විශ්ව ක්‍රියාකාරීත්වය සහ මරණින් මතු නැගිටුවීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ යටතේ ඉස්ලාම් දහම ඇතුළු බොහෝ දහමන් තුල කථා කරන 'මරණින් මතු නැගිටුවීම' යන විෂය ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් සහ නූතන විද්‍යාත්මක අණාවර්ණයන් සමඟ සංසන්දනාත්මක විමසා බැලීම මෙම මණ්ඩපය තුල මෙතැන් සිට කථා කිරීමට අදහස් කරමි.

"විශ්ව ක්‍රියාකාරීත්වය සහ මරණින් මතු නැගිටුවීම ඉස්ලාමීය විමසුමක්"


'මරණින් පසු අපට කුමක් වේවිද?' යන කුතුහලය ඇයි?

‘මරණින් පසු අපට කුමක් වේවිද?’ මේ මිනිස් සමාජයේ අති බහුතරයකට ඇති පැනයකි. මේ පිලිබදව ලොව පවතින දහමන් හා දර්ශනයන් විවිධ ඉගෙන්වීමන් හා අවවාදයන් මිනිස් සමාජයට ඉදිරිපත් කරයි. නමුත් ඒ ඉගෙන්වීමන්ට එතරම් ඉහල පිලිගැනීමක් නොලැබෙන බවක් සමාජයේ ක්‍රියාකලාපයන් සහ විවිධ ප්‍රකාශයන් දකින විට පෙනීයයි. මෙවැනි අවිශ්වාසනීය තත්වයන් සමාජය තුල ගොඩනැඟෙන්න බලපාන හේතු කාරණා කුමක්ද? යන්න සොයා බලන විට එහි ප්‍රධාන හේතුකාරණා කිහිපයක් දකින්නට ලැබේ.

එනම්,

  • දහමක් යැයි සිතා මනක්කල්පිතයන් පිලිපැදීම තුල ඇති වන ව්‍යාකූලත්වය,
  • දහමේ ඉගෙන්වීමන් පිලිබදව තිබෙන අවම දැනුම,
  • සමහරක් දහමන් තුල පරස්පර ඉගෙන්වීමන් පැවතීම,
  • දහමේ ඉගෙන්වීමන් පිලිබදව තිබෙන අවිශ්වාසය,
  • සියල්ල විද්‍යාත්මකව හා තාර්කිකව පමණක් දකින්නට උත්සාහ කිරීම,

මෙවන් පසුබිමක ‘ඉස්ලාම් දහම මේ පිලිබදව කුමක් පවසනවාද? යන්නත්, එසේ කථා කරන කරුණු විද්‍යාත්මකව හා තාර්කිකව කොතරම් සැසේදේද? යන්නත්’ මෙම ‘විශ්ව ක්‍රියාකාරීත්වය සහ මරණින් මතු නැගිටුවීම’ යන ලිපිය තුලින් මෙතැන් සිට කථා කිරීමට අදහස් කරමි.