හදීස් කලාවේ යෝධයින් – ඉමාම් මුස්ලීම්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මුහම්මද් (සල්) තුමාණන්ගේ මුතුවදන් හෙවත් හදීසයන් එතුමාණන්ගේ අභාවයෙන් පසුව රුකුණේ සමකාලීනයන් (සහාභාවරුන්) අතය. එතැනින් එහාට එය ආරක්ෂා කිරීමේ මෙහෙවරේ නිරතවූවන් අතර ‘මුස්ලීම්’තුමා දෙවන ස්ථානය ගනී. එතුමාණන් හදීසයන් ගොනු කල වකවානුව මුහම්මද් (සල්) තුමාණන් නමින් ගොතනලද වදන් ද හදීස් නමින් සමාජගත වෙමින් පැවතී වකවානුවකි. එවන් වකවානුවක මුහම්මද් (සල්) තුමාණන්ගේ මුතුවදන් ගැඹුරින් අධ්‍යනය කොට සැබෑවටම නබිතුමාණන්ගේ ප්‍රකාශයන් හා ආදර්ශයන් තෝරා බේරා එය ක්‍රමවත්ව පෙලගස්වා ප්‍රකාශයට පත්කළ දෙවන තැනැත්තා වන්නේ ඉමාම් මුස්ලීම් තුමාණන්ය.

එතුමාණන්ගේ මූලික තොරතුරු…


අනුවර්ථ නාමය – මුස්ලීම්

පියාගේ නම – හජ්ජාජ්

උපන් නගරය – ඉරානයේ නයිසාපූර්

උපන් වර්ෂය – ක්‍රි ව 820 (හිජ්රි 204) දී

අධ්‍යාපනය – ඉමාම් මුස්ලීම් තුමා උපන් නගරය ආගමික පසුබිම හා ආගමික විද්වතුන් බහුලව විසූ ඉරානයේ විශාලම නගරය විය. මේ හේතුව නිසා එතුමාණන්ට ආගමික දැනුම ලබාගැනීමට මෙම පරිසරය ඉමහත් පිටුවහලක් විය. වයස අවුරුදු 14 දී ඉමාම් තුමා අධ්‍යාපන කටයුතු ඇරඹීය. වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා ප්‍රදේශ ගණනාවක සංචාරය ද කරන ලදී.

අධ්‍යාපන කටයුතු සදහා ගමන් කල ස්ථාන - කූෆාව, බග්දාදය, බසරාව, සිරියාව

ගුරුවරුන් – ඉමාම් බුහාරි, අබ්දුල්ලාහ් බින් මස්ලමා, අහමද් බින් හම්බල්, යහ්යා බින් මයින්, ඉස්හාක් බින් මන්සූර්, අබූබක්කර් බින් අබීශෙයිබා, අබ්දුල්ලා බින් අබ්දුර්රහ්මාන්, මුහම්මද් බින් අලා, මුහම්මද් බින් අබ්දුල්ලාහ්, අබ්දු බින් හුමෙයිද් යන ඉමාම්වරුන්ට අමතරව තව බොහෝ අය වෙති.

ශිෂ්‍යයන් – මුහම්මද් බින් අබ්දුල් වහ්හාබ්, අබූහාතිම් මුහම්මද් බින් ඉද්රීස්, මුහම්මද් බින් නලර්, අලී බින් හුසෙයින්, සාලිහ් බින් මුහම්මද්, අබූ ඊසා (තිර්මිදි), අහමද් බින් සලමා, ඉබුනු හුසෙයිමා, අබූ අවානා… යන ප්‍රධාන ඉමාම්වරුන්ටපිරිසට අමතරව තව බොහෝ අය වෙති.

වෙනත් ග්‍රන්ථ – අල්කුනා වල්අස්මා, අල්මුන්ෆරීදාද් වල්වුහ්දාන්, අත්තබකාත්, රිජාලු වර්වතෆ්නි සුබෙයිර්, අතතම්යිස්, අල් මුස්නදුල් කබීර්, අල් ජාමිඋල් කබීර්, අල්ඉලල්, මුස්නද් මාලික්, අව්විජිදාන් ම, මෂායිකු මාලික්, අව්ලාදුස් සහාබා…

මරණය – ක්‍රි ව 875 අප්‍රේල් මස (හිජ්රි 261 රජබ් මාසයේ) 56 වන වියේදී තම උපන් ගමේ මරණයට පත්විය.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම