Welcome to Yahamaga
Yahamaga.lk (යහමග) අඩවිය
'ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි' යන තේමාව යටතේ හෙළ බසින් ඉස්ලාම් දහම පිලිබදව සාකච්චා කෙරෙන මෙම WikiYahamaga අඩවිය යහමග Yahamaga.LK අඩවියට සමගාමීව ඉදිරිපත් කෙරේ...
ඉස්ලාම්
ඉස්ලාම් යනු කුමක්ද?
'ඉස්ලාම්' යනු අරාබි පදයට අර්ථ දෙකක් ඇත. ඒවා නම්, 'අවනත වීම' සහ 'සාමය' යන්නයි. සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය හිමි වේ. මේ ආකාරයට සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට අවනත වී සාමයෙන් ජීවත් වීම ලොව ඇති එකම යහමගයි. මෙම ඉස්ලාම් නැමැති යහමග සර්වබලධාරී දෙවියන් වහන්සේ තම බලපරාක‍්‍රමයෙන් විශ්වයේ ඇති ජීවී හා අජීවී සියළු වස්තුන් කෙරෙහි යොදවා ඇති ස්වභාවධර්මය නම් න්‍යාය ධර්මයයි. මෙම ඉස්ලාම් නැමැති න්‍යාය ධර්මය අභිබවා කිසිවෙකුට හෝ කිසිවකට ගමන් කළ නොහැකිය.
ඉස්ලාම් හි මූලික විශ්යවාස
මුස්ලීම්වරයෙකු වීමට නම්, සෑම කෙනෙකුම මූලිකව සැපිරිය යුතු අවශ්‍යතාවයන් 06ක් ඇත. එම මූලික විශ්වාසයන් නිවරුදි ලෙස ගොඩනඟා ගැනීම ‘ඊමාන්’ යනුවෙන් ඉස්ලාම් දහම හදුන්වන අතර එම ඊමානය පරිපූර්ණ වීම සදහා පූර්ණ ලෙස විශ්වාස කලයුතු කරුණු 06 වන්නේ,
ඊමාන් (විශ්වාස) කලයුතු ප්‍රධාන කරුණූ 06 නම්,
අල්ලාහ් දෙවියන් විශ්වාස කිරීම,
ඉස්ලාම් දහම තුල සෑම මුස්ලීම්වරයෙකුම විශ්වාස කලයුතු මූලික කරුණූ 06 අතුරින් ප්‍රධාන හා එහි පලමු තැන මිහි වන්නේ ‘අල්ලාහ්’ දෙවියන් පිලිබදව වූ විශ්වාසයටයි. ඉස්ලාම් පවසන දේව සංකල්පය ලොව අනිකුත් ආගම් හා සමාජ සම්ප්‍රදායන් තුල පවතින දේව සංකල්පයන්ට වඩා සහමුලින් වෙනස් වූ ආකාරයක් ගන්නා බව ඉහතින් පැහැදිලි කලෙමි. අන්තර්ජාලය තුල පවා සමහරක් පිරිස් ඉස්ලාම් පවසන දේව සංකල්පය විවේචනය කිරීම සදහා පදනම් කරගන්නේ තමන් පිලිපදින දහමේ පවතින දුර්වල දේව විශ්වාසයන්ය. තවත් අවස්ථාවල දකින සුලභ කාරණයක් තමා මිනිසාට සාපේක්ෂව දෙවියන් පිලිබදව කථා කිරීම. මෙවැනි දේව සංකල්ප සමහරක් ආගම්වල පවතින බව සැබෑවකි. නමුත් ඉස්ලාමීය දේව සංකල්ප තුල එවැනි විශ්වාසයන් දක්නට නැත. මේ හේතුව නිසා ඉස්ලාම් පවසන දේව සංකල්පය ලොව අනිකුත් ආගමිත දේව සංකල්පය සමඟ සංසන්ධනාත්මක ලෙස කවුරුන් විසින් හෝ කථා කරන්නේ එය ඔහුගේ අනවබෝධය පමණි.
දේවදූතයන් විශ්වාස කිරීම,
දේව දූතයන් හෙවත් දෙවියන්ගේ පණිවුඩ මනුෂ්‍යා වෙත ගෙන එන දූතයන් පිලිබදව ලොව සෑම දහමකම පාහේ සදහන් වන ආකාරය ඒ ඒ ආගමික ඉගෙන්වීමන් අධ්‍යනය කරන විට දැකගන්නට ලැබේ. ඉස්ලාම් දහම තුල ද දේව දූතයන් පිලිබදව බොහෝ කරුණූ සාකච්චා වන අතර එම දේවදූතයන් පිලිබදව මුස්ලීම්වරුන් විශ්වාස කිරීම ද ඉස්ලාම් දහමේ මූලික අංගයක් වේ. ඔවුන් ‘මලාඉකාවරුන්’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර ඔවුන් පිලිබදව වූ ඉස්ලාමීය විශ්වාසය කුමණ ආකාරයේ එකක් වියයුතුද? යන්න දැන් සරලව විමසා බලමු.
දේව පුස්තකය විශ්වාස කිරීම,
අල්ලාහ් දෙවියන් පිලිබදව හා ඔහුගේ දේවදූතයන් පිලිබදව විශ්වාස කරන මුස්ලීම්වරුන් මිළඟට විශ්වාස කලයුතු ප්‍රධාන කාරණය නම් එම දූතයන් මඟින් ප්‍රකාශ වූ දේව පුස්තකය විශ්වාස කිරීමයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව ලොව අවසාන වක්තෘවරයා වන මුහම්මද් (සල්) තුමාණන් හට ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශ වුවද එතුමාණන්ට පෙර විසූ වක්තෘවරුන්ට ද එවැනි දේව පණිවුඩ ප්‍රකාශ වී ඇත. මෙය ඉස්ලාම් දහම තම මූලාශ්‍රයන් තුල සවිස්තරාත්මක ලෙස පවසයි. මේ පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත විවිධ පැතිකඩ ඔස්සේ සාකච්චා කර ඇත. එවැනි ලිපි කිහිපයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,
වක්තෘවරුන් විශ්වාස කිරීම,
ඈත අතීතයේ සිටම ලොව ඉදිරිපත් වු ආගම් හා දර්ශණයන් සදහා ශාස්තෘවරුන්, උපදේශකයින් හා දාර්ශණිකයන් දක්නට ලැබුණි. උදාහර්ණයක් ලෙස බුදුදහමේ ගෞතම බුදුන්, ක‍්‍රිස්තුස් දහමේ යේසුස් තුමා, මාක්ස් වාදයේ කාල්මාක්ස්, යුදෙව් ආගමේ මෝසස් තුමා. ඉස්ලාම් දහමේ මුහම්මද් තුමා එවැනි කිහිපදෙනෙකි. මෙවැනි ශාස්තෘවරුන් පිලිබදව ඉස්ලාම් දහම තුල ද සදහන් වන අතර ඒ අතුරින් වක්තෘවරුන් හෙවත් නබිවරුන්ට ප්‍රධාන තැනක් හිමි වේ.
අවසාන දිනය විශ්වාස කිරීම,
අහස, පොළොව, ඉර, ග‍්‍රහ වසතුන්, මහ පොළොව හා ඒ මත ජීවත් වන මිනිසුන් ඇතුළු සියළු ජීවීන්, ගස් කොළන්… ඇතුළු සියළු දේ කිසියම් දිනක දෙවියන් විසින් විනාශ කරනු ලැබේ. එදින විනාශ නොවී පවතින්නේ දෙවියන් පමණි යනුවෙන් විශ්වාස කිරීම ඉස්ලාමීය තවත් විශ්වාසයකි. මෙසේ සියල්ලෙ හි විනාශය විශ්වාස කරන මුස්ලීම්වරයා ඒ සමඟම විශ්වාස කලයුතු තවත් කාරණයක් ඇත. ඒ සියල්ල විනාශ වීමෙන් පසුව යලිත් වරක් මිනිස්සුන් නැගිට්ටුවා ඔවුන් (මෙලොව දී කල දෑ වෙනුවෙන්) විනිශ්චය කරන බවයි. ඒ විනිශ්චයට අනුව යහපත් පුද්ගලයන් හට ඉමහත් සතුට භුක්ති විඳිය හැකි ස්වර්ගය ද, අයහපත් පුද්ගලයන් හට විවිධාකාර වද වේදනාවලින් පිරි නිරයද ලබාදීම සුදුවන බව විශ්වාස කිරීම ද එහි එක් අංගයක් වේ.
කරුමය විශ්වාස කිරීම,
‘අපට සිදුවන යහපත් හා අයහපත් දේ සියල්ල අල්ලාහ්ගේ නියමයට අනුව සිදුවන බව විශ්වාස කිරීම‘ යයි සදහන් කල හැක. දෛවය විශ්වාස කිරීම ඉස්ලාමීය විශ්වාසයෙහි ප‍්‍රධාන අංගයකි. ඉස්ලාම් දහම තුල බොහෝ කරුණූ සදහා තර්කානුකූල විග‍්‍රහ ලබාදීමේ හැකියවෙ පැවතුණ ද එවැනි විග්‍රහ ලබාදිය නොහැකි කරුණූ කිහිපයක්ද? ඇත. එවැනි එක් විෂයක් තමා දෛවය පිලිබදව ඉස්ලාමීය විග්‍රාහය.
ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති
මූලික ප්‍රතිපත්ති 05කි
කලිමාව
1
සලාතය
2
උපවාසය
3
සzකාතය
4
හජ්
5