යහමග පුවත්

From Yahamaga
Revision as of 03:09, 23 March 2023 by Admin (talk | contribs) (Created page with "Category:යහමග පුවත් {{Menu01}} <br> 300px|right| කාලීන වශ‍යෙන් වැදගත් එසේම යහමග පාඨක ඔබේ අවදානය යොමු වියයුතු කෙටි පුවත් හා දැනුම්දීම් මේ යටතේ පෙලගැසීම සිදු කරනු ලැබේ. විශේෂයෙන් මාධ්‍යයන් තුල ක...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


කාලීන වශ‍යෙන් වැදගත් එසේම යහමග පාඨක ඔබේ අවදානය යොමු වියයුතු කෙටි පුවත් හා දැනුම්දීම් මේ යටතේ පෙලගැසීම සිදු කරනු ලැබේ. විශේෂයෙන් මාධ්‍යයන් තුල කලින් කලට ඉදිරිපත් වන විශේෂ පුවත් කෙටියෙන් මෙහි ඔබේ අවදානයට ගෙන ඒම මූලික අරමුණයි. එසේම යහමග පණිවුඩ ද මෙහි පෙලගැසීමට අපේක්ෂා කරමි.


2023/3/10 - රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට විශේෂ වැඩපිළිවෙලක්

රාමලාන් (රාමසාන්) සමයේ දී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත විය හැකි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය.

ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ (04/2023) මේ වන විට සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර ඇතැයි ද ලේකම්වරයා කීය.

රාමසාන් සමය මෙම මස 23 දින ආරම්භ වී අප්‍රේල් 21 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇති අතර එම කාලසීමාව තුළදී සියලුම මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදිය හැකි වන පරිදි වැඩමුර සකස් කරදීමත්, නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කිරීමත් මෙම චක්‍රලේඛය අනුව සිදු කළ හැක.

රාමලාන් (රාමසාන්) අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද ලේකම්වරයා සඳහන් කළේය.

Link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A/1-629653

2023/3/15 - ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමේ ජාත්‍යන්තර දිනය

බොහෝ ආන්ඩු ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමට වෛරී-අපරාධ-විරෝධී නීති සම්පාදනය කිරීම සහ වෛරී අපරාධ වැළැක්වීම සහ නඩු පැවරීම සඳහා පියවර ගැනීම සහ ඍණාත්මක මිථ්‍යාවන් සහ දුර්මත දුරු කිරීමට සැලසුම් කර ඇති මුස්ලිම්වරුන් සහ ඉස්ලාම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර පැවැත්වීම මගින් පියවර ගෙන ඇත.

ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස මාර්තු 15 වන දින නම් කරන ලද ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) සාමාජික රාජ්‍ය 60ක් විසින් අනුග්‍රහය දක්වන ලද යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලදී . ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය කිසිදු ආගමක්, ජාතියක්, ශිෂ්ටාචාරයක් හෝ ජනවාර්ගික කණ්ඩායමක් සමඟ සම්බන්ධ නොවිය යුතු බව ලේඛනය අවධාරණය කරයි. එය මානව හිමිකම්වලට ගරු කිරීම සහ විවිධ ආගම් සහ විශ්වාසයන් මත පදනම් වූ ඉවසීමේ සහ සාමයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ගෝලීය සංවාදයක් ඉල්ලා සිටී.

2021 දී ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමේ පළමු ජාත්‍යන්තර දිනය සනිටුහන් කරමින් , එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පෙන්වා දුන්නේ මුස්ලිම් විරෝධී ආගම්වාදය වාර්ගික-ජාතිකවාදය, නව-නාසිවාදය, අපකීර්තිය සහ වෛරී කථනය ඇතුළු අවදානමට ලක්විය හැකි ජනතාව ඉලක්ක කර ගනිමින් පුනර්ජීවනය වීමේ විශාල ප්‍රවණතාවක කොටසක් බවයි. මුස්ලිම්වරුන්, යුදෙව්වන්, සමහර සුළුතර ක්‍රිස්තියානි ප්‍රජාවන් මෙන්ම තවත් අය. "ශුද්ධ වූ අල් කුර්ආනය අපට මතක් කර දෙන පරිදි: ජාතීන් සහ ගෝත්‍ර නිර්මාණය කර ඇත්තේ එකිනෙකා දැන ගැනීමට ය. විවිධත්වය පොහොසත්කමක් මිස තර්ජනයක් නොවේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ලොව පුරා නැගී එන වෛරී ප්‍රකාශයේ තැතිගන්වනසුලු ප්‍රවණතාවයට ප්‍රතිචාර වශයෙන්, මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් එක්සත් ජාතීන්ගේ උපායමාර්ගය සහ වෛරී කථනය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම දියත් කළේය .

Link - https://www.un.org/en/observances/anti-islamophobia-day


2023/3/20 - සෞදියෙන් රට ඉඳ ටොන් 50ක් ලැබෙයි

සෞදි අරාබි රාජ්‍යය ශ්‍රී ලංකාවේ ජනතාව අතර බෙදාදීම සඳහා රට ඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර තිබේ.

එම රටඉඳි තොගය ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කහිල්ඩ් හම්මුද් අලි කටානි මහතා ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත බාර දුන්නේය.

සෞදි අරාබි රාජ්‍යෙය් සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සාහන මධ්‍යස්ථාන මගින් ලොවපුරා මිත්‍ර රටවල් ගණනාවක මෙලෙස රටඉඳි තොග පරිත්‍යාග කරනු ලබයි.

Link - https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A7-%E0%B6%89%E0%B6%B3-%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A-50%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92/101-630366

2023/3/22 - ரமளான் பிறை அறிவித்தல்

[7:49 pm, 21/03/2023] +94 77 777 1141: ஹிஜ்ரி 1444ஆம் ஆண்டின் ரமளான் மாதத்துக்கான தலைப்பிறை, ஷஃபான் 30 ஆம் நாளான இன்று நாட்டின் எப்பாகத்திலும் காணப்பாடாத நிலையில், இலங்கைக்கு வெளியில் நேரத்தால் இலங்கைக்கு பிந்திய நாடுகளில் இருந்து பிறை சாட்சியம் கிடைக்கப்பெற்றால், நாளை புதன்கிழமை (22.03.2023) முதல் ராமளான் அனுஷ்டிக்கப்படும்.

பிந்தி கிடைக்கும் தகவல் புதன்கிழமை காலை பொழுதை அடைந்தாலும் சரியே. ஏனெனில் நபி (ஸல்) அவர்களின் வழி காட்டல் மிகத் தெளிவாக அதனையே எமக்கு வலியுறுத்திகிறது.

ராமளான் நோன்பு கடமையாக்கப் படுவதற்கு முன்பு, ஆஷூறா நோன்பு கடமையாக்கப்பட்டிருந்த காலத்தில், ஆஷூறா அன்று காலையில் மாதினாவை சாராத இரண்டு கிராமவாசிகள் வந்து பிறை சாட்சியம் சொன்ன போது, அல்லாஹ்வின் தூதர் (ஸல்) அவர்கள், அன்சாரியீன்களின் (மதீனாவின்) கிராமங்களுக்கு ஒருவரை அனுப்பி "காலையில் யார் சாப்பிட்டு விட்டாரோ, அவர் இன்றைய நாளின் எஞ்சிய பகுதியை நோன்பாக தொடரட்டும். காலையில் சாப்பிடாமல் இருப்போர் அப்படியே நோன்பை தொடரட்டும்." என்று அறிவிப்பு செய்தார்கள். (புகாரி 1924 / 1960)

இலங்கைக்கு வெளியில் இருந்தும் சாட்சியம் கிடைக்காவிடின், ஷஃபான் 30 ஆக பூர்த்தியாக்கப்பட்டு, வியாழக்கிழமை (23.03.2023) முதல் ராமளான் நோன்பு அனுஷ்டிக்கப்படும்.

ஏனெனில் இவ்வாறே நபி (ஸல்) அவர்கள் எமக்கு ஏவி உள்ளார்கள்.பிறையை கண்டு நோன்பு வையுங்கள். பிறையை கண்டு நோன்பை விடுங்கள். பிறை மறைக்கப்பட்டால் மாதத்தை 30ஆக பூர்த்தியாக்குங்கள். எனினும் (அவ்வாறு பூர்த்தியாக்கிய பின்னர்) இரண்டு முஸ்லிம்கள் சாட்சி சொன்னால் அதை ஏற்று செய்யற்படுத்துங்கள்.(நாசயீ : 2116, முஸ்னத் அஹ்மத் 7516, 7581, 7778, 9472, 9556, 9654, 9853, 10060)

குறிப்பு : இன்ஷா அல்லாஹ் சாட்சியம் கிடைக்கப் பெற்றால் உடனே அறியத்தரப்படும்

இஸ்லாமிய தகவல் நிலையம் [7:56 pm, 21/03/2023] +94 77 777 1141: திருத்தம் : ஷஃபான் 30 என்பதை ஷஃபான் 29 என்று திருத்தி வாசிக்கவும்

2023/3/22 - Moon 🌙

  • India
    1. Seen: MCW member Rasheed Usman, from Kozhikode, Kerala reported: The hilal of Ramadan 1444 has been sighted at Kapad Beach Kozhikode Kerala today Wednesday 22 March 2023 as confirmed by the Kapad Qazi Shihabudheen Faizi . Accordingly the Ramadan 1 will be Thursday 23'March 2023 in the State as declared by Qazis. Kerala Hilal Committee and Wisdom Islamic Organisation hilal wing also begin Ramadan tomorrow Thursday.
  • Indonesia
    1. Seen: MCW member AR Sugeng Riyadi from Rowasiya Observatory Central Java Indonesia reported: The new crescent of Ramadhan 1445 AH was NOT SIGHTED on Wednesday, March 22, 2023 from Assalaam Observatory, Pabelan Kartasura Sukoharjo Central Java Indonesia, the west sky was covered by thick clouds. The crescent was seen from several places in Indonesia via telescope. According to this report, on Ithbat Council by the Ministry of Religious Affairs of the Republic of Indonesia declare that 1 Ramadhan 1444 AH will start on Thursday, March 23rd, 2023.

2023/3/22 - මක්කම වන්දනාව වීසා මුදලට විකිණීමට ඉඩ නෑ

මක්කම වන්දනාව සඳහා නිකුත් කරන වීසා පසුගිය වසරවල මෙන් මුලදට විකිණීමට කිසිඳු ඉඩක් නොතබන බවත් කිසිවෙක් හෝ එවැනි අසාධාරණයන්ට ලක්වූවහොත් වහාම අමාත්‍යංශය දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටින බවත් බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් උපරීම සාධාරණ ලෙස සේවා සැපයීම සඳහා කටයුතු සුදානම් කර ඇති බව කී අමාත්‍යවරයා මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් කාර්යාලයක් පමණක් විවෘත කිරීමෙන් සෑහීමකට පත්නොවී උපරීම සාධාරණ සේවාවක් සපයන බව ද සඳහන් කළේය.

ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් සේවා සැපයීම සඳහා පත්කළ හජ් කමිටුවේ නිලධාරී මඩුල්ලෙහි කටයුතු කිරීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහි ස්ථාපනය කළ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.