Talk:තරුණ තරුණියන් සිහින ලොවක අතරමං කරන Network Marketing මුලාව

From Yahamaga

පිරමීඩ් ජාවාරමක මහමොළකරුවෙක් දැලේ

කොළඹ වරාය නගරයේ ආයෝජකයෙකු බව පවසමින් ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරමක් හරහා උපයාගෙන කැසිනෝ ගසා වැය වූ කෝටි හතරකට අධික මුදල කොල්ල කෑ බව ගණුදෙනුකරුවන්ට හැගවීමට ව්‍යාජ පැමිණිල්ලක් කළ පිරමීඩ ජාවාරමේ චීන ජාතික මහ මොළකරුවකු ඇතුළු සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

ආයුධ අතැතිව පැමිණි තිදෙනකු මරණීය තර්ජනය කොට රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් සිය නිවසින් කොල්ල කා පලා ගිය බවට ඔහු පසුගියදා පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි.

විමර්ශනය කිරීමේ දී අදාළ පැමිණිල්ල ව්‍යාජ එකක් බවත් පිරිමීඩ ජාවාරමෙන් උපයා ගත් මුදලින් කැසිනෝ ගසා පරාද වීම නිසා එම මුදල කොල්ලකෑ බව ගනුදෙනුකරුවන්ට හැඟවීමට ව්‍යාජ පැමිණිල්ලක් කළ බවට අනාවරණය වී තිබේ. ඒ අනුව චීන ජාතිකයින් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%93%E0%B6%A9%E0%B7%8A-%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A-%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A/101-638803

පිරමීඩ අධ්‍යක්ෂකගේ දේපොළට තහංචියක්

නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩීටී’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20ක් නැවත දැනුම්දෙ නතුරු පැවරීම සහ විකිණීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සිවු දෙනකුට අද (04) නියෝගයක් නිකුත් කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ මාතර, කළුතර, හම්බන්තොට සහ කඩවත යන ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන්ටය.

මෙම සිද්ධියට අදාළ අධ්‍යක්ෂවරයාගේ දේපළවල මුහුණත වටිනාකම රුපියල් කෝටි 62කට අධික වන අතර, ඒවා පිරමීඩ ජාවාරමෙන් උපයාගත් ඒවා බවට හඳුනාගෙන ඇති බැවින් මෙම දේපළ පැවරීම හෝ විකිණීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20හි සුපිරි හෝටලයක් මෙන්ම නවීන පන්නයේ සුපිරි නිවාස කිහිපයක් ද වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මාතර ප්‍රදේශයේ සුපිරි නිවාස සහ සුපිරි හෝටල් සහිත ඉඩම් 06ක්, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් 02ක්, කඩවත ප්‍රදේශයේ ඉඩම් 02ක් සහ කළුතර ප්‍රදේශයේ ඉඩම් 10ක් මෙලෙස පැවරීම සහ විකිණීම තහනම් කරමින් නියෝග නිකුත් කෙරිණි.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අය මෙම ඉඩම් 20 ම සිය බිරිඳ සහ ඥාතීන් වෙත එකම දිනයකදී පැවරීම සිදුකර සිය වංචාව සැඟවීමට උත්සාහ දරා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි රාශියක් ලැබී ඇති බවත් ඉන් පැමිණිලි 10ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

එම පැමිණිලිවලට අනුව පැමිණිලිකරුවන් දෙදෙනකුගෙන් පමණක් රුපියල් කෝටි 5කට අධික මුදලක් මෙම ඡාවාරම්කරුවන් විසින් වංචා කරනු ලැබ ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.

https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%93%E0%B6%A9-%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7-%E0%B6%AD%E0%B7%84%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/101-639267

’’ඔන්මැක්ස් ඩීටී’’ අධ්‍යක්ෂවරු 5 දෙනා රිමාන්ඩ්

නීති විරෝධී අන්දමින් පිරමීඩ ජාවාරම් වල මුදල් ගනුදෙනු කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති "ඔන්මැක්ස් ඩීටී" පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා ලබන 16 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (03) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉන්දික සම්පත්, ගයාෂාන් අබයරත්න, සම්පත් සඳරුවන් සාරංග රන්දීප සහ ධනංජය ජයාන් යන අයවලුන්ය.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

https://www.lankadeepa.lk/news/%E2%80%99%E2%80%99%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A--%E0%B6%A9%E0%B7%93%E0%B6%A7%E0%B7%93%E2%80%99%E2%80%99-%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B7%94-5-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F--%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/101-642440

ලොකු පොලී පෙන්නා කෝටි 500 ගැරූ බස්නායක නිලමේ,නිලියක රිමාන්ඩ්

වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා "ට්‍රෙරෙඩ්වින් "නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන උපාධිධාරී බස්නායක නිලමේවරයා සහ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟවාගෙන සිටියේ යැයි කියන ටෙලි නිලියක ලබන 05 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කහටගස්දිගිලිය වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දිමුතු මහතා නියෝග කළේය.

අත්අඩංගුවට ගත් වීරසේකර මුදියන්සේලාගේ තරිඳු ඉරෝස් වීරසේකර නමැති චිත්‍රපට හා රූපවාහිනී ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වූ එගොඩ ගෙදර චමිලා පියදර්ශනී රාජරත්න නමැති සැකකාරිය ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

පෙරේදා දින අත්අඩංගුවට ගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාලගත විමර්ශන ඒකකය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක තිවංක දසානායක සහ පොලිස් කොස්තාපල් ජයරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරු වසර දෙකක් තිස්සේ පොලිස් විමර්ශන වලට සහාය නොදී සැඟව සිටි පුද්ගලයෙකු බවය.සැකකරු උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි දේපළ රැසක් මිලදී ගෙන ඇති පුද්ගලයෙකු බවද,විමර්ශන රැසක් සිදු කරන බැවින් එමදේපළ පිළිබඳ කරුණු මෙම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දසනායක මහතා සඳහන් කර සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගොවීන් 180කට අධික පිරිසක් මේ වන විට පැමිණිලි කර ඇති බවත්,පසුගිය ජූලි මාසයේදී කහට ගස් දිගිලියප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරයක් ඔවුන් සංවිධානය කර තිබූ බවත් සඳහන් කළ පොලිස් නිලධාරියා මොහුට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුරාජ් වල්ගම හා ඉන්දික විජයවර්ධන යන මහත්වරුන් පෙනී සිටියේය.

මිනිසුන් බෝඩ් ලෑල්ලක් අල්ලා සිටි පමණින් එය මහජන කැළඹීමක් නොවන බැවින් සැකකරුට ඇප ලබා දෙන්නැයි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.නඩු කටයුතු වලට ඕනෑම අවස්ථාවක සහය දීමට අධිකරණයට ඉදිරිපත් වන බවත් ඇප ලබා දෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-500-%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96-%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/1-646796