අපරාධවලට සම්බන්ධ පූජකවරුන්

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


විවිධ වූ අපරාධවලට සම්බන්ධ වී බන්ධනාගතව සිටින පූජකවරුන් පිලිබදව අද (එනම්, 2023/08/08) දිනයේ පාර්ලිමේන්තුව තුල සාකච්චා වී තිබුණි. එම සාකච්චාව “අපරාධවලට පූජකවරු 56ක් හිරේ” යන මාතෘකාව යටතේ ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කොට ද තිබුණි. රටේ සමාජයේ ගරුබුහුමන් හිමි ආගමික පූජකවරුන් සමාජය තුල ක්‍රියාකොට ඇති ආකාරය එම සාකච්චාව තුල මනාව පිලිඹිබු වේ. ආගම දහම රැකගන්න සහ දැහැමි සමාජයක් ගොඩනඟන්න පෙරමුණ ගත් සමහරක් පූජකවරුන්ට අත්ව ඇති මේ ඉරණම තුල බුද්ධිමත් සමාජයකට සිතන්න බොහෝ දෑ ඉතිරිව ඇත.

රටක්, සමාජයක් දැහැමිව ගොඩනැඟීමේ මූලික වගකීම දැරිය යුතු ආගමික පූජකවරුන් තම පූජකත්වය පලිහක්, ආශිර්වාදයක් කරගෙන සමාජ විරෝධි අනාචාරවල හා පහත් ක්‍රියාවන්වල නියලීම සහ සමාජය නොමඟ යවන කටයුතුවල නිරතවීම අප රටේ දැන් දැන් සුලබ තත්වයක් වී ඇත. එපමණක් නොව එවැනි පූජකවරුන් පසුපස යමින් සමාජ විරෝධි ක්‍රියාවල නියැලෙන පොදු ජනයා ද සැලකිය යුතු මට්ටමින් වැඩ වී ඇත. මෙය දිනපතා පුවත්පත් හි අප දකින්නෙමු, අසන්නෙමු. මේ කාරණය පිලිබදව යහමග අඩවිය ද අවස්ථා ගණනාවකදී මෙම අඩවිය තුල නිදසුන් සහ සාක්ෂි ඇතුව සාකච්චා කොට ඇත. එවැනි යහමග ලිපි කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

යහමග අඩවිය තුල යාවත්කාලීන වන ලිපි

අප සමාජය කොතරම් විකෘති දිශානතියකට යොමුව තිබෙනවාද? යන්නට ඉහත ලිපි කඳිම නිදසුන් වන අතර එම ලිපි කෙරෙහි ඔබේ බුද්ධිමත් අවදානය යොමු කරන ලෙසට ආරාධනා කරමි. එම ආරාධනය ඔබට කරමින් අප සමාජය ආගමික වශයෙන් කොතරම් ආරාජික ඉසව්වකට යොමු වී තිබෙනවාද? යන්න මනාව කියාපාන අපගේ මාතෘකාව වූ “අපරාධවලට පූජකවරු 56ක් හිරේ” යන ලිපියේ සාරාංශ ගත කරුණු වෙත දැන් අවදානය යොමු කරමු.

අපරාධවලට පූජකවරු 56ක් හිරේ

  • මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, බරපතළ ලිංගික අපයෝජන, මුදල් වංචා සහ නිධන් හෑරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් විවිධ ආගමික පූජකවරුන් 56 දෙනකු බන්ධනාගාර ගතව සිටී.

මේ පිරිස අතර දඬුවම් විඳින සිරකරුවන් සංඛ්‍යාව 34කි.

  • ඒ අතර වැඩිම පිරිසක් බෞද්ධ පූජකවරු වෙති. එම සංඛ්‍යාව 29 කි.
  • මීට අමතරව හින්දු පූජකවරුන් 03 කි.
  • ඉස්ලාම් පූජකවරුන් 02 කි.

විවිධ චෝදනා සම්බන්ධයෙන් ආගමික පූජකවරුන් තවත් 21 ක් සැකකරුවන් ලෙස බන්ධනාගාරවල සිටී.

  • එසේ සැකකරුවන් ලෙස සිටින පූජකවරුන් අතර වැඩි පිරිසක්ද බෞද්ධ අය වෙති. එම සංඛ්‍යාව 19කි.
  • කතෝලික පූජකවරුන් 01 කි.
  • ඉස්ලාම් පූජකවරුන් 01 කි.

ළමා අපචාර සම්බන්ධයෙන්

  • ළමා අපචාර සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු 19 දෙනෙක් දඬුවම් විඳිති.
  • එම චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස සිටින බෞද්ධ පූජකයන් සංඛ්‍යාව 04 කි.
  • හින්දු පූජකවරුන් ගණන එකකි.

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන්

  • ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු 03 ක් බන්ධනාගාර වල දඬුවම් විඳිති.
  • මීට අමතරව ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස තවත් බෞද්ධ පූජකවරයෙක් බන්ධනාගාර ගතව සිටිති.

මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන්

  • බෞද්ධ පූජකවරු 02 ක් මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිති.
  • එම චෝදනාව සම්බන්ධයෙන් තවත් එක් බෞද්ධ පූජකවරයෙක් සැකකරුවකු ලෙස බන්ධනාගාර ගතව සිටිති.

බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධයෙන්

  • බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු 02 ක් සිර දඬුවම් විඳිති.
  • බාලවයස්කාර දැරියන් දූෂණය කිරීම සම්බන්ධයෙන් එක් බෞද්ධ පූජකවරයෙක්ද සිර දඬුවම් විදිති.

මුදල් වංචා සම්බන්ධයෙන්

  • මුදල් වංචා සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරුන් 02 සිර දඬුවම් විදිති.
  • හින්දු පූජකවරයකු ද සිර දඬුවම් විඳිති.

නිධන් හෑරීම සම්බන්ධයෙන්

  • නිධන් හෑරීම සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරුන් 03 ක් දඬුවම් විඳිති.

ඉහත කරුණු උපුටාගත් “ලංකාදීප” වෙබ් ලිපිය


(උපුටා ගැනීම මෙතැන් සිට...)

අපරාධවලට පූජකවරු 56ක් හිරේ

මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, බරපතළ ලිංගික අපයෝජන, මුදල් වංචා සහ නිධන් හෑරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් විවිධ ආගමික පූජකවරුන් 56 දෙනකු බන්ධනාගාර ගතව සිටින බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

මේ පිරිස අතර දඬුවම් විඳින සිරකරුවන් සංඛ්‍යාව 34කි. ඒ අතර වැඩිම පිරිසක් බෞද්ධ පූජකවරු වෙති. එම සංඛ්‍යාව 29 ක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මීට අමතරව හින්දු පූජකවරුන් තිදෙනකු සහ ඉස්ලාම් පූජකවරුන් දෙදෙනකුද මෙම දඬුවම් විඳින සිරකරුවන් අතර සිටින බව පැවසූ ජයරත්න මහතා ඒ චෝදනා සම්බන්ධයෙන් ආගමික පූජකවරුන් තවත් විසි එක් දෙනකු සැකකරුවන් ලෙස බන්ධනාගාරවල සිටින බවද සඳහන් කළේය.

සැකකරුවන් ලෙස සිටින පූජකවරුන් අතර වැඩි පිරිසක්ද බෞද්ධ අය වෙති. එම සංඛ්‍යාව 19කි. මෙයට අමතරව කතෝලික පූජක වරයෙක් සහ ඉස්ලාම් පූජකවරයෙක්ද ඒ පිරිසට ඇතුළත් වෙති.

ජයරත්න මහතා මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ළමා අපචාර සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු 19 දෙනෙක් දඬුවම් විඳිති. එම චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස සිටින බෞද්ධ පූජකයන් සංඛ්‍යාව 4කි. හින්දු පූජකවරුන් ගණන එකකි.

මේ අතර ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු තිදෙනෙක් බන්ධනාගාර වල දඬුවම් විඳිති මීට අමතරව ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස තවත් බෞද්ධ පූජකවරයෙක් බන්ධනාගාර ගතව සිටිති.

මෙයට අමතරව බෞද්ධ පූජක වරු දෙදෙනෙක් මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිති. එම චෝදනාව සම්බන්ධයෙන් තවත් එක් බෞද්ධ පූජකවරයෙක් සැකකරුවකු ලෙස බන්ධනාගාර ගතව සිටිති.

බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු දෙදෙනෙක්ද බාලවයස්කාර දැරියන් දූෂණය කිරීම සම්බන්ධයෙන් එක් බෞද්ධ පූජකවරයෙක්ද සිර දඬුවම් විදිති.

මුදල් වංචා සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරුන් දෙදෙනකු සහ හින්දු පූජක වරයකු සිර දඬුවම් විඳින බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා නිධන් හෑරීම සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරුන් තිදෙනකු දඬුවම් විඳින බවද ප්‍රකාශ කළේය.

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94-56%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A/101-637789

(උපුටා ගැනීම අවසන්...)


මෙම පුවතට අදාල පාර්ලිමේන්තු සාකච්චා වීඩියෝව පහතින් ඉදිරිපත් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/9

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම