බොදු බල ට්‍රැක් පැන බව ‘ට්‍රැක්’ සංවිධානය පවසයි.

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


තමන් දේශමාමක, ජාතිමාමක යයි පවසා ගන්නා එසේම නිර්මල දහම මේ පොළොව මත ස්ථාපනය කරන්න කට‍යුතු කරනා බව පවසා ගන්නා පිරිස අද අප රටට දායාද කර ඇත්තේ ජාතීන් අතර විරසකයන් තුල ගොඩනැඟුණු තවත් අමිහිරි මතකයන් රාශියක් පමණි. ඊලාම් යුද්ධයේ නිමාවත් සමඟ හතු පිපෙනවා සේ හිස එසවූ සිංහල ජාතිවාදී ව්‍යාපාර ගණනාවක් අතර ප්‍රධාන එක් ව්‍යාපාරයක් වූයේ ‘බොදු බල සේනාව’ නම් ව්‍යාපාරයයි. රටේ නීතිය තම අතට ගෙන කිසිදු පැකිලීමකින් තොරව ප්‍රසිද්ධියේ කටයුතු කරන එසේම රටේ බලවත් පිරිසගේ සහය ලබන මෙම සංවිධානයේ ක්‍රියා කලාපයන් පිලිබදව මේ රටේ සුළුතර ජනතාවට ඇත්තේ නොසතුටක් මෙන්ම විශාල බියකි. විශේෂයෙන් මේ රටේ මුස්ලීම් ජනතාව සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන ආකාරයත්, ඔවුනට එරෙහිව විවිධ ප්‍රකාශ නිකුත් කරන ආකාරයත්, මේ සියල්ල හමුවේ නීතිය ගල්ගැසී බලා සිටීමත් වගකිවයුතු පාර්ශවයන් පවා මුනිවත රැකීමත් පිලිබදව මුස්ලීම් ජනතාවට ද ඇත්තේ දැඩි කලකිරීමකි. නමුත් මෙවන් පරිසරයක පවා මේ සංවිධානයේ ක්‍රියා කලාපයන් තුල කාලකන්නි සතුටක් ලබන එයට සෘජුව හා වක්‍රව අනුබල හා අනුග්‍රාහය දෙන බොහෝ පිරිස් හා සංවිධාන ද මේ ලක් පොළොව මත සිටිනවා යන්න තිත්ත වූ එසේම ප්‍රසිද්ධ රහසකි. ඒ සියළු පාර්ශවයන්ගේ සහය මත අද මෙම අන්තවාදී සංවිධානය අප රටට තවත් ගෞරවයක් හිමි කර දී ඇත.

ඒ පිලිබදව ඔබේ අවධානය යොමු කරමින් ‘බොදු බල සංවිධානයට ට්‍රැක් සංවිධානය ත්‍රස්ත සහතිකයක්’ ලබාදීම පුවත අන්තර්ජාලයෙන් ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,

(උපුටා ගැනීම මෙතැන් සිට...)


ලෝකයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂන පවත්වා ඒ පිලිබඳ තක්සේරු කරන ප්‍රධානතම සංවිධානය වන ‘ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම්’ හෙවත් ‘ට්‍රැක්’ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ. යම් අරමුණක් ජය ගැනීම සඳහා ත්‍රස්තය භාවිතා කිරීම ත්‍රස්තවාදය ලෙස හැඳින්වේ.

බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ මුස්ලිම් කතෝලික සුළුතර ආගමිකයන්ට එරෙහිව වෛරී ආකාරයෙන් හැසිරෙමින් ඔවුන්ට එරෙහිව ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇතැයි ‘ට්‍රැක් සංවිධානය’ පවසයි. බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ රජය සමග සමීපව ක්‍රියා කරන බවත් ඉන් ප්‍රධාන වන්නේ ජනාධිපති සොයුරු ගෝඨාභය රාජපක්ෂ සමග සමීපව ක්‍රියා කිරීම බවත් එම සංවිධානය පවසයි.

බොදු බල සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර ‘ප්‍රජාතන්ත්‍රවාදීන් කියා ගන්නා අය සිංහල ජාතිය විනාශ කරනවා’ යනුවෙන් කියා ඇතැයි උපුටා දක්වන ‘ට්‍රැක් සංවිධානය’ ඥානසාර ලෝකයම පිලිකුල් කරන බුරුමයේ අෂින් විරතු නම් මිනීමරුවාදය පතුරුවන චීවරධාරියා හමුවීම දැක්වෙන සේයාරුවක් ද එකී වාර්තාවේ පළ කර තිබේ.

ට්‍රැක් සංවිධානය යනු ලොව විවිධ ජාතීන් වලට අයත් බුද්ධිමතුන් පර්යේෂකයන් 3000 ක් පමණ එක්ව ක්‍රියා කරන ප්‍රබල ආයතනයකි. ඔවුන් මෙලෙස ලෝකයේ සංවිධාන විශාල ප්‍රමාණයක් ලැයිස්තුගත කර ඇති අතර ලංකාවේ ඊළාම්වාදී සංවිධාන රැසක් ද ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇත.

මෙවැනි ප්‍රධාන පෙලේ ස්වාධීන ජාත්‍යන්තර ආයතන යම් සංවිධානයක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස වර්ග කිරීමෙන් එකී සංවිධානයේ පිරිස් වෙත ජාත්‍යන්තරව විශාල බලපෑමක් එල්ල වේ. විදේශ අධ්‍යාපනය ලැබීමට නොහැකි වීම, විදේශ රැකියා ලබා ගැනීමට නොහැකි වීම, විදේශ සමග ව්‍යාපාර පවත්වාගැනීමට නොහැකි වීම විදෙස් ආධාර ලබා ගැනීමට නොහැකි වීම ආදිය ඉන් ප්‍රධාන ය.

උපුටා ගැනීම


(උපුටා ගැනීම අවසන්)

ඉහත වාර්ථාවට අදලා මුල් ලිපිය පහතින් කියවන්න…

(උපුටා ගැනීම මෙතැන් සිට...)


Bodu Bala Sena (BBS)

Summary:

The Bodu Bala Sena (BBS – translated as the Buddhist Power Force) is a radical Sinhalese Buddhist nationalist organisation based in Colombo, Sri Lanka that was formed during 2012. The BBS seeks the enforcement of Buddhist predominance in Sri Lanka. It has organised various campaigns against the country’s minority Muslim and Christian communities which, according to the organisation, poses a threat to Sri Lanka’s Sinhalese-Buddhist identity. The BBS engages in hate speech and attacks against minority religions. Its headquarters are located at Sri Sambuddha Jayanthi Mandira in Colombo. Sri Sambuddha Jayanthi Mandira is owned by the Buddhist Cultural Centre, an organisation founded by Kirama Wimalajothi.

Ethnicity and religion are closely linked in Sri Lanka, with the Sinhalese majority predominantly Buddhist, the Tamils mostly Hindu, and Muslims regarded as a separate ethnic group.

Association with Sri Lanka Government Allegations persist that the BBS enjoys a close relationship with the Sri Lanka government and has seemingly been immune from prosecution. These allegations mainly relate to the Sri Lankan President’s brother, Gotabaya Rajapaksa, who is regarded as a patron of the BBS. During March 2013, he officiated at the opening of a BBS cultural centre at the port city of Galle, currently used as training centre by the BBS.

Leadership The BBS was founded by monks Kirama Wimalajothi and Galagoda Gnanasara after they broke away from Jathika Hela Urumaya (JHU) claiming it was not militant enough in protecting Buddhism. Kirama Wimalajothi and Gnanasara are leader and general secretary of BBS respectively.

Gnanasara and Wirathu

Photo Notes: 2014: Left: Galagoda Aththe Gnanasara (General Secretary) and Right: Ashin Wirathu (Burma Monk Leader)

BBS and Mass Media The BBS has a Facebook page called “My Conscience”, with more than 8,000 followers, which shows a lion, a symbol of the Sinhalese, devouring a wild boar depicted with a crescent and star on its forehead.

Ideology The BBS’s mission is to “save the Sinhala race,” which makes up 74 per cent of the population in Sri Lanka, by means of non-violent and violent attacks on places of worship. At rallies, monks claimed Muslims are out to recruit children, marry Buddhist women and divide the country. Their extremist ideology is seen in violent attacks, calls for the boycotts of Muslim-owned businesses and properties, bans on headscarves and halal foods and derogatory language to describe Muslim Imams.

At one meeting Gnanasara called on each Buddhist to become “an unofficial policeman against Muslim extremism” and said “so-called democrats” were destroying the Sinhala race. Gnanasara also referred to Muslims: “We want to stop this extremist work of Muslims. They are not going to destroy our culture. Buddhist people are very peaceful.”

වැඩි විස්තර – http://www.trackingterrorism.org/gro…-bala-sena-bbs


(උපුටා ගැනීම අවසන්)


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම