යහමග පුවත්

කාලීන වශයෙන් වැදගත් එසේම යහමග පාඨක ඔබේ අවදානය යොමු වියයුතු කෙටි පුවත් හා දැනුම්දීම් මේ යටතේ පෙලගැසීම සිදු කරනු ලැබේ. විශේෂයෙන් මාධ්‍යයන් තුල කලින් කලට ඉදිරිපත් වන විශේෂ පුවත් කෙටියෙන් මෙහි ඔබේ අවදානයට ගෙන ඒම මූලික අරමුණයි. එසේම යහමග පණිවුඩ ද මෙහි පෙලගැසීමට අපේක්ෂා කරමි.
- යහමග කෙටි පුවත්...
2023/3/10 - රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට විශේෂ වැඩපිළිවෙලක්
රාමලාන් (රාමසාන්) සමයේ දී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත විය හැකි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය.
ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ (04/2023) මේ වන විට සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර ඇතැයි ද ලේකම්වරයා කීය.
රාමසාන් සමය මෙම මස 23 දින ආරම්භ වී අප්‍රේල් 21 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇති අතර එම කාලසීමාව තුළදී සියලුම මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදිය හැකි වන පරිදි වැඩමුර සකස් කරදීමත්, නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කිරීමත් මෙම චක්‍රලේඛය අනුව සිදු කළ හැක.
රාමලාන් (රාමසාන්) අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද ලේකම්වරයා සඳහන් කළේය.
Link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A/1-629653
2023/3/15 - ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමේ ජාත්‍යන්තර දිනය
බොහෝ ආන්ඩු ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමට වෛරී-අපරාධ-විරෝධී නීති සම්පාදනය කිරීම සහ වෛරී අපරාධ වැළැක්වීම සහ නඩු පැවරීම සඳහා පියවර ගැනීම සහ ඍණාත්මක මිථ්‍යාවන් සහ දුර්මත දුරු කිරීමට සැලසුම් කර ඇති මුස්ලිම්වරුන් සහ ඉස්ලාම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර පැවැත්වීම මගින් පියවර ගෙන ඇත.
ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස මාර්තු 15 වන දින නම් කරන ලද ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) සාමාජික රාජ්‍ය 60ක් විසින් අනුග්‍රහය දක්වන ලද යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලදී . ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය කිසිදු ආගමක්, ජාතියක්, ශිෂ්ටාචාරයක් හෝ ජනවාර්ගික කණ්ඩායමක් සමඟ සම්බන්ධ නොවිය යුතු බව ලේඛනය අවධාරණය කරයි. එය මානව හිමිකම්වලට ගරු කිරීම සහ විවිධ ආගම් සහ විශ්වාසයන් මත පදනම් වූ ඉවසීමේ සහ සාමයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ගෝලීය සංවාදයක් ඉල්ලා සිටී.
2021 දී ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමේ පළමු ජාත්‍යන්තර දිනය සනිටුහන් කරමින් , එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පෙන්වා දුන්නේ මුස්ලිම් විරෝධී ආගම්වාදය වාර්ගික-ජාතිකවාදය, නව-නාසිවාදය, අපකීර්තිය සහ වෛරී කථනය ඇතුළු අවදානමට ලක්විය හැකි ජනතාව ඉලක්ක කර ගනිමින් පුනර්ජීවනය වීමේ විශාල ප්‍රවණතාවක කොටසක් බවයි. මුස්ලිම්වරුන්, යුදෙව්වන්, සමහර සුළුතර ක්‍රිස්තියානි ප්‍රජාවන් මෙන්ම තවත් අය. "ශුද්ධ වූ අල් කුර්ආනය අපට මතක් කර දෙන පරිදි: ජාතීන් සහ ගෝත්‍ර නිර්මාණය කර ඇත්තේ එකිනෙකා දැන ගැනීමට ය. විවිධත්වය පොහොසත්කමක් මිස තර්ජනයක් නොවේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.
ලොව පුරා නැගී එන වෛරී ප්‍රකාශයේ තැතිගන්වනසුලු ප්‍රවණතාවයට ප්‍රතිචාර වශයෙන්, මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් එක්සත් ජාතීන්ගේ උපායමාර්ගය සහ වෛරී කථනය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම දියත් කළේය .
Link - https://www.un.org/en/observances/anti-islamophobia-day
2023/3/20 - සෞදියෙන් රට ඉඳ ටොන් 50ක් ලැබෙයි
සෞදි අරාබි රාජ්‍යය ශ්‍රී ලංකාවේ ජනතාව අතර බෙදාදීම සඳහා රට ඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර තිබේ.
එම රටඉඳි තොගය ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කහිල්ඩ් හම්මුද් අලි කටානි මහතා ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත බාර දුන්නේය.
සෞදි අරාබි රාජ්‍යෙය් සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සාහන මධ්‍යස්ථාන මගින් ලොවපුරා මිත්‍ර රටවල් ගණනාවක මෙලෙස රටඉඳි තොග පරිත්‍යාග කරනු ලබයි.
Link - https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A7-%E0%B6%89%E0%B6%B3-%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A-50%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92/101-630366
2023/3/22 - ரமளான் பிறை அறிவித்தல்
[7:49 pm, 21/03/2023] +94 77 777 1141: ஹிஜ்ரி 1444ஆம் ஆண்டின் ரமளான் மாதத்துக்கான தலைப்பிறை, ஷஃபான் 30 ஆம் நாளான இன்று நாட்டின் எப்பாகத்திலும் காணப்பாடாத நிலையில், இலங்கைக்கு வெளியில் நேரத்தால் இலங்கைக்கு பிந்திய நாடுகளில் இருந்து பிறை சாட்சியம் கிடைக்கப்பெற்றால், நாளை புதன்கிழமை (22.03.2023) முதல் ராமளான் அனுஷ்டிக்கப்படும்.
பிந்தி கிடைக்கும் தகவல் புதன்கிழமை காலை பொழுதை அடைந்தாலும் சரியே. ஏனெனில் நபி (ஸல்) அவர்களின் வழி காட்டல் மிகத் தெளிவாக அதனையே எமக்கு வலியுறுத்திகிறது.
ராமளான் நோன்பு கடமையாக்கப் படுவதற்கு முன்பு, ஆஷூறா நோன்பு கடமையாக்கப்பட்டிருந்த காலத்தில், ஆஷூறா அன்று காலையில் மாதினாவை சாராத இரண்டு கிராமவாசிகள் வந்து பிறை சாட்சியம் சொன்ன போது, அல்லாஹ்வின் தூதர் (ஸல்) அவர்கள், அன்சாரியீன்களின் (மதீனாவின்) கிராமங்களுக்கு ஒருவரை அனுப்பி "காலையில் யார் சாப்பிட்டு விட்டாரோ, அவர் இன்றைய நாளின் எஞ்சிய பகுதியை நோன்பாக தொடரட்டும். காலையில் சாப்பிடாமல் இருப்போர் அப்படியே நோன்பை தொடரட்டும்." என்று அறிவிப்பு செய்தார்கள். (புகாரி 1924 / 1960)
இலங்கைக்கு வெளியில் இருந்தும் சாட்சியம் கிடைக்காவிடின், ஷஃபான் 30 ஆக பூர்த்தியாக்கப்பட்டு, வியாழக்கிழமை (23.03.2023) முதல் ராமளான் நோன்பு அனுஷ்டிக்கப்படும்.
ஏனெனில் இவ்வாறே நபி (ஸல்) அவர்கள் எமக்கு ஏவி உள்ளார்கள்.பிறையை கண்டு நோன்பு வையுங்கள். பிறையை கண்டு நோன்பை விடுங்கள். பிறை மறைக்கப்பட்டால் மாதத்தை 30ஆக பூர்த்தியாக்குங்கள். எனினும் (அவ்வாறு பூர்த்தியாக்கிய பின்னர்) இரண்டு முஸ்லிம்கள் சாட்சி சொன்னால் அதை ஏற்று செய்யற்படுத்துங்கள்.(நாசயீ : 2116, முஸ்னத் அஹ்மத் 7516, 7581, 7778, 9472, 9556, 9654, 9853, 10060)
குறிப்பு : இன்ஷா அல்லாஹ் சாட்சியம் கிடைக்கப் பெற்றால் உடனே அறியத்தரப்படும்
இஸ்லாமிய தகவல் நிலையம் [7:56 pm, 21/03/2023] +94 77 777 1141: திருத்தம் : ஷஃபான் 30 என்பதை ஷஃபான் 29 என்று திருத்தி வாசிக்கவும்
2023/3/22 - Moon 🌙
- India
- Seen: MCW member Rasheed Usman, from Kozhikode, Kerala reported: The hilal of Ramadan 1444 has been sighted at Kapad Beach Kozhikode Kerala today Wednesday 22 March 2023 as confirmed by the Kapad Qazi Shihabudheen Faizi . Accordingly the Ramadan 1 will be Thursday 23'March 2023 in the State as declared by Qazis. Kerala Hilal Committee and Wisdom Islamic Organisation hilal wing also begin Ramadan tomorrow Thursday.
- Indonesia
- Seen: MCW member AR Sugeng Riyadi from Rowasiya Observatory Central Java Indonesia reported: The new crescent of Ramadhan 1445 AH was NOT SIGHTED on Wednesday, March 22, 2023 from Assalaam Observatory, Pabelan Kartasura Sukoharjo Central Java Indonesia, the west sky was covered by thick clouds. The crescent was seen from several places in Indonesia via telescope. According to this report, on Ithbat Council by the Ministry of Religious Affairs of the Republic of Indonesia declare that 1 Ramadhan 1444 AH will start on Thursday, March 23rd, 2023.
2023/3/22 - මක්කම වන්දනාව වීසා මුදලට විකිණීමට ඉඩ නෑ
මක්කම වන්දනාව සඳහා නිකුත් කරන වීසා පසුගිය වසරවල මෙන් මුලදට විකිණීමට කිසිඳු ඉඩක් නොතබන බවත් කිසිවෙක් හෝ එවැනි අසාධාරණයන්ට ලක්වූවහොත් වහාම අමාත්‍යංශය දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටින බවත් බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් උපරීම සාධාරණ ලෙස සේවා සැපයීම සඳහා කටයුතු සුදානම් කර ඇති බව කී අමාත්‍යවරයා මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් කාර්යාලයක් පමණක් විවෘත කිරීමෙන් සෑහීමකට පත්නොවී උපරීම සාධාරණ සේවාවක් සපයන බව ද සඳහන් කළේය.
ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් සේවා සැපයීම සඳහා පත්කළ හජ් කමිටුවේ නිලධාරී මඩුල්ලෙහි කටයුතු කිරීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහි ස්ථාපනය කළ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.
2023/3/23 - උපවාස මාසය ඇරඹුනි
පෙර මාසය වන 'ශහ්බාන්' මාසය දින 30ක් ලෙස පූර්ණ කිරීමෙන් අනතුරුව අදින් රමලාන් නම් උපවාස මාසය ඇරඹූනි. ඊයේ දින ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ සමහරක් ප්‍රදේශවල නව සඳ දර්ශනය වූ බවද වාර්ථා වුණී. (ඒ පිලිබදව වැඩි විස්තර මෙහි Click කොට කියවීමේ හැකියාව ඇත.)
2023/3/30 - සාරා ජස්මින් මියගිහින්
පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මියගිය පිරිස අතර සිටි පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය පිරිස අතර සිටින බව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව තහවුරු කරන බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින්ගේ මවගෙන් ලබාගත් ඩී.එන්.ඒ. සමඟ අපරාධ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස් කීපයක ඩී.එන්.ඒ. සාම්පල මව සහ දරුවන් අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිපලයක් බවත් ඒ අනුව එම අස්ථි සාම්පල හිමි අයගේ ජීව විද්‍යාත්මක මව රාජරත්නම් කවීදා වීමට ඇති සම්භාවිතාව සියයට 99.9999 ක් බව තහවුරු වී ඇති බවත් රජයේ රස පරීක්‍ෂක වාර්තාවේ වැඩි දුරටත් සඳහන් බව එම නිවේදනයේ සඳහන් වේ.
එම වාර්තාව අනුව 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය බව තහවුරු වී ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදඟන් වේ.
පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් එම සිද්ධියේදී මිය නොගිය බවත් ඇය ඉන්දියාවට පැනගිය බවටත් මතයක් පැවතීම නිසා ඔවුන්ගේ මළසිරුරු භූමදානය කළ ස්ථානයෙන් අවස්ථා කීපයකදී එම සිරුරු ගොඩගැනීමට ද කටයුතු කළේය.
Link - https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F-%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/101-630953
2023/4/12 - සංහිඳියාව ගොඩනඟන්න කැබිනට් අනු කමිටුවක්
පියවර තුනක් ඔස්සේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පිහිට වූ බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ වල සහය ගෙන සියලු ලාංකිකයන්ට ලැබිය යුතු ගෞරවය දීම සඳහා පුළුල් එකඟතාවයකට පැමිණීම එම කමිටුවේ පළමු පියවර බව කී අමාත්‍යවරයා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට පෙර සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම එම අනු කමිටුවේ දෙවැනි පියවර බව විදේශ කටයුතු අමාත්‍යවරයා කීය.
වගවීමේ ක්‍රියාවලියක් ලෙස දේශීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අනු කමිටුවේ තුන්වන පියවර බව ද අලි සබ්රි මහතා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නේ ජනවාර්ගික සංහිඳියා ක්‍රියාවලියට ප්‍රමුඛත්වය දෙමින් ගැටළු වලට දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම සඳහා ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසංස්කරණය සාක්ෂාත් කරගැනීම බවද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.
ttps://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A-%E0%B6%85%E0%B6%B1%E0%B7%94-%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A/101-631578
2023/4/16 - Get ready for the heat wave!
Get ready for the heat wave!
Be prepared for high temperatures between 40 ° -50 ° C. Always drink clean water and drink slowly. Avoid cold water or ice.
Currently, Malaysia, Indonesia, Singapore and other countries are experiencing a "heat wave."
What to do and what not to do?
1. *Doctors say not to continue drinking very cold water when the temperature reaches 40 ° C, as our small blood vessels may burst or explode.*
It was said that one of the doctor's friends had come in from outside on a hot day. Sweating profusely and wanting to cool down quickly, he immediately washed his feet with cold water... Suddenly, out of sight, he collapsed. An ambulance was immediately called and taken to hospital.
2. When the heat reaches 38 ° C and you come from outside... let's warm up. Don't drink cold water. You can drink hot or warm water, but drink it slowly.
Do not wash your hands or feet immediately, and do not wash or wet areas exposed to the sun. Take at least 30 minutes or half an hour before washing or showering.
3. A man cooled down from the heat and immediately took a shower. After the shower, he was taken to hospital with a stiff jaw. He had a stroke.
- Notes:*
During the summer months or if you are very tired, avoid drinking very cold water immediately, CT reminder to each other!
- Spread and spread the word*
2023/4/19 - පක්ෂ විපක්ෂ නායකයෝ එක්ව ඉෆ්තාර් සමරති
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ජාතික සංහිඳියාව උදෙසා ආශිර්වාද කිරීම ද මෙහිදී සිදුවිණි.
ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන් පසුගිය දශක ගණනාවක සිට සක්‍රිය දායකත්වයක් ලබා දී ඇති බවත් එය අනාගතය සඳහාත් ගෙන යමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක වන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ඉස්ලාම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය. ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස කාලයේදී අධ්‍යාත්මික ශක්තිය වර්ධනය වනවා සේම ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට ද එය ඉවහල් වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙහිදී ආගමික දේශන සිදු කළ මවුලවිතුමන්ලාට සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතින් සිදු විය. හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන අලී සබ්‍රි, නසීර් අහමඩ්, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාමිල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ.එච්.එම්. ෆවුසි, එච්.එම්.එම්. හරීස්, එම්.එස්. තවුෆික්, අලී සබ්‍රි රහීම්, එස්.එම්.එම්. මුෂාරෆ්, යදාමිණි ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරු සහ විදෙස් තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80-%E0%B6%89%E0%B7%86%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%92/101-631812
2023/4/23 - බෝම්බ ප්‍රහාරයක් ගැන බොරු ඇමතුම් දුන් මවුලවීවරයකු අත්අඩංගුවට
අකුරණ නගරයේ මුස්ලිම් පල්ලියකට සහ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත 118 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ව්‍යාජ ඇමතුම් දෙකක් ලබාදුන් මවුලවි වරයකු පරිගණක අපරාධ කොට්ඨාශය මගින් හාරිස්පත්තුව ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාරිස්පත්තුව බටගොඩ ප්‍රදේශයේ පදිංචි (21) පුද්ගලයෙකු බවත් ඔහු ලබාදුන් තොරතුරු ව්‍යාජ බවටත් සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම සැකකරු ඉකුත් 18 සහ 19 යන දෙදින තුළ මෙම ව්‍යාජ ඇමතුම් 2 දෙක ලබාදී ඇති අතර, පරිගණක අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර දින තුනක් ඇතුළත සැකකරු අඩංගුවට ගෙන ඇත.
මෙසේ ව්‍යාජ ඇමතුම් ලබා දීම හේතුවෙන් පොලිසිය ඇතුළු රජය නිලධාරීන් විශාල වශයෙන් අපහසුතාවයට පත් වු බවත් , වැඩි පිරිසක් යොදවා ආරක්ෂාවක් තර කිරීමට සිදුවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙවැනි ඇමතුම් මගින් මහජනයා සහ ආගම් අතර කිසියම් කැළඹීමක් හටගැනීමට ඉඩ තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙවැනි වැරදි සිදුකරන සිදුකරන පුද්ගලයන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
https://www.lankadeepa.lk/news/%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%80%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%94-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/101-631977
2023/4/25 - කාන්තාවන්ට වඩාත් ආරක්ෂිත රටවල් පහක්
සංචාරයට පැනවී තිබු දීර්ඝ වසංගත විවේකයෙන් පසු ව, මිනිසුන් සහායකයෙක් සූදානම් වන තුරු බලා සිටින්නේ නැත. තනි ව සංචාරයේ යෙදීමට ඇති කැමැත්ත ලෝකය පුරා ම, විශේෂයෙන් ම කාන්තාවන් අතර වර්ධනය වෙමින් පවතියි.
නෝර්වීජියානු යාත්‍රා සමාගමක් සිදු කළ පර්යේෂණයකින් සොයාගෙන තිබෙන්නේ තිදෙනෙකුගෙන් එක් අයෙකු තනි ව සංචාරය කිරීමට වඩා කැමැත්‍තක් දක්වන අතර වැඩිහිටි කාන්තාවන් විශේෂයෙන් ම මෙම ප්‍රවණතාවය මෙහෙයවන බවයි. Virtuoso සංචාරක ජාලයේ අභ්‍යන්තර පර්යේෂණයකට අනුව, 2022 දී තනි ව සංචාරය කිරීමේ විශාල වර්ධනයක් පැමිණ තිබෙන්නේ වයස 65 හෝ ඊට වඩා වැඩි කාන්තාවන්ගෙන් ය. ඔවුන් 2019 දී තනි ව සංචාරය කරන්නන්ගෙන් 4%ක් පමණක් වූ අතර, 2022 දී ඔවුන් තනි සංචාරකයන්ගෙන් 18%ක් වී තිබේ.
තනි ව සංචාරය කිරීමේ ප්‍රවණතාව වර්ධනය වෙමින් තිබුණ ද, කාන්තාවෝ තනි ව එතෙර යාමේ දී තවමත් විශේෂිත වූ ගැටලුවලට මුහුණ දෙති. ලෝකයේ සෑමතැනම කාන්තාවන්ට සංචාරය කිරීමට ආරක්ෂිත විය යුතු වුවත්, ලෝකයේ සෑමතැනක ම තවමත් වෙනස්කොට සැලකීම සහ ආරක්ෂාව පිළිබඳ ගැටලුවලට කාන්තාවන් තවමත් මුහුණ දීම යථාර්ථයයි. එසේ වෙතත්, බොහෝ රටවල් කාන්තාවන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමටත්, සිය රට තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් කාන්තා පදිංචිකරුවන් දක්වන ආකල්ප මැනීමටත් යන දෙකට සාමූහික උත්සාහයක් දරා ඇත.
සංචාරයේ යෙදෙන කාන්තාවන්ගේ ආරක්ෂාව සහ සමානාත්මතාව පිළිබඳ ව වඩා ප්‍රගතියක් අත්කරගෙන ඇති ස්ථාන සොයා ගැනීම සඳහා අප ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයයේ කාන්තාවන්ගේ සාමය සහ ආරක්ෂාව පිළිබඳ දර්ශකය (WPS), ලෝක ආර්ථික සංසදයේ ලෝක පුද්ගල සමාජභාවයේ පරතරය පිළිබඳ වාර්තාව සහ ආර්ථික විද්‍යා සහ සාමය සඳහා ආයතනයේ ලෝක සාම දර්ශකය (PGP) සලකා බලා තිබේ. ඉන්පසුව, ශ්‍රේණිගතකිරීම්වලින් ඉහළින් ම සිටින රටවල තනි ව සංචාරය කළ කාන්තාවන් සමග සාකච්ඡා කළේ, ඔවුන්ට ආරක්ෂිත බවක් දැනුණු දේවල් මොනවාද කියා අවබෝධ කරගැනීමට, ඔවුන්ගේ ම සංචාරක උපායවලට සවන් දීමට සහ නැරඹීමට හොඳම දේවල් මෙන් ම තනි ගවේශකයෙකු ලෙස සිදු කළ හැකි දේ පිළිබඳ ව සොයා බැලීමටයි.
පවුල සමග සතුටින් සංක්‍රමණය විය හැකි රටවල් පහක් Slovenia's easy access to towns and wilderness makes for an ideal mix of solitude and safety ඡායාරූප මූලාශ්‍රය,DAVORLOVINCIC/GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ලෝවේනියාවේ නගර සහ වනාන්තරවලට පහසුවෙන් පිවිසීමේ හැකියාව හුදෙකලාවේ සහ ආරක්ෂාවේ කදිම සංකලනයක් නිර්මාණය කරයි
ස්ලෝවේනියාව මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ WPS ශ්‍රේණිගතකිරීමේ ඉහළින් ම සිටින ස්ලෝවේනියාව, මෑතකාලීන වසරවල කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ දැක්මේ විශාල වර්ධනයක් ලබා ඇති අතර, ශ්‍රේණිගතකිරීමට අනුව 85%ක් කාන්තාවන්ට මෙහි දී ආරක්ෂිත හැඟීමක් දැනේ.
ක්ලෙයාර් රැම්ස්ඩෙල් පළමුවරට ස්ලෝවේනියාවේ ප්‍රධාන සහ විශාල ම නගරය වන ලුබියානා වෙත පැමිණි විට දී, ඇය ඡායාරූප ගනිමින් රාත්‍රියේ වීදිවල සැරිසැරුවා ය.
"මේක වෙනත් තැනක දී අන්තරායකර අත්දැකීමක් වෙන්න තිබුණත්, මේ වෙලාවෙ දි ඒක නියම දෙයක් වුණා,"යි 'වයිල්ඩ්ලෑන්ඩ් ට්‍රෙකින්ග්' හි ගවේශන උපදේශිකාවක් වන සහ 'ද ඩීටුවර් ඉෆෙක්ට්' සංචාරක බ්ලොගය පවත්වාගෙන යන රැම්ස්ඩෙල් පැවසුවා ය. "රට ඇතුළෙ මම සිටි කාලයේ දී කවුරුත් මට කිසිම බාධාවක් කළේ නෑ වගේ ම මට පාරවල් හොයාගන්න, භාෂා බාධකයක් හෝ ඔබ තනි කෙනෙක් කියලා අඳුරගත්තට පස්සෙ බය වද්දන්න පුළුවන් කිසිම දෙයක් ගැන ගැටලුවක් තිබුණෙ නෑ."
නගරය ඇවිද යාමට වඩා සුදුසු බවත්, රටපුරා ප්‍රවාහනය විශ්වාසවන්ත සහ පුළුල් බවත් ඇය සොයාගෙන තිබේ. සමාන අදහස් ඇති අය සමග එකතු වීමට කැමති අයට 'ලුබියානා යම් ෆුඩ් ටුවර්ස්' සහ 'ෆුඩ් ටුවර් ලුබියානා' ඇය නිර්දේශ කරයි. කණ්ඩායමක් ලෙස හෝ තනි ව සිටිය ද, "හොඳ ම අතුරුපසවලින් එකක්," ලෙස ඇය පවසන, මෝජි ස්ට්‍රකර්ජි වෙතින් පිර වූ පිටි ගුලියක් ලෙස පිළිගන්වන, බඩඉරිඟු වොල්නට් ස්ට්‍රකර්ජි ඇණවුම් කළ යුතු බව සහ කකාඕහි ලෝක ප්‍රසිද්ධ ජෙලාටෝ (අයිස්ක්‍රීම් වර්ගයක්) උත්සාහ කළ යුතු බව ඇය පවසයි.
දැඩි ආශා ඇති කඳු නගින්නියක් ලෙස, රැම්ස්ඩෙල් ස්ලෝවෙනියාවට විශේෂයෙන් ම පැමිණියේ රටපුරා ඇති විශාල එළිමහන් සහ උස් කඳුමුදුන් සොයා යාමට වන අතර, ඔවුන් හුදෙකලාවේ සහ ආරක්ෂාවෙ කදිම සංයෝජනයක් ලබා දෙන බව ද සොයා ගන්නා ලදි. "මම වනාන්තරයක ඉන්නවා කියලා මට නිතර ම දැනුනත්, මොකක් හරි හදිසි අවස්ථාවක් ආවොත් ළඟ ම නගරයක් තියෙන බවත් නිතර ම දැනගෙන සිටියා,"යි රැම්ස්ඩෙල් පැවසුවා ය. "මට සම්පූර්ණයෙන් ම තනිවෙලා කියලා දැනුනේ නෑ, ඒක මගේ මනසට සැනසීමක් ගෙන ආවා."
ඉතාලි දේශසීමාවට ආසන්නයේ රටේ බරහිර පැත්තට වන්නට පිහිටා ඇති සහ "ක්‍රොනිකල්ස් ඔෆ් නානියා" චිත්‍රපටයේ රූගත කිරීමේ ස්ථානයක් වූ නිල්වන් සෝකා ගඟ අසල නතර වීමට ඇය අමුත්තන්ට නිර්දේශ කරයි. කඳු නගින්නන්ට සාමකාමී ව ජලයේ ඇවිදයාම විඳගැනීමට හැකි අතර, මෝටර් රථවලින් ගමන් ගන්නා අයට පවා ගඟ හරහා ඉහළින් එල්ලෙන පදික පාලම් වෙත යා හැකි ය.
Rwanda ranks sixth in the world in the Global Gender Gap index ඡායාරූප මූලාශ්‍රය,MICHAEL COOK - ALTAI WORLD PHOTOGRAPHY/GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය, රුවන්ඩාව ලෝක පුද්ගල සමාජභාවයේ පරතරය පිළිබඳ වාර්තාවේ සයවන ස්ථානයේ සිටියි
රුවන්ඩාව WPS වාර්තාවට අනුව, පාර්ලිමේන්තුවේ 55%ක කාන්තා නියෝජිතයන් සිටින රුවන්ඩාව, පාර්ලිමේන්තුවේ පුද්ගල සමාජභාවය පිළිබඳ සමානාත්මතාවය අතින් ලෝකයේ පළමු ස්ථානයේ රැඳී සිටියි. එය මහජන ආරක්ෂාව පිළිබඳ දර්ශකයේ ද ඉහළින් ම රැඳී සිටින අතර; ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය සහ දේශපාලන සහභාගීත්වය යන කොන්දේසිවලින් රටක් කෙතරම් සමානාත්මතාවයකින් යුක්ත ද යන්න මනිනු ලබන ලෝක පුද්ගල සමාජභාවයේ පරතරය පිළිබඳ ශ්‍රේණිගතකිරීමේ ද ලෝකයෙන් ම හයවන ස්ථානයේ තිබේ.
රෙබේකා හැන්සන් මෙය පළමුවෙන් ම දුටුවේ ඇය 2019 දී ඩෙන්මාර්කයේ සිට රුවන්ඩාවට ගිය අවස්ථාවේ දී වන අතර තනි ව සංචාරය කිරීමට එය අතිශයින් ම ආරක්ෂිත බව සොයාගත්තා ය. "දවාලෙත් රාත්‍රියේත්, හැම වෙලාවක ම, හැමතැනක ම වගේ පොලිසිය, ආරක්ෂක අංශ සහ හමුදාවන් ඉන්නවා," ඇය පැවසුවා ය. "ඒකට මුලින් ම බය හිතෙන්න පුළුවන් වුණත්, මේ නිල ඇඳුම් සියල්ල ම නිතර ම ඔබට උදවු කිරීමට කැමති මිත්‍රශීලී අය කියලා ඔබ ඉක්මනින් ම දැනගන්නවා."
ඇය පවසන්නේ සාමාන්‍යයෙන් මිනිසුන් ඔබට බාධා නොකරන නමුත්, විශේෂයෙන් ම පාසල් ළමුන් සමග ඉඳහිට "ඔයාට කොහොමද?" හෝ "සුබ උදෑසනක්!" වැනි ඔවුන්ගේ ඉංග්‍රීසි කතා කළ හැකිවනු ඇති බවයි. ඉංග්‍රීසි සහ ප්‍රංශ රුවන්ඩාවේ නිල භාෂා වන අතර, කින්යර්වන්ඩා සහ කිස්වහීලි (එනමැ'ති රුවන්ඩාවේ භාවිත වන තවත් භාෂා දෙකක්) සමගින් එහි භාෂාමය බාධාවන් අවම කරයි. ඉංග්‍රීසි කතා නොකරන පුද්ගලයන් පවා ඔබ අතරමං වූ විට සතුටින් උදවු කරන බව හා මාර්ගය පෙන්වා දෙන බව ඇය පැවසුවා ය.
1994 ටුට්සි ජන සංහාරයෙන් පසුව, සාමය සහ සමථකරණ වැඩ සඳහා රුවන්ඩාව දිගු කාලයක් තිස්සේ මූලිකත්වය ලබා දී තිබේ. රටේ ස්මාරකයන් කිහිපයක් තිබෙන නමුත්, මෙහි ජන සංහාරය පමණක් නිරූපණය නොකරන, ලොව පුරා ඇති අනෙකුත් නිදසුන් සහ ලෝකය තවමත් මුහුණ දෙන මෙම තර්ජනයේ අන්තරායදායක බව පෙන්වන අගනගරයේ කිගාලි ජනසංහාර ස්මාරකයේ අත්දැකීම විඳගැනීමට හැන්සන් අමුත්තන්ට යෝජනා කරයි.
එය අධික මිලක් දැරීමට සිදුවන දෙයක් වුව ද, ඕනෑ ම සංචාරකයෙකු විසින් රටේ කඳුකර ගෝරිල්ලන් නැරඹීම සිදු කළ යුතු ය; නමුත් හැන්සන් වඳුරන් නැරඹීමට නිර්දේශ කරන්නේ නිරිතදිග ඇති න්‍යුන්ග්වේ ජාතික වනෝද්‍යානය සහ උතුරේ ඇති ජාතික ගිනිකඳු උද්‍යානය හෝ රියපැදවීමේ ක්‍රීඩා සඳහා නැගෙනහිර ප්‍රදේශයේ ඇති අකාගේරා ජාතික වනෝද්‍යානයයි.
Solo female travellers will generally find a safe and secure environment across the United Arab Emirates ඡායාරූප මූලාශ්‍රය,JORG GREUEL/GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය, තනි ව සංචාරය කරන කාන්තාවෝ සාමාන්‍යයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුරා ආරක්ෂාව සහ ආරක්ෂිත පරිසරයක් ලබා ගනිති
එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තාවන්ගේ පාසල් අධ්‍යාපනය සහ මූල්‍ය අන්තර්ග්‍රහණය අතින් මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව තුළ WPS දර්ශකයේ වැඩිම ලකුණු ලබා ගනිමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුද්ගල සමාජභාවයේ සමානාත්මතාව අතින් කලාපයේ නියමුවා බවට දිගට ම පත් වී සිටින අතර මෑතක දී එහි පාර්ලිමේන්තුව පුද්ගල සමාජභාවයේ සමත්වය ළඟා කරගත්තේ ය. වයස අවුරුදු 15 හෝ ඊට වැඩි කාන්තාවන්ගෙන් 98.5%ක් "[ඔවුන්] ජීවත් වන නගරයේ හෝ ප්‍රදේශයේ රාත්‍රියේ තනිව ම ඇවිද යාමට ආරක්ෂිතබව දැනෙන," බවට වාර්තා කරන අතර මහජන ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ සියලු රටවල් අතරින් ඉහළින් ද සිටියි.
සංචාරක රක්ෂණ සමාගමක් වන 'Insure My Trip'හි ශ්‍රේණිගතකිරීමට අනුව, තනි කාන්තා සංචාරකයන් සඳහා විශේෂයෙන් ම ඩුබායි නගරය ආරක්ෂිත ම නගරය ලෙස ශ්‍රේණිගතකර තිබේ.
පැරිස් හි සහ ඩුබායි හි සිය කාලය බෙදාගෙන ජීවත්වන බලපෑම්සහගත පුද්ගලයෙකු වන සැන්ඩි අවාඩ් පවසන්නේ නගරයේ, නගරයෙන් පිටත පවා ඇවිද යාමේ දී නිතර ම ඇයට ආරක්ෂිත හැඟීමක් දැනුණු බවයි. "එකපාරක් මගේ ටයර් එකේ හුළං ගියා. යතුරුවලින් ඇතුළේ දොරවල් ඇරලා කාන්තාරෙ මැද්දෙ මම කාර් එක දාලා ආවා," ඇය පැවසුවා ය. "මම හොඳට ම දැනගෙන සිටියා මාව ගන්න එන ටැක්සිය මට විශ්වාස කරන්න පුළුවන් සහ මගේ කාර් එකත් ආරක්ෂිත ව තියේවි කියලා."
තනි ව සංචාරය කරන්නන් සඳහා, කාන්තාරයේ සෆාරි චාරිකා යාම වෙන්කරගැනීමට ඇය නිර්දේශ කරන්නේ, විවිධාකාරයේ සිත් ඇදගන්නාසුළු පුද්ගලයන් මුණ ගැසීමට එය ඉතා පහසු මාර්ගයක් වන නිසා ය. නමුත් ඔබට වඩා නිර්භීත බවක් දැනෙන්නේ නම්, ඇය පාම් ඩ්‍රොප්සෝන් හි ස්කයිඩයිවින් කිරීමට පුද්ගලික ව කැමති වූවා ය.
Dining alone is a cultural norm in Japan with many eateries offering seating for solo diners ඡායාරූප මූලාශ්‍රය,D3SIGN/GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය, තනිව ම ආහාර ගැනීම ජපානයේ සංස්කෘතියේ සම්මත දෙයක් වන අතර බොහෝ ආපනශාලා තනි ව ආහාර ගන්නා අයට ඉඩ ලබා දී තිබේ
ජපානය ලෝක සාම දර්ශකයේ ලෝකයේ හොඳ ම රටවල් දහය අතරින් පළමු ස්ථානය සිටින එහි, බාහිර හෝ අභ්‍යන්තර ගැටුම්වල අතිශයින් ම අඩු හිංසන අපරාධ අනුපාතයක් ඇති අතර, ජපානයේ කාන්තාවන්ට පමණක් වූ උමං මාර්ග කාර් රථ සංස්කෘතියක් (ඇතැම් වෙලාවල්වල දී සහ මාර්ගවල) තිබෙනවා මෙන් ම, කාන්තාවන් සඳහා පමණක් නවාතැන් ලබාදීම, තනිව සංචාරය කරන කාන්තාවන්ට වැඩි ආරක්ෂිත හැඟීමක් ලබා දීමට හැකි ය.
තනි ව ආහාර ගැනීම සහ තනි ව සිදු කරන ක්‍රියාකාරකම් ද වෙනත් තැන්වලට වඩා මෙහි දී වඩාත් සංස්කෘතියේ සම්මත දෙයකි. ජපානයේ ඉපදුණු සහ 'චැප්ටර් වයිට්' සංචාරක සමාගමේ ආරම්භකයා වන මීකා වයිට් පැවසුවේ "ජනගහණය අඩුවීම, මිනිසුන් විවාහ වීමට බලාපොරොත්තු නොවීම සහ අපගේ 'තනි ව (ගෙවන) කාලය,' සංස්කෘතියක් ලෙස පෝෂණය කිරීම වැනි බොහෝ දේ "තනි ව" සංචාරය කිරීමේ පසුබිමේ තිබෙන" බව යි. "සඟරාවල නිතර ම යන්නෙ හොඳ ම තනි කැරොකේ, තනියෙන් යන්න පුළුවන් රාමෙන් කඩ සහ තනියෙන් නාන්න යන්න පුළුවන් තැන්."
වසර 20කට පෙර ඉන්දුනීසියාවේ සිට මෙහි පැමිණි ලුලූ අසාගාෆ්ට මෙහි පැමිණි වහා ම ආරක්ෂිත හැඟීමක් දැනී තිබේ. "ප්‍රදේශයේ ජීවත්වන අය ඔබට ගෙදර ඉන්නවා වගේ දැනෙන්නට දෙනවා වගේ ම ආගන්තුකයන්ට උදවු කරන්නත් කැමතියි," යැයි වර්තමානයේ Intrepid Travel හි සංචාරක නායකයෙකු වශයෙන් සේවය කරන අසාගාෆ් පැවසුවා ය. කෙසේවුවත්, ඔබ වඩාත් ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කරන්නේ නම්, ඉංග්‍රීසි කතා කිරීමට අඩු වියහැකි නිසා මඟපෙන්වන්නෙකු සමග යාමට ඇය නිර්දේශ කරයි.
මෙහි තනි ව ආහාර ගැනීම සාමාන්‍යයක් නිසා, විශේෂයෙන් ම කියෝතෝ, ඔසාකා සහ තෝකියෝ හි ආහාර දර්ශනයන් පරීක්ෂා කිරීමට අසාගාෆ් නිර්දේශ කරයි. තෝකියෝ හි ඇගේ ප්‍රියතම ස්ථානය වන්නේ බොහෝ ආපනශාලා ඇති, රාත්‍රී ක්‍රියාකාරකම් සහ දේශීය ඉසකයා (සමාජශාලා වල ජපන් ආකාරය) ඇති ශින්කුජු සැන්-චොම් ප්‍රදේශයයි.
සාමාන්‍ය සංචාරක ස්ථානවලින් පිටත අවදානමක් ගැනීමට කැමති අමුත්තන් සඳහා ඇය, සමුරායිවරුන්ගේ නිවහන ලෙස හඳුන්වන වෙරළබඩ නගරයක් වන කනසාවා සහ ජපන් ඇල්ප්ස් කඳුමුදුන් හි පිහිටි තකයාමා නිර්දේශ කරයි. "තකයාමාවල සුන්දර සාම්ප්‍රදායික ගෘහ නිර්මාණශිල්ප සහ සකේ පෙරන තැන් තිබෙනවා," ඇය පැවසුවා ය. 1926 සිට 1989 දක්වා හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ පාලන කාලයේ පොප් සංස්කෘතික මෙවලම් ප්‍රදර්ශනය කරන තකයාමා ශෝවා-කැන් කෞතුකාගාරය ද ඇය නිර්දේශ කරයි.
Consistently ranking as one of the happiest countries in the world, Norway is an inclusive place for travellers of all types ඡායාරූප මූලාශ්‍රය,JOHNER IMAGES/GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝකයේ ප්‍රීතිමත් ම රටවල් අතරින් එකක් ලෙස අඛණ්ඩ ව ශ්‍රේණිගතකිරීම්වල රැඳී සිටින නෝර්වේ සියලු ආකාරයේ සංචාකයන්ට ඇතුළත් වියහැකි තැනකි
නෝර්වේ කාන්තා මූල්‍ය අන්තර්ග්‍රහණය, නෛතික ව වෙනස්කොට සැලකීම් නොමැතිවීම සහ කාන්තාවන්ගේ සමාජ ආරක්ෂාව අතින් WPS ශ්‍රේණිගතකිරීමේ ඉහළ ම ලකුණු ලබා අංක එකේ රැඳී සිටින සහ, ලෝකයේ පුද්ගල සමාජභාවය පිළිබඳ සාධාරණත්වය සහ ප්‍රීතිමත් ම රටවල් අතින් ඉහළ ම දහයේ නිත්‍ය ලෙස ම රැඳී සිටින නෝර්වේ, LGBTQ+ සහ තනි සංචාරකයන් ඇතුළු සියලු ආකාරයේ සංචාරකයන්ට පැමිණිය හැකි ස්ථානයක් බවට ඔප්පු වී තිබේ.
ඔස්ලෝ හි පදිංචි 'අප් නෝර්වේ' හි ආරම්භක ටූරන් ට්‍රොන්ස්වැන්ග් සඳහන් කරන්නේ, සංස්කෘතිය සමාජීය ලෙස ඉවසිලිවන්ත සහ විශ්වාසදායක වීම, එය තනි කාන්තාවන් සඳහා සුදුසු ම ස්ථානයක් බවට පත් කර ඇති බවයි. "ඔයා රෙස්ට්රූම් එක පාවිච්චි කරන්න යන අතරතුර ඔයාගෙ දේවල් දිහා බලාගෙන ඉන්න කියලා ළඟ ම මේසයක ඉන්න කෙනෙක්ගෙන් හරි ම පහසුවෙන් ඔයාට අහන්න පුළුවන්," ඇය පැවසුවා ය. ආහාර ගැනීමට සහ නැවතී සිටීමට රටපුරා ග්‍රාමීය ප්‍රදේශවල සුන්දර ස්ථාන නිර්මාණ කර කාන්‍තාවන් කොපමණ ප්‍රමාණයක් මෙහි ව්‍යාපාර පවත්වාගෙන යනවා ද යන්න පිළිබඳ ව ද ඇය ආඩම්බර වේ.
සංචාරයෙන් වඩාත් හොඳ ම දේවල් ලබා ගැනීමට, විශාල එළිමහන්වල ජීවත්වීමේ දර්ශනයක් වන "ෆ්‍රිලෆ්ට්ස්ලිව්" නෝර්වීජියානු සංකල්පය වැළඳගැනීමට ට්‍රොන්ස්වැන්ග් සංචාරකයන්ව දිරිමත් කරයි.
2025 වන විට සූර්ය ක්‍රියාකාරීත්වයේ වැඩිවීමක් නාසා ආයතනය විසින් වාර්තා කිරීමත් සමග, ආක්ටික් වෘත්තයේ උතුරු එළි නැරඹීමට, සුනඛ හිමයානවල යාම සහ දිනය පුරා හිමසපත්තු ක්‍රීඩා කිරීමට මෙන් ම පවුල් විසින් පවත්වාගෙන යන ඉග්ලූ සහ අයිස් ආපනශාලාවල රාත්‍රියට රැඳී සිටීමට එය වඩාත් සුදුසු ම වේලාව විය හැකි ය.
https://www.bbc.com/sinhala/articles/cxwjw1zv4meo
2023/4/30 - කොවිඩ් යළි හිස ඔසවයි:මරණ 2ක්
කොරෝනා රෝගය උත්සන්න වීමෙන් දින දෙකක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිය බව කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය පැවසුවාය.
මෙලෙස මියගොස් තිබුණේ මාතර හමන්දුව පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක හා යටියන්තොට පනා වත්ත පදිංචි වී සිටී 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මියගිය කාන්තාව ඉකුත් 27 වැනි අයි ඩි එච් රෝහලට ඇතුළත් කර ඇති අතර පසුදින (28) මියගොස් තිබූ අතර පිරිමි පුද්ගලයා 28 වෙනි දින රෝහල් ගතව ඊයේ (29) මිය ගොස් තිබූ බව හදිසි මරණ පරීක්ෂකවරිය පැවසුවාය.
කොව්ඩ් වසංගතය සමාජය පුරා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පැන නැගී ඇති බවත් විශේෂයෙන් මුඛ ආවරණ පැළඳ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වඩා යෝග්‍ය බව හදිසි මරණ පරීක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය.
අයි ඩි එච් රෝහලේ මේ වන විට කොවිඩ් රෝගය වැළඳුණු රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන බවත් කාර්ය මණ්ඩලයටද කොවිඩ් රෝගය වැළදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B6%BA%E0%B7%85%E0%B7%92-%E0%B7%84%E0%B7%92%E0%B7%83-%E0%B6%94%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%92:%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB-2%E0%B6%9A%E0%B7%8A/1-632339
2023/6/9 - එමීර් රාජ්‍ය බෞද්ධ සිද්ධස්ථානයක්
ශ්‍රී ලංකාව සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය අතර ආගමික හා සංස්කෘතික සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීම සදඟා බෞද්ධ සිද්ධස්ථානයක් සහ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් අවශ්‍ය සහාය මෙන්ම ඒකඟත්වය පළ කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තනාපති කලීඩ් නසීර් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර පැවැති හමුවකින් අනතුරුව අමාත්‍යවරයා එසේ සඳහන් කළේය.
දෙරට අතර ආගමික හා සංස්කෘතික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පර්යේෂණ හා අධ්‍යයන අවස්ථා හුවමාරු කර ගැනීම, ශ්‍රී ලංකාව තුළ හා එක්සත් ආරාබි එමීර් රාජ්‍යය තුළ පුරාවිද්‍යා ප්‍රදර්ශනයන් පැවැත්වීම, ඉතිහාසය, පුරාවිද්‍යාව හැදැරීමේ අධ්‍යයන අවස්ථා දෙරට අතර පුළුල් කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%91%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%8A-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-634517
2023/6/17 - ලක්දිව පළමු ජනාවාසයේ වතගොත සෙවීම අරඹයි
ලංකාවේ පළමු ජනාවාසය ලෙස ලිඛිත සාක්ෂි මගින් කියවෙන මල් වතු ඔය ආශ්‍රිත ප්‍රදේශය, මහා විහාර පරිශ්‍රය හා සීතාවක රාජධානිය ඇතුළත් ප්‍රදේශවල පුරා විද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධන, සංස්කෘතික හා ආගමික කටයුතු ඇමති විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුවය.
මෙම ප්‍රදේශ ආශ්‍රිතව යළි ගවේෂණය කොට පුරා විද්‍යා නටබුන් සහ සංරක්ෂණය කළයුතු ස්ථාන හඳුනා ගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මේ කටයුතු ආරම්භ කරනු ඇත.
කෝට්ටේ රාජධාරිනියේ නටඹුන් යළි ගවේෂණය කරන ලෙස ඉල්ලා ඇතත් එය කළ නොහැකිව ඇත්තේ එම භූමිය මේ වන විටත් දැඩි ජනාවාසකරණයකට ලක්වීම නිසාවෙන් බව වාර්තාවේ.
මෙයට අමතරව තිරියාය විහාරස්ථානය අසල තිබූ වරාය ගැනත් ඒ අවට ඇති ජනාවාස මෙන්ම තිරියායේ සිට හොරොව්පතාන දක්වා පැවැති ජල හා භූමි මාර්ගය ගැනත් සවිස්තරාත්මක ගවේෂණයක් ද මීට සමගාමීව ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.
https://www.lankadeepa.lk/news/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B7%80-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A-%E0%B7%80%E0%B6%AD%E0%B6%9C%E0%B7%9C%E0%B6%AD-%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92/101-634917
2023/6/19 - දුල්හජ් මාසය උදාව
2023/06/18 දින සවුදිඅරාබියේ නව සඳ දැකීමත් සමඟ දුල්හජ් මාසය අද පටන් ඇරඹීය
2023/6/28 - මුස්ලිම් පාසල් 30 වැනිදා වැසෙයි
හජ්ජි උත්සවයට පසු දිනය වන ලබන 30 වැනිදා (සිකුරාදා) සියලුම මුස්ලිම් පාසල්වලට විශේෂ නිවාඩුවක් දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
එම විශේෂ නිවාඩුව ආවරණය කිරීමට ලබන ජූලි 8 වැනි සෙනසුරාදා පාසල් පැවැත්විය යුතු බව ද අධයාපන අමාත්‍යංශය පවසයි.
මුස්ලිම් ජාතිකයන් ප්‍රධානම උත්සවයක් වන හජ්ජි උත්සවය මේ මස 29 වැනිදාට යෙදී තිබේ.
https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-30-%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F-%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92/101-635487
2023/6/28 - ලොවපුරා මුස්ලීම් බැතිමතුන් අද හජ් උත්සවය සමරයි
අද දින ලොවපුරා බහුතරයක් මුස්ලීම් බැතිමතුන් හජ් උත්සවය සමරණ අතර ශ්‍රි ලංකාව තුලද සැලකිය යුතු පිරිසක් අද දින හජ් උත්සවය සමරයි. ශ්‍රී ලාංකීය උලමා සභාවේ තීරණයකට අනුව හෙට දිනයේ අප රටේ ජාතික මට්ටමින් අවුරුදු උත්සවය සැමරීමට නියමිතය
2023/7/12 - ස්වීඩනයේ දී කුරාණය ගිනි ලෑම ජනපති හෙලා දකී
ස්වීඩනයේ දී කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එවැනි ක්‍රියා ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ගෝලීය හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.
https://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93-%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%BD%E0%B7%91%E0%B6%B8-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8F-%E0%B6%AF%E0%B6%9A%E0%B7%93/1-636260
2023/7/19 - 'ජීවත්වෙලා ඉන්න කාලේ ලොකු වාහනවලින් ගියාට අන්තිමට යන්න වෙන්නේ එකම වාහනයකින්'
ඉස්ලාම් ධර්මය සහ මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතිය පිළිබඳව අන්‍ය ආගමිකයන්ට අවබෝධයක් ලබා දීමේ වැඩසටහනක් අද (ජූලි 18) ගාල්ල දංගෙදර අත් තක්වා ජුම්මා මස්ජිදයේ පැවැත්වුණි.
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සෙන්ටර් ෆෝ ඉස්ලාමික් ස්ටඩීස් සංවිධානය සහ අත් තක්වා ජුම්මා මස්ජිදයේ පරිපාලන සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ඊට සහභාගී වූ ඇතැමුන් ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානයක පළමු වරට පැමිණි අය වූහ. ඔවුහු සිය අත්දැකීම් BBC සිංහල සේවය සමග බෙදා ගත්හ.
https://www.bbc.com/sinhala/sri-lanka-66233404
2023/7/25 - කුරානයේ පිටපතකට ගිනි තබති
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට ඩෙන්මාර්ක ජාතික විරෝධතාකරුවෝ දෙදෙනෙක් ශුද්ධ වූ කුරානයේ පිටපතකට ගිනි තැබූහ.
කුරානයේ පිටපතක් මෙසේ ගිනි තැබුවේ, ‘ඩෙන්මාර්ක දේශප්‍රේමියෝ’ නමැති සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකි. කුරානයේ පිටපත ගිනි තබද්දී ඒ අසල බිම ඉරාක ධජයක් ද තබා තිබුණි. විරෝධතාකරුවන් මෙසේ කුරානයේ පිටපතක් ගිනි තැබීම කළේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි පෙන්වා දෙමිනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉරාක විදේශ අමත්‍යාංශය යුරෝපා සංගමයට දැනුම් දී ඇත්තේ, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතත්, ශුද්ධ වූ කුරානයේ පිටපත් ගිනි තැබීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.
https://www.lankadeepa.lk/world_news/%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%AD%E0%B6%B6%E0%B6%AD%E0%B7%92/14-636981
2023/7/29 - බිරියට දරුවන් නැතැයි පාරේ තිබූ දේව ප්‍රතිමාවලට හානි කරලා
බිරිඳට දරුවන් නොමැති නිසා සිත් වේදනාවට පත්ව සිටී බව කියමින් ඇය අදහන ආගමේ දේව ප්‍රතිමා හයකට සහ ඒවා තැන්පත් කර තිබූ වීදුරු කුටිවලට ගල් ගසා හානි කළේ යැයි කියන සැමියකු මනිප්පායි පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පුදුමලේ දකුණු සාවල්කට්ටු ප්‍රදේශයේ පදිංචි කේ සෙල්වකුමාර් නැමැත්තෙකි.
සැකකරු කතෝලික ආගම අදහන කාන්තාවක් සමඟ විවාහ වී වී සිටින අයෙකි.
මානිප්පායි උදයපුරම් ආනකෝට්ටේ ප්‍රදේශයේ මංසන්ධිවල සහ එම ප්‍රදේශයේ නිවාස ඉදිරිපිට- වීදුරු කුටිවල කුටිවල තබාතැන්පත් කර තිබූ මරියතුමියගේ දේව ප්‍රතිමා හයකට යතුරුපැදියෙන් පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් ගල් ප්‍රහාර එල්ල කර හානිකර ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
පොලිසිය මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් හෙළිවූ තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A-%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F/1-637212
2023/8/1 - අභිනව නා හිමිට ජුම්මා පල්ලියෙන් උපහාර
මල්වතු මහා විහාර පර්ශවයේ සත් කෝරලේ මහ දිසාවේ අභිනව උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ කඩවලගෙදර විමලරත්න නා හිමියනට මඩිහේ මිදියාල ජුම්මා මුස්ලිම් පල්ලියේදී මවුලවි තුමෝ ඇතුළු පිරිසක් උපහාරය පුද කළහ.
අභිනව නා හිමියන් පළිගැනීම සඳහා වදුරැස්ස බෝධිරුක්ඛාරාම දායක සභාව සංවිධාන කළ උපහාර උත්සවයක සහභාගීව සඳහා හුණුගම හන්දියේ සිට පෙරහරකින් පා ගමනින් වැඩම කරන අතරතුර විමලරත්න නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මිදියාවල ජුම්මා මුස්ලිම් පලිය අසලින් ගමන් ගන්ද්දී ඒ.බී. අම්ජාඩ් මවුලවි තුමන් සහ හිටපු ග්‍රාම නිලධාරී එච්.එම් අබුබකර් මහතා ඇතුළු මඩිහේ මිදියාල ගම්මානය පිරිස් නාහිමියන් නා හිමියන් ඇතුළු මහා සංඝරත්නයට පල්ලියට වැඩම කරන ලෙස ආරාධනා කර පිළිගෙන පසුව ගිලන් පස ද පුජා කළේය.
කොළඹගම මියුගුණාරාම රාජමහා විහාරාධිපති වාරියපෙළ ශ්‍රී සුමංගල පිරිවෙන් හිටපු පරිවේණාධිපති කඩවලගෙදර විමලරත්න නා හිමියන් හුණුගම හන්දියේ සිට වදුරැස්ස ශ්‍රී බෝධිරුක්ඛාරාම විහරස්ථානයට පෙරහරින් ගමන් කරන මාර්ගය ද දෙපස බෞද්ධ කොඩිවලින් සැරසීමට මඩිහේ මිදියාල මුස්ලිම් ජනතාවට දායකත්වය දරා ඇත.
https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B1%E0%B7%80-%E0%B6%B1%E0%B7%8F-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%A7-%E0%B6%A2%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F-%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B6%BB/101-637394
2023/8/3 - වම් පැත්ත ඉවත් කරද්දි දකුණු එකත් එක්කම ඉවත් වෙලා
රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාට ප්‍රතිකාර කළ වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුට වකුගඩු දෙකක් ඇති බවට සඳහන්ව තිබුණත් උපතේදීම තිබී ඇත්තේ එක් වකුගඩුවක් බවට අධිකරණ වාර්තාවේ සඳහන් වීම පරස්පර බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය බොරැල්ල පොලීසියට අද (02) නියෝග කළාය.
මෙම දරුවාට උපතේ සිටම තිබී ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බව සදහන් කරමින් දරුවාගේ මරණයෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් මහතා විසින් දෙන ලද වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබූ බව බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.
දරුවාට ප්‍රතිකාර කරනු ලැබූ අවස්ථාවේදී සායනික ප්‍රතිකාර වාර්තාවල දරුවාට වකුගඩු දෙකක් තිබූ බවට සඳහන්ව ඇති බැවින් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසන අන්දමට එසේ සිදුවූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බැවින් එම වාර්තාව මතම නොපිහිටා මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලෙසය.
ඒ අනුව, දරුවාට ප්‍රතිකාර කළ සායනික වෛද්‍ය වාර්තා සියල්ල අධිකරණයට වහාම ඉදිරිපත් කරන ලෙසට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයාට අධිකරණයෙන් නියෝග නිකුත් විය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ ඊයේ (02) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර මරණයට පත්වූ තුන්හැවිරිදි මොහොමඩ් පස්ලිම් හම්බි පස්ලිම් දරුවාගේ මව වන ශ්‍රී ඥානානන්ද මාවත, කොටහේන, කොළඹ 13 පදිංචි පාතිමා රිසානා අබ්දුල් කාදර් (41) යන අය මරණ පරික්ෂණයේ පළමු සාක්ෂිය ලෙස සාක්ෂි දුන්නාය.
එහිදී සාක්ෂි දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ, තම පුතණුවන්ගේ වම් වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් දකුණු වකුගඩුවද අත් වැරදීමකින් ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බවය.
තුන් හැවිරිදි තම පුත්‍රයාගේ වම් වකුගඩුව ඉවත් කිරීමේ සැත්කමක් විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා විසින් ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මස 24 වැනිදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකරනු ලැබූ බවත්, එහිදී මෙම සිද්ධිය වූ බවට එම රෝහලේ වෛද්‍යවරුන් තමා සහ තම සැමියා ගෙන්වා දැනුම් දුන් බවත් සාක්ෂිකාරිය සිය ප්‍රකාශයෙන් සඳහන් කළාය.
මාස තුනකින් වකුගඩුවක් බද්ධ කරන බවට සදහන් කළ වෛද්‍යවරුන් එදා සිට දරුවා මියයන දින තෙක් දකින්නට නොලැබුණු බවත්, තම දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ එම් අයි සී යූ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 27 වැනිදා මියගිය බවත්, සාක්ෂිකාරිය සාක්ෂි දෙමින් ප්‍රකාශ කළාය.
වැඩිදුරටත් ප්‍රකාශ දෙමින් සාක්ෂිකාරිය මෙසේද ප්‍රකාශ කළාය.
“මගේ පුතා ඉකුත් 2020 වසරේ අප්‍රේල් මස 11 වැනිදා කාසල් කාන්තා රෝහලේදී ඉපදුණා. උපතේදී නීරෝගීමත්, බර කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 550 ක්. මාස හයක් පමණ වන විට ඔහුගේ උදරයේ ගෙඩියක් වැනි දෙයක් දක්නට ලැබුණු බැවින් පෞද්ගලික රෝහලකට ගොස් වෛද්‍ය පරික්ෂණයක් සිදුකළා. එම පරික්ෂණයට අනුව දරුවාගේ මුත්‍රා පිටවීමේ ආබාධයක් තියෙනවා වම් වකුගඩුව වැඩී නැහැ කියලා වෛද්‍යවරු හඳුනාගත්තා කිව්වා. අපි දරුවාව වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රන්දුල රණවක මහතා ළඟට අරගෙන ගියා. ඊට පස්සේ වෛද්‍ය මලික් සමරසිංහ මහත්තයා ළඟට අරගෙන ගියා. ඒ දෙන්නාම ප්‍රතිකාර කළේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ. මම වෛද්‍ය මලික් සමරසිංහ මහත්තයාගෙන් ඇහුවා දරුවාට වකුගඩුවක් බද්ධ කරන්න ඕන ද කියලා. එතකොට ඩොක්ටර් කිව්වා එක් වකුඩුවක් අක්‍රියයි. අනෙක සියයට 91ක් සක්‍රීයයි කියලා. ඒ නිසා වකුගඩුවක් බද්ධ කරන්න ඕන නැහැ අක්‍රිය එක ඉවත් කරන්න ඕන කියලා කිව්වා. පසුව වම් වකුගඩුව ඉවත් කරන්න රිජ්වේ ආර්යා ළමා රෝහලට දරුවා රැගෙන ගියා. සැත්කමට 2022 වර්ෂයේ නොවැම්බර් මාසේ දවසක් දුන්නේ. එදා ඩොක්ටර් මලික් සමරසිංහ මහත්තයාට ඉඩක් නැහැ කියලා ආපහු ගෙදර එවලා දෙසැම්බර් මාසේ 22 දින දුන්නා. පසුව 24 වැනිදා සැත්කම කළා. දරුවට සැත්කම කළේ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා කියලා පසුව තමයි දැනගත්තේ. ඔපරේෂන් එක කරලා දරුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. අපිට බලන්න දුන්නේ උදේට විතරයි. දරුවා ඉදිමිලා වගේ දැනුණ. මම එතන හිටිය මිස් කෙනෙකුගෙන් ඇහුවාම එයා කිව්වා ඔපරේෂන් එකෙන් පස්සේ දරුවා මුත්‍රා පිට කළේම නැහැ කියලා. මම දොස්තරලාට මේ ගැන කිව්වා. දොස්තරලා කලබල වෙලා හිටියා කියලා තේරුණා. වෛද්‍ය නවීන් විජේකෝන් මහත්තයා වෛද්‍ය රන්දුල රණවක මහත්තයාව මෙතැනට ගෙනල්ලා දරුවා පෙන්නුවා. පසුව දරුවාට වෛද්‍ය පරික්ෂණ කිහිපයක් කළා. ඊට පස්සේ අපිට කතා කරන්න ඕන කියලා කිව්වා. අපි වෛද්‍යවරුන් හමුවුණා. ඒ වෙලාවේ ඒ ගොල්ලේ කිව්වා ‘වම් පැත්ත ඉවත් කරද්දි දකුණු එකත් එක්කම ඉවත් වෙලා” කියලා. එතකොට අපි ඇහුවා ‘වකුගඩු දෙකම නැතුව දරුවා ජීවත් වෙන්නේ කොහොමද? ඔයාලගේ වචනය විශ්වාස කරලා නේද අපි මෙතැනට ආවේ? ඇයි මෙහෙම කෙරුවේ? ” කියලා.
ඒ වෙලාවේ ඔවුන්, ඔවුන්ගෙන් වරදක් සිදුවී ඇති බව පිළිගත්තා. ඒ වගේම ඒකට විකල්පයක් තියෙන බවත් කිව්වා. ‘එයාට වකුගඩුවක් බද්ධ කරන්න ඕන, එතෙක් රුධිර කාන්දුකරණය කරන්න ඕන. වකුගඩුවක් මාස තුනකින් බද්ධ කරලා දෙන්නම්. එහෙම කියලා මාසයයි දවස් හතරක් රෝහලේ තියාගෙන ඉඳලා ගෙදර යැව්වා. දරුවාගේ රුධිර කාන්දුකරණය සඳහා අවස්ථා තුනදී බට දාලා ලයින් ගහන්න ගිහින් දරුවාට අමාරු වුණා. ගෙදර යද්දි නිවසේ වෙනම කාමරයක් ලෑස්ති කරලා දරුවාට රුධිර කාන්දුකරණය කරන්න මට කියලා දුන්නා ඒගොල්ලෝ. දරුවාගේ වකුගඩුව බද්ධ කරන එක ගැන අහන්න දොස්තරලා මුණගැහෙන්න රෝහලට ගියත් ඒ අය හමුවුණේ නැහැ. ඒත් පෞද්ගලික රෝහලට ගියාම වෛද්‍ය මලික් සමරසිංහ මහතා හරි උත්තරයක් නොදී ‘අපි ඔයාලට උදවු කරන්නම්’ කිව්වා. දරුවාට අමාරු වෙලා රෝහලට ගෙනාවාම දරුවා නැතිවුණා. මේ දරුවා නැති වුණේ වකුගඩු දෙකම නැති නිසා.”
සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 09 වැනිදාට කල් තැබිණි.
https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94-%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%96-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%B4%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/101-637471
2023/8/8 - රැවුල නිසා විභාග වරම් අහිමි වූ ඉස්ලාමීය සරසවි සිසුවාට ලැබුණු අධිකරණ තීන්දුව කුමක්ද?
රැවුල වවා සිටීම හේතුවෙන් දේශනවලට හා විභාගය සඳහා පෙනී සිටීම තහනම් කෙරුණු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉස්ලාමීය සිසුවෙකුට විභාගවලට පෙනී සිටීම සඳහා අවසර දෙන ලෙස අභියාචනාධිකරණය අද (අගෝස්තු 04 වැනිදා) විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියට නියෝග කළේය.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අබ්දුල් රහීම් මොහොමඩ් නමැති සිසුවකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
පෙත්සම සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් මස 14 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස විනිසුරුවරයා විසින් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.
පෙත්සම්කාර සිසුවා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හෙද පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයකු බව පැවසීය.
ඔහු ඉස්ලාම් භක්තිකයෙකු වන අතර රැවුල වවා සිටීම නිසා ඔහුට දේශනවලට සහ විභාගය සඳහා පෙනී සිටීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අවසර දීම ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
විභාගයට හා දේශනවලට පෙනී සිටීම අවශ්‍ය නම් රැවුල කපා ඉවත් කරන ලෙස පාලනාධිකාරිය බලපෑම් කර ඇති බවත් ඔහු කියා සිටියේය.
'විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නීතිමය බලයක් නැහැ' ඔහුගේ ආගමික විශ්වාසයන්ට අනුව රැවුල වැවීම කරන බවත් එය කපා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නියෝග නිකුත් කිරීමට කිසිදු නීතිමය බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
මෙවැනි නීතියක් පැනවීමට විශ්වවිද්‍යාල පනත යටතේ, විශ්වවිද්‍යාල පාලනාධිකාරියට කිසිදු බලයක් නොමැති අතර අදාළ සිසුවා විශ්ව විද්‍යාලයට ඇතුළු වූ අවස්ථාවේ මෙවැනි රෙගුලාසියක් නොපැවති බවත් අවසන් වසරේදී මේ ආකාරයේ නීතියක් පැනවීම නිසා ඔහුගේ ආගමික විශ්වාසයන්ට මෙන්ම ඔහුගේ අධ්‍යාපන ජීවිතයට ද දැඩි අගතියක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර සිටියේය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස තම සේවාදායකයාට ලබන 09 වනදා පැවැත්වීමට නියමිත විශ්වවිද්‍යාලයේ විභාගය සඳහා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ඔහු වැඩිදුරටත් තර්ක කළේය.
'විනය තීරණයක්' මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ විශ්වවිද්‍යාලය විනය තීරණයක් මත මෙම තීන්දුව ගෙන ඇති බවය.
අදාළ විශ්වවිද්‍යාලයේ සිටින සෙසු ඉස්ලාම් සිසුන් ද මෙම නීතියට අනුකූලව කටයුතු කරන බව රජයේ නීතිඥවරිය පැවසුවාය.
විශ්වවිද්‍යාලය විසින් ගනු ලැබූ මෙම තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ විරුද්ධත්වය පළ කළාය.
කෙසේ වෙතත් දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම්කාර ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට ඇතුළු වන අවස්ථාවේදී මෙවැනි නීතියක් එම විශ්වවිද්‍යාලය මගින් පනවා නොතිබූ බව පෙන්වා දුන්නේය.
එසේ තිබියදී අවසන් වසරේදී මේ ආකාරයෙන් නීතියක් පැනවීම තුළින් ඔහුට අගතියක් සිදු වන බව විනිසුරුවරයා සඳහන් කළේය.
ඒ අනුව අදාළ ශිෂ්‍යයාට අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙන ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විසින් විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අතුරු නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.
https://www.bbc.com/sinhala/articles/cxxl68d2z4wo
2023/8/10 - අපරාධවලට මුස්ලීම් පූජකවරුන් ද සම්බන්ධයි
මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, බරපතළ ලිංගික අපයෝජන, මුදල් වංචා සහ නිධන් හෑරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් විවිධ ආගමික පූජකවරුන් 56 දෙනකු බන්ධනාගාර ගතව සිටින බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
මේ පිරිස අතර දඬුවම් විඳින සිරකරුවන් සංඛ්‍යාව 34කි. ඒ අතර වැඩිම පිරිසක් බෞද්ධ පූජකවරු වෙති. එම සංඛ්‍යාව 29 ක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මීට අමතරව හින්දු පූජකවරුන් තිදෙනකු සහ ඉස්ලාම් පූජකවරුන් දෙදෙනකුද මෙම දඬුවම් විඳින සිරකරුවන් අතර සිටින බව පැවසූ ජයරත්න මහතා ඒ චෝදනා සම්බන්ධයෙන් ආගමික පූජකවරුන් තවත් විසි එක් දෙනකු සැකකරුවන් ලෙස බන්ධනාගාරවල සිටින බවද සඳහන් කළේය.
සැකකරුවන් ලෙස සිටින පූජකවරුන් අතර වැඩි පිරිසක්ද බෞද්ධ අය වෙති. එම සංඛ්‍යාව 19කි. මෙයට අමතරව කතෝලික පූජක වරයෙක් සහ ඉස්ලාම් පූජකවරයෙක්ද ඒ පිරිසට ඇතුළත් වෙති.
ජයරත්න මහතා මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ළමා අපචාර සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු 19 දෙනෙක් දඬුවම් විඳිති. එම චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස සිටින බෞද්ධ පූජකයන් සංඛ්‍යාව 4කි. හින්දු පූජකවරුන් ගණන එකකි.
මේ අතර ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු තිදෙනෙක් බන්ධනාගාර වල දඬුවම් විඳිති මීට අමතරව ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස තවත් බෞද්ධ පූජකවරයෙක් බන්ධනාගාර ගතව සිටිති.
මෙයට අමතරව බෞද්ධ පූජක වරු දෙදෙනෙක් මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිති. එම චෝදනාව සම්බන්ධයෙන් තවත් එක් බෞද්ධ පූජකවරයෙක් සැකකරුවකු ලෙස බන්ධනාගාර ගතව සිටිති.
බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු දෙදෙනෙක්ද බාලවයස්කාර දැරියන් දූෂණය කිරීම සම්බන්ධයෙන් එක් බෞද්ධ පූජකවරයෙක්ද සිර දඬුවම් විදිති.
මුදල් වංචා සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරුන් දෙදෙනකු සහ හින්දු පූජක වරයකු සිර දඬුවම් විඳින බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා නිධන් හෑරීම සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරුන් තිදෙනකු දඬුවම් විඳින බවද ප්‍රකාශ කළේය.
2023/8/12 - LTTE විසින් මුස්ලිම් වැසියන් 121 ක් ඝාතනය කිරීම - අදට වසර 33 යි
නැගෙනහිර පළාතේ ගම්මාන කිහිපයක මුස්ලිම් වැසියන් 121 ක්එල්ටිටිඊ සංවිධානය මීලේච්ඡ ලෙස ඝාතනය කර වසර 33 ක් පිරීම නිමිත්තෙන් මියගිය පුද්ගලයන් සිහි කිරීම සඳහා ආරම්භ කළ “දිවිපිදුවන්ගේ අනුස්මරණ සංසදය' සැමරුම් වැඩසටහනක් අද (12) පැවැත්වීය.
සදාම් හුසේන්, මිච්චිනගර්, මීරාකේනි හා ඕට්ටු පල්ලි යන ගම්මාන පදිංචිව සිටි වැසියෝ 1990 වසරේ අගෝස්තු මස 12 වැනි දින මෙලෙස ඝාතනයට ලක් වූහ. එරාවුර් පල්ලි හා ආයතන සම්මේලනය, එරාවුර් වෙළඳ සංගමය, එරාවුර් ත්‍රිරෝද රථ සංගම් මෙම සැමරුම් උත්සවය සංවිධානය කළේය.
එම උත්සවයට සමාගාමීව එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් කළ මිලේච්ඡ ඝාතනයන් පිළිබඳව හා එයට සාධාරණීය විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා එරාවුර් නගරයේ අද දින ක්‍රියාත්මක වන පරිදි හර්තාල් ව්‍යාපාරක් සිදුකරන අතර එරාවුර් කාට්ටු පල්ලිය අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කර එරාවුර් නගර සභාව දක්වා පැමිණ පසුව එරාවුර් ප්‍රාදේශීය ලේකම්වරිය වන නේහාරා මෞජුත්ට මේ සම්බන්ධයෙන් කරුණු ඇතුලත් ලිපියක් භාර දුන්නේය.
https://www.lankadeepa.lk/news/%E0%B6%B1%E0%B7%90%E2%80%98%E0%B7%84%E0%B7%92%E0%B6%BB-%E0%B6%B8%E0%B7%93%E0%B6%BD%E0%B7%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-33%E0%B6%BA%E0%B7%92/101-638018
2023/8/29 - සියක් ආයුගත් නා හිමි ජුම්මා පල්ලියේ බැතිමතුන්ගේ කරමතින්
අවුරුදු සියයක් ආයු වළඳා අපවත් වී වදාළ දිප්පිටිය මල් පහ රාජගිරි රජ මහා විහාරස්ථානයේ වැඩ වාසය කළ කෙහෙල්වල සංඝානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අරණායක, දිප්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී අද සවස සිදු කරනු ලැබූහ.
අපවත් වී වදාළ සංඝානන්ද හිමියන්ගේ දේහය විල්වල ජුම්මා මුස්ලිම් පල්ලියේ බැතිමතුන්ගේ කරමත තබාගෙන අවමංගල්‍යය පෙරහරේ ගමන් කිරීම ද විශේෂ සිද්ධියක් ලෙස සැලකිය හැකිය.
මෙම අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව රුපියල් 60,000ක මුදල් පරිත්‍යාගයක්ද දායක සභාවේ භාණ්ඩාගාරිකවරයාට පරිත්‍යාග කළ බව එම දායක සභාවේ සමන් තිලක් නවරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
ප්‍රදේශයේ වූ ජාතික හා ආගමික සහජීවනය වෙනුවෙන් අපවත් වී වදාළ සංඝානන්ද හිමියෝ සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලැබූහ.
https://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%8F-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B6%A2%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F-%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/1-638910
2023/9/4 - ඉන්දීය ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියි
ඉන්දියාව පසුගිය 23 වැනිදා චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කර ගැනීමත් සමඟ ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන 49 හැවිරිදි රුපේෂ් මෑසන් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
රුපේෂ් සඳෙහි ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයෙන් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇත.ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ පිහිටි ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රි වෙබ් අඩවිය ඔස්සේ රුපේෂ් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.ඔහු මිලදී ගෙන ඇති ඉඩම් කැබැල්ල සඳහා ඔප්පුවක් සහ මිලදී ගත් ඉඩම් කැබැල්ලේ සැටලයිට් ඡායාරූපයක් ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය රුපේෂ්ට ලබා දී ඇති අතර මෙම මිලදී ගැනීම පසුගිය 25 වැනිදා ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය තහවුරු කර ඇත.
සඳෙහි ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීම තුළින් තමන් වෙනස් අනාගතයක් සඳහා සූදානම් යැයි හැඟෙන බව රුපේෂ් පවසා තිබේ.ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය සඳහන් කර ඇති පරිදි ගනුදෙනුකරුවන්ට අවම අක්කරයක ඉඩම් කැබැල්ලක් සඳෙහි මිලදී ගැනීමට හැකියාව පවතින අතර ඉඩම් මිලදී ගැනීමෙන් ලැබෙන මුදල් පුද්ගලික සඳ ගවේෂණය සඳහා යෙදවේ.
කීර්තිමත් පුද්ගලයින් 675 ක් සහ හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු මේ වන විට සඳෙහි ඉඩම් මිලදී ගෙන තිබෙන බව රුපේෂ් පවසා ඇත.ඉන්ටර්නැෂනල් ලුනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය තුළ ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයේ අක්කරයක් ඩොලර් 29.07 කට මිල කර තිබේ.
https://www.lankadeepa.lk/news/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B6%B3%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93-%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92/101-639228
2023/9/5 - බොරු තොරතුරු පනතට වැටෙන වැරදි මෙන්න
අසත්‍යය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරීම් මගින් සිදුවන හානි වලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇත.
එම පනත් කෙටුම්පතේ 3 කොටසේ දැක්වෙන පරිදි අර්ථ නිරූපණය කර ඇති වැරදි මෙසේය.
ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම, අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ කිරීම,අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම හා නිකරුනේ ප්‍රකෝප කරවීම,අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම,ආගමික හැඟීම් වලට රිද්දවීමේ ඒකායන චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශසහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම ,වංචා කිරීම,අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම,සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතාන්විතව ම නින්දා කිරීම,කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම,හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම,ළමා අපයෝජනය,වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම,
ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
https://www.lankadeepa.lk/news/%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94-%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%A7-%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%B1-%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/101-639302
2023/9/6 - පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක Channel 4 අනාවරණයක්
පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක අනාවරණයකට බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව සැරසෙයි.
COLOMBO (News 1st) - 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අනාවරණයක් ඇතුළත් විශේෂ වාර්තා වැඩ සටහනක් හෙට (05) දිනයේ විකාශය කිරීමට බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව සූදානම් වන බව ශ්‍රී ලංකාවේ ඩේලි මිරර් පුවත්පත අද(04) වාර්තා කළේ ය.
බ්‍රිතාන්‍යයේ ද ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේ, චැනල් ෆෝ නාලිකාව විශේෂ තොරතුරු හෙළි කරන්නන් උපුටා දක්වමින් පාස්කු ඉරිදා ප්‍රහාරයට රාජපක්ෂ පවුලේ සම්බන්ධයක් ඇතැයි, අනාවරණය කිරීමට සූදානම් වන බවයි.
වත්මන් රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ මාධ්‍ය ප්‍රකාශක හා මූල්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ අපේක්ෂා කරන හන්සීර් අසාද් මව්ලානා නැමැති පුද්ගලයාගේ ප්‍රකාශ පදනම්කර ගනිමින් චැනල් ෆෝ වාර්තාව මෙම අනාවරණය සිදුකර ඇතැයි ද, ටයිම්ස් පුවත්පතේ සඳහන් වේ.
එහි සඳහන් වන්නේ රාජපක්ෂවරුන්ට සමීප, පිල්ලෙයාන් දේශපාලන විරුද්ධවාදියෙකු ඝාතනය කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී පාස්කු ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම මුනගැසී ඇති බව හන්සීර් අසාද් මවුලානා නැමැත්තා හෙළිකර ඇති බවයි.
මරණය පමණක් බලාපොරොත්තුවෙන් සිටින මෙම අන්තවාදීන්ගෙන් ප්‍රයෝජනයක් ගත හැකි බවට පිල්ලෙයාන් එම අවස්ථාවේ හඳුනාගෙන ඇතැයි, මව්ලානා හෙළිකර තිබේ.
ඔහු චැනල් ෆෝ වෙත අනාවරණය කර ඇත්තේ, පිල්ලෙයාන් සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානියෙකුවූ සුරේෂ් සලේ විසින් එම බෝම්බකරුවන් නිදහස්කර ගැනීමට කටයුතු කර ඇති අතර පසුව බෝම්බකරුවන් හා සලේ අතර හමුවක්ද තමන් සූදානම් කළ බවයි.
ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම - ඉතා ඉහළ නිලයක් හොඹවන තොරතුරු සපයන්නෙකු හෙට දිනයේ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ විකාශය කිරීමට නියමිත ඩිස්පැචර්ස් වැඩ සටහනට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා ඇත්තේ 2018 වසරේදී ඉහළ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන සුරේෂ් සලේ සහ අයි.එස් සංවිධානයට අනුබද්ධිත බෝම්බකරුවන් සමග ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට සහ රාජපක්ෂවරුන් නැවත බලයට ගෙන ඒමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස්කිරීමේ අරමුණින් හමුවක් සංවිධානය කළ බවයි.මෙම තොරතුරු මූලාශ්‍රයට අනුව සුරේෂ් සලේ විසින් ඔහුට පවසා ඇත්තේ රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත තත්ත්වයක් අවශ්‍ය අතර ගෝඨාභයට ජනාධිපති ධුරයට පත්වීමට ඇති එකම මාර්ගය එය බවයි.හන්සීර් අසාද් මවුලානා නැමැති තොරතුරු හෙළිකරන්නාට අනුව මෙය දවසින් දෙකකින් සැලසුම් කළ එකක් නොවන අතර එය වසර දෙක තුනක් සැලසුම් කළ ප්‍රහාරයක්.මවුලානා පසුගිය වසරේ ශ්‍රී ලංකාවෙන් පලාගිය අතර ඔහුගේ ප්‍රකාශ එක්සත් ජාතින්ගේ සංවිධානයට හා යුරෝපා බුද්ධි අංශවලට ලබාදී තිබෙනවා.එම ආයතන ඔහුගේ ප්‍රකාශයන් විශ්වාසනීය ලෙස සලකා විමර්ශන ආරම්භකර තිබෙනවා. ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම අවසන්
බෝම්බ ප්‍රහාරය එල්ලවූ දිනයේ සිදුවීමක්ද හන්සීර් අසාද් මව්ලානා අනාවරණය කර ඇතැයි, ද ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.
ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම
- බෝම්බ ප්‍රහාරය සිදුවූ දින උදෑසන සලේ විසින් මව්ලානාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර ඔහුගෙන් ඉල්ලා තිබෙන්නේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් බෝම්බකරුවෙකු රැගෙන එන ලෙසයි.නමුත් ඔහුට එය සිදු කිරීමට හැකියාවක් තිබුනේ නැහැ.සීසීටීවී දර්ශනවලට අනුව ඉන්දියාවට සම්බන්ධ මෙම හෝටලය ඇතුළත සිටි බෝම්බකරුට දුරකතන ඇමතුමක් ලැබෙන ආකාරයත් පසුව ඔහු හදිසියේ පිටව යන ආකාරයත් දර්ශනය වනවා.පැය කිහිපයකට පසුව කොළඹ පිහිටි තවත් කුඩා හෝටලයක් තුළදී ඔහු බෝම්බය පුපුරුවා ගනු ලබනවා.
ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම අවසන්
තවත් වැදගත් තොරතුරු හෙලිදරව් කරන්නෙකු යොදා ගනිමින් චැනල් ෆෝ සිය වාර්තා වැඩ සටහනින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව කරුණු අනාවරණය කරන බව ද ටයිම්ස් පුවත්පත පවසයි.
ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම
- නිර්නාමික ඉහළ රාජ්‍ය නිලධාරියෙකු වන දෙවන තොරතුරු හෙලිදරව් කරන්නා මව්ලානාගේ ප්‍රකාශ සනාථ කරන අතර හමුදා බුද්ධි අංශ විසින් ප්‍රහාර එල්ල කිරීමට පෙර සහ ඉන් පසුව පොලීසිය සිදුකල විමර්ශනවලට දිගින් දිගටම බාධා එල්ලකල බව ප්‍රකාශ කර තිබෙනවා.ඔහු පවසා ඇත්තේ 2019 දී බලයට පත්වීමෙන් පසුව මෙම විමර්ශනයට සම්බන්ධ සියලුම නිලධාරීන් මාරුකර යැවූ අතර ඒ හරහා සම්පූර්ණ විමර්ශනය කඩාකප්පල්වූ බවයි.
ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම
මෙම බෝම්බ ප්‍රහාරයට පෙර පොලීසිය කළ විමර්ශන කටයුතුවලදී සහරාන් ඇතුලු කණ්ඩායම වෙත අවධානය යොමුවීම වැළැක්වීම සඳහා හමුදා බුද්ධි අංශ වැරදි තොරතුරු ලබාදුන් බවට ලිපි ලේඛන චැනල් ෆෝ සතුව ඇතැයි ද, ටයිම්ස් පුවත්පත පවසයි.
එම පුවත්පත පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මාස 6 ක් ඉක්මගිය පසුව සුරේෂ් සලේ මහතා හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පත්කළ බවයි.
මේ අතර වත්මන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් සුරේස් සලේ මහතා චැනල් ෆෝ වෙත ලිපි ගොනු ඉදිරිපත් කරමින් තමන් මෙම කාලසීමාවේ ශ්‍රී ලංකාවේ රැදී නොසිටි බව දැනුම්දී ඇතැයි ශ්‍රී ලංකාවේ ඩේලි මිරර් පුවත්පත අද (040 වාර්තා කළේ ය.
එම වාර්තාවේ සඳහන් වූයේ සලේ මහතාගේ මෙම ප්‍රතිචාරයෙන් පසුව චැනල් ෆෝ නාලිකාව මෙම වාර්තා වැඩසටහනේ නම වෙනස්කර හෙට (05) විකාශය කිරීමට සූදානම් වන බවයි.
මේ අතර චැනල් ෆෝ නාලිකාව මෙම චෝදනා පිළිබදව රජපක්ෂ පවුලෙන් සහ පිල්ලෙයාන්ගෙන් විමසීමක් කර ඇතත් තවමත් ඊට ප්‍රතිචාර ලැබී නැතැයි ද, ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර විදේශිකයින් 43 දෙනෙකු සිටි අතර ඩෙන්මාර්ක් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඇන්ඩර්ස් හොල්ක් පෝල්සන්ගේ දරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකුද ඒ අතර විය.
ඒසොස් නමැති ජාත්‍යන්තර ඇඟලුම් ව්‍යාපාර ජාලයේ විශාලතම කොටස්හිමියා වන ඔහු බ්‍රිතාන්‍යයේ විශාලතම පුද්ගලික ඉඩම් හිමිකරුවායි.
https://sinhala.newsfirst.lk/2023/9/4/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1
2023/9/14 - මෙක්සිකෝවෙන් එළියට ආ පිටසක්වල ජීවීන්
පිටසක්වළ ජීවින් සහ පියාඹන පීරිස් පිළිබඳ අධ්‍යනය කරනු ලබන විශේෂඥයකු පේරු රාජ්‍යයෙන් සොයා ගත් පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන සිරුරු දෙකක් මෙක්සිකෝවේ අගනගරය වූ මෙක්සිකෝ සිටි හිදී පිටසක්වළ ජීවින් පිළිබඳව පැවති කොංග්‍රස් සභා විභාගයක් අතරතුරදී නිරාවරණ කළේය.
පිටසක්වළ ජීවින් සහ පියාඹන පීරිසි පිළිබඳ විශේෂඥයකු වන ජේමි මොසාන් විසින් මෙම හෙළි දරව් කිරීම සිදු කර තිබේ.පොසිල බවට පත්වූ මෙම සිරුරු දෙක පෘතුවි ජීවියකුට අයත් නොවන බවත් මෙම පොසිල දෙක වසර 1000 ක් පමණ පැරණි යැයි විශ්වාස කළ හැකි බවත් ජේමි මොසාන් පෙන්වා දී ඇත.
මෙම පොසිල බවට පත්වූ සිරුරු දෙක පියාඹන පිරීසියක් අනතුරකට පත් වූ ස්ථානයකින් සොයා ගන්නා ආකාරයේ සිරුරු දෙකක් නොවන බවත් මෙම සිරුරු දෙක වෙනත් පිටසක්වළ ජීවින් කොට්ඨාසයකට අයත් බවත් ජේමි මොසාන් ප්‍රකාශ කර තිබේ.
මෙක්සිකෝ ජාතික විශ්ව විද්‍යාලයේදී මෙම පිට සක්වළ ජීවීන්ගේ යැයි විශ්වාස කළ හැකි කුඩා සිරුරු දෙක විද්‍යාඥයන් පරික්ෂා කළ බවත් එහිදී රේඩියෝ කාබන් කාල නිර්ණය භාවිතයෙන් ඩී.එන්.ඒ සාක්ෂි ලබා ගත් බවත් ජේමි මොසාන් මෙක්සිකානු රජයට පවසා ඇත.
https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%86-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A/101-639734
2023/9/21 - ෂරියා විශ්ව විද්‍යාල හිසිබුල්ලාටම දෙයි
වසර හතරකට ආසන්න කාලයක්, රජය හා යුද හමුදාව පාලනයේ පැවති, මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය නැවත වරක් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට බරදී ඇත.
පාස්කු ප්‍රහාරයත් සමග, නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිස් සිදුකළ නොසන්සුන්කාරී තත්වය හමුවේ 2019 වර්ෂයේදී රජයට පවරා ගත් ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම,වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරගෙන ගියහ.
රට පුරා ලොව පුරා මහත් ආන්දෝලනයකට පතව තිබු ෂරියා විශ්වවිද්‍යාලය කෝටි 800 වැඩි මුදල් ප්‍රමාණයක් වැය කර අරාබියේ සිටින ව්‍යාපාරිකයකු විසින් නැගෙනහිර ආණ්ඩුකාර එල්.එල්.ඒ. එම් හිස්බුල්ලා මහතාට ලබාදුන් පරිත්‍යාගයකි බවට ප්‍රචලිත වී තිබිණි,
https://www.lankadeepa.lk/news/%E0%B7%82%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD-%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7%E0%B6%B8-%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92/101-640107
https://www.ada.lk/breaking_news/%E0%B7%80%E0%B7%83%E0%B6%BB-3%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA-%E0%B6%91%E0%B7%84%E0%B7%92-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%BA%E0%B7%85%E0%B7%92-%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/11-405825
2023/9/22 - ඉල්ලූවේ වතුර ලැබුණේ මත්වතුර
වාරියපොල මිනුවන්ගැටේ 20 හංදිය ප්‍රදේශයේ අලුතින් ආරම්භ කිරීමට යන රටබීම හලකට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (21) දහවල් නිහඩ විරෝධතාවයක නිරත වූහ.
බීමට ජලය ලබා දෙන්නැයි ඉල්ලා අවස්ථා කීපයකදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් මෙතෙක් එම ඉල්ලීම ඉටු නොවූ බවත් වතුර වෙනුවෙන මත්වතුර ලබාදීමට බලධාරින් කටයුතු කර ඇතැයි ද උද්ඝෝෂඛයෝ චෝදනා කළහ.
යෝජිත මත්පැන්හල මුස්ලිම් දේවස්ථානයේ සිට මීටර් 70 ක දුරක් පමණක් තිබියදීත් එය අනුමත කර ඇතැයි ජනතාව කියති.
ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම බළපත්‍රය වහා අවලංගු කිරීමට කටයුතු කරන ලෙසයි. ප්‍රදේශයේ පදිංචි සිංහල හා මුස්ලිම් ජාතීන් එක්ව විරෝධතා පුවරු සහ කළු කොඩි ප්‍රදර්ශනය කරමින් මත්පැන් සැලට විරෝධය දැක්වූහ.
ජනතාව කියා සිටින්නේ තම ප්‍රදේශයට බීමට වතුර ලබාදෙන ලෙස රජයන් ගණනාවකින් ඉල්ලා සිටියත් අවසානයේ ලබාදුන්නේ බීමට වතුර නොව මත් වතුර බවයි.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%9A-%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%9A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB/1-640173
2023/9/23 - ශරියා කැම්පස් මෙහෙයුම් වැඩ තාක්ෂණ විශ්ව විද්‍යාලයට දෙයි
ආන්දෝලනයකට ලක්වූ මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයට බාරදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව වසර හතරකට ආසන්න කාලයක් මෙම ෂරියා විශ්වවිද්‍යාලය පැවතියේ යුද හමුදාව බාරයේ ය.
එම විශ්ව විද්‍යාලයේ මුල් හිමිකරු වන නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු වූ එම්. ඒ.එම් හිස්බුල්ලා මහතාට එහි අයිතිය බාරදීමට ඉකුත්දා කටයුතු කෙරිණි.
මඩකලපුව පුනානි හි පිහිටි එම විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු තාක්ෂණ විශ්ව විද්‍යාලයට පැවරීමෙන් අනතුරුව තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ක්‍රියා පටිපාටියට අනුකූලව කටයුතු කිරීමටත් කෘත්‍රිම බුද්ධිය ආදී විෂයයන් ඉගැන්වීමටත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී තීරණය කෙරිණි.
මඩකලපුවේ මෙම විශ්ව විද්‍යාලය අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් සහ සියලු පහසුකම් වලින් යුක්ත වන අතර එවැනි පරිශ්‍රයක් නිකරුනේ වසා දැමීම ජාතික අපරාධයක් හෙයින් තාක්ෂණ විශ්වවිද්‍යාලය යටතේ අනාගත පරපුරට ප්‍රයෝජනයක් ගැනීමට හැකිවන පරිදි පවත්වාගෙන යාමට රජය අදහස් කරයි.
https://www.lankadeepa.lk/news/%E0%B7%81%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92/101-640253
2023/9/27 - අසාධ්‍ය දරුවකු සුව කරන්න රෝහලට ගිහින් අවසන් ගමන් යයි
එයාගේ ප්‍රෙෂර් චෙක් කළ වෛද්‍යවරුන් ඒ ගමන්ම නෝනා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරලා. ඒ වෙලාවේ නෝනා මට ලිස්ට් එකක් දීලා කිවුවා, මට මේක දෙන්න අමතක වුණා. මේක වාට්ටුවට දෙන්න කියලා. ඒ ලැයිස්තුවේ තිබුණේ නෝනා වැඩ කරන වාට්ටුවෙන් පසුදිනට ශල්‍යකර්මවලට යවන රෝගීන්ගේ නම් ටික. – වෛද්‍ය ෆාතිමාගේ සැමියා මහාචාර්ය එම්. එස්. එම්. අස්ලම් කියයි
“මගේ නෝනා නිතරම කිවුවේ එයාට ලැබුණු වෛද්‍ය වෘත්තිය දෙවියන් වහන්සේ දුන් වරමක් බවට විශ්වාස කරන නිසා පැවරෙන රාජකාරිය අකුරටම ඉටු කරනවා කියලා. ඉගෙන ගත්තේ මහජන මුදල්වලින්. අපට වැටුප් ලැබෙන්නෙත් මහජන මුදල්වලින්. ඒ නිසා මම කිසිම දවසක ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන්නේ නෑ කියලත් එයා කිවුවා. නෝනා බොහෝම චාම් ජීවිතයක් ගත කළේ. රෝහලේ ගත කරන ජීවිතය ගැන අපි එක්ක කිසිම දෙයක් කියන්නේ නෑ. රාජකාරිය දේව කාරියක් සේ සැලකූ එයා මමත් දරු දෙදෙනා ගැනත් නිතරම හොයා බැලුවා. ඒත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව එයා අපව දාලා ගියා.” යැයි මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත අන්දමින් මිය ගිය මහනුවර, අනිවත්තේ, අංක 125 දරණ නිවෙසේ පදිංචිව සිටි ෆාතිමා සහබ්දීන් වෛද්‍යවරිගේ සැමියා වන මහාචාර්ය එම්. එස්. එම්.අස්ලම් මහතා හැඬූ කඳුලින් පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා මෙසේ ද කීවේය.
“මගේ නෝනා මුස්ලිම් වුණාට එයා ඉගෙන ගෙන තිබුණේ මහනුවර උසස් බාලිකාවේ සිංහල මාධ්‍යයෙන්. එයා කිසිම දවසක ජාතියක්, ආගමක් ගැන කතා කළේ නෑ. රාජකාරියට තමයි මුල්තැන දුන්නේ. එයා අවසාන වරට රාජකාරි කළේ මහනුවර ජාතික රෝහලේ ඊ.එන්. ටී. අංශයේ. මේ දවස්වල ඒ අංශයේ හිටියේ වෛද්‍යවරුන් තුන්දෙනයි. වාට්ටුවේ වැඩ වැඩියි කියලා අපට තේරුණා. ඒත් නෝනා ඒවා ගැන අපි එක්ක මොනවත් කියන්නේ නෑ. පහුගිය 09 වෙනිදා නෝනා දවල් ගෙදර හිටියේ. එදා එයාගේ ඔන් කෝල් දවස. 09 වෙනිදා හවස නෝනගේ ඉරියව්වලින් මට පෙනුණා, ඇය තරමක අසනීප ගතියකින් ඉන්නවා කියලා. මීට පෙර මම එහෙම ඉන්නවා දැකලා නෑ. පස්සේ මම නෝනාට කිවුවා, මහන්සි නම් ටිකක් නිදා ගන්න කියලා. නෝනා ටිකක් හාන්සි වෙලා හිටියා. ඒ අතරේ නෝනට වාට්ටුවෙන් කෝල් එකක් ආවා. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙන කුඩා දරුවෙක් වාට්ටුවට ඇතුළු කළා කියලා. පස්සේ නෝනා වාහනේට නැගලා ඩ්‍රයිවින් කරගෙන තනිවම යන්න හැදුවා.
නෝනට වාහනේ ඩ්‍රයිව් කරන්න නොදී මම වාහනේ ගත්තා. නෝනා රෝහලට ගිහින් බස්සවලා මම කිවුවා, ඇතුළට ගිය ගමන් ප්‍රෙෂර් චෙක් කර ගන්න කියලා. ඒත් නෝනා කෙලින් ගිහින් තියෙන්නේ එයාගේ වාට්ටුවට. එහෙම ගිහින් අර කුඩා දරුවට අවශ්‍ය සියලුම ප්‍රතිකාර කරලා තියෙනවා. ඒවා අවසන් කරලා තමයි එයා ප්‍රෙෂර් චෙක් කරලා තියෙන්නේ.එයාගේ ප්‍රෙෂර් චෙක් කළ වෛද්‍යවරුන් ඒ ගමන්ම නෝනා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරලා. ඒ වෙලාවේ නෝනා මට ලිස්ට් එකක් දීලා කිවුවා, මට මේක දෙන්න අමතක වුණා. මේක වාට්ටුවට දෙන්න කියලා. ඒ ලැයිස්තුවේ තිබුණේ නෝනා වැඩ කරන වාට්ටුවෙන් පසුදිනට ශල්‍යකර්මවලට යවන රෝගීන්ගේ නම් ටික.
අයි. සී. යූ. එකේ ප්‍රතිකාර කරලා පස්සේ නෝනා සාමාන්‍ය වාට්ටුවකට ඇතුළු කළා. ඒකේ ප්‍රතිකාර ලබමින් සිටියදී එයාගේ අසනීප තත්ත්වය තරමක් වැඩි වෙලා තියෙනවා. පස්සේ එයා ශල්‍යකර්මයකට පවා භාජනය කර තියෙනවා. නෝනා දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී පහුගිය 19 වෙනිදා තමයි මිය ගියේ. හිසේ නහරයක් පුපුරලා මොළේට ලේ වාහනය වෙලා තමයි මිය ගිහින් තියෙන්නේ.
මගේ නෝනගේ ජීවිතය බේරා ගන්න මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, සුව සේවකයන් දැඩි කැපවීමකින් කටයුතු කළා. ඒත් දෙවියන්ගේ කැමැත්ත අනුව ඇය අප දාලා ගියා. මගේ නෝනා මහනුවර ජාතික රෝහලේ කටයුතු කළ ආකාරය මම හොඳින් වටහා ගත්තේ එයා මිය ගියාට පස්සේ. එයාට සිදු වු මේ අවාසනාවන්ත ඉරණම ගැන මුළු රෝහලම කම්පාවට පත් වුණා.”
වෛද්‍ය ෆාතිමා සහබ්දීන් මහත්මියගේ සැමියා වන මහාචාර්ය අස්ලම් මහතා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ රාජකාරි කරන අතර, ඔහුගේ දියණිය මේ වන විට මොරටුව වෛද්‍ය පීඨයේ පළමු වන වසරේ ඉගෙනුම ලබමින් සිටී. මවගේ අවසන් කටයුතු සිදු කළ පසු ඇය නැවතත් වෛද්‍ය පීඨය වෙත ගොස් ඇති අතර, ඇය පිළිබඳව ද අදහස් දක්වමින් මහාචාර්යවරයා මෙසේ ද කීවේය.
“මගේ දුව වෛද්‍ය පීඨයට තේරුණත් යන්න කැමැති වුණේ නෑ. එයා කැමති වුණේ මම වගේ ෆීල්ඩ් එකේ ගිහින් කරන රැකියාවකට. ඒත් මමත්, නෝනත්, පවුලේ සියලුම දෙනාත් එයාට බල කළා වෛද්‍ය පීඨයට යන්න කියලා. පස්සේ තමයි ඇය වෛද්‍ය පීඨයට යන්න කැමැති වුණේ. මගේ නෝනා නැති අඩුව නුදුරේදීම දුවට පුරවන්න හැකි වේවි. ඒකත් මගේ නෝනට කරන ගෞරවයක් විදියට මම සලකනවා.”
https://www.dinamina.lk/2023/09/27/local/25593/%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E0%B6%BA-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94-%E0%B7%83%E0%B7%94%E0%B7%80-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/
2023/10/5 - ජෙරම් ආගම්වලට අපහාස කරලා
මේ වන විට අධිකරණය මග හැර සිටීන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආගමික මතවාදයන් ප්‍රවර්ධනය කිරීම සඳහා බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසයක් සිදු කර ඇතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මේ බව දැනුම් දුන්නේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කොට ඇති රිට් පෙත්සම අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදීය.
මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා,පොලිස්පතිවරයා, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා කියා සිටියේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැති තැන බරපතළ වරදක් සිදුකර ඇති බවත් මීට පෙර දේවගැතිවරයා විසින් මෙවැනිම ආකාරයේ පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර යලිත් ඉල්ලා අස්කරගෙන මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළ බවත්ය.එමඟින් පෙනී යන්නේ දේවගැතිවරයා නීතිය අවභාවිතා කරමින් සිටින බවත්ය
https://www.lankadeepa.lk/latest_news/%E2%80%98%E2%80%98%E0%B6%A2%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A-%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F%E2%80%98%E2%80%98/1-640852
2023/10/6 - අයිඑස් ප්‍රහාර සැලසුම ගැන පරීක්ෂණයක් ඕනෑ
කොළඹ ප්‍රධාන මර්මස්ථාන හතකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ අයිඑස් අයිඑස් සැලසුම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව රට දැනුවත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) ඉල්ලීමක් කළේය.
එසේම මෙම සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවද දැනුවත් කරන්නැයි ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%91%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%95%E0%B6%B1%E0%B7%91/101-640969
2023/10/6 - ඉන්දික තොටවත්ත අත්අඩංගුවට
සමාජ මාධ්‍ය තුළ ජාතින් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කළැයි ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත මහතා පරිගණක කොට්ඨාස විසින් අද (6) අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රකාශයක් ලබා ගැනීම සදහ අද පරිගණක අපරාධ කොට්ඨාසය කළ කැඳවීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
නබිනායකතුමා සම්බන්ධයෙන් කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජමෙයිතල් උළමා සංවිධානයේ සභාපති ඇතුලු පාර්ශව 12 ක් කළ පැමිණිල්ලි වලට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
https://www.lankadeepa.lk/news/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A-%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/101-640985
2023/10/20 - පලස්තීනය අත් විඳින දුක එදා ලංකාවත් වින්දා
අධිරාජ්‍යවාදීන් අද ඔවුන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය මැදපෙරදිග දී වඩා දියුණු සහ උපායශීලී ලෙසින් ක්‍රියාත්මක කරමින් සිටින බව සමගි ජනබලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)පැවසීය.
පලස්තීන භූමිය යටත් විජිතයක් ලෙස අත්විඳින ඛේදවාචකය හා සමාන තත්වයක් ලංකාව සියවස් ගණනාවක් තිස්සේ පෘතුගීසී, ලන්දේසී මෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේ අත්විඳි ආකාරය තම සිහියට නැගෙන බවද බාකීර් මාකර් මහතා කීය.
එදා ලාංකික නිදහස වෙනුවෙන් විමුක්ති අරගල කරමින් නැගී සිටි වීර කැප්පෙට්ටිපොළ, පුරන්අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, වාරියපොල හිමි, කුඩාපොල හිමි ඇතුළු විවිධ යුගවල නිදහස වෙනුවෙන් ජීවිත දුන් නිදහස් අරගලයේ වීරවරයන් තම මතකයට එන බවද බාකීර් මාකාර් මහතා සඳහන් කළේය.
එදා ඔවුන්ටත් ”ත්‍රස්තවාදී” හංවඩුව ගසමින් අධිරාජ්‍යවාදීන් ම්ලේච්ඡ මර්දනයක් ක්‍රියාත්මක කළ බව කී බාකීර් මාකර් මහතා ඒ ”ත්‍රස්තවාදී” යන විශේෂණ පදය මහත්මා ගාන්ධිගේත්, මන්ඩෙලාගේත්, යාසර් අරෆාත්ගේත් නම් වලට ඉදිරියෙන් යෙදීමට එදා යුගයේත් අධිරාජ්‍යවාදී බලවේග කටයුතු කළ බව කීය.
ඊශ්‍රායල, පලස්තීන යුද ගැටුමට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන්නැයි ඉල්ලමින් පැවැති සභාව කල්තැබීමේ විවාදය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.
https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B6%BA-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%B1-%E0%B6%AF%E0%B7%94%E0%B6%9A-%E0%B6%91%E0%B6%AF%E0%B7%8F-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F/101-641740
2023/10/21 - ඉන්දික තොටවත්ත සමාව අයැදීමෙන් පසු ඇප මත මුදා හරී
ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ආගමික අසමගිය ඇති කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දික තොටවත්ත ඔක්තොම්බර් 20 සිකුරාදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
සැකකරුට එරෙහිව ICCPR පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇති අතර ඒ සඳහා උපදෙස් ලබාගැනීමට නියමිත බව රහස් පොලිසියේ සයිබර් අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය. ඒ නිසා සැකකරුගේ රිමාන්ඩ් භාරයේ කාලය තවදුරටත් දීර්’ඝ කරන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
මුල් පැමිණිලිකරුවන් සහ අගතියට පත් පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාස් නූර්’දින්, නීතිඥ මාස් යුසුෆ්, මොහොමඩ් අන්වර්, පසන් වීරසිංහ සහ එම්.කේ.එම්. ෆර්’සාන් යන මහත්වරු සැකකරුගේ අතීත හැසිරීම් සම්බන්ධයෙන් කරුණු දක්වමින් කරුණු දක්වමින් තවත් ආගමකට අපහාසාත්මක ප්‍රකාශ කිහිපයක් ප්‍රසිද්ධියේ සිදු කර ඇත.
සැකකරු මෙතෙක් තම ක්‍රියාව සම්බන්ධයෙන් කිසිදු පසුතැවිල්ලක් නොපෙන්වා ඇති ආකාරය පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමු කෙරිණි. කෙසේ වෙතත්, නුර්’දින් මහතා ප්‍රකාශ කළේ, කුරානයේ ඉගැන්වීම්වලට සහ ශුද්ධ වූ නබිතුමාගේ ජීවිතයට අනුකූලව, සැකකරු පසුතැවිල්ල ප්‍රකාශ කරන්නේ නම් සහ අනාගතයේදී එවැනි ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහොත් ඔහුට දයාව දැක්වීමට මුස්ලිම් ප්‍රජාව කැමැත්තෙන් සිටින බවයි. නුර්’දින් මහතා තම ජීවිත කාලය තුළ ශුද්ධ වූ අනාගතවක්තෘවරයා සමච්චලයට හා අපහාසයට ලක් වූ ආකාරය සහ එවැනි එදිරිවාදිකම් සහ අපහාසයන් අභිබවා ඉතා සමාව දෙන ආකාරයෙන් නැගී සිටි ආකාරය නූර්දීන් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. නූර්දීන් මහතා ධම්ම පදයෙන් එන ‘අක්කෝස සූත්‍රය’ ද බුදු රජාණන් වහන්සේ එවැනි අපහාසවලට මුහුණ දුන් ආකාරය ද උපුටා දැක්වූහ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අදාළ වීඩියෝ පට ඉවත් කර ඇති අතර සැකකරු තමාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පසුතැවිලි වන බවත් ආගම්වලට එරෙහිව අපහාසාත්මක විශ්වාසයන් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීමට තමන් කැමති බවත්ය. කුමාරපෙරුම පිළිගත්තේ තම සේවාදායකයා ඉන්ද්‍රිය හතරක් භාවිතා කිරීමට පමණක් සීමා වී ඇති බවත් ඒ නිසා ඇතැම් විට ඔහුට තම වචන මාලාව පාලනය කළ නොහැකි බවත්ය. මෙම ගැටලුව සම්බන්ධයෙන් දක්වන ලද ඉවසීමේ තරම පිළිබඳව නීතිඥවරුන්ට සහ අගතියට පත් පාර්ශ්වයන්ට ඔහු වැඩිදුරටත් ස්තුති කළේය.
සියලු පාර්ශ්වවලට සවන් දුන් මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය සැකකරු දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හැරීමට නියෝග කළ අතර කිසිදු ආගමකට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු නොකරන ලෙස සැකකරුට නියෝග කළාය. බුද්ධිමය ආගමික වාද විවාදවල යෙදීමට පුරවැසියන්ට ඇත්ත වශයෙන්ම අයිතියක් ඇති නමුත් අන් අයගේ ආගමික විශ්වාසයන්ට අපහාස කිරීම සඳහා එවැනි හිමිකම් අපයෝජනය නොකළ යුතු බව ගරු මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නිරීක්ෂණය කළේය. ගරු. මුස්ලිම් ප්‍රජාව මෙම නඩුව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ආදර්ශමත් බවත් එය අගය කළ යුතු බවත් විනිසුරුවරයා නිරීක්ෂණය කළේය.
නීතිපති උපදෙස් සලකා බැලීම සඳහා නඩුව 2024/01/19 දින නැවත කැඳවනු ලැබේ.
2023/11/24 - වකුගඩු රෝහලට දැමූ තහනම අභියාචනාධිකරණය ඉවත් කරයි
වකුගඩු ජාවාරම සිදු කරන ලදැයි චෝදනා ලැබ සිටින පෞද්ගලික රෝහලේ සැත්කම් කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන රිට් ආඥාවක් අභියාචනාධිකරණය නිකුත් කළේය.
ඊට අමතරව එම රෝහලේ වකුගඩු සැත්කම් කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට අවසර ලබා දෙමින් තවත් රිට් ආඥාවක් අභියාචනාධිකරණය නිකුත් කළේය.
මෙම රිට් ආඥාවක් නිකුත් කළේ එම රෝහලේ අධිපති වකුගඩු රෝග විශේෂඥ මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතා විසින් ගොනුකළ පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි.
තමන් සතු පෞද්ගලික රෝහලේ වකුගඩු ජාවාරම් සිදු කිරීමේ චෝදනාව මත සැත්කම් කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලිපිය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්යවරයා විසින් මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.
https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7-%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/101-643516
2023/11/29 - අල්ලස්ගත් කාති විනිසුරු අත්අඩංගුවට
කොළඹ උතුර ( කාති) උසාවියේ විනිසුරුවරයකු එම කාර්යාලය තුළදී පුද්ගලයෙකුගෙන් රුපියල් 7500 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි .
මාවනැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
පැමිණිලිකරු නීත්‍යානුකූලව විවාහ වී ඇති දෙවන බිරිඳගෙන් වෙන් වීම සඳහා කාති උසාවියේ විනිසුරු විසින් දික්කසාද සහතිකය ලබා දීමට රුපියල් 7500 ක් ඉල්ලා ඇති අතර එය ලබා ගන්නා අවස්ථාවේදී දෙමටගොඩ පිහිටි කොළඹ උතුර ( කාති) කාර්යාලය තුළදී අත්අඩංගුවට ගත් බව එම කොමිසන් සභාව කියයි.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/1-643746
2023/12/1 - පාස්කු ප්‍රහාරකයන් ගැන ජනතාවගේ මතට වෙරිටේ කියයි
පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයට දේශපාලන හස්තවල සම්බන්ධයක් නොමැති බවට විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 8 ක ප්‍රමාණයක් බව පසුගිය ඔක්තෝබර් මස සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයට දේශීය දේශපාලන බලවේග සම්බන්ධ බවට ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් විශ්වාස කරන බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 53 ක් බවත් එම සමීක්ෂණදී අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ඉන් 2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරය පසුපස දේශීය දේශපාලන බලවේග සමඟ කටයුතු කළ ශ්‍රී ලාංකීය අන්තවාදීන් සිටින බව මෙම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් සියයට 30 කගේ මතය වූ බවත් දේශීය දේශපාලන බලවේග සහ අන්තරායකර විදේශ බලවේග යන දෙපාර්ශවය සමඟ කටයුතු ලාංකික අන්තවාදීන් පාස්කු දින ප්‍රහාරය පසුපස සිටින බව සියයට 23 කගේ මතය වූ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7-%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%E0%B7%9A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/101-643808