Talk:ජාතික සිරකරු දිනය හා ඉස්ලාමීය මඟපෙන්වීම

From Yahamaga

සොරකමේ ගිහින් තිස් දෙවැනි වතාවටත් පොලීසියට මාට්ටු

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරුන් තිස් එක් දෙනෙකුගේ නිවාස වරින් වර බිද වරදකරු වී සිර දඩුවම් විද නිදහස්ව පැමිණ තිස් දෙවන වරට ගාල්ල වැලිවත්තේ පදිංචි නීතිඥවරයෙකුගේ නිවසට ඇතුලුවී රුපියල් විසි ලක්ෂ හය දහසක් වටිනා රන් අබරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි .

පවුලේ සාමාජිකයන් රාත්‍රි නින්දට ගිය පසු ජනේලයකින් ඇතුලුවු සෙරෙකු නිවසේ අල්මාරියක තිබු රුපියල් විසි ලක්ෂ හය දහසක් වටිනා මුදු,මාල, වළලු ඇතුලු තවත් රන් අබරණ රැසක් සොරකම් කර ගෙන ගොස් ඇති බවට නීතිඥවරයා පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙලිවූ තොරතුරු මත සැකකරු විසින් සොරකම් කරන ලද රන් අබරණ ගාල්ල කලුවැල්ලේ රන් අබරණ වෙළඳ සැලකට විකුණා තිබියදී සොයා ගත් බවද පොලිසිය සඳහන් කළේය.

https://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/1-644618