නබි හෙවත් වක්තෘ පරම්පරා රුක් සටහන

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලොව සෑම දහමක් ම ආගමික ශාස්තෘවරුන් පිලිබදව කථා කරයි. ඒ අනුව ඉස්ලාම් දහම ද “නබි“ හෙවත් “දේවවක්තෘවරුන්“ පිලිබදව කථා කරයි. පෘථිවියේ පහල වූ පලමු මිනිසා ආදම් (අලෛ) තුමාගේ පටන් අවසාන නබි හෙවත් වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් දක්වා විශාල සංඛ්‍යාවක් නබිවරුන් පහල වූවා යන්න ඉස්ලාම් දහමේ විශ්වාසයයි. (මේ විෂය පිලිබදව යහමග අඩවිය තුල සාකච්චා කල ලිපි නබි හෙවත් වක්තෘවරුන් යන ගොනුව යටතේ දීර්ඝ ලෙස ඔබට කියවීමට පුළුවන.) මිනිස් සමාජය යහමග මෙහෙයවීම පිණිස මෙලෙස පහල වූ නබි හෙවත් වක්තෘවරුන් අතුරින් නබිවරුන් 25 කගේ නම් ඉස්ලාමීය මූලාශ්‍රයන් තුල සදහන් වේ. එම නබිවරුන්ගේ නම් සහ ඔවුන් පැමිණි පරම්පරාව පිලිබදව වූ රුක් සටහනක් යහමග පාඨක ඔබේ අවදානය පිණිස මෙහි පහතින් ඉදිරිපත් කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

වැඩිදුර දැන ගැනීම පිණිස...

  • අංක 25 න් - මුහම්මද් (සල්) තුමාණන් - ඉස්ලාම් දහමට අනුව අවසාන දේවවක්තෘ වේ.
  • අංක 24 න් - ඊසා (හෙවත් යේසුස්) තුමා - කිතුණු දහමට අනුව දේව පුත්‍රයා ලෙස සැලකේ.
  • අංක 14 න් - මූසා (හෙවත් මෝසස්) තුමා - යුදෙව් දහමට අනුව අවසාන වක්තෘවරයා ලෙස සැලකේ.
  • ලොව පහල වූ නබිවරුන් විශාල සංඛයාවක් පිලිබදව කරුණු ඉස්ලාමීය මූලාශ්‍රයන් හි සදහන් වූවත්, ඔවුන් අතුරින් නම් සදහන් නබිවරුන් වන්නේ 25 ක් පමණි. එම නබිවරුන් 25 මූලික කරගෙනයි මෙහි පහතින් රුක් සටහන ඉදිරිපත් කරන්නේ.
  • මෙම රුක් සටහන නබිවරුන් පැමිණි පරම්පරාව මූලික කරගෙන ඉදිරිපත් කරන අතර දරුවන් මූලික කරගෙන නොවේ. නිදසුනකට (අංක 06) ඉබ්බ්‍රාහීම් තුමාගේ පරම්පරාවේ (අංක 08) ඉස්මායිල් තුමා සහ (අංක 09) ඉස්හාක් තුමා එතුමාණන්ගේ දරුවන් වන නමුත් (අංක 13) ශූයෙයිබ් තුමා ඉබ්බ්‍රාහීම් තුමාගේ දරුවකු නොව පරම්පරාවේ එන කෙනෙකි.
  • මෙහි නබිවරුන් ඉදිරියෙන් අංක යොදා ඇත්තේ නබිවරුන් පැමිණි අනුපිලිවල සදහන් කිරීම පිණිසයි. එනම්, අංක 01 ආදම් (අලෛ) තුමා පලමු නබිවරයාණන් වන අතර අංක 25 න් සදහන් මුහම්මද් (සල්) තුමාණන් අවසාන නබිවරයාණන් වේ.

නබි හෙවත් වක්තෘවරුන් පිලිබදව වූ රුක් සටහන මෙහි පහතින් ඉදිරිපත් කර ඇති අතර එම නබිවරුන්ගේ නම් මත Click කොට එම පරම්පරාවේ ආ අනිකුත් නබිවරුන් දැනගන්න.