සිකුරාදා දිනයෙහි මහිමය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයාට සිකුරාදා දිනය ඉතා සුවිශේෂි දිනයක් වේ. සමස්ථ මුස්ලීම් ප්‍රජාව තම තමන්ගේ දේවස්ථාවල එකම මොහොතේ සාමූහිකව එක් රුස්වී යාඥා ඉටුකිරීම හා යාඥාවට පෙර දෙවියන් හා ඉස්ලාම් ආගම පිලිබදව සෘජුවම දැනුවත් කිරීමේ අනිවාර්‍ය දේශනයකට සම්බන්ධ වීම එහි සිදුකරයි. මෙම දිනය සතියේ අනිකුත් දිනයන්ට වඩා මුස්ලීම් ප්‍රජාවට සුවිශේෂි වීමට හේතුකාරණා ගණනාවක්ද ඉස්ලාම් පවසයි.

මුස්ලීම්වරයෙකුගේ සමස්ථ ක්‍රියාවම නැමදුමක් යන්න ඉස්ලාමයේ ඉගෙන්වීමයි. ඒ අනුව සැමරුමක් යන්නත් ඉස්ලමයේ දෘෂ්ඨියෙන් නැමදුමකි. එවැනි නැමදුම් සදහා විශේෂ ස්ථානයක් කාලයක් නොමැති අතර එසේ ස්ථානයක්, දිනයක්, කාලයක් නියම කල නැමදුම් ඇත්තේ කිහිපයක් පමණි. එම කිහිපය අතුරින් සර්වබලධාරි අල්ලාහ් (දෙවි) විසින් නම් කරන ලද ආශීර්වාදලත් දිනයක් වන්නේ සිකුරාදා දිනයයි.

එම දිනයේ විශේෂත්වය හා එහි මහිමය සම්බන්ධයෙන් ආගමික මුලාශ්‍රයන් තුලි සදහන් වන්නේ කුමක්ද? යන්න දැන් විමසා බලමු.

දෙවියන් ඉදිරියෙහි ඇති හොඳම හා රැස්වීමේ දිනය වන්නේ සිකුරාදා දිනයයි.

මුලාශ්‍ර ග්‍රන්ථය- අල්-බයිහාකි

දෛනික නැමදුම් පහ සහ එක් සිකුරාදා නැමදුමක සිට අනිද්දා දක්වා කාලය තුළ ඔවුන් අතර විශාල පාපයක් සිදු නොවන්නේ නම්, ඔවුන් අතින් සිදු වූ සුළු පාපයන් සදහා සමාව හිමි වේ.

මුලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්

සිකුරාදා තරම් යහපත් දිනයක් තවත් නැත. එහි දෙවියන්ගෙන් කරන ප්‍රාර්ථනාව දෙවියන් සවන් දෙන පැයක් ඇත.

මුලාශ්‍ර ග්‍රන්ථය – තිරිමිදී

සිකුරාදා පැය දොළහකින් සමන්විත වන අතර එයින් දෙවියන් ඇදහිලිවන්තයන් වෙනුවෙන් කන්නලව් කරන පැය වේ. අසර් (දවසේ තුන්වන නැමදුම් වේලාව) ට පසු අවසන් පැය තුළ මෙම පැය සොයන්න.

මුලාශ්‍ර ග්‍රන්ථය – අබු දාවුද්

සිකුරාදා ‘ගුහාව’ (අල් කුර්ආනයේ 18 වන) පරිච්ඡේදය කවුරු පාරායනය කරයිද, ඊළඟ සිකුරාදා තෙක් ඔහුගේජීවිතයට දෙවියන් ආලෝකයක් ලබා දෙනු ඇත.

මුලාශ්‍ර ග්‍රන්ථය – අල්-බයිහාකි

හිරු උදාවන හොඳම දිනය සිකුරාදා ය. ආදම්ව මැවූ දිනය එයයි. එය ආදම් ස්වර්ග උද්‍යානයට ඇතුළු වූ දිනය සහ ඔහුව නෙරපා හරින ලද දිනය සහ ඔහු මියගිය දිනයයි. නැවත නැඟිටීමේ (මහ්ෂර්) දිනය සිකුරාදා දිනයයි.

මූලාශ්‍ර ග්‍රන්තය – මුස්ලිම්

ඇත්තෙන්ම දෙවියන් මුස්ලිම්වරුන් සඳහා නියම කළ ඊද් දිනය (සැමරුම් දිනය (සිකුරාදා)) මෙයයි.

මුලාශ්‍ර ග්‍රන්ථය – ඉබ්නු මාජා

එසේනම්, සිකුරාදා දිනයේ දෙවියන් විසින් තම වහලුන් වෙත පහළ කරන ආශීර්වාදය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට මුස්ලීම්වරුන් ඥානවන්ත විය යුතුය. එය අල්කුර්ආනයේ 62-9 පවසන ආකාරයට සියළුම ලෞකික කටයුතුවලින් බැහැරව සාමූහිකව රැස්වීමේ දිනයක්, සැමරුම් දිනයක් සහ මෙනෙහි කිරීමේ හා අයැදින දිනයක් කරගතයුතුව ඇත. ඒ සදහා ලෝකවාසී මුස්ලීම් ප්‍රජාවට නුවණැස පෑදේවා! යන ප්‍රාර්ථනයෙන් මෙම ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/8

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම