දිව්‍යමය කාලීන මුතුවදන් පෙලගැස්ම

ඉස්ලාම් දහම දිව්‍යමය මඟපෙන්වීම මත ගොඩනැඟුණු දහමකි. එහි දිව්‍යමය මූලාශ්‍රයන් වන්නේ අල්කුර්ආනය සහ අල්හදීස් ය. එම දිව්‍යමය මූලාශ්‍රයන් දෙකෙහි අන්තර්ගත කාලීන වශයෙන් වැදගත් වන ඉගෙන්වීමන් යහමග අඩවිය පාඨක අවදානය පිණිස මෙහි පහතින් පෙලගැසීම මෙම පිටුවෙහි අරමුණයි.
එම මුතුවදන් පෙලගැස්ම මෙතැන්සිට...
අපට අයහපතක් සිදුවීම ඔවුන්ගේ පැතුමයි, ඉවසීමෙන් කටයුතු කරමු
විශ්වාසවන්තයණි! (මුස්ලීම්වරුනි) නුඹලාට කුමක් හෝ යහපතක් පැමිණියේ නම් ප්‍රතික්ෂේප කරන්නන් (ඉස්ලාම් විරෝධීන්) හට එය දුකක් ගෙනදෙන්නේය. නුඹලාට අයහපතක් සිදුවන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන්නන් හට සතුට ගෙනදෙන්නේය. නුඹලා (ඔවුන් සම්බන්ධයෙන්) ඉවසීමෙන් හා දෙවියන්ට අවනතව කටයුතු කලේනම් ඔවුන්ගේ කුමණ්ත්‍රන මඟින් නුඹලාට කිසිදු අයහපතක් සිදුකිරීමට ඔවුන් හට නොහැකි වනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් හොදින් නිරීක්ෂණය කරන්නේය.
අල්කුර්ආනය 3-120
සුළු කුසලක් වූවත් අඛණ්ඩව ඉටු කිරීමයි වටින්නේ
“ඔබට ඉටුකළ හැකි යහපත් ක්‍රියාවන් පමණක් භාර ගන්න, මක්නිසාදයත් වඩාත් හොඳම ක්‍රියාව වන්නේ සුළු කුසල ක්‍රියාවක් වුවද එය අඛණ්ඩව ඉටු කිරීමයි.”
මූලාශ්‍ර හදීස් ග්‍රන්ථ – සුනන් ඉබ්නු මාජා 4240
අල්ලාහ්ගේ ආලෝකය මුවින් නිවන්න උත්සාහ කිරීම
අල්ලාහ් (දෙවි)ගේ ආලෝකය ඔවුන්ගේ මුවින් නිවා දමන්නට ඔවුහු අදහස් කරති. අල්ලාහ් එයට ඉඩ නොතබයි. ප්‍රතික්ෂේප කරන්නන් අකමැති වුවද ඔහු තම අලෝකය පරිපූර්ණ කරන්නේමය.
අල්කුර්ආනය 9-32
"ඊර්ෂ්‍යාව" කුසල් සියල්ල විනාශ කරයි
ඊර්ෂ්‍යාව සම්බන්ධයෙන් මා නුඹලාට අවවාද කරමි. මන්ද ‘ගින්දර දර කැබැලි කෙසේ විනාශ කර දමන්නේ ද ඒ ආකාරයටම ඊර්ෂ්‍යාව නුඹලාගේ කුසල් සියල්ල විනාශ කර දමන්නේය.
මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්
යුක්තිය ආරක්ෂා කරන්න
විශ්වාසවන්තයිනි! යුක්තිය ඔබට, ඔබේ දෙමාපියන්ට හෝ සමීප ඥාතීන්ට විරුද්ධ වුවද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂිකරුවන් ලෙස යුක්තිය වෙනුවෙන් ස්ථිරව සිටින්න. ඔවුන් පොහොසත් හෝ දුප්පත් වේවා, ඔවුන්ගේ අවශ්‍යතා සහතික කිරීමට අල්ලාහ් හොඳම වේ. එබැවින් ඔබේ ආශාවන් ඔබව යුක්තියෙන් බැහැර වීමට ඉඩ නොදෙන්න. ඔබ සාක්ෂිය විකෘති කරන්නේ නම් හෝ එය ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබ කරන දේ ගැන අල්ලාහ් නියත වශයෙන්ම දන්නා බව දැන ගන්න.
අල්කුර්ආනය 4:135
හිරු උදාවන දිනයන් අතුරින් හොඳම දිනය
හිරු උදාවන හොඳම දිනය සිකුරාදා ය. ආදම්ව මැවූ දිනය එයයි. එය ආදම් ස්වර්ග උද්‍යානයට ඇතුළු වූ දිනය සහ ඔහුව නෙරපා හරින ලද දිනය සහ ඔහු මියගිය දිනයයි. නැවත නැඟිටීමේ (මහ්ෂර්) දිනය සිකුරාදා දිනයයි.
මූලාශ්‍ර ග්‍රන්තය – මුස්ලිම්
කාර්‍යයන්ගෙන් ඉමහත් පාඩු ලබන්නා කවුරුන් ද?
“තම කාර්‍යයන්ගෙන් ඉමහත් පාඩු ලබන්නා කවුරුන් ද? යන්න මා නුඹලා හට දැනුම් දෙන්න ද?” යනුවෙන් (නබිතුමණි!) නුඹ (ඔවුන්ගෙන්) විමසන්න. “කවුරුන්ගේ උත්සාහයන් ලෞකික දිවිය තුලම නිෂ්ළුල වී තිබියදීත් තමා සැබැවින්ම යහපත් ක්‍රියාවන්ම ඉටු කරන බව සිතාගෙන සිටින්නේ ද? ඔවුන්ම ය.”
අල්කුර්ආනය 18-103 හා 104
ජාතිය හෝ ගෝත්‍රය වෙනුවෙන් සටන් කරන්නා මුස්ලීම් නොවේ.
“කෙනෙකු ‘අසාබියා’ ඉල්ලා සිටින, අසාබියා වෙනුවෙන් සටන් කරන හෝ අසාබියා වෙනුවෙන් මිය යන්නෙකු නම්, ඔහු අපෙන් (මුස්ලීම්වරුන්ගෙන්) කෙනෙකු නොවේ. ”
මුලාශ්‍ර ග්‍රන්ථය – අබුදාවූද්
(මෙහි අරාබි බසින් ‘අසාබියා’ යනු ‘ජාතිවාදය හෝ ගෝත්‍රවාදය’ යන්න අදහස් කෙරේ.)
වචනයෙන් උතුම් වචනය අල්ලාහ්ගේ වචනය, ආදර්ශයෙන් විශිෂ්ඨ ආදර්ශය නබි තුමාණන්ගේ ආදර්ශය
වචනයන්ගෙන් උතුම් වූ වචනය අල්ලාහ්ගේ වචන (වන ශුද්ධ වූ කුර්ආන)යයි. ආදර්ශයන්ගෙන් විශිෂ්ඨතම ආදර්ශය මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ (වන හදීස)යයි. ක්‍රියාවන්ගෙන් නරකම ක්‍රියාව ‘බිද්අත්’ (ඉහත අංග දෙකට පරිභාහිරව අලුතින් ඇති කරන ලද කරුණු)ය. බිද්අත් සියල්ල දුර්මාර්ගයේ ය. දුර්මාර්ගයන් සියල්ල අපායටම (අපව) කැදවාගෙන යන්නේ ය.
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි, නසායී, මුස්ලීම්
ඔබ යහපත මගින් අයහපත වළක්වා ගන්න උත්සාහ කරන්න
යහපත හා අයහපත (යන දෙක) සමාන වන්නේ නැත. ඔබ යහපත මගින් අයහපත වළක්වා ගන්න. එසේ වුවහොත්, ඔබ සහ ඔහු අතරේ ඇති වෛරය වෙනස් වී ඔබගේ (දරුණු) සතුරා ඔබගේ සත්‍යය මිතුරෙකු බවට පත් වනු ඇත.
අල්කුර්ආනය 41-34
නුඹලාගේ ක්‍රියාවන් ගින්නක් ඇති කළ මිනිසෙකුගේ උපමාවට සමානය
“සැබැවින්ම මා හා අනිකුත් මිනිසුන් අතර ඇති උපමාව "ගින්නක් ඇති කළ" මිනිසෙකුගේ උපමාවකි. එම ගින්න දැල් වූ විට ඒ අවට සිටින මෙරූන් ඒ වෙත ඇදී ඇවිත් ගින්නට වැටෙන්නේය. ඒ අකාරයටම නුඹලා නිරය වෙත ඇදීයන විට එයින් නුඹලාව ආරක්ෂා කිරීම පිණිස නුඹලාගේ බඳ පටියෙන් අල්ලා මා (ඉස්ලාම් නම් යහමග ට) අදින්නෙමි. නමුත් නුඹලා මාවද අභිබවා වේගයෙන් දිව ගොස් නිරයට පනින්නේය.
මූලාශ්‍ර අල්හදීස් ග්‍රන්ථ - බුහාරි සහ මුස්ලිම්
තමන් කල පාපය ප්‍රසිද්ධියේ කථා නොකරන්න
අබුහුරෙයිරා (රලි) වාර්තා කරයි, අල්ලාහ්ගේ දූතයාණන් (මුහම්මද් (සල්) තුමාණන්) මෙසේ පැවසූහ, “ප්‍රසිද්ධියේ පාපයන් කරන හෝ තමන් කල පාපය හෙළි කරන අය හැර මාගේ සමාජයේ සෑම කෙනෙකුගේම පාපයට සමාව හිමි වේ. පුද්ගලයෙකු රාත්‍රියේ පාපයක් කර එය අල්ලාහ් (දෙවි) ජනයාගෙන් වසන් කල පසු (කිසිවකු නොදැන සිටී එම වරද එය කල) ඔහු පසුවදා උදේ “මිනිස්සුනේ, මම ඊයේ මේ මේ පාපයන් කළා!” යනුවෙන් පවසයි නම්, ඔහුගේ රබ් (පරමාධිපති (දෙවි)) සමාජයට වසන් කල පාපයන් උදෑසන ඔහු සමාජයට හෙළි කිරීම හේතුවෙන් ඔහුට සමාව හිමි නොවේ.
මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි සහ මුස්ලිම්
ත්‍රස්තවාදීන් හෝ කැරලිකරුවන් වෙනුවෙන් නබිතුමාගේ මැදිහත් වීමක් නැත.
අබු උමාමා (රලි) තුමා වාර්තා කරයි: අල්ලාහ්ගේ දූතයාණන් මුහම්මද් (සල්) තුමාණන් පැවසීය “(විනිශ්චය දිනයේ) මිනිසුන් දෙවර්ගයකට කිසි විටෙකත් මගේ මැදිහත්වීම නොලැබෙනු ඇත. ඒ ජනයාට පීඩාකාරී සහ ද්වේෂසහගතව කටයුතු කල නායකයින්ට සහ (සමාජයේ) අන්තවාදී කැරලිකාරයින්ටයි.”
මූලාශ් ග්‍රන්ථය: තබරානි
වඳුරන් සේ නිරයට පනින මුසාවාදී නායකයින්
මුආවියා (රලි) තුමා වාර්තා කරයි: මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පැවසූහ, “මාගෙන් පසුව (දේශන වේදිකාව) බිම්බරය මත හිඳ අසත්යය දේශනා කරන නායකයින් මේ සමාජය තුල බිහිවනු ඇත. ඔවුන්ගේ ප්‍රකාශයන් (අසත්‍ය බව දැන දැනත්) කිසිවකුත් එය ප්‍රතික්ෂේප නොකරනු ඇත. (විනිශ්චය දිනයේ) ඔවුන් වඳුරන් මෙන් නිරයට පනිනු ඇත."
මූලාශ්‍ර ග්‍රන්ථය - තබරානි
වැන්දඹුවන්ට සහ දුප්පතුන්ට සැලකිම
වැන්දඹුවන් සහ දුප්පතුන් ගැන සැලකිලිමත් වන තැනැත්තා අල්ලාහ්ගේ මාර්ගයේ (ජිහාද්) සටන් කරන්නා හා සමාන වේ. විවේකයකින් තොරව නැමදුම සඳහා නැගී සිටින්නෙකු ලෙස සහ අඛණ්ඩව උපවාසය කරන්නෙකු ලෙස මම ඔහුව සලකමි.
මූලාශ්‍ර ග්‍රන්ථය - තිර්මිදි
තම පවුලට වඩාත් කරුණික වන්න
පරිපූර්ණ (දේව) විශ්වාසයෙන් යුතු ඇදහිලිවන්තයන් අතර සැබවින්ම වඩාත් හොඳම හැසිරීම ඇති ඇදහිලිවන්තයා වන්නේ ඔහුගේ පවුලට වඩාත්ම කරුණාවන්ත වූ තැනැත්තාය.
මූලාශ්‍ර ග්‍රන්ථය - තිර්මිදි
තම අසැල්වැසියන්ට ආදරය කරන්න.
වරක් නබිතුමාණන් ‘මම අල්ලාහ් (දෙවි) කෙරෙහි දිවුරා පවසමි, ‘ඔවුන් විශ්වාස නොකරන්නෝ වෙති, ඔවුන් විශ්වාස නොකරන්නෝ වෙති, ඔවුන් විශ්වාස නොකරන්නෝ වෙති,’ යනුවෙන් තුන්වරක් පවසන ලදී. මෙය ඇසූ අනුගාමික (සහාභා)වරුන් ‘අල්ලාහ් (දෙවි)ගේ දූතයාණනි!, ඔවුන් කවරෙක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘කවරකුගේ හිරිහැරයෙන් සිය අසැල්වැසියා බියෙන් සැකෙන් සිටින්නේද ඔවුන්ය.’ යනුවෙන් පවසන ලදී.
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී
මිනිසා මිනිසාට කරන යුතුකම් දෙවියන්ට කරන යුතුකම් මෙනි.
(මරණින් මතු උදාවන) විනිශ්චය දිනයේ සමහර මිනිසුන්ගෙන් අල්ලාහ් මෙසේ ප‍්‍රශ්න කරයි. ‘එම්බල ආදම්ගේ දරුවනි!, මා රෝගිව සිටී සමයේ ඇයි නුඹ මාගේ සුවදුක් විමසන්න නොපැමිණියේ?’ එයට එම මිනිසා විශ්මයට පත්ව, ‘දෙවියනේ නුඹ රෝගිවන්නේ කෙසේද?’ යයි විමසනු ඇත. එවිට දෙවියන් ඔහුගේ අසල්වාසී රෝගී කෙනෙකු සිහි කොට ඒ අයගේ සුවදුක් බලන්න නොපැමිණිම දෙවියන් වන මාව බලන්නට නොපැමිණියාසේ දෙවියන් සලකන බව පවසයි. ඒ ආකාරයටම තවත් කෙනෙකු කැදවා, ‘එම්බල ආදම්ගේ දරුවනි!, මා කුසගින්නෙන් නුඹ වෙත පැමිණී මොහොතේ ඇයි නුඹ මට ආහාර ලබා නොදුන්නේ?’ යයි විමසයි. එයට එම මිනිසා (නැවතත්) විශ්මයට පත්ව, ‘දෙවියනේ නුඹට කුසගින්නක් කෙසේ ඇතිවන්නද? නුඹ කවදා ද මා හමුවට ආවේ?’ යයි විමසනු ඇත. එවිට දෙවියන් එම මිනිසා ජීවතව සිටිය දී ඔහු හමුවට ආහාරයට යමක් ඉල්ලා පැමිණි පිරිස සිහි කොට ‘නුඹ එම පිරිසට ආහාර නොදීම නුඹ මා හට ආහාර නොදී ප‍්‍රතික්ෂේප කලාසේයෙ’ යනුවෙන් (දෙවි) පවසයි.”
මූලාශ්‍රය – හදීස් කුදිසි
මවට උපකාර කිරීම ජිහාදයට වඩා උසස් වේ
“ජාහිමා (රලි) තුමා, නබි (සල්) තුමාණන් වෙත පැමිණ ‘ශාස්තෘවරයානනි! මම (ඉස්ලාම් දහම ආරක්‍ෂා කිරීමේ) සටනෙහි (ජිහාද් හි) නිරතවීමට කැමත්තෙන් පසුවෙන්නෙමි’ යනුවෙන් කීවේය. එවිට නබි (සල්) තුමන් ‘ඔබගේ මව ජීවතුන් අතර සිටින්නේ දැයි?’ ප‍්‍රශ්ණ කළහ එම මිත‍්‍රයා ‘එසේය’ යැයි පැවසු විට නබිතුමාණන් ‘ඇයට ඇප උපස්ථාන කරන්න, ඇයගේ පාමුල ස්වර්ගය තිබෙන්නේය’ යැයි පැවසූහ.”
ග‍්‍රන්තය : අහ්මද්, නසායී
මුස්ලීම් සමාජය එකම ශරීරයක් වැනිය
නුමාන් බින් බෂීර් (රළි) තුමා දන්වයි. අල්ලාහ්ගේ දූතයාණන් මුහම්මද් (සල්) තුමාණෝ මෙසේ පැවසූහ, “එකින් එකා අතර ආදරය, කරුණාව, දයාව සහ අනුකම්පාව දැක්වීම තුළ විශ්වාස කරන්නන් (මුස්ලීම් සමාජය) එක් ශරීරයක් වැනිය. එහි එක් පාදයක ආබාධයක් ඇති වූ, මුළු ශරීරයම අවදියෙන් හා වේදනාවෙන් එයට ප්‍රතිචාර දක්වනු ඇත.“
මූලාශ්‍ර්‍ර ග්‍රන්ථය - බුහාරි සහ මුස්ලිම්
මුස්ලීම්වරයකුගේ කටයුතු විශ්මිතය
ඇදහිලිවන්තයාගේ කටයුතු විශ්මය ජනකය, ඔහුගේ දිවිය තුල සතුට ගෙනදෙන යමක් සිදුවූ විට, ඔහු අල්ලාහ් (දෙවි)ට ස්තූති කරන අතර, එයින් ඔහුට යහපතක් අත් වේ. එසේම ඔහුට හානිකර යමක් සිදු වු විට, එය ඔහු ඉවසා දරා ගැනීම හේතුවෙන් එයද ඔහුට යහපතක් වේ. මේ නිසා ඔහුගේ සෑම කාරණයකදීම ඔහුට යහපතක්ම වන අතර විශ්වාස කරන්නා හැර අන් කිසිවෙකුට මෙය එසේ නොවේ.
මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලීම්
මුල්ම මිනිසා පසින් මැවූ දෙවිට නුඹලා නැවත නැඟිටුවීම අභියෝගයක්වද?
ජනයිනි (මරණින් මතු ජීවිතයේ) මළවුන් කෙරෙන් නැගිටුවීම ගැන නුඹලා සැකයෙහි නම් නියතවශයෙන් අපි (මුලින්) පසින්ද පසුව ශුක්‍රාණු බිඳකින්ද ඉන්පසුව ලේ කැටියකින්ද පසුව හැඩ ඇති හෝ හැඩ නැති මස් පිඩුවකින්ද නුඹලා මැව්වෙමු. අපි (මෙසේ යථාර්ථය) නුඹලාට පැහැදිලි කරන්නෙමු...
අල්කුර්ආනය 22-5