ධර්ම ද්වීපයේ ඉරණම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මුස්ලීම් සමාජයට එරෙහිව එක්තර වෙබ් අඩවියක පලකොට ඇති ලිපියක් පිලිබදව යහමග වෙත තොරතුරු වාර්ථා වුණි. කලක පටන් අප රට තුල “ජාතිවාදය හා වියරුව” එකම පදනම කරගෙන විකෘති මතවාදයන් සමාජය තුල වපුරවමින් විකෘති මානසිකත්වයකින් ක්‍රියාකරන එම වෙබ් අඩවිය යහමග ට අළුත් කාරණයක් නොවේ. මොවුන්ගේ අනවබෝධය හා විකෘතිභාවය සනාථ කිරීමට බාහිරින් කරුණූ ගෙනහැර දැක්වීමට අවශ්‍ය නොවේ. ඔවුන් ඉදිරිපත් කරන ලිපිම හොදින් (ඔවුන් මෙන් අන්තවාදී නොවී) විමසා බැලුවේ නම් මොවුන් කවුරුන්ද? යන්න පහසුවෙන් හදුනාගත හැක. “සෙක්කුවේ බැදි ගොනා” මෙන් එකම වටයක දූවන මේ ශ්‍රී ලාංකීය ජාතිවාදීන් අතර වැඩියෙන්ම “ඇදන් නාගන්නා” කල්ලිය වන්නේ මේ ඉහත කල්ලියයි. ඔවුන් කොතරම් අනවබෝධයෙන් හා බොළද ලෙස තර්ක ගොඩනඟනවාද? යන්නට මෙහි පහත ලිපිය මෙන්ම මීට ඉහත යහමග අඩවිය පිලිතුරු සැපයූ “අල්ප දැනුමේ අදෝනාව” යන ලිපිය හොදම නිදසුනකි. ‘මුසාවාදය’ එකම සරණ කොටගෙන “ධර්ම දීවීපයේ ඉරණම” කථා කරන මේ ධාර්මික ඔස්තාර්ලාගේ “කවදා හෝ සිදුවේවි” යයි මරහඬ නඟමින් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට ඇඟිලි දිගුකරන ශාසනමාමකත්වය පිලිබදව කථා කිරීමට මත්තෙන් මෙවන් පිරිස් මේ ධර්ම ද්වීපයට දැනටමත් අත්කර දී ඇති ඉරණම හා අත්වෙමින් තිබෙන ඉරණම පිලිබදව කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

ඊට ප්‍රථම සදහන් කලයුතු වැදගත් කාරණයක් ඇත. එනම් මෙහි මා ඉදිරිපත් කරන කරුණු මීට පෙර විවිධ වෙබ් අඩවිවල හා මාධ්‍යයන් තුල ප්‍රසිද්ධ කරන ලද කරුණු වේ. එවන් කරුණු නැවත මෙලෙස උපුටා දක්වන්නේ ඔබේ බුද්ධිමත් විමසුම සදහාම පමණි. කවදත් ජාතිවාදයට හා ආගමික අන්තවාදයට එරෙහිව අපක්ෂපාතීව ක්‍රියාකරන යහමග මෙවන් තොරතුරු ජාතියේ අවධානයට ඉදිරිපත් කිරීම තුලින් අපේක්ෂා කරන්නේ ඉහත කල්ලියේ “කිඹුල් කඳුළු” රටට හෙලි කිරීම මෙන්ම “ධර්ම ද්වීපය” කෙරෙහි මොවුන්ගේ සැබෑ හැඟීම ජාතිය හමුවේ නිරුවත් කිරීම මිස තවත් ජාතියකට හෝ ආගමකට මඩ ගැසීමක් නොවන බව පැහැදිලිව වටහා ගතයුතුය.

එවන් වූ කරුණු කිහිපයක් පදනම් කරගෙන “ධර්ම ද්වීපයේ වර්ථමාන ඉරණම” පිලිබදව දැන් විමසා බලමු. මේ සදහා පසුගිය දිනවල අප රටතුල දැඩි ආන්දෝලනාත්මක මාතෘකාවන් වූ මාතෘකා කිහිපයක් පහතින් ඔබේ අවධානයට ඉදිරිපත් කරමි.

  • ලංකාවේ සමලිංගික ක්‍රිඩා උත්සව
  • ස්ත්‍රී අපයෝජන චෝදනාවට ඇප නොලද මිහින්තලේ රජ මහා විහාරාධිපති
  • ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන 24ක්
  • බේරුවල විහාරස්ථානයක මන්ත්‍ර ගුරුකම් කරන මුවාවෙන් කාන්තාවන් නිරුවත්කර වීඩියෝ කරලා
  • ලංකාවේ බලෙන් පතුරුවන “ගේ කල්චර්” එක
  • දැරියක් අපයෝජනය කල ලන්ඩන් බෞද්ධ විහාරාධිපතිට නඩු ප්‍රමාද හේතුව
  • මාතර රුහුණු සේවයේ මැදිරිය තුල දැරියක් කෙලසයි
  • මෝටර් රථයක ජංගම ගබ්සා මධ්‍යස්ථානයක්
  • රුවන්වැල්ලේ සෝභිතගේ රෙදි ගැලවේ

(මාගේ පහසුව සදහා වෙබ් අඩවි කිහිපයකින් මෙය උපුටා ගත්ත ද මෙම ප්‍රවෘති අප රට තුල ජනප්‍රිය මාතෘකාවන් වූ බව ඔබ දන්නවා ඇති)

අප රට තුල සිදුවන මෙවැනි සිදුවීම් කිහිපයක් පිලිබදව පසුගිය දිනක එක්තරා වෙබ් අඩවියක් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කොට තිබුනේ මේ ආකාරයටය එනම්.

  • අප රට තුල දිනකට නීති විරෝධී ගබ්සා – 800
  • අප රට තුල දිනක් තුල සිදුවන ළමා අපචාර – 14
  • අප රට තුල සිටින සමලිංගිකයන් – 35000
  • අප රට තුල දිස්ත්‍රික් 4 ක (එනම් කොළොඹ, නුවර, මඩකලපුව, අනුරාධපුරය) තුල සිටින ගණිකාවන් ගණන – 40 000

මෙයට අමතරව දිනපතා සිදුවන පුද්ගල, ළමා, කාන්තා හිංසා කිරීම්, අපයෝජන, ඝාතන කොතරම්ද? එවැනි සිදුවීම් අප රට තුල සිදු නොවනවා යයි කිසිවකුටත් කිව හැකිද?. මෙවන් වූ සමාජ පරිහානියක් හමුවේ ඒ කිසිවක් නොපෙනන ඉහත කල්ලියට මුස්ලීම්වරුන් මඟින් අනාගතයේ සිදුවෙන්නට යන “ධර්ම ද්වීපයේ ඉරණම” පමණක් පෙනීම හාස්‍ය ජනක මෙන්ම ඔවුන්ගේ න්‍යාය පත්‍රය කුමක්ද? යන්නත් මනාව පිලිඹිබු කිරීමකි. ඉහත ආකාරයට ධර්ම ද්වීපය විනාශ මුඛය කරා ඇදීයන විට ඉහත ජාතිවාදී මෙන්ම අන්තවාදී ආගමික පිරිස් ද මෙම ධර්ම ද්වීපය විනාශය කරා මෙහෙයවමින් සිටින ආකාරය ද මෙහිදී සදහන් කලයුතුමය. ඒ මේ “බුදුන්ගේ දේශයයි” පවසා ගනිමින් වියරුව, පලිගැනීම, මුසාව… යනාදී බුදුන් පෙන්වා නොදුන් ක්‍රියාමාර්ගයන් ක්‍රියාවට නංවමිණි. මොවුන්ගේ ක්‍රියාකලාපයන් දකින විට “මොවුනට බුදුදහම තුල ආදර්ශ නැතුවාද?” නොඑසේ “බුදුන්ගේ ආදර්ශ මොවුනට ප්‍රමාණවත් නැතුවාද?” යන්න සිතන්නට හැඟේ. කෙසේ වෙතත් මේ “බුදුන්ගේ දේශයයි”, මෙහි තමා “නිර්මල බුදුදහම” තිබෙන්නේ යයි පවසා ගන්නා පිරිස් තම රටේ සුළුතරයට එරෙහිව දක්වන ප්‍රතිචාර ඉතා නින්දිතය. ඔවුන්ගේ සංස්කෘතියටත් ආගමික ඇදහිලි හා විශ්වාසයන්ටත් කරන බලපෑම සුළුපටු නොවේ. සමහරක් අවස්ථාවල මුස්ලීම්වරුන්ට ආවේනික ස්ථානවලට පවා හොර ඔප්පු ලිවීමන් දක්නට ලැබේ. එවා පිලිබදව මීට ඉහත දී ද මෙම අඩවිය තුල සාකච්චා කොට ඇති අතර එවැනි ලිපි කිහිපයක් ඔබගේ මතකයට ගෙන එන්නේ නම්,

  • ශ්‍රී ලංකාව තුල වෙනම මුස්ලීම් රාජ්‍යයක්ද?
  • ඉස්ලාම් ගැන උනන්දුවක් නැති අපගේ ආගම් විවේචනය කරන්නේ ඇයි?
  • ජාතිවාදී සංවිධාන හා කුමන්ත්‍රණ
  • අල්ප දැනුමේ අදෝනාව…!
  • ජාතියේ සමඟිය කථා කරන පිරිස් පිලිබදව අවධියෙන්
  • විවේචකයිනි මොහොතක් සිතන්න
  • මෙය ජාතික හැඟීමක්ද? වියරුවක්ද?
  • පුද්ගල නම දහමක් පිලිඹිබු කරන සාධකයක්ද?
  • මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහිව ජාත්‍යන්තර මතුකරවන චෝදනා
  • ජාතිවාදය, ආගම්වාදය හා මැතිවරණ ප්‍රථිපල
  • කැකිල්ලේ තීන්දු

ඉහත කරුණු අපක්ෂපාතීව හා අන්තවාදී නොවී බුද්ධිමත් ලෙස විමසා බලන ඕනෑම කෙනෙකු හට “ධර්ම ද්වීපයේ වර්ථමාන ඉරණම” මෙන්ම අප රටේ ඉරණම පිලිබදව “කිඹුල් කඳුළු” සලන පිරිසගේ න්‍යාය පත්‍රය කුමක්ද? යන්නත් පැහැදිලි වනු ඇත. කවදත් මුස්ලීම් සමාජයට එරෙහිව අබූත චෝදනාවක් පදනම් කරගෙන ප්‍රහාරයක් එල්ල කොට එය සිංහලයාට මුස්ලීම්වරුන් එල්ල කල ප්‍රහාරයක් බව පවසන “අපි උන්ට ගහනවා උන්ට අපි ගහනවා” යන න්‍යායෙන් කටයුතු කරන එම කල්ලියේ නවතම ප්‍රහාරය වන “මැතිවර්ණය” පදනම් කරගත් 42 වන ප්‍රහාරය (ඔවුන්ගේ භාෂාවෙන් පවසනවා නම් බෞද්ධකම උතුරන) “ධාර්මික ප්‍රහාරය” දැන් විමසා බලමු.


THE TRAITOR NAMED MILINDA – මිලින්ද මොරගොඩ නම් හෙළය මත පැහැරීමට සැරසෙන අවජාතක කැණහිලා

කොළඹ මරක්කල හම්බ හැතිකරයගෙන් බේරා ගැනීමට අපි බොහෝ වෙහෙස වී, සියළු සාධක සොයා ලිපියක් ලියූවෙමු. අහෝ හෙළයාගේ අවාසනාවක මහත. දැන් අපිට බලා සිටින්නට සිදු වී තිබෙන්නේ අපි එම ලිපියෙන් සහයෝගය දැක්වූ මිලින්ද මොරගොඩ නම් අපේක්ෂකයා විසින්,…… ඉතිහාසයේ කලින් සිටි මුසල්මානු නගරාධිපතියෙක් පවා කරන්නට බිය වූ,…… කොළඹ ඉස්ලාම් කරණය,…… ඉතාම තුච්ඡ ලෙස කරන්නට අර අදින ආකාරයයි. අනාගත කොළඹ පිළිබඳ අපගේ සුභ සිහින සුන්නත්දූලි කල, මේ මගින් මේ නින්දිත අපේක්ෂකයා විසින් සදහටම ජාතියට කිරීමට යන විනාශයන් අපගේ ඉස්ලාම් ප්‍රහාර ඇසුරෙන් එකින් එක පෙන්වා දෙන්නෙමු. අපගේ ආදරණීය නායකයා හෙළ නායක , මහින්ද රාජපක්ෂ උතුමාණන් වෙත අපි වහාම මේ මේ පර කැණහිලාගේ අපේක්ෂකත්වය අවලංගු කරන මෙන් ඉල්ලා සිටිමු. වෙනත්,… සිංහලයාගේ කොළඹ ඡන්ද ශක්තිය ගැන විශ්වාසයක් ඇති,… නියම ආරිය සිංහල බෞද්ධ,… සුදුසු නායකයෙක් කොළඹට වහාම පත්කරන මෙන් ඉල්ලා සිටිමු. ලක්ෂ ගනනින් ඉල්ලීම් නොපමාව ඉදිරිපත් වුවහොත් මේ කැණහිලා කිරීමට යන වැනසීම වලකා ඌව පන්නා දැමීමට හැකි වනු ඇත. නැතහොත් සංධාන රජයට කොළඹ කිසිම සිංහල ජාති හිතෛෂී පුද්ගලයෙකුගේ ඡන්දයක් නොළැබී යනවා පමනක් නොව. කොහොමත් අන්තවාදී මුස්ලිම් පල්ලියෙන් මෙහෙයවෙන් ඉස්ලාම් ඡන්ද සියල්ලද මුස්ලිම් නොවන මේ වසළයා විසින් දිනා නොගනු ඇත. ප්‍රතිඵලය ඕනෑම මොහොතක ඉස්ලාම් භීෂණයට යටපත් විය හැකි අතිශය භයංකාර කොළඹ නගරයකි. හෙළ ජාතියටම කිරීමට යන දැවැන්ත විනාශයේ බියකරු බව සලකා, අපි විසින් ඉතාම අකමැත්තෙන් වුවද, කොළඹ නගරාධිපති අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතාට ඔහු සොයනා අවජාතක කැණහිලා තත්වය ලබා දුන්නෙමු. මිලින්ද මොරගොඩ “මහතාණෙනී”, මුලු හෙළ ජාතියෙන්ම ප්‍රසිද්ධියේ සමාව ගෙන මේවා ඉවත් කරගත් දාක ඔබගේ එම තත්වය අපි ඉවත්කරන්නෙමු. නැතහොත් ඔබ කොළඹ නගරාධිපති වූවත් ඔබගේ මෙම තත්වය සදහටම පවතිනු ඇත. ඉස්ලාම් ප්‍රහාර 41 කින් බැට කමින් සිටින අපිට ඔබ පහත අළුතින් එක් කරන ප්‍රහාරද වැඩි නොවන බව වේදනාවෙන් යුතුව මතක් කර සිටිමු.

අපගේ ජාති මාමක රජය මෙවන් පුද්ගලයෙක් වගකිව යුතු තනතුරක තබා ගන්නවාදැයි බැරෑරුම්ව සිතා බැලිය යුතුය.

ඔහුගේ අති නින්දිත විනාශකාරී ප්‍රතිපත්ති හරහා අපට කරන විනාශ, ඉස්ලාම් ප්‍රහාර තහවුරු කර තවත් බලසම්පන්න කරන ආකාරය අපි සැකෙවින් ඉදිරිපත් කරන්න්නෙමු.


සැ: යු: – මෙහි පහතින් මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කලායයි පැවසෙන ප්‍රතිපත්ති ප්‍රකාශය හා එයට ඉහත කල්ලිය දැක් වූ අදහස් එහි පහතින් “තද” පැහැයෙන් ඉදිරිපත් කොට ඇත. එම කාරණයට අදාල යහමග මාගේ අදහස ඉදිරියෙන් ලකුණක් සදහන් කර ඉදිරිපත් කොට ඇත.

මිලින්ද මොරගොඩ සැලසුම් කර ඇති පරිදි පරිදි මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට අපේක්ෂිත කාර්යයන් වන්නේ

(1) කොළඹ සිටින සියලු ම ජන කණ්ඩායම් අතර එකිනෙකා ගරු කිරීම හා එකිනෙකා පිළිබඳ අවබෝධයක් ඇති කරවන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා සහයදීම.

මෙය නම් ඉතාම බරපතල විහිළුවකි. ලොවටම පෙනෙන පරිදි, සිංහලයාට අන් කිසිම ජාතියකට ගරු කිරීම පිළිබඳ කිසිදු ප්‍රශ්ණයක් නැත. එවන් ප්‍රශ්ණ ඇත්තේ හැඩි දෙමලුන්ට හා ක්‍රෑර මුසල්මානුවන්ටයි. එසේ නොවේ නම් මෙතරම් ආදරයෙන්, අදටත් සත්‍ය නොදන්නා හෙළයන් විසින් පිළිගන්නා, මුස්ලිමුන් විසින් කිසිම පැකිළීමක් නැතිව කරයිද?. හැඩි දෙමළුන් විසින් හැකි මේ කියන සංස්කෘතිය හෙළ අපිට මෙම නින්දිත ජාති දෙක විසින් දිය යුත්තක් නොවේද? මිලින්ද නුඹගේ හිසේ ගොමද?

  • “…සියළු ජන කණ්ඩායම්…” යන්න සදහන් කොට තිබිය දී ඉහත කල්ලිය පවසන්නේ කුමක්ද?. මොවුනට සිංහල නොතේරෙනවාද? නොඑසේ නම් ජාතිවාදය තුල මොවුන් අන්ධ වීද?

(2) මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය සහ ජීවන ක්‍රමය පිළිබඳ ව අනෙකුත් ජන කොට්ඨාසයන් තුළ අවබෝධයක් ඇති කිරීම.

මුසල්මානුවන්ගේ සංස්කෘතිය සහ ජීවන ක්‍රමය පිළිබඳ අපිට ඉගැන්වීමට පෙර, අපි මිලින්ද මහතාගෙන් ඉල්ලා සිටිමු. මේ අර අදින්නේ කුමකටවත් නොවේ. වාර්ෂික හජ් බිලි පූජාවට බලපත්‍ර ලබා ගැනීමටයි. ඊට අමතරව ලෙස දැක්වූ පසුගිය යක්ෂයාගේ මාසය හෙවත් රාමසාන් වලට ජාතිය බඩගින්නෙ තැබීමට, මුස්ලිම් නොවන අසරණයන් මරා දැමීමට බලපත්‍ර ලබා ගැනීම හා අපිට එරෙහි සියලු මුස්ලිම් ප්‍රහාර සාධාරණීකරනය කිරීම පිණිසයි.

  • තවත් ආගමික මතවාදයක් නොරූස්සන, කවදත් පුර්ව නිගමනවල හිද විවේචන ඉදිරිපත් කරන ඔවුනට ඉස්ලාම් භක්තිකයෙකු ලෙස හිද පන්සිල් පදයේ “…මුසාවාදා…” පන්සිල් පදය ඔවුනට මතක්කරදීමට තරම් ධර්ම ද්වීපය වෙනුවෙන් හඬ නඟන ඔවුන් ධර්මයෙන් ඇත්වීය

(3) මුස්ලිම් ජාතික පාසල්වල ප්‍රමිතිය නැංවීම සඳහා කටයුතු කිරීම සහ උසස් අධ්‍යාපනය සඳහා යොමු නොවන මුස්ලිම් තරුණ පිරිස් සඳහා වෘත්තීය පුහුණු පහසුකම් සැලසීම.

සිංහල පාසැල් වලට අඩු තරමින් වෙලාවට පෙල පොත් ටිකවත් නැත. බොල මිලින්දයෝ නුඹට අමු කැවිලද? මුස්ලිම් පාසල් ටික පැත්තක තිබියදී, අසාධාරණ ලෙස අන් ආගමික පාසල් වලටත් රිංගාගන්නා කොනකපාල හැතිකරය,… එම පාසල් වල පාරම්පරික විෂය නිර්දෙශය පවා වනසා දමන ලෙස දැක්වූ,… ගැන නුඹට ගානක් නැතිද? උසස් අධ්‍යාපනය සඳහා යොමු නොවන අපේ හෙළ තරුණයන්ට වෘත්තීය පුහුණු පහසුකම් දුන්නොත් නුඹට හෙන ගහනවාද? මොකද මේ අපිටම එරෙහි ඉස්ලාම් ජාතිවාදය?

  • තමන්ගේ ජාතියවත් නොපෙනෙන තරමට වියරුවෙන් ක්‍රියා කරන ආකාරය දකින විට මේ “ධර්ම ද්වීපය මෙහෙයවන්නට හදන්නේ කොතැනටද?” යන්න සිතන්නට හැඟේ.

(4) හලාල් සහතික ලබාදීමට අදාළ සියලු කටයුතු සම්බන්ධයෙන් අධිකාරී බලය ලබා ගැනීම සඳහා සමස්ත ලංකා ජම්මයාතුල් උලාමා සංවිධානයට සහාය වීම.

හලාල් යනු වෙනත් රටවලට මහාම හිසරදයකි, අන්තවාදී සමස්ත ලංකා ජම්මයාතුල් උලාමා සංවිධාන හලාල්,…අපිට පොකට්ටුවට අමතර බරක් පමණක් නොව ලංකාව සපරිස්ථාන් කිරීම දක්වා විහිදෙන අති දැවැන්ත ආර්ථිකමය ප්‍රහාරයකි.මේවා සියල්ල නුඹ අනුමත කරනවාද? හෙළය පරයාටම සින්න වීම නුඹේ එකම සිහිනයද? මේ රට 51 වෙනි ඉස්ලාම් රාජ්‍ය කිරීම නුඹ කොළඹින් පටන් ගන්නවාද?

  • මේ පිරිස් කවදත් කරන්නේ “මල්ලේ පොල් කථා” කීමයි. විෂය දැනුම නැතුව මුමුණන පලමු අවස්ථාව මෙය නොවේ.

(5)මුස්ලිම් ජනතාවට ඒ ඒ කාලයේ දී ඇති වන ගැටලු විසඳා ගැනීම උදෙසා ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ පොලිසිය සමඟ මාසික හමුවක් සංවිධානය කිරීමට සහාය වීම.

මේ කිසිවක් නොවේ, ඉස්ලාමය විසින් අත්පත් කරගන්නා අපගේ පෞරාණික පුදබිම් පිළිබඳ ප්‍රශ්ණයයි. අවසාන ප්‍රහාරය අනුරපුර මුස්ලිම් පල්ලියයි. නීති විරෝධී වැඩම කරන මුසල්මානුවාට අත්‍යවශ්‍යම දෙය නීතියේ ආරක්ෂාවයි. මේ දෙන්නට යන්නේ එය නොවේද? අසරණ හෙළයා ග්‍රීස් යකුන් කර මරා දැමුවත්, සියළු පුදබිම් මුස්ලිම් පල්ලි වූවත්, කොටින්ම රජයේ නිළධාරීන්ට, පොලීසිය හමුදාවට පහර දුන්නත්, මරා දැමුවත්, පාපතර මුසල්මානුවාට ඒ ඒ කාලයේ දී ඇති වන ගැටලු විසඳා ගැනීම උදෙසා ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ පොලිසිය සමඟ මාසික හමුවක් සංවිධානය කිරීමට සහාය වීම නුඹේ රාජකාරියද? නුඹ ඇත්තටම සිංහල පියෙක්ගේ දරුවෙක්ද?

  • ඉහත ආකාරයේ ප්‍රකාශයන් තුලින් විකෘති මානසිකත්වය මනාව පිළිඹිබු වනවා නොවේද?

(6) රාජ්‍ය හා අනෙකුත් ආයතනවල යාච්ඥා පහසුකම් ලබා ගැනීමේ කාර්යය සඳහා සහය වීම.

මෙය අගෙයි…තරමක් දුරට යටපත් වී තිබූ ප්‍රහාරය නුඹ ඡන්ද ගුන්ඩුවක් කර ගත්තාද?

  • සැබෑ “ධර්ම රාජ්‍යය” යන්න අන්‍ය ආගමික අයිතීන් නිදහස නැති කිරීමක්ද?

(7) පාසල්, රෝහල් සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල දී නිල ඇඳුම වෙනුවට මුස්ලිම් කාන්තා ඇඳුම (හිජාබ්) ඇඳීමට අවසර දෙන චක්‍ර ලේඛයක් ක්‍රියාත්මක කිරීමට සහතික වීම.

අහෝ ඛේදයකි සිංහලයිනී, මේක අපිට අඩු තරමින් ලැයිස්තු ගත කිරීමටවත් නොහැකි වූ අනාගත ප්‍රහාරයකි. මේ ඉස්ලාම් ප්‍රහාරය දෙන්නේ කවුරුත් නොවේ, නුඹලාගේම ජාතියේ යැයි කියා ගන්නා හෙළය මත පැහැරීමට සැරසෙන අවජාතක කැණහිලා මිලින්ද මොරගොඩ විසිනි.

  • තවත් ආගමික සංස්කෘතියකට ගරු කරන්න බැරි ඇයිද? මෙවැනි ප්‍රකාශ කරන්නේ සැබැවින්ම අනවබෝධයෙන්ද? නොඑසේ නම් වියරුවෙන්ද?

(8) මුස්ලිම් ජන කොට්ඨාසයට ගැටලුවක් ව පවතින මත්ද්‍රව්‍ය ප්‍රශ්නය විසඳීම සඳහා සහාය වීම.

අනේ අපොයි…මෙන්න තවත් විහිළුවක්. රට පුරා පන්සල් මායිම් වල පවා බාර් ඇරියේ කවුද? ඒවාට එරෙහි සිංහල බෞද්ධයා, ස්වාමීන්වහන්සේලා මර්ධනය කලේ කවුද? ඒවා එකකදීවත් මුස්ලිම් හැතිකරය ගුටි කෑවාද?…එසේනම් මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්ණය සිංහල බෞද්ධයාට තිබෙන ප්‍රශ්ණයක්ද? එසේත් නැතිනම් මුසල්මානුවාට තිබෙන ප්‍රශ්ණයක්ද? අවජාතක කැණහිලාණෙනි නුඹ කථා කරන්නේ කටින්ද නැතිනම් වෙන කොහෙන් හරිද? අසරණ සිංහල තරුණ පරපුරට එරෙහි මත් කුඩු ප්‍රහාරය දුන්නේ නුඹේ ඔය හම්බ හැතිකරයම බව නුඹ දන්නවාද? එය උන්ට ආගමික විමුක්තියක් බව අහන්නත් අකමැතිද?

  • “මතට තිත” පිලිබදව කථා කරන මේ ධර්ම රාජ්‍යය තුල ඉහත ප්‍රතිපත්තිය නිහතමානිව පිලිගන්න තිබෙන බාධාව කුමක්ද?

(9) කොළඹ පළාත් පාලන ආයතනවල කාර්යාලවල සහ පොලිසිය, රෝහල් හා තැපැල් කාර්යාල වැනි රජයේ ආයතනවල මහජනතාව සමඟ ක්‍රියාකරන නිලධාරීන්ගේ විවිධ භාෂා දැනුම දියුණු කිරීමට සහයවීම.

දෙමළ රාජ්‍ය භාෂාව කිරීමට වෙහෙසුනු එක අවජාතක පරයෙක් වත් මේ රටේ පුරවැසි භාවය ලබා ගැනීමට සිංහල භාෂාව අනිවාර්‍ය කිරීමේ වැදගත් කමක් දුටුවේ නැත. ඉතිහාසය පුරා දෙමළා තම භාෂාව පමණක් ගැන කරදර විය. මුස්ලමානුවාත් එසේමය. මේ පරයන් දෙකොට්ඨාෂයේම සිංහල භාෂාවට ඇති පිළිකුලට ඇති අපූරුම පිළියම මහ ජාතිය පමණක් දෙමළ ඉගෙනීමය. අපි දන්නා තරමින් හැඩි දෙමළුන්ට හා මුස්ලිම් හැතිකරයට පාසැල් වල සිංහල ඉගෙනීම අනිවාර්ය නැත. හරි දෙය එය වුවත් එසේ කිරීමට එක දේශපාළුවෙක් වත් නිර්භය වන්නේද නැත. හේතුව මේ පරයන් සියල්ල වීදි බැස්සීමට එයම ප්‍රමාණවත් වීමයි. නමුත් අසරණ සිංහල දරුවාට දෙමළ ඉගෙනීම අනිවාර්ය කර ඇත. අනේ අපොයි!…කැකිල්ලේ රජ වත් මෙවන් අමන තීන්දු දුන්නා ‍යැයි අපි නම් නොසිතමු.

  • කැකිල්ලේ රජු ගැන කථා කරන “මහදැනමුත්තලා” ගැන කුමක් පවසන්නද?

(10) කොළඹ නගරය තුළ වෙසෙන මුස්ලිම් කාන්තාවන් සඳහා සැමියා මිය ගිය පසු ශෝක වන කාල පරිච්ඡේදය (ඉද්දා) තුළ දීමනාවක් ලබාදීමේ වගකීම සහිත විශේෂ අරමුදලක් පිහිටුවීමට කටයුතු කිරීම.

අහෝ ඛේදයකි සිංහලයිනී, මේක අපිට අඩු තරමින් ලැයිස්තු ගත කිරීමටවත් නොහැකි වූ තවත් අනාගත ප්‍රහාරයකි. මේ ඉස්ලාම් ප්‍රහාරය දෙන්නේ කවුරුත් නොවේ, නුඹලාගේම ජාතියේ යැයි කියා ගන්නා හෙළය මත පැහැරීමට සැරසෙන අවජාතක කැණහිලා මිලින්ද මොරගොඩ විසිනි. මෙයින් අපි වෙහෙසවී උපයා රජයට ගෙවන බදු මුදල් වලින් රටට සමාජයට බරක් මිස කිසිම උපකාරයක් සේවයක් නොවන නින්දිත මුස්ලිම් වැන්දඹුව නඩත්තු කිරීමට මුදල් යෙදවෙනු ඇත. හොඳින් තේරුම් ගන්න, වංඡනික කපටි මුසල්මානු කෝටිපති වෙළෙන්දා මෙයට තඹ සතයකින් සහභාගි නොවේ. කෆීර් රජයට බදු ගෙවීම ඔවුනට ආගමිකවම තහනම් ක්‍රියාවකි. අගෙයි නේද? කොළඹට හිතැති ඔබෙයි අපෙයි අනාගත ඉරණම?

  • මෙවැනි මතවාදයන් සම්බන්ධයෙන් පවසන්නට ඇත්තේ “ඒ බුද්ධිමත් ලෙස විමසා බලන්න” යන්න පමණි.

මෙම ලිපිය ආරම්භයේ සදහන් කාරණයක් නැවත ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ඒ “…මොවුන්ගේ අනවබෝධය හා විකෘතිභාවය සනාථ කිරීමට බාහිරින් කරුණූ ගෙනහැර දැක්වීමට අවශ්‍ය නොවේ…” යන්නයි. ඔවුන්ගේ ලිපි තුල අන්තර්ගත අදහස් බුද්ධිමත් ලෙස විමසා බැලුවේ නම් ඔවුන්ගේ විකෘති මානසිකත්වය පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. ධර්ම ද්වීපයේ ඉරණම කථා කරන මොවුන් සිතන ආකාරයට එදා ආරම්භක බෞද්ධ සමාජය සිතුවේ නම් සිදුහත් කුමරාගෙන් පිටට බුදුදහම ව්‍යාප්ත නොවන්නට තිබුණි. දහමේ තිබෙන ඉගෙන්වීමන් මිනිස් සමාජයට දේශනා කරනවා වෙනුවට තවත් ආගමික විශ්වාසයන්ට හා අයිතීන්ට අකුල් හෙලමින් දිනාගැනීමට හඳන්නේ කුමක්ද? යන්න තවම මා හට නොතේරේ. මේ පිරිස් දෙස බලනවිට මොවුන් “දුකෙන් මිදෙන මාර්ගය වෙනුවට දුකෙහි මාර්ගය සොයනවාදෝ” යයි සිතේ. මොවුන් මුස්ලීම්වරුන් කෙරෙහි කොතරම් වියරුවෙන් හා වෛරයෙන් ක්‍රියා කරනවාද? යන්න කිසිදු පැහැදිලි කිරීමකින් තොරව වුවද ඉහත ලිපිය කියවීමෙන් පහසුවෙන් අවබෝධ කරගත හැක. මෙවැනි කුරිරු ඉගෙන්වීමක් බුදුදහම තුල පැවතිය නොහැකි යන්න මාගේ (මා උගත් බුදුදහම අනුව) විශ්වාසයයි. ඒ අනුව මේ “ධර්ම ද්වීපයට අත්ව තිබෙන ඉරණ” දැන් ඔබට පැහැදිලි වියයුතුය.

අවසාන වශයෙන් මුස්ලීම් ජනතාවට ද කිවයුතු කාරණයක් ඇත. එනම් සෑම බෞද්ධයෙකුම ඉහත ආකාරයේ ජාතිවාදී හා ආගමික අන්තවාදී විකෘතිතාවයන්ගෙන් නොපෙලෙන බව පැහැදිලිව වටහා ගතයුතුය. එමනිසා මෙලෙස පහත් අන්දමින් ක්‍රියාකරන සුළුතරය පදනම් කරගෙන සමස්ථ බෞද්ධ සමාජයම පිලිකුල් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ද සිදුකල යුතු නොවේ. යහපත් වූ බෞද්ධයන් තවමත් මේ රටේ සැලකිය යුතු පිරිසක් සිටින නිසා තමා මුස්ලීම් ජනතාවට මේ තරමින් හෝ නිදහසේ ජීවත්වීමට හැකි වී තිබෙන්නේ. එමනිසා මෙවැනි ලිපි දැක කලබල වීමට හෝ ඔවුනට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍ය නොවේ. කලයුතු වන්නේ ඔවුනට අනුකම්පාසහගත ලෙස මෛත්‍රිය දැක්වීම හා ඔවුන්ගේ වැරදි ආකල්ප යහපත් අතට හැරීම පිණිස අල්ලාහ් (දෙවියන්)ගෙන් ප්‍රාර්ථනා කිරීම පමණි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම