Talk:ධර්ම ද්වීපයේ ඉරණම – 2

From Yahamaga
  • මෙම ලිපිය 2012-02-14 දින යහමග අඩවිය හි පලකල ලිපියකි. ඒම ලිපියට ලැබුණු ප්‍රතිචාර පහතින් පෙලගසා ඇත.

ලොක්කා says: 2012-02-14 at 09:16 Edit ටෙර්රි ජෝන් දැන් ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයෙක්ලු(සල්ලි හම්බ කරන්නද දන්නේ නැහැ ),ධර්ම ද්වීපයේ ඉරණමේ කට්ටියත් ලගදීම ලංකාවේ ජනාධිපතිවරණයට තරග කරයි වගේ


Dammika says: 2012-02-16 at 01:38 Edit http:???(සමාවන්න මෙම අදහස් දැක්වීම් තුල වෙබ් ලිපිනයන් පලකරන්නේ නැත)??? මම නම් හිතන්නේ මුස්ලිම් අයගෙ පැත්තෙනුත් මේවට වගකියන්ඩ ඕනේ. ඔවුන් ඉවක් බවක් නැතිව දරුවන් හැදීම නිසා පාරම්පරික නිජබිම් හිමි ජාතීන් භීතියට පත් වෙලා තියෙනවා. මේකට ඒ අය කියන්නෙ ජන ගහන ජිහාඩය කියලා. මෙය පල්ලියේ ලෙබ්බේලා දැනුවත්ව කරන දෙයක්. ලෝක ජන ගහනය බිලියන 7 ඉක්මවලා ඇති මොහොතක සම්පත් පිලිබද දැවැන්ත අර්බුදයක් ඇති මොහොතක, මුස්ලිම් ප්‍රජාව ඉවක් බවක් නැතිව තිරස්චීන ලෙස දරුවන් හැදීම නැවත් විය යුතුයි. මෙය අද ඇමරිකාව ප්‍රමුක යුරෝපීය ප්‍රජාවට ඇති මහත් හිසරදයක්. සිංහල මිනිසුන් පවා මේ ජනගහන ජිහාඩයට බිය වී ඇති තරම මනාව පෙනේ. ඔබලා කොතරම් දරුවන් හැදුවත් ලොව සම්පත් ඊට සමානව වැඩිවීමක් නැත​. මේ බව තේරුම් ගෙන උපරිම 3ක් ලෙසවත් ඔබලාගේ දරුවන් හැදීම සීමා කිරීම අද දවසේ මේ ලෝකයට කරන මහගු සේවයකි. නොඑසේනම් මෙවැනි ප්‍රහාර ඔබලාට එරෙහිව ඉදිරියටත් සිදුවනු වැලක්විය නොහැක. අතීත බෞද්ධ රාජ්‍යන්ව පැවති ඇෆ්ගනිස්ථාන​, පකිස්ථාන​, බංග්ලාදේශ් අත්දැකීම් දන්නා වර්ථමාන ලාංකීය සිංහලයන් මේ ආක්‍රමණික (කඩුවෙන්,ජනගහන් ජිහාඩයෙන්) ප්‍රහාරයෙන් භීතියෙන් ඇලලී ගොස් ඇති බව මධ්‍ය්ස්ත ලෙස මේ දෙස බැලීමේදී පෙනී යයි. අඩුම වශයෙන් උපරිම දරුවන් හැදීම වත් පාලනකට ඒම ඔබලා ගේ පැත්තෙන් කල යුතුම දෙයකි. අනෙක් ජාතීන්ට දරුවන් හැදීමට බැරි එකට බැරි එකට අපි පලිද කියා තමන් ගේ වරද සාධාරණිය කරගැනීම අනාගත සම්පත් අර්බුදයේදී මෙයට වඩා ඔබලාට එරෙහිව නැගී සිටීමකට අත වැනීමකි. ඒ අතරම ඔබලාගේ ආගමේ මෑත කාලයේ සිට අන්තවාදීව නැගී සිටීම මේ සමාජයේ පැහැදිලිවම දැක ගත හැකිය​. පෙරදා විවිද වර්නයෙන් යුතු පර්දාවෙන් සැරසී ගිය මුස්ලිම් යුවැතියන්, පුරුෂ බලහත්කාරය නිසා සියොලගම වැහෙන ලෙස, පොඩි ලමයින් පවා භීතියෙන් ඇලෙන හිජාබයට මාරුවී ඇත​. ඉස්සර මේ තරම් අන්තවාදයක් ඔබලා තුල අපි දැක්කේ නෑ. අද යන්තම් තරුණ විය එලබි ගමන් ඔබලාගේ මුස්ලිම් තරුණයින් ගෝත්‍රිකයන් ලෙසා ඉතා අප්‍රසන්න, පෙරේතයන් ලෙස රැවුල් වවාගෙන ගවුමක් වැනි ඇදුමක් ඇගලා පාරේ ගමන් කිරීම ඉතාම පිලිකුලකි. ඉස්සර ඔය තරම් අන්තවාදයක් අපි ඔබලා තුලින් නොදැක්කෙමු. නමුත් මෑතක සිට මේ ප්‍රවනතාවය දැඩිවී ඇත​. ඉතින් ජනගහන ජිහාඩය​, සංස්ක්‍රුතික ජිහාඩය ආක්‍රමනය වැනි හේතුන් නිසා ප්‍රදාන ජාතිය ඔබලා කෙරේ වපර ඇහෙන් බැලීමට පටන් ගෙන ඇත​. මම පැහැදිලිවම කියනවා ඉස්සර ඔය තරම් අන්තවාදයක් ඔබලාතුල තිබ්බේ නෑ. මේ මෑතක ඉදන් තමා ඔබලා තලේබාන් පන්නයේ අන්තවාදී, මූලධර්ම වාදයකට තල්ලුවී ඇත්තේ. ඔබලාගේ පැත්තෙන් මෙයට දෙන උත්තර මොනවාද​? අඩුම තරමේ ජන ගහනයවත් පාලනය කිරීමක් කල යුතුවම ඇත​.


Abuarshed says: 2012-02-16 at 19:04 Edit දම්මික සහෝදරයාගේ අදහස් දැක්වීම තුල එකඟවිය නොහැකි කරුණූ කිහිපයක් ම ඇත. විශේෂයෙන් ‘ඉවත් බවත් නැතුව දරුවන් හදන‘ යන චෝදනාව හාස්‍ය ජනක චෝදනාවක් මම ඔබට ආරාධනා කරනවා අහඹූලෙස පවුල් 100 ක් ගෙන මේ පිලිබදව අනිකුත් සමාජය සමඟ සංසන්ධනාත්මක විමසා බලන්න. ඔබ මේ තර්ක ඉදිරිපත් කරන්නේ ඉස්ලාම් විරෝධී වෙබ් අඩවිවලින් උපුටාගත් කරුණූ පදනම් කරගෙනය. ඔබ තරමක් මධ්‍යස්ථව හිතන සහෝදරයෙක් මෙම කාරණයේදීත් පක්ෂපාතී නොවී විමසා බලන්න. හැබැයි මෙම කාරණය සම්බන්ධයෙන් ‘යහමඟ‘ ස්ථාවරය නම් ළමයි වැඩිපුර හැදීමේ වරදක් නොමැත යන්නයි. ළමයි යනු රටට සම්පතක් දිර්ඝ කාලීන ආයෝජනයක් නමුත් ඒ සම්පත ජාතිවාදී කණ්ණාඩි තුලින් බැලීම තමා මෙහි ඇති ගැටළුව (මේ පිලිබදව යහමඟ දීර්ඝ වශයෙන් ඉදිරියේ දී කථා කිරීමට අදහස් කරමි. එසේ නැතුව ඔබ පවසනවා සේ වර්ථමාන ලෝක ජනගහනයත් සම්පත් ප්‍රමාණයත් පිලිබදව කථා කිරීම අනවබෝධයකි. මෙම කාරණය මීටවඩා බුද්ධිමත් ලෙස විමසා බලන්න. අනික් කාරණය ඔබ වෙබ් අඩවියක පලවූ ලිපියක් ගෙනහැර දක්වමින් කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමට උත්සාහ කරන බවක් පෙනුනා ඔබ ඉදිරිපත් කල එම ලිපිය කොතරම් අන්තවාදී ලිපියක්ද? යන්න ඔබට ඇයි අවබෝධ නොවන්නේ. කිසියම් පවුල් ඒකකයක සිදුවුනා යයි පැවසෙන සිදුවීමක් පදනම් කරගෙන සමස්ථ මුස්ලීම් සමාජයටම එරෙහිව මතවාදයන් නිර්මාණය කරන්නට හදන එම පිරිසට එම පිරිස පූර්වාදර්ශයට ගෙන එවැනි නොව ඊටත් වඩා දරුණූ සිදුවීමන් සිංහල ජාතියට එරෙහිව ඉදරිපත් කිරීමට නොහැකි යයි සිතනවාද? නමුත් ඒවා පහත් වැඩ කිසියම් සිද්ධියකට ජාතිවාදී හෝ ආගම්වාදී මුහුණූවර ලබාදී සැබෑ ප්‍රවෘත්ති අනාවර්ණයක් නොවේ. මීලඟට ඔබ මුස්ලීම්වරුන් අදින ඇදුම් විලාසය පිලිබදව කථා කොට ඇත. එහිදී ද පලමුවෙන් කිවයුතු මීට පෙරම යහමඟ අවධාරණය කල කාරණයක් ඇත. ඒ වර්ථමාන ශ්‍රී ලංකාව තුල මුස්ලීම්වරුන් භාවිතා කරන ඇදුම් ඉස්ලාම් අවධාරණය කරන ඇදුමක් නොවන බවයි. ඉස්ලාම් විලාසිතාවක් හදුන්වා දී නැත ඇදුමක් තුලින් සැපිරිය යුතු අවශ්‍යතාවයන් පවසා ඇත. එම අවශ්‍යතාවය සපුරාලන ආකාරයේ ඕනෑම ඇදුම් විලාසිතාවක් තෝරාගැනීමේ වරදක් නැත. අනික් කාරණය නම් සැමෝටම එකඟ වියහැකි ඇදුම් විලාසිතාවක් ලෝකේ කොහේවත් නැත. මුස්ලීම්වරුන් අදින ඇදුම් සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය තුලත් සංවාද තිබෙනවා, මුස්ලීම් නොවන සමාජය අදින ඇදුම් සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය තුල ප්‍රබල විවේචන තිබෙනවා. නමුත් ඒ පිලිබදව කථා කලහැක්කේ සීමාවක් තුල හිද පමණි. මුස්ලීම් සමාජය මෙම කාරණය සම්බන්ධයෙන් අනිකුත් සමාජයන්ට ඇඟිලි දිගු නොකිරීම තුල ඔවුන්ට ඔබ වැනිම විවේචන නැතැයි සිතීම අනවබෝධයක් මීලඟට ඔබ පවසන කාරණය තරමක් දුරකට මා පිලිගන්නවා ඒ ‘ඉස්සර ඔය තරම් අන්තවාදයක් ඔබ තුල තිබ්බේ නෑ‘ යන්නයි. මෙම කාරණය විමසා බැලිය යුත්තේ ඒකපාක්ශිකව නොව මධ්‍යස්ථව හිඳය. අද අන්තර්ජාලය තුල හා ජනමාධ්‍යයන් හැසිරෙන ආකාරය මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න. ඒ තුල මුස්ලීම් සමාජයට කොතරම් නම් පහර ගහනවාද? (මේ පිලිබදව දිර්ඝ ලෙස මෙම අඩවිය තුල ලිපි කිහිපයකින්ම කථා කොට ඇත) මුස්ලීම් සමාජයේ මූලික විශ්වාසයන්, අයිතීන් කොතරම් අපහසයට හා විවේචනයන්ට ලක්කරනවාද? ඔබ ඉදිරිපත් කරන වෙබ් අඩවියත් එයට හොද නිදසුනක් මෙවැනි වෙබ් අඩවි අද සියගණනින් ශ්‍රී ලංකාව තුල අද වනවිට ක්‍රියාත්මකයි. මුස්ලීම්වරුන් පවත්වාගෙන යන එකදු වෙබ් අඩවියක් ඔබට පවසන්න පුළුවන්ද? මා අභියෝග කරනවා පුළුවන්නම් හේතු සහිතව එවැනි එක් අඩවියක් නම් කරන්න. මෙවැනි අන්තවාදී හා ජාතිවාදී ක්‍රියාදාමයන් තුල මුස්ලීම් සමාජය නිහඩව හා කිසිවක් නොවූ ගානට සිටිය යුතු යයි කවුරුන් හෝ සිතන්නේ නම් එය මනුෂ්‍යයන් ලෙස පාලනය කල නොහැක්කක් මෙය හරියට ‘නිදා උන්නු දරුවා අඬවා ඔන්න අඬනවා‘ යයි පැවසුවා සේ නොවේද?. අවසාන වශයෙන් කිවයුතුව ඇත්තේ මුස්ලීම් සමාජය 100% නිවරුදි සිංහල සමාජය 100% වැරදි යයි මා කිසිවිටෙක නොපවසමි. එලෙස පවසන්නේ නම් එයත් තවත් අන්තවාදී හා ජාතිවාදී ප්‍රකාශයක් පමණි. මෙම විෂය සාපේක්ෂ ලෙස තමා බැලිය යුත්තේ එසේ සාපේකෂව බැලීමේ දී තීන්දු තීරණ ගැනීම අපහසු නොවේ. කෙසේ වෙතත් මෙම තත්වයෙන් අපේ රට මුදවැ ගැනීමට නම් මේ සියළු පාර්ශවයන් තම තමන්ගේ අඩුපාඩු දකිමින් ඒවා නිවරුදි කරමින් ඉදිරියට හඬත් නැගිය යුතුයි. එසේ නොමැතිව ඔවුන් කරන ඕනෑම පහත් ක්‍රියාවක් ආවඩන්නේ නම් එහි ප්‍රතිපලය ඉතා අවාසනාවන්ත තැනකට රට ගෙනයනු ඇත යන්න පමණක් පැවසිය හැක. …බුද්ධිමත් ලෙස විමසා බල්නන…


mohamed says: 2012-02-18 at 03:13 Edit ධම්මික මහත්මයා මෙහි පවසනාකරයට ‘සම්පත් අර්බුදය’ යනු අප මත බලෙන් පටවපු දෙයකි. අදින් පරම්පරා දෙකක් හෝ තුනක් පසු පසට ගොස් බැලුවේ නම් සිංහල සමාජයේද දරුවන් බහුලව හැදීම සාමාන්‍යයෙන් දක්නට ලැබිය හැකි වු දෙයකි. එනමුත් මේ හැම දෙයක්ම වෙනස් වුයේ විවෘත ආර්ථිකයේ ආගමනයත් සමගය. අපගේ සංස්කෘතීන්, සම්ප්‍රදායන් හැම දෙයක්ම ‘ධනවාදයට’ පූජා කලේ අපී නොදැනුවත්මය. තවද ඒ මහතා මෙහිදී ඇමරිකාව ප්‍රමුඛ යුරොපීය ප්‍රජාවට ජනගහනය අධීක වීම හිසරදයක් සේ පවසා ඇත. එය එසේ නම් වසරින් වසර ලක්ෂ ගනනින් ග්‍රීන් කාඩ් වැනි කාඩ් නිකුත් කරනුයේ කුමක් නිසාද? ජනගහනය වැඩිවීම, රටක සංවර්ධනයට රුකුලක් වනු මිස බාධාවක් නොවේ. චීනය හා ඉන්දියාව මෙයට හොඳම නිදසුන් දෙකකි. බාධාවක් වනුයේ එය නිසි පරිදි කළමණාකරනය කල නොහැකි වූ විටදී පමනි. ඉස්ලාමය අවධාරනය කරන්නේද මෙයය්. නමුත් අවාසනාවට අප සමාජයේ පවතින නුගත්කම මෙයට බාධකයක් වී ඇත.


NAMBADAL says: 2012-06-01 at 19:15 Edit මොහොමඩ් සහෝදරයා, මුස්ලිමානුවන් සාධාරණය යනුවෙන් අදහස් කරන්නෙ තමන්ට ලැබෙන ලාභයයි. මෙම වෙබ් පිටුවත් ලංකාව අල්ලා ගැනීමට දරන උත්සාහයේම කොටසක් බවයි මට හැඟෙන්නෙ. ඔබ අවංක නම් මට කියන්න පොතුවිල් අවට මුහුදු මහා විහාරය, කුරගල වගේ ඉතිහාසගත බෞද්ධ ස්ථාන බලෙන් අල්ලා ගෙන ඒවාට මුස්ලිම් මුහුනුවරක් දීම හරිද?ඉතිහාසයේ අවුරුදු 400 කටත් පෙර සිට මෙහි පදිංචි දෙමළ අයවත් මෙහෙම කරන්නෙ නෑ.


Abuarshed says: 2012-06-07 at 08:08 Edit ඔය සහෝදරයාගේ ආවේගය මට තේරුම් ගන්න පුවවන්. මෙම වෙබ් අඩවිය සම්බන්ධයෙන් ඔබ දරණ මතය වැරදි බව මුලින්ම සදහන් කලයුතුයි. මෙම අඩවිය තුල ඇති ලිපි හොදින් විශ්ලේෂණය කලේනම් එය ඔබට පැහැදිලි වනු ඇත. ඊලඟට ඔය සහෝදරයා ‘…පොතුවිල් අවට මුහුදු මහා විහාරය, කුරගල…‘ සම්බන්ධයෙන් විමසන පැනය සරල කාරණයකි. එනම් එය සැබැවින්ම ඉතිහාසගත බෞද්ධ ස්ථාන නම් එසේත් නැත්නම් එය බෞද්ධ ප්‍රජාවගේ උරුමයන් නම් එවැනි තැන් මුස්ලීම්වරුන් ආක්‍රමණය කර ඇත්නම් එය සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක් වන අතර ඉස්ලාම් දහමට අනුවද එය වරදකි (පාපයකි). මෙහිදී සදහන් කලයුතු වැදගත් කාරනයක් ඇත. එනම් මෙවැනි අවස්ථාවලදී වෙබ් අඩවි තුලින් හෝ වෙනත් අන්තවාදී ක්‍රියාමාර්ගයන් හෝ කැලෑපත්තර වැනි පහත් ක්‍රමවේදයන්ට යොමු නොවී කලයුතු වන්නේ රටේ නීතිය හමුවට එම ප්‍රශ්න ගෙන ඒම හෝ වගකිවයුතු පිරිස් හමුවට එම ගැටළුව යොමු කොට සාමකාමී විසදුමක් ලබාගැනීමයි. මෙවැනි ක්‍රියාවක මුස්ලීම්වරුන් නිරත වී ඇත්නම් එය ‘යහමඟ‘ කිසිසේත් අනුමත කරන්නේ නැත.එපමණක් නොව එවැනි පිරිසට එරෙහිව හඩක් නැඟීමට පසුබට වන්නේත් නැත. මොකද ‘යහමඟ‘ පෙනීසිටින්නේ මුස්ලීම් සමාජය වෙනුවෙන් නොව ඉස්ලාම් දහම වෙනුවෙන් පමණක් වන නිසාය.


NAMBADAL says: 2012-06-01 at 19:44 Edit අබූ, ඔයා මොකද කුරගල, මුහුදු මහා විහාරය වගෙ තැන් ගැන කියන්නෙ? මේ වෙබ් අඩවිය පවත්වාගෙන කාගේ උවමනාවට දැයි ඔබ නොදැන සිටිය නොහැක. මුස්ලිම් සාධාරණත්වය ඔප්පු කරන්න හොඳ අවස්ථාවක්. අවංක උත්තරයක් දෙන්න බලන්න. ධම්මික 200% ක් හරි. චීනයට ජන්ගහනය වැඩි නිසයි “පවුලකට එකම දරුවෙක් පමණක් නීතිය අනිවාර්ය කර තිබෙන්නෙ. දෑනට අවුරුදු 20 කට පෙර ලංකාවේ මුස්ලිමානුවන්ට නොතිබූ මේ අලුත් ඇඳුම් (අරාබියට පමණක් ගෑලපෙන )විලාසිතා වලින් උත්සාහ දරන්නෙ තමන්ටම වෙනම (මුස්ලිම්) අනන්‍යතාවයක් ලබා ගැනීමයි. මීට අවුරුදු 20 කට පෙර සිංහල දෙමළ මිනිසුන් අඳින පලඳින විදියට ම ඇඳුම් ඇන්ද ඔබලා මේ වෙනසක් ඇතිකරගන්න උත්සාහ කරන්නෙ ඇයි? මම ඉගෙනගත්තෙ මුස්ලිම් ළමයි එක්ක අදත් එ අය මගේ යාලුවො. ඉස්සර එ ගෙවල් වලට අපි ගිහින් අපේම ගෙවල් වල වගේ හැසිරෙනවා. දැන් ඒවා අනික් පැත්ත හැරිලා. එයින් අසමගිය ඇතිවෙනව. ඔබල මේයිට වඩා නුවණින් කටයුතු කල යුතු බවඉ මගේ හැඟීම.


Abuarshed says: 2012-07-30 at 20:49 Edit තරමක් ප්‍රමාද වී මෙම අදහසට ප්‍රතිචාර දැක්වීම පිලිබදව මා ප්‍රථමයෙන් කණගාටුව ප්‍රකාශ කරනවා, මගෙන් විමසන ප්‍රථම පැනය කුරගල හා මුහුදු විහාරය සම්බන්ධවයි. ඇත්තෙන්ම මේ විෂය පිලිබදව මා මේ දක්වා අධ්‍යනයක් කොට නැහැ.එයට හේතුව මෙම විෂය බොහෝ පිරිස් ගැඹූරින් කථා කලනිසා එම විෂයට මා ද වැඩි අවධානයක් ලබාදීම අනව්‍ශ්‍ය යයි සිතූ නිසාය. නමුත් එක් කාරණයක් පැහැදිලිව කිව හැක. එනම් මෙම කුරගල හෝ මුහුදු විහාරය සිංහල ජනතාවගේ උරුමයන් නම් එය කවුරුන් අත්පත් කරගත්තත් වැරදි යන්නත් මුස්ලීම්වරයෙකු එය සිදු කොට ඇත්නම් එය ඉස්ලාම් අනුමත නොකරනවා යන්නත්ය. මීලඟට මතු කරන ‘රටේ ජනගහනය’ සම්බන්ධ පැනයට කිව යුත්තේ මෙය ඉතා බොලද තර්කයන් යන්න පමණී. රටක ජනගහන වර්ධනය නිසි ලෙස කළමණාකරණය කලේනම් එය රටක සම්පතක් මිස ගැටළුවන් නොවේ. මෙහිදී චීනය පූර්වාදර්යක් නොවේ. වර්ථමන අප රටේ ජනගහන වර්ධනය උනන්දු කරවන ආකාරයේ නීතිරීති පවා සකස් වී ඇති ආකාරය බුද්ධීමත් ලෙස විමසා බලන්න. මෙහිදී ගැටළු වී තිබෙන්නේ මුස්ලීම් ජනගහනය වර්ධනය වෙද්දී සිංහල ජනගහනය වර්ධනය ‍ෙනාවීමයි. මෙයට හේතුව බුද්ධිමත් ලෙස විමසා බලන්න රටේ ආර්ථිකය ගැන හිතලාද මේ ආය උපත් පාලනය කරලා තියෙන්නේ කියලා. අනික මේ මුස්ලීම් ජනගහන වර්ධනය වැඩි යන ජාතිවාදී පිලිලය සමාජය තුල වැපිරෑ පිරිස් අතර අනගාරික ධර්මපාල හා සොම හිමි ප්‍රධාන තැනක් ගන්නවා. එම පිරිස් ‘සිංහලයනි ළමයි හදන්න එපා’ යයි කිව්වේ නැහැ ‘නුඹලාත් දහපන්ලා’ යනුවෙන් තමා කිව්වේ. එම නිසා මුස්ලීම් ජනතා වර්ධනය ‘රටේ ජනගහන වර්ධනය’ ගැටළුවක් යයි ඊනියා මතවාදයක් ගොඩනැගීම ජාතිවාදී මතවාදයක් පමණී. (මේ පිලිබදව දීර්ඝ ලෙස ලඟදීම කථා කිරීමට අදහස් කරමි) මීලඟට මුස්ලීම්වරුන‍්ගේ ඇදුම් විලාසය පිලිබදව තර්කයක් මතුකරයි. මෙහිදී ඔබ පවසන කාරණය ‘විලාසිතාවක්’ නම් එය ඕනෑම අවස්ථාවක වෙනස්කරගත හැක නමුත් ඉස්ලාම් දහමින් පනවා ඇති කොන්දේසිවලට යටත්ව කෙනෙකු ඇදුම් අදින්නේ නම් එය වෙනස් කල නොහැක. අනික් කාරණය මුස්ලීම්වරුන් අදින විලාසය මඟින් අනිකුත් සමාජයට ඇති බලපෑම කුමක්ද? මෑත කාලයේ අප රටේ බොහෝ කාන්තා හිංසනයන්ට හා දූෂණයන්ට හේතුව මේ ඇදුම් විලාසය යන්න පුළුල්ව කථා කරයි. එසේ තිබිය දී මුස්ලීම්වරුන් අදින ඇදුම් විලාසය අනිකුත් පිරිස් මෙන් වෙනස් කරගන්න යනුවෙන් පැවසීම බුද්ධිමත් තර්කයක් ද?. මෙහි හාස්‍ය ජනකම කාරණය වන්නේ ඇරගෙන ඉන්නා අයගැන නොව වසා සිටින අය ගැන වදවීමයි. අනික් කාරණය අරාබියට පමණක් ගැලපෙන විලාසිතා යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? යන්න මට නොතේරේ. ඔබට හැකි නම් ශ්‍රී ලංකාවට පමණක් ගැලපෙන විලාසිතාවක් පිලිබදව මට අදහසක් දෙන්න. මීළඟට ඔබ පවසනවා මෙවැනි ඇදුම් විලාසය නිසා ජාතීන් අතර අසමඟියක් ඇති වෙලා කියා මෙය සම්පූර්ණයෙන් වැරදි අදහසක්. අසමගිය ඇති වෙලා තියෙන්නේ අද ජාතිවාදී ආගම්වාදී හෝ අන්තවාදී ලෙස මෙම කාරණයන් දෙස බැලීම නිසා මිස ඇදුම් විලාසය වෙනස් වූ නිසා නොවේ. අතීතයේ ජාතීන් අතර පැවති සමඟිය, අප රටේ මෑතක බිහිවූ ජාතිවාදී හා ආගම්වාදී කල්ලි විසින් විනාශ කොට එකින් එකා අතර වියරුවක් අද නිර්මාණය කරලා. මේ නිසා අද අපට එකින් එකාගේ ආගමික මතවාද ගරු කරමින් ජීවත්වීමට තරම් විවෘත මනසක් නැති වෙලා


යථාර්තය says: 2013-01-12 at 16:43 Edit @ abuarshed අබූ අර්ශද් හැකි නම් කූරගල මුහුදු මහා විහාරය මෙන්ම අකුරණ ටවුන් 1 තුළද ඇති වී ඇති වාතාවරණය ගැන සොයා බලා ඊට ඔබේ දහම තුලින් කල හැකි දෙයක් පිළිබ‍ඳව පිළිතුරක් බලාෙපාෙරෙත්තු ෙවමි


Abuarshed says: 2013-01-13 at 20:07 Edit එම ස්ථානය පිලිබදව හෝ එහි ඉතිහාසය පිලිබදව මට අවබෝධයක් නැත. නමුත් පැහැදිලිව කිවහැකි කාරණයක් නම් කුරගල යන්න ඉස්ලාමීය උරුමයක් හෝ පූජනීය ස්ථානයක් නොවේ. එහි මුස්ලීම්වරුන්ගේ අයිතීන් තිබෙනවාද? යන්න මා නොදනිමි. එය මගේ විෂය පථයට ද අදාල නොවේ. ඉස්ලාමීය ස්ථාවරය පවසනවා නම් අන්‍ය ආගමික සිද්ධස්ථානයක් විනාශ කිරීමට හෝ එයට අපහස කිරීමට ඉස්ලාම් දහම තුල අයිතියක් නැත.