එකම රටක් එක නීතියක්
මේ දිනවල සුන්දර සටන් පාඨයක් සමාජය තුල හා සමාජ මාධ්‍යයන් තුල ඉදිරිපත් වෙමින් ඇත. ඒ ‘එකම රටක් – එකම නීතියක්’ යන්නයි. මේ විෂය පිලිබදව අප රටේ දේශපාලඥයින් අතර ද විවිධ මට්ටමේ වාද විවාද සිදුවෙමින් පවතී. නමුත් තිත්ත වු ඇත්ත නම්, මේ රට මුස්ලීම් ජනතාවට පමණක් නොව තවත් පුද්ගල නිතීන් රාශියක්ම රටේ සෑම ජනවර්ගයක් තුලම අතීතයේ පටන්ම ක්‍රියාත්මක යන්නයි.
මේ රට තුල ක්‍රියාත්මක ප්‍රධාන නීති පද්ධතියට අමතරව මේ රට තුල ජීවත් වන ඒ ඒ ජනවර්ගය ඔවුන්ගේ සංස්කෘතීන් හා සම්ප්‍රදායන් අනුව දශක කිහිපයක් මුළුල්ලේ මේ රට තුල පුද්ගලික නීති රාශියක් ද ක්‍රියාත්මක වන්නේ ඉහත සටන් පාඨයට අභියෝගයක් වන ලෙසයි.
එවැනි නීති කිහිපයක් මෙහි ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,
- බෞද්ධ විහාර හා දේවාලගම් නීතිය
- උඩරට විවාහ දික්කසාද නිතීය
- උඩරට අනුප්‍රාප්ත නීතිය
- යාපනය විවාහ අනුපාප්ති නීතිය
- තේසවලාමේ නීතිය
- මුස්ලිම් විවාහ දික්කසාද නිතිය
- මුස්ලිම් අනුප්‍රාප්තික නිතිය
- හින්දු සංස්කෘතික පනත
- මුස්ලිම් වකුබ් පනත
- චර්ච් එෆ් සිලෝන් පනත
ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ මේ රට තුල ක්‍රියාත්මක පුද්ගල නීති කිහිපයකි. මේ විෂය පිලිබදව ශ්‍රී ලාංකීය බොහෝ පිරිසකට නිසි දැනුමක් නොමැතිවීම තුල මේ රට තුල ජාතිවාදී ව්‍යාපාරයන් හි පෙරමුණ ගෙන කටයුතු කරන සමහරක් පිරිස් හා පක්ෂ මෙරට මුස්ලීම්වරුන් සදහා පමණක් වෙනම නීතියක් ක්‍රියාත්මක බව පවසමින් ජාතීන් අතර විරසකයක් ගොඩනඟන්නත්, එයින් දේශපාලන වාසිගන්නත් කටයුතු කරන ආකාරය මේ දිනවල සුලබව දක්නට ඇත. ‘මෙරට මුස්ලීම්වරුන් සදහා වෙනම නීතියක් ක්‍රියාත්මකයි’ යයි පවසන එම පිරිස් ඉහත නීතීන් බහුතරයක් කවුරුන් සදහාද? යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතුව ඇත.
(මෙම ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කල ප්‍රකාශය ඇසුරෙන් – එම වීඩියෝව පහලින් නරඹන්න.)
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න