Talk:නිමා නොවන ළමා හිංසන

From Yahamaga

ළමයින්ට හදි කළොත් නහර කපයි

ළමයින්ව දුෂණය කරනු ලබන වරදකරුවන් දැඩි දඬුවම් ලබා දීමේ පනත් කෙටුම්පතක් මැඩගස්කර් සෙනෙට් සභාව පසුගියදා සම්මත කළේය.නව පනතට අනුව වයස අවුරුදු 17 ට අඩු ළමයින් දූෂණය කරනු ලබන පුද්ගලයන් ශල්‍යකර්මයක් මගින් හෝ රසායනිකව වඳභාවයට පත් කිරීමට නීතියෙන් අවසර හිමිවේ.

එහිදී වයස අවුරුදු 10 ට අඩු ළමුන් දූෂණය කරනු ලබන වරදකරුවන්ගේ වෘෂණ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කරනු ලබයි.එසේම වයස අවුරුදු 10 ත් 13 ත් අතර ළමුන් දූෂණය කරනු ලබන වරදකරුවන් එම ශල්‍යකර්මය මගින් හෝ රසායනිකව වඳභාවයට පත් කරනු ලබන අතර අවුරුදු 14 ත් 17 ත් අතර ළමුන් දුෂණය කරනු ලබන වරදකරුවන් රසායනිකව වඳභාවයට පත් කරනු ලබයි.

මෙම පනත් කෙටුම්පත පසුගිය 2 වැනිදා මැඩගස්කර් පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර පසුගිය සතියේදී එම පනත් කෙටුම්පත සෙනෙට් සභාවේදී සම්මත විය.

මෙම නව නීතියට මානවහිමිකම් ක්‍රියාකාරීන්ගෙන් විවේචන එල්ල වී ඇතත් මෙයට විශාල පිරිසක් සහාය දක්වන බවද පැවැසෙයි.සහාය දක්වන පිරිස් පවසන්නේ ළමයින් දුෂණය කරනු ලබන වරදකරුවන් මෙවැනි දැඩි දඬුවමක් ලබා දීම තුළින් ළමයින්ට සිදුවන අපරාධ අඩුකිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙම නව නීතිය ක්‍රියාත්මක වීමට නම් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයෙන් අවසරය හිමිවිය යුතු වේ.

https://www.lankadeepa.lk/latest_news/%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B6%A7-%E0%B7%84%E0%B6%AF-%E0%B6%9A%E0%B7%85%E0%B6%AD-%E0%B6%B1%E0%B7%84%E0%B6%BB-%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA/1-647675