ධර්ම ද්වීපයේ ඉරණම – 2

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉහත මාතෘකාව දකින යහමග පාඨක ඔබලා අතුරින් බොහෝ දෙනෙකු හ‍ට එම මාතෘකාව සම්බන්ධයෙන් ගැටළු රාශියක් ඇති වීමට පුළුවන. මෙවැනි මාතෘකාවන් මෙම අඩවිය තුල ලිපියකට යෙදීම පිලිබදව යහමග ට ද එකඟතාවයක් නැත. ඒ පිලිබදව මීට ඉහත අන්තවාදී නොවී බුද්ධිමත් විමසුමට යන ලිපිය තුලින් ද මෙම අඩවිය තුල කරුණූ පැහැදිලි කොට ඇත. නමුත් මේ මොහොතේ මෙම ලිපිය සදහා මීට වඩා සුදුසු මාතෘකාව යෙදීමට නොහැකි තරම් එය අනිවාර්‍ය මාතෘකාව වී ඇත. මන්දයත් මෑත කාලයක පටන් බ්ලොග් අවකාශය තුල නවතම ආකාරයේ ජාතිවාදී කල්ලි රාශියක් බිහිව ඇති අතර ඒ අතුරින් එක් කල්ලියක් වන්නේ “ධර්ම ද්වීපයේ ඉරණම” නම් බෝඩ් ලෑල්ල යොදාගත් ජාතිවාදී වියරු වැටුණූ කල්ලියයි. ඔවුන්, තමන් හෙළයන්, බෞද්ධ අයිතීන් හා බුදුදහම වෙනුවෙන් පෙනීසිටින බව පවසා ගන්නා කල්ලියකි. මෙලෙස බෞද්ධයා වෙනුවෙන් පෙනීසිටිනා බව පවසාගන්නා මොවුන්ගේ සැබෑ න්‍යායපත්‍රය කුමක්ද? යන්න ඔවුන්ගේ ලිපි හා ක්‍රියාකාරකම් හොදින් අධ්‍යනය කරන සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකු හට අවබෝධ කරගැනීම අපහසු කාර්‍යයක් නොවේ.

“..ඔවුන් උඬඟුකමින් භූමියෙහි නපුරු ක්‍රියාවන් කිරීමට කුමන්ත්‍රණ කළෝය. නපුරු කුමන්ත්‍රණ එම කුමන්ත්‍රණකරුවන් මිස වෙන කිසිවකු වටකර ගන්නේ නැත… ”

ශුද්ධ වු කුර්ආනය 35-43

“ඉස්ලාම් දහමත් මුස්ලීම් සමාජයත් කෙසේ හෝ විවේචනය කලයුතුයි, ශ්‍රී ලාංකාව තුල වෙසෙන එම ජන කොට්ඨාශයට එරෙහිව මේ රට තුල සමාජ මතවාදයක් ගොඩනැඟිය යුතුයි” යන්න එකම තේමාව කරගෙන ක්‍රියාකරන ඔවුන්ගේ වියරු වැටුනු අන්තවාදීත්වයට නිදසුන් අපමණය. ඔවුන්ගේ මතවාදය ශ්‍රී ලාංකීය සමාජය තුල වැපිරීම සදහා ඔවුන් ගන්නා උත්සාහයන් තුල “මිත්‍යා ප්‍රහාරයන්” ද එවැනි එකකි. එම චෝදනාවන් කොතරම් බොළද හා පදනම් විරහිත ඒවාද යන්න මෙම අඩවිය තුලින්ම කිහිප අවස්ථාවක අනාවර්ණය කොට ඇත. එවැනි ලිපි දෙකක් නැවත ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,

  • අල්ප දැනුමේ අදෝනාව
  • ධර්ම ද්වීපයේ ඉරණම

මෙලෙස කිහිප අවස්ථාවක ඔවුන්ගේ නිරුවත ශ්‍රී ලංකීය සමාජයට යහමග අනාවරණය කරද්දී අප රටේ සැබෑ බෞද්ධයන් ද යහමග හා අත්වැල් බැදගෙන ඔවුන්ගේ නිරුවත බෞද්ධ දෘෂ්ඨිකෝණයෙන්ම මිත්‍යා ප්‍රහාර යන මැයෙන් සමාජයට අණාවර්ණය කලා ඔබට මතකයේ ඇතැයි සිතමි. බෞද්ධයකුගේ එම පැහැදිලි කිරීම රටේ සුළු ජාතීන් වන අපට එය ඉමහත් සැනසිල්ලක් වූ අතර සැබෑ බෞද්ධයෙකු හට ද එම අනාවරණය තුල අවබෝධ කරගතයුතු බොහෝ දෑ විය. නමුත් ඒ සියළු ගඟට කැපූ ඉණිමෙන් නිෂ්පල කොට සුපුරුදු මඩ ව්‍යාපාරයේ මේ පිරිස තවදුරටත් නිරතව සිටින්නේ බුද්ධ ඉගෙන්වීමන් කෙරෙහි තමන්ගේ අවනතභාවය කොතරම්ද? යන්න ශ්‍රී ලාංකීය සමාජයට මනාව කියාපාමිණි.

ඒ අනුව ධර්ම ද්වීපයේ ඉරණ ගැන කිඹුල් කඳුල් සලමින් මුස්ලීම් සමාජයට එරෙහිව කටයුතු කරන ඉහත කල්ලිය මෙවර ඒ සදහා යොදාගත්තේ අලුත්ම ක්‍රමවේදයකි. එය මෙසේය…


Let’s Burn Qur’an in SL – රටපුරා කුරාණය ගිනිතබමු. රට දැය සමය ගැන සංවේදී බව ගොඩ නගමු!

This is how Heroes in SL respond to Islam attacks on our nation. Check the great video.

මේ පුණ්‍ය කර්මය හෙළය වෙනුවෙන් කල හෙළයන්ට මුරගල අපගේ උත්තමාංග නමස්කාරය. රට පුරා මෙය සිදු කරමු. කිසිවෙකුටත් හෙළයා ගොනාට ඇන්දීමට ඉඩ නොදෙමු!


මෙතෙක් කලක් විවිධ මිත්‍යා ප්‍රහාරයන් තුලින් මුස්ලීම් සමාජයට එරෙහිව බෞද්ධ සමාජය ප්‍රකෝප කිරීමට වෙහෙසුනු ඔවුන් ඒ තුල විශ්වාස භංගවීම නිසාදෝ, මෙවර ඔවුන්ගේ අරමුණ ඉටුකරවා ගැනීම සදහා යොදාගත්තේ නව ක්‍රමවේදයකි. එනම් මුස්ලීම් සමාජය ශුද්ධත්වයෙන් සලකන කුර්ආන් ග්‍රන්ථය ගිනිබත් කිරීම පිලිබදව වූ වීඩියෝ දර්ශනයකි. මේ තුලින් පැහැදිලි ලෙස ඔවුන් අපේක්ෂා කරන්නේ මුස්ලීම් සමාජය බෞද්ධ සමාජයට එරෙහිව කිසියම් ප්‍රකෝපකාරී ක්‍රියාවකට පොළොඹවා ගැනීමයි. ඇත්තෙන්ම මෙය මුස්ලීම්වරුන්ට සංවේදී අවස්ථාවක් යන්නෙහි තර්කයක් නැත. නමුත් මේ මොහොතේ හැඟීමන්ට වහල් නොවී සියළු පාර්ශවයන් බුද්ධිමත් ලෙස මෙම කාරණය විමසා බැලීම තමා අත්‍යඅවශ්‍ය වන්නේ. ඒ සදහා කරුණූ කිහිපයක් ඔබගේ අවධානයට මා ගෙන එන්නට කැමැත්තෙමි.

  • බෞද්ධ සමාජය සමඟ දීර්ඝ කාලීන ඉතිහාස බැදීමක් ඇති මුස්ලිම් ජනතාවට අතීතයේ කිසිදු දිනෙක නොදුටු මෙවැනි දෑ මෑත කාලීනව දකින්න ලැබීම තුලින් පැහැදිලි වන්නේ මෙය සංවිධානාත්මක කුමන්ත්‍රණයන් බව නොවේද?
  • අතීතයේ කිසිදු දිනක නොඇසූ විවේචන හා චෝදනා වර්ථමානයේ මුස්ලිම්වරුන්ට එරෙහිව ගොඩනැඟීම තුල ඉහත කුමන්ත්‍රණය වඩ වඩාත් තහවුරු වෙනවා නොවේද?
  • ඉහත වීඩියෝ දර්ශනය තුලින් මතු කරන සිදුවීම සත්‍යයක් වුවත්, එය බුදුදහමේ ඉගෙන්වීමක් විය හැකිද?
  • මා අවබෝධ කරගත් බුදුදහමට අනුව “තවත් ආගමික ග්‍රන්ථයක් ගිනිබත් කිරීම පුණ්‍යකර්මයක්” බව පවසන්නට තරම් බුදු දහම පහත් තැනකට වැටී ඇතැයි මා නොසිතමි. ඔබද එය විමසා බැලිය යුතු කාරණයක් නොවේද?
  • “රටේ අන්‍ය ආගමික ග්‍රන්ථ ගිනිබත් කොට ඒ තුලින් ධර්ම ද්වීපයේ ඉරණම” තීන්දු කරන්න හදන මොවුන්ගේ මානසික විකෘතිභාවයට මීටත් වඩා සාක්ෂි අවශ්‍යද?
  • රටපුරා මෙවැනි ක්‍රියාවන් දියත් කොට ඒ තුලින් රටපුරා සංවේදී බවක් ‍නිර්මාණය කිරීමට යෝජනා කරන මොවුන්ගේ බොළදකමට අනුකම්පා කිරීම නොවේද? මුස්ලිම්වරුන් වන අප කලයුත්තේ.
  • “හෙළයා ගොනාට ඇන්දීම ඉඩ නොදෙමු!” යනුවෙන් පවසමින් සමස්ථ හෙළයාම ගොනාට අන්දවා පමණක් නොව බුදු දහමත් ප්‍රශ්නාර්ථයක් කර ඇත්තේ කව්ද?

මේ ආකාරයට ඉහත වීඩියෝව පදනම් කරගෙන ශ්‍රී ලාංකීය බුද්ධිමත් ප්‍රජාවගේ අවධානයට තවත් කරුණූ ගණනාවක් පෙලගැසීමට හැක. නමුත් “ධර්ම ද්වීපයේ ඉරණම” තීන්දු කරන්නට හඳන ඉහත පිරිසගේ න්‍යාය පත්‍රය කුමක්ද? යන්න තීන්දු කිරීමට බුද්ධිමත් ප්‍රජාවට ඉහත එක් කරුණක් වුවද ප්‍රමාණවත් යයි සිතන නිසා එතැනින් නතර කරමි.

කෙසේ වෙතත් අවසාන වශයෙන් මුස්ලිම් සමාජයේ අවධානයට ද කරුණූ කිහිපයක් පැවසිය යුතුව ඇත. වර්ථමානයේ බෞද්ධකම බෝඩ් ලෑල්ලට පමණක්ම සීමා කරගත්, රටේ සුළු ආගම් විවේචනය කිරීම තමා සැබෑ බෞද්ධකම යනුවෙන් දහම අවබෝධ කරගත්, විකෘති මානසික ආබාධයන්ගෙන් පෙලෙන ඉහත ආකාරයේ කල්ලීන් හතුපිපෙනවා සේ රටපුරා බිහිවෙමින් පවතී. ඔවුනට මඟපෙන්වීම සදහා වැදි බණ කියන විද්වතුන් ද දිනෙන් දින වැඩිවෙමින් පවතී. එවන් පසුබිමක අද ශුද්ධ වූ කුර්ආනය ගිනිබත් කරන වීඩියෝ දර්ශනයක් පෙන්වන මෙම පිරිස හෙට දිනයේ මීටත් වඩා දරුණූ ක්‍රියාවන්ට ද යොමු නොවනු ඇතැයි කිව නොහැක. ශුද්ධ වූ කුර්ආනය ගිනිබත් කිරීම තුලින් හෝ එවැනි වෙනත් ක්‍රියාදාමයන් තුලින් ඉස්ලාම් දහමේ වර්ධනය හා ව්‍යාප්තිය අඩාල කලහැකි යයි කිසිවකු සිතන්නේ නම් එය විහිළුවකි. මෙවැනි සිදුවීම් ලොවපුරා අනන්තවත් සිදුවනවා යන්න තිත්ත වූ සත්‍යයකි. මීට කලකට ඉහත ද ඇමරිකාවේ මෙවැනි ක්‍රියාවක් සිදුකිරීමට සූදානම් වූ පුවත කුර්ආනය ගිනිතැබීමට ඉදිරිපත් වූ දේවගැතිවරයා යන ලිපිය තුලින් ඔබේ අවධානයට ගෙන ආවා මතකයේ ඇතැයි සිතමි. එවැනි සිදුවීමන් සමඟ මෙම වීඩියෝ දර්ශනය ද තවත් එකක් පමණි.

කුර්ආනය ගිනිතැබීමට ඉදිරිපත් වූ දේව ගැතිවරයා

මෙහිදී මුස්ලීම් සමාජයේ අවධානයට තවත් අනාවරණයක් කලයුතුව ඇත. ඒ මෙහි ඉදිරිපත් කරන වීඩියෝව ශ්‍රී ලාංකීය සමාජය තුල සිදුවුවාක් නොවන බවයි. බොරුව හා ජාතිවාදය පමණක් පදනම් කරගත් ඉහත කල්ලීන්ට මේවා තමා බෞද්ධකම වී ඇත්තේ. මෙවැනි පිරිසගේ ක්‍රියාකලාපයන් හමුවේ සැබෑ බෞද්ධයන් විශේෂයෙන් බෞද්ධ දහමේ වගකිව යුතු පාර්ශවයන් පවා නිහඩව සිටීම සැබැවින්ම මවිතයට කාරණයකි. කෙසේ නමුත් මුස්ලීම් ප්‍රජාවගේ අවධානයට පැවැසිය යුතුව ඇත්තේ ඉස්ලාමීය ඉතිහාසය හොදින් විශ්ලේෂණය කලේනම් මෙවැනි කුමන්ත්‍රණ අඩුවක් නැතුව අතීතය පුරාවට දක්නට ඇත. ඒ හැම අවස්ථාවකම වෙන අවස්ථාවන්ට වඩා ඉස්ලාම් දැඩි ජනතා අවධානය හා ආකර්ශනය දිනාගෙන ඇත. මන්ද මෙවැනි සිදුවීමන් තුල බුද්ධිමත් ජනතාවගේ අවධානය එහි ඉගෙන්වීමන් වෙත යොමුවීම අනිතුක් කාලවලට වඩා හොදින් සිදුවන බැවිණි. ඒ සදහා සමීපතම නිදසුනක් පවසනවා නම් ඇමරිකාව තුල මෑත කාලයේ ඉස්ලාම් සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීමට ඇමරිකාවට එදා එල්ල වූ ගුවන් ප්‍රහාරය හා එම චෝදනාව ඉස්ලාම් දහමට එල්ල වීම ප්‍රධාන හේතුවක් වු බව එරට සමීක්ෂණවලින් අනාවරණය වී ඇත. එසේනම් මෙවැනි කුමන්ත්‍රණ හමුවේ මුස්ලිම්වරුන් වන අප කලබල වීමට අවශ්‍ය නොවේ. විශේෂයෙන් එවැනි කුමන්ත්‍රණකාරී පිරිසගේ තත්වයට වැටී ඔවුනට පිලිතුරු දීමට ද කිසිවිටෙක නොපෙලඹිය යුතුය. කලයුතුව ඇත්තේ අල්ලාහ් (දෙවි)ගෙන් මුස්ලීම් සමාජයේ යහපත හා ආරක්ෂාව උදෙසා ප්‍රාර්ථනා කිරීම මෙන්ම නිර්මල ඉස්ලාම් දහම තම ජීවිතය තුල ක්‍රියාවට නැංවීම පමණි. එසේ ඉස්ලාම් පවසන දිව්‍යමය ආදර්ශය සෑම මුස්ලිම්වරයෙකුම තම ජීවිතය තුල ක්‍රියාවට නංවන්නේ නම්, මෙවැනි කුමන්ත්‍රණ නියත වශයෙන්ම ඉස්ලාම් දහමට ආශිර්වාදයක් වනු ඇත. මන්ද මෙවැනි කුමන්ත්‍රණකාරී පිරිස් සම්බන්ධයෙන් අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ 9-32 වාක්‍යයෙන් මෙසේ පවසයි.

“ඔවුන් අල්ලාහ්ගේ ආලෝකය (නම් දහම) මුවින් (පිඹ) නිවන්නට අදහස් කරන්නෝය. එහෙත් එම ප්‍රතික්ෂේප කරන්නන් අකමැති වුවද අල්ලාහ් ඔහුගේ ආලෝකය (නම් දහම) පරිපූර්ණ නොකර නොහරින්නේය”

ඉහත කල්ලීන් අල්ලාහ් (දෙවි) ආලෝකය මුවින් පිඹ නිවීමට දිවා රෑ මහත් පරිශ්‍රමයක් ගන්නා බව දැන් ඔබට පැහැදිලි කාරණයකි. ඒ සදහා රටේ බහුතර සහය ලබාගැනීම සදහා “බෞද්ධකම” නම් සළුව පොරවාගෙන එම අසහය උත්සාහයේ නිරත වන බවද පැහැදිලිය. අවසාන වශයෙන් ඉහත කල්ලියට එක් කාරණයක් පමණක් අවධාරණය කරමින් මෙම ලිපිය අවසන් කරමි.

සැබෑ බෞද්ධකම ඇත්තේ තම බ්ලොගයට යොදන බෝඩ් ලෑල්ල හෝ එහි වර්ණ භාවිතය එසේත් නැත්නම් එහි ලිපිවලට ඉදිරිපත් වන අදහස් දැක්වීම් (comments) කොතරම්ද? යන්න මත  නොව එහි පැවසෙන කරුණූ කොතරම් නිවරුදි ද ධර්මයට අනුකූලද යන කාරණය මතය. ඒ අනුව වෛරය හා මුසාව පමණක් පදනම් කරගත්  පන්සිල් පදයවත් ආරක්ෂා කිරීමට නොහැකි ඔබ වැනි පිරිස් බුදුදහම කථා කිරීම මේ ධර්ම ද්වීපයේ ආනාගත ඉරණම සැබැවිණ්ම කියාපෑමකි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම