Talk:ඉස්ලාමයට කැපයි බුදු දහමට නම් අකැපයි ද?

From Yahamaga

The Lion Heart says: 2012-10-11 at 07:58 ඉගෙනගන්න ඉල්ලූ දැරියකට තලේබානුවෝ වෙඩි තබති

ගැහැණු ළමුනට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කළ දාහතර හැවිරිදි පාකිස්තාන දැරියක් වෙඩි පහරට ලක්වී ඇත. වයඹ දිග පාකිස්තානයේ වෙසෙන මලාලා යුසුෆ්සායි ජාත්‍යන්තර සාම ත්‍යාගයක් සඳහා නාම යෝජනා ලබා සිටියාය.

පාසල අවසන්ව නිවස බලා එමින් සිටියදී හඳුනා නොගත් තුවක්කු කරුවන් ඇයගේ බෙල්ලටත් ඔලුවටත් තුවාල සිදු කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

තාලිබාන් පරිපාලනය විසින් ගැහැණු ළමුන්ට පාසල් අධාපනය ලැබීම තහනම් කොට ඇත.

වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ මලාලා යූසුෆ්ෂායි නම් පාසල් දැරිය පෙෂවෝර් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය දැරියගේ හිසෙන් පතරොමක උණ්ඩයක් ඉවත් කිර තිබේ.

පාසල් දැරියට වෙඩි තැබීමේ වගකීම තාලිබාන් ව්‍යාපාරය විසින් භාර ගෙන ඇත. වෙඩි තැබීමට ලක් වූ දැරිය වෙනුවෙන් සහයෝගය පළ කරමින් දහස් ගණනක් ජනතාව පණිවුඩ එවා තිබේ.

Log in to Reply Abuarshed says: 2012-10-11 at 13:47

වර්ථමානයේ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට එරෙහිව මිත්‍යා මතවාදයන් සමාජය තුල නිර්මාණය කරමින් මඩ ව්‍යාපාරවල නිරත වන ජාතිවාදී වෙබ් අඩවි අතර ‘ලංකා ඊ නිවුස්’ නොව ‘ලංකා චී නිවුස්’ ද එකකි. ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ එවැනි ප්‍රවෘත්තියකි. වාදයකට එම ප්‍රවෘත්තිය සත්‍ය යයි උපකල්පනය කලත් මෙවැනි සිදුවීමක් පදනම් කරගෙන ජාතියක් ආගමක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගතහැකිද? මෙය ආභාෂයට ගෙන අප රටේ සතිපතා පුවත්පත්වල ඉදිරිපත් වන මෙවැනි සිදුවීමක් ගෙන කිසිවකු අප රටේ බුදුදහම හෝ සිංහල ජාතිය පිලිබදව තීන්දු තීරණ ගන්නේ නම් එය බුද්ධිමත් ක්‍රියාවක් ලෙස බෞද්ධ ජනයා දකිනවාද? අන්තවාදී ක්‍රියාවක් ලෙස දකිනවාද? ද? අවසාන වශයෙන් ඉහත ප්‍රවෘත්තියට ආවඩමින් බොරු නම්වලින් ප්‍රතිචාර ලියන පිරිසගේ බුද්ධිමත් අවධානයට පහත වීඩියෝව ඉදිරිපත් කරමි.