දුම්වැටි විරෝධි දින

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


වර්ෂයක් පාසා මැයි 31 දිනය ‘ලෝක දුම්වැටි විරෝධි දිනය’ ලෙස සැමරීම අද වනවිට ලෝක සම්ප්‍රදායක් බවට පත්වී ඇත. මෙම දිනය මූලික කරගෙන සෑම වර්ෂයක ම දුම්වැටියේ ආදීනය හා ඒ තුලින් සමස්ථ සමාජයටත් ලෝකයටත් සිදුවන බලපෑම විවිධ දෘෂ්ඨි කොණයන්ගෙන් කථා කිරීම සුළභ දසුනකි. ඒ අනුව එහි වර්ථමාන තත්වය පිලිබදව ඔබේ අවධානයට කරුණු කිහිපයක් ගෙන එන්නේ නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතක සිදුකොට ඇති සමීක්‍ෂණයකට අනුව හෙළිවී ඇත්තේ වසර 2015 වනවිට ලෝකයේ සමස්ථ මරණ සංඛ්‍යාවෙන් 10% ක් දුම්බීම ආශ්‍රිත රෝග නිසා සිදුවනු ඇති බවයි. මේ වනවිට දුම්පානය ආශ්‍රිත රෝග වලින් සෑම වසරයකම ලොවපුරා පුද්ගලයන් ලක්‍ෂ 05 (500,000)ක් මියයන බව එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙනු ලබයි.

ලෝකයාගේ ගමන් මඟ එසේ පවතිද්දී ‘මතට තිත’ පිලිබදව හා දුම්වැටි විරෝධි වැඩ පිලිවලයන් පිලිබදව නිතර කථා බහට ලක්වන අපේ රටේ තත්වය කුමක්ද? යන්න පිලිබදව ද මෙහිදී විමසා බැලිය යුතුව ඇත. එසේ විමසා බැලීමේ දී නවතම වාර්ථාවන් තුලින් තහවුරු වන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 15000-25000 අතර ප්‍රමාණයක් දුම්බීම හේතුකොටගෙන වාර්ෂිකව මියයන බවයි. විශේෂයෙන් තරුණ පිරිස් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇති නිසාත්, රටක් ලෙස එය විශාල අහිමිවීමක් වන නිසාත් මෙම විෂය පිලිබදව ‘යහමඟ’ අඩවිය පවා නොයෙක් අවස්ථාවල ජාතියේ අවධානයට විවිධ පැති ඔස්සේ කරුණූ සාකච්චා කොට ඇත. එවැනි ලිපි ඔබගේ අවධානයට නැවත ගෙන එන්නේ නම්,

දුම්වැටි භාවිතය පිලිබදව ඉස්ලාමීය තීන්දුව

…මෙම දුම්වැටියෙන් ලබන ඉතා සුළු ආස්වාදයක් වෙනුවෙන් විනිශ්චය දිනයේ කොතරම් භයානක ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙනවාද?. මෙම දුම්පානයෙන් තරුණකම, ධනය, ආයුකාලය හා බුද්ධිය යන මේ සියල්ල විනාශ වන බව ඉහත කරුණු වලින් අපට දැන් පැහැදිලිය. එසේ නම් දෙවියන් ඉදිරියේ අප දෙන පිලිතුර කුමක්ද? එසේනම් දැන් ඔබ තීරණයක් ගතයුතු වේ. එනම් ඔබ ශාපලත් ෂෙයිතාන්ගේ සොහොයුරකුව මෙලොව ජීව්ත් වී අවසාන විනිශ්චය දිනයේත් දෙවියන් ඉදිරියේ නිරැත්තරව සිටිනවාද? එසේත් නැත්නම් ශුද්ධ වූ දහම පිලිපැද සැබෑ මුස්ලීම්වරයෙකුව ජීවත් වී මෙලොවත් මරණින් මතු ලොවත් ජයගන්නවාද?…

මතින් තොර හෙටක්

…මත්පැන් නිෂ්පාදනය ඉහළ යැම සහ මත්පැන් සඳහා රජය අයකරන බදු වැඩිවීම නිසා මේ වසරේ පළමු මාස පහේදී (ජනවාරි – මැයි) මත්පැන්වලින් අයකරන නිෂ්පාදන බදුවලින් රජයට ලැබුණු ආදායම ගිය වසරේ (2010) පළමු මාස පහට සාපේක්‌ෂව සියයට 59 කින් ඉහළ ගිය බවද මුදල් අමාත්‍යාංශයේ එම වාර්තාවේ සඳහන්ය. ඒ අනුව 2010 වසරේ පළමු මාස පහේදී මත්පැන් වලින් ලද රුපියල් දශ ලක්‌ෂ 14257 ක බදු ආදායම මේ වසරේ (2011) පළමු මාස පහේදී රුපියල් දශලක්‌ෂ 22725 දක්‌වා රු. දශලක්‌ෂ 8468 කින් ඉහළ ගොස්‌…

මත නමුත් තිත නොවූ කෝලා

…අපේ රට තරම් දෛනිකව “මතින් වැලකෙන්නට” පොරොන්දු දෙන රටක් ද ලොව නැති තරම්ය. එවන් වූ අපේ රටේ (2006 සංඛ්‍යා ලේඛනවලට අනුව) මත්පැන් නිසා දිනකට අපේ රටේ මියෙදෙන ගනන 15කි (වර්ෂයකට 15 x 30 x 12 = 5400). අප වැනි කුඩා රටකට මෙපමණ සංඛ්‍යාවකගේ ජීවිත අහිමිවීම කිසිසේත් නොසලකා හැරීමට නොහැක. මෙහි දක්වා ඇත්තේ මියදෙන සංඛ්‍යාව පමණක් නිසා මේ මත්පැන් භාවිතය නිසා දිනපතා රොගීවන පිරිසද නොසලකා හැරිය නොහැක…

මත්පැන් උවදුරට එරෙහිව ඉස්ලාමීය ආදර්ශය

…‘ඉස්ලාමයට පෙර පැවති අරාබි සමාජය සුරා සූදුවට බෙහෙවින්ම ඇබිබැහි වී සිටියෝය. විවාහයට සීමාවක් නොතිබුණි. දික්කසාද එලෙසම විය. විටෙක පියාගෙන් පුතනුවාට උරුමයෙන් ලැබෙන වස්තු අතර භාර්යාවන්ද වූහ. පුතනුවා තමන්ට රිසි අන්දමට ඔවුන් පරිහරණය කළේය. විටෙක තම භාර්යාවන් ලෙස තබා ගත්තේය. තවත් විටෙක දාසියන් ලෙස විකුණා දැම්මේය. ඉස්ලාම් මගින් මේ සියලූම තත්ත්වයන් සම්පුර්ණ යෙන්ම වෙනස් කරන ලදි‘ – Jules La Boum-

මත්පැන් හා දුම්වැටි භාවිතය පිලිබදව ජාත්‍යන්තරයත්, අප රටත් ක්ෂේත්‍ර දෙකක් ලෙස ගෙන කථා කලත්, ඒ විෂයන් දෙස සම්බන්ධයෙන් ‘යහමඟ’ අඩවියේ ස්ථාවරය බොහෝ විට එක සමානය. මේ හේතුව නිසා එම විෂයන් දෙක එකට කථා කිරීමක් ද මෙම අඩවිය තුල ඔබට දැකිය හැක. කෙසේ නමුත් මෙවරත් එවැනි තවත් ලිපියක් ඉදිරිපත් කිරීමට අදහස් නොකරන ‘යහමඟ’ අඩවිය මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය තුල පලවූ රූපමය පණිවුඩ කිහිපයක් ඔබේ අවධානයට එක් කිරීමට අදහස් කරමි. එය මෙසේය…


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම