පලස්තීන අර්බුදය හමුවේ ජඩ මාධ්‍යකරණය - නාඩි වැටෙන ජනයාගේ අවදානය පිණිසයි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අද ලොව පුරා උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත්තේ පලස්තීන-ඊශ්‍රායල් යුද ගැටුමයි. ලෝක බලවතුන් යැයි හදුන්වාගන්නා ඇමරිකාව, බ්‍ර්තාන්‍ය හා ප්‍රංශය වැනි රටවල් එක් වී එදා පලස්තීන භූමිය මත වැපිරූ “ඊශ්‍රායල්“ නම් පිලිලය අද වනවිට පලස්තීනුවන් දහස් ගණනින් බිලිගත් සියවසයකට ආසන්න කාලයක් පවතින යුද්ධයක් බවට පරිවර්තනය වී ඇත. මෙම අර්බුදයේ ආරම්භය, ඉතිහාසය හා වර්ථමානය යන කරුණු විවිධ පැති ඔස්සේ යහමග අඩවිය තුල දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. (එම ලිපි පලස්තීන අර්බුදය යන ගොනුව යටතේ ඔබට මෙම අඩවිය තුල කියවීමේ හැකියාව ඇත.) යුද නීති-රීති සියල්ල උල්ලංඝනය කරමින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව සමස්ථ ලෝකයාගේ විරෝධතාවයන් නොසලකා හරිමින් වර්ථමානයේ ඊශ්‍රායලය විසින් පලස්තීන භූමිය තුල කරනු ලබන අමානුෂීය පලස්තීන ජන සංහාරය නඩි වැටෙන ජනයාට බොහෝ දෑ කියාපායි. එවැනි කිහිපයක් මෙහි පෙලගසන්නේ නම්,


ඉහත තත්වයන් සියල්ල ඊශ්‍රායලය විසින් කරනු ලබන පලස්තීන ජන සංහාරය තුල සුලබව අප දකින්නෙමු. මෙයට සමීපතම නිදසුනක් ලෙස පසුගිය 2023/12/09 දින ඇමරිකාව තම විටෝ බලය භාවිතා කරමින් ඊශ්‍රායලයට එරෙහිව සහ යුද විරාමයක් සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙන ආ යෝජනාව ඉවත දැමීම මෙහි සදහන් කල හැක. මේ ආකාරයට මිලෙඡ්ච ත්‍රස්ථවාදී රාජ්‍යයකට ආවඩමින් පලස්තීනුවන් සංහාරය සාධාර්ණීකරණය කරමින් තම අවස්ථාවාදී පහත් මානසිකත්වය ලෝකයාට පෙන්වීම තුල සමාජ නීති-රීති හෝ සාධාර්ණ-අසාධාර්ණ යන කිසිවක් තමන්ට අදාල නොවන බව නැවත නැවතත් තහවුරු කරනවා නොවේද?. ඔවුන් ලෝක බලවතුන් වූ නිසාත්, එම බලවතුන්ගෙන් පෝෂණය වන කුඩා රාජ්‍යයන් ඔවුනට යටහත්ව කටයුතු කිරීමට සිදුවන නිසාත් රාජ්‍යයක ක්‍රියා කලාපය ඉහතින් සදහන් ආකාරයට යැයි සිතුවත් එම රාජ්‍යයන් සියල්ලෙහි පොදු ජනතාව අතිබහුතරය පලස්තීන ජනයා සම්බන්ධයෙන් සංවේදීය. එය ලොවපුරා සිදුවන ඊශ්‍රායල් යුද විරෝධි විරෝධතා සහ ප්‍රචාරණ ව්‍යාපාර මනාව කියාපායි. එයට අන්තර්ජාලය තුල දක්නට ලැබෙන පහත පෝස්ටර් ද කඳිම නිදසුනකි.

මීට අමතරව ලොවපුරා වෙසෙන නාඩි වැටෙන ජනතාව ඊශ්‍රායලයට එරෙහිව පලස්තීන ජනයාගේ නිදහස වෙනුවෙන් ක්‍රියා කරන ආකාරය දක්වන පිංතූර කිහිපයක් අන්තර්ජාලයෙන් ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,

නමුත් ඉහත ආකාරයේ විරෝධතා සහ විරෝධි හඬ ඒ ඒ රජ්‍යයන් මඟින් පාලනය කිරීමත්, එම විරෝධතාවයන්ට මාධ්‍යයන් මඟින් ප්‍රචාරනය ලබානොදීමත් තුල එවන් හඬ බොහෝ දුරකට යටපත් කොට ඇත. විශේෂයෙන් ජනතාවගේ ඇත්ත දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කරමින් “සාධාර්ණ හා සමභර“ මාධ්‍යකරණයේ නියැලිය යුතු ලෝක බලගතු මාධ්‍ය ආයතනයන් බොහෝමයක් ඉහතින් සදහන් මිලෙඡ්ච රාජ්‍යයන් හි අතකොලුවන් හා සුරතලුන් වී සිටීම සහ විවිධ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් ඔවුනට පක්ෂපාති පුවත් පමණක් වාර්ථා කිරීම තුල ලෝකයා හට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය ඔවුන් උදුරා ගෙන ඇත. එපමණක් නොව ලෝක බලවත් මාධ්‍ය ආයතනයන් අනුගමනය කරමින් සහ ඔවුන්ගේ පුවත් උපුටා දක්වමින් මාධ්‍ය මෙහෙවරේ නියැලෙන කුඩා මාධ්‍ය ආයතනයන් ද ඉහත වරදෙහි කොටස්කරුවන් වී ඇත. තවත් සරලව පවසනවා නම්, අද බොහෝ මාධ්‍ය ආයතන විශේෂයෙන් අප රටේ මාධ්‍ය අයාතනයන් පවා පලස්තීන-ඊශ්‍රායල් අර්බුදය පුවත් විකාශනය නමින් කරනු ලබන්නේත් ඊශ්‍රායලයට අවශ්‍ය ආකාරයට පුවත් වාර්ථා කිරීම පමණි. අසත්‍ය පුවත් වාර්ථා කිරීම, පක්ෂපාතීව පුවත් වාර්ථා කිරීම, සමාජය නොමඟ යවන ආකාරයට පුවත් වාර්ථා කිරීම, සත්‍ය පුවත් වාර්ථාකරණයේ නියැලී සිටින මාධ්‍ය ආයතනවල විශ්වාසය බිඳින ලෙස පුවත් වාර්ථා කිරීම... යනාදීය ඔවුන්ගේ මෙහෙවරෙහි ප්‍රධාන ලක්ෂණයයි. නිදසුනක් ලෙස ඊශ්‍රායලය විසින් ගාසා තීරයට බෝම්බ හෙලන විට බටහිර මාධ්‍ය ආයතන “පලස්තීනුවන් අමානුෂීය ජන කොට්ඨාශයක් ලෙස පෙන්වීම” සහ “ඊශ්‍රායල ජාත්‍යන්තර යුද නීතිය උල්ලංඝණය කිරීම නීත්‍යානුකූල පියවර ලෙස පෙන්වීම” මෙහි විශේෂයෙන් සදහන් කල හැක.

මෙම ජඩ මාධ්‍යකරණය හමුවේ ලෝකයාට ඇත්ත දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ මාධ්‍යෙව්දීන් දුසිම් ගණන් අද පලස්තීන භූමිය තුල ඝාතනය වෙමින් පැවතීම ඉහත ඛේදවාචකයේ තරම තවත් හොදින් කියාපාන අවස්ථාවකි. මෙම ලිපිය ලියන මේ මොහොත වන විටත් (2023/11/07 සිට 2023/12/05 දක්වා) මාධ්‍යවේදීන් 63 ක් එහි ඝාතනය වී ඇත. මෙවර පලස්තීන-ඊශ්‍රායල් ගැටුම තුල පලස්තීන භූමිය තුල ජන මාධ්‍යවේදීන්ගේ ඉරණම එසේ වී තිබිය දී මෙම යුද්ධය ලෝකයාට වාර්ථා කිරීමට ඊශ්‍රායලයට ගොස් සිටින මාධ්‍යෙව්දීන් ගණන 2050 ඉක්මා ඇතැයි වාර්ථා වේ. එම පිරිස් අතුරින් 358, එක්සත් ජනපද මාධ්‍යවේදීන් බවත්, 281 ක් බ්‍රිතාන්‍ය මාධ්‍යෙව්දීන් බවත්, 221 ක් ප්‍රංශ මාධ්‍යෙව්දීන් බවත් පැවසේ. සියවසයකට ආසන්න කාලයක් පුරාවට ඇදී යන මෙම පලස්තීන අර්බුදයේ නිර්මාතෘවරුන් වන එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය මාධ්‍යකරණය තුලින් අපේක්ෂා කල හැකි සාධාර්ණය කුමක්ද? යන්න ඔබම බුද්ධිමත්ව විමසා බැලිය යුතු පැනයකි. ලොව බලගතුම මාධ්‍ය ආයතනයන් හි හිමිකරුවන් වන ඔවුන් තුලින් ලෝකයාට සමභර හා සාධාර්ණ පුවත් වාර්ථාකරණයක් බලාපොරොත්තු විය හැකිද?. මාධ්‍ය නිදහස ආරක්ෂා සංවිධානයක් වන Reporters Without Borders (RSF) “ඊශ්‍රායලය ගාසාවේ මාධ්‍යවේදය හුස්ම හිර කර ඇත" යනුවෙන් පැවසීම එහි තත්වය කෙබදුද යන්න තවත් හොදින් හා සරලව කියාපායි. මේ ආකාරයට රටේ ලෝකේ ජනයාට සත්‍ය දැන ගැනීමේ මාර්ග සියල්ල අවහිර කොට තමන්ට අවශ්‍ය ආකාරයට පමණක් පුවත් වාර්ථා කරන මාධ්‍ය සංස්කෘතිය තුල, එසේම පලස්තීන භූමිය තුල විදුලිය අත්හිටුවා, සංනිවේදන මධ්‍යස්ථාන හා කුළුණු විනාශ කොට එහි කරනු ලබන ජන සංහාරයේ සැබෑ පුවත සහ එහි සමභරතාවය බිඳී ගොස් ඇති බව ඔබට නොවැටහේද?. මෙයට මා සමීපතම නිදසුනක් ඔබේ අවදානයට ගෙන එන්නම්,

ගාසා හි අහ්ලි අරාබි රෝහලට එල්ල වූ ප්‍රහාරයකින් එහි සිටී පිරිස් 200-300 ත් අතර සංඛ්‍යාවක් මිය ගියේය. මෙම පුවත අපේ රටේ සමහරක් මාධ්‍ය ආයතන ඇතුළුව ලෝක මාධ්‍යයන් බොහෝමයක් මුලින් වාර්ථා කලේ “ඊශ්‍රායල් මිසයිල ප්‍රහාරයකින්“ මෙය සිදුවූ බවයි. නමුත් නමුත් පසුව ඊශ්‍රායලය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ පලස්තීන හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද "වැරදි ප්‍රහාරක රොකට්ටුවක්" මෙම හානිය සිදුකල බවයි. ඒ සමඟ අප රටේ මාධ්‍ය ආයතන ඇතුළු ලොව බහුතරයක් මාධ්‍ය ආයතන එම ප්‍රහාරය “හමාස්“ සංවිධානයේම ප්‍රහාරයක් බවට වාර්ථා කරමින් එහි සැබෑ තත්වය විකෘති කරන ලදී. මා එය විකෘතියක් යැයි පවසන්නේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂාවන් සහ විශ්ලේෂනයන් කල ආයුධ විශේෂඥයින් පවා මෙය “ඊශ්‍රායල් ප්‍රහාරයක්“ යැයි පිලිගැනීම පදනම් කරගෙනය. 

වත්මන් පලස්තීනයේ තත්වය...

අවසාන වශයෙන් සටහන් කලයුතුව ඇත්තේ, අසාධාර්ණ ලෙස පලස්තීන භූමිය ආක්‍රමණය කොට එහි සාමකාමීව විසූ පලස්තීන ජනයා සමූල ඝාතනය කරමින් ඊශ්‍රායල් නම් ත්‍රස්ථ රාජ්‍ය එම භූමිය තුල කරන විනාශය ලෝක මාධ්‍යයන් සහ අප රටේ සමහරක් මාධ්‍යයන් පක්ෂග්‍රහීව වාර්ථා කිරීම තුල තම නිරුවත ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් සිටී. විශේෂයෙන් අප රටේ සමහරක් මාධ්‍ය ආයතන පලස්තීන අර්බුදය වාර්ථා කිරීමේදී එහි ඉතා පහත්ම තැනකට වැටී පක්ෂග්‍රහී කාලකන්නි මාධ්‍යකරණයක නියලී සිටි. මෙලෙස කටයුතු කරන මාධ්‍යකරුවන් සියළුදෙනාගෙන් විමසන්නට ඇත්තේ එකම එක පැනයක් පමණි. ඒ 2023/10/07 සිට 2023/12/12 යන දින 65 ක් තුල 18200 ක් පලස්තීනුවන් ඝාතනය කොට එහි ද දරුවන් 7729 ක් සහ කාන්තාවන් 5153 ක් ඝාතනය කොට ජන සංහාරයක නිරත වී සිටින ඊශ්‍රායලයට පක්ෂපාති වී සත්‍ය වසන් කරමින් සහ මාධ්‍ය සදාචාරයන් බිඳලමින් කටයුතු කරන්න තරම් ඔබේ මනස විකෘති වී නාඩි වැටීම නතරවීද? යන්න පමණි. එම පැනය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම සටහනට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/12/12

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම