Talk:කොරෝනාව ගෝලීය වසංගතයක් දක්වා ගිය ඇයි ?

From Yahamaga

මිලියන 7 ක් කොවිඩ් වලින් මැරිලා

පසුගිය 17 වැනිදායින් අවසන් වූ දින 28 කාලය තුළදී ගෝලීයව පුද්ගලයන් 850,000 ක් කොවිඩ් රෝගය වැළඳී ඇති බවත් කොවිඩ් රෝගය හේතුවෙන් පුද්ගලයන් 3000 කට ජීවිතය අහිමි වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

පසුගිය දින 28 ට සාපේක්ෂව නොවැම්බර් 20 වැනිදා සිට මෙම මස 17 වැනිදා දක්වා කාලය තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම සියයට 52 ක ඉහළ ගොස් ඇතැයි මින් පෙනීයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය.

කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට පසුගිය 17 වැනිදා දක්වා මිලියන 772 කට කොවිඩ් රෝගය වැළඳී ඇති බවත් කොවිඩ් රෝගය හේතුවෙන් අහිමි වී ඇති ජිවිත ගණන මිලියන 7 ක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.යුක්රේනයේ පමණක් මේ වන විට කොවිඩ් උප ප්‍රභේද 13 ක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය.

පසුගිය නොවැම්බර් 13 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා කාලය තුළ කොවිඩ් රෝගය වැළඳී 118,000 ක් ගෝලීයව රෝහල් ගත කර ඇති බවත් ඉන් 1600 ක් දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.ජේ.එන් 1 උප ප්‍රභේදය ඉතාමත් වේගයෙන් පැතිර යාම හේතුවෙන් අවධානය යොමු කළ යුතු ප්‍රභේදයක් ලෙස ජේ.එන් 1 උප ප්‍රභේදය වර්ගීකරණය කර ඇත.

ශීත සෘතුවත් සමඟ ජේ.එන් 1 රටවල් රැසකට දැඩි හිසරදයක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය. ජේ.එන් 1 ඇතුලුව සියලුම ප්‍රභේද සහ උප ප්‍රභේද වලින් ආරක්ෂා කිරීමට කොවිඩ් මර්දන එන්නතට තවමත් හැකියාව තිබෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

ඉන්දියාවේ ජේ.එන් 1 ව්‍යාප්තියත් සමඟ මේ වනවිට නව කොවිඩ් රෝගීන් ගණන 4000ට ළඟා වෙමින් පවතින බවත් කොවිඩ් රෝගයෙන් ඇතිවූ සංකූලතා මත මරණ 6 ක් වාර්තා වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-7-%E0%B6%9A%E0%B7%8A--%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8F/101-645057

යාපනේ රෝහලේ කොරෝනා මරණයක්

යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බවට රෝහලේ වෛද්‍යවරුන් පවසති.

යාපනය පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය අරාලි ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටින අතර උණ රෝගය වැලඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.

අධික උණ තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව මිය ගොස් ඇති අතර එම කාන්තාවගේ මරණ පරික්ෂණ වාර්ථාවෙන් අනාවරණය වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටය.


https://www.lankadeepa.lk/news/%E0%B6%BA%E0%B6%B4%E0%B6%B1-%E0%B6%BB%E0%B7%84%E0%B6%BD-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A/101-650593