බුරුමය ආශිර්වාද කරගත් අපේ ඇත්තෝ – තවත් මිත්‍යා ප්‍රහාරයක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනවල ලෝකයේ විශේෂයෙන් ශ්‍රී ලංකිව තුල උණුසුම් නමුත් අප්‍රසිද්ධියේ කථා බහට ලක්වූ මාතෘකාවක් වන්නේ මියන්මාරය හෙවත් බුරුමය තුල සිදුවෙමින් පවතින ජන අරඟලයයි. ලෝකය විවිධ ප්‍රදේශවල සිදුවන සුළු සිදුවීමන්ට පවා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ප්‍රකාශ නිතුක් කරන අප රට මෙන්ම ලෝකයේ බොහෝ රටවල් මෙම සිදුවීමේ දී නිහඩ පිලිවතක් අනුගමනය කිරීම ‘යහමග‘ ට තවමත් සිතාගත නොහැකි කාරණයක් වී ඇත. ලෝකයාගේ මෙම නිහඩ පිලිවෙත ‘යහමග‘ට පමණක් නොව බොහෝ පිරිසට පැවතුණු කුතුහලයක් යන්න ‘යහමගඅඩවිය මේ පිලිබදව කිසිවක් කථා නොකරන්නේ ඇයි ද?‘ යන චෝදනාත්මක ප්‍රශ්න කිරීම ‘යහමග‘ අඩවියට කිහිප අවස්ථාවක යොමුවීම තුල මට අවබෝධ විය. ඒ අතර සමහරක් පිරිස් ආවේගාත්මක ලෙස ‘යහමග‘ට චෝදනා නැඟුවේ ‘මියන්මාර් සිදුවීම සම්බන්ධයෙන් යහමග අඩවිය නිහඬ පිලිවෙතක් අනුගමනය කරනවා‘ යනුවෙනි. කෙසේ වෙතත් මෙම ලිපියේ මාතෘකාව දකින ඔබට ‘ප්‍රමාද වී හෝ යහමග අඩවිය මේ පිලිබදව කථා කිරීමට අදහස් කිරීම ලොකු දෙයක්‘ යයි සිතෙන්නට පුළුවනි.

නමුත් මෙහිදී පැහැදිලිව හා ප්‍රථමයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, මියන්මාරය තුල සිදුවන අරඟලය පිලිබදව කරුණු වාර්ථා වූ දිනයේ පටන් නිවරුදි තොරතුරු ලබා ගැනීමට බොහෝ උත්සාහයන් හි නිරත වුවත් එහිදී ලබාගන්නට හැකි වූ තොරතුරු නිරන්තරයෙන් එකින් එකට පරස්පර ආකාරයේ ඒවා විය. එහිදි විවිධ ජාතිවාදී හා ආගම්වාදී පාර්ශවයන් එම සත්‍ය තොරතුරු සූක්ෂම ආකාරයට විකෘති කරමින් ජනතා ආකර්ශනය හා අනුකම්පාව තමන් වෙත දිනාගැනීමේ පහත් කටයුතුවල නිරතව සිටීම එයට එකම හේතුවයි. මෙහිදී පැහැදිලිව සදහන් කලහැකි කාරණය නම් ‘මියන්මාරය තුල යම් අරඟලයක් සිදුවෙනවා‘ යන්න හා ‘එයට මුස්ලීම් හා බෞද්ධ ප්‍රජාව මැදිවී සිටිනවා‘ (‘මියන්මාර් අරඟල පිලිබදව අන්තර්ජලය තුල… යන්න මෙහි click කිරීම තුලින් එය අවබෝධ කරගත හැක.) දැන් ඔබට ‘මේක කියන්න ද ‘යහමග‘ මේ ලිපිය ලිව්වේ?‘ යනුවෙන් කුතුහලයක් මතු වීමට පුළුවන. මා ඉහතින් සදහන් කලාසේ අප රටේ පවා වගකිව යුතු ආයතන හා පුද්ගලයන් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් නිහඬ වූ පිලිවෙතක් අනුගමනය කලත් අන්තර්ජාලය තුල ‘මුස්ලීම්වරුන් එරෙහිව මුසාව‘ යන පදනමේ හිඳ ක්‍රියා කරන ජාතිවාදී හා ආගමික අන්තවාදී බ්ලොග් කාක්කන්ට නම් මෙය නිහඬ මාතෘකාවක් නොවී ඇති හැඩය. සුපුරුදු පරිදි අප රටේ සුළු ජාතිය වන මුස්ලීම් ජනතාවට එරෙහිව රටේ බහුතරය වන බෞද්ධ ප්‍රජාව මෙහෙයවීම සදහා මෙම මියන්මාර සිදුවීමත් ඔවුන් ආශිර්වාදයක් කරගෙන ඇති ආකාරය එවැනි ජාතිවාදී බ්ලොගයන් තුල සැරිසැරීමේ දී අවබෝධ විය. එයට සරල නිදසුනක් ගෙන එන්නේ නම්,

කසාවත වර්ණයෙන් බ්ලොගය වර්ණ ගන්වා ‘අප බෞද්ධ ජනතාව හා බුදුදහම ‍වෙනුවෙන් පෙනී සිටින බුද්ධ පුත්‍රයෝ‘ යන පණිවුඩය ශ්‍රී ලංකීය ජනතාවට දෙන්නට උත්සාහ කරන මඩ ව්‍යාපාරී බ්ලොග් ගණනාවක් අතර බ්ලොගයන් දෙකක් මියන්මා සිදුවීම වාර්ථා කිරීමේ දී එහි එක්තරා පිංතූරයක් ඉදිරිපත් කර තිබුණේ පහත ආකාරයටයි. (මෙම පිංතූරය සමහරක් ජාතිවාදී facebook තුල පවා ඉදිපත් වී තිබුණි)


(‘යහමග‘ ප්‍රතිපත්තියක් ලෙස වෙනත් අඩවි හා බ්ලොග් හි link මෙම අඩවිය තුල ඉදිරිපත් නොකරන අතර අවශ්‍ය ඕනෑම කෙනෙකු හට මෙම link පුද්ගලිකව ලබාදීමට හැක විමසන්න – info@yahamaga.com)

එම බ්ලොගයන් තුල මෙම පිංතූරය හා එයට ඉදිරිපත් කරන විග්‍රහය දකින කෙනෙකු කෙනෙකුට මුස්ලීම් ජනතාව කෙරෙහි පිලිකුලත් වෛරයක් ඇතිවීම නොවැලැක්විය හැකි කාරණයකි. නමුත් ඔබ මෙහිදී මීට වඩා බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතු කාරණයක් ඇත. එනම්, කිසියම් අරඟලකාරී හෝ ඛේදවාචකයක් වාර්ථා කරන පිංතූරයක සිවුරු හැඳගත් පිරිසක් හෝ හිස්වැස්මක් පැලඳගත් පිරිසක් සිටී පමණින් එය බෞද්ධ හා ඉස්ලාම් අරඟලයක් යනුවෙන් ආගමික මුහුණුවරක් ලබාදීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. එසේම පිංතූරයේ දකින සිදුවීම කුමක්ද? යන්න විමසා නොබලා එයට විග්‍රහයන් ලබාදීම ද බුද්ධිමත් ක්‍රියාවක් නොවනවා පමණක් නෙව සදාචාර සම්පන්න ද නොවේ. මේ කාරණය මෙතැන දී මා අවධාරණය කලේ ඉහත පිංතූරයට අප රටේ ජාතිවාදී හා ආගමික අන්තවාදී පිරිස් ක්‍රමණ්ත්‍රනකාරී පිරිස් අත්කර දී ඇත්තේ එවැනි ඉරණමක් වන බැවිණි. එනම්, මීට වසර දෙකකට පෙර එනම්, 2010/04/17 දින චීනයේ ටිබෙට් ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනයක් නිසා එහිදී විශාල සංඛ්‍යාවක් පොදු ජනතාව එයට ගොදුරු වී අවතැන් හා මියයන ලදී. එහිදී ජනතාව මුදවා ගැනීමේ හා මෘතදේහ ඉවත් කොට ආදාහනය කිරීම වැනි කටයුතුවල ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කලේ එහි වෙසෙන භික්ෂූන් වහන්සේලාය. (මේ පිලිබදව රූප රාමූ ඔබට ‘2010/04/17 චීනයේ භූකම්පන සිදුවීම‘ යන්න click කොට දැකගත හැක) මෙම සිදුවීම තුල ලබාගත් පහත ඡායා රූපයන් ඉහත මියන්මාර් සිදුවීමට ගලපාගෙන කටයුතු කිරීම කොතරම් සදාචාර සම්පන්න ද යන්නත් බුදු දහමට අනූකූලද යන්න අප රටේ බුද්ධිමත් එසේම සැබෑ බෞද්ධ ප්‍රජාවගේ අවධානයට ඉදිරිපත් කරමි.

‘යහමග‘ ට අනාවර්ණය කරගැනීමට හැකි වූ තොරතුරු අනුව, අවසාන වශයෙන් හා නිවරුදි කිරීමන්ට යටත්ව ‘මියන්මාරයේ අරඟලය‘ සම්බන්ධයෙන් සදහන් කලයුතුම කාරණයක් ඇත. එනම් මියන්මාරයේ සිදුවෙමින් ඇත්තේ ඉස්ලාම් හා බෞද්ධ ආගමික අරඟලයක් නොව රටේ පුරවැසිභාවය හිමි බෞද්ධ ජනයා සහා සංක්‍රමණික යයි පැවසෙන මුස්ලීම් ජනතාව අතර පවතින දේශයේ අයිතිය පිලිබදව වූ කාලාන්තරයක් තිස්සේ පවතින අරඟලයකි. එම අරඟලය සීතල යුද්ධයක් ලෙස කාලයක් මුළුල්ලේ එම රට තුල පැවතිය මුත් පසුගිය දිනයක බෞද්ධ කාන්තාවක් සංක්‍රමණික යයි ඔවුන් සලකන මුස්ලීම් ජාතිකයන් කිහිපදෙනෙකු විසින් දූෂණයට ලක් කිරීම හේතු කොටගෙන අප රටේ වර්ථමානයේ නිර්මාණය වෙමින් තිබෙන ජාතිවාදී හා ආගමික අන්තවාදී පිරිස් මෙන්ම එම රටතුල ද එවැනි පිරිස් ක්‍රියාත්මක වීමේ ප්‍රථිපලයක් ලෙස හා නීතිය අතටගත් එම ජනතාව සමස්ථ මුස්ලීම් ජනතාවට එරෙහිව යම් යම් අන්තවාදී ක්‍රියා මාර්ගයන් ගැනීමේ ප්‍රථිපලයක් ලෙස වර්ථමාන ඛේදවාචකය අද එහි නිර්මාණය වී ඇත. එපමණක් නොව මෙම අරගලය ආශිර්වාදයක් කරගෙන විවිධ රටවල වෙසෙන ජාතිවාදී හා ආගමික අන්තවාදී පිරිස් සමස්ථ මුස්ලීම් ජනතාවට එරෙහිව කුමන්ත්‍රණයන් ක්‍රියාත්ම කිරීමට මෙය අවස්ථාවක් කරගෙන ඇති ආකාරය අන්තර්ජාලය තුල දක්නට ලැබේ. කෙසේ වෙතත් මේ වනවිට වාර්ථා වන තොරතුරුවලට අනුව වැඩිම ජීවිත හානිය හා දේපල හානීය සිදුවී ඇත්තේ මුස්ලීම් ජනතාවටය. එසේම මුස්ලීම් ජනතාවගේ ආගමික සිද්ධස්ථානවලට ද දැඩි අලාභ හානී සිදුවී ඇති බව වාර්ථා වේ. මේ සියල්ල නොසලකා ‘මියන්මාරය තුල බෞද්ධයන්ට එරෙහිව මුස්ලිම් එසේත් නැත්නම් (ජාතිවාදීන්ගේ වචනවලින්) ‘හම්බයන්‘ ක්‍රියාත්මකයි‘ යනුවෙන් මතවාදයන් අප රට තුල ගොඩනැඟීමට කුමක් හෝ පිංතූරයක් මත ජාතිවාදී පාඨයන් ලිවීම කොතරම් පහත් ක්‍රියාවක්ද? යන්න බුද්ධිමත් ජනතාවට තීරණය කිරීම අපහසු නොවනු ඇත.

මේ ආකාරයටම මීට පෙර අප රට තුල දියත් වූ ජාතිවාදී හා ආගමික අන්තවාදී කුමන්ත්‍රණ ගණනාවක් මෙම අඩවිය තුලින් මීට පෙර ද අනාවර්ණය කොට ඇත. එවැනි ලිපි කිහිපයක් ‘මෙන්න තවත් මිත්‍යා ප්‍රහාරයක්‘ යන ලිපිය තුලින් ඔබට කියවීමට හැක


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම