විවේචකයනි!, මොහොතක් සිතන්න

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


සාමුහිකනත්වය ප්‍රියකරන මිනිසා සාමුහිකව ජීවත්වීම ඇරඹුකල පටන් අත්විදින පොදු වූ ලක්‍ෂණයක් ලෙස මතභේද හා මතගැටුම් සදහන් කලහැක. මෙම මතවාද හා මතගැටුම් ඔවුන් අතර විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ විවිධ අරමුණු පෙරදැරි කර ගනිමින් සිදුවිය. ඒවා අතුරින් අගාමික, සංස්කෘතික, දේශපාලන… යනාදි ක්‍ෂේත්‍රයන් ප‍්‍රධාන තැනක් ගනී. මෑතක කල සමීක්‍ෂණයකට අනුව ඉහත ක්‍ෂේත්‍ර අතුරින් 21 වන ශත වර්ෂයේ ලොව වැඩිම මත වාද හා ගැටුම්වලට ගොදුරු වූ මාතෘකාවක් බවට ආගම් පත්ව ඇති බව තහවුරු වී ඇත. එම ආගම් අතුරින් ද ඉස්ලාම් දහම මෙම අවාසනාවන්ත තත්වයේ ඉදිරියෙන් ඇති බව ද තහවුරු වී ඇත. මේ හේතුව නිසා ශුද්ධ වු දහමකට උරැමකම් කියන ඉස්ලාම් දහමට මෙවැනි ඉරණමක් අත්වූයේ ඇයි? ඉස්ලාමයට එල්ලවන චෝදනාවන් හි පදනම කුමක්ද? යන කාරණයන් පිලිබදව බුද්ධිමත් අවධානය යොමු කිරීම සෑම මුස්ලිම්වරයෙකුගේම අනිවාර්ය මෙන්ම කාලීන වගකීමකි.

ජාත්‍යන්තරය තුල ඉස්ලාම් දහමට එරෙහිව ප‍්‍රසිද්ධියේ මෙන්ම අප‍්‍රසිද්ධියේ ද විවිධ කුමන්ත‍්‍රණ සූක්‍ෂමව මෙන්ම සැලසුම් සහගතව ක‍්‍රියාත්මක වීම නොරහසකි. ජාත්‍යන්තරය ඒ ආකාරයට ක‍්‍රියාත්මක වෙද්දී ලාංකීය සමාජය ද ඊට දෙවැනි වී නැත. ලාංකීය සමාජය තුල ද කිසිදු පදනමකින් තොරව මුස්ලීම්වරුන්ට හා ඉස්ලාම් දහමට එරෙහිට එල්ල කරන චෝදනා දිනෙන් දින සීඝ‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. දිනපතා විවිධ මාධ්‍යයන් ඔස්සේ සිදුකරන සාකච්චාවන්, සංවාදයන්, පුවත් ලිපි මෙන්ම අන්තර්ජාලයේ සිංහල බ්ලොග් තුල ඉස්ලාම් දහම හා මුස්ලීම්වරුන් යන්න නැතුවම බැරි මාතෘකාවක් බවට වර්ථමානයේ පත්ව ඇත. විශේෂයෙන් අන්‍ය ආගමික පූජකවරුන් හා විද්වතුන් තමන්ගේ දහම සමාජයට ප‍්‍රකාශ කරනවා වෙනුවට ඉස්ලාම් දහමේ විවිධ ගැටළු නිර්මාණය කර ඒවාට විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරමින් සමාජයේ ජනප‍්‍රියත්වයක් දිනා ගන්නට කටයුතු කරමින් සිටී. මේවා පිලිබදව අවබෝධයක් නොමැති අන්ධ භක්තික හා අන්තවාදී පිරිස් ඉහත විද්වතුන් හට ආවඩමින් ඔවුන් පසුපස ලෙළගැසෙමින් සිටී. මෙසේ තමන් විද්වතුන් බවට සමාජයට හදුන්වා දෙමින් ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන බොහෝ චෝදනාවන් පදනම් විරහිත මක:කල්පිතයන් වන අතර ඉතා සුළු ප‍්‍රමාණයක් ලාංකීය සමාජයේ මුස්ලීම්වරුන් අතර පවතින යම් යම් දුර්වලතාවයන්ය. මෙසේ මොවුන් කරන විවේචනයන් හා විග‍්‍රහයන් දෙස බලන විට ඒවා අපට හාස්‍ය උපදවන අතර මොවුන්ගේ මෙම විග‍්‍රහයන් හා චෝදනාවන් දකින විට අපට සිතෙන්නේ මොවුන් “ඇතා දුටු අන්ධයන් බඳුය” යන්නයි. කෙසේ වෙතත් බහුජාතීන් ජීවත් වන අප වැනි රටක් තුල මෙවැනි පදනම් විරහිත කරුණු පවසමින් සමාජය නොමග යැවීම අන්‍ය සමාජයට දෙන වැරදි ආදර්ශයකි. මේ ආකාරයට දහමක මූලික ඉගෙන්වීම් පවා නොදැන “පාළුගෙදර වලං බිදින” විද්වතුන් යයි පවසගන්නා පිරිස් පිලිබදව බලධාරීන් හා ආගමික නායකයින් මීට වඩා ක‍්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකල යුතුය. මේ වනවිට රටතුල සිදුවන ඕනෑම සිද්ධියකට ආගමික මුහුණුවරක් ලබාදෙමින් රටේ තිබෙන සුළු ආගම්වලට එරෙහිව ජනතාව පෙලගැස්සීමේ අළුත් කලාවක් ද සමාජය තුල ක‍්‍රියාවට නගමින් තිබේ. මේ පිලිබදව ද බලධාරීනගේ හා ආගමික නායකයින්ගේ අවධානය යොමු වියයුතුය.

ඉහත සදහන් ආකාරයට මෑත කාලය තුල ලාංකීය සමාජයේ ඉස්ලාම් දහමට එරෙහිව කිසිදු පදනමක් නොමැතිව එසේත් නැත්නම්, ආගමික ඉගෙන්වීම් විකෘති කරමින් මාධ්‍ය සාකච්චා, පුවත්පත් සංවාද, අන්තර්ජාල ලිපි, හා පොත්පත් විශාල සංඛ්‍යාවක් එලි දැක්වෙමින් පවතී. මේවා පිලිබදව මුස්ලිම් සමාජයට ද නිසි අවබෝධයක් නැත. එයට ප‍්‍රධාන හේතුව මේවා සිංහල භාෂාවින් මුද්‍රණය කර තිබීමත් එම භාෂාව පිලිබදව බහුතරයක් මුස්ලීම්වරුන්ට නිසි අවබෝධයක් නොතිබීමත්ය. මේ හේතුව නිසා මෙම පොත්පත්වල තිබෙන වරද නිවැරදි කිරීමේ අවස්ථාව මුස්ලීම්වරුන්ට අහිමිවේ. එසේම මෙම පොත් පරිශීලනය කරන පිරිස් ඉස්ලාම් දහම නමින් අවබෝධ කරගන්නේ විකෘති කල දහමකි. මෙය ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකි. මෙවන් වූ පොත් කිහිපයක් පිලිබදව ඔබේ අවදානය යොමු කරන්නේ නම්.

  • සිහළ අභියොගය ( පාඨලී චම්පික රණවක)
  • ජාතික මනස හා මහා සිංහලය ( බෙංගුමුවේ නාලක හිමි)
  • අල් ජිහාද් අල්කයිදා ( පාඨලී චම්පික රණවක)
  • මගේ දේශය අවදිකරන හඩ ( සෝම හිමි)
  • බුදුසමය හා දෙවියෝ ( නිවන්දම ශ‍්‍රී ධර්මකීර්ති හිමි)
  • වෙනත් සමයන් අතර බුදුසමය ( කන්නිමහර සුමංගල හිමි)
  • සිංහලේ ජාතික සටන ( දයාවංශ ජයකොඩි)
  • අල්ලාහු අක්බර් ( කොලට් සේනානායක, නාරද කරුණාතිලක)
  • ආදම් සිංහලයකි ( මතුගම මහින්ද විජේතිලක )
  • අඩසඳ කළුවර ( සුජිත් අක්කරවත්ත)
  • ධර්මපාල ලිපි ( ආනන්ද ඩබ් පී ගුරුගෙ)
  • 58 හදිසි අවස්ථාව ( ටාසි විට්ටච්චි )
  • පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් ( බෙල්ලන ඥානවිමලනා හිමි )
  • අදුරු මිසදිටු බිද හෙළන්නට ( ඤානදීප හිමි )
  • නුවණැස පාදන සිරි සදහම් ( ඥානානන්ද හිමි )

ඉහත පොත් කිහිපය සැලකූවිට එහි කතෘවරුන් සමාජයේ ප‍්‍රබල මෙන්ම ජනප‍්‍රිය චරිතයන්ය. ඔවුන්ගේ එම ජනප‍්‍රියත්වයත් ප‍්‍රබලත්වයත් අවස්ථාවක් කරගෙන සමාජය නොමග යවමින් ඉස්ලාම් දහමට එරෙහිව ඔවුන් යොදවා ගැනීම කොතරම් සදාචාරාත්මකද? විශේෂයෙන් ඉහත කතෘවරුන් අතුරින් බහුතරයක් ස්වාමිණ් වහන්සේලාය. මේ ආකාරයට ස්වාමිණ් වහන්සේලා පදනම් විරහිතව දහමක් විවේචනය කිරීම ආගමික සදාචාරයක්ද?. මෙයට උදාහර්ණයක් ගෙනහර දක්වන්නේ නම්,

“මොහොමඞ් නබි මිනිස්සුන්ව කඩුවෙන් කප කපා හැම තැනම ගිහින් ඒ ධර්මය ප‍්‍රචාඥානානන්ද හිමි - නුවනැස පාදන සිරිසදහම්රය කළේ. එයා ධර්මය ප‍්‍රචාරය කළේ කඩුවෙනුයි. එයාට අකුරු බැරි නිසා අකුරු දන්න කෙනෙකු ලවා කඩුවේ කොටව ගත්තා ‘ඉස්ලාම්’ කියලා ඒකේ තේරුම ‘සාමය’ දැක්කද සාමය කඩුවට දාපු හැටි”
කතෘ :- පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
පොත :- නුවණැස පාදන සිරි සදහම්
පිටුව :- 56

මේ ආකාරයට කිසිදු පදනමකින් තොරව මුස්ලීම්වරුන් තම පණටත් වඩා අත්තරිතරව ගරු කරන මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව විකෘති අදහස් පල කරන විට තවත් ස්වාමිණ්වහන්සේ නමක් යම්තාක් දුරට ඉස්ලාම් ආගමික ඉගෙන්වීම් අධ්‍යනය කරමින් මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව කුමක් පවසනවාද? යන්න දැන් බලන්න,

“මුහමත්තුමාට දේවදූත මෙහෙවර ලැබුණාට පසු ආගම ප‍්‍රචාරය කිරීමේ දී එයට විරුද්ධව කුරෛෂි ගෝත‍්‍රකයෝ නැගී සිටිය හ. මහමත්තුමා සහ අනුගාමිකයන්ට විවධ වධහිංසා පමුණුවන්නට සමයාන්තර ඥාන - පදුම හිමිපෙළඹුණේය. ඒ අවස්ථාවේ දී මහමත්තුමාගේ අනුගාමකයන් විරුද්ධවාදින් සමග සටන් කිරීමට මහමත්තුමාගෙන් අවසර ඉල්ලූවේය. නමුත් මහමත්තුමා එයට එකග වුයේ නැත. තමන්ගේ ප‍්‍රචාරක කටයුතු අවිහිංසාවෙන් ම ප‍්‍රචාරය කලේය”
කතෘ :- රාජකීය පණ්ඩිත තල්ගම්පල පදුම හිමි
පොත :- සමයාන්තර ඥානය
පිටුව :- 67

(මෙම පොත බෞද්ධ ධර්මාචාර්ය විභාග විෂය නිර්දේශයට නියමිත ප‍්‍රශ්නෝත්තර සංග‍්‍රහයක්)

ඉහතින් මුහම්මද් (සල්) තුමාණන්ගේ දහම් ප‍්‍රචාරය පිලිබදව එක් ස්වාමිණ්වහන්සේ නම්ක් කල චෝදනාවට මා ඉස්ලාම් දහමින් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ. සත්‍ය අවබෝධ කර ගැනීමට එතුමාණන් පිලිබදව තරමක ගවේෂයක් සිදුකල තවත් ස්වාමින්වහන්සේ නමක් පවසන කාරණය හොදටම ප‍්‍රමාණවත්ය. නමුත් මා ඉහතින් සදහන් කල ආකාරයට ජනප‍්‍රියත්වයත්, තවත් දහමක් විවේචනයට ඇති කැමැත්තත් හේතුවෙන් සමාජගතවන්නේ නිවරුදි මතයට වඩා විකෘති වූ මතය බව දැන් ඔබට අවබෝධ වනු ඇත

මෙහි දී අප රටේ සුළුතරයක් වුවද මධ්‍යස්ථව, සාධාරණ්ව මෙන්ම සදාචාරාත්මකව කටයුතු කරන ගරුතර තල්ගම්පල පදුම හිමියන් වැනි ස්වාමිණ්වහන්සේලා මෙන්ම ගිහි පිරිස් ද නැතුවා නොවේ. නමුත් බහුතරයක් ක‍්‍රියා කරන්නේ ඉහත සදහන් කල ආකාරයට අවේගයෙන් හා අන්ධ භක්තියෙනි. ඉස්ලාම් මෙවැනි ක‍්‍රියාදාමයන් අනුමත නොකරයි. ඉස්ලාම් එය අනුමත නොකරනවා පමණක් නොවේ, එවැනි ක‍්‍රියාවන් දැඩි ලෙස හෙලාදකී. උදාහර්ණයක ලෙස ශුද්ධ වූ අල්කුර්ආන් වාක්‍යයක් කෙරෙහි අවධානය යොමු කරන්නේ නම්,

“කිසියම් ජන කොට්ඨාශයක් කෙරෙහි තිබෙන නොසතුට එම ජන කොට්ඨාශයට අසාධාරණයන් සිදුකරන තැනට නුඹලා නොපෙලඹේවා. සාධාරණව ක‍්‍රියා කරව!”

(ශුද්ධ වූ අල්කුර්ආනය)

මෙවන් විනයක් අවධාරනය කරන දිව්‍යමය දහමක් පදනම් විරහිතව විවේචනය කරන විද්වතුන්ගෙන් අවසාන වශයෙන් අසන්නට ඇත්තේ “ඔබ වහන්සේලා හා ඔබතුමන්ලා ලාංකීය සමාජයේ මුස්ලීම් ප‍්‍රජාව දෙස බලා ඔවුන්ගේ යම් යම් කාරණයන් හා ක‍්‍රියාවන් පදනම් කරගෙන මාධ්‍යන් හා ඉහත ආකාරයේ පොත්පත් මගින් ඉස්ලාම් දහම විවේචනය කිරීම සදාචාරාත්මක නම්, ඒ පදනමේ හිද බෞද්ධ සමාජය දෙස බලා බුදු දහම හෙට දවසේ යමෙක් විවේචනය කරයි නම් එය පිලිගන්න ඔබ වහන්සේලා මෙන්ම ඔබතුමන්ලා සූදානම් ද?


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/20

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම