Talk:මේ ලෝකයා මෙතරම් ටොක්සික්ද?

From Yahamaga
Revision as of 03:26, 20 April 2024 by Admin (talk | contribs) (Created page with "=පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමාජිකත්වය දීමට එරෙහි USA නිශේද බලය= පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වය...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමාජිකත්වය දීමට එරෙහි USA නිශේද බලය

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්සිලයට ගෙන ආ යෝජනාව ඇමෙරිකාව නිශේද බලය භාවිත කරමින් පරාජයට පත් කර ඇත.

ආරක්ෂක කවුන්සිලයේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, ඇමෙරිකාවේ හිත මිතුරන් වන ප්‍රංශය, ජපානය සහ දකුණු කොරියාව ඇතුළුව රටවල් 12 ක් ඡන්දය ලබා දී ඇති අතර සාමාජිකයන් දෙදෙනෙකු ඡන්දය ලබා දීමෙන් වැළකී ඇත.යෝජනාවට පක්ෂව රටවල් 12 ක් ඡන්දය ලබාදුන්නත් ඇමෙරිකාව නිශේද බලය භාවිත කරමින් යෝජනාව පරාජයට පත් කළේය.

යෝජනාව සම්මත වූවේ නම් සාමාජිකයන් 193 දෙනෙකු සිටින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 194 වැනි සාමාජිකයාවීමට පලස්තීනය නිර්දේශ වීමට හැකියාව තිබිණි.

රටවල් 140 දැනටමත් පලස්තීනය රටක් ලෙස හඳුනාගෙන තිබීම හේතුවෙන් එලෙස නිර්දේශ වූවානම් නිශේධ බලයක් නොමැති මහා මණ්ඩලයේ නිසැකවම 194 සාමාජිකයා වීමට පලස්තීනයට අවස්ථාව තිබිණි.

ඇමෙරිකාව නිශේධ බලය භාවිත කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නියෝජ්‍ය තානාපති රොබර්ට් වුඩ් ප්‍රකාශ කර සිටියේ නිශේද බලය භාවිත කිරීම පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට විරුද්ධ වීමක් නොවන බවත් නමුත් එය සිදුවිය යුත්තේ පාර්ශ්වයන් අතර සාකච්ඡා අවසන් වීමෙන් පසුව බවත්ය.

https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%84%E0%B7%80-%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B6%9A%E0%B7%80%E0%B6%B1-%E0%B6%B1%E0%B7%81%E0%B6%AF-%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/101-650794