ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට එරෙහි ජාතිවාදි ප්‍රහාර

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


"විශ්වාසවන්තයණි!, අල්ලාහ් (දෙවි)ට අවනත වී, සාධාර්ණය වෙනුවෙන් සාක්ෂිකරුවන් වන්න!, එක් සමාජයක් කෙරෙහි පවතින නොසතුට, නුඹලා (ඔවුන් හට) සාධාර්ණයක් නොකරන්න උනන්දු නොකරත්වා!, සාධාර්ණ වන්න!, එය තමා දේව අවනැතියට ඉතා සමීප (ක්‍රමවේදය) වන්නේ. අල්ලාහ් (දෙවි)ට බියවන්න!, අල්ලාහ් (දෙවි) නුඹලා කරන සියල්ල හොදින් දන්නේය" මෙහි මා ඉදිරිපත් කොට ඇත්තේ අල්කුර්ආනය5-8 වාක්‍ය මඟින් ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට කරන අවවාදයකි.

මේ අල්කුර්ආනයේ ඉගෙන්වීමට අවනතව ජීවත් වන මුස්ලීම් ප්‍රජාවට එරෙහිව ලොවපුරා විවිධ හිංසා පීඩා සිදුවෙමින් තිබෙන අතර මෙම ලිපිය තුලින් ශ්‍රී ලාංකීය මුස්ලීම ප්‍රජාවට එරෙහිව සිදුවන ජාතිවාදී කලහකාරී ක්‍රියා පෙලගැස්ම සිදු කරමි.

මෙම ලිපිය හා සබැඳි ලිපිය - ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට එරෙහි ජාතිවාදී ප්‍රහාර කාලරාමුව

2010-05-20 - කුරුණෑගල

  • කුරුණෑගල කොකරුල්ල හම්බන් පොළ නූරානියා ජුම්මා දේවස්ථනයට පහරදීම

2011-09-01 අනුරාධපුර

  • අනුරාධපුර ඕට්ටුප්පල්ලම් දර්ගාව පොලිසිය ඉදිරිපිට ජාතිවාදීන් විසින් කඩා දමන ලදී

2011-10-31 බලපිටිය

  • මුස්ලිම් පුද්ගලයෙකුගේ කඩය සොරකම් කිරීම සඳහා ගිය සොරුන්ව අල්ලා පොලිස්සියට බාරදුන් විට සොරුන්ව ඇල්ලූ මුස්ලිම් අයට පොලිස්සිය බැන වාදී අවවාද කර පිටමං කිරීම.

2011-10-31 බලපිටිය

  • ඉහත බලපිටිය සිද්ධයට සම්බන්ධ මුස්ලිම් පුද්ගලයෙකුගේ නිවස ගිනි තබා විනාශ කිරීම

2011-10-31 බලපිටිය===

  • 04/11/2011 දිනට පෙර බලපිටිය මුස්ලිම්වරු තම වෙළෙඳ සැල් වසා දමා පිට විය යුතු යැයි තර්ජනය කිරීම

2011-11-04 බලපිටිය

ඉහත සිද්ධියට සම්බන්ධ මුස්ලිම් පුද්ගලයින් ගම අතහැර පිට විය යුතු යැයි හිමිවරු උද්ඝෝෂණය කළහ. මේ හේතුවෙන් පවුල් 04ක් ගම අතහැර ගියහ.

2012-01-06 තලවකැළ

  • ජාමිඋල් අස්හර් මද්රසාව ගිනිබත් විය. විදුලි කාන්දුව මෙයට හේතුව බව පොළිස්සිය විසින් දක්වන ලද හේතුවයි.

2012-02-17 මහරගම

  • බොලුබල සේනා මහරගම රැලිය වාරතා කිරීමට ගිය නවමනි පුවත් පත් වාර්තාකරු අහමඩ් රූමි, බිබීසී ලෝක සේවයේ වාර්ථාකරු චාල්ස් හෙක්ලන්ඩ් සහ ඔහුගේ සහායක වාර්ථාකරු අසාම් අමීන් යන අයට තර්ජනය කිරීම.

හලාල් සහතිකයට විරුද්ධව මහරගමේදී බොදුබල සේනාවේ රැලිය පැවැත්විය.

2012-03-22 තෙල්කාදෙණිය

  • ශ්‍රී ලංකාවට විරුදධව ඇමරිකා‍ව විසින් ජීනීවා මානව හිමිකම් සමුළුවේ දී යෝජනාව සම්මත වූ විට මඩවල තෙල්දෙණිය මාර්ග වටරව්මේදී අන්‍යාගමිකයෙකු මාර්ගයෙන් රතිඤ්ඤා පුපුරුවා හැර, ලංකාව ජීනීවා වලදී පැරදුණු නිසා මුස්ලිම්වරු රතිඤ්ඤා පත්තුකරති යනුවෙන් බොරු ප්‍රචාරයක් රටපුරා ප්‍රචලිත කිරීම.

2012-04-19 දඹුල්ල

  • හයිරීයා පල්ලිය පැට්රල් බෝම්බ ප්‍රහාරයට ලක්වීම හා ගල්වලින් පහර දීම.

2012-04-20 දඹුල්ල

  • රන්ගිරි රජ මහා විහාරාධිපති ඉනාමලුවේ සුමංගල හිමිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පෙළපාලියක් ලෙස පැමිණ දඹුල්ල හයිරීයා ජුම්ආ දේවස්ථානයට පහර දීම.

2012-05-13 දඹුල්ල

  • 2012-05-13 දිනට පෙර දඹුල්ල ප්‍රදේශයේ ජීවත් වන මුස්ලිම්වරු දඹුල්ල ප්රයදේශය අතහැර පිටත් විය යුතු බවට තර්ජණය කර ලියුම් යැවීම

2012-05-25 කොළඹ

  • දෙහිවල ගල් විහාර වීදියේ පිහිටා තිබෙන දාරුර් රහිමාන් දේවස්ථානය ඉවත් කරන මෙන් ඉල්ලා බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් උද්ඝෝෂණ පැවැත් වූ අතර දේවස්ථානය පහරදීමට ලක් විය.

2012-05-28 කුරුණෑගල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරිය සිංහලවත්තේ පිහිටා ඇති උමර් ඉබ්නුල් හත්තාබ් කුර්ආන් මද්රසාවෙහි සලාත් කිරීම නවත්වන මෙන් බොද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් උද්ඝෝෂණ පැවැත් වූ අතර එහි සලාතය ඉටුකිරීම වහා නවත්වන ලදී

2012-06-21 ගාල්ල

  • අනුලා දේවී විද්‍යාලයට මුස්ලිම් ගුරුවරුන් පත් නොකරන මෙන් ඉල්ලා දෙමාපියන් උද්ඝෝෂණයක නිරත වීම.

2012-07-24 කුරුණෑගල

  • දෙදුරු ඔයගම දාරුල් අක්රම් තක්කියාවේ රාත්රී නැමදුම් නවත්වන මෙන් ඉල්ලා බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් උද්ඝෝෂණ පැවැත් වූ අතර නැමදුම් කිරීමද අත්හිටුවන ලදී.

2012-07-26 කොළඹ

  • දෙහිවල පීරිස් මාවතේ පිහිටා තිබෙන දාරුල් අක්රම් කුර්ආන් මද්රසාවේ සලාතය ඉටුකිරීම ආණ්ඩුව විසින් නිල වශයෙන්ම නවතා දැමීම.

2012-7-29 කොළඹ

  • රාජගිරිය ඔබේසේකර පුර ජාමිඋ දාරුල් ඊමාන් දේවස්ථානයේ රාත්රී් නැමැදුම් ඉටුකිරීමට විරුද්ධව බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් උද්ඝෝෂණ පැවැත් වූ අතර නැමැදුම් කිරීමත් නවතා දැමීම.

2012-08-30 කොළඹ

  • වැල්ලම්පිටිය කොහිලවත්ත දේවස්ථානයට ගොඩ වූ ඇතැම් බෞද්ධයින් පල්ලියට පහරදෙන බවට තර්ජණය කිරීම.

2012-10-27 අනුරාධපුර

  • මල්ලවත්ත ඔය පාරේ පිහිටා ඇති දේවස්ථානයට බෞද්ධ අන්තවාදීන් විසින් පහරදීම.

2012-11-22 බදුල්ල

  • දීන් පෙන්සි නැමැති මුස්ලිම් ව්‍යාපාරිකයාට අයත් වෙළඳ සැලේ බුදුන් වහන්සේගේ රූපයෙන් යුත් අත්වැසුම් ඇති බව පවසා ජාතීවාදීන්ගේ ඉල්ලීමට අනුව පොලීසිය විසින් වෙළෙඳසැල් හිමිකරු අත්අඩංගුවට ගැනීම.

2012-11-23 බදුල්ල

  • එම වෙළෙඳසැල් හිමියා නිදහස් කිරීමට විරුද්ධව ජාතිවාදීන් උද්ඝෝෂණයේ නිරතවීම.

2012-11-24 බදුල්ල

  • බදුලුපිටියේ මුස්ලිම්වරයෙකුට අයත් එළුවන් 6ක් සොරකම් කිරීම හා එයින් එක් එළුවෙක් කෑලි කෑලි වලට කපා දැමීම. මේ සම්න්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කිරීම

2012-11-30 මහරගම

  • නැගෙනහිර මුස්ලිම් අන්තවාදීන් විසින් බෞද්ධ පෞරාණික වස්තු විනාශකරන බව පවසා කොළඹ මහරගම නාවින්න රජමහා විහාරයේ මුස්ලිම්වරුන්ට විරුද්ධව රැලියක් පැවැත් වීම.

2012-12-03 මහනුවර

  • කුන්ඩසාල කෘෂිකර්ම විද්‍යාලයේ ඉගෙනුම ලබන මුස්ලිම් ශිෂ්‍යයින්ට ඌරු මස් දීම

2012-12-08 මහනුවර

  • මුස්ලිම් ව්යා-පාරිකයින්ට විරුද්ධව පෝස්ටර් ඇලවීම හා ජංගම දුරකථන හරහා කෙටි පණිවිඩ යැවීම

2012-12-20

  • ජෙමීල් නැමැති මුස්ලිම් ව්‍යාපාරිකයාගේ නිවසට කණ්ඩායමක් ඇතුළු වී රණ්නාභරණ හා ජංගම දුරකථනය පැහැරගෙන යෑම

2012-12-23 රත්නපුර

  • රත්නපුරා දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට බෞද්ධ ජාතිවාදීන් විසින් පහරදීම හා 24 වැනිදා එම ස්ථානයේම මුස්ලිම්වරුන්ට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වීම.

2012-12-24 බදුල්ල

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියන්ගන ප්‍රදේශයේ පිහිටා ඇති දේවස්ථානයේ අලුත් වැඩියා කටයුතු නොකරන මෙන් පවසා බෞද්ධ අාගම්වාදීන් විසින් පෝස්ටර් ඇලවූ අතර අත් පත්රතකාද බෙදාහරින ලදී.

2012-12-26 උඩුනුවර

  • උඩු නුවර පුවෙලිකට්ට දේවස්ථානය අසල පිහිටි නිවස අසල නවතා තැබූ වෑන් රථයේ අයිතිකරු හා එහි සිටී සිංහල අය අතර සිදුවූ ප්‍රශ්නය

2012-12-29 උඩුනුවර

  • පුවෙලිකට්ට මුස්ලිම් කඩයකින් සිගරට් ගත් සිංහල තරුණයින් සිගරට්වලට මුදල් නොගෙවා කලබල ඇති කිරීම

2012-12-30 උඩුනුවර

  • එම ග්‍රමයේම මුස්ලිම් පුද්ගලයෙකුට අයත් ගොඩනැගිල්ලහි බලහත්කාරයෙන් ශබ්ද විකාශන යත්රා සවිකර පිරිත් විකාශනය කිරීම

2013-01-05 අනුරාධපුර මල්වතු පාර දේවස්ථානයට එරෙහිව හිමිවරු උද්ඝෝෂනයේ නිරත වීම 2013-01-07 අනුරාධපුර දිස්ත්රිාක්කයේ මල්වතු ඔය පාරේ දීර්ඝ කාලීනව ජීවත් වන මුස්ලිම්වරුන්ව එම ප්රපදේශයෙන් පිටමං කරන ලෙස ඉල්ලා බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වීම 2013-01-07 නීති විද්යාැලයට තේරීපත් වූ මුස්ලිම් ශිෂ්යහයින්ගේ සංඛ්යා ව අඩුකරන මෙන් ඉල්ලා කොළඹ නීති විද්යායලය ඉදිරිපිට බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වීම 2013-01-7 හලාල් විරෝධී ප්රයකාශ ඇතුලත් දිනදර්ශණයක් බොදු බල සේනාව විසින් ප්‍රකාශයට පත්කිරීම 2013-01-08 මුස්ලිම් විවාහ ලියාපදිංචි ගාස්තුව ඉහල දැමිය යුතු යැයි ජාතික සංඝ සභාව දැනුම්දීම 2013-01-08 නීති විද්යාවලය ඉදිරිපිට පැවැත් වූ උද්ඝෝෂණයේදී මුස්ලිම් පුද්ගලයෙක් යැයි සිතා සිංහලයෙක් සිංහල රාවය සංවිධානයේ පහර කෑමට ලක්වීම 2013-01-09 දහවල් දෙකට තරුණපිරිසක් විසින් අනුරාධපුර මල්වතු පාර දේවස්ථානයට තෙවන වතාවටත් පහර දීම 2013-01-09 නීති විද්‍යාලයට මුස්ලිම් ශිෂ්යලයින් වැඩි පිරිසක් තේරීපත්වීමට විරුද්ධව විභාග දෙපාර්තුමේන්තුව ඉදිරිපිට බොදු බල සේනාව උද්ඝෝෂනයේ නිරත වීම 2013-01-15 අල්ලාහ්ට කැපකළ හලාල් ආහාර බෞද්ධයින් වන අපට‍ එපා යන මැයෙන් කොළඹ නගරයේ පෝස්ටර් ඇලවීම 2013-01-19 කොළඹ මහරගම ප්රඇදේශයේ පිහිටි මුස්ලිම් ව්යා පාරිකයෙකුට අයත් නෝලිමිට් ආයතනය වසා දමන ලෙස ඉල්ලා බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වීම හා එම ආයතනය කඩා විනාශ කිරීමට තැත්කිරීම 2013-01-20 කුලියාපිටිය ප්ර දේශයේ හලාල් විරෝධී අත් පත්රිෂකා බෙදාහැරීම 2013-01-20 මුස්ලිම් හෝටල්වල සිංහලයන්ට පරිභෝජනය කරනු ලබන ආහාරවල වඳභාවය ඇති කරන රසායන ද්ර්ව්ය් එක්කරන බව පවසමින් මුස්ලිම් හෝටල්වලින් ආහාර අනුභවය වහා නවත්වන මෙන් ඉල්ලා අනුරාධපුර නව නගයේ මුස්ලිම්වරුන්ට විරුද්ධව පෝස්ටර් ඇලවීම හා අත් පත්රි්කාද බෙදාහැරීම. 2013-01-22 අලුතින් සෑදූ සියලු දේවස්ථාන ජීහාදයේ පුහුණු කඳවුර යැයි බොදුබලසේනා සංවිධානය විසින් ප්රදකාශයට පත් කිරීම 2013-01-22 කොළඹ මහ නගර සභා ශාලාවේ සිට ජනාධිති මාලිගාව දක්වා ජාතික සංඝසභාව රිසානාගේ මරණ දඬුවමට විරුද්ධත්වය ප්රමකාශ කරමින් සහ කාන්තාවන් සෞදි යැවීම නවත්වන මෙන් ඉල්ලා පාගමනක නිරත වීම 2013-01-22 කොළඔ බොදු බල සේනාවේ මාධ්ය2 හමුවක් පැවැත් විණි. මෙහි ඉස්ලාමීය සමාජසේවා සංවිධාන දහයක් අන්තවාදී සංවිධාන බවට බොරු චෝදනාවක් ඉදිරිපත් කිරීම සහ දින හතක් ඇතුලත ඉස්ලාමීය දේවස්ථාන වල ලයිස්තුවක් ආර්ක්ෂක අමාත්යංහශ්යව විසින් තම සංවිධානයට ලබාදිය යුතු බවට පැවසීම 2013-01-23 ලංකාව තුළ මුස්ලිම් මූලධර්මවාදී සංවිධාන ක්රි්යාත්මක වන බවත් එවා තහනම් කළ යුතු බවත් දේශ හිතෛෂි ජාතික ව්යාරපාරය ප්රවකාශයට පත් කිරීම ලංකාව තුළ වහාබි හා සලෆි අන්තවාදය ව්යානප්ත වන බව නෙත් එ‍ෆ් එම් වැඩසටහනට සහභාගී වෙමින් බොදු බල සේනාව ප්ර‍කාශ කිරීම 2013-01-23 කළුතර දිස්ත්රිීක්කයේ බේරුවල ප්ර්දේශයේ පිහිටා ඇති මුස්ලිම් හෝටලයකට බෞද්ධ හිමිවරු විසින් පහර දී අලාභ හානි සිදුකිරීම 2013-01-24 කුරුණෑගල දිස්ත්රිරක්කයේ කුලියාපිටිය ප්රශදේශයේ මුස්ලිම් විරෝදී උද්ඝෝෂණයක් හෙළ සිහල හිරු නැමැති සංවිධානය විසින් සංවිධානය කර එහි නබි නායක තුමණ්ට නිගා කරමින් ලියන ලද බෝඩ් ප්රනදර්ශනය කිරීම හා පඹයෙකුට අල්ලාහ් දෙවි යැයි පවසමින් පුළුස්සා දැමීම 2013-01-29 ඉස්ලාමීය ෂරීආ නීතියට විරුද්ධව ඇමෙරිකාව ජිනීවා වල යෝජනා ඉදිරිපත් කළ යුතු බව ජාතික හෙළ උරුමයේ එල්ලාවල මේධානන්ද හිමි විසින් ප්ර කාශ කිරීම 2013-01-30 LOLC ආයතයේ වෙළඳ දැන්වීමක් හිදායත් ගූප් ඔෆ් කොම්පැණී නම් ආයතය ප්රCදර්ශනය කිරීමට විරෝධතාව පළකරමින් සිහල රාවය සංවිධානය තර්ජණය කිරීම 2013-01-31 බදුල්ල දිස්ත්රි්ක්කයේ ජාතිවාදයට විරුද්ධව සම අයිතිවාසිකම් සංවිධානය අත් පත්රිනකා බෙදා හරින විට එම සංවිධානය දරුණු පහර දීම් වලට ලක්වී තර්ජණය කිරීම 2013-02-01 මහනුවර සිද්ධි ලෙබ්බ මාවත (නාම පුවරව විනාශ කර) විද්යායර්ථ මාවත යැයි නම් වෙනස් කිරීම 2013-02-01 ජාති ආගම් බාලක බාලිකා ලෙස මින් පසු පාසල් වෙන් නොකරන බව නුගේවල මධ්ය‍ මහා විද්යාබලයේ දී අධ්යාසපන අමාත්යව බන්දුල ගුණවර්ධන මහතා ප්රමකාශ කිරීම 2013-02-04 ගාල්ල සමගි වත්ත මුස්ලිම් ජනයාට විරුද්ධව බොදු බල සේනා සංවිධාන විසින් අත් පත්රි කා බෙදා හැරීම 2013-02-06 මුහුණ ආවාරනය කරමින් මුස්ලිම් කතක් මෙන් වෙස් ගත් හමුදා සෙබලෙක් මහනුව බැංකුවක් කොල්ල කෑම සඳහා පැමිණි විට අත්අඩංගුවට ගැනීම 2013-02-07 2013-02-10 දක්වා නාරම්මල මුස්ලිම් ව්යාහපාරික ස්ථාන වලට නාන්දුනන කල්ලියක් විසින් 2013 මාර්තු මසින් පසු නුඹලාට විනාශ යැයි සඳහන් කරමින් ලිපි යැවීම 2013-02-07 2013 වසර හලාල් වර්ජන වසර බවට බොදුබල සේනාව ප්රකකාශයට පත්කිරීම හා තම වැඩසටහන් ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපති තුමාගේ ආශිර්වාදය ද හිමි වී ඇති බව ප්රනකාශ කිරීම. 2013-02-09 මාතර ගන්දර නම් ප්රිදේශයේ මුස්ලිම් දේවස්ථානය සිංහල තරුණයින්ගේ පහර දීමට ලක් වීම හා එහි ජීවත් වන අය බිය ගැන්වීම 2013-02-09 කුරුණෑගල දිස්ත්රිවක්කයේ වරකාපොළ ප්රගදේශයේ බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් මුස්ලිම්වරුන්ට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වීම 2013-02-10 කුරුණෑගල නාරම්මල හොරොම්බාව ප්රණදේශයේ සුබහ් සලාතය සඳහා ගිය කෙනෙක් පහරදීමට ලක්වීම 2013-02-11 කුරුණෑගල රඹුක්කන ප්ර-දේශයේ හලාල් වි‍රෝධී පෝස්ටර් ඇලවීම 2013-02-11 කුරුණෑගල නාරම්මල නගරයේ මුස්ලිම් ව්යාලපාරිකයින් ‘පර තම්බිලාට මාර්තු මස තුල මරණය’ යන මැයින් තර්ජණ ලිපි ලැබීම හා මෙම ලිපි බෞද්ධ සංවිධානවල එකමුතුව යන නමින් යවා තිබීම 2013-02-12 සිංහල බෞද්ධයින්ව රබර් වත්තේ රබර් ගස්වලටත් සුළු ජාතික මුස්ලිම්වරුන් එම වත්තේ කුඩා පැලෑටි වලටත් උපමා කර බොදුබල සේනාව ප්රාකාශ නිකුත් කිරීම 2013-02-13 කුරුණෑගල දිස්ත්රි-ක්කයේ නාරම්මල පොලිස් බල ‍ප්ර දේශය තුල සියඹලාගස් කොටුව කිලින්පොල නැමැති ග්රාතමයේ මුස්ලිම්වරුන්ට අයත් කඩවල් හතරක් කඩා විනාශ කිරීම 2013-02-14 ලබන සිංහල අළුත් අවුරුද්දට පෙර හලාල් සහතිකය ඉවත් කළ යුතු බවටත්, එසේ නොවන විට බෞද්ධ විප්ලවයක් මතු වන බවටත් ජාතික හෙළ උරුමයේ නායක අමාත්යත පාඨලී චම්පික රණවක විසින් අවධාරණය කිරීම 2013-02-14 මහනුවර දිස්ත්රිවක්කයේ දිගන ප්රීදේශයේ මුස්ලිම්වරුන්ට විරුද්ධව අත් පත්රි‍කා බොදු බල සේනා සංවිධානය විසින් බෙදා හැරීම 2013-02-14 කොළඹ විශේෂ අමාත්යි මණ්ඩල රැස්වීමේදී මුස්ලිම්වරුන් පිළිබඳ ජනාධිපති තුමා සැක පහළ කිරීම 2013-02-14 මහනුවර කැප්පැටිපොළ පරපුර නම් සංවිධානය විසින් මුස්ලිම් ජනතාවට හා හලාල් සංකල්පයට විරුද්ධව අත් පත්රි්කා බෙදා වෙන්කිරීම 2013-02-16 ගාලු නගරය තුල මුස්ලිම් ජනාතාවට එරෙහිව පෝස්ටර් ඇලවීම සහ මුස්ලිම් කඩ වර්ජනය කරන මෙන් පවසා පෝස්ටර් ඇලවීම 2013-02-17 මුස්ලිම්වරුන්ට විරුද්ධව වාරියපොලේදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය පොලීසිය විසින් තහනම් කිරීම 2013-02-20 කුරුණෑගල පරගහදෙනිය රක්අන්දරාජ පන්සල ඉදිරිපිට මුස්ලිම්වරුන්ට එරෙහි පෝස්ටර් ඇලවීම 2013-02-21 අම්බලන්තොට මුස්ලිම් ව්යානපාරිකයෙකුට අයත් හාඩ්වෙයාර් ආයතනයකට තිදෙනෙක් පැමිණ තර්ජනය කිරීම 2013-02-21 ගාල්ල හිරිඹුර ජුම්ආ දේවස්ථානයට රාත්රීා 2.00ට පමණ ගල්මුලි වලින් පහර දීම 2013-02-27 හලාල්, ෂරීආ, ඉස්ලාමීය බැංකු ක්රයම ඉවත් කරන මෙන් පවසා මාධ්යල හමුවක් බොදුබල සේනා සංවිධානය විසින් පැවැත්වීම 2013-03-01 කොළඹ දෙමටගොඩ ප්රෂදේශයේ (රජයේ නිල අවසරයෙන්) පවත්වාගෙන යන හරක් මරණ ස්ථානය බොදු බල සේනාව විසින් වැටලීම 2013-03-02 අලුත්ගම (රජයේ නිල අවසර ලත්) හරක් මරණ ස්ථානය බස් රථ දෙකින් පැමිණ බොදුබල සේනා සංවිධානය විසින් වැටලීම 2013-03-03 කුරුණෑගල මෙල්සිරපුර ප්රසදේශයේ මුස්ලිම්වරුන්ට විරුද්ධව බොදුබල සේනා සංවිධානය විසින් උද්ඝෝෂණ පැවැත්වීම 2013-03-03 මහනුවර මීවදුරේ ප්රැදේශයේ මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙක් විසින් පවත්වාගෙන ගිය නේවාසිකාගාරය බොදු බල සේනාව විසින් වටලා අයිතිකරුට විරුද්ධව නඩු පැවරීම 2013-03-03 රත්නපුර දිස්ත්රිුක්කයේ ඔපනායක මුහියද්දීන් ජුම්ආ දේවස්ථානයේ කණ්නාඩිවලට ගල්ගසා අලාභ හානි සිදුකිරීම 2013-03-03 මුස්ලිම්වරුන්ට එරෙහිව හම්බන්තොට දිස්ත්රිුක්කයේ සිංහල රාවය ජාතික සංඝවිධානය විසන් උද්ඝෝෂණ පැවැත්වීම 2013-03-04 කාලි අධිකරණ අහෝසිකළ යුතු බවට බොදු බල සේනා සංවිධානය විසින් ප්ර කාශයට පත් කිරීම 2013-03-05 මහර හිරගෙදර භූමිය තුල පිහිටා ඇති දේවස්ථානය මෙමස 30 වැනිදාට පෙර වසා දැමිය යුතු බවට ??????? අමාත්යස චන්ද්රවසිරි ගජදීර මහතාගේ උපදෙස් අනුව මහර හිරගෙදර අධ්යභක්ෂක දේවස්ථාන දායක සභාවට ලිඛතව දැනුම් දීම 2013-03-05 පානදුර එලුවිල්වේකඩ බෞද්ධාලෝක විද්යායලයේ අධ්යානපනය ලබන මුස්ලිම් ශිෂ්යා ව පර්දා ඇඳුම ඇඳීමට තහංචි පැනවීම සහ එම ශිෂ්යාදව ගුරුවරුන්ගේ පාමුල වැඳ නමස්කාර කළ යුතු යැයි විදුහල්පති විසින් අනිවාර්ය කිරීම 2013-03-06 හලාල් ඇත්ත නැත්ත යන මෙයින් ජාතික හෙළ උරුමය විසින් පොතක් ප්රපකාශයට පත්කොට ඉස්ලාම් දහම හා මුස්ලිම්වරු පිළිබඳ වැරදි මත ප්ර්චාරය කිරීම 2013-03-11 හලාල් සහතිකය අහෝසිකරන බවට ජම්ඉයතුල් උලමා සභාව විසින් දැනුම් දීම 2013-03-17 හිජාබ් ඇඳුමට විරුද්ධව මහනුවර බොදු බල‍ සේනා සංවිධානය විසින් උද්ඝෝෂණ පැවැත්වීම 2013-03-18 පොළොන්නරුව මන්නම්පිටියේ දී හිජාබ් ඇඳුමෙන් යුත් මුස්ලිම් කාන්තාව පහරදීමට ලක්වීම 2013-03-19 තමිල්නාඩුවේදී බෞද්ධ හිමිවරු පහරකෑමට ලක් වීමට හේතුව තමිල් නාඩු තවුහීද් ජමාත් සංවිධානය හා ශ්රීම ලංකා තවුහීද් ජමාත් සංවිධානය බවට පදනම් විරහිත චෝදනාවක් ඉදිරිපත් කරමින් එම සංවිධානය තහනම් කළ යුතු බව ප්රංකාශ කරමින් බොදු බල සේනාව විසින් මාධ්යම හමුවක් පැවැත්වීම 2013-03-22 සිංහල ත්රීනවිල් රියදුරෙක් මහනුවර ගල්හින්න ප්රවදේශයේ මද්රසා මෞලවී කෙනෙකුගේ තොප්පිය උදුරා පාගා දැමීම 2013-03-24 හිජාබ් ඇඳුමට විරුද්ධව බොදු බල සේනා සංවිධානයේ රැළියක් පානදුර ප්රශදේශයේ පැවැත්වීම 2013-03-26 කළුතර දිස්ත්රිික්කයේ සිංහල පාසලක සේවය කරන මුස්ලිම් ගුරුවරයකගේ හිජාබ් ඇඳුම ගලවන මෙන් ගුරු උපදේශක හිමි නමක් තර්ජනය කිරීම 2013-03-28 කෙකිරාව ප්ර?දේශයේ වහාබිවාදය ත්ර?ස්තවාදයක් සංවිධානය කරන බවට බොරු ප්රිචාරයක් ඇති කිරීමට බොදු බල සේනාවේ රැළියක් පැවැත් වීම 2013-03-30 පැපිළියාන ෆැෂන් බග් ආයතනය හිමිවරුන් ද ඇතුළු කල්ලියකගේ පහර දීමට ලක් වී දරුණු අලාභ හානි සිදුකිරීම 2013-03-31 කොළඹ (වයිට් පාර්ක්), කැලණිය, පන්නල යන ස්ථානවල හිජාබ් විරෝධී රැළි බොදු බල සේනාව විසින් පැවැත් වීම. 2013-04-01 ඇල්පිටිය ප්ර0දේශයේ ගිවිසුම මත කුලී කඩවල ව්යා,පාරික කටයුතු කරන මුස්ලිම් ව්යාිපාරිකයින්ගේ ගිවිසුම අහෝසි කරන මෙන් බොදු බල සේනාව අවවාද කිරීමෙන් පසු මුස්ලිම් ව්යාාපාරිකයින් 13 දෙනෙකුගේ ගිවිසුම් අහෝසි කිරීම 2013-04-01 මොනරාගල හා බදුල්ල දිස්ත්රි?ක්කවල ජාතිවාදය ඇවිස්සෙන ආකාරයේ අත් පත්රි කා බෙදාහැරීම 2013-04-01 මඩකලපු දිස්ත්රි්ක්කයේ මුස්ලිම් ජනයාට විරුද්ධව හර්තල් වල නියලෙන මෙන් ‘පිපිදෙව්! දමිල සිංහල ජනයිනී! යන මෙයින් ආදි ද්රාුවිඩ සේනා සංවිධානය විසින් අත් පත්රිදකාවක් මඩකළපු නගරයේ දෙමල ව්යාකපාරිකයින්ට තැපැල් මාර්ගයෙන් යවා තිබීම

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/13

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම