යහමග අඩවිය

From Yahamaga
Revision as of 10:39, 12 January 2023 by Abuarshed (talk | contribs) (Created page with "මීට වසර කිහිපයකට ඉහත සීමිත අරමුණූ කිහිපයක් පෙරදැරිව ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධියෙන් විමසා ක්‍රියා කිරීමටය…’ යන තේමාව පෙරටු කරගෙන  ආරම්භ කල  මෙම  ‘යහමඟ’ වෙබ් අඩවිය ‘අල්හම්ද...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

මීට වසර කිහිපයකට ඉහත සීමිත අරමුණූ කිහිපයක් පෙරදැරිව ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධියෙන් විමසා ක්‍රියා කිරීමටය…’ යන තේමාව පෙරටු කරගෙන  ආරම්භ කල  මෙම  ‘යහමඟ’ වෙබ් අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල විශාල මෙහෙවරක් සිදු කරමින් සිටිනා බව පාඨක ඔබ හොදින් දන්නා කාරණයකි. ආරම්භයේ ඉස්ලාමීය ඉගෙන්වීමන් මොනවාද? යන්න පිලිබදව ශ්‍රී ලාංකීය සිංහල භාෂාව හසුරුවන සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම පිණිස ආරම්භ කල මෙම වෙබ් අඩවිය අද වනවිට එහි විෂය පථය පුළුල් කර ගනිමින් ද ඉදිරියට ගමන් කරමින් ඇත.

බොහෝ දුෂ්කරතාවයන් හා කාර්‍ය බහුලත්වයන් මධ්‍යයේ අඛණ්ඩව ඔබේ අවධානයට හා දැනුමට යමක් ගෙන එන අබූ අර්ශද් වන මා මේ මෙහෙවර තුලින් අපේකෂා කරන ප්‍රධාන කාරණා දෙකක් ඇත.  එනම්,

  • ලෞකිකව – ආගම් අතර අවබෝධයෙන් ගොඩනැ‍ගෙන සාමකාමී හා සහජීවනයෙන් පිරි රටක් යන්න,
  • ලෝකොත්තරව – ඔබ සියළු දෙනාගේ අවංක වූ ප්‍රාර්ථනය යන්නයි.

මේ අනුව ක්‍රියාත්මක වන මෙම ‘යහමඟ’ අඩවියේ අතීත ගමන් මඟ පිලිබදව ඔබට කිසියම් ආකාරයක දළ අවබෝධයක් ලබාදෙන්නේ නම්,

‘යහමග’ අඩවියේ අරමුණූ

අතීතයේ පටන් ආගම් තුලින් මිනිසා ලද ආදර්ශ යහපත් සමාජ පැවැත්මක් උදෙසා තීරණාත්මක සාධකයක් විය. එනමුත් මානවයාගේ අධ්‍යාත්මික බැදීම අභිබවා ලෞකික බැදීම වැඩි දියුණූ වීමත් සමඟ එදා සාමයට සහජීවනයට මඟපෑදු බොහෝ ආගම් අද වෛරය, ක්‍රෝධය හා ඊර්ෂියාවට වඩා යමක් මිනිස් සමාජයට දායාද කොට නැත. එවන් සමාජ පසුබිමක ‘ඉස්ලාම්’ පෙන්වාදෙන යහමඟ දිව්‍යමය අසමසම ආදර්ශයකි…

ඉදිරියට කියවන්න

‘යහමග’ මෙතුවක් ගමන්මඟ

…ආගම දහම පිලිබදව බුද්ධිමත් සංවාදයක් ගොඩනැඟීම අරමුණූ කරගෙන ආරම්භ කල මෙම අඩවිය තුල “ජතිවාදීන්” පිලිබදව කථා නොකරම බැරි තරමට වර්ථමාන සමාජය තුල ජාතිවාදී කල්ලීන් “ආගම්” නමින් බිහිවෙමින් සමස්ථ ජාතියම අවාසනාවන්ත තැනකට යොමු කරමින් සිටී. සත්‍ය දහම ආගමික මූලාශ්‍රයන් තුලින් අවබෝධ කරගන්නවා වෙනුවට තම නැණ පමණින් අවබෝධ කරගැනීමේ විපාකය සමස්ථ ලෝකයාම මුහුණපාමින් සිටී. මෙවන් වූ මොහොතක යහමඟ ටද මෙම අනවබෝධය සමාජයට පැහැදිලි කිරීමේ වගකීම පැවරී ඇත.

ඉදිරියට කියවන්න

‘යහමග’ අලුත් වෙයි

ඔබ වෙනුවෙන්, දහසක්… දසදහසක් දෑ… මෙහි නැතත්… පුංචිම පුංචි දෙයක් හෝ ඉටුකොට ඇත්තෙමි… උදාවන හෙට දවසේ… අනන්ත වූ බලාපොරෝත්තු පොදිබැදගෙන… ඔබ හා ලෙන්ගතු වන්නේ… වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නම් අඳුරු දුරළු… අවබෝධයෙන් පිරී… ආශ්චර්‍යමත් දේශයක් උදෙසාම පමණි…

ඉදිරියට කියවන්න

යහමග’ අලුත් වුනේ ඇයි?

වෙබ් අඩවි නිර්මාණය පිලිබදව සාමාන්‍ය දැනුමක් පමණක් ඇති මා විසින් නිර්මාණය කල එම පැරණි වෙබ් අඩවිය තුල පැවතී දුර්වලතාවයන් එම විෂය පිලිබදව යම්තාක් අවබෝධයක් ඇති කෙනෙකුට පවා පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත. නමුත් යහමඟ අඩවියේ ඉදිරි ඉලක්ක පිලිබදව සැලකිලීමත්වීමේ දී එය අද ආරම්භ කොට හෙට දවසේ වසාදමන තවත් අඩවියක් නොවේ. කාලීන මාතෘකාවන් මෙන්ම උණූසුම් මාතෘකාවන් සංවාදයට ගැනෙන එහි විෂය පථය සීමිත කාල පරාසයකට සීමා කල නොහැක.

ඉදිරියට කියවන්න

යහමඟ අඩවියට තවත් වසරක් ගෙවීගිය වගයි!

අතීතයේ පටන් ආගම් තුලින් මිනිසා ලද ආදර්ශ යහපත් සමාජ පැවැත්මක් උදෙසා තීරණාත්මක සාධකයක් විය. එනමුත් මානවයාගේ අධ්‍යාත්මික බැදීම අභිබවා ලෞකික බැදීම වැඩිවීමත් සමඟ එදා සාමයට, සහජීවනයට මඟපෑදු බොහෝ ආගම් අද වෛරය, ක්‍රෝධය හා ඊර්ෂියාව… වැනි සමාජ පරිහානියට මඟපාදන දෙයට යමක් මිනිස් සමාජයට දායාද කොට නැත.

ඉදිරියට කියවන්න

යහමග ඇරයුම පාඨක ඔබටයි

ඔබ ද ඉස්ලාම් දහම හා මුස්ලීම් සමාජය වෙනුවෙන් යමක් ලියන්නට හෝ කියන්න අපොහොසත් කෙනෙකු නොවේ යන්න මාගේ දැඩි විශ්වාසයයි. එසේම මාගේ අල්ප දැනුමක් තුල මෙතෙක් දුර ආ ‘යහමඟ’ ඉදිරයේ යෝධ පියවරයන් තැබීමට  නම් ඔබගේ සහය ‍එහි තීරණාත්මක සාධකයක් යන්නත් මාගේ දැඩි විශ්වාස යයි. විශේෂයෙන් වර්ථමානයේ රට තුල නිර්මාණය වෙමින් පවතින සමාජ තත්වයන් සමඟ ඉස්ලාම් දහමටත්,  මුස්ලීම් සමාජයටත් මෙම වගකීමෙන් බැහැර වීමට නොහැක.

ඉදිරියට කියවන්න

යහමඟ අඩවිය අඛණ්ඩ මෙහෙවරක

මීට වසර කිහිපයකට ඉහත ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසය…’ යන තේමාව පෙරටු කොට අරඹන ලද ‘යහමඟ’ වෙබ් අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල යහපත් මෙහෙවරක් සිදු කරන වෙබ් අඩවියක් බවට පත්ව ඇත. සිංහල භාෂාව හසුරුවන ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව කිසියම් අවබෝධයක් ලබාදීම එකම අරමුණූ කරගෙන ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවිය අද වනවිට එහි විෂය පථය පුළුල් කරමින් ඉදිරියට ම ගමන් කරමින් ඇත.

ඉදිරියට කියවන්න


මේ ආකාරයට දීර්ඝ ගමනක් පසුකොට ආ ‘යහමඟ’ අඩවිය හමුවේ දැන් දැන් අළුත් අභියෝග රාශියක් නිර්මාණය වෙමින් ඇත. එම අභියෝගයන් හමුවේ ‘යහමඟ’ ඉදිරි ගමන වඩ වඩාත් සාර්ථක වීමට නම්, මේ මොහොතේ ඔබේ දායකත්වය ඉතා අත්‍යඅවශ්‍ය කාරණයක් වී ඇත. ඒ ඔබේ යෝජනා, අදහස් හා අවංක ලෙස ඉදිරිපත් වන විවේචන ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඒ සදහා පාඨක ඔ‍බ සියළු දෙනාගේ දායතත්වය පහතින් ‘අදහස් (comments)’ ලෙස හෝ admin@yahamaga.lk ඊමෙල් ලිපිනයට ඊමේලයක් ලෙස ලබාදෙන මෙන් මෙයින් ඉල්ලා සිටිමි.

පාඨක ඔබේ අවධානයට කෙටි පණිවුඩ කිහිපයක්

  • මෙම වෙබ් අඩවියේ ඇති ලිපි වඩාත් හොදින් හා පැහැදිලිව කියවීමට ‘Malithi Web’ නම් යුනිකෝඩ් සිංහල අකුරු ඔබේ පරිගනකයේ ස්ථාපනය කරගන්න
  • පාඨක ඔබේ ලිපි සදහා ‘යහමඟ’ අඩවිය විවෘතය


අබූ අර්ෂද්