යහමග අඩවිය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


යහමග අඩවිය
යහමග අඩවිය

මීට වසර කිහිපයකට ඉහත එනම් 2009/12/07 දින යහමග අඩවිය සීමිත අරමුණූ කිහිපයක් පෙරදැරිව "ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධියෙන් විමසා ක්‍රියා කිරීම පිණිසයි" යන තේමාව පෙරටු කරගෙන ආරම්භ කරන ලදී. ‘අල්හම්දුලිල්ලාහ්’ අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල සැලකිය යුතු මෙහෙවරක් ඉටු කරමින් සිටිනා බව පාඨක ඔබ හොදින් දන්නා කාරණයකි. ආරම්භයේ ඉස්ලාමීය යනු කුමක්ද? යන්න සහ එහි ඉගෙන්වීමන් කුමක්ද? යන්න පිලිබදව ශ්‍රී ලාංකීය සිංහල භාෂාව හසුරුවන සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම පිණිස ආරම්භ කල මෙම වෙබ් අඩවිය අද වනවිට එහි විෂය පථය පුළුල් කර ගනිමින් ද ඉදිරියට ගමන් කරමින් ඇත.

(මෙම අඩවිය සම්බන්ධයෙන් ඔබටත් කිසියම් යෝජනාවක්, චෝදනාවක් හෝ අදහස් දැක්වීමක් ඇත්නම් එය ඔබේ අදහස් හා යෝජනා යහමග ට ලියන්න යන පිටුවට පිවිස එහි සටහන් කරන්න. එය යහමග නිවැරදි ගමන්මඟට ශක්තියක් වනු ඇත)

මේ ආකාරයට බොහෝ දුෂ්කරතාවයන් හා කාර්‍ය බහුලත්වයන් මධ්‍යයේ අඛණ්ඩව ඔබේ අවධානයට හා දැනුමට යමක් ගෙන එන අබූ අර්ශද් වන මා මේ මෙහෙවර තුලින් අපේකෂා කරන ප්‍රධාන කාරණා කිහිපයක් ඇත.  එනම්,

  • මේ සමාජයට අධ්‍යාත්මිකව යමක් කලා යන මානසික සුවය,
  • ආගම් අතර අන්තර් අවබෝධයක් ගොඩනඟමින් සාමකාමී හා සහජීවනයෙන් පිරි සමාජයක් නිර්මාණයට දායකවීම,
  • මෙම මෙහෙවර සමාජය තුල "සමනළ ආචරණය (Butterfly effect)" වේවා යන්න,
  • ඉස්ලාම් දහම පවරන "දහම සමාජයට පැවසීමේ" මෙහෙවර ඉටුකිරීම,
  • මෙම දහම් මෙහෛවර තුලින් පරලොව විමුක්තිය ලබාගැනීම,
  • ඒ සදහා පාඨක ඔබ සියළුදෙනාගේ අවංක වූ ප්‍රාර්ථනය ලබාගැනීම.

මෙවන් යහපත් අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක කරන මෙම යහමග අඩවිය මෙතෙක් පසුකර ආ ගමන් මඟ පිලිබදව ඔබට කිසියම් ආකාරයක දළ අවබෝධයක් ලබාදෙන්නේ නම්,

යහමග මූලික තොරතුරු

පිටූ ගණන
2,151

ලිපි ගණන
710

ගොනු ගණන
1,261

සාමාජික ගණන
1,380
යහමග පැරණි අඩවීන්

යහමග අඩවිය වරින් වර වැඩිදියුණු කිරීමේ දී පැරණි අඩවියට හුරු වී සිටින යහමග පාඨකයින්ට කිසියම් අපහසුතාවයක් ඇති නොවීම පිණිස තාවකාලිකව පැරණි අඩවිය ද කියවීමේ පහසුකම් මෙම අඩවිය හරහා සලසා දෙනු ලැබේ. ඒ අනුව පහත යහමග පැරණි අඩවීන් වෙත ඔබට තවම පිවිසීමේ හැකියාව ඇත.

‘යහමග’ අඩවියේ අරමුණූ

අතීතයේ පටන් ආගම් තුලින් මිනිසා ලද ආදර්ශ යහපත් සමාජ පැවැත්මක් උදෙසා තීරණාත්මක සාධකයක් විය. එනමුත් මානවයාගේ අධ්‍යාත්මික බැදීම අභිබවා ලෞකික බැදීම වැඩි දියුණූ වීමත් සමඟ එදා සාමයට සහජීවනයට මඟපෑදු බොහෝ ආගම් අද වෛරය, ක්‍රෝධය හා ඊර්ෂියාවට වඩා යමක් මිනිස් සමාජයට දායාද කොට නැත. එවන් සමාජ පසුබිමක “ඉස්ලාම්” පෙන්වාදෙන යහමග දිව්‍යමය ආදර්ශයකි. ඒ අනුව සිංහල භාෂාව හසුරුවන ශ්‍රී ලාංකීය ප්‍රජාව ඉලක්ක කොට “ඉස්ලාම් යනු කුමක්ද?” යන්න පිලිබදව කිසියම් අවබෝධයක් ලාංකීය සමාජයට ලබාදීම එකම අරමුණ කරගෙන “යහමග” නම් මෙම අඩවිය මෙලෙස ඉදිරිපත් කරමි.

මෙම වෙබ් අඩවිය පිලිබදව ඔබේ කෙටි අදහස්, විවේචන, චෝදනා හා යෝජනා පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න.

  • Email :- yahamagamail@gmail.com
‘යහමග’ මෙතුවක් ගමන්මඟ

යහමග වෙබ් අඩවිය වසර දෙකක් පිරෙන මොහොතේ පණිවිඩය

මීට වසර 02 කට පෙර (එනම් 2009 දී) ආරම්භ කල යහමග වෙබ් අඩවිය මේ වනවිට සාර්ථක තෙවන වසරට පා තබා ඇත. සියල්ල මිල මුදලින් තීන්දු වන වකවානුවක, විශේෂයෙන් ආගම දහම ජනප්‍රියත්වය හා මිල මුදල් ලඟාකර ගන්නට භාවිතා කරන අවධියක සම්මතයෙන් මිදී යහමග භාරගත් අභියෝගය කිසිසේත් සුළුපටු නොවේ. 2010 වසර අවසානයේ යහමග තැබූ සටහන තුලින් අවධාරණය කලාසේ ඉස්ලාම් දහම කිසිදු පදනමකින් තොරව කල්පිතයන් පමණක්ම පදනම් කරගෙන ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ ප්‍රබල විවේචනයන් ට ලක්වන වකවානුවක විශේෂයෙන් අන්තර්ජාලය ඒ සදහා තෝතැන්නක්ව පැවති අවධියක ශ්‍රී ලාංකීය සිංහල භාෂාව හසුරුවන අන්තර්ජාල පාඨක පිරිස් අතර ඉස්ලාම් දහම පිලිබදව තිබෙන අනවබෝධය යම්තාක් දුරකට හෝ අවම කිරීම මූලික අරමුණු කරගෙන මෙම යහමග අඩවිය එදා ආරම්භ කරන ලදී.

ඉහත අරමුණු මුදුන්පත් කරගැනීම සදහා යහමග ගත් උත්සාහයන් සදහා ලැබූ ප්‍රතිචාර සුන්දර හෝ ආශිර්වාදාත්මක එකක් නොවීය. දැඩි බාධා කිරීමන් මෙන්ම අපවාද අවලාද මධ්‍යයේ “යහමග” අඩවියට නොසැලී ඉදිරියට ගමන් කිරීමට හැකි වුයේ නම් එය අල්ලාහ් (දෙවියන්)ගේ ආශිර්වාදය නොඅඩුව හිමි වූ නිසාම පමණි. ගෙවීගිය වසර තුල මෙම වෙබ් අඩවිය දෙවතාවක් “හැක්” (hack) කිරීමන්ට ගොදුරු වුවා යන්න පාඨක ඔබ දන්නවා ඇතැයි සිතමි. (ඒ අවස්ථාවේ ‘යහමග’ අඩවිය ලෙස ඔබට නැරඹීමට තිබුණේ මෙහි දැක්වෙන විකෘති රූපය පමණි. මෙහි දැක්වෙන රූපය ඔබේ මතකය අළුත් කරනු ඇත). එපමණක් නොව මෙම වෙබ් අඩවිය සදහා comments පහසුකම් ලබාදීමට කටයුතු කිරීමේ දී විවිධ පිරිසගේ නොමනා ක්‍රියාවන් හා බාධාකිරීමන් නිසා එම comments සේවාව දෙවරක්ම අත්හිටුවීමට සිදුවීම යහමග ලද තවත් අමිහිරි අත්දැකීමකි. මෙවැනි අමිහිරි අත්දැකීමන් රාශියක් තුලින් ගොඩනැඟෙන යහමග දිනුම් කණුද ගණනාවක් මේ වනවිට පසුකර ඇති බව සදහන් කරන්නේ හඳ පිරි සතුටිනි.

යහමග මේ තැනට ගෙන ඒම සදහා බොහෝ පිරිසකගේ දායකත්වයන් නන්අයුරින් ලැබූ බව මෙහිදී සදහන් කලයුතුමය. ඒ අදහස් යෝජනා හා දිරිගැන්වීම මඟින්, විවේචන හා බැණවැදීම් තුලින් (නව මාතෘකාවන් ලබාදෙමින්) හා පාඨකයන් ලෙස ලිපි ලබාදෙමින්… යනාදිය එවැනි ක්ෂේත්‍ර කිහිපයකි.යහමග අඩවිය තුල සැරිසරන ඔබට එවැනි ජයග්‍රහණ බොහෝමයක් දැකගත හැක. කෙසේ වෙතත් වසර 02 ක් ගෙවීයන මේ මොහොතේ ආපසු හැරී බලන විට යහමග අරමුණූ තවදුරටත් ඉහත රාමුවට පමණක් සීමා කල නොහැක්කක් යන්න පැහැදිලි වේ. මන්ද එදා සීමිත ඉලක්ක කිහිපයක් ඔස්සේ දිගහැරුණූ මෙම අඩවිය හමුවේ දිනෙන් දින වර්ධනය වන අභියෝග රාශියක් අද වනවිට පවතී. එවන් වූ අභියෝග හමුවේ යහමග විෂය පථය තව තවත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය ද පැනනැඟී ඇත. එනම්,

එදා ඉස්ලාම් දහම පිලිබදව අනවබෝධයෙන් ක්‍රියා කරන පිරිසට ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යන්න පැවසීමට ආරම්භ කල මෙම අඩවිය තුල අද වන විට ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යන්න දැන දැන “කෙසේ හෝ ඉස්ලාම් විවේචනය කලයුතුයි” යන පටු ඡේතනාවෙන් ක්‍රියාකරන පිරිසට පිලිතුරු ලබාදීමට සිදුව ඇත.

ආගම දහම පිලිබදව බුද්ධිමත් සංවාදයක් ගොඩනැඟීම අරමුණූ කරගෙන ආරම්භ කල මෙම අඩවිය තුල “ජතිවාදීන්” පිලිබදව කථා නොකරම බැරි තරමට වර්ථමාන සමාජය තුල ජාතිවාදී කල්ලීන් “ආගම්” නමින් බිහිවෙමින් සමස්ථ ජාතියම අවාසනාවන්ත තැනකට යොමු කරමින් සිටී.

සත්‍ය දහම ආගමික මූලාශ්‍රයන් තුලින් අවබෝධ කරගන්නවා වෙනුවට තම නැණ පමණින් අවබෝධ කරගැනීමේ විපාකය සමස්ථ ලෝකයාම මුහුණපාමින් සිටී. මෙවන් වූ මොහොතක යහමග ටද මෙම අනවබෝධය සමාජයට පැහැදිලි කිරීමේ වගකීම පැවරී ඇත.

එදා මුස්ලීම් නොවන පිරිසට ඉස්ලාම් දහම පිලිබදව අවබෝධයක් ලබාදීම මෙම අඩවියේ මුඛ්‍ය අරමුණ වුවද මුස්ලීම් සමාජයට පවතින ආගමික අනවබෝධය නිසා අද වනවිට මුස්ලීම් සමාජයට ද ඉස්ලාම් දහම පිලිබදව පැවසීමේ අවශ්‍යතාවයත්, වගකීමත් සමස්ථ මුස්ලීම් සමාජයට පැවරී ඇත. එම වගකීම ‘යහමග’ අඩවියට ද ඇත.

පටු අරමුණුවලට සීමා නොවී සියළු මතවාද එකම තැනක කථා කෙරෙන ඒවා එකින් එකට ගරුකරන ආදර්ශමත් සමාජයක් බිහිකිරීමේ වගකීම මේ රටේ සෑම පුරවැසියකුටම පැවරී ඇත. ඒ සදහා යහමග ට කලහැකි බොහෝ දෑ ද තවම ඉතිරිව ඇත.

මෙවන් වූ ශුද්ධ වූ අරමුණු හා ඉලක්ක පෙරදැරිව ‘යහමග’ තෙවන වසරට පා තබන මේ මොහොතේ යහමග පාඨක ඔබට නැවත නැවතත් ආරාධනාවක් කරන්නට කැමැත්තෙමි.

“එන්න අපගේ අදහස්, මතවාද විවෘත ලෙස අප කථා කරමු, එවා එකින් එකාට ගරු කරමින් සංවාද කරමු, ඒ සදහා යහමග අඩවිය ‘සංවාද මණ්ඩපයක්’ කරගනිමු”

අබූ අර්ශද්

යහමග වෙබ් අඩවිය වසරක් පිරෙන මොහොතේ පණිවිඩය

මෙම වෙබ් අඩවිය ආරම්භ කර වසරක් ගෙවීයන මේ මොහොතේ පාඨක ඔබේ අවධානයට කරැණු කිහිපයක් යොමු කිරීමට අදහස් කරමි.

සමයාන්තර විෂය පිලිබදව දැඩි උනන්දුවක් දක්වන උපතින් ඉස්ලාම් භක්තිකයෙකු වන අබූ අර්ශද් වන මා මීට වසර කට පෙර (2009 දී) මෙම වෙබ් අඩවිය ආරම්භ කලේ ප්‍රධාන අරමුණූ කිහිපයක් පෙරදැරි කරගෙනය. එනම්,

කලකපටන් ආගමික පොත්, ලිපි, මාධ්‍ය සාකච්චා, පුවත්පත් හා විශේෂයෙන් අන්තර්ජාල ලිපි කියවීමේ දී මාහට අවබෝධ වූ කාරණයක් නම් ලොව අනිකුත් ආගම්වලට සාපේක්ෂව “ඉස්ලාම්” දහම ජාත්‍යන්තරයේ මෙන්ම ලාංකීය සමාජයේ ද දැඩි විවේචනයන්ට හා අපහසයන්ට ලක්වන බවයි. එසේම එම චෝදනාවන් කියවීමේ දී පැහැදිලි වූ කාරණය නම් මෙම පිරිසට ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පිලිබදවත් නිසි අවබෝධයක් නොමැති බවයි. ඔවුන්ගේ විවේචනයන්ට බොහෝ විට පදනම වී තිබුණේ ඔවුන් හෝ ඔවුන් නියෝජනය කරන දහමේ පූජකවරැන් හෝ එහි විද්වතුන් යයි පවසාගන්නා පිරිස් ඉස්ලාම් දහම ඔවුනට පෙන්වා දුන් ආකාරයයි. එයට සරල නිදසුනක් ලෙස ලංකාවේ ජනප්‍රිය ස්වාමිණ්වහන්සේ නමක් කල පහත ප්‍රකාශය සදහන් කල හැක.

“මොහොමඞ් නබි මිනිස්සුන්ව කඩුවෙන් කප කපා හැම තැනම ගිහින් එ් ධර්මය ප‍්‍රචාරය කළේ. එයා ධර්මය ප‍්‍රචාරය කළේ කඩුවෙනුයි. එයාට අකුරු බැරි නිසා අකුරු දන්න කෙනෙකු ලවා කඩුවේ කොටව ගත්තා ‘ඉස්ලාම්’ කියලා ඒකේ තේරුම ‘සාමය’ දැක්කද සාමය කඩුවට දාපු හැටි”

ඉහත තත්වය අවබෝධ කරගත් මා ඉස්ලාමීය විශ්වාසය හා ඉගෙන්වීමන් පිලිබදව ලාංකීය සමාජයට කිසියම් දැනුමක් ලබාදීම මෙහි අරමුණකි.

එසේම…

වර්ථමානයේ සිංහල භාෂාමය වෙබ් අඩවීන් හා බ්ලොග් (Blog) විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයේ නැරඹීමට හා කියවීමට ඇත. නමුත් මේවා තුලින් සමාජයට දෙන පණිවුඩය බොහෝ විට සමාජයට හිතකාමී ඒවාට වඩා සමාජ පරිහානියට මඟපාදන ඒවාවීම කණගාටුවට කරැණකි. විශේෂයෙන් අසභ්‍ය වෙබි අඩවි පිලිබදව සදහන් නොකරම බැරිය. (එය පසුගිය 2010.10.13 දින වනවිට ශ්‍රී ලාංකීය අසභ්‍ය වෙබ් අඩවීන් 445 තහනම් කර තිබීම මනාව පිළිඹිබු කරයි.) කෙසේ වෙතත් ඉතා සුළු වශයෙන් සමාජ හිතකාමී අඩවින් ද නැතුවා නොවේ. නමුත් ඒවා පොදු ජනයාට අවබෝධ කරගැනීමට තරම් සරල නොවීමත්, එය කිසියම් ජන කොට්ඨාශයකට, ආගමකට, රටකට හා ජාතීයකට සීමාවීමත්, ඒවා තුලින් සාමාන්‍ය ජනයාගේ අවශ්‍යතාවයන් ඉටුකරනවා වෙනුවට ඔවුන් තව තවත් සංකීර්ණ ගැටළුන් තුල අතරමං කිරීමත් හේතුවෙන් එම සීමිත වෙබ් අඩවීන් මගින් පවා නිසි මෙහෙවර ජනතාවට ඉටු කිරීමට අපොහොසත් වී ඇත. විශේෂයෙන් ආගමික වෙබ් අඩවීන් සැලකූවිට එය වර්ථමාන මනුෂ්‍යාගේ මනුෂ්‍යත්වයට ගරැකරනවා වෙනුවට ඔහුව විවිධ රාමු තුල කොටුකර ඔහුගේ චින්තන නිදහසට විලංගු දමා ඇත. මෙවන් වූ මොහොතක ලොව අසමසම දහමක් මෙන්ම පරිපූර්ණ ජීවන සැලැස්මක් වන ඉස්ලාම් මිනිස් සමාජයට කුමක් පවසනවාද? යන්න පිලිබදව සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම මෙහි තවත් අරමුණකි.

එසේම…

මෙම වෙබ් අඩවිය හරහා ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව මෙන්ම ඉස්ලාමයට එරෙහිව ඉහත ආකාරයට පදනම් විරහිතව මතු කරන චෝදනාවල වලංගුභාවය පිලිබදවත්, ඉස්ලාමීය ‍ඉගෙන්වීමන් අනිකුත් ආගම් හා සංසන්ධනාත්මකව කථා කිරීම මෙම වෙබ් අඩවියේ තවත් එක් අරමුණකි.

ඉහත ආකාරයේ ශුද්ධ වූ අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක වූ මෙම “යහමග” වෙබ් අඩවියට හමුවූ විවිධ බාධකයන් ආශිර්වාදයක් ක‍රගෙන අභියෝගාත්මක මෙන්ම ආදර්ශමත් පෙරලියක් සමාජය තුල සිදුකොට ඇත. මෙහි දී “යහමග” පාඨකයන්ගේ අවධානයට යොමු කලයුතු කරැණූ කිහිපයක් ද ඇත. එනම්,

සිංහල භාෂාව පිලිබදව හසල දැනුමක් නොමැති මාගේ භාෂාමය වැරදීන් මෙම අඩවිය තුල නිරන්තරයෙන් ඔබ නෙත ගැටෙනු ඇත. එවන් වූ වැරදි ඔබ විසින් පෙන්වා දෙන්නේ නම් නිහතමානිව පිලිගෙන එය නිවරැදි කිරීමට හැක. නමුත් මෙහි අවබෝධ කරගත යුතු කාරණය නම්, භාෂාව යනු අදහස් ප්‍රකාශ කිරීමේ එක් මාධ්‍යයක් පමණි. වැදගත් වන්නේ භාෂාවට වඩා එය තුලින් සමාජයට දෙන පණිවුඩයයි. මෙය ලොව සෑම දහමක්ම දර්ශනයක්ම අවධාරණය කරන පොදු වූ සත්‍යයකි. ඒ අනුව මෙහි දී වැදගත් වන්නේ මෙම “යහමග” අඩවිය කුමන කරැණූ ඉදිරිපත් කරනවාද? යන්න මිස එය කුමණ ආකාරයට කව්රැන් විසින් ඉදිරිපත් කරනවාද? යන්න නොවේ.

එසේම…

මෙම වෙබ් අඩවිය නරඹන ලොව පුරා සිටින මුස්ලීම් ප්‍රජාවගෙන් කාරැණික ඉල්ලීමක් කරන්නට ඇත. එනම් වර්ථමානයේ වෙනදාටත් වඩා වේගයෙන් ලාංකීය සමාජය තුල දෛනිකව ඉස්ලාමයට එරෙහිව විවිධ කටයුතු දියත් වෙමින් පවති. මෙයට මූලික හේතුව ඉස්ලාම් දහම කෙරෙහි ඔවුනට තිබෙන අනවබෝධයයි. එම නිසා ඉස්ලාම් දහම පිලිබදව මෙවැනි දැනුවත් කිරීමන් විවිධ ‍ක්ෂේත්‍ර ඔස්සේ ලාංකීය සමාජය තුල දියත් වියයුතුය. එය හුදෙක් තවත් වෙබ් අඩවියක ඇති ලිපියක් උපුටාගෙන තමන් නමින් පලකිරීම හෝ Copy, Paste, Cut, Edit වැනි Tools භාවිතා කරමින් තවත් කෙනෙකු‍ෙග් නිර්මාණයක් විකෘති කොට ඒවා පලකරමින් හෝ ඒවා අලෙවි කරමින් නොවේ. එවන් ක්‍රියාවලියන් තුලින් සිදුවන්නේ යහපත් වූ අරමුණු ඇතිව කරනු ලබන මෙවැනි මෙහෙවරයන් පවා අඩාල වී යාම පමණි. සියළු දෙනා ලිවිය යුතු යන්න ප්‍රායෝගික නොවන කාරණයක් යන්න සැබෑවකි. නමුත් මෙම ක්‍රියාදාමය තුල ලිවීම යන්න එක් අංගයක් පමණි. මීට අමතරව බොහෝ කටයුතු සදහා නන්අයුරින් ඔබට ඔබේ දායකත්වය සපයාදිය හැක.

එසේම…

මෙම අඩවිය තුල පලවී තිබෙන බොහෝ ලිපි අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවිවල පලකොට ඇති බව දකින්නට ලැබේ. එවැනි අවස්ථාවන් හි එම ලිපිවල පසුකාලීනව කරනු ලබන යාවත්කාලීනයන්, නිවරැදි කිරීමන් හා සංශෝධනයන් මෙම අඩවියෙන් උපුටාගත් ලිපිවල සිදුකිරීමේ අවස්ථාව මට අහිමි වී යයි. මෙවැනි අවස්ථාවල මා දැඩි අපහසුතාවයන්ට පත්වේ. එමනිසා මා ඔබගෙන් ඉතා කාරැණිකව ඉල්ලා සිටින්නේ අදාල ලිපියට Links භාවිතා කරන්න. පිටපත් කිරීමෙන් වලකින්න. යහපතත් අරමුණු පෙරදැරිව ඉටුකරන මෙම මෙහෙවරට එය මහත් රැකුලක් වනු ඇත.

අවසාන වශයෙන් විවෘත හදවතක් ඇති ලොවපුරා විසිරී ජීවත් වන සිංහල භාෂාව හසුරැවන බෞද්ධ, හින්දු, කිතුණු හා ඉස්ලාම් ආගමික ඔබට සුහඳ සිතින් ආරාධනාවක් කරන්නට කැමැත්තෙමි.

“එන්න අප අඩවියට එහි අප අපගේ අදහස් විශ්වාසයන් බෙදා ගනිමු ඒ සදහා මේ තැන විවෘත වේදිකාවක් කරගනිමු. මෙය යහමග සොයන අඩවියයි. මෙහි මිත්‍යාවන්ට, අන්ධභක්තියට හෝ පදනම් විරහිත පාරම්පරික සම්ප්‍රදායන්ට ඉඩ නැත. ඇත්තේ අවංකකම, විවෘත බව හා බුද්ධිය මත පදනම් ව අලංකාර තර්ක විතර්ක පමණි.”

අදහස් හා සියළු විමසීම් සදහා yahamagamail@gmail.com


‘යහමග’ අලුත් වෙයි

උගත් නූගත් සෑමදෙනාටම පිරිසිදු ඉස්ලාම් දහම හෙවත් දේව පණිවුඩය සරල බසින් ගෙන ඒම මාගේ ව්‍යායාමයයි. ඒ සදහා වසර කිහිපයක් මුළුල්ලේ මෙම අඩවිය ගත් උත්සාහයන් පාඨක ඔබට යලි යලිත් ආවර්ජනය කිරීමට අවශ්‍ය නොවනු ඇත. දිව්‍යමය මඟපෙන්වීමක් පදනම් කරගත් ආගමක් මෙන්ම ජීවන සැලැස්මක් වන ‘ඉස්ලාම්’ දහම ශ්‍රී ලාංකීය ජනතාව හමුවේ දිගහැරීමේ දී ඒ තුලින් ලද අත්දැකීම් හා ප්‍රතිචාර සුළුපටු නොවේ. පිරිසිදු දහම එක් පසෙකින්ද, ජනතා සම්ප්‍රදාය, පිලිගැනීම් හා ඇදහිලි පමණක් නොව විරුද්ධ මතවාදයන් තවත් පසෙකින්ද නැඟීසිටින වකවානුවක මේ සියල්ල අතුරින් යහමග එලිපෙහෙලි කොට ශ්‍රී ලාංකීය ජනතාවට එය අනාවර්ණය කිරීම යහමග අඩවිය එදා බාරගත් අභියෝගයයි.

එවන් වූ අභියෝග තම උරට ගෙන එහි සාර්ථකත්වය උදෙසා කටයුතු කිරීමේ දී එයට එරෙහිව දිනෙන් දින වර්ධනය වූ ගැටළු ද කිසිසේත් මෙහි සුළුකොට තැකිය නොහැක. ගෙවීගිය වසර කිහිපය තුල මෙම අඩවියට එරෙහිව ගොඩනැඟුණූ තර්ජන හා විටින් විට සිදුකල බාධා කිරීම් එය මනාව පිළිඹිබු කරයි. එවන් වූ අපමණ බාධක හමුවේ නොසැලී මෙම අඩවිය ඉදිරියට ගමන් කිරීමේ දී මේ තුලින් ශ්‍රී ලාංකීය සමාජය තුල කිසියම් ආකාරයක යහපත් මතවාදයක් මෙන්ම අයහපත් මතවාදයන් ද නිර්මාණය වුවා යන්න සත්‍යයකි. ඒ තුලින් ද කියාපෑවේ “කවදත් සත්‍යය වෙනුවෙන් පමණක් පෙනී සිටින මේ අඩවිය තුලින් ජනතාවට ඇස් ඇරුණා” යන්න පමණි. මෙලෙස ඇස් ඇරවීම තුල දරාගත නොහැකි සමහරක් පිරිස් මෙම අඩවියට ජාතිවාදී, අන්තවාදී… යනාදී බෝඩ් ලෑලි එල්ලීමටත්, බ්ලොග් අවකාශයෙන් මෙය තුරන් කිරීමටත් දිවා රෑ ගත් වෙහෙස හා උත්සාහයන් ද අපමණය. එවන් පිරිසගේ උත්සාහයන් සම්පූර්ණයෙන් පරාජය කිරීමට නොහැකි වුවද විවිධ වූ බාධා කිරීම් මධ්‍යයේ අඛණ්ඩව යහමග අඩවිය තවදුරටත් ඔබ සමීපයේ රදවා ගැනීමට හැකිවූයේ අල්ලාහ් දෙවි ආශිර්වාදය හා ඔබගේ සහයෝගය නොඅඩුව ලැබූ නිසාම පමණි.


මෙවැනි අමිහිරි අතීතයක් තුල යහමග අඩවියට පැවතී එකම අභියෝගය වුයේ විටින් විට විවිධ වූ බාධා කිරීම්වලට නතු නොවන, පාඨක ඔබට බලාපොරොත්තුවක්, විශ්වාසයක් තැබිය හැකි. ඉතා ආකර්ශණීය, පහසු මෙන්ම පාඨක ඔබට සමීප වන ආකාරයේ වෙබ් අඩවියක් ඉදිරිපත් කරන්නේ කෙසේද? යන්නයි. මේ සදහා පාඨක ඔබෙන් යහමග අඩවිය සහය පැතූවාර අනන්තය. නමුත් සියල්ල රුපියල් ශත මත තීන්දු වන වකවානුවක ඒ සියළු බලාපෙරොත්තු බිඳ දමමින් කාලය ගෙවීගිය ද මේ මොහොත වන තෙක් එය සැබෑ නොවූ හීනයක්ව පැවතුණී. නමුත් එම හීනය තවදුටත් හීනයක් නොකොට එම වගකීම තම උරටගත් මා මිත්‍ර යුවලක් දැඩි කාර්‍ය බහුලත්වයක් මධ්‍යයේ ඉතා සීමිත කාලයක් තුල අලංකාර හා ආකර්ශණීය ලෙස මෙම වෙබ් අඩවිය නැවත නිර්මාණය කොට පාඨක ඔබට මෙලෙස දායාද කර දෙන්නේ යහමග බලාපොරොත්තුව ද මල්පල ගන්වමින් පමණක් නොව “සත්ක්‍රියාවක දී අප ඔබ සමඟයි” යන ආදර්ශමත් පණිවුඩය මුස්ලීම් සමාජයට ලබාදෙමිනි. මෑතක දී යුගදිවියට එ‍ලඹූණූ මා මිත්‍ර ඉහත සදහන් යුවල යහමග අඩවිය මේ ආකාරයට ඔබට දායාද කිරීමට ගත් උත්සාහයන් හා කැපවීම විශිෂ්ඨ මෙන්ම ආදර්ශමත්ය. ඉස්ලාමීය ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇති ‘හන්ලලා’ සහාභිවරයා ඉතිහාස කථාව සිහිගන්වන මෙවැනි දායකත්වයන් වර්ථමාන මුස්ලීම් සමාජයේ කාලීන අවශ්‍යතාවයක්. ඒ සදහා “ඉස්ලාම් ආදර්ශ භංග ජාතියක් හෝ ආගමක් නොවේ” යන්න නැවතත් මුස්ලීම් සමාජයට අවධාරණය කරමින් මේ ලබාදුන් සහයෝගයට ඔවුන් දෙපලට මාගේ ගෞරවණීය ස්තූතිය මෙලෙස පුදමි.

මීට අමතරව යහමග අඩවියේ එදා මෙදා ගමන් මඟ තුල මෙහි සාර්ථකත්වයේ පසුපස නන්අයුරින් සහය දැක්වූ විශාල පාඨක පිරිසක් මේ වටා රොක්ව සිටිනා බව මා දනිමි. අල්ලාහ් (දෙවි) ආශිර්වාදය හැරුණූ විට මේ පිරිසගේ උනන්දුව, දිරිගැන්වීම හා සහයෝගය මධ්‍යයේ මෙතෙක් දුරක් පැමිණි යහමග ඉදිරියටත් නව මුහුණූවරකින් ඔබේ නෙත් මානයේ මෙලෙස දිගහැරෙන අතර තවත් ජවසම්පන්න ඉදිරි පිම්මක් සදහා ඔබ සියළු දෙනාගේ ඒකායන පැතුම හා ප්‍රාර්ථනාව අපේක්ෂා කර සිටි. ඔබේ හඳවතින් පුද කරන ඒ ආශිර්වාදය යහමග තුල රතු පලසක් වනවා නොඅනුමනාය. ඒ ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාව සදහා ඔබ සියළුදෙනා හට ආරාධනා කරමින් අවසාන වශයෙන් ඔබගේ සිතුවිල්ලට මෙලෙසින් සටහන් තබමි.

ඔබ වෙනුවෙන්,

දහසක්… දසදහසක් දෑ…

මෙහි නැතත්…

පුංචිම පුංචි දෙයක් හෝ

ඉටුකොට ඇත්තෙමි…

උදාවන හෙට දවසේ…

අනන්ත වූ බලාපොරෝත්තු පොදිබැදගෙන…

ඔබ හා ලෙන්ගතු වන්නේ…

වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නම් අඳුරු දුරළු…

අවබෝධයෙන් පිරී…

ආශ්චර්‍යමත් දේශයක් උදෙසාම පමණි…


යහමග’ අලුත් වුනේ ඇයි?

වසර ගණනාවක් මුළුල්ලේ ඔබ සමීපව සිට ආගමික දැනුම බෙදාහදා ගන්නා යහමග අඩවිය 2012 වර්ෂයේ අළුත් මුහුණුවරක් ලබාගනිමින් නව ජවයකින් ඔබ හමුවට පැමිණියා යන පණිවුඩය යහමග අලුත් වේ යන ලිපියෙන් මීට දින කිහිපයකට පෙර පැහැදිලි කලෙමි. නමුත් යහමග පැරණි අඩවියට අසීමිතව ආදරය කල හා එය තුල ජීවිත් වූ පාඨක ප්‍රජාවට යහමග අළුත් මුහුණුවර කෙරෙහි එතරම් පැහැදීමක් නොමැති බව ඔවුන්ගේ ප්‍රතිචාර තුලින් අවබෝධ විය. මෙතෙක් දුරකට යහමග අඩවියේ සාර්ථකත්වයට පසුපසින් හිද නන් අයුරින් සහයෝගයන් ලබාදුන් පාඨක පිරිස නොසලකා හැර ඉදිරි පියවර තබන්නට යහමග සූදානම් නැත. මේ හේතුව නිසා යහමග අලුත් වුයේ ඇයි? යන කාරණය පිලිබදව යහමග පාඨක ඔබ දැනුවත් කිරීමට මා අදහස් කලෙමි.

මීට වසර කිහිපයකට පෙර (අබූ අර්ශද් වන මාගේ) ස්වයං නිර්මාණයක් ලෙස ඔබ හමුවට පැමිණි යහමග අඩවිය කෙටි කාලයක් තුල විශාල පාඨක පිරිසක් දිනාගැනීමට සමත් වුවා යන්න පාඨක ඔබ හොදින් දන්නා සත්යයයකි. දිනෙන් දින වර්ධනය වෙමින් ඔබ හමුවට ඉතා ආකර්ශණීය ලෙස මෙම අඩවිය ගෙන ආවද එහිදී පාඨක පිරිස් වන ඔබ දුටුවේ එහි එක් පැත්තක් පමණි. එහිදී ඔබ දකින පැත්ත සුන්දර වුවත් තිරය පිටුපස සංකීර්ණ ගැටළු රාශියක් පැවතී බව යහමග පාඨක බොහෝ පිරිස් නොදන්නා කාරණයක් විය. වෙබ් අඩවි නිර්මාණය පිලිබදව සාමාන්‍ය දැනුමක් පමණක් ඇති මා විසින් නිර්මාණය කල එම පැරණි වෙබ් අඩවිය තුල පැවතී දුර්වලතාවයන් එම විෂය පිලිබදව යම්තාක් අවබෝධයක් ඇති කෙනෙකුට පවා පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත. නමුත් යහමග අඩවියේ ඉදිරි ඉලක්ක පිලිබදව සැලකිලීමත්වීමේ දී එය අද ආරම්භ කොට හෙට දවසේ වසාදමන තවත් අඩවියක් නොවේ. කාලීන මාතෘකාවන් මෙන්ම උණූසුම් මාතෘකාවන් සංවාදයට ගැනෙන එහි විෂය පථය සීමිත කාල පරාසයකට සීමා කල නොහැක. ඒ අනුව දිනෙන් දින ඔබ හමුවට වැඩිදියුණු වෙමින් ගලා ආ යහමග ඉදිරියටත් සාර්ථක ගමන් මඟක් ගොඩනඟා ගැනීමට නම් ඒ සදහා පැවතිය යුතු මූලික අවශ්ය තාවයන් කිහිපයක් කාලයත් සමඟ හදුනාගැනීමට හැකිවිය. එවැනි අංග කිහිපයක් සදහන් කරන්නේ නම්,


පාඨක ප්‍රජාවට පහසු හා සමීප වන ආකාරයට ඉදිරිපත් කිරීම පහසුවෙන් යාවත්කාලීන (update) කිරීම හා දෝෂ අවම කරගැනීම අනිකුත් වෙබ් අඩවි හමුවේ අභියෝගාත්මකව නැඟී සිටීම පිලිගත් ප්ර්මිතියකට පවත්වාගෙන යාම අඩවිය සතු දත්ත ආරක්ෂා කරගැනීම අන්තර්ජාලය තුල ඉහල තැනක් දිනාගැනීම බාහිරින් එල්ල කරන බාධා කිරීම් හා බලපෑම්වලට හොදින් මුහුණදීම මෙවැනි හේතු රාශියක් පදනම් කරගෙන තමා යහමග අඩවිය අළුත් මුහුණූවරකින් ඔබ හමුවට ගෙන එන්නේ, නමුත් පැරණි අඩවියට ආදරය කල එයට හුරුව සිටී පාඨක පිරිසට නව අඩවිය එකවර පිලිගැනීම තරමක් අපහසු කාර්ය යක් වී ඇතැයි යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. කාලයක් තිස්සේ යමකට පුරුදු පුහුණු වූ කෙනෙකු එය අතහැර නව දෙයක් වැලද ගැනීම යන්න සිදුවන්නේ තරමක් මන්දගාමීව යන්න මනුෂ්‍යය ස්වභාවයයි. ඒ අනුව අළුත් යමක් ධාරණය කරගැනීමටත් එය පිලිගැනීමටත් එහි යහපත හා සාර්ථකත්වය අවබෝධ කරගැනීමට කාලයත් බුද්ධියත් අත්දැකීමත් අවශ්‍යය වනු ඇත. ඒ අනුව වර්ථමානයේ පැරණි යහමග පාඨක පිරිස මේ පසුකරන්නේ එම සංක්‍රාන්ති අවධියයි. මෙහිදී මෙම නව යහමග මුහුණූවර සම්බන්ධයෙන් විවේචන පැවතිය නොහැක යන්න මා මෙයින් අදහස් නොකරමි. මන්ද මෙම අඩවිය තවත් මිනිස් නිර්මාණයක් වන නිසා මෙහි අඩුපාඩු දුර්වලතාවයන් ඕනෑ තරම් පැවතිය හැක. ඒවා පෙන්වාදීම හා අවශ්යා තැනකදී විවේචනක් වුවද සිදුකිරීමෙහි වරදක් නැත. නමුත් ඒ සියළු විවේචන හා සදහා පදනමක් හෝ හේතුවක් පැවතිය යුතු යන්න මාගේ සාධාර්ණ වූ ඉල්ලීමයි. මේ අඩවිය හොද නැහැ පරණ අඩවිය හොදයි යන්න පමණක් හේතුවක් විය නොහැක. හොද නැත්නම් එයට හේතුව කුමක්ද? එය නිවරුදි කරගැනීමට ඔබ ඉදිරිපත් කරන යෝජනාව කුමක්ද? යන්න මෙහිදී ඉතා වැදගත් සාධකයක් වේ.

මෙතැන දී බොහෝ පිරිසක් ඉදිරිපත් කරන ජනප්‍රිය චෝදනාවක් පිලිබදව කරුණු කිහිපයක් පවසන්නට අදහස් කරමි. එනම්, ‘මෙය බැලූ බැල්මටම යහමග අඩවිය කියලා හිතෙන්නේ නැහැනේ’ යන්න එම චෝදනාවයි. මෙය සැබෑ චෝදනාවකි. මන්ද පැරණි අඩවියට වඩා මෙහි බාහිර පෙනුම සම්පූර්ණයෙන් වෙනස් වේ. නමුත් ඔබ අවධානයට ගතයුතු අත්‍යාවශ්‍යය කාරණය භාහිර පෙනුම නොවේ. එහි වැදගත් සාධකය එදා අඩවියේ සහා වර්ථමාන අඩවියේ අන්තර්ගතයේ වෙනසක් පවතිනවාද? යන්නයි. විටෙක පෙර අඩවියට වඩා වර්ථමාන අඩවිය ඉදිරියෙන් සිටී ඒ පෙර අඩවියේ පැවතී ලිපිවල නොයෙක් අඩුපාඩුකම් වර්ථමාන අඩවියට එම ලිපි යෙදීමේ දී නිවරුදි කරගෙන ඇති නිසාය. එපමණක් නොව comments පහසුකම් ස්ථාපනය කිරීමේදී පෙර අඩවිය විවිධ කාලවල මුහුණ පෑ ගැටළු සුළුපටු නොවේ. එම දුර්වලතාවයද මෙහිදී සම්පූර්ණයෙන් මඟහරවාගෙන ඇත. මෙහිදී සමහරක් පිරිස් මතු කරන තවත් චෝදනාවක් ඇත. ඒ මේක blog එකක් වගේ නේ යන්න. මෙහිදී ද අවබෝධ කරගතයුතු කාරණය නම් ඉදිරිපත් කරන කරුණූ නිවරුදි නම් එය blog එකක් ද? එසේ නොවේද? යන්න වැදගත් සාධකයක් නොවන බවයි. ඒ කෙසේ වෙතත් මෙය blog එකක්ද? යන කාරණය මොහොතක් විමසා බලන්නේ නම්,

අද වෙබ් අඩවි නිර්මාණය සම්බන්ධයෙන් ලොව ප්‍රකට තාක්ෂණය වන wordpress තාක්ෂණය මෙම යහමග අඩවියට ගලපාගෙන තිබීම ඉහත චෝදනාවට මූලික හේතුවයි. ඇත්තෙන්ම මෙම යහමග අඩවිය එම wordpress තාක්ෂණයෙනුත් ඔබ්බට ගිය එකක් යන්න කාලයත් සමඟ ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. ඒ සදහා ඔබේ දෘෂ්ඨිපතයට ගෝචර වන නිදසුන් දෙකක් ගෙනහැර දක්වන්නේ නම්,

පරිඝණක භාවිතා කිරීමේදී නොයෙක් පිරිස් නොයෙක් ප්‍රමාණයේ resolution වල තම පරිඝණකය භාවිතා කරයි. එවිට සමහරක් පිරිසට මෙම අඩවියේ ලිපි නැරඹීමේ දී අකුරු ඉතා කුඩාවට හා තවත් පිරිසකට එය විශාලව දකින්නට පුළුවන් වේ. මෙම තත්වය මඟහරවා ගැනීම පිණිස යහමග අඩවිය (-අ අ +අ) නම් තාක්ෂණය තුලින් ඔබට අවශ්ය ප්‍රමාණයට අකුරු සකසා ගතහැකි පහසුව සලසා දී එම අපහසුතාවය මඟහරවා ඇත.


ලිපි සදහා අදහස් comments ඉදිරිපත් කිරීමේ දී බොහෝ දෙනෙකුහට සිංහල භාෂාවෙන් අදහස් ලිවීමේ අපහසුව (යතුරු පුවරු හසුරුවාලීමේ අපහසුව) නිසා අදහස් නොලියායාම හෝ සිංග්රීකසියෙන් ලිවීමක් සිදුකරයි. මෙම අපහසුතාවය මඟහරවා ගැනීම සදහා විශේෂ පහසුකම් සලසා දී ඇති අතර එය මෙහි රූප සටහන මඟින් ද අවබෝධ කරගත හැකි වනු ඇත.


අන්තර්ජාලය තුල පවතින අන්කුත් වෙබ් හා blog අඩවිවලට සාපේක්ෂව ඉතා වේගවත් වෙබ් අඩවියක් ලෙස ක්රිරයා කිරීමට අවශ්යත බොහෝ තාක්ෂණික අංග මෙම අඩවියට එක්කොට ඇත. එය අන්තර්ජාලය තුල සැරිසරන ඕනෑම කෙනෙකු හට පහසුවෙන් අවබෝධ කරගත හැක.


මෙවැනි පහසුකම් සමූහයක් පොදිබැදගෙන නව යහමග අඩවිය ඔබ හමුවේ මෙලෙස දිගහැරෙන්නේ එදාට වඩා හෙට දිනයේ ඔබට පෙරට වඩා සමීපවීමේ අරමුණින් හා දිගු ගමනක් ඔබත් සමග යාමේ අරමුණෙනි. එහිදී මෙතෙක් යහමග අඩවිය සමඟ දුකේදීත් සැපේදීත් එකසේ සමීප වූ පැරණි පාඨක ඔබ මෙතැනදී යහමග හුදෙකලා නොකොට යහමග නව මුහුණූවර එකසිතින් වැලදගැනීමත් එහි සාර්ථකත්වය සදහා අදහස් හා යෝජනා ලබාදීමත් යහමග පවුලේ ඔබ සියළු දෙනාගේ වගකීම හා යුතුකම නොවේද? එම වගකීම ඔබ නිසි ලෙස ඉටුකරන්නේ නම් මේ යහමග අඩවිය හෙට දවසේ සාර්ථකත්වයේ පල නෙලනු ඇත. ඒ සදහා ඔබ සියළුදෙනාගේ නන්අයුරින් වූ සහයෝගය හා ආශිර්වාදය නැවත නැවතත් බලාපොරොත්තුවෙන් ඒ සදහා ආරාධනා කරමින් මේ ලිපියට විරාමය තබමි.


යහමග අඩවියට තවත් වසරක් ගෙවීගිය වගයි!

‘අතීතයේ පටන් ආගම් තුලින් මිනිසා ලද ආදර්ශ යහපත් සමාජ පැවැත්මක් උදෙසා තීරණාත්මක සාධකයක් විය. එනමුත් මානවයාගේ අධ්‍යාත්මික බැදීම අභිබවා ලෞකික බැදීම වැඩිවීමත් සමඟ එදා සාමයට, සහජීවනයට මඟපෑදු බොහෝ ආගම් අද වෛරය, ක්‍රෝධය හා ඊර්ෂියාව… වැනි සමාජ පරිහානියට මඟපාදන දෙයට යමක් මිනිස් සමාජයට දායාද කොට නැත. එවන් සමාජ පසුබිමක ‘ඉස්ලාම්’ මිනිස් සමාජයට පෙන්වාදෙන යහමග දිව්‍යමය ආදර්ශයකි. ඒ අසමසම දිව්‍යමය ආදර්ශය පිලිබදව සිංහල භාෂාව හසුරුවන ශ්‍රී ලාංකීය ප්‍රජාවට කිසියම් අවබෝධයක් ලබාදීම පිණිසත්, ඒ තුලින් ජාතීන් හා ආගම් අතර ගෞරවය හා අවබෝධය ගොඩනැඟීම පිණිසත් ‘යහමග’ නම් මෙම වෙබ් අඩවිය තුලින් පුංචි උත්සාහයක් දරමි.’


ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ මෙම වෙබ් අඩවිය අරම්භ කරන මොහොතේ මෙහි අරමුණු පැහැදිලි කරමින් ඉදිරිපත් කල ප්‍රකාශ යයි. එදා ශ්‍රී ලාංකීය සමාජය තුල ඉහත අරමුණූ ඔස්සේ ගමන් ඇරඹු ‘යහමග’ වෙබ් අඩවිය අද වනවිට එහි විෂය පථය තව තවත් පුළුල් කරමින් ඉදිරියට ගමන් කරමින් සිටින බව ඔබට පවසන්නේ හඳ පිරි සතුටිනි. ආගමික හා කාලීන කරුණූ මූලික කරගෙන වසර කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය ප්‍රජාව සමඟ සුහඳ ලෙස අදහස් හුවමාරු කරගන්නා වෙබ් අඩවියක් ලෙස මෙම වෙබ් අඩවිය ආරම්භ කොට (2012/12/07 දිනට) තවත් වසරක් නිමාවන මේ මොහොතේ පාඨක ඔබේ අවදානය පිණිස කෙටියෙන් හෝ කරුණූ කිහිපයක් සදහන් කරන්නට කැමැත්තෙමි.

එහි ප්‍රථමයෙන් සදහන් කලයුතු මූලිකම කාරණය වන්නේ ‘යහමග’ මේ දක්වා පසුකොට පැමිණි මාවත රතු පලස් මත සිදු වූ සුන්දර ගමන් මඟක් නොවන වගයි. සමාජ සම්ප්‍රදායන් හා සම්මතයන් දෙවැනි කොට සලකා දිව්‍යමය දහමේ ඉගෙන්වීමන්ට මුල් තැන දී ක්‍රියා කිරීම නිසා ශ්‍රී ලංකීය මුස්ලීම් සමාජයෙන් මෙන්ම මුස්ලීම් නොවන සහෝදර සමාජයෙන් ද ‘යහමග’ ට එල්ල වූ බාධාකිරීමන් හා අභියෝගයන් සුළුපටු නොවේ. (මේ පිලිබදව ‍මීට ඉහත මෙම අඩවිය තුල දීර්ඝ ලෙස කථා කොට ඇත.) ඒ ආකාරයට විටින් විට එල්ලවන බාධා කිරීමන් කවදත් අභීයෝගයක් ලෙසම ‘යහමග’ බාරගත් නිසා අද වඩාත් සාර්ථක වෙබ් අඩවියක් ඔබට ඉදිරිපත් කිරීමට හැකි ඇත. මේ සියළු කාරණයන් සවිස්තරව මා ‘යහමග අඩවිය ගැන’ යන ලිපිය තුලින් මීට ඉහත මෙම අඩවිය තුල කථා කොට ඇති නිසා යලිත් එම විෂයට යොමු නොවෙමි. එනමුත් මෙහිදී කණගාටුවෙන් වුවද සදහන් කලයුතු වැදගත් කාරණයක් ද ඇත. ඒ ඉහත අරමුණූ පෙරදැරිව ක්‍රියා කරමින් ශ්‍රී ලාංකීය සමාජය තුල කිසියම් ධනාත්මක වෙනසක් සිදු කිරීමට බොහෝ පිරිස් කොතරම් වෙහෙසුනත් ඒ සියල්ල ‘ගඟට කැපූ ඉනි’ මෙන් නිෂ්පල කර දමන ව්‍යාපාරයන් ද මේ සමාජය තුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා යන්නයි.

විශේෂයෙන් අතීතයේ පටන් මනුෂ්‍යාගේ අධ්‍යාත්මික යහපතට කටයුතු කල ආගම දහම අද පදික වේදිකා, පෙට්ටි කඩ… යනාදියේ පටන් මෙගා ව්‍යාපාර දක්වා හොදට අලෙවි වන සාර්ථක වෙළද ව්‍යාපාරයන් බවට පරිවර්ථනය වී ඇත. සමහරක් පුජකවරුන් හා ආගමික විද්වතුන් එහි ‘මුදලාලිලා’ බවට පරිවර්ථනය වී ඇත. එපමණක් නොව දේශපාලන භූමිකාවක් නිර්මාණය කරගැනීම, පුද්ගල ජනප්‍රියත්වය, සමාජ ගෞරවය හා අසීමිත ලෙස මුදල් උපයාදෙන මාර්ග… යනාදී වශයෙන් ‘කෝකටත් තෛලක්’ බවට අද ආගම දහම පරිවර්ථනය කොටගෙන ඇත. මේ ආකාරයට එහි ශූද්ධ අරමුණුවලින් බැහැරව අද සමහරක් ක්‍රියා කිරීමට පෙළඹිම නිසා ආගම දහම කෙරෙහි පැවතී පිලිගැනීම හා ගෞරවය අද රුපියල් ශතවලින් හා හිස් (ඔලු)ගෙඩිවලින් නිර්ණය කරන පහත් තැනට සමාජය පත්ව ඇත. ඔබ අන්තර්ජලය තුල නිතර සැරිසරණ කෙනෙකු නම්, විශේෂයෙන් සිංහල භාෂාමය වෙබ් අඩවීන් අතර සැරිසරණ කෙනෙකු නම් මා පවසන මෙම තත්වය එහි සුළභව හා මනාව දැකගත හැකි වනු ඇත.

බුද්ධිමත් ඔබේ නිරීක්ෂණය සදහා එවැනි එක් නිදසුනක් පවසන්නම්,

ආගම දහම පෙරටු කරගෙන ක්‍රියාත්මක බොහෝ වෙබ් හා බ්ලොග් අඩවීන් හොදින් නිරීක්ෂණය කර බලන්න එහි බො‍ඩ් ලෑල්ල (Domin name) හා බැනරය (Banner) හැර එහි ආගමික කරුණූ කිසිවක් අන්තර්ගත ද කියා. සීමිත වෙබ් අඩවීන් සංඛ්‍යාවක් ආගම දහම පිලිබදව කථා කලත් එහි අන්තර්ගතව ඇත්තේ ඒ ඒ පුද්ගල මතවාද පමණි. එසේ වුවද කම් නැත තවත් සමහරක් එවැනි වෙබ් අඩවි තුල දක්නට ඇත්තේ තවත් ජාතියක් හෝ ආගමක් ගැරහීමට ලක්කොට ජාතීන් අතර වෛරය, ක්‍රෝධය හා ඊරෂ්‍යාව… වැනි පහත් ගුණාංග වර්ධනය කරන මිත්‍යා අදෝනාවන් පමණි.

ඉහත තත්වයට අමතරව තවත් ආකාරයේ වෙබ් කලාවක් ද මෑතක සිට අප රට තුල බිහි වෙමින් ඇත. ඒ පහත් මානසික හැඟීමන් අවධි කරවන ඕපාදූපයක් එසේත් නැත්නම් එවැනි වෙනත් බහුබූතයක් තම අඩවිය තුල පලකොට ඊට පාඨක Like හා Comments අසීමිත ලෙස ගෙන්වාගෙන ඒ තුලින් ජනප්‍රියත්වයක් හා වෙළද දැන්වීම් ලබා ගැනීමේ ව්‍යාපාරයයි. ‍ඔබ වෙබ් පිටුවල comments කියවන කෙනෙකු නම් මෙම තත්වය පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත. එහි කොතරම් පහත් අන්දමේ ප්‍රතිචාර (Comments) ලිය වෙනවාද? යන්නත්, එම පහත්


මෙම අඩවිය අප රටේ තරුණ පිරිස් අතර ජනප්‍රිය අඩවියක් නමුත් ඉහත post එක බලන්න මාතෘකාව හැර වෙන කිසිවක් එහි ලියා නැත. තවද මෙහි අරමුණ කුමක්ද? යන්න මා පැහැදිලි කොට ඔබ අවබෝධ කරගැනීමට අවශ්‍ය නොවේ යයි සිතමි. ක්‍රියාවට කොතරම් මනාප (Vote) හිමි වනවාද? යන්නත් ඔබට පහසුවෙන් දැකගත හැක. එපමණක් ද නොවේ තම වෙබ් හෝ බ්ලොග් අඩවි තුල ලිපි (Post) සංඛ්‍යාව වැඩි කර ගැනීම පිණිස මොකක් හෝ වාර්ථා කරන තත්වයට ද මෙම පිරිස අද පත්ව ඇත.

මේ ආකාරයට ඉහතින් කරුණූ කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන ආවේ අප රටේ අන්තර්ජාල භාවිතය හා වෙබ් කලාව කොයි ඉසව්ව කරාද? යන්න පැහැදිලි කරදීමට වඩා ‘යහමග’ අඩවියේ ගමන් මඟ කොයි ඉසව්ව කරාද? යන්න පැහැදිලි කරදීම පිණිසයි. මෙහිදී ‘යහමග’ අඩවිය ඉහත සියළු දුර්වලතාවයන්ගෙන් 100% මිදුනු නිවරුදි වෙබ් අඩවියක් බව තීන්දු කිරීමට මා ඉක්මන් නොවෙමි. මන්ද තනි පුද්ගලයෙකුව හිඳ වසර කිහිපයක් මුළුල්ලේ විවිධ මාතෘකා ඔස්සේ ඔබට කරුණූ ගෙන ඒමේදී මනුෂ්‍යයන් ලෙස මා අතින් ද වරදක් අතපසුවීමක් සිදුවිය හැකි බැවිණි. එවැනි අවස්ථාවන් පාඨක ඔබ පෙන්වා දී මීට පෙර වැරදි නිවරුදි කල අවස්ථාවන් ද නැතුවා නොවේ. එමනිසා ඉහත විනිශ්චය පාඨක ඔබට ම භාර කරමි. නමුත් එක් කාරණයක් ‘යහමග’ ට පැහැදිලිව පැවසිය හැක. ඒ ‘අප රටේ පවතින තුට්ටු දෙකේ ජනප්‍රිය වෙබ් හා බ්ලොග් කලාවට යහමග බිලිවී නැත’ මන්ද කවදත් ‘යහමග’ සිටියේ ‘අවබෝධයෙන් ගොඩනැඟුණු ඒකීය සමාජයක්’ යන සරල නමුත් ශුද්ධ වූ ගැඹූරු අරමුණක වන බැවිණි.

මෙය අප රටේ සමාජ සාධාර්ණත්වය හා මනුෂ්‍යත්වය අගයන බහුතර ජනතාවගේ පැතුම යන්නෙ හි සැකයක් නැත. එසේ නම් ඒ අරමුණු මුදුන්පත් කර ගැනීම පිණිස ඒකීය ජාතියක් ලෙස හිඳ ක්‍රියා කිරීමට අපට ශත්කිය දෛර්‍යය අපට ලැබේවා!, යනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් මා ප්‍රාර්ථනා කරමින් මේ සටහනට විරාමය තබන්නේ ගෙවීගිය වර්ෂය තුල ‘යහමග’ ට සහය වූ තවත් සුවිශේෂී පුද්ගලයන් කිහිපදෙනෙකු ස්තූති පූර්වකව සිහි කරවමිනි.

‘යහමග’ අඩවියට ආරම්භයේ පටන් පැවතී විශාල අභීයෝගයක් වූ වෙනත් ආයතනයක නමින් පැවතී yahamaga.com නම් Domin නම අබූ අර්ශද් අයිතියට පවරා ගැනීමේ දී දැඩි කාර්‍යබහුලත්වයක් මධ්‍යයේ අවශ්‍ය තාක්ෂණික උපදෙස් පමණක් නොව ඊට අවශ්‍ය ශ්‍රමය ද ලබාදී එය සාර්ථකව ඉටු කරදුන් ‘නව්ෆර් සහෝදරයා මෙහි ස්තූති පූර්වකව සිහි කරමි. ‘යහමග’ අඩවිය සමඟ නිරන්තරයෙන් සිටින එසේම විටින් විට ‘යහමග’ මුහුණපාන තාක්ෂණික ගැටළුවල දී මැදිහත් වන අස්මිල් සහෝදරයා ද මෙහි ස්තූති පූර්වකව සිහි කරමි. අවසාන වශයෙන් මේ සියළු සාර්ථකත්වයට උරදුන් හා නන්අයුරින් සහය වූ මාගේ මිතුරන් හා විශේෂයෙන් පාඨක ඔබද ස්තූති පූර්වකව සිහි කරමින් ද ඔබ සියළු දෙනාට අල්ලාහ් (දෙවි)ගේ ආදර්ය හා ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ ලිපිය අවසන් කරමි.


යහමග ඇරයුම පාඨක ඔබටයි

ශ්‍රී ලාංකීය සමාජය තුල වසර ගණනාවක් මුළු‍ල්ලේ දහම මෙහෙවරක නිරතව සිටින ‘යහමග’ අඩවිය එදා මෙදා තුර පසුකල බාධක හා ජය කනු එකක් දෙකක් නම් නොවේ. කවදත් ඔබ ලබාදෙන ප්‍රශංසාවන් හමුවේ අමන්දානන්දයට පත්වනවාට වඩා නව අදහස්, යෝජනා හා විවේචන මෙම අඩවියේ සාර්ථකත්වයට ආශීර්වාදයක් කොට ගෙන අඛණ්ඩ මෙහෙවරක නිරතව සිටින ‘යහමග’ අඩවිය අද දිනයේ ඔබට ඇරයුමක් කරන්නට කැමැත්තෙමි.


මෙතෙක් කල් පාඨකයෙක් ලෙස හිද මා දිරිගන්වමින් සාර්ථක ගමන් මඟකට ‘යහමග’ මෙහෙය වූ ඔබේ වගකීම එයින් නිමා නොවේ. ඔබ ද ඉස්ලාම් දහම හා මුස්ලීම් සමාජය වෙනුවෙන් යමක් ලියන්නට හෝ කියන්න අපොහොසත් කෙනෙකු නොවේ යන්න මාගේ දැඩි විශ්වාසයයි. එසේම මාගේ අල්ප දැනුමක් තුල මෙතෙක් දුර ආ ‘යහමග’ ඉදිරයේ යෝධ පියවරයන් තැබීමට නම් ඔබගේ සහය ‍එහි තීරණාත්මක සාධකයක් යන්නත් මාගේ දැඩි විශ්වාස යයි. විශේෂයෙන් වර්ථමානයේ රට තුල නිර්මාණය වෙමින් පවතින සමාජ තත්වයන් සමඟ ඉස්ලාම් දහමටත්, මුස්ලීම් සමාජයටත් මෙම වගකීමෙන් බැහැර වීමට නොහැක. එසේ නම් ඔබත් ඔබේ ශක්තියට හැකි පමණින් දහම් මෙහෙවරේ නිරත වියයුතුව ඇත. ඒ සදහා ‘යහමග’ සූදානම් ඔබට වේදිකාවක් සලසා දෙන්න.

ඔබත් ‘යහමග’ අඩවියට කාලීන මාතෘකාවන් ඔස්සේ (යුනිකෝඩ් ක්‍රමයට) ‘යහමග’ ට ලියන්න. ඔබේ ලිපි ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුකූල නම් එය ‘යහමග’ අඩවිය තුල ‘පාඨක නිර්මාණ’ යටතේ පලකරන්න සූදානම්, වර්ථමාන සමාජයට කාලීන වශයෙන් වැදගත් යයි හැ‍ෙඟන ඉස්ලාම් දහම මූලික කරගත් වීඩියෝ, ඕඩියෝ, පිංතූර හෝ වෙනයම් දත්ත ඔබ සතුව තිබේ නම්, එය සදහා අන්තර්ජාලය ඔස්සේ පුළුල් සමාජ අවධානයක් ලබා ගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, ඒ සදහාත් ‘යහමග’ අවස්ථාව සලසා දෙන්න සූදානම්, ‘යහමග’ අඩවියේ සාර්ථකත ඉදිරි ගමන සම්බන්ධයෙන් ඔබට කිසියම් යෝජනාවත් අදහස් දැක්වීමක් හෝ දායකවීමක් ලබාදීමට අදහස් කරන්නේ නම් ඒ සදහාත් අවස්ථාවන් ලබාදීමට ‘යහමග’ සූදානම්, ‘යහමග’ අඩවිය ආරම්භ කොට ඇති තවත් පුළුල් මෙහෙවරක් වන්නේ www.alquran.yahamaga.com නම් ශූද්ධ වූ කුර්ආනය පිලිබදව පුළුල් සංවාදයක් ශ්‍රී ලාංකීය සමාජය තුල ඇති කිරීමේ අඩවියයි. මෙම මෙහෙවර සාර්ථක කර ගැනීම සදහා ද පාඨක ඔබ සියළු දෙනාගේ පූර්ණ දායකත්වයක් ‘යහමග’ අපේක්ෂා කරමින් ආයාචනා කර සිටිමි. (වැඩි විස්තර සදහා එම අඩවිය බලන්න)


යහමග අඩවිය අඛණ්ඩ මෙහෙවරක

මීට වසර කිහිපයකට ඉහත ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසය…’ යන තේමාව පෙරටු කොට අරඹන ලද ‘යහමග’ වෙබ් අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල යහපත් මෙහෙවරක් සිදු කරන වෙබ් අඩවියක් බවට පත්ව ඇත. සිංහල භාෂාව හසුරුවන ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව කිසියම් අවබෝධයක් ලබාදීම එකම අරමුණූ කරගෙන ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවිය අද වනවිට එහි විෂය පථය පුළුල් කරමින් ඉදිරියට ම ගමන් කරමින් ඇත. මෙලෙස ඉදිරියට යන ‘යහමග’ අඩවිය තම ගමන් මඟ තුල තවත් වසරක් නිමා කොට නව වසරක් අභියස සිටින මේ මොහොතේ ගෙවීගිය වසර පිලිබදව වූ මිහිරි හා අමිහිරි මතකයන් බොහොමයක් ඉතිරිව තිබුණත් මෙය ඒ පිලිබදව කථා කිරීමට සුදුසු අවස්ථාවක් නම් නොවේ.


විශේෂයෙන් ගෙවීගිය වර්ෂය තුල ශ්‍රී ලාංකීය සමාජය තුල සීඝ්‍රයෙන් වර්ධනය වූ සිංහල ජාතිවාදී ව්‍යාපාර ඉස්ලාම් දහමටත් මුස්ලීම් සමාජයටත් එල්ල කල අභියෝගය කිසිසේත් සුළුකොට තැකිය නොහැක. මෙවැනි ව්‍යාපාර හමුවේ ‘හතු පිපෙනවා සේ’ ජාතිවාදයට එරෙහි බොහෝ ව්‍යාපාර විශේෂයෙන් වෙබ් හා බ්ලොග් අඩවීන් නිර්මාණය වීම හා එවැනි ව්‍යාපාරවලට එරෙහිව පෙනීසිටීම සතුට ට කාරණයක් මෙන්ම ‘යහමග’ ට ද ශත්කියක් වූවත්, එවැනි ව්‍යාපාර අති බහුතරයක් මේ වනවිට ‘හිරු දුටු පිණි බිංඳු’ මෙන් කරලියෙන් සමුගැනීම අවාසනාවන්ත මෙන්ම කණගාටුදායක තත්වයකි. මෙවැනි සමාජ පසුබිමක ‘යහමග’ ට තම වගකීම හැකි පමණින් හෝ අඛණ්ඩව ඉටුකිරීමට හැකිවීම පිලිබදව අද ‘යහමග’ අවංකව සතුටු වන අතර ඒ සදහා දැඩි අදිෂ්ඨානයක්, ධෛර්‍යයක් හා සිත් තුල උනන්දුවක් ඇති කල අල්ලාහ් (දෙවි)ට ‘අල්හම්දුලිල්ලාහ්’ යයි තූති පුදකර සිටිමි.

සියල්ල මිල මුදලින් තීන්දු කරන ලෝකයක් තුල අද අපට දක්නට ඇත්තේ ආගම දහම විවිධ වූ පටු අරමුණු සදහා අවස්ථාවක් කරගත් සමාජ පසුබිමකි. එවැනි සමාජයක් තුල තනි පුද්ගලයෙකු ලෙස එසේම රාජකාරි වශයෙන් හා පවුල් වගකීමන් තුල සිර වී මේ ආකාරයට මෙම අඩවිය පවත්වාගෙන යාම එතරම් සරල කාරණයක් නොවේ. ජීවිතයේ බොහෝ දුෂ්කරතාවයන් හා කාර්‍ය බහුලත්වයන් මධ්‍යයේ අඛණ්ඩව මෙලෙස ඔබ හා ඉස්ලාම් දහමේ දැනුම බෙදාහදාගෙන වසර ගණනාවක් කටයුතු කිරීමට හැකිවීම පිලිබදව ප්‍රථමයෙන් අල්ලාහ් (දෙවි)ට තුති පුදන අතර රටේ සුළු ජාතිකයෙකු ලෙස මෙය කිසිසේත් මඟහැර යාහැකි වගකීමක් නම් නොවන බවත් මා පැහැදිලිව අවබෝධ කර සිටිමි. ඒ අනුව එම වගකීම පහත අරමුණු හා ඉලක්ක ඔස්සේ ‘යහමග’ අඩවිය තුලින් ඉටුකරන්න උත්සාහ කරමි.

ආගම් අතර අවබෝධයෙන් ගොඩනැ‍ගෙන සාමකාමී හා සහජීවනයෙන් පිරි රටක් නිර්මාණය කිරීම, අද ආගම් වෛරය, ක්‍රෝධය හා ඊර්ෂියාවට වඩා යමක් මිනිස් සමාජයට දායාද කොට නැත. එවන් සමාජ පසුබිමක ‘ඉස්ලාම්’ පෙන්වාදෙන දිව්‍යමය ආදර්ශය මිනිස් සමාජයට කියාපෑම, ජාතිවාදී කල්ලීන් ‘ආගම්’ නමින් සමස්ථ ජාතියට කරන විනාශය ජාතියට අනාවර්ණය කිරීම, සියළු ජාතීන් අතර සහෝදරත්වයෙන් බැඳි සුභ අනාගතයක් ගොඩනැඟීම, අල්ලාහ් (දෙවි) විසින් ලබාදුන් උතුම් දහම මිනිස් සමාජයට අනාවර්ණය කිරීම, මෙවැනි යහපත් අරමුණු රාශියක් මූලික කරගෙන ක්‍රියාත්මක වන ‘යහමග’ වෙබ් අඩවිය 2013 වර්ෂයේ සිට ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය ඉලක්ක කරගෙන ඉස්ලාම් දහම පිලිබදව හා එහි නීතිරීති පිලිබදව කථා කිරීම ද ආරම්භ කරන ලදී. ඒ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය තුල පවතින ආගමික අනවබෝධ අවස්ථාවක් කරගෙන විවිධ පාර්ශවයන් මුස්ලීම් සමාජය නොමඟ යැවීමටත්, ඔවුන් ‘සම්ප්‍රදායක’ හා ‘සම්ප්‍රදායක නොවන’ මුස්ලීම්වරුන් ලෙස භේදබින්න කිරීමටත් ක්‍රියා කරන ආකාරයක් පසුගිය කාලවල දක්නට ලැබූ නිසා ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව මුස්ලීම් සමාජය තුල කථා කිරීමේ වගකීම ද ‘යහමග’ බාරගන්නා ලදී.

වසර ගණනාවක් මුළුල්ලේ විවිධ පිරිසගේ හා සංවිධානවල බාධක කිරීමන් මධ්‍යයේ ඒ සියළු බාධා කිරීමන් ආශිර්වාදයක් කරගෙන ඉදිරියට ගලායන යන ‘යහමග’ අඩවිය. ඒ සියල්ල තනිවම දිනාගත් ජයග්‍රහණයන් නම් නොවේ. මෙම අඩවියේ සාර්ථකත්ව සදහා මේ පසුපස හිඳ මෙය හැඬ කරන කිහිපදෙනෙකු ද සිටින බව මෙහි සදහන් නොකරන්නේ නම් එය විශාල අඩුවකි. ඒ,

ආරම්භයේ මෙම අඩවියට ‘යහමග’ යන නම යෝජනා කොට එදා පටන් මේ දක්වා ‘යහමග’ ගන්නා සෑම පියවරක දීම ඒ සදහා දිරිය ලබාදෙමින් කටයුතු කරන ‘ඉබුනු ජෙමීල්’ සහෝදරයා මෙම අඩවියේ සාර්ථකත්වය තුල ප්‍රධාන චරිතයකි. ඔහුට අල්ලාහ් (දෙවි)ගේ ආරක්ෂාව හා අශිර්වාදය ද සියළු කටයුතුවල සාර්ථකත්වය ද ‘යහමග’ ප්‍රාර්ථනා කර සිටිමි. විදේශ රටක කාර්‍යබහුල සේවයක නිරත වන අතර තුර තම බිරිදගේ ද පූර්ණ දායකත්වය ලබාදෙමින් මෙම අඩවිය තුල පැවතී තාක්ෂණික දුර්වලතාවය. එනම් HTML අඩවියක් ලෙස පැවතී මෙම අඩවිය PHP අඩවියක් ලෙස පරිවර්ථනය කොට ඉතා අලංකාර අඩවියක් ලෙස මෙය නිර්මාණය කර දී මෙහි ඉදිරි ගමනට ද අවශ්‍ය තාක්ෂණික උපදෙස් ද ලබාදෙමින් සහය වූ අස්මිල් සහෝදරයා ඇතුළු ඔහුගේ පවුලේ සියළු දෙනා සතුටින් මතක් කරන අතර දුර රටක ජීවත් වන ඔහු ඇතුළු පවුලේ සියළුදෙනාට අල්ලාහ් (දෙවි)ගෙන් ආශිර්වාදය හා ආරක්ෂාව මෙන්ම සාර්ථකත්වය ද ‘යහමග’ ප්‍රාර්ථනා කර සිටිමි. මීට අමතරව බොහෝ කාර්‍යබහුලත්වයන් මධ්‍යයේ ඉතා දුෂ්කර කාර්‍යයක්ව පැවතී yahamaga.com නම් Domin නාමය මාගේ නමින් ලියාපදිංචිව නොපැවති. අවස්ථාවක එය අබූ අර්ශද් අයිතියට පවරාදීමට මැදිහත් වී සාර්ථකව එය ඉටුකර දුන් නව්ෆර් සහෝදරයාට ද ‘යහමග’ ස්තූතිය පුදකරන අතර ඔහුට අල්ලාහ් (දෙවි)ගේ ආරක්ෂාව හා අශිර්වාදය ද සියළු කටයුතුවල සාර්ථකත්වය ද ‘යහමග’ ප්‍රාර්ථනා කර සිටිමි. මීට අමතරව මෙම අඩවියට වටිනා ලිපි ලබාදෙමින් පාඨකයින් වශයෙන් ඔබ ලබාදුන් පාඨක නිර්මාණ ද ‘යහමග’ අඩවියට විශාල ශක්තියක් වූ අතර එම පිරිස ද සතුටින් මෙහි මතක් කර සිටිමි. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ, ‘යහමග’ අඩවියට තවත් වර්ෂයක් නිමා වුවත් ‘යහමග’ මෙහෙවරේ නිමාවක් නම් පෙනෙන තෙක් මානයක නැත… නමුත් මේ මොහොතේ ඔබ පතන දහසක්… දසදහසක් දෑ… මෙහි නොමැති වන්නට පුළුවන… නමුත් පුංචිම පුංචි දෙයක් හෝ ඉටුකොට ඇතැයි මා හට සතුටු වන්නට පුළුවන… එපමණක් නොව, මේ මෙහෙවර අදට නොව උදාවන හෙට දවස සදහාය… ඒ තුල යහපත් අරමුණු දිනාගැනීම සදහාය… වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නම් අඳුරු දුරළු යහපත් සමාජයක් සදහාය… ආශ්චර්‍යමත් දේශයක් උදෙසාය… එසේනම් අවංක වූ ඒ මෙහෙවරේ සාර්ථකත්වය සදහා ඔබ සියළුදෙනාගේ අවංක වූ ප්‍රාර්ථනාව ‘යහමග’ සදහා අපේක්ෂා කරමින් මේ කෙටි සටහනට විරාමය තබන්නේ, ‘යහමග’ අඩවියට නන්අයුරින් සහය දැක්වූ සෑම සියළුදෙනාටම ‘යහමග’ ස්තුතිය ද පුදකරමින.



යහමග WiKi (විකී) අඩවියක් ලෙස පරිවර්ථනය කිරීම

යහමග අඩවිය පාඨක ඔබට වඩාත් සමීප කරවීම පිණිස සහ මෙහි මෙහෙවර පුළුල් කොට නිදහස් අඩවියක් ලෙස ඉදිරිපත් කිරීම අරමුණු කරගෙන 2023/02/10 දින සිට මෙම අඩවිය Wiki (විකී) අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ.

මේ ආකාරයට දීර්ඝ ගමනක් පසුකොට ආ යහමග අඩවිය හමුවේ දැන් දැන් අළුත් අභියෝග රාශියක් නිර්මාණය වෙමින් ඇත. එම අභියෝගයන් හමුවේ ‘යහමග’ ඉදිරි ගමන වඩ වඩාත් සාර්ථක වීමට නම්, මේ මොහොතේ ඔබේ දායකත්වය ඉතා අත්‍යඅවශ්‍ය කාරණයක් වී ඇත. ඒ ඔබේ යෝජනා, අදහස් හා අවංක ලෙස ඉදිරිපත් වන විවේචන ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඒ සදහා පාඨක ඔ‍බ සියළු දෙනාගේ දායතත්වය පහතින් ‘අදහස් (comments)’ ලෙස හෝ admin@yahamaga.lk ඊමෙල් ලිපිනයට ඊමේලයක් ලෙස ලබාදෙන මෙන් මෙයින් ඉල්ලා සිටිමි.

පාඨක ඔබේ අවධානයට...

  • මෙම වෙබ් අඩවියේ ඇති ලිපි වඩාත් හොදින් හා පැහැදිලිව කියවීමට ‘Malithi Web’ නම් යුනිකෝඩ් සිංහල අකුරු ඔබේ පරිගනකයේ ස්ථාපනය කරගන්න.
  • පාඨක ඔබේ ලිපි යහමග අඩවිය වෙත එවන්න. ඒ සදහා යහමග අඩවිය විවෘතයි.


යහමග මෙහෙවර සමනළ ආචරණයක් වේවා!

දිනෙන් දින තම මෙහෙවර පුළුල් කරමින් ඉදිරියට යන යහමග අඩවිය අද දිනයේ තම 14 වන වර්ෂය පසු කොට 15 වන වර්ෂයට පා තබයි.

"ලොව කොතැනක හෝ සමනලයකුගේ පියාපත් විහිදීම ලෝකයේ වෙනත් තැනකට ප්‍රබල සුලි කුණාටුවක් ඇති කිරීමට තරම් හේතු විය හැකිය." යන්න සමනළ ආචරණය නොහොත් butterfly effect වේ. මෙහි අදහස නම්, ලොව කොතැනක හෝ දරණ පුංචි උත්සාහය කවදා හෝ කොතැනක හෝ මහා ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි යන්නයි. යහමග අඩවිය මේ දරණ පුංචි උත්සාහයත් "සමනළ තටු ගැසීමක් වැනිය" එහි ප්‍රතිපලය කවදා හෝ කොතැනක හෝ මහා විශාල මෙහෙවරකට හේතු වනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. මන්ද අප කරන ඕනෑම දෙයකට කාලයත් සමඟ සැලකිය යුතු දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. මෙය සොබාදහමේ මට්ටමින් මෙන්ම මිනිස් ක්‍රියාවන්ගේ මට්ටමින් සහ අපගේ පෞද්ගලික ක්‍රියාවන්ගෙන් ද අත්විඳින කාරණයකි.

මෙම මෙහෙවර යහපත්, පලදායි සහ බලවත් මෙහෙවරක් වීමට ඔබගේ වටිනා ප්‍රාර්ථනාව තුල යහමග මෙහෙවර ද එක් කරගන්න.



මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/02/29

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම