Talk:පිටසක්වල ජීවීන් පිලිබදව ඉස්ලාමීය විමසුමක්

From Yahamaga

මෙක්සිකෝවෙන් එළියට ආ පිටසක්වල ජීවීන්

පිටසක්වළ ජීවින් සහ පියාඹන පීරිස් පිළිබඳ අධ්‍යනය කරනු ලබන විශේෂඥයකු පේරු රාජ්‍යයෙන් සොයා ගත් පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන සිරුරු දෙකක් මෙක්සිකෝවේ අගනගරය වූ මෙක්සිකෝ සිටි හිදී පිටසක්වළ ජීවින් පිළිබඳව පැවති කොංග්‍රස් සභා විභාගයක් අතරතුරදී නිරාවරණ කළේය.

පිටසක්වළ ජීවින් සහ පියාඹන පීරිසි පිළිබඳ විශේෂඥයකු වන ජේමි මොසාන් විසින් මෙම හෙළි දරව් කිරීම සිදු කර තිබේ.පොසිල බවට පත්වූ මෙම සිරුරු දෙක පෘතුවි ජීවියකුට අයත් නොවන බවත් මෙම පොසිල දෙක වසර 1000 ක් පමණ පැරණි යැයි විශ්වාස කළ හැකි බවත් ජේමි මොසාන් පෙන්වා දී ඇත.

මෙම පොසිල බවට පත්වූ සිරුරු දෙක පියාඹන පිරීසියක් අනතුරකට පත් වූ ස්ථානයකින් සොයා ගන්නා ආකාරයේ සිරුරු දෙකක් නොවන බවත් මෙම සිරුරු දෙක වෙනත් පිටසක්වළ ජීවින් කොට්ඨාසයකට අයත් බවත් ජේමි මොසාන් ප්‍රකාශ කර තිබේ.

මෙක්සිකෝ ජාතික විශ්ව විද්‍යාලයේදී මෙම පිට සක්වළ ජීවීන්ගේ යැයි විශ්වාස කළ හැකි කුඩා සිරුරු දෙක විද්‍යාඥයන් පරික්ෂා කළ බවත් එහිදී රේඩියෝ කාබන් කාල නිර්ණය භාවිතයෙන් ඩී.එන්.ඒ සාක්ෂි ලබා ගත් බවත් ජේමි මොසාන් මෙක්සිකානු රජයට පවසා ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%86-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A/101-639734

පිටසක්වළ ජීවීන්ගේ කතාව බොරුවක්ද?

මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ යැයි සෘජුව ප්‍රකාශ කිරීම වැරදි යැයි ඇමෙරිකාවේ චිකාගෝ නුවර මහාචාර්ය ජෝඩන් බ්‍රිම් මාද්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

ජෝඩන් බ්‍රිම් යනු පිටසක්වළ ජීවීන් සිටිනවාදැයි සොයන, විශ්වය සම්බන්ධයෙන් පර්යේෂණ කරන ලොව කීර්තිමත් විද්වතුන්ගෙන් කෙනෙකි.

පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන එම අසාමාන්‍ය කුඩා සිරුරු මෙක්සිකෝ කොංග්‍රස් මණ්ඩලය හමුවේ ප්‍රදර්ශනය කළේ පිටසක්වළ ජීවීන් ගැන දශක ගණනක් තිස්සේ උනන්දුවක් දක්වන ජේමී මොසාන් ය.

පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි සම්බන්ධයෙන් තමන් විශේෂඥයකු යැයි කීවත්, ජේමී මොසාන් ට ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් නොමැති බවත්, ඔහු මාධ්‍යවේදියකු බවත් මහාචාර්ය ජෝඩන් බ්‍රිම් පවසා තිබේ.

ජේමී මොසාන් මෙක්සිකෝ පාර්ලිමේන්තුවට පැහැදිලි කළේ, ගවේෂණ කණ්ඩායමට හමුවුණු පොසිලකරණයට ලක් වුණු කුඩා සිරුරු දෙකකි. එම සිරුරු පාර්ලිමේන්තුවට ගෙනැවිත් ප්‍රදර්ශනය කෙරුණේ වීදුරු පෙට්ටි දෙකක තැම්පත් කරමිණි.

පිටසක්වළ ජීවීන් යැයි සැක කෙරෙන එම සිරුරු හමුවී ඇත්තේ පේරු රටේ කොස්කෝ පළාතේ ඇල්ගී ලෙනක සිදු කළ ​ගවේෂණයකදීය.

සිරුරු අළු පැහැතිය, මනුෂ්‍ය සිරුරකට වඩා ප්‍රමාණයෙන් කුඩාය, අත්වල ඇගිලි 3 කි. ප්‍රමාණයෙන් විශාල හිසට ඇත්තේ ලොකු ඇස් ය. දත් නැත.

ජේමී මොසාන්, පාර්ලිමේන්තුව හමුවේ වැඩි දුරටත් පැහැදිලි කළේ එම සිරුරු කාල නිර්ණ පරීක්ෂණවලට යොමු කළ බවත්, ඒවා වසර දහසක් පැරැණි බව එයින් තහවුරු වුණු බවත්ය.

‘කැඩ්මියම්’ සහ ‘ඔස්මියම්’ නමැති අති දුර්ලභ ලෝහ කැබැලි මෙම සිරුරුවලට බද්ධ කර ඇතැයි ද ජේමී මොසාන්, වැඩි දුරටත් පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දී තිබේ.

ජේමී මොසාන් කළ මෙම අනාවරණය මේ වනවිට ලොව පුරා මහත් ආන්දෝලනයක් නිර්මාණය කර අවසන්ය. සමාජ මාධ්‍ය ඔස්සේ ද කසුකුසුවක් පවතී.

මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම අසාමාන්‍ය සිරුරු පිටසක්වළ ජීවීන්ගේ යැයි සියයට 100 ක් සහතික කළ නොහැකි යැයි ජේමී මොසාන් අනාවරණය සම්බන්ධයෙන් ඇමෙරිකන් මහාචාර්ය බ්‍රිම් මෙසේ පැහැදිලි කරයි.

‘මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒ අසාමාන්‍ය සිරුරු පිටසක්වළ​ ජීවීන්ගේ යැයි සෘජුව කීමට බැහැ. ඒවා ඉදිරිපත් කළේ විද්‍යාඥයකු හෝ විද්වතකු නොවෙයි. ජේමී මොසාන් කියන්නේ පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන සොයන විද්වතෙකු නොවෙයි. පියාඹන පීරිසි ගැන හෝ පිටසක්වළ ජීවීන් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න ඔහුට විද්‍යාත්මක දැනුමක් නෑ. ඔහු මාධ්‍යවේදියෙක්. ඔහු මීට පෙර ද මේ අයුරින් ඉදිරිපත් කළ සාක්ෂි බොරු වී තිබෙනවා. වෙනසකට තියෙන්නේ, ඔහු මෙක්සිකෝ පාර්ලිමේන්තුවට එම පිටසක්වළ ජීවීන්ගේ යැයි කියන සිරුරු ඉදිරිපත් කළේ, පිටසක්වළ ජීවීන් සිටිනවා යැයි පාර්ලිමේන්තුව හමුවේ දිවුරුම් දීමක් කරමින්.’ යැයි මහාචාර්ය ජෝඩන් බ්‍රිම් වැඩි දුරටත් පවසා තිබේ.

https://www.lankadeepa.lk/world_news/%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%85-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF-/14-639749

පිටසක්වළ ජීවීන්ගේ සිරුරු පට්ටපල් බොරු

පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට පවා ලක්වුණු කුඩා සිරුරු දෙකක් පසුගිය වසරේ ඔක්තෝබරයේ ලොව කැලැඹීය.

මෙම සිරුරු පේරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, පිටසක්වළ ජීවීන් ඇති බව ලොවට කිවේ පේරු මාධ්‍යවේදියෙකි. එය ලොව කැලැඹූ සිදුවීමක් විය.

පිටසක්වළයන්ගේ යැයි සැක කළ එම සිරුරු, මේ වනවිට පූර්ණ විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කර ඇති අතර, ඒවා සත්ව අස්ථි යොදා ගනිමින් සකස් කළ බෝණික්කන් බව තහවුරු වී තිබේ.

https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%85-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94/101-646089

ජල අංශුවලින් සමන්විත කුඩා ග්‍රහයෙක් හමුවෙලා

ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන්, හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත ග්‍රහලොවක් සොයාගෙන ඇත.

විද්‍යාඥයන් මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ජී.ජේ. 9827 ඩී’ යන නමිනි. ග්‍රහලෝකය අත්තේ ආලෝක වර්ෂ 97 ක් දුර්නි බව ද පැවැසෙයි.

ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත වීම යනු මෙම ග්‍රහලොවේ ජීවීන් සිටීමට ඉඩ ඇති බව හෝ ජීවය පහළ වීමට අවශ්‍ය සාධක ඇති බව යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.

https://www.lankadeepa.lk/news/%E0%B6%A2%E0%B6%BD-%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F-%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F/101-646847