පලස්තීන ඉතිහාසය, වර්ථමානය හා අනාගතය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලෝක ඉතිහාසය තුල උණුසුම් පුවත් මවන රටක් බවට අද “පලස්තීනය” නම් රට පත්ව ඇත. 1947 දක්වා මුස්ලිම්, ක්‍රිස්තියානි සහ යුදෙව් යන ජන වර්ග සියල්ල ඉතා සාමකාමීව ජීවත් වූ එම දේශය සුන්දර දේශයක් විය. නමුත් බ්‍රිතාන්‍ය රාජ්‍යයේ යටත් විජිතයක්ව පැවතී සමයේ මෙම රට සම්බන්ධයෙන් අධිරාජ්‍යවාදීන් විසින් “පලස්තීනය භූමිය තුල ‘ඊශ්‍රායලය’ නම් රටක් ස්ථාපනය කිරීම අවශ්‍යයි” යනුවෙන් ගත් වැරදි තීන්දුව සහ එම තීන්දුව මඟින් ලොව කෲර ජන වර්ගයක් වූ "යුදෙව්වන්"ට පලස්තීන භූමිය තුල නිජබිම් අයිතිය ලබාදීමට ගත් කුමන්ත්‍රණකාරී තීන්දුව එම රට දශක 08 ක යුධ බිමක් තත්වයටත්, එම භූමිය යුධ නටඹුන්වලින් පිරි භූමියක් තත්වයටත්, රටම සොහොන් බිමක් යන තත්වයටත්, ලොව විශාලතම සරණාගත කඳවුරක් තත්වයටත්, ලොව විශාලතම සිර කඳවුර යන තත්වයටත්, අනාගත යම් දිනෙක ලෝක සිතියමින් තුරන් වී යන අවාසනාවන්ත රට යන තත්වයටත් අද පරිවර්ථනය වී ඇත.

(එම අවාසනාවන්ත භූමියේ වත්මන් ඉරණම කියාපාන නවතම යාවත්කාලීන පුවත් මෙම අඩවිය තුල පලස්තීන අර්බුද පුවත් යාවත්කාලීනය යන ලිපිය තුලින් ඔබට කියවීමේ හැකියාව ඇත.)

අතීතයේ සුන්දර සාමකාමී රටක්ව පැවතී පලස්තීනය ඉහතින් සදහන් ආකාරයේ අවාසනාවන්ත තැනකට ඇද දැමූ ලෝක බලවතුන් අද පලස්තීන අර්බුදය හමුවේ මුනිවත රුකීම සහ පලස්තීනුවන්ට එරෙහි පාර්ශවයන්ට සෘජුව හා වක්‍රව ආධාර අනුබලදීම අතීතයේ පටන් ඔවුන් තුල පැවතී සැඟවුණු න්‍යාය පත්‍රය ලෝකයා හමුවේ මනාව ප්‍රදර්ශනය කිරීමකි. එවන් වූ වෙස්මූණු ගලවා ඔවුන්ගේ සැබෑ මුහුණ ලෝකයාට පෙන්වීමත්, පලස්තීනය තුල ඇත්තටම සිදුවූයේ සහ සිදුවන්නේ කුමක්ද? යන්න ලෝකයාට අනාවර්ණය කිරීමත්, පලස්තීනය පිලිබදව අන්තර්ජාලය තුල ඉදිරිපත් වන ලිපි, වීඩියෝ, ඕඩියෝ... යනාදී සත්‍ය තොරතුරු යහමග පාඨක ඔබේ අවදානය පිණිස පෙලගැසීමත් මූලික අරමුණු කොට මෙම යාවත්කාලීන පිටුව මෙලෙස ඉදිරිපත් කෙරේ...

පලස්තීන පිහිටීම

ඉහතින් දැක්වෙන්නේ 1947 වර්ෂයේ "නැෂනල් ජියෝග්‍රැෆික් (Nationl Geographic)" ආයතනය විසින් වත්මන් "පලස්තීනය හා ඊශ්‍රායලය" පිහිටී භූමිය සිතියම් ගතකොට තිබූ ආකාරයයි. එහි "ඊශ්‍රායලය" නමින් රටක්, ගමක් නොව පාරක් පවා එදා නොතිබූ බව පැහැදිලිව පෙනේ.

යුදෙව් ආක්‍රමණයට පෙර පලස්තීන සුන්දරත්වය - Photos

(පහත පිංතූර මත Click කොට එම පිංතූර විශාල කොට නරඹන්න)

පලස්තීනය ආක්‍රමණය කල මේ යුදෙව්වන් කවුද?

“ඊශ්‍රායල්“ යන නම ඇසූ පමණින් කාගෙත් සිහියට නැඟෙන්නේ දශක ගණනාවක් මුළුල්ලේ පලස්තීනය සමඟ යුධ ගැටුමකට මැදිහත් වී සිටින “යුදෙව්“ ජන සමාජයක් වෙසෙන රටකි. නමුත් මෙම ලිපිය තුලින් අද කථා කිරීමට යන්නේ වත්මන් “ඊශ්‍රායල්“ රට ගැන නොව මෙම රට නිර්මාණය කිරීමට වස්තු බීජය වූ “ඊශ්‍රායල්“ නම් ජන සමාජය හා ඔවුන් “යුදෙව්“ සමාජයක් දක්වා විකාශනය වූ ඉතිහාසය පිලිබදවයි... (සම්පූර්ණයෙන් කියවන්න )

පලස්තීනය යුදෙව්වන් විසින් ආක්‍රමණය කිරීම

පලස්තීනයට සරණාගතයින් ලෙස පැමිණී යුදෙව්වන් අද තමන්ට රැකවර්ණය ලබාදුන් භූමිය ආක්‍රමණය කරමින් එහි ජනතාවගේ රීරි මාංශ බුදින අයුරු මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට අවබෝධ වනු ඇත. එසේ ඔබට අවබෝධ නොවේ නම්, නියත වශයෙන්ම ඒ පිලිබදව වූ යහමග ඉදිරිපත් කිරීම අසාර්ථක වී ඇත යන්න හෝ මෙම සරල කාරණය තේරුම් ගන්න තරම් ඔබේ මනස හෝ බුද්ධිය දියුණු නොවේ යන්න හෝ සත්‍ය පිලිගන්න තරම් ඔබේ මනස අවංක හෝ සාධාර්ණ නොවේ යන්න පිලිඹිබු කරනවා මිස යුදෙව් ජන සමාජය සාධාර්ණ හා ශිස්ඨ සම්පන්න ජන සමාජයක් යන්න එයින් අදහස් නොවේ. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් අදාල සාකච්චාවට යොමු වෙමි.

පලස්තීනය තුල බිහි වූ ඊශ්‍රායලය විමසුමක්

1914 දී එනම්, පලමු ලෝක යුද අවස්ථාවේ ජර්මනියට එරෙහිව ප්‍රංශයට මුස්ලීම් බොහෝ රටවල් සහයෝගය දක්වන ලදී. ඒ අතුරින් පලස්තීනය ද ජර්මනියට එරෙහිව ප්‍රංශයට සහයෝගය දැක්වූ අතර එයට මූලික හේතුවක් ද පැවතුණි. ඒ එතෙක් ප්‍රංශයට යටත්විජිතයක්ව පැවතී පලස්තීනයට නිදහස ලබා ගැනීමයි. මෙම පොරොන්දුව ද ප්‍රංශය පලස්තීනයට ලබාදී තිබුණි. මේ අතර තුර ලොවපුරා වෙසෙන යුදෙව්වරුන් සොය සොයා සමූල ඝාතනය කිරීමේ ව්‍යාපාරයේ හිට්ලර් (කුඩා අවදියේ යුදෙව්වරුන් ඔහුට ලබාදුන් අමිහිරි මතකයන් හි ප්‍රථිපලයක් ලෙස) ඉතා දරුණූ ලෙස නිරත වී සිටී අවදියක් විය. මේ හේතුව නිසා යුදෙව්වරුන්ට පලස්තීන භූමිය තුල මුස්ලීම්වරුන් රුකවර්ණය ලබාදීම ද එම කාලයේ සිදුවුණි. මේ හේතුව නිසාම ලොවපුරා වෙසනෙ යුදෙව් ජනතාව පලස්තීන භූමියට සීඝ්‍රයෙන් ඇදී ඒමද සිදුවුණි. මෙසේ එක් පසෙකින් යුදෙව් ජනතාව පලස්තීන භූමියට ඒකරාශි වනවිට තවත් පසෙකින් ඉතා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ද සිදුවෙමින් පැවතුණි. (සම්පූර්ණයෙන් කියවන්න )

පලස්තීන අරඟලය බබාලාට තේරෙන බසින්

ඔන්න පුතේ එකමක් එක ගමක ජීවත් වූනා ලස්සන පවුලක්. ඒ පවුල ජීවත් වූනේ "පලස්තීන" නම් වූ නිවසකයි. ඔන්න ඔය නිවසේ කට්ටිය සතුටින් ඔහොම කාලයක් ජීවත් වන කොට ඔන්න තමන්ගේ ගමට දුර පලාතේ "ලෝක යුද්ධය" නම් ගැටුමක් ඇති වූනා. එම ගැටුමේ නායකත්වය අරගෙන කටයුතු කරපු "හිට්ලර්" නම් දරුණු මනුස්සයෙක්. ඔහුට තිබුනා "යුදෙව්වරුන්" නම් ජනතාව සමඟ පුද්ගලික කොන්ත්‍රයක්, වෛරයක්. එම වෛරය පිරිමහ ගන්න ඔහු "යුදෙව්වන්" සොය සොයා සමූල ඝාතනය කරන්න පටන් ගත්තා. ගෙයක්, දොරක්, ගමක්, රටක් නැතුව අහිකුණ්ඨකයන් වගේ මේ පොළොවේ ජීවත් වූ මේ "යුදෙව්" නම් වූ ජනතාව කෙරෙහි අනුකම්පාව සිතූ "පලස්තීන" නිවසේ කට්ටිය එම "යුදෙව්" ජනයාට තම නිවසේ පුංචි කොටසක් ලබාදී එහි තාවකාලික නවාතැන් දී ආරක්ෂාව ද ලබා දුන්නා. 
ඔහොම කාලයක් යනකොට මේ "පලස්තීන" නිවැස් අසල්වැසියන් වන "යුදෙව් හිතවාදී රටවල්" හි පිරිස් එකතු වී මේ භූමියේ අහිකුණ්ඪකයන් ලෙස ජිවත් වන මේ "යුදෙව්වන්" සදහාත් නිවසක් තිබුණා නම් හොදයි යන යොජනාව ගෙනආවා. එසේ යෝජනාව ගෙන ආවා පමණක් නොවේ. එම අසැල්වැසි නිවැසියන් එක් වී ඉහතින් කී "පලස්තීන" නිවසේම කොටසක් බලෙන් අරගෙන එය "ඊශ්‍රාඊලය" ලෙස නම් කොට එම "යුදෙව්" වැසියන්ට ලබා දුන්නා.
ඒ අනුව "පලස්තීන" නම් නිවසේ ඉතා සුළුම සුළු කොටසක් අයිති කරගෙන පදිංචියට ආ "යුදෙව්වන්" කාලයත් සමඟ ම නිවසේ සැබෑ උරුමක්කාරයන් වන "පලස්තීන" නිවසේ වැසියන් සියල්ලට තම නිවසේම එක මුල්ලකට කොන් කොට කුඩා ඉඩ ප්‍රමාණයක් ඔවුනට ලබාදී මුළු "පලස්තීන" නිවසම තමන් සතු කරගත්තා. මේක ඉවසා ගන්න බැරුව තම නිවසේ අයිතිය ඉල්ලා හුදෙකලාවේ අරඟලයක නිරත වූ "පලස්තීන" නිවසේ වැසියන් දිනෙන් දින ඉතා දුර්වල පිරිසක් බවටත්, යුදෙව්වන්ගේ දරුණු පහරදීම්වලටත් ගොදුරු වුණා. මේ අතර එම නිවස බලෙන් අත්පත් කරගත් "යුදෙව්" වැසියන්ට අසල්වැසි සෑම ඉසව්වකින්ම ආධාර සහයෝග ලැබුණු නිසා ඔවුන් එම ගම්පලාතෙම ශක්තිමත් පවුල බවට පත්වුණා.

(සම්පූර්ණයෙන් කියවන්න )

ඊශ්‍රායලය බිහි වූ ඉතිහාසය - How Israel Was Created - Video

How Israel Was Created

ලොව විශාලතම සිර කඳවුරට ඔබේ දායකත්වය – පලස්තීනය පිලිබදව විමසුමක්.

මෙහි ප්‍රථමයෙන් ලොව විශාල සිර කඳවුරේ මූලික තොරතුරු මෙහි ඔබේ බුද්ධිමත් විමසුමට පෙලගසන්නම්,

  •  එය වර්ග කිලෝමීටර් 360 ක් (එනම් දිග පලල කිලෝමීටර් 40 x 9) පමණ විශාල භූමියකි.
  •  එහි වෙසෙන ජනගහනය 1,710,257 (2012 සංඝනනයට අනුව) එනම් ආසන්න වශයෙන් ලක්ෂ 20 ක්.
  •  එහි දරුවන් සදහා කිසිදු අධ්‍යාපන වැඩ සටහනක් ක්‍රියාත්මක නොවන අතර කුඩා දරුවන් පවා කම්කරු රුකියාවේ නිරත වෙති.
  •  එම ජනතාවගේ මූලික අයිතිය හා අවශ්‍යතාවය වන පිරිසිදු ජලය ඔවුනට ලැබෙන්නේ නැත. ඔවුන් පානය කරන ජලය අපිරිසිදු ජලය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ම තහවුරු කොට ඇත.
  •  ඔවුන්ට අවශ්‍ය ආහාර අවශ්‍යතාවය සපයා ගැනීමට අපොහොසත් ඔවුන් බාහිරින් ලැබෙන ආධාර මත යැපෙති.
  •  එහි වෙසෙන ජනතාවගේ මූලික අයිතියක් වන නිසි වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් ලැබෙන්නේ ද නැත.
  •  ඔවුනට සෘජුවම උපකාර කිරීමට කිසිදු ආයතනයකට හෝ රටකට අවස්ථාව ලබාදී ද නැත.
  •  ඒ අනුව එම ජනතාව ලෝකය තුල හුදෙකලා වී ජීවත් වන ජනතාවක් වෙති.
  •  එම ජනතාවගේ දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 360ක් වුවත් ඔවුනට නිෂ්පාදනය කරගැනීමට හැකි වී ඇත්තේ මෙගාවොට් 80ක් පමණි. එය ද බාහිරින් ඩීසල් ආධාර වශයෙන් ලැබුණොත් පමණි. මේ හේතුව නිසා එම භූමිය තුල දෛනිකව පැය 12 ක විදුලි කප්පාදුවක් සිදු කරති.
  •  මෙහි වෙසෙන ජනතාවට අහස හෝ මුහුදු මාර්ගය උපයෝගි කරගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇත.
  •  මෙම කඳවුරේ වෙසෙන ජනතාවගෙන් 99.3% සුන්නි මුස්ලීම්වරුන් වෙති.

ඉහතින් කරුණු දැක්වූ ඒ සිර කඳවුර පිලිබදව ඔබට දළ අවබෝධයක් දැන් ඇති වී තිබිය යුතුය. ඒ අන්කිසිවක් නොව ඔබ තීරයක්, නගරයක්, ප්‍රාන්තයක් නොඑසේ නම් රටක් ලෙස පවසන තම උපන් බිමෙහිම සිරකරුවන් වී අවම අවශ්‍යතාවයන් පවා සපුරාගත නොහැකිව කුඩා තීරයකට ගොනු වී ජීවත් වන ‘ගාසා’ වැසියන්ය. (සම්පූර්ණයෙන් කියවන්න )

ජෙරුසලම පාලනය පැවතී ඉතිහාසය - Video

Who Controlled Jerusalem the Longest?

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ද?

පසුගිය (2017 දෙසැම්බර්) 06 දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රාම් විසින් මුස්ලීම් ලෝකය කම්පනය කරවන ප්‍රකාශයක් කරන ලදී. ඒ ඊශ්‍රායලයේ අගනගරය ජෙරුසලම ලෙස පිලිගන්නා බව පැවසීමයි. මෙය ඇමරිකානු ජනාධිපති කල ඉතා පහත් නින්දිත ප්‍රකාශයකි. වත්මන් ඊශ්‍රායලය, ජෙරුසලම හා පලස්තීනය යන්න මුස්ලීම්වරුන්ගේ පාලනය යටතේ පැවතී තනි රාජ්‍යයකි. ලෝක යුද්ධ සමයේ එම රාජ්‍යයේ නායකයින් ගත් යම් යම් වැරදි තීරණ නිසා අද එම රාජ්‍යය මුස්ලීම්වරුන්ට අහිමි වන තැනට පත්ව ඇත. (සම්පූර්ණයෙන් කියවන්න )

පලස්තීන අර්බුදය හමුවේ ශ්‍රී ලාංකීය 10000 කට හිමි රුකියා අවස්ථා ලබා ගැනීම හරිද?

  • මේ භූමිය පැහැදිලිව ම ඊශ්‍රායලය පලස්තීනයෙන් උදුරා ගත්ත භූමියක්, විවිධ කාරණා පාදකකර ගෙන. ඒ භූමිය සඳහා ලංකාවේ ශ්‍රමිකයන් විධියට යැවීම ගැන අපි සම්පූර්ණ විරෝධය පළ කරනවා. එමෙන් ම, ගොවීන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටින එම ව්‍යාපාරය පලස්තීන ගොවීන්ගෙන් කොල්ලකන ලද භූමියක ශ්‍රී ලංකාවේ කම්කරුවන් සේවයේ යෙදවීම තරයේ හෙළා දකින බව ද එහිදී ප්‍රකාශ කර ඇත. (MONLAR)
  • මේක හරියට මේ පලතීනුවන්ගේ ගෙවල් ගිනි ගන්නකොට ගිහිල්ලා සුරුට්ටු පත්තු කරනවා වගේ වැඩක්. මේ ඊශ්‍රායලයට දැනට යවන අයට යුද්ධ පුහුණුවක් ලබා දීමේ සූදානමකුත් තියෙනවා. ඒ ගියාට පස්සේ ඒ ගොල්ලන්ට තුවක්කු භාර දීලා - මොක ද වැඩිහිටි අයගේ සාත්තු කිරීම්වලටත් ඒ වගේ වැඩකටයුතුවලත් ඉඳිද්දි, විශේෂයෙන් මේ ගාසා තීරණයෙන් එන ශ්‍රමිකයන් අහිමිවීමත් එක්ක ඇති වෙන පුරප්පාඩුවලටත් ඒ වගේ ම පලස්තීනුවන්ගෙන් බලහත්කාරයෙන් උදුරා ගත්ත බිම් කොටස්වල ගිහිල්ලා වැඩ කරන්න තමයි මේ රැකියා අවස්ථා ලබා දෙන්නේ. ඒක යි ඇත්ත කාරණාව. ඉතින් මේ පිළිබඳව අරාබි රටවල්වල විදේශ තනාපතිවරුන් කිහිප දෙනෙක් මට කියා සිටියා මේක ඉතා ම වැරදි වෙලාවක ගන්න වැරදි තීරණයක් කියලා.

(සම්පූර්ණයෙන් කියවන්න )

ශ්‍රී ලාංකිකයෙකු ඇසින් වත්මන් පලස්තීනය පිලිබදව විමසුමක්

අද වර්ග කිලෝමීටර් 360 කට සීමා වී ඇති පලස්තීනය සැබැවින්ම කුඩා රාජ්‍යයක් නොවේ. එය අතීතයේ වර්ග කිලෝමීටර් 20690 තරම් විශාල රාජ්‍යයකි. නමුත් ජාත්‍යන්තරය ඉතා සූක්ෂම ලෙස ක්‍රමණ්ත්‍රනය කොට අද පලස්තීනය තුල ලේ පිපාසිත ලොව මිලෙඡ්චතම ජාතියක් වන යුදෙව්වන් සදහා ‘ඊශ්‍රායලය’ නම් රටක් පලස්තීනය තුල ස්ථාපනය කොට ඇත. එම අසාධාර්ණ ආක්‍රමණයේ තරම වඩා හොදින් වටහා ගැනීම පිණිස ඊශ්‍රායලයේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩෙවිඩ් බෙන් ගුරූන් (David Ben Gurion) වරක් පැවසූ ප්‍රකාශයක් ඔබේ අවදානයට තැබිය හැක. එය මෙසේය,

මම අරාබි නායකයෙකු වුයේ නම්, ඊශ්‍රාඊලය සමඟ කිසිදු ආකාරයක ගිවිසුමකට එළඹෙන්නේ නැත. මෙවැනි තීරණයකට එළඹීම ස්වභාවයෙන් මනුෂ්‍යා තුල ඇති වන්නකි.මන්ද අප ඔවුන්ගේ රට අල්ලා ගත්තෙමු. අප මෙහි පැමිණ ඔවුන්ගේ රට සොරාගත්තෙමු. ඔවුන් ඇයි මෙය පිලිගත යුත්තේ!

අසාධාර්ණ ලෙස පලස්තීනය ආක්‍රමණය කල ඒ යුදෙව්වන් කොතරම් නරුම ජාතියක්ද යන්න අවබෝධ කර ගැනීමට මීට වඩා සාක්ෂි අවශ්‍ය නොවේ යයි සිතමි. (මේ ආක්‍රමණ ඉතිහාසය කුමක්ද? යන්න හා එය මුස්ලීම් ප්‍රජාවට බලපාන්නේ කවර ආකාරයටද? යහමග අඩවිය තුල මීට ඉහත ‘පලස්තීනය තුල බිහි වූ ඊශ්‍රායලය’ නම් ලිපිය තුලින් දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත.) නමුත් පලස්තීනය සම්බන්ධයෙන් එසේ පවසා පමණක් නිහඬ වීමට නොහැකි කාරණා කිහිපයක් ලොවපුරා වෙසෙන සමස්ථ මුස්ලීම් ප්‍රජාවට ඇත. මෙම පලස්තීනය පිලිබදව කථා කිරීම සමස්ථ මුස්ලීම් ප්‍රජාවට කාරණා කිහිපයක් නිසා වැදගත් වේ. එනම්, (සම්පූර්ණයෙන් කියවන්න )

පලස්තීනයේ ජනතාව තම මව්බිම නිදහස් කර ගැනීමට සටන් කරයි!- අන්තර්ජාල උපුටා ගැනීමක්

ඊශ්‍රායලය යනු 1947 දී බටහිර ජාතීන් විසින් යුරෝපයේ සමූලඝාතනයෙන් පසු අවතැන් වූ යුදෙව්වන් සඳහා පලස්තීනයේ භූමි ප්‍රදේශවල නිර්මාණය කරන ලද රටකි!

1947 ට පෙර පලස්තීනය ඔටෝමාන් පාලනය යටතේ මුස්ලිම් ක්‍රිස්තියානීන් සහ යුදෙව්වන් සාමයෙන් ජීවත් වූ සාමකාමී රාජ්‍යයක් විය!

1947 සිට ඊශ්‍රායලය පලස්තීන ප්‍රදේශ අත්පත් කර ගනිමින් නීත්‍යානුකූල නොවන රාජ්‍යය ව්‍යාප්ත කිරීමට පටන් ගත්තේය.

අරාබි සභාග ජාතීන් 1948, 1956 සහ 1967 දී ඊශ්‍රායලය සමඟ යුද්ධ කළ නමුත් පලස්තීන ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම වෙනුවට ඔවුන් ඊශ්‍රායලයට අහිමි කර ගත් අතර එය බටහිර ආරක්ෂකයින් විසින් දැඩි ලෙස ආරක්ෂා කරන ලදී.

ඊශ්‍රායලය ඉස්ලාමයේ පළමු ශුද්ධ වූ පල්ලිය බයිත් අල්-මුකද්දස් සහ පලස්තීනයේ අල්-කුඩ්ස් අගනුවර අල්ලා ගත්හ.

1994 දී පලස්තීන විමුක්ති සංවිධානයේ පාලනය යටතේ ඔස්ලෝ ගිවිසුම යටතේ බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ පලස්තීන අධිකාරිය පිහිටුවන ලදී!

පලස්තීනයේ මුල් පුරවැසියන් බටහිර ඉවුර සහ ගාසා තීරය ලෙස හැඳින්වෙන විවෘත සිරගෙවල්වල ඉතා දුෂ්කර තත්වයන් යටතේ ජීවත් විය.

පලස්තීන ප්‍රතිරෝධක ව්‍යාපාර ඔවුන්ගේ නැතිවූ භූමි ප්‍රදේශ සහ ඉස්ලාමයේ පළමු ශුද්ධ වූ පල්ලිය නැවත ලබා ගැනීම සඳහා ඔවුන්ගේ අරගලය දිගටම කරගෙන ගියේය!

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊශ්‍රායල ආක්‍රමණයන්ට සහ පලස්තීන පුරවැසියන්ට එරෙහිව සිදු කරන ලද සාහසික ක්‍රියාවලට එරෙහිව යෝජනා සිය ගණනක් සම්මත කර ඇත.

නොබැඳි ව්‍යාපාරයේ ප්‍රතිපත්තිවලට අවනත වෙමින් පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ආරම්භ වූයේ 1975 දී පලස්තීන විමුක්ති සංවිධානය (PLO) විසින් කොළඹ තානාපති කාර්යාලයක් විවෘත කිරීමත් සමඟය.

1988 නොවැම්බර් 15 වන දින පලස්තීන නිදහස් ප්‍රකාශයෙන් පසුව, ශ්‍රී ලංකා ජනරජය පලස්තීන රාජ්‍යය පිළිගත් ලොව ප්‍රථම රටවල් කිහිපය අතර විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ අරාබි ලීගය විසින් යෝජනා කර ඇති පරිදි ගැටුම සඳහා වන රාජ්‍ය දෙක විසඳුමට ශ්‍රී ලංකාව සහාය දෙයි!

එබැවින් 1967 දේශසීමා තුළ නැගෙනහිර ජෙරුසලම අගනුවර ලෙස පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කළ යුතුය.

මේ වන විට ඊශ්‍රායලය සුපුරුදු පරිදි සියලුම ජාත්‍යන්තර නීති සහ සම්මතයන්ට පටහැනිව ගාසා තීරය සම්පූර්ණයෙන්ම වැටලීමට යටත් කර ඇති අතර දේශසීමා වසා දමා අත්‍යවශ්‍ය සැපයුම් පමණක් නොව මානුෂීය ආධාර ද වළක්වයි!

එසේ කිරීමෙන් නෙතන්යාහෝ පාලනය යටතේ ඊශ්‍රායලය පලස්තීනුවන්ට තමන්ගේම ස්වාධීන රාජ්‍යයක් නිදහස් කර ගැනීමට ඇති නීත්‍යානුකූල අයිතිය නැවත තහවුරු කරයි.

පලස්තීනුවන් වෙනත් රටක් ආක්‍රමණය කිරීම හෝ වෙනත් ඒකීය රාජ්‍යයකින් වෙනම රාජ්‍යයක් හෝ ස්වයං පාලනයක් සඳහා සටන් කරන්නේ නැත, නමුත් ඊශ්‍රායලය විසින් සමස්තයක් ලෙස අල්ලාගෙන සිටින ඔවුන්ගේම රටේ ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කරයි.

කතෘ - මසිහුදීන් ඉනාමුල්ලහ්

ජාත්‍යන්තර යුධ නීති-රීති ඊශ්‍රායලයට වලංගු නොවේද?

ගාසා සරණාගත කඳවුරකට ප්‍රහාරයක්

ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ සරණාගත කඳවුරකට එල්ල වුණු ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින්, පලස්තීන වැසියෝ 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 75 කි. කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු තුවාල ලැබූ පිරිස අතරේ සිටින බව පැවැසෙයි.

මෙම සරණාගත කඳවුර, එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය මැදිහත් වී, ගාසා පලස්තීන වැසියන්ට රැකවරණය දීමට පිහිටුවන ලද්දකි. ඊහ්‍රායල හමුදා කඳවුරට පහර දී ඇත්තේ, එහි හමාස් සටන්කාමීන් සිටින බව පවසමිනි.

(ඒ.එෆ්.පී.)

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD-%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-646673

වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථාන තුළදී පුද්ගලයන් 613 ක් ඝඝාතනය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය යටිතල පහසුකම් වලට පසුගිය ඔක්තෝබර් හත් වැනිදා සිට මේ දක්වා...

  • 600 වතාවක් පමණ ප්‍රහාර එල්ල කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.
  •  එම ප්‍රහාර වලින් වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථාන තුළදී පුද්ගලයන් 613 ක් මියගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය.
  • එලෙස මියගිය 613 දෙනාගෙන් 606 දෙනකු ගාසාහිදී මියගොස් ඇති බවත් 7 දෙනකු බටහිර ඉවුරේදී මියගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.
  • ගාසා තීරයේ රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය යටිතල පහසුකම්වලට පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ප්‍රහාර 304 ක් එල්ල වී ඇති බවත් බටහිර ඉවුරට ප්‍රහාර 286 ක් එල්ල වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේය.
  • යුද්ධය ආරම්භවී 14 වන සතිය වනවිට ගාසා තීරයේ ළමයින්ගේ ජීවිතවලට මාරක තර්ජන 3 ක් එල්ල වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය.
  • ගාසා තීරයේ ළමයින්ට රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ යන විට ඔවුන්ගේ පෝෂණ තත්වය පහළ වැටී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේය.
  • එසේම ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයද ඉහළ ගොස් ඇතැයි එම සංවිධානය පැවැසුවේය.
  •  ගාසා තීරයේ ළමුන් සෑම දිනකම නරක අතට හැරෙන බියකරු සිහිනයකට හසු වී තිබෙන බව යුනිසෙෆ් සංවිධානය පසුගිය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
https://www.lankadeepa.lk/news/%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A-%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F/101-645754


වෙඩි තැබුවේ සුදු කොඩි අරන් එද්දී

ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් හමාස් අත්අඩංගුවේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනා මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යායු ප්‍රමුඛ රජයටත්, ඊශ්‍රායල හමුදාවටත් දොස් අහන්න සිදුවී ඇත.

ඊශ්‍රායල හමුදා ප්‍රහාරයෙන් මියගියේ තරුණයන් තිදෙනෙකි. මොවුන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිට, නිදහස ලබා යළි ඊශ්‍රායල හමුදා වෙත පැමිණ ඇත. ඒ සුදු කොඩි ද අතැතිවය. කෙසේ නමුත්, ඔවුන් හමාස් සටන්කාමීන් යැයි සිතූ ඊශ්‍රායල හමුදාව, ඔවුන්ට වෙඩි තැබුවේය.

මෙම සිද්ධියෙන් පසු හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින සෙසු ඊශ්‍රායල වැසියන් නිරුපද්‍රිතව මුදා ගැනීමට, ඊශ්‍රායල රජය හමාස් සංවිධානය සමඟ නව සාකච්ඡා ආරම්භ කළේ යැයි ද වාර්තා වේ.

කෙසේ නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යායු දිගින් දිගටම පැහැදිලි කර ඇත්තේ, හමාස් සටන්කාමීන් පරාජය කළ හැක්කේ ආරම්භ කළ යුද්ධය අවසන් කිරීමෙන් පමණක් බවය. යුද්ධය හැර වෙන විසදුමක් නැතැයි ද නෙදන්යාහු අවධාරණය කර තිබේ.

https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92-%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93/101-644698

මේ දරුවන් කල වරද කුමක්ද?

අන්තර්ජාලයෙන් උපුටාගත් කෙටි විඩියෝ දර්ශන කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානය පිණිස මෙහි පහතින් පෙලගසා ඇත. (විශේෂ අවදානයට - 2023/10/07 දින සිට 2024/04/08 දක්වා වූ මාස 06 ක කාලය තුල ඝාතනය වී ඇති පලස්තීන දරුවන් ගණන 10,000 ඉක්මවයි.)

යුදෙව් ප්‍රහාරවලින් මියගිය මේ දරුවන් හෝ ඔවුන්ගේ දෙමාපියන් කල වරද කුමක්ද? - Photos

(පහත පිංතූර මත Click කොට එම පිංතූර විශාල කොට නරඹන්න)



පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය කරන ප්‍රහාරයට සම්බන්ධ සහ එයට සහය පලකරන සියළුදෙනාට මේ දරුවන්ගේ ශාපය හිමිවේවා!, - Video

2017/03/24 - පලස්තීන භූමිය මත ඉදිවන නීති විරෝධී ඊශ්‍රායල් නිවාස ව්‍යාපෘතිය - උපුටා ගැනීමක්

බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින පලසතීනයේ බටහිර ඉවුරු ප්‍රදේශය තුළ නීතිවිරෝධී අයුරින් නිවාස 2,630ක් ඉදිකි රීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායලයේ මධ්‍යම තොරතුරු බියුරෝව සඳහන් කරන ආකාරයට 2013 වසරේදී ඉදිකරණ ලද නිවාස 2,874කට පසුව සාදන ලද විශාලතම නිවාස ප්‍රමාණය මෙය වී ඇත. 2009 වසරේදී බෙන්ජමින් නෙතන්හායු අගමැති ධුරයට පත්වීමත් සමග නිවාස 14,017ක් සෑදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර මේ දක්වාම සෑම ඊශ්‍රායල් නායකයෙකු යටතේම පලස්තීන භූමිය තුළ මෙවැනි නීතිවිරෝධී නිවාස ඉදිකිරීම් අඛණ්ඩව සිදුවෙමින් ඇති බවද මධ්‍යම තොරතුරු බියුරෝව සඳහන් කරයි.

මෙවැනි ඉදිකිරීම් හරහා පලස්තීනුවන්ට සහ ජාත්‍යන්තරයට ඊශ්‍රායලය ප්‍රකාශ කරමින් ඇත්තේ “රාජ්‍යයන් දෙකක්” සංකල්පයට තමන් එකඟ නැති බව යැයිද “පීස් නව්” නැමති සංවිධානය ප්‍රකාශයට පත් කර ඇත. ඊශ්‍රායල් – පලස්තීන සාම වැඩපිළිවෙලට මෙවැනි ක්‍රියාමාර්ග දැඩි බාධාවන් පමුණුවමින් ඇති බවද සඳහන් වේ.

උපුටා ගැනීම - lankatruth.com

2020/06/25 - පලස්තීන ඉඩම් නීතිවිරෝධී ලෙස ඈඳා ගැනීම සාමයේ අපේක්ෂාවන් වලක්වයි - ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය/OIC/ - උපුටා ගැනීමක්

නිව් යෝර්ක්, 2020 ජුනි 25 (WAM) - පලස්තීනයේ ඉඩම් ඊශ්‍රායලය විසින් නීති විරෝධී ලෙස ඒකපාර්ශ්විකව අල්ලා ගැනීමේ සැලැසුමක් ක්‍රියාත්මක කිරීම නිසා පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) සාමාජික රටවල් අනතුරු ඇඟවයි. පලස්තීන ජනතාවට ඔවුන්ගේ ස්වයං තීරණය ගැනීමේ අයිතිය සහ රාජ්‍යයන් දෙකටම විසඳුම් ළඟා කර ගැනීම සඳහා ජාත්‍යන්තරය දශක ගණනාවක් තිස්සේ උත්සාහයන් දරන අතර ඒවා වලක්වයි.

පලස්තීනය පිළිබඳ ප්‍රශ්නය ඇතුළුව මැද පෙරදිග තත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මාසික රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය. පලස්තීන ඉඩම් ඈඳා ගැනීමේ ජාත්‍යන්තර නීතිය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ඊට අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනා උල්ලංඝනය කරන බව නැවත අවධාරණය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, OIC සමූහයේ සභාපතිවරයා ලෙස සභාවට ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.

මෙම ප්‍රකාශයෙන් අවධාරණය කරන්නේ පලස්තීන ජනතාවට ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේ අයිතිය සපුරා ගැනීමේ හදිසි අවශ්‍යතාවයයි.එසේම නැගෙනහිර ජෙරුසලම එහි අගනුවර ලෙස 1967 ජුනි 4 වන දින දේශසීමා මත පදනම්ව පලස්තීන රාජ්‍යයේ ස්වයං තීරණ ගැනීමට ඇති අයිතිය ද ඇතුළුව කරුණු පිළිබඳව අවධානය යොමු කර ඇත.

නැගෙනහිර ජෙරුසලම ඇතුළු අල්ලාගෙන සිටින පලස්තීන භූමියේ(OPT) බරපතල තත්වය පිළිබඳව OIC සමූහය යළිත් වරක් අවධාරණය කළේය. එම කරුණු අතර අඛණ්ඩව ජනාවාස ඉදිකිරීම හා ව්‍යාප්ත කිරීම, ඉඩම් රාජසන්තක කිරීම හා ඈඳා ගැනීම සහ නිවාස හා දේපළ කඩා ඉවත් කිරීම මෙන්ම පලස්තීන පුරවැසියන් බලහත්කාරයෙන් අවතැන් කිරීම වේ.

2020 ජුනි 10 වන දින OIC හි සාමාජික රටවල විදේශ ඇමතිවරු පලස්තීන භූමියේ කොටස් ඈඳා ගැනීමට ඊශ්‍රායලයට ඇති තර්ජනය ප්‍රතික්ෂේප කරමින් යෝජනාවක් සම්මත කළ බව එම කණ්ඩායම සිහිපත් කළේය.

OIC සමූහය අවධාරණය කළේ සාමය සඳහා වන අපේක්ෂාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඊශ්‍රායලයේ නීති විරෝධී ඈඳා ගැනීමේ සැලැස්ම නැවැත්වීමට ජාත්‍යන්තර ප්‍රජාව බරපතල උත්සාහයක නිරත විය යුතු බවයි. ආරක්ෂක කවුන්සිලයේ 2334 (2016) යෝජනාවට අදාළව, OIC සමූහය විසින් ඊශ්‍රායෙලයේ භූමිය සහ නැගෙනහිර ජෙරුසලම ඇතුළු OPT අතර අදාළ ගනුදෙනු වෙන්කර හඳුනා ගැනීම සඳහා රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කළේය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ ඇති බැඳීම්වලට ගරු කරන ලෙසත්, ඊශ්‍රායලයේ ඈඳා ගැනීමේ සැලැස්ම අනුගමනය කරන ලෙසත් එම සංවිධානය ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. අල්ලා ගැනීමේ බලය ලෙස ඊශ්‍රායලය, ජාත්‍යන්තර නීතිය යටතේ ඇති සියළුම බැඳීම්වලට පූර්ණ ලෙස ගරු කළ යුතු බවදට එම ඉල්ලීමෙන් නැවත අවධාරණය කළේය.

කොරෝනා වෛයිරසයේ බලපෑම මත, වසංගතය පලස්තීන භූමිය තුළ සෞඛ්‍ය, ආර්ථික හා සමාජ අභියෝග උග්‍ර කර ඇති ආකාරය පිළිබඳව සලකා බලන ලෙ OIC සමූහය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

උපුටා ගැනීම - www.wam.ae

2023/10/17 - ගාසා රෝහලකට බෝම්බ ප්‍රහාරයක්: 500 ක් මරුට

ගාසා තීරයේ අල් ආහිල් රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන සිවිල් වැසියෝ 500 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් සිය ගණනක් තුවාල ලැබූ බව පැවැසෙයි.

ඊශ්‍රායල ගුවන් හමුදාව දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්‍රහාර හමුවේ පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා වී රැදී සිට ඇත්තේ මෙම අල් ආහිල් රෝහලේ බව ද පැවැසෙයි.

ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ ආධාර මත ගාසා තීරයේ ඉදි කර තිබුණු පාසල් සංකීර්ණයක් ද ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් විනාශ විය.

අද (18) ඊශ්‍රායලයට පැමිණෙන්න සූදානමින් සිටින ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන්, රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් දුරකතන මාර්ගයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ සාකච්ඡා පැවැත්වීය.

(අල් ජසීරා)

උපුටා ගැනීම - https://www.lankadeepa.lk/world_news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A:-500-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7/14-641572

2023/10/19 - ගාසා තීරයේ එකම පිළිකා රෝහලට ප්‍රහාරයක්

ගාසා තීරයේ පිහිටි එකම පිළිකා ප්‍රතිකාර රෝහලට ද ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තුර්කි පලස්තීන මිත්‍රත්ව රෝහල යනුවෙන් නම් කර ඇති මෙම රෝහල තුර්කියේ අනුග්‍රහයෙන් ඉදි කරන ලද්දකි. ගාසා තීරයේ පිළිකා රෝගීන් 9,000 කට ප්‍රතිකාර ලබා දෙන එකම රෝහල මෙය යැයි අල් ජසීරා පුවත් සේවය පවසා තිබේ. මේ අතර, ගාසා තීරයේ රෆා නගරේය පලස්තීන වැසියන් පිරිසකට ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 30 දෙනකු මියගොස් 21 දෙනකු තුවාල ලැබූ බවය.

(අල් ජසීරා)

https://www.lankadeepa.lk/world_news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%91%E0%B6%9A%E0%B6%B8-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/14-641656

2023/10/20 - ගාසා දේවස්ථානයකටත් ප්‍රහාරයක්

ගාසා තීරයේ ග්‍රීක සධාර්මික දේවස්ථානයකට ඊශ්‍රායල ගුවන් හමුදාව පහරදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගුවන් ප්‍රහාරය එල්ල වෙද්දී ගැටුම්වලින් බේරී පලස්තීන සිවිල් වැසියන් බොහෝ දෙනකු දේවස්ථානයේ රැඳී සිටි බව පැවැසෙයි. දේවස්ථානයට එල්ල වුණු එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල රජයට දැඩි විරෝධයක් එල්ල වීමට පටන්ගෙන ඇත.

ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ පසුගිය 7 වැනිදා සිටය. එදා සිට මේ දක්වා ගාසා තීරයට එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 3,785 කි. තුවාල ලැබූ ගණන 12,493 කි.

(අල් ජසීරා)

https://www.lankadeepa.lk/world_news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/14-641718

ජබාලියා සරණාගත කඳවුරට ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක්

ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ පහරදීම්වලින් ගතවුණු පැය 24 ඇතුළත ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් 266 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව ජබාලියා සරණාගත කඳවුරට ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් මියගිය ගණන 30 ක් බව පැවැසෙයි.

හමාස් සටන්කාමීන් සොයමින්, ඊශ්‍රායල හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින්, මේ වනවිට මියගොස් ඇති සමස්ත පලස්තීනුවන් ගණන 4,651 කි. හමාස් ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 1,400 කි.

(අල් ජසීරා)

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%90%E0%B6%BA-24-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD-266-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8F/1-641835

2023/10/22 ගාසා රෝහල් දෙකකට ප්‍රහාර

ගාසා තීරයේ අල් ෂීෆා සහ අල් කුඩ්ස් යන රෝහල් දෙකට ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීන සිවිල් වැසියන් බොහෝ දෙනකු ප්‍රතිකාර ගනිමින් සිටින්නේ අල් ෂීෆා රෝහලේ යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් රෝහල් දෙකට හානි සිදුවුණු බව පැවැසෙයි.

පලස්තීන පාලන අධිකාරිය වාර්තා කළේ ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ උතුරු කොටසට පමණක් නොව, දකුණු කොටසට ද දිගින් දිගටම පහර දෙමින් සිටින බවය. ඊට අමතරව, බටහිර ඉවුරේ ඊශ්‍රායල පලාන ප්‍රදේශවල ද ඊශ්‍රායල හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පැවැසෙයි.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා පවසන ආකාරයට මේ වනවිට හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතරේ ආරම්භ වුණු ගැටුම්වලින් දෙපාර්ශ්වයේම 6,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවය.

(අල් ජසීරා)

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB/1-641834

පලස්තීන වැසියන්ට ලබා දෙන ආහාර, ජලය සහ විදුලිය නවතා ඇත. - ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්න

ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි.

පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මෙසේ ඉල්ලා ඇත්තේ ඊශ්‍රායලය දිගට හරහට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත් වීම නැවැත්වීමේ අරමුණ ඇතිවය.

ඊශ්‍රායල බලධාරීන් සහ ඊශ්‍රායල හමුදාව යුද අපරාධ කරනවා යැයි ද පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් චෝදනා නගා තිබේ. මේ වනවිට පලස්තීන වැසියන්ට ලබා දෙන ආහාර, ජලය සහ විදුලිය නැවැත්වීමට ද ඊශ්‍රායලය පියවර ගෙන ඇත. එය ද යුද අපරාධයක් බවට චෝදනා එල්ල වෙයි.

(අල් ජසීරා)

https://www.lankadeepa.lk/news/%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7-%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/101-642308

2023/10/31 - ගාසා සරණාගත කඳවුරකට ප්‍රහාරයක්: 50 ක් මරුට

ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුරට ඊශ්‍රායල ගුවන් හමුදාව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ප්‍රහාරය එල්ල කෙරුණේ ‘ජබාලියා’ සරණාගත කඳවුරටය.

පලස්තීන සෞඛ්‍ය අංශ පැවැසුවේ එම ප්‍රහාරයෙන් සරණාගත කඳවුරේ සිටි පලස්තීන වැසියන් 50 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. තවත් 150 ක් පමණ තුවාල ලැබූ බවත්, ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමට පහසුකම් නොමැති බවත් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් කියා සිටී.

‘ජබාලියා’ සරණාගත කඳවුරට තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පිළිගෙන තිබේ. ඊශ්‍රායල බුද්ධි අංශය මෙන්ම හමුදාව ද වැඩි දුරටත් නිවේදනය කළේ පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට පහර දුන් හමාස් සටන්කාමීන් නායකයකු ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරය එල්ල කළ බවය.

තම ප්‍රහාරයෙන් එම හමාස් නායකයා ජීවිතක්ෂයට පත්වුණු බව ද ඊශ්‍රායල හමුදාව වැඩි දුරටත් පවසා ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD-%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A:-50-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7/101-642323

ගාසා ජන සංහාරය ඉවසනු බැරිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ නිව්යෝර්ක් කාර්යාලයේ අධ්‍යක්ෂක ඉල්ලා අස් වේ

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් පලස්තීන ජාතිකයන් 9000 ක් ඝාතනය කිරීම ජන සංහාරයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ නිව්යෝර්ක් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයෙක්ව සිටි ක්‍රේග් මොක්හිබර් ප්‍රකාශ කර ඇත.

ඊශ්‍රායලයේ යුද අපරාධවලට ගැලපෙන අයුරින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කළ කිරීමට පත්වූවා යැයි පවසමින් ක්‍රේග් මොක්හිබර් පසුගිය 28 වැනිදා සිය ඉල්ලා අස්වීම එක්සත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට බාර දුන්නේය.

ඊශ්‍රායලය පලස්තීනයේ සිදු කරන්නේ ජන සංහාරයක් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඊශ්‍රායාලය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ නොකරන්නේ මන්දැයි තමන් නොදන්නා බවත් පවසමින් ක්‍රේග් මොක්හිබර් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත.ගාසා තීරයේ සිදුවන්නේ ජන සංහාරයකින් ඔබ්බට ගිය යුද අපරාධයක් යැයි මානව හිමිකම් නීතීඥවරයකු ලෙස දැඩි විශ්වාසයකින් පැවසිය හැකි බව ක්‍රේග් මොක්හිබර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පෙන්වා දී ඇත.

මෙතෙක් මියගොස් ඇති පලස්තීනුවන් 9000 න් 3648 ක් දරුවන් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මෙයට මැදහත් විය යුතු බවත් මානව හිමිකම් සංවිධාන රාශියක් මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කළේය.එසේම යුද්ධයෙන් මේ දක්වා පලස්තීනුවන් 22000 ක් තුවාල ලබා ඇතැයිද මානව හිමිකම් සංවිධාන පෙන්වා දී ඇත.

පසුගිය 7 වැනිදා සිට මේ දක්වා ගාසා තීරයේ හමාස් ඉලක්ක 12,000 කට ප්‍රහාර එල්ල කර ඇතැයි ඊශ්‍රායල හමුදා පවසයි.එම ප්‍රහාර වලින් හමාස් සටන්කාමීන් විශාල පිරිසක් ඝාතනය කිරීමට හැකියාව ලැබුණු බව ඊශ්‍රායල හමුදා පෙන්වා දී ඇත.එසේම සිය හමුදා ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවද ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායලයට යුද්ධය අවසන් කරන ලෙස පවසමින් මේ වන විට රාජ්‍ය තාන්ත්‍රිකව විශාල පීඩනයක් එල්ල වෙමින් පවතී.ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ද මානුෂීය ආධාර ලබා දීම සඳහා ඊශ්‍රායලය සටන් විරාමයකට පැමිණිය යුතු බව පවසා ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%A2%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%89%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%94-%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%80-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%8A-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%9A/101-642394

2023/11/02 - ඊශ්‍රායලය පලස්තීනයේ සිදු කරන්නේ ජන සංහාරයක් - දැනට මරණ 9000 යි දරුවන් 3648 ක්

මෙතෙක් මියගොස් ඇති පලස්තීනුවන් 9000 න් 3648 ක් දරුවන් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මෙයට මැදහත් විය යුතු බවත් මානව හිමිකම් සංවිධාන රාශියක් මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කළේය.එසේම යුද්ධයෙන් මේ දක්වා පලස්තීනුවන් 22000 ක් තුවාල ලබා ඇතැයිද මානව හිමිකම් සංවිධාන පෙන්වා දී ඇත.

පසුගිය 7 වැනිදා සිට මේ දක්වා ගාසා තීරයේ හමාස් ඉලක්ක 12,000 කට ප්‍රහාර එල්ල කර ඇතැයි ඊශ්‍රායල හමුදා පවසයි.එම ප්‍රහාර වලින් හමාස් සටන්කාමීන් විශාල පිරිසක් ඝාතනය කිරීමට හැකියාව ලැබුණු බව ඊශ්‍රායල හමුදා පෙන්වා දී ඇත.එසේම සිය හමුදා ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවද ඊශ්‍රායලය පවසයි.

https://www.lankadeepa.lk/news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%A2%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%89%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%94-%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%80-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%8A-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%9A/101-642394

2023/11/07 - පලස්තීන ළමුන් 5500 ක් මියගොස්

(07) අවසන් වූ මසක කාලය තුළ ඊශ්‍රායල හමුදාවේ අමානුෂික ප්‍රහාර හමුවේ පලස්තීන ළමුන් 5500 ක් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.එය 1967 වසරේ සිට පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා දක්වා කාලය තුළ බටහිර ඉවුරේදී සහ ගාසා තිරයේදී ඊශ්‍රායල හමුදා අතින් ඝාතනය වූ ළමුන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් බවද පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA-%E0%B6%85%E0%B6%B8%E0%B7%94-%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A/1-642683


2023/11/11 - ඊශ්‍රායලය ගාසා තීරයේ රෝහල්වලට බෝම්බ හෙලයි

  • දහස් ගණන් රෝගීන් සහ අවතැන් පලස්තීනුවන් නවාතැන් ගෙන සිටින ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ ඉදිරිපස ගේට්ටුවට ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කරයි.
  • පලස්තීන රතු ක්‍රෙසන්ට් ප්‍රධානියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පවසන්නේ ගාසා තීරයේ සිවිල් වැසියන් බලහත්කාරයෙන් ඉවත් කිරීම සඳහා “හිතාමතාම ඉලක්ක කර” ඇති බවයි.
  • ඊශ්‍රායලය පවසන්නේ පසුගිය දින දෙක තුළ පලස්තීනුවන් 100,000ක් ගාසා තීරයේ දකුණු දෙසට ගමන් කර ඇති බවයි; බොහෝ පලස්තීනුවන් පවසන්නේ ඔවුන් අඛණ්ඩ සටන් මධ්‍යයේ සිරවී සිටින බවයි.
  • ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 11,078ක් මිය ගොස් ඇත. ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,200කට වඩා වැඩිය.
https://www.aljazeera.com/news/liveblog/2023/11/11/israel-hamas-war-live-pleas-for-help-as-israel-bombards-gaza-hospitals

2023/11/15 ගාසා තීරයේ විශාලතම රෝහලට ඊශ්‍රායලය පහර දෙයි

ගාසා තීරයේ විශාලතම රෝහල වට කළ ඊශ්‍රායල හමුදාව ඊට පහර දීම ආරම්භ කළේය.

ඊශ්‍රායල හමුදාව පහර දෙද්දී, අල් ෂයිෆා නමැති මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ගණන 2,300 ක් බවත්, නොමේරු බිලිඳන් ගණන 36 ක් බවත් පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්විණි.

ඊශ්‍රායලය පවසන පරිදි, හමාස් සටන්කාමීන්, රෝහලේ සිටින පලස්තීන වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින්, ඊශ්‍රායල හමුදාව සමඟ සටන් වදී. තමන් රෝහලට පහර දීමට පටන් ගත්තේ ඉතා ක්‍රමාණුකූලව සහ සැලැසුම්සහතව යැයි ඊශ්‍රායල හමුදාව පැහැදිලි කර තිබේ.

https://www.lankadeepa.lk/world_news/%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/14-643018

පොඩි දරුවන්-කාන්තාවන් ඝාතනය නවත්වන්න

ඊශ්‍රායල ප්‍රහාරවලින්, බිලිඳන්, කුඩා දරුවන් සහ කාන්තාවන් මියයෑම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා තිබේ. කැනඩා අග්‍රාමාත්‍යවරායා මෙසේ පවසා ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමිණි.

ඊශ්‍රායලය, හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදාය. ඒ, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී කළ ප්‍රහාරයකින් අනතුරුවය.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීමට පටන්ගත්තේ ඉන්පසුවය. මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන 11,000 පසු කර තිබේ. ඔවුන්ගෙන් වැඩි දෙනා කුඩා දරුවන් සහ කාන්තාවන්ය.

https://www.lankadeepa.lk/world_news/%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/14-643018


ඊශ්‍රායලයට එරෙහිව තවත් යෝජනාවක්

මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින්, ඊශ්‍රායල හමාස් ගැටුම්වලට මැදි වී අසරණ වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ආරක්ෂිතව ගාසා තීරයෙන් පිටවී යෑමට ඉඩ ලබා දෙන්නැයි ඊශ්‍රායලයට බල කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට තවත් යෝජනාවක් ඉදිරිපත් විය.

සටන් විරාමයකට යන්නැයි ඊශ්‍රායලයට බල කිරීමක් එම යෝජනාව හරහා ද සිදු නොවුණු බව පැවැසෙයි. ඇමෙරිකාව, එක්සත් රාජධානිය පමණක් නොව, රුසියාව ද එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටි අතර, ඊශ්‍රායලය යෝජනාවට එකහෙලා විරෝධය දැක්වීය.

මේ වනවිට ගාසා තීරයේ විශාලතම රෝහල ලෙස සැලකෙන ‘අල් ෂිෆා’ රෝහලට ද ඊශ්‍රායල හමුදා කඩා වැදී පහර දෙයි. ඒ, හමාස් සටන්කාමීන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් රෝහල තුළ පිහිටුවා ඇති බැවිනි. හමාස් සටන්කාමීන් රෝහලේ රෝගීන් සහ පලස්තීන සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස රඳවා ගෙන ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර එල්ල කරන බව පැවැසෙයි.

‘අල් ෂිෆා’ රෝහලේ හමාස් සටන්කාමීන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති බව ඇමෙරිකන් බුද්ධි අංශ පවා තහවුරු කර තිබේ. හමාස් මෙහෙයුම් මධ්‍යස්ථානය පිළිබඳ තමන් ඊශ්‍රායලයට බුද්ධි තොරතුරු ලබා දුන් නමුත්, පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින් රෝහලට කඩා වැදී පහර දීමට ඊශ්‍රායලයට උපදෙස් නොදුන් බව ඇමෙරිකාව පැහැදිලි කර තිබේ.

https://www.lankadeepa.lk/world_news/%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80-%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A/14-643064


2023/11/18 - උතුරු ගාසා තීරයේ පාසල් දෙකකට එල්ල කල ඊශ්‍රායල් ප්‍රහාරවලින් විශාල පිරිසක් මිය යයි

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය (UNRWA) විසින් පවත්වාගෙන යනු ලබන al-Fakhoora පාසලේ, Jabalia සරණාගත කඳවුරේ සහ උතුරු ගාසා තීරයේ Tal al-Zaatar හි තවත් පාසලක බොහෝ පලස්තීනුවන් මිය ගොස් ඇත.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය සෙනසුරාදා ප්‍රකාශ කළේ අල්-ෆකූරා පාසලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගිය බවයි. එම ප්‍රහාර දෙකෙන් මිනිසුන් සිය ගණනක් මිය ගොස් තුවාල ලැබූ බව එහි සඳහන් වේ.

පාසල්, රෝහල් සහ පොදු පහසුකම් වලට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීම “දැන් ප්‍රවණතාවක් බව පෙනේ”, දකුණු ගාසාවේ ඛාන් යූනිස් වෙතින් වාර්තා කරමින් අල් ජසීරා හි හනි මහමුද් පැවසීය. විවිධ ගුවන් ප්‍රහාරවලින් පාසල් දෙකටම දැඩි විනාශයක් සිදු වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් 200කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර සුන්බුන් යට විශාල ප්‍රමාණයක් සිටින බැවින් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මිනිසුන් හෑරීමට මිනිසුන් සවල සහ හිස් අත් භාවිතා කරයි, ”ඔහු පැහැදිලි කළේය.

නොනවතින ඊශ්‍රායල ප්‍රහාරවලින් පලා යමින් සිය ගණනක් ජනයා පාසල් දෙකේම නවාතැන් ගත් බව විශ්වාස කෙරේ. al-Fakhoora වෙත ප්‍රහාරය අලුයම සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර Tal al-Zaatar වෙත ප්‍රහාරය එල්ල වූයේ පසුදාය.

“මළ සිරුරු සෑම තැනකම ඇති අතර වෛද්‍ය කණ්ඩායම් තුවාල ලැබූවන් ඉවත් කිරීමට උත්සාහ කරයි,” අල්-ෆකූරා පාසල ගැන වාර්තා කරමින් අල් ජසීරා හි තාරෙක් අබු අසූම් පැවසීය.

උතුරු ගාසා තීරයේ ඊශ්‍රායලයේ ගොඩබිම් ප්‍රහාර මධ්‍යයේ දිගින් දිගටම සටන් කිරීමත් සමඟ බොහෝ පලස්තීනුවන්ට ආරක්ෂාව සඳහා ඉන්දුනීසියානු රෝහල අවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන පාසල් වෙත පලා යාමට සිදු වී ඇති බව ඔහු පැවසීය.

“ජබාලියා සරණාගත කඳවුරේ අල්-ෆඛූරා පාසලේ නවාතැන් ගන්නා පුද්ගලයන්, වෛද්‍ය ගැටලු ඇති බොහෝ දෙනෙක්, එහි ඇති ප්‍රචණ්ඩත්වයෙන් ඔවුන්ට රැකවරණය ලැබිය හැකි යැයි සිතූහ. නමුත් ඊශ්‍රායල හමුදාව පණිවිඩයක් යවන බව පෙනේ: ගාසා තීරයේ දකුණට පලා යන්න, ”ඔහු පැවසීය.

සාක්ෂිකරුවන් අල්-ෆකූරා පාසලේ දැවැන්ත විනාශය විස්තර කළේය.

“දර්ශන භයානක විය. කාන්තාවන්ගේ සහ දරුවන්ගේ මළ සිරුරු බිම තිබුණා. අනෙක් අය උදව් ඉල්ලා කෑ ගැසූහ, ”තුවාලයෙන් දිවි ගලවා ගත් අහමඩ් රඩ්වාන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සියට දුරකථනයෙන් පැවසීය. ප්‍රාදේශීය රෝහලක ඡායාරූපවලින් පෙන්නුම් කළේ සිරුරු 20කට වැඩි ප්‍රමාණයක් ලේ තැවරුණු තහඩු වලින් ඔතා ඇති බවයි.

https://www.aljazeera.com/news/2023/11/18/israeli-forces-strike-al-fakhoora-school-in-northern-gaza


2023/11/19 - අල් ශිෆා රෝහල මරණය වැළදගන්නා කළාපයක්

ගාසා තීරයේ අල් ශිෆා රෝහල මේ වන විට මරණය වැළඳගන්නා කලාපයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායල හමුදාවේ නියෝගය මත වෛද්‍යවරුන්, රෝගීන් සහ අවතැන් වූ පුද්ගලයන් බොහෝ දෙනා රෝහලෙන් ඉවත් වූ පසු ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරේදා(18) අල්-ශිෆා රෝහලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කළේය.

මරණය වැළඳගන්නා කලාපයක්අල් - ශිෆා රෝහලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් කණ්ඩායම ඇතුළු වනවිට සමූහ මිනි වළක් දුටු බවත් එහි මෘත දේහයන් 80 කට වැඩි ප්‍රමාණයක් වළලා ඇතැයි පලස්තීන බලධාරීන් පැවසූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ විවිධ දෙපාර්තමේන්තු වල මහජන සෞඛ්‍ය විශේෂඥයන්, සැපයුම් සහ ආරක්ෂක නිලධාරීන් මෙම කණ්ඩායමට ඇතුළත් විය.එම කණ්ඩායම ආරක්ෂක හේතුන් මත පැයක කාලයක් පමණක් අල්-ශිෆා රෝහලේ රැඳී සිට ඇති අතර එම කාලයේදී එම රෝහලට එල්ල වූ වෙඩි සහ ෂෙල් වෙඩි ප්‍රහාර පිළිබඳව සාක්ෂි දැක ගැනීමට හැකියාව ලැබුණු බවද එම නිවේදනයේ දැක්වේ.අල්-ශිෆා රෝහලට පිරිසිඳු ජලය, ඖෂධ, ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟ වීම හේතුවෙන් වෛද්‍ය පහසුකම් සපයන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම නතර වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

ආරක්ෂක හේතුන් මත අල්-ශිෆා රෝහලට අපද්‍රව්‍ය කළමනාකරණය කර ගැනීමට පවා නොහැකි වී ඇති බවත් රෝහල තුළ වෛද්‍ය අපද්‍රව්‍ය සහ අනෙකුත් අපද්‍රව්‍ය පිරී තිබූ බවත් එය අසාදන පැතිරීමේ අවදානම වැඩි කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අද (19) වන විට අල්-ශිෆා රෝහලේ සෞඛ්‍ය සේවකයන් 25 දෙනකු සහ රෝගීන් 291 දෙනකු රැඳී සිටි බවත් ඉන් 32 දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන ළදරුවන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%BD%E0%B7%8A-%E0%B7%81%E0%B7%92%E0%B7%86%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD-%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%AF%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/101-643178

යුදෙව් ආක්‍රමණයට ගොදුරු වූ පලස්තීනය අද නටඹුන් රාජ්‍යයක් පමණි - Photos

(පහත පිංතූර මත Click කොට එම පිංතූර විශාල කොට නරඹන්න)

යුදෙව්වරුන් පලස්තීනය ආක්‍රමණ කල ඉතිහාසය කාලරාමු පෙලගැස්ම - Time Line

දශක 08ක් ඉක්මවා පවතින මෙම අර්බුදය මේ වන විටත් මිනිස් ජීවිත ලක්ෂ සංඛ්‍යාවක් බිලිගෙන අවසානය. එසේම සුන්දර භූමියක්ව පැවතී එම රට අද යුද නටඹූන් පිරි සොහොන් බිමක් පමණි. මේ තරම් විනාශයක් සිදුව තිබුනත් අර්බුදයේ අවසානයක් නම් පෙනෙන තෙක් මානයක නොමැත. එය සාධාර්ණව විසඳීමට ලෝක බලවතුන්ට උවමනාවක්ද නැත. එහි ප්‍රථිපලයක් ලෙස මෙම යුද්ධය දැන් දැන් ලෝක අර්බුදයක් තත්වයට වර්ධනය වෙමින් ඇත. ලෝක රටවල් පිල් දෙකකට ගොනු කරමින් තුන්වන ලෝක යුද්ධයකට අවශ්‍ය පසුබිම දැන් සැකසෙමින් ඇත. අවසානයේ “පලස්තීන“ භූමියට කල අපරාධයටත්, එම අපරාධයට අනුබලදීමත්, එය නිහඩව බලාසිටීමත්... වැනි පාපයන්ට කවදා හෝ සමස්ථ ලෝකයම වන්දි ගෙවනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. එය වැඩි ඈතක නොවන බවද මාගේ නිගමනයයි.

එය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම පලස්තීන අර්බුදය තුල ලෝකයා කොතරම් අසාධාර්ණ හා අමානූෂිය තීන්දු තීරණ ගෙන තිබෙනවාද? යන්නත්, මෙම අර්බුදයේ සැබෑ ස්වරූපය කුමක්ද? යන්නත් මේ සමාජයට හොදින් අවබෝධ කරදීම පිණිස මෙතැන් සිට මෙම "පලස්තීන භූමිය" යුදෙව් (ඊශ්‍රායලය) ආක්‍රමණය සිදුවූ ආකාර ඉතිහාස කාල රාමුව (1500 සිට මේ දක්වා) පහතින් නරඹන්න.

(සම්පූර්ණයෙන් කියවන්න )

මෙම අර්බුදයේ නව යාවත්කාලීනයන් මෙහි Click කොට කියවන්න - (නව යාවත්කාලීන )

Google / Apple ලෝක සිතියම්වලින් පලස්තීනය ඉවත් කර ඇත.

"ගූගල් (Google) සහ ඇපල් (Apple) සිතියම් නිල වශයෙන් පලස්තීනය ලෝක සිතියම් වලින් ඉවත් කර ඇත. Google සිතියම් මත "Palestine" (පලස්තීනය) යන වදන ටයිප් කර බලන්න එවිට ඔබව මවිත කරවමින්, පරිශීලකය ඊශ්‍රායලය නම වෙත ඔබව යොමු කරවයි. අද පලස්තීනය සිතියමෙන් මැකී ගොස් ඇත. හෙට පලස්තීනය ලෝකයෙන් මකා දමනවා ඇත.

ඊශ්‍රායල් රට පිලිගැනීම හා ප්‍රතික්ෂේප කිරීම

ඊශ්‍රායල් රාජ්‍යය ලොව අනිකුත් රටවල් හි පිලිගැනීම පිලිබදව මෙහි කෙසේද? යන්න මෙහි විමසා බලමි. 1948 දී පලස්තීන භූමීය ආක්‍රමණය කරමින් එහි පිහිටුවන ලද ඊශ්‍රායිල් රාජ්‍යයේ ස්වෛරීභාවය ලොව අන්කුත් රටවල් පිලිගත් අතර 2023 නොවැම්බර් මාසය වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193 න් රටවල් 164 ක්ම මෙම ආක්‍රමණික ඊශ්‍රායල් රාජ්‍යය වෙනම රටක් ලෙස පිලිගෙන ඇත. (ලොව රටවල් ඊශ්‍රායලය පිලිගත් හා ප්‍රතික්ෂේප කල ආකාරය පහත සිතියම තුලින් අවබෝධ කරගත හැක.)

වැඩිදුර කියවීමට ඊශ්‍රායල් රට පිලිගැනීම හා ප්‍රතික්ෂේප කිරීම යන ලිපිය බලන්න

පලස්තීනයේ ජනවාර්ගික පිරිසිදු කිරීම - 'The Ethnic Cleansing of Palestine' by Ilan Pappé - Video

පලස්තීනය තුල සිදුවූයේ කුමක්ද? යන්න සහ අද සිදුවෙමින් පවතින්නේ කුමක්ද? යන්න පිලිබදව සාකච්චා කරන ගවේෂණ කෘතියක් පිලිබදව කරුණු ඉදිරිපත් කිරීම

Book Review: 'The Ethnic Cleansing of Palestine' by Ilan Pappé

ඊශ්‍රායලය රජය කරන්නේ ත්‍රස්ථවාදයයි - මන්ත්‍රි චම්පික රණවක මහතා - Video

මෙම වීඩියෝව ShortNewsTV යන Youtube නාලිකාවෙන් උපුටාගෙන මෙහි ඉදිරිපත් කෙරේ...

පලස්තීනය කෙරෙහි ජාත්‍යන්තරයට මෙතරම් වෛරයක් ඇයි?

සුන්දර භූමියක්ව පැවතී පලස්තීනය විනාශ කොට 1947 ට පෙර ලෝක සිතියමේ නොපැවතී “ඊශ්‍රායලය” නම් රටක් එම රට තුල ස්ථාපනය කොට එම භූමියට හතුරුකම් කල යුදෙව්වන් සහ ඔවුනට එදා පටන් අද දක්වා නන්අයුරින් ආධාර අනුබල දෙන රටවල් සහ විවිධ පාර්ශවයන් අද පලස්තීන අරඟලයට එරෙහිව සහ ඊශ්‍රායල ප්‍රහාරයන්ට පක්ෂව විවිධ ප්‍රකාශ නිකුත් කරන අයුරු සහ එම ප්‍රකාශනයන් දකින විට, මෙතරම් නරුම, කෲර සහ විකෘති මානසිකත්වයක් පවතින මොවුන් ඇත්තෙන්ම මනුෂ්‍යයන්ද? නොඑසේ නම් තිරිසනුන්ද? යැයි මට සිතේ, පලස්තීන බිම ආක්‍රමණය කොට එම ආක්‍රමණය කිසිදු අවස්ථාවක සාධාර්ණීකරනය කිරීමට මෙතෙක් ඉදිරිපත් නොවූ යුදෙව්වන්ට වඩා මේ යුදෙව්වන්ගේ ක්‍රියාව ආවඩන හා එය සාධාර්ණීකරනය කරන මේ “යුදෙව් සුරතලුන්” මෙතරම් විකෘති වූයේ කෙසේද? යන්න මෙහි වෙනම විමසා බැලිය යුතු පැනයකි. යුදෙව්වන්ටත් පාඩම් කියාදෙන එම කෲර නරුමයින් පිලිබදව ද මෙහි කථා කලයුතුව ඇත.

(සම්පූර්ණයෙන් කියවන්න )


පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමාජිකත්වය දීමට එරෙහි USA නිශේද බලය

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්සිලයට ගෙන ආ යෝජනාව ඇමෙරිකාව නිශේද බලය භාවිත කරමින් පරාජයට පත් කර ඇත.

ආරක්ෂක කවුන්සිලයේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, ඇමෙරිකාවේ හිත මිතුරන් වන ප්‍රංශය, ජපානය සහ දකුණු කොරියාව ඇතුළුව රටවල් 12 ක් ඡන්දය ලබා දී ඇති අතර සාමාජිකයන් දෙදෙනෙකු ඡන්දය ලබා දීමෙන් වැළකී ඇත.යෝජනාවට පක්ෂව රටවල් 12 ක් ඡන්දය ලබාදුන්නත් ඇමෙරිකාව නිශේද බලය භාවිත කරමින් යෝජනාව පරාජයට පත් කළේය.

යෝජනාව සම්මත වූවේ නම් සාමාජිකයන් 193 දෙනෙකු සිටින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 194 වැනි සාමාජිකයාවීමට පලස්තීනය නිර්දේශ වීමට හැකියාව තිබිණි.

රටවල් 140 දැනටමත් පලස්තීනය රටක් ලෙස හඳුනාගෙන තිබීම හේතුවෙන් එලෙස නිර්දේශ වූවානම් නිශේධ බලයක් නොමැති මහා මණ්ඩලයේ නිසැකවම 194 සාමාජිකයා වීමට පලස්තීනයට අවස්ථාව තිබිණි.

ඇමෙරිකාව නිශේධ බලය භාවිත කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නියෝජ්‍ය තානාපති රොබර්ට් වුඩ් ප්‍රකාශ කර සිටියේ නිශේද බලය භාවිත කිරීම පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට විරුද්ධ වීමක් නොවන බවත් නමුත් එය සිදුවිය යුත්තේ පාර්ශ්වයන් අතර සාකච්ඡා අවසන් වීමෙන් පසුව බවත්ය.

https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%84%E0%B7%80-%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B6%9A%E0%B7%80%E0%B6%B1-%E0%B6%B1%E0%B7%81%E0%B6%AF-%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/101-650794

පලස්තීන ආක්‍රමණය යුදෙව් ආගමට පරස්පර නින්දිත ක්‍රියාවක් බව යුදෙව් පූජකවරුන් පවසයි - Video

True Judaism and Zionism Are Absolutely Not Equal - Rabbi Dovid Feldman


We Cry for the Palestinians" | Rabbi Yisroel Dovid Weiss


Orthodox Jews show solidarity with Palestinians


Orthodox Jews protest the State of Israel in NYC


Rabbi Dovid Weiss: Zionism has created 'rivers of blood' | Talk to Al Jazeera


Rebel Rabbis: Anti-Zionist Jews Against Israel

ඊශ්‍රායල ආක්‍රමණය යටතේ සිටින පලස්තීන ක්‍රිස්තියානීන් හඬ නඟයි - Video

Palestinian Christians under Israeli occupation speak out


ඊශ්‍රායල මාධ්‍යවේදියෙකු ගාසා තීරයට සහයෝගීතාවය ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුටත් මැර ප්‍රහාර - Video

Israeli journalist shares message after being attacked by mob over expressing solidarity with Gaza


පලස්තීන අර්බුදය හමුවේ ජඩ මාධ්‍යකරණය - නාඩි වැටෙන ජනයාගේ අවදානය පිණිසයි

අද ලොව පුරා උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත්තේ පලස්තීන-ඊශ්‍රායල් යුද ගැටුමයි. ලෝක බලවතුන් යැයි හදුන්වාගන්නා ඇමරිකාව, බ්‍ර්තාන්‍ය හා ප්‍රංශය වැනි රටවල් එක් වී එදා පලස්තීන භූමිය මත වැපිරූ “ඊශ්‍රායල්“ නම් පිලිලය අද වනවිට පලස්තීනුවන් දහස් ගණනින් බිලිගත් සියවසයකට ආසන්න කාලයක් පවතින යුද්ධයක් බවට පරිවර්තනය වී ඇත. මෙම අර්බුදයේ ආරම්භය, ඉතිහාසය හා වර්ථමානය යන කරුණු විවිධ පැති ඔස්සේ යහමග අඩවිය තුල දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. (එම ලිපි පලස්තීන අර්බුදය යන ගොනුව යටතේ ඔබට මෙම අඩවිය තුල කියවීමේ හැකියාව ඇත.) යුද නීති-රීති සියල්ල උල්ලංඝනය කරමින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව සමස්ථ ලෝකයාගේ විරෝධතාවයන් නොසලකා හරිමින් වර්ථමානයේ ඊශ්‍රායලය විසින් පලස්තීන භූමිය තුල කරනු ලබන අමානුෂීය පලස්තීන ජන සංහාරය නඩි වැටෙන ජනයාට බොහෝ දෑ කියාපායි. එවැනි කිහිපයක් මෙහි පෙලගසන්නේ නම්,

  • ජාත්‍යන්තර යුද නීති-රීති කිසිවක් ලෝක බලවතුන්ට සහ ඔවුන්ගේ ආශිර්වාදලත් පිරිසට අදාල නොවන බව,
  • මානව අයිතීන් හා හිමිකම් යන්න ලෝක බලවතුන්ට සහ ඔවුන්ගේ ආශිර්වාදලත් පිරිසට අදාල නොවන බව,
  • ඔවුන්ගේ බලවත්කම තුල උඩඟු වී ඕනෑම අසාධාර්ණයක්, කෘෘරත්වයක් සාධාර්ණීකරණය කලහැකි බව,
  • තම පටු අරමුණු හා පලිගැනීම සදහා මෙවැනි තත්වයන් අවස්ථාවක් කරගන්නා බව,
  • මාධ්‍යකරණයේ දී පක්ෂපාතීත්වය මිස සත්‍ය හෝ සාධාර්ණීය වාර්ථාකරනය අදාල නොව බව,


ඉහත තත්වයන් සියල්ල ඊශ්‍රායලය විසින් කරනු ලබන පලස්තීන ජන සංහාරය තුල සුලබව අප දකින්නෙමු. මෙයට සමීපතම නිදසුනක් ලෙස පසුගිය 2023/12/09 දින ඇමරිකාව තම විටෝ බලය භාවිතා කරමින් ඊශ්‍රායලයට එරෙහිව සහ යුද විරාමයක් සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙන ආ යෝජනාව ඉවත දැමීම මෙහි සදහන් කල හැක. මේ ආකාරයට මිලෙඡ්ච ත්‍රස්ථවාදී රාජ්‍යයකට ආවඩමින් පලස්තීනුවන් සංහාරය සාධාර්ණීකරණය කරමින් තම අවස්ථාවාදී පහත් මානසිකත්වය ලෝකයාට පෙන්වීම තුල සමාජ නීති-රීති හෝ සාධාර්ණ-අසාධාර්ණ යන කිසිවක් තමන්ට අදාල නොවන බව නැවත නැවතත් තහවුරු කරනවා නොවේද?. ඔවුන් ලෝක බලවතුන් වූ නිසාත්, එම බලවතුන්ගෙන් පෝෂණය වන කුඩා රාජ්‍යයන් ඔවුනට යටහත්ව කටයුතු කිරීමට සිදුවන නිසාත් රාජ්‍යයක ක්‍රියා කලාපය ඉහතින් සදහන් ආකාරයට යැයි සිතුවත් එම රාජ්‍යයන් සියල්ලෙහි පොදු ජනතාව අතිබහුතරය පලස්තීන ජනයා සම්බන්ධයෙන් සංවේදීය. එය ලොවපුරා සිදුවන ඊශ්‍රායල් යුද විරෝධි විරෝධතා සහ ප්‍රචාරණ ව්‍යාපාර මනාව කියාපායි... (සම්පූර්ණයෙන් කියවන්න )

Gaza Tragedy: A Step Closer to the Apocalypse (ගාසා ඛේදවාචකය) - උපුටා ගැනීමක්

ඓතිහාසික වශයෙන්, යුදෙව්වන්ට පලස්තීනයේ ජීවත් වීමට සහ ඔවුන්ගේ නමස්කාරයේ නිදහස භුක්ති විඳීමට අවසර දී ඇත. අනෙක් සියල්ලන්ට මෙන්ම ඔවුන්ටද සාධාරණ ලෙස සලකනු ලැබීය. ඉස්ලාමීය නීතියේ මුස්ලිම් නොවන සුළු ජාතීන් සඳහා විශේෂිත ආරක්ෂක විධිවිධාන ඇත. එපමණක් නොව, යුදෙව් සංක්‍රමණිකයන්ට වෙනත් තැන්වල හිංසා පීඩාවලින් බේරීමට මුස්ලිම් ඉඩම් බොහෝ විට රැකවරණයක් වූ බව රහසක් නොවේ.

සම්පූර්ණ ලිපිය මෙහි Click කොට කියවන්න

Bertrand Russell’s ගේ අවසාන පණිවුඩය - උපුටා ගැනීමක්

Bertrand Russell’s Last Message Bertrand Russell

This statement on the Middle East was dated 31st January, 1970, and was read on 3rd February, the day after Bertrand Russell’s death, to an International Conference of Parliamentarians meeting in Cairo.

The latest phase of the undeclared war in the Middle East is based upon a profound miscalculation. The bombing raids deep into Egyptian territory will not persuade the civilian population to surrender, but will stiffen their resolve to resist. This is the lesson of all aerial bombardment.

The Vietnamese who have endured years of American heavy bombing have responded not by capitulation but by shooting down more enemy aircraft. In 1940 my own fellow countrymen resisted Hitler’s bombing raids with unprecedented unity and determination. For this reason, the present Israeli attacks will fail in their essential purpose, but at the same time they must be condemned vigorously throughout the world.

The development of the crisis in the Middle East is both dangerous and instructive. For over 20 years Israel has expanded by force of arms. After every stage in this expansion Israel has appealed to “reason” and has suggested “negotiations”. This is the traditional role of the imperial power, because it wishes to consolidate with the least difficulty what it has already taken by violence. Every new conquest becomes the new basis of the proposed negotiation from strength, which ignores the injustice of the previous aggression. The aggression committed by Israel must be condemned, not only because no state has the right to annexe foreign territory, but because every expansion is an experiment to discover how much more aggression the world will tolerate.

The refugees who surround Palestine in their hundreds of thousands were described recently by the Washington journalist I.F. Stone as “the moral millstone around the neck of world Jewry.” Many of the refugees are now well into the third decade of their precarious existence in temporary settlements. The tragedy of the people of Palestine is that their country was “given” by a foreign Power to another people for the creation of a new State. The result was that many hundreds of thousands of innocent people were made permanently homeless. With every new conflict their number have increased. How much longer is the world willing to endure this spectacle of wanton cruelty? It is abundantly clear that the refugees have every right to the homeland from which they were driven, and the denial of this right is at the heart of the continuing conflict. No people anywhere in the world would accept being expelled en masse from their own country; how can anyone require the people of Palestine to accept a punishment which nobody else would tolerate? A permanent just settlement of the refugees in their homeland is an essential ingredient of any genuine settlement in the Middle East.

We are frequently told that we must sympathize with Israel because of the suffering of the Jews in Europe at the hands of the Nazis. I see in this suggestion no reason to perpetuate any suffering. What Israel is doing today cannot be condoned, and to invoke the horrors of the past to justify those of the present is gross hypocrisy. Not only does Israel condemn a vast number. of refugees to misery; not only are many Arabs under occupation condemned to military rule; but also Israel condemns the Arab nations only recently emerging from colonial status, to continued impoverishment as military demands take precedence over national development.

All who want to see an end to bloodshed in the Middle East must ensure that any settlement does not contain the seeds of future conflict. Justice requires that the first step towards a settlement must be an Israeli withdrawal from all the territories occupied in June, 1967. A new world campaign is needed to help bring justice to the long–suffering people of the Middle East.


(ඉහත ලිපියෙහි google පරිවර්ථනය පහතින් ඉදිරිපත් කොට ඇත)

මැදපෙරදිග පිළිබඳ මෙම ප්‍රකාශය 1970 ජනවාරි 31 දිනැති අතර, බර්ට්‍රන්ඩ් රසල්ගේ මරණයෙන් පසු දින පෙබරවාරි 3 වැනි දින කයිරෝවේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවකදී කියවන ලදී.

මැද පෙරදිග ප්‍රකාශ නොකළ යුද්ධයේ නවතම අදියර පදනම් වී ඇත්තේ ගැඹුරු වැරදි ගණනය කිරීමක් මතය. ඊජිප්තු භූමියට ගැඹුරට බෝම්බ හෙලීම සිවිල් ජනතාව යටත් වීමට පොළඹවන්නේ නැත, නමුත් විරුද්ධ වීමට ඔවුන්ගේ අධිෂ්ඨානය දැඩි කරනු ඇත. සියලුම ගුවන් බෝම්බ ප්‍රහාරවල පාඩම මෙයයි.

වසර ගණනාවක් ඇමරිකානු දරුණු බෝම්බ ප්‍රහාරයන්ට මුහුණ දුන් වියට්නාම ජාතිකයන් ප්‍රතිචාර දක්වා ඇත්තේ යටත් වීමෙන් නොව තවත් සතුරු ගුවන් යානා වෙඩි තබා බිම හෙලීමෙනි. 1940දී මගේම රටවැසියන් හිට්ලර්ගේ බෝම්බ ප්‍රහාරවලට පෙර නොවූ විරූ එකමුතුවකින් සහ අධිෂ්ඨානයකින් විරුද්ධ වුණා. මේ හේතුව නිසා, වර්තමාන ඊශ්‍රායල ප්‍රහාර ඔවුන්ගේ අත්‍යවශ්‍ය අරමුණෙන් අසාර්ථක වනු ඇත, නමුත් ඒ සමඟම ඒවා ලොව පුරා දැඩි ලෙස හෙළා දැකිය යුතුය.

මැද පෙරදිග අර්බුදයේ වර්ධනය භයානක මෙන්ම උපදේශාත්මක ය. වසර 20කට වැඩි කාලයක් ඊශ්‍රායලය අවි බලයෙන් ව්‍යාප්ත වී ඇත. මෙම ව්‍යාප්තියේ සෑම අදියරකටම පසුව ඊශ්‍රායලය "හේතුව" සඳහා ආයාචනා කර ඇති අතර "සාකච්ඡා" යෝජනා කර ඇත. අධිරාජ්‍ය බලයේ සාම්ප්‍රදායික භූමිකාව මෙයයි, මන්ද එය ප්‍රචණ්ඩත්වය මගින් දැනටමත් ගෙන ඇති දේ අවම දුෂ්කරතාවයකින් තහවුරු කිරීමට කැමති බැවිනි. සෑම නව ජයග්‍රහණයක්ම ශක්තියෙන් යෝජිත සාකච්ඡාවේ නව පදනම බවට පත්වේ, එය පෙර පැවති ආක්‍රමනකාරීත්වයේ අසාධාරණය නොසලකා හරියි. ඊශ්‍රායලය විසින් සිදු කරන ලද ආක්‍රමණ හෙළා දැකිය යුත්තේ, කිසිදු රාජ්‍යයකට විදේශීය භූමි ප්‍රදේශ ඈඳා ගැනීමට අයිතියක් නැති නිසා පමණක් නොව, සෑම ප්‍රසාරණයක්ම ලෝකය තව කොපමණ ආක්‍රමණශීලීත්වය ඉවසා සිටීද යන්න සොයා බැලීමේ අත්හදා බැලීමක් වන බැවිනි.

සිය දහස් ගණනින් පලස්තීනය වටකර සිටින සරණාගතයින් පිළිබඳව පසුගියදා වොෂින්ටන් මාධ්‍යවේදී අයි.එෆ්. ගල් "ලෝක යුදෙව්වන්ගේ ගෙල වටා ඇති සදාචාරාත්මක ඇඹරුම් ගල" ලෙසය. බොහෝ සරණාගතයින් දැන් තාවකාලික ජනාවාසවල ඔවුන්ගේ අස්ථිර පැවැත්මේ තුන්වන දශකයට හොඳින් පැමිණ සිටිති. පලස්තීනයේ මිනිසුන්ගේ ඛේදවාචකය නම්, නව රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා තම රට විදේශීය බලවේගයක් විසින් වෙනත් ජන කොටසකට “දීම” ලබා දීමයි. එහි ප්‍රතිඵලය වූයේ ලක්ෂ සංඛ්‍යාත අහිංසක මිනිසුන් සදාකාලික නිවාස අහිමි වීමයි. සෑම නව ගැටුමක් සමඟම ඔවුන්ගේ සංඛ්යාව වැඩි විය. මේ අමානුෂික කුරිරු දර්ශනය විඳදරාගැනීමට ලෝකය තව කොපමණ කාලයක් සූදානම්ද? සරණාගතයින්ට ඔවුන් පලවා හරින ලද නිජබිම සඳහා සෑම අයිතියක්ම ඇති බව ඉතා පැහැදිලිය, මෙම අයිතිය ප්‍රතික්ෂේප කිරීම අඛණ්ඩ ගැටුමේ හදවතයි. ලොව කොතැනකවත් මිනිසුන් තම රටෙන් සමූහ වශයෙන් නෙරපා හැරීම පිළිගන්නේ නැත. කිසිවකු විසින් නොඉවසන දඬුවමක් පිළිගැනීමට පලස්තීනයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කෙසේද? සරණාගතයින් ඔවුන්ගේ මව්බිමේ ස්ථිර සාධාරණ පදිංචි කිරීමක් මැද පෙරදිග ඕනෑම අව්‍යාජ ජනාවාසයක අත්‍යවශ්‍ය අංගයකි.

නාසීන් අතින් යුරෝපයේ යුදෙව්වන් දුක් විඳීම නිසා ඊශ්‍රායලයට අනුකම්පා කළ යුතු බව අපට නිතර කියනු ලැබේ. මේ යෝජනාවෙන් මම දකින්නේ කිසිම දුකක් සදාකාලික වෙන්න හේතුවක් නැහැ. අද ඊශ්‍රායලය කරමින් සිටින දේ අනුමත කළ නොහැකි අතර, අතීතයේ බිහිසුණු බව වර්තමානය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කිරීම අමු කුහකකමකි. ඊශ්‍රායලය විශාල සංඛ්‍යාවක් හෙළා දකිනවා පමණක් නොවේ. සරණාගතයින්ගේ දුක්ඛිත තත්ත්වයට; වාඩිලාගෙන සිටින බොහෝ අරාබිවරුන් හමුදා පාලනයට හෙළා දකිනවා පමණක් නොව; නමුත් ඊශ්‍රායලය අරාබි ජාතීන් හෙළා දකිනුයේ මෑතකදී යටත් විජිත තත්ත්වයෙන් මතුවෙමින්, ජාතික සංවර්ධනයට වඩා මිලිටරි ඉල්ලීම් ප්‍රමුඛත්වය ගන්නා බැවින් අඛණ්ඩ දරිද්‍රතාවයට ය.

මැදපෙරදිග ලේ වැගිරීමේ අවසානයක් දැකීමට කැමති සියල්ලෝම අනාගත ගැටුමේ බීජ අඩංගු නොවන බවට සහතික විය යුතුය. යුක්තිය සමථයකට පත් කිරීම සඳහා වන පළමු පියවර 1967 ජූනි මාසයේදී අල්ලාගත් සියලුම භූමි ප්‍රදේශවලින් ඊශ්‍රායලය ඉවත් වීම විය යුතුය. මැදපෙරදිග දුක් විඳින ජනතාවට යුක්තිය ඉටු කිරීමට නව ලෝක ව්‍යාපාරයක් අවශ්‍ය වේ. (පරිවර්ථනය අවසානයි)


Bertrand Russell’s ගේ ඉහත ලිපිය පිලිබදව විමසුමක් - Video

Britain's Most Famous Philosopher on Zionism

පලස්තීන අර්බුදය පිලිබදව මහාචාර්ය ඉලන් පාප්පේ (Prof Ilan Pappe) - Video

A Great Response to Zionist Logic - By Prof Ilan Pappe


History is Relevant: The Israeli New History and its Legacy


Ilan Pappe - Ten Myths About Israel

බෙත්ලැහැම් කිතුණූ ජනයා 2023 නත්තල් සැමරීම ප්‍රතික්ෂේප කරයි

බෙත්ලැහැම යනු බටහිර ඉවුරේ පිහිටි කුඩා නගරයකි. කිතුනුවන් විශ්වාස කරන්නේ යේසුස් තුමා වසර 2000 කට පෙර මෙහි උපත ලැබූ බවයි. මෙම බෙත්ලැහැම පිහිටා තිබෙන්නේ වත්මන් ඊශ්‍රායල් ත්‍රස්ථ රාජ්‍යයේ දැඩි ප්‍රහාරයට ගොදුරු වී තිබෙන පලස්තීන භූමිය තුලයි. ඒ අනුව ඊශ්‍රායලය විසින් පලස්තන භූමිය තුල සිදු කරන එම ජන සංහාරයට විරෝධය පල කරමින් පලස්තීන කිතුණූවන් (2023) මෙවර නත්තල සැමරීම නතර කොට ඇත. ගාසා තීරයේ යුද්ධයෙන් විපතට පත් වූවන්ට සහය දැක්වීම පිණිස පලස්තීන කලාකාරිනියක් වන රානා බිෂාරා නත්තල් අද දිනයේ සුවිශේෂී නිර්මාණයක් ද ඉදිරිපත් කොට ඇත. ඇය බෙත්ලැහැමේ දේවස්ථානය ඉදිරිපිට ඉන්කියුබේටරයක් ​​තුළ පතොක් කටු වලින් වට වූ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවක් තබමින් එය ක්‍රිස්තුස් වහන්සේ අලුත උපන් බිළිඳෙකු ලෙස නිරූපණය කොට ඇත.

(සම්පූර්ණයෙන් කියවන්න )

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

ගාසා තීරයේ සිදු කරන ජනසංහාර නැවැත්වීමට ඊශ්‍රායලය වහා පියවර ගතයුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන ඊශ්‍රායලය, පලස්තීන සිවිල් වැසියන්ට එරෙහිව ජනසංහාර සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ගොනු කළ චෝදනා විභාගයට ගනිමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

මේ වනවිට ඊශ්‍රායලය හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 26,000 පසු කර තිබේ.

https://www.lankadeepa.lk/world_news/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/14-646754


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන පේර් ලොදම්මාර් ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් ගාසා තිරයේ සුන්බුන් මෙට්‍රික් ටොන් මිලියන 37 ක් ගොඩගැසී ඇතැයි ලොදම්මාර් පැවැසුවේය.එම සුන්බුන් අතරට පුපුරා නොගිය බෝම්බ, පතොරොම් කොපු සහ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.ඒ අතරින් පුපුරා නොගිය බෝම්බ කොතරම් තිබේදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු පැවැසුවේය.

මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 34,305 ක් මියගොස් තවත් 77,293 තුවාල ලබා ඇතැයිද ලොදම්මාර් ප්‍රකාශ කළේය.

https://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B6%B1%E0%B6%B6%E0%B6%B1-%E0%B7%80-%E0%B6%9C%E0%B7%83%E0%B7%80-%E0%B7%83%E0%B6%AF%E0%B6%AF-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B6%B1-%E0%B6%A7%E0%B6%BB%E0%B6%9A-100-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-14%E0%B6%9A-%E0%B6%BA%E0%B7%80/1-651101

පලස්තීනයේ නිදහස වෙනුවෙන් නැඟෙන ජාත්‍යන්තර හඬ

තම උපන් බිම තුලම සමූල ඝාතනයට ගොදුරු වී සිටින පලස්තීනුවන් වෙනුවෙන් අද මුළු ලෝකයම ජාති, ආගම් භේදයකින් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් එක්ව හඬ නඟන පරිසරයක් උදාවී ඇත. එයට නිදසුන් කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,



මෙම ලිපියේ නව යාවත්කාලීන ඉදිරියට...



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/04/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම