විශ්ව ක්‍රියාකාරීත්වය සහ මරණින් මතු නැගිටුවීම: Difference between revisions

From Yahamaga
Line 45: Line 45:

මෙම අල්කුර්ආන් වාක්‍යය තුලින් අපගේ මරණින් මතු නැඟිටුවීම පමණක් නොව අපට ම ආවේනික අපගේ ‘ඇඟිලි සලකුණූ’  පවා  එනම් ‘නුඹලා නැඟුටුවනවා පමණක් නොවේ. නුඹලාටම ආවේනික ‘ඇඟිලි සලකුණ’ (Fingerprint) පවා ඒ ආකාරයටම ප්‍රතිනිර්මාණය කරමි’ යනුවෙන් නැවත නැඟිටුවීම තහවුරු කරයි.

== විද්‍යාව තුලින් දකින්නට අවශ්‍යද? ==
මේ ආකාරයට අල්ලාහ් (දෙවි) අල්කුර්ආනය තුලින් මිනිස් සමාජයට කොතරම් අභියෝග කලත්, විද්‍යාවේ සහ තාක්‍ෂණයේ  දියුණුවත් සමඟ නූතන මානවයා සියල්ල විද්‍යත්මකව හා  විවේචනාත්මකව බැලීමට නැඹුරු  වී සිටී. එහි දී මිනිසුන් මිය යන ආකාරය දකින ඔවුන් මරණින් මතු ජීවිතය ගැන අත්දැකීම් කියන කිසිවෙකු මළවුන්ගෙන් ආපසු පැමිණීම නොදකිති. මේ නිසා ආගමික ඉගෙන්වීම් මත පදනම් වූ මරණයෙන් පසු ජීවිතයක් ඇති බව විශ්වාස කිරීම මිස සැබැවින්ම ලද අත්දැකීමක් ලොව කිසිදු තැනක නැත. මේ හේතුව නිසා එම කාරණය කුතුහලයෙන් බැලීමටත් ප්‍රතික්ෂේප කිරීමටත් බොහෝ දෙනෙකු නැඹූරු වෙති. එසේම ‘මරණින් පසු නැඟිටුවීම මොන බොරුවක්ද? මේක විද්‍යාව දියුණු යුගයක් එහි මෙවැනි කථවලට ඉඩක් නැහැ’ යනුවෙන් සමහරක් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් එම ආගමික ඉගෙන්වීම බුද්ධියෙන් විමසා නොබලාම ප්‍රතික්ෂේප කරයි. මෙසේ බුද්ධිය පෙරටු කොට තර්ක කරන පිරිසගේ බුද්ධියට විද්‍යාව තුලින්ම මෙම විෂය කථා කිරීම කාලීන අවශ්‍යතාවයක් යැයි සිතේ.
ඒ අනුව ‘මරණින් මතු නැඟිටීම’ විද්‍යාවේ මූලධර්මයන්ට අනුකූලද? නොඑසේ නම් මිත්‍යාවක්ද? යන්න විද්‍යාත්මක මූලධර්මයන් පදනම් කරගෙන විමසා බලන්නේ නම්,
මේ සමාජයේ සමහරක් පිරිස් ඉහතින් සදහන් කලාසේ මරණින් මතු නැඟිටුවීම අවිශ්වාසයෙන් හා කුතුහලයෙන් බැලුවත් එම කාරණය විද්‍යාව ඇසුරෙන් තරමක් දුරකට අවබෝධ කරගැනීමේ හැකියාව විද්‍යාව තුල පවතිනවා යන්න මාගේ විශ්වාසයයි. විද්‍යාවේ සමහරක් මූලධර්ම අද අපට අවබෝධ කරගත හැකි මට්ටමින්  හා පිලිගත හැකි මට්ටමින් දියුණු වී තිබීම මෙයට ප්‍රධාන හේතුවයි. ඒ අනුව විද්‍යාවේ ප්‍රධාන මූලධර්ම දෙකක් වන ‘කාලය’ හා ‘අවකාශය’ පදනම් කරගෙන ඉහත විෂය මෙතැන් සිට බුද්ධිමත්ව විමසා බලමු.

Revision as of 06:28, 22 March 2023

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      

මේ යටතේ ඉස්ලාම් දහම ඇතුළු බොහෝ දහමන් තුල කථා කරන 'මරණින් මතු නැගිටුවීම' යන විෂය ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් සහ නූතන විද්‍යාත්මක අණාවර්ණයන් සමඟ සංසන්දනාත්මක විමසා බැලීම මෙම මණ්ඩපය තුල මෙතැන් සිට කථා කිරීමට අදහස් කරමි.

"විශ්ව ක්‍රියාකාරීත්වය සහ මරණින් මතු නැගිටුවීම ඉස්ලාමීය විමසුමක්"

'මරණින් පසු අපට කුමක් වේවිද?' යන කුතුහලය ඇයි?

‘මරණින් පසු අපට කුමක් වේවිද?’ මේ මිනිස් සමාජයේ අති බහුතරයකට ඇති පැනයකි. මේ පිලිබදව ලොව පවතින දහමන් හා දර්ශනයන් විවිධ ඉගෙන්වීමන් හා අවවාදයන් මිනිස් සමාජයට ඉදිරිපත් කරයි. නමුත් ඒ ඉගෙන්වීමන්ට එතරම් ඉහල පිලිගැනීමක් නොලැබෙන බවක් සමාජයේ ක්‍රියාකලාපයන් සහ විවිධ ප්‍රකාශයන් දකින විට පෙනීයයි. මෙවැනි අවිශ්වාසනීය තත්වයන් සමාජය තුල ගොඩනැඟෙන්න බලපාන හේතු කාරණා කුමක්ද? යන්න සොයා බලන විට එහි ප්‍රධාන හේතුකාරණා කිහිපයක් දකින්නට ලැබේ.

එනම්,

  • දහමක් යැයි සිතා මනක්කල්පිතයන් පිලිපැදීම තුල ඇති වන ව්‍යාකූලත්වය,
  • දහමේ ඉගෙන්වීමන් පිලිබදව තිබෙන අවම දැනුම,
  • සමහරක් දහමන් තුල පරස්පර ඉගෙන්වීමන් පැවතීම,
  • දහමේ ඉගෙන්වීමන් පිලිබදව තිබෙන අවිශ්වාසය,
  • සියල්ල විද්‍යාත්මකව හා තාර්කිකව පමණක් දකින්නට උත්සාහ කිරීම,

මෙවන් පසුබිමක ‘ඉස්ලාම් දහම මේ පිලිබදව කුමක් පවසනවාද? යන්නත්, එසේ කථා කරන කරුණු විද්‍යාත්මකව හා තාර්කිකව කොතරම් සැසේදේද? යන්නත්’ මෙම ‘විශ්ව ක්‍රියාකාරීත්වය සහ මරණින් මතු නැගිටුවීම’ යන ලිපිය තුලින් මෙතැන් සිට කථා කිරීමට අදහස් කරමි.

අපි පොළොවට පස් වූවායින් පසුත් නැවත නැඟිටුවන්නේද?

ඉස්ලාම් දහම තුල පමණක් නොවේ කිතුනු දහම සහ යුදෙව් දහම තුලත් මරණින් මතු නැඟිටුවීම හා තමන් කල කුසල් අකුසල් එහි විනිශ්චය කිරීම පිලිබදව කථා කරයි. මා මෙසේ පවසන විට සමහරක් ට ‘අපි මැරිලා පොළොවට පසු වුනායින් පසු මොන නැඟිටුවීමක්ද?’ යනුවෙන් සිතෙන්නට පුළුවන. මිනිසුන්ට මෙහෙම සිතුනේ අද ඊයේ පමණක් නොවේ. මීට වසර 1400 කට පෙර විසූ සමාජවලත් මිනිසුන් එහෙම සිතූ බව අල්කුර්ආනය මෙසේ පවසයි.

අපි මැරිලා, දූවිලි හා ඇටකටු බවට පත් වූ විට, අපි නැවත නැඟිටුවන්නෙමුද?

අල්කුර්ආනය 56-47

මෙසේ ‘අප මැරී පොළොවට පස් වූවායින් පසු නැවත නැඟිටුවීම’ යන්න විහිළුවක් මිත්‍යාවක් යැයි සිතන පිරිසට අල්ලාහ් (දෙවි) එදාම අල්කුර්ආනය තුලින් පිලිතුරක් ලබාදේ. ඒ නිකන්ම නිකන් පිලිතුරක් ලෙස නොව වර්ථමාන ලෝකය අණාවර්නය කොටගෙන තිබෙන ‘ඇගිලිසලකුණු (Fingerprint)’ පිලිබදව විශ්මිත සත්‍යයක්ද අන්තර්ගත කරමිනි. එය මෙසේය,

(මරණයට පත්ව දිරා පත් වී පස් බවට පත් වූ) ඔහුගේ ඇට කටු අපි එක්කාසු නොකරන්නෙමු යයි මිනිසා අදහස් කරමින් සිටින්නේද?
නොඑසේය. ඔහුගේ ඇඟිළි තුඩු පවා (පෙර තිබූ ආකාරයටම) සකස් කිරීමට අපි බලසම්පන්න වන්නෙමු.

අල්කුර්ආනය 75-3 හා 4

මෙම අල්කුර්ආන් වාක්‍යය තුලින් අපගේ මරණින් මතු නැඟිටුවීම පමණක් නොව අපට ම ආවේනික අපගේ ‘ඇඟිලි සලකුණූ’ පවා එනම් ‘නුඹලා නැඟුටුවනවා පමණක් නොවේ. නුඹලාටම ආවේනික ‘ඇඟිලි සලකුණ’ (Fingerprint) පවා ඒ ආකාරයටම ප්‍රතිනිර්මාණය කරමි’ යනුවෙන් නැවත නැඟිටුවීම තහවුරු කරයි.

විද්‍යාව තුලින් දකින්නට අවශ්‍යද?