Talk:අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය

From Yahamaga

පාස්කු ප්‍රහාරයෙන් පසු ඇල්ලූ ආයුද මුහුදේ ගිල්වයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික ප්‍රමාණයක්, බෝම්බ කොටස්, උල්ආයුධ ඇතුලු අවි ආයුධ තොගයක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කරනු ලැබීය.

නාවික හමුදා රංගල කඳවුරේ සුරනිමල නෞකාවෙන් නාවික හමුදා නිලධාරින් ද සමග පිටත් වී ඇති අධිකරණ කාර්ය මණ්ඩලය මුහුදු සැතපුම් 1000ක් දුරින් සහ අඩි 1000ක් ගැඹුරින් මෙම ආයුධ තොගය ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කර ඇත.

ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නියෝග පරිදි අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ, අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය, නඩු භාණ්ඩ භාරකාරිණීය ඇතු`ථ අධිකරණ කාර්ය මණ්ඩලයේ අධීක්ෂණයෙන් යුතුව මෙම අවි ආයුධ තොගය ගිල්වා විනාශ කර තිබේ.

මෙලෙස විනාශ කරනු ලැබ තිබුණේ කඩු 1000ක්, කිනිසි, උල් ආයුධ, බොම්බ් කොටස්, තුවක්කු 08ක් සහ කල් කටස් වර්ගයේ ගිනි අවි 10කි.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96-%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%AF-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92/1-638534

පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක Channel 4 අනාවරණයක්

පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක අනාවරණයකට බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව සැරසෙයි.

COLOMBO (News 1st) - 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අනාවරණයක් ඇතුළත් විශේෂ වාර්තා වැඩ සටහනක් හෙට (05) දිනයේ විකාශය කිරීමට බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව සූදානම් වන බව ශ්‍රී ලංකාවේ ඩේලි මිරර් පුවත්පත අද(04) වාර්තා කළේ ය.

බ්‍රිතාන්‍යයේ ද ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේ, චැනල් ෆෝ නාලිකාව විශේෂ තොරතුරු හෙළි කරන්නන් උපුටා දක්වමින් පාස්කු ඉරිදා ප්‍රහාරයට රාජපක්ෂ පවුලේ සම්බන්ධයක් ඇතැයි, අනාවරණය කිරීමට සූදානම් වන බවයි.

වත්මන් රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ මාධ්‍ය ප්‍රකාශක හා මූල්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ අපේක්ෂා කරන හන්සීර් අසාද් මව්ලානා නැමැති පුද්ගලයාගේ ප්‍රකාශ පදනම්කර ගනිමින් චැනල් ෆෝ වාර්තාව මෙම අනාවරණය සිදුකර ඇතැයි ද, ටයිම්ස් පුවත්පතේ සඳහන් වේ.

එහි සඳහන් වන්නේ රාජපක්ෂවරුන්ට සමීප, පිල්ලෙයාන් දේශපාලන විරුද්ධවාදියෙකු ඝාතනය කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී පාස්කු ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම මුනගැසී ඇති බව හන්සීර් අසාද් මවුලානා නැමැත්තා හෙළිකර ඇති බවයි.

මරණය පමණක් බලාපොරොත්තුවෙන් සිටින මෙම අන්තවාදීන්ගෙන් ප්‍රයෝජනයක් ගත හැකි බවට පිල්ලෙයාන් එම අවස්ථාවේ හඳුනාගෙන ඇතැයි, මව්ලානා හෙළිකර තිබේ.

ඔහු චැනල් ෆෝ වෙත අනාවරණය කර ඇත්තේ, පිල්ලෙයාන් සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානියෙකුවූ සුරේෂ් සලේ විසින් එම බෝම්බකරුවන් නිදහස්කර ගැනීමට කටයුතු කර ඇති අතර පසුව බෝම්බකරුවන් හා සලේ අතර හමුවක්ද තමන් සූදානම් කළ බවයි.

ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම - ඉතා ඉහළ නිලයක් හොඹවන තොරතුරු සපයන්නෙකු හෙට දිනයේ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ විකාශය කිරීමට නියමිත ඩිස්පැචර්ස් වැඩ සටහනට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා ඇත්තේ 2018 වසරේදී ඉහළ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන සුරේෂ් සලේ සහ අයි.එස් සංවිධානයට අනුබද්ධිත බෝම්බකරුවන් සමග ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට සහ රාජපක්ෂවරුන් නැවත බලයට ගෙන ඒමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස්කිරීමේ අරමුණින් හමුවක් සංවිධානය කළ බවයි.මෙම තොරතුරු මූලාශ්‍රයට අනුව සුරේෂ් සලේ විසින් ඔහුට පවසා ඇත්තේ රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත තත්ත්වයක් අවශ්‍ය අතර ගෝඨාභයට ජනාධිපති ධුරයට පත්වීමට ඇති එකම මාර්ගය එය බවයි.හන්සීර් අසාද් මවුලානා නැමැති තොරතුරු හෙළිකරන්නාට අනුව මෙය දවසින් දෙකකින් සැලසුම් කළ එකක් නොවන අතර එය වසර දෙක තුනක් සැලසුම් කළ ප්‍රහාරයක්.මවුලානා පසුගිය වසරේ ශ්‍රී ලංකාවෙන් පලාගිය අතර ඔහුගේ ප්‍රකාශ එක්සත් ජාතින්ගේ සංවිධානයට හා යුරෝපා බුද්ධි අංශවලට ලබාදී තිබෙනවා.එම ආයතන ඔහුගේ ප්‍රකාශයන් විශ්වාසනීය ලෙස සලකා විමර්ශන ආරම්භකර තිබෙනවා. ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම අවසන්

බෝම්බ ප්‍රහාරය එල්ලවූ දිනයේ සිදුවීමක්ද හන්සීර් අසාද් මව්ලානා අනාවරණය කර ඇතැයි, ද ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.

ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම

- බෝම්බ ප්‍රහාරය සිදුවූ දින උදෑසන සලේ විසින් මව්ලානාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර ඔහුගෙන් ඉල්ලා තිබෙන්නේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් බෝම්බකරුවෙකු රැගෙන එන ලෙසයි.නමුත් ඔහුට එය සිදු කිරීමට හැකියාවක් තිබුනේ නැහැ.සීසීටීවී දර්ශනවලට අනුව ඉන්දියාවට සම්බන්ධ මෙම හෝටලය ඇතුළත සිටි බෝම්බකරුට දුරකතන ඇමතුමක් ලැබෙන ආකාරයත් පසුව ඔහු හදිසියේ පිටව යන ආකාරයත් දර්ශනය වනවා.පැය කිහිපයකට පසුව කොළඹ පිහිටි තවත් කුඩා හෝටලයක් තුළදී ඔහු බෝම්බය පුපුරුවා ගනු ලබනවා.

ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම අවසන්

තවත් වැදගත් තොරතුරු හෙලිදරව් කරන්නෙකු යොදා ගනිමින් චැනල් ෆෝ සිය වාර්තා වැඩ සටහනින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව කරුණු අනාවරණය කරන බව ද ටයිම්ස් පුවත්පත පවසයි.

ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම

- නිර්නාමික ඉහළ රාජ්‍ය නිලධාරියෙකු වන දෙවන තොරතුරු හෙලිදරව් කරන්නා මව්ලානාගේ ප්‍රකාශ සනාථ කරන අතර හමුදා බුද්ධි අංශ විසින් ප්‍රහාර එල්ල කිරීමට පෙර සහ ඉන් පසුව පොලීසිය සිදුකල විමර්ශනවලට දිගින් දිගටම බාධා එල්ලකල බව ප්‍රකාශ කර තිබෙනවා.ඔහු පවසා ඇත්තේ 2019 දී බලයට පත්වීමෙන් පසුව මෙම විමර්ශනයට සම්බන්ධ සියලුම නිලධාරීන් මාරුකර යැවූ අතර ඒ හරහා සම්පූර්ණ විමර්ශනය කඩාකප්පල්වූ බවයි.

ද ටයිම්ස් පුවත්පතේ උපුටා ගැනීම

මෙම බෝම්බ ප්‍රහාරයට පෙර පොලීසිය කළ විමර්ශන කටයුතුවලදී සහරාන් ඇතුලු කණ්ඩායම වෙත අවධානය යොමුවීම වැළැක්වීම සඳහා හමුදා බුද්ධි අංශ වැරදි තොරතුරු ලබාදුන් බවට ලිපි ලේඛන චැනල් ෆෝ සතුව ඇතැයි ද, ටයිම්ස් පුවත්පත පවසයි.

එම පුවත්පත පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මාස 6 ක් ඉක්මගිය පසුව සුරේෂ් සලේ මහතා හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පත්කළ බවයි.

මේ අතර වත්මන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් සුරේස් සලේ මහතා චැනල් ෆෝ වෙත ලිපි ගොනු ඉදිරිපත් කරමින් තමන් මෙම කාලසීමාවේ ශ්‍රී ලංකාවේ රැදී නොසිටි බව දැනුම්දී ඇතැයි ශ්‍රී ලංකාවේ ඩේලි මිරර් පුවත්පත අද (040 වාර්තා කළේ ය.

එම වාර්තාවේ සඳහන් වූයේ සලේ මහතාගේ මෙම ප්‍රතිචාරයෙන් පසුව චැනල් ෆෝ නාලිකාව මෙම වාර්තා වැඩසටහනේ නම වෙනස්කර හෙට (05) විකාශය කිරීමට සූදානම් වන බවයි.

මේ අතර චැනල් ෆෝ නාලිකාව මෙම චෝදනා පිළිබදව රජපක්ෂ පවුලෙන් සහ පිල්ලෙයාන්ගෙන් විමසීමක් කර ඇතත් තවමත් ඊට ප්‍රතිචාර ලැබී නැතැයි ද, ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර විදේශිකයින් 43 දෙනෙකු සිටි අතර ඩෙන්මාර්ක් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඇන්ඩර්ස් හොල්ක් පෝල්සන්ගේ දරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකුද ඒ අතර විය.

ඒසොස් නමැති ජාත්‍යන්තර ඇඟලුම් ව්‍යාපාර ජාලයේ විශාලතම කොටස්හිමියා වන ඔහු බ්‍රිතාන්‍යයේ විශාලතම පුද්ගලික ඉඩම් හිමිකරුවායි.

https://sinhala.newsfirst.lk/2023/9/4/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පාර්ලිමෙන්තු විවාදය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් "චැනල් 4" අනාවර්ණය සමඟ 2023/09/21 සහ 22 දිනයන් හි පාර්ලිමෙන්තුවේ පැවති විවාදයේ වීඩියෝ පෙලගැස්ම පහතින් ඉදිරිපත් කෙරේ.

පාස්කු ප්‍රහාරකයන් ගැන ජනතාවගේ මතට වෙරිටේ කියයි

පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයට දේශපාලන හස්තවල සම්බන්ධයක් නොමැති බවට විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 8 ක ප්‍රමාණයක් බව පසුගිය ඔක්තෝබර් මස සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයට දේශීය දේශපාලන බලවේග සම්බන්ධ බවට ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් විශ්වාස කරන බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 53 ක් බවත් එම සමීක්ෂණදී අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ඉන් 2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරය පසුපස දේශීය දේශපාලන බලවේග සමඟ කටයුතු කළ ශ්‍රී ලාංකීය අන්තවාදීන් සිටින බව මෙම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් සියයට 30 කගේ මතය වූ බවත් දේශීය දේශපාලන බලවේග සහ අන්තරායකර විදේශ බලවේග යන දෙපාර්ශවය සමඟ කටයුතු ලාංකික අන්තවාදීන් පාස්කු දින ප්‍රහාරය පසුපස සිටින බව සියයට 23 කගේ මතය වූ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7-%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%E0%B7%9A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/101-643808

’’පාස්කු බෝම්බකරුවන් මා දන්නවා’’

පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පැවසීය.

එම හෙළිකිරීමේ රහස්‍යභාවය රැකීම එම විනිශ්චකාරතුමන්ලාගේ වගකීමක් බව ද හිටපු මෛත්‍රීපාල සිරිසේන කීය.

මහනුවරදී පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය.

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව දැන් නඩුවට ඉදිරිපත් කරන්නේ ද සිය පාලන කාලයේ අල්ලපු ත්‍රස්තවාදීන් බවත් ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය සැබෑ ලෙස කළේ කවුද යන්න කිසිවකු මේ දක්වා ප්‍රකාශ කර නොමැති බවත් ඒ මහතා කීය.

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපතිවරයා බවට පත්ව හොඳ තැනකට රට ගෙනියන්න සූදානම්ව සිටිය ද ආණ්ඩු පක්‍ෂයේ සහ වික්‍ෂයේ සහයෝගය නොලැබීම නිසා සිදුවූ දේවල් පිළිබඳව දැඩි කළකිරීමකට පත්ව සිටින බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කැමැත්තෙන්ම බලය අඩුකරගෙන වසර පහකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බව ද සඳහන් කළේය.

ආණ්ඩුව, දේශපාලන පක්‍ෂ සහ සමාජය ඇතුළු රටම අර්බුදයක තිබීම නිසා අර්බුදයෙන් මිදීමට නම් නියමිත කාලයේදී මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ප්‍රශ්නවලට මූලිකත්ව දී කටයුතු කිරීමේ වගකීම එම මැතිවරණයෙන් පත්වන අලුත් ආණ්ඩුවට පැවරෙන බවත්ය.

වර්තමාන පාර්ලිමේන්තුව ජනතාවගේ බලය නොමැති දැඩිව පිරිහීමට පත්වූ තැනක් බවට පත්ව ඇති බවත් හොරු, දූෂිතයෝ සහ වංචාකාරයො පාර්ලිමේන්තුවට නොඑවීමට ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවගේ වගකීමක් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%83%E0%B6%9A-%E0%B6%B6%E0%B6%B8%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%B1-%E0%B6%B8-%E0%B6%AF%E0%B6%B1%E0%B6%B1%E0%B7%80/1-649609

මිලේච්ඡ පාස්කු ප්‍රහාරයට වසර පහයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර අතරින් ඉදිරියෙන්ම ඇති ප්‍රහාරයක් වන ‘පාස්තු දින‘ ත්‍රස්ත ප්‍රහාරයට අද (21) වසර 5 ක් සම්පූර්ණ වේ.

අන්තවාදී ආගමික කල්ලියක් කොළඹ, මීගමුව සහ මඩකළපුවේ කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු පන්තියේ හෝටල් කීපයක 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පෙරවරුවේ එකවර බෝම්බ පුපුරුවා හැරීමෙන් පුද්ගලයන් 273 මරණයට පත්ව 500 කට අධික සංඛ්‍යාවක් පූර්ණ හෝ අර්ධ හානීන්ට පත්වූ බව නිල පිළිගැනීමයි.

එදිනට කතෝලික භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික දිනයක් වන ‘පාස්තු දින‘ යෙදී තිබීම නිසා පසු කළ බොහෝ දෙනා එම බෝම්බ ප්‍රහාර මාලාව ‘පාස්තු දින‘ ත්‍රස්ත ප්‍රහාරය ලෙස හැදින්වීය.

එදින පෙරවරු 8.45 ට පළමු බෝම්බ ප්‍රහාරය එල්ල වූ බව ආරක්‍ෂක අංශ පවසන අතර එම ප්‍රහාරයට ලක්ව දේවස්ථානවල දේව මෙහෙයට සහභාගි වී සිටි සහ කොළඹ තරු පන්තියේ හෝටල්වල උදෑසන ආහාර ගනිමින් සිටි පවුල්පිටින් මරු වැළඳගත්තේය.

මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බ පිපිරීමන් එම ප්‍රදේශයේ ඇතැම් පවුල්වල සියලුම සාමාජිකයන් මරණයට පත්වීමෙන් තවමත් වාසා ඇති නිවාස ඇති බව ද එහි ප්‍රදේශවාසීහූ පවසති. ඇතැම්හූ එදින සිට තවමත් ඇඳ මත සිටින අතර ඇතැම් පවුල්වල සාමාජිකයෝ සිහිමද ගතින් පසුවෙති.

මෙම බෝම්බ ප්‍රහාර මාලාව මෙරට දේශපාලන සහ සමාජීය තත්වය උඩුයටිකුරු කළ සිද්ධියක් බවට පත්වුව ඇති අතර එම ප්‍රහාරයට සත්‍ය වශයෙන්ම වගකිවයුත්තන් කවුරුන් ද යන්න තව දුරටත් අභිරසකි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ අදාල ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඩුවම් දෙන ලෙස පසුගිය වසර පහක කාලය තුළ දැඩි අරගලයක නිරතව සිටිති.

https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B6%BD%E0%B6%A0%E0%B6%A1-%E0%B6%B4%E0%B7%83%E0%B6%9A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-%E0%B6%B4%E0%B7%84%E0%B6%BA/101-650820

ජනපති ගෝඨාගේ ඇමැතුමක් ගැන කාදිනල් තුමෝ හෙළි කරති

‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුදින දුරකථනයෙන් දැනුම් දුන් බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කළ හොත් හිතවත් සංවිධාන සහ නායකයන් විරසක වන්නේ යැයි පැවසූ බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියෝ අද (21) පැවසූහ.

‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දනයක් සිහිකිරීම වෙනුවෙන් කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී අද (21) පැවැති 5 වැනි සැමරුවේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එසේ පැවසූහ.

එම ප්‍රහාරයෙන් ආරම්භ වී ඇද වැටුණු මෙරට ආර්ථිකය අද වන තුරුත් ගොඩගැනීමට නොහැකි බවූ බවත් ඒ පිළිබඳව පරීක්‍ෂණ කිරීමට එවකට ආණ්ඩුව විජිත් මලල්ගොඩ විනිසුරුතුමාගේ නායකත්වයෙන් යුත් එක් කමිටුවක් ද, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද, ජනාධිපති කොමිෂන් සභාවක් ද, පත්කළ බවත් උන්වහන්සේ කීහ.

එම කමිටුවලින් නිර්දේශවල කරුණු ක්‍රියාත්මක කිරීමේ වගකීම 2019 නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරයෙන් ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පැවරුණු බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට පෙර මීගමුව සහ ජාඇල යන ප්‍රදේශවල පැවැති දේශපාලන රැස්වීම්වලදී සහ එතුමා සහ රදගුරු මණ්ඩල අතර පැවැති හමුවකදී ද පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විනිවිද පෙණෙන පරීක්‍ෂණයක් පවත්වා ඒ පිළිබඳව සාධාරණ ඉටුකරන්නේ යැයි සහතික වූ බවත් කාදිනල් හිමියෝ පැවසූහ.

පසුගිය වසරේ (2023) ඔක්තෝබර් මස 23 වැනිදා රදගුරුතුමන්, පියතුමන් සහ ගිහි පැවිරි පිරිසක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එමප්‍රහාරය සම්බන්ධයෙන් යොමු කළ ලිපියට අදාල ලිපිය ලැබුණු බවට හෝ පිළිතුරක් නොලැබීමෙන් වර්තමාන ආණ්ඩුවට ද ඒ පිළිබඳව කිසිදු උවමනාවක් නොමැති යැයි පැහැදිළි බව කී කාදිනල් හිමියෝ සත්‍ය යටත් කිරීම පැවැති ආණ්ඩුවට සහ වර්තමාණ ආණ්ඩුව ප්‍රහාරයේ සත්‍ය වසන්කරන බව ද වැඩි දුරටත් සදඟන් කළේය.

මෙම සැමරුම් වැඩසටහනට ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ඇතුළු සර්ව ආගමික ජූජකවරු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ ස්ථානීය නියෝජිත මාක් ඔන්රේ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

https://www.lankadeepa.lk/news/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD-%E0%B6%9C%E0%B6%A8%E0%B6%9C-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B6%B8%E0%B6%9A-%E0%B6%9C%E0%B6%B1-%E0%B6%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BD-%E0%B6%AD%E0%B6%B8-%E0%B7%84%E0%B7%85-%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD/101-650844

අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයෙ මහ මොළකරු අල්ලනවා

මට අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු නිසැක වශයෙන්ම අල්ලන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු ඒ බව පවසූවේ තලාහේන පක්ෂ කාර්යාලයේ අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

පාස්කු ප්‍රහාරය සිදුවී ඊයේ දිනට වසර පහක් ගත වන අවස්ථාවේදී තවමත් එම ප්‍රහාරයේ මහ මොලකරුවන් නිදැල්ලේ සැරි සරන බවද ඒ මහතා පැවසීය.

බුද්ධි තොරතුරු වලට අනුව එම ප්‍රහාරය සිදුවන දිනය වේලාව ස්ථාන සියල්ලම රාජ්‍ය බුද්ධි තොරතුරු නිලධාරීන් විසින් කලින් දැනුම් දී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දඬුවම් ලැබිය යුතු බවත් හිටපු බුද්ධි ප්‍රධානී එම තොරතුරු වසං කළේ නම් ඔහු දඬුවම් ලැබිය යුතු බව ෆොන්සේකා මහතා පැවසීය.

සියල්ලම රාජ්‍ය බුද්ධි තොරතුරු නිලධාරීන් විසින් කලින් දැනුම් දී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දඬුවම් ලැබිය යුතු බවද ඒ මහතා පැවසීය.

https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%AE%E0%B7%80%E0%B6%9A-%E0%B6%BD%E0%B6%B6%E0%B6%AB%E0%B6%AD-%E0%B6%B4%E0%B7%83%E0%B6%9A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B8%E0%B7%84-%E0%B6%B8%E0%B7%85%E0%B6%9A%E0%B6%BB-%E0%B6%85%E0%B6%BD%E0%B6%BD%E0%B6%B1%E0%B7%80/101-650835

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට වසර 05 යි - යහමග සටහන

‘පාස්තු දින‘ ත්‍රස්ත ප්‍රහාරයට අද (21) වසර 5 ක් සම්පූර්ණ වේ. සිය ගණනක් ජීවිත බිළි ගනිමින් සහ විශාල පිරිසක් ආබාධිකන් බවට පත් කරමින් සිදුකල මෙම මිලෙච්ඡ ප්‍රහාරය යහමග අඩවිය දැඩිව හෙළාදකින අතර එම ඛේදවාචකයට මුහුණදුන් සියළුදෙනාට යහමග අඩවිය කණගාටුව ද ප්‍රකාශ කර සිටිමි.

එසේම වසර 05 ක් මුළුල්ලේ නොවිසඳුනු පැනයක්ව තිබෙන මෙම ප්‍රහාරයේ අග මුල කුමණ්ත්‍රන සියල්ල මේ සමාජයට අනාවරණය කිරීමට මේ රටේ බලධාරීන් හට නුවණැස පෑදේවා!, යනුවෙන් ද යහමග අඩවිය ප්‍රාර්ථනා කර සිටිමි. [>>>]

ගෝඨාභය කාදිනල් හිමිට ලිපියක්

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.

පළමු චෝදනාව සම්බන්ධයෙන් ගත් කළ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ලැබුණු විගස කාදිනල්තුමාට දුරකථනයෙන් කතා කර මට හිතවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවෙන නිසා ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු යැයි පැවසුවේ නැති බවත් මුස්ලිම් ප්‍රජාව තමන්ට ඡන්දය නොදුන් බවත්, ජනාධිපතිවරණයේදී ඔවුන් මගේ අපේක්ෂකත්වයට සහාය නොදැක්වූ බවත්, කවුරුත් දන්නා කරුණක් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයට තිබෙන සම්බන්ධයක් හේතුවෙන් තහනම් කළ යුතු වන මොනම සංවිධානයක් තුළවත් තමන්ට හිතවත් පුද්ගලයන් කිසිසේත්ම සිටිය නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යොමු කළ ලිපිය පහත දැක්වේ.

_උපුටා ගැනීම_

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවති සැමරීමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මට එරෙහිව පහත සඳහන් චෝදනා එල්ල කරන ලදී.

•පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මට ලැබුණු දිනට පසු දිනම මා කාදිනල් හිමිපාණන්ට දුරකථනයෙන් කතා කර එම වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගියහොත් මට සහාය වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමට පවා සිදුවෙන බැවින්, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව උන්වහන්සේ වෙත මා දන්වා සිටි බව.

•මම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුමේ පිටපතක් කාදිනල්තුමාට ලබා දීම ප්‍රමාද කළ බවත්, ඉතිරි වෙළුම් එතුමාට ලබා නොදුන් බව.

•පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විවිධ කමිටු සහ කොමිෂන් සභා විසින් කරන ලද නිර්දේශ වලින් කිහිපයක් පමණක් තෝරා බේරා ක්‍රියාත්මක කිරීමට මා විසින් අමාත්‍යවරුන් හය දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පත් කළ බව.

•පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ස්ථාන මාරු වීම් ලබා දී, එම විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා එක් උසස් සීඅයිඩී නිලධාරියෙකු සිරගත කිරීමට පවා මා කටයුතු කළ බව.

පළමු චෝදනාව සම්බන්ධයෙන් ගත් කළ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබුණු විගස මා කාදිනල්තුමාට දුරකථනයෙන් කතා කොට මට හිතවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවෙන නිසා ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව පවසා සිටියේ නැති බව මම තරයේ ප්‍රකාශ කර සිටිමි.මුස්ලිම් ප්‍රජාව මට ඡන්දය නොදුන් බවත්, ජනාධිපතිවරණයේ දී ඔවුන් මගේ අපේක්ෂකත්වයට සහාය නොදැක්වූ බවත්, කවුරුත් දන්නා කරුණකි. ඒ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයට තිබෙන සම්බන්ධයක් හේතුවෙන් තහනම් කළ යුතු වන මොනම සංවිධානයක් තුළවත් මට හිතවත් පුද්ගලයන් කිසිසේත්ම සිටිය නොහැකිය.

කාදිනල්තුමන්ගේ දෙවන චෝදනාව ගත් කළ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත භාර දෙන ලද්දේ 2021 පෙබරවාරි 01 වෙනිදාය. එය මා විසින් අධ්‍යනය කර, නීතිපතිවරයාට ද යොමු කර, 2021 පෙබරවාරි 23 වැනි දින එම වාර්තාව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරිපත් කරන ලදී. 2021 මාර්තු 01 වෙනි දින වන විට එහි පිටපත් අතිපූජනීය මහානායක හිමිවරුන්ට, කාදිනල්තුමාට සහ කතෝලික රදගුරුතුමන්ලාට ලබා දීමට අපි කටයුතු කළෙමු. එම නිසා අදාළ වාර්තාව කාදිනල්තුමාට භාරදීමේ ප්‍රමාදයක් සිදු වූ බවට කරන චෝදනාව මම පිළිගන්නේ නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබීමෙන් පසු එම වාර්තාවේ සහ ඊට කලින් එළිදක්වන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වය අනුව ලැයිස්තුගත කිරීමටත්, එම කාර්යයන් අදාළ රජයේ දෙපාර්තමේන්තු හා ආයතන වෙත බෙදා දීමටත් සය පුද්ගල කැබිනට් අනුකමිටුවක් මම පත් කළෙමි. රාජ්‍ය පරිපාලන ක්‍රියා පටිපාටිවලට අනුව, කැබිනට් මණ්ඩලයේ එවැනි උපදෙස් නොමැතිව රජයේ දෙපාර්තමේන්තු හා ආයතන වලට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකිය.

2019 නොවැම්බර් මාසයේ දී පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසම විසින් එවක සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ස්ථාන මාරුවක් ලබා දෙන ලදී. ඒ කාලයේ පැවතියේ පසුගිය රජය විසින් 19 වැනි සංශෝධනය යටතේ පත් කළ ජාතික පොලිස් කොමිසමය. ඊට සති කිහිපයකට පසු, මෙම පොලිස් නිලධාරියා මහාධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් එවක සිටි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ කළ දුරකථන සංවාද පිළිබඳ විමර්ශනයක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම කටයුතු කළේය. ඉන් මාස කිහිපයකට පසු, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහි අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ගොතන ලද සාක්‍ෂි ඉදිරිපත් කිරීම පිළිබඳව මතු වූ චෝදනාවක් ගැන විමර්ශනයක් හේතුවෙන් අධිකරණය විසින් එම නිලධාරියාව රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. එම නිසා, පාස්කු ඉරිදා විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් දී, රිමාන්ඩ් භාරයට පවා පත් කළ බවට කාදිනල්තුමා මට එල්ල කළ චෝදනාව මම ප්‍රතික්ෂේප කරමි.

අදාළ CID අධ්‍යක්ෂවරයා 2017 වසරේ එම ධුරයට පත් කර තිබුණු අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවත් මාස හතකට අධික කාලයක් ඔහු එම තනතුරේ දිගටම කටයුතු කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර මාස කිහිපය තුල දී එම ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින්ම සිදු කරන ලද වව්නතිව් ඝාතන, මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළේ එම අධ්‍යක්ෂකවරයා යටතේ පැවති සීඅයිඩී යයි. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මීට වඩා විමසිලිමත් වූයේ නම් සහරාන් ඇතුළු පිරිස පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගෙන එම ප්‍රහාරය වැළැක්වීමට හැකිව තිබූ බව ජනාධිපති කොමිසම ද ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එම ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම අදාළ අධ්‍යක්ෂකවරයා යටතේ පැවති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අසමත් වීමකි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට මා අපොහොසත් වූ බව කාදිනල්තුමා ඉහත සඳහන් කතාවේ දී මට චෝදනා කර සිටියේ ය. කෙසේ වෙතත් අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදුකරන්නේ දේශපාලනඥයින් නොව පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය එක්ව ක්‍රියා කිරීමෙනි. එම ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින අතර මාධ්‍යවලට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 93 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නීතිමය කටයුතු ආරම්භ වී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් සිදුකරන ලද්දකි. එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුකළ පුද්ගලයන් හා කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පිළිබඳව එවක රජයේ ඉහළම විමර්ශන ඒකකය වූ CIDය 2019 පාස්කු ඉරිදාට පෙර මාස ගණනාවක් මුළුල්ලේ විමර්ශනය කරමින් සිටි නමුත් ප්‍රහාරයට පෙර අදාළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් විය. මෙකී පාර්ශ්වයන් දෙකේම වගකීම එක්කෝ නොසලකා හැරීමට නැතිනම් ඔවුන්ව ප්‍රකාශිතවම වගකීමෙන් නිදහස් කිරීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කරන අතරතුරම, පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් මට එරෙහිව නිරන්තරයෙන්ම චෝදනා එල්ල කරන ආකාරය මහජනතාව හොඳින් නිරීක්‍ෂණය කළ යුතුය.

ගෝඨාභය රාජපක්ෂ

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B6%A8%E0%B6%B7%E0%B6%BA-%E0%B6%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BD-%E0%B7%84%E0%B6%B8%E0%B6%9C-%E0%B6%A0%E0%B6%AF%E0%B6%B1-%E0%B6%B4%E0%B6%BB%E0%B6%AD%E0%B6%9A%E0%B7%82%E0%B6%B4-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA/1-651031