Talk:ජ්‍යෝතිෂය පිලිබදව බුද්ධිමත් විමසුමක්

From Yahamaga

අවුරුදු නැකතටත් නැකත් කරුවෝ හැපපෙති

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද (2024) වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව ඉදිරිපත් කළ නැකැත් අසුබ යැයි පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය විකල්ප නැකැත් ලැයිස්තුවක් අද ඉදිරිපත් කළේය.

එම කණ්ඩායම ‘ජාතික නැකැත් කමිටුව’ ලෙස නව සංවිධානයක් ලෙස එම නව නැකත් ඉදිරිපත් කිරීම කැපී පෙනුණි.

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකැත් රටට අසුබ බවට ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අවස්ථා කිහිපයකම ප්‍රකාශ කළ අතර රාත්‍රී නැකැත් වෙනුවට පෙරවරුවේ නැකැත් ඇතුළත් කරමින් විකල්ප නැකැත් සීට්ටුවක් එම කණ්ඩායම ඉදිරිපත් කළේය.

මෙවර අලුත් අවුරුද්ද අප්‍රේල් මස 13 වැනිදා අපරභාග 9.05 ට ද, පුණ්‍ය කාලය හෙවත් සංක්‍රාන්ති කාලය අප්‍රේල් 13 වැනිදා අපරභාග 2.41 සිට 14 වැනිදා අළුයම 3.29 දක්වා පවතින බව ද එහිදී ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී ජනක මාධව නවරත්න මහතා පැවසීය.

ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීම අප්‍රේල් මස 14 වැනිදා පුර්වභාග 6.17 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා කිරීම සුදුසු බවත් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදින පූර්වභාග 7.07ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී කළ යුතු බව ද නවරත්න මහතා කීය.

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ලිප ගිනි මෙළවීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යන චාරිත්‍ර ඉටුකිරීම සඳහා නැකැත් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා රාත්‍රී 11.00 ත් අලුයම 1.00 ත් අතර කාලය තුළ යෙදී තිබේ.

කෙසේවෙතත් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් අසුබ යැයි නව නැකත් ඉදිරිපත් කළ කණ්ඩායම කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් එම නැකැත් වේලාවන් ජ්‍යෝතිර් ශාස්ත්‍රයට අනුව නිවැරදිව සකස් කර ඇති බවත් රාජ්‍ය නැකැත් කමිටුව පසුගියදා පැවසීය.

 https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B7%80%E0%B6%BB%E0%B6%AF-%E0%B6%B1%E0%B6%9A%E0%B6%AD%E0%B6%A7%E0%B6%AD-%E0%B6%B1%E0%B6%9A%E0%B6%AD-%E0%B6%9A%E0%B6%BB%E0%B7%80-%E0%B7%84%E0%B6%B4%E0%B6%B4%E0%B6%AD/101-649574

මෙදා පාර අවුරුදු නැකැත් යක්කු ගස් යන වෙලාවට

වසර ගණනාවක සිට මෙන්ම මේ වසරේද අලුත් අවුරුදු නැකැත් සම්බන්ධයෙන් ජේ‍යාතිෂවේදීන් මෙන්ම සාමාන්‍ය ජනතාව අතරද මහත් ආන්‍ෙදා්ලනාත්මක කතාබහක් ඇතිවී තිබෙනු දැකිය හැකිය. එසේ වී ඇත්තේ පහුගිය වසරවල මෙන්ම මේ වසරේද රාජ්‍ය නැකැත් කමිටුව විසින් සම්පාදනය කරන ලද අවුරුදු නැකැත්වල පවතින ‍ෙදා්ෂ තත්ත්වයන්ය.

මෙසේ අවුරුදු නැකැත් සෑදීම සම්බන්ධයෙන් කලක සිට එකම ගැටලුව දිගින් දිගටම සිදුවීම හා එම ‍ෙදා්ෂ නිවැරදි නොකර කටයුතු කිරීමද අපටද ගැටලු සහගත තත්ත්වයකි. මෙවැනි තත්ත්වයන් නිසා රටේ සාමාන්‍ය ජනතාව ජේ‍යාතිෂ නැකැත් මෙන්ම අවුරුදු චාරිත්‍ර ආදිය කෙරෙහි දෙගිඩියාවකින් කටයුතු කිරීම හා හාස්‍යජනක අයුරින් ඇතැමුන් විවේචනයන්ට උත්තර බැඳීමද කනගාටුවට කරුණකි.

පවතින මතභේද හේතුවෙන් පිරිසක් මෙම අවුරුදු නැකැත් චාරිත්‍ර සිදු නොකිරීමටද කටයුතු කරයි. මෙලෙස දිගින් දිගටම ගැටලු මතුවන ආකාරයේ නැකැත් සම්පාදනය කරන රාජ්‍ය නැකැත් කමිටුවේ සිටින්නේද ආධුනිකයන් නොව ජේ‍යාතිෂය පිළිබඳ ප්‍රවීණයන් ලෙස හඳුන්වා ගන්නා පිරිසකි. අවුරුදු නැකැත් කමිටුවේ සිටින උගත්, බුද්ධිමත් ජේ‍යාතිෂවේදීන් සියල්ල එකතු වී වසර ගණනාවක් මෙලෙස අවුරුදු නැකැත් ‍ෙදා්ෂ සහිතව

විවේචනවලට ලක්වෙන අයුරින් සකස් කිරීම පුදුමසහගතය. නැකැත් කමිටුවේ සිටින ජේ‍යාතිෂවේදීන් මෙලෙස ගැටලු සහගත නැකැත් සම්පාදනයට හේතුසාධක වන කරුණ ලෙස රවි ග්‍රහයා මීන රාශියේ සිට මේශ රාශියට පැමිණීමට පෙර පැය 06 මිනිත්තු 24ක කාලය නැකැත් කටයුතු සඳහා අසුබ ලෙසත් රවි ග්‍රහයා මේෂ රාශියට පැමිණ ගතකරන පැය 6යි මිනිත්තු 24ක කාලය තුළ නැකැත් ලබාදීම සුබ ලෙසත් ගැනෙන සිද්ධාන්ත මත කටයුතු කරමින් අවුරුදු නැකැත් සැකැසීම බව වැටහේ.

නමුත් අවුරුදු උදාව මධ්‍යම රාත්‍රිය අසන්න කාලයක සිදුවන අවස්ථාවන්හිදී එම සිද්ධාන්තයෙන් බැහැරව නැකැත් නිර්මාණය කළ හැකිය. එය මෙම ජේ‍යාතිෂවේදීන් නොදන්නවා විය නොහැකිය. එමෙන්ම 1997 වර්ෂයේ අවුරුදු නැකැත් පත්‍රයේ එලෙස නැකැත් සකස් කර දී ඇත.

අවුරුදු නැකැත් ලෙස සඳහන් වන්නේ රටක් වශයෙන් එකතුව යම් කාලයක් තුළ සිදුකරන චාරිත්‍රයක් මිස සර්ව සම්පූර්ණයෙන් සුබ මුහුර්තයක් අලළා සාදන සුබ මුහුර්තයක් නොවේ. එම නිසා වඩා සුදුසු වන්නේ එදින එම චාරිත්‍ර සිදුකිරීම සඳහා උචිත හා ප්‍රායෝගික කාලවේලාවල් නිර්ණය කර එම කාලවේලාවට ගන්න පුළුවන් ‍ෙදා්ෂ අවම සුබ මුහුර්තයක් සකස් කිරීමය.

එහෙත් මෙවරද අවුරුදු නැකැත් පත්‍රය දෙස බැලුවම එසේ කටයුතු කිරීමක් දැකගැනීමට නොමැතිය. අවුරුදු නැකැත් කමිටුවේ සිටින ප්‍රවීණ ජේ‍යාතිෂවේදීන් මහත්ම මහත්මීන් මතුවටවත් තම පෞද්ගලික හෝ වෙනයම් අරමුණු හේතුකොට නොගෙන රටේ ජනතාව ගැන සිතා රටට මෙන්ම ජනතාවගේද සුබසිද්ධිය උදෙසා ඊට උචිත ආකාරයේ ‍ෙදා්ෂ අවම අවුරුදු චාරිත්‍ර සඳහා සුබ මුහුර්ත ලබා දීම සිදුකළ යුතුය. එසේ නොමැති නම් රටේ ජනතාව නැකැත් කමිටුව කෙරෙහි පවතින විශ්වාසය නැතිව ගොස් අවුරුදු චාරිත්‍රවලින් බැහැර වීම වැළැක්විය නොහැකි විය හැකිය.

https://mawbima.lk/2024/03/02/%E0%B6%B8%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%B1%E0%B7%90%E0%B6%9A%E0%B7%90%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BA-6/

යක්කු ගස් නගින වෙලාවට අලුත් අවුරුදු නැකත් හැදිල්ල බරපතලයි.

මෙවර අලුත් අවුරුදු නැකැත් සකස් කිරීමේදී බරපතල වරදක් සිදුව ඇති බව ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සාමාජික පාරම්පරික ශාස්ත්‍රඥ රෝෂාන් චානක තිසේරා කියා සිටියේ රාජ්‍ය නැකැත් කමිටුවෙන් මෙවර ලිප ගිනි මෙළවීම සඳහා දී ඇති නැකතෙහි ගැටලු සහගත තත්වයක් පවතින බවයි.

මේ තුළ කුමන්ත්‍රණයක් පවතින බවද ඔහු සඳහන් කළා.

එසේම අවුරුදු නැකත් රාත්‍රි කාලයට යොදාගැනීම තුළින් එම නැකැත් පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබාදිය නොහැකි තත්වයක් උද්ගතවන බවයි ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංවිධානයේ සාමාජික පාරම්පරික ශාස්ත්‍රඥ රෝෂාන් චානක තිසේරා වැඩිදුරටත් කියා සිටියේ.

https://youtu.be/F4NyopSqOUs

https://sinhala.asianmirror.lk/news/local/new-year-7/

අලුත් අවුරුදු නැකැත් සීට්ටු අර්බුදය විසදෙයි

අප්‍රේල් 03 , කොළඹ (LNW): අලුත් අවුරුදු නැකැත් සීට්ටුව රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කර ඇති අතර, එය සියළුදෙනාට පිළිගැනීමට සිදුවන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.

ලේකම්වරයා සඳහන් කළේ, එම නැකැත්වල ප්‍රායෝගික බව හා වෙනත් කරුණු පිළිබඳව විවිධ අදහස් පළව ඇති නමුත් මේ අවස්ථාවේදී අවුරුදු නැකැත් වෙනස් කිරීමට නොහැකි බවයි.

2025 වසරේදී අවුරුදු නැකැත් සෑදීමේදී සියලු පාර්ශ්වවල අදහස් ලබා ගන්නා බව පැවසූ ඒ මහතා මෙවර අවුරුදු නැකැත්වලට විරෝධය පළකරන පාර්ශ්වලටද එහිදී අදහස් ලබා දිය හැකි බව ප්‍රකාශ කළේ ය.

https://sinhala.lankanewsweb.net/04/03/105327/


2024 අවුරුදු නැකැත් සීට්ටු

රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන ලද නැකත් සීට්ටු­වට අනුව සිංහල හා දෙමළ අලුත් අවු­රුදු නැකත් චාරිත්‍ර ඉටු කරන ලෙස බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටිනවා.

2024 වර්ෂය සඳහා වන නැකත් සීට්ටුව සහ එය සකස් කිරීම සඳහා ප්‍රවීණ ජ්‍යෙතී­ර්වේ­දීන් 22 දෙන­කු­ගෙන් සම­න්විත කමි­ටු­වක් දායක වී ඇතැයි සදහන් වනවා.

එම නැකැත් සීට්ටුව පහතින්,

  • නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 10 වන සිකුරාදා දින ද, නව සඳ බැලීම මැනවි.

  • පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

  •  අලුත් අවුරුදු උදව

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපරභාග 09.05 ට සිංහල අලුත් අවුරුද්ද උදාවවනවා.

  •  පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 2.41 සිට 14 වන ඉරිදා අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 2.41 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍යකාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 9.05 සිට 14 වන ඉරිදා අලුයම 3.29 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදි නැකත් චාරිත්‍ර විධී ඉටුකිරීම සිදු කරනු ලබනවා.

  •  ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 11.06 ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි.

  •  වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.06 ට හෙවත් අප්‍රේල් 14 ඉරිදාට එළිවන පාන්දර 00.06 ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

  •  හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15 වන සදුදා පූර්වභාග 10.17 ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

  •  රැකිරක්‍ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වන බදාදා පූර්වභාග 6.52 ට කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

  •  පැළ සිටුවීම

අප්‍රේල් මස 18 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.

https://www.news19.lk/here-is-the-auspicious-ticket-for-the-year-2024/