මආලිමුස් සුන්නා ග්‍රන්ථය

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


නබි (සල්) තුමාණන් මඟින් ප්‍රකාශ වන සහීහ් (පිලිගතහැකි) හදීස් ගණන 114194 කි. එයින් නැවත නැවත ඉදිරිපත් වන හදීස් සංඛ්‍යාව 28430 කි. ඊට අමතරව එකම අරුථ ගෙනදෙන ලෙස ඉදිරිපත්හ වන හදීස් සියල්ල ද ඉවත් කල විට ඉතිරි වන හදීස් ගනන 3921කි.

එම හදීස් 3921 ක යමෙක් ඉගන ගතහොත් ඔහු හදීස් සියල්ල ඉගෙන ගත්තා හා සමාන වේ. ඒ අනුව එලෙස ගොනු කරන ලද පොතයි معالم السنة النبوية ( මආලිමුස් සුන්නා) නම් හදීස් ග්‍රන්ථය. සමකාලීන ලෝකයේ ප්‍රවීණ හදීස් විශාරදවරයෙක් වන සාලිහ් අහ්මද් ෂාමී (හෆිදහුල්ලා) තුමා මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.

එම ග්‍රන්ථයේ සදහන් හදීසයන් සිංහල බසින් පෙලගැසීම මෙහි අරමුණයි.

හදීස් පෙලගැස්ම මෙතැන්සිට...


01 පාඩම – ඉස්ලාමයේ සහ ඊමනයේ කුලුණු

හදීස් අංක 0001 සිට 0003 දක්වා…

0001 –

ඉබ්නු උමර් (රළි) තුමා ප්‍රකාශ කරයි,

නබ් (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ. ඉස්ලාමය (කරුණු) පහක් මත ගොඩනැගී ඇ. අල්ලාහ් හැර වෙන දෙවි කෙනෙකු නැති බවටත් මුහම්මද් අල්ලාහගේ වක්තෘවරයා බවටත් සාක්ෂි දැරීම, සලාතය ඉටුකිරීම, සකාත් (නැමැති දුගී බද්ද) ඉටුකිරීම, හජ් ඉටුකිරීම හා රමළාන් උපවාසය ඉටුකිරීම වේ,

(මුතෆකුන් අලෛහි – බුහාරි 08 හා මුස්ලිම් 16)

0002 –

මුආද් ඉබ්නු ජබල් (රළි) තුමා ප්‍රකාශ කලේය.

මා අල්ලාහ්ගේ දූතයාණන් සමග ගමනක සිටියෙමි. දවසක් අපි ඇවිදින විට මම එතුමාණන්ට ලඟින්ම සිටියෙමි. එවිට මම “ අල්ලාහ්ගේ වකෘවරයාණෙනී! මාව ස්වර්ගයට ඇතුලු කරන නිරයෙන් ඈත්කරන අමලයක් (ක්‍රියාවක්) මට දන්වන්න“ යැයි පැවසුවෙමි.

එතුමාණෝ “ ඔබ ශ්‍රේෂ්ඨ දෙයක් මාගෙන් විමසා ඇත්තෙහිය. ඇත්තෙන්ම අල්ලාහ් කාහට එය පහසු කර ඇත්තේද, ඔහුට එය පහසු ක්‍රියාවකි. අල්ලාහ්ව නමදින්න, ඔහුට කිසිවක් සම නොකරන්න, සලාතය ස්ථාපිත කරන්න, සකාතය (නම් දුගී බද්ද) ඉටුකරන්න, රමලානයේ උපවාසය ඉටුකරන්න, (අල්ලාගේ නිවස වන) බයිත (අල් හරාමය) ය හජ් කරන්න යැයි පැවසූහ.

පසුව, මම ඔබට යහපතේ දොරකොඩවල් දැනුම් දැන්නද? යි විමසා, උපවාසය පලිහ කි, ජලය ගින්න නිවන ආකාරයට සදකාව (දානය) පාපය නිවන්නේ ය, මධ්‍යම රත්‍රීයේ මිනිසෙක් ඉටුකරන සලාතය යැයි පවසා පසුව, “ තම ඇලපත් නිදියහනෙන් ඔසවා… (සජදා 16,17) ” (නැමති කුර්ආන් වැකිය) ය:ලමූන් (නම් වචනය) දක්වා පාරායණය කළහ.

පසුව සියලු කටයුතුවල ප්‍රධාන අංගයද, එහි කුලුනද, එහි මුදුන් කොත ද මම ඔබට දන්වන්නද? යි විමසුවේය. මම එසේය ! දන්වන්න අල්ලාහ්ගේ වකෘවරයාණෙනී! යැයි පැවසුවෙමි. ඉස්ලාමය සියලු කටයුතුවල ප්‍රධාන අංගය යි. එහි කුලුන සලාත යයි. එහි මුදුන් කොත ජිහාද යයි පවසූහ.

පසුව ඒ සියල්ල පාලනය කරන දෙය මම ඔබට දන්වන්නදැයි විමසූහ. එසේය, පවසන්න අල්ලාහ්ගේ වකෘවරයාණෙනී! යැයි පවසුවෙමි. එවිට තම දිව (අතින්) එලියට ඇද, මෙය මැඩපවත්වාගන්න යැයි පවසූහ. එවිට මම අල්ලාහ්ගේ නබිවරයාණෙනී! එ (ම දිව) මගින් අපි කථා කරන දේවලටත් අපි වැරදිකරුවන් කරනු ලබනවා දැයි මම ඇසුවෙමි. එයට එතුමාණෝ අහෝ මුආද්! ඔබගේ මවට ඔබ නැතිවීමේ දුක! මිනිසුන් ඔවුන්ගේ දිවවලින් හම්බකරපු දේ වෙනුවෙන්ම මිස ඔවුන් ඔවුන්ගේ මුහුණුවලින් හා නාස්පුඩුවලින් නිරයට විසිනරනු ලබයි දැ? යි ප්‍රකාශ කළහ.

ඉබ්නු මාජා – 3973, තිර්මිදී – 2616

0003 –

අබූ උමාමා දැනුම් දෙයි.

මිනිසෙක් නබි (සල්) තුමාණන්‍ගෙන් ඊමාන් (විශ්වාසය) යනු කුමක් ද? යී ඇසුවේ ය. ‘ඔබගේ කුසල් (යහක්‍රියා) ඔබව සතුටට පත්කරයි නම්, ඔබගේ අයහ ක්‍රියා (පාප) ඔබව දුකට පත්කරයි නම් එවට ඔබ මූ:මීන් (විශ්වාසවන්ත) කෙනෙකි.“ යැයි (නබි සල් තුමාණෝ) පැවසූහ. එවට ඔහු පාප යනු කුමක් ද? යී ඇසුවේ ය. “ඔබගේ සිතෙහි යමක් චකිතයක් ඇති කරයි නම් ඔබ එය අතහරින්න’ යැයි පවසූහ.

හාකිම් – 33

(මෙම හදීසය බුහාර හා මුස්ලිම් දෙදෙනාගේ කොන්දේසි වලට එකඟ බව ඉමාම් සහබී ප්‍රකාශ කරයි.)

02 පාඩම – චිත්ත පාරිශුද්ධ භාවය සහ චේතනාව

හදීස් අංක 0004 සිට 0009 දක්වා…

0004 –

උමර් ඉබ්නුල් හත්තාබ් (රළි) තුමා ප්‍රකාශ කළේය.

රසූල් (සල්) තුමාණන්ගේ කීමට මම සවන්දුනිමි. මිනිස්සුනේ!  ක්‍රියා චේතනාව අනුව යි.  මිනිසෙකුට ඔහු චේතනා කරන දේම ලැබෙනු ඇත. එබැවින් කාගේ හිජ්රතය (සංක්‍රමණය) අල්ලාහ් හා ඔහුගේ වක්තෘවරයා වෙනුවෙන් වූයේද, ඔහුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ වක්තෘවරයා වෙනුවෙන්ම වේ. ලෞකික සැපසම්පත් අත්කරගැනීමට හෝ කාන්තාවක් විවාහකර ගැනීම වෙනුවෙන්  යමෙක් හිජ්රත් කලේ නම්, ඔහුගේ හිජ්රතය ඔහු හිජ්රත් කළ දේ සඳහා වේ.
(මුතෆකුන් අලෛහි. මුස්ලිම් – 1907, බුහාරී – 6953)

බුහාරිගේ එක් දැනුම් දීමක “ ක්‍රියා චේතනාවන් අනුවයි. සියලු මිනිසුන්ට තමන් වේතනා කරන දේම ලැබෙනු ඇත“ යැයි සඳහන් වේ.

(බුහාරී – 01)

0005 –

රසූල් (සල්) තුමාණන්ගේ කීමට තමා සවන්දුන් බව අබූහුරෛරා (රළි) තුමා ප්‍රකාශ කළේ ය.

කියාමත් දිනයේදී පළමුවෙන්ම තීන්දු දෙනු ලබන්නා දහම වෙනුවෙන් දිවි පිදුවෙකි. ඔහු (අල්ලාහ් අභියසට) ගෙනෙනු ලැබේ. එවිට ඔහුට දෙනු ලැබූ දායාදයන් (අල්ලාහ් වන) ඔහු ඔහුට දන්වන්නේ ය. ඒවා ඔහු දැනගන්නේ ය. එම දායාදයන් කෙරෙහි නුඹ කළේ කුමක් ද? යී ඔහු (අල්ලාහ්) පවන්නේ ය. මා දිවි පුදන තුරු ඔබ වෙනුවෙන් සටන් කළෙමි යී ඔහු පවසන්නේ ය. “නුඹ පවසන්නේ මුසාව යි. නුඹ වීරයෙක් යැයි කියනු ලබනු පිණිස නුඹ සටන් කෙළෙහි ය. (නුඹට එසේ ) කියන ලදී“ යැයි (අල්ලාහ්) පවසන්නේ ය. පසුව ඔහු ගැන අණ කරනු ලැබ, ඔහුව මුහුණ යටිකුරුව නිරයට විසිකරනු ලබන තුරු ඇදගෙන යනු ලැබේ.

පසුව තමාද අධ්‍යාපන ඥාණය ලබා එය උගන්වපු, කුර්ආනය පාරායණය කළ, පුද්ගලයෙකු ගෙනෙනු ලැබේ. ඔහුට දෙනු ලැබූ දායාදයන් (අල්ලාහ් වන) ඔහු ඔහුට දන්වන්නේ ය. එවිට ඔහු ඒවා දැනගන්නේ ය. එම දායාදයන් කෙරෙහි නුඹ කළේ කුමක් ද? යී ඔහු (අල්ලාහ්) පවන්නේ ය. ඔහු “මම අධ්‍යාපන ඥාණය ලබා, එය උගැන්වූයෙමි. ඔබ වෙනුවෙන් කුර්ආනය පාරායණය කළෙමි“ යැයි පවසන්නේ ය. “නුඹ පවසන්නේ මුසාව යි. නුඹ ආලිම් (ඥාණවන්තයෙක්) යැයි කියනු ලබනු පිණිස අධ්‍යාපනය ලැබුවෙහි ය.ඔහු කාරි (අලංකාර ලෙස කුර්ආනය පාරායණය කරන්නා) යැයි කියනු ලබනු පිණිස නුඹ කුර්ආනය පාරායණය කළෙහි ය. (නුඹට එසේ ) කියන ලදී“ යැයි (අල්ලාහ්) පවසන්නේ ය. පසුව ඔහු ගැන අණ කරනු ලැබ, ඔහුව මුහුණ යටිකුරුව නිරයට විසිකරනු ලබන තුරු ඇදගෙන යනු ලැබේ.

පසුව අල්ලාහ් විසින් පොහොසත් කර, සියලු ආකාරයේ ධනයන් ප්‍රදානය කරනු ලැබූ පුද්ගලයෙක් ගෙනෙනු ලැබේ. එවිට ඔහුට දෙනු ලැබූ දායාදයන් (අල්ලාහ් වන) ඔහු ඔහුට දන්වන්නේ ය. ඒවා ඔහු දැනගන්නේ ය. එම දායාදයන් කෙරෙහි නුඹ කළේ කුමක් ද? යී ඔහු (අල්ලාහ්) පවන්නේ ය. “ඔබ කුමන මාර්ගවල වියදම් කිරීමට කැමැතිවන්නේද, එම කිසිඳු මාර්ගයක් නොහැර මම ඔබ වෙනුවෙන් වියදම් කළෙමි“ ඔහු පවසන්නේ ය. “නුඹ පවසන්නේ මුසාව යි. නුඹ ජවාද් (නිර්ලෝභීව වියදම් කරන්නා) යැයි කියනු ලබනු පිණිස නුඹ (එසේ) කෙළෙහි ය. (නුඹට එසේ ) කියන ලදී“ යැයි (අල්ලාහ්) පවසන්නේ ය. පසුව ඔහු ගැන අණ කරනු ලැබ, ඔහුව මුහුණ යටිකුරුව නිරයට විසිකරනු ලබන තුරු ඇදගෙන යනු ලැබේ.

(මුස්ලිම් – 1905)

0006 –

රසූල් (සල්) තුමාණන්ගේ කීමට තමන් සවන් දුන් බව අබූ කබෂා අල් අන්නමාරී (රලී) තුමා දැනුම් දෙයි.

(රසූල් (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.) කරුණු තුනක් ඒවා වෙනුවෙන් මම (අල්ලාහ් මත) දිවුරා ඔබලාට හදීසයක් දැනුම් දෙමි. එය ඔබලා කටපාඩම් කරගන්න. 

එතුමාණෝ ප්‍රකාශ කළහ : ගැත්තෙකුගේ ධනය සදකාව (දන්දීම) නිසා අඩු නොවේ. ගැත්තෙක් අපරාධයට ලක් වී ඔහු එය විඳ දරාගන්නේ නම්, ඔහුගේ ගෞරවය අල්ලාහ් වැඩි නොකර සිටින්නේ නැත. ගැත්තෙක් සිඟමනයේ දොර විවෘත කරයි නම්, අල්ලාහ් ඔහුට දරිද්‍රතාවයේ දොර විවෘත නොකර සිටින්නේ නැත. හෝ එවැනි වචනයක්

මම ඔබලාට හදීසයක් දැනුම් දෙමි. එය කටපාඩම් කරගන්න. මෙලොව හතර දෙනෙකුටයි පමණි. ගැත්තෙක් අල්ලාහ් ඔහුට ධනය හා දැනුම ප්‍රදානය කර ඇත. එහි ඔහු තම දෙවිට බියබැතිමත් වෙයි. එහි ඔහු ඥාති සම්බන්ධකම් රකිමින් කටයුතු කරයි. එහි අයිතිය ඇත්තේ අල්ලාහ්ට බව ඔහු දනී. එබැවින් මෙය ශ්‍රේෂඨම තරාතිරම වේ. ගැත්තෙක් අල්ලාහ් ඔහුට දැනුම ප්‍රදානය කර ඇත. ධනය ප්‍රධානය කළේ නැත. ඔහු සත්‍ය චේතනාවෙන් යුක්තා ය. ඔහු ප්‍රකාශ කරයි “ මට ධනය තිබුනා නම් මම මොහුගේ (යහ) ක්‍රියාව කරමි. ඔහු මොහුගේ වේතනාවෙන් සිටීයි. ඔවුන් දෙදෙනාගේ කුලිය සමාන ය. ගැත්තෙක් ඔහුට අල්ලාහ් ධනය ප්‍රදානය කර ඇත. දැනුම ප්‍රධානය කලේ නැත. ඔහු දැනුම නොමැති කමින් තම ධනය අයහපත් ලෙස වියදම් කරයි. එහි ඔහු තම දෙවිට බියබැති වන්නේ නැත. එහි ඔහු ඥාති සම්බන්ධකම් රකිමින් කටයුතු කරන්නේ නැත. එහි අයිතිය ඇත්තේ අල්ලාහ්ට බව ඔහු නොදනී. එවැබින් මෙය පහත්ම තරාතිරම වේ. ගැත්තෙක් ඔහුට අල්ලාහ් ධනය හා දැනුම ප්‍රදානය කළේ නැත. එවැබින් ඔහු පවසයි “ මට ධනය තිබුනා නම් එහි මම මොහුගේ (අයහ) ක්‍රියාව කරමි.“ ඔහු මොහුගේ චේතනාවෙන් සිටියි. ඔවුන් දෙදෙනාගේ පාපය සමාන වේ.

(ඉබ්නු මාජා – 4228ල තිර්මිදී – 2325)

0007 –

අබූ උමාමා අල්බාහිලී (රළි) තුමා ප්‍රකාශ කළේ ය.

මිනිසෙක් නබි (සල්) තුමාණන් වෙත පැමිණ, කුලිය හා කීර්තිය බලාපොරොත්තුවෙන් සටන් කරන මිසිසෙක් ගැන ඔබ සිතන්නේ කුමක්ද?, ඔහුට ලැබෙන්නේ කුමක් ද? යැයි විමසුවේ ය. එවිට ඔහුට කිසිවක් ලැබෙන්නේ නැත යැයි රසූල් (සල්) තුමාණෝ කී හ. ඔහුට කිසිවක් ලැබෙන්නේ නැත යැයි නබි (සල්) තුමාණෝ (නැවත නැවත) තුන් වතාවක් ප්‍රකාශ කර, පසුව අල්ලාහ් ඔහුටම යන පාරිශුද්ධභාවයෙන් හා ඔහුගේ මුහුණ බලාපොරොත්තුවෙන් කරන දේ හැර ක්‍රියාවන්ගෙන් කිසිවක් පිළිනොගන්නේ යැයි ප්‍රකාශ කළහ.

(නසාඊ – 3140)

0008 –

අබූ හරෛරා (රළි) තුමා දැනුම් පවසයි.

රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ ප්‍රකාශ කළහ. මිනිසුන් ඔවුනගේ චේතනා අනුවම නැගිටුවනු ලබන්නේ ය.

සහීහ්

0009 –

ලහ්හාක් ඉබ්නු කයිස් (රළි) තුමා පැවසුවේ ය.

රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලලම් තුමාණේ ප්‍රකාශ කළහ : අති උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි : (මිතු දම සඳහා) ශ්‍රේෂ්ඨ කොටස් කරුවා මම වෙමි. යමෙක් මට සම කරයි නම්, ඔහු මට සමකරන ලද දෙයට හිමිය. මිනිස්සුනේ ! ඔබලාගේ ක්‍රියාවන් අල්ලාහ්ටම (පමණක්) පිවිතුරු කර ගන්න. මක්නසාදයත් (ඔහුටම යන) පිවිතුරභාවයෙන් යුක් ඒවා මිස අල්ලාහ් වෙන කිසිඳු අමලයක් (ක්‍රියාවක්) පිළිගන්නේ නැත. මෙය අල්ලාහ් වෙනුවෙන් හා නෑකම වෙනුවෙන් යැයි ඔබලා නොපවසන්න. එවට එය නෑකම සඳහාය. එහි කිසිවක් අල්ලාහ්ට නොමැත. මෙය අල්ලාහ් සහ ඔබලාගේ මුහුණුවෙනුවෙන් යැයි නොපවසන්න. එවට එය ඔබලාගේ මුහුණු සඳහා පමණි. අල්ලාහ්ට එහි කිසිවක් නොමැත.

(අල් අහාදීසුල් මුහ්තාරා – 08/ 94)

03 පාඩම – ඉස්ලාමය ඊට කලින් වූ (පාප) සියල්ල නසයි

හදීස් අංක 0010 සිට 0011 දක්වා…

0010

ඉබ්නු ෂුමාෂා අල් මහරී ප්‍රකාශ කළේය. මරණාසන්නව සිටී අම්ර් ඉබ්නුල් ආස් (රළි -තුමා) වෙත අපි පැමිණියෙමු. එවිට එතුමා දීර්ඝ වේලාවක් හඬා තම මුහුණ බිත්තිය දෙසට හරවා ගත්තේ ය. එවිට එතුමාගේ ප්‍රත්‍රයා මාගේ දයාබර පියාණෙනී! අල්ලාහ්ගේ වක්තෘවරයාණන් (සල්) ඔබට මෙසේ සුභාරංචි පැවසුවේ නැද්ද? අල්ලාහ්ගේ වක්තෘවරයාණන් (සල්) ඔබට මෙසේ සුභාරංචි පැවසුවේ නැද්දැයි අසන්නට පටන් ගත්තේ ය. ඔහු (හදීසයේ දැනුම් දෙන්නා ) ප්‍රකාශ කළේ ය. එවිට (අම්ර් ඉබ්නුල් ආස් වන) එතුමා තම මුහුණ (තම ප්‍රත්‍රයා දෙසට) හරවා (මෙසේ) ප්‍රකාශ කළේ ය. “ අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් දෙවි කෙනෙක් නොමැති බවටද මුහම්මද් අල්ලාහ්ගේ වක්තෘවරයාණන් වන බවටද” සාක්ෂි දැරීම ඉතිරි කිරීම් වලින් ශ්‍රේෂ්ඨතම දෙය වන්නේ ය. මම (මාගේ ජීවිතයේ) අවධි තුනක ඉඳ ඇත්තෙමි.

(පළමු අවධියේ දී) මට වඩා එතුමාණන් කෙරෙහි ක්‍රොධය පෑ වෙන කිසිවෙක් නො සිටින්ට ඇතැයි මම සිතුවෙමි. එතුමාණන් කෙරෙහි මට බලයක් තිබුණි නම් එතුමාණන්ව ඝාතය කිරීම තරම් වෙන කිසිවක් මට ප්‍රිය නො විය. ඒ අවධියේ දී මා මරණයට පත් වූයේ නම්, මා නිරවාසියින්ගෙන් කෙනෙක් වන්නට තිබුණි.

අල්ලාහ් ඉස්ලාමයට මගේ සිත යොමුකළ විට, මම නබි (සල්) තුමාණන් වෙත පැමිණ, “ඔබතුමාණන්ට බයිඅත් (අවනත වීමේ ප‍්‍රතිඥාව) දීමට ඔබතුමාණන්ගේ දකුණත දික් කරන්න“ යැයි කීවෙමි. එතුමාණෝ තම දකුණත දික් කළහ. මම මාගේ අත (ආපස්සට) ඇදගත්තෙමි. අම්ර්! ඔබට සිදුවී ඇත්තේ කුමක් දැයි එතුමාණෝ ඇසූහ. කොන්දේසි කිහිපයක් පැනවීමට අදහස් කලෙමි යැයි මම කීවෙමි. “කිනම් කොන්දේසි ද ඔබ පනවන්නේ” යැයි එතුමාණෝ ඇසූහ. “මා ක්ෂාමා කරනු ලැබීම (කොන්දේසිය වේ.)” යැයි මම පැවසුවෙමි. ඉස්ලාමය ඊට කළින් සිදුකළ (පාපිෂ්ඨ) දෑ (සියල්ල) නසන බවත්, හිජිරතය (ධර්මය වෙනුවෙන් රට හැර යෑම) ඊට කළින් සිදුකළ (පාපිෂ්ඨ) දෑ (සියල්ල) නසන බවත්, හජ් නැමදුම ඊට කළින් සිදුකළ (පාපිෂ්ඨ) දෑ (සියල්ල) නසන බවත්, ඔබ නො දන්නේ දැයි ඇසූහ.

(මා ඉස්ලාමය වැළඳ ගැනීමෙන් පසු) අල්ලාහ්ගේ වක්තෘවරයාණන් (සල්) තරම් ප්‍රියමනාප වෙන කිසිවෙක් මට නො වීය. මාගේ ඇසට එතුමාණන්ට වඩා ගෞරවයෙන් පෙනෙන වෙන කිසිවෙක් නොවී ය. එතුමාණන් කෙරෙහි වූ (මා තැබූ) ගෞරවය නිසා එතුමාණන්ගෙන් මාගේ ඇස් දෙක පිරවීමට මට නොහැකි විය.(එතුමාණන්ව මුලුමනින්ම මාගේ ඇස් දෙකෙන් දැකීමට පවා නොහැකි විය.) එතුමාණන්ගෙන් මාගේ ඇස් දෙක පිරවීමට මට නොහැකි වූ නිසා, එතුමාණන්ව විග්‍රහ කරන මෙන් මා අසනු ලැබුණි නම්, එය මට නොහැකි වන්නට තිබුණි. මම ඒ අවධියේ මිය ගියේ නම්, ස්වරග වාසීන්ගෙන් කෙනෙක් වීමට බලාපොරොත්තු වන්න තිබුණි.

පසුව බොහෝ කරුණුවල වගකීම් අපට පැවරුණි. ඒවායෙහි මාගේ තත්ත්වය කුමක්දැයි කියා මා නොදනිමී. මා මරණයට පත්වුවහොත්, (මරණයට) විලාප නගන කාන්තාව හෝ ගින්දර මා (ගේ මරණය) සමග සහභාගී කරවා නොගන්න‍. මාව ඔබලා භූමිදානය කරන විට, මා (ගේ මිනීවල) මත පස් දමන්න. පසුව ඔබලා තුලින් මා අස්වැසිල්ලක් ලබනු පිණිස ද, මාගේ අධිපතිගේ දූතයින් (වන මළායිකාවරුන්ට)ට මා කුමන පිළිතුරක් දෙන්නේ දැයි මට බලාගනු පිණිසද, ඔටුවෙක් කපා එහි මාංග බෙදා දෙන (වේලාවට සමාන) කාලයක් මාගේ මිනීවල වටා ඔබලා සිටගන්න.

(මුස්ලිම් – 121)

0011

අනස් (රළි) තුමා ප්‍රකාශ කළේය. මිනිසෙක් නබි (සල්) තුමාණන් වෙත පැමිණ, අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනී! (පාප ක්‍රියා වලින්) මහා හෝ සුලු කිසිම දෙයක් මා නොකර අතහැර නොමැත. (එවිට) එතුමාණෝ අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙන දෙවිකෙනෙක් නොමැති බවටත්, මුහම්මද් අල්ලාහ්ගේ වක්තෘවරයාණන් බවටත් ඔබ සාක්ෂි දරන්නේ දැයි තෙවතාවක් විමසූහ. ඔහු “ ඔව්” යැයි පැවසීය. (එයට) එතුමාණෝ “එ(ම සාක්ෂි)ය එයට (එම පාපාවලට) පිළියමක් ලෙස ලැබෙනු ඇත” යැයි පැවසීය.

(අල්අහාදීසුල් මුහ්තාරා – 05 වන වෙලුම – හදීස් අංක 1773)

මෙම හදීසයේ සනදය (දැනුම් දෙන්නන්ගේ දම්වැල) සහීහ් වේ.

04 පාඩම – ඉස්ලාම් දහම කලින් තිබූ දහම් සියල්ල අවලංකු කරයි.

0012

නබි (සල්) තුමාණන් පැවසූ බව අබූ හුරෛරා (රළි) තුමා දැනුම් දුන්නේය. මුහම්මද් ගේ ආත්මය තම අතෙහි රන්නා මත දිවුරා! යහූදී හෝ නසරානී කෙනෙක් මා ගැන අසා පසුව ඔහු මා හට පහළ කරනු ලැබ ඇති දේ විශ්වාස නොකර මරණයට පත්වේ නම් ඔහු නිරවාසියින්ගෙන් කෙනෙකු මිස නොවේ.

(මුස්ලිම් – 153)

0013

ඉබ්නු අබ්බාස් (රළි) තුමා ප්‍රකාශ කලේය. අල්ලාහ්ට ප්‍රියතම ධර්මය කුමක් දැයි නබි (සල්) තුමාණන්ගෙන් විමසනු ලැබී ය. එතුමාණෝ “පහසු ඒක දේව සංකල්පය“ යැයි ප්‍රකාශ කළහ.

සහීහ් ලි ගයිරිහී

(මුස්නද් අහ්මහද් – 2107)

05 පාඩම – ඒක දේව සංකල්පය මත මිය යන්නා ස්වර්ගස්ථ වේ.

හදීස් අංක 0014 සිට 0019 දක්වා…

0014

අබූ දර් (රළි) තුමා පැවසූවේ ය – නබි (සල්) තුමාණෝ “ මාගේ රබ්ගෙන් කෙනෙක් (මළක්වරයෙක්) මා වෙත පැමිණ, මාගේ උම්මතයේ (සමාජයේ) අල්ලාහ්ට කිසිවක් සම නොකර යමෙක් මරණයට පත් වේ නම් ඔහු ස්වර්ගයට යයි“ කියා මට දැනුම් දුන්නේය. – නැතහොත් ශභාරංචි දුන්නේය යැයි ප්‍රකාශ කළහ. ඔහු කාමය වරදවා හැසිරුනත් ? සොරකම් කළත්? දැයි මම ඇසුවෙමි. ඔහු කාමය වරදවා හැසිරුනත්, සොරකම් කළත් යැයි එතුමාණෝ ප්‍රකාශ කළහ‍.

(බුහාරි – 1237. මුස්ලිම් – 94)

0015

අනස් ඉබ්නු මාලික් (රළි) තුමා දැනුම් දුන්නේ ය. නබි (සල්) තුමාණෝ එතුමාණන්ට පිටුපසින් එක සෑදල‍යේ මුආද් (රළි) තුමා සිටින විට – “ එම්බල මුආද් ඉබ්නු ජබල්! යැයි (මුආද්ව අමතා) කතා කළහ. ඔහු (لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ – ලබ්බයික යා රසූලුල්ලාහ් ව ස:දයික්) අල්ලාහ්ගේ වක්තෘවරයානෙනී! ඔබට (මුලුමනින්ම) අවනත වී ඔබගේ සේවයට කැප වූයේමි යැයි ප්‍රකාශ කළේය.(නැවත්) එම්බල මුආද්! යැයි (මුආද්ව අමතා) කතා කළහ. (නැවත් ඔහු لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ – ලබ්බයික යා රසූලුල්ලාහ් ව ස:දයික්) අල්ලාහ්ගේ වක්තෘවරයානෙනී! ඔබට (මුලුමනින්ම) අවනත වී ඔබගේ සේවයට කැප වූයේමි යැයි ප්‍රකාශ කළේය. (මෙසේ) තෙවරක් කතා කළහ. (පසුව) යමෙක් “අල්ලාහ් හැර (නැමදුමට සුදුසු) වෙනත් කිසිඳු දෙවි කෙනෙක් නොමැත.මුහ්ම්මද් අල්ලාහ්ගේ වක්තෘවරයා ය“ යැයි තම සිතින් සත්‍ය ලෙසම සාක්ෂි දරයි නම්, ඔහුට අල්ලාහ් නිරය හරාම් (තහනම්) කර මිස නොමැත යැයි ප්‍රකාශ කළහ. (එවිට මුආද්) අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනී! මම මෙය ජනයාට දැනම් දිය යුතු නොවේද! ඔවුන් (ප්‍රීතියෙන්) ශභාරංචිය ලබනු ඇත යැයි පැවසූයෙමි. (එවිට) ඔවුන් (වෙන කිසිවක් නොකර) එය මත ම රැඳෙනු ඇත යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ. දැනුම වසංකිරීමේ පාපයට බිය වී මෙ(හදීස)ය මුආද් (රළි) තුමා දැනුම් දුන්නේ තම මරණාසන්නයේ දී ය.

(බුහාරි 128 – මුස්ලිම් – 32)

0016

මුආද් ඉබ්නු ජබල් (රළි) තුමා දැනුම් දුන්නේ ය. (වරෙක) මම නබි සල් තුමාණන්ට පිටුපසින් (එක සෑදලයක වාඩි වී) ගමන් කරන විට, එතුමාණන් හා මා අතර සෑදලයේ අවසන් කොන හැර වෙන කිසිවක් නො වීය. එවිට නබි (සල්) තුමාණෝ එම්බල මුආද්! යැයි කතා කලහ. මම (لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ – ලබ්බයික යා රසූලුල්ලාහ් ව ස:දයික්) අල්ලාහ්ගේ වක්තෘවරයානෙනී! ඔබට (මුලුමනින්ම) අවනත වී ඔබගේ සේවයට කැප වූයේමි යැයි ප්‍රකාශ කළෙමි. පසුව සුලු වේලාවක් ගමන් කර, පසුව (නැවතත්) එම්බල මුආද්! යැයි කතා කලහ. මම (لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ – ලබ්බයික යා රසූලුල්ලාහ් ව ස:දයික්) අල්ලාහ්ගේ වක්තෘවරයානෙනී! ඔබට (මුලුමනින්ම) අවනත වී ඔබගේ සේවයට කැප වූයේමි යැයි ප්‍රකාශ කළෙමි. පසුව සුලු වේලාවක් ගමන් කර, පසුව (නැවතත්) එම්බල මුආද්! යැයි කතා කලහ. මම (لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ – ලබ්බයික යා රසූලුල්ලාහ් ව ස:දයික්) අල්ලාහ්ගේ වක්තෘවරයානෙනී! ඔබට (මුලුමනින්ම) අවනත වී ඔබගේ සේවයට කැප වූයේමි යැයි ප්‍රකාශ කළෙමි. (එවිට) “සිය ගැත්තන් මත (පැවරී) ඇති අල්ලාහ්ගේ යුතුකම කුමක් දැයි කියා ඔබ දන්නෙහි ද? යැයි අසූහ. අල්ලාහ් සහ ඔහුගේ වක්තෘවරනන්ම දන්නෝ වෙති යැයි මම පැවසුවෙමි. (එයට) එතුමාණෝ “සිය ගැත්තන් මත (පැවරී) ඇති අල්ලාහ්ගේ යුතුකම ඔහුව (ම පමනක්) නැමදීමත් ඔහුට කිසිවක් සම නො කිරීමත් වේ“ යැයි ප්‍රකාශ කළහ. පසුව සලු වේලාවක් ගමන් කර පසුව (නැවතත්) එම්බල මුආද් ඉබ්නු ජබල්! යැයි කතා කලහ. මම (لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ – ලබ්බයික යා රසූලුල්ලාහ් ව ස:දයික්) අල්ලාහ්ගේ වක්තෘවරයානෙනී! ඔබට (මුලුමනින්ම) අවනත වී ඔබගේ සේවයට කැප වූයේමි යැයි ප්‍රකාශ කළෙමි. එවිට එතුමාණෝ “(ඉහහ සඳහන්) එය කළහොත්, සිය ගැත්තන් කෙරෙහි අල්ලාහ්ට ඇති යුතුකම කුමක්ද කියා ඔබ දන්නෙහි ද? යැයි පැවසූහ. අල්ලාහ් සහ ඔහුගේ වක්තෘවරයාණෝම දන්නෝ වෙති යැයි මම පවසුවෙමි. (එවිට) එතුමාණෝ “ ගැත්තන් කෙරෙහි අල්ලාහ්ට ඇති යුතුකම ඔවුන්ට වේදනා නොකිරීම“ යැයි ප්‍රකාශ කළහ.

(බුහාරී – 2856/5967 – මුස්ලිම් – 30)

0017

ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළි) තුමා ප්‍රකාශ කළේය. මිනිසෙක් නබි (සල්) තුමාණන් වෙත පැමිණ, අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනී! මූජිබත් (ස්වර්ගය හා නිරය අනිවාර්ය කරන කරුණු) දෙක කුමක් දැයි ඇසී ය. එවිට නබි (සල්) තුමාණෝ යමෙක් අල්ලාහ්ට කිසිවක් සම නො කර මරණයට පත් වේ නම්, ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත. යමෙක් අල්ලාහ්ට කිසිවක් (හෝ) සම කරමින් මරණයට පත්වේ නම් ඔහු නිරයට පිවිසෙනු ඇත යැයි ප්‍රකාශ කළහ.

(මුස්ලිම් – 93)

0018

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළි) තුමා ප්‍රකාශ කරයි. නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ “යමෙක් අල්ලාහ්ට කිසිවක් සම නො කර ඔහුව මුණගැසෙයි නම් ඔහු සමග කිසිදු නපුරක් ඔහුට පීඩා නොකරනු ඇත. යමෙක් (අල්ලාහ් වන) ඔහුට කිසිවක් සම කරමින් මරණයට පත්වේ නම් ඔහු සමග කිසිදු කුසලක් ඔහුට ප්‍රයෝජනවත් නොවනු ඇත.“

(මුස්නද් අහ්මද් – 6586)

මෙම හදීසයේ ඉස්නාද් (දැනුම් දෙන්නන්ගේ දම්වැල) සහීහ් වන අතර, බුහාරි සහ මුස්ලිම් ඉමාම්වරු දෙදෙනාගේ කොන්දේසි වලට එකඟ වේ.

0019

මුආද් ඉබ්නු ජබල් (රළි) තුමා ප්‍රකාශ කළයේ ය. නබි (සල්) තුමාණෝ කියනු මම අසා ඇත්තෙමි. යමෙක් අල්ලාහ්ට කිසිවක් සම නොකර, පස්වේල නැමදුම් කර, රමළාන් මාසයේ උපවාස ශීලය රැක, (අල්ලාහ් වන) ඔහුව මුණ ගැසෙයි නම්, ඔහුව (අල්ලාහ් විසින්) ක්ෂමා කරනු ලැබේ. අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනී! මෙම ශභාරංචිය මම ඔවුන් හට නෙපැවසිය යුතු නොවේ දැයි මම ඇසූයෙමි. (එයට) ඔවුන්ට කුසල් කිරීමට ඉඩ හරින්න යැයි පැවසූහ.

(මුස්නද් අහ්මද් – 22028 / 21994)

සහීහ්

06 පාඩම – කුෆ්රය මත මිය යන්නා නිරගත වේ.

හදීස් අංක 0020 සිට 0021 දක්වා…

0020

ආයිෂා (රළි) තුමිය ප්‍රකාශ කළාය.

මම “ අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනී! ඉබ්නු ජුද්ආන් (ජුද්ආන්ගේ පුතා) අඥාන යුගයේ ඥාතී බැඳීම රකින්නෙක් ලෙසද, දුප්පතුන්ට ආහාර සපයන්නෙක් ලෙසද සිටියේ ය. එය ඔහුට (පරළොවේදී) ප්‍රයෝජනවත් වේ දැයි ඇසූයෙමි. එය ඔහුට ප්‍රයෝජනවත් නොවනු ඇත. ඇත්තෙන්ම ඔහු කිසිම දිනෙක “දෙවිඳුනේ! විනිශ්චය දිනයේ දී මාගේ පාපවලට සමාව දෙනු මැනව!“ යැයි කියා නොමැත.

(මුස්ලිම් – 214)

0021

මුආවියා (රළි) තුමා ප්‍රකාශ කළේය. විශවාසවන්තයෙක් ව ඕනෑකමින් ම ඝාතනය කරන පුද්ගලයා හෝ කාෆිර් (ප්‍රතික්ෂේක කරන්නෙක්) ලෙස මිය යන පුද්ගලයා හැර (අනිකුත්) සියලු පාපවලට අල්ලාහ් සමාව දිය හැකි ය යැයි නබි (සල්) තුමාණෝ කියනු මම අසා ඇත්තෙමි.

(සනාඊ – 3955)

සහීහ්

07 පාඩම – ලා ඉලාහ ඉල්ලල්ලාහ් යැයි කියන තුරු

හදීස් අංක 0022 පමණි…

0022

නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළ බව ඉබ්නු උමර (රළි) තුමා දැනුම් දෙයි “ ජනයා අල්ලාහ් හැර නැමදුමට සුසුදු වෙනත් දෙවි කෙනෙක් නැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ වක්තෘවරයා බවටත් සාක්ෂි දරා, සලාතය (නැමදුම) ස්ථාපිත කර, සකාතය (දුගී බද්ද) ගෙවන තුරු තුරු ඔවුන් සමග යුද කරන මෙන් මා අන කරනු ලැබ ඇත්තෙමි. ඔවුන් එය කලේ නම්, ඉස්ලාමයේ අයිතිවාසිකම් සඳහාම මිස ඔවුන් ඔවුන්ගේ ලේ සහ දේපළ මගෙන් ආරක්ෂා කරගත්තෝ ය.ඔවුන්ගේ විභාග කරීම ඇත්තේ අල්ලාහ් වෙත ය.

(බුහාරී 25/මුස්ලිම් 22)

08 පාඩම – ඊමානය (දේව විශවාසය) පිළිගනු නො ලබන කාලය

හදීස් අංක 0023 පමණි…

0023

අබූ හුරෛරා කරුණු තුනක් මතුවුවහොත් එයට කලින් ඊමාන් (දේව විශවාස) නොකළ, නැතහොත් තම ඊමාන ය (නම් දේව විශවාස) හි (එයට කලින්ම) කිසිඳු යහපත් උපයා නොගත් කිසිවෙකුගේවත් ඊමනය (දේව විශ්වාසය) ඔහුට පළක් නොවේ. (1). බටහිරින් හිරු උදාව, (2). දජ්ජාල් (3). දාබ්බතුල් අර්ද් (නම් පොලොවෙන් මතු වන අත්භූත සත්වයා)

(මුසලිම් – 158)

عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ قَالَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم ‏ “‏ ثَلاَثٌ إِذَا خَرَجْنَ لاَ يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا طُلُوعُ الشَّمْسِ مِنْ مَغْرِبِهَا وَالدَّجَّالُ وَدَابَّةُ الأَرْضِ ‏”‏ ‏

09 පාඩම – අර්රහ්මාන් – අර්රහීම් ( අපරමිත දයාන්විතයා, අසමසම කරුණාන්විතයා)

හදීස් අංක 0024 සිට 0026 දක්වා…

0024

නබි (සල්) තුමාණන්ගේ කීමට තමන් සවන් දුන් බව අබූ හුරෛරා (රළි) තුමා ප්‍රකාශ කළේය. “අල්ලාහ් ආදරය කොටස් සියයකට බෙදුවේ ය. (එයින්) කොටස් අනූ අවයක් තමා සතුවම තබාගත්තේ ය ” (ඉතිරි එකම) එක කොටසක් මහපොලොවට පහළ කළේ ය. එම කොටස නිසාවෙනි ඔහුගේ මැවීම් (වන ජීවීන්) තමන් අතර අන්‍යයෝන්‍ය ආදරය දක්වන්නේ. එය කොතරම් ද යන්න පවසනවා නම්, අශ්වයෙකු තම පැටියා පෑගේ යැයි බියෙන් තම (කකුල්) කුරය ඔසවාගනී. (මෙයත් එම ආදරයේ බලපෑමකි)

(මුතෆකුන් අලෛහි – බුහාරි – 6000 / මුස්ලිම් – 2756)

(බුහාරි සහ මුස්ලිම් යන) එතුමාණ්ලා දෙදෙනාගේ තවත් දැනුම් දීමක මීට වඩා වැඩියෙන් මෙස් සඳහන් වේ. “ අල්ලාහ් සතු ආදරයේ සියල්ල (ඒකක දෙවිව ප්‍රතික්ෂේප කරන) කාෆිර් පුද්ගලයා දැන සිටියේ නම් ඔහු ස්වර්ගය පිළිබඳ බලාපොරොත්තුව අත නොහරින්නට තිබුණි. (එසේම) දඬුවම පිළිබඳ අල්ලාහ් සතු සියල්ල මූමින් (දේව විශවාසවන්තයෙක්) කෙනෙක් දැනගෙන සියියේ නම් ඔහු නිරය පිළිබඳ බියෙන් තොරව සිටින්නට ඉඩ තිබුණි.

(බුහාරි – 6469 /මුස්ලිම් 2755)


ق) عَنِ أبي هُرَيْرَةَ، قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم يَقُولُ ‏ “‏ جَعَلَ اللَّهُ الرَّحْمَةَ مِائَةَ جُزْءٍ، فَأَمْسَكَ عِنْدَهُ تِسْعَةً وَتِسْعِينَ جُزْءًا، وَأَنْزَلَ فِي الأَرْضِ جُزْءًا وَاحِدًا، فَمِنْ ذَلِكَ الْجُزْءِ يَتَرَاحَمُ الْخَلْقُ، حَتَّى تَرْفَعَ الْفَرَسُ حَافِرَهَا عَنْ وَلَدِهَا خَشْيَةَ أَنْ تُصِيبَهُ ‏”‏‏. زاد في رواية لهما (فَلَوْ يَعْلَمُ الْكَافِرُ بِكُلِّ الَّذِي عِنْدَ اللَّهِ مِنَ الرَّحْمَةِ لَمْ يَيْأَسْ مِنَ الْجَنَّةِ، وَلَوْ يَعْلَمُ الْمُؤْمِنُ بِكُلِّ الَّذِي عِنْدَ اللَّهِ مِنَ الْعَذَابِ لَمْ يَأْمَنْ مِنَ النَّارِ.

0025

අල්ලාහ්ගේ වක්තෘ (සල්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෛරා (රළි) තුමා ප්‍රකාශ කළේ ය. “අල්ලාහ් මැවීම් (සියල්ල මවා) අවසන් කළ විට ඔහු සතුව අර්ෂ්ය(නම් ඔහුගේ සිංහාසනෙය) මත තිබෙන තම පොතෙහි නියතවශයෙන්ම මාගේ ආදරය මාගේ කෝපය මැඩපැවෙත් වූයේ යැයි ලිව්වේ ය. ”

(මුතෆකුන් අලෛහි – බුහාරි – 3194 – මුස්ලිම් – 2751)

‏و في رواية لهما : سَبَقَتْ غَضَبِي

(බුහාරි සහ මුස්ලිම් වන) එතුමාණ්ලා දෙදෙනාගේ තවත් දැනුම් දීමක “මාගේ කෝපය අභිබවා ගියේය” යැයි සඳහන් වේ.

(බුහාරී – 7422)

عَنْ أَبِي هُرَيْرَةَ ـ رضى الله عنه ـ قَالَ قَالَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم ‏ “‏ لَمَّا قَضَى اللَّهُ الْخَلْقَ كَتَبَ فِي كِتَابِهِ، فَهْوَ عِنْدَهُ فَوْقَ الْعَرْشِ إِنَّ رَحْمَتِي غَلَبَتْ غَضَبِي ‏”‏‏.‏

0026

(වරෙක) සලාතය (යාක්ච්ඥාව) සඳහා නබි (සල්) තුමාණෝ සිටගත්හ. එතුමාණෙන් සමග අපිත් සිටගත්තෙමු. එවිට සලාතයේ යෙදී සිටී කාත්තාරවාසී අරාබි ජාතිකයෙක් “ දෙවිඳුනී! මා හට හා මුහම්මද් හට (පමණක්) ආශිරවාද කරනු මැනව.! අප සමග වෙන කිසිවෙකු හට ආශිර්වාද නොකරනු මැනව!” යැයි (ප්‍රාර්ථනා කරමින්) ප්‍රකාශ කළේ ය. නබි (සල්) තුමාණෝ සලාම් දුන් විට‍ (එනම් යාක්ච්ඥව අවස්න කළ විට) , එම කාත්තාරවාසී අරාබි ජාතිකයා හට “අති විශාල දෙය එනම් අල්ලාහ්ගේ ආශිර්වාදය ඔබ සීමා කළේ ය” යැයි ප්‍රකාශ කළහ.

(බුහාරී – 6010)


٢٦ – (خ) – عن أَبَي هُرَيْرَةَ قَالَ قَامَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم فِي صَلاَةٍ وَقُمْنَا مَعَهُ، فَقَالَ أَعْرَابِيٌّ وَهْوَ فِي الصَّلاَةِ اللَّهُمَّ ارْحَمْنِي وَمُحَمَّدًا، وَلاَ تَرْحَمْ مَعَنَا أَحَدًا‏.‏ فَلَمَّا سَلَّمَ النَّبِيُّ صلى الله عليه وسلم قَالَ لِلأَعْرَابِيِّ ‏ “‏ لَقَدْ حَجَّرْتَ وَاسِعًا ‏”‏‏.‏ يُرِيدُ رَحْمَةَ اللَّهِ‏

10 පාඩම – ඔබලා මාව ම කැඳවන්න මම ඔබලාට පිළිතුරු දෙමි

හදීස් අංක 0027 සිට 0030 දක්වා…

0030

තේජාන්විත වූද අති උත්තරීතර වූද අල්ලාහ් ප්‍රකාශ කළ බව නබි (සල්) තුමාණෝ කී කියමනක් අබූ දර් (රළි) තුමා දැනුම් දුන්නේ ය.

ඔහු (අල්ලාහ්) පැවසුවේ ය. මම අසාධාරණය මා හට තහනම් කර ඇත්තෙමි. මම එය ඔබලා හට ද තහනම් වූ දෙයක් බවට පත් කළෙමි. එබැවින් ඔබලාගෙන් කෙනෙකු තව කෙනෙකුට අසාධාරණය නො කරන්න.

මාගේ ගැත්තනී! (ඔබලා අතුරින් ) මම යහමඟ යොමු කළ පුද්ගලයා හැර ඔබසැම අයහමඟ යන්නෝ වෙති. එබැවින් මාගන් (ම ) යහමඟ (පෙන්වන මෙන්) ඉල්ලන්න, මම ඔබලා හට යහමඟ පෙන්වමි.

මාගේ ගැත්තනී! (ඔබලා අතුරින්) මම ආහාර සැපයූ පුද්ගලයා හැර ඔබසැම කුසගින්නෙන් සිටින්නෝ වෙති. එබැවින් ආහාර සපයන මෙන් මාගෙන් (ම) ඉල්ලන්න, මම ඔබලාට ආහාර සපයන්නෙමි.

මාගේ ගැත්තනී! (ඔබලා අතුරින්) මම ඇඳුම් ඇන්දවූ පුද්ගලයා හැර ඔබසැම නිරුවතින් සිටින්නනෝ වෙති. එබැවින් ඇඳුම් අන්දවන මෙන් මාගෙන් (ම) ඉල්ලන්න, මම ඔබලාට ඇඳුම් අන්දවමි.

මාගේ ගැත්තනී! ඔබලා රාත්‍රීයේ හා දවාලයේ පාප කරන්නෙහු. මම සියළු පාප ක්ෂමා කරමි. එබැවින් පාපක්ෂමාව මගෙන් (ම) අයදින්න. මම ඔබලාව ක්ෂමා කරමි.

මාගේ ගැත්තනී! මා හට කිසිඳු අයහපතක් කිරීමට ඔබලාට නොහැකි ය. (එසේම) මා හට කිසිඳු යහපතක් කිරීමට ද ඔබලාට නොහැකි ය.

මාගේ ගැත්තනී! ඔබලාගෙන් (මිනිස් සංහතියේ) ආරම්භකයා ද, අවසානයා ද, ඔබලා අතුරින් (ආරම්භකයාගේ සිට අවසානයා දක්වා වූ සියළු) මිනිස් වර්ගයා ද, ජින් වර්ගයාද, බියබැතිමත්ම සිත සහිත මනුෂ්‍යා මෙන් බියබැතිමත් වූවත්, එයින් (ඔබලාගේ දෙවි වන) මාගේ ආධපත්‍යෙයහි කිසිවක් වැඩි වන්නේ නැත.

මාගේ ගැත්තනී! ඔබලාගෙන් (මිනිස් සංහතියේ) ආරම්භකයා ද, අවසානයා ද, ඔබලා අතුරින් (ආරම්භකයාගේ සිට අවසානයා දක්වා වූ සියළු) මිනිස් වර්ගයා ද, ජින් වර්ගයාද, දුෂ්ඨම සිත සහිත මනුෂ්‍යා මෙන් දුෂ්ඨ වූවත්, එයින් (ඔබලාගේ දෙවි වන) මාගේ ආධිපත්‍යයෙහි කිසිවක් අඩු වන්නේ නැත.

මාගේ ගැත්තනී! ඔබලාගෙන් (මිනිස් සංහතියේ) ආරම්භක යා ද, අවසානයා ද, ඔබලා අතුරින් (ආරම්භකයාගේ සිට අවසානයා දක්වා වූ සියළු) මිනිස් වර්ගයා ද, ජින් වර්ගයාද, (එකම විට) එකම ස්ථනයක සිට (තම තමන්ගේ අවශ්‍යතා වෙනවෙනම) මාගේන ඇයඳ, මම සියල්ලන් හට තම ඉල්ලීම් (වෙවෙනම) ලබා දුන්න ද, ඉඳිකට්ටක් මහ සාගරයේ දැමූ විට අඩු වන ප්‍රමාණය මෙන් මිස මා සතු දෙයින් වෙන කිසිවක් අඩුවන්නේ නැත.

මාගේ ගැත්තනී! ඔබලාගේ ක්‍රියා (සියල්ල) මම ඔබලාට ගණන් බලා එයට පරිපූර්ණ කුලිය ලබා දෙන්නෙමි. යහපත අත්කරගත් තැනැත්තා අල්ලාහ්ව ප්‍රශංසා කරත්වා! (යහපත වන) එය නොවන (අයහපත්) දෑ අත්කරගත් තැනැත්තා තමාටම හැර වෙන කිසිවෙකුට දොස් නො නගත්වා!

(මුස්ලිම් – 2577)

عَنْ أَبِي ذَرٍّ، عَنِ النَّبِيِّ صلى الله عليه وسلم فِيمَا رَوَى عَنِ اللَّهِ، تَبَارَكَ وَتَعَالَى أَنَّهُ قَالَ ‏ “‏ يَا عِبَادِي إِنِّي حَرَّمْتُ الظُّلْمَ عَلَى نَفْسِي وَجَعَلْتُهُ بَيْنَكُمْ مُحَرَّمًا فَلاَ تَظَالَمُوا يَا عِبَادِي كُلُّكُمْ ضَالٌّ إِلاَّ مَنْ هَدَيْتُهُ فَاسْتَهْدُونِي أَهْدِكُمْ يَا عِبَادِي كُلُّكُمْ جَائِعٌ إِلاَّ مَنْ أَطْعَمْتُهُ فَاسْتَطْعِمُونِي أُطْعِمْكُمْ يَا عِبَادِي كُلُّكُمْ عَارٍ إِلاَّ مَنْ كَسَوْتُهُ فَاسْتَكْسُونِي أَكْسُكُمْ يَا عِبَادِي إِنَّكُمْ تُخْطِئُونَ بِاللَّيْلِ وَالنَّهَارِ وَأَنَا أَغْفِرُ الذُّنُوبَ جَمِيعًا فَاسْتَغْفِرُونِي أَغْفِرْ لَكُمْ يَا عِبَادِي إِنَّكُمْ لَنْ تَبْلُغُوا ضَرِّي فَتَضُرُّونِي وَلَنْ تَبْلُغُوا نَفْعِي فَتَنْفَعُونِي يَا عِبَادِي لَوْ أَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ كَانُوا عَلَى أَتْقَى قَلْبِ رَجُلٍ وَاحِدٍ مِنْكُمْ مَا زَادَ ذَلِكَ فِي مُلْكِي شَيْئًا يَا عِبَادِي لَوْ أَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ كَانُوا عَلَى أَفْجَرِ قَلْبِ رَجُلٍ وَاحِدٍ مَا نَقَصَ ذَلِكَ مِنْ مُلْكِي شَيْئًا يَا عِبَادِي لَوْ أَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ قَامُوا فِي صَعِيدٍ وَاحِدٍ فَسَأَلُونِي فَأَعْطَيْتُ كُلَّ إِنْسَانٍ مَسْأَلَتَهُ مَا نَقَصَ ذَلِكَ مِمَّا عِنْدِي إِلاَّ كَمَا يَنْقُصُ الْمِخْيَطُ إِذَا أُدْخِلَ الْبَحْرَ يَا عِبَادِي إِنَّمَا هِيَ أَعْمَالُكُمْ أُحْصِيهَا لَكُمْ ثُمَّ أُوَفِّيكُمْ إِيَّاهَا فَمَنْ وَجَدَ خَيْرًا فَلْيَحْمَدِ اللَّهَ وَمَنْ وَجَدَ غَيْرَ ذَلِكَ فَلاَ يَلُومَنَّ إِلاَّ نَفْسَهُ ‏”‏

11 පාඩම – අල්ලාහ් නො නිදන්නේ ය

හදීස් අංක 0031 සිට 0033 දක්වා…

0031

අබූ මූසා අල් අෂඅරී තුමා දැනුම් දුන්නේය “අල්ලාහ්ගේ වක්තෘවරයාණෝ අප අතර සිට ගනිමින් කරුණු පහක් ප්‍රකාශ කලෝය. නියත වශයෙන්ම අති බලවත් අති උක්තරීතර අල්ලාහ් නිදාගන්නේ නැත. ඔහුට නිදාගැනීමට අවශ්‍ය තාවයක් ද නොමැත. ඔහු තරාදිය ඔසවන්නේ ය. පහත් කරන්නේ ය. රාත්‍රීයේ (මිනිසා විසින් කරන ලද සියලු) ක්‍රීයා දවාලයේ ක්‍රීයාවන්ට පෙර ඔහු වෙත (ඉහළට) ගෙන යනු ලබන්නේ ය. දවාලයේ (මිනිසා විසින් කරන ලද සියලු) ක්‍රීයා රාත්‍රීයේ ක්‍රීයාවන්ට පෙර ඔහු වෙත (ඉහළට) ගෙන යනු ලබන්නේ ය. ඔහුගේ තිරය ආලෝකය යි. ඔහු එය (එම තිරය) ඉවත් කළහොත්, ඔහුගේ මුහුණේ ආලෝකය ඔහුගේ බැල්ම වදිනතෙක් මානයක ඇති ඔහුගේ සියලු මැවීම් පුලුස්සා දමනු ඇත.

වෙනත් දැනුම්දීමක ඔහුගේ තිරය ගින්දර ය යැයි සඳහන් වේ.

(මුස්ලිම් – 179)

عَنْ أَبِي مُوسَى، قَالَ قَامَ فِينَا رَسُولُ اللَّهِ صلى الله عليه وسلم بِخَمْسِ كَلِمَاتٍ فَقَالَ ‏ “‏ إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لاَ يَنَامُ وَلاَ يَنْبَغِي لَهُ أَنْ يَنَامَ يَخْفِضُ الْقِسْطَ وَيَرْفَعُهُ يُرْفَعُ إِلَيْهِ عَمَلُ اللَّيْلِ قَبْلَ عَمَلِ النَّهَارِ وَعَمَلُ النَّهَارِ قَبْلَ عَمَلِ اللَّيْلِ حِجَابُهُ النُّورُ لَوْ كَشَفَهُ لأَحْرَقَتْ سُبُحَاتُ وَجْهِهِ مَا انْتَهَى إِلَيْهِ بَصَرُهُ مِنْ خَلْقِهِ ‏”‏ ‏.‏ – وَفِي رِوَايَةِ حِجَابُهُ النَّار