මෝඩයන්ගේ දිනය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අන් අය මුලා කිරීම අරමුණු කොටගෙන ඒ සදහා විවිධ ආකාරයේ බොරු පවසමින් විනෝද වන මෝඩයින්ගේ දිනය අදයි. මෙසේ අප්‍රේල් මස පලමු දින ජනයා මුලා කරමින් සමරණ මේ මෝඩයන්ගේ දිනය පිලිබදව ඉතිහාසය හා ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය මේ යටතේ විමසා බැලීමට අදහස් කරමි.

අප්‍රේල් 01 දින මෝඩයන්ගේ දිනය සමරණ බව පවසමින් කරන...

  • එම බොරුව සමාජය එසෙත් නැත්නම් පවුලක් අසරණ කරන තරමට ප‍්‍රබල වේ.
  • විටෙක එම බොරුව නිසා ඇතිවන කම්පනයන් ජීවිත හානිවලින් පවා අවසන් වූ අවස්ථාවන් වාර්ථා වේ.
  • තවත් සමහරුන්ගේ බොරුව සරල හාස්‍ය උපදවන එකක් වේ.
  • තවත් විටෙක එම බොරුව සිත් රිදීමන්ට පවා හේතු වේ.

මෙවන් වූ...

මෝඩයන්ගේ දිනයේ ඉතිහාසය

1582 වසරේ සිට ග්‍රෙගරියානු දින දර්ශනය සම්මත දින දර්ශනය ලෙසින් භාවිතයට ගැණුනු බව ඔබ අසා ඇති. එතෙක් භාවිතා කරන ලද ජූලියානු දින දර්ශනය වෙනුවට නව ග්‍රෙගෝරියානු දින දර්ශනය සම්මත කිරීමට මූලිකත්වය ගත්තේ 13 වන ග්‍රෙගරි පාප්වහන්සේ යි. පැරණි ජූලියානු දින දර්ශනය භාවිතා කළ අවධියේ දී වසරේ අප්‍රේල් 1 වැනිදා නව වසර උදාවුණු දිනය ලෙසින් සැලකුණි. එම නිසා අප්‍රේල් 1 දින නව වසර උදාවීම වෙනුවෙන් විවිධ සැමරුම් උත්සව පැවැත්වුණි. නමුත් නව ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව ජනවාරි 1 වැනිදා වසර ආරම්භ වුණි. ග්‍රෙගරියානු දින දර්ශනය සම්මත වුණේ 1582 වසරේ දී වුණත්, 1562 වසර පමණ වන විට යුරෝපයේ ඇතැම් රටවල එය භාවිතා වුණි.

1562 වසර වන විට 9 වන චාල්ස් රජු ප්‍රංශයේ පාලකයා වශයෙන් කටයුතු කළේය. ඒ වන විට ප්‍රංශය තුළ නව ග්‍රෙගෝරියානු දින දර්ශනය භාවිතා වෙමින් තිබුණු නිසාත්, සැලකිය යුතු පිරිසක් ඒ වන විටත් පැරණි ජූලියානු දින දර්ශනය භාවිතා කරමින් සිටිය නිසාත්, එමඟින් රට තුළ ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වුණි. මේ නිසා 1564 වසරේ සිට ජනවාරි 1 වැනිදා නව වසර සැමරිය යුතු බවට නීතියක් සම්මත කිරීමට 9 වන චාල්ස් රජු තීරණය කළේය. නමුත් අද මෙන් එදා ලෝකයේ සන්නිවේදනය දියුණු මට්ටමක තිබුණේ නැති නිසා එරට ඇතැම් ප්‍රදේශවල ජනයාට රජු පැනවූ නව නීතිය පිළිබඳව තොරතුරු දැනගන්නට ලැබුණේ නැහැ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සුපුරුදු පරිදි අප්‍රේල් 1 වැනිදා නව වසර උදාවීම සමරනු ලැබුවා. ජනවාරි 1 වැනිදා නව වසර සැමරිය යුතු බවට නීතියක් සම්මත කර තිබියදීත් තම රටේ සැලකිය යුතු පිරිසක් පැරණි ආකාරයට අප්‍රේල් 1 වැනිදා නව වසර සැමරීම පිළිබඳව රජතුමා කෝපයට පත්වුණි. එනිසා අප්‍රේල් 1 වැනි දින නව වසර සමරන සෑම පුද්ගලයෙකුම මෝඩයෙකු සේ සැලකිය යුතු බව රජතුමාගේ නිර්දේශය වුණි. එම සිදුවීමෙන් පසුව අප්‍රේල් 1 වැනිදා මෝඩයන්ගේ දිනය ලෙස සැලකීමට ප්‍රංශ වැසියන් පුරුදු වුණි. ඒ අයුරින් ප්‍රංශයෙන් ආරම්භ වුණු මෝඩයන්ගේ දිනය පසු කලෙක ලොව පුරා පැතිරුණි.

මෝඩයන්ගේ දින සැමරීම පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය

බොරුව හා මුලාව යන්න ඉස්ලාම් දහම දැඩිව හෙලා දකින දුර්ගුණාංගයන්ය. මෙවන් වූ පාපාක‍්‍රියාවන් ඉස්ලාම් දහම දැඩිව පිලිකුල් කරයි. එය අන් අය සතුටු කරවීම හෝ සිනාගැන්වීම අරමුණු කොට කීවත් එය වරදක් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එය මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී,

“අන් අය හිනස්සවීමට බොරු පවසන්නාට අපකීර්තියමය, ඔහු විනාශ වෙත්වා!”

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

මනුෂ්‍යයෙකු සිනාසෙන විට ඔහු සතුටට පත්වේ. මේ සතුට පවා බොරුවක් මුල් කරගෙන ඇති නොවිය යුතු යන්න ඉස්ලාම් පවසයි නම්, මේ බොරුව මුල් කරගෙන සිදුකරන අනිකුත් ක‍්‍රියාවන් පිලිබදව කුමක් පවසන්නද?. බොරුව මුල් කරගෙන සිදුවන සියළුම ආකාරයේ මුලාකිරීමන් හා නොමඟ යැවීමන් ඉස්ලාම් ෂෛතාන් (නැමැති නපුරා)ගෙන් ඇතිවන්නක් බවත්, මේ නිසා මුස්ලීම්වරුන් මෙම කාරණය සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත් වියයුතු යන්නත් අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ අල්කුර්ආනයේ 9-119 වාක්‍යයෙන් ද මෙසේ අවවාද කරයි.

“විශ්වාසවන්තයනි, නුඹලා දෙවියන්ට බියවන්න තවද සත්‍ය කථා කරන පිරිසක් බවට පත්වන්න.”

මේ අනුව මෝඩයන්ගේ දින සැමරීම යන්න අන් අය දුකට පත්කොට ඒ දුකේ සතුටු විදින තිරිසන් ක‍්‍රියාවක් පමණී. මෙය මානසික විකෘතිභාවයකින් පෙළෙන රෝගියෙකුගේ රෝග ලක්‍ෂණයක් මිස බුද්ධිමත් ක‍්‍රියාවක් නම් නොවේ. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම විෂය පිලිබදව දීර්ඝ ලෙස සාකච්චා කල පහත ලිපි ද කියවන්න ඔබට ආරාධනා කරමින් මෙම සටහන අවසන් කරමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/1

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම