සර්ව කාලීනව ප්‍රායෝගික වූ එකම සුබ පැතුම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සිදුවන හමුවීමක දී ඔවුන් එකින් එකා අතර සුබ පැතුමක් හුවමාරු කරගැනීම අතීතයේ පටන්ම පැවත එන චාරිත්‍රයකි. ශ්‍රී ලාංකීය සමාජය මූලික කරගෙන මෙය විමසා බලන විට මෙහිද ඒ ඒ සංස්කෘතීන්ට සහ ආගම්වලට ආවේනික ආයුබෝවන්, වනක්කම්, බුදු සරණයි, දෙවි පිහිටයි, ගුඩ් මෝනිං, ගුඩ් නයිට්, අස්සලාමු අලෛකුම්… යනාදී සුබ පැතුම් සම්ප්‍රදායන් නිරන්තරයෙන් දකින්නට ඇත.

මීට අමතරව වර්තමානයේ අප රටේ සහ ජාත්‍යන්තරයේ සුලබව භාවිතා කරන නව ජනප්‍රිය සුබ පැතුමක්ද ඇත. ඒ හායි (Hi) යන්නයි. අර්ථ ශූන්‍ය අවිධිමත් මෙම සුබ පැතුම සමාජය තුල රැල්ලක් වී තිබුණත්, ඒ ඒ සංස්කෘතීන්ට සහ ආගම්වලට ආවේනික යහපත් අරුතින් යුතු ආයුබෝවන්, වනක්කම්, බුදු සරණයි, දෙවි පිහිටයි, ගුඩ් මෝනිං, ගුඩ් නයිට්, අස්සලාමු අලෛකුම්… යනාදී වූ සුබ පැතුමන් හා මෙය සංසන්ධනය කරන විට මෙම “Hi” යන සුබ පැතුම නොසලකා හැරිය හැකි තරම් හිස් වදනක් පමණි. විශේෂයෙන් ආගමික වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් සමාජ භාවිතයේ පවතින ඉහතින් සදහන් සුබ පැතුමන් අතුරින් සර්ව කාලීන සහ ප්‍රායෝගික ජීවිතයට වඩාත් සමීප සුබ පැතුම කුමක්ද? යන්න විමසා බලන මෙම ලිපිය තුල “Hi” නම් සුබ පැතුම අවලංගු හිස් වදනක්ම පමණි.

ඒ අනුව, මෙම ලිපිය ආරම්භයේ සදහන් කලාසේ ශ්‍රී ලාංකීය සමාජය මූලික කරගෙන “සර්ව කාලීන සහ ප්‍රායෝගික ජීවිතයට වඩාත් සමීප සුබ පැතුම කුමක්ද?” යන්න, එම සුබ පැතුමන් හි අරුත් සහ භාවිතය පදනම් කරගෙන එකින් එක තරමක් ගැඹූරින් විමසා බලන විට ප්‍රයෝගික දිවිය තුල එහි දුර්වලතා රාශියක් දකින්පෙනට තිබේ. එවැනි කිහිපයක් මෙහි පෙලගසන්නේ නම්,

  • දවසේ කාලරාමුව මත සුබ පැතුම් ස්වභාවය වෙනස් වීම, (උදා - උදෑසන පවසන සුබ පැතුම දහවලේදී හෝ රාත්‍රියේ පැවසය නොහැක වීම.)
  • පුද්ගල මානසිකත්වය මත සුබ පැතුමේ ස්වභාවය වෙනස් වීම,(උදා - ප්‍රීතාමත්ව සිටින (සුබ) මොහොතක භාවිතා කරන සුබ පැතුම (අසුබ) දුක්බර මොහොක භාවිතා කිරීමට නොහැකි වීම.)
  • පුද්ගල කායික ස්වභාවය මත සුබ පැතුමේ ස්වභාවය වෙනස් වීම. (උදා - ළමා, තරුණ, වැඩිහිටි සහ මහළු යන ස්වභාවය අනුව සුබ පැතුමේ ස්වභාවය වෙනස් කිරීමට සිදුවීම.)
  • සමහරක් සුබ පැතුම් ආගමීකරණය වී තිබීම (උදා - කිසියම් ආගමක මූලික විශ්වාසයන් හා නැමදුමන් පදනම් කරගත් සුබ පැතුමක් වීම.)

මේ අනුව, ශ්‍රී ලාංකීය සමාජය තුල භාවිතයේ පවතින ආයුබෝවන්, වනක්කම්, බුදු සරණයි, දෙවි පිහිටයි, ගුඩ් මෝනිං, ගුඩ් නයිට්, හායි, අස්සලාමු අලෛකුම්… යනාදී සුබ පැතුමන් අතුරින් හායි සහ අස්සලාමු අලෛකුම් යන සුබ පැතුමන් දෙක හැර අන් සියළු සුබ පැතුමන් ඉහතින් සදහන් කුමන හෝ දුර්වලතාවයකට යටත් වේ. ඒ අනුව “හායි” සහ “අස්සලාමු අලෛකුම්” යන්න ඉහත දුර්වලතාවයන්ගෙන් සුවිශුද්ධව පවති. නමුත් මෙහි “හායි (Hi)” යන සුබ පැතුම ද මෙම ලිපිය ආරම්භයේදීම පැහැදිලි කල ආකාරයට “අර්ත ශූන්‍ය හිස් වදනක්” වන නිසා එයද මෙම සාකච්චාවෙන් ඉවත් කල විට “අර්ථවත් සහ සර්වකාලීන ප්‍රායෝගික සුබ පැතුමක් ලෙස ඉතිරි වන්නේ “අස්සලාමු අලෛකුම්” (එහි අරුථ "ඔබට ශාන්තිය, සාමය අත්වේවා!) යන සුබ පැතුම පමණි. මුස්ලීම් සංසකෘතිය තුල නිරන්තරයෙන් භාවිතයේ තිබෙන මෙම “අස්සලාමු අලෛකුම්” පැතුම මුස්ලීම් සංස්කෘතියටත් එහා ගිය ඉස්ලාම් ආගමික අනිවාර්‍ය නැමදුමක් යන්න එහි ඉගෙන්වීමයි.

ඒ පිලිබදව වූ ඉස්ලාම් ආගමික මූලාශ්‍ර ඉගෙන්වීම් කිහිපයක් පහතින් ඔබේ බුද්ධිමත් අවදානයට තබමින් මෙම සටහන අවසන් කරන්නේ මෙම ලිපියෙහි තවත් කොටසක් ලෙස "ඉස්ලාමීය එකම ආචාරය අස්සලාමු අලෛකුම් පමණයි" යන මාතෘකාව යටතේ යහමග අඩවිය පාඨක ඔබේ අවදානයට තවත් කරුණු කිහිපයක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙනි.

එක්තරා පුද්ගලයෙකු නබිතුමාණන් හමුවට පැමිණ ‘ඉස්ලාම් දහම තුල ශ්‍රේෂ්ඨතම ක්‍රියාව කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ජනතාවගේ කුසට ආහාර සැපයීමත්, හදුනන හා නොහදුනන පිරිසට (“අස්සලාමු අලෛකුම්” යැයි) සලාම් පැවසීමත් ය’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර හදීස් ග‍්‍රන්ථ – බුහාරී

වරක් නබිතුමාණන් අපට කරුණු 07ක් අණ කරන ලදී. එනම්, (1) රෝගීන්ගේ සුවදුක් විමසීම, (2) මරණයක් (ගෙනයන විට ඒ) පසුපස ගමන් කිරීම, (3) කිවිසුමක් ගිය විට එයට පිලිතුරු දීම, (4) දුර්වලයන්ට උපකාර කිරීම, (5) අසාධාරණයට ලක්වුවන්ට උදව් කිරීම, (6) ‘සලාමය’ පැතිරවීම, (7) දිවුරුමක් කලේ නම් එය ඉටු කිරීම, යනාදියයි.

මූලාශ්‍ර හදීස් ග‍්‍රන්ථ – බුහාරී

(මේ පිලිබදව වැඩි දුර කරුණු දැන ගැනීම සදහා [[ඉස්ලාම් පෙන්වාදෙන 'සලාමය' මුස්ලීම්වරුන් සදහා පමණක්ද? ]] යන යහමග අඩවිය තුල ඇති ලිපිය කියවන්න.)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම