Talk:ජාතියම ගිලගන්නා මත් උවදුර

From Yahamaga
Revision as of 03:52, 18 December 2023 by Admin (talk | contribs) (Created page with "====මත්ද්‍ර්‍රව්‍ය යන්න යුක්තියෙන් හෝ අයුක්තියෙන් මේ පොළොවෙන් තුරන් කලයුතු අර්බුදයක්==== 200px|right| මේ රටේ පවතින දරුණු ඛේදවාචකයන් අතර මත් උවදුර ඉතා ප්‍රමුඛ තැනක ඇත. සමස්ථ ජාතියම ම...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

මත්ද්‍ර්‍රව්‍ය යන්න යුක්තියෙන් හෝ අයුක්තියෙන් මේ පොළොවෙන් තුරන් කලයුතු අර්බුදයක්

මේ රටේ පවතින දරුණු ඛේදවාචකයන් අතර මත් උවදුර ඉතා ප්‍රමුඛ තැනක ඇත. සමස්ථ ජාතියම මත් කරවන විශේෂයෙන් පාසැල් දරුවන් හා තරුණ ප්‍රජාව ප්‍රධාන ඉලක්ක කොට ක්‍රියාත්මක මෙම මත් උවදුර මේ පොළොවින් තුරන් කරදැමීම කඩිනමින් කලයුතුව ඇත. එසේම ඉතා සූක්ෂමව සහ සංවිධානාත්මකව ක්‍රියාත්මක වන මෙම උවදුර මැඩලීමට මේ සමාජයේ සෑම සියළුදෙනාගේම පූර්ණ සහයෝගය ද අදාල පාර්ශවයන්ට ලබාදිය යුතුව ඇත. එසේම මෙම මත් උවදුර මැඩලීමේ වැඩසටහන කලින් කලට විවිධ බෝඩ් ලෑලි ඔසවාගෙන කරලියට බැස “හිරු දුටු පිණි“ මෙන් අතුරුදහන් වී යාම සුලබ කාරණයකි. ඒ අනුව මෙවර ද රජය මත් උවදුර මැඩලීමට “යුත්කිය“ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක නොට ඇත. මෙම වැඩසටහන සැබෑ අවංක අරමුණකින් ක්‍රියාත්මක කිරීමට අදාල පාර්ශවයන්ට නුවණැස පෑදේවා ! යනුවෙන් යහමග ප්‍රාර්ථනා කොට සිටිමි.

(මේ පිලිබදව වැඩිදුර කියවන්න )