පලස්තීන අරඟලය බබාලාට තේරෙන බසින්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඔන්න පුතේ එකමක් එක ගමක ජීවත් වූනා ලස්සන පවුලක්. ඒ පවුල ජීවත් වූනේ "පලස්තීන" නම් වූ නිවසකයි. ඔන්න ඔය නිවසේ කට්ටිය සතුටින් ඔහොම කාලයක් ජීවත් වන කොට ඔන්න තමන්ගේ ගමට දුර පලාතේ "ලෝක යුද්ධය" නම් ගැටුමක් ඇති වූනා. එම ගැටුමේ නායකත්වය අරගෙන කටයුතු කරපු "හිට්ලර්" නම් දරුණු මනුස්සයෙක්. ඔහුට තිබුනා "යුදෙව්වරුන්" නම් ජනතාව සමඟ පුද්ගලික කොන්ත්‍රයක්, වෛරයක්. එම වෛරය පිරිමහ ගන්න ඔහු "යුදෙව්වන්" සොය සොයා සමූල ඝාතනය කරන්න පටන් ගත්තා. ගෙයක්, දොරක්, ගමක්, රටක් නැතුව අහිකුණ්ඨකයන් වගේ මේ පොළොවේ ජීවත් වූ මේ "යුදෙව්" නම් වූ ජනතාව කෙරෙහි අනුකම්පාව සිතූ "පලස්තීන" නිවසේ කට්ටිය එම "යුදෙව්" ජනයාට තම නිවසේ පුංචි කොටසක් ලබාදී එහි තාවකාලික නවාතැන් දී ආරක්ෂාව ද ලබා දුන්නා. 
ඔහොම කාලයක් යනකොට මේ "පලස්තීන" නිවැස් අසල්වැසියන් වන "බ්‍රිතාන්‍ය" වැනි පිරිස් එකතු වී මේ භූමියේ අහිකුණ්ඪකයන් ලෙස ජිවත් වන මේ "යුදෙව්වන්" සදහාත් නිවසක් තිබුණා නම් හොදයි යන යොජනාව ගෙනආවා. එසේ යෝජනාව ගෙන ආවා පමණක් නොවේ. එම අසැල්වැසි නිවැසියන් එක් වී ඉහතින් කී "පලස්තීන" නිවසේම කොටසක් බලෙන් අරගෙන එය "ඊශ්‍රාඊලය" ලෙස නම් කොට එම "යුදෙව්" වැසියන්ට ලබා දුන්නා.
ඒ අනුව "පලස්තීන" නම් නිවසේ ඉතා සුළුම සුළු කොටසක් අයිති කරගෙන පදිංචියට ආ "යුදෙව්වන්" කාලයත් සමඟ ම නිවසේ සැබෑ උරුමක්කාරයන් වන "පලස්තීන" නිවසේ වැසියන් සියල්ලට තම නිවසේම එක මුල්ලකට කොන් කොට කුඩා ඉඩ ප්‍රමාණයක් ඔවුනට ලබාදී මුළු "පලස්තීන" නිවසම තමන් සතු කරගත්තා. මේක ඉවසා ගන්න බැරුව තම නිවසේ අයිතිය ඉල්ලා හුදෙකලාවේ අරඟලයක නිරත වූ "පලස්තීන" නිවසේ වැසියන් දිනෙන් දින ඉතා දුර්වල පිරිසක් බවටත්, යුදෙව්වන්ගේ දරුණු පහරදීම්වලටත් ගොදුරු වුණා. මේ අතර එම නිවස බලෙන් අත්පත් කරගත් "යුදෙව්" වැසියන්ට අසල්වැසි සෑම ඉසව්වකින්ම ආධාර සහයෝග ලැබුණු නිසා ඔවුන් එම ගම්පලාතෙම ශක්තිමත් පවුල බවට පත්වුණා. 

ඔන්න මේක තමයි මගේ පුංචි කථාව, ඔය එක එක පොත්වල පවසන සුරංගනා කථාවල වගේ මේ කථාවෙත් අවසානයේ උගත හැකි පාඩමක් නම් නැහැ. මොකද, මේක මහ පොළොව මත සැබෑවටම සිදු වූ ඛේදවාචකයක් වන නිසයි. මේ කථාව "වදින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුනා" එසේත් නැත්නම් "අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තා වගේ" වැනි උපමාවකට නම් ගලපන්න පුළුවන්. කොහොම වුනත්, බබාලාටත් තේරෙන විදියට කියපු මේ කථාව තුල අසාධාර්ණයට ලක්ව ඇති පාර්ශවය කවුද?. අසාධාර්ණය සිදුකල පාර්ශවය කවුද? යන්න පියවී සිහියෙන් බලන ඕනෑම බබෙකුට සරලව තේරෙනවා ඇතැයි මා සිතමි.

එසේනම්, පසුගිය 2023/10/05 දිනෙන් ආරම්භ වූ පලස්තීන හා ඊශ්‍රාඊල අතර වූ යුධ ගැටුම තුල ඇත්තේ "පලස්තීන ජනයාගේ අයිතිය සදහා වූ අරඟලයක්" යන්න අප මෙහි තේරුම් ගතයුතුය. එහි ගැටුම මුලින්ම ආරම්භ කලේ කවුද? යන්න වලංගු සාකච්චාවක් නොවන බවත් තේරුම් ගතයුතුය. මෙම ගැටුම අද වනවිට තුන්වන ලෝක යුද්ධයක් සදහා වූ පිල්බෙදීම නිර්මාණය වෙමින් තිබෙන බවටත්, මෙය නතර කලයුතු බවටත් යුධ විශේෂඥ විද්වතුන් මතවාද පවසයි. නමුත් මෙය පලස්තීන ජනයාට ජීවත් වීමට උරුම පොළොව අහිමි වී ගිය තැන එය ලබාගැනීමට කරන අරඟලයක් බව අප තේරුම් ගතයුතුය. ඔවුන්ගේ අයිතිය දිනාදීමට කටයුතු කලයුතු පාර්ශවයන් එක්ව ඔවුන්ගේ අයිතිය අතහැර දමා අපට ජීවත්වීමට නිදහස දෙන්න යනුවෙන් පැවසීම කොතරම් අසාධාර්ණ හා නරුම යෝජනාවක්ද? යන්න අප තේරුම් ගතයුතුය. "හමාස් ගැහුවා... හමාස් ගැහුවා..." යැයි බෙරිහන්දෙන පාර්ශවයන් ඔවුන් ඇයි ගැහුවේ යන්නත් සුළුවෙන් හෝ විමසා බැලිය යුතුය. විශේෂයෙන් අපේ රටේ සමහරක් පාර්ශව මෙම ගැටුම හමුවේ අදහස් දක්වන ආකාරය බලන විට "පලස්තීනය ආක්‍රමණය කොට ඇති යුදෙව්වන් මීට හොද නොවේද?" කියා විටෙක සිතේ. එවැනි පාර්ශවයන් දෙකක් මෙහි පහතින් සදහන් කරන්නේ නම්,

  • මාධ්‍ය ආයතන පාර්ශවය - අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය මා මෙහි අමුතුවෙන් පැහැදිලි කලයුතු නොවේ යැයි සිතමි. ඔවුන් කවදත් "ඇත්ත නැත්ත නොසොයා පැත්ත ගත්තු පිරිසයි" ඔවුන් සෘජුවම ජාත්‍යන්තර මාධ්‍යයන් පවසන පුවත ඒ ආකාරයට අපිට තේරෙන බසින් අපට කියනවා ඇර ඊට එහා කරන මාධ්‍ය මෙහෙවරක් නැත. එහිද අවාසනාව වන්නේ ජාත්‍යන්තර ප්‍රබල මාධ්‍යයන් වන BBC, CNA... ඇතුළු සියළු මාධ්‍ය යුදෙව්වන්ගේ මාධ්‍ය වීමයි. මේ අනුව අපට ලැබෙන පුවත් සැබෑම පුවතමද? යන පැනය එහි පවතී. සරලවම පවසනවා නම්, පලස්තීන ගැටුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ලෝකයට පවසන පුවතම තමයි අපේ මාධ්‍ය අපට අපේ භාෂාවෙන් පවසන්නේ.
  • අප රටේ ජාතිවාදී සමාජ මාධ්‍ය පාර්ශවය - මොවුනට නම් ඉතින් මුස්ලීම් මිහිහෙක් ලෝකේ කොහේ හෝ ගුටි කනවා නම් ඒ ඇති. ඒකේ සාධාර්ණ, අසාධාර්ණ ඔවුනට අදාල නැත. ඔවුනට ඉතින් මෙවැනි පුවතක් ලැබුණොත් බත් බැඳගෙන වුවද අදහස් (කොමන්ට්ස්) ලියයි.

මේ ආකාරයට අප රටේ කුමන පාර්ශවය කවර ආකාරයට කටයුතු කලත්, ජාත්‍යන්තරය තුල කවර පාර්ශවය කුමන ආකාරයට කටයුතු කලත් ලොව තිබෙන විශාලතම කෲර සිර කඳවුර පලස්තීනය බව මෙහි ඔබේ බුද්ධිමත් අවදානයට සටහන් කලයුතුව ඇත. එම කාරණය මනුෂ්‍යත්වයේ නාමයෙන් බුද්ධිමත්ව හා අවංකව විමසා බලන ලෙසත් හැකිනම් වචනයකින් හෝ පලස්තීනුවන්ට ශක්තියක් වන ලෙසත් ඉල්ලා සිටිමින්, යාඅල්ලාහ්, පලස්තීන වැසියන්ට විමුක්තිය ලබාදෙත්වා! යන ප්‍රාර්ථනයෙන් මෙම කෙටි සටහන ට විරාමය තබමි.

පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් යහමග අඩවිය තුල ඉදිරිපත් වූ තවත් ලිපි කිහිපයක් පහතින් කියවන්න



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම