රියාලුස් සාලිහීන් හදීස් ග්‍රන්ථය
ඉමාම් අබූ සකරියියා යහ්යා ඉබ්නු ෂරෆුන්-නවවි තුමා විසින් ජීවිතයට ඉතාමත් අත්‍යඅවශ්‍ය වූ මාතෘකා 372ක් නබිතුමාගේ ජීවිතය සම්බන්ධ කරමින් ඉතාමත් කෙටියෙන් හා පැහැදිලිව රියාලූස් සාලිහීන් නම් කෘතිය සංස්කරණය කොට ඇත.
මෙහි මුල්ම මාතෘකාව විශ්වාස වන්තයෙකුගේ ඇතුළත හා පිටත වචනයෙන් හා ක්‍රියාවෙන් සියල්ලෙහි සිත පිරිසිදු කරගත හැකි පරිදි සකස්කර මෙහි අවසන් මාතෘකාව අල්ලාහ් විසින් විශ්වාසවන්තයින් සඳහා ස්වර්ගයෙහි සූදානම් කර ඇති සැප සම්පත් පවසමින් අවසන් කර ඇත’ මේ අනුව විශ්වාසවන්තයෙකු තම සිත පිරිසිදු කරගෙන නබිතුමාගේ ජීවන චර්යාව අනුව ජීවත්වීමේ දී ඔහු ස්වර්ගයේ සැප සම්පත් භුක්ති විදීමට සුදුසුකම් ලබයි යන්න පිළිබඳව මානව වර්ගයා දැනුවත් කිරීමේ මහඟු මහිමයක් තමන් සතුකර ගත් ග්‍රන්ථයකි.
හදීස් පෙලගැස්ම මෙතැන්සිට...
01 පාඩම – රහසිගතව හා ප්‍රසිද්ධයේ සිදුකරන සෑම ක්‍රියාවකම හා කරුණකම පිරිසිදු චේතනාව
හදීස් අංක 0001 සිට 0012 දක්වා…
උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි,: නැමදුම අල්ලාහ්ට පමණක් යන පිරිසිදු ෙචිතනාවෙන් ඉටු කිරීමටත් (අසත්‍යයෙන් තොර) සාධාරණව ඔහුව නැමදීමටත් හැර වෙන දෙයකට ඔවුන් විධානය ලැබුවේ නැත¡ තවද සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් දීමටත් හැර (වෙනදේකට ඔවුන් විධානය ලැබුවේ නැත.) තවද ස්ථාවර දහම මෙයයි. (අල්-බයියිනාහ් : 5)
උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි:(කුර්බාන් සත්වයින් වූ) ඔවුන්ගේ රුධිරය හෝ මාංශ හෝ අල්ලාහ් වෙත නොයන්නේය. එහෙත් නුඹලාගේ බියබැතිකම ඔහු වෙත යයි. (අල්-හජ් : 37)
උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: (මුහම්මද්) නුඹලාගේ සිත් තුළ ඇති දෑ නුඹලා සඟවා තැබුවද එය නුඹලා හෙළිදරව් කළද අල්ලාහ් එය මැනවින් දනී යැයි පවසනු (ආලු ඉම්රාන් : 29)
රියාලුස් සාලිහීන් අර්ථ කථනය
0001
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කරනු තමා ශ්‍රවණය කළ බව විශ්වාසවන්තයින්ගේ නායක අබූ හෆ්ස් උමර් බින් කත්තාබ් -රළියල්ලාහු අන්හු- විසින් වාර්ථා කරන ලදී. ක්‍රියාවන් සියල්ලටම මුල චේතනාව වන්නේය¡ සෑම මිනිසෙකුම යම් චේතනාවක් (සිතුවිල්ලක්) ඇතිකර ගෙන යම් ක්‍රියාවක් කරන්නේ නම් එම චේතනාවට ගැලපෙන ප්‍රතිඵලය ඔහු හිමිකර ගනී. ඒ අනුව අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් වෙනුවෙන් හිජ්රත්් (සංක්‍රමණය) කරයි නම් ඔහුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් ඉටු කළ එකක් වන්නේය. ඔහු ලබා ගැනීමට බලාපොරොත්තුවන්නේ මෙලොව වස්තුවක් හෝ යම් ස්ත්‍රියක් විවාහ කරගැනීමක් හෝ වෙයි නම් ඔහුගේ හිජ්රතය ඒ සඳහා ගිය ගමනක් සේ සැලකේ.
(බුහාරි හා මුස්ලිම්)
හදීස් ප්‍රකාශකයින්ගේ ප්‍රධානීන් දෙදෙනා වන 1. අබූ අබ්දිල්ලාහ් මුහම්මදු බින් ඉස්මායිල් බින් ඉබ්‍රාහිම් බින් අල්-මුඝීරා බින් බර්දිzස්බහ් අල්-ජුඋෆියු අල් බුහාරි(රහ්මතුල්ලාහි අලෙයිහි) තුමා හා 2. අබුල් හුසෙයින් මුස්ලිම් බින් හජ්ජාජ් බින් මුස්ලිම් අල්-කුෙෂෙයිරි අන්-නෛසාබූරී තුමා (රහ්මතුල්ලාහි අලෙයිහි) මෙලොව සංස්කරණය කර ඇති හදීස් පොත්වලින් ඉතාමත් නිවැරදියයි පිළිගෙන ඇති ග්‍රන්ථයන් (බුහාරි හා මුස්ලිම්) දෙකේම මෙම හදීසය වාර්ථා කර ඇත.
0002
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව විශ්වාසවන්තයින්ගේ මව්තුමිය වූ උම්මු අබ්දිල්ලාහ් ආයිෂා (රලියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තාකරන ලදී. (අවසාන කාලයේදී) කඃබාහ් වෙත යුද සේනාවක් පැමිණෙයි¡ ඔවුන් මහපොළවේ ‘බයිදා’ (මක්කම හා මදීනාව අතර ස්ථානයක්) නැමැති ස්ථානයේ නැවතී සිටින අවස්ථාවේ ඔවුන්ගේ මුල්ම තැනැත්තාගේ සිට අවසානයා දක්වා පොළව ගිල ගනී. එවිටඅල්ලාහ්ගේ දූතයාණෙනිෟ ඔවුන්ගේ ආරම්භකයාත් අවසානයාත් කෙසේද පොළොව ගිලගන්නේ? ඔවුන් අතරේ කඩවීදියේ සිටියත් ඔවුන්ගේ පිරිසට සම්බන්ධ නොවන අයත් සිටිය හැකියි නේදැ?යි ඇසුවෙමි¡ (එවිට අල්ලාහ්ගේ දූතයාණන් -ඔව්-) ඔවුන්ගේ මුල සිට අග දක්වා සියලු දෙනාම පොළොව ගිලගනී. පසුව (විනිශ්චය දිනයේදී) ඔවුන්ගේ චේතනාවන්ට අනුව ඔවූහු නැගිටුවනු ලබන්නෝය.
(බුහාරි හා මුස්ලිම්) මෙය බුහාරියේ සඳහන් වගන්තියයි.
0003
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ආයිෂා(රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. මක්කාහ් ජයග්‍රහණයෙන් පසු හිජ්රත්(සංක්‍රමණයක්) නැත¡ එහෙත් ජිහාද් (අල්ලාහ්ගේ මාර්ගයේ සටන්) කිරීම සහ ස්ථීර චේතනා ඇතිකර ගැනීම සදාකල් පවතී. අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සඳහා ඔබ ඇරයුම් කරනු ලැබුවොත් ඒ සඳහා පිටත්ව යන්න.
(බුහාරි හා මුස්ලිම්)
මෙම හදීසයේ අදහස වන්නේ මක්කම ජයගත් පසුව එයද ඉස්ලාම් නගරයක් බවට පත්වන නිසා මක්කමේ සිට මදීනාවට මතුවට හිජ්රත් යෑම අවශ්‍ය නැත යන්නයි.
0004
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ජාබිර් බින් අබ්දුල්ලාහ් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තාකරන ලදී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග අපි සටන්වලට සහභාගිවී සිටි අවස්ථාවන්හි එතුමා සත්‍යවශයෙන්ම මදීනාවෙහි මිනිසුන් සිටී. ඔබලා කුමන මාර්ගයක ගමන් කළත් කුමන මිටියාවතක් තරනය කළත් ඔවූහුද නුඹලා සමග ගමන් කරනනෝය. (ඔවූහුද ඔබලාට සමානවූ පිනක් ලබන්නෝය.) ඔවුන්ගේ අසනීපය (ඔබලා සමග නොපැමිණීමට) බාධාවක් විය. තවත් ප්‍රකාශයක හොඳ ප්‍රතිලාභ ලැබීමේදී ඔවූහුද ඔබලා සමග සිටින්නෝය.
(මුස්ලිම්)
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් ඉමාම් බුහාරිතුමා සඳහන් කරයි: තබුක් සටනට සහභාගිවී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සමග (මදීනාව බලා) අපි ආපසු පැමිණෙමින් සිටියෙමු. එම අවස්ථාවේ එතුමාණෝ නියතවශයෙන් අප පසුපස මදීනාවේ පිරිසක් සිටියි අප කඳු මාර්ගයක් හෝ ඇළමාර්ගයක් පසු කරන විට ඔවූහුද අප සමගම සිටියහ. එහෙත් දුෂ්කරතා(නොවැළැක්වි හැකි හේතු) ඔවුන්ට බාධාවක් විය.
0005
අබූ යසීද් මග්නි බින් යසීද් බින් අහ්නස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ඔහුද ඔහුගේ පියාණන් වන යසීද් තුමා සහ ඔහුගේ සීයා වන අල් අහ්නාස් තුමා (රළියල්ලාහු අන්හුම්) යන තිදෙනාම සහාබිවරුන්(සහගාමීන්)ය. ඔහු (අබූ යසීද්) මෙසේ වාර්තා කරයි¡ මගේ පියාවන යසීද් දන්දීම සඳහා රන්කාසි ටිකක් ගෙන මස්ජිදයේ සිටි මිනිසෙකුට (ඒවා ඛෙදා දෙනු පිණිස) භාරදුන්නේය. ඒ අවස්ථාවේ මම ඔහු(නියෝජිතයා) වෙත පැමිණ එම කාසි ටික මම ලබා ගෙන ඔහු(පියා) වෙත පැමිණියෙමි. (එම රන්කාසි මගේ අතේ තිඛෙන දුටු මගේ පියා) අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියන්නෙමි. මා මෙය ඔබට (දීමට) සිතුවේ නැතැයි කීය. (මේ සිදුවීම) අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙතට ගොස් පැමිණිලි කළෙමි. (අප කී දේවල් අසා සිටි එතුමාණන්) යසීද් ඔබේ චේතනාව අනුව ඔබට ප්‍රතිලාභ ලැඛෙයි. මුග්නි ඔබ ලබාගත් දෑ(රන්කාසි) ඔබට හිමිවන්නේය. (එය ඔබට තබා ගත හැක¡) යැයි එතුමාණෝ ප්‍රකාශ කළහ.
(බුහාරි)
0006
අබූ ඉස්හාක් සඅද් බින් අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) ස්වර්ගය ගැන ශුභාරංචිය ලැබූ දසදෙනාගෙන් මෙතුමාද එක් අයකි. මෙතුමා විසින් වාර්තා කරන ලදී¡ (හජ්ජතුල් විදා නැමැති) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ගේ අවසාන හජ් වන්දනාව ඉටුවූ වසරේ මම (රෝගී බවින්) විශාල වේදනාවක් විඳිමින් සිටියෙමි. අල්ලාහ්ගේ දූතයාණන් සුව දුක් විමසීම සදහා මා වෙත පැමිණියහ. ඒ අවස්ථාවේ එතුමාට මෙසේ කීවෙමි. අල්ලාහ්ගේ දූතයාණනි ඔබතුමා බලා සිටින අයුරින් තදබල වේදනාවකින් මම සිටිමි.
මා ධනවත් කෙනෙකි. මගෙන් පසු උරුමක්කරුවෙකුට ඉන්නේ මගේ දියණිය පමණය. එනිසා මගේ ධනයෙන් කොටස් තුනෙන් දෙකක් දන් දෙන්නදැයි විමසුවෙමි. ‘එපා’ යැයි එතුමා පිළිතුරු දුන්නේය. පසුව මම අල්ලාහ්ගේ දූතයාණනි එසේ නම් (මගේ ධනයෙන් අඩක් දන් දෙන්නදැයි විමසුවෙමි. එයටත් එතුමා ‘එපා’ යැයි පිළිතුරු දුන්නේය. පසුව මම අල්ලාහ්ගේ දූතයාණෙනි එසේ නම් (මගේ ධනයෙන්) තුනෙන් කොටසක් දන් දෙන්නදැයි විමසුවෙමි. එය ඇසූ එතුමා ‘ඔව්’ තුනෙන් කොටසක් දන්දෙන්න යැයි පැවසීය. තවදුරටත් එතුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. තුනෙන් එකකුත් වැඩිය. ඔබේ උරුමක්කරුවන් අනුන්ට අතපාන්න (ඉල්ලන්න) ඉඩ තබා යනවාට වඩා ඔවුන් ධනවතුන් වශයෙන් තබා යෑම වටින්නේය. අල්ලාහ්ගේ සතුට බලාපොරොත්තුවෙන් ඔබ වියදම් කරන සෑම වියදමකටම ඔබේ බිරිඳට කවන කෑම කටකට පවා අල්ලාහ්ගෙන් ඔබට යහපත් ප්‍රතිලාභ නොලැබී යන්නේ නැත.
අල්ලාහ්ගේ දූතයාණෙනි මාගේ මිත්‍රයින් සියලු දෙනා ඔබතුමා සමග මදීනාවට යන විට මා පමණක් (මගේ අසනීපය හේතුවෙන්) මක්කමේ රැෙඳමිදැ?යි ඇසුවෙමි. ඒ ඇසූ එතුමා ඔබ රුඳී සිටින්නේ නැත. අල්ලාහ්ගේ සතුට බලාපොරොත්තුවෙන් ඔබ කරන හැම පරිශ්‍රමයක් උදෙසාම තත්ත්වයෙන් සහ ප්‍රතිඵලයෙන් ඔබට වර්ධනයවීමක් මිස නැත. (ඔබේ ආයුෂ වැඩි විය හැක.) ඔඛෙන් බොහෝ දෙනා ප්‍රයෝජන ලබන අතර තවත් බොහෝ අයකුට අනතුරක්ද සිදුවිය හැක. පසුව නබිතුමා පරමාධිපතියාණෙනි මගේ සහගාමීන්ගේ හිජ්රතය අනුමත කරනු මැන. මගේ සහගාමීන්ව ඔවුන්ගේ විලුඹ දෙසට හරවා නොයවනු මැන. (හිජ්රත් පැමිණි පසු ආපසු ඔවුන්ගේ උපන් ගම්වලට නොයවනු මැන.) එහෙත් මක්කාහ්වේ මරණයට පත් සඅද් ඉබ්නු කව්ලාට හිජ්රත් සඳහා අවස්ථාවක් නොලැබුණි. අල්ලාහ්ගේ දූතයාණෝ ඔහු වෙනුවෙන් අල්ලාහ් වෙත කරුණාව ඇයැද සිටියහ.
(බුහාරි හා මුස්ලිම්)
0007
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා අබ්දුර් රහ්මාන් බින් සහ්රු (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නියතවශයෙන්ම අල්ලාහ් ඔබලාගේ ශරීරය දෙස හෝ (බාහිර) හැඩරුව දෙස හෝ නොබලයි. එහෙත් ඔබලාගේ හදවත් හා ඔබලාගේ ක්‍රියාවන් දෙස බලන්නේය.
(බුහාරි හා මුස්ලිම්)
0008
අබූ මුසා අබ්දුල්ලාහ් බින් කෛස් අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. කෙනෙක් වීරත්වය සඳහා සටන් කරයි. කෙනෙක අභිමානය සඳහා සටන් කරයි. තවත් කෙනෙක් අන් අයට පෙන්වනු පිණිස සටන් කරයි. මේ අය අතුරින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමක් ලෙස පිළිගනු ලබන්නේ කුමක්දැයි විමසන ලදී. එවිට අල්ලාහ්ගේ දූතයාණන් කවරකු අල්ලාහ්ගේ ශුද්ධ වචනය (වන ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ නමැදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියන් නොමැත) උසස් කරවීමේ අරමුණින් සටන වදින්නේද ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ සිටින්නේයැයි පිළිතුරු දුන්හ.
(බුහාරි හා මුස්ලිම්)
0009
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ බක්රා නුෙෆෙ බින් අල්-හාරිස් අස්-සක්ෆි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ‘තම කඩුවලින් එකිනෙකාට පහර දී ගෙන සටන් කරන මුස්ලිම්වරුන් දෙදෙනාගෙන් ඝාතන කළ තැනැත්තාද ඝාතනයට ලක්වූ තැනැත්තාද නිරයට ලක්වන්නෝය.’ එවිට මම අල්ලාහ්ගේ දූතයාණෙනි ‘මොහු මිනී මරුවා (අපායට පිවිසීම සාධාරණයි) මරණයට පත් තැනැත්තාගේ තත්ත්වය කුමක්ද (ඔහුත් අපායටද යන්නේ?)’ යනුවෙන් විමසුවෙමි. එවිට එතුමාණෝ නියතවශයෙන්ම මරණයට පත් තැනැත්තාද තම සහෝදරයා මරණ චේතනාවෙන්ම සිටියේ යැයි ප්‍රකාශ කළහ.
(බුහාරි හා මුස්ලිම්)
0010
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබු හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ‘මස්ජිදයේ සාමුහිකව සලාතයේ යෙදීම කෙනෙක් තම වෙළඳ සැලේ දී හෝ නිවසේ දී තනිවම ඉටු කරන සලාතයට වඩා විසි ගුණයක් කුසල් හිමි වන්නේය. එමනිසා කෙනෙකු ඉතා අලංකාරව වුළු (දෝවනය) කරගෙන පසුව මස්ජිදය කරා සලාතය ඉටු කිරීම පමණක් අරමුණ කරගෙන සලාතය ඉටු කිරීම මිස වෙන අභිප්‍රායක් නොමැතිව ගමන් කරයි නම් මස්ජිදයට ඇතුල්වන තුරු ඔහු තබන සෑම පියවරකටම ඔහුගේ තත්ත්වයක් උසස් කෙරෙන අතර පාපයක් ඉවත් කෙරෙන්නේය.
ඔහු මස්ජිදයට ඇතුල්වී සලාතය බලා පොරොත්තුවෙන් රැඳී සිටිනතාක් කල් ඔහු සලාතයේ යෙදෙන්නෙකු වශයෙන් සැලකේ. සලාතයෙන් පසුව එම ස්ථානයේම කෙනෙකු රැඳී සිටින්නේ නම් මලක්වරු ඔහු වෙනුවෙන් (ප්‍රාර්ථනා කරමින්) අල්ලාහුම්මර් හම්හු අල්ලාහුම්මග්ෆිර් ලහු අල්ලාහුම්ම තුබ් අලෙයිහි (පරමාධිපතියාණෙනි ඔහුට කරුණාව දක්වනු මැනව ඔහුගේ වැරදි ක්ෂමා කරනු මැනව ඔහුගේ තව්බාව(පාපක්ෂමාව) පිළිගනු මැනව) යැයි ප්‍රාර්ථනා කරති. ඔහු වුළු නොබිෙඳන ක්‍රියා නොකරන තෙක් (ඔහු වෙනුවෙන් මෙසේ ප්‍රාර්ථනා කරති.)
(බුහාරි හා මුස්ලිම්)
මෙය මුස්ලිම්හි සඳහන් වගන්තියයි.
0011
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබුල් අබ්බාස් අබ්දුල්ලාහ් බින් අබ්බාස් බින් අබ්දිල් මුත්තලිබ් (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. නියතවශයෙන්ම අල්ලාහ් හොඳ හා නරක දෙකම ලියන්නේය. පසුව නබිතුමාණෝ එය විග්‍රහ කරමින් යමෙක් යහපත් දෙයක් චේතනා කරගෙන එම කටයුත්ත නොකරයි නම් ඒ සදහා ඔහුට එක් පිනක් ලබා දෙයි. ඔහු එය (යහපත් දෙයක්) චේතනා කර පසුව එම කටයුත්ත සම්පූර්ණයෙන් ඉටු කරයි නම්. ඒ සඳහා දහයේ සිට හත්සිය දක්වාද ඊටත් වඩා අසීමිත පිං ප්‍රමාණයක්ද ඔහු නමින් අල්ලාහ් ලියයි. යමෙක් යම් අයහපත් දෙයක් කිරීමට සිතා පසුව එය
0012
උමර් බින් කත්තාබ් තුමාණන්ගේ පුත් අබ්දුර්-රහ්මාන් අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පවසනු මම ඇසුවෙමි. නුඹලාට පෙර සිටි මිනිසුන්ගෙන් තිදෙනෙක් (දීර්ඝ) ගමනක් සඳහා පිටව ගියහ. (ඔවුන් ගමන් කරමින් සිටියදී) රෑ බෝවීගෙන ආ නිසා රාත්‍රිය ගතකිරීම සඳහා ගල්ගුහාවක් තුළට ඇතුල් වූහ. එම අවස්ථාවේ විශාල ගලක් කන්ද උඩ සිට පෙරලී ඇවිත් ගුහාවේ දොරකඩ වසා ගත්තේය. එවිට ඔවුන් තිදෙනා (එකිනෙකාට) තම තමන් කළ යහපත් ක්‍රියාවන් ගැන කියා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළොත් මිස මෙම ගලෙන් මිදීමට නොහැකිවන බව කථා කරගත්හ.
ඔවුන්ගෙන් එකෙකු පරමාධිපතියාණෙනි මට මහලු වයසේ දෙමව්පියෝ සිටියෝය. ඔවුන් හට රාත්‍රි කිරි පානයට නොදී මගේ පවුලේ වෙන කිසිවෙකුට හෝ දරුවන්ට නොදෙන්නෙමි. දිනක් මා දරසොයා ගිය නිසා ප්‍රමාදවී ආපසු නිවසට එනවිට රෑ බෝවී තිබුණ අතර ඔවූහු (මව හා පියා) නිදා ගත්හ¡ බීමට කිරි දොවාගෙන විත් කිරි මුට්ටිය අත තබාගෙන ඔවුන් ඇහැරෙන තෙක් ළඟට වී සිටියෙමි. භාජනය අතැතිව ඔවුන් ඇහැරෙනතුරු බලා සිටියෙමි. ඔවුන් බොනතෙක් ගෙදර අයට (කිරි) දීමටත් ඔවුන් අවදි කිරීමටත් මා අකමැති වූයෙමි. පසුදින එළිවෙන තෙක් ඔවුන් ඇහැරියේ නැත. මගේ දරුවන්ද අ~මින් මගේ දෙපා ළඟ වැටී සිටියහ. මව් පියන් දෙදෙනා (අරුණෝදයත් සමග) අවදි වී කිරි බීවෝය.
පරමාධිපතියාණෙනි ඔබේම සතුට බලාපොරොත්තුවෙන් (පිරිසිදු සිතෙන්) මෙය කළා නම් මෙම දොරටුව ඇරී අපට පිටව යාමට සලස්වා දෙනු මැනවැයි ප්‍රකාශ කළේය. එවිට ගල තරමක් ඉවත්විය. එහෙත් ඔවුන්ට පිටට ඒමට තරම් එම ඉඩ ප්‍රමාණවත් නොවීය. ඊළග මිනිසා පරමාධිපතියාණෙනි බාප්පාගේ දියණියක් මට වූවාය. අන් කිසිදු පිරිමියෙක් ස්ත්‍රියකට ආදරය කරනවාට වැඩියෙන් මම ඇයට ආදරය කළෙමි. තවත් වාර්තාවක ඇය සමග අයථා සම්බන්ධයකට මා උත්සාහ කළමුත් ඇය මගෙන් ඈත්වූවාය. වසර ගණනාවකට පසු ඇයට දරුණු අගහිඟකමක් ඇති විය¡ ඇය මා වෙත පැමිණ උදව් පැතුවාය. මගේ අවශ්‍යතාවට ඇය එකඟවීමේ පොරොන්දුව මත ඇයට රන්කාසි එකසිය විස්සක් දුන්නෙමි. පොරොන්දු වූ පරිදි ඇයද මට එකඟවූවාය¡ මා සමිපවූයෙමි. තවත් වාර්තාවක් අනුව මා ඇයගේ දෙකකුල් අතර වාඩිවූ විට (ඇය මා අමතා) ‘අල්ලාහ්ට බියවන්න. නියමිත අයිතියකින් තොරව මුද්‍රාව (තිරය) නොකඩන්න’ යැයි (අවවාද කරමින්) ප්‍රකාශ කළාය. (මෙය ඇසුන විට) මට ඇය ඉතා ප්‍රියමනාප වූවත් වහාම ඇයගෙන් ඉවත්වී ආපසු පැමිණියෙමි. ඇයට මා දුන් රන්කාසිද ආපසු නොගත්තෙමි. පරමාධිපතියාණෙනි මෙම ක්‍රියාව ඔබේම සතුට පතා(පිරිසිදු සිතින්) මා කළා නම් මේ දොර ඇරී අපට පිටවීමට සලස්වනු මැනවැයි ප්‍රකාශ කළේය. ගල තරමක් ඉවත්විය. එහෙත් ඔවුන්ට පිටතට ඒමට තරම් ඉඩ ප්‍රමාණවත් නොවීය.
පසුව තුන්වැනියාද පරමාධිපතියාණෙනි මම කුලී කරුවන් ලවා වැඩ කරවූයෙමි. ඔවුන්ගේ කුලිය මා විසින් ගෙවන ලදී. එහෙත් ඔවුන්ගෙන් එක් අයෙකු පමණක් කුලී මුදල් ලබා නොගෙන ගියේය¡ එම මුදල ආදායම් මාර්ගවල යෙදුවෙමි. ටික කලක් ගතවූ පසු ඔහු මා වෙත පැමිණ zඅල්ලාහ්ගේ ගැත්තාණනි මගේ කුලිය දෙන්නැයි ඉල්ලීය. එවිට මම ඔබ දකින මේ එළුවන් ගවයන් ඔටුවන් හා වහලුන් හැම දෙයක්ම ඔබේ යැයි කීවෙමි. ඒ ඇසූ ඔහු අල්ලාගේ ගැත්තනි මට සමච්චල් කරන්නෙහි දැයි කීය. මම ඔබට සමච්චල් නොකරමි. යැයි පිළිතුරු දුන්නේය. ඒ සියලු සම්පත් කිසිවක් ඉතුරු නොකර ඔහු රැගෙන ගියේය. පරමාධිපතියාණෙනි මේ ක්‍රියාව ඔබේම සතුට පතා (පිරිසිදු සිතින්) මම කළානම් මේ දොරටුව ඇරී අපට පිටව යන්න සලස්වනු මැනවැ යැයි ප්‍රාර්ථනා කළේය. එවිට එම ගල (සම්පූර්ණයෙන්) ඉවත් විය. ඔවුන් හැමෝම ඉන් පිටවී ගියෝය.
(බුහාරි හා මුස්ලිම්)
02 පාඩම – ක‍්ෂමාව ඉල්ලීම (තව්බාව)
හදීස් අංක 0013 සිට 0024 දක්වා…
සෑම පාප ක්‍රියාවක් සඳහාම තව්බා කර (ක්ෂමාව ඉල්ලා) පාපයෙන් මිදීම අනිවාර්ය බව ආගමික විශාරදයින් ප්‍රකාශ කරයි.
මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ නොවන අනෙකුත් (අල්ලාහ්ගේ) නියෝගයන්ට පිටුපාමින් සිදු කළ පාපයන් සඳහා ක්ෂමාව ඉල්ලීම සම්බන්ධයෙන් කොන්දේසි තුනක් ඇත.
1. තමා මෙතෙක් කරමින් සිටි පාපයෙන් සම්පූර්ණයෙන් වැලකීම.
2. තම පාපයන් ගැන (සත්‍යවශයෙන්ම හිත උණුවී) පසු තැවිලි වීම.
3්. මින් මතු එවැනි පාපයක් නොකරන බවට ස්ථීර තීරණයකට පැමිණීම.
මෙම කොන්දේසි තුනෙන් එකක් හෝ ඉටු නොවූ කල තව්බාව පිළි නොගැනේ
මිනිසුන්ගේ මූලික අයිතීන්ට හානියක් කර ඇත්නම් ඉහත සදහන් කොන්දේසි තුනට අමතරව හතරවෙනි කොන්දේසියකුත් ඉටු කළ යුතුය.
4. මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇත්නම් ඔහුගේ අයිතිය හිමිකරදීම. එනම්:- යමෙකුගේ දෙයක් සොරාගෙන හෝ වංචාකරගෙන සිටී නම් එය අයිතිකරුට භාරදිය යුතුය. කෙනකුගේ චරිතය කෙළසන ප්‍රකාශයක් කර ඇත්නම් එයට සුදුසු දඬවම විඳීම හෝ අදාළ පුද්ගලයාගෙන් සමාව ගැනීම. යම් කෙනෙක් ගැන ඕපාදූපයක් කථා කර ඇත්නම් අදාළ පුද්ගලයාගෙන් ක්ෂමාව ගැනීම.
සියලුම පාපයන්ගෙන් ‘තව්බා’ (පාපක්ෂමාව ඇයදීම) කර කෂමාව ඉල්ලා සිටිය යුතුය. සමහර පාපයන්ට පමණක් කෂමාව ඉල්ලීම කළොත් ඒ පාපයන්ට පමණක් කෂමාව ලැඛෙනු ඇතැයි යන්නඅහ්ලුල් හක්~ නමැති සත්‍යවාදීන්ගේ මතයයි. පව්වලට කෂමාව ඉල්ලිය යුතු බවට කුර්ආන්ල හදීස් හා ඉජ්මාවන්හී (ඉස්ලාමීය වියතුන්ගේ සාමූහික නීතිය) පැහැදිලි සාධක හා සාක්ෂි ඇත.
උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි. විශ්වාසවන්තයිනි නුඹලාගේ ජයග්‍රහණය වනු පිණිස නුඹලා සියලු දෙනා පසුතැවිලි වී (තව්බා කර) අල්ලාහ් දෙසට හැරෙන්න (යොමුවන්න). (සුරා අන්-නුර් : 31)
උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි. :නුඹලාගේ පරමාධිපතියාණන්ගෙන් පව් සමාව අයැදින්න. අනතුරුව නුඹලා පසුතැවිලි වී ඔහුවෙත යොමුවන්න.
(සුරා හුද් : 3)
උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි. විශ්වාසවන්තයිනිල නුඹලා කිළිටි නොවූ පිරිසිදු (සිතින්) අල්ලාහ්ගෙන් පාපකෂමාව ආයාචනා (තව්බා) කරගන්න.
(සුරා අත්-තහ්රීම් : 8)
0013
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කරනු තමා ශ්‍රවණය කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී. අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමිල නියතවශයෙන්ම මම දිනකට හැත්තෑව වතාවකටත් වැඩියෙන් අල්ලාහ්ගෙන් පාපකෂමාව ඇයැද ඔහු වෙත යොමුවන්නෙමි.
(බුහාරි)
0014
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසු බව අල්-අගර් බින් යසාර් අල්-මුසනියියි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ජනයිනිල අල්ලාහ් වෙත යොමු වී පාප කෂමාව අයදින්න¡ නියතවශයෙන්ම මම දිනකට සිය වතාවක් අල්ලාහ් වෙත තව්බා කරන්නෙමි.
(මුස්ලිම්)
0015
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව එතුමාගේ සේවකයකු වු අබූ හම්සා අනස් බින් මාලික් අල්-අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. කාන්තාරයක අතුරුදන්වූ තම ඔටුවා නැවත හමුවීමෙන් අයිතිකරුට ලැඛෙන තෘප්තියටත් වඩා වැඩි තෘප්තියක් තම ගැත්තෙකුගේ පාප කෂමාව අයැදීම හේතුකොටගෙන අල්ලාහ්ට ඇතිවෙන්නේය.
(බුහාරිල මුස්ලිම්)
මුස්ලිම්හි එන තවත් ප්‍රකාශයකනුඹලාගෙන් කෙනෙකු (කාන්තාරයක් වූ) ක්ෂේම භූමියක තම ඔටුවා මත ගමන් කරමින් සිටියි. ඌ මත තිබූ ඔහුගේ කෑම බීම සමග ඔටුවා (අතරමඟ) නැති විය. ඔහු හැමතැනම සෙව්වේය. පසුව (ඌ ලැබේවිල නැතිනම් ජීවත්වීමට ඇති බලාපොරොත්තු සුන්වී (මරණයට සූදානම් වී ඔහු අසල පිහිටි) ගසක හෙවනට වී වැතිර සිටියේය. නිමේෂයකින් එම ඔටුවා ඔහු ඉදිරියේ පෙනී සිටි විට ඔහු විගස නැගිට ඔටුවා ළඟට ගොස් එහි මුඛවාඩම අල්ලාගෙන අධිකවූ සතුටෙන් වචන පටලවාගෙන මෙසේ වරද්දන්නට විය.
යා අල්ලාහ් ඔබ මාගේ ගැත්තාමය මා ඔබගේ පරමාධිපතියා වන්නෙමි. යැයි පැවසුවේය. නුඹලාගෙන් කෙනෙකුට මෙවැනි තත්ත්වයක් උදාවී ඔහු ලබන සතුටට වඩා අල්ලාහ්ගේ ගැත්තා අල්ලාහ් වෙත යොමුවී අල්ලාහ්ගෙන් පශ්චාත්තාප වනවිට අල්ලාහ් අධික ලෙස සතුටු වන්නේය.
0016
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබු මුසා අබ්දිල්ලාහ් බින් කයිස් අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. පව්කළ අයෙකුට රාත්‍රියේ කෂමාව ලබාදීමට නියතවශයෙන්ම අල්ලාහ් තම අත දිගු කරමින් සිටියි. (සූදානම්ව සිටි) රාත්‍රියෙහි පව් කළ අයට කෂමාවදීමට දහවල්කාලයේ අල්ලාහ් අත දිගු කරමින් සිටියි. (සූදානම්ව සිටියි.) මෙය ඉර බස්නාහිරෙන් උදාවන තුරු (ලෝක අවසානය දිනය දක්වා) සිදු කෙරේ.
(මුස්ලිම්)
0017
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. කවරෙකු බටහිරින් හිරු උදාවීමට පෙර (එනම් ලෝක අවසානයට පෙර තම පාපයන් අල්ලාහ් වෙත ඉදිරිපත් කර පසුතැවිලි වී අල්ලාහ් වෙත) යොමුවන්නේදල ඔහුට අල්ලාහ් සමාව දෙන්නේය.
(මුස්ලිම්)
0018
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබී අබ්දුර්රහ්මාන් අබ්දිල්ලාහ් බින් උමර් බින් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. උගුර දක්වා ප්‍රාණය පැමිණීමට පෙර (මරණාසන්න මොහොතේ උගුරේ පණ අදිමින් තටමන්නට පෙර) අල්ලාහ්ගේ ගැත්තකු අයදින පාපකෂමාව නියතවශයෙන්ම අති උත්තමවූ ගෞරවණීය අල්ලාහ් පිළිගනී.
(තිර්මිදි)
0019
සිර් බින් හුඛෙයිෂ් (රළියල්ලාහු අන්හු) තුමා ප්‍රකාශ කරයි¡ මම සෆ්වාන් බින් අස්සාල් (රළියල්ලාහු අන්හු) වෙත (වුළු දෝවනය කරන කල්හි) පාදයේ පැළඳ සිටින පාවහන් මත පිරිමැදීම ගැන විමසීමට පැමිණියෙමි¡ එවිට ඔහු(සෆ්වාන්) zසිර් බින් හුඛෙයිෂ් කුමක් සඳහා පැමිණියෙහිද? කියා ඇසීය. ‘දැනුම සොයා පැමිණියෙමි’යි පිළිතුරු දුනිමි. ‘දැනුම සොයන්නාට ඔහු සොයන දෑ කෙරෙහි තෘප්තියක් ලබන්නේ නම්ල මලක්වරු තම පියාපත් (පහතට) විහිදුවා ලන්නෝයැ’යි ඔහු ප්‍රකාශ කළේය. එවිට මම ‘වැසිකිලි කැසිකිලි යාමෙන් පසුව (වුළු කිරීමේදී කකුල් සේදීම වෙනුවට) හම් සපත්තු මත පිරිමැදීම (ආගම අනුමත කරන්නේද? යන්න) ගැන මගේ සිතේ ලොකු කුතුහලයක් තිබිණී. ඔබතුමා නබිතුමාගේ සහගාමියෙක් බැවින් මේ ගැන නබිතුමා යමක් ඔබ දැනුවත්ව කියා ඇද්දැයි දැනගැනීම පිණිස පැමිණියෙමි. යැයි කීවෙමි. එවිට ඔහු ‘ඔව්’ අප ගමනේ යෙදී සිටියදී ජනාබත් (නෑමට අනිවාර්‍ය අවස්ථාවල) හැර සාමාන්‍යයෙන් වුළු කරන විට (පළමුව වුළු කර සපත්තු පැලඳ ගත්විට) දින තුනක රාත්‍රිය ගතවෙන තුරු (වුළු කිරීමේදී) සපත්තු නොගැලවීම සඳහා අපට එතුමා අණ කර තිබුණි. එම නිසා වැසිකිලි කැසිකිලි යාමෙන් පසුව හෝ නිදාගැනීමෙන් පසුද (වුළු කිරීමේදී පාවහන් නොගලවා ජලයෙන් පිරිමැදීම ප්‍රමාණවත් වන්නේය.)
පසුව ඉච්ඡාව(ආශාවන්) ගැන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා යමක් කියනු ඔබ ඇසුවේද?යි මම ඇසුවෙමි. එවිට ඔහු ‘ඔව් අපි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් සමග ගමනක් යමින් සිටියෙමු¡ එම අවස්ථාවේ ඒ අසලට පැමිණි පිටිසර අරාබි ජාතිකයෙක් මහ හඩින් ඕ මුහම්මද්ල යනුවෙන් නබිතුමාව ඇමතුවේය. නබිතුමාද ඔහුගේ හට සමාන හැකින් ඔහුට කථා කර අවශ්‍ය දෙයක් (තමාගෙන් දැනගන්න) ඇත්නම් අසන්නයි පැවසීය. එවිට මම ඔහුට(එම පිටිසර අරාබි ජාතිකයා) අමතා උඹට විනාශයක්ම වේවාල නුඹේ හ අඩුකර ගන්න. නුඹ සිටින්නේ නියතවශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් ඉදිරියේය. එසේ කථා කිරීම නුඹට තහනම් කරනු ලැබ තිබේ යැයි කීවෙමි. ඒ ඇසූ ඔහු අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. මගේ හ~ අඩු නොකරමි යි කීය. තවදුරටත් කථා කළ ඔහු නබිතුමා අමතා මිනිසෙකු යම් සමාජයකට (ජනකොට්ඨාසයකට) ආදරය කරයි. එහෙත් ඔහු එම කණ්ඩායමට අයත් කෙනෙකු නොවන්නේය. (ඔහුගේ තත්ත්වය කුමක් වන්නේදැයි ඇසීය.)
ඔහුට පිළිතුරු දුන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඒ මිනිසා අවසන් දිනයෙදී තමා ආදර කළ කෙනා සමග එක්වී සිටී යැයි ප්‍රකාශ කළහ. එවිටම පයින් ගමන් කරන මගියෙකු අවුරුදු 40 හෝ 70 පුරා ගමන් කළ යුතු දුරක පවතින බටහිර දෙස පිහිටි දොරටුවක් පිළිබඳ අපට විග්‍රහ කළහ¡ (හදීස්) ප්‍රකාශකයින්ගෙන් කෙනෙකුවන සුෆ්යාන් මෙසේ ප්‍රකාශ කරයි. (එම දොරටුව) ෂාම් (සිරියා) දේශය දිසාවේ පිහිටා ඇත. අහස් හා පොළොව මැවූ දවසේම එම දොරටුවද අල්ලාහ් මැවූයේය. පාපකෂමාව සඳහා එම දොරටුව ඇරී ඇත. (අවසන් දිනයට පෙර) බටහිරින් හිරුපායනතෙක් එය විවෘතව ඇත.
(තිර්මිදි)
0020
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් සඅද් බින් මාලික් බින් සිනාන් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් ප්‍රකාශ කරන ලදී. නුඹලාට පෙර ජීවත්වූ මිනිසුන් අතර මිනිසුන් 99 දෙනෙකු ඝාතනය කළ මිනිසෙක් සිටියේය. ඔහු (මේ මහා පාපයෙන් මිදීමට මාර්ගයක් සොයා ගැනීම සඳහා) මහපොළොව මත ජීවත්වෙන පඬිවරයකු සොයා යද්දී එක් පූජකයකු ඔහුට හඳුන්වා දෙන ලදී. ඔහු පූජකයා වෙත පැමිණ නියතවශයෙන්ම මිනිසුන් 99 දෙනෙකු මැරූ අයකුට පාප කෂමාව ඇත්දැ යි විමසීය. එවිට එම පූජකයා ‘නැත’ යනුවෙන් පිළිතුරු දුන්නේය. වහාම ඔහුවද මරා දමා සියය සම්පූර්ණ කළේය. ඉන් පසුව මේ පොළොව මත ලොකුම පඬිවරයා කව්දැ?යි විමසීය. ඔහුට උගතකු හඳුන්වා දෙන ලදී. (එම උගතා ළගට ගිය ඔහු) මිනිසුන් සිය දෙනෙකු ඝාතනය කළ මිනී මරුවකුට පාප කෂමාව ඇත්ද?ැයි විමසීය. එයට පිළිතුරු දුන් එම උගතා ඔව්ෟ (ඔබට පාප ක්ෂමාව ඇත.) ඔබටත් තව්බාවටත අතර බාධා කරන්නේ කවරෙක්ද?. නුඹ අසවල් ස්ථානය කරා යනු. එහි අල්ලාහ්ට නැමදුම් ඉටුකරන යහපත් මිනිසුන් සිටී. ඔවුන් සමග නුඹද අල්ලාහ්ට නැමදුම් ඉටු කරනු. නුඹේ ගමට ආපසු නොයනු. එය නරක පරිසරයකියි පැවසීය. ඔහු යා යුතු තැනට ඇති දුරින් භාගයක් පයින් යන විට ඔහුට මරණය ළඟා විය. ඔහුගේ (ප්‍රාණය අත්පත් කරගැනීමේ) කාරණය පිළිබඳව රහ්මත් (අල්ලාහ්ගේ කරුණාව) පිළිබඳ මලක්වරු හා දඬවම් ලබා දෙන මලක්වරු අතරද තර්කයක් ඇති විය. ඔහු හදවතින් ‘තව්බා’ (අල්ලාහ්ගෙන් පාප කෂමාව) පැතූ අයෙකු ලෙස අල්ලාහ් කරා පැමිණි අයෙකු බව කරුණාවට සම්බන්ධ මලක්වරු කියා සිටියෝය. ඔහු කිසිම යහපත් ක්‍රියාවක් නොකළ පව්කාරයෙකු බව ද~ුවමට සම්බන්ධ මලක්වරු වාද කළහ. ඒ අවස්ථාවේ මිනිසෙකු විලසින් වෙස්ගත් මලක්වරයෙකු එහි පැමිණියේය. කලින් සිටි මලක්වරු දෙපිරිසම ඔහුව විනිශ්චයට තබා මෙම ආරවුල ඉදිරිපත් කළහ. ඔහු ගමන පටන් ගත් තැනටත් යා යුතු තැනටත් අතර දුර මැන බලන්න. ඔහු කුමන ස්ථානයට ළංවන්නේද ඔහු එයට අයිති වන්නේයැයි මැදිහත්කරු වූ මලක්වරයා කීය. ඒ අනුව ඔවූහු (දෙපැත්ත) මැන්නෝය. ඔහු පපාකෂමාව පතා ආ භූමියටම ළංවීය. ඒ අනුව කාරුණිකවූ මලක්වරයා ඔහුගේ ප්‍රාණය අත්පත් කර ගත්තේය.
(බුහාරිල මුස්ලිම්)
සහීහ් හදීසයක මෙසේ ප්‍රකාශ වෙයි. ඔහු යහපත් උදවියගේ පැත්තට අඩියක් පමණ සමීපව සිටියේය. එබැවින් ඔහුද එම යහපත් උදවියගෙන් කෙනෙකු බවට පත් කෙරිණි. වෙනත් සහීහ් ප්‍රකාශයක අල්ලාහ් මෙම (යහපත් දේශයේ) පොළවට (ඔහු වෙත) ළංවන ලෙසත් අයහපත් දේශයට ඔහුගෙන් ඈත් වන ලෙසත් (පොළවට) අණ කළේය. අනතුරුව ‘ඒ දෙක අතර මනින්න’ යැයි (මලායිකාවරයා) පැවසුවේය. ඔහු යහපත් භූමියට අඩියක් ළංවී සිටිනු ඔවූන් දුටුවෝය. එබැවින් ඔහුගේ පාපයන් කෂමා කරනු ලැබීය. මුස්ලිම් හා තවත් ප්‍රකාශයක ඔහු තම මරණය ලඟාවූ වහාම බිම වැටී බඩගාමින් පුණ්‍යභූමිය කරා ළංවූ බව සඳහන් වෙයි.
0021
තබූක් යුද්ධයට සහභාගි නොවූ තිදෙනාගෙන් එක් අයෙකුවූ කඃබ් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමාණන්ගේ පුත් අබ්දුල්ලාහ් විසින් ප්‍රකාශ කරන ලදී.. -කඃබ් තුමාණන්ගේ ඇස් පෙනීම නැතිවූ පසු ඔහුගේ දරුවන්ගෙන් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) ඔහුට මගපෙන්වන්නෙකු ලෙස කටයුතු (උපස්ථාන) කළේය.
(මගේ පියාවන) කඃබ් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමා තබූක් සටනට අල්ලාහ්ගේ දූතයාණන් සමග සහභාගි නොවූ කථාව කියන විට මම අසා සිටියෙමි. කඃබ් (රළියල්ලාහු අන්හු) මෙසේ පැවසුවේය. තබූක් සටන හැර නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් සහභාගිවූ කිසිම සටනක් කවදත් අතපසු නොකළෙමි. කෙසේ වෙතත් බද්ර් සටන මට අතපසු විය. නමුත් එම සටනට සහභාගී නොවූ කිසිවෙකුට දෝෂාරෝපණය කළේ නැත. (හේතුව) අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හා මුස්ලිම්වරු කුරෙයිෂ්වරුන්ගේ වෙළද කණ්ඩායම(ට පහර දීමේ) බලාපොරොත්තුවෙන් පිටත්වී ගිය බැවිණි. (එහෙත්) නොසිතූ අන්දමින් ඔවුන් හා සතුරන් මුණගැසී සටන් කිරීමට අල්ලාහ් සැලසුම් කළේය.
අප නබිතුමා වෙත ප්‍රතිඥා (දිවුරුම්) දුන් අකබා~ රාත්‍රිය නමින් හඳුන්වන රාත්‍රියේ නබිතුමා සමග එකට සිටි නිසා බද්ර් සටන එතරම් වැදගත් යැයි මා සැලකුවේ නැත. ජනයා අතරේ බද්ර් සටන අකබා රාත්‍රියට වඩා වැදගත් බවට කථාබහ කෙරුනත් මා එය ගණන් ගත්තේ නැත. තබූක් සටනට නබිතුමන් සමග නොගොස් මා පමාවීමට හේතුවූ කථාව මෙසේය.
එම යුද්ධය සිදුවූ කාලසීමාවේ මට තිබුන සැපසම්පත් හා ශරීර ශක්තිය වගේ මට කිසි කලක තිබුනේ නැත. මෙම යුද්ධ කාලයේදී සැබවින්ම මීට පෙර රැස්කිරීමට නොහැකිවූ වාහන දෙකක් රැස්කිරීමට තරම් හැකියාව තිබිණි. මීට පෙර සටන්වලදී සහභාගිවන සටන ගැන අවසාන මොහොත දක්වාම වැඩි විස්තරයක් නොකියන නමුත් මෙම සටන විස්තරාත්මකව (නබිතුමාණෝ) විස්තර කළහ. ඒ අනුව මෙම යුද්ධය සඳහා දිග ගමනක් යා යුතු නිසාත් (රොමයේ) විශාල සේනාවකට මුහුණ දිය යුතු නිසාත් තද නියං කාලයක යාමට සිදුවන නිසාත් සූදානම් වීමට අවශ්‍ය පරිදි සටන් කළ යුතු දිසාවද කියා දුන්හ. සටනට මුස්ලිම්වරු බොහෝ දෙනෙක් සහභාගිවුනත් ඒ පිළිබදව නාමලේඛණයක් හෝ ලියාපදිංචියක් නොවීය. කඃබ් තුමා තවදුරටත් ප්‍රකාශ කරමින් මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව වැඩි නිසා සටනට සහභාගි නොවූ අය පවා අල්ලාහ් වහී මගින් දැනුවත් කළොත් මිස දැන ගත නොහැක. නබිතුමා එම සටනට පිටත්වූ කාලයේ (මදීනාවේ) රට ඉඳි සරුවට හැදී ඉති බරවී අස්වනු නෙලීමට ආසන්නව පැවතින. ගස්වල සෙවනද මා හට ඒ කෙරෙහි සිසිලක් ගෙන දුන්නේය. මෙම කරුණ මාගේ මනසට ප්‍රබල බාධාවක් විය.
නබිතුමා හා මුස්ලිම්වරු සටනට යාමට කඩිමුඩියේ සූදානම්වූහ. මම උදෙන්ම සූදානම් වීමට ලෑස්තිවී මට ඕනෑම වේලාවක පිටත්වීමට පහසු කම් ඇති නිසා මම කිසිම තීරණයක් නොගෙන ආපසු ගියෙමි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සහ මුස්ලිම්වරුන් යුද්ධයට සූදානම් වූහ. උදෑසන ගොස් ඔවුන් සමග සහභාගිවී සටනට සූදානම් විය හැකියි යන චේතනාවෙන් රැදී සිටියෙමි. මම නිශ්චිත තීරණයක් නොගෙන ආපසු පැමිණියෙමි. බොහෝ කාලයක් තිබුණු හෙයින් ම ඕනෑම අවස්ථාවක සූදානම් වී ගිය හැකි යැයි මා මටම කියා ගතිමි. මුස්ලිම්වරුන් සම්පූර්ණයෙන්ම සූදානම්වන තෙක් මෙය (මාගේ මානසිකත්වය මෙලෙසම) දිගටම පැවතුණි. අවසානයේ එම දිනය පැමිණීය. නබිතුමාණන් සහගාමීන් පිරිවරාගෙන ඉදිරියෙන් සිට ගමන් කිරීමට ආරම්භ කළහ. නමුත් මාගේ ගමනට කිිසිවක් මේ වන විට සූදානම් නොකළෙමි. ඒ වන විටත් මුස්ලිම්වරුන් ගමනෙහි යෙදී සිටියහ. මම ඔවුන් අභිබවා යාමට හැකිවේ යැයි සිතුවෙමි. නමුත් එයට සහභාගිවීමට නොහැකි විය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පිටත්වී ගිය පසු මා නගරයට ගිය විට මදීනාවේ කුහකයින් ලෙස හඳුන්වනු ලැබූ කීප දෙනෙකුත් දුබලයින් හා රෝගීන් හැරෙන්න මා වගේ අය කිසිවෙකු දකින්න හිටියේ නැත. මෙය මට විශාල සිත් වේදනාවක් ගෙන දුන්නේය.
තබූක් නමැති ස්ථානයට යනතෙක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මා ගැන විමසා නැත. තබූක්හි තම සහගාමීන් සමග රැඳී සිටියදී කඃබ් බින් මාලික්ට කුමක්වූයේ දැයි විමසීය. එවිට අබූ සලාමා ගෝත්‍රයට අයත් කෙනෙකු ඔහුගේ ආඩම්බර වස්ත්‍රයන් දෙක ඔහුට බාධාවක් වීයැයි කීය.
එම අවස්ථාවේ (එයට හරස්වූ) මුආද් බින් ජබල් (රළියල්ලාහු අන්හු) zඔබ බොරු නොකියනු. අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. යා රසූලුල්ලාහ් ඔහු ගැන හොඳක් මිස නරකක් නොදන්නෙමු. යැයි කීවේය. නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා එය අසා නිහ~ව සිටියහ. එම අවස්ථාවේ මිරිඟුවක් සේ (ඈතින්) පෙණුන. සුදු ඇඳුමකින් සැරසුන මිනිසෙකු එනු දුටු නබිතුමා අබූ කෙයිසමා එනවා වගේ පෙනේ යැයි පැවසූහ. එලෙසින්ම අබූ කෙයිසමා අන්සාරි (රළියල්ලාහු අන්හු) පැමිණියේය. කුහකයින් ඇනුම්පද කියද්දී රට ඉඳි ලාහක් දන්දුන් සහගාමි ඔහුවේ.
නබිතුමා තබූක් සිට මදීනාව බලා ආපසු පිටත්වූ බව මට ආරංචි වීමත් සමග මට දැරිය නොහැකි කණගාටුවක් ඇති විය. කුමක් හෝ බොරුවක් කියා එතුමා සනසාලීමට සිතුවෙමි. හෙට දින එතුමාගේ කෝපයට කෙසේ මුහුණ දෙම්දැයි මටම කියා ගතිමි. පවුලේ හොඳ බුද්ධිමත් අයගෙන් උපදෙස් ලබා ගැනීමට උදව් පැතීමට ඔහුට පවසනු ලැබීය. මෙසේ විවිධ සිතුවිලිවලින් ගැලවීමක් නැත යන හැඟීමද ඇති විය. සත්‍යය මිස වෙන දෙයක් එතුමාට කීමෙන් වැඩක් නැතිබවත් සත්‍යයම ප්‍රකාශ කරන බවටත් තීරණය කළෙමි. මේ අතර නබිතුමාණෝ මදීනාවට පැමිණියහ. එතුමා ගමනක් ගොස් පැමිණි විට කෙලින්ම මස්ජිදයට ගොස් රක්අත් දෙකක් සලාතයේ යෙදෙයි. පසුව ජනතාව හමුවීමට අසුන් ගනී. එසේ කිරීමෙන් පසු මෙවර සටනට නොගිය අය පැමිණ විවිධ හේතූන් දක්වා දිවුරමින් යන්න ගියහ. ඔවුන්ගේ සංඛ්‍යාව 80ක් තරම් විය. නබිතුමාද ඔවුන්ගේ බාහිර කරුණු පිළිගෙන ඔවුන්ට අල්ලාහ්ගේ ආශිර්වාදය පතමින් අභ්‍යන්තරය අල්ලාහ් වෙත භාර කළහ.
අවසානයේ මා පැමිණියෙමි. එතුමාට මා සලාම් කී විට තරහෙන් සිටින අයෙකු මඳ සිනාවක් පාන්නා සේ මඳසිනාවක් පාමින්. ‘මෙහි එන්න’ යැයි කීහ. මම ඉදිරියට ගොස් එතුමා අසල වාඩි වූයෙමි. ඔබ සටනට නොඑන්නට හේතුව කුමක්ද? ඔබ වාහනයක් මිලදී ගත්තේ නැද්දැ? යි ඇසීය. එවිට මම අල්ලාහ්ගේ දූතයාණෙනි අල්ලාහ් මත දිවුරා පවසන්නෙමිල මේ ලෝකයේ වෙන කවරෙකු හෝ ඉදිරියේ මම වාඩිවී සිටියේ නම් කුමක් හෝ හේතුවක් කියා ඔහුගේ කෝපයෙන් බැහැර වෙන්නෙමි. තර්ක කිරීමේ හැකියාවද මට ඇත. අල්ලාහ් මත දිවුරා කියමි. ඔබතුමාට මා සත්‍යය කී විට ඔබතුමා මාත් සමග තරහවන බවද මම දනිමි. නියතවශයෙන්ම මේ සම්බන්ධයෙන් අල්ලාහ්ගේ තීන්දුව බලා පොරොත්තු වෙමි. අල්ලාහ් මත දිවුරා කියමි. මට කිසිම බාධාවක් නොමැත. දැනට මා සතුව ඇති සැප සම්පත් හා ශරීර ශක්තිය මට කිසිදාක තිබුණේ නැත.
‘මොහු සත්‍යය ප්‍රකාශ කළා’ යැයි නබිතුමා ප්‍රකාශ කර මාව අමතා ඔබ නැගිටින්න. අල්ලාහ් ඔබ ගැන තීරණයක් ගනී~ යනුවෙන් ප්‍රකාශ කළේය. මේ අවස්ථාවේ බනූ සලමා ගෝත්‍රයට අයත් කීප දෙනෙකු මා පසුපස විත් ඔබ මීට පෙර කිසිම පාපයක් කළ වගක් අපට දැනගන්න නැහැ සටනට නොගිය අනෙක් අය ක දේවල්වලින් එකක් හෝ ඔබට කියන්න නොහැකි වුණා. නබිතුමා කළ (පාපකෂමාව ගැන) ප්‍රාර්ථනාව එම පාපයට ප්‍රමාණවත් වෙන්න තිබුණා යැයි කීහ. මම නබිතුමා වෙත ආපසු ගොස් බොරුවක් (බාධක තිබුණ නිසාම මට එන්න නොහැකිවුණේයැයි) කියන තරමට ඔවුන් මට බල කළහ.
පසුව මම මේ වගේ ගැටලුවකට මුහුණ දුන් තවත් කවුරුන් හෝ සිටිද? කියා ඔවුන්ගෙන් ඇසුවෙමි. ඔව් ඔබ වගේම ගැටලුවකට මුහුණ දුන් තවත් දෙදෙනෙක් සිටියි. ඔවුන්ටද ඔබට වගේම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළේ යැයි කීහ¡ ඒ දෙදෙනා කව්දැ?යි විමසුවෙමි. ඔවුන්ගෙන් එක් කෙනෙක් මුරාරා බින් රබී අල්-උමරි (රළියල්ලාහු අන්හු) දෙවැන්නා හිලාල් බින් උමෙයියා අල්-වාකිෆී (රළියල්ලාහු අන්හු) යැයි පිළිතුරු දුන්හ¡ ඔවුන් දෙදෙනා යහපත් පුද්ගලයින්ය. ඔවුන් බද්ර් සටනටද සහභාගි වූවෝ වූහ. (මේ ගැටලුවට) ඒ දෙදෙනා (මට) ආදර්ශයක් වන්නෝය.
ඉන්පසු මම ඉවත ගියෙමි. සටනට සහභාගි නොවූවන්ගෙන් අප තිදෙනා සමග කිසිවෙකු කථා නොකරන ලෙස නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ නීතියක් පැනවූහ. එයින් මට මෙම පොළොව එපා විය. මෙම භූමිය මා නොහඳුනන අමුතු භූමියක් සේ මට දැනිනි. මෙසේ දින 50ක් ගතවිය. අනෙක් දෙදෙනා ඇ~ු කඳුලෙන් යුතුව නිවසේම ගත කළහ. මම තරුණයෙකු නිසා කඩවීදියට හා එළිමහනට ගියෙමි. මස්ජිදයට මුස්ලිම්වරුන් සමග සලාතය සඳහා ගියෙමි. එහෙත් කිසිවෙකු මා හා කථා කළේ නැත. මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ සලාම් කියමි¡ (එතුමා එයට පිළිතුරු දීමට) තොල් සෙලවේවි දැයි මම බලමි. එතුමා මා ළඟින්ම වාඩිවී සිටියේය¡ මා එතුමාට සමීපව සිට සලාතයේ යෙදෙමින් ඇස්කොණින් බලමි. එවිට අහක බලා ගනිති¡ මුස්ලිම්වරුන් අපව කොන් කිරීම මෙසේ දිග් ගැසුනේය. මේ අතර (එක් දිනක්) අබූ කතාදා (රළියල්ලාහු අන්හු) තුමාගේ වත්තට ගියෙමි. ඔහු මගේ බාප්පාගේ පුතෙකු වගේම මා ඉතා කැමැති කෙනෙකි. ඔහුට මම සලාම් කීවෙමි. අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඔහු මට පිළිතුරු දුන්නේ නැත. zඅබූ කතාදා අල්ලාහ් මත දිවුරා ඔඛෙන් අසමි. අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන්ට මා ආදරය කරන්නේ නැද්ද? ඔහුගෙන් ඇසුවෙමි. ඔහු නිහ~ව සිටියේය. නැවතත් ඇසුවෙමි. ඔහු නිහ~ව සිටියේය. නැවතත් ඇසුවෙමි. ඔහු නිහ~ව සිටියේය. පසුව ඔහු (ඒ පිළිබඳව) අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන්ම හොඳින් දන්නෝයැයි කීය. මගේ ඇස්වලට කඳුළු පිරුණි පසුව මම එම වත්තෙන් පිටවූයෙමි.
(දවසක්) මම මදීනා නගරයේ කඩවීදියක් දිගේ ගමන් කරමින් සිටියෙමි. සිරියාවේ සිට ආහාර ද්‍රව්‍ය හා ධාන්‍ය වර්ග වෙළදාම පිණිස මදීනාවට පැමිණි ගොවියෙක්කඃබ් බින් මාලික් කව්දැ~?යි විමසමින් සිටියේය. ඒ අවස්ථාවේ එහි සිටි ජනතාව ඒ මොහුයැයි මාව පෙන්වූහ. වහාම එම ගොවියා මා ළඟට පැමිණ ගස්සාන රජු විසින් ලියන ලද ලියුමක් මගේ අතට දුන්නේය. එය කියවූයෙමි. එහි ඔබේ මිත්‍ර නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔබව ප්‍රතික්ෂේප කළ බව දැනගතිමි. පිළිකුලෙන් යුත් අපහාසයක් ගෙන දෙන භූමියක ජීවත්වීමට අල්ලාහ් ඔබට නියම කර නැත¡ (එමනිසා) ඔබ ඇවිත් අප හා එක්වන්නැයි එහි ලියා තිබුණි. මම එය කියාවා මෙය මහා පරීකෂණයක් වන්නේ යැයි ප්‍රකාශ කර එම ලියුම ලිපේ දමා පුළුස්සා දැමුවෙමි.
මෙසේ දින පනහෙන් දින 40ක් ම ගතවිය. අප පිළිබඳව තවම ‘වහී'(අල්ලාහ්ගේ හෙළිදරව්) කිසිවක් පහළ වී නැත. මේ අවස්ථාවේ පැමිණි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ පණිවුඩ කරු මා අමතා ඔබේ බිරිඳගෙන් වෙන් වී සිටින ලෙස ඔබට නබිතුමා නියෝග කළේයැයි කීය. එවිට මම මගේ බිරිඳ දික්කසාද කරන්නද? එසේ නැත්නම් කූමක් කළ යුතු දැ?යි ඇසුවෙමි. ‘නැහැ ඇයට ළං නොවී ඈත්ව සිටින්නැ’යි පිළිතුරු දුන්නේය. මගේ අනෙක් මිතුරන්ටද එසේම නියෝග ලැබුණි. ඒ අනුව මා මගේ බිරිඳ අමතා මේ පිළිබදව අල්ලාහ්ගේ තීරණය ලැඛෙන තුරු ඔබ ඔබේ දෙමව්පියන් වෙත යන්නැයි කීවෙමි. මේ අවස්ථාවේ හිලාල් බින් උමෙයියාහ්ගේ බිරිඳ නබිතුමා වෙත ගොස් අල්ලාහ්ගේ දූතයාණෙනිල ‘හිලාල් බින් උමෙයියා දුබලව මහලු වයසේ පසුවෙයි. ඔහුට උපස්ථාන කරන්ට කිසිවෙක් නැත. මා ඔහුට උපස්ථාන කිරීම ඔබතුමා ප්‍රතික්ෂේප කරන්නේද?’ කියා ඇසුවාය. ඒ ඇසූ නබිතුමා නැහැ ඔහු ඔබට ළං නොවිය යුතුයි කීහ. එම කාන්තාව තවදුරටත් කථා කරමින් අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඔහුට කිසිදෙයක් ගැන හැඟීමක් නැත. ඔහු එදා සිට අද දක්වා ඇ~ූ කඳුලෙන්ම කල් ගෙවන්නේයැයි කීවාය.
මගේ පවුලේ අයගෙන් සමහරෙක් නුඹේ බිරිඳ ගැනත් නබිතුමා වෙතට ගොස් අනුමැතිය ලබාගත්තොත් නරකද? හිලාල් බින් උමෙයියාහ්ගේ බිරිඳ සැමියාට උපස්ථාන කරන්න අනුමැතිය ලබා ගත්තීයැයි කීහ. මම තරුණයෙකු නිසා අනුමැතිය ඉල්ලන විට කුමක් කියාවිදෝ~ යැයි පිළිතුරු දුනිමි. මින් පසු දින දහයක් ගතවීමත් සමග අපට කථා නොකර සිටීමේ දින 50හේ කාල සීමාව සම්පූර්ණ විය.
දින පනහ ගතවූ එදින සුබ්හු සලාතය මගේ නිවසේ ඉහළ මහලේ ඉටු කළෙමි. භූමිය විශාලවූ මුත් ඉතා පටු එකක් ලෙස එය පෙනුනේය. ඉතාමත් ශෝකයෙන් වාඩිවී සිටියෙමි. ඒ අවස්ථාවේ කෙනෙක් ‘සල්වු’ නැමැති කඳු මුඳුනට නැග මහ හඩින් ‘කඃබ් බින් මාලික්ල ඔබට සුබ පැතුම් හිමිවේවා’ යි දැනුම් දුන්නේය. වහාම (අල්ලාහ්ට ස්තූති කර) සජ්දාවේ වැටුනෙමි. සතුටු දායක නිවේදනයක් ලැබුන බව දැන ගතිමි. අල්ලාහ් අපව කෂමා කළ බව ෆජ්ර් (සුබ්හු) වේලාවේ නබිතුමා මගින් දැනුම් දෙන ලදී. ජනතාව සුබ පැතීමට පටන් ගත්හ¡ මගේ අනෙක
සහෝදරයින් වෙතද එසේම සුබ පතන අය ගියහ. අසුපිට නැගී වේගයෙන් එක් අයෙකු මාවෙත පැමිණියේය. පසුව මා ඉදිරියට පැමිණි අස්ලම් ගෝත්‍රයට අයත් කෙනෙකු කන්ද උඩට නැග්ගේය. ඔහුගේ ශබ්දය අශ්වයකුට වඩා වේගවත් විය. (ඔහුද මට කෂමාව ලැබුන බව කීය. ඔහු මා වෙත පැමිණි විට එම සතුටු දායක පණිවුඩ ගෙන ඒම ගැන ප්‍රශංසා කර මගේ ඇඳුම් ජෝඩු දෙකක්ම තෑගි දුනිමු. අල්ලාහ් මත දිවුරා කියමි. එදා එම ඇඳුම් ජෝඩු දෙක හැර වෙන කිසිවක් මට තිබුණේ නැත. වෙනත් ඇඳුම් ජෝඩු දෙකක් අතමාරු කර ගෙන ඇඳ ගතිමි.
පසුව මම නබිතුමා හමුවීම සඳහා පිටත්වී ගියෙමි. අතර මග ජනතාව පෙළ ගැසී සුබ පතමින් සිටියහ¡ මම මස්ජිදුන් නබවියට ඇතුල්වීමි. එහි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ වාඩිවී සිටියහ. (මාව දුටු වහා නබි සහගාමීන්ගෙන්) තල්හා බින් උඛෙයිදිල්ලාහ් (රළියල්ලාහු අන්හු) දුවගෙන විත් මා වැළදගෙන සුබ පැතීය. අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. මුහාජිර්වරුන්ගෙන් ඔහු හැර වෙන කිසිවෙක් නැගිට සිටියේ නැත. තල්හා ළඟ පැවැති මෙම සහෝදර ප්‍රේමය මා කවදාවත් අමතක කළේ නැත.
තව දුරටත් කඃබ් මෙසේ පැවසීය. ඊළඟට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන්ට මම සලාම් කීවෙමි. එතුමාගේ මුහුණ සතුටින් ඉපිළ ගොස් තිබිණි. නබිතුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. ඔබේ මව ඔබව ප්‍රසූත කළාට පසු ශ්‍රේෂ්ඨතම සුබ පැතුම් ලබන දිනය අදයි (මෙම සුබාරංචිය) ඔබතුමන්ගෙන්ද? අල්ලාහ්ගෙන්දැ? යි විමසුවෙමි. මෙය උත්තරීතර අල්ලාහ්ගේ සුබාරංචියකියි පිළිතුරු දුන්හ. නබිතුමන් (යම් කරුණකින්) සතුටට පත්වුනොත් එතුමාගේ මුහුණේ ළසඳක් මෙන් දීප්තියක් දකින්න ඇත. එය අපට දැනගත හැක. මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් ඉදිරියේ වාඩිවී~ අල්ලාහ්ගේ දූතයාණෙනිල මගේ තව්බාව (පාපකෂමාව) අල්ලාහ් විසින් පිළිගැනීමට කළ ගුණ සැලකීමක් වශයෙන් මගේ සියලුම සම්පත් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගේ මාර්ගයේ දන්දී ඒවායින් ඈත්වී සිටීමට බලාපොරොත්තු වෙමියි කීවෙමි. එවිට නබිතුමාණෝ (එසේ නොකරන්න.) ඔබේ වස්තුවෙන් සමහරක් ඔබ තබාගන්න එය ඔබට වැදගත් වන්නේයැයි පැවසූහ¡ කෙයිබර් හි පිිහිටි මගේ වත්තේ කොටස මම තබාගන්නම් (ඉතිරිය දන් දෙන්නෙමියි) කීවෙමි.
ඉන්පසුව මම අල්ලාහ්ගේ දූතයාණෙනි නියතවශයෙන්ම මගේ සත්‍යවාදිකම හේතුකොටගෙන අල්ලාහ් මාව ගලවා ගත්තේය. මගේ ජීවිතයේ ඉතිරි කාල සීමාව තුළදී සත්‍යය හැර වෙන කිසිවක් කථා නොකරමි. මගේ තව්බාවටද මෙය ඇතුළත් කළෙමියි ප්‍රකාශ කළෙමි. නබිතුමන් ඉදිරියේ මා දුන් ප්‍රතිඥාව (පොරොන්දුව) නිසා අල්ලාහ් මට සත්‍ය ප්‍රකාශ කිරීමෙහි කරුණාව පහළ කළා සේ වෙන කිසිවෙකුට පහළ නොකළ බව මගේ හැඟීමයි. නබිතුමාට පොරොන්දු වූ දිනයේ සිට අද දක්වා බොරුවක් ගැන මා හිතුවේ නැත. ඉතිරි කාලසීමාව තුළදී ද අල්ලාහ් මාව ආරක්ෂා කරයි යන්න මගේ විශ්වාසයයි. උත්තරීතර අල්ලාහ් ලකද් තාබල්ලාහු අලන් නබියියි වල් මුහාජිරීන්… යන වාක්‍යයත්. ‘වඅලත්තලාතත් තිල්ලදීන කුල්ලිෆූ…’ හි සිට ‘ඉත්තකුල්ලාහ් වකූනු මඅස් සාදිකීන්’ යන වාක්‍යයත් (සූරතුත් තව්බා 118, 119 වෙන ශුද්ධ වචනයද අප සම්බන්ධයෙන්ම) පහළ කළේය.
අල්ලාහ් ඉස්ලාමයේ සෘජු මඟ මට පෙන්වූ දා සිට අල්ලාහ් මට ලබාදුන් උතුම්ම සම්පත ලෙස මා සලකන්නේ නබිතුමා ඉදිරියේ බොරු කියා විනාශ වූ බොරුකාරයින් වගේ නොවී සත්‍ය ප්‍රකාශ කිරීමය. වහී පහළවෙමින් තිබුන වකවානුවේදී බොරු කී ඔවුන් ගැන අල්ලාහ් තදින් හෙළාදකින්නේය.
අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. ”සටන් බිමෙන් ආපසු පැමිණි විට (ඔබලාගෙන් ඔවුන්ට කෙරෙන දෝෂාරෝපනයෙන් බේරෙන්න) ඔවුන්ව ඔබලා කොන් කරාවි. යන හැඟීම නිසා අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරති. එහෙයින් ඔබලා ඔවුන්ව කොන් කරන්න. නියතවශයෙන්ම ඔවූහු අපිරිසිදු අය වන්නෝය. ඔවූහු හම්බ කරගත් දේවල් සඳහා වූ කුසල නිරය වනු ඇත.~
”ඔවුන් කෙරෙහි සතුටුකරවා ගැනීම සඳහා ඔබලා ඉදිරියේ ඔවූහු දිවුරති. එමනිසා ඔබලා (නොදැනුවත්ව) සතුටුවුණත් සත්‍යවශයනේම අල්ලාහ් අපරාධකරුවන් ගැන සතුටු නොවන්නේය.” (අල්-කුර්ආන් 9:95-96)
කඃබ් තුමාණෝ මෙසේ ප්‍රකාශ කරයි. බොරු හේතු දැක්වූ අය නබිතුමාණෝ පිළිගෙන ඔවුන් සඳහා ප්‍රාර්ථනාද කළහ. එහෙත් අප ගැන අල්ලාහ් තීරණයක් ගන්නා තුරු කල් දැමූහ. අල්ලාහ් ප්‍රමාද කෙරුණු තිදෙනා යනුවෙන් ප්‍රකාශ කරයි. සටනට නොගිහින් ප්‍රමාදවූවන් ලෙස ඔහු(අල්ලාහ්) ප්‍රකාශ කළේ නැත. (ඒ වෙනුවට) බොරු හේතු දක්වා දිවුරා එය නබිතුමන් විසින් පිළිගනු ලැබූ පුද්ගලයින්ට වඩා අප තිදෙනා ප්‍රමාද කෙරුණු අයයි. නබිතුමාණෝ වහී පහළ වන තෙක් අප ගැන තීරණයක් ගැනීම ප්‍රමාද කළහ. එම අර්ථයෙන් අල්ලාහ් ප්‍රකාශ කළේය.
(බුහාරි හා මුස්ලිම්)
තවත් ප්‍රකාශයක නබිතුමා බ්‍රහස්පතින්දා දිනයක තබූක් සටනට ගිය බවත් බ්‍රහස්පතින්දා පිටත්වීම එතුමා වඩාත් ප්‍රියකළ බවත් පැවසේ.
තවත් ප්‍රකාශයක නබිතුමා ගමනක් ආපසු පැමිණෙන විට පෙරවරුවේ (ලුහර් සලාතයට පෙර) පැමිණෙන බවත් කෙලින්ම මස්ජිදයට ගොස් රක්අත් දෙකක් සලාතය ඉටු කර පසුව මස්ජිදයේ වාඩිවන්නේ යැයි සදහන් වේ.
0022
අබූ නුජයිද් ඉම්රාන් බින් හුසෙයින් අල්-හුසායි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ජුහෙයිනා ගෝත්‍රයට අයත් කාන්තාවක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණියාය. ඇය අපචාරයේ(ගණිකාවක් ලෙස) හැසිරීම නිසා ගැබ්ගෙන සිටියාය. ඇය ‘අල්ලාහ්ගේ දූතයාණෙනිල මම ‘හද්’ (නමැති බරපතල දඬවම) විඳිය යුතු වරදක් කළෙමි. මට දඬවම් කරන්නැ’යි ඉල්ලා සිටියාය. මෙය ඇසූ නබිතුමාණෝ ඇගේ භාරකරු ගෙන්වා ඇයට ඇප උපස්ථාන කරන්න. ඇය දරුවා ප්‍රසූත කළ පසු කැඳවාගෙන එන්නයි පැවසූහ. ඔහුද ඒ අනුව කටයුතු කළේය. (දරුවා ප්‍රසූත කළ පසු ඇයව කැඳවාගෙන ආවේය.) ඉන්පසු ඇයගේ වස්ත්‍රයෙන් ඇයව පොරවනු ලැබුවාය. නබිතුමා ඇයට නියමිත දඬවම (වූ ගල්ගසා මරා දැමීම) පැනවීමෙන් අනතුරුව ඇය ගල් ගසා මරනු ලැබුවාය. ඇය සඳහා නබිතුමාණෝ ‘ජනාසා’ සලාතය ඉටු කළහ. එම අවස්ථාවේ උමර් (රළියල්ලාහු අන්හු) තුමා එතුමන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අමතා අල්ලාහ්ගේ දූතයාණෙනිල ගණිකාවක් වූ ඇයටත් ඔබතුමා සලාතය මෙහෙය වන්නේදැයි ඇසීය. එවිට එතුමා එම තැනැත්තිය ශ්‍රේෂ්ඨතම ‘තව්බාවක්’ කර තම ජීවිතය අල්ලාහ් වෙනුවෙන් පරිත්‍යාග කළාය. මෙයට වඩා කුසලක් (යහපත් ක්‍රියාවක්) තවත් ඇත්ද? මැය කළ තව්බාව (පාපක්ෂමාව) මදීනා වාසීන් හැත්තෑ දෙනකු අතර ඛෙදා දිය හැකි තරමට ඇයගේ තව්බාව පිහිටින.
(මුස්ලිම්)
0023
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැවසු බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) සහ අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) යන දෙදෙනා විසින් දැනුම් දෙන ලදී. ආදම්ගේ පුතාට රත්තරන් ඉල්ලමක් පෑදුනත් තවත් ඉල්ලමක් (ඉල්ලම් දෙකක්) ලැබුණොත් හොඳයි කියා ආශා කරයි. ඔහුගේ කට පස්වලින් (මිණිවලේ පස්වලින්) මිස වෙන දෙයකින් පිරවිය නොහැක. (මරණය දක්වා ඔහු මෙලොව ආශාවන්ගෙන් ඇලී සිටී) පාපකෂමාව ඉල්ලා අල්ලාහ් වෙත යොමුවන්නාව (තව්බා කරන්නා) අල්ලාහ් පිළිගනී.
(බුහාරි හා මුස්ලිම්)
0024
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නියතවශනේම පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) විසින් දැනුම් දෙන ලදී. කෙනෙකු තවත් කෙනෙකුව මරා දමයි. පසුව දෙදෙනාම ස්වර්ගයට පිවිසීම බලා අල්ලාහ් සිනාසෙයි¡ අයෙක් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කර දිවි පුදයි. ඔහුව මැරූ තැනැත්තා (තව්බා කර අල්ලාහ් වෙත යොමුවෙයි) ඔහුගේ තව්බාව(පාපකෂමාව) අල්ලාහ් පිළිගනී. ඉන්පසු අල්ලාහ්ගේ ගැත්තෙකුවී යහපත් ක්‍රියා කර (ඔහුද අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කර වීරයකුසේ දිවි පිදීම හේතුවෙන්) ස්වර්ගයට සුදුසුකම් ලබයි.
(බුහාරිල මුස්ලිම්)