මුස්ලීම් හදීස් ග්‍රන්ථය

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාමීය ලෝකයේ අල්-කුර්ආනයට දෙවැනි ස්ථානය හදීස සඳහා ලැබී ඇත. මෙම දෙක අතරේ ඇති හිදැස පළල් වුවද කුර්ආනයට දෙවනුවට ගණන් ගනු ලබන්නේ හදීසයයි. එම හදීස් ග්‍රන්ථයන් අතරින් ඉතාමත්ම උසස් යයි ගණන් ගනු ලබන්නේ සහීහුල් බුහාරි නමැති ග්‍රන්ථය වන අතර ඊට පසු තැන හිමි වන්නේ සහීහ් මුස්ලීම් හදීස් ග්‍රන්ථයටයි.

මුහම්මද් (සල්) තුමාණන්ගේ මුතුවදන් හෙවත් හදීසයන් එතුමාණන්ගේ අභාවයෙන් පසුව රුකුණේ සමකාලීනයන් (සහාභාවරුන්) අතය. එතැනින් එහාට එය ආරක්ෂා කිරීමේ මෙහෙවරේ නිරතවූවන් අතර මුස්ලීම් තුමාණන් ද ප්‍රධාන කෙනෙකි එතුමාණන්ගේ හදීස් පෙලගැස්ම පහතින් දැක්වේ.

හදීස් පෙලගැස්ම මෙතැන්සිට...


002 පාඩම – ඉස්ලාමයේ කුළුණුවලින් එකක් වූ සලාතය

හදීස් අංක 0008 සිට 0009 දක්වා…

0008.

තල්හාබින් උෙබෙදිල්ලාහ් (රලි) තුමා පැවසීය.

නජ්ද් වැසියන්ගෙන් කෙනෙක් හිස අවුල් වූ ස්භාවයෙන් (ගමන අවසන් වූ සැණින්) අල්ලාහ්ගේ දුත (සල්) තුමන් වෙතට පැමිණියේය. (ඔහු තරමක් දුරින් සිටි නිසා) ඔහුගේ කටහඬ අපට ඇසිය හැකි වූනත් ඔහු කී දෙය පැහැදිලිව අපට දැනගත නොහැකිවිය. පසුව ඔහු අල්ලාහ්ගේ දූත (සල්) තුමන්ට සමීප විය. ඔහු ඉස්ලාමය ගැන විමසන බව අපට වැටහුනේ එවිටය. එවිට අල්ලාහ්ගේ දුත (සල්) තුමෝ ”(දිනකට) දිවා, රාත‍්‍රි පස්වරක් සලාතය (ඉටුකිරීම ඉස්ගාමයේ නියමයවෙයි)”යි පිළිතුරු දුන්හ. වහාම ඔහු ”මේවා හැර වෙනත් (සලාතයන්) කිසිවක් මට (පැවරී) ඇතිද?”යි විමසීය. ”නැහැ. නුඹේ මනාපය පරිදි ඉටුකරන (වැඩිපුර) සලාතයන් හැර”යි නබි (සල්) තුමෝ පැවසූහ.

ඊළඟට ”රාම්සාන් මස නෝම්බි ඇල්ලීම (ඉස්ලාමයේ නියමයයි)”යි නබි (සල්) තුමෝ කීහ. ඔහු ”මේහැරා වෙනත් (නෝම්බි) මට නියම ඇත්ද”යි ඇසීය. ”නැහැ. නුඹේ මනාපය පරිදි ඉටුකරන (වැඩිපුර) නොම්බි හැර”යි නබි (සල්) තුමෝ කිහ.

තවද, සකාත් (දීම) ඉස්ලාමයේ නියම බව) පිළිබඳවද අල්ලාහ්ගේ දුත (සල්) තුමෝ විග‍්‍රහ කළහ. ඔහු මෙය හැර වෙනත් (දාන) මට (පැවරී) ඇත්දැයි ඇසූ විට ”නැහැ. නුඹේ කැමැත්ත පරිදි (වැඩිපුර) දෙන ‘දාන’ හැර”යැයි නබි (සල්) තුමෝ කීහ.

එ් මිනිසා ”අල්ලාහ්මත දිවුරා කියමි! මෙයට වඩා අධිකව මම නොකරමි. මෙයට අඩුවෙනුත් නොකරමි”යි ප‍්‍රකාශ කරමින් ආපසු ගියේය. අල්ලාහ්ගේ දූත (සල්) තුමෝ ”ඔහු (තමා කී දෙයහි) සත්‍ය වන්තයෙක් වෙයිනම් ජය ලැබුවේය”යි පැවසූහ. (9)

(9) බලන්න – සහීහුල් බුහාරි (දෙමළ) 146: 2-1691 3- 2678 4- 6956


0009.

ඉහත සඳහන් හදීසය තවත් දැනුම් දෙන්නන් පෙළකින් ඇවිත ඇත.

එහෙත් (ඒවා අවසානයේ ඔහුගේ පියා මත දිවුරා කියමි! (තමා කීදෙයෙහි) සත්‍ය වන්තයෙකුනම් ජයලබාගත්තේය. නැතිනම් ඔහු පියාමත දිවුරා කියමි. ඔහු (තමා කී දෙයහි) සත්‍ය වන්තයෙකුනම් සවර්ගයට පිවිසිසේය”යි අල්ලාහ්ගේ දුත නබි (සල්) තුමෝ පැවසූ බව සඳහන් වෙයි. (10.)