන්සේලාගේ සේගු මුහම්මදු වෙදරාළ එම ධුරයට පත් කරන ලදී. එය මෙසේ සඳහන් කර ඇත.

“බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ කැමැත්ත ඇතිතාක් කල් එම ධුරය දැරීමට සහ ධුරයේ කටයුතු කිරීමට පත් කරනු ලබන අතර එකී ධුරය ප්‍රකාරව උඩරට පළාත් වල සිරිත් විරිත් හා සම්ප්‍රදාය අනුව ඔබට ගෞරව දැක්වීමට හා කීකරු වීමට අදාළ සියලු ජනතාවට මෙයින් නියම කර සිටිනු ලැබේ”.

1828 මාර්තු මාසයේ 5 වන දින මහනුවර දී ජී. ගිබ්සන් ජේ. සී. සහ මහනුවර කොමසාරිස් ජෝර්ජ් සිමන්ස් යන අයගේ අත්සන යටතේ නිකුත් කරන ලදී.

මේ තැනැත්තාගෙන් පසු ඔහුගේ පුත්‍රයා එනම් මෙම ලිපය සකස් කළ අයගේ මුත්තා වන සේගු මදාර් උඩයාර් 1928 මාර්තු මස 20 වන දින දරණ ආඥා පත්‍රය මගින් එම ධුරයට පත් කරන ලදී. ඔහුගේ මෙම ධුරයට ප්‍රදේශයේ ගම්මුලාදෑනි තනතුර ද ඇතුළත් විය. මෙම ලියුම්කරු පසු කාලයේදී මෙම ධුරයට පත් කරන ලදී. එතැන් සිට මේ දක්වා ඔහු ආණ්ඩුවට පක්ෂපාතව සේවය කර ඇත. ඔහුට මුහන්දිරම් ධුරයද මහා රැජින විසින් ප්‍රදානය කරන ලද මෞලි මංගල්‍ය පදක්කම ද ලැබී ඇත. ලංකාවේ පුරා විද්‍යා කොමසාරිස් සිවිල් නිලධාරී එච්. එස්. ආර්. බෙල් මහතාගේ කෑගල්ල පෞරාණික පර්යේෂණ වල උද්ධෘතයක් මෙහි පරිශිෂ්ටයේ දක්වා ඇත.

පරිශිෂ්ටය

කෑගල්ල පෞරාණික පර්යේෂණ

ගැටබෙරිය සන්නස

කීර්ති ශ්‍රී රාජසිංහ

ගෝපාල යෝනකවරුන්ගේ ගම වන ගැටබේරිය පිහිටා ඇත්තේ පරණකුරු කෝරළේ තුම්පළාත් පත්තුවේ මොරගම්මන හා ගෙවිලෙපිටිය සිට හෙට්ටිමුල්ල දක්වා ඇති අප්‍රධාන මාර්ගයේ සැ. 1.5 ක් පමණ දුරිනි.

ඔවුන් ලංකාවේ පදිංචියට පැමිණි ආකාරය ගැන ඔවුන් කරන විස්තරය මෙසේය. ඔවුන්ගේ මුතුන් මිත්තෝ කෝට්ටේ මහවාසල සමයේදී ගෝවේ සිට මෙහි පැමිණියහ. ඔවුන් ලංකාවේ පහතරට පදිංචි වී බොහෝ කලකට පසුව වෛද්‍ය වරුන් වශයෙන් ඔවුන්ගේ කීර්තිය ගැන මහනුවර රජතුමාට සැලවී “ඔජරය” නම් උදර රෝගයකින් පෙළෙමින් සිටි බවට සැක කරන ලද රජ බිසවට ප්‍රතිකාර කිරීම සඳහා ඔවුන් ව මහනුවරට ගෙන්වා ගන්නා ලදී. ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ අවබෝධය පරීක්ෂා කිරීම පිණිස රජතුමා පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කළේය.

වෛද්‍යවරයාට රෝගියා නොපෙනෙන පරිදි රෝගියා කාමරයක තබන ලදී. රජ බිසවගේ අත අල්ලා නාඩි බැලීමට වෛද්‍යවරයාට අවසර නැති විය. වෛද්‍යවරයා රැවටීම සඳහා නුලක කෙළවර දොර පොල්ලක බැඳ අනික් කෙළවර වෛද්‍යවරයාට දෙන ලදී. වෛද්‍යවරයා නුල අල්ලා බලා කීවේ මෙය පණ ඇති කිසිම දෙයක බැඳ නැති බවයි. ඊට පසුව නුල බල්ලෙකුගේ ඇඟේ බඳින ලදී. නැවත වරක් නුල අල්ලා බැලූ වෛද්‍යවරයා කීවේ එය බැඳ ඇත්තේ මනුෂ්‍යයෙකුගේ ඇඟේ නොව තිරිසනෙකුගේ ඇඟේ බවය. වෛද්‍යවරයාගේ දක්ෂකම ගැන සතුටට පත් වූ රජතුමා අවසානයේදී රජ බිසවගේ අතේ බඳින්නට අණ කළේය. වෛද්‍යවරයා නුල ඇල්ලු සැණින් ම පැවසුවේ රෝගියා “ඔජර” රෝගයෙන් පෙළෙන බවත් එය සුව කළ හැකි බවත් ය. කුමන ප්‍රතිකාරයකින්දැයි විමසු විට “ළය විරේකයකින්” යැයි කීය. රජතුමාගේ අවසරය ලබා ගෙන වෛද්‍යවරයා බෙහෙත පෙව්වේය. බෙහෙත හොඳින් ක්‍රියා කළ පසු රෝගයට හේතුව රජ බිසවට කැවී ඇත්තේ කෙස් ගහක් බව ඔහු පෙන්වා දුන්නේය. රෝග ලක්ෂණ පහළ වීමට හේතුව වී ඇත්තේ එයය. වෛද්‍යවරයාගේ දක්ෂකම ගැන අතිශය ප්‍රීතියට පත් වූ රජතුමා වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදලි නමැති පටබැඳි නාමය සමග බේත්ගේ මුහන්දිරම් පදවිය ඔහුට පිරිනැමුවේය. පරණකුරු කෝරළයේ ගොඩිගමුවේ ගෙවිලිපිටිය දුම්බර ගහලගංමොඩ සහ බෝපිටිතැන්න මාතලේ ඉනිගල සහ යටිනුවර මොලදන්ඩ සහ මාලගම්මන යන නින්දගම් ද ඔහුට ප්‍රදානය කළේය.

මහනුවර රජතුමාගේ ආරාධනය පරිදි ගෝවේ සිට මෙහි පැමිණියේ යෝනකවරුන් කිහිප දෙනෙකු පමණි. එහෙත් පසුව ඔවුන්ට විවාහ වීමට උවමනා වූ විට ඔවුන් මුස්ලිම් භක්තිකයින් නිසා සිංහල රදල පවුල් වල කාන්තාවන් ඔවුන්ට ලබා ගත නොහැකි විය. රජතුමාට කෙසේ හෝ මෙම යෝන්කවරුන් මෙහි නවත්වා ගැනීමට උවමනා වුයෙන් ඔවුන්ට භාර්යාවන් ලබා දීමේ උපක්‍රමයක් යෙදුවේය. ආවැඩුම උත්සවයක් සඳහා තරුණ ගැහැනු ළමයින් කීප දෙනෙකු රාජ සභාවට කැඳවන ලදී. මෙයින් යෝනකවරුන්ගේ කැමැත්ත ප්‍රකාර රාජ අනුග්‍රහය ඇතිව මෙම ළමයින්ව යෝනකවරුන්ට විවාහ කර දෙන ලදී.

ගෝපාල යෝනකවරුන්ට මහනුවර පදිංචි වීමට සලස්වන ලදී. ඔවුන්ට ඔවුන්ගේ රටේ ප්‍රධානියාගේ ජාතික ඇඳුම ඇඳීමට අවසර ලැබුණේය. වෛද්‍ය විද්‍යාවේ දැනුමට අමතරව ඔවුන්ට පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමක් ද විය. ඔවුහු අලින්ට සහ අශ්වයන්ට ද වෙදකම් කළහ. ඔවුහු කඩු හරඹයේද අති දක්ෂයෝ වුහ. ඔවුන් පවසන අන්දමට ඔවුන්ගේ මුතුන් මිත්තන්ට සංගීතය පිළිබඳ හසළ දැනුමක් තිබී ඇති අතර ඔවුන් රජුගේ කවිකාර මඩුවේ ගී ගයා සහ වීණා වාදනය කර ඇත. මහනුවර රජවරුන් යටතේ ඔවුන් මාතලේ මින්නේරිය සහ පුත්තලමේ මඩිගේ තනතුරු දරා ඇත. බේත්ගේ මුහන්දිරම්ගේ පාලනය යටතේ රජ මාලිගාවේ වෛද්‍යවරුන් 24 දෙනෙකු සිටි බව ඔවුහු කියා සිටිති. වැදගත් නායකයෙකු අසනීප වූ විට ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා ඔවුන්ගෙන් කෙනෙකු රජතුමා විසින් වහාම යවන ලදී.

වයස්ගත ගැමියෙකුට කරන ලද වෛද්‍ය ප්‍රතිකාර සඳහා කෘතගුණ සැලකීමක් වශයෙන් ඔවුන්ගෙන් කෙනෙකුට ගැටඹේරිය ගම ප්‍රදානය කරන ලදී. කෑගල්ල දිස්ත්‍රික්කයේ ගෝපාල යෝනකවරු එදා සිට ගැටඹේරිය ගමේ දිගටම ජීවත් වුහ. තමන් “මෝගල් පටානි” නමැති ජාතියකට අයත් බව ගෝපාල යෝනකවරු පවසති. මොවුන් උතුරු ඉන්දියාවේ ඉස්ලාමිකයින් බවට සැක නැත. ගෝපාල යෝනක වරුන්ට සිංහල හා දෙමළ යන භාෂා දෙකම ලිවීම සහ කියවීම කළ හැකිය. අනෙකුත් යෝනකවරුන් මෙන්ම මොවුහු ද ඉස්ලාම් දහම අදහති. “බේත්ගේ උඩයාර්” “බේත්ගේ නිලමේ” වැනි පටබැඳි නම් ද උස්මාන් වැනි අරාබි නම් ද ඔවුන්ට ඇත.

දැනට ජීවත් වන වෘද්ධතම ගෝපාල යෝනකවරයා වන්නේ ගැටබේරියේ වයස අවුරුදු 70 ක් වන සේගු මදාර් උඩයාර් ය. දක්ෂ වෛද්‍යවරුන් වශයෙන් ඔවුන්ට තිබු කීර්තිය ඔහු විසින් හොඳින් රැක ගෙන ඇත. දුර බැහැර සිට ඔහුගෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන ජනයා බොහෝය. ගෝපාල යෝනකවරුන්ගේ විශේෂ ලක්ෂණයක් නම් ඔවුන් එක් ප්‍රදේශයකට සීමා වීමය. සාමාන්‍ය යෝනකවරු ලංකාවේ සැම තැනම සිටිති. එහෙත් ගෝපාල යෝනකවරු ප්‍රධාන වශයෙන් සිටින්නේ ගැටබේරිය උඩුනුවර වෙලම්බඩ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මීරිගම්පිටිය යන ප්‍රදේශවල ය. ඔවුන්ගෙන් කීප දෙනෙකු පමණක් කොළඹ සහ අනිකුත් ප්‍රදේශ වල ජීවත් වනු ඉඳහිට දක්නට ලැබේ.

ගෝපාල යෝනකවරු මහනුවර ප්‍රදේශයේ ජීවත් වූ බවත් ඔවුන්ගෙන් ඇතැම් දෙනෙකු උසස් පදවි වලට පත් වූ බවත් ඔප්පු කෙරෙන වෙනත් සාක්ෂි ඇත. මෑතක් වනතුරුම ඔවුන්ගේ අවංක විශ්වාසවන්ත සේවය සඳහා නිසි සැලකිලි ලැබී ඇත. දෙවන රාජසිංහ රජු විසින් ඔහුගේ බාල බෑනා වන විජයපාල මැරවීමට හේතු වූ කාරණා ගැන 1669 දී ලන්දේසීන් විසින් සාක්ෂි විභාග කරන ලද සාක්ෂි කරුවන්ගේ නම් අතර ගලගම අධිකාරමගේ නම ළඟටම සඳහන් වන්නේ “ගෝපාල මුදලි සහ යෝනක මොහොට්ටාල” යන නම්ය.

ඊට ශත වර්ෂ එකහමාරකට පමණ පසු රාජකරුණා ගෝපාල මුදියන්සේලාගේ සේගු මොහම්මඩ් උඩයාර් 1828 මාර්තු මස 20 වන දින දරණ පත්වීමේ ආඥාව මගින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ වෛද්‍යවරයෙකු වශයෙන් පත් කරන ලදී. ඒ අයුරින්ම සේගු මදාර් උඩයාර් ද 1833 ජුනි මස 8 වන දින ආඥාව යටතේ 1833 දී වෛද්‍යවරයෙකු වශයෙන් පත් කරන ලදී. දිගු කලක් සේවය කිරීමෙන් පසුව ඔහු කොටගොඩ ආරච්චි ධුරයෙන් ඉල්ලා අස්විය. මේ ප්‍රදානය ලැබූ ගෝපාල මුදලිගේ පරම්පරාවේ දැන් ජීවත් ව සිටින තැනැත්තා විසින් කියා සිටින්නේ මොලදණ්ඩ නමැති රාජද්‍රෝහියාගේ ආගන්තුක සත්කාර ලබන්නට රජතුමා පැමිණි විට දී උල් කටු සහිත බොරු වළකට රජතුමා හෙළීමට ඔහු කුමන්ත්‍රණය කළ බවයි. යෝනක මුදලිවරයා මේ කුමන්ත්‍රණය කලින් දැනගෙන රජුට සැල කළේය. මොලදණ්ඩ අනුන්ට කැපු වළේ තමාම වැටුණේය.


සිංහ කොඩිය අරාබියෙන් ලැබුණ තෑග්ගකි. මේ බවට මුඛ පරම්පරාගත කතා ඇත.

(එස්. ඊ. එන්. නිකලස් විසින් 1951 පෙබරවාරි 11 වන දින ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ සන්ඩේ ඉලස්ට්‍රේටඩ් පුවත්පතට සැපයු ලිපියක් )

මේ රටේ ජාතික කොඩිය වශයෙන් සිංහ කොඩිය පිළිගැනීමේ අදහස මීට තුන් අවුරුද්දකට පමණ පෙර පළ කළ අවස්ථාවේ දී ඒ ගැන විවිධ අදහස් මතු විය. බොහෝ දේශපානඥයෝ මෙය පිළිගැනීමට ඉතා දැඩි ලෙස උනන්දු වුහ. එසේ වීමට හේතුව සිංහ කොඩිය සිංහලයින්ගේ කොඩිය වශයෙන් ශත වර්ෂ ගණනාවක් තුළ භාවිත වුයේ යැයි ඔවුන් සිතා ගෙන සිටීමය. එහෙත් ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය පිළිබඳ ආචාර්ය වරයෙකු තීරණය කළේ ජාතික කොඩිය වශයෙන් සැලකෙන සිංහ කොඩිය ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් ලංකාවේ අන්තිමට රජ කළ කන්දසාමිගේ පාලන සමයේ දී භාවිත කළ කේරළ ධජයක් පමණක් බවය.

ආචාර්ය අන්ද්‍රයෙස් නෙල් ද මීට සමාන අදහසක් පළ කරමින් කියා සිටියේ සිංහ කොඩිය මුස්ලිම් වරුන්ගෙන් ලැබුණු දෙයක් විය හැකි බවත් එනිසා එය සිංහලයින්ගේ ජාතික කොඩිය වශයෙන් භාවිත කළ නොහැකි බවත් ය. ජාතික කොඩිය පිළිබඳ ප්‍රශ්නය සදහටම තීරණය කිරීම පිළිබඳව ගිය අවුරුද්දේ ව්‍යාපාරයක් ඇති වූ විට තවත් නොයෙක් මත පළ කරන ලදී. ලංකාවේ රජවරු ඔවුන්ගේ රාජ පරම්පරාවේ අවසාන කොටසේදී රාජකීය ලාංඡනය වශයෙන් සිංහයා යොදා ගත්තේ ඇයි? සත්තකින්ම මලබාර් රජවරුන් මෙය යොදා ගත්තේ සිංහලයින් සිංහයෙකුගෙන් ඇති වූ බවට ප්‍රචලිත විශ්වාසය තහවුරු කොට සිංහලයින් සතුටු කිරීමට නම් නොවේ.

ඉතිහාසයෙන් සාධක නොලැබේ

ලංකාවට සිංහ කොඩිය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් යම්කිසි අදහසක් ඇති කර ගැනීමට ඉතිහාසයෙන් තොරතුරක් ලැබේ දැයි පරීක්ෂා කිරීමට අපි ලංකා ඉතිහාසය දෙසට හැරෙමු. අනුරාධපුරයේ පුරාවස්තු අතර නෙස්ටෝරියන් (පර්සියානු ක්‍රිස්තියානු) කුරුසයක් හමු වී ඇත. මෙයින් පෙනී යන්නේ ක්‍රිස්තු පුර්ව මුල් ශත වර්ෂ වල දී ලංකාවේ අගනුවර තුළ පර්සියානුන් පදිංචි වී සිටි බවත් ඔවුන්ට ඔවුන්ගේම දේවස්ථානයක් තිබු බවත් ය. මෙපමණක් නොව මන්නාරමට නුදුරු මාන්තොට ලංකාවේ මුතු මැණික් කුළුබඩු ආදිය වෙළඳාම් කරන වෙළඳ මධ්‍යස්ථානයක් ද ඔවුන්ට තිබී ඇත. රාජකීය අශ්වාරෝහක හමුදාවට ඔවුන් පර්සියාවෙන් අශ්වයන් සපයා ඇත. ලංකාවේ පදිංචි වී සිටි පර්සියානු ජාතිකයින් කීප දෙනෙකුට හිරිහැර කළ සිංහලයින්ගෙන් පළිගැනීමට ඔවුන් නාවික හමුදාවක් ගෙන් වූ බවත් අපට දැන ගන්නට ලැබී ඇත.

හත් වන සියවසේදී පර්සියාව මුස්ලිම් වරුන්ගේ ග්‍රහණයට හසු වූ පසු ව ලංකාව තුළ පර්සියානුන්ගේ වෙළඳ කටයුතු නතර වී ඇත. පර්සියාව යටත් කර ගැනීමෙන් පසුව රතු සිංහ කොඩිය පර්සියාවේ ඔසවන ලදී. ඉන් පසු අරාබි ජාතිකයින් බොහෝ දෙනෙකු පර්සියාවේ පදිංචි වුහ. යුරෝපයේ දී හා ආසියාවේ දී මුස්ලිම්වරුන් නොයෙක් නම් වලින් හඳුන්වනු ලැබුහ. තුර්කිවරු මෝගල්වරු යෝනකවරු ආදී නම් ඉන් සමහරකි. ඔවුන් ලංකාවට පැමිණියේ වෙළඳාම සඳහාය. ඇතැම් මුස්ලිම් සංචාරකයින් විසින් ලංකාවේ ජනයා ගැන ද කෝට්ටේ සහ යාපනයේ එකිනෙකාට විරුද්ධ රජවරුන් දෙදෙනෙකු ගැන ද රසවත් විස්තර ලියා තබා ඇත. සිංහල රජෙකු ඉස්ලාම් දහම ගැන දැඩි උනන්දුවක් දැක් වූ බව ද ඒ එක් සංචාරකයෙක් කියයි. ඔවුන් ලංකාව හැඳින්වුයේ ‘සෙරෙන්ඩිබ්’ යන නමිනි. ඔවුන් පැමිණියේ ආදම්ගේ කන්ද (සමනළ කන්ද) දැක බලා ගැනීමටය. කඳු මුදුනේ ඇති පාද ලාංජනය ආදම්ගේ පා සටහන යැයි ඔවුහු අද දක්වා විශ්වාස කරති.

ක්‍රි. ව. 1310 දී මෝගල්වරු පාන්ඩය දේශය යටත් කර ගත් අවස්ථාවේ දී ලංකාවත් ඔවුන් යටතට පත්වී ද? එහෙත් එවැන්නක් සිදු වූ බවට අපට ඉතිහාසයෙන් කිසිදු සාක්ෂියක් නොලැබේ. එසේ නම් මුස්ලිම්වරුන්ගේ කොඩිය ලංකාවේ මලබාර් රජවරුන් අතට පත්වුයේ කෙසේද? මේ කාරණය ගැන මුඛ පරම්පරාගත කතාවක් ඇත. ලංකාවට සිංහ කොඩිය ලැබුණු කතාව කෙටියෙන් කියතොත් මෙසේය.

(පාරම්පරික මුස්ලිම් වෛද්‍යවරුන්ගේ දක්ෂතා පිළිබඳ ව පහතින් ඉදිරිපත් කරන විස්තරයට සමාන වූ සිදු වීමක් මෙම ලිපි පෙළේ මෙයට පෙර ඉදිරිපත් කළ ලිපියේද සඳහන් කොට ඇත.) මුස්ලිම්වරුන්ට අයිති ව තිබු පර්සියාවේ වැසියන් කණ්ඩායමක් ඉන්දියාව හරහා ලංකාවට පැමිණියහ. ඔවුන් ලංකාවට ගොඩ බැස්ස විට නීති විරෝධී ව රටට ඇතුළු වූ අය වශයෙන් සලකා ඔවුන් අල්ලා සිරගෙයි ලන ලදී. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ බිසව බරපතළ ලෙස රෝගාතුර ව සිටින බවත් රාජකීය වෛද්‍යවරුන්ට සුව කළ නොහැකි ව සිටිනා බවත් බන්ධනාගාර පාලකයින්ගෙන් මේ සිරකරුවන්ට දැන ගන්නට ලැබිණ. මේ සිරකරු කණ්ඩායම තුළ මුස්ලිම් පාරම්පරික වෛද්‍ය ක්‍රමය දන්නා සහෝදරයන් තිදෙනෙක් වුහ. රජ බිසව සුව කිරීමට ඔවුහු සිය කැමැත්තෙන් ඉදිරිපත් වුහ. රජතුමාට මෙය සැල වූ වහාම රජතුමා වහාම ඔවුන් ගෙන්වා ඔවුන්ගේ උපකාරය ලබා ගැනීමට සුදානම් විය. රජ බිසවට ප්‍රතිකාර කළ යුතු වුවත් ඇගේ අත ඇල්ලීම තහනම් බව ඔවුන්ට දන්වන ලදී. එවිට ඔවුන් කියා සිටියේ තිරයක් පිටුපස රෝගියා තබා රෝගියාගේ අතේ නූලක් බැඳ එම නූල ඔවුන්ට අල්ලා ගැනීමට දුන් විට එම නූලේ ආධාරයෙන් රෝගියාගේ නාඩි පරීක්ෂා කර රෝගය නිශ්චය කළ හැකි බවය. රජතුමා ට මෙහි ඇති සත්‍යතාව පරීක්ෂා කිරීමට උවමනා විය. එකී පරිදි නූලේ එක් කෙළවරක් ඔවුන් අතට දී පළමු ව නූලේ අනික් කෙළවර පුටු ඇන්දක බඳින ලදී. නූල පරණ ලීයක බැඳ ඇති හෙයින් රෝගය නිශ්චය කළ නොහැකි බව ඔවුහු පැවසුහ. ඊට පසුව එම නූල බළලෙකුගේ පාදයක බැඳ අනිත් කෙළවර ඔවුන්ට දෙන ලදී. ඔවුන් කියා සිටියේ නූල සිව්පාවෙකුගේ ඇඟේ බැඳ ඇති බවය. ඊට පසු නූල රෝගාතුර ව සිටි ඇමතිවරයෙකුගේ අතේ බඳින ලදී. එම ඇමති වරයාගේ රෝගය රජතුමා කලින් දැනගෙන සිටීය. මෙවර එකී විශේෂ වෛද්‍යවරු එය නම් මනුෂ්‍යයෙකුගේ නාඩි ගැස්ම බව පවසා රෝගය ද නිවැරදි ව නිශ්චය කළහ. අවසානයේ දී නූල බිසවගේ අතේ බැඳ නාඩි බලා රෝගය හඳුනා ගන්නා ලද්දෙන් නිසි ප්‍රතිකාර කිරීමෙන් ටික දිනකින් රෝගය සුව කරන ලදී.

රජතුමා සතුටට පත්වෙයි

මෙම දක්ෂ වෛද්‍යවරුන් ගැන රජතුමා අතිශයින් සතුට ට පත් විය. ඔවුන් ව වහාම සිරෙන් නිදහස් කරවා රාජකීය වෛද්‍යවරුන් ලෙස පත් කරන ලදී. ඔවුන්ගේ කණ්ඩායමේ අනික් පිරිස ද වහාම නිදහස් කරන ලෙසට අණ කරන ලදී. ඔවුන් රජතුමාගේ රාජධානියේ පදිංචි කරවා ඔවුන්ට මිල මුදල් ආදී නොයෙකුත් වස්තු පරිත්‍යාග කරන ලදී.

එම කණ්ඩායමේ එක් අයෙකු ආලිම්වරයෙකු (ඉස්ලාමීය විද්වතෙක්) විය. දිනක් ගමනක් යන අතරතුර දී ඔහුට පිපාසය දැනී සිංහල ගැමි තරුණියක වෙත ගොස් බීමට යමක් ඉල්ලා සිටීය. ඇය ඔහුට පානය කිරීමට කිතුල් මී රා දී ඇත. මෙය මත් වීමක් සිදු කරන්නක් බව නොදැන ඔහු මේ රසවත් පානය ඇති තරම් බී තෑග්ගක් වශයෙන් ඔහුගේ රන් මුදුව කළය තුළට දමා ඇත. තරුණියගේ පියා පසු ව නිවසට පැමිණ මී රා බොන අතර තුර දී කළය තුළ තිබු මුද්ද දැක ඇත. මේ ගැන දියණියගෙන් විමසු විට ඇය කියා සිට ඇත්තේ සංචාරක පුජකයෙකු පැමිණ බීමට යමක් ඉල්ලා සිටියෙන් ඇය ඔහුට කිතුල් රා කළය දුන් බවත් ඔහු මුද්ද කළය තුළට දමා යන්නට ඇති බවත් ය. පියා නැති අතරතුර දී දියණිය අමුත්තෙකුට සංග්‍රහ කර ඇති බව ඇසු පියාගේ කෝපය ඉහ වහා ගියේය. ඔහු ඇයට තදින් දොස් කියා දඬුවම් කළේය.

ගෙහිමියා නැති විටෙක ගෙදර තරුණියකගෙන් විදේශිකයෙකු බීමක් ලබා ගැනීමෙන් සිදු වූ නින්දාව ගැන ගම් වැසියෝ ද නොසන්සුන්තාවකට පත් වූහ. එහෙත් රජතුමාට මෙය ආරංචි වූ විට රජතුමා තරුණිය මාලිගාවට ගෙන්වා ඇයව එම තැනැත්තාට විවාහ කර දී ඇයට අවශ්‍ය සියලු දෑ ද සපයා දුනි. වෙද්‍යවරුන් සමග පැමිණි කණ්ඩායම මේ සිද්ධියෙන් පසු ක්‍රමක්‍රමයෙන් අපකීර්තියට පත් වන්නට පටන් ගත්හ. එනිසා ඔවුහු ආපසු සියරට ට යන්නට තීරණය කළහ. එහෙත් රජතුමා ඊට අකමැති විය. රජතුමා ඔවුන්ට කීවේ ආලිම්වරයා මෙන් ලංකාවේ පදිංචි වන ලෙසය. එහෙත් මේ විදේශිකයින් ඔවුන්ගේ රටවල උසස් පවුල් වල අය වූ හෙයින් ගම්වැසි තරුණියන් විවාහ කර ගැනීමට අකමැති වූහ. එවිට රජතුමා ඔවුන්ට ගැළපෙන පරිදි උසස් පවුල්වල කාන්තාවන් හඳුන්වා දීමට පොරොන්දු විය. මේ අනුව පෙරහැරක් පවත්වා මේ සිව්දෙනාට තමන් කැමති තරුණියන් තෝරා ගැනීමේ අවස්ථාව සලසා දෙන ලදී. ඔවුහු මෙලෙස තමන් ට සුදුසු යැයි හඳුනා ගත් තරුණියන් සමග විවාහ වී මෙහි පදිංචි වුහ. රජතුමා විසින් ඔවුන්ට තෑගි බෝග ද අවශ්‍ය අනෙකුත් සියලු දේ ද සපයා දෙන ලදී.

රජතුමාගේ කාරුණිකත්වයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔවුන් විසින් ඔවුන්ගේ රටේ ධජය රජතුමාට පරිත්‍යාග කරන ලදී. ඔවුන් පැවසුවේ මේ කොඩිය සතුරන් ඉදිරියේ රජතුමාට කීර්තියක් හා අභිමානයක් ගෙන දීමට තරම් තේජසක් ඇති ධජයක් බවය. ඉන් පසු එම කොඩියෙන් මෝගල් ලාංජනය ඉවත් කොට එකල අවදානම් වැඩක් වූ අය බදු එකතු කිරීමට රාජ පුරුෂයන් යන විට මෙම මුස්ලිම් සිංහ කොඩිය රැගෙන යන ලදී. සිංහ කොඩිය ලංකාවට පැමිණීම ගැන ඇති පරම්පරාගත කතාව මෙයයි. මෙය සිංහල විද්වතුන් කීප දෙනෙකු විසින් ම අනුමත කර ඇති විස්තරයකි. එම පිරිසේ සිටි ගණන හා රජතුමාගේ නම සම්බන්ධයෙන් සමහර මතභේද ඇත. සමහරුන් පවසන අන්දමට මේ පිරිසේ සිට ඇත්තේ පස් දෙනෙකු (ආලිම්වරයා ඇතුළු ව) නොව හත් දෙනෙකි. රජු ද ක්‍රි. ව. 1747 පමණ රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ නොව 1464 පමණ කාලයේ දී රජකම් කළ දෙවන බුවනෙඛබාහු රජු බව ඇතැම් අයගේ මතයයි.

‘විවිධ වාර්ගිකයින්’ සැලකිල්ලට ගෙන ජාතික කොඩියක් සකස් කර ගැනීමේ කටයුත්ත දැන් අවසානය. එය ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ලෙස පිළිගැනීම සඳහා ළඟදීම පාර්ලි‌‌මේන්තුවේ අනුමැතිය ලබා ගන්නා බව කියැවේ. මේ කොඩියේ මැද සිංහයා නම් සිටිය යුතුමය. සිංහයාගේ අතේ වර්තමාන ජාතික කොඩියේ පෙන්නුම් කරන භයානක ආයුධය වෙනුවට දැල්වෙන පහනක් තිබිය යුතු අතර සිංහයා බෞද්ධ හින්දු කිතුනු මුස්ලිම් යන දහම් හතරේම වැදගත් ස්ථානයක් වශයෙන් සැලකෙන සමනල කන්ද දෙස බලා සිටින අයුරු සකස් කළ යුතු යැයි අපි සිතන්නෙමු.

මෙම ලිපි ගවේෂණාත්මකව ඒකරාශි කිරීම ‘මුහම්මද් මන්සූර් දහ්ලාන්’ මහතා විසින් සිදුකොට ඇති බව දැනගන්නට ලැබූණි. වර්ථමාන සමාජය තුල කාලීන මෙහෙවරක් කරන එතුමාණන්ට  ‘යහමඟ‘ ස්තූතිය පුදකරන අතර මෙවැනි මෙහෙවරයන් තව තවත් ඉටු කිරීමට එතුමාණන්ට ශක්තිය හා නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි. එසේම මෙම ලිපිය ‘යහමඟ‘ අඩවියට ලබාදුන් පාඨක ඔබට ද ස්තූතිය පුදකරමි.

(සම්පූර්ණයෙන් කියවන්න )

ශ්‍රී ලාංකීය මූස්ලීම්වරුන් ඉතිහාස විමසුමක්

අතීතයේ කිසිදු දිනක නොදැකපු හා නොඇසූ ආකාරයේ ජාතිවාදී ව්‍යාපාරයන් අද අප රට තුල ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත. මේ නිර්මාණය වෙමින් පවතින අවාසනාවන්ත තත්වය පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස ලිපි ගණනාවකින්ම කථා කොට ඇති බව ‘යහමග‘ පාඨක ඔබ හොදින් දන්නවා ඇතැයි සිතමි. එමනිසා මෙහිදී එවන් ජාතිවාදීන් හෝ ඔවුන්ගේ ව්‍යාපාර පිලිබදව කථා කිරීමට අදහස් නොකරමි. නමුත් මේ ජාතිවාදී පිරිසගේ කුමණ්ත්‍රනකාරී ව්‍යාපාරවලට හසුවී සිටින ප්‍රධාන පාර්ශවයක් වන ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්‘ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අප රටේ බුද්ධිමත් පිරිසගේ අවදානයට ගෙන ඒමට මෙම ලිපිය තුලින් අදහස් කරමි. විශේෂයෙන් අප රටේ සුළුතරය වන ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට එරෙහිව දිනෙන් දින මිත්‍යා ප්‍රචාරයන් දියත් කරමින් ද, ඒ තුලින් ජාතීන් අතර විරසකය, වෛරය, ක්‍රෝධය, නොසතුට… යනාදිය නිර්මාණය කරමින් ද රටම අවසානාවන්ත තැනකට යොමු කරමින් සිටින පිරිසගේ අවදානයට හා ඔවුන්ගේ කුමන්ත්‍රණවලට ගොදුරු වී ක්‍රියා කරන පිරිසගේ අවදානයට අපේ සැබෑ අතීතයෙන් බිඳක් පහතින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

අතීතයේ පටන් බහු ජාතීන් ජීවත් වන රටක් ලෙස ඉතිහාසය පුරාවට කොතරම් සුහඳව, සහජීවනයෙන්, විශ්වාසනීයව හා සාමූහික හැඟීමකින් සියළු ජාතීන් කටයුතු කලා ද? යන සුන්දර ඉතිහාසය අද අප රට තුල හිතාමාතා වසන් කොට හා විකෘති කොට සමාජගත කරමින් සිටී. මෙහි තවත් අවාසනාවන්ත තත්වය වන්නේ ඒ ඉතිහාසය බොහෝ මුස්ලීම්වරුන් පවා නොදැන සිටීමයි. මේ හේතුව නිසාම ඉහත ජාතිවාදී පිරිසගේ කුමන්ත්‍රණවලට සමහරක් මුස්ලීම් සහෝදරයන් ද බිලිවෙමින් සිටී. මෙවන් අවසානාවන්ත අවධියක ඒ සුන්දර ඉතිහාසය පිලිබදව තරමක් දුරකට හෝ ගවේෂණ කොට කෘතියක් ලෙස ජාතියට දායාද කල මහාචාර්‍ය ලෝනා දේවරාජා මහත්මියගේ ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්‘ නම් ගවේෂණ කෘතියෙන් කරුණූ කිහිපයක් උපුටාගෙන පහතින් මේ ආකාරයට ඉදිරිපත් කරන්නේ පටු අදහස්වල කොටු නොවී බුද්ධියෙන් විමසා බැලීම සදහාමය.

ලිපි පෙලගැසීම…

විහාරය හා විහාර භූමිය තුල මුස්ලීම්වරුන්

අනෙකුන් සියලූ ඇදහිලි මුළුමනින් ම බැහැර කර ඉස්ලාම් ආගමේ ශික්ෂා දැඩි ලෙස අනුගමනය කරන මෙන් ඉස්ලාම් ආගම සිය අනුගාමිකයන් හට නියම කරයි. උඩරට මුස්ලිම්වරුන්ට සිය ආගම නිදහසේ ඇදහීමට අවසර තිබුණු අතර ඔවුහු තම ආගමට භක්තිමත් වුහ. එහෙත් තමන් අදහන ආගමට හානියක් නොවන අයුරින් බෞද්ධ විහාර ක‍්‍රමයේ ක‍්‍රියාදාමයට හුරු වීමේ නම්‍යශීලී භාවයක් සහ හැඩ ගැසීමේ ශක්තියක් ඔවූන්ට තිබිණි. අප ඉහත දුටු පරිදි විහාර ගම්වලට දෙන ලද ඉඩම්වල, විහාරයේ රාජකාරී ඉටු කරන පංගුකරුවන් පදිංචි වූ අතර ඉන් සමහර දෙනෙක් මුස්ලිම්නරු වූහ. විහාර ක‍්‍රමය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වීමේනදී සමාජයේ විවිධ පාර්ශ්වයන් සුහද ව ඒකාබද්ධව වීම අවශ්‍යයෙන්ම සිදුවිය යුතුය. ජාතිය සහ ආගම අතින් බහුතර ජනතාව ගෙන් වෙනස් වූ මුස්ලිම්වරුන් අන්‍යෝන්‍ය ප‍්‍රතිලාභ සඳහා මේ ක‍්‍රියාදාමය හා බද්ධ වුයේ, කවර හෝ තත්වයකට අවශ්‍ය පරිදි හැඩ ගැසීමට මුස්ලිම්වරුන්ට ඇති ශක්තියත්, කවුරුත් හෝ වූව ඉවසීමෙන් පිළිගැනීමට උඩරට ආයතන සතු ශක්තියන්, විශේෂයෙන් ම ආගම පිළිබඳව දැඩි අවිචාර බුද්ධියකින් ක‍්‍රියා කළ අවධියකදී බෞද්ධයන් දැක්වූ සහනශීලීතාවන් ප‍්‍රදර්ශනය කරමිනි. විහාර ඉඩම් වල පදිංචි ව සිටි මුස්ලිම්වරුන් බුද්ධාගමට හරවාගැනීම සඳහා භික්‍ෂූන් වහන්සේලා කිසිඳු උත්සහයක් නොදැරු බව පැහැදිළිය. ඒ වෙනුවට, ඔවුන් සතුව තිබුණු දක්ෂතා සහ සම්පත් විහාරයට වැඩදායක වන අයුරින් යොදවාගනු ලැබීය.

අප විසින් දක්වන ලද පරිදි මුස්ලිම්වරුන් ප‍්‍රධාන වශයෙන් වෙළෙන්ඳන් වූ අතර ඔවුන් සතුව තවලම් ගවයෝ සිටියහ. ඒ අනුව විහාර ඉඩම්වල පදිංචිව සිටි මුස්ලිම්වරුන් බොහෝවිට පැටවිලි පගු (ප‍්‍රවාහන කටයුතු සඳහා වූ ඉඩම්) භුක්ති විඳි බැව් පෙනේ. ඔවුන් විසින් විහාරයට කළ යුතු වූ ප‍්‍රධාන රාජකාරිය වුයේ, කුඹුරේ සිට අටුව (ධාන්‍ය ගබඩාව) දක්වා ධාන්‍ය රුගෙන යාම සහ මුහුදුබඩ ප‍්‍රදේශවලින් ඔවුන් ලබා ගන්නා ලූණු සහ කරවල සැපයීමත්ය. මේ හිතකර සම්බන්ධතා ගොඩ නැගුණු ස්ථානයකට කදිම නිදර්ශනයක් නම් එහි සලකුණ අද පවා දක්නට ලැබෙන කුරුණෑගල පුරාණ රිදී විහාරයයි. උඩරට රජවරුන්ගේ නොමසුරු ත්‍යාගශීලීභාවයෙන් විශාල ලාභ ප‍්‍රයෝජන අත්වූ මේ විහාරයට ගම්වර සතක් පූජා කර තිබිණි. එයින් එකක් රඹුක්න්දක මුළුමතින්ම මුස්ලිම් ගමක් වුයේය. එහි එක් එක් කුලී නිවැසියා විසින් ඉටු කරන ලද රාජකාරිය සහ ගෙවූ මුදල රාජකාරි බදු ලේඛනයෙහි සඳහන් වේ. ඒ රාජකාරි අතරට, ධාන්‍ය ප‍්‍රවාහණය කිරීම, විහාර භූමිය අලංකාර කිරීම සඳහා සුදු වැලි ගෙන ඒම, යම් යම් වියලි සලාක ද්‍රව්‍ය, ප‍්‍රධාන වශයෙන් පොල් සහ කරවල සැපයීම සහ සුළු සුළු ගාස්තු මුදලින් ගෙවීම ඇතුළත් විය.

රිදි විහාරයේ භක්‍ෂුන් වහන්සේලා මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සඳහා විහාර ගමේ කොටසක් පවරා දී මුස්ලිම් පූජකවරයෙකුගේ නඩත්තුව සඳහා ද ඉඩම් කොටසක් වෙන් කර තිබීම. නූතන යුගයේ සම්මත පිළිවෙත අනුව පවා ඉතා උදාර කාර්යයන් වශයෙන් සැලකිය හැකිය. මුස්ලිම් පදිංචිකරුවන් කිසිඳු පැකිළිමකින් තොරව බෞද්ධ විහාරයට සේවය කළ ඇති අතර, ඔවුන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතා පිරිමසාලීම සඳහා මුස්ලිම් පූජකවරයකුට විහාරය විසින් විවෘත වම සහයෝගය දක්වන ලදී. ආගම් පිළිබඳ ඉතිහාසයේ අද්විතීය ගණයේ එකක්වූ විශිෂ්ට ආගමික සහනශීලතාවක් ප‍්‍රකට කළ මේ සිද්ධිය 1870 දී බි‍්‍රතාන්‍ය රාජකාරි බදු කොමසාරිස්වරුන්ගේ විස්මයට හේතු විය. ඒ මුස්ලිම් පල්ලිය, විහාරයේ සිට සැතපුම් භාගයක් දුරින්, මුලින් රිදී විහාරයට අයිතිව තිබුණු ඉඩමක අද ද පිහිටා තිබෙනු දැකිය හැකි යැයි ඒ විහාරයේ අධිපති තිබ්බොටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල නායක ස්වාමීන් වහන්සේ ග‍්‍රන්ථ කර්තෘව දන්වා සිටියහ. එය එකල ආගමික සහනශීලිතාව පිළිබඳ අනුස්මරණීය සිද්ධියකි. සමස්ථ සමාජ ආර්ථික ව්‍යුහය දැන් කඩා වැටී විසුනු වී තිබුණ ද හොඳ හිත සහ සුහදත්වය තවම පවති.

කුරුණෑගල දිස්ත‍්‍රික් සංවර්ධන සභාවේ සගිකයකු ව සිටි එ මෙන්ම රඹුකන්දන ගෞරව සැලකිල්ලට පාත‍්‍ර වූ පුරවැසියෙකු වූ යු. එන්. ආසන ලෙබ්බේ සාක්‍ෂ්‍ය දරමින්, 1930 දී මුස්ලිම් ළමයින් බොහෝ දෙනෙකු පන්සල්වල අධ්‍යාපනය ලැබු බවත් ඔවුන් ගෙන් ඇතැමුන් අවුරුදු දහයක් තරම් දීර්ඝ කාලයක් පන්සලේම පදිංචි ව සිටි බවත් ප‍්‍රකාශ කළේය. ඔවුනතුරින් වැඩිදෙනෙක් සිංහල භෂාව සහ දේශිය වෛද්‍ය ක‍්‍රමය හැදෑරු හ. අධ්‍යාපනය හැම විටම නොමිලයේ සැපයුණු අතර, පන්සල්වල ඉඳුම් හිටුම් සහ කෑම බීම ද නොමිලයේ සැලසුණු නමුත් භක්‍ෂුන් වහන්සේලා තම භාරයේ සිටි ළමයින් බුද්ධාගමට හරවාගැනීමට කිසිඳු උත්සහයක් නොදැරූහ. පන්සල්වල ජීවත් වෙන අතරම ඔවුන් ගේ යාච්ඤ මෙහෙයන් පැවැතිවීමට සහ කෝරාන පන්තිවලට යෑමට මුස්ලිම් ළමයින්ට පහසුකම් සලසන ලදී.

ලෞකිකකරණයේ සහ නවීකරණයේ බලපෑම්වලින් තවම පාරම්පරිකව සාරධර්ම දිය වී ගොස් නොමැති මේ දුර බැහැර ගමේ පදිංචි මුස්ලිම් ජනතාව විහාරයේ කටයුතු වලට ස්වේච්ඡුාවෙන් දායක වන අතර විහාර උත්සවවලදී, විශේෂයෙන්ම ඇසළ පෙරහැරේදී මුස්ලිම් ළමයි කණ්ඩායමක් වශයෙන් ඊට සහභාගි වෙත්. ඔවුන්ගේ උදවු උපකාර අවශ්‍ය වන අවස්ථාවලදී භක්‍ෂුන් වහන්සේ විසින් ඒ බැව් මුස්ලිම් පූජකවරයාට දන්වනු ලබන අතර ඔහු අවශ්‍ය පිරිස් සැපයීම සඳහා සියළු විධි විධාන සලසයි. රාජකාරි සේවය නතර කොට ඇති බැවින් තව දුරටත් සේවය කිරීමට ඔවුන් බැඳි නොසිටින නමුත් ගරු සැලකිලි දැක්වීමේ සහ මිත‍්‍රත්වයේ ජීවය තවම බිඳවැටි නොමැත. නිශ්ශබ්ද වන ලෙස දැක්වෙන සංඥා පුවරු හෝ එසේ කරන ලෙසට විධානක කර හෝ නොමැති නමුත් පෙරහර මුස්ලිම් පල්ලිය පසුකර යන විට එහි බෙරකරුවන් ගෞරව දැක්වීමක් වශයෙන් ස්වේච්ඡුාවෙන්ම බෙර වාදනය නතර කරන බැව් යු. එන්. ආසන ලෙබ්බේ ප‍්‍රකාශ කළේය.

කලින් අප දුටු පරිදි අකුරණ උඩරට පැරනිතම මුස්ලිම් ජනවාසවලින් එකකි. මහනුවර අස්ගිරි අලූත් විහාරය සතු විශාල ඉඩම් ප‍්‍රමාණයක් අකුරණ පිහිටා තිබුණු අතර එහි යම් යම් පංගු භුක්ති විඳි මුස්ලිම් පවුල් ගණනාවක් සිටියහ. ලූණු දෙන පංගුව භුක්ති විඳි අය සිරිත් පරිදි ලූණු සහ කරවල සැපයූහ. අනිකුත් පංගුකරුවන් මසකට වරක් විහාරයට එළවළු කඳක් පිරිනැමු අතර අලූත් අවුරුද්දට පසුව ඒ සෑම අයෙක්ම එළවළු කඳක් හා බුලත් හුරුල්ලක් බැගින් නායක ස්වාමින් වහන්සේට පිළිගැන්වූ හ. විහාර ඉඩම් පංගුවක් භුක්ති විඳින මුස්ලිම් වෛද්‍යවරයෙකු වන අබුබකර් ලෙබ්බේ වෙදරාල වාර්ෂිකව අස්ගිරි අලූත් විහාරයේ නායක ස්වාමින් වහන්සේට මුදල් ත්‍යාගයක් හා දුම්කොළයක් පිළිගැන්වු බැව් සැලකිල්ල යොමු විය. යුතු සිද්ධියකි. දුම්කොළ බුලත් විට සඳහා අවශ්‍ය දෙයක් වන අතර ස්වාමින් වහන්සේලා ගේ ඉතා සුළු අවශ්‍යතාවක් පවා මේ ආකාරයෙන් සපුරාලූ බවක් පෙනේ. ඊටත් වඩා වැදගත් වනුයේ අලූත් අවුරුදු දිනයේදී පංගුකාරයා සම්ප‍්‍රදායික තෑගි බෝග සමග අනිවාර්යයෙන්ම පෙනුමක් රුගෙන ගොස් නායක ස්වාමින් වහන්සේ බැහැ දැකීමයි. මුස්ලිම් නොවන විහාර ඉඩම් හිමියා සහ මුස්ලිම් කුලී නිවැසියා අතර පවත්නා අන්‍යෝන්‍ය රඳාපැවැත්ම ඉන් ශක්තිමත් වේ.

කුරුණෑගල රිදී විහාරය සහ මහනුවර අස්ගිරි අලූත් විහාරය සම්බන්ධ මේ සිද්ධීත්, මෑත කාලීන සංක‍්‍රමණිකයන් මෙන්ම ජාතිය සහ ආගම අතින් විජාතිකයන් වු මුස්ලිම්වරුන් උඩරට සමාජයට පිළිගනු ලැබුවේ අවාසිදායක තත්ව යටතේ නොවන බැව් පෙන්නුම් කෙරෙන නිදසුන් දෙකක් පමණි. විහාර ඉඩම්වල මුස්ලිම්වරුන් පදිංචි ව සිටි සෑම අවස්ථාවකම දී ඔවුන් විහාරයට සේවය කරමින් උඩරට සමාජ පද්ධතියේම කොටසක් බවට පත්වූ අතර, මුස්ලිම්වරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටි සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ ආධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලීම උදෙසා භික්‍ෂුන් වහන්සේලා හෝ රජු හෝ විසින් මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සඳහා ඉඩමක් වෙන් කර දෙනු ලැබිය. පංගොල්ලමඩ මුස්ලිම් පල්ලිය ඉදි කර ඇත්තේ දෙගල්දොරුව විහාරයට අයිති ඉඩම් කොටසකය. මහනුවර වර්තමාන කටුපල්ලිය සහ මිරාමක්කම් පල්ලිය ඉදි කරනු ලැබුවේ උඩරට රජවරුන් විසින් තෑගි කරන ලද ඉඩම් වලය. කටුපල්ලිය ගෘහ නිර්මාණ ශිල්පය අතින් දළදා මාළිගාවේ මඟුල් මඩුවට සමාන වන අතර එහි කැටයම් කළ දැව කණු ඇම්බැක්කේ දේවාලයය සිහිපත් කරවයි. පෙනුමෙන් උඩරට ලී දොරටුවක ස්වරූපය ගත්, බරුති පිත්තල කැබලි අල්ලා මුදුනේ කෝරාන පාඨයක් කොටා ඇති පල්ලි දොර, තත්කාලීන හැඟීම් මූර්තිමත් කරමින්, ආගම එක්සත් කිරීමේ සාධකයක් විය හැකි බව නරඹන්නන්ට සිහිපත් කරවයි.

දහහත් වන ශත වර්ෂය තරම් ඈත අතීතයේදී උඩරට රජවරුන් විහාරය සඳහා ඉඩම් පිරිනැමූ ආකාරයෙන්ම මුස්ලිම් පල්ලිවල නඩත්තුව සඳහාද ඉඩම් දුන් බවත්, එහෙත් අනිවාර්ය රාජකාරිය වෙනුවට කුලී පදිංචිකරුවන් එහි නඩත්තුව සඳහා මුදලින් ආධාර කළ බවත්, නොක්ස් ගේ තියුණු අධ්‍යයනයෙන් ප‍්‍රත්‍යක්‍ෂ වේ. පිනට දහමට ළැදි සිංහල ජනතාව විසින් පූජනීය ස්ථාන ඉදි කරගැනීම පිණිස මුස්ලිම්වරුන්ට ඉඩම් පරිත්‍යාග කරන ලද අවස්ථා ද විය. II වන රාජසිංහ රජු (1635 – 1687)සහ ඔහු ගේ රට වැසියන් පිළිකුල් කිරීමට හැමතින්ම හේතු තිබුණු රොබට් නොක්ස් මෙසේ පවසයි.‘‘සිංහල වර්ගයා ඔවුන්ගේ ජාතියට අයත් දුප්පතුන්ට පමණක් නොව විජාතික විදේශික වූ දුප්පතුන් හටත් එක්වන් අනුකම්පාවෙන් සලකති. විශේෂයෙන් ඉස්ලාම් භක්තික යාචකයන් හටත් පින් පිණිස දෙති. ඔවුන්ට අයත් සිද්ධස්ථානයක් කන්දේ නුවර පිහිටා ඇත්තේය. සැම නිදහස් ගම්වැසියෙකු විසින්ම මේ සිද්ධස්ථානයට පෙනුමක් දිය යුතු යැයි පෙර එක් රජෙක් නියෝගයක් කළේය. ඔවුන් හිඟමනෙහි එන්නේ දැඩි විශ්වාසයකිනි. ඔවුන් කියන්නේ ජනතාවගේ පින් පල සම්පූර්ණ කරලීම සඳහා ඔවුන් හිඟමනේ එන බවයි. ජනතාව හුදු පින් තකාම නිදහස් ලෙස ඔවුන්ට ආධාර කරති. ධනවතුන් විසින් ඔවුන්ට පිනට දෙන ලද ඉඩ කඩම් තැනින් තැන ඇත. එම ඉඩම්හි ගෙවල් තනා ජීවත් වන ඔවුහු ඒ දේපළ සදහටම පරපුරෙන් පරපුරට හිමි වන්නට ඉඩ හරිති.

ගම්පොළ අසල පිහිටි කහටපිටිය පල්ලිය හා සම්බන්ධ පුරාවෘත්ත සිංහල රජවරුන් මුස්ලිම් ජනතාව කෙරෙහි දැක්වූ නිර්ලෝභීකම තව දුරටත් පෙන්වාදෙයි. පල්ලිය දැන් පිහිටි භූමි භාගය පෙර ගසක් දෙකක් සහිත මුඩු බිමක් විය. පුරාවෘත්තයට අනුව, මක්කමෙන් පැමිණි තවුසකු මෙහි වාඩි වී භාවනාවේ නිමග්නව සිටි අතර කිතුල් ගසක් මදින්නට එහි පැමිණි රා මදින්නෙක් භාවනානුයෝගී තවුසා ගේ උදාර තැන්පත් ඉරියව් දැක වශි විය. මේ රූපය සජීවි එකක්ද අජීවී එකක් දැයි සැක හැර දැන ගැනීමට ඔහුට අවශ්‍ය වූයෙන් ඔහු විසින්ම ඒ රූපයේ නාස්තුඩ කපාදමන ලදැයි පැවසේ. තවුසා කිසිඳු සෙලවීමක් නොමැතිව පිළිමයක් මෙන් හුන්නේය. තමා විසින් කපා දමන ලද නාස්තුඩු යළිත් නාසයට සවි වී තිබෙනු පසු දා උදෑසන දුටු රා මදින්නා විස්මයෙන් ගල් ගැසිණි. ගෞරව සම්ප‍්‍රයුක්ත බියකින් ඇලලීගිය රා මදින්නා ගම්පොළ රජුට තමා දුටු දේ විස්තර කළේය. රජු තවුසා වෙත ගොස් ඔහුට කුමක් අවශ්‍ය දැයි විචාළේය. හිස තබාගැනීමට කුඩා බිම් කඩක් පමණකැයි තවුසා පිළිතුරු දුන්නේය. අවශ්‍ය බිම් ප‍්‍රමාණය කොපමණ දැයි රජ ඇසු විට තවුසා තම සක්කර වළල්ල සිටු දිසාවට විසි කර අවශ්‍ය ප‍්‍රදේශය දක්වා සිටියේය. ඒ අනුව, ඉල්ලීම ඉටු කැරුණු අතර ඒ භූමි භාගය සක්කරන් කොටුව නමින් දැනුදු ප‍්‍රසිද්ධ ව පවති.

භවකුෆ් සාන්තුවරයා දේවත්වයට පත් කොට ඔහු සිහි වීම පිණිස සොහොන් කොතක් ඉදි කරනු ලැබීය. පසු කාලයකදී ඒ ස්ථානයෙහි පල්ලියක් ගොඩ නගන ලද අතර, එය වන්දනාකරුවන් නිතර දෙවේලේ පැමණෙන ප‍්‍රසිද්ධ ස්ථානයක් වී තිබේ. පෘතුගීසීන්ගේ සහ ඕලන්දකාරයන් ගේ තාඩන පීඩන ආරම්භ වීමටත් පෙර සිට උඩරට රජු සහ වැසියන් මුස්ලිම් භක්තිකයන්ට (එමෙන්ම අනෙකුත් සියලූ ආගමිකයන්ටත්) ඔවුන්ගේ ආධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලන තරමට පවා නැඹුරු වී සහනශීලීතාවකින් ක‍්‍රියා කළ බවට මෙය තව ද නිදසුනකි. තම ජාතියට අයත් නොවු ජනගහනයක් මැද කුඩා සුළු තරයකට තම ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව රැුකගැනීම පහසු වුයේ යහපත් අදහසින් කළ එවැනි ක‍්‍රියාවන් නිසාය.

සමාජයට ලැබුණු දායකත්වය

දිවයිනේ සැඟවුණු ප‍්‍රදේශවල විශේෂයෙන්ම නැගෙනහිර පළාත්වල මේ නොදියුණු පුරුද්ද තවම දැකිය හැකිය. මේ දිස්ත‍්‍රික්ක වල සංචාරය කිරීමේදී කඳුකර අඩි පාරවල් දිගේ වෙහෙසකර ගමනක ඇදෙන, බඩු බර පැටවුණු දිගු ගව පේළි අපට බොහෝ විට හමු වෙති. ගවයන් ඉදිරියට ඇදෙන විට කර බැඳි ගෙජ්ජි කිංකිණි රාවය නංවයි. ඇතැම් විට මධ්‍යාහ්න අවු රහ්මියේ කැලැබද දිය කඳුරක් අයිනේ ළිප් ගිනි මොළවාගෙන තම ආහාරය පිස ගැනීමට සුදානම් කරන ලද ගවයන් ඒ අසල උලාකමින් දියේ ගිලෙමින් සිටිනු පෙනේ. මුදාහළ බඩු ගෝනි පසෙකින් ගොඩ ගසා තිබේ. මේ සංචාරක වෙළඳාමේ නිරත වී සිටින බොහෝ කොට මුස්ලිම්වරු වූහ. ක‍්‍රමානුකූල වගා කිරීමකින් තොරව නිවෙස් වටා සුළුවෙන් වැටි ඇති දේශිය කෝපි සමග හුවමාරු කරගැනීම සඳහා ලූණු, මුහුදු බඩ පිහිටි ආණ්ඩුවේ ගබඩාවලින් උඩරට කඳුකරයට ගෙන ඒම ඔවුන්ගේ ව්‍යාපාරය විය. එසේ ලැබෙන ලාභවලින් කපු රෙදි සහ පිත්තල භාජන, කරවල සහ වෙනත් වෙළඳ ද්‍රව්‍ය මිලදී ගන්නා තවලම්කරුවෝ ඒවා රට අභ්‍යන්තරයේ හුදෙකලා වූ ගම්මානවලට ගෙන යති.

එමර්සන් ටෙනන්ටි

මේ වූකලි බි‍්‍රතාන්‍ය සිවිල් සේවකයෙකු විසින් මුස්ලිම් වෙළෙන්ඳන්ගේ තවලමක් පිළිබඳව ඇති දර්ශනීය විස්තරයකි. කාන්තාරයේ ප‍්‍රවාහණ ක‍්‍රමයක් වූ තවලම ශ‍්‍රි ලංකාවට හඳුන්වා දෙන ලද්දේ මුස්ලිම්වරුන් විසිනැයි සමහරු කියති. කාන්තාරයේ ඔටුවා වෙනුවට මෙහිදි ගවයා යොදාගෙන තිබේ. රාජධානියට පහසුවෙන් ප‍්‍රවේශ වීමට නෙහැකි වීම එය ආරක්‍ෂා කරගැනීමේ හොඳම ක‍්‍රමය වූ බැවින් ප‍්‍රවාහණ සහ පනිවිඩ හුවමාරු පහසුකම් වැඩි දියුණු කිරීමට උඩරට රජවරු කැමැත්තක් නොදැක්වූහ. නිර්භීත මුස්ලිම්වරුන් රට අභ්‍යන්තරයට පැමිණි පසු එහි දුෂ්කර කඳුකර මාර්ගවලට සරිලන ප‍්‍රවාහණ ක‍්‍රමයක් සකසාගැනීමට ඔවුන්ට සිදු වූ බැවින්, කාන්තාර තරණය කළ තවලම් පිළිබඳ මතකයක් තිබුණු ඔවුහු ඒ සඳහා ගවයා යොදාගත් හ.

මුස්ලිම්වරු සහ උඩරට වෙළඳාම

මුස්ලිම්වරුන් ප‍්‍රධාන අතරමැදියන් වශයෙන් ක‍්‍රියා කළ උඩරට රාජධානියේ වෙළඳ රටාව ගැන මේ අවස්ථාවේදි විමසා බැලීම වැදගත් වනු ඇත. ගිරි දුර්ග බවලින් වට වූ සිය රජාධානියට කොටු වී සිටීමට උඩරට රජවරුන් සුදානම් නොවු බවත්, දහහත් වන ශත වර්ෂයේදී ඔවුන් බල පරාක‍්‍රමයෙන් වැඩෙත්ම සිය වෙළඳ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට මෙන්ම බාහිර ලෝකය සමග සිය සම්බන්ධකම් පවත්වාගෙන යාමටද කැමැත්තක් දැක්වූ බවත් දක්නට ලැබිණ.

දිවයිනේ මුහුදුබඩ පළාත් පෘතුගීසීන්ගේ ග‍්‍රහණයෙන් ඕලන්දකරුවන් අතට පත් වෙන විටත් නැගෙනහිර වෙරළේ කොට්ටියාර්හි සහ මඩකලපුවේ ද, බටහිර වෙරළේ කල්පිටියේ සහ පුත්තලමේ ද වරායවල් උඩරැුටිඉයනගේ පාලනයට යටත් ව තිබිණි. ඒවා මගින් ඔවුහු, මුස්ලිම්වරුන් සහ හෙට්ටීන් අතරමැදියන් ලෙසින් යොදාගෙන මදුරා සහ කොරමණ්ඩල් නගර සමග වෙළහෙළඳාම් කළහ. මේ එක් එක් වරායක් රාජධානීයේ බවිවිධ ප‍්‍රදේශ පිට වීමේ මාර්ගයක් වුයේය. රජුට අයත් හොඳම වරාය තිරිකුණාමලය අසල පිහිටි කොට්ටියාර් විය. එහි සිට සැතපුම් කිහිපයක් නුදුරින් රට අභ්‍යන්තරයේ කිලිවෙට්ටිහි, වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කළ විශාල වෙළෙඳපොළක් පිහිටියේය. එහි වූ රාජකීය රේගු මඩුවේ දී මුලාදෑනියෙක් රජු වෙනුවෙන් බදු අය කෙළේය. බි‍්‍රතාන්‍ය තානාපති ජෝන් පයිබස්ට පොළි වෙළෙන්ඳන් සමූහයක් මුණ ගැසුණේ ද කිලිවෙට්ටිහිදීය. රටවැසියන්ට විකිණීම සඳහා ඔවුහු තල ඇට, පබළු සහ කොට්ට පොල් ගෙන එමින් සිටියහ. කොට්ටියාර් සිට මහනුවර දක්වාවූ මාර්ගය මහවැලි ගං ඉවුර දිගේ වැටී තිබුණු අතර වෙළෙඳ ද්‍රව්‍ය ඔබ මොබ ගෙන යමින් සිටි මුස්ලිම් වෙළෙඳ තවලම් එහි නිරතුරුවම දක්නා ලදී. 1762 දී තිරිකුණාමලයේ සිට මහනුවර බලා යමින් සිටි පයිබස්ට අතරමගදී ගවයන් විස්සක් තිහක් සහිත මුස්ලිම් තවලමක් හමු විය. ඔවුහු ලූණුවලට මාරු කිරීම සඳහා ධාන්‍ය මලූ මුහුදු බඩ නගරවලට ගෙන යමින් සිටියහ. කාලයාගේ ඇවෑමෙන් මේ මාර්ග දිගට මුස්ලිම් ජනවාස බිහිවී ඇති බැවින් රට මැද සිට වරායවල් කරා විහිදි ගිය ඒ පැරණි වෙළඳ මාර්ග අපගේ අධ්‍යයනයට වැදගත් වේ. පණිවිඩ හුවමාරුව ඉතා දුර්වලව පැවති අවධියකදී බර අදින ගවයන් කිහිප දෙනෙකු ගෙන් සමන්විත තවලමකට එහි ගමනාන්තය දක්වා යාමට දින කිහිපයක්ම ගත විය. ඒ නිසා, රාත‍්‍රී ලැගුම් පොළවල් පමණක් නොව, වෙහෙස මහන්සියට පත්ව සිටි ගොන්නුන්ට තණ උලා කන්නට ද දිය බී පවස නිවාගන්නට සාගින්නෙන් පෙළුනු තවලම්කරුවන්ට ඔවුන් ගේ දිවා ආහාරය පිසගන්නට ද හැකි දිවා නැවතුම් පොළවල් ද, දිය පාරක් අසලින් අවශ්‍ය විය. බොහෝ මුස්ලිම් ජනාවාසවල කේන්ද්‍රස්ථානය වුයේ එ වැනි නැවතුම් පොළවල්ය.

පයිබස් පසු කළ මුස්ලිම් ගම්මාන කිහිපයක් ඔහු විස්තර කරයි. පඟුරාන එවැනි එක් ගමෙකි. නිවාස දොළසකින් පමණ සමන්විත මේ ගමේ වැසියන්ට කුඹුරු ඉඩම් තිබුණු අතර, ප‍්‍රධාන වශයෙන් මී හරකුන් ගෙන් සමන්විත පනහක හැටක පමණ ගව පට්ටියක් ද විය. ගොබවිතැන් බත් කිරීමට උචිත අයුරින් පඟුරාන කවුඩුල්ල ඔය ඉවුරේ පිහිටා තිබුණු හෙයින් සමහර ගම්මු ගොවිතැන් කටයුතු සඳහාම එහි පදිංචිව සිටියහ. ඒ ඔය අසබඩ ම පිහිටි නුදම්මන ගම මුස්ලිම් ගෙවල් දස දොළසකින් පමණ සමන්විත විය. ගෙවල් හතඅටකින් සමන්විත, ගවයන් තිහහතලියක් සිටි නිකවටන පයිබස් විස්තර කළ තවත් ගම්මානයකි. දහඅට වන සියවසේ අග භාගය වන විට රට අභ්‍යන්තරය කරා විහිදි ගිය වෙළඳ මාර්ග දිගට කුඩා මුස්ලිම් ජනාවාස බිහි වී තිබුණු බැව් පැහැදිලි වේ. වැඩි වුව හොත්, නිවාස දොළසකින් පමණ සමන්විත වූ ඒ ගම්වල වැසියන් ගේ ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගය වෙළඳාම වූවත්, ජලය ලබාගත හැකි ස්ථානවල ඔවුහු වී ගොවිතැන ද කළහ. ප‍්‍රවාහණ කටයුතු සඳහා මෙන්ම ගොවිතැන් කටයුතු සඳහාත් ඔවුහු ගවයන් ඇති කළහ. එදිනෙදා අදින ඇඳුම් සඳහා රෙදි විවීම ද ඔවුන් ගේ එක් කර්මාන්තයක් ව ූඅතර, ඩඑය කළේ ස්ත‍්‍රීපන් විය හැකිය. මහනුවර විසූ දිසාවට බදු වශයෙන් රෙදි කොටසක් බැගිපන් දීමට එක් එක් පවුලකට සිදු විය.

1762 දී පවා උඩරට රජුගේ බලය තිරිකුනණාමලය අවට ප‍්‍රදේශවල, ඔහුගේ මුස්ලිම් හා දෙමළ වැසියන් අතර පවා, තදින් පැතිරි තිබුණු බැව් පයිබස් ගේ විස්තරයෙන් පෙනේ. මුතුර්හි ගම්මුලාදෑනියා රාජකාරිය සඳහා ගැමිබයන් කැඳවු අතර ඉන් සමහර දෙනෙක් රජුගේ ආගන්තුකයා, ඒ නම් පයිබස් කැටුව යාමට සහ ඔහුගේ ආවතේව කිරීමට යොදවනු ලැබූහ. පයිබස් ගමන් කළ පල්ලැක්කිය ඔසවාගෙන යාමත්, ඔහුට බත් සහ කුකුලූ මස් වැනි ආහාර සැපයීමත් ඇතැමුන් ගේ රාජකාරිය විය. දෙමළ පවුලකට අයත් නිවසක ඔහු රාත‍්‍රිය ගත කළ අතර, එයද ඔවුනට නියමිත වු රාජකාරියේ කොටසක් වූයේය. මේ ආකාරයට, රජුගේ ආගන්තුකයා වූ තානාපතිවරයා (පයිබස්) දිස්ත‍්‍රික්කයේ සීමාව පසු කරන තුරුම ඔහුගේ වුවමනාවෙන් පිරිමසාලීමට එම දිස්ත‍්‍රික්කයේ ගම්මුලාදෑනිවරුන් වගබලා ගත්හ. දිස්ත‍්‍රික්ක සීමාවේ දී ඊළඟ දිස්ත‍්‍රික්කයේ ගම්මුලාදෑනිවරුන් ඒ වගකීම බාරගත් අතර තානාපතිවරයා අගනුවරට පැමිණෙන තුරුම මේ ක‍්‍රමය අනුගමනය කරනු ලැබීය.

ක‍්‍රිස්තු පූර්ව කාලයේ සිට සිංහල රජවරුන් ගේ ධාන්‍යාගාරය වූ දීඝවාපිය මඩකලපු ප‍්‍රදේශයේ පිහිටියේය. දුටුගැමුණු රජු (ක‍්‍රි. පූ. 111 – 137) යුද කටයුතුවලට සුදානම් වීම සඳහා ගොවිතැන් කටයුතු මෙහෙය වීමට ඔහු ගේ මලණුවන් වූ සද්ධාතිස්ස කුමරුන් යවනු ලැබුවේ එම ප‍්‍රදේශයටය. වාරි ශිෂ්ටාචාරෙඉය් බිඳ වැටීමත් සමග මේ ප‍්‍රදේශය, සෙනරත් රජුගේ රාජ්‍ය සමය දක්වාම වල් බිහි වී විනාශ වී තිබිණි. පෘතුගීසීන්ට විරුද්ධව සෙනරත් රජු මෙහෙය වූ යුද කටයුතු සඳහා සුදානම් වනු පිණිස මේ ප‍්‍රදේශයේ වී ගොවිතැන යළි ආරම්භ කිරීමට ඔහු දෙමළ සහ මුස්ලිම් පිරිස් විශාල සංඛ්‍යාවලින් මේ ප‍්‍රදේශයේ පදිංචි කරවු බැව් අපි දුටුමු. මේ ප‍්‍රදේශයේ ප‍්‍රධාන වී නිෂ්පාදන ප‍්‍රදේශයක් වශයෙන් වර්ධනය බවිය. එහිදි මඩකලපුවේ අතිරික්ත වී ඒවා අවශ්‍ය දිවයිනේ වෙනත් පළාත්වලට ගෙන යනු ලැබීය. මහනුවර සිට මිණිපේ වෙල්ලස්ස හරහා මඩකලපුව දක්වා විහිදුණු මාර්ග තිබුණු අතර ඒවා දිගට මුස්ලිම් ජනාවාස බිහි විය. කොට්ටියාර් සහ මඩකලපුව වරායවලට යාත‍්‍රා කළ සම්පත් නම් කුඩා යාත‍්‍රා සිය ගණනින් දකුණු ඉන්දියාව සමග උද්‍යෝගවත් ව වෙළෙඳ කටයුතු වල යෙදි සිටි බැව් පෙනේ.

පුත්තලම සහ කල්පිටිය වරායවල් ජනබහුල සරුසාර හත්කෝරලයට සම්බන්ධ විය. හත්කෝරලයේ නිෂ්පාදන, ප‍්‍රධාන වශයෙන් පුවක් සහ සහල්, මුස්ලිම් වෙළෙන්ඳන් විසින් තවලම් මගින් කල්පිටිය දක්වා ගෙනයාමට සිදු විය. මදුරාපුරයේ සහ තන්ජෝරයේ සිට පැමිණෙන විශාල යාත‍්‍රා සාමාන්‍යයෙන් කල්පිටියේ නැංගුරම් ලූ බැවින් එසේ කිරීම අවශ්‍ය විය. පුත්තලම් – කල්පිටි වෙරළ තීරුව දිගට විශාල මුස්ලිම් ජනගහනයක් කේන්ද්‍රගත ව සිටි අතර කුමාර වන්නිය නම් වූ ඒ ප‍්‍රදේශයේ ප‍්‍රධානයන් ගෙන් යටත් පිරිසෙයින් එක් තැනැත්තෙක් හෝ මුස්ලිම්වරයෙක් වූයේය. ඔහු පුත්තලමේ දිසාව යටතේ ක‍්‍රියා කළේය. ඔහුගේ බල සීමා ප‍්‍රදේශය තුළ මුස්ලිම් මෙන් ම සිංහල ගැමියෝද වූහ.

යුරෝපීය ජාතිකයන් බටහිර මුහුදු තීරය දිගට පැළ පදියම් වී සිටිය බැවින් උඩරට රාජධානියේ දකුණු හා නිරිත දිග ප‍්‍රදේශවල අයට මුහුදට ප‍්‍රවේශ වීමේ ඍජු මාර්ගයක් නොවීය. එබැවින්, වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කරගැනීම සිදුවුයේ දේශ සීමාවේ පිහිටි රුබවන්වැල්ල, සීතාවක සහ කටුවන නගරවලදීය. මුස්ලිම්වරුන් තම තවලම් සමග මේ නගරවල වෙළහෙළඳාමේ යෙදුණු බැව් කිහිප තැනකම සඳහන් වී තිබේ. උඩරට රාජධානීයේ නිෂ්පාදන රුවන්වැල්ලේ දි සහ සීතාවක දී කොළඹ වෙළඳපොළට ලබාගත හැකි වු අතර කටුවනදී දකුණේ වෙළෙඳුන් සමග ගනුදෙනු සිදු කරන ලදී.

මුස්ලිම් වෛද්‍යවරු

මුස්ලිම්වරුන් දන්නේ වෙළහෙළදාම් හා වාණිජ කටයුතු පමණකැයි සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලැබුවද, ඔවුන් දස්කම් පෑ වෙනත් අංශද තිබුණු බැව් පෙනේ. වෛද්‍ය වෘත්තිය එවැනි එක් අංශයකි. ඇතැම් ශ‍්‍රී ලාංකික මුස්ලිම් පවුල් වල සාමාජිකයන් අතර සුප‍්‍රසිද්ධ වෛද්‍යවරු සිටියහ. ඔවුහු ඒ වෘත්තියේ කෙළ පැමිණි අය වූහ. ‘හකීම්‘යනුවෙන් හැඳින්වුණු ඔවුහු බටහිර ලෝකයේ ඉස්ලාමිය අධ්‍යාපන මධ්‍යස්ථානයන්හි පැවති වෛද්‍ය හා විද්‍යාත්මක ඥානය රැුගෙන දහතුන් වන, දාහතර වන සියවස්හි ශ‍්‍රී ලංකාවට පැමිණි අරාබි සංක‍්‍රමණිකයන් තම මීමිත්තන් ලෙස සැලකූහ. ඊටත් පෙර සිට යුනානි වෛද්‍ය ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ දැන සිටි බැව් මෑතදී සොයාගත් කරුණුවලින් වටහාගත් හැකිය. දළ වශයෙන් එත් වන සියවසේ සිට නව වන සියවස දක්වා කාලයට අයත් යැයි සැලකෙන සැසේතියානු බුජම් අනුරාධපුරයේ මිහින්තලේ ඉපැරණිම රෝහල් භූමියේ නටබුන් අතරින් සොයාගෙන තිබේ. යුනානි ඖෂධ වර්ග මේ බුජම්වලින් අරාබියේ සහ පර්සියානු බොක්කේ සිට ශ‍්‍රී ලංකාවට ආනයනය කළේ යැයි සිතිය හැකිය. සිංහල රජවරුන් විසින් මේ රටට පැමිණ හකීම්වරුන් ඉත සිතින් පිළිගනු ලැබ ඔවුන්ට ඉඩම් පරිත්‍යාග කරනු ලැබීමෙන් ම යුනානි ක‍්‍රමය කෙතරම් ජනප‍්‍රිය ව තිබිණි දැයි ඔප්පු වේ.කල් ගත වීමේ දී, විශේෂයෙන්ම කන්ද උඩරට ප‍්‍රදේශවල යුනානි ක‍්‍රමය කෙරෙහි ආයුර්වේදයේ බලපෑම් ඇති වී ආයුර්වේද ඖෂධ යුනානි ක‍්‍රමයේ දී භාවිත කිරීමට පටන් ගනු ලැබීය. කෙසේ වූවද, කොළඹ, ගාල්ල සහ බේරුවල වැනි ඇතැම් මුහුදුබඩ නගරවල යුනානි ක‍්‍රමය අඩු වැඩි ලෙසින් පිරිසිඳු ආකාරයෙන්ම භාවිත කරන ලදී. උඩරට රජු විසින් ඔහුගේ ප‍්‍රදේශයට පැමිණෙන ලෙස ආරාධනය කරනු ලැබූ සුල්තාන් කුට්ටියා, ගාල්ලේ වෙදරාල ගැන කලින් සඳහන් කරන ලදී.

මේ වෙදවරුන් අතර ඉතාම ප‍්‍රසිද්ධ වූවෝ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ගැටබේරිය ගමේ ගෝපාල මුස්ලිම්වරු ය. ඔවුන් ගෙන් පැවතෙන්නත් තවම ජීවත් වන ගැටබේරිය ගම, එහි විසු මහලූ වැසියෙකුට දෙන ලද වෛද්‍යාධාර වෙනුවෙන් එම පරම්පරාවේ ආදිමතයකුට තෑගි කරනු ලැබීය. මේ වෙද පවුල ස්පාඤ්ඤයේ මවහාද් රජ පෙළපතට අයත් ආජකීය වෛද්‍යවරයෙකු වූ මහා පඬිවරයකු වූ හකීම් කෙනකු ගෙන් පැවත එන බැව් කියයි. ක‍්‍රි. ව. 1110 දී නැගෙනහිර ග්රැුනඩාවේ උපත ලැබූ ඔහු නමින් අබුබකර් මොහම්මද් ඉබු මලීක් අබු තුෆායිල් අල් මදානි විය. කෝර්ඩෝවා විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වූ ඔහු 1165 දී මොරොක්කෝවේ අබු යාහුබ් ඉබු යුසුෆ් කාලිෆ් රජ්ගේ ප‍්‍රධාන වෛද්‍යවරයා, උපදේශකවරයා, හා ලේකම් ද වුයේය. පාරම්පරික කතාවලට අනුව, ඔහුගේ දරු මුණුබුරන් ගෙන් පිරිමි දෙන්නෙක් උතුරු ඉන්දියාවේ සින්ද් පළාතේ ගොජ නමින් හැඳින්වූ නගරයක ජීවත් වූහ. දඹදෙණියේ II වන පරාක‍්‍රමබාහූ රජුගේ (1236 – 1270)ආරාධනාව මත ඔවුන්ට ශ‍්‍රී ලංකාවට යන ලෙස දිල්ලියේ සුල්තාන්වරයා ගේ අමාචත්‍යවරුන් අණ කර තිබේ. කවි සිළුමිණේ සුප‍්‍රසිද්ධ කතුවරයා මෙන්ම පඬිවරුන් ගේ ආරක්‍ෂකයෙකු ද වූ මෙ රජු රජ පැමිණ විසි දෙවන වර්ෂයේදී සුව කළ නොහැකි රෝගාබාධයක් වැලඳි ගොත ගසන්නට පයන් ගෙන අන්තිමේදී තම රාජකීය කටයුතු අමාත්‍යවරයෙකුට ද, පසුව තමාගේ පුත‍්‍රයාට ද භාර කිරීමට සිදු වු බැව් ප‍්‍රසිද්ධය. එවැනි තත්වයක් යටතේ, තමාට ප‍්‍රතිකාර කිරීම සඳහා යුනානි වෙදැදුරන් දෙදෙනා එවන ලෙස රජු දිල්ලියේ සුල්තාන්වරයා ගෙන් ඉල්ලා සිටීමට බොහෝ සෙයින් ඉඩ ඇත. ඔවුන් පදිංචි ව සිටි නගරයේ නමින් සිංහල රජවරුපන් ඔවුන් ගෝපාල යනුවෙන් හැඳින්වූ බවත්, ඔවුන්ගේ කෘතිවල සහ ඔප්පු ආදියෙනිරන්තරයෙන්ම පාවිච්චි කරනු ලැබු ඒ නම නිසා ශ‍්‍රී ලංකාවේ වෙනත් සියලූම මුස්ලිම් පවුල්වලින් ඔවුන් වෙන් කොට හඳුනාගනු ලැබු බවක් පවසා තිබේ. වෛද්‍යවරුන් ලෙසින් පමණක් නොව උපදේශකවරුන් සහ සෙන්පතියන් වශයෙන් ද සේවය කර ඇති ගෝපාල මුස්ලිම්වරු සිංහල රජ වංශයේ හිතෛෂි අනුගාමිකයෝ බවට නම් දරා සිටිත්. II වන පරාක‍්‍රම බාහු රජ සමයේ සිට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජ සමය (1796 – 1815)දක්වා කාලය තුළ ගෝපාල මරක්කලයන් ගෙන් අයකු රාජකීය බේත් ගේ හෙවත් රජ ගේ වෛද්‍ය අංශය බාරව සිටිය හයි සිතිය හැකිය. ගෝපාල මරක්කල පරම්පරාවෙන් පැවතෙන්නෝ බේගේ උඩයාර් නිලමෙවරුන් වශයෙන් දැනුදු ප‍්‍රසිද්ධව සිටිති.

හිටපු පුරාවිද්‍ය කොමසාරිස්වරයෙකු වූ එච්. සී. පී. බෙල් මේ පවුලේ සම්භවය සම්බන්ධ පහත සඳහන් පරම්පරාගත සිද්ධිය සොයාගෙන තිබේ. සාංක‍්‍රමණික මුස්ලිම්වරුන් දෙදෙනා සිංහල ස්ත‍්‍රීන් සරණ පාවාගැනීමට කැමැත්තක් දැක්වුවද, ඔවුන් විදේශිකයන් වූ බැවින් වංශවත් කුලවල ස්ත‍්‍රීන් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබේ. මේ මුස්ලිම්වරුන් දෙදෙනා තම රාජධානියේ රඳවාගැපනීමට දැඩි අපේක්‍ෂාවක් ඇතිව සිටි රජු ඔවුන්ට සුදුසු කුල කාන්තාවන් ලබා ගැනීමට උපක‍්‍රමයක් යෙදුවේය. රජුට දීර්ඝායුෂ ප‍්‍රාර්ථනා කිරීම සඳහා කරනු ලබන චාරත‍්‍රානුකූල කටයුත්තක් වන ආවැඩුම කිරීම සඳහා අවුරුදු දහය දොළහේ වයසැති ගැහැණු ළමයි ගණනාවක් රජ මාළිගාවට කැඳවනු ලැබූහ. මුස්ලිම්වරු දෙදෙනා රාජකීය අනුග‍්‍රහය ලැබ ඔවුන් සිත්ගත් ගැහැණු ළමයි දෙදෙනෙකු පැහැරගෙන රජ මාළිගාවේ සඟවා තැබුහ. ඒ ළමයින්ගේ දෙමව්පියෝ ඔවුන් සොයා වෙහෙසට පත්ව ඔවුන් නැති වෙන්නට ඇතැයි සිතා සෙවිල්ල අත්හැරදැමුහ. ගැහැණු ළමයි දෙදෙනා ඉස්ලාම් ආගමට හරවා මුස්ලිම්වරුන් දෙදෙපනාට සරණ පාවා දෙනු ලැබූහ. අකුරණ මුස්ලිම්වරුන් සම්බන්ධයෙන්ද මෙවැනිම සිද්ධියක් වූ බැව් ඉහතින් සඳහන් වෙයි. මුලින් මුලින් සිංහල භාර්යාවන් ලබා ගැනීමට මුස්ලිම්වරුන්ට දුෂ්කරතා ඇති වූ බැව් ඒවායින් පෙන්නුම් කෙරේ.

ගෝපාල මුස්ලිම්වරු කෝට්ටේ රජවරුන්ට ද සේවය කළහ. කන්ද උඩ රජ කෙනෙකු ඔවුන් ගේ වෛද්‍ය දස්කම් ගැන අසා පැහැදී, රෝගාතුර ව සිටි බිසොවට බෙහෙත් හේත් කරන ලෙස ඔවුන් ගෙන් කෙනෙකුගෙන් ඉල්ලා සිටියේ යැයි කියති. වෛද්‍ය කර්මය ගැන ඔවුන් ගේ දැනුම පිරික්සා බැලීම පිණිස රජු පහත සඳහන් උපාය යෙදු බැව් සඳහන් වේ. වෙදැදුරාට ඇය නොපෙනෙන පරිදි රෝගියා කාමරයක තැබුවේය. ඔහුට නාඩි පිරික්සීමට පවා අවකාශයක් නොදෙන ලදී. ඒ වෙනුවඉට, වෛද්‍යවරයා නොමග යැවීමට සිතා, නූලක් ගෙන එහි එක් කෙළවරක් කාමරයේ දොර පොල්ලක ගැට ගසා අනෙක් කෙළවර වෛද්‍යවරයා අතට පත් කරන ලදී. නූල අල්ලා බැලූ වෛද්‍යවරයා එය අප‍්‍රාණික වස්තුවකට ගැට ගසා ඇතැයි ප‍්‍රකාශ කළේය. ඉන් පසුව එය සුනඛයෙකුට ගැට ගසන ලදුව ඒ සිවුපාවෙකැය වෛද්‍යවරයා ක්ෂණිකව හඳුනාගත්තේය. ඔහුගේ දක්‍ෂතාව ගැන මුළුමනින්ම පැහැදුණු රජ නූල බිසොව ගේ මැණික් කටුවේ බඳින ලෙස අණ කළේය. නූලේ අනෙක් කෙළවර ඇල්ලූ පමණින් ම රෝගය හඳුනාගත් වෛද්‍යවරයා ප‍්‍රතිකාරයක් නියම කළේය. බිසෝව ගේ රෝගය සුව විය. වෛදයවරයා බේත්ගේ මුහන්දිරම් (රාජකීය වෛද්‍ය අංශයෙහි ප‍්‍රධාන) නිලය පිරිනැමු රජු පරණකූරු කෝරලේ, දුම්බර, මාතලේ, සහ යටිනුවර ඉඩම් නින්දගම් බවශයෙන් ප‍්‍රදානය කර වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදලියා යන නම්බු නාමය ඔහුට පට බැන්දේය. රාජ මාලිගාවේ වෛද්‍යවැන් 24 දෙනකු බේත්ගේ මුහන්දිරම් ගේ අධික්ෂණය යටතේ බේත්ගේ සේවය කළ අතර ඔවුන් ගෙන් කිහිප දෙනෙකු හෝ මුස්ලිම්වරුන් වන්නට ඇතැයි අනුමාන කිරීම සාධාරණය.

මේ සිද්ධිය ඇති වුයේ කවර රජු ගේ සමයේ දැයි අපගේ මූලාශ‍්‍රවලින් පැහැදිලි නොවේ. කොසේ වෙතත්, රාජකීය ගෞරවයට පාත‍්‍ර වීමෙන් පසුව පවුලේ බොහෝ දෙනෙකු මහනුවර පදිංචි වීමට දිරිමත් වූවා විය හැකිය. ගෝපාල මුස්ලිම්වරුන් හට තිබුණු වෛද්‍ය දැනුමට අමතරව ඔවුන්ගෙන් ඇතැමෙක් පශු වෛද්‍ය ක‍්‍රමයද දැන සිටිය බැවින් රජුගේ අලි ඇතුන්ට සහ අශ්වයන්ට ප‍්‍රතිකාර කළහ. කඩු හරඹයට ද ඔවුහු අතිදක්‍ෂයෝ වූහ. සංගීතය දැපන සිටි ඔවුන්ගෙන් සමහරු රජුගේ කවිකාර මඩුවට බැඳි වීණා වාදනය කළහ. මේ සියල්ලෙන්ම පැහැදිලි වනුයේ ඔවුපන් හා රජ මාලිගාව අතර සමීප සම්බන්ධතාවයක් පැවති බවයි.

1597 දී I වන විමලධර්මසූරිය රජු යටතේ ගෝපාල මුස්ලිම්වරයෙක් වෙරළාරක්‍ෂක හමුදාවේ සෙන්පති සහ ප‍්‍රධාන අණ දෙන නිලධාරි තනතුර දැරුවේය.‘සිංහල නිලධරයන් අතරින් නිර්භීතම පුද්ගලයා ඔහු විය. පෘතුගීසීන් විසින් ඔහු අල්ලාගන්නා ලදුව බේරා ගැනීම පිණිස පගෝදි 5000 ක් ගෙවීමට ඉදිරිපත් වූවද ඔහු මරාදමනු ලැබීය. 1669 ඕලන්ද වාර්තාවක ගෝපාල මුදලියා සහ මුස්ලිම්වරුන් ගේ මොහොට්ටාල කෙනකු ගැන සඳහන් වේ‘යනුවෙන් පෝල් ඊ. පීරිස් කියයි. ගලගම අදිකාරම්ගේ නමට දෙවනු ව මේ නම සඳහන් වී තිබීමෙන් උඩරට ධූරාවලියේ මේ පවුලට හිමි වී තිබුණු තත්වය මැනවින් පෙන්නුම් කෙරේ.

නරේන්ද්‍රසිංහ රජ සමබෙය් (1707 – 1739* ගෝපාල මුස්ලිම්වරුන් රජුගේ අප‍්‍රසාදයට පාත‍්‍ර වී ඔවුන් ගේ සමහර ඉඩම් රාජසන්තක කොට ඔවුහු මහනුවරින් පිටමං කරනු ලැබූහ. මෙයට හේතු දැනගන්නට නොමැති නමුත්, නරේන්ද්‍රසිංහ රජු ගේ කාලයේ වසංගතයක් මෙන් බෝ වූ කුමන්ත‍්‍රණවලින් එකකට ගෝපාල මුස්ලිබම්වරුන් හවුල් වූ හයි සැක කරනු ලැබී යැයි සිතිය හැක. කොසේ වුවද, ඒ දුර්භාග්‍යය තාවකාලික එකක් විය. ඊළඟ රජ සමයේදී රුට දැක්වූ ඉමහත් පක්ෂපාතීත්වය සහ හිතෛෂීවන්ත භාවය වෙනුවෙන් රජු සරුසාර උඩුනුවර සිදුරුවාන ප‍්‍රදේශයේ ඉඩම් රාපක්‍ෂ වෛද්‍යතිලක ගෝපාල මුදලිට 1749 දී තෑගි කළ බවක් සඳහන් බෙව්.

කීර්ති ශ‍්‍රී රාජපසිංහ රජ සමයේ දී (1747 – 1781)ගෝපාල මුදලියා ගේ නම ප‍්‍රසිද්ධත්වයක් ඉසිලීය. 1749 දී නගරයේ ජීවත් වූ කතෝලිකයන්ට සක‍්‍රමේන්තුව පිරිනැමීම සඳහා රජුගේ අවසරය ලබාගැනීමට මහනුවර විසු කතෝලික මිශනාරිවරුන් රජමාලිගාවේ විශාල පිළිගැනීමක් හිමි ව සිටි මුස්ලිබම් වෛද්‍යවරයකු ගේ සහාය පැතු බවක් කතෝලික මුලාශ‍්‍රය අපට දන්වයි. එය කරවාගැනීම සඳහා මිශනාරිවරු ඔහුට අල්ලස් දුන්හ. මේ බලගතු මුස්ලිම්වරඉයා අන් කිසිවකු නොව, ඒ අවධියේ රජුගේ බේත්ගේ ප‍්‍රධානියා වූ ගෝපාල පවුලේ නියෝජිතයා ය. ඔහු ගේ මැදිහත් වීම නිසා මහනුවර නගරයට ඇතුළු වී සක‍්‍රමේන්තුව පිරිනැමීබමට මීශනාරිවරුන්ඩට අවසර දෙන ලදී.

මේ රජු සමයේ ම පසු කාලයකදී ගෝපාල මුදලාලියා තව තවත් ප‍්‍රසිද්ධ වුයේය. රජු ඝාතනය කර, භික්‍ෂු වේශයෙන් දිවයිනට පැබමිණ සිටි සියම් ජාතිකයෙකු සිංහාසනරූඪ කිරීමට අතිප‍්‍රබල අන්දමේ කුමන්ත‍්‍රණයක් 1760 දී ඇති විය. මේ කුමන්ත‍්‍රණය සැලසුම් කරනු ලැබුවේ මල්වත්ත විහාර භූමියෝ දීය. දෙවන අදිකාරම් සමරක්කොඩි, මල්වතු විහාරයේ මහා නායක හිමි සහ රාජකීය මුළු තැන්ගෙයි මුලාදෑනියෙකු වූ මොලදණ්ඬේ රාල එහි නායකයෝ වූහ. තමන් ඝාතනය කිරීමට යොදාගෙන ඇති සැලසුම ගැන රජු ඔහුගේ හිතෛෂි අනුගාමික මුදලියා ගෙන් කල් ඇතිව දැන්ගත්තේය. මේ පක්‍ෂපාත ක‍්‍රියාව ගැන අතිශයින් පැහැදුණු රජු, කැරලිකාර මොලදණ්ඬේට අයිතිව තිබු සියලූ ඉඩකඩම් සමග ගැටබේරිය සන්නස් පත‍්‍රය, පල්කුමුරේ වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදලියාට පරිත්‍යාග කිරීමෙන් තම කෘතඥතාව පළ කළේය. රජුගේ රදළවරුන් සහ භික්‍ෂුන් වහන්සේලා ඔහුට විරුද්ධව කුමන්ත‍්‍රණ කළ විට ඔහුගේ දිවි ගලවාගත්තේ ඔහුගේ මුස්ලිම් අනුගාමිකයා වූ බැවින්, රජු ගෝපාල මුදලියා කෙරෙහි තැබු බවිශ්වාසය යුක්ති සහගත විය. මේ සිද්ධියෙන් පසුබව මුස්ලිම්වරුන්ගේ බලය සහ බලපෑම වඩාත් වර්ධනය වූයේ අනුමාන කිරීම සාධාරණ වේ.

එහි මුල් සන්නස් පත‍්‍රය, එකී පවුලෙන් පැවතෙන්නෙකු වන අල්හාප් එස්. එම්. අහමඞ් උඩෙයාර් ළඟ තවම තිබේ. සන්නස් පත‍්‍රය තිබෙන චාම් එහෙත් දැකුම්කලූ නිවසක් වූ ගැටබේරිය වලව්ව, ගැටබේරිය ගමේ අද ද දක්නා ලැබේ. එච්. සී. පී. බෙල් ගේ කාලයේ ගෝපාල පරපුරේ වයස්ගතම පුද්ගලයා වූයේ, 70 හැවිරිදි ගැටබේරිය සේගු මදාර් උඩෙයාර් ය. දක්‍ෂ වෛද්‍ය පවුලක් වශයෙනක් මේ පරපුර දැරූ විශාල ප‍්‍රසිද්ධිය සනාථ කරමින් ඔහුද වෛද්‍යවරයෙක් වූයේය. ඔහු ගෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා දුර පැහැර ප‍්‍රදේශ වල සිට රෝගීහූ එහි පැමිණියහ. තම පියා කරා පැමිණි සියලූම රෝගීන් හට ඔහු නොමිලයේ ප‍්‍රතිකාර කළ බැව් තමාට හොද හැටි මතක තිබේ යැයි ගැටබේරිය වලව්වේ වර්තමාන පදිංචිකරු වන 60 හැවිරිදි මොහම්මද් ඊබ‍්‍රාහම් උඩෙයාර් පවසයි. බෙහෙත් තුංඩු ලියන ලද්දේ සිංහල භාෂාවෙනි. ඔහු මුලින් හැදෑරු වෛද්‍ය පොත්පත් අරාබි භෂාවෙන් ලියන ලද ඒවා මුත්, පසුව ඒවා සිංහල පරිවර්තනය කරනු ලැබීය.

ගෝපාල මුස්ලිම්වරුන්ගෙන් කෙළින්ම පැවත එන තවත් පවුල් දෙකක් ගැටබේරිය වලව්ව සමීපයේ තවම ජීවත් බෙවති. 86 හැවිරිදි ගෝපාල වෛද්‍යරත්න මුදියන්සේලාගේ යාකුබි උඩෙයාර් මොහම්මද් ඊබ‍්‍රාහම් උඩෙයාර් සහ ඔහුගේ භාර්යාබව වන 82 හැවිරිදි පවුලාත් අම්මා එක් නිවසක පදිංචි ව සිටිති. විශ‍්‍රාම ලත් විදුහල්පතිවරයෙකු වන වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදියන්සේලාගේ සේගු අබු බකර් සේගු මොහම්මද් උඩයාර් අනික් නිවසේ වාසය කරයි. ඔහුගේ පියා චර්ම රෝග විශේෂඥයෙකු බව ූබවත්, අරාබි, සිංහල, හා දෙමළ භාෂාවලින් ලියු වෙද පොත් ඔහුට තිබූ බවත්, මොහම්මද් උඩෙයාර් පැවසුවේය. ඒතරම්වත් පොහොසත්කමක් නොතිබුණත් මේ සියලූ පවුල් තම කීර්තිමත් මුතුමිත්තන් පිළිබඳ මතකය ආදර භක්තියකින් අගය කරත් සිංහල මෙන්ම මුස්ලිම් ගැමියන්ද මරක්කල පවුලේ අයට ආමන්ත‍්‍රණය කරනුයේ නිලමෙ සහ මැණිකේ යනුවෙනි. මේ ආමන්ත‍්‍රණ පද උඩරට රදළ පවුල්වල අය සම්බන්ධෙයෙන් යොදාගන්නා අතිගෞරවාර්ථ පද වේ.

රාජකීය බේත් ගේ සමග තිබුණු මුස්ලිබම් සම්බන්ධය රාජාධීරාජසිංහ රජුගේ කාලය (1782 – 1798)දක්වාම පැවතියේය. 1786 දී රජු ගේ බේත් ගේ වෛද්‍යබවරයෙකු වූ බූවැලිකඩ වෙදරාලගේ අබුබනරි පුල්ලේ, රජු ගේ ප‍්‍රියතම දෙවන බිසොව වූ අලූගම දුග්ගන්නා උන්නාන්සේට ප‍්‍රතිකාර කළ බැවින් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් දාස්කර ගමෙන් ඔහුට ඉඩමක් ප‍්‍රදානය කරන ලදී.

මහනුවර අන්තිම රජ වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ කාලයේ දී (1798 – 1815)රාජකරුණා ගෝපාල මුදියන්සෙ රාලහාමි පිළිමතලව්වේ සහ ඇහැළේපොළ ඇමතිවරුන් සමග මහ නඩුවේ විනිශ්වයකාරවරයෙකු වශබෙයන් ක‍්‍රියා කළේය. බේත් ගේ වූ ඔහුගේ රාජකාරි වලට අමතරබව මේ නිලධාරියාට අධිකරණ රාජකාරියද පවරනු ලැබුවා විය හැකිය. උඩරට රජවරුන් ගේ රාජ්‍ය කාලය මුළුල්ලේ ම ගෝපාල මුස්ලිම්වරුන් සහ වෙනත් මුස්ලිම් වෛද්‍යවරුන් පක්‍ෂපාත සහ විහ්වාස කළ හැකි රට වැසියන් වූ බැව් ඉහතින් සඳහන් කළ සාධකවලින් පැහැදිලි වේ.

මුහුදුබඩ පළාත් ඕලන්ද සහ බි‍්‍රතාන්‍ය පාලනය යටතේ පැවති කාලවලදී මුස්ලිම් වෛද්‍ය වෘත්තික පවුල් එහි ජීවත් ඔවුන්ගේ දක්‍ෂතා ඒ ආණ්ඩු විසින් ද පිළිගනු ලැබු බැව් සැලකිය යුතු කරුණකි. තම හමුදාවල, නාවික පිරිස්බවල සහ බෙවනත් ඕලන්ද ජාතිකයන්ගේ ප‍්‍රයෝජනය බසඳහා ඕලන්දවරුන් මෙරට රෝහල් ඉදි කළහ. ප‍්‍රධාන රෝහල කොළඹ පිඑිටි අතර ගාල්ල, යාපනය, මාතර, තිරිකුණාමලය, මන්නාරම, මඩකලපුව, සහ කල්පිටිය යන ප‍්‍රදේශ වල කුඩා රෝහල් ඉදි කරනු ලැබීය. ස්වදේශිකයන්ට මේ රෝහල් වලට පැමිණිමට ඉඩ නුදුන් නමුත් දේශීය ප‍්‍රතිකාර ක‍්‍රම ඉතා ඉහළින් අගය කළ ඕලන්දවරු ඒවායින් ඇතැම් ක‍්‍රම තම රෝහල්වලද භාවිතා කළහ. ඒ නිසා දේශීය වෛද්‍යවරුන් ගේ අවශ්‍යතාවක් ඇති විඉය. 1791 දී මීරා ලෙබ්බෙ මේස්ත‍්‍රියාර් සේක මරික්කාර් සහ සරීක් ලෙබ්බෙ වෛද්‍යවරුන් වශයෙන් පත් කරනු ලැබූහ.

රාජෝත්තමයන් වහන්සේගේ ලංකාණ්ඩුවේ අග‍්‍ර විනිශ්චයකාරවරයා ශ‍්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් විසින් 1806 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පාලනය යටතේ පැවති වෛද්‍ය දෙපාර්තමේන්තුවේ දේශීය අදිකාරිවරයා වශයෙන් මීරා ලෙබ්බේ මේස්ත‍්‍රියාර් පත් කරනු ලැබීම නිසා ඔහු තව තවත් ප‍්‍රසිද්ධ වුයේය. ඔහුගේ කාලයේ විසු දේශිය වෛද්‍යවරුන් අතරින් ඉතා උගත් පුද්ගලයා ඔහු යැයි සලකනු ලැබූ අතර, ඉතා දුර්ලභ ස්වදේශීය වෛද්‍ය පොත් සමූහයක් ඔහුගේ පවුල සතුව තිබිණි. ඒවා අවුරුදු හත්අටසීයක් ඒ පවුලට අයත් ව තිබූ ඒවායි. මේ මුළු ශතවර්ෂ අට මුළුල්ලේ, යටත් පිරිසෙයින් , පවුලේ එක් සාමාකයකු හෝ වෛද්‍ය කර්මය ප‍්‍රගුණ කිරීම සිරිතක් විය.

දිවයිනේ මුස්ලිම් වෛද්‍යවරුන් විසින් ඉතා ඈත කාලයක සිට වෙද හෙදකම් සඳහා පාවිච්චි කරන ලද ශ‍්‍රී ලංකාවේ සියලූ ඖෂධ පැළෑටි පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් සම්පාදනය කළ මීරා ලෙබ්බේ මේස්ත‍්‍රියාර් වෛද්‍ය වෘත්තියට ඇප කැප වූ පර්යේෂඥයෙක් වූයේ ය. රාජකීය උද්හිද උද්‍යානය පිහිටුවීමේ මුල් අභිප‍්‍රාය වුයේ, දේශීය පරිභෝජනය සඳහා මෙන් ම වාණිජ කාර්යයන් සඳහා ද ඖෂධ පැළෑටි සහ ආහාරයට ගත හැකි ශාක වර්ග වගා කිරීම සහ වැඩි දියුණු කිරීමයි.

තවත් පරම්පරාගත කතාවකට අනුව, උස්භිද උද්‍යානය සැලසුම් කිරීම සහ ආරම්භ කිරී, ගම්පොළ හෝ මහනුවර හෝ රජවරුන් ගේ රාජ්‍ය සමයේ දී බේන් ගේ සේවයේ නියුක්ත ව සිටිමුස්ලිම් වෛද්‍යවරයකු ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කර තිබේ. 36 විවිධ ඖෂධ පැලෑටි සහ ඒවා වගා කිරිම අධික්ෂණය කිරීම සඳහා ඒ පවුලේ සමාජිකයකු උද්‍යානයේ පදිංචි ව සිටි බැව් පැවසේ. මේ පාරම්පරික කථාව ජොන්ස්ටන් ගේ සන්දේශවලින් අපට ලැබෙන තොරතුරු හා සමානවේ. බේන් ගේ වෛද්‍යවරයකු ගේ සහාය ඇතිව මේ ව්‍යාපෘතිය සිංහල රජකු ගේ රාජ්‍ය සමයේදී පැවති කලබලකාරී පරිසරය මැද නො සලකාහරින ලදුව මුස්ලිම් වෛද්‍යවරයකු ගේ මැදිත් වීම පිට බී‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් යළි පණ ගන්වන ලදැයි සිතීමට ඕනෑ තරම් සාධක ඇත. ඖෂධ පැලෑටි සහ ගස් වගා කිරිමට සිංහල රජවරුන් විශේෂ උත්සහයක් ගත් බැව් ප‍්‍රකට කරුණකි.

මුස්ලිම් වෛද්‍යවරුන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රගුණ කළ වෛද්‍ය ක‍්‍රමය විමසා බැලීම වටී. බටහිර ලෝකයට ශතවර්ෂයක් පමණ කලින් මුස්ලිම් ලෝකයේ බස්රා, කුෆ, බැග්ඩෑඞ්, කයිරෝ සහ කෝර්ඩෝවා වැනි මධ්‍යස්ථාන ගණනාවක වැඩිදියුණු වී විශ්වවිද්‍යාලයයන් සමුහයක් වර්ධනය වී තිබිණි. මේ ආයතනවලට පෙරදිගින් හා අපරදිගින් ශිෂ්‍යයෝ පැමිණියහ. අරාබිවරුන් බොහෝ කලා සහ විද්‍යා ගොඩ නැගුවේ ගී‍්‍රක පදනම මතය. මෙහිදී, අපරදිග ලෝකයේ රාසේස් නමින් ප‍්‍රසිද්ධ වු ආර්. රාසි (865 – 965)සහ වෛද්‍යවරුන් අතර කුමාරයකු වු අවිසෙන්නා (ඉබන් සීනා) (980 – 1037)යන ශ්‍රේෂ්ඨ නම් දෙක සිහියට නැඟේ. අරාබි ශල්‍ය වෛද්‍යාවරු නිර්වින්දන භාවිතය දැන සිටිය හ. ඔවුන් පාවිච්චි කල උපකරණවල පින්තුර ‘කිටබුත්තස්රිෆ්‘නම් වු ග‍්‍රන්ථයෙහි දැක්වේ. 37 එච්.සී. පී. බෙල් 1892 දී ලියු සටහනකින්, ඔහු එය ලියු අවස්ථාවේදී ගැට්බේරියේ ගෝපාල මුස්ලිම්වරුන් ළඟ යකඩ, වානේ සහ පිත්තල ආදියෙන් සාදන ලද, තුවාල කැපීමට සහ පිලිස්සීමට භාවිත කළ ශල්‍ය වෛද්‍ය උපකරණ තිබුණු බැව් පවසයි.

වෙළදාම කෙරෙහි දැඩි අවධානයකින් ඔවුන් පසු වුවද, ශී‍්‍ර ලංකාවට පැමිණි ඇතැම් අරාබි ජාතිකයෝ ඉස්ලාම් ලෝකයේ විද්‍යාත්මක දැනුම් සාගරයෙන් බිඳක් ඔවුන් එන විට ගෙන ආහ. මුස්ලිම් පුජකවරු සහ වෙළෙන්දෝ ඇරිස්ටෝටල්, ඉයුක්ලිඞ්, ප්ලේටෝ, ගැලන් සහ ටෙලමි ආදීන් ගේ කෘතිවල අරාබි පරිවර්තනයන්හි සාරංශ රැගෙන නිතර නිතර ශී‍්‍රමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් හමු වීමට පැමිණියහ. ඔවුන් ගේ මුතුමිත්තන් ගේ පවුල් විසින් එම කෘතීන් මුලින්ම බැග්ඩෑඩයෙන් ලබාගෙන ඇති බව ඔවුහු කියා සිටියහ. ඖෂධ පිළිබද මුස්ලිම් වෛද්‍යවරුන් ගේ පුළුල් දැනුම ගැන සදහන් කරන ජොන්ස්ටන්, ශී‍්‍ර ලංකාවට ගෙනා ප‍්‍රථම වෛද්‍ය ග‍්‍රන්ථ අතර ඉබන් සීන ගේ සුප‍්‍රසිද්ධ කෘතිය ද තිබුණු බැව් පවසයි. මුස්ලිම් වෛද්‍ය පවුල්වල වර්තමානයේ ජිවත් වන සමහරුන් ළඟ අරාබි භාෂාවෙන් ලියු, තැනින් තැන සිංහල සහ දෙමළ කවි එකතු කර ඇති, පසු කොළ පොත් තිබේ.

රාජදුතයන් වශයෙන් මුස්ලිම්වරු

උඩරට රාජධානියේ මුස්ලිම් ජාතිකයන් නොයෙකුත් ආකාරයෙන් රඩුට සේවය කළ අතර, බොහෝ විට ඇතැම් සේවා රහස්‍ය සහ ගෞරව ස්වභාවයේ ඒවා විය. 1762 දී ඉංගි‍්‍රසි ජාතික ජෝන් පයිබස් දින 13ක් ගත කරමින් ති‍්‍රකුණාමලයේ සිට ගන්නෝරුව දක්වා ගිය ගමනේදී පයිබස් ගේ පරිවාරක නිලධරයා වශයෙන් ගිය රජු ගේ බලය ලත් නියෝජිතයා මුස්ලිම්වරයෙකු වුයේය. පරිවාරක නිලධරයා ගේ නම පයිබස් සදහන් කර පුතා පයිබස් සමග නිතර ගැවසෙනු දුටු බවක්, කොළඹ දී (මේ දුත මෙහෙවර පිළිබද ව ඉතා විමසිලිමත් ව සිටි) ඕලන්දකාරයන්ට වාර්තා කර තිබේ. මවුලා මුහන්දිරම් ගේ පුතා ඉටු කළ සේවය ගැන ඉතා සතුටට පත් රජු ඊට තෑගි වශයෙන් ඔහු රත්රන්වලින් නැහැවීය. 39 ඊට අමතර ව, පියා ගෙන් සහ පුතා ගෙන් පගෝදි 1500ක සහ 2000ක මුදලක් භාණ්ඩාගාරයට අය විය යුතුව ඇති බවට වු පොරොන්දු නෝට්ටුවක් ඉරාදමා ණය අවසන් කරදමනු ලැබීය.40 කාර්ණාටකයේ නවාබ් මුහම්මද් අලි මගින් බි‍්‍රතන්‍ය උදවු උපකාර ලබාගැනීම පිළිබදව සාකච්ඡුා කරනු පිණිස උඩරට රජු විසින් මවුලා මුහන්දිරම් ගේ පුත් උදුමා ලෙබ්බෙ නවාබ් වෙත යවන ලද බැව් ඉහත සදහන් මුලාශ‍්‍රයයෙන් ම අපට දැනගත හැකිය.41 සැක පහල කළ නවාබ්, ඒ වැනි වැදගත් දුත මෙහෙවරක් සදහා සිංහල ඇමැතිවරයකු නෙන්ව්වේ මන්දැයි ඔහු ගෙන් ප‍්‍රශ්න කර, උදුමා ලෙබ්බේ ගේ නිර්ව්‍යාජත්වය සොයා බැලීම සදහා උඩරට රාජ සභාවට දුතයකු එවීමට තරම් දුරට ක‍්‍රියාත්මක වුයේය. තවත් අවස්ථාවක දී, රජු සහ ඕලන්දවරුන් අතර ගැටුම උත්සන්න වුව හොත්, රජුට හේවායින් බඳවා ගැනීම සඳහා මවුලා මුහන්දිරම් මදුරාසියට යවනු ලැබීය. 42 රාජධානියෙන් පිටත සිදු වන දේවල් පිළිබඳව ඉක්මන් තොරතුරු ලබාගැනීම සඳහාත්, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ මෙන්ම සමාගම සතුව පැවති ප‍්‍රදේශවල බල දේශපාලන කටයුතු සොයා බැලීම සඳහාත් රජු ඔහු ගේ මුස්ලිම් වැසියන් යොදාගති. මුස්ලිම් වරුන් උඩරට රජු ගේ සිත් දුෂ්‍ය කරන බවටත්, මුස්ලිම්වරුන් උඩරට රාජසභාව ප‍්‍රයෝගකාරි වී ඇති බවටත්, සමාගමේ කටයුතු සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලබා ඇති බවටත්, ඕලන්ද ආණ්ඩුකාර ජෑන් ස්කරූදර් (1757 – 1762)පැමිණිලි කරයි.

ඕලන්ද හමුදා මහනුවර අල්ලාගත් අවස්ථාවේ දී ඔවුන්ට විරුද්ධ ව සටහන් කිරීමට ප‍්‍රංශ ජාතිතයන්ට ගේ ආධාර ඉල්ලා කිර්ති ශී‍්‍ර රාජසිංහ රජු ඔහු ගේ ප‍්‍රිතම මුස්ලිම් වෛද්‍යවරයා වු ගෝපාල මුදලි පොන්ඩිචෙරියට යැවු බව, බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයෙන් සොයාගත්, 1765 දින දරන ඉඩම් ප‍්‍රදානය කිරිමේ තඹ සන්නසකින් අනාවරණය වේ. සන්නස් පත‍්‍රයේ ම සඳහන් වේ. උඩරට රජවරුන් තම මුස්ලිම් වැසියන් කෙරෙහි තැබු අවල විශ්වාසය සහ කුලූපග භාවය මෙයින් මනාව පෙනේ.

මුස්ලිම්වරුන් සතු වු මුහුදු යාත‍්‍රා පරිචය, අන්තර්ජාතික සම්බන්ධතා, විවිධ භාෂා කතා කිරීමේ දක්ෂතාව නිසාත්, 44 රයික්ලොෆ් වැන් ගොයන්ස්පවසන අන්දමට 45 චාටු බස් බිකිණිමට ශූර දැනුමක් ඔවුන්ට තිබුනු නිසාත්, උසස් පෙලේ මුස්ලිම්වරු වැදගත් විදේශ මෙහෙවර සඳහා තෝරාගනු ලැබුහ. යථෝක්ත අගනා දක්ෂතා නිසා ම ඔවුන්ට සුවිශේෂ වු ැාජතාන්ත‍්‍රික ඥානයක් තිබිණි. 1283 තරම් ඈත අතිතයේ දී යාපහුවේ ෂ වන බුවනෙකබාහු (1272 – 1284)වෙළෙඳ සම්බන්ධකම් කෙළින්ම ඇති කරගැනීම සාකච්ඡුා කිරිම සඳහා අල්හාප් අබු උත්මාන් ඊපජිප්තුවේ රාජසභාවට යැවු දා සිට, ඒ වැනි තානාපති රාජකාරි, සිංහල රජවරුන් විසින් සාම්ප‍්‍රදායික ව මුස්ලිම්වරුන්ට පවරා ඇති බව් පෙනේ.

තානාපති මුදියන්සේලාගේ යන වාසගම සහිත ඇතැම් මුස්ලිම් පවුල් උඩරට ප‍්‍රදේශවල සිටිනු දැකිම සැලකිය යුතු කරුණකි. මුදියන්සේ යනු ඉහළ නිලධරයෙකි. බොහෝ වාසගම් වලින් පවුලේ අය මුලින් දැරූ තනතුරු හෙළි කර බැවින්, මේ පවුල්වල ආදිතමයන් උඩරට රජවරුන් ගේ තානාපතිවරුන් ලෙස සේවය කළා විය හැකිය.

මුස්ලිම්වරුන් සහ රාජකීය උල්පැන් ගේ

රජ මාලිගාවේ තවත් වැදගත් අංශයක් වුයේ උල්පැන් ගෙය යි. පවුල් 500ක් පමණ සංඛ්‍යාවක් හවුල් වන මේ සේවය සංකීර්ණ එකකි. ඒ සියලූ ම පවුල් උල්පැන් ගේ රාජකාරිය සඳහා ලැබුණු ඉඩකඩම් භක්ති විදිති. මේ සංකීර්ණ රාජකාරියට මුස්ලිම්වරුන් බඳවාගත් බවට සාක්ෂ්‍ය ඇතත් ඒ කවර තත්වයේ තනතුරුවලට දැයි නිසැකව ම කිව නොහැකිය. රජු ගේ පා දෝවනය කිරීමේ වරප‍්‍රසාදය ඔවුන්ට පිරිනැමුවා විය හැකිය. ඒ සෙත් නැති නම්, මුස්ලිම්වරුන්ට පැන් උණු කිරීම සඳහා උල්පැන් ගෙට දර සැපයීමේ කාර්යය ඉටු කිරීමෙන් ඊට දුරස්ථ ව සහභාගි වුවා විය හැකිය. 46

මුස්ලිම්වරුන් සහ රාජකීය මුල්තැන් ගේ

මුස්ලිම්වරුන් යොදවනු ලැබු වඩා වැදගත් වගකිම්වලින් භාරදුර කර්තව්‍යයක් වුයේ, රජ මාලිගාවේ මුල්තැන් ගෙයයි. 47 රජු ගේ ජිවිතය රදා පැවතුණේ ඔවුන් ගේ අතේ බැවින් රාජකීය මුල්තැන් ගේ රාජකාරි කටයුතු අතිශයින් විශ්වාසවන්ත හිතෛෂි සේවකයන්ට පමණක් සීමා විය. කන්ද උඩරට රජවරුන් මුස්ලිම් ආහාර පාන සඳහා රුචිකත්වයක් ඇති ව සිටිනා පමණක් නොව, මුස්ලිම්වරුන් සිංහාසනයට ඉතා පක්ෂපාත අනුගාමිකයන් වශයෙන් සලකනු ලැබු බැව් ද දක්නට ලැබේ.

හමුදාවේ මුස්ලිම්වරු

ආරම්භයේ සිටම මුස්ලිම්වරු සිංහල රජවරුන් ගේ හමුදාවලට බැ`දී එහි ඉතා ඉහළ තනතුරුවලට පත් වුහ. සීතාවක, කෝට්ටේ සහ කන්ද උඩරට රජවරුන් වෙනුවෙන් ඔවුන් සටන් කළ අයුරු අපි දුටුමු. කන්ද උඩරට රාජධානිය පැවති කාලය මු`ඵල්ලේම උඩරට රජ්ජුරුවන් ගේ පාබළ හමුදාවේසැලකිය යුතු සංඛ්‍යාවක් මුස්ලිම්වරු වුහ. උඩරට රජු ගේ පාබළ හමුදාවේ, විශේෂයෙන්ම රාජධානියේ අවසන් දිනවල, මුදල් ප‍්‍රශ්න නිසා, කුඩා එකක් විය. 1810 දී මලාබාර්වරුන් 400 දෙනකු ද, මුස්ලිම්වරුන් 250 දෙනකු ද, මැලේ ජාතියන් 200 දෙනකු ද, මහනුවර සටන් පුහුණුව ලැබු බැව් දක්නා ලදි. 48 දේශීය කුමන්ත‍්‍රණ ගැන පරික්ෂාවෙන් සිටිම සඳහා රජවරුන් විසින් තම හමුදාවල සිංහල නොවන සේනාංකයක් තඩා ගැනීම අසාමාන්‍ය කරුණක් නොවීය.

රටේ ආර්ථිකයට උරදෙමින්

මුස්ලිම් පේෂකාරයෝ, සන්නාලියෝ සහ කරණවෑමියෝ

මුස්ලිම්වරු දක්‍ෂ පේෂකාරයෝ හෙවත් රෙදි වියන්නෝ වූහ.පරම්පරාගත කතාවලට අනුව, දිවයිනට පේෂකාර කුලය හෙවත් සලාගම් කුලය හඳුන්වාදුන්නේ මුස්ලිම්වරුන්ය. ඔවුන් සුවිශේෂි ආකාරයේ දක්‍ෂතාවයකින් රෙදි වියු බැව් පෙනේ. 1762 දී ජෝන් පයිබස් මහනුවරට ගිය ගමනේදි ඔහු තෙවන රාත‍්‍රිය ගත කළේ තිරිකුණාමලයට සැතපුම් 21 ක් නුදුරින් පිහිටි පඟුදාන නම් ගමේ ය. ඒ ගමේ පදිංචිකරුවන් වූ මුස්ලිම්වරුන් සත්ත්ව පාලනයට සහ ගොවිතැනට අමතරව, තමන්ගේ ම ඇඳුම් සඳහා දළ කපු රෙදි කෑලි කිහිපයක වියාගැනීමට පුරුදුව සිටි බවක් පියිබස් දුටුවේය. තමන්කඩුව පළාතේ පිහිටි මේ ගම්මානයේ පළාත් ආණ්ඩුකාරවරයා හෙවත් දිසාව වාසය කළේ මහනුවරය. දහ වන ශත වර්ෂයේ ආරම්භයේදී ශ‍්‍රී ලංකාව විසු එකම සන්නාලියන් වූයේ මුස්ලිම් ජාතිකයන් සහ සලාගම් වැසියන් පමණි. ඇඳුම් මැසීම ඔවුන් ප‍්‍රගුණ කළ තවත් කර්මාන්තයකි. ඕලන්ද ජාතිකයන් විසින් තාවකාලිකව කොළඹ පදිංචි වීමට අවසර දෙනු ලැබු මුස්ලිම්වරුන් කිහිප දෙනා අතර ඇඳුම් මසන්නෝද වූහ. අද පවා මුස්ලිම් ඇඳුම් මසන්නන් කොළඹ බහුලව සිටිනු දැකියහැකිය. මුස්ලිම් කරණවැමියන් හෙවත් පණික්කියන් පිළිබඳව සඳහන් වේ.

මුස්ලිම් මැණික් කර්මාන්තකරුවෝ

පරම්පරා ගණනාවක් මුළුල්ලේ ලබා ඇති පළපුරුද්ද නිසා මුස්ලිම්වරු මැණික් හදුනා ගැනීම, කැපීම සහ විකිණිම සම්බන්ධයෙන් කිසිවකුටත් නොදෙවෙනි දක්ෂතාවක් ලබා සිටිති. අරාබි ජාතිකයන් පළමුවෙන් ම ශී5 ලංකාවට පැමිණිමට පෙඹුණේ මැණික් සඳහා වු වුවමනාව නිසායි. එදා සිට ඔවුහු අතර වෙළදාමට තිබු අභිලාෂය අත් නොහැරියහ. ඔවුන් අතර වෙළෙන්දන්, මුදල් හුවමාරුකරන්නන්, ස්වර්ණාභරණ කරුවන්, වඩුවන්, ඇදුම් මසන්නන් සහ සියලූ ආකාරයෙන් ප‍්‍රයෝජනවත් කාර්මිකයන් දැකිය හැකිය. මැණික් ගල් කැපීමේ දී සහ මුදු හා වෙනත් රක්රන් ආභරණ සෑදීමේ දී ඔවුහු විශේෂ දක්ෂතා සහ සහජ හුවමාරුවක් දක්වත්, ඔවුන් විසින්ම නිර්මාණය කරගත් සරල ක‍්‍රම භාවිත කරමින් කර්මාන්තයේ හසළ බුද්ධිය පෙන්නුම් කරන මෝස්තර වලින් යුත් දර්ශනිය ස්වර්ණාභරණ බොහෝ ප‍්‍රමාණයක් ඔවුන් නිෂ්පාදනය කර තිබේ. දිවයිනේ හමු වන සියලූ මැණික් වරග වටේට අල්ලා සාදනු ලබන මුදුව ඔවුන් ගේ ප‍්‍රියතම ආභරණවලින් එකෙකි.’’ යනුවෙන් ජෙමිස් කෝර්ඩිනර් පවසයි. 50 කෙසේ වෙතත්, මැණික් ගැරීම කරන ලද්දේ, සිංහලයන් විසිනි. ඔවුහු තමන් ලබාගත් මැණික් කැට පෞද්ගලික මුතුපර කර්මාන්තයේ යෙදුණු කිමිදුම්කරුවන් මුළුමනින් ම පාහේ ශව ප‍්‍රසිද්ධ වෙන්දේසි ම`ගින් හෝ මුස්ලිම්වරුන්ට විකිණියහ. මුතුපර කර්මාන්තයේ යෙදුණු කිමිදුම්කරුවන් මුඵමනින්ම ම පාහේ ශී‍්‍ර ලාංකික සහ ඉන්දියානු දෙවර්ගයට ම අයත් මුස්ලිම්වරු වු හ. සිංහලයෝ කවර අයුරින් හෝ එයට සම්බන්ධ නොවුහ.

සිංහල – මුස්ලිම් සමගියට මුල් වු සාධක

උඩරට රාජධානියේ විසු මුස්ලිම්වරුන් විවිධ කර්මාන්ත ගණනාවක හසළ දක්ෂතාවක් පෙන්නුම් කළ, නොයෙකුත් ආකාරවලින් රටට සේවය කළ විවිධ කාර්යයන්හි නිපුණ වු ජන කණ්ඩායමක් වු බව මෙතෙක් කරන ලද විග‍්‍රහයෙන් පැහැදිලි වේ. ඔවුන් ම්ථුල, කඩිසර, ශූර, ව්‍යාපාරික ජාතියක් වශයෙන් ඬේවි දුටුවේය. සමාජයක් සමන්විත වන විවිධ ජනවාර්ගික කණ්ඩායම්, අප‍්‍රසන්න බලහත්කාර ක‍්‍රියාවලින් තොරව සහජිවන මාර්ග වැඩි සියුණු කර ගැනීමෙන් ඇති කරගන්නා වු දීර්ඝ කාලීන ස්ථාවර තත්ත්වයකට මෙය කදිම නිර්ශනයකි. සමාජ විද්‍යාඥයන් විසින් එය සංජෛව සම්බන්ධතාවක් යනුවෙන් හදුන්වනු ඇත. සංජෛව යනු, යම් ප‍්‍රජාවක් අයත්, අසමාන සහ එකිනෙකට වෙනස් කණ්ඩාම් අතර ඔවුන් ගේ අනෝන්‍ය වාසිය සදහා මුල් වන අනෝන්‍ය රැදියාව මගින් ඇති කර ගැනෙන සම්බන්ධතාවකි. නුතන කාර්මික සමාජයේ ඉතා විරල මේ ආකාරයේ තත්ත්වයක දී හිග සම්පත් සදහා පොර කෑමේ හෝ ලබා ගැනීමට නොමැති රැකියා සදහා තරග කිරිමේ හෝ අවශ්‍යතාවක් නොවු අතර, ඔවුන් ගේ ශ‍්‍රම විශේෂකරණය පදනම් කරගෙන විවිධ කොටස් ස්වාධින සංජෛව ජාලයක් වශයෙන් එකට සම්බන්ධ කරන ලදි.

එක් ජනවාර්ගික කණ්ඩායමක් ගොවිතැන් කිරිමෙහි යෙදි සිටින අතර තවත් කණ්ඩායමක් කර්මාන්තවල නිතරතව සිටින ආකාරයේ ප‍්‍රජාවක් නොහොත් ප‍්‍රදේශයක් මෙයට කදිම උදාහරණයකි. කර්මාන්තකරුවෝ තම නිෂ්පාන ප‍්‍රජාව අතර ම හෝ ප‍්‍රදේශය තුළ සහ ඉන් පිටත හෝ විකිණිමෙන් ලබාගන්නා මුදලින් ගොවීන් ගේ නිෂ්පාදන මිල දී ගනිති. එක් අතකින් සුදු ජාතික වෙළෙන්දන් සහ අනෙක් අතින් ඉන්දීය දඩයම් කරුවන් සහ ප‍්‍රවාහනකයන් අතර කැනඩාවේ වර්ධනය වු අන්‍යෝන්‍ය රැු`දියාව සර්ව සම්පුර්ණ සංජෛවයකට නිදර්ශනයක් වශයෙන් දක්වනු ලැබේ. එවැනි සම්බන්ධතාවක් සූරා කෑමක්ද නැද්ද යන වග අදාළ නොවේ. එවැනි තත්වයකට පාත‍්‍ර වී සිටින ජනතාව එය ඔවුන්ගේ වාසියට හේතු වන්නාක් ලෙසින් සලකත් නම්, උඩරට රාජධානියේ සිදු වූවාක් මෙන්, ජනවාර්ගික සීමා බන්ධන ඉක්මවා යන පොදු සම්මුතියක් ගොඩ නැගේ.

මුස්ලිම්වරුන් විශේෂයෙන් යෙදුනේ ප‍්‍රධාන වශයෙන් සම්ප‍්‍රදායික සාරධර්ම සහ කුල බාධක නිසා උඩරැුටියන් ක‍්‍රියාත්මක වන්නට උනන්දුවක් නොදැක් වූ කර්මානත වලය. ‘වෙළඳාම හෝ සමුද්‍රතරණය හෝ කෙරෙහි සිංහලයෝ උනන්දුවක් නොදක්වති. ඇත්තෙන්බම, ඔවුන් ප‍්‍රධාන වශයෙන් දිවයිනේ අභ්‍යන්තර ප‍්‍රදේශ වල වාසය කරන බැවින්, ඔවුන්ට ඒ දෙකේම පුරුද්දක් නොමැත……’ අනික් අතට, මුස්ලිම්වරුන් මේ දෙකටම බැස්සේ, ඕලන්දකාරයන් පවසන අන්දමට, ‘‘දියට දැමූ මාළුවෙකු මෙන්’’ය. ඉඩම් අයිතිය, ධන ඉපයීමේ එකම නම්බුකාර ක‍්‍රමය වශයෙන් සලකන, තැන්පත්, ප‍්‍රධාන වශයෙන් ගොවි ජනතාව වන උඩරැුටියන් විසින් මුස්ලිම්වරුන් සලකනු ලැබුවේ විවිධ අවශ්‍යතා ඉටු කරදෙන පාරම්පරික වශයෙන් තමන් මැදිහත් වීමට අකමැති නානා සේවාවන් සලසා දෙන ප‍්‍රයෝජනවත්, ධෛර්ය සම්පන්න මිත‍්‍රයන් සමූහයක් වශයෙනි.

මුස්ලිම් ජනතාව ඉන්දියාබවට පැමිණි ආකාරයෙන් රටවල් අල්ලන, තම ආගමට හරවාගන්නා බලවේගයක් වශයෙන් ශ‍්‍රී ලංකාවට නොපැමිණීම, මේ මිත‍්‍ර සම්බන්ධතාවයට දායක වූ වැදගත් කරුණක් විය. ඔවුහු අදාළ සියලූ දෙනාම සමග සුහද සම්බන්ධතා පවත්වා ගනිමින්, සිංහලයන් ගේම ප‍්‍රසාදය හා අනුග‍්‍රහය ලබමින්, එහෙත් බල කණ්ඩායමක් වශයෙන් හැඩ නොගැසි, අද මෙන් එදාත්, තම වැඩ කටයුතු වල සාමකාමී ව යෙදුණාහ. පෘතුගීසී සහ ඕලන්ච තාඩන පීඩන යටතේ ඔවුන් රට අභ්‍යන්තරයට පැමිණි, විට, උඩරට රජවරු ඔවුන් සුහදව පිළිගෙන ඉඩකඩම් පවර් දී උඩරට ස්ත‍්‍රීන් සරණ පාවාගැනීමට ඔවුන් දිරි ගැන්වූහ. උඩරට රජවරුන් තම රාජධානියේ විසූ මුස්ලිම්, දෙමළ සහ හැම නිකායකටම අයත් ක‍්‍රිස්තු භක්තික ජනතාව කෙරෙහි දැක්වූ ආකල්පය උදාර වූ ද බෞද්ධ හින්දු රාජත්ව පරමාදර්ශනය හා සැබැවින්ම අනුකූල වූද ආකාරයේ එකක් විය. නිසැකව ම බුදු දහමේ දැක්වෙන සමානාත්මවාදය සහ විවීය භාවය නිසා, සිංහල සමාජයේ විදේශිකයන් සමග සහසබඳතාවලට සමාජ තහංචියක් නොවිය.

වෙරළබඩ ප‍්‍රදේශයේ පොදු සතුරකු සිටීම මේ සුහද සබඳතාවලට දායක වූ තවත් කරුණකි. ආරම්භයේ දී අරාබි වෙළඳ ජන කොටස් සහ දේශීය ජනතාව අතර අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිඳු හැලහැප්පීමකනොවූයෙන් ගැටුමක් ඇති නොවිය. දහසය වන හා හත් වන සහ දහ අට වන ශත වර්ෂ වලදී මුස්ලිම්වරුන් ශ‍්‍රී ලංකිකකරණය වීබෙම් ප‍්‍රවණතාවක් දක්පනා ලද අතර, මුහුදු බඩ ප‍්‍රදේශයෙන් මතු වූ යුරෝපීයයන් ගේ තර්ජන ඊට බොහෝ සෙයින් හේතු වූයේය. යුරෝපීයයන් විසින් මුහුදු බඩ ප‍්‍රදේශ අල්ලා ගනු ලැබීමෙන් රජු, රදළවරුන් සහ ජනතාව කෙරෙහි අයහපත් බලපෑබම් ඇති වූ අතර, එය විශේෂයෙන් ම, මුස්ලිම්වරුගේ අභිලාෂවලට හානිකර වුයේය. එ බැවින් විශාල තර්ජනයක් වූ නුරුස්නා පොදු හතුරකු සිටීම යම් අසමාදානයක් වී නම් එය යටපත් කොට විවිධ කණ්ඩායම් එකට බැඳ තැබීමට හේතු වුයේය. මුලාරම්භය සිටම උඩරට රාජධානිය මේ තර්ජනයට මුහුණ දුන් අතර, සමාජයේ සිටි එදිරිවාදීන් අතරින් මතු විය හැකි විශාල පිපිරීමක් වුයේ නම්, එය වැළැක්වීමට ඒ තර්ජනය මුල් විය. ඇතමෙක් ම ඒ තත්වය ඉස්මතු වූයේ එකී තර්ජනයට ප‍්‍රතිචාරයක් ලෙසිනි. ‘තරමක් දුර විවිධ වූ කොටස් අතර කල් පවත්නා සමගියක් ඇති කිරීම ප‍්‍රශ්නයක් වන අවස්ථා වලදී, නිරන්තර ගුප්ත කිසිදාක නොපිපිරෙන ගැටුමක් මගින්, උග‍්‍ර අනතුරකට වඩා නිදන්ගත අනතුරක් මගින් එක්සත් වීම අතිශයින් සාර්ථක වන්නේය’’ යනුවෙන් ජෝර්ජ් සිමෙල් පෙන්වා දී ඇත.

බි‍්‍රතාන්‍යයෙන් පැබමිණි සමාජයේ විවිධ කොටස් ඉතා දක්‍ෂ අන්දමින් භේද භින්න කරන තුරුම, සිංහලයන් සහ මුස්ලිම්වරුන් අතර වූ මේ දීර්ඝ වූත් ඉතා කිට්ට වූත් මිත‍්‍රත්වය අඛණ්ඩ ව පැවතිණි. ඉන්දියාවේ දී මෙන්, මුස්ලිම්වරු බි‍්‍රතාන්‍යයන් අතෙහි ප‍්‍රබල ආයුධයක් වූහ. කන්ද උඩරට රජුගේ බලය සහ බලපෑම දුර්වල කිරීම පිණිස බි‍්‍රතාන්‍යයන්ගේ වාසියට හරවාගත හැකි මිත‍්‍ර පක්‍ෂයක් වූහ. ඒ සියුම් උපක‍්‍රමවල ප‍්‍රතිඵල කඩිනමින් අපට ප‍්‍රත්‍යක්‍ෂ විය. සේවාවන් පරිවර්තනය වීම, ආර්ථිකය මුල්‍යමය වීම, සමාජයට ලෞකික සහ නවීකරණය වීම ආදි කරුණු, සහයෝගිතාවක් තිබුණු තැන තරඟයක් ඇති කිරීමට මුල් වීමෙන්, එතෙක් තිබුණු සිනිඳු මතුපිටෙහි ඉරි තැලීම් මතු වීම ආරම්භ වුයේය.

මූලාශ‍්‍ර හා වෙනත් පැහැදිලි කිරීමන් ඉහත ලිපියට පදනම් කරගත් මූලාශ‍්‍ර හා වෙනත් පැහැදිලි කිරීමන්

  • Tennet, Volume II, pp. 619 – 692
  • M. I. C. H. Silver Jubilee Souvenir, 1944 69, p. 95
  • හෙට්ටි යනු – දකුණු ඉන්දියානු වෙළඳ ප‍්‍රජාවකි. ඔවුන් ගෙන් සමහරු දිවයිනේ පදිංචි වී සිටියහ.
  • S. Arasaratnam. The Kingdom of Kandy.: Aspects of its external relations & commerce 1658 – 1710. Ceylon / *Journal of Historical and Social Studies. Volume III, No. 2, July – Dec. 1960, pp’ 110 – 127
  • කොට්ටියාර් (මහා වංශයේ කොට්ඨසාර) ගම් 64ක් පිහිටි කුඩා පළාතක් වූ කොට්ටියාරම්වරාය විය. කොට්ටියාරමේ දිසාව මහනුවර පදිංචිව සිටියේය. ඔහු එශුගේ බලතල ගම්මුලාදෑනීන් තිදෙනෙකුට පවරා තිබුණු අතර ඔයුහු ගම් පාලනය කළහ.

S. Arasaratnamඑම නිලධරයා හෙට්ටියෙක් විය.

  • 1762 දී මදුරාසියේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුව ගිවිසුමකට එළඹීම සඳහා තානාලතිවරයෙකු ලෙස ජෝන් පයිබස්, උඩරට *රාජසභාවට යැවීය. The Pibus Embassy to Kandy, 1762, transcribed with notes by R. Raven Hart, Ceylon, 1950

ඕලන්දකාරයන් සහ බි‍්‍රතාන්‍යයන් විසින් දකුණු ඉන්දියානු මුස්ලිම් වෙළෙන්ඳන් හැඳින්වීමට යොදන ලද පදය.

  • The Pilbus Embassy, p. 34
  • John D’oyly, A Sketch of the Constitution of the Kandyan Kingdom, Ceylon, 1929, pp. 51 – 52
  • Diary of Mr. John D’oyly, J. R. A. S. C. B., Aolume XXV, No. 69 1917, p. 133
  • C. G. Uragoda, A History of Medecine in Sri Lanka, Colombo, 1987, pp. 15 – 16. Also see An EthnologicalSurvey of the Muslims of Sri Lanka, Sir RazikFareedFoundaton, Colombo.
  • S. M. Ahmed Udayar, Sri Lanka Moor Phycicians to the Sinhala Kings, M. I. C. H. Souvenir, IV 1977 – 82,pp. 171 – 174
  • U. C. H. C. Volume I, PartI. p. 625
  • M. I. C. H. Souvenir IV, p. 171
  • H. C. P. Bell, Report on the Kegalle District of the province of Sabaragamuwa. Ceylon Sessional Paper. XIX of1892, p. 99
  • Lawries Gazetteer, p. 943
  • Relacaoque O Padre Propozite de Congregacao de Goa Fez de estadoprezente de missao de Ceylon, *ScrittureReferiteCongressi Indie Orientali, Volume 40
  • විස්තර සදහා L. S. Dewaraja, p. 109
  • H. C. P. Bell, Report on the Kegalle District, pp. 99 – 101
  • කුමන්ත‍්‍රණයේ විස්තර සඳහා L. S. Dewaraja, pp’ 119 – 127
  • Lawries Gazetteer, p. 134
  • Glimpses from the past of the Noors of Sri Lanka, Colombo, 1976, A. L. L. Marikkar, A. L. M. Lafir andA. H. MacanMakar, p. 195
  • S. L. N. A. 1/254/86 and 266
  • Despatch to Secretary of State dated 3 February 1827 appearing in the Transactions of the R. A. S. of G. B. andIreland, Volume I, p.537. Souvenir of the M. I. C. H. 1965, p. 55
  • M. I. C. H. Souvenir, IV, 1977 – 82, p. 172
  • M. I. C. H. Souvenir, IV, 1944 – 1965, p. 29
  • H. C. P. Bell, Report on the Kegalle District, p. 100
  • A. Bertolocci, A View of Agricultural Commercial and Financial Interests of Ceylon, London, 1817, p. 43
  • Rev. James Cordiner, A Discription of Ceylon also see Amir Ali “Muslims Paticipation in the export sector ofSri Lanka 1800 – 1818 in M. A. M. Shukri (ed.) Muslims of Sri Lanka
  • GeargeSimmel, Conflict and the web Group of Affiliations, II- linois, 1955, p. 106

මහාචාර්‍ය ලෝනා දේවරාජා මහත්මියගේ ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්’ නම් කෘතියෙන් උපුටාගත් කරුණූ ඉහතින් ඉදිරිපත් කොට ඇත.

(සම්පූර්ණයෙන් කියවන්න )

මුස්ලීම් අපේ ශ්‍රී ලාංකීය උරුමය සොයා - ශිලා ලිපි

රටේ මුස්ලීම් ප්‍රජාවගේ ශ්‍රී ලාංකීය ඉතිහාසය විවිධ පාර්ශවයන් අභීයෝගයට ලක් කරන වකවානුවක මුස්ලීම් අපේ ශ්‍රී ලාංකීය උරුමය සොයා යන ගමනේ අද මෙම ලිපිය තුලින් විමසා බලන්නේ ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ඉතිහාසය කියාපාන පුරාවිද්‍යා ද්‍රව්‍යත්මක සාධකය වන ශිලා ලිපි පිලිබදවයි.

කිසියම් ජන සමාජයක ඉතිහාසය පිලිබදව විමසා බලන ක්‍රියාදාමය තුල ශිලා ලිපිවලට හිමි වන්නේ ප්‍රධාන තැනකි. සමාජ ව්‍යවහාරයේ පවසනවා සේ “ගලේ කෙටුවා“ වගේ නොමැකෙන සාක්ෂියක්ව පවතින එවැනි ශිලා ලිපි පදනම් කරගෙන ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවගේ අතීත පියසටහන් එකින් එක මෙහි විමසා බලන අතර මෙහි පහතින් ඉදිරිපත් කොට ඇති ශිලා ලිපි කොළඹ කෞතුකාගාරයේ අදටත් නැරඹීමට පුළුවන.

ක්‍රි.ව. 900 (හිජ්රා වර්ෂය 300) - මන්නාර් අරාබි ශිලා ලිපිය

920 දී පමණ උතුරු පළාතේ මන්නාරම නගරයට නුදුරින් පුලියන්තිව් දූපතෙන් මෙම “මනරම්“ ලෙස කොටා ඇති අරාබි සොහොන් ගල සොයා ගන්නා ලදී. පසුව ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය රජයේ නිලධාරීන් එය කොළඹ ලංකා ජාතික කෞතුකාගාරය වෙත යවා ඇති අතර, එය තවමත් එහි ප්‍රදර්ශනයට තබා ඇත. .

මෙම සොහොන් ගලෙහි පාඨය ලියා ඇත්තේ ක්‍රි.ව. 7-12 සියවස් වලදී ජනප්‍රිය වූ අලංකාර කුෆික් අරාබි අකුරු ශෛලියෙනි. මෙවැනි තවත් පැරණි ශ්‍රී ලාංකික මුස්ලිම් සෙල්ලිපි කිහිපයක් කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල, පුත්තලම, ආදම්ගේ කඳු මුදුන, කෑගල්ල යනාදී ප්‍රදේශවලින් හමු වී ඇත. ඒවා ශ්‍රී ලංකාවේ ආදි මුස්ලිම්වරුන්ගේ ජීවිතය හා කාලය පිළිබඳ වටිනා දර්ශන ඉදිරිපත් කරයි.

මෙම පෞරාණික සොහොන් ගලට අමතරව ඉපැරණි ගඩොල් කැබලි සහ මැටි බඳුන් රාශියක් පුලියන්තිව් දූපතෙන් සොයාගෙන ඇත. මෙයින් ඇඟවෙන්නේ දිවයිනේ සැඟවී ඇති තවත් සොයා නොගත් පුරාණ ඉතිහාසයක් තිබිය හැකි බවයි.

(සම්පූර්ණයෙන් කියවන්න )

ක්‍රි.ව. 948 (හිජ්රා වර්ෂය 347) - කොළඹ අරාබි ශිලා ලිපිය

කොළඹ (සහ ශ්‍රී ලංකාව) මුස්ලිම්වරුන්ගෙන් මේ දක්වා සොයාගෙන ඇති පැරණිතම භෞතික සාක්ෂිවලින් එකක් වන්නේ හිජ්රි වර්ෂය 337 (ක්‍රි.ව. 948) සිට ඉහත මෙම පැරණි සොහොන් ගලයි. එය 1787 දී ලංකාවේ ලන්දේසි පාලන සමයේදී කොළඹ මුස්ලිම් සුසාන භූමියකින් සොයා ගන්නා ලදී.

කොළඹ 7 ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති මෙම පෞරාණික ගලෙහි ඡායාරූපයක් මෙහි දැක්වේ. කෞතුකාගාරයේ විස්තරය මෙසේය. “සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් සෙල්ලිපිය බැග්ඩෑඩ්හි කලීෆා විසින් කොළඹට එවන ලද මුස්ලිම් දේශකයෙකු ගැන සඳහන් කරයි. මෙම සොහොන් ගල හිජ්රා වර්ෂය 337 (ක්‍රි.ව. 948) ට අයත් වන අතර එය දෙවියන්ගේ ආශිර්වාදයෙන් වැසී ගිය අබු බකාසා (හෝ නකාසා) හි දේශකයාට අයත් වේ.

එය කොළඹ මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් අප සතුව ඇති පැරණිතම භෞතික සාක්ෂිවලින් එකක් වන අතර ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් සඳහා දෙවන පැරණිතම සාක්ෂියකි. එබැවින් එය අපගේ ඉතිහාසයට ඉතා වැදගත් සබැඳියකි. ඒ නිසා ඒ ගැන ඉගෙන ගෙන එය අපේ වර්තමාන සහ අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම වැදගත්.

(සම්පූර්ණයෙන් කියවන්න )

11 වන සියවසයේ - අරාබි ශිලා ලිපිය

යෙසීඩ් මර්සුබාන්ගේ පුත්‍රයාගේ සොහොන් ගල වන මෙය 11 වන සියවසේ කුෆි අක්ෂර වලින් ලියා ඇත.

(සම්පූර්ණයෙන් කියවන්න )


14 වැනි සියවසයේ (හිජ්රා වර්ෂය 600) - ත්‍රිකුණාමල අරාබි ශිලා ලිපිය

හිජ්රා වර්ෂය 600 (ක්‍රි.ව. 14 වැනි සියවස) ට අයත් ත්‍රිකුණාමලයේ සොහොන් ගල. හුණු ගල් පුවරුව, අරාබි අක්ෂර කාලාවට අනුව මෙය විසිතුරු අක්ෂර වින්‍යාසයෙන් කැටයම් කර ඇත. මෙම වාර්තාව අබ්දුල්ලා ඉබ්න් රහුමාන් මුහම්මදුට අයත් වූ අතර එහි ශුද්ධ වූ කුර්ආනයේ උපුටා දැක්වීම් කිහිපයක් අඩංගු වේ.

(සම්පූර්ණයෙන් කියවන්න )


(සම්පූර්ණයෙන් කියවන්න )

පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු

(යහමග – මෙම ‘පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු’ යන ලිපිය අන්තර්ජාලයෙන් උපුටාගත් ලිපියක් වන අතර මෙහි අන්තර්ගත කරුණු ඔබේ බුද්ධිමත් ගවේෂණය සදහා ම පමණක් ඉදිරිපත් කරන අතර මෙහි අන්තර්ගත කරුණු මා විසින් හවුරු කොටගෙන නැත.)

පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ පීඩාවන්ට හා මර්දනයට ලක්ව සිටියේය. කැලිකට්හි සමෝරින් රජු සහ මුහම්මද් කුන්ජලි මරක්කාර්ගේ නාවික හමුදාව පෘතුගීසීන්ට එරෙහිව සිංහල රජවරුන්ට උදව් කලේය .

  • 1518දී සිංහලයන් සහ මුස්ලිම්වරුන් එක්ව පෘතුගීසි කොටුවට පහර දුන්නේය ඉන් කෝපයට පත් පෘතුගීසීන් කොළඹ පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක් ගිනිබත් කලේය ,
  • 1552දී පෘතුගීසීන්ගේ ඉල්ලීමකට අනුව කෝට්ටේ රජකළ හත් වන බුවෙනකබාහු රජතුමා කෝට්ටේ රාජධානියෙන් මුස්ලිම්වරුන්ව පන්නා දැමුවේය,ඉන්පසු ඔවුන් මායාදුන්නේ රජතුමාගේ සීතාවක රාජධානියේ පදිංචි විය.
  • 1567දී ගෝවාහි රෝමානු කතෝලික පූජක මණ්ඩලය, මුහම්මද් නබිතුමාගේ නම පැවසීම, කුරාණය පාරායනය කිරීම, සම්පූර්ණ තහනමට ලක් කර,සියලුම මුස්ලිම් දේවස්ථාන ගිනිබත් කර එම පරිශ්‍ර සහ ඊට අය්ති දේපළ කතෝලික පල්ලියට භාරදීමට නියෝග කලේය .
  • 1584දී අපොන්සෝ අරන්චියස්ගේ හමුදාව බෙරුවෙලට සහ වැලිගමට පහර දුන්නේය,ඔවුන් මුස්ලිම් කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අත් පා කපා දමා ඔවුන්ගේ වටිනා ස්වර්ණාභරණ කොල්ල කෑහ.
  • 1585දී තෝමෝ ද සූසා ගාල්ල,මාතර සහ දෙවිනුවරට පහර දුන්නේය,ඔහු තෑග්ගක් ලෙස තම සෙබළුන්ට මාතර කොල්ලකෑමට අවසර දුන්නේය.මෙම ප්‍රදේශයන් තුනෙනි සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් තිබුණි. එම වසරේම මැනුවෙල් ද සූසා මුස්ලිම්වරු විශාල වශයෙන් ජීවත් වුනු පුත්තලම් කලපුව ආශ්‍රිත වෙරළ තීරය කොල්ල කෑවේය.
  • 1591දී නැගෙනහිර වෙරළ තීරයේ කාරතීවු ගම්මානයේ මුස්ලිම්වරුන්ට දරුණු පරාජයකට මුහුණ පෑමට සිදුවිය,එය කුංචාලි මාරක්කාර්ගේ හමුදාව මෙන්ඩෙන්සාගේ පෘතුගීසි හමුදාවට පරාජය වීමයි.
  • 1597දී වයිස්රෝයි විසිගෝයිරා මුස්ලිම්වරුන්ට පෘතුගීසි පාලන කලාපයෙන් ඉවත් වීමට නියෝග කළේය.
  • 1613, 1622, 1623සහ 1626ජෙරෙනිමෝ ද අසාවෙඩෝ මුස්ලිම්වරුන්ව නෙරපා හැරීමේ නියෝග නිකුත් කලේය ,
  • 1626දී පෘතුගීසි ආණ්ඩුකාරවරයා කොන්ස්ටන්ටයින් ඩි සා විසින් මෙම නියෝග දැඩි ලෙස ක්‍රියාත්මක කලේය
  • 1597නුවර සිංහල හමුදාව පෘතුගීසීන්ගේ මාතර දීසවාට පහර දුන්නේය මෙම සටනේදී මුස්ලිම් අනදෙන නිලධාරියෙකුවූ ගෝපාල මුධලි පෘතුගීසීන් විසින් වධහිංසනයට පත්කොට මරාදමන ලදී.
  • 1614දී ඩොම් පේද්‍රෝ බෙටන්කෝර්ගේ අනුග්‍රහය යටතේ යාපනයේ පන්නයිතුරයිහි පිහිටි මුස්ලිම් දේවස්ථානය ගිනි තබා විනාශ කර,එම ස්ථානයේ “අවර් ලේඩි ඔෆ් වික්ටරි “නම් කිතුනු පල්ලියක් ඉද්කරන ලදී.
  • 1621දී”යෝගි සිකන්දර්ගේ “නායකත්වයෙන් මුස්ලිම්වරු හින්දු භක්තිකයින් සමඟ එක් වී පිලිප් ඔලිවෙරාගේ හමුදාවට එරෙහිව සටන් වැදුණේය. ඔවුන් එක්ව යාපනයේ ආක්‍රමණ කිහිපයකටම මුහුණ දුන්හ.
  • 1646දී පෘතුගීසී කපිතාන්, ඇන්ටෝනියෝ ඩි අම්රොඩ් විසින් මාතර මුස්ලිම්වරුන්ව සමුල ඝාතනය කර කාන්තාවන් සහ ළමයින් සිරකරුවන් ලෙස කොළඹට ගෙන යන ලදී.
  • 1521-1646අතර කාලය තුළ පෘතුගීසීන් විසින් මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රහාර 40කට වඩා දියත් කරන ලදී .

හලාවතට සහ මීගමුවට පස් වතාවක් ද,බේරුවලට සහ වැලිගමට සතර වතාවක් ද ප්‍රහාර එල්ල විය,. මෙම කුරිරුකම්වල ප්‍රතිඵලයක් ලෙස“මක්තාබ්” (සාම්ප්‍රදායික මුස්ලිම් පාසල් පද්ධතිය), වෙරළ තීරයේ සියලුම මුස්ලිම් පල්ලි, ඔවුන්ගේ භාෂාව වූ”අර්වි” සාම්ප්‍රදායික කලා සහ ශිල්ප, ක්‍රීඩා සහ අතීත සටහන් සහ සාක්ෂි. තාක්ෂණය, යුනානි වෛද්‍ය විද්‍යාව ඇතුළු සියල්ලම අතුරුදහන් විය. කෙටියෙන් කිවහොත් පෘතුගීසි ආක්‍රමණය නිසා ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ අනන්‍යතාවය විනාශ විය …

මූලාශ්‍රය කැලණිය විශ්වවිද්‍යාලය

බුකියේ උපුටා ගැනීමක්

link – ෆේස්බුක්

(සම්පූර්ණයෙන් කියවන්න )

තවත් දේශද්‍රෝහීන් 07 ක් ජාතික වීරයන් කෙරේ

2017 වර්ෂයේ පෙබරවාරී 04 අද ශ්‍රී ලාංකීය අප සියළුදෙනා නිදහස සමරන දිනයයි. නමුත් ගෙවීගිය වසර කිහිපයක් ආපසු හැරී බලන කල එය නිදහස් උත්සවයන්ට පමණක් සීමා වූ දිනයක් මිස ශ්‍රී ලාංකීය සමස්ථ ජාතීයට ආඩම්බරයක් අභිමානයක් ගෙනදුන් දිනයක් නොවිය. විශේෂයෙන් එවකට පැවතී ජාතිවාදී ව්‍යාපාරයන් ජාතික නිදහස් දිනයේ පෙරමුණ ගැනීම තුල හා සුළු ජාතීන් එහි ගැරහීමට ලක්වීම තුල මෙම දිනය රටේ සුළුතර ජනතාවට කිසිසේත් අභිමානවත් දිනයක් නම් නොවීය. නමුත් වත්මන් යහපාලන අණ්ඩුව එම තත්වය වෙනස් කරමින් යහපත් මාර්ගයකට අවතීරණය වීමේ ක්‍රියාවලිය අද ඇත. එහි තවත් පියවරක් ලෙස එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ගැසට් නිවේදනයෙන් නම් කරන ලද මේ රටේ නිදහස වෙනුවෙන් සටන් කල මුස්ලීම් වීරයන් 07 දෙනෙකුගේ නම් ජාතික වීරයන් ලෙස ගැසට් නිවේදනයෙන් සංශෝධනය කිරීමට අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවත්, ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග සදහා අධිකරණ ඇමතිවරයාට උපදෙස් දුන් බවත් මාධ්‍යයන් හි වාර්තා වීම දකින්නට හැකි විය. මෙය එම ජාතික වීරයන්ට පමණක් නොව මේ රටේ සමස්ථ මුස්ලීම් ජනතාවට ම අද දින ලබාදුන් ඉමහත් ගෞරවයකි.

එදා 1818 ඌව වෙල්ලස්ස කැරුල්ලට නායකත්වය දුන් කැප්පෙටිපොළ දිසාව ඇතුළු 19 දෙනෙකු රාජද්‍රෝහීන් ලෙස1818/01/18 දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නම්කොට තිබූ ප්‍රකාශය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2016/12/08 දින අවලංගු කොට ඔවුන් දැයේ වීරයන් ලෙස නම් කරන ලදී. එහිදී ඊටත් වසර කිහිපයකට පෙර මේ රටේ අධිරාජ්‍යවාදීන්ට සමඟ සටන් කොට අවසානයේ දේශද්‍රෝහීන් ලෙස නම් කරන ලද මුස්ලීම් වීරයන් 07 දෙනෙකු පිලිබදව ජනාධිපති අවදානයට ලක්නොවීම පිලිබදව යහමග ට ද කණගාටුවක් පැවතුණි.

එම පිරිස මෙසේය…

  • අනීස් ලෙබ්බේ
  • ෂේකු දීදි
  • පීර් මොහම්මද් මවුලවි
  • සලාම් උරෙයාර්
  • මීරා උසෙයින් අබුබක්කර්
  • උසෙයින් ලෙබ්බේ උදුමා ලෙබ්බේ
  • අබුබක්කර් ඊසාමුහන්දිරම්

ඉහත 07 දෙනාගෙන් හතර දෙනෙකු මඩකළපුවේ වන අතර, අනිත් දෙදෙනා ත්‍රිකුණාමලේ පුද්ගලයන් බව පැවසේ කෙසේ වෙතත් ඔවුන් ද ‘නිදහස් ශ්‍රී ලංකාවක් උදෙසා දේශානුරාගයෙන් සටන් වැදුණ වීරයන්‘ යන අභිමානය ලබාදීමට මේ නිදහස් දින අතිගරු ජනාධිපති තුමාණන් තීරණය කිරීම ශ්‍රී ලාංකීය සමස්ථ මුස්ලීම් සමාජයේ ගෞරවය එතුමා ඇතුළු රජයේ සියළු පාර්ශවයන්ට පුදකරන්න කැමැත්තෙමු. මේ අද අප දකින්නේ යහපත් ශ්‍රී ලංකාවක් සදහා වූ ගමන් මඟකි. මෙයත් විවේචනය කරන පටු දේශපාලන පක්ෂ හා ජාතිවාදී කල්ලි කණ්ඩායම් නැතුවා නොවේ. එ සියළුදෙනො හට පවසන්නට ඇත්තේ මේ නිදහස අද අප සමරන්නේ ජාතීන් අතර සමානාත්මකතාවය විවෘත මනසින් පිලිගත් එසේම විරුද්ධ මතවාද ගරු කරන සමාජ පසුබිමකද? එසේ නම් මේ නිදහස සෑබෑ නිදහසක් වනු ඇත. නොඑසේ නම් මෙය තවත් අර්ථ ශුන්‍ය නිදහස් උත්සවයක් පමණක් වනු ඇත.


(සම්පූර්ණයෙන් කියවන්න )

අදත් රට ජාතීන්ගේ එකමුතුකම නැතිකරන්න අප අතර සිරිමල්ලා ගැවසෙනවා

එදා අපේ ලක්වැසියන්ගේ වීරයා සරදියෙල්ය, එද #සරදියෙල් #මම්මලේ_මරික්කාර් #තංගම්මලා එකට එකමුතුවෙන් සිටියා, එදත් සිරිමලා කියන බයියා සුද්දන්ට ඔත්තු සපයලා ලක්වැසියන්ගේ එකමුතුකම නැතිකරා, අදත් රට ජාතීන්ගේ එකමුතුකම නැතිකරන්න අප අතර සිරිමල්ලා ගැවසෙනවා කියන එක මතක තබා ගන්න සහෝදරවරුනි!!

ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි හි ප්‍රථම වතාවට මුස්ලීම් කෞතුකාගාරයක්

මුස්ලීම් අපේ ශ්‍රී ලාංකීය උරුමය සොයා යන ගමන තුල අද යහමග අඩවිය තුලින් ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකීය ඉතිහාසයේ ප්‍රථම මුස්ලීම් කෘතුකාගාරයක් පිලිබදවයි. කාත්තාන්කුඩි නගරයෙහි විවෘතව ඇති මෙම කෞතුකාගාරය තුලින් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවගේ ඉතිහාසය සහ උරුමයන් ප්‍රදර්ශනය කරයි. විශේෂයෙන් ශ්‍රි ලාංකීය මුස්ලීම් ප්‍රජාවගේ සංස්කෘතික උරුමයන් පිලිබදව කරුණු ඉදිරිපත් කරන මෙම කෞතුකාගාරය සංස්කෘතික උරුමයන් පිළිබද අමාත්‍යංශයේ අනුග්‍රහය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ ඉදිකර ඇති බව පැවසේ.

  • කෞතුකාගාරය පිහිටි ස්ථානය - google Map

ශ්‍රී ලාංකීය ඉදිරි පරම්පරාවට වටිනා තොරතුරු රාශියක් මෙම කෞතුකාගාරය තුලින් ලබාගත හැක යන්න යහමග මාගේ විශ්වාසයයි. අධ්‍යාපාන චාරිකා සහ විනෝද චාරිකාවන් හි නිරත වන පිරිස් මෙම ස්ථානයන් ද නැරඹීමට සහ එහි ඇති දැනුම් පද්ධතිය ලබාගැනීමට කටයුතු කලයුතු යන්න මාගේ යෝජනාවයි. එම උනන්දුව ඔබ තුල ඇති කරවීම පිණීස එම කෞතුකාගාරයේ දර්ශන කිහිපයක් මෙහි පහතින් පෙලගසමි.

සමනල කන්දේ ඇත්තේ බාවා ආදම්ගේ ශ්‍රී පාදය ද?

අප රටේ ශ්‍රී පාද වන්දනය බොහෝ ආගමිකයන්ගේ ආගමික සංස්කෘතියකි. මෙම සංස්කෘතිය වර්ෂයක් පාසා සමාජයේ බහුතරයක් ඉතා භක්තිවන්තව ඉටු කරයි. අප රටේ අතීතයේ පටන් විවිධ ආගමික ප්‍රජාව අතර පැවතී සමඟිය සහ බැදීම කියාපාන ශ්‍රී පාද සංචාරය සහ ඒ වටා ගොඩනැඟී ඇති ආදම් (අලෛ) තුමා සම්බන්ධ ඉතිහාස තොරතුරු ද පදනම් කරගෙන මෙම සටහන මෙලෙස ඉදිරිපත් කරමි. මෙහි ඉදිරිපත් කරන අල්කුර්ආන් වාක්‍යයන් හෝ පිලිගත හැකි අල්හදීසයන් ඇත්නම් ඒ හැර අන් සියල්ල ඉස්ලාම් ආගමිකව පිලිනොගන්නා සහ ආගමික පදනමක් නොමැති හා සාක්ෂි නොමැති ඉතිහාස ගත තොරතුරු හා මනක්කල්පිතයන් පමණක් බව මෙහි මුලින්ම අවදාරණය කරමින් සහ මෙම සටහන ඔබේ රසවින්ඳනය හා වැඩිදුර අධ්‍යනය සදහා පමණක් බව අවදාරණය කරමින් සාකච්චාවට යොමු වෙමි...

(සම්පූර්ණයෙන් කියවන්න )

...

මෙම ලිපියේ නව යාවත්කාලීන ඉදිරියට...


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/03/6

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම