අල්කුර්ආනය

From Yahamaga

        Home       Categorys       Help       About Us      


අල්කුර්ආනය යනු අල්ලාහ් (දෙවි) හමුවේ සිට පහල වූ ග්‍රන්ථයක් නොවේ. එය (ජිබ්රීල් – බයිබලයේ සදහන් ආකාරයට ගේබ්‍ර්යල් නම්) දේවදූතයෙකු මඟින් මුහම්මද් (සල්) තුමාණන් නම් දේව වක්තෘවරයෙකු හට ප්‍රකාශ වූ දේව වදන් එකතුවකි. එය වසර 23ක් පුරාවට කලින් කලට විටින් විට පහල වූවකි. දෙවියන් මහුවේ සිට අවසාන දේව වක්තෘ මුහම්මද් (සල්) තුමාණන්ට පහල වූ එම වදන් ලේඛන ගතකිරීම සදහාම පත්කොට තිබූ ලේඛකයන් මඟින් එම මොහොතේම ලේඛන ගතවිය.

ඉස්ලාම් දහමේ නීතිරීති, වත්පිලිවෙත් සියල්ල සැකසී තිබෙන්නේ මෙම අල්කුර්ආනයේ ඉගෙන්වීම් මුලික කරගෙනයි. මෙම අල්කුර්ආනය දෙවියන් වහන්සේගේ වචන පමණක්ම අන්තර්ගත ශුද්ධ වු ග‍්‍රන්ථයක් යන්නත්, එය මිනිස් චින්තනයන්ගෙන් සුවිශුද්ධ වූ ශුද්ධ වූ ග්‍රන්තයක් යන්නත් මුස්ලීම්වරුන්ගේ පිලිගැනීමයි.

  • අල්කුර්ආනය - (මෙතැනින් යහමග අඩවිය ඉදිරිපත් කරන බහු භාෂා පරිවර්ථන අල්කුර්ආන් අඩවිය වෙත පිවිසය හැක.)
  • අල්කුර්ආනය - (මෙතැනින් ද යහමග අඩවිය ඉදිරිපත් කරන බහු භාෂා පරිවර්ථන අල්කුර්ආන් අඩවිය වෙත පිවිසිය හැක.)
  • එම ශුද්ධ වූ දිව්‍ය වදන් මෙම පිටුව තුල පහතින් පෙලගැසේ

(මෙම අල්කුර්ආනය සම්බන්ධයෙන් වැඩි දුර කරුණු යහමග අඩවිය තුල අල්කුර්ආනය යන ගොනුව තුලින් කියවීමට හැක.)

අල්කුර්ආනය සිංහල භාෂා පරිවර්ථන පරිච්චේද පෙලගැස්ම

1

001 Al-Fathiha
  • 1:1 - අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.
  • 1:2 - පැසසුම් සියල්ලම විශ්වයේ පරමාධිපති (රබ්බිල් ආලමීන්) වු අල්ලාහ්ට පමණි.
  • 1:3 - (ඔහු ) අපරිමිත දයාන්විත, අසමසම කරුණාන්විත(ද වේ.)
  • 1:4 - විනිශ්චය දිනයේ අධිපති (ද වේ.)
  • 1:5 - ඔබම අපි නමදිමු, තවද ඔබගෙන් පමණක්ම පිහිට පතමු
  • 1:6 - සෘජු මාර්ගය වෙතට අපට මඟ පෙන්වා දෙනු මැනව!
  • 1:7 - එය ඔබගේ ආශිර්වාදය ප්‍රදානය කළ අයගේ මාර්ගයයි, ඔබගේ කෝපයට භාජනය වූ හෝ නොමඟ ගියවුන්ගේ මාර්ගය නොව.


002 Al-Baqarah
  • 2: 1 - අලිෆ් ලාම් මීම්
  • 2: 2 - මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමග පෙන්වන්නකි.
  • 2: 3 - (ඔවුහු) අදෘශ්‍යමාන දේ පිළිබඳව විශ්වාස කරන්නාවු ද සලාත්හි නිරතව සිටින්නාවු ද ඔවුනට අප දුන් (මුදල් හා වස්තු ආදී) දේවලින් (යහපත් ක්‍රියා සඳහා) වියදම් කරන්නාවු ද අය වෙති.
  • 2: 4 - තවද, නුඹ වෙත පහළ කළ දෑ(අල්-කුර්ආනය) ගැන ද, නුඹට පෙර (පැමිණියාවු වක්තෘවරුන්ට) පහළ කළ දෑ ගැන විශ්වාස කරන්නා වු ද, තවද, පරමාන්ත දිනය ගැන තරයේම විශ්වාස කරන්නා වූ ද (බිය හා බැතිමත් අය ද වෙති.)
  • 2: 5 - ඔවුහු ඔවුන්ගේ රබ්(පරමාධිපති)ගේ යහමගෙහිහි සිටිති. තවද, සැබවින්ම ඔවුහුමය ජය ලද්දෝ.
  • 2: 6 - (නබි මුහම්මද්!) නියත වශයෙන්ම (මෙම නියමයන්) ප්‍රතික්ෂේප කරන්නෝ කවරහුද? ඔවුනට නුඹ අවවාද කළෙහිද, ඔවුනට නුඹ අවවාද නොකෙළෙහිද එය ඔවුන්ට එක හා සමානය, ඔවුහු (කෙසේ වුවද) විශ්වාස නොකරති.
  • 2: 7 - අල්ලාහ් ඔවුන්ගේ සිත්හි ද, කණ්හි ද මුද්‍රා තබා ඇත. තවද, ඔවුන්ගේ ඇස්හි ද, ආවරණයක් (පටලයක්) ඇත. තවද, ඔවුන් දැඞිම දඬුවම ලැබීමට නියමිතය.
  • 2: 8 - (නබි මුහම්මද්!) අපි අල්ලාහ් ගැනද පරමාත්ත දිනය ගැනද විශ්වාස කර ඇත්තෙමුයි කියන අය මිනිසුන් අතර සිටිති. නමුත් (නියත වශයෙන්ම) ඔවුහු විශ්වාස කරන්නෝ නොවෙති.
  • 2: 9 - ඔවුහු (මෙලෙස පවසමින්) අල්ලාහ්ද, විශ්වාස කරන්නවුන්ද මුළා කර(න්නට තැත්කර)ති නමුත් (මෙමගින්) ඔවුහු තමන්ම විනා (අන් කිසිවකු) මුළාකර නොගනිති. නමුත් (ඔවුහු ඒ බව) අවබෝධ කර නොගනිති.
  • 2: 10 - (මක්නිසාද යත්) ඔවුන්ගේ හදවත් තුළ (සැක හා වංචා යන) රෝගය ඇත. අල්ලාහ් ඔවුන්ගේ (එම) රෝගය වැඩි කර ඇත. (සත්‍යය කණපිට පෙරළා) ඔවුන් පවසන මුසා බස් හේතුකොට ගෙන ඔවුන්ට මහත් පීඩාකාරී වේදනා ඇත.
  • 2: 11 - පෘථිවිය මත අනර්ථකාරී ක්‍රියාවන්හි නොයෙදෙන්නැයි ඔවුන්ට කී කල්හී (එයට) නියත වශයෙන්ම අපි යහවැඩ කරන්නන් පමණෙකැයි (අනර්ථකාමීහූ නොවන්නෙමුයි) ඔවුහු පවසති.
  • 2: 12 - නියත වශයෙන්ම අනර්ථකාරී ක්‍රියා කරන්නෝ ඔවුහුමය. එහෙත් ඔවුහු (තමන් අනර්ථකාමීන් බව) අවබෝධ කර නොගනිති.

තවද (මුස්ලිම්වරුන් ලෙස පෙනි සිටින කුහකයින්ට) සෙසු ජනයා (අන්සාර් හා මුහාජිර්වරුන්) විශ්වාස කළාක් මෙන් නුඹලාද අවංකව විශ්වාස කරන්නැයි ඔවුනට කී කල්හි (එයට) මුග්ධයන් විශ්වාස කළාක් මෙන් අපත් විශ්වාස කළ යුතු දැයි ඔවුහු කියති. නියත වශයෙන්ම මුග්ධයෝ ඔවුහුමය. එහෙත් ඔවුහු (ඒ බව) නොදැන සිටිති.

  • 2: 13 - තවද ඔවුහු විශ්වාස කරන්නන් හමුවු විට අපිද (නුඹලා මෙන්) විශ්වාස කළෙමුයි කියති. එහෙත් ඔවුහු ඔවුන්ගෙන් වෙන්වී ඔවුන්ගේ ෂෙයිතානුන් (පාපිෂ්ට සහායකයින්) සමග තනි වූ විට, නියත වශයෙන්ම අපි නුඹලා සමග යයිද නමුත් (අප මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටියද) හුදෙක් අපි ඔවුන් සමච්චලයට භාජනය කරන්නෝ පමණක් යැයි ඔවුහු කියති.
  • 2: 14 - (එසේ නොව) අල්ලාහ් ඔවුන් සමච්චලයට භාජනය කර තවද ඔවුන්ගේ අසීමිත අන්ධභාවයෙන් (අනර්ථකම් කරමින්) අයාලේ යෑමට (අල්ලාහ්) ඔවුන්ට අවකාශය පුළුල් කර ඇත.
  • 2: 15 - යහමඟ (ඉස්ලාම් අනුව විශ්වාසය) වෙනුවට මුළාව (කුෆ්ර් භාවය) මිළට ගත්තෝ ඔවුහුම වෙති. එබැවින් ඔවුන්ගේ (මෙම) වෙළඳාම ලාභදායි නොවීය. තවද ඔවුහු යහමඟ ලද්දෝද නොවෙති.
  • 2: 16 - ඔවුනට උපමාව ගින්නක් දැල් වූ කෙනකු මෙනි. එවිට ඔහු අවට දස අතම ආලෝකමත් වූ විට අල්ලාහ් ඔවුන්ගේ ආලෝකය (සංඥානය) ඉවතට ගත්තේය. කිසිවක් නොදැකිය හැකි ලෙසින් ඔවුන් ඝනාන්ධකාරයන්හිම අත්හැරියේය.
  • 2: 17 - (ඔවුහු) බිහිරිය, ගොළුය, අන්ධය. එබැවින් ඔවුහු (නිසිමඟට) පෙරළා නොඑති
  • 2: 18 - එසේ නැතිනම් (ඔවුන්ගේ තත්ත්වයට තවත් උපමාවක් නම්) ඝනාන්ධකාරයන්, හෙණහඬ හා විදුලි කෙටීම සහිතව අහසින් වැටෙන වර්ෂාව වැනිය.හෙණ හඬ ඇසෙන විට ඔවුහු මරණ භයින් ත්‍රස්තව තම ඇඟිලි තමන්ගේ කන්හි අගුලූලා ගනිති. අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ව දසතින්ම වටකර ගනි.
  • 2: 19 - විදුලි කෙටීමෙන් ඔවුන්ගේ දෘෂ්ඨියාලෝකය පැහැර ගත්තාක් මෙන්ය. (එමගින්) ඔවුනට ආලෝකය විහිදෙන විට ඔවුහු මදක් ඇවිදිති. අඳුර ඔවුන් වෙළාගන්නා විට ඔවුහු නිසලව සිටිති. අල්ලාහ්ට අභිමත වී නම් ඔවුන්ගේ ශ්‍රවණය හා ඔවුන්ගේ දෘෂ්ඨිය (මුළුමනින්ම) නැති කරන්නටද හැකිය. නිසැකවම අල්ලාහ් සියලූ දේ කෙරෙහි අතිබලසම්පන්නය.
  • 2: 20 - මිනිසුනි, නුඹලාද නුඹලාට පෙර සිටියවුන්ද මවා වදාළ නුඹලාගේ රබ් (පරමාධිපති) වෙත අවනත වනු. මෙලෙසිනි, නුඹලාට ආරක්ෂාව ලැබගත හැක්කේ.
  • 2: 21 - නුඹලාට මහපොළොව යහනාවක් හා අහස වියනක් කර තවද අහසින් වැසි වස්වා එමගින් නුඹලාගේ පෝෂණය සඳහා ඵල වර්ග හට ගැන්වූයේ ද ඔහුමය. එබැවින් (මේ සියල්ල) නුඹලා පැහැදිලිව දැන සිටියදීත් අල්ලාහ්ට (කිසිසේත්) ආදේශයන් නොතබනු.
  • 2: 22 - අපගේ ගැත්තා (මුහම්මද් නම් ධර්මදූතයාණන්)ට අප පහළ කළ දෑ (අල්-කුර්ආනය) සම්බන්ධයෙන් (එය අල්ලාහ් විසින් පහළ කළ බවට) නුඹලා සැකයේ සිටී නම් එවැනි සූරතයක් ඉදිරිපත් කරනු. තවද (එය සාක්ෂාත් කරනු වස්) අල්ලාහ් හැර නුඹලාගේ ආධාර කරුවන් කැඳවාගනු, නුඹලා සත්‍යවාදිහු නම්
  • 2: 23 - එහෙත් නුඹලා එසේ නොකරන්නහු නම් නුඹලාට කිසි කලෙකත් එසේ කිරීමට ද නුපුළුවන එබැවින් ප්‍රතික්ෂේප කරන්නන් සඳහා පිළියෙළ කරන ලද්දාවූත්, ඉන්ධන වශයෙන් මිනිසුන් ද, ගල් ද දවාලන්න වූ ගින්නට (නිරයට) බියවනු.
  • 2: 24 - (නබි මුහම්මද්! මෙම අල්-කුර්ආනය) විශ්වාස කරන්නා වූත් (එහි, ඉගැන්වීම් අනුව) යහපත් කි්‍රයාවන් කරන්නා වූත් අයට අභ්‍යන්තරයේ ගලාබසින ගංගාවන්ගෙන් යුත් ජන්නාත් (ස්වර්ගයේ උයන්වතු) ඇතැයි යන ශුභාරංච්ය දන්වනු. එහි ඇති පළතුරු වර්ගවලින් ඔවුනට අනුභව කරන්නට දුන් සැම විටම මීට පෙර අපට (මහපොළොවේ දී) දෙනු ලැබුවේ ද මේවා යැයි ඔවුහු කියති (මක්නිසාද යත් රසින් විවිධ වුව ද පෙනුමෙන්) සමාන වූ දැය ඔවුනට පිරිනැමුණු නිසාය. තවද, එහි ඔවුනට පවිත්‍ර වූ සහකාරියෝ ද වෙති. තවද (විශ්වාසකර-යහකම් කළ) ඔවුහු සදාකල්හි (අමරණීයව) එහි වෙසෙති.
  • 2: 25 - නියත වශයෙන්ම කෝඳූරුවෙකුගේ හෝ එයට වඩා අල්පවූවකුගේ හෝ උපමාවක් ගෙනහැර පෑමට අල්ලාහ් ලැජ්ජා නොවන්නේය. (මෙවැනි උපමාවක් ඇසෙන විට) විශ්වාස කරන්නෝ එය ඔවුන්ගේ රබ්(පරමාධිපති)ගෙන් ලත් සත්‍යය යැයි දනිති. එහෙත්, ප්‍රතික්ෂේප කරන්නෝ මෙම උපමාවන්ගෙන් අල්ලාහ් කුමක් අදහස් කරන්නේ දැයි කියති. මෙවැනි දෙයින් ඔහු බොහෝ දෙනා නොමඟ යවන අතර බොහෝ දෙනා යහමඟට ද පත් කරයි. තවද, ෆාසිකූන් (අල්ලාහ්ට විරුද්ධව කැරලි ගසන අකීකරු අය) හැර අන් කිසිවකු (අල්ලාහ්) එමගින් නොමඟ නොයවයි.
  • 2: 26 - ඔවුහු (කවරකුද යත්) අල්ලාහ්ගේ ගිවිසුම ස්ථීර කළායින් පසු එය කඩ කරන්නා වූද, එක්කරන ලෙස අල්ලාහ් නියෝග කළ දෑ වෙන් කරන්නා වූද මහපොළොවෙහි අනර්ථකම් පතුරුවන්නා වූද අය වෙති. පරාජිතයෝ වන්නේද මොවුහුමය.
  • 2: 27 - (මිනිසුනි!) නුඹලා කෙසේ අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නහුද (ඔහු නුඹලා නිර්මාණය කරන්නට පෙර) නුඹලා ප්‍රාණ රහිතව සිටියාහුය. ඔහු එවිට නුඹලාට ජීවය දුන්නේය. තවද (නුඹලාගේ නියමිත ජිවිත කාලය අවසන් වූ විට) ඔහු නුඹලා මරණයට පත්කරනු ඇත. තවද (මරණින් පසු යළි විනිශ්චය දිනදි අල්ලාහ් නැවත) නුඹලාට ප්‍රාණය දෙනු ඇත. ඉන්පසු නුඹලා ඔහු වෙතටම පමුණුවනු ලබන්නාහුය.
  • 2: 28 - * [[2:මහපොළොවේ සියලූ දේ නුඹලා(ගේ ප්‍රයෝජනය)ට නිර්මාණය කළේ ඔහුමය. පසුව ඔහු අහස් දෙසට හැරී එය අහස් සතක් ලෙස නිර්මාණය කළේය. තවද ඔහු (අල්ලාහ්) සියලූ දේ කෙරෙහිම සර්වඥ වන්නේය.
  • 2: 29 - (නබි මුහම්මද්!) නුඹගේ පරමාධිපතියාණන් මලක්වරුන් (සුරදූතයින්) අමතා නියත වශයෙන්ම මම පෘථීවියෙහි කලීෆාවරයකු (නියෝජිතයකු) පත් කරන්නට යමි’යි පැවැසූ අවස්ථාව සිහියට නගනු. එවිට ඔවුහු ‘අප ඔබගේ ගුණගායනා තස්බිහ් (ස්තෝත්‍ර) කරගනිමින්ද (ඔබගේ නාමය) තක්දීස් (පූජාර්භ) කරමින්ද සිටින අතර එහි (පෘථීවියෙහි) අවුල් ඇති කොට ලේ වැගිරවීම් කරවන අන්දමේ කෙනකුද ඔබ මවන්නට යන්නේ දැ’යි කීහ. (එවිට) නුඹලා නොදත් දේ නියත වශයෙන්ම මම දනිමියි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
  • 2: 30 - ආදම්ට (විශ්වයේ) සියලූම (දැයෙහි) නාමයන් ඔහු (අල්ලාහ්) ඉගැන්වූයේය. ඉන්පසු (අල්ලාහ්) ඒවා (සියලූ දැයම) මලක්වරුන් (සුරදුතයින්) ඉදිරියෙහි එළවා (මිනිසා නියෝජිතයකු ලෙස පත් කිරීම අවුල් වියවුල්වලට හේතුවන්නේ යැයි සිතන) නුඹලා සත්‍යවාšහු නම් නුඹලා මෙවායේ නාමයන් මට දන්වනුයි පැවසුවේය.
  • 2: 31 - (එසේ දැන්වීමට නොහැකිව-මලක්වරු, අල්ලාහ්) ඔබ සුවිශුද්ධය. ඔබ අපට ඉගැන්වූ දේ හැර වෙනත් දැනුමක් අපට නැත. නියත වශයෙන්ම සර්වඥද, සර්ව ප්‍රඥාද වන්නේ ඔබ පමණක් යැයි කීහ.
  • 2: 32 - ආදම්! නුඹ මේවායේ නාමයන් ඔවුනට පවසනුයි (අල්ලාහ්) කීය. ඔහු (ආදම්) ඒවායේ නාමයන් ඔවුන්(මලක්වරුන්)ට පැවසූ විට අහස්හිද, මහපොළොවෙහිද (නුඹලාට) සැඟවුනු දේ නියත වශයෙන්ම මම හොඳින් දනිමි. තවද නුඹලා එළිදරව් කරන දේද, සඟවන දේද මම හොඳින් දනිමියි මම නුඹලාට නොකිව්වෙම් දැයි (අල්ලාහ්) පැවසුවේය.
  • 2: 33 - ආදම්ට සජදාහ් (නමස්කාර) කරව් යැයි අප (අල්ලාහ්) මලක්වරුන්ට කී කල්හී ඉබ්ලිස් හැර ඔවුහු (සියල්ලෝම) සජදාහ් (නමස්කාර) කළෝය. හේ (ඉබ්ලීස් අපේ අණ) ප්‍රතික්ෂේප කළේය. උඩඟු විය. තවද ප්‍රතික්ෂේප කරන්නන් අතුරින් කෙනෙක්ද විය.
  • 2: 34 - (ඉන්පසු අප ආදම්ට සහකාරිය වශයෙන් ඔහුගේ බිරිඳ මවා ඔවුන් වෙත) ආදම්, නුඹ ද, නුඹගේ බිරිය ද ජන්නත්(ස්වර්ගයෙ)හි වාසය කරන්නැයි ද, එහි නුඹ දෙදෙනා කැමති සේ (කැමති තැනකින්) අනුභව කරන්නැයි ද නමුත් නුඹ දෙදෙනා මේ ගසට ළං නොවනු යැයි ද එසේ වුවහොත් නුඹ දෙදෙනා දාලිමීන් (පාපකාරී කි්‍රයාවන්හී යෙදී වරද කළ වුන්) වන්නේ යැයි ද අපි (අල්ලාහ්) කීවෙමු.
  • 2: 35 - එහෙත් ෂෙයිතාන් ඔවුන් දෙදෙනා (අපේ අණ කඩකර) නොමඟ යවා (ඒ ගස වෙත යාමට පෙළඹවීමෙන්) එහි සිටි තත්ත්වයෙන් ඉවත් කෙරෙව්වේය. එවිට අපි (අල්ලාහ්) නුඹලා (ස්වර්ගයෙන්) බසිනු (මනුෂ්‍යා හා ෂෙයිතාන් වන) නුඹලා කෙනෙක් කෙනකුට සතුරුය. නුඹලාට පෘථිවියේ කලකට වාසයද භුක්ති විඳීමටද ඇතැයි කීවෙමු.
  • 2: 36 - එවිට ආදම් ඔහුගේ රබ්(පරමාධිපති)ගෙන් වචන සවල්පයක් ඉගෙන ගත්තේය. (එමගින් ඔහු තම පශ්චාත්තාපය ප්‍රකාශ කළේය.) එවිට (අල්ලාහ්) ඔහු(ආදම්)ට සමාව දානය කළේය. නියත වශයෙන්ම සමාව දානය කරන්නාද අසමසම කරුණාන්විත වන්නාද ඔහු (අල්ලාහ්)මය.
  • 2: 37 - නුඹලා සියල්ලන්ම මෙතැනින් (ස්වර්ගයෙන්) පහළට බසිනු. මින් මතු මගෙන් නුඹලාට (මාගේ ධර්ම ග්‍රන්ථය හා දූතයන් මගින්) යහමඟ ලැඛෙනු ඇත. එවිට යම් කෙනකු මාගේ යහමඟ අනුගමනය කළාහු නම්, ඔවුනට (අනාගතය පිළිබඳව) බියකුදු නැත. තවද (අතීතය පිළිබඳව) ඔවුහු ළතවන්නෝද නොවෙතියි අපි කීවෙමු.
  • 2: 38 - (මෙම යහමඟ) ප්‍රතිෙක‍ෂ්ප කරන්නෝද අපගේ ආයාත් බොරු යැයි අභියෝග කරන්නෝද නිරයේ සහකාරයෝ ඔවුහුමය ඔවුහු එහි සදාකල් රැදී සිටිති.
  • 2: 39 - ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට ප්‍රදානය කළ මාගේ අනුග්‍රහය සිහිකරනු. තවද, නුඹලා මාගේ ගිවිසුම ඉටුකරනු. මම නුඹලාගේ ගිවිසුම ඉටු කරමි. තවද, මට පමණක් බියවනු.
  • 2: 40 - නුඹලා ළඟ ඇති දෑ (තව්රාත්) සත්‍ය කරමින් මා පහළ කළා වූ දෑ (අල්-කුර්ආනය) විශ්වාස කරනු. එය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් (දේව ග්‍රන්ථයන් ලද නුඹලා) පළමුවැන්නන් නොවනු. තවද මාගේ ආයාත් (වදන් හා සත්‍ය විකෘති කර) සුළු මිලකට නොවිකුණනු. තවද මට පමණක් බියබැතිමත් වනු.
  • 2: 41 - සත්‍යය අසත්‍ය හා මිශ්‍රකර අවුල් නොකරව්. තවද නුඹලා දැනුවත්වම සත්‍යය වසන් නොකරව්.
  • 2: 42 - තවද, සලාත් (නැමදුම) ස්ථාවරව ඉටු කරනු. zසකාත් (ආගමික බද්ද)ද ගෙවනු. රුකුඃ(දණ හිස් දෙකට අත් තබා නැමී වැඳීම) කරන්නන් සමඟ රුකුඃ කරනු.
  • 2: 43 - නුඹලා (නුඹලාගේ ධර්මග්‍රන්ථය වන තව්රාත්) ග්‍රන්ථය හදාරත්ම (එහි දී නුඹලා විසින් ඉටුකළ යුතු බවට නුඹලාට අණ කළ දෑ ගැන) නුඹලාම අමතක කරමින් යහපතම කිරීමට මිනිසුන්ට (අන් අයට) අණ කරන්නහු ද? නුඹලාට කිසිදු කල්පනා ශක්තියක් (සිහි බුද්ධියක්) නැති ද?
  • 2: 44 - තවද ඉවසීමෙන් හා සලාතය (ඉටුකිරීම) මගින් පිහිට පතනු.නියත වශයෙන්ම එය (සලාතය) කාශිඊන්(සිතේ අල්ලාහ් කෙරෙහි ඇති බිය බැතිමත්කම ක්‍රියාවෙන් හෙළි කරන අය)ට හැර (අන් අයට) අතීශයින්ම දුෂ්කර කාර්යයකි.
  • 2: 45 - (කාශිඊන් යන) ඔවුහු නම් (මරණින් පසු පරමාන්ත දිනයේ) ඔවුන්ගේ රබ් (පරමාධිපති) සම්මුඛ වන බවත් ඔවුන් ඔහු (අල්ලාහ්) වෙතටම ආපසු යන බවත් (ස්ථිර වශයෙන්ම) අවබෝධ කර ගන්නා අය වෙති.
  • 2: 46 - ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට ප්‍රදානය කළ මාගේ අනුග්‍රහයද, තවද, නියත වශයෙන්ම සකල ලෝවැසියන් අතර වඩා උසස් තත්ත්වයට මා නුඹලා පත්කළ බවද සිහිකරනු.
  • 2: 47 - තවද කෙනෙකුට තව කෙනෙකුගෙන් කිසිම පිහිටක් පැතිය නොහැකි වන්නා වුද, තවත් කෙනෙකු වෙනුවෙන් මැදිහත් වීමක් භාරගනු නොලබන්නා වුද කෙනෙකුගෙන් වන්දියක් නොගන්නා වූද (වැරදි කරන්නා වු) ඔවුනට (කිසි අන්දමකින්) පිහිටක් නොලැබෙන්නා වුද (විනිශ්චය) දිනය ගැන බියවනු
  • 2: 48 - තවද, නුඹලාගේ පිරිමි දරුවන් මරා නුඹලාගේ ස්තී්‍රන්ට ජිවිත දානය දී නුඹලාට දරුණු වද හිංසා දුන් ෆිර්අවුන්ගේ ජනයාගෙන් අප නුඹලා මුදවාගත් අවස්ථාව සිහිකරනු. එහි නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් (නුඹලාට) මහත් පිරික්සුමක් විය.
  • 2: 49 - තව* [[2:}ද නුඹලාට අප (රතු) මුහුද දෙබෑකොට එමගින් නුඹලා මුදවා (නුඹලා ලුහු බඳිමින් පැමිණි) ෆිර්අවුන්ගේ පිරිස, නුඹලා බලා සිටියදීම (මුහුදෙහි) අප ගිල් වූ අවස්ථාව (ගැන) සිහි කරනු.
  • 2: 50 - තවද, මූසා (මෝසෙස්තුමා)ට (තව්රාත් ප්‍රදානය කිරීම පිණිස) සතළිස් රැයක් නියම කළෙමු. (ඒ සඳහා) ඔහු (තූර් සිනායි කන්දට) ගිය පසුව නුඹලා (රනින් වාත්තු කළ) වසුපැටවෙකු (දෙවියෙකු ලෙස ඇදහීමට) ගත් අවස්ථාව සිහිකරනු. සැබවින්ම මෙයින් නුඹලා බරපතල අපරාධකරුවෝ වූහ.
  • 2: 51 - ඉන්පසු වුවද නුඹලා අපට කෘතඥවනු පිණිස අපි නුඹලාට සමාව දුන්නෙමු.
  • 2: 52 - (නුඹලා මෙවැනි අධර්මිෂ්ඨ ක්‍රියාවන්හි නිරතව සිටි අවස්ථාවේ දී) නුඹලා යහමඟ යවනු පිණිස, අප මූසාට (තව්රාත්) ග්‍රන්ථය ද ෆුර්කානය ද (සත්‍යය හා අසත්‍යය නිශ්චය කරන මිනුම් දණ්ඩය) දුන් අවස්ථාව සිහි කරනු.
  • 2: 53 - තවද (මූසා තුමා තූර් කන්දේ සිට ආපසු පැමිණ) මාගේ ජනයිනි, නුඹලා වසුපැටවා (දෙවියකු වශයෙන්) ගැනීමෙන් නියත වශයෙන්ම නුඹලා නුඹලාටම වරද කළාහුය. එබැවින් නුඹලාගේ නිර්මාතෘ (අල්ලාහ්) වෙත පශ්චාත්තාප වී සමාව අයදිනු. තවද නුඹලා (අතුරින් වසු පැටවා දෙවියකු ලෙස ඇදහු අය) නුඹලා (අතුරින් වසු පැටවා නොඇදහු අය විසින්) මරණයට පත් කරනු. ඒ නුඹලාගේ නිර්මාතෘ (අල්ලාහ්) කෙරෙහි නුඹලාට ඉතා යහපත් යැයි මූසා ඔහුගේ ජනයාට කී සැටි සිහිකරනු. (එසේ කළවිට) ඔහු (අල්ලාහ්) නුඹලාට සමාව දුන්නේය. නියත වශයෙන්ම ක‍ෂමා සහගත වන්නේත් අසමසම කරුණාන්විත වන්නේත් ඔහු(අල්ලාහ්)මය.
  • 2: 54 - තවද, මූසා අපි අල්ලාහ් ප්‍රත්‍යක්ෂ ලෙස දකින තුරු ඔබ ගැන කිසි විටකත් විශ්වාස නොකරන්නෙමුයි නුඹලා (මූසාට) පැවසූ විට නුඹලා බලා සිටියදීම නුඹලාට අකුණු සැර වැදුණු අවස්ථාව ගැන සිහිකරනු.
  • 2: 55 - ඉන්පසු නුඹලා (අපට) කෘතඥවනු පිණිස (එහි අකුණු සැර වැදීමෙන් සිදු වූ) නුඹලාගේ මරණයෙන් පසුව නුඹලා අපි නැගිට්ටෙව්වෙමු.
  • 2: 56 - තවද, නුඹලා(ගේ මුතුන් මිත්තන්)ට වලාකුළු සෙවනැල්ලක් කළෙමු. අල්මන්නු ද, අස්සල්වා ද, නුඹලාට අපි (ආහාර පිණිස) පහළ කළෙමු. ආහාර වශයෙන් අප විසින් නුඹලාට දෙන ලද, (අනුමත) හොඳ දැය අනුභව කරනු යැයි අපි අණ කළෙමු. (නමුත් ඔවුහු අපගේ අණට අකීකරු වුහ.) එමගින් ඔවුහු අපට හානියක් නොකළාහුය. ඔවුහු තමන්ටම හානි කර ගත්හ.
  • 2: 57 - තවද (නුඹලාගේ මුතුන් මිත්තන්ට) නුඹලා මේ නගරයට ඇතුළු වී එහි නුඹලාට රිසි තැනක (රිසි දැය) රිසි ලෙස අනුභව කරනුයිද (යටහත් පහත් භාවයෙන් යුතුව) හිස පහත්කර හිත්තතුන් යැයි කියමින් වාසල් දොරින් ඇතුළු වනුයිද එවිට අපි නුඹලාගේ වැරදිවලට නුඹලාට සමා කරන්නෙමුයිද තවද යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නන් (ගේ තිළිණ) වැඞ් කරන්නෙමුයිද අපි පැවසූ බව සිහිකරනු.
  • 2: 58 - අපරාධ කළ අය ඔවුනට පවසන ලද්දාවු (හිත්තතුන් යන) වදන් වෙනුවට තමන්ට නොපවසන ලද වෙනත් එකක් මාරු කළහ. එබැවින් (අල්ලාහ්ට විරුද්ධව අනර්ථකම් කරමින් සිටි අපරාධකරුවන් වෙත) ඔවුන්ගේ උල්ලංඝණයන් නිසා අපි අහසින් දඬුවමක් පහළ කළෙමු.
  • 2: 59 - තවද, මූසා ඔහුගේ පිරිසට (අල්ලාහ්ගෙන්) පැන් ඉල්ලා ඇයැද සිටි අවස්ථාව සිහිකරනු. එවිට අප ඔහුට නුඹගේ සැරයටියෙන් ගලට ගසන්නැයි කීවෙමු. එයින් (එකෙනෙහිම) උල්පත් දොළොසක් පැන නැග්ගේය. එවිට ඔහු සමග සිටි (දොළොස් ගෝත්‍රවලට අයත්) සියලූ පිරිස ඔවුන්ගේ පැන් සනහන ස්ථානය දැන ගත්හ. (එවිට අප ඔවුනට නුඹලාට) අල්ලාහ් සැපයු (මන්නු, සල්වා යන ආහාර) භවභෝග සම්පත්වලින් අනුභව කරනු. (ගල් තුළින් ගලා හැළෙන ජලය) පානය කරනු. නමුත් අනර්ථකාරීන් ලෙස මහපොළොවේ දුෂිත ක්‍රියාවන් නොපතුරුවනුයි (පැවසුවෙමු.)
  • 2: 60 - නමුත් මූසා අපට (සැමදිනම) එකම භෝජනය ඉවසා සිටිමට නොහැකිය. එබැවින් මහපොළොවේ හටගැනෙන ඵලා වර්ග, කැකිරිද, තිරිඟුද, පරිප්පුද, සුදු ළුනු යන දෑද අපට උපදවන ලෙස අප වෙනුවෙන් ඔබගේ රබ්(පරමාධිපති)ගෙන් ඇයැදින්නැයි නුඹලා කීවෙහුය. (එයට) නුඹලා හොඳ දේ වෙනුවට පහත් දේ හුවමාරු කරන්න (ට කැමැත්ත) හුද. (එසේ නම්) නුඹලා නගරයකට (පදිංචිවන්නට) යනු. එවිට නුඹලා ඉල්ලා සිටි දේ (එහිදී) නුඹලාට නියත වශයෙන්ම ලැබෙනු ඇතැයි ඔහු (මූසා) කීවේය. (එලෙස ඔවුන් හැසිරීම හේතුකොට ගෙන) නින්දාව හා දුගී බව ඔවුන්ට විඳින්නට සලස්වනු ලැබුණි. තවද අල්ලාහ්ගේ කෝපයටද ඔවුහු ලක්වූහ. එයට හේතුව ඔවුන් අල්ලාහ්ගේ ආයාත් (සංඥාවන් හා වදන්) ප්‍රතික්ෂේප කිරීමද යුක්තියෙන් තොරව නබිවරුන් ඝාතනය කිරීමද වේ. තවද ඔවුන් (යළි යළිත් අල්ලාහ්ගේ අණට අකීකරු වී) පාපී ක්‍රියාවන්හී යෙදී සිටීමද (අල්ලාහ්ගේ නියෝගවලට එරෙහිව) සිමාවන් උල්ලංඝණය කරමින් සිටිමද වේ.
  • 2: 61 - විශ්වාස කරන අය ද, යුදෙව්වරුන් ද, ක්‍රිස්තියානිවරුන් ද, සාබිඌන් ද,(යන මොවුන් අතුරින්) කවරෙක් හෝ අල්ලාහ් පිළිබඳව ද, අවසාන දිනය පිළිබඳව ද විශ්වාස කර, යහකම් කරන්නෙහු ද, ඔවුන්ට නියත වශයෙන්ම ඔවුන්ගේ රබ් (පරමාධිපති) වෙත ඔවුන්ගේ තිළිණ ඇත. තවද, ඔවුනට බියකුදු නැත. ඔවුහු ළතැවන්නෝ ද නොවෙති.
  • 2: 62 - තවද තූර් (කන්ද) නුඹලා මත අප ඔසවා අප නුඹලා සමග ගිවිසුම ගිවිසාගත් අවස්ථාවේදී නුඹලා වෙත අප විසින් පිරිනමනලද දෑ (තව්රාත්) අධිෂ්ඨානයෙන් යුතුව පිළිපදිනු යැයිද එහි ඇති දේ (නිරතුරුව) සිතට ගනිව් යැයිද එමගින් නුඹලා බිය බැතියන් විය හැකියැ(යිද අප පැවසු සැටි) සිහියට නගනු.
  • 2: 63 - ඉන්පසුවද නුඹලා (එම ගිවිසුමට) පිටුපෑවාහුය. නමුත් නුඹලාට අල්ලාහ්ගේ දයාව හා ඔහුගේ කරුණාව නොවූයේ නම් නියත වශයෙන්ම (මීට බොහෝ කලකට පෙරම) නුඹලා අන්ත පරාජිතයෝ ලෙස සිටියවුන් වන්නෙහුමය.
  • 2: 64 - තවද (ආගමික වත්පිළිවෙත්හි යෙදිය යුතු වූ) සබත් (සෙනසුරාදා) දින නුඹලා අතුරින් (මසුන් ඇල්ලීම තහනම් යැයි වූ) අණ, උල්ලංඝණය කළ අය පිළිබඳවද, එබැවින් ඔවුනට අප නුඹලා නීච බවට පත් වූ වඳූරන් වනුයි කී දෑද නුඹලා දැන සිටියාහුය.
  • 2: 65 - අපි එය (වෙස් පෙරළීම) එකල සිටියවුන්ටද පසුව පැවතෙන්නවුනටද අනතුරු ඇඟවීමක් ලෙසද මුත්තකීන්වරුන්(බිය බැතියන්)ට උපදේශයක් ලෙසද කළෙමු.
  • 2: 66 - තවද මෙය සිහියට නගනු. එළදෙනක මරන්නට නුඹලාට අල්ලාහ් අණ කරන්නේ යැයි මූසා ඔහුගේ පිරිසට කී කල්හී ඔවුහු (මූසාට) ඔබ අප සරදමක් ලෙස ගත්තෙහිදැයි කීහ. (එවිට) මම (සරදම් කරන) අඥානයින්ගෙන් කෙනෙක් නොවන පිණිස අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමියි ඔහු (මූසා) කීවේය.
  • 2: 67 - ඈ කවර(එළදෙන)ක දැයි අපට පැහැදිලි කරන ලෙස ඔබගේ රබ් (පරමාධිපති)ගෙන් අප වෙනුවෙන් අසන්නැයි (ඔවුහු) කීවෝය. (එවිට මූසා) නියත වශයෙන්ම ඈ (වයසින්) මුහුකුරා නොගියාවුද, ළාබාල නොවුද ඉන් අතර (මැදිවියේ එළදෙනක) යැයිද ඔහු (අල්ලාහ්) පවසයි. එබැවින් නුඹලාට අණ කරන ලද දේ කරනුයි (මූසා) කීවේය.
  • 2: 68 - ඈ කෙබඳූ වර්ණයක් (ඇත්තී) දැයි අපට පැහැදිලි කරන ලෙස නුඹගේ රබ්(පරමාධිපති)ගෙන් අප වෙනුවෙන් ඉල්ලා සිටින්නැයි (ඔවුහු) කීවෝය. (එවිට) ඈ දුටුවන් ප්‍රිය කරන තද කහ වර්ණයෙන් යුත් එළදෙනකැයි අල්ලාහ් පවසන්නේ යැයි ඔහු (මූසා) කිවේය.
  • 2: 69 - (එවිට) නියත වශයෙන්ම (එම) එළදෙන අපට පටැළවී ඇත. ඈ කවරේදැයි අපට පැහැදිලි කරන ලෙස අප වෙනුවෙන් ඔබගේ රබ්(පරමාධිපති)ගෙන් අසන්න. (එසේ විස්තර කළහොත්) අල්ලාහ්ට අභිමත වී නම් අපි නියත වශයෙන්ම මෙම කාර්යයෙහි යහමඟ ලද්දවුන් වන්නෙමුයි ඔවුහු කීවෝය.
  • 2: 70 - (එවිට මූසා) ඈ (මෙතෙක්) නඟුලේ නොබැඳි පොළොව සාන්නට නොයෙදු, (පුහුණු නොකළාවුද) කෙතට ජලය නොසැපයු, පිරිපුන්, මනා සෞඛ්‍යයෙන් යුත්, නොකැළැල් එළදෙනකැයි (අල්ලාහ්) පවසන්නේ යැයි කීවේය. (එයට) ඔවුහු, ඔබ සත්‍ය ගෙනෙන ලද්දේ දැන් යැයි කියමින් පසුව අකැමත්තෙන් වුවද ඈ ඝාතනය කළෝය.
  • 2: 71 - තවද නුඹලා කෙනකු මරා (එහි වරද වෙන කෙනකු පිට පැවරීමට) නුඹලා විවාද කළ අවස්ථාව සිහියට නගනු. (මිනිමැරුම සම්බන්ධයෙන්) නුඹලා සැඟවීමට උත්සාහ කළ දේ අල්ලාහ් හෙළිදරව් කරන්නෙහුය.
  • 2: 72 - එබැවින් (ඔවුන්ට) නුඹලා (ඝාතනය කරනු ලැබූ) ඇ(එළදෙන)ගේ (මස්) කොටසකින් එය(මළ සිරුර)ට ගසනුයි අපි කී වෙමු. (ඔවුහු එසේ කළ විට මළ සිරුරට යළි ජීවය ලැබුණේය. පසුව ඝාතනයට ලක් වූ තැනැත්තා විසින් ඝාතකයා කවරකුදැයි පෙන්වා දෙන ලදී. මරණයට පත් වූ ඒ මිනිසාට අල්ලාහ් තම බලපරාක්‍රමයෙන් නැවත ජිවය ලබා දුන්නාක් මෙන්) මළවුන්(සියල්ලන්)ටද මෙලෙස අල්ලාහ් (තම බලපරාක්‍රමයෙන්) යළි ජිවය දෙන්නේය. නුඹලා වටහාගනු පිණිස අල්ලාහ් තම ආයාත් (සංඥාවන් මෙලෙස) නුඹලාට පෙන්වා දෙන්නේය.
  • 2: 73 - (ඉහත දැක් වූ ප්‍රාතිහාර්යය දැකිමෙන්) පසුවද නුඹලාගේ සිත් දැඞ් විය. ඒවා (සිත්) ගල් මෙන් හෝ නැතහොත් ඊටත් වඩා දැඞ් විය. නියත වශයෙන්ම ගල් අතුරින් ඒ තුළින් ගංගා පිටාර ගලන (ගල්ද) තවද නියත වශයෙන්ම දෙබෑවී එයින් එහිදී ජලධාරා වහනය වන (ගල්ද) තවද නියත වශයෙන්ම අල්ලාහ්ට බියෙන් (කඳූ මතින්) ඇඳ හැලෙන (ගල්ද) ඒ අතර ඇත. නුඹලා කරන දේ අල්ලාහ් නොදැන සිටින්නේ නොවේ.
  • 2: 74 - (විශ්වාසවන්තයිනි) අල්ලාහ්ගේ වදන්වලට සවන්දී ඒවා මැනවින් අවබෝධ කොටගෙන අනතුරුව දැනුවත්වම එය විකෘති කරන පිරිසක් ඔවුන් අතරෙහි සිටියදී (ඔවුන්) නුඹලා (ගේ ධර්ම දේශනාවලට සවන්දී) විශ්වාස කරතැයි (නුඹලා) අපේක‍ෂා කරන්නහුද?
  • 2: 75 - ඔවුහු (යුදෙව්වන්) විශ්වාසවන්තයින් හමුවු විට අපද විශ්වාස කරන්නෙමුයි කියති. නමුත් ඔවුන් අතරින් ඇතැමෙක් ඇතමකු හුදෙකලාව හමුවුවිට නුඹලාට බුද්ධියක් නැතිද? (නුඹලාගේ ධර්මයෙහි) අල්ලාහ් නුඹලාට අනාවරණය කළදේ නුඹලා ඔවුන්ට හෙළිදරව් කරන්නේද? එබැවින් නුඹලාගේ රබ් (පරමාධිපති) ඉදිරියේදී ඔවුනට එමගින් නුඹලාට (එරෙහිව) වාදකරන්නට හැකිවනු ඇතැයි යුදෙව්වරු කීහ.
  • 2: 76 - ඔවුන් සඟවන දේද හෙළිදරව් කරන දේද,නියත වශයෙන්ම අල්ලාහ් දන්නා බව ඔවුහු නොදන්නෙහුද?
  • 2: 77 - හිස් බලාපොරොත්තු හැර ධර්ම ග්‍රන්ථය පිළිබඳ කිසිවක් නොදත් අනුමානයෙන් පමණක් සිටින නූගත් අයද ඔවුන් අතර සිටිති.
  • 2: 78 - තමන්ගේ අත්වලින්ම (ධර්ම) ග්‍රන්ථය ලියා ඉන්පසුව සුළු මිලක් ලබාගැනීමේ අරමුණ ඉටුකර ගැනීම සඳහා මෙය අල්ලාහ්ගෙන් යැයි පවසන්නවුනට ඛේදය වේ. තවද” ඔවුන්ගේ අත් ලියූ දේ නිසාද ඔවුනට ඛේදය වේ.
  • 2: 79 - තවද නියමිත දින ගණනක් හැර අපා ගින්න අප ස්පර්ශ නොකරන්නේම යැයි, ඔවුහු (යුදෙව්වරු) කීවාහුය. අල්ලාහ් නුඹලා සමඟ ගිවිසුමකට බැදී ඇත්තේද? එසේනම් අල්ලාහ් තම ගිවිසුම කිසිවිටකත් කඩනොකරන්නේමය, නැතහොත් නුඔලා නොදන්නා දේ අල්ලාහ් කෙරෙහි කියන්නාහු දැයි (නබි මුහම්මද් ! ඔවුනට) පවසනු.
  • 2: 80 - එසේ නොව, කවරෙක් හෝ දුෂ්ඨ කම් උපයාගෙන, තවද ඔහුගේ පාපය ඔහු වටකරමින් තිබෙන්නේද ඔවුහු අපා ගින්නෙහි සහකාරයෝය, ඔවුහු සදාකල් එහි රැදී සිටිති.
  • 2: 81 - තවද, කව්රු විශ්වාස කර යහකම් කරන්නේද ස්වර්ගයේ සහකාරයෝ වන්නේ ඔවුහුමය, ඔවුහු එහි සදාකල් රැදී සිටිති.
  • 2: 82 - අල්ලාහ් හැර (වෙන කිසිවෙකු හෝ කිසිවක්) නැමදුම් නොකරනුයි ද,දෙමව්පියන් වෙත (යුතුකම් ඉටුකර) ඇප උපස්ථාන කරනුයි ද, නැදෑයින්ට ද, අනාථයින්ට ද දුගීයන්ට ද (ඇප උපස්ථාන කරනුයි ද) තවද, මිනිසුන්ට ප්‍රිය වදන් පවසනුයි ද, සලාත්හි නිරතවනුයි ද, සzකාත් දෙනුයි ද, යනුවෙන් (මුතුන්මිත්තන් වූ) ඉස්රාඊල් දරුවන් සමඟ අප ගිවිසුමක් කරගත් සැටි සිහියට නගනු. ඉන්පසුව ද, නුඹලා අතුරින් ටික දෙනෙකු හැර (අන් අය එම ගිවිසුම) නොසලකා මඟ හැරියාහුය.
  • 2: 83 - තවද නුඹලා(එකිනෙකා)ගේ ලේ නොසිඳිනුයිද නුඹලාගෙන් (එකිනෙකා) තම වාසභූමියෙන් (අනෙකාව) බැහැර නොකරනුයිද (මුතුන්මිත්තන්ගෙන්) අප ගිවිසුමක් (ඇතිකර) ගත් සැටි සිහියට නගනු. නුඹලා (එම ගිවිසුමට) සාක්ෂිකරුවන් ලෙස සිටි අතර එය ස්ථීරද කළාහුය.
  • 2: 84 - ඉන්පසුව(ද) නුඹලා පව් කිරීමේදීද සීමාව ඉක්මවීමේ දී ද කෙනෙකුට කෙනෙක් අනුබල දෙමින් නුඹලා සමඟ සම්බන්ධ අය මරා නුඹලාගෙන් කොටසක් ඔවුන්ගේ වාසභූමියෙන් බැහැර කළේ (දැනට ජීවතුන් අතර සිටින) නුඹලාමය. තවද ඔවුන් නුඹලා වෙත (යුද) සිරකරුවන් ලෙස පැමිණියහොත් (නුඹලා) ඔවුන් මුදා හරින්නෙහුය, ඔවුන් පිටුවහල් කිරීම නුඹලාට (තව්රාත් මගින්) තහනම්ව තිබියදීත්. නුඹලා ධර්ම ග්‍රන්ථයෙහි කොටසක් විශ්වාස කර තවත් කොටසක් විශ්වාස නොකරන්නහු ද? නුඹලා අතරින් එය කරන්නවුනට මෙලොව ජීවිතයේ ඔවුන්ට නින්දාව හැර (වෙනත්) විපාකයක් නැත. තවද, පරමාන්ත දිනයේ දී ද, ඉතා තදබල වේදනාව කරා ඔවුහු හරවා යවනු ලබන්නාහුය. තවද, නුඹලා කරන දේ ගැන අල්ලාහ් තැකීමක් නැත්තෙකු නොවේ.
  • 2: 85 - * [[2:පරලොව (ජිවිතය) වෙනුවෙන් මෙලොව ජීවිතය මිලට ගත් අය වන්නේ ඔවුහුමය. එබැවින් ඔවුනට දුක් වේදනා ලිහිල් කරනු නොලැබේ. තවද ඔවුනට පිහිට ලැබීමක්ද නැත.
  • 2: 86 - (යුදෙව්වනි!) නියත වශයෙන්ම අපි මූසාට (තව්රාත්) ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද, ඔහුට පසුව (ධර්ම) දුතයින් ගණනාවක්ම අනුපිළිවෙළින් යැවීමු. තවද” මර්යම් පුත් ඊසා(ජේසුතුමා)ට පැහැදිලි සාධකයන් පිරිනැමුවෙමු. තවද ශුද්ධාත්මය මගින් ඔහු ශක්තිමත් කළෙමු. (නමුත් අපගේ) ධර්ම දූතයෙකු නුඹලාට අකමැති වන දේ ගෙනෙන සෑම විටකම නුඹලා අහංකාර වූවෙහුය. නුඹලා (ධර්ම දූතයින්) පිරිසක් බොරු කළ අතර තවත් පිරිසක් ඝාතනය කළාහුය.
  • 2: 87 - අපගේ සිත් වසා ඇතැයි ඔවුහු කීහ. එසේ නොව ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතුකොට ගෙන අල්ලාහ් ඔවුන්ට ශාප කළේය. එම නිසා ස්වල්පයකි ඔවුන් විශ්වාස කරන්නේ.
  • 2: 88 - ඔවුන් ළඟ ඇති දේ සත්‍ය කරන ග්‍රන්ථයක් අල්ලාහ්ගෙන් ඔවුන් වෙත පැමිණි විට (ඔවුන් එය කෙසේ ක්‍රියාත්මක කරන්නේද) මීට පෙර ප්‍රතික්ෂේප කරන්නවුනට විරුද්ධව ජයග්‍රහණය ලැබීමට ඔවුහු (අල්ලාහ්ගේ පිහිට) අයැදමින් සිටියහ. නමුත් ඔවුන් දැන සිටි දේ ඔවුන් වෙත පැමිණි විට, ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. එබැවින් ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ්ගේ ශාපය (ඇති) වේවා.
  • 2: 89 - අල්ලාහ්ගේ ගැත්තන් අතුරින් තමන්ට අභිමත වූ කෙනකුන් වෙත අල්ලාහ්ගේ ත්‍යාගශීලිත්වය පහළ කිරීම පිළිබඳව ඊර්ෂ්‍යාව හේතු කොටගෙන අල්ලාහ් පහළ කළ දේ ඔවුන් ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ ආත්මවලට හානි පමුණුවන සේ එය විකිණීම ඉතාමත් නපුරුය. එබැවින් ඔවුහු (අල්ලාහ්ගේ) උදහසින් උදහසට භාජනය වුහ. තවද ප්‍රතික්ෂේප කරන්නන්ට නින්දනීය දඬුවමක් ඇත.
  • 2: 90 - අල්ලාහ් පහළ කළ දෑ විශ්වාස කරනුයි ඔවුන්(යුදෙව්වරුන්)ට කියනු ලැබු විට අප වෙත පහළ කළ දේ අපි විශ්වාස කරන්නෙමුයි ඔවුහු කියති. තවද ඔවුන් අතර තිබෙන දෑ සත්‍යයැයි ප්‍රකාශ කරන සත්‍යයක්ව තිබියදීත් ඔවුහු ඉන්පසුව පහළ කළ (සියලූ) දෑ ප්‍රතික්ෂේප කරති. නුඹලා විශ්වාස කරමින් සිටියාහු නම්, නුඹලා කුමක් හේතුකොට ගෙන මීට පෙර අල්ලාහ්ගේ නබිවරුන් ඝාතනය කළාහුදැයි (නබි මුහම්මද්!) පවසනු.
  • 2: 91 - නියත වශයෙන්ම මූසා පැහැදිලි සාධකයන් රැගෙන නුඹලා වෙත පැමිණියේය. නමුත් ඉන්පසුව නුඹලා වසුපැටවා (ඇදහීමට) ගත්තෙහුය. මෙලෙස නුඹලා (බරපතල) අපරාධකරුවෝ වී සිටියෙහුය.
  • 2: 92 - තවද තූර් (කන්ද) නුඹලා(ගේ මුතුන්මිත්තන්) මත අප ඔසවා අප විසින් පිරිනමන ලද දෑ (තව්රාත්) අධිෂ්ඨානයෙන් යුතුව පිළිපදිනුයිද තවද නුඹලා සවන් දෙනුයිද නුඹලා සමඟ ගිවිසුමක් ගත් අවස්ථාව සිහියට නගනු. එයට ඔවුහු අපි (අල්ලාහ්ගේ වදන්වලට) සවන් දුන්නෙමු. නමුත් (අල්ලාහ්ගේ අණපනත්) නොපිළිපදිමුයි කීහ. ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතුකොට ගෙන ඔවුන්ගේ සිත්තුළ වසුපැටවා (කෙරෙහි මනාපය) කාවද්දන ලදී. නුඹලා විශ්වාස කරන්නහු නම්, නුඹලාගේ විශ්වාසය නුඹලාට අණවන දැය නපුරු යැයි (නබි මුහම්මද්!) පවසනු.
  • 2: 93 - පරලොව වාසස්ථානය (ස්වර්ගය) අන් මිනිසුන්ට හැර අල්ලාහ් වෙතින් නුඹලාට පමණක් වූයේ නම්, නුඹලා සත්‍යවාදීහු වූවෙහු නම්, මරණයට කැමති වනුයි (නබි මුහම්මද්!) පවසනු.
  • 2: 94 - ඔවුන්ගේ සියතින් පෙර කළ (පාප) ක්‍රියාවන් හේතුකොට ගෙන ඔවුහු එ(මරණ)ය කිසි කලෙකත් ප්‍රිය නොකරන්නාහුමය.තවද අපරාධකරුවන් පිළිබඳව අල්ලාහ් මැනවින් දනී.
  • 2: 95 - ඔවුන් (අන්)මිනිසුන්ටද ආදේශ තබන්නන්ටද වඩා මෙලොව ජීවත් වීමට බලවත් ආශාවක් ඇත්තන් සේ නුඹ ඔවුන් දකිනවා ඇත. ඔවුන් එකිනෙකා අවුරුදු දහසක් වුවද ජීවත් වීමට ඇලූම් කරති. එහෙත් එලෙස (දීර්ඝ) ජීවිතයක් ඔහුට දෙනු ලැබුවද එය ඔහුට හිමි වේදනාවෙන් ඔහුව ඈත් නොකරයි. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ මැනවින් දකියි.
  • 2: 96 - යම් කෙනෙකු ජිබ්රිල්ට සතුරු වන්නේ ද (ඔහු මෙය අවබෝධ කරගත යුතුය.) නියත වශයෙන්ම ඔහු (ජිබ්රිල්)ඊට පෙර ධර්ම ග්‍රන්ථයන් සත්‍ය කරමින් ද සෘජු මාර්ගයක් ලෙස ද විශ්වාස කරන්නවුනට සුභාරංච්යක් ලෙස ද නියත වශයෙන්ම එය (අල්-කුර්ආනය) අල්ලාහ්ගේ අවසරයෙන් නුඹගේ සිතට පහළ කළේ යැයි (නබි මුහම්මද්!) පවසනු.
  • 2: 97 - (ඔවුන් ජිබ්රිල් කෙරෙහි සතුරුකම් පෑමට හේතුව මෙය වී නම් නබි මුහම්මද් පවසනු.) අල්ලාහ්ටද අල්ලාහ්ගේ මලක්වරුන්(සුරදුතයින්)ටද අල්ලාහ්ගේ රසුල්(ධර්මදූත)වරුන්ටද ජිබ්රීල්(ගාබ්‍රියෙල්)ටද මීකායිල් (මයිකල්)ටද යමකු සතුරු වන්නේ නම් නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ් සතුරුය.
  • 2: 98 - තවද නියත වශයෙන්ම අපි නුඹ වෙත පැහැදිලි ආයාත් (සංඥාවන්) පහළ කළෙමු. ෆාසිකූන් (අනර්ථකාමීන්) හැර (අන් කිසිවෙක්) ඒවා ප්‍රතික්ෂේප නොකරති.
  • 2: 99 - ඔවුන් ගිවිසුමක් ගිවිසගත් සෑම අවස්ථාවකදීම ඔවුන් අතුරින් පිරිසක් එය (කඩකර ඉවතට) විසි නොකළාහුද? (එපමණක් නොවේ) සත්‍යය නම් ඔවුන් අතුරින් බොහෝ දෙනෙක් විශ්වාස නොකරති.
  • 2: 100 - ඔවුන් ළඟ ඇති (ධර්ම ග්‍රන්ථය) සත්‍ය කරමින් රසුල්වරයකු (ධර්ම දූතයකු) අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල්හී (ධර්ම) ග්‍රන්ථය ලැබූ අය (යුදෙව්වන්) අතුරින් පිරිසක් නොදන්නවුන් සේ අල්ලාහ්ගේ ග්‍රන්ථය ඔවුන්ගේ පිටුපසින් විසි කළහ.
  • 2: 101 - තවද, සුලෙයිමාන්ගේ රාජ්ය( කාලයේ ෂෙයිතානුන් ප්‍රකාශ කළ දෑ (ඉන්ද්‍රජාලය) ඔවුහු (යුදෙව්වෝ) අනුගමනය කළහ. (සැබැවින්ම) සුලෙයිමාන් (කිසි විටෙකත් අල්ලාහ්) ප්‍රතික්ෂේප නොකළේය. නමුත් බැබිලෝනියාවේ දී මිනිසුන්ට ඉන්ද්‍රජාලම ඉගැන්වූ හාරූත්, මාරූත් යන ෂෙයිතානුහූ ප්‍රතික්ෂේප කළහ. එම මලක්වරු දෙදෙනා (වන ජිබ්රීල් හා මීකායීල්) හට (ඉන්ද්‍රජාලම) පහළ කරනු ලැබුවේ නැත. අප (මිනිසුන්ට) හුදෙක් පරික්ෂාවක් පමණකි. එනිසා මෙමගින් (අල්ලාහ්) ප්‍රතික්ෂේප නොකරන්නැයි ප්‍රකාශ කරනතුරු කිසිවෙකුටත් එම (හාරූත් මාරූත් නම් ෂෙයිතාන්හු) දෙදෙනා (ඉන්ද්‍රජාලය) නොඉගැන්වූහ. සැමියා හා ඔහුගේ බිරිඳ අතර භේද ඇති කරන දෑ පිළිබඳව (උපක්‍රමය) ඔවුන් දෙදෙනාගෙන් ඔවුහු (යුදෙව්වන්) ඉගෙන ගත්හ. අල්ලාහ්ගේ අභිමතයෙන් තොරව කිසිවෙකුටත් එමගින් පීඩාවක් ඇති කිරීමට ඔවුනට නොහැකිය. ඔවුන් ඉගෙන ගන්නේ ඔවුනට පීඩාගෙන දෙන හා ඔවුනට වැඩදායි නොවන දේවල්ය. තවද, (විශ්වාසය වෙනුවට) එය (හූනියම් ශාස්ත්‍රාදිය) යමෙකු (මිලදී) ගන්නේ ද, ඔහුට පරලොව දී කිසිම සෙතක් නොලැබෙනු ඇතැයි ඉතාමත් පැහැදිළිවම ඔවුහු දැන සිටියහ. තවද” තමන්ගේ ආත්මයන් විකුණා ඔවුන් ලබාගත් දෑ ඉතාමත් නපුරුය. (මෙය) ඔවුහු දැන සිටියාහු නම්!
  • 2: 102 - තවද ඔවුහු විශ්වාසකර (අල්ලාහ්ට) බියබැතිමත් වන්නේ නම් අල්ලාහ්ගෙන් ලැබෙන තිළිණ වඩාත් යහපත්වනු ඇත. ඔවුහු දැනසිටියාහු නම්!
  • 2: 103 - ශ්වාසවන්තයිනි (නබිතුමාට) රාඉනා (අපට සවන්දෙනු) යැයි නොකියනු. උන්දුර්නා (අප වෙත අවධානය යොමු කරන්න) යැයි කියා සාවධානයෙන් සවන් දෙනු.තවද ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනීය දඬුවමක් ඇත.
  • 2: 104 - ධර්ම ග්‍රන්ථය හිමි අය අතුරින් ප්‍රතික්ෂේප කරන්නන්ද නැතහොත් මුෂ්රික්වරුන්(ආදේශ තබන්නන්)ද නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් කිසියම් යහපත් දෙයක් නුඹලා වෙත පහළ වීම ප්‍රිය නොකරති. තවද අල්ලාහ්ට අභිමත වූ කෙනකු ඔහුගේ දයාලූභාවයට විශේෂයෙන් තෝරා ගනී. අල්ලාහ් අතිශයින්ම ත්‍යාගශීලීය.
  • 2: 105 - යම් කිසි ආයතයක් (වදනක්) අප අවලංගු කළහොත් හෝ එය අමතක කරවන ලදහොත් හෝ ඒ වෙනුවට එයට වඩා ශ්‍රේෂ්ඨ වූ එකක් හෝ එබඳූවු (වදනක්) හෝ අපි ගෙන එන්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් සියලූ දෑ කෙරෙහි බලසම්පන්න යැයි නුඹ නොදන්නෙහිද?
  • 2: 106 - අහස්වලද මහපොළොවෙහිද පරමාධිපත්‍යය නියත වශයෙන්ම අල්ලාහ්ටම යැයි නුඹ නොදන්නෙහිද? තවද නුඹලාට අල්ලාහ් හැර ආරක්ෂකයකු හෝ ආධාරකරුවකු හෝ නැත.
  • 2: 107 - නැතහොත් මීට පෙර මූසාගෙන් ප්‍රශ්න කරනු ලැබුවාක් මෙන් නුඹලා නුඹලාගේ රසුල්වරයාගෙන් ප්‍රශ්න කරන්නට සිතන්නෙහු ද? යමෙකු විශ්වාසය වෙනුවට ප්‍රතික්ෂේපය හුවමාරු කර ගන්නේ ද නියත වශයෙන්ම ඔහු සෘජු මාර්ගයෙන් නොමඟ ගිය අයෙක් වේ.
  • 2: 108 - ධර්ම ග්‍රන්ථය හිමි අයගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ සිත් තුළ ඇති ඊර්ෂ්‍යාව හේතුකොට ගෙන ඔවුන්ට සත්‍යය හෙළිදරව් වූවායින් පසුවද නුඹලා විශ්වාසීකයින් වූ පසුව අවිශ්වාසිකයින් ලෙස හැසිරිය යුතු යැයි අපේක්ෂා කරති. එබැවින් අල්ලාහ්ගෙන් විධානයක් ලැබෙන තුරු නුඹලා සමාවදෙනු, ඉවසනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලූ දේ කෙරෙහි බලසම්පන්නය.
  • 2: 109 - තවද සලාත්හී නිරත වනු. සzකාතයද දෙනු. නුඹලා නුඹලාගේ අනාගතය උදෙසා ඉදිරියට යවනු ලබන ලැබූ කවර සත්ක්‍රීයාවක් වුවද ඒවා අල්ලාහ් වෙත රැදෙන බව නුඹලාට දැනගන්නට ලැබෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දේ මැනවින් දකියි.
  • 2: 110 - (යුදෙව්වෝ) යුදෙව්වකු ලෙස සිටි කෙනකු හැර හෝ (ක්‍රිස්තියානිහු) ක්‍රිස්තියානිවරයකු ලෙස සිටි කෙනකු හැර හෝ වෙනත් කිසිවෙක් ස්වර්ගයට ඇතුලූ නොවනන්හුම යැයි කියති. ඒවා ඔවුන්ගේ මනඃකල්පිතයන්ය. නුඹලා සත්‍යවාදීන් නම් නුඹලාගේ සාධක ඉදිරිපත් කරන්නැයි (නබි මුහම්මද්!) පවසනු.
  • 2: 111 - එසේ නොව, කවරකු හෝ කීකරු භාවයෙන් අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වී සත්‍ය මාර්ගයෙහි ගමන් කරමින් සිටීද ඔහුට ඔහුගේ තිළිණ ඔහුගේ රබ් (පරමාධිපති) වෙතය. තවද ඔවුන්ට බියකුදු නැත. ඔවුහු ළතවන්නෝද නොවෙති.
  • 2: 112 - ඔවුන් දේව ග්‍රන්ථ කියවන නමුත් ක්‍රිස්තු භක්තිකයින් (සත්‍යයෙහි) කිසියම් හෝ පදනමක නොසිටිතියි යුදෙව්වරු කියති. තවද යුදෙව්වරුන් (සත්‍යයෙහි) කිසියම් හෝ පදනමක නොසිටිතියි ක්‍රිස්තියානිවරුද පවසති. (දේව ග්‍රන්ථ ගැන) දැනුමක් නොමැති අයද ඔවුන් පවසන ලෙසින්ම පවසති. ඔවුන් මතභේද වී සිටි දෑ ගැන කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) දිනදී ඔවුන් අතර අල්ලාහ් විනිශ්චය කරයි.
  • 2: 113 - තවද, අල්ලාහ්ගේ මස්ජිදයන්හී (දේවස්ථානයන්හි) ඔහු(අල්ලාහ්)ගේ නාමය සිහිපත් කිරීම වළක්වන අයද, තවද ඒවා (ස්ථානයන්) විනාශ කිරීමට තැත්කරන්නා වූ අයටද වඩා අපරාධකරුවෝ කවරහුද? එවැනි අයට බියෙන් තොරව එහි ඇතුලූ වීමට සුදුසුකමක් නැත. ඔවුනට මෙලොවදී නින්දාපහාසද තවද පරලොවදීද ඔවුනට බලවත් වේදනාවද ඇත.
  • 2: 114 - නැගෙනහිර, බටහිර අල්ලාහ්ටම(අයත් වන්නේ)ය. එබැවින් (නැමදීමේ දී) නුඹලා කවර දිශාවකට හැරුණාහු ද නුඹලා හැරෙන්නේ අල්ලාහ් වෙතමය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ව්‍යාපකය, සර්වඥය.

නින්දාපහාසද තවද පරලොවදීද ඔවුනට බලවත් වේදනාවද ඇත.

  • 2: 117 - අල්ලාහ් පුතකු (දරුකමට) ගත්තේ යැයි ඔවුහු පවසති. (එවැනි දැයින්) ඔහු සුවිශුද්ධය. එසේ නොව, අහස්හීද මහපොළොවෙහිද ඇති දේ ඔහුටම(හිමි)ය. (මේ) සියල්ල ඔහුටම අවනත වන්නේය.

නින්දාපහාසද තවද පරලොවදීද ඔවුනට බලවත් වේදනාවද ඇත.

  • 2: 118 - අහස්හීද මහපොළොවෙහිද (පෙර නිදසුනක් නොමැතිව මැවු) නිර්මාතෘවරයා, ඔහු (අල්ලාහ්) කිසියම් දෙයක් තීරණය කළ විට “වනු” යයි කියන්නේය. එකෙනෙහිම (එය) සිදු වන්නේය.
  • 2: 119 - තවද නූගත්තු අල්ලාහ් අපට කථා නොකරන්නේ මන්ද? නැතහොත් සංඥාවක් අපට නොඑන්නේ මන්දැයි පවසති. ඔවුන් පවසන ලෙසින්ම ඔවුන්ට පෙර සිටි අයද පැවසූහ. ඔවුන්ගේ සිත් (මොවුන්ගේ සිත් හා) සමානය. ස්ථීර විශ්වාසකයින්ට නියත වශයෙන්ම අපි සංඥාවන් පැහැදිළි කර ඇත්තෙමු.
  • 2: 120 - සුභාරංචිය ගෙන දෙන්නකු ලෙසද අනතුරු අඟවන්නකු ලෙසද නියත වශයෙන්ම නුඹ අපි සත්‍යය සමඟ ඒවා ඇත්තෙමු. තවද, දැවෙන ගින්න (නිරය)ට අයත් වූවන් පිළිබඳව නුඹගෙන් අසනු නොලබන්නෙහිය.
  • 2: 121 - යුදෙව්වන්ද කිතුණුවන්ද ඔවුන්ගේ ඇදහිලි (ධර්මය) නුඹ අනුගමනය කරන තෙක් (ඔවුන්) නුඹ හා කිසි කලෙකත් සෑහිමකට පත් නොවනු ඇත. (නබි මුහම්මද්!) නියත වශයෙන්ම අල්ලාහ්ගේ මඟපෙන්වීම, එයයි නිවැරදි මඟපෙන්වීම වන්නේ යැයි පවසනු. තවද, නුඹට ඥානය පහළ වූවායින් පසු ඔවුන්ගේ දුර්මතයන් නුඹ අනුගමනය කරන්නේ නම්, අල්ලාහ්ගෙන් ආරක්ෂාකරන්නකු හෝ උදව් කරන්නකු හෝ නුඹට නැත.
  • 2: 122 - අපි කවරකුට ධර්ම ග්‍රන්ථය ප්‍රදානය කළෙමුද? ඔවුහු එය පාරායනා කළ යුතු ලෙසම පාරායනා කරති. ඔවුහු එය (අල්-කුර්ආනය අවංකවම)විශ්වාස කරති. යමෙක් එය ප්‍රතිෙක‍ෂ්ප කරන්නේද ඔවුහුමය පරාජිතයෝ වන්නේ.
  • 2: 123 - ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට ප්‍රදානය කළ මාගේ අනුග්‍රහයද නියත වශයෙන්ම ආලමීන් (මිනිසුන් හා ජින්වරුන් කෙරෙහි නුඹලා) අතර වඩාත් උසස් තත්ත්වයට මා නුඹලා පත් කළ බවද සිහිකරනු.
  • 2: 124 - යමෙක් යමකුට කිසි දෙයක් පිළිබඳව වග නොකියන්නා වූද ඔවුන් කිසිවකුගෙන් වන්දියක් බාර නොගනු ලබන්නා වූද ඔහුට (කිසිවකුගේ) මැදිහත් වීම ප්‍රයෝජනයක් නොවන්නා වූද තවද ඔවුන්ට පිහිට නොලබන්නා වූද දිනය ගැන බියවනු.
  • 2: 125 - තවද, මෙය සිහියට නගනු. ඔහුගේ රබ් (පරමාධිපති වූ අල්ලාහ්) ඉබ්‍රාහීම්ව විවිධ අනපනත්වලින් පරීක‍ෂා කළ විට ඔහු (ඉබ්‍රාහීම්) ඒවා සම්පූර්ණ (ඉටු) කළේය. (එවිට) නියත වශයෙන්ම මම නුඹව මිනිස් වර්ගයාට (යහමඟ පෙන්වන) නායකයකු කරන්නෙමියි ඔහු (අල්ලාහ්) කීවේය. එවිට මාගේ පරම්පරාවෙනුත් (නායකයන් පත් කරන්නේ) දැයි (ඉබ්‍රාහීම්) කිවේය. අපරාධ කරුවන්ට මාගේ ගිවිසුම අදාළ නොවන්නේ යැයි ඔහු (අල්ලාහ්) කීවේය.
  • 2: 126 - තවද මෙය සිහියට නගනු. (කඃබාහ්) ගෘහය මනුෂ්‍ය වර්ගයාට පිහිට පතා යන ස්ථානයක් ලෙසද අභය ස්ථානයක් ලෙසද අපි කෙළෙමු. තවද ඉබ්‍රාහීම් (නමදිමින්) සිටි ස්ථානය නැමදුම් ස්ථානයක් ලෙසද නුඹලා ගනු(යි අපි අණ කෙළෙමු.) තවද අප ඉබ්‍රාහීම්ටද (ඔහුගේ පුත්) ඉස්මායිල්ටද මාගේ ගෘහය තායිෆීන් (ශුද්ධ කඃබහ්ව ප්‍රදක්ෂිණා කරන්නවුන)ටද ආකිෆීන් (අල්ලාහ් මෙනෙහි කරමින් හා සිහිපත් කරමින් එහි රැදී සිටින්නවුන)ටද සලාත් (නැමදුම් කිරීමේදී) රුකුඋ (නැමී) සුජුද් (නළල බිම තබා නමස්කාර) කරන්නන් සඳහාද පවිත්‍ර කරනුයි අණ කෙළෙමු.
  • 2: 127 - තවද, ඉබ්‍රාහීම් (මාගේ) රබ්, (මක්කාහ්ව වන) මෙම (ස්ථානය) අභයදායි නගරයක් (බවට පත්)කරන්න. තවද එහි වැසියන්ගෙන් අල්ලාහ් ගැනද, අවසානනය ගැනද, විශ්වාස කරන්නවුනට අනුභව කිරීම සඳහා (සෑම වර්ගයකම) පළතුරු සපයන්නැයි ඉබ්‍රාහීම් කී අවස්ථාව සිහියට නගනු. (එවිට විශ්වාසකයින්ට මෙන්ම) ප්‍රතිෙක‍ෂ්ප කරන්නවුනටද සුළු කලක් එයින් සැප විඳීමට මම ඉඩ සලස්වමි. පසුව, මා ඔහු අපා ගින්නේ වේදනාවට අනිවාර්යයෙන්ම ප්‍රවිශ්ට කරමි. එය ඉතා නපුරුම ස්ථානයයි (අල්ලාහ්) පැවසුවේය.
  • 2: 128 - තවද සිහියට නගනුල ඉබ්‍රාහීම් හා ඉස්මායිල්ද (කඃබාහ්) ගෘහයෙහි අත්තිවාරම නංවමින් “අපගේ රබ් (පරමාධිපති) අපගෙන් මෙය පිළිගනු මැනව නියත වශයෙන්ම සර්වශ්‍රවණකද සර්වඥද ඔබම යැයි” ප්‍රාර්ථනා කළහ.
  • 2: 129 - අපගේ රබ් (පරමාධිපති) අපව ඔබට (සම්පූර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන් දෙදෙනෙකු ලෙස ද, අප අතුරින් පැවතෙන්නන්ගෙන් ඔබට (අවනත වන) මුස්ලිම් සමූහයක් ද (ඇති) කරනු මැනව. තවද අපගේ නැමදුම් (හජ්, උම්රාහ් කටයුතු කරන අයුරු හා අනෙකුත් නැමදුම් ඉටුකරන අයුරු) අපට පෙන්වා දෙනු මැනව. තවද අපගේ පශ්චාත්තාපයද පිළිගනු මැනව. නියත වශයෙන්ම පශ්චාත්තාපය පිළිගන්නාද අසමසම කරුණාන්විතයාද ඔබමය.
  • 2: 130 - අපගේ රබ් (පරමාධිපති) ඔබගේ ආයාත් (වදන්) ඔවුනට පාරායනා කර ධර්ම ග්‍රන්ථය හා හික්මාව(ඥානය, අණපනත්, මුහම්මද් තුමාගේ ජීවන චර්යාව ආදිය) ද ඔවුනට උගන්වන්නා වූ ද, ඔවුන් සුවිශුද්ධ කරන්නා වූ ද, රසුල්(ධර්මදූත)වරයෙකු ඔවුන් අතුරින් ඔවුනට පහළ කරනු මැනව. සර්ව බලසම්පන්නද, සර්වප්‍රාඥද වන්නේ නියත වශයෙන්ම ඔබම යැයි (ඒ දෙදෙනා කීහ.)
  • 2: 131 - තවද, තමාවම මෝඩයෙකු බවට පත් කරගත් අයකු හැර අන් කවරෙක් ඉබ්‍රාහීම්ගේ මාර්ගයට අකමැති වෙයිද? නියත වශයෙන්ම අපි (ඉබ්‍රාහීම් වන) ඔහු මෙලොව (දූත මෙහෙවර සඳහා) තෝරා ගතිමු. තවද, සැබැවින්ම පරලොවේදී ද ඔහු යහපත් අය අතරෙහිය.
  • [[2: 132 * [[2:* [[2:ඔ හු(ඉබ්‍රාහීම්)ට ඔහුගේ රබ් (පරමාධිපති) නුඹ (මට) අවනත වනුයි කී කල්හි ඔහු (ඉබ්‍රාහීම්) මම සකල ලෝක රබ්(පරමාධිපති)ට අවනත වුනෙමියි කිවේය.
  • 2: 133 - ඉබ්‍රාහීම් (අල්ලාහ්ගේ ධර්මය පිළිපදින ලෙස ඔහුට අල්ලාහ් උපදෙස් දුන් ලෙසම) ඔහුගේ පුත්‍රයින්ට ද උපදෙස් දුන්නේය. එලෙසම යඃකුබ් ද, මාගේ දරුවනී, නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට මෙම දීන් (ධර්මය) තෝරාදී ඇත. එබැවින් නුඹලා මුස්ලිම්වරුන් (අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වූ අය) ලෙසින් විනා නොමැරෙනුයි අනුශාසනා කළේය.
  • 2: 134 - (යුදෙව්වරුනි!) යඃකුබ්ගේ මරණාසන්න අවස්ථාවේ දී නුඹලා (ඔහුට) සමීපව සිටි(මින් ඔහුගේ අනුශාසනාවට කන් දෙමින් සිටි)යෙහු ද? එවිට ඔහු (යඋකුබ්) මාගෙන් පසුව නුඹලා කුමක් අදහන්නහුදැයි ඔහුගේ පුත්‍රයින්ට කී කල්හී, අපි ඔබගේ දෙවියා ද ඔබගේ පියවරුන් වන ඉබ්‍රාහීම්, ඉස්මායිල්, ඉස්හාක් යන අයගේ දෙවියා ද වන එකම දෙවි (අල්ලාහ්වම) අදහන්නෙමු. තවද, අපි ඔහු(අල්ලාහ්)ට සම්පූර්ණයෙන්ම අවනතවන්නෝ (මුස්ලිම්වරු) වෙමුයි ඔවුහු කීහ.
  • 2: 135 - ඔවුන් පහව ගිය සමූහයකි. ඔවුනටය ඔවුන් සපයාගත්දෑ නුඹලාටය නුඹලා සපයාගත් දෑ ඔවුන් කරමින් සිටිදේ පිළිබඳව නුඹලාගෙන් ප්‍රශ්න කරනු නොලබන්නාහුය.
  • 2: 136 - තවද නුඹලා යුදෙව්වන් වනුයි ද නැතහොත් කිතුනුවන් වනුයි ද (එසේ වුවහොත්) නුඹලා යහමඟ ලබන්නවුන් වන්නේයැයි (යුදෙව්වෝ හා කිතුනුවෝ මුස්ලිම්වරුන්ට) කීහ, එසේ නොව, අන් සෑම මඟකින්ම ඉවත් වී ඉබ්‍රාහීම්ගේ මඟම පිළිගනු. ඔහු (ඉබ්‍රාහීම්) අල්ලාහ්ට ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නොවීයැයි ද, (මුහම්මද්!) නුඹ පවසනු.
  • 2: 137 - අපි අල්ලාහ්ද අප වෙත පහළ කළ දෑද ඉබ්‍රාහීම්, ඉස්මායිල්, ඉස්හාක්, යඃකූබි හා අස්බාත්(යඃකූබ්ගෙන් පැවත එන්නන්)ටද, පහළ කළ දෑද තවද මූසාටද, ඊසාටද, දෙන ලද දෑ හා සියලූ නබිවරුන්ටද ඔවුන්ගේ රබ් (පරමාධිපති) විසින් දෙනු ලැබු දෑ(අණ පනත්)ද විශ්වාස කළෙමු. අපි ඔවුන් * [[2:}(නබිවරුන්) කිසිදු කෙනකු අතර ප්‍රභේදයක් නොකරමු. තවද අපි ඔහු(අල්ලාහ්)ට සම්පූර්ණයෙන්ම අවනත වුවෝ (මුස්ලිම්වරු) වෙමුයි කියනු.
  • 2: 138 - එබැවින් නුඹලා විශ්වාස කළාක් මෙන් ඔවුහු ඒවා විශ්වාස කළාහු නම් ඔවුන් නියත වශයෙන්ම යහමඟ ලද්දෝ වෙති. තවද ඔවුහු (එසේ කිරීමට) පිටු පෑවාහු නම් නියත වශයෙන්ම ඔවුහු මුරණ්ඩු බවින් සිටිති. එබැවින් ඔවුන්ට එරෙහිව (ආරක‍ෂා කිරීමට) අල්ලාහ් නුඹට ප්‍රමාණවත්ය. තවද ඔහු සර්වශ්‍රාවකය, සර්වඥානීය.
  • 2: 139 - (නබි මුහම්මද්!) අල්ලාහ්ගේ වර්ණය ගන්න. අල්ලාහ්ගේ වර්ණයට වඩා කවරකුගේ වර්ණය ශ්‍රේෂ්ඨ වන්නේද? තවද අපි ඔහු(අල්ලාහ්)ටම අවනත වන්නෝ වෙමු.
  • 2: 140 - අපගේ රබ්(පරමාධිපති)ද නුඹලාගේ රබ්(පරමාධිපති)ද (අල්ලාහ් වූ) ඔහුම වී සිටියදී නුඹලා අල්ලාහ් පිළිබඳව අප සමග විවාද කරන්නෙහුද? තවද, අපටය අප කළ දේ. නුඹලාටය නුඹලා කළ දේ. අපි ඔහු(අල්ලාහ්)ට පමණක් අවනත වන්නෝ වෙමුයි (නබි මුහම්මද්!) පවසනු.
  • 2: 141 - නියත වශයෙන්ම ඉබ්‍රාහීම්, ඉස්මායිල්, ඉස්හාක්, යඃකූබ් හා අස්බාත් (යඃකූබ්ගෙන් පැවතෙන්නන්) යුදෙව්වරුන්ද නැතහොත් කිතුනුවන්ද වී සිටියැයි නුඹලා කියන්නහුද? ඛෙහෙවින් දන්නේ නුඹලාද නැතහොත් අල්ලාහ් දැයි (නබි මුහම්මද්!) පවසනු. තවද ඔහු වෙත ඇති අල්ලාහ්ගෙන් වූ සාක්ෂිය සඟවන්නේද (ඔහුට) වඩා අපරාධකරුවකු කවරෙක්ද? නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් තැකීමක් නැත්තකු නොවේ.
  • 2: 142 - ඔවුන් පහව ගිය සමූහයකි. ඔවුන්ටය ඔවුන් සපයා ගත් දෑ. නුඹලාටය නුඹලා සපයාගත් දෑ. තවද ඔවුන් කරමින් සිටි දේ පිළිබඳව නුඹලාගෙන් ප්‍රශ්න කරනු නොලබන්නාහුය.
  • 2: 143 - (මුස්ලිම්වරුන්) මීට පෙර (සලාතයේ යෙදෙමින්) ඔවුන් යොමු වී සිටි කිබ්ලාහ්ව වෙතින් ඉවතට හැරෙන්නට කුමක් හේතුවීදැයි මන්ද බුද්ධික මිනිසුන් අසනු නොඅනුමානය. (නබි මුහම්මද්!) ඔවුන්ට පවසනු. නැගෙනහිරත් බටහිරත් අල්ලාහ්ටම(අයත්වන්නේ)ය. ඔහු(අල්ලාහ්)ට අභිමත වූවන් යහමඟට යොමු කරයි.
  • 2: 144 - එසේම අපි නුඹලා මධ්‍යස්ථ සමූහයක් (උම්මතන් වසතන්) කළෙමු. සියලූ මනුෂ්‍යයින්(වර්ගයා)ට සාක්ෂිකරුවන් වියයුතු වීම පිණිස.
  • 2: 145 - (නබි මුහම්මද්!) ඇත්තෙන්ම නුඹ අහස දෙසට නිතර නුඹගේ මුහුණ යොමු කරනු අපි දකින්නෙමු. නුඹගේ සිත සතුටු කරවන කිබ්ලාහ්ව(දෙස)ට අපි නුඹ යොමු කරවන්නෙමු. එබැවින් නුඹගේ මුහුණ (මක්කාහ්වේ) මස්ජිදුල් හරාම් දෙසට යොමු කරනු. (මින්මතු මුස්ලිම්වරුනි !) නුඹලා කොතැනක සිටියත් (සලාතයේ දී) නුඹලාගේ මුහුණු එදෙසට යොමු කරනු. නියත වශයෙන්ම ධර්ම ග්‍රන්ථය ලැබුවෝ, එය (කිබ්ලාහ්ව වෙනස් කිරීම පිළිබඳව වෙනස දන්වන ආඥාව) ඔවුන්ගේ රබ්(පරමාධිපති)ගෙන් ලැබූ සත්‍යයක් බව හොඳින් දනිති. ඔවුන් කරන දෑ පිළිබඳව අල්ලාහ් තැකීමක් නැත්තෙකු නොවේ.
  • 2: 146 - මීට පෙර ධර්මග්‍රන්ථය දෙනු ලැබුවන්ට නුඹ සියලූ(ම අන්දමේ) සංඥා ගෙන ආවාද ඔවුහු නුඹේ කිබ්ලාහ්ව අනුගමනය නොකරති. නුඹද ඔවුන්ගේ කිබ්ලාහ්ව (මින්පසු) අනුගමනය කරන්නකු නොවේ. තවද ඔවුන් (යුදෙව්වන් හා කිතුනුවන්) අතුරින් ඇතැමෙක් අනෙකාගේ කිබ්ලාහ්ව අනුගමනය නොකරති. එබැවින් නුඹට පහළ වූ (මේ) දැනුමෙන් පසුවත් නුඹ ඔවුන්ගේ අභිලාෂයන් අනුගමනය කරන්නේ නම්, නුඹ නිසැකයෙන්ම අපරාධකරුවන්ගෙන් කෙනෙක් වනු ඇත.
  • 2: 147 - (මීට පූර්වයෙහි) අප ධර්ම ග්‍රන්ථය පිරිනැමූ අය, එය (දැන් කිබ්ලාහ්ව බවට පත්කොට ඇති ස්ථානය) ඔවුන් තමන්ගේ දරුවන් හඳුනන ලෙසින්ම හඳුනා ගනිති. තවද, නියත වශයෙන්ම ඔවුන්ගෙන් පිරිසක් දැන දැනම සත්‍යය වසන් කරති.
  • 2: 148 - (මෙම) සත්‍යය (සැබැවින්ම) නුඹගේ රබ්(පරමාධිපති)ගෙන් (ආ ආඥාවකි) එබැවින් නුඹ (මේ පිළිබඳව) සැකයක් පහළ කරන්නන්ගෙන් කෙනකු නොවනු.
  • 2: 149 - (සලාත්හිදී යොමු විය යුතු) දිශාවක් සෑම කෙනකුටම ඇත්තේය. එබැවින් යහපත් ක්‍රියාවන්හි (එකිනෙකාට යුහුසුළුවී) උත්සාහ දරනු. නුඹලා කොතැනක සිටියත් අල්ලාහ් නුඹලා සියල්ල ගෙන්වනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සියලූ දෑ කෙරෙහි බලසම්පන්නය.
  • 2: 150 - නුඹ කුමන බැහැරක සිටියත් නුඹගේ මුහුණ මස්ජිදුල් හරාම් වෙත යොමු කරනු. නියත වශයෙන්ම එය නුඹගේ රබ්(පරමාධිපති)ගෙන් වූ සත්‍යයමය. නුඹලාගේ ක්‍රියාවන් පිළිබඳව අල්ලාහ් තැකීමක් නැත්තකු නොවේ.
  • 2: 151 - තවද නුඹ කුමන බැහැරක සිටියත් නුඹගේ මුහුණ මස්ජිදුල් හරාම් වෙත යොමු කරනු. (මුස්ලිම්වරුනි!) මිනිසුන් අතුරින් අසාධාරණ ජනයා හැර (අනෙක් අය) නුඹලාට විරුද්ධව තර්ක නොකරනු පිණිස, නුඹලා කොතැනක සිටියත් (සලාතයේදී) නුඹලාගේ මුහුණු එදෙසට යොමු කරනු. එම නිසා ඔවුනට බිය නොවනු. මටම බියවනු. එවිට නුඹලාට (පිරිනමන) මාගේ අනුග්‍රහය සම්පුර්ණ කළ හැකි වේ. නුඹලාටද සැබෑ සාර්ථකත්වයට මාර්ගය සොයාගත හැකිවනු ඇත.
  • 2: 152 - (කිබ්ලාහ්ව පිළිබඳව අණපනත් අප පහළ කළේ අපගේ වරප්‍රසාදය පූර්ණ කිරීම ලෙසිනි) එලෙසම අපගේ වදන් නුඹලාට ඉදිරිපත් කරන්නා වූද නුඹලා(ගේ ජීවිත) පාරිශුද්ධ තත්ත්වයට පත් කරන්නාවුද ධර්ම ග්‍රන්ථයද ප්‍රඥාවද නුඹලාට උගන්වන්නා වූද නුඹලා නොදැන සිටිදේ නුඹලාට උගන්වන්නා වූද රසුල්වරයකු අප විසින් නුඹලා අතුරින් එවන ලදී.
  • 2: 153 - එබැවින් නුඹලා මා සිහිපත් කරනු. මමද නුඹලා සිහිපත් කරන්නෙමි. තවද මට නුඹලා කෘතඥවනු. මට අකෘතඥ නොවනු.
  • 2: 154 - විශ්වාසවන්තයිනි ඉවසීම හා සලාතය (නැමදුම) මගින් පිහිට පතනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිමත් අය සමගය.
  • 2: 155 - අල්ලාහ්ගේ මාර්ගයේ මරණයට පත්වන ලැබූ අය සම්බන්ධයෙන් (ඔවුන්) මළවුන් යැයි නුඹලා නොපවසනු. එසේ නොව (ඔවුහු) ජිවත්වන්නාහුය. නමුත් නුඹලා (එය) ප්‍රත්‍යක‍ෂ කර නොගත්තෝය.
  • 2: 156 - තවද බියෙන් හා සාගින්නෙන්ද වස්තූන්, ජීවිත හා බෝග(වල) පරිහානියෙන්ද අපි නුඹලාව පරීක්ෂා කරන්නෙමු. (මෙම පරීක‍ෂණයන්හිදී නොසැළෙන) ඉවසිලිවන්තයින්ට (මුහම්මද්!) නුඹ ශුභ ආරාංච්ය දන්වා සිටිනු.
  • 2: 157 - ඔවුන් කවරෙක්ද යත් ඔවුන් වෙත යම් විපතක් ඇති වූ විට ඔවුහු “අපි නියත වශයෙන්ම අල්ලාහ්ගේය. තවද අපි නියත වශයෙන්ම ආපසු යන්නේ ඔහු වෙතම යැයි” පවසති.
  • 2: 158 - ඔවුන් හට ඔවුන්ගේ රබ්(පරමාධිපති) වෙතින් ආශීර්වාද හා දයාව ඇත. තවද යහමඟ ලද්දෝද ඔවුහුමය.
  • 2: 159 - නියත වශයෙන්ම සෆා හා මර්වා (යන කඳූ දෙක) අල්ලාහ්ගේ සංකේතයන්ය. එබැවින් (අල්ලාහ්ගේ) ගෘහය වෙත හජ් නැතහොත් උම්රාහ් ඉටු කරන අයට ඒ (කඳූ) දෙක අතර තවාෆ් කිරීම වරදක් නොවේ. සත් ක්‍රියාවේ යෙදෙන අයට නියත වශයෙන්ම අල්ලාහ් සර්වඥයය, කෘතඥ පූර්වකය.
  • 2: 160 - නියත වශයෙන්ම අප පහළ කළ පැහැදිලි සාධක හා යහමඟද එය (ධර්ම) ග්‍රන්ථයෙහි මිනිසුන් හට අප පැහැදිලි කළ පසුද සඟවන ඔවුනට අල්ලාහ් ශාප කරන්නේය. තවද ශාප කරන අයද ඔවුනට ශාප කරන්නෝය.
  • 2: 161 - එහෙත් (ඒ පිළිබඳව) පශ්චාත්තාප වී (කළ වරදින් මිදී) හැඩ ගැසුනු අය හා (සඟවපු දෙය) එළිකරන්නන් වූ ඔවුනට මම ක්ෂමාශිලී වෙමි. සාමාව දානය කරන්නාද අසමසම කරුණාන්විතද වන්නාද මම වෙමි.
  • 2: 162 - නියත වශයෙන්ම ප්‍රතිෙක‍ෂ්ප කළ අයද ප්‍රතික්ෂේප කරන්නන් ලෙස මියගිය අයද ඔවුනට අල්ලාහ්ගේද මලක්වරුගේද සකල මනුෂ්‍ය වර්ගයාගේද ශාපය ඇත.
  • 2: 163 - ඔවුහු (ශාප ලබමින්) සදහටම එහි වෙති. ඔවුනට දඬුවම සැහැල්ලූ නොකෙරෙනු ඇත. තවද ඔවුනට සමාවද නොදෙනු ලැබෙත්.
  • 2: 164 - නුඹලාගේ දෙවියා එකම දෙවියෙකි. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ඔහු (අල්ලාහ්) හැර වෙන දෙවියකු නැත.
  • 2: 165 - අහස්වල හා මහපොළොවේ නිර්මාණයෙහිද දිවාරාත්‍රි මාරුවීමෙහිද මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා (බඩු බාහිරාදිය පුරවා ගත්) සමුද්‍ර තරණයෙහි යෙදෙන යාත්‍රාවලද අල්ලාහ් (විසින්) අහසින් පහළ කරන ජලයෙහිද (මහපොළොව වියළි) මළ පසු එමගින් (වැසි ජලයෙන්) යළි පණ ගැන්වීමෙන් ද තවද, එහි විසුරුවා හැර ඇති සියලූම සතුන් කෙරෙහිද සුළඟ ඔබ මොබ යැවීමෙහිදීද අහස හා මහපොළොව අතර (අල්ලාහ්ගේ ආඥාවට යටත්ව ක්‍රියාකාරී වීමට) සූදානම් කරන ලද මේඝයන්හිද නියත වශයෙන්ම බුද්ධිමත් අයට සංඥාවන් ඇත.
  • 2: 166 - (අල්ලාහ්ගේ ඒකීයත්වයට දෙස් දෙන මෙවැනි පැහැදිලි සංඥා දෘශ්‍යමානව තිබුණද) අල්ලාහ්ට සමානයන් තබන අය මනුෂ්‍යයන් අතර වෙති. ඔවුහු අල්ලාහ්ට ප්‍රේම කරන්නන් මෙන් ඒවාට ප්‍රේම කරති. තවද විශ්වාස කරන්නන් අල්ලාහ්ට ප්‍රේම කිරීමෙහිලා ඉතා දැඩිය. (පරලොවහීදී තමන්ට විඳින්නට නියමිතව ඇති) දඬුවම දකින විට නියත වශයෙන්ම සියලූ බලය ඇත්තේ අල්ලාහ්ට පමණක් බවත්, දඬුවම් කිරීමේදී අල්ලාහ් ඉතා දැඞ් බවත්, මෙවැනි අපරාධකරුවන්ට දැන් අවබෝධ වේ නම් (එය කොතරම් අගනේද)
  • 2: 167 - (දඬුවම් පමුණුවන) එවිට (මෙලොවදී) අනුගමනය කරන ලද නායකයන් ඔවුන්ගේ අනුගාමිකයන්ට පිටුපානු ඇත. තවද ඔවුන් (සියලූ දෙනා) වේදනාකාරී දඬුවම දකිනු ඇත. තවද ඔවුන් අතර තිබූ සබඳකම් කැපී යනු ඇත.
  • 2: 168 - (ඔවුන්) අනුගමනය කළ අය, අපට යළිත් වරක් (ලොවට) පෙරළා යන්නට ලැබේද? එසේ නම් ඔවුන් අද දින අපට පිටුපෑවාක් මෙන් අපද ඔවුන්ට පිටු පාන්නෙමුයි කියති. මෙසේ අල්ලාහ් ඔවුන් කළ ක්‍රියාවන් ඔවුන් කෙරෙහි දුක්කම්කටොලූ ලෙස ඔවුනට පෙන්වයි. තවද ඔවුන් (කිසි කලෙකත්) අපා ගින්නෙන් නික්මෙන්නෝ නොවෙති.
  • 2: 169 - මනුෂ්‍යයිනි, මහපොළොවෙහි ඇති දේවල්වලින් හලාල් වූ(අනුමත කළ දේ)ත් පිරිසිදු වූත් දෙයම අනුභව කරනු. තවද ෂෙයිතාන්ගේ පියගැට අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලාගේ ප්‍රකට හතුරාය.
  • 2: 170 - නියත වශයෙන්ම, දුෂ්චරිතයෙහි හා අශිෂ්ට ක්‍රියාවන්හි යෙදීමටත් තවද නුඹලා නොදන්නා දේ අල්ලාහ් කෙරෙහි නුඹලා පැවසීමටත් ඔහු (ෂෙයිතාන්) නුඹලාට අණ කරයි.
  • 2: 171 - අල්ලාහ් පහළ කළ දෑ පිළිපදින්නැයි ඔවුනට කී කල්හි, නැත අප අනුගමනය කරන්නේ අපේ මුතුන් මිත්තන් පුරුදු පුහුණු කළ දේ පමණකැයි ඔවුහු කියති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිම අවබෝධයකින් තොරව හා යහමඟ ලැබීමකින් තොරව සිටියද. (ඔවුහු දිගටම ඔවුන් අනුගමනය කළ යුත්තෙහිද?)
  • 2: 172 - (අල්ලාහ්ගේ මාර්ගය) ප්‍රතික්ෂේප කළ අයගේ (මානසික තත්ත්වයට) උපමාවක් නම් (එඬේරා තමන්ට හඬ ගසද්දීත්) කෑකෝ ගැසීම් මිස, කිසිවක් නොඇසෙන ගවරැළකට සමානය. (ඔවුහු) අඳය, ගොළුය, බිහිරිය, එබැවින් ඔවුනට (කිසිවක්) අවබෝධ නොවේ.
  • 2: 173 - විශ්වාසවන්තයිනි, අප නුඹලාට සපයා ඇති පිරිසිදු දෙයින් අනුභව කරනු. තවද අල්ලාහ්ට කෘතඥ වනු, නුඹලා ඔහු (අල්ලාහ්) පමණක් අදහන්නේ නම්.
  • 2: 174 - අල්ලාහ් නුඹලාට තහනම් කොට ඇති දේ නම්, මළ සතුන් රුධිරය හෝ ශුකර මාංශය හෝ අල්ලාහ්ට හැර අන් කිසිවකු(ගේ නාමය)ට ඝාතනය කරනු ලැබූ දේවල් වේ. එහෙත්, යමකුට (ධර්ම නීතිය) උල්ලංඝණය කිරීමේ චේතනාවක් නොමැතිවද අවශ්‍ය ප්‍රමාණය නොඉක්මවමින් (හුදෙක් අන් කිසිවක් කර ගැනීමට නොහැකි) නොවැළැක්විය හැකි තත්ත්වයක් නිසා මෙසේ තහනම් කළ කිසිවක් ආහාරය පිණිස ගැනීමට බලපෑමක් ඇති වුවහොත් ඔහුට පාපයක් සිදු නොවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ක‍ෂමාශීලීය, දයාන්විතය.
  • 2: 175 - නියත වශයෙන්ම අල්ලාහ් (තමාගේ නබිවරුන් මගින්) පහළ කළ ධර්ම ග්‍රන්ථයෙහි එන (අණ පනත් ආදි) දෑ සඟවමින්, එය සුළු මිළකට විකුණන්නන් ඔවුන්ගේ උදරය පුරවා ගන්නේ ගින්නෙන් මිසක් වෙනත් දෙයකින් නොවේ. තවද කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේදී අල්ලාහ් ඔවුන්ට කථා නොකරනු ඇත. තවද ඔවුන් පාරිශුද්ධ නොකරනු ඇත. ඔවුනට වේදනාකාරී දඬුවම් ඇත.
  • 2: 176 - යහමඟ විකුණා දුර්මඟද (අල්ලාහ්ගේ) සමාව විකුණා දඬුවමද ලද්දෝ ඔවුහුමය. අපා ගින්න (විඳ දරා ගැනීම) කෙරෙහි ඔවුන්ගේ ඉවසීම කෙතරම් ආශ්චර්යමත් දෙයක්ද?
  • 2: 177 - එය (ඔවුන් වේදනාවට භාජනය කිරීමට හේතුව) නියත වශයෙන්ම අල්ලාහ් සත්‍යයෙන් යුත් ග්‍රන්ථය පහළ කෙළේය. නමුත් ග්‍රන්ථය සම්බන්ධයෙන් මතභේද වූ අය තර්කයේ නියැළී (සත්‍යයෙන්) බොහෝ ඈතට යෑමයි.
  • 2: 178 - නුඹලාගේ මුහුණු නැගෙනහිර හෝ බස්නාහිර දෙසට හැරවීම (පමණක්) යහකම නොවේ. එහෙත් යහකම නම් අල්ලාහ් ගැනද අවසාන දිනය ගැනද මලක්වරුන් ගැනද ධර්ම ග්‍රන්ථ ගැනද නබිවරුන් ගැනද විශ්වාස කර ඔහු (අල්ලාහ්) කෙරෙහි වූ ඇල්ම නිසා දේපළ නෑදැයින්ටද අනාථයින්ටද දිළින්දන්ටද මගීන්ටද යාචකයින්ටද වහලූන් මුදවා ගැනීමටද වැය කර සලාත්හි නිරතව zසකාත් ගෙවීමද වේ. තවද ඔවුහු පොරොන්දු වූ විට තම පොරොන්දුව ඉටු කරන දුෂ්කරතාවන්හිදීද දිළිඳූ බවේදීද (සත්‍ය හා අසත්‍යය අතර) සටනේදීද ඉවසිලිමත් වන්නෝ වෙති. ඔවුහු සත්‍යවාදීහුය. තවද බියබැතිමත් වූ අයද ඔවුහුමය.
  • 2: 179 - විශ්වාසවන්තයිනි, මිනිමැරුම් සම්බන්ධයෙන් පළිගැනීම (නීතිය) නුඹලාට පනවා ඇත්තේය. නිදහස් මිනිසකු (මැරූ) නිදහස් මිනිසාද වහලකු (මැරූ) වහලාද ගැහැණියක (මැරූ) ගැහැණියද (ඝාතනය කළ යුතු වන්නේය.) එහෙත් (පීඩාවට පත්) ඔහුගේ සොහොයුරා (එනම් ලේ ඥාතීන්) විසින් ඔහු(මිනීමරුවා)ට බුරුලක් දක්වන්නට කැමැත්තේ නම් යුක්ති සහගතව (නිර්නය වූ වන්දිය) ඔහුට ඉටු කරමින් යහපත අනුගමනය කරන්න. මෙය නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් ලැබෙන සහනයක් හා දයාවක් වේ. එසේ නම් මින්පසු (මෙම සීමා නියමයන්) කවරකු හෝ උල්ලංඝණය කරන්නේද ඔහුට වේදනීය දඬුවමක් (ලැබෙනු) ඇත.
  • 2: 180 - ප්‍රබුද්ධ ජනයිනි! (මෙම) පළිගැනීමේ නීතියෙන් නුඹලාට ජිවිතාරක්ෂාවක් ඇත. නුඹලාට අවබෝධ වන්නේ නම් මෙම නීතිය කඩ කිරීමෙන් නුඹලාට වැළකී සිටිය හැකිය.
  • 2: 181 - නුඹලාගෙන් කෙනෙකු මරණාසන්න වී, (එවිට) ඔහු දේපළ තබා මිය යන්නේ නම්, දෙමාපියන්ට හා ඥාතීන්ට සාධාරණ ලෙස වසිය්යත් (අන්තිම කැමැත්ත) කළ යුතුය. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිමතුන් හට පැවරෙන යුතුකමකි ඒ.
  • 2: 182 - යමකු එය(අන්තිම කැමැත්ත)ට සවන් දුන්නායින් පසු එය වෙනස් කළහොත් එහි පාපය එය වෙනස් කළ අය කෙරෙහිමය. නියත වශයෙන්ම අල්ලාහ් සර්වශ්‍රවණය. සර්වඥය.
  • 2: 183 - යම් කෙනෙක් අන්තිම කැමැත්ත ප්‍රකාශ කරන්නාගෙන් දෝෂයක් හෝ අසාධාරණයක් ගැන බිය වෙත්ද එවිට ඔහු ඔවුන් (උරුමක්කාරයින්) අතර සමතයක් ඇති කෙරේද ඔහු කෙරෙහි පාපයක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් ක‍ෂමාශීලිය, අසමසම දයාන්විතය.
  • 2: 184 - විශ්වාසවන්තයිනි නුඹලාට පෙර සිටි (නබිවරුන්ගේ අනුගාමිකයින්) අය කෙරෙහි පවරනු ලැබූවාක් මෙන් නුඹලා කෙරෙහි ද සව්ම් (උපවාසය) පවරා ඇත. මෙමගින් නුඹලාට (අල්ලාහ් කෙරෙහි) බිය බැතිමත් විය හැකිය.
  • 2: 185 - (සව්ම්) නියමිත දින ගණනක්(ඉටුකළ යුතු)ය. ඉදින් නුඹලාගෙන් යමෙකු රෝගී වුවහොත් හෝ ගමනක යෙදී සිටියහොත් හෝ (ඔහු) එම දින ගණනම වෙනත් දිනවල (සව්ම් සමාදන් විය යුතුය.) තවද, එය ඉටු කිරීමට හැකි කෙනෙකු (සව්ම් සමාදන් නොවූයේ නම්) එයට (දිය යුතු) වන්දිය නම්, (එක් සව්ම් දිනයකට) එක් ඳිළින්දෙකුට ආහාර දන් දීමයි. යමෙකු සිය කැමැත්තෙන්ම මීට අමතර යහපත් යමක් කරන්නේ නම් එය ඔහුට යහපතක්ම වේ. එහෙත් නුඹලා දන්නේ නම් (වන්දි දීමට වඩා) සව්ම් සමාදන් වීමයි නුඹලාට වඩාත් යහපත් වන්නේ.
  • 2: 186 - * [[2:රමළාන් මාසය (කවරාකාර මාසයක් වන්නේද යත්) මනුෂ්‍ය වර්ගයාට (පරිසමාප්ත) මඟපෙන්වීම හා (නිවැරදි මාර්ගය දක්වන) පැහැදිලි ඉගැන්වීම්වලින් යුක්ත හා (සත්‍යය හා අසත්‍යය තෝරාගැනීමේ) මිණුම් දණ්ඩ ද, සැපයෙන අල්-කුර්ආනය පිරිනමන ලද මාසය වේ. එබැවින් මෙම මාසය තුළ ජීවතුන් අතර සිටින කවරෙකු හෝ වේවා ඔහු එහි (එම මාසයේ) සව්ම් ඉටුකළ යුතුය. එහෙත් යමෙකු අසනීපයෙන් පසුවේ නම් හෝ ගමනක යෙදී සිටින්නේ නම් හෝ ඔහු එම දින ගණනට සමාන දින ගණනක් වෙනත් දිනවල (සව්ම් ඉටු) කළ යුතුය. අල්ලාහ් නුඹලාට සහනයක් සැලැස්වීමට කැමැතිය. නුඹලාට දුෂ්කරතාවක් ගෙන දීමට කැමති නොවේ. (එබැවින් නුඹලාට, මෙම ක්‍රමය දක්වනු ලබන්නේ සව්ම්) දින ගණන නුඹලා සම්පුර්ණ කොට (අල්ලාහ් විසින්) නුඹලාට යහමඟ පෙන්වාදීම වෙනුවෙන් නුඹලා අල්ලාහ් විභූතිමත් කිරීමට හා ඔහුට කෘතඥ වීම පිණිසය.
  • 2: 187 - (නබි මුහම්මද්!) මාගේ ගැත්තන් මා පිළිබඳව නුඹෙන් විමසුවහොත් නියත වශයෙන්ම මා (ඔවුනට) ඉතා සමීපයැයි (පවසනු.) ප්‍රාර්ථනා කරන්නා (මා) අමතන විට (ඔහුගේ) ප්‍රාර්ථනාවට මම පිළිතුරු දෙමි. එබැවින් ඔවුහු ම(ගේ ඇමතීම)ට සවන් දෙත්වා. තවද මා කෙරෙහි විශ්වාස කරත්වා. (මින්) ඔවුනට නිවැරදි මඟපෙන්වීම ලබා ගත හැකිය.
  • [[2:}
  • 2: 188 - සව්ම් (උපවාස දිනයන්හි) රාත්‍රියේ දී නුඹලාගේ භාර්යාවන් සමඟ සංසර්ගය අනුමත කර තිබේ. ඔවුන් නුඹලාගේ සළුපිළි(වැනි)ය. නුඹලා ද ඔවුන්ගේ සළුපිළි(වැනි)ය. නුඹලා නුඹලාටම වංචනීක වූ බව අල්ලාහ් දැන සිටියේය. එබැවින් ඔහු නුඹලාගේ පශ්චත්තාපය පිළිගත්තේය. තවද, ඔහු නුඹලාට සමාව ද දුන්නේය. එනිසා දැන් නුඹලා ඔවුන් (භාර්යාවන්) සමඟ රාත්‍රි කාලයේ සංවාසයෙහි යෙදෙනු(හැකිය). තවද, අල්ලාහ් අනුමත කළ දැයින් ආස්වාදය ලබාගනු. තවද, අළුයම(කාලයෙ)හි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලිව පෙනෙනතෙක් (ආහාර) අනුභව කරනු, පානය කරනු. අනතුරුව (මෙම සියලූ දෙයින්ම වැළකි) රාත්‍රිය එළඹෙනතුරු උපවාසය සම්පුර්ණ කරනු. එහෙත් නුඹලා මස්ජිද් (දේවස්ථාන)වල ඉඃතිකාෆ්හි (අල්ලාහ් මෙනෙහි කරමින්) රැඳී සිටින සමයේ (නුඹලාගේ භාර්යාවන් වන) ඔවුන් සමඟ සංවාසයෙහි නොයෙදෙනු. මේවා අල්ලාහ් නියම කර ඇති සීමාවන්ය. එබැවින් ඒ (සීමාවන්) කරා ළං නොවනු. මනුෂ්‍ය වර්ගයා (ඔවුන්ගේ වැරදි ගතිපැවතුම්වලින්) ආරක්ෂා වනු පිණිස අල්ලාහ් ඔවුන් වෙත සිය ආඥාවන් මෙලෙසින් පැහැදිලි කරයි.
  • 2: 189 - තවද, නුඹලා එකිනෙකා අයුතු ලෙසින් නුඹලාගේ දේපළ අනුභව නොකරනු. තවද, මිනිසුන්ගේ දේපළවලින් කොටසක් පාපකාරී ලෙස අනුභව කිරීම සඳහා (එය වැරදි බව) නුඹලා දැන දැනම විනිශ්චය කරුවන් වෙත ඉදිරිපත් නොකරනු.
  • 2: 190 - (නබි මුහම්මද්!) ඔවුහු චන්ද්‍රයා(ගේ වක්) පිළිබඳව නුඹෙන් විමසති. මේ වනාහි මිනිසුන්ට කාලය ද හජ් දිනයන් ද නිශ්චය කිරීමටැයි පවසනු. (හජ් දිනවල) නුඹලාගේ නිවෙස්වලට නුඹලා පසුපස දොරෙන් ඇතුළුවීම සත් ක්‍රියාවක් නොවේ. සැබෑ සත් ක්‍රියාව නම් කෙනෙකු (අල්ලාහ්ගේ අප්‍රසාදයට ලක්වීමෙන්) වැළකී සිටීමයි. තවද, නුඹලා නිවෙස්වලට එහි නිසි දොරවල්වලින් ඇතුළු වනු. අල්ලාහ්ට බිය බැතිමත් වනු. නුඹලා ජයග්‍රාහකයින් විය හැකිය.
  • 2: 191 - තවද, නුඹලාට එරෙහිව සටන් කරන අය සමග අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු. එහෙත් ආක්‍රමණයෙහි නොයෙදෙනු. නියත වශයෙන්ම අල්ලාහ් ආක්‍රමණිකයින් පි්‍රය නොකරයි.
  • 2: 192 - ඔවුන් නුඹලා හා ද්වන්ද්ව සටනට එන විට ඔවුන් හා සටන් කරනු. තවද ඔවුන් නුඹලා පිටමං කළ අයුරින්ම නුඹලා ඔවුන්ව පිටමං කරනු. (මිනීමැරීම අයහපත් දෙයක් වුවද) ෆිත්නාහ් (හිංසනය) මිනීමැරීමටත් වඩා දරුණුය. නුඹලාට ඔවුන් මස්ජිදුල් හරාම් අසලදි පහර දුනහොත් විනා (එහිදී) ඔවුන්ට පහර නොදෙනු. ඔවුන් (පළමුව) නුඹලාට පහර දුනහොත් නුඹලාද ඔවුන්ට පහර දෙනු. කාෆීර්වරුන්(ප්‍රතික්ෂේප කරන්නන්)ට නිසි ප්‍රතිවිපාකය මෙලෙසය.
  • 2: 193 - එහෙත් ඔවුන් (සටනින්) වැළකුණහොත් (නුඹලාද එසේ කළ යුතුයි.) නියත වශයෙන්ම අල්ලාහ් ක‍ෂමාශීලීය, දයාන්විතය.
  • 2: 194 - තව දුරටත් ෆිත්නාහ් (කැරලිකාර) නොමැති තත්ත්වයක් එළඹෙන තුරුද, දීන් (අල්ලාහ් විසින් පිරිනැමුණු ජිවන මාර්ගය) අල්ලාහ්ටම පිහිටුවනු ලබන තුරුද නුඹලා ඔවුන් සමඟ සටන් කරනු. ඔවුන් (එයින්) වැළකුණහොත් (එතැන් සිට සටන් නොකළ යුතුය.) ලාලිමීන් (අපරාධකරුවන්) කෙරෙහි විනා (අනෙක් අය කෙරෙහි) සතුරුකමක් නොමැත.
  • 2: 195 - (යුද්ධ කිරීම තහනම් කරන ලද) පූජනීය වූ මාසයට (එවැනි) පූජනීය මාසයක් සමාන වන්නේ(සතුරන්ද එයට ගෞරව කිරීමෙන්)ය. (එපරිද්දෙන්ම සියලූ) පූජනීය වස්තූන් කෙරෙහි පළිගැනීමේ නීතිය (බලපැවැත්වෙනු) ඇත. එබැවින් කවරෙක් හෝ නුඹලාට එරෙහිව පහර දෙමින් සීමාව කඩකරන්නේද ඔවුන් නුඹලා කෙරෙහි සීමාව කඩ කළ ප්‍රමාණයෙන්ම නුඹලාටද ඔවුනට එරෙහිව සීමාව කඩ කිරීමට හැකිය. තවද (සෑම විටම) අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද (සැම විටම) අල්ලාහ් බිය බැතිමත් අය සමග සිටින බව දැන ගනු.
  • 2: 196 - (නුඹලාගේ ධනය) අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් කරනු. නුඹලාගේම දෑතින් නුඹලා විනාශයට නොහෙළනු. විශිෂ්ට අයුරින් සියලූ දෙයම කරනු. නියත වශයෙන්ම විශිෂ්ට අයුරින් කටයුතු කරන්නවුන් අල්ලාහ් ඇලූම් කරයි.
  • 2: 197 - නුඹලා හජ් සහ උම්රාහ් (ඉටුකිරීමට අධිෂ්ඨාන කරගත් විට අල්ලාහ් ප්‍රසාදයට පත් කිරීමට මෙම කාර්යයන්) ඉටු කරනු. එහෙත් නුඹලා (යම් තැනක) බාධා කරනු ලැබුවෙහි නම් නුඹලාට දිය හැකි හද්යු එකක් (සතෙකු ඝාතනය කොට අල්ලාහ්ට කැප කිරීම) පිරිනමනු. තවද, එම හද්යු (පිණිස වූ සතා) ඊට නියමිත තැනට එළඹෙන තුරු නුඹලා නුඹලාගේ හිස මුඩු නොකරනු. එහෙත් නුඹලා අතුරින් කවරෙකු හෝ රෝගීව සිටි නම් හෝ ඔහුගේ හිසෙහි යම් ආබාධයකින් පෙළෙන්නේ නම් හෝ ඔහු සව්ම් සමාදන් වීමෙන් හෝ දන්දීමෙන් හෝ සතෙකු කැප කිරීමෙන් හෝ ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුයි. එහෙත් නුඹලා සුරක්ෂිතව සිටින කාලය තුළදී (හජ් කාලය ආරම්භ වීමට මත්තෙන්) මක්කාහ්වට පැමිණ හජ් ඉටු කිරීමට පෙර උම්රාහ් ඉටු කරමින් (මෙම අවස්ථාවෙන්) ප්‍රයෝජනය ගන්නා කවරකු වුවද තමාට හැකි හද්යු එකක් පිදිය යුතුය. එහෙත් එය පිරිනැමීමට ඔහුට වත්කමක් නොමැත්තේ නම් ඔහු හජ් සමය තුළ දින තුනක්ද නුඹලා ආපසු නිවෙස වෙත පැමිණි විට දින හතක්ද එනම් එකතුව දස දිනක් සව්ම් සමාදන් විය යුතුය. මෙම සහනය අදාළ වන්නේ තම පවුලේ අය මස්ජිදුල් හරාම් අසල පදිංච් නොවූ විටය. අල්ලාහ්ගේ මෙම පනත් උල්ලංඝණය කිරිමෙන් වළකිනු. දඬුවම් දීමේදී අල්ලාහ් ඉතා දරුණු බව මැනවින් දැනගනු.
  • 2: 198 - * [[2:හජ් (කර්තව්‍යය සඳහා කාලය සැවොම දන්නා) නියමිත මාසයන්හීය. එබැවින් යමෙකු එ(ම මාසයන්)හි ඔහු සංසර්ගයෙන්ද, අශිෂ්ටකම්වලින් ද, වාදභේදාදි යෙන් ද, මුළුමනින්ම වැළකී සිටිය යුතුය. තවද, නුඹලා කරන කවර යහපතක් වුවද එය අල්ලාහ් දනී. (හජ් උදෙසා) අවශ්‍ය ආහාර ද්‍රව්‍යාදිය රැගෙන යනු. එමෙන්ම ඉතා උතුම් ද්‍රව්‍යය නම් තක්වාව (බිය බැතිමත්කම) වේ. ප්‍රබුද්ධ ජනයිනි, මට බිය බැතිමත් වනු.
  • 2: 199 - (තවද මෙම හජ් ගමනේදී) නුඹලා නුඹලාගේ රබ්(පරමාධිපති)ගේ ත්‍යාගශීලත්වයේ පිහිට පැතුවහොත් එහි නුඹලාට කිසි වරදක් නැත. එතකුදු නොව නුඹලා අරෆාත්හි සිට ආපසු එන විට අල්-මෂ්අරුල් හරාම් (මුස්දලිෆා)හි නැවති අල්ලාහ් සිහිපත් කරනු. තවද ඔහු නුඹලාව යහමඟ යොමු කර ඇති පරිදිම නුඹලා ඔහු සිහිපත් කරනු. නුඹලා මීට පෙර නොමඟ ගියවුන් අතර වූහ.
  • 2: 200 - ඉක්බිතිව (මුස්දලිෆාහි සිට) අනෙක් සියලූ මිනිසුන් ආපසු එන (මිනා) ස්ථානයෙන් නුඹලාත් ආපසු එනු. තවද අල්ලාහ්ගෙන් සමාව අයැදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක‍ෂමාශිලීය, දයාන්විතය.
  • 2: 201 - නුඹලා නුඹලාගේ (හජ්) වතාවත් ඉටුකළ පසු මීට පෙර (මිනාහී ගල් විසිකරන ජම්රා නමැති ස්ථානයෙහි රැස්වී) නුඹලා නුඹලාගේ මුතුන් මිත්තන් සිහි කරමින් සිටි පරිද්දෙන්ම නුඹලා අල්ලාහ් සිහිපත් කරනු. නැතහොත් ඊටත් වඩා උනන්දුවෙන් සිහිපත් කරනු. (මෙවැනි අවස්ථාවේදී) මිනිසුන් අතුරින් ඇතැමෙක් අප රබ්(පරමාධිපති) මෙලොවෙහිදි අපට භාග්‍යයන් දෙනු මැනවයි කියති. මෙවැන්නන්ට පරලොවෙ(මරණින් මතු ජීවිතයෙ)හි කිසිම කොටසක් නැත.
  • 2: 202 - ඔවුන් අතුරින් තවත් පිරිසක් අපගේ රබ්(පරමාධිපති) මෙලොවදිත් අපට ප්‍රශස්ත දේ දෙන්න. පරලොවදීත් අපට ප්‍රශස්ත දේ දෙන්න. තවද අප අපායග්නියෙන් මුදවා ගනු මැනවයි කියති.
  • 2: 203 - මෙවැන්නන්ට ඔවුන් උපයාගත් දැයින් භාග්‍යයක් (එලොව හා මෙලොව දෙකෙහිදීම) ඇත. තවද (මිනිසා කළ කී දේ ගැන) ගනුදෙනු බේරීමෙහිලා අල්ලාහ් වේගවත්ය.
  • 2: 204 - තවද (මෙම) නියමිත දවස්වල අල්ලාහ් සිහිපත් කරනු. තවද කෙනකු දින දෙකකින් (පසු මිනාවෙන්) අප්‍රමාදව එන්නේ නම්, එය ඔහුට වරදක් නැත. (එසේ නැතහොත් ඊට වැඞ්යෙන් එක් දිනක් එහි) යමකු රැඳෙන්නේ නම් වුවද එය ඔහුට වරදක් නැත. මෙය බැතිමත්කමින් එහි දවස් ගත කළ අයටය. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. (එක්තරා දිනෙක) නියත වශයෙන්ම නුඹලා ඔහු වෙත එක්රැස් කරනු ලබන බව දැන ගනු.
  • 2: 205 - මෙම ලෞකික ජීවිතයෙහි ඔහුගේ (දොඩමළු) කථා මගින් නුඹ මන්මත් කරවන පුද්ගලයෙක් මිනිසුන් අතර සිටී. ඔහු තම හෘදයාන්තරයෙහි (ඇති දේ) ගැන අල්ලාහ් සාක‍ෂි වශයෙන් තබයි. (එහෙත්) ඔහු සත්‍යයේ දරුණු සතුරකි.
  • 2: 206 - ඔහුට බලය ලැබුණු විට ඔහු මහපොළොවෙහි දුෂණය වැපිරීමටත් අස්වනු හා මිනිස් සංහතිය විනාශ කිරීමටත් සෑම උත්සාහයක්ම දරයි. එහෙත් (ඔහුගේ සාක‍ෂිය වශයෙන් ඉදිරිපත් කළ) අල්ලාහ් දුෂණය අප්‍රිය කරයි.
  • 2: 207 - අල්ලාහ්ට බියවනුයි ඔහුට කී විට ඔහුගේ පුහුමානය ඔහු පාපයෙහි ගිල්වයි. ඔහුට නිසි ස්ථානය අපායයි. එය නිසැකවම අයහපත් ස්ථානයකි.
  • 2: 208 - අල්ලාහ්ගේ තෘප්තිය අපේක‍ෂාවෙන් සිය (මුළු) දිවියම කැප කරන (වෙනත් ආකාරයේ) පිරිසක්ද මිනිසුන් අතර සිටිති. (තමාගේ එවැනි) ගැත්තන්ට අල්ලාහ් දයාබර වෙයි.
  • 2: 209 - විශ්වාසවන්තයිනි මුළුමනින්ම ඉස්ලාමයට පිවිසෙනු. ෂෙයිතාන්ගේ පියවර අනුගමනය නොකරනු. ඔහු නුඹලාගේ ප්‍රකට සතුරාය.
  • 2: 210 - නුඹලා වෙත මෙසේ පැහැදිලි ධර්මෝපදේශ ආවයින් පසු නුඹලා යළි (පෙර සිටි තත්ත්වයටම) වැටුණහොත් අල්ලාහ් සර්ව බලසම්පන්න බවත් සර්වප්‍රාඥ බවත් හොඳින් සිත තබාගනු.
  • 2: 211 - (මෙවැනි පැහැදිලි ධර්මෝපදේශ ලැබීමෙන් පසුවත් මිනිසුන් නිවැරදි මාර්ගයෙහි ගමන් නොකරතොත්) අල්ලාහ්ද සුරදූතයින්ද වළාකුළු සෙවනෙහි පැමිණ ඔවුන්ගේ ඉරණම විසඳන තෙක් ඔවුහු බලාපොරොත්තුවෙන් සිටින්නාහුද?228 අවසානයේදී (විනිශ්චය සඳහා) සෑම දෙයක්ම අල්ලාහ් වෙත ඉදිරිපත් කරනු ඇත.
  • 2: 212 - (නබි මුහම්මද්!) අපි ඔවුනට පැහැදිලි සංඥාවන් කොපමණ දුන්නෙමු දැයි ඉස්රාඊල් දරුවන්ගෙන් අසනු.229 යමකු අල්ලාහ්ගේ අනුග්‍රහය ඔහු වෙත පහළවීමෙන් (එය ඔහු ස්ථිර ලෙස දැනගත්) පසු එය වෙනස් කරන්නේද නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහිලා දැඩි(බව ඔවුන් දැන සිටිය යුතු)ය.
  • 2: 213 - කාෆිර් (ප්‍රතික්ෂේප කරන්නවුනට) ලෞකික ජීවිතය චිත්තාකර්ශන බවට පත්කරනු ලැබ ඇත. (එබැවින්) ඔවුහු විශ්වාසවන්තයින්ට සරදම් කරති. එහෙත් (අල්ලාහ්ට) අවනත වන අයගේ (තත්ත්වය) මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේ ඔවුනට වඩා ඉහළය. තවද අල්ලාහ් තමාට අභිමත වූ කවරකුට වුවද අප්‍රමාණ ලෙස (භෝග සම්පත්) පිරිනමයි.
  • 2: 214 - (මුලදී) සියලූ මිනිස්සු (එකම ධර්මයක් පිළිගත්) සමූහයක් වශයෙන් සිටියහ. (පසුව ඔවුහු භේද වූහ.) එවිට අල්ලාහ් ශුභාංරචිය දෙන්නා වූද අවවාදානුශාසනා කරන්නා වූද නබිවරයන් එව්වේය. තවද ඔවුන් මතභේද වූ දැයෙහි මිනිසුන් අතර විනිශ්චය කිරීම පිණිස ඔවුන් (නබිවරුන්) සමග සත්‍යය ග්‍රන්ථද පහළ කළේය. පැහැදිලි සාධකයන් ඔවුනට පහළ වූවායින් පසු, එය ලැබූ අය එකිනෙකාට ඉහලින් සිටීමට මිස, ඒ ගැන භේදභින්න නොවූහ.230 ඔවුන් සත්‍යය පිළිබඳව මතභේද වූ දේ ගැන (නබිවරුන්) විශ්වාස කළ අයට අල්ලාහ් ඔහුගේ අනුග්‍රහයෙන් යහමඟ පෙන්වූයේය. අල්ලාහ් (තමාට) අභිමත වූ අය සෘජු මාර්ගය වෙත යොමු කරයි.
  • 2: 215 - නුඹලාට පෙර සිටි (විශ්වාසවන්තයින් වූ) අයට සිදු වූ වේදනා දුක් කරදර වැනි දේ නුඹලා නොලබාම, නුඹලාට ස්වර්ගයට පිවිසිය හැකි වන්නේ යැයි නුඹලා සිතන්නෙහුද? ඔවුනට දිළිඳු භාවයද පීඩාවද ඇති විය. තවද (එවකට සිටි) රසූල්වරයාද ඔහු සමග සිටි විශ්වාසකයින්ද අල්ලාහ්ගේ පිහිට කවර විටක ඒ දැයි හඬ නගන තුරු ඔවුහු කම්පනයට භාජනය කරනු ලැබූහ. දැනගනු, (මුඃමින්වරුන්ට) නියත වශයෙන්ම අල්ලාහ්ගේ පිහිට ළඟම ඇත.
  • 2: 216 - ඔවුහු තමන් වියදම් කළ යුත්තේ කුමක්දැයි (නබි මුහම්මද්) නුඹෙන් විමසති. නුඹලා (යහපත උදෙසා) වැය කරන දෑ (නුඹලාගේ) දෙමාපියන්, ඥාතීන්, අනාථයින්, දිළින්දන් හා මඟීන් උදෙසා වැය කරනු. නුඹලා කවර යහපතක් කළද නියත වශයෙන්ම අල්ලාහ් ඒ පිළිබඳව හොඳ හැටි දනී.
  • 2: 217 - එයට නුඹලා අකමැති වුවද (ධර්ම) යුද්ධය නුඹලාට අනිවාර්ය කොට ඇත. එය නුඹලාට යහපතක්ව තිබියදී, නුඹලා යමකට අකමැති විය හැකිය. තවද එය නුඹලාට නපුරක්ව තිබියදී, නුඹලා යමකට කැමැති විය හැක. අල්ලාහ් දනී. නමුත් නුඹලා නොදනී.
  • 2: 218 - (නබි මුහම්මද්!) තහනම් වූ මාසවල සටන් කිරීම සම්බන්ධයෙන් ඔවුහු, නුඹෙන් විමසති. මෙ(මාසයෙ)හිදී සටන් කිරීම මහ පාපයකි. එහෙත් අල්ලාහ්ගේ මාර්ගයෙහි (වන මිනිසුන්ට) බාධා කිරීමද ඔහු (අල්ලාහ්) ප්‍රතික්ෂේප කිරීමද (අල්ලාහ් අදහන්නන්) මස්ජිදුල් හරාමය වෙත යාමෙන් වැළැක්වීමද (පූජනීය වූ) එම ස්ථානයේ පදිංචිකරුවන් එතැනින් පිටමං කිරීමද යන මේවා (එකී තහනම් මාසයේ සටන් කිරීමට) වඩා අල්ලාහ් කෙරෙහි බෙහෙවින් බරපතල(පාපී ක්‍රියාවන්)ය. වද හිංසාදිය කිරීම (මිනිස් ඝාතනයට වඩා බෙහෙවින් අනර්ථකාරී විය.) හැකිනම් ඔවුන් නුඹලා නුඹලාගේ ධර්මයෙන් හරවන තෙක් නුඹලා හා සටන් කරනු ඇත. (එහෙත් මෙය හොඳින් සිහියට ගනු.) නුඹලාගෙන් කවරකු හෝ තමාගේ දීන් (ධර්මය) හැර දමා කාෆිර් (ප්‍රතික්ෂේප කළ) කෙනකු ලෙස මිය ගියහොත් ඔවුන්ගේ ක්‍රියාවන් මෙලොවදීත් පරලොවදීත් නිෂ්ඵල වන්නේය. නිරයේ හිමිකරුවෝ ඔවුහුමය. ඔවුහු සදාකාලිකව එහි රැඳෙති.
  • 2: 219 - නියත වශයෙන්ම (අල්ලාහ්) විශ්වාස කළ අයද තවද, (සිය ගම් හා නිවෙස් අතහැර) සංක්‍රමණය කළ අයද අල්ලාහ්ගේ මාර්ගයේ (සෑම ප්‍රයන්තයක්ම දැරූ) ජිහාද් කළ අයද ඔවුහු අල්ලාහ්ගේ දයාව අපේක්ෂා කරති. අල්ලාහ් ක‍ෂමාශීලිය, දයාන්විතය.
  • 2: 220 - (නබි මුහම්මද්!) සුරාපානය හා දු කෙළිය පිළිබඳව ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහිම අතිමහත් අනර්ථයන් ඇත. මිනිසුන්ට එහි යම් ප්‍රයෝජන ද ඇත. එහෙත් එම දෙකෙහිම ඇති අනර්ථය දෙකෙන්ම සිදුවන ප්‍රයෝජනයට වඩා අති විශාල යැයි පවසනු. තවද, (අල්ලාහ් වෙනුවෙන්) කුමක් වැය කළ යුත්තෙමු දැයි ඔවුහු නුඹගෙන් විමසති. (නුඹලාගේ) අවශ්‍යතාවයට වඩා ඇති දෑ(වියදම් කරනු)යි පවසනු. මෙසේ අල්ලාහ් අණපනත් නුඹලාට පැහැදිලිව ඉදිරිපත් කරයි, නුඹලාගේ සිතා බැලීම පිණිසය.
  • 2: 221 - මෙලොව හා එලොව පිළිබඳව (මෙසේ අල්ලාහ් ඔහුගේ ආයතයන් නුඹලාට පැහැදිලි කරයි.) තවද (නබි මුහම්මද්!) ඔවුහු අනාථයින් පිළිබඳව නුඹගෙන් ප්‍රශ්න කරති. ඔවුන්ට යහකම් වන ආකාරයට කටයුතු කිරීම ඉතාමත් උතුම්ය. නුඹ ඔවුන් සමග එක්ව සමානාත්මතාවයෙන් ජීවත්වුවහොත් ඔවුන් නුඹේ සහෝදරයින්ය. (එම නිසා එහි වරදක් නැත.) අනර්ථය පතන තැනැත්තාද යහපත පතන තැනැත්තාද අල්ලාහ් මැනවින් දනී. අල්ලාහ්ට අභිමත වී නම් ඔහු (අල්ලාහ්) නුඹලාට දැඩි ලෙස ක්‍රියා කරයි. නියත වශයෙන්ම ඔහු (අල්ලාහ්) සර්ව බලධාරී, සර්වඥ (යැයි පවසනු.)
  • 2: 222 - (අල්ලාහ්ට අන්අයව)සම කරන ස්ත්‍රින් ඔවුන් විශ්වාස කරන්නවුන් වන තෙක් නුඹලා ඔවුන් විවාහ නොකරගනු. (අල්ලාහ්ට අන් අයව) සම කරන ස්ත්‍රියක් නුඹලාගේ සිත් ඇදගන්නී වුවද විශ්වාස කරන වහල් ස්ත්‍රිය ඇයට වඩා නියත වශයෙන්ම හොඳය.(අල්ලාහ්ට අන්අයව) සම කරන පුරුෂයින් විශ්වාස කරන්නවුන් වනතෙක් ඔවුනට (විශ්වාස වන්තයින්ගේ දූවරුන්) නුඹලා විවාහ කර නොදෙනු. ඔවුන් (සම කරන්නන්) නුඹලාගේ සිත් ඇද ගන්නෙකු වුවද විශ්වාස කරන වහලා ආදේශ තබන්නාට වඩා හොඳය. ඒ අය නුඹලා නිරගින්න කරා කැඳවති. නමුත් අල්ලාහ් සිය දයාව කරණ කොට නුඹලා ස්වර්ගය වෙත හා (ඔහුගේ) සමාව වෙත කැඳවයි. ඔවුන්ට අවධාරණය වීම පිණිස අල්ලාහ් ඔහුගේ ආයාත් මිනිසුන්ට මෙසේ පැහැදිලි කරයි.
  • 2: 223 - ඔවුහු (ස්ත්‍රින්ගේ) මාස් ශුද්ධිය පිළිබඳ නුඹගෙන් අසති. එය අපිරිසිදු තත්ත්වයකි. එබැවින් මාස් ශුද්ධි කාලය තුළ ස්ත්‍රීන්ගෙන් වෙන්වී සිටිනු. ඔවුන් පිරිසිදු තත්ත්වයට එළඹෙන තුරු ඔවුන් වෙත නොයනු. ඔවුන් පිරිසිදු තත්ත්වයට පත් වූ විට අල්ලාහ් නුඹලාට අණකොට ඇති පරිද්දෙන්ම ඔවුන් වෙත යනු. නියත වශයෙන්ම අල්ලාහ් (පාපයෙහි) පසුතැවිලි වන්නවුන් පි්‍රය කරන්නේය. තවද පිරිසිදු වන්නවුන්ද ප්‍රිය කරන්නේ යැයි (නබි මුහම්මද්!) පවසනු.
  • 2: 224 - නුඹලාගේ භාර්යාවන් නුඹලාට කෙත වේ. එබැවින් නුඹලාට රිසි පරිදි නුඹලාගේ කෙත කරා යනු. නුඹලාගේ අනාගතය වෙනුවෙන් (හොඳ දෙය) නුඹලා ඉදිරිපත් කරනු. අල්ලාහ්ට බියවනු. නියත වශයෙන්ම නුඹලා, ඔහු (අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේ) හමුවන බව දැනගනු. තවද විශ්වාසවන්තයින්ට ශුභාරංච්ය දෙනු.
  • 2: 225 - යහකම් කිරීම, අල්ලාහ් කෙරෙහි බිය බැතිමත්වීම හා මිනිසුන් අතර සාමය ඇති කිරීම යනාදියට එරෙහිව දිවුරීමට අල්ලාහ්ගේ නාමය පාවිච්චි නොකරනු. (අල්ලාහ්) සර්වඥානීය, සර්වඥය.
  • 2: 226 - චේතනාවකින් තොරව හෝ අර්ථ විරහිතව නුඹලාගේ පලකට නැති දිවුරුම් සම්බන්ධයෙන් දඬුවම් විදීමට අල්ලාහ් නුඹලා පාත්‍ර නොකරයි. එහෙත් නුඹලාගේ සිතට එකඟව ඕනෑකමින් දුන් දිවුරුම් අරබයා අල්ලාහ් නිසැකවම නුඹලා දඬුවමට පාත්‍ර කරනු ඇත. අල්ලාහ් ක‍ෂමාශීලීය. ඉවසන සුළුය.
  • 2: 227 - තම භාර්යාවන්ගෙ(ලිංගික ජීවිතයෙ)න් ඈත් වී සිටීමට දිවුරන අයට (එහිලා අවසාන තීරණයක් ගැනීම සඳහා) සිවු මසක් බලාපොරොත්තු විය හැකිය. ඔවුන් (දිවුරීමෙන් වෙනස් වී තම බිරිය වෙත ඒ කාලය තුළම) යළි පැමිණියේ නම් නිසැකවම අල්ලාහ් ක්ෂමාශීලීය, දයාන්විතය.
  • 2: 228 - ඔවුහු තලාක් (දික්කසාද වීම) තීරණයෙහි ස්ථිරව සිටියෙහු නම්, ඇත්තෙන්ම අල්ලාහ් සර්වශ්‍රවණය සර්වඥය.
  • 2: 229 - දික්කසාද වූ ස්ත්‍රීන් මාස් ශුද්ධි තුනක් ගතවන තෙක් තමන් (ඉද්දාහ් නමින් හදුන්වන අවිවාහකත්වයෙහි) බලාපොරොත්තුව සිටිය යුතුය. ඔවුහු අවංකවම අල්ලාහ් සහ අවසන් දිනය විශ්වාස කරත් නම් අල්ලාහ් විසින් ඔවුන්ගේ ගර්භාෂයන් තුළ නිර්මාණය කළ දේ සැඟවීම ඔවුන්ට නීත්‍යානුකූල නොවේ. ඔවුන් හා යළි සමාදාන වීමට කැමති වෙතොත් (මෙම පොරොත්තු කාලය තුළ තමන්ගේ බිරියන් වූ) ඔවුන් ආපසු ගෙන්වා ගැනීමට ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ට උපරිම හිමිකම් ඇත. සාධාරණ හේතූන් අනුව ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයින්ට ඇති අයිතිවාසිකම් වැනි අයිතිවාසිකම් ඔවු(ස්ත්‍රි)න්ටද පුරුෂයන් කෙරෙහි ඇත. එහෙත් පුරුෂයන්ට ඔවුන්ට වඩා ඉහළ තත්ත්වයක් ඇත. අල්ලාහ් සර්ව බලධාරි හා සර්වඥානිද වේ.
  • 2: 230 - (තමා දික්කසාද කළ භාර්යාව එම ස්වාමිපුරුෂයාම නැවත වරක් භාර්යාව වශයෙන් තබා ගැනීමට අවසර ඇති) තලාක් (දික්කසාදය) දෙවරක් (උච්චාරණය කළ හැකි)ය. අනතුරුව නිසි ගරු සරු ඇතිව (භාර්යාව තමා වෙත) රඳවා ගැනීම හෝ විනීතභාවයෙන් යුතුව අත්හැරීම සිදුකළ යුතුය. එසේ (අත්හැරීම) සිදුකළ හොත් නුඹලා විසින් ඔවුනට දෙනු ලැබූ දෙයින් කිසිවක් හෝ ආපසු ගැනීම නුඹලාට නීති්‍යානුකූල නොවේ. එහෙත් අල්ලාහ් විසින් පනවන ලද සීමාවන් ඇතුළත ක්‍රියා කිරීමට ඔවුන් දෙදෙනාට නොහැකි වෙතැයි කියා ඔවුන් දෙදෙනා අපේක්ෂා කරතොත්ද තවද ඔවුන් දෙදෙනාට අල්ලාහ් විසින් පණවන ලද සීමාවන් රකින්නට බැරියැයි (මැදිහත් කරුවන් වන) නුඹලා තුළද භීතියක් ඇතිවී නම් භාර්යාව ස්වාමියාට වන්දියක් වශයෙන් යමක් දීමෙන් (ඇය තලාක් ලබා ගැනීම) ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. මෙය වූ කලී අල්ලාහ් විසින් පනවා ඇති සීමාවන් වේ. එබැවින් ඒවා උල්ලංඝණය නොකරනු. කිසිවෙක් අල්ලාහ්ගේ සිමාවන් කඩකරන්නේද ඔවුහුමය වරදකරුවෝ.
  • 2: 231 - තවද ඔහු (ස්වාමිපුරුෂයා, තුන්වන වතාවටත්) ඇය තලාක් කළහොත් (මෙම තලාක්වලට පසු) ඇය වෙනත් පුරුෂයකු හා විවාහ වී, ඔහුද තලාක් කරන තුරු ඇය ඔහුගේ (පළමුවැනි ස්වාමිපුරුෂයාගේ) නීත්‍යානුකූල භාර්යාව නොවන්නීය. අල්ලාහ් විසින් පනවා ඇති සීමාවන් ඇතුළත හැසිරීමට (පළමු ස්වාමිපුරුෂයා හා ඈ වන) ඒ දෙදෙනාටම හැකි යැයි ඒ දෙදෙනාට හොඳින්ම ඒත්තු ගොස් තිබේ නම්, ඔවුන් (ඇයගේ ඉද්දාහ් කාලයෙන් පසු) යළි (විවාහ වී) සරණබන්ධනයට ඇතුළත් වීම ඔවුන් දෙදෙනාට වරදක් නැත. මෙය අල්ලාහ්ගේ සීමාවන් වේ. (ඒවා කඩකිරීමෙන් සිදුවන ඵලවිපාකයන් ගැන) දන්නා මිනිසුන්ට අල්ලාහ් මෙසේ පැහැදිලි කරයි.
  • 2: 232 - නුඹලා ස්ත්‍රීන්ට තලාක්දී ඔවුන්ගේ (ඉද්දාහි) දින සීමාව (පිරෙන්නට ළං) වූ විට සාධාරණ අන්දමින් ඔවුන් හොඳින් රඳවා ගනු. නැතහොත් සිරිත් පරිදි ඔවුන් මුදා හරිනු. නුඹලා ඔවුනට හිරිහැර වනසේ හෝ අල්ලාහ්ගේ නීති සීමාව ඉක්මවන සේ හෝ ඔවුන් රඳවා නොගනු. තවද යමෙක් මෙසේ කරයි නම්, නිත්‍ය වශයෙන්ම ඔහු තමාටම අපරාධ කරගත්තේය. තවද අල්ලාහ්ගේ ආයාත් (වදන්) සරදම් වශයෙන් නොගනු. තවද අල්ලාහ් නුඹලාට දුන් අනුග්‍රහයන්ද එමගින් නුඹලාට අනුශාසනා දෙමින් නුඹලා වෙත පහළ කළ ධර්ම ග්‍රන්ථද ප්‍රඥාවද සිහිකරනු. අල්ලාහ්ට බියවනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලූ දෑ ගැන සර්වඥය.
  • 2: 233 - නුඹලා ස්ත්‍රීන්ට තලාක් දී ඔවුන්ගේ (ඉද්දාහි) දින සීමාව පිරුණු විට සාධාරණ අන්දමින් ඔවුන්ගේ පුරුෂයින් පාවාගෙන (එක්වී විසීමට) ඔවුන් කැමති නම් ඔවුන්ට බාධා නොකරනු. මෙය අල්ලාහ් පිළිබඳවද අවසාන දිනය පිළිබඳවද නුඹලාගෙන් යමෙක් විශ්වාස කරයි නම්. මෙසේ (වැළකිය යුතු දෙයින්) නුඹලාට උපදෙස් දෙනු ලැබේ. මෙය නුඹලාට ඉතා හොඳය. තවද පිරිසිදුය. (නුඹලාට යහපත් දේ කුමක්දැයි) අල්ලාහ් දනී. (ඒවා) නුඹලා නොදනී.
  • 2: 234 - (තමන්ගේ ළදරුවන්ට) කිරි පෙවීමේ කාලය සම්පූර්ණ කිරීමට (පියවරුන්) අදහස් කළහොත් මව්වරුන් ඔවුන්ගේ ළදරුවන්ට සම්පූර්ණ දෑ අවුරුද්දක් කිරි පෙවිය යුතුය. මෙවැනි අවස්ථාවන්හිදී ඔවුනට (මව්වරුන්ට) සාධාරණ අන්දමින් කෑම සැපයීමද ඇඳූම් දීමද (ළදරුවාගේ) පියා වෙත ඔහුගේ තත්ත්වය අනුව පැවරී ඇත. යම් කෙනකුට ඔහුගේ ශක්ති ප්‍රමාණයට මිස බල නොකරනු ලැබේ. මවට ඇගේ දරුවා නිසා හිංසා නොකළ යුතුයි. තවද ඔහුගේ දරුවා නිසා පියාටද, (හිංසා නොකළ යුතුයි) ළදරුවාගේ පියා මළහොත් මෙවැනි දැය (පියා ළදරුවා පෝෂණය කළාක් මෙන් පෝෂණය කිරීම) උරුමක්කාරයින් වෙත පැවරෙයි. ඔවුන් (මව් පිය දෙදෙනා) තමන් අතර අන්‍යොන්‍ය සාකච්ඡාවෙන් ඒකමතිකව ළදරුවා කිරි අරවන්නට අදහස් කළහොත් ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. නුඹලාගේ ළදරුවන්ට (කිරි මවක ළවා) කිරි දීමට නුඹලා කැමති නම්, (ළදරුවාගේ කිරි මවට) නුඹලා විසින් දිය යුතු දැය මැනවින් දුනහොත් (එසේ කිරි මවක ළවා කිරි දීම) නුඹලා කෙරෙහි වරදක් නැත. අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ මැනවින් දකින බව දැනගනු.
  • 2: 235 - නුඹලා අතුරින් කවරකු හෝ භාර්යාවන් හැර දමා මියයෙත් නම් (ඒ හෙයින්) ඔවුන් (භාර්යාවන්) සිව් මසකුත් (දින) දහයක් ඉද්දාහ් තත්ත්වයේ (බලාපොරොත්තු) විය යුතුය. ඔවුන්ගේ ඒ දින ගණන පිරුණ කල්හි ඔවුන් තමන් කෙරෙහි සාධාරණය අනුව කරන දැයෙහි නුඹලාට වරදක් නැත. අල්ලාහ් නුඹලා කරන දේ පිළිබඳව පූර්ණ වශයෙන් දනී.
  • 2: 236 - (තම ස්වාමිපුරුෂයා මියගිය නිසා ඉද්දාහී සිටින) ස්ත්‍රීන්ට විවාහය පිළිබඳව දැන්වීමේ දී නුඹලා ඇඟවීමෙන් ඒ ගැන දැන්වීම හෝ නුඹලාගේ සිත්තුළ තබාගැනීම හෝ නුඹලා කෙරෙහි වරදක් නැත. නුඹලා ඔවුන් සිහි කරන්නෙහු යැයි අල්ලාහ් දනී. එහෙත් සාධාරණය අනුව නුඹලා කියන කියමන මිස රහසින් ඔවුනට පොරොන්දුවක් නොදෙනු. (ඉද්දාහ්) දින පිරෙන තෙක් ඔවුන් සරණපාවා ගැනීමේ ගිවිසුම ඇති කිරීමට තීරණය නොකරනු. නුඹලාගේ සිත්හි ඇතිදේ අල්ලාහ් දන්නා බව දැනගනු. එබැවින් ඔහුට බියවනු. නියත වශයෙන් අල්ලාහ් ක‍ෂමාශීලී හා ඉවසිලිවන්ත බවද දැනගනු.
  • 2: 237 - නුඹලා ඔවුන් ස්පර්ශ (මෛථූන) නොකොට හෝ නුඹලා ඔවුන්ට (මහර් වශයෙන්) දියයුතු දෑ නියම නොකොට හෝ සිටියදී ස්ත්‍රීන්ට නුඹලා තලාක් දුනහොත්, නුඹලා කෙරෙහි වරදක් නොමැත. (එවිට මහර් දීම අනිවාර්ය නොවේ.) නමුත් ඔවුනට මුත්ආ (යැපෙන්නට දෙයක්) දෙනු. පොහොසතා ඔහුගේ වත්කම අනුවද දිළින්දා ඔහුගේ වත්කම අනුවද (ඔවුන්ගේ දිවිපෙවෙත සඳහා යැපෙන්නට) දෙන දීමනාව සාධාරණ අන්දමින් දිය යුතුය. මෙය සත්පුරුෂයන් කෙරෙහි (පැවරී ඇති) පරම යුතුකමකි.
  • 2: 238 - ඔවුනට නුඹලා මහර් නියම කර, නුඹලා ඔවුන් (මෛථූන) ස්පර්ශ කරන්නට පෙර, නුඹලා ඔවුනට තලාක් දුනහොත්, නුඹලා නියම කළ (මහර්) දැයින් අඩක් දිය යුතුය. ඔවුන් සානුකම්පිත වුවහොත් හෝ නැතහොත් සරණ බන්ධනය කවරකු අතින් සිදු වුවද, ඔහු සානුකම්පිත වුවහොත් හෝ මිස. තවද නුඹලා සානුකම්පිත වීම (අල්ලාහ් කෙරෙහි) බැතිමත් භාවයට ඉතා ළංවීමකි. නුඹලා අතර ත්‍යාගශීලිභාවය අමතක නොකරනු. නියත වශයෙන් අල්ලාහ් නුඹලා කරන දේ පිළිබඳව පරික්ෂාවෙන් බලා සිටියි.
  • 2: 239 - (පස්වේල) සලාතයන්හිද (විශේෂයෙන්) මධ්‍යකාල සලාතයෙහිද නුඹලා සැලකිලිමත් වනු. තවද අල්ලාහ් ඉදිරියේ බැතිමත්ව නැගිට සිටිනු.
  • 2: 240 - නුඹලා බියට පත් වූ (තත්ත්වයක සිටියහොත්) පාගමනේ යෙදී සිටියදී හෝ වාහන මත සිටියදී හෝ (ඒ ඉරියව්වෙන්ම සිට සලාතය ඉටු කරනු.) යළි නුඹලා නිරුපද්‍රිත වුවහොත් නුඹලා නොදැන සිටි දේ නුඹලාට ඉගැන්වූ පරිදි අල්ලාහ් සිහිපත් කරනු.
  • 2: 241 - තවද නුඹලා අතුරින් කවරකු භාර්යාවන් හැර දමා මියයෙත් නම් ඔවුන් (භාර්යාවන් නිවසින් පිටුවහල් නොකර) අවුරුද්දක් ගතවන තෙක් නුඹලාගෙන් යැපෙන්නට දෙයක් ලැබෙන ලෙස ඔවුන්ගේ බිරියන් වෙනුවෙන් අන්තිම කැමැති (පත්‍රයක්) ප්‍රකාශ කළ යුතුයි. ඔවුන් නිවසින් පිටවුවහොත් සාධාරණ අන්දමින් ඔවුන් තමන්ට කර ගන්නා දැයෙහි නුඹලාට වරදක් නැත. අල්ලාහ් සර්ව බලසම්පන්නයල සර්වඥය.
  • 2: 242 - තලාක් කියනු ලැබූ ස්ත්‍රින්ට සාධාරණ අන්දමින් (ඔවුනගේ) පැවැත්මට අවශ්‍ය යැපීමේ දීමනාවන් දිය යුතුයි. මෙය බැතිමතුන් කෙරෙහි පරම යුතුකමකි.
  • 2: 243 - මෙලෙස අල්ලාහ් ඔහුගේ ආයාත් (අණපනත්) නුඹලා වටහා ගනු පිණිස නුඹලාට පැහැදිලි කරයි.
  • 2: 244 - (ඉස්රාඊල් දරුවන්ගෙන්) මරණයට බියෙන් ඔවුන්ගේ නිවෙස්වලින් දහස් ගණනින් පිටවූ අය ගැන (මුහම්මද්) නුඹ මෙනෙහි නොකළෙහිද? (එවිට) ඔවුනට මැරෙනුයි අල්ලාහ් කීවේය. ඉන්(ඔවුන්ගේ මරණින්)පසු ඔවුනට ඔහු ජීවය දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන් කෙරෙහි පරිත්‍යාගශිලීය. එහෙත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් කෘතඥ නොවෙති.
  • 2: 245 - අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් කරනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්වශ්‍රාවකල සර්වඥ බව දැනගනු.
  • 2: 246 - ලස්සන ණයක් ලෙස අල්ලාහ්ට ණය දෙන්නේ කවරකුද? එවිට එය ඔහුට කිහිප ගුණයකින් (අල්ලාහ්) වැඞ් කරයි. අල්ලාහ් (ඇතැමුන්ට දුන් සම්පත) හකුළුවයි. තවද (ඇතැමුන්ට දුන් සම්පත) වැඞ් කරයි. තවද ඔහු වෙතමයි නුඹලා යළි පමුණුවනු ලබන්නේ.
  • 2: 247 - (නබි මුහම්මද්!) මූසගෙන් පසු ඉස්රාඊල් දරුවන්ගෙන් ප්‍රධානින්ට සිදු වූ දේ නුඹ සිතා බැලූවාහුද? අල්ලාහ්ගේ මාර්ගයෙහි අප සටන් කිරීම පිණිස අපට රජෙකු පත් කරන්නැයි ඔවුන්ගේ නබිවරයෙකුට කී කල්හි සටන් කිරීමට නුඹලාට අණ කරනු ලැබුයේ නම් නුඹලා සටන් නොකොට වැළකෙන්නෙහුද? ඔහු (නබිවරයා) ඇසීය. අපගේ නිවාසයන්ගෙන් ද” දරුවන්ගෙන් ද” අප පිටුවහල් කරනු ලැබ සිටිය දී අල්ලාහ්ගේ මාර්ගයෙහි අප සටන් නොකිරීමට හේතු කවරෙදැ?යි ඔවුහු කීහ. නමුත් සටන් කිරීමට ඔවුන්ට අණ කරනු ලැබු කල්හි ඔවුන්ගෙන් ටික දෙනෙකු හැර (අන් අය) මඟ හැර ගි්යහ. අල්ලාහ් අපරාධකරුවන් ගැන මැනවින් දනී.
  • 2: 248 - නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට තාලුත් රජකු ලෙස පත් කළේ යැයි ඔවුන්ගේ නබිවරයා ඔවුනට කීවේය. අප රජකමට ඔහුට වඩා සුදුසුව සිටියදීත් ඔහු මහා ධන සම්පත්තියක් නොලැබ සිටියදීත් රජකම ඔහුට ලැබෙන්නේ කෙසේදැයි ඔවුහු කීහ. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ කාය බලයෙහිද ප්‍රඥාවෙහිද පුළුල් බව වැඩි කොට ඔහුව නුඹලාට ඉහළින් තෝරා ගත්තේ යැයිද තවද අල්ලාහ් ඔහු අභිමත වූ කෙනකුට ඔහුගේ රාජ්‍යය පවරන්නේ යැයිද අල්ලාහ් සර්වව්‍යාපක හා සර්වඥානී යැයිද ඔහු (නබිවරයා) කීය.
  • 2: 249 - ඔවුන්ගේ නබිවරයා ඔවුන්ට (මෙසේ) පැවසීය. නියත වශයෙන්ම ඔහුගේ රජකමට සලකුණ නම් (ඔහුගේ රාජ්‍ය සමයේදී) නුඹලාට තාබූත් මංජුසාව(ගිවිසුම් පෙට්ටිය)ක් යළි පහළ වීමයි. නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් (පහළ වූ මානසික) සහනයද මූසාගේ පෙළපත හා හාරූන්ගේ පෙළපත හැර දැමූ දැයින් ඉතිරි වූ දැයද එහිය. එය මලක්වරු උසුලති. නුඹලා විශ්වාස කරන්නාහු නම් එහි නුඹලාට නියත වශයෙන්ම සලකුණක් ඇත.
  • 2: 250 - පසුව තාලුත් (සාවූල්) සේනාවන් සමඟ පිටත් වූ කල්හි නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා නදියකින් පරීක‍ෂා කරන්නේය. එහෙයින් යමකු එයින් පානය කළේද ඔහු මාගෙන් කෙනකු නොවෙයි. තවද යමකු ඔහුගේ අතින් පතක් මිස වැඩිපුර පානය නොකළේද, නියත වශයෙන්ම ඔහු මාගෙන් කෙනකු යැයි ඔහු කීවේය. නමුත් ඔවුන්ගෙන් ස්වල්ප දෙනකු හැර (අනෙක් අය) එයින් පානය කළහ. ඔහු(තාලූත්)ද ඔහු සමඟ විශ්වාස කළවුන් ද එයි(ගෙඟ)න් එතෙර වූ කල්හි ජාලුුත් (ගොලියත්) සහ ඔහුගේ සේනාව සමඟ අද දින (යුද්ධ කිරීමට) අපට ශක්තිය නැතැයි (පානය කළ) ඔවුහු කීහ. එවිට අල්ලාහ්ගේ අවසරයෙන් කොපමණ කුඩා සෙනඟ, විශාල සෙනඟගෙන් ජය ගෙන තිබේදැයි (ඔවුන් අතුරින්) නියත වශයෙන්ම අල්ලාහ් හමුවන්නේ යැයි සිතන අය කීහ. අල්ලාහ් ඉවසිලිවන්තයින් සමගය.
  • 2: 251 - (තාලුත් සහ ඔහුගේ සේනා) ජාලුත් සහ ඔහුගේ සේනා මුණ ගැසුණ විට “අපගේ රබ්(පරමාධිපති), අප වෙත ඉවසීම (නමැති සිරිපොද) ඉසින්න. තවද අපගේ පියවර ස්ථාවර කරන්න. ප්‍රතිෙක‍ෂ්ප කරන ජනයාට විරුද්ධව අපට උදව් කරනු මැනවැයි” ප්‍රාර්ථනා කළහ.
  • 2: 252 - පසුව ඔවුහු (තාලූත් සහ ඔහුගේ සේනාව) ඔවුන් (ජාලුත් සහ ඔහුගේ සේනාව) අල්ලාහ්ගේ අවසරයෙන් සී සී කඩ කළහ. තවද දාවූද් ජාලූත් මැරුවේය. තවද අල්ලාහ් ඔහු(දාවූද්)ට රාජ්‍යයද ප්‍රඥාවද දුන්නේය. තවද ඔහු (අල්ලාහ්) අභිමත වූ දෙයින් ඔහුට ඉගැන්වූයේය. මිනිසුන් ඇතමකු ඇතමකුගෙන් අල්ලාහ් ආරක්ෂා නොකළේ නම් මහපොළොව විනාශ වන්නේය. එහෙත් අල්ලාහ් ලෝකවාසීන් කෙරෙහි පරිත්‍යාගශීලීය.
  • 2: 253 - මේවා අල්ලාහ්ගේ ආයාත් (සංඥා) වේ. අපි එය (නබි මුහම්මද්!) නුඹට නිසි ලෙස හදාරවන්නෙමු. නියත වශයෙන්ම නුඹ රසුල්(දේව ධර්ම දූත) වරයින්ගෙන්(කෙනෙක්)මය.
  • 2: 254 - (මිනිස් සමාජය යහමඟ යැවීමට අප විසින් එවන ලද) එම රසූල්වරුන් අතුරින් සමහරකු සමහරකුට වඩා විශිෂ්ඨ (තත්ත්වයට පත්) කළෙමු. අල්ලාහ් සමග කථා කළ අයද ඔවුන් අතර සිටිති. තවද ඔහු (අල්ලාහ්) ඔවුන්ගෙන් සමහරකු (විවිධ) තරාතිරම්වලට උසස් කළේය. තවද මර්යම්ගේ පුත් ඊසාට අපි පැහැදිලි ප්‍රාතිහාර්යයන් දුන්නෙමු. තවද රූහුල් කුදුස් (ශුද්ධාත්මය) මගින් ඔහු ශක්තිමත් කළෙමු. අල්ලාහ්ට අභිමත වූයේ නම්, ඔවුන්ට පැහැදිලි සංඥාවන් ආවායින් පසුවද ඔවුන් අතුරින් පසුව පැමිණි අය එකිනෙකාට විරුද්ධව සටන් නොකරගන්නෝය. එහෙත් ඔවුහු මතභේද වූහ. ඔවුනතුරින් පිරිසක් විශ්වාස කළහ. ඔවුනතුරින් තවත් පිරිසක් ප්‍රතික්ෂේප කළහ. අල්ලාහ්ට අභිමත වූයේ නම්, ඔවුන් (එකිනෙකා) ඇණ කොටා නොගනිති. නමුත් අල්ලාහ් (ඔහු) කැමති දේ කරයි.
  • 2: 255 - විශ්වාසවන්තයිනි, ගණුදෙනුවක්ද, යහළු මිත්‍රකමක්ද, මැදිහත්වීමක්ද නැති දිනයක් එන්නට පෙර අප නුඹලාට දුන් දෙයින් (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කරනු. ප්‍රතික්ෂේප කරන්නෝ(වන) ඔවුහුමය, අපරාධකරුවෝ.
  • 2: 256 - අල්ලාහ්, ඔහු හැර අන් දෙවි කෙනකු නැත. (ඔහු) සදා ජීවමානය, ස්වාධීන පරිසංරක‍ෂකද වේ. ඔහුව මද නින්ද හෝ තද නින්ද හෝ ග්‍රහණය නොකරයි. අහස්වල හෝ මහපොළොවේ හෝ (පැතිර) ඇති දේ ඔහුගේය. ඔහුගේ අනුමැතියෙන් විනා ඔහු ඉදිරියේ මැදිහත් විය හැක්කේ කාහටද? ඔවුන් (ජනතාව) ඉදිරියේ ඇති දෙයත්, ඔවුන්ගෙන් සැඟවී ඇති දෙයත්, ඔහු දනී. ඔහු සිය අභිමතයෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුනට අවබෝධ කර ගත නොහැකිය. ඔහුගේ රාජ්‍යය අහස පුරාද මහපොළවෙහිද ව්‍යාපකය. මේ දෙක ආරක්ෂා කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ඨ වන්නේ ඔහු පමණකි.
  • 2: 257 - දීන්හී (අල්ලාහ් විසින් පහළ කරන ලද ජීවන මාර්ගය පිළිපැදීමෙහි) බල කිරීමක් නොමැත. වැරදි මාර්ගයේ (අවිශ්වාස භාවයේ) සිට නිවැරදි මාර්ගය (විශ්වාස භාවය) පැහැදිලිය. එබැවින් තාඝුත්ව ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ගැන විශ්වාස කරන කවරකු හෝ වේවා ඔහු (කිසි කලෙක) නොසැලෙන, මිට මොලවා ගත්තේ වෙයි. එය නොබිඳෙනු ඇත. අල්ලාහ් සර්වඥය, සර්වඥානීය.
  • 2: 258 - (තමා) විශ්වාස කරන අයට (පිහිට වන) ආරක‍ෂාකයා අල්ලාහ් වේ. ඔහු ඝනාන්ධකාරයන් වෙතින් ඔවුන්ව ආලෝකය වෙත ගෙන එයි. තවද ප්‍රතික්ෂේප කරන්නන්ගේ ආරක‍ෂකයෝ තාඝූත්ය. ඔවුහු ආලෝකයේ සිට ඝනාන්ධකාරයන් වෙත ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) ගෙන යති. අපා ගින්නට හිමි අය මොවුහුය. ඔවුන් සදාකල්හිම එහි රැදෙනු ඇත.
  • 2: 259 - ඔහුට අල්ලාහ් රාජ්‍යය පිරිනැමූ හෙයින් තමාගේ රබ්(පරමාධිපති) සම්බන්ධයෙන් ඉබ්‍රාහීම් සමඟ වාද කළ පුද්ගලයාට (සිදු වූ දේ) ගැන නුඹ (මුහම්මද්!) මෙනෙහි නොකෙළෙහිද? ජීවය දෙන්නේද මරණය සිදු කරන්නේද මාගේ රබ්(පරමාධිපති) යැයි ඉබ්‍රාහීම් පැවසූ විට ජීවය දෙන්නේත් මරණය සිදු කරන්නේත් මා යැයි ඔහු කීවේය. එයට ඉබ්‍රාහීම් “නියත වශයෙන්ම අල්ලාහ් සුර්යයා නැගෙනහිරින් නංවන්නේය. (හැකි නම්) නුඹ එය බස්නාහිරින් නංවනු”යි පැවසූවේය. ප්‍රතික්ෂේප කළ ඔහු මෙය ඇසූ විගසින් වික්ෂිප්ත විය. අල්ලාහ් අපරාධ කරුවන්ට යහමඟ නොපෙන්වයි.
  • 2: 260 - නැතහොත් වහළවල් (මහපොළොවටම) ඇදහැලී සමතලා වී තිබුණු කුඩා නගරයක් පසුකර ගිය තැනැත්තා පිළිබඳව (මුහම්මද්! නුඹ මෙනෙහි නොකළෙහිද?) ඔහු මෙ(ම කුඩා නගර)ය එහි විනාශයෙන් පසුව අල්ලාහ් කෙසේ පණ ගන්වයිද? යනුවෙන් ඇසීය. එවිට අල්ලාහ් ඔහු අවුරුදු සියයක් මරණයට පත් කර ඉක්බිතිව (අල්ලාහ්) ඔහුට යළි පණ පිහිටුවා (ඔහුගෙන්) නුඹ කොපමණ කලක් (වැතිරී) සිටියේදැයි ඔහු (අල්ලාහ්) ඇසීය. (එයට) ඔහු මම දවසක් හෝ දවසින් කොටසක් වැතිර සිටි(න්නට ඇත්තෙ)මියි කීවේය. එවිට ඔහු (අල්ලාහ්) නැත, නුඹ මෙහි (මෙම තත්ත්වයෙන්) වසර සියයක් වැතිර සිටියෙහිය. දැන් නුඹේ ආහාරය හා පානය දෙස බලනු. ඒවා (කිසි ලෙසකිනුදු) නරක් වී නැත. තවද නුඹේ බූරුවා දෙස බලනු. (උගේ ඇට දිරාපත්ව ඇත. අප විසින් මෙසේ කරන ලද්දේ) මිනිසුන් සඳහා සංඥාවක් වශයෙන් නුඹ යොදා ගැනීමටය. තවද (බූරුවාගේ) ඇටසැකිල්ල දෙස බලනු. අප එය ගොනු කොට පසුව එය මසින් පුරවන සැටි. (එය එසේම සිදු වූ සැටි බලා) ඔහුට අවබෝධ වූ විට ඔහු නියත වශයෙන්ම අල්ලාහ් සියලූ දේ කෙරෙහි බලසම්පන්න බව මම දනිමියි පැවසීය.
  • 2: 261 - රබ්(පරමාධිපතියාණනි) ඔබ මළවුන්ට පණ දෙන සැටි මට පෙන්වන්නැයි ඉබ්‍රාහීම් කී කල්හි නුඹට (මේ ගැන) විශ්වාසයක් නැති දැයි ඔහු (අල්ලාහ්) විමසීය. මම විශ්වාස කරමි. එහෙත් (මා මෙය අසන්නේ) මාගේ සිත නිසල වීමට යැයි ඔහු (ඉබ්‍රාහීම්) පිළිතුරු දුන්නේය. (එවිට) එසේ නම් කුරුල්ලන් සතර දෙනකු ගනු. නුඹ ඔවුන් හීලෑ කරනු. ඉන්පසු (ඔවුන් කැබලිවලට කපා) එකකුගෙන් කෑල්ලක් බැගින් එක් එක් කන්ද මත තබනු. අනතුරුව ඔවුන්ට අඬ ගසනු. එවිට ඔවුන් නුඹ වෙත දුව එනු ඇත. අල්ලාහ් සර්ව බලසම්පන්න හා සර්වප්‍රාඥ බව නිසැකව දැනගනු යැයිද (අල්ලාහ්) පැවසීය.
  • 2: 262 - අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔවුන්ගේ ධනය කැප කරන්නන්ගේ (උපමාව) ධාන්‍ය ඇටයකට සමානය. එයින් කරල් හතක් හට ගනී. එක් කරලකින් ධාන්‍ය ඇට සියයක් ලැබේ. අල්ලාහ් (මෙපරිද්දෙන්) තමාට අභිමත කෙනකුගේ (යහපත් ක්‍රියාවන්ගේ ප්‍රතිඵල) කිහිප ගුණයකින් වැඩි කරයි. අල්ලාහ් සර්ව ව්‍යාපක සර්ව ඥානීද වෙයි.
  • 2: 263 - අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔවුන්ගේ ධනය වැය කර, පසුව ඔවුන් වියදම් කළ දේ ගැන කියා නොපාන්නා වූද (ලබන්නවුන්ගේ සිත්) නොරිදවන්නා වූද අයට ඔවුන්ගේ රබ්(පරමාධිපති)ගෙන් ඔවුනට හිමි ත්‍යාගය ලැඛෙනු ඇත. තවද ඔවුනට බියකුද නැත. ඔවුහු ළතැවෙන්නෝද නොවෙති.
  • 2: 264 - කාරුණික ලෙසින් කථා කිරීමද ( මිනිසුන්ගේ වරදවලට) සමාව(දීම)ද දානයක් දීමෙන් පසු වේදනාවක් දීමට වඩා උතුම්ය. අල්ලාහ් ස්වයංපෝෂිත මෙන්ම ඉවසන සුළුද වේ.
  • 2: 265 - විශ්වාසවන්තයිනි, අල්ලාහ් කෙරෙහි හෝ අන්තිම දිනය කෙරෙහි විශ්වාසයක් නොමැතිව මිනිසුන්ට පෙන්වීමට තමාගේ ධනය වැය කරන තැනැත්තා මෙන් (තමන් වියදම් කළ දේ) කියා පාමින්ද (සිත්) රිඳවීමෙන්ද නුඹලාගේ දානමය පුන්‍ය කර්මයන් නිෂ්ඵල නොකර ගනු. ඔහුගේ (දානමය ක්‍රියාවට) උදාහරණයක් නම්, (තුනී) පස්තට්ටුවක් වසා ඇති ලිස්සන සුළු පර්වතයකට සමානය. ඒ මත තද වර්ෂා පතනයක් පතිත වූ විට (මුළු පස් තට්ටුවම සේදී ගොස්) එය මුඬු පර්වතයක් වශයෙන් ඉතිරි විය. (මෙවැන්නන්ට) ඔවුන් උපයාගත් දෙයින් කිසිදු (ඵල විපාක) අත්පත් කර ගැනීමට ශක්තියක් නැත. අල්ලාහ් අකෘතඥ ජනයාට නිවැරදි මාර්ගය පෙන්වන්නේ නැත.
  • 2: 266 - හුදෙක් අල්ලාහ්ගේ ප්‍රසාදයන් පතා තම සිතට එකඟව තමන්ගේම ධනය වියදම් කරන්නන්නගේ උපමාව නම් උස් බිමක පවතින (සාරවත්) උයනක් මෙන්ය. මහ වැසි පතිත වූ විට එහි අස්වැන්න දෙගුණ කරයි. එයට මහ වැසි පතිත නොවුවද පොද වැස්සක් වුවද ප්‍රමාණවත්ය. තවද අල්ලාහ් නුඹලා කරන සියලූ දේ මැනවින් දකී.
  • 2: 267 - නානා පළතුරුවලින් බරිත නිල්වන් ඉඳිගස් හා මිදි වැලින් හොබනා, යටින් ගංගා ගලා බසින්නා වූ උද්‍යානයක් නුඹලාගෙන් කෙනකුට අයිතිව තිබී, ඔහුද වියපත් වී (අබල දුබල වී) ඔහුට දුර්වල දරුපරපුරක්ද සිටින අවස්ථාවක මහ තද ගින්න සහිත කුණාටුවක් හමා එය (උද්‍යානය) අළු වී විනාශ වෙතොත් ඊට ඔබ අතුරින් යමෙක් කැමති වන්නෙහිද? මෙලෙසින් අල්ලාහ් තම සාධක නුඹලාගේ කල්පනාවට යොමු කරවනු වස් ඒවා පැහැදිලි(ව හා සරලව ඉදිරිපත්) කරයි.
  • 2: 268 - විශ්වාසවන්තයිනි, නුඹලා උපයාගත් ධනයෙන්ද මහපොළොවෙන් අප විසින් නුඹලා උදෙසා නිෂ්පාදනය කළාවු දෙයින්ද හොඳ දෙය (අල්ලාහ් වෙනුවෙන්) විය පැහැදම් කරනු. එයින් නරක දෑ ඔහුගේ මාර්ගයෙහි වියදම් කිරීමට නොසිතනු. (මන්ද) නුඹලාද පිළිකුලෙන් යුතුව හැර එය භාර නොගන්නේය. නියත වශයෙන් අල්ලාහ් ස්වයංපෝෂිත, ප්‍රශංසනීය බව දැනගනු.
  • 2: 269 - ෂෙයිතාන් නුඹලාව දරිද්‍රතාවය ගැන බිය ගන්වන්නේය. තවද නිර්ලජ්ජව කටයුතු කිරීමට නුඹලා පොළඹ වන්නේය. නමුත් අල්ලාහ් නුඹලාට ඔහුගෙන් ක්ෂමාවද යස ඉසුරුද පොරොන්දු වෙයි. අල්ලාහ් සර්ව ව්‍යාපකය, සර්ව ඥානීය.
  • 2: 270 - ඔහු (අල්ලාහ්) තමාට අභිමත කෙනකුට ප්‍රඥාව ප්‍රදානය කරයි. ප්‍රඥාව දෙනු ලැබූ තැනැත්තා නියත වශයෙන්ම මහ සම්පත් ලැබුවෙක් වෙයි. ප්‍රබුද්ධිමත් අය හැර මෙය මෙනෙහි නොකරති.
  • 2: 271 - නුඹලා කුමන වියදමක් වියදම් කෙළෙහිද, නැතහොත් කුමන බාරයක් බාරවුණිද, අල්ලාහ් නිසැකයෙන්ම එය දනී. අපරාධකරුවන්ට (අල්ලාහ්ගේ දඬුවමින් බේරීමට) උදව්කරන්නෝ නැත.
  • 2: 272 - නුඹලා ප්‍රසිද්ධියේ දන්දීම (කරතොත්) එය හොඳය. එහෙත් නුඹලා එය (අනුන්ට) නොපෙන්වා (රහසින්) දිළින්දන්ට දෙතොත් එය නුඹලාට ඉතා අගනේය. තවද (මෙය) නුඹලාගේ (බොහෝ) පව්වලට නුඹලාට වන්දියද වේ. තවද නුඹලා කරන දෙය ගැන අල්ලාහ් සුවිඥාතය.
  • 2: 273 - (නබි මුහම්මද්!) ඔවුන්ට මඟපෙන්වීම සම්බන්ධයෙන් නුඹ වග කිවයුතු නැත. නමුත් අල්ලාහ් තමාට අභිමත වූ කෙනකුට මඟපෙන්වයි. නුඹලා කවර නම් ධනයක් (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කරන්නේද එය නුඹලාටමය. (මක්නිසාද යත්) අල්ලාහ්ගේ ප්‍රසාදය වෙනුවෙන් මිස නුඹලා (සිය ධනය) වියදම් නොකරන බැවිනි. නුඹලා (පින් පිණිස) වැය කරන්නේ කවර ප්‍රමාණයක් වුවද එය නුඹලාට මුළුමනින්ම ආපසු දෙනු ලැබේ. තවද නුඹලාට අසාධාරණයක් නොකරනු ලැබේ.
  • 2: 274 - අල්ලාහ්ගේ මාර්ගයේ (මහත් උනන්දුවෙන් ඇප කැප වීම නිසා) තමන්ගේ ජීවිකාව උපයා ගැනීම පිණිස දේශයෙහි තැනින් තැනට යාමට නොහැකිව, කොටු කරන ලද දිළිඳූ අයට (උදව් කිරීම ඉතා අගනේය.) ඔවුන් සතු ආත්ම ගරුත්වය දකින අඥාන කෙනකු, ඔවුන් ධනවත් යැයි සිතනු ඇත. ඔවුන් (ගේ සැබෑ තත්ත්වය) ඔවුන්ගේ මුහුණුවලින් (නබි මුහම්මද්!) නුඹට දැකගත හැකිය. ඔවුහු මිනිසුගෙන් බැගෑපත්ව යමක් නොයදිති. (ඔවුන් උදෙසා) නුඹලා කොපමණ ධනය වැය කෙළේද අල්ලාහ් එය නියත වශයෙන්ම දැනගනු ඇත.
  • 2: 275 - තම ධනය දිවා රාත්‍රීයෙහිද රහසේ මෙන්ම ප්‍රසිද්ධියේද වැය කරන අයට ඔවුන්ගේ තිළිණ ඔවුන්ගේ රබ්(පරමාධිපති) වෙත ඔවුනට ඇත. තවද ඔවුන්ට බියකුදු නැත. ඔවුහු ළතැවන්නෝද නොවෙති.
  • 2: 276 - පොළී ගිළගන්නා ඔහුව ෂෙයිතාන් ස්පර්ශ කිරීමෙන් ඔහු උමතු වුවකු සේ නැගිටින ලෙසින් මිස, නොනැගිටියි. මෙයට (හේතුව) ඔවුන් වෙළෙඳාම පොළිය වැනි යැයි කියූ බැවිනි. එහෙත් අල්ලාහ් වෙළෙඳාම හලාල් (අනුමත) කළද පොළී ගැනීම හරාම් (තහනම්) කර ඇත. එම නිසා තමන්ගේ රබ්(පරමාධිපති) ගෙන් ඔහුට උපදේශයක් ලැබීමෙන් පසු (පොළී ගැනීමෙන්) වැළකුණහොත් ඔහු ඊට කලින් කළ දේ (පොළිය) ඔහු සතුය. (එනමුත්) ඔහු පිළිබඳ (අවසාන) තීරණය අල්ලාහ් වෙතය. එහෙත් (ඉන්පසුද මෙම අපරාධයෙහි) යමෙක් යළිත් යෙදෙන්නේද ඔවුහු අපාගින්නට හිමි අයය. ඔවුන් එහි සදාකල් රැදෙනු ඇත.
  • 2: 277 - අල්ලාහ් පොළිය විනාශ කරයි. ඔහු දන් පින් වර්ධනය කරයි. තවද අල්ලාහ් අකෘතඥ පාපී සියලූ පුද්ගලයින් ප්‍රිය නොකරයි.
  • 2: 278 - විශ්වාස කරන්නා වූද යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නා වූ හා සලාතයෙහි නිරතවන්නා වූ හා zසකාත් ගෙවන්නා වූද අයට සිය රබ්(පරමාධිපති) වෙත නිසැකයෙන්ම ඔවුන්ගේ තිළිණ ඇත. තවද ඔවුන්ට බියකුදු නැත. ඔවුන් ළතැවන්නෝද නොවෙති.
  • 2: 279 - විශ්වාසවන්තයිනි, අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා සැබෑ විශ්වාසවන්තයින් නම් (නුඹලාට ලැබිය යුතු) ඉතුරු පොළිය නුඹලා අත හරිනු.
  • 2: 280 - ඉදින් නුඹලා එසේ නොකරන්නාහු නම් අල්ලාහ් සහ ඔහුගේ රසූල් (දේව ධර්ම දූතයා) විසින් (නුඹලාට විරුද්ධව) යුද්ධ ප්‍රකාශ කරන බවට, මෙම අනතුරු ඇඟවීම කෙරේ. කෙසේ නමුත් නුඹලා නුඹලා පසුතැවිලි වෙතොත් (පොළී අත් හළොත්) නුඹලාගේ ප්‍රාග්ධනය නුඹලාටය. (එවිට) නුඹලා අපරාධ නොකළ යුතුය. නුඹලාද අපරාධ නොකරනු ලබන්නාහුය.
  • 2: 281 - (නුඹලාගේ ණයකරු) අගහිඟකමින් පෙළේ නම් ඔහු(ගේ මුදල් තත්ත්වය) යහපත් අතට හැරෙන තුරු ඔහුට කල් දෙනු. නුඹලා (පිනක් වශයෙන් එම ණය) දාන කළහොත් නුඹලා දන්නේ නම් එය නුඹලාට යහපතකි.
  • 2: 282 - අල්ලාහ් වෙත නුඹලා ආපසු යන දින(යේ නුඹලාට ලැබිය හැකි අපකිර්තිය හා අවාසනාවන්ත භාවය) පිළිබඳව පරිස්සම්වනු. කෙනකු කළ (හොඳ හෝ නරක) දෙයහි ප්‍රතිඵල එහිදි ඔහුට සම්පුර්ණ වශයෙන් දෙනු ලබනු ඇත. තවද කිසිදු කෙනකුට අසාධාරණයක් කරනු නොලැබේ.
  • 2: 283 - විශ්වාසවන්තයිනි, නියමිත කාලයකට නුඹලා ණයක් ගන්නා විට, නුඹලා එය ලිඛිතව කළ යුතුය. නුඹලා අතුරින් ලියන්නෙකු විසින් (දෙපාර්ශවය සඳහා සාධාරණත්වයෙන් යුතුව) එම ලේඛනය පිළියෙළ කළ යුතුය. අල්ලාහ් විසින් තමාට ඉගැන්වූ අයුරින් ලියන්නට කිසිම ලියන්නෙකු ප්‍රතික්ෂේප නොකළ යුතුය. එම නිසා ඔහු ලිවිය යුතුය. (එසේ ලියාගැනීම සඳහා බන්ධනයට යටත් තැනැත්තා) ණය කාරයා එම ගිවිසුම මුවින් ප්‍රකාශ කළ යුතුය. තවද, ඔහු ඔහුගේ රබ්(පරමාධිපති) වූ අල්ලාහ්ට බියබැතිමත් විය යුතුය. එහෙත් (දෙපාර්ශවය) එකඟ වූ (කොන්දේසිවල) කිසිම වෙනසක් නොකළ යුතුය. ණයකරු මෝඩයෙකු හෝ දුර්වලයෙකු නම් හෝ ගිවිසුම ප්‍රකාශ කිරීමට ඔහුට නොහැකි නම් හෝ (එම ප්‍රකාශය) ඔහුගේ භාරකරු ළවා සාධාරණත්වයෙන් යුතුව, ප්‍රකාශ කළ යුතුය. තවද ඔබ අතුරින් පිරිමින් දෙදෙනෙකු (එම සියලූම ලිපිවලට) සාක‍ෂි දැරිය යුතුය. එහෙත් පිරිමින් දෙදෙනෙකු නොමැති නම් සාක‍ෂිකරුවන් වශයෙන් නුඹලා පිළිගත් අයගෙන් පිරිමියෙකු හා ස්ත්‍රින් දෙදෙනෙක සිටිය යුතුය. (එසේ වූ විට) ඔවුන්ගෙන් එක් කෙනෙකුට (යම් කාර්යයක්) අමතක වී නම් අනෙක් කෙනාට එය මතක් කර දිය හැකිය. (සාක‍ෂි දෙන ලෙස) ඔවුනට ඇරයුම් කළ විට සාක‍ෂිකරුවන් එය ප්‍රතික‍ෂ්ප නොකළ යුතුය. නියමිත කාල සීමාවක කරනු ලබන නුඹලාගේ ගණුදෙනුව සුළු වේවා, ලොකු වේවා, එය ලේඛනගත කිරීමට පසුබට නොවනු. මෙසේ කිරීම අල්ලාහ් වෙත නුඹලාට වඩාත් යුක්ති සහගත වේ. තවද නුඹලා අතර සාක‍ෂි පවතින බැවින්ද සැකය නැති කෙරෙන බැවින්ද මෙය වඩාත්ම සුදුසුය. නුඹලා එකම තැනකදී අවසන් කරන (සාමාන්‍ය) වෙළෙඳ ගණුදෙනු ලේඛනගත නොකිරීමෙන් හානියක් සිදුනොවේ. එහෙත් නුඹලා වාණිජ ගණුදෙනුවල යෙදුණහොත් නුඹලා සාක‍ෂි තබා ගත යුතුය. ලියන්නාට හෝ සාක‍ෂිකරුවාට හිරිහැර නොකළ යුතුය. නුඹලා එසේ කළහොත් නියත වශයෙන්ම නුඹලාගෙන් සිදු කෙරෙන දුෂ්ට ක්‍රියාවක් වන්නේය. නුඹලා අල්ලාහ්ගේ කෝපයෙන් පරිස්සම් විය යුතුය. අල්ලාහ් නුඹලාව නිවැරදි මාර්ගය පිළිබඳව දැනුවත් කරයි. අල්ලාහ් නුඹලා කරන සියලූ දේ කෙරෙහි සර්වඥය.
  • 2: 284 - නුඹලා ගමනක යෙදී සිටියදි (ලියවිල්ල පිළියෙළ කිරීමට) ලියන්නකු සොයාගත නොහැකි වී නම් උකසක් ලබා ගෙන ගනුදෙනු කළ හැකිය. නුඹලා අතුරින් කෙනකු තව කෙනකු විශ්වාස කරයි නම් එසේ විශ්වාස කරනු ලැබූ පුද්ගලයා (ඔහුගේ) විශ්වාසය ඉටුකළ යුතුය. තවද ඔහුගේ රබ්(පරමාධිපති) වූ අල්ලාහ්ට බියබැතිමත් විය යුතුය. තවද නුඹලා (කිසිවිටක) සාක‍ෂි නොසඟවනු. මක්නිසාද යත්, එය සඟවන්නා නියත වශයෙන්ම ඔහුගේ හෘදය පාපිෂ්ටය. නුඹලා කරන සියලූ දෑ කෙරෙහි අල්ලාහ් සර්වඥානීය.
  • 2: 285 - අහස්වල හා මහපොළොවෙහි පවතින කවර දෙයක් හෝ වේවා ඒ සියල්ලක්ම අල්ලාහ් සතුය. නුඹලාගේ චිත්ත සන්තානයෙහි ඇති කවරක් හෝ අනාවරණය කළද එය සැඟවුවද අල්ලාහ් නුඹලාගෙන් ඒ පිළිබඳව විමසනු ඇත. එහෙත් තමාට අභිමත කෙනකුට ඔහු (අල්ලාහ්) සමාව දෙයි. තමාට අභිමත වූ කෙනකුට දඬුවම් දෙයි. අල්ලාහ් සියලූ දෑ කෙරෙහි සර්ව බලසම්පන්නය.
  • 2: 286 - සිය රබ්(පරමාධිපති) වෙතින් තමා වෙත එවනු ලැබූ දෑ (මාර්ගෝපදේශය) පිළිබඳව ධර්මදූතයා විශ්වාස කරයි. තවද විශ්වාස කළ අයද (එය විශ්වාස කරති.) ඔවුහු සියල්ලෝම අල්ලාහ්, ඔහුගේ මලක්වරුන් ඔහුගේ දේව ග්‍රන්ථ හා ඔහුගේ රසූල්වරුන් විශ්වාස කරන්නාහුය. (ඔවුහු මෙසේද පවසති.) අපි ඔහු(අල්ලාහ්)ගේ රසුල්වරුන්ගෙන් කිසි කෙනකු අතර භේදයක් නොකරමු. තවද අපි (මාර්ගෝපදේශය) ඇසිමු. ඊට අවනතද වීමු. අපගේ රබ්(පරමාධිපති)යාණනි, ඔබගේ සමාව අපි අයදිමු. තවද ඔබ වෙතමය අපගේ යළි පැමිණීම යැයිද ඔවුහු පවසති.
  • 2: 287 - කිසිඳු කෙනකුට ඔහුට දැරිය හැකි බරක් විනා වගකීමක් අල්ලාහ් නොදෙයි. (සෑම කෙනකුටම) ඔහු කරන හොඳ දෙය (සඳහා යහපත් ප්‍රතිඵල) ඔහුටය. ඔහු කරන නරක දේ (සඳහා අනිශ්ට විපාකද) ඔහුටමය. අපගේ රබ්(පරමාධිපතියාණනි), අපට අමතක වී හෝ අප වරදට වැටුණහොත් අපට ඒ පිළිබඳව දෝෂාරෝපණය නොකරනු මැනවි. අපගේ රබ්(පරමාධිපතියාණනි), අපට පෙර සිටි ඔවුන්ට ඔබ පැවරූ අන්දමේ බර, අපට නොපටවනු මැනවි. අපගේ රබ්(පරමාධිපතියාණනි) එය දැරීමට තරම් අපට ශක්තියක් නැති අන්දමේ බර අපට නොපටවනු මැනවි. තවද අප කෙරෙහි කරුණා කරනු මැනවි. අපට සමාවද දෙනු මැනවි. අපට දයාවද දක්වනු මැනවි. ඔබ අපගේ ආරක‍ෂකයාණෝය. එබැවින් ප්‍රතික්ෂේප කරන්නන්ට එරෙහිව අපට පිහිට වනු මැනවි. (යනුවෙන් විශ්වාසවන්තයෝ ප්‍රාර්ථනා කරති.)


003 Al-Imran
  • 3:1 - අලිෆ් ලාම් මීම්'
  • 3:2 - අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.
  • 3:3 - සත්‍යයෙන් යුතු වූද, ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථුට කරන්නා වූද, (මෙම) ධර්ම ග්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය. තවද (මූසාට) තව්රාතය ද, (ඊසාට) ඉන්ජීලය ද පහළ කළේය.
  • 3:4 - මීට පෙර (එදා විසූ) මනුෂ්‍ය වර්ගයාට මඟපෙන්වීම සඳහා (ඔහු තව්රාතයද ඉන්ජිලයද පහළ කළේය) තවද (හොඳ නරක තීරණය කිරීමේ මිනුම් දණ්ඩ වන මෙම) ෆුර්කානයද පහළ කළේය. එබැවින් අල්ලාහ්ගේ අණපනත් ප්‍රතික්ෂේප කරන්නවුනට දැඞ් දඬුවම් ලැඛෙනු ඇත. අල්ලාහ් (පාපිෂ්ඨකම්වලට) පළි ගන්නාවූ සර්ව බලධාරී වේ.
  • 3:5 - මේ මහපොළොවෙහි වේවා, අහස් ගැබ්හි වේවා, නියත වශයෙන් කිසිදෙයක් අල්ලාහ්ගෙන් සැඟවෙන්නේ නැත.
  • 3:7 - (සිය මව්වරුන්ගේ) ගර්භයන්හි තමාට අභිමත පරිදි නුඹලා හැඩගස්වන්නේ ඔහුයි. සර්වබලසම්පන්නද, සර්වප්‍රාඥද වන ඔහු හැර අන් දෙවියකු නැත.
  • 3:8 - (මෙම) ග්‍රන්ථය නුඹ වෙත පහළ කර ඇත්තේ ඔහුමය. (මෙහි වාක්‍ය දෙවර්ගයකි, එනම්) මුහ්කමාත් (නියතාර්ථ සහිත වාක්‍යයන්) ඒවා මෙම ග්‍රන්ථයෙහි මූලධර්මය යි. සෙසු වාක්‍ය මුතෂාබිහාත් (උභයාර්ථවාචි වාක්‍යය) වේ. තමන්ගේ හදවත් තුළ අගතිගාමි අදහස් ඇත්තෝ එයින් දුර්මාර්ගය සොයමින්ද අහඹු ලෙස අර්ථ සොයමින්ද උභයාර්ථවාචි වාක්‍යයන් පසුපස යති. ඒවායෙහි නියතාර්ථය අල්ලාහ් සහ ප්‍රඥාවෙහි ස්ථිර අය හැර වෙන කිසිවෙක් නොදනිති. ඔවුන් (ප්‍රඥාවෙහි ස්ථිර අය) ‘අපි එය ගැන විශ්වාස කෙළෙමු. සියල්ලම අපගේ රබ්(පරමාධිපති)ගෙන්’ යැයි කියති. තවද (එවැනි දෙයකින්) අවබෝධයක් ලැබිය හැක්කේ අන්තර්ඥානය ඇති අයට පමණකි.
  • 3:9 - අපගේ රබ්(පරමාධිපතියාණනි), ඔබ විසින් නිවැරදි ලෙස අපට මඟපෙන්වූ පසු අපගේ හදවත් නොමඟ යොමු නොකරනු මැනවි. තවද ඔඛෙන් අපට දයාව පිරිනමනු මැනවි. නියත වශයෙන් ඔබමය පරිත්‍යාගශීලි වන්නේ.
  • 3:10 - අපගේ රබ්(පරමාධිපතියාණනි), සැකයකින් තොරව එළඹෙන එක්තරා දිනයක (විනිශ්චය දිනයේ) නියත වශයෙන්ම ඔබ සකල මනුෂ්‍ය වර්ගයාම එක්රැස් කරනු ඇතැයි (ප්‍රඥාවෙන් ස්ථීර අය අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති.) නියත වශයෙන්ම අල්ලාහ් පොරොන්දුව කඩ නොකරන්නේය.
  • 3: 12 - නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන අයට ඔවුන්ගේ ධන සම්පත්ද දරුවන්ද අල්ලාහ් අභියස කිසිදු පිහිටක් නොවනු ඇත. අපායේ ඉන්ධන වනුයේද ඔවුන්මය.
  • 3:13 - (ඔවුන්ගේ අවසානය) ෆිර්අවුන්ගේ ජනයාගේ හා ඔවුන්ට කලින් සිටි (අවිශ්වාසිකයින් වන) අයගේ (අවසානය) ලෙසින්මය. ඔවුහු අපගේ දේව වාක්‍යයන් බොරු යැයි කීහ. ඔවුන්ගේ පාපයන් නිසා අල්ලාහ් ඔවුන් (සිය ග්‍රහණයට) ගත්තේය. (පාපයට) දඬුවම්දීමේදි අල්ලාහ් නිර්දය වේ.
  • 3:14 - (එබැවින්) නුඹලා ඉතා ඉක්මනින් පරාජය කරනු ලබනු ඇත. තවද (මරණින් පසු) නුඹලා නිරය වෙත එක් රැස්කරනු ලබනු ඇතැයි ප්‍රතික්ෂේප කරන්නවුනට 8 (නබි මුහම්මද්!) පවසනු. එය (නිරය) වනාහි අති බිහිසුණු තැනකි.
  • 3:15 - (බද්ර් සටනේදී) එකිනෙකාට මුහුණ දුන් ප්‍රතිමල්ලවයින්ගෙන් නුඹලාට පාඩමක් ලැබී ඇත. (එම ප්‍රතිමල්ලවයින්ගෙන්) එක් පිරිසක් අල්ලාහ්ගේ මාර්ගය උදෙසා සටන් කළ අතර අනෙක් පිරිස ප්‍රතික්ෂේප කළෝ වූහ. 9 ඔවුහු තම සේනාව මෙන් (අනෙක් සේනාව) දෙගුණයක් ලෙස සියැසින්ම දුටහ. අල්ලාහ් තමන්ට අභිමත අයට උදව් වීමෙන් ඔවුන් ශක්තිමත් කරවයි. නියත වශයෙන්ම අන්තර් දෘෂ්ටිය ඇති අයට එහි උතුම් පාඩමක් ඇත.
  • 3:16 - ස්ත්‍රීන් හා දරුවන්, ගොඩගසාගත් රන් රීදී, (සලකුණු සහිත) අශ්වයින්, ඔටු, ගව මහීෂාදීන් හා කුඹුරු වතුපිටි ආදිය සඳහා ඇති (තණ්හාව හා) ආශාව, ජනයාගේ සිත් ගන්නා පරිද්දෙන් දක්වනු ලැබේ. එහෙත් ඒවා වනාහි හුදෙක් මෙලොව (අස්ථිර) ජීවිතය සඳහා ගැනෙන ද්‍රව්‍ය (පමණකි) යළිත් පිවිසෙන තැනින් හොඳ තැන අල්ලාහ් වෙත ඇත.
  • 3:17 - මීට වඩා උතුම් දේ මා නුඹලාට කිවයුතුද? (සිල්වත් හා ගුණවත්භාවයේ ආකල්පය දරන්නාවූ දේව) බැතිමතුන් සඳහා යටින් දිය ඇලි ගලා බස්නා උයන් (ඔවුනට) ඔවුන්ගේ රබ්(පරමාධිපති) වෙත ඇත. ඔවුන් එහි සදාකාලයටම වාසය කරනු ඇත. තවද (ඔවුනට) පාරිශුද්ධ භාර්යාවන්ද අල්ලාහ්ගේ අනුග්‍රහයන්ද ඇතැයි (නබි මුහම්මද්!) පවසනු. තවද අල්ලාහ් සිය ගැත්තන් කෙරෙහි ඉතාමත් විමසිලිමත්යි.
  • 3: 18 - ඔවුහු කවරෙක්ද නම්, ‘අපගේ රබ්(පරමාධිපතියාණෙනි), නියත වශයෙන්ම අපි විශ්වාස කළෙමු. එනිසා අපට අපගේ පාපයන්ට සමාව දෙනු මැනවී, තවද අප නිරයේ වේදනාවෙන් මුදවාගනු මැනවි’ යැයි පවසන අය වෙති.
  • 3:19 - (ඔවුහු) ඉවසිලිවන්තහුය. සත්‍යවාදීහුය. කීකරුවන්නාහුය. (අල්ලාහ්ගේ මාර්ගයෙහි) දාන ශීලියෙහි යෙදෙන්නාහුය.
  • 3:20 - නියත වශයෙන්ම ඔහු හැර අන් දෙවියකු නොමැති බවට අල්ලාහ් සාක‍ෂි දරයි. මලක්වරුද දැනුමෙන් පිරිපුන් අයද සර්ව බලධාරීල සර්වඥානී වූ අල්ලාහ් හැර අන් දෙවි කෙනකු නැති බවට සත්‍යයෙන් හා යුක්තියෙන් යුතුව සහතික කරති.
  • 3:21 - නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි වන දීන් (නිවැරදි දේව මාර්ගය) ඉස්ලාමයයි. ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අය ඔවුනට පැහැදිලි ඥානය පහළ වූවායින් පසු ඔවුන තරවූ ඊර්ෂ්‍යාව නිසා මිස වෙනස් නොවූහ. යමකු අල්ලාහ්ගේ ආයාත් (වදන්) ප්‍රතික්ෂේප කරන්නේද නියත වශයෙන්ම අල්ලාහ් ගණන් ගැනීමෙහි ඉතා සිඝ්‍ර බව (ඔවුන්) දත යුතුය.
  • 3:22 - (නබි මුහම්මද්!) ඔවුන් නුඹ හා වාදයට එළඹුණහොත්, මාත් මාගේ අනුගාමිකයිනුත් අල්ලාහ්ට ඒකාන්තයෙන්ම යටත් වූවෙමුයි පවසනු. තවද ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අයගෙනුත් දෙනු ලැබුවේ නැති අයගෙනුත් නුඹලා ඔහුට යටත් වූවාහු දැයි අසනු. ඔවුහු යටත් වූවාහු නම් නියත වශයෙන්ම ඔවුන් නිවැරදි මඟපෙන්වීම ලැබුවා වන්නේය. එහෙත් ඔවුන් ඉන් බැහැරවන්නාහු නම්, (නුඹ ඒ පිළිබඳව කරදර නොවිය යුතුය.) නුඹගේ එකම වගකීම වූයේ නියත වශයෙන්ම මාර්ගෝපදේශය ඔවුන්ට දැන්වීම පමණකි. (තම) ගැත්තන් කෙරෙහි අල්ලාහ් ඉතාමත්ම විමසිලිමත්ය.
  • 3:23 - * [[3:නියත වශයෙන්ම අල්ලාහ්ගේ අණපනත් ප්‍රතික්ෂේප කරමින්ද අයුක්ති සහගත ලෙස නබිවරුන් ඝාතනය කරමින්ද ජනතාව අතුරින් නීති සාධාරණය හා යුක්තිය පැණවීම පිණිස අණ කරන අය ඝාතනය කරමින්ද සිටින්නාවූ අයට වේදනාකාරී දඬුවම පිළිබඳව ශුභාරංචිය දන්වනු.
  • 3:24 - මෙලොවදීත් පරලොවදීත් ඔවුන්ගේ වැඩ කටයුතු අර්ථ ශුන්‍යව නිෂ්ඵල වූ අය ඔවුන්මය. තවද ඔවුන්ට පිහිට වන්නෝද නැත.
  • 3:26 - (නබි මුහම්මද්!) ධර්ම ග්‍රන්ථයේ කොටසක් ලද්දවුන් (ගේ හැසිරීම) නුඹ මෙනෙහි නොකළේද? ඔවුන් අතර විනිශ්චය කරනු පිණිස අල්ලාහ්ගේ ග්‍රන්ථය වෙත ඔවුහු කැඳවන අවස්ථාවේදි ඔවුන්ගෙන් පිරිසක් (ඊට) අකමැතිව එය පැහැර හරින්නෝය.
  • 3:27 - එය (පැහැර හරිමින් හැරී යාමට හේතුව) නියමිත දින ගණනකට මිස නිරය අප ස්පර්ශ නොකරන්නේ යැයි ඔවුන් කී නිසාය. ඔවුන්ගේ ධර්මයෙහි ඔවුන් ගොතාගත් බොරු ඔවුන් රැවටුවේය.
  • 3:28 - එහෙත් නිසැකයෙන්ම එළඹෙන ඒ දිනයේදී අප ඔවුන් එක්රැස් කර (ඔවුන්ගෙන්) කිසිවකුටත් අසාධාරණයක් නොකර ඔවුන් උපයාගත් පරිදි සෑම කෙනකුටම ඔවුනට අයත් දේ (විපාකය) ඔවුනට සම්පූර්ණයෙන් ගෙවනු ලැබුවහොත් කුමක් වේද?
  • 3:29 - (නබි මුහම්මද්!) මෙසේ පවසනු, අල්ලාහ් ! සියලූ රාජ්‍යයේ පරමාධිපතිවරයාණනි, ඔබ රිසි කෙනකුට රාජ්‍ය පුදන්නෙහිය. තවද ඔබ රිසි පරිදි (තව කෙනකුගෙන්) රාජ්‍යය ඉවත් කර ගන්නෙහිය. තවද ඔබ රිසි කෙනකු උසස් තත්ත්වයකට පත්කරන්නෙහිය. ඔබ රිසි පරිදි කෙනකු පහත් තත්ත්වයකට හෙළන්නෙහිය. සියලූුම යහපත් දේ ඔබ අතහි පවතින්නේය. නියත වශයෙන්ම ඔබ සියලූ දේ කෙරෙහි බලසම්පන්නය.
  • 3:30 - රැය දවාලයෙහි ඔබ ඇතුලූ කරන්නෙහිය. තවද, දහවල රැයෙහි ඇතුලූ කරන්නෙහිය. අප්‍රාණක දැයින් ප්‍රාණක දැය හෙළි කරන්නෙහිය. ප්‍රාණක දැයින් අප්‍රාණක දැය හෙළි කරන්නෙහිය. තවද, ඔබ අභිමත වූ කෙනෙකුට අප්‍රමාණව පෝෂණය සපයන්නෙහිය.
  • 3:31 - මුඃමින්වරුන් (විශ්වාසවන්තයින්) මුඃමින්වරුන් මිස ප්‍රතික‍ෂ්ප කරන්නවුන් ආරක‍ෂකයින් ලෙස නොගත යුතුය. (ප්‍රතික‍ෂ්ප කරන්නන් වූ) ඔවුන්ගෙන් නුඹලා (වද හිංසාදියෙන්) ආරක‍ෂා වීමට මිස. යමකු මෙසේ කරයි නම් අල්ලාහ් සමඟ කිසිම සම්බන්ධයක් (ඔහුට) නැත. තවද අල්ලාහ් තමා ගැන නුඹලාට අවවාද කරන්නේය. 26 (නුඹලා) යළිත් පමුණුවන තැන අල්ලාහ් වෙතැයි.
  • 3:32 - නුඹලාගේ හදවත් තුළ කවරක් තිබුණද නුඹලා එය සැඟවුවද හෙළි කළද අල්ලාහ් එය දනී. තවද අහස්වල ඇති දෑද මහපොළොවේ ඇති දෑද ඔහු දනී. අල්ලාහ් සියලූ දේ කෙරෙහි බල සම්පන්නයැ(යි නබි මුහම්මද්!) පවසනු.
  • 3:33 - තමන් කර ඇති යහපත් දේද තමන් කර ඇති වැරදි දේද තමන් ඉදිරියේ දිස්වෙන දිනය පැමිණිවිට ඔහුට සිතෙනු ඇත්තේ, එය (නරකදේ) හා තමන් අතර දීර්ඝ පරතරයක් වී නම්, (කෙතරම් අගේද) යනුයි. තමාට බියවන ලෙස අල්ලාහ් නුඹලාට අනතුරු ඇඟවීමක් කරයි. අල්ලාහ් සිය ගැත්තන් කෙරෙහි සානුකම්පිතය.
  • 3:34 - තමන් කර ඇති යහපත් දේද තමන් කර ඇති වැරදි දේද තමන් ඉදිරියේ දිස්වෙන දිනය පැමිණිවිට ඔහුට සිතෙනු ඇත්තේ, එය (නරකදේ) හා තමන් අතර දීර්ඝ පරතරයක් වී නම්, (කෙතරම් අගේද) යනුයි. තමාට බියවන ලෙස අල්ලාහ් නුඹලාට අනතුරු ඇඟවීමක් කරයි. අල්ලාහ් සිය ගැත්තන් කෙරෙහි සානුකම්පිතය.
  • 3:35 - අල්ලාහ්ට කීකරු වනු. තවද රසූල්ටද කීකරු වනුයි (නබි මුහම්මද්!) පවසනු. (මෙසේ පැවසීමෙන් පසුවත්) ඔවුහු පිටුපෑවාහූ නම්, නියත වශයෙන්ම අල්ලාහ්, ප්‍රතිෙක‍ෂ්ප කරන්නන් ඇදම් නොකරයි.
  • 3:36 - අල්ලාහ් (සිය මාර්ගෝපදේශය එවීම සඳහා) ලෝකයේ සෙසු සියල්ලන්ටම වඩා ආදම්, නුහ්, ඉබ්‍රාහීම්ගේ පැවතෙන්නන් සහ ඉම්රාන්ගේ පැවතෙන්නන් නියත වශයෙන්ම තෝරා ගෙන ඇත.
  • 3:37 - (මෙම නබිවරු එකම පරපුරකට අයත් වූ) එකිනෙකාගෙන් පැවතෙන්නෝ වූහ. අල්ලාහ් සර්වශ්‍රාවකය, සර්වඥය.
  • 3:38 - ඉම්රාන්ගේ ස්ත්‍රිය (ප්‍රාර්ථනා කරමින්) රබ්(පරමාධිපතියාණනි), මාගේ ගැඛෙහි සිටින්නා ඔබගේ විශේෂ සේවය සඳහා කැපවුවකු බවට නියත වශයෙන්ම මම බාර වෙමි. එබැවින් මාගෙන් (මෙම විශේෂ පූජාව) පිළිගනු මැනව. නියත වශයෙන්ම ඔබ සර්වශ්‍රාවක, සර්වඥ යැයි පැවසු සැටි සිහියට නගනු.
  • 3:39 - පසුව ඇය දරුවා ප්‍රසූත කළවිට, මාගේ රබ්(පරමාධිපතියාණනි), මා ප්‍රසූත කර ඇත්තේ ගැහැණු ළමයකැයි ඇය පැවසුවාය. ඇය ප්‍රසුත කළ දේ අල්ලාහ් මැනවින් දැන සිටියේය. පිරිමි (ළමයකු) ගැහැණු (ළමයකු) මෙන් නැත. තවද මම ඇයට මර්යම් යයි නම් කළෙමි. ශාපලත් ෂෙයිතාන්ගේ (උවදුරුවලින්) ඇයටත් ඇයගේ (අනාගතයේදී බිහිවන) දු පුතුන්ටත් ආරක්ෂාව සලසන ලෙස මම ඔඛෙන් ඇයද සිටිමියි ඈ පැවසුවාය.
  • 3:40 - එවිට ඇගේ රබ්(පරමාධිපතියාණන්) ඉතා දයාන්විතව ඇය පිළිගෙන, ඇය යහපත් ලෙස වැඩෙන්නට සලස්වා ඇය රැක බලා ගැනීමට සකරිය්යාට භාර කළේය. (ඇය බැලීම සඳහා) සකරිය්යා ආරුක්කුවට කවර විටෙක වුවද ඇතුද වන විට ඇය වෙත (යම් යම්) කැවිලි වර්ග තිඛෙනු දකියි. එවිට මර්යම් ඔබට මේවා (ලැබුණේ) කොහොන්දැයි ඔහු ඇසීය. එවිට ඈ ඒවා (ලැබුණේ) අල්ලාහ්ගෙන්ය. නියත වශයෙන්ම අල්ලාහ් තමන්ට අභිමත අයට අප්‍රමාණව සපයයි, යනුවෙන් පැවසුවාය.
  • 3:41 - එකල්හි සකරිය්යා සිය රබ්(පරමාධිපතියාණන්) හඬගසා රබ්බි(මාගේ පරමාධිපතියාණනි) ඔබගෙන් යහපත් පරපුරක් මට ප්‍රදානය කරනු මැනව. නියත වශයෙන්ම ඔබ දුආ(ප්‍රාර්ථනා)වන්ට සවන් දෙන්නා යැයි කීය.
  • 3:42 - ඔහු ආරුක්කුවේ (මෙසේ) සලාත් ඉටු කරමින් සිටින විට මලක්වරු (සුරදූතයෝ) පැමිණ, ඔබට අල්ලාහ්ගේ ආඥාවක් තහවුරු කරවන්නකු වූද ශ්‍රේෂ්ඨ නායකයකු වූද දැඩි විනයකින් වූද යහපත් අය අතුරින් නබිවරයකු වූද යෙහියා39 නමින් ලැඛෙන්නට යන පුතකු පිළිබඳ ශුභාරංචිය අල්ලාහ් දෙයි, යනුවෙන් පැවසූහ.
  • 3:43 - එවිට (zසකරිය්යා) රබ්බි(මාගේ පරමාධිපතියාණනි), මා දැන් ඛෙහෙවින් මහලූ වියට පත්වී සිටින බැවින්ද මාගේ භාර්යාව වඳ තැනැත්තියක බැවින්ද, මට කෙසේ නම් පුතකු ලැඛෙන්නේදැයි කීවේය. මීට පිළිතුර වූයේ එසේම වන්නේය.අල්ලාහ් තමාට අභිමත දෙයක් කරන්නේ යැයි (සුරදූතයා) කීය.
  • 3:44 - (එවිට සකරිය්යා) රබ්බි(මගේ පරමාධිපතියාණනි), මට සංඥාවක් දෙනු මැනවයි පැවසීය. නුඹේ සංඥාව නම් තෙදිනක් ගතවන තුරු අංග චලනයෙන් හැර, අන් ලෙසකින් මිනිසුන් සමග නුඹ කථා නොකිරීමය. (මෙම කාලය ඇතුළත) නුඹ නුඹගේ රබ්(පරමාධිපතියාණන්) ඛෙහෙවින් සිහිපත් කරනු. උදේ සවස ඔහුගේ ගුණගායනයෙහි යෙදෙනුයි 42 (සුරදූතයා) පැවසුවේය.
  • 3: 45 - (ඉක්බිති නිසි කාලය පැමිණි විට) මර්යම්! නියත වශයෙන් අල්ලාහ් නුඹ උසස් තත්ත්වයකට පත්කොට ඇත. තවද නුඹ පාරිශුද්ධ කොට ඇත. තවද (ඔහුගේ සේවය සඳහා) ලොව සියලූම ස්ත්‍රීන් අතුරින් නුඹ තෝරා ගෙන ඇතැයි මලක්වරු පැවසූහ.
  • 3:46 - මර්යම්! නුඹගේ රබ්(පරමාධිපති)ට කීකරු වනු. ඔහුට සජදාහ් (නළල බිම තබා වැතිරී වැඳ වැටෙනු) කරනු. තවද රුකූඋ (වැඳ නමස්කාර) කරන්නන් සමග රුකුඋ කරනුයි(ද මලක්වරු පැවසූහ.)
  • 3:47 - (නබි මුහම්මද්!) අප විසින් නුඹට හෙළිදරව් කරනු ලැබූ ගුප්ත වෘත්තාන්තයන් මේවායි. (දේවස්ථානයේ පූජකයින්) තමන් අතුරින් කවරකු මර්යම්ගේ භාරකාරයා විය යුතුදැයි (විසඳීමට) ඔවුන්ගේ පත්හිඳවල් විසිකිරීමේ (කුසපත් ඇදි අවස්ථාවේ) දී නුඹ ඔවුන් සමඟ නොසිටියෙහිය.43 ඔවුන් (ඒ පිළිබඳව) විවාද කරන විටදීද නුඹ ඔවුන් සමඟ නොසිටියෙහිය.
  • 3:48 - මර්යම්! අල්ලාහ් තමාගේ ආඥාවක් පිළිබඳව ශුභාරංචිය ඔබ වෙත එවයි. ඔහුගේ නම මර්යම්ගේ පුත් මසීහ් ඊසා වනු ඇත. ඔහුට මෙලොවදීත් පරලොවදීත් බොහෝ ගරු සම්මාන ලැඛෙනු ඇත. ඔහු අල්ලාහ්ට වඩාත් සමීප වූවන් අතර ද වනු ඇතැයි මලක්වරුන් කී සැටි සිහිපත් කරනු.
  • 3:49 - තවද තොටිල්ලේ හිදින විට මෙන්ම වැඩි පිරිපුන් වූ විටද ඔහු (එකසේ) ජනයාට කථා කරනු ඇත. තවද ඔහු ධර්මිෂ්ඨයන් අතරෙහි (සිටිනු ඇතැයිද මලක්වරු පැවසුහ.)
  • 3:50 - (මෙය ඇසූ මර්යම්) රබිබ්(මාගේ පරමාධිපතියාණනි, කිසිදු) පුරුෂයකු මා ස්පර්ශ කොටවත් නැති විට මට පුත්‍රයකු ලැඛෙන්නේ කෙසේ දැයි විමසුවාය. ඒ එසේම වන්නේය. අල්ලාහ් තමාට අභිමත දෙය මවයි. ඔහු යමක් තීරණය කළ විට එසේ වේවා යැයි පවසයි. එවිට ඒ (එසේම) සිදුවන්නේ යැයි ඔහු (මලක්වරයා) පැවසුවේය.
  • 3:51 - (සිය පණිවිඩය තව දුරටත් ප්‍රකාශ කළ මලක්වරයා මෙසේද කීය.) ඔහු (අල්ලාහ්) ඔහුට ධර්මග්‍රන්ථයද, ප්‍රඥාවද, තව්රාත්ද, ඉන්ජිල්ද උගන්වයි.
  • 3:52 - තවද, ඉස්රාඊල්ගේ පුත්‍රයින් සඳහා රසූල්වරයා වශයෙන්ද (ඔහු පත් කරනු ඇතැයි මලක්වරයා) කීය. (ඉක්බිති ඊසා රසූල්වරයකු වශයෙන් ඉස්රාඊල්ගේ පුත්‍රයින් වෙත පැමිණි කළ) මම නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් පැහැදිලි සංඥාවක් ඇතිව නුඹලා වෙත පැමිණියෙමි. නියත වශයෙන්ම මම නුඹලාට මැටියෙන් කුරුල්ලකුගේ අනුරුවක් තනා ඌට ස්වාසය පිඹිමි. එවිට ඌ අල්ලාහ්ගේ අණින් කුරුල්ලෙක් වෙයි. තවදල මම ජාත්‍යාන්ධයන් හා ලාදුරු රෝගීන් සුවපත් කරමි. තවද, මළවුන්ට මම අල්ලාහ්ගේ අණින් ප්‍රාණය දෙමි. තවද නුඹලා අනුභව කරන්නේ කුමක්ද? නුඹලා සිය නිවෙස්වල ගබඩා කර ඇත්තේ කුමක්ද? යන්න මම නුඹලාට දැනුම් දෙමි. නුඹලා විශ්වාස කරන්නහු නම් නියත වශයෙන්ම මෙහි නුඹලාට සංඥාවක් ඇත.
  • 3:53 - (මා පැමිණියේ) මා ඉදිරියේ දැන් පවතින තව්රාත්හි ඇති දෑ සත්‍ය කරවන්නකු ලෙසත් 46 නුඹලාට තහනම් කරනු ලැබූ ඇතැම් දේවල් නුඹලාට අනුමත කිරීමටත්ය. තවද මම නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් පැහැදිලි සංඥාවක් ඇතිව නුඹලා වෙත පැමිණියෙමි. එබැවින් අල්ලාහ් කෙරෙහි බියබැතිමත් වනු. තවද, මට කීකරුවනු.
  • 3:54 - නියත වශයෙන්ම අල්ලාහ්, මාගේ රබ්(පරමාධිපති)ද නුඹලාගේ රබ්(පරමාධිපති)ද වෙයි. එබැවින් ඔහුට පමණක් ඉබාදත් (අවනත වනු) කරනු. සෘජු මාර්ගය මෙයයි. (ඊසා පැවසීය.)
  • 3:55 - ඊසා ඔවුන්(ඉස්රාඊල් පුත්‍රයින්)ගේ ප්‍රතිෙක‍ෂ්ප කිරීම වටහාගත් කල්හි, අල්ලාහ්ගේ මාර්ගයෙහි මට උදව්කරන්නෝ කවරහුදැයි ඇසීය. අපි අල්ලාහ්ගේ මාර්ගයෙහි උදව් කරන්නෝ වෙමු. අපි අල්ලාහ් විශ්වාස කළෙමු.49 එබැවින් අපි මුස්ලිම්වරුන් (අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වූ අය) බවට ඔබ සාක්ෂි දරණු යැයි හවාරිය්යුන්හු (අනුගාමිකයෝ) කීහ.
  • 3:56 - අපගේ රබ්(පරමාධිපතියාණනි), ඔබ පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. අපි ඔබගේ රසූල්(දේව ධර්ම දූත)වරයා අනුගමනය කළෙමු. එබැවින් සාක‍ෂි දරන්නන් අතරට අපව ලියනු මැනවි.
  • 3:57 - (එවිට) ඔවුහු (ඊසා විශ්වාස නොකළ ඉස්රාඊල් පුත්‍රයෝ ඔහුට විරුද්ධව) සැලසුම් කරන්නට පටන් ගත්හ. අල්ලාහ්ද (සිය රහස් සැලැස්ම) සැලසුම් කළේය. සැලසුම් කරුවන් අතුරින් අල්ලාහ් විශිෂ්ඨතම වෙයි.
  • 3:58 - ඊසා! නියත වශයෙන්ම මම නුඹ ආපසු කැඳවන්නෙමි. තවද මා වෙතට නුඹ ආරෝහණය කරන්නෙමි. ප්‍රති්ෙක‍ෂ්ප කළවුන්ගෙන් (ඔවුන්ගේ අයහපත් සමාගම හා අතිශයින් ක්ලිෂ්ට පරිසරයෙන්) නුඹ පිරිසිදු කරන්නෙමි. නුඹ අනුගමනය කළවුන්, මළවුන් කෙරෙන් නැගිටුවීමේ දිනය තෙක්, ප්‍රතිෙක‍ෂ්ප කළවුන්52 අභිබවා (උච්චස්ථානයේ) තබන්නෙමි. ඉක්බිතිව (අවසානයේදී) නුඹලා(සියල්ලන්)ගේ ආපසු ඒම මා වෙතයි. නුඹලා කෙරෙහි ඇති වෙනස්කම් හා මතභේද අනුව, එවිට මම නුඹලා අතර විනිශ්චය කරන්නෙමියි අල්ලාහ් පැවසීය.
  • 3:59 - ප්‍රතික්ෂේප කළවුන්(ගේ තත්ත්වය) නම් මම මෙලොවදීත් පරලොවදීත් දරුණු ලෙස දඬුවම් කරමි. ඔවුනට පිහිට වීමට කවරෙකුවත් නොසිටිනු ඇත.
  • 3:60 - තවද, විශ්වාස කර යහපත් කි්‍රයාවන් කළ අයට නම් ලැබිය යුතු පූර්ණ ප්‍රතිඵල සම්පුර්ණයෙන් ඔවුන්ට, ඔහු (අල්ලාහ්) තිළිණ කරයි. අල්ලාහ් අපරාධ කරන්නන් ප්‍රිය නොකරයි.
  • 3:61 - අප නුඹට පවසන එය සංඥාවන්ගෙන් හා ප්‍රඥාශීලී උපදෙස්(වලින් යුක්ත)ය.
  • 3:62 - අල්ලාහ් කෙරෙහි ඊසාගේ (උත්පත්තියේ) සමානත්වය ආදම්ගේ (උපත) හා සමානය. (අල්ලාහ්) ඔහු (ආදම්, පොළොවේ) පසින් මවා පසුව ඊට කුන් (වනු) යැයි පැවසීය. එවිට ඔහු (ඇති) විය
  • 3:63 - (මෙය) නුඹගේ රබ්(පරමාධිපති) විසින් (පළ කරනු ලබන) සත්‍යයි. එනිසා නුඹ එය සැක කරන්නන් අතුරින් කෙනකු නොවිය යුතුයි.
  • 3:64 - (නබී මුහම්මද්!) නුඹට (මේ) ඥානය පහළ වීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් කවරකු හෝ නුඹ සමග වාදයට එළඹුණහොත්, එන්න අප (එකට එකතුවී) අපගේ ළමයින් හා නුඹලාගේ ළමයින්ද, අපගේ ස්තී්‍රන් හා නුඹලාගේ ස්තී්‍රන්ද, අපද නුඹලාද එකට රැස් වී බොරුකාරයින් වෙත අල්ලාහ්ගේ ශාපය වේවා යැයි අපි යදිමුයි පවසනු.
  • 3:65 - නියත වශයෙන්ම මේවායි සත්‍ය කථා. අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලසම්පන්නය, සර්වප්‍රාඥය.
  • 3:66 - (මෙසේ කළවිට) ඔවුන් (එම අභියෝගය නොපිළිගෙන) පිටුපා යතොත් (එය ඔවුන්ගේ අනර්ථකාරී කි්‍රයාවන් පිළිබඳ පැහැදිලි සාක‍ෂියකි.) අනර්ථකාරී කි්‍රයාවන්හි යෙදෙන්නන් පිළිබඳව අල්ලාහ් නියත වශයෙන්ම සර්ව ප්‍රාඥය.
  • 3:67 - දහම්ලත් ජනයිනි! අපි අල්ලාහ් හැර අන්කිසිවකු ඉබාදත් නොකරමුයිද, (අවනත නොවෙමුයිද) අපි ඔහුට අන්කිසිවක් සමාන නොකරමුයිද, අපගෙන් සමහරෙක් අල්ලාහ් හැර අන්කිසිවකු අර්බාබ්(පරමාධිපතියන්) ලෙසින් නොගනිමුයිද, අප අතරද නුඹලා අතරද පොදු සම්මුතියකට එළඹෙමුයිද (නබි මුහම්මද්!) පවසනු. එවිට ඔවුන් (ඔබගේ ආරාධනාව නොපිළිගෙන) පිටු පෑවොත් නියත වශයෙන්ම අප මුස්ලිම්වරුන් (අල්ලාහ්ට පමණක් ඉබාදත් කරන ඔහුට පමණක් යටහත් වන) බවට නුඹලා සාක්ෂි දරනුයි (නබි මුහම්මද්!) පවසනු.
  • 3:68 - දහම්ලත් ජනයිනි! ඉබ්‍රාහීම්(ගේ ධර්මය) ගැන නුඹලා වාද කරන්නේ මන්ද? තව්රාත් සහ ඉන්ජීල් (ශුභාරංචිය) එවන ලද්දේ ඔහුට (බොහෝ කලකට) පසුව බව (නුඹලා දන්නෙහිය. එසේ නම් මෙය පමණක්වත්) නුඹලා තේරුම් නොගන්නේ මන්ද?
  • 3:69 - නුඹලාට ඒ ගැන (එක්තරා ප්‍රමාණයකට) දැනුමක් තිබුණු කරුණු සම්බන්ධයෙන් ඛෙහෙවින් වාද කළාහුය. එසේනම් නුඹලාට ඒ ගැන කිසිම දැනුමක් නැති දෙයක් අරබයා වාද කරන්නේ කවර හෙයින්ද? අල්ලාහ් දනී. එහෙත් නුඹලා නොදනී.
  • 3: 70 - ඉබ්‍රාහීම් යුදෙව්වකු හෝ කි්‍රස්තු භක්තිකයකු හෝ නොවීය. නමුත් ඔහු (වැරදි දහම් අත්හළ) අවංක මුස්ලිම් (අල්ලාහ්ට කීකරු වන) අයෙක් විය. තවද අල්ලාහ්ට ආදේශ තබන්නන්ගෙන් කෙනෙක්ද නොවීය.
  • 3:71 - නියත වශයෙන්ම මිනිසුන් අතුරින් ඉබ්‍රාහීම් සමග (සම්බන්ධකමක් කියා සිටීමට) හොඳම සුදුස්සෝ වනුයේ ඔහු අනුගමනය කළ අයද මෙම නබිවරයාද විශ්වාසිකයෝ්ද වෙති. අල්ලාහ් මුඃමින්වරුන්(විශ්වාසිකයින්)ගේ ආරක්ෂකයා වේ.
  • 3:72 - දහම්ලත් ජනයාගෙන් කොටසක් (කෙසේ හෝ) නුඹලා මංමුළාවේ හෙළන්නට මහත් අභිලාෂයකින් පසුවෙති. එහෙත් ඔවුහු මංමුළා කරන්නේ (අන් කවරකුවත් නොව) ඔවුහුමය. ඔවුහු එය වටහා නොගනිති.
  • 3:73 - දහම් ලත් ජනයිනි! නුඹලා (දැනුවත්වම) සාක‍ෂි දරමින් සිටියදි අල්ලාහ්ගේ සංඥාවන් නුඹලා ප්‍රතිෙක‍ෂ්ප කරන්නේ මන්ද?
  • 3:74 - දහම් ලත් ජනයිනි, නුඹලා සත්‍යය, අසත්‍ය සමග පටලවන්නේ මන්ද? තවද නුඹලා දැනුවත්වම සත්‍යය වසන් කරන්නේ කවර හෙයින්ද?
  • 3:75 - විශ්වාසකයින් වෙත පහළ කර ඇති දෑ උදය කාලයේ නුඹලා විශ්වාස කර සවස් කාලයේ එය ප්‍රතික්ෂේප කරනු. (මෙම උපාය මාර්ගයෙන්) ඔවුන් (සිය විශ්වාසය) හැර යනු ඇතැයි දහම්ලත් ජනයාගෙන් කොටසක් කියති.
  • 3:76 - තවද, නුඹලාගේ දහම අදහන කෙනකු හැර (අන් කිසිවකු) නුඹලා විශ්වාස නොකරනුයිද, (ඔවුහු පවසති.) නියත වශයෙන්ම නියම මාර්ගෝපදේශය අල්ලාහ්ගේ මාර්ගෝපදේශයයි. (මීට පෙර) නුඹලාට දෙනු ලැබූ දෙය මෙන් දෙයක් වෙන කෙනකුට දෙනු ලැබුවේ යැයිද නැතහොත් (එවැනි හෙළිදරව් ලබන්නවුන්) නුඹලාගේ රබ්(පරමාධිපති)ගේ සන්නිධානයෙහි නුඹලාට විරුද්ධව (පැහැදිලි තර්ක සමඟ) ඉදිරිපත් වන්නේද (එය) ඔහු(අල්ලාහ්)ගේ අනුග්‍රහයෙන් යැයි (නබී මුහම්මද්!) පවසනු. නියත වශයෙන්ම ත්‍යාගශීලීභාවය හා දයාව අල්ලාහ් සතුය. ඔහු විසින් තමාට අභිමත කෙනකුට මේවා පිරිනමන්නේ යැයි (නබි මුහම්මද්!) ඔවුන්ට පවසනු තවද අල්ලාහ් සර්වව්‍යාපකය, සර්වඥානීය.
  • 3:77 - ඔහු තම අනුග්‍රහය සඳහා තමාට අභිමත වුවකු තෝරාගනී. තවද අල්ලාහ් මහත් වූ වරප්‍රසාද හිමිය.
  • 3:78 - විශ්වාසය පිට තබාගන්නා ලෙස ඔහුට නුඹ විසින් පවරනු ලැබූ රන් රැසක් වුවද ආපසු නුඹට එලෙසින්ම බාරදෙන අන්දමේ සමහරෙක්ද දහම් ලද ජනයින් අතර සිටිති. එහෙත් නුඹ විසින් ඔවුන්ට විශ්වාසය පිට, තබාගන්නා ලෙස පවරනු ලැබු එකම දීනාර් රන් කාසියක් වුවද, නුඹ යළි යළිත් ඉල්ලා සිටියහොත් විනා නුඹට ආපසු නොදෙන අන්දමේ සමහරෙක්ද ඔවුනතර වෙති. නූගත් ජනයා (යුදෙව්වන් නොවන අය) කෙරෙහි අප හැසිරෙන ආකාරය පිළිබඳව හේතු දක්වා ලීමට අප බැදී නොසිටින බවට ඔවුන් පවසන නිසාය, මේ. තවද ඔවුහු දැනුමත්වම අල්ලාහ් පිළිබඳව බොරු කියති.
  • 3:79 - එහෙත් යමෙක් ඔහුගේ ගිවිසුම ඉටුකර (අල්ලාහ්ට) බියබැතිමත් වුයේද නියත වශයෙන්ම අල්ලාහ් බිය බැතිමත් අය පි්‍රය කරන්නේය.
  • 3:80 - අල්ලාහ් සමඟ (ඇතුළත්) වූ ගිවිසුම් හා තමන්ගේ දිවුරුම් සුද මිළට විකුණන අයට, ඔවුන්ට නියත වශයෙන්ම පරලොව ජිවිතයෙහි (අල්ලාහ්ගේ භාග්‍යයේ) කොටස් නොමැත. තවද මළවුන් නැගිටුවන දිනයේදී අල්ලාහ් (කරුණාවෙන් යුතුව) ඔවුන් අමතන්නේ නැත. ඔවුන් දෙස බලන්නේද නැත. (ඔවුන්ගේ පාපයන්ගෙන්) ඔවුන් පිරිසුදු කරන්නේද නැත. ඔවුන් සඳහා නියමිතව ඇත්තේ වේදනා සහගත දඬුවමකි.
  • 3:81 - (එය කියවන විට තමන් කියවන) එය ධර්ම ග්‍රන්ථයෙන් කොටසක් යැයි නුඹලාට හැඟී යන පරිද්දෙන් තමන්ගේ දිව හරව(හරවා කියව)න පිරිසක් ඔවුන් අතර වෙත්. (එහෙත් ඔවුන් කියවන) එය ධර්මග්‍රන්ථයෙන්(කොටසක්) නොවේ. තවද එය අල්ලාහ්ගෙන් බව ඔවුහු කියති. නමුත් එය අල්ලාහ්ගෙන් නොලැබූ දෙයකි. තවද ඔවුහු දැනුවත්වම අල්ලාහ් කෙරෙහි බොරු කියති.
  • 3:82 - අල්ලාහ් විසින් යමෙකුට ධර්ම ග්‍රන්ථය, ඥානය හා නබිත්වය පිරිනමනු ලැබුවේ ද ඔහු ඉන්පසු (කෙදිනකවත්) අල්ලාහ් වෙනුවට මට නුඹලා වහලූන් වනුයි මිනිසුන්ට කීම (කිසිම) මනුෂයෙකුට යුතු නොවේ. නමුත් (ඔහු නිසැකයෙන්ම කිව යුත්තේ) නුඹලා කියවන ධර්ම ග්‍රන්ථය අනුව ද නුඹලා උගන්වන දෑ අනුව ද සැබෑ රබ්බානීන් වන්න යනුවෙනි.
  • 3:83 - සුරදූතයින් හෝ නබිවරුන් නුඹලාගේ පරමාධිපතින් බවට පත්කර ගැනීමට කෙදිනකවත් ඔහු (නබිවරයා) නුඹලාට අණ නොකරනු ඇත. නුඹලා මුස්ලිම්වරුන් (අල්ලාහ්ට යටත් වූ අය) වූ පසු ප්‍රතිෙක‍ෂ්ප කිරීමට ඔහු (නබිවරයා) නුඹලාට ඇරයුම් කරයිද?
  • 3:84 - (මෙය) මා නුඹලාට පහළ කළ ධර්ම ග්‍රන්ථයද ප්‍රඥාවද වේ. පසුව නුඹලා ළඟ තිබු දැය සත්‍ය කරන රසූල්වරයකු නුඹලා වෙත පැමිණි කල්හි නුඹලා නියත වශයෙන්ම ඔහු විශ්වාස කළ යුතුය. තවද ඔහුට උදව් කළ යුතු යැයි නබිවරුන්ගෙන් අල්ලාහ් ප්‍රතිඥා ගත් අයුරුද සිහි කරනු.69 (එසේ නම්) නුඹලා අනුමත කරන්නේද? තවද නුඹලා මේ අනුව මාගේ ප්‍රතිඥාව (ග්‍රහණය කර) වගකීම පිළිගැනීමට එකඟ වන්නේද? ඔහු (අල්ලාහ්) ඇසීය. අපි එකඟ වෙමුයි ඔවුහු (නබිවරු) කීහ. එසේ නම් නුඹලා සාක‍ෂි දරනු. මමද නුඹලා සමග සාක්ෂි දරන්නන්ගේ කෙනෙක් වෙමියි ඔහු (අල්ලාහ්) කීය.
  • 3:85 - මින්මතු යමකු පිටු පා ගියාහු නම් ඔවුහුමය ෆිසිකූන් (අනර්ථකාමීන්) වන්නේ.
  • 3:86 - මොවුන් සොයන්නේ අල්ලාහ්ගේ දීන් (යහමාර්ගය) නොවන දහමක්ද? අහස්වල හා මහපොළොවේ සියලූම දේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යටත්වන්නේ ඔහුටමය. තවද (සියල්ලක්ම) ආපසු යන්නේ ඔහු වෙතමය.
  • 3:87 - අපි අල්ලාහ්ද අප වෙත හෙළිදරව් කරනු ලැබුවා වූ දෑ(ග්‍රන්ථය)ද ඉබ්‍රාහිම්, ඉස්මායීල්, ඉෂාක්, යඋකූබ් සහ (ඔහුගෙන්) පැවතෙන්නන් වෙත හෙළිදරව් කරනු ලැබුවා වූ දෑද ඔවුන්ගේ රබ්((පරමාධිපති) විසින් මූසාට, ඊසාට හා (සෙසු) නබිවරුන්ට පිරිනමන ලද දෑ(මාර්ගෝපදේශ)ද විශ්වාස කරමු. අපි ඔවුන් අතුරින් කිසිවකුටවත් භේදයක් නොදක්වමු. අපි ඔහු(අල්ලාහ්)ට අවනත වී යටත් වෙමුයි පවසනු.
  • 3:88 - (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ.
  • 3:89 - ඔවුන් විශ්වාස කොට (අල්ලාහ්ගේ) දේව ධර්ම දූතයා සැබෑ බවට තමන්ම සාක‍ෂි දරා, තවද ඔවුන් වෙත පැහැදිලි සංඥාවන් පහළ වූ පසු අවිශ්වාස කරන ජනයාට අල්ලාහ් මඟපෙන්වන්නේ කෙසේද? අපරාධකාරී ජනයාට අල්ලාහ් යහමඟ නොපෙන්වයි.
  • 3:90 - ඔවුන්ගේ (අයුක්තියට සෑහෙන) ඵලවිපාකය නම් නියත වශයෙන්ම ඔවුන්ට අල්ලාහ්ගේත් සුර දූතයින්ගේත් සකල මනුෂ්‍ය වර්ගයාගේත් ශාපයයි.
  • 3:91 - ඔවුහු සදාකල් එහි (නිරයෙහි) වෙසෙති. ඔවුන්ට (හිමි) දඬුවම ලිහිල් නොකරනු ලැබේ. තවද ඔවුන්ට එය පමාකිරීමක් හෝ සිදු නොකරනු ලැබේ.
  • 3:92 - එහෙත් ඉන්පසු පශ්චාත්තාප වී (තමන්ගේ කි්‍රයාවන්) නිවැරදි කරගන්නා අය හැරය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා දයාන්විත වේ.
  • 3:93 - ඔවුන්ගේ විශ්වාසයෙන් පසු අවිශ්වාසකර ඉන්පසු අවිශ්වාසය වැඞ්කරගත් අයවන ඔවුන්ගේ පසුතැවිලි(මවාපෑම)වීම නියත වශයෙන්ම කිසිවිටෙක බාරගනු නොලැබේ. ඔවුහුමය දුර්මාර්ගිකයෝ.
  • 3:94 - ප්‍රතික‍ෂ්ප කරන්නන්ද තවද ප්‍රතික‍ෂ්ප කරන්නන් ලෙසම මියගිය අයද සකල මහපොළෝතලයම රනින් වසා ගැලවීමක් සඳහා වන්දියක් වශයෙන් එය ඉදිරිපත් කොට සිටියද නියත වශයෙන්ම (ඔවුන්ගෙන් කිසිවකුගෙන්) කිසිවිටෙක එය නොපිළිගනු ඇත. ඔවුනට (පරලොවදී) නින්දිත දඬුවම් ඇත. තවද ඔවුනට පිහිටවන කිසිවකුද නැත.
  • 3:95 - ප්‍රතික‍ෂ්ප කරන්නන්ද තවද ප්‍රතික‍ෂ්ප කරන්නන් ලෙසම මියගිය අයද සකල මහපොළෝතලයම රනින් වසා ගැලවීමක් සඳහා වන්දියක් වශයෙන් එය ඉදිරිපත් කොට සිටියද නියත වශයෙන්ම (ඔවුන්ගෙන් කිසිවකුගෙන්) කිසිවිටෙක එය නොපිළිගනු ඇත. ඔවුනට (පරලොවදී) නින්දිත දඬුවම් ඇත. තවද ඔවුනට පිහිටවන කිසිවකුද නැත.
  • 3:96 - (මුහම්මද් නබිතුමාට පහළ වූ ඉස්ලාමීය නීතිය අනුව නීත්‍යානුකූල වන) සියලූම ආහාර ද්‍රව්‍ය ඉස්රාඊල් දරුවන්ටද නීත්‍යානුකූල විය. (එසේ නීත්‍යානුකූල නොවුයේ) තව්රාත් (තෝරාහ්) ග්‍රන්ථය පහළ කිරීමට පෙර ඉස්රාඊල් විසින් තමාටම තහනම් කළ ආහාර වර්ග පමණය. නුඹලා කියන දේ සත්‍ය නම් (නුඹලා කියන දේ තහවුරු කිරීම පිණිස) තව්රාතය ගෙන (එයින් ඕනෑම කොටසක්) කියවනුයි (නබි මුහම්මද්!) ඔවුනට පවසනු.
  • 3:97 - මෙයින් පසුව වුවද (තමන්ම ගෙතූ) අසත්‍යයන් අල්ලාහ්ට ආරෝපණය කරන්නෝ සැබැවින්ම අපරාධකරුවෝය.
  • 3:98 - අල්ලාහ් පවසා අති දෙය පරම සත්‍යය වන්නේය. එබැවින් (වැරදි දහම් අත්හළ) අවංක වූ ඉබ්‍රාහීම්ගේ මාර්ගයම නුඹලා අනුගමනය කරනු. ඔහු (ඉබ්‍රාහීම්) අල්ලාහ්ට ආදේශ ඉදිරිපත් කළ අයගෙන් කෙනකු නොවේ යැයි (නබි මුහම්මද්!) පවසනු.
  • 3:99 - මනුෂ්‍ය වර්ගයා උදෙසා (යාඥාව සඳහා) ඉදිකරන ලද ප්‍රථම ගෘහය නිසැකවම බක්කාහ්(මක්කාහ්)වේ (තනන ලද) ගෘහය වේ. එය ආශීර්වාද කරනු ලැබූ ස්ථානයද සකල ලෝකයටම මාර්ගෝපදේශ මධ්‍යස්ථානයද වේ.
  • 3:100 - එහි (එම ගෘහයෙහි) පැහැදිලි සංඥාද 80 මකාමු ඉබ්‍රාහීම්(ඉබ්‍රාහීම් නැමදුම් කළ ස්ථානය)ද ඇත. එහි ඇතුළු වන කවරකු වුවද (නිරුපද්‍රිත හා) සුරක්ෂිත වන්නේය. (එබැවින්) එය (ගෘහය) වෙත සැපත්වීමට තරම් වත්පොහොසත්කම් ඇති මිනිසුන් කෙරෙහි අල්ලාහ් උදෙසා එම ගෘහය වෙත හජ් (වන්දනා ඉටු) කිරීම අනිවාර්ය වේ. යමකු (අල්ලාහ්ගේ ආඥාවන්) ප්‍රතිෙක‍ෂ්ප කළහොත්, නියත වශයෙන්ම අල්ලාහ් ලෝකවාසීන්ගෙන් (කිසිවක් අපේක‍ෂා නොකරන) ස්වයං සම්පූර්ණ (බව ඔහු දැන සිටිය යුතුය.)
  • 3:101 - දහම්ලත් ජනයිනි! නුඹලා අල්ලාහ්ගේ වදන් ප්‍රතිෙක‍ෂ්ප කරන්නේ කවර හෙයින්ද? නුඹලා කරන දේ පිළිබඳව අල්ලාහ් සුප¦ක‍ෂාවෙන් සිටි යැයි (නබි මුහම්මද් !) පවසනු.
  • 3:102 - දහම්ලත් ජනයිනි ! (ඔවුන් සත්‍ය මාර්ගයේ ගමන් ගන්නා බවට) නුඹලාම සාක‍ෂි කරුවන්ව සිටියදීත් විශ්වාස කරන තැනැත්තන් වන ඔවුන් වක් මඟක ගමන් කළ යුතුයැයි යන අදහසින් අල්ලාහ්ගේ මාර්ගයෙන් නුඹලා (ඔවුන්) වළක්වන්නේ කුමකටද? නුඹලා කරන දේ ගැන අල්ලාහ් තැකීමක් නැතුවා නොවේ.
  • 3:103 - විශ්වාසවන්තයිනි! දහම් ලැබූ ජනයා අතුරින් පිරිසකට නුඹලා කීකරු වුවහොත් නුඹලා විශ්වාස කළ පසු ප්‍රතිෙක‍ෂ්ප කරවන් බවට ඔවුන් නුඹලා හරවනු ඇත.
  • 3:104 - අල්ලාහ්ගේ වදන් නුඹලාට ප්‍රකාශ කරනු ලබන විටද ඔහුගේ රසූල්වරයා නුඹලා සමග සිටින විටදීද නුඹලා ප්‍රතිෙක‍ෂ්ප කරන්නේ කෙසේද? කවරෙක් අල්ලාහ්(ගේ මාර්ගය) ස්ථීර සාරව ග්‍රහණය කරන්නේද ඔහු නිරනුමානව සෘජු මාර්ගය ඔස්සේ යොමු කරවනු ලබන්නේය.
  • 3:105 - විශ්වාසිවන්තයිනි, අල්ලාහ්ට බියබැතිමත් විය යුතු පරිද්දෙන්ම ඔහුට බියබැතිමත් වනු. නුඹලා (සැබෑ) මුස්ලිම්වරුන් ලෙස විනා (අන් අයුරකින්) නොමියනු.
  • 3:106 - නුඹලා සියල්ලන්ම අල්ලාහ්ගේ රැහැන තරයේ ග්‍රහණය කරගනු. තවද (කිසිවකින් නුඹලා) භේද නොවනු. නුඹලා (එකිනෙකාට) සතුරුව සිටි අවස්ථාවේදී අල්ලාහ් නුඹලාට දැක්වු අනුග්‍රහය සිහිපත් කරනු. ඔහු එම අවස්ථාවේදී නුඹලාගේ හෘදයන් එක්සත් කළේය. එවිට ඔහුගේ දයාවෙ(මහිමයෙ)න් නුඹලා සොහොයුරන් මෙන් වූවෙහිය. තවද නුඹලා (නිරයේ) අග්නි ප්‍රපාතයට වැටෙන්නට ආසන්නව සිටි කල ඔහු නුඹලා එයින් මුදවා ගත්තෙහිය. නුඹලා යහමඟ වනු පිණිස අල්ලාහ් ඔහුගේ වදන් නුඹලාට මෙසේ පැහැදිලි කරන්නේය.
  • 3:107 - යහපත් දෙය කරා කැදවන්නා වූත් හොඳ දෙය අණ කරන්නාවූත් නරක දෙය වළක්වන්නාවූත් පිරිසක් නුඹලා අතර සිටිය යුතුය. ඔවුහුමය ජය ලද්දෝ.
  • 3:108 - තවද තමන්ට පැහැදිලි ආයාත් (අණපනත්, සංඥාවන්, වදන්) ලැබීමෙන් පසුව පවා 86 මතභේද ඇති කර ගනිමින් (නිකායවලට) ඛෙදුනු අයමෙන් නුඹලා නොවනු. (භේද ඇති කළ) ඔවුන්ට ඉමහත් ද~ුවම් අත්වනු ඇත.
  • 3:109 - එදින (සමහරකුගේ) මුහුණු සොම්නසින් දිලෙනු ඇත. තවත් (සමහරකුගේ) මුහුණු දොම්නසින් අඳුරු වනු ඇත. නුඹලා විශ්වාස කිරීමෙන් පසුව ප්‍රතික්ෂේප කළාහුද? එසේනම් නුඹලා ප්‍රතිෙක‍ෂ්ප කළ බැවින් වද හිංසා විඳ දරා ගනුයි තමන්ගේ මුහුණු අඳුරු වන අයට (පවසනු ලැබේ.)
  • 3:110 - සොම්නසින් දිලෙන මුහුණු ඇත්තෝ (ස්වර්ගයෙහි) අල්ලාහ්ගේ දයාවට ප්‍රාප්ත වූවෝ වෙති. තවද ඔවුන් සදාකල්හිම එහි රැදෙනු ඇත.
  • 3:111 - මේවා වනාහි අල්ලාහ්ගේ ආයාත් (වදන්) වේ. ඒවා අපි (නබි මුහම්මද්!) නුඹට සත්‍යයෙන්ම පාරායනය කරන්නෙමු. අල්ලාහ් ලෝකයේ ජනයාට අසාධාරණ 87 නොසිතන්නේය.
  • 3:112 - අහස්වල ඇති දෑද මහපොළොවේ ඇති දෑද අල්ලාහ් සතුය. තවද සියලූ දේ පමුණුවනු ලබන්නේ අල්ලාහ් වෙතටය.
  • 3:113 - මනුෂ්‍ය වර්ගයා(ගේ මාර්ගෝපදේශකත්වය) සදහා උත්ථාපනය කරනු ලැබූ ප්‍රශස්තතම සමාජය නුඹලායි.88 (නුඹලා) යහපත් දේ අණ කරන්නෙහුය. අයහපත් දේ වළක්වන්නෙහුය. තවද අල්ලාහ් ගැනද විශ්වාස කරන්නෙහුය. දහම් ලැබූ ජනයාද විශ්වාස කළේ නම් එය වඩාත් ඔවුන්ගේ යහපත පිණිස වන්නේය. ඔවුන් අතුරින් කොටසක් විශ්වාසිකයෝය. එහෙත් බොහෝ දෙනා අනර්ථකාමීහුය.
  • 3: 114 - (කෙසේ වෙතත්) සුද හානියක් හැර නුඹලාට හානියක් කිරීමට ඔවුනට නොහැකිය. ඔවුන් නුඹලා හා සටන් වැදුණහොත් නුඹලාට පිටුපස හරවා පළා යනු ඇත. ඉන්පසු ඔවුනට පිළිසරණක් නොකරනු ලැබේ.
  • 3:115 - ඔවුන් කොතැනක වුවද අවමානය ඔවුනට හණ ගසනු ලැබ ඇත. අල්ලාහ්ගේ රැහැනින්(ගිවිසුමෙන්)ද මිනිසුන්ගේ රැහැනින්(ගිවිසුමෙන්)ද මිස. තවද ඔවුන් අල්ලාහ්ගේ උදහසටද ලක්වී ඇත. තවද දුක් පීඩා ඔවුන් කෙරෙහි හණ ගසනු ලැබ ඇත. මීට හේතුව ඔවුන් අල්ලාහ්ගේ ආයාත් ( වදන්) ප්‍රතික්ෂේප කොට කිසි හේතු යුක්තියක් නොමැතිව නබිවරුන් මරා දැමූ හෙයිනි. මෙය ඔවුන් අකීකරු වූ නිසාද උල්ලංඝණය කළ නිසාද වේ.
  • 3:116 - එහෙත් (දහම්ලත් සියලූම ජනයා වූ) ඔවුහු එක හා සමාන නොවෙති. දහම්ලත් ජනයා අතුරින් ස්ථීරසාරව නිවැරදි මාර්ගයේ ගමන් කරන්නා වූද රාත්‍රි කාලයේදී අල්ලාහ්ගේ ආයාත්(වදන්) පාරායනා කරමින් සජදාහ් කරන්නා වූද (පිරිසක් සිටිති.)
  • 3:117 - ඔවුහු අල්ලාහ්ද පරමාන්ත දිනයද විශ්වාස කරන්නෝය. යහපත් දේ අණ කරන්නෝය. අයහපත් දේ වළක්වන්නෝය. යහපත් ක්‍රියාවන්හි එකිනෙකා යුහුසුළු වන්නෝය. මොවුහු ධර්මිෂ්ඨයන් අතුරින් වෙති.
  • 3:118 - එබැවින් ඔවුන් යම්කිසි යහපත් කි්‍රයා කර ඇත්තේද (ඒ වෙනුවෙන් ඔවුනට අයත්විය යුතු සාධාරණ තිළිණ) ඔවුනට කිසි විටෙක අහිම් නොවනු ඇත. බියබැතිමතුන් කවුරුන්දැයි අල්ලාහ් මැනවින් දනී.
  • 3:119 - ප්‍රතික්ෂේප කළ අයට අල්ලාහ්ගෙන් (සමාව ලැබීමට) ඔවුන්ගේ ධනයද නැතහොත් ඔවුන්ගේ දරුවන්ද නියත වශයෙන්ම කිසිසේත් පිහිටක් නොවනු ඇත. නිරයේ සහකාරයෝ ඔවුහු වෙති. ඔවුහු සදාකල් එහි රැදෙති.
  • 3:120 - ඔවුන් මෙම ලෞකික ජිවිතයෙහි වැය කරන කවර මුදලක් වුවද එය තමන්ටම අයුක්ති සහගත වූ ජනයාගේ කෙත්වතු හරහා හමා ගොස් එය සම්පූර්ණයෙන්ම විනාශ කළ හිම කුණාටුවක් මෙන් වේ. අල්ලාහ් ඔවුනට කිසි අයුක්තියක් කර නැත. ඔවුහුමය තමන්ට අයුක්තියක් කර ගත්තෝ.
  • 3:121 - විශ්වාසවන්තයිනි! නුඹලා(ගේ සමාජයේ ජනයා) හැර අන්කිසිවකු හිතවත් මිත්‍රයින් නොකරගනු. ඔවුහු නුඹලාට හිංසා පීඩා කිරීම ස්වල්ප වශයෙන්වත් අඩු නොකරන්නෝය. නුඹලා දුක් විඳිනු දකින්නට ඔවුහු කැමැත්තෝය. ද්වේශය ඔවුන්ගේ මුවින්ම නියත වශයෙන්ම හෙළි විය. එහෙත් ඔවුන් තමන්ගේ හදවත් තුළ සඟවාගෙන ඇති දේ ඛෙහෙවින් දරුණුය. අප විසින් (ඒ පිළිබද) ආයාත් නුඹලාට පැහැදිළි කරන ලද්දේය. (ඔවුන් හා සම්බන්ධකම් පැවැත්වීමේ අවදානම) නුඹලා අවබෝධ කරගන්නේ නම්.
  • 3:122 - නුඹලා නම් ඔවුනට ඇදම් කරති. නුඹලා සියලූම ආවිශ්කාරක ග්‍රන්ථයන් විශ්වාස කරති. එහෙත් ඔවුහු නුඹලාට ඇදම් නොකරති.93 ඔවුහු නුඹලා මුණ ගැසෙන විට (නුඹලාගේ නබිවරයාත් නුඹලාගේ ධර්ම ග්‍රන්ථයත්) අපිදු විශ්වාස කරමුයි පවසති. එහෙත් ඔවුහු ඉවත්ව ගියවිට (නුඹලා කෙරෙහි ඔවුන් තුළ ඇති) ක්‍රෝධය නිසා සිය ඇඟිලි තුඩු සපා කති. නුඹලාගේ ක්‍රෝධයෙන් නුඹලා නැසේත්වා යැයි (නබි මුහම්මද් !) ඔවුනට පවසනු. හෘදයාභ්‍යන්තරයෙහි සැඟවී ඇති දේ පවා අල්ලාහ් මැනවින් දනී.
  • 3:123 - නුඹලාට යම් යහපතක් වුවහොත් එය ඔවුනට ශෝකය ගෙන දෙයි. නුඹලාට යම් විපතක් වුවහොත් ඔවුහු ඒ ගැන මහත්සේ සතුටු වෙති. එහෙත් නුඹලා (කරන කවර දෙයකදී වුව) නොසැලී (අල්ලාහ් කෙරෙහි) බියබැතිමත් කමින් සිටියහොත් ඔවුන්ගේ (කපටි) උපාය නුඹලාට කිසිදු හානියක් නොකරයි. ඔවුන් කරන කවර දෙයක් වුවද අල්ලාහ් හාත්පසින්ම වට කරයි.
  • 3:124 - (නබි මුහම්මද්!) නුඹ අදයම නුඹගේ නිවසින් පිටත්ව විශ්වාසිකයින්ට (උහද්) සටන් බිමේ ඒ් ඒ තැන් පවරා දීම ආරම්භ කළ අවස්ථාව සිහිපත් කරනු. අල්ලාහ් සර්වශ්‍රවණය, සර්වඥය.
  • 3:125 - නුඹලා අතුරින් කණ්ඩායම් දෙකක්, ඒ දෙපිරිසගේ ආරක‍ෂකයා ලෙස අල්ලාහ් සිටියදීත් බියසුළු බව දැක්වීමට ඉතා ආසන්නව සිටි බව සිහිපත් කරනු. අල්ලාහ් වෙතය විශ්වාසිකයින් (තම සියලූ කටයුතු) භාර කළ යුත්තේ.
  • 3:126 - නුඹලා මීට වඩා බෙහෙවින් දුබල තත්ත්වයක සිටියදී බද්ර්(සටනෙ)හීදි නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට උදව් කළේය. එබැවින් නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. මෙමගින් නුඹලා (අල්ලාහ්ට) කෘතඥ විය හැකිය.
  • 3:127 - (නබි මුහම්මද්!) නුඹලා වෙත මලක්(සුරදූත)වරුන් තුන් දහසක් පහළ කරමින් නුඹලාගේ රබ්(පරමාධිපති) නුඹලාට උපකාර කිරීම නුඹලාට ප්‍රමාණවත් නොවේදැයි විශ්වාසිකයින්ට නුඹ කී අවස්ථාව සිහිපත් කරනු.
  • 3:128 - එසේය, නුඹලා (සටනේහිදි) ධෛර්යයත් (අල්ලාහ් කෙරෙහි) බියබැතිමත් බවත් දැක්වුවහොත් සතුරා සැනකින් වෙත කඩා වැදුණේද (හේවා) සලකුණුවලින් යුත් මලක්වරුන් පන්දාහකින් නුඹලාගේ රබී(පරමාධිපති) නුඹලාට
  • 3:129 - නුඹලාට එය ශුභාරංච්යක් ලෙසද එයින් නුඹලාගේ සිත් සැනසීම පිණිසද මිස අල්ලාහ් එය නොකළේය. සර්වබලධාරී වූද, සර්වඥ වූද අල්ලාහ්ගෙන් මිස ජයග්‍රහණය (ලැඛෙනු) නැත.
  • 3:130 - ප්‍රතික්ෂේප කළ අයගෙන් කොටසක් විනාශ කිරීමට හෝ ඔවුන් නිවටවී පරාජයට පත්ව ආපසු හැරී යාමට හෝ (අල්ලාහ් එය නොකළේය.)
  • 3:131 - (නබි මුහම්මද්!) ඔවුනට ඔහු (අල්ලාහ්) සමාව දෙයිද නැතහොත් ඔවුනට දඬුවම් දෙයිද යන්න ගැන තීරණය කිරීමට නුඹට කිසිම බලයක් නැත. නියත වශයෙන්ම ඔවුහු අපරාධකරුවෝ වෙති.
  • 3:132 - අහස්වල ඇති (සියලූ) දේද මහපොළොවේ් ඇති (සියලූ) දේද අල්ලාහ් සතුය. ඔහු තමාට අභිමත වූවකුට සමාව දෙයි. තවද තමාට අභිමත වූ කවරකුට වුවද දඬුවම් කරයි. අල්ලාහ් ක‍ෂමාශීලීය, දයාන්විතය.
  • 3: 133 - විශ්වාසවන්තයිනි! පොළී දෙගුණ ප්‍රගුණ කර අනුභව නොකරනු. අල්ලාහ්ට බියබැතිමත් වනු. නුඹලා ජයලද්දන් වනු පිණිස.
  • 3:134 - තවද, ප්‍රතික්ෂේප කරන්නන් සඳහා සූදානම් කර ඇති අපා ගින්නෙන් නුඹලා ආරක්ෂා වනු.
  • 3:135 - තවද, නුඹලා අල්ලාහ්ට සහ රසූල්වරයාට කීකරුවනු. එමගින් නුඹලාට දයාව ලැබිය හැකිය.
  • 3:136 - නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් ලැඛෙන සමාවද ඔහුට බියබැතිමත් වූ අයට සූදානම් කර ඇති අහස් හා මහපොළොව තරම් සුවිශාල වූ ස්වර්ගය වෙතද (ගෙන යනු ලබන්නා වූ මාර්ගය ඔස්සේ යන්නට) නුඹලා යුහුසුද වනු.
  • 3:137 - මොවුහු කවරෙක්ද යත් සමිපතේදීත් දිළිඳු භාවයේදීත් (එකසේම නොවෙනස්ව අල්ලාහ්ගේ මාර්ගය උදෙසා තමන්ගේ ධනය නොමසුරුව) වැය කරන්නා වූද (තමන්ගේ) කෝපය පාලනය කර ගන්නා වූද මිනිසුන්ට සමාව දෙන්නා වූද අය වෙති. යහකම් කරන්නන් අල්ලාහ් ඛෙහෙවින් පි්‍රයකරයි.
  • 3:138 - තවද තමන් පහත් ක්‍රියාවක් කළහොත් හෝ (පාපයක් කිරීමෙන්) තමන්ගේම ආත්මයට හානියක් කරගතහොත් හෝ (තත්ක‍ෂණයෙහිම) අල්ලාහ් සිහිකොට තමන්ගේ පාපයන් ගැන අල්ලාහ්ගෙන් සමාව අයදින්නෝද වෙති. පව් ක්ෂමා කරන්නේ අල්ලාහ් හැර (වෙන) කවුරුද? තවද ඔවුන් තමන් (වරක්) කළ වැරදි යළි යළිත් දැන දැනම නොකරති.
  • 3:139 - මොවුනට ඔවුන්ගේ රබ්(පරමාධිපති)ගේ සමාවද යටින් ගලාබස්නා දිය දහරා ඇති උයන්ද ඔවුන්ගේ තිළිණ වශයෙන් ලැඛෙනු ඇත. ඔවුන් සදහටම එහි වාසය කරනු ඇත. යහපත් කි්‍රයාවන් කරන්නන්ට ලැඛෙන තිළිණය කෙතරම් විශිෂ්ටද?
  • 3:140 - තවද නුඹලාට පෙර නොයෙකුත් යුගයන් උකුත්විය. එනිසා මහපොළොවේ ඇවිදිනු. එවිට බොරු කළවුන්ගේ ඉරණම කෙසේවීදැයි නුඹලාගේ නෙත්වලින්ම බලාගනු.
  • 3:141 - මෙය මිනිසුන් වෙත කෙරෙන (පැහැදිලි) ප්‍රකාශයකි. තවද (අල්ලාහ්ට) බියබැතිමත් වන අයට යහමඟද උපදේශයද වේ.
  • 3:142 - අධෛර්ය නොවනු. දොම්නස් නොවනු. නුඹලා සැබෑ විශ්වාසිකයින් නම් නිසැකයෙන්ම විශිෂ්ඨත්වයට පත්වන්නෝ නුඹලාමය.
  • 3:143 - නුඹලාට තුවාලයක් සිදු වූයේ නම් නියත වශයෙන්ම (නුඹලාට සතුරු වූ) එම පිරිසටද එවැනිම තුවාල සිදු විය. මිනිසුන් අතරට අප විසින් මෙවැනි කාල විපර්යාස ගෙන එනු ලබන්නේ, අල්ලාහ් විශ්වාසකයින් පරීක්ෂා කිරීමටත් නුඹලා අතුරින් (සත්‍යය සඳහා) සාක්ෂිකාරයින් තෝරා ගැනීමටත්ය. අල්ලාහ් අපරාධකරුවන් පි්‍රය නොකරයි.
  • 3:144 - තවද (මෙම පරීක්ෂණයෙන් ඔහුට අභිමත වූයේ) අල්ලාහ් විසින් විශ්වාසිකයින් තෝරා ගැනීමටත් අවිශ්වාසිකයින් නැසීමටත්ය.
  • 3:145 - නුඹලා අතුරින් (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් කළෝ කවරහුදැයි යනුත් (ඔහු වෙනුවෙන්) නොසැලී සිටින්නෝ කවරහුදැයි යනුත්. අල්ලාහ්ට නොදැනුවත්ම නුඹලාට ස්වර්ගයට ඇතුද විය හැකියැයි නුඹලා සිතන්නෙහිද?
  • 3:147 - නුඹලා එය හමුවීමට පෙර (අල්ලාහ්ගේ මාර්ගයේ) දිවි දීමට ආශාවෙන් සිටියාහුය. ඇත්තෙන්ම (දැන්) නුඹලා (සියැසින්ම) බලා සිටියදි ඊට මුහුණ දුන්නේය.
  • 3:148 - මුහම්මද් හුදෙක් රසූල්(දේව ධර්දූත)වරයකු පමණි. ඔහුට පෙරද රසූල්වරු කාලාතික්‍රමණය කළාහුය. එසේ නම් ඔහු මළොත්, නැතහොත් (යුද්ධයේදී) ඔහු ඝාතනය කරනු ලැබුවහොත් නුඹලා නුඹලාගේ විදඹ මත ආපසු හැරි යන්නාහුද ඔහුගේ විදඹ දෙක මත ආපසු හැරී පළායන්නේ කවරෙක්ද? ඔහු අල්ලාහ්ට කිසිඳු හානියක් නොකරයි. කෘතවේදී අයට අල්ලාහ් (නිසි පරිදි) තිළිණ පිරිනමයි.
  • 3:149 - අල්ලාහ්ගේ අවසරයෙන්ද කලින් නියම කරන ලද වේලාවකදී ද මිස කිසිවකුට (කිසි කලෙක) මිය යා නොහැක. යමෙකු මෙලොව ප්‍රතිඵල සඳහා උත්සාහ දරන්නේ ද අපි ඔහුට මෙහිදීම එය ලබාදෙමු. පරලොව දී ප්‍රතිඵල සඳහා යමෙකු උත්සාහ කරයි ද ඔහුට එහි දී එය ලබාදෙමු. අපි කෘතවේදී(සේවකයි)න්ට තිළිණ පිරිනමමු.
  • 3:150 - (මීට පෙර) නබිවරු රාශියක්(ද) ඔවුන් සමග රිබ්බියූන් (බැතිමත්තු) විශාල පිරිසක්ද සටන් වැදුණාහ. අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන් වෙත පැමිණි දුක් කම්කටොදවලින් ඔවුහු කිසිසේත් අධෛර්යමත් නොවූහ. තවද ඔවුහු කිසිදු දුබලතාවක් නොදැක්වූහ. (කිසිදු අසත්‍යයකට) යටත් නොවූහ. අල්ලාහ් ධෛර්යය සම්පන්නයන් පි්‍රය කරයි.
  • 3:151 - අපගේ රබි(පරමාධිපතියානණි) අපගේ පාපයන්ටද අපගේ කටයුතුවලදී අප සීමාවන් ඉක්මවීම ගැනද අපට සමාව දෙනු මැනව. තවද අපගේ අඞ්තාලම ශක්තිමත් කළ මැනව. තවද ප්‍රතිෙක‍ෂ්ප කරන ජනයාට එරෙහිව අපට උදව් කළ මැනව යනුවෙන් ඔවුන් කීවා මිස. (වෙන වදනක් ඔවුන්ගෙන් නොපැවසිණ.)
  • 3:152 - (ඔවුන් මෙසේ ප්‍රාර්ථනා කර) එවිට අල්ලාහ් ඔවුනට ලෞකික තිළිණයන් පිරිනමා පරලොවදීත් (ඊට වඩා) මහඟු තිළිණයන් පිරිනැමීය. යහපත් ක්‍රියාවන් කරන්නන් අල්ලාහ් ප්‍රිය කරයි.
  • 3:153 - විශ්වාසවන්තයිනි, නුඹලා ප්‍රතික්ෂේප කරන්නන් හට කීකරුවන්නාහු නම් ඔවුහු නුඹලා නුඹලාගේ විදඹ මත, හරවන්නෝය.108 එවිට නුඹලාම පරාජිතයින් ලෙස පෙරළා එන්නෙහුය.
  • 3:154 - සත්‍යය නම් නුඹලාගේ ආරක්ෂකයා අල්ලාහ් වේ. ආධාරකරුවන්ගෙන් ප්‍රශස්තයා ඔහුය.
  • 3:155 - ඒ ගැන බලයක් පහළ නොවූ දෑ ඔවුන් අල්ලාහ්ට ආදේශ කිරීම නිසා ප්‍රතික්ෂේප කරන්නන්ගේ හදවත් තුළට අප භීතිය ඇතිකරවන්නෙමු. ඔවුන්ගේ අවසාන නවාතැන නිරයයි. තවද අපරාධ කරන්නන්ගේ නවාතැන නපුරුය.
  • 3:156 - නුඹලාගේ (සතුරන් වන) ඔවුන් නුඹලා, ඔහු(අල්ලාහ්)ගේ අවසරය පරිදි ඝාතනය කළ විට නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව නුඹලාට ඉටු කළේය. ඉන්පසුව නුඹලා අධෛර්යයට පත්වී සිද්ධිය පිළිබඳව වාද විවාද ඇති කරගෙන (යුද්ධයේදී සතුරන්ගෙන් ලබා ගැනීමට) නුඹලා ඇදම් කළ දෑ නුඹලාට පෙන්වූ පසුද නුඹලා (නබිවරයාට) අකීකරු වුවෙහුය. මෙලොව ජිවිතයටම ඇදම් කළ ඇතැමෙක් නුඹලා අතර වූහ. නුඹලාගෙන් තවත් සමහරෙක් පරලොව ජීිවිතය ඇදම් කළාහුය. ඉක්බිති නුඹලා පරීක්ෂා කර බැලීම සඳහා (සතුරන්ට මුහුණ දීමට නොහැකිව) ඔවුන්(කාෆිර්වරුන්)ගෙන් අල්ලාහ් නුඹලා හැරව්වේය. එහෙත් එවිටද ඔහු (අල්ලාහ්) නුඹලාට සමාව දුන්නේය.109 විශ්වාසිකයින් කෙරෙහි අල්ලාහ් ඛෙහෙවින් අනුග්‍රහ පූර්වක වෙයි.
  • 3:157 - රසූල්වරයා නුඹලාගේ කෙළවරෙහි සිට නුඹලාට හඬගසද්දී කිසිවකු නොසලකා නුඹලා හැරි දිවූ සැටි (සිහි කරනු.) එවිට අල්ලාහ් නුඹලාට දුකින් පසු දුකක් ඵල විපාක වශයෙන් දුන්නේය. එසේ කරන ලද්දේ නුඹලාට අතපසු වූ දෙය ගැනද නැතහොත් නුඹලාට පැමිණිය හැකි දෙයක් (යම් දුකක්) ගැනද නුඹලා ශෝක නොවිය යුතුය යන හේතුන් නිසාය. නුඹලා කරන සියලූ දෙයක්ම අල්ලාහ් මැනවින් දනී.
  • 3:158 - එවිට ශෝකයෙන් පසුව නුඹලා වෙත ශාන්ත නින්දක් ඔහු (අල්ලාහ්) පහළ කළේය. (එය) නුඹලාගෙන් පිරිසක් වටළා ගත්තේය. තමන් ගැන පමණක් සිතන තවත් පිරිසක් අන්ධකාර කාලයෙහි අය සිතුවාක් මෙන් අල්ලාහ් ගැන සත්‍ය නොවන දැය සිතා (මෙම) කාර්යයෙන් යමක් අපටත් තිබේදැයි කියති. (නබි මුහම්මද්!) සියලූ දෑ සම්පූර්ණයෙන්ම අල්ලාහ්ට යැයි පවසනු. ඔවුන් නුඹ වෙත හෙළි නොකරන දෑ ඔවුන් තුළ සඟවා මෙම කාරණයෙන් යමක් අපට තිබුණා නම් අපි මෙහි ඇවිත් නොමැරෙන්නෙමුයි කියති. නුඹලා නුඹලාගේ ගෙවල් තුළ සිටියත් යමකුට මරණය නියම කරන ලද්දේද ඔවුහු ඔවුන්ගේ මාරක ස්ථානය වෙත පැහැර යතියි (නබි මුහම්මද්!) පවසනු. නුඹලාගේ හෘදයන්හි ඇති දෑ පිරික්සුම පිණිසද නුඹලාගේ සිත්හි දෑ පවිත්‍ර කිරීම පිණිසද (උහුද්හි මෙසේ කළේය.) නුඹලාගේ සිත් තුළ ඇති දෑ ගැන අල්ලාහ් මැනවින් දනී.
  • 3:159 - (උහද්හී) සේනා දෙක මුහුණට මුහුණලා හමුවූ දිනයේදී නුඹලාගෙන් පිටුපා ගිය අය (එසේ කළේ) ඔවුන් කළ ඇතැම් ක්‍රියාවන් හේතුකොට ගෙන, ෂෙයිතාන් ඔවුන්ට මඟහැර යෑමට සැළැස්වූ හෙයිනි්. එහෙත් අල්ලාහ් නියත වශයෙන්ම ඔවුනට සමාව දුන්නේය. සැබැවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය, ශාන්තශීලීය.
  • 3:160 - විශ්වාසවන්තයිනි, ඔවුන්ගේ සොහොයුරන් මිහිපිට ගමනක හෝ සටනක යෙදී සිටින විට හෝ (ඔවුන් මරණයට භාජනය වුවහොත්) ඔවුහු අප සමඟ සිටියාහු නම් ඔවුන් මිය යන්නේවත් ඝාතනය කරනු ලබන්නේවත් නැතැයි පවසන ප්‍රතිෙක‍ෂ්ප කරන්නවුන් මෙන් නොහැසිරෙනු. අල්ලාහ් එවැනි හැඟීම් ඔවුනගේ හදවත් තුළ ශෝකයට හා සන්තාපයට කාරණයක් බවට පත්කරයි. (සත්‍යය නම්) ජීවය දෙන්නේද මරණයට පත් කරන්නේද අල්ලාහ්මය. අල්ලාහ් නුඹලා කරන සියලූ දේ අවධානයෙන් බලා සිටී.
  • 3:161 - නුඹලා අල්ලාහ්ගේ මාර්ගයෙහි ඝාතනය කරනු ලැබුවහොත් හෝ මිය ගියහොත් හෝ එවිට (ලැඛෙන) අල්ලාහ්ගේ සමාව හා දයාව ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) රැස්කරන සියලූ දෙයටම වඩා අගනේය.
  • 3:162 - (ඒ කෙසේ වෙතත්) නුඹලා මිය ගියා හෝ ඝාතනය කරනු ලැබුවා වූ හෝ වේවා, අල්ලාහ් වෙතටමය නුඹලා එක්රැස් කරනු ලබන්නේ.
  • 3: 163 - අල්ලාහ්ගේ දයාලූභාවය නිසා (නබි මුහම්මද්!) නුඹ ඔවුනට ඉතා මෘදු විය. නුඹ කර්කශ දැඩි හෘදයකින් යුතුව කි්‍රයා කළේ නම්, ඔවුහු (සියල්ලෝම) නුඹගෙන් මිදී විසිර යති. එබැවින් නුඹ ඔවුනට සමාව දෙනු. තවද, ඔවුනට සමාව දෙන ලෙස (අල්ලාහ්ට ද) ආයාචනා කරනු. තවද, කටයුතු මෙහෙයවීමෙහිලා ඔවුන් හා සාකච්ඡා කරනු. අනතුරුව නුඹ (යමක් කිරීමට) තීරණය කළ පසු අල්ලාහ් කෙරෙහි භාරය තබනු. (ඔහු වෙත) භාරය තබන අයට සැබැවින්ම අල්ලාහ් ඇලූම් කරයි.
  • 3:164 - අල්ලාහ් නුඹලාට උපකාරී වන්නේ නම් කිසිවකුට නුඹලා ජයගත නොහැකිය. තවද ඔහු නුඹලා අත්හැර දැමුවහොත් ඔහුගෙන් පසු නුඹලාට පිහිටවන්නේ කවරකුද? විශ්වාසවන්තයින් අල්ලාහ් කෙරෙහි පමණක් භාර කළ යුතුය.
  • 3:165 - වංචා කිරීම නබිවරයකුට සුදුසු නැත. වංචා කරන්නේ කවරෙක් වුවද තමා වංචා කළ දෑ විනිශ්චය දිනයේදී ගෙන එති. තමා උපයාගත් දෑ වෙනුවෙන් සෑම කෙනකුටම එදින පූර්ණ ඵල විපාක ලැඛෙනු ඇත. තවද ඔවුනට අපරාධ නොකරනු ඇත.
  • 3:166 - (සෑමකල්හිම) අල්ලාහ්ගේ කැමැත්ත අනුගමනය කරන යමකු අල්ලාහ්ගේ උදහසට පාත්‍රව ඔහුගේ නිවහන නිරය කරගත්තකු වැනිද? තවද ඔහු (අවසානයට) යන තැන නපුරුමය.
  • 3:167 - ඔවුනට (මෙම දෙවර්ගයේ ජනයාට අල්ලාහ්ගේ දෘෂ්ටිය අනුව) අල්ලාහ් කෙරෙහි (එකිනෙකට වෙනස් වූ) ශ්‍රේණි ඇත. ඔවුන් කරන දේ අල්ලාහ් මැනවින් දකී.
  • 3:168 - මීට පෙර ඔවුන් (මෙම ජනයා) ප්‍රකට වැරදි මාර්ගයේ ගමන් කළ අය වූව ද, (දැන්) ඔහු(අල්ලාහ්)ගේ වදන් ඔවුනට පාරායනා කරන්නා වූ ද, ඔවුන්ගේ ජිවිත පවිත්‍ර කොට ඔවුනට ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වන්නා වූ ද, රසූල්වරයෙකු ඔවුනතරින්ම නගා සිටුවීමෙන් නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාසකයින්ට මහා අනුග්‍රහයක් ලබා දුන්නේය
  • 3:169 - (බද්ර් සටනේදී) නුඹලා ලද හානිය මෙන් දෙගුණයක හානියක් නුඹලා ඔවුනට කළාහුය. (නමුත් නුඹලාට විපතක් වූ විට) අපට මෙසේ සිදුවන්නේ මන්දැයි නුඹලා අසන්නේ කුමක් හෙයින්ද? මේ (විපත තමන් වෙත පමුණුවා ගත්තේ) නුඹලා විසින්මයැයි (නබි මුහම්මද්!) පවසනු. සැබැවින්ම අල්ලාහ් සෑම දෙයක් කෙරෙහිම සර්ව බලධාරීය.
  • 3:170 - හමුදාවන් දෙක මුණ ගැසුණු දින නුඹලාට සිදු වූ පාඩුව අල්ලාහ්ගේ කැමැත්ත පරිදිය. තවද විශ්වාසසිකයන් කවුරුන්දැයි ඔහු (අල්ලාහ්) දැනගැනීම පිණිසය.
  • 3:171 - තවද කුහකයින් කවුරුන්දැයිද ඔහු (අල්ලාහ්) දැනගැනීම පිණිසය. එනු අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් කරන ලෙස හෝ (යටත් පිරිසෙයින් නුඹලාගේ නගරය) ආරක්ෂා කරගන්නා ලෙස (කුහකයින්ට වන ඔවුනට) කියනු ලබන විට සටන සිදුවෙතැයි අපි දැන සිටියෙමු නම් අපි නිසැකවම ඔබලා සමග පසුපසින් යන්නෙමුයි කියති. ඔවුහු (මෙසේ පවසන) මෙම අවස්ථාවේදී විශ්වාසයට වඩා ප්‍රතික්ෂේප කිරීමට ළංව සිටියෝය. ඔවුහු සිය හදවත් තුළ නැති දෑ සිය දිවෙන් පවසති. ඔවුන් (තමන්ගේ හදවත් තුළ) සඟවාගෙන සිටින දෙය අල්ලාහ් මැනවින් දනී.
  • 3:172 - ඔවුන් යුද්ධයට නොගොස් (තමන්ගේ සොහොයුරන් සටනට ගොස් නැසුණු විට) ඔවුහු අප කී ලෙස කළාහු නම් ඔවුහු ඝාතනය කරනු නොලබන්නාහු යැයි තම සොහොයුරන්ට කී අය මොවුන්මය. (නුඹලා වෙත නුඹලාගේ මරණය පැමිණි විට) නුඹලා සත්‍යවාදීන් නම් නුඹලාගෙන් මරණය වළක්වා එය මඟ හරවනුයි (නබි මුහම්මද්!) පවසනු.
  • 3:173 - අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවන් මිය ගියාහු යැයි නුඹලා නොසිතනු, නැත, ඔවුහු (සැබැවින්ම) ජීවත්වෙති. ඔවුන්ගේ රබ්(පරමාධිපති) විසින් ඔවුනට මහා සැප සම්පත් දෙනු ලබනු ඇත.
  • 3:174 - අල්ලාහ් සිය ත්‍යාගශීලිත‍වයෙන් ඔවුනට පිරිනමනු ලැබූ දෙයින් ඔවුහු මහත් සොම්නසට පත්ව සිටිති. තවද (තමන් යම් විශ්වාසික පිරිසකගෙන් වෙන්ව ආවාහුද, ඔවුන්ගෙන් මෙතෙක්) තමන් හා එක් නොවූ අය ගැන ඔවුනට කිසිදු බියක් නැතැයිද, ඔවුන් ළතැවන්නේ නැතැයිද ඔවුහු (අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූ අය) සතුටු වෙති.
  • 3:175 - අල්ලාහ්ගේ තිළිණ හා වරප්‍රසාද ගැනද නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාසකයින්ගේ ඵල විපාක නිෂ්ඵල නොකරන්නේ යැයිද ඔවුහු සතුටුවෙති.
  • 3:176 - තුවාල ලැබීමෙන් පසුව පවා ඔවුහු අල්ලාහ්ගේ සහ ඔහුගේ රසූල්වරයාගේ ඇමතීමට සවන් දුන්හ. ඔවුන් අතුරින් ධර්මිෂ්ඨ කි්‍රයා කරන්නා වූද (පාපයෙන්) වැළකී සිටින්නාවූ(ද) අයට මහත් තිළිණ ලැඛෙනු ඇත.
  • 3:177 - ඔවුන් කවරෙක් නම්, සැබැවින්ම ජනයා නුඹලාට විරුද්ධව රැස්ව සිටිති. එබැවින් ඔවුනට බියවෙන්නැයි, ඔවුනට ජනයා කී විට එය ඔවුන්ගේ විශ්වාසය වඩාත් ශක්තිමත් කළේය. අල්ලාහ් අපට සර්වප්‍රකාරයෙන්ම ප්‍රමාණවත්ය. අනගිතමආරක්ෂකයා ඔහු බව ඔවුහු කීහ
  • 3:178 - ඉඳින් ඔවුහු අල්ලාහ්ගේ ආශීර්වාදය හා දයාව ලැබ ඔවුනට කිසිදු උවදුරක් නොවී (යළි සිය නිවෙස් වෙතම) පැමිණියාහුය. තවද අල්ලාහ්ගේ සතුට(ට හේතුවන කි්‍රයා මාර්ගය) අනුගමනය කළෝය. අල්ලාහ් මහත් ත්‍යාශීලිවන්තය.
  • 3:179 - එය ඔහුගේ ආරක‍ෂකයින් ගැන (නුඹ) බිය ගැන් වූ ෂෙයිතාන්ය. එබැවින් නුඹලා ඔවුනට බිය නොවනු. නුඹලා (සැබෑ) විශ්වාසවන්තයින් නම් මට බියබැතිමත් වනු.
  • 3:180 - (නබි මුහම්මද්!) ප්‍රතික්ෂේප කිරීමෙහි ඉක්මන් වන්නා වූ ඔවුහු නුඹ ශෝකයට පත් නොකරත්වා. නියත වශයෙන්ම ඔවුන් හට අල්ලාහ්ට කිසිම පීඩාවක් කළ නොහැකියි. ඔවුන්ට පරලොවින් කිසිදු හිමිකම් නොලැබිය යුතු බවට අල්ලාහ් අපේක‍ෂා කරයි. තවද ඔවුන් උදෙසා දැඞ් දඬුවම්ද නියමිතව ඇත.
  • 3:181 - විශ්වාසය වෙනුවට ප්‍රතික්ෂේපය මිළදී ගන්නා අය අල්ලාහ්ට කිසිදු හානියක් නොකරති. ඔවුනට දැඩි දඬුවම් ඇත.
  • 3:182 - ප්‍රතික්ෂේප කළ ඔවුනට අප දෙන ප්‍රමාදය ඔවුන්ගේ යහපත පිණිස යැයි ඔවුහු නොසිතත්වා. සැබැවින්ම අප ඔවුනට විවේකයක් දෙන්නේ ඔවුන්ට පාපයන් වැඩි කරගත හැකි වන පරිද්දෙනි. තවද ඔවුනට මහත් අවඥා සහගත දඬුවම් ලැඛෙනු ඇත.
  • 3:183 - පාරිශුද්ධ (ජනයා) ක්ලිෂ්ට(ජනයා)ගෙන් වෙන් කරන තෙක් නුඹලා සිටින තත්ත්වයෙන්ම සිටිමට අල්ලාහ් විශ්වාසකයින් අත්හරින්නේ නැත. අල්ලාහ් අදෘශ්‍යමානය නුඹලාට නිරාවරණය කරන්නේද නැත. නමුත් (අදෘශ්‍යමානය නිරාවරණය කිරීම පිණිස) අල්ලාහ් සිය රසූල්වරුන්ගෙන් තමාට අභිමත අය තෝරාගනි. එබැවින් නුඹලා අල්ලාහ් කෙරෙහිත් ඔහුගේ රසූල්වරුන් කෙරෙහිත් විශ්වාසය තබනු. නුඹලා විශ්වාස කර අල්ලාහ්ට බියවුවහොත් නුඹලාට විශාල තිළිණ ඇත.
  • 3: 184 - අල්ලාහ් ඔහුගේ වරප්‍රසාදයෙන් ඔවුනට දුන් දෑ ගැන ලෝභ කරන්නන් එය ඔවුනටම හොඳයැයි නොසිතිය යුතුයි. නැත, එය ඔවුනට අහිතකරය. ඔවුන් ලෝභ කළ දෙයින් විනිශ්චය දිනයේදී ඔවුනට (යදමක්) පළඳවනු ලැෙබි. අහස්වල හා මහපොළොවෙහිත් ඇති සියලූ දෙයෙහි උරුමය අල්ලාහ්ටමය. නුඹලා කරන සියලූ දෑ කෙරෙහි අල්ලාහ් සර්වඥය.
  • 3:185 - නියත වශයෙන්ම අල්ලාහ් දුප්පත්ය, අපි පොහොසත් යැයි පැවසු අයගේ ප්‍රකාශයට සැබැවින්ම අල්ලාහ් සවන් දුන්නේය. ඔවුන් කී දෑද (මීට පෙර) නබිවරුන් අයුක්ති සහගත ලෙස ඔවුන් මරාදැමීම ද අපි (ඔවුන්ගේ චර්යා ග්‍රන්ථයෙහි) සටහන් කර තබන්නෙමු. තවද, (විනිශ්චය දිනයේ දී අපි ඔවුනට) ඇවිලෙන ගින්නෙහි වේදනා විඳිනුයි පවසන්නෙමු.
  • 3:186 - මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතු කොටගෙනය. නියත වශයෙන්ම අල්ලාහ් (සිය) ගැත්තන් කෙරෙහි අයුක්ති සහගත නොවන්නේය.
  • 3:187 - ගින්න අනුභව කරන කුර්බානයක් (කැප කිරීම සඳහා සතකු) අප වෙත රැගෙන එනතෙක් කිසිවකු රසුල්වරයකු ලෙස අප විශ්වාස නොකළ යුතු යැයි ඇත්තෙන්ම අල්ලාහ් අප වෙත ප්‍රතිඥා කළේ යයි ඔවුහු කිවෝය. මට පොරොතුව පැහැදිලි සංඥාවන්ද නුඹලා කියන දෑද, රසූල්වරුන් (බොහෝ දෙනෙක්) නුඹලා වෙත ගෙන ආහ. (එසේ තිබියදීත්) නුඹලා සත්‍යවාදී නම් නුඹලා ඔවුන් (රසූල්වරුන්) ඝාතනය කළේ මන්දැයි? (නබි මුහම්මද්!) ඔවුනට පවසනු.
  • 3:188 - (නබි මුහම්මද්!) ඔවුහු නුඹ බොරු කළාහු නම්, නුඹට පෙර පැහැදිලි සංඥාවන්, ශුද්ධ වූ ලියවිලි හා ආලෝකමත් ග්‍රන්ථයන් රැගෙන පැමිණි රසුල්වරුන්ද බොරු කරනු ලැබූහ.
  • 3: 189 - සෑම ජිවියෙක්ම මරණයේ සුව විඳිති. නුඹලාට නුඹලාගේ පූර්ණ ඵලවිපාක දෙනු ලබන්නේ පරමාන්ත දිනයේදීය. යමෙක් අපායග්නියෙන් මිදෙනු ලැබ ස්වර්ගයට ඇතුළත් කරගනු ලැබේ නම් ඔහු සැබෑ ලෙසින්ම සාර්ථකත්වය ලබන්නේය. මෙලොව ජිවිතය මායා සුඛෝපභෝගයක් මිසල නැත.
  • 3:190 - (විශ්වාසවන්තයිනි!) නුඹලාගේ වස්තූන් හා නුඹලා කෙරෙහිද නුඹලා පරීක්ෂණයට භාජනය කරනු ලැඛෙනු ඇත. තවද නුඹලාට පෙර ධර්ම ග්‍රන්ථය ලැබුවන්ගෙන්ද (අල්ලාහ්ට) ආදේශ ඉදිරිපත් කරන්නන්ගෙන්ද (නුඹලාගේ සිත් රිදවන) බොහෝ දේවලට සවන් දීමට නුඹලාට සිදුවනු ඇත. එහෙත් (නුඹලා සෑම තන්හිදීම) ධෛර්ය සම්පන්න වුවහොත්ද (අල්ලාහ්ට) බියබැතිමත් වුවහොත්ද සැබැවින්ම එය අධිෂ්ඨාන පූර්වක කාර්යයෙන් වේ.
  • 3:191 - ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අයගෙන්, නුඹලා එය මිනිසුන්ට විස්තර කළ යුතු යැයිද එය නොසැඟවිය යුතු යැයිද අල්ලාහ් ප්‍රතිඥා ගත් බව සිහිකරනු. නමුත් ඔවුහු එය ඔවුන්ගේ පිටුපසට විසි කළහ. තවද (ඔවුහු) ඒ වෙනුවට සුද මිළක් ගත්තෝය. ඔවුහු ලබාගත් දැය ඉතා නරකය.
  • 3:192 - තමන් කළ (පාප) ක්‍රියාවන් පිළිබඳව උද්දාම වන්නා වූ හෝ තමන් (සැබැවින්ම) නොකළ දෑ උදෙසා පවා තමන්ට ප්‍රශංසා ලැබීමට ඛෙහෙවින් ආශා කරන්නාවූ අයද දඬුවමෙන් මිදෙතැයි නුඹ නොසිතනු. ඔවුන් හට වේදනාකාරී දඬුවම් ඇත.
  • 3:193 - මහපොළොවෙහිද අහස්වලද ආධිපත්‍යය අල්ලාහ් සතුය. සියලූ දෑ කෙරෙහි අල්ලාහ් බල සම්පන්නය
  • 3:194 - අහස් සහ මහපොළොව මැවීමෙහිත් දිවා රාත්‍රි පරස්පරානුගමනයෙහිත් මනා සිහි බුද්ධියෙන් පසුවන අයට නියත වශයෙන්ම සංඥාවන් (බොහෝ) ඇත.
  • 3:195 - මොවුහු කවරෙක් නම්, නැගිට සිටීමෙන්ද හිඳගනිමින්ද ඔවුන්ගේ ඇළෙන් හිඳගනිමින්ද අල්ලාහ් සිහි කරති. තවද අහස් හා මහපොළොව නිර්මාණයේ (විශ්මය ජනක දේ) ඔවුහු මෙනෙහි කරති. අපගේ රබ්(පරමාධිපතියාණනි) ඔබ (මේ සියල්ලක්ම) මවා ඇත්තේ හුදෙක් පරමාර්ථයක් නැතිව නොවේ. ඔබ ශුවිශුද්ධය. එනිසා අප අපාග්නියේ වදයෙන් මුදවා ගනු මැනව.
  • 3:196 - අපගේ රබ්(පරමාධිපතියාණනි) කවරෙක් ඔබ (නිරයේ) ගින්නට දමන්නේද නියත වශයෙන්ම ඔබ, ඔහු නින්දාවට පාත්‍ර කරන්නේය. අපරාධ කරුවන්ට පිහිටවන කෙනකු නැත.
  • 3:197 - අපගේ රබ්(පරමාධිපතියාණනි) නුඹලාගේ රබ්(පරමාධිපති) කෙරෙහි විශ්වාසය තබන්නැයි විශ්වාසයට ඇරියුම් කරමින් පවසන ඇමතුම් කරුවකුගේ හඬ අපි ඇසීමු. එවිට අපි විශ්වාස කළෙමු. අපගේ රබ්(පරමාධිපතියාණනි) එබැවින් අපගේ පාපයන් වෙනුවෙන් අපට සමාව දෙනු මැනවි. අපගේ අයහපත් කි්‍රයාවන් දුරු කරනු මැනවි. තවද ධර්මිෂ්ඨ ජනයා සමග අප මරණයට පත් කරනු මැනවි.
  • 3:198 - අපගේ රබ්(පරමාධිපතියාණනි) ඔබගේ රසූල්වරුන් මගින් ඔබ අපට දුන් පොරොන්දු ඉටු කරනු මැනවි. තවද මළවුන් කෙරෙන් නැගටුවන දිනයේදී අප ලැජ්ජාවට පත් නොකරනු මැනවි. නියත වශයෙන්ම ඔබ ඔබගේ පොරොන්දුවට පටහැනිව කි්‍රයා නොකරන්නේමැයි (ඔවුහු කියති.)
  • 3:199 - නුඹලා ස්ත්‍රී හෝ පුරුෂ හෝ වේවා නුඹලා එකිනෙකාගෙන් හෙයින්, නුඹලා අතුරින් කවර ශ්‍රමිකයකුගේ වුවද ශ්‍රමය අපතේ යාමට මම ඉඩ නොදෙමි එබැවින් සංක්‍රමණය කළ අයගේද තමන්ගේ ගේදොරවලින් පිටමං කරන ලද අයගේද මාගේ මාර්ගයේ වද හිංසාදියට භාජනය කරනු ලැබුවා වූ අයගේද (මාගේ මාර්ගය වෙනුවෙන්) සටන් කළ අය හා ඝාතනය කරනු ලැබූ අයගේද ඔවුන්ගේ වැරදි මකා ගලා යන දිය දහරාවන්ගෙන් යුත් ස්වර්ගයේ උද්‍යානය තුළට මම ඔවුන් ඇතුළත් කරගනිමි. මෙය අල්ලාහ්ගෙන් ඔවුන්ට ලැඛෙන තිළිණ යැයි ඔවුන්ගේ රබ්(පරමාධිපති) ඔවුන්(ප්‍රාර්ථනය)ට පිළිතුරු දුන්නේය. අනගිතම තිළිණ ඇත්තේ අල්ලාහ් වෙත පමණකි.
  • 3:200 - අවිශ්වාසිකයින් විවිධ රටවල උඩඟු ලෙස ඇවිදීම (නබි මුහම්මද්!) නුඹ නොරවටත්වා.
  • 3:201 - එය කෙටි ආස්වාදයකි. අනතුරුව ඔවුන්ගේ නිවහන අපායයි. ඒ වනාහි අධමතම වාසස්ථානයයි.
  • 3:202 - එහෙත් තමන්ගේ රබ්(පරමාධිපති)ට බියබැතිමත් වන අයට පහළින් දිය දහරාවන් රූරා ගලා බස්නා උද්‍යානයන් ප්‍රදානය කෙරෙනු ඇත. ඔවුන් එහි සදාකල් වෙසෙනු ඇත. මෙය අල්ලාහ්ගෙන් ලැඛෙන ආගන්තුක සත්කාරයයි. අල්ලාහ් වෙත ඇති දෙය ධර්මිෂ්ඨ පුද්ගලයින්ට ලද හැකි ප්‍රශස්තතම දෙයයි.
  • 3:203 - තවද අල්ලාහ් පිළිබඳවද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳවද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳවද විශ්වාස කරන සමහරෙක් දහම්ලත් ජනයා අතර වෙති. ඔවුහු අල්ලාහ් ඉදිරියෙහි නිහතමානීව සිටිති. සුද ලෞකික ලාභ ප්‍රයෝජන උදෙසා අල්ලාහ්ගේ වදන් පාවා නොදෙති. ඔවුනට ඔවුන්ගේ තිළිණය ඔවුන්ගේ රබ්(පරමාධිපති) සතුව ඇත. නියත වශයෙන්ම අල්ලාහ් (ප්‍රතිවිපාක) ගණන් ගැනීමෙහි ඉතා සීඝ්‍රය.
  • 3:204 - විශ්වාසවන්තයිනි! ධෛර්යය ප්‍රගුණ කරනු. (අසත්‍යය අදහන්නන්ට එරෙහිව සටන් කිරීමේදී) නිර්භීත භාවය පෙන්නුම් කරනු. (සත්‍යය වෙනුවෙන් සේවය කිරීමට හැකි හැම කල්හිම) සැදී පැහැදී සිටිනු. (හැමවිටම) අල්ලාහ්ට බියබැතිමත් වනු. එමගින් නුඹලාට නියම ජයග්‍රහණය ලැඛෙතැයි අපේක්ෂා කෙරේ.


004 An-nisa
  • 4: 1 - මිනිසුනි! එකම ආත්මයකින් නුඹලා මවා, එයින්ම නුඹලාගේ සහකාරියද මවා එම දෙදෙනාගෙන් අනන්ත අප්‍රමාණ පුරුෂයින්ද ස්ත්‍රීන්ද (ලොවපුරා) පැතිර වූ රබ්(පරාධිපති)ට බියබැතිමත් වනු. ඔහුගේ නාමයෙන් නුඹලා එකිනෙකා (තම උරුමය) ඉල්ලා සිටින අල්ලාහ්ට බිය වනු. ලේ උරුමය (කඩ කිරීම) ගැනද බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා ගැන සුපරීක‍ෂාකාරීව සිටින්නෙහිය.
  • 4: 2 - අතත් දරුවන්ට ඔවුන්ගේ දේපළ (ආපසු) ලබා දෙනු. නුඹලාගේ නොවටිනා දේ වෙනුවට (ඔවුන්ගේ) වටිනා දේ හුවමාරු නොකරගනු. තවද නුඹලාගේ දේපළ සමග (මිශ්‍ර කිරීමෙන්) ඔවුන්ගේ දේපළ ගිල නොගනු. නියත වශයෙන්ම එය මහත් වූ පාපයකි.
  • 4: 3 - අනත් දරුවන්ට යුක්තිය ඉෂ්ට කිරීමට නුඹලාට නොහැකි වෙතැයි නුඹලා බිය වෙතොත්, නුඹලා විසින් තෝරා ගනු ලබන ස්තී්‍රන් දෙදෙනකු, තිදෙනකු හෝ සිවුදෙනකු විවාහ කරගනු. එහෙත් ඔවුන් කෙරෙහි යුක්තිය ඉෂ්ට කිරීමට නුඹලාට හැකි නොවැතැයි නුඹලා තුළ බියක් පහළ වුවහොත් එක් කෙනකු (පමණක් විවාහ කරගනු.) නැතහොත් නුඹලාගේ දකුණු අතට පත්වූ ස්ත්‍රින් විවාහ කරගනු. අයුක්තියක් කිරීමෙන් වැළකීම සඳහා වඩාත් සමීප කි්‍රයා මාර්ගය මෙය වේ.
  • 4: 4 - ස්ත්‍රීන්ට ඔවුන්ගේ දායාද (යුතුකමක් වශයෙන්) කැමැත්තෙන් දෙනු. එහෙත් ඔවුහු සිය කැමැත්තෙන්ම ඉන් කොටසක් නුඹලාට අත්හරින්නාහු නම් සතුටින් එය භුක්ති විඳිය හැකිය.
  • 4:5 - නුඹලාගේ යැපීම සඳහා අල්ලාහ් විසින් සපයා ඇති නුඹලාගේ දේපළ දුබල සිතැතියන්ට නොදෙනු. එහෙත් නුඹලා එයින් ඔවුන්ට ආහාර පාන හා වස්ත්‍රාදිය සපයනු. තවද ඔවුනට හොඳින් උපදෙස් දෙනු.
  • 4: 6 - අනත් දරුවන් විවාහභිමුඛ වියට පත්වන තුරු (නොකඩවා ඔවුන් නිරීක්ෂණය කරමින්) පරීක‍ෂා කරනු. ඔවුන්ට සිය කටයුතු කරගැනීමට හැකියයි නුඹලාට පෙනී යතොත් ඔවුන්ට ඔවුන්ගේ දේපළ භාර දෙනු. ඔවුන් වැඞ්වියට පත් වී (තමන්ගේ දේපළ නුඹෙන් ඉල්ලා සිටිනු ඇතැයි බියෙන්) ඔවුන්ගේ දේපළ අයුක්ති සහගත ලෙසද නාස්තිකාර ලෙසද ඉක්මන් කමින් ගිල නොගනු. (අනත් දරුවන්ගේ භාරකරුවන් අතුරින්) කවරකු හෝ ධනවත් නම් ඔහු (එම අනාථයින්ගේ දේපළ භුක්ති විඳීමෙන්) වැළකි සිටිය යුතුයි. යමකු දිළිඳූ නම් එයින් සාධාරණ ලෙස ගෙන භුක්ති විඳීමට ඔහුට පුළුවන. නුඹලා ඔවුන්ගේ දේපළ ඔවුන්ට භාරදෙන විට ඊට සාක‍ෂි වශයෙන් (මිනිසුන් කීපදෙනකු) යොදවා ගනු. (නුඹලාගේ ක්‍රියාවන්) ගණන් ගැනමෙහි අල්ලාහ් ප්‍රමාණවත්ය.
  • 4: 8 - (මියගිය) දෙමව්පියන් හා පවුලට සම්බන්ධ නෑදෑයින් විසින් තබාගිය දෙයින් පිරිමින්ට කොටසක් හිමිවේ. එලෙසින්ම (මියගිය) දෙමව්පියන් හා පවුලට සම්බන්ධ නෑදෑයින් තබාගිය දෙයින් කොටසක් ස්තී්‍රන්ට ද හිමිවේ. එය ස්වල්පයක් හෝ සම්භාරයක් හෝ වේවා. මෙය (අල්ලාහ් විසින්) නියම කර ඇති කොටස වේ.
  • 4: 9 - තවද (උරුමයන්) ඛෙදන විට පවුලට සම්බන්ධ නැදෑයින්ද” අනත් දරුවන් හා දිළින්දන් පැමිණ සිටියහොත් ඔවුන්ටද එයින් යමක් දී කරුණාන්විත වචනයෙන් නුඹලා ඇමතිය යුතුය.
  • 4: 10 - තමන්ගෙන් (මරණයෙන්) පසු අසරණ දරුපරපුරක් තබා යතොත් ඔවුන්ගේ අනාගතය පිළිබඳව (කෙතරම් ඕනෑකමක් දක්වා තිබුණේද යත්, එය ජනයා අවබෝධ කරගෙන) ඊට බිය වෙත්වා, එනිසා ඔවුන් අල්ලාහ්ට බියබැතිමත් විය යුතුය. තවද යුක්ති සහගත වුත් නිවැරදි වුත් දෙය ඔවුන් පැවසිය යුතුය.
  • 4: 11 - අනත් දරුවන්ගේ දේපළ අසාධරාණ ලෙසින් ගිල ගන්නා අය සැබැවින්ම තමන්ගේ කුස පුරවා ගන්නේ ගින්නෙනි. ඔවුන් අපායේ දැවෙන ගින්නට පිවිසෙති.
  • 4: 12 - නුඹලාගේ දරුවන්ගේ (උරුමය සම්බන්ධයෙන්) අල්ලාහ් මෙසේ නුඹලාට නියම කරයි. (නුඹලාගේ දරුවන්ගෙන්) පිරිමියාට ගැහැණු දෙදෙනකුගේ කොටස මෙන් විය යුතුයි. (උරුමක්කාරයන්ගේ සංඛ්‍යාව) ගැහැණුන් දෙදෙනකුට වැඞ් ගැහැණුන් නම් ඔවුන්ට (මිය ගිය තැනැත්තා) හැර ගිය දෙයින් තුනෙන් දෙකක් විය යුතුයි. තවද එකම දුවක නම් ඇයට (අයිති) කොටස (සම්පුර්ණ දේපළෙන්) හරි අඩකි. (මියගිය) ඔහුට දරුවන් වෙතොත් ඔහුගේ මව්පියන් දෙදෙනාගෙන් එක් අයකුට (සම්පුර්ණ දේපොළෙන්) හයෙන් එකක් බැගින් වේ. එහෙත් ඔහුට දරුවන් නැතිව ඔහුගේ (එකම) උරුමක්කාරයින් ඔහුගේ දෙමව්පියන් නම් එවිට ඔහුගේ මවට තුනෙන් එකකි. (මියගිය) ඔහුට සහෝදර සහෝදරියන්ද සිටිතොත් එවිට ඔහුගේ මවට හයෙන් එකකි. (මෙම සියලූම කොටස් ඛෙදීම කළ යුත්තේ) ඔහු විසින් කියන ලද අන්තිම කැමැත්තේ (කොන්දේසි ඉටුකිරීමෙන්) පසුව හා ණය (තිඛෙතොත් එය) ගෙවීමෙන් පසුවය. නුඹලාගේ දෙමව්පියන් හා නුඹලාගේ දරුවන් ගැන (කිව යුත්තේ) ඔවුන්ගෙන් කවරකු නුඹට වඩාත් ප්‍රයෝජනවත්දැයි නුඹ නොදනී. අල්ලාහ් විසින් මෙම කොටස් මෙසේ වෙන් කර දී ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්වඥානීද සර්වඥද වේ.
  • 4: 13 - තවද නුඹලාගේ භාර්යාවන් තබා යන දැයින් ඔවුනට දරුවන් නැතිනම් නුඹලාට අඩක් ලැඛෙනු ඇත. එහෙත් ඔවුනට දරුවන් ඇතොත්, ඔවුන් ප්‍රකාශ කරන අන්තිම කැමැත්තේ (කොන්දේසි ඉටු කිරීමෙන්) පසු හා ණය (තිඛෙනතාක් එය) ගෙවීමෙන් පසු නුඹලාට හතරෙන් එකක් උරුම වෙයි. නුඹලාට දරවන් නැතිනම් නුඹලා හැර යන දෙයින් (නුඹලාගේ භාර්යාවන් වන) ඔවුනට හතරෙන් එකකි. නුඹලාට දරුවන් සිටින්නේ නම් නුඹලා ප්‍රකාශ කරන අන්තිම කැමැත්තේ (කොන්දේසි ඉටු කිරීමෙන්) පසු හා ණය (තිඛෙනතාක් එයත්) ගෙවීමෙන් පසු ඔවුනට (නුඹලාගේ භාර්යාවන්ට) නුඹලා හැර යන දෙයින් අටෙන් එකකි. කවරකු හෝ (දේපළ උරුමය වශයෙන් ඛෙදා දීමට ඇති) මියගිය අය ඔවුනට දරුවන් හෝ දෙමව්පියන් නොමැතිව, එක් සහෝදරයකු හෝ සහෝදරියක සිටින්නේ නම් ඔවුන් දෙදෙනා මුළු උරුමයෙන් හයෙන් එකක් බැගින් ලැබීමට සුදුසුකම් ලබනු ඇත. එහෙත් සහෝදර සහෝදරියන් දෙදෙනකුට වැඩි නම්, එවිට ඔවුන් සියලූ දෙනාගේ උරුමය මුළු උරුමයෙන් තුනෙන් එකක් වනු ඇත. මෙය ඔහු ප්‍රකාශ කළ අන්තිම කැමැත්තේ (කොන්දේසි ඉටු කිරීමෙන්) පසු හා ණය (තිඛෙනතාක් එයත්) ගෙවීමෙන් පසුවය. (මෙසේ කළ යුත්තේ අන්තිම කැමැත්ත මගින් උරුමක්කාරයින්ට) අසාධාරණයක් සිදු නොවන අන්දමිනි. මෙය අල්ලාහ්ගේ පණතයි. අල්ලාහ් සර්වඥානීය, සානුකම්පිතය.
  • 4: 14 - අල්ලාහ් විසින් පනවා ඇති සීමා මේවායි. අල්ලාහ්ට සහ ඔහුගේ රසුල්වරයාට කවරකු හෝ කීකරුවේද යටින් ගලා බස්නා දිය ඇලි සහිත ස්වර්ගයට (අල්ලාහ්) ඔහු ඇතුල් කරවනු ඇත. ඔවුහු සදාකල්හිම එහි වෙසෙති. මෙය මහත් වූ ජයග්‍රහණයකි.
  • 4: 15 - කවරකු හෝ අල්ලාහ්ට හා ඔහුගේ රසුල්වරයාට අකීකරුවී ඔහු(අල්ලාහ්) විසින් නියම කර ඇති සීමාව උල්ලංඝණය කරයිද, අල්ලාහ් ඔහු ගින්නට ඇතුල් කරවනු ඇත. ඔවුහු සදාකල්හිම එහි වෙසෙති. තවද ඔහුට නින්දනීය දඩුවම්ද ඇත.
  • 4: 16 - නුඹලාගේ ස්ත්‍රින්ගෙන් කවරකු හෝ වේවා අනාචාරයෙහි යෙදුනා නම් ඔවුන්ට විරුද්ධව සාක‍ෂි දීම සඳහා නුඹලා අතුරින් සාක‍ෂිකරුවන් සිව්දෙනකු කැඳවනු. එම අය සාක‍ෂි ඉදිරිපත්කර (ඔප්පුකළහොත්) ඔවුන් (එම ස්ත්‍රින්) මිය යනතෙක්ම හෝ ඔවුන් සඳහා වෙනත් මඟක් අල්ලාහ් විවෘත කරනතෙක් හෝ ඔවුන් නිවෙස්වලට සීමාකොට රඳවා තබනු.
  • 4: 17 - නුඹලා අතුරින් එම වරද කරන දෙදෙනාට දඬුවම් කරනු. අනතුරුව එම දෙදෙනාම පශ්චාත්තාපවී යළි නිසි මඟට වැටුණහොත් ඔවුන් දෙදෙනා (දඬුවමින්) නිදහස් කරනු. නියත වශයෙන්ම පශ්චාත්තාපය පිළිගැනීමෙහිලා (අල්ලාහ්) ත්‍යාගශීලීය, පාපයන්ට සමාව දීමෙහිලා දයාන්විතය.
  • 4: 18 - නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නේ නොදැනුවත් කමින් පාපයක් කළ වහාම එහිලා පශ්චාත්තතාප වන අයගෙන් පමණක්ය. අල්ලාහ් එවැන්නන් දෙස කරණාන්විතව හැරෙයි. අල්ලාහ් සර්වඥද සර්වප්‍රාඥද වේ.
  • 4: 19 - යමකු (මරණාසන්න වනතුරුම) පාප ක්‍රියාවන්හි ගැලී සිට ඔවුන්ගෙන් යමකුට එවැනි මරණාසන්න අවස්ථාව එළැඹි විට දැන් මම පශ්චාත්තාප වෙමියි කියනඅයගේද ප්‍රතික්ෂේපකරන්නන් ලෙස මිය යන අයගේද පශ්චත්තාපය පිළිගනු ලබන්නේ නැත. එවැන්නන් සඳහා අප වේදනාකාරී දඬුවමක් පිළියෙළ කර ඇත.
  • 4: 20 - විශ්වාසවන්තයිනි! නුඹලා (වැන්දඹුවන් වූ) ස්ත්‍රීන්ගේ (කැමැත්තට පටහැනිව) බලෙන් උරුමක්කාරයින් වීම නුඹලාට නීත්‍යානුකූල නොවේ. එසේම නුඹලා විසින් (ඔවුන්ට) දෙනු ලැබු (දායාදයෙන්) කොටසක් ඔවුන් පරපුරුෂ සේවනයෙහි යෙදීම පැහැදිලිව ඔප්පු වුවහොත් මිස අහිමි කිරීම සඳහා නුඹලා ඔවුනට රළු ලෙස සැලකීමද නීත්‍යානුකූල නොවේ. තවද ඔවුන් සමඟ නුඹලා ගෞරවාන්විත අයුරින් දිවිගත කළ යුතුය. නුඹලා ඔවුන් අප්‍රිය කළ හැකිය. නමුත් එහි (නුඹලා අප්‍රිය කළ දෑහි) අල්ලාහ් බොහෝ හොඳ දෑ සලස්වා තිඛෙන්නට පුළුවන.
  • 4: 21 - තවද (දැනටමත් සිටින) භාර්යාවක් වෙනුවට වෙනත් භාර්යාවක් විවාහ කර ගැනීමට නුඹලා තීරණය කළහොත් මීට පෙර ඔවුන්ගෙන් එකියකට (දායාදයක් වශයෙන් හෝ ත්‍යාගයක් වශයෙන් හෝ) විශාල ධනයක් නුඹලා දී තිබුණද, එයින් කිසිවක් නුඹලා ආපසු නොගත යුතුයි. අසත්‍ය දෝෂාරෝපණයන් හා දැඞ් අයුක්තිය මගින් නුඹලා එය ආපසු ගන්නේද?
  • 4: 22 - නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමකු සමග සතුට ආශ්වාදය ලැබුවාහුය. තවද ඔවුහු නුඹලාගෙන් ස්ථීර ගිවිසුමක්ද ගෙන සිටියාහුය. (නුඹලා දුන් දැයවන) එය නුඹලා ආපසු ගන්නේ කෙසේද?
  • 4: 23 - තවද නුඹලාගේ පියවරුන් සරණපාවා ගත් ස්තී්‍රන් නුඹලා කිසිම විටක දීවත් විවාහ කර නොගනු. එහෙත් අතීතයේදී සිදුවී ඇති දේ හැර. මෙය අශික්ෂිත හා ජුගුප්සාජනක දෙයකි. තවද මෙය ඉතාමත්ම අශෝභන කටයුත්තකි.
  • 4: 24 - නුඹලාට නුඹලාගේ මව්වරුන් නුඹලාගේ දුවරුන් නුඹලාගේ සොහොයුරියන් නුඹලාගේ පිය පක්ෂයේ නැන්දාවරුන් නුඹලාගේ මව් පක්ෂයේ නැන්දාවරුන් සොහොයුරාගේ දූවරුන් සොහොයුරියගේ දූවරුන් (නුඹලාගේ මව්වරුන් නොවන එහෙත්) නුඹලාට මව්කිරි පෙවු නුඹලාගේ මව්වරුන් (නුඹලා සමඟ) මව්කිරි බීම හේතුකොට ගෙන වු නුඹලාගේ සොහොයුරියන් නුඹලාගේ භාර්යාවන්ගේ මව්වරුන් නුඹලා අඹු සැමියන් ලෙස සංවාසය පැවැත් වූ නුඹලාගේ භාර්යාවන්ගේ (දුවරුන්ගෙන්) නුඹලා ඇති දැඞ් කළ දුවරුන් සමඟ නුඹලාට විවාහ වීමට තහනම්ය. එහෙත් ඔවුන් (එම භාර්යාවන්) සමඟ නුඹලා සංවාසය නොපැවැත් වූ නම් (ඔවුන් තලාක් කිරීමෙන් හෝ ඔවුන්ගේ මරණයෙන් පසු ඔවුන්ගේ දූවරුන් සරණපාවා ගැනීම) නුඹලා කෙරෙහි වරදක් නැත. තවද නුඹලාගේ කොඳූ ඇටෙන් වූ පුතුන්ගේ භාර්යාවන්ද (නුඹලාට තහනම්ය.) තවද එක කුස බිහිවු සොහොයුරියන් දෙදෙනකු (භාර්යාවන් වශයෙන්) එක විටම තබා ගැනීම නුඹලාට තහනම්ය. එහෙත් අතීතයේදි සිදුවී ඇති (එවැනි) දේ හැර. නියත වශයෙන්ම අල්ලාහ් ක‍ෂමාශීලීය, දයාන්විතය.
  • 4: 25 - තවද, (යුද සිරකරුවන් වශයෙන්) නුඹලා අතට පත්වූවන් හැර විවාහක භාර්යාවන් ද නුඹලාට තහනම්ය. නුඹලා පිළිපැදිය යුතු (බවට පනවන ලද) අල්ලාහ්ගේ නීතිය එයයි. ඉහත දැක් වූ අය හැර අන්‍ය කවර ස්ති්‍රයක හෝ ව්‍යභිචාරයෙන් තොරව නුඹලාගේ ධනයෙන් විවාහ බන්ධයේ ආරක‍ෂාව ඇතිව විවාහ කරගැනීම නුඹලාට නීත්‍යානුකූල බවට පත්කර ඇත. තවද නුඹලා ඔවුන් සමග (අඹුසැමි වශයෙන්) සංවාසය පැවැත්වු අයට ඔවුන්ගේ දායාදයන් නුඹලා අනිවාර්යයෙන්ම ඔවුනට ගෙවිය යුතුය. එහෙත් නුඹලා අතර (දායාදය පිළිබඳව) තීරණයකට එළැඹි පසු අනෝ‍යන්‍ය එකඟත්වයෙන් ඒ ගැන යම් සමතයකට එළඹුණහොත් එහි නුඹලාට වරදක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල දනී. සර්ව ප්‍රාඥය.
  • 4: 26 - තවද, (යුද සිරකරුවන් වශයෙන්) නුඹලා අතට පත්වූවන් හැර විවාහක භාර්යාවන් ද නුඹලාට තහනම්ය. නුඹලා පිළිපැදිය යුතු (බවට පනවන ලද) අල්ලාහ්ගේ නීතිය එයයි. ඉහත දැක් වූ අය හැර අන්‍ය කවර ස්ති්‍රයක හෝ ව්‍යභිචාරයෙන් තොරව නුඹලාගේ ධනයෙන් විවාහ බන්ධයේ ආරක‍ෂාව ඇතිව විවාහ කරගැනීම නුඹලාට නීත්‍යානුකූල බවට පත්කර ඇත. තවද නුඹලා ඔවුන් සමග (අඹුසැමි වශයෙන්) සංවාසය පැවැත්වු අයට ඔවුන්ගේ දායාදයන් නුඹලා අනිවාර්යයෙන්ම ඔවුනට ගෙවිය යුතුය. එහෙත් නුඹලා අතර (දායාදය පිළිබඳව) තීරණයකට එළැඹි පසු අනෝ‍යන්‍ය එකඟත්වයෙන් ඒ ගැන යම් සමතයකට එළඹුණහොත් එහි නුඹලාට වරදක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල දනී. සර්ව ප්‍රාඥය.
  • 4: 27 - නුඹලාට පෙර විසු ධාර්මික ජනයාගේ දිවි පිළිවෙත නුඹලාට පැහැදිලි කර දීමත් (ඒ වෙතට) නුඹලාට මඟපෙන්වීමත් නුඹලාගේ පශ්චත්තාපය භාරගැනීමත් අල්ලාහ්ගේ අභිමතය වේ. අල්ලාහ් සර්වඥය” සර්ව ප්‍රාඥය.
  • 4: 28 - (නුඹලා වෙත දයාන්විතව යොමු වී) අල්ලාහ් නුඹලාගේ පසුතැවිලි වීම භාරගන්නට අදහස් කරන්නේය. එහෙත් (තමන්ගේ) රාගාදි උද්වේගයන් අනුගමනය කරන අය නුඹලා (නිවැරදි මාර්ගයෙන්) බොහෝ ඈතට විය යුතුයි අපේක‍ෂා කරති.
  • 4: 29 - (නුඹලා කෙරෙහි පැනවෙන සීමාකාරී නියමයන්) නුඹලාට සැහැල්ලූ කිරීමට අල්ලාහ් කැමති වෙයි. තවද මිනිසා (සවාභාවිකවම) දුබලයකු ලෙස මවන ලදී.
  • 4: 30 - විශ්වාසවන්තයිනි! නුඹලාගේ අනෝ‍යන්‍ය එකඟත්වය ඇතිව ව්‍යාපාරයෙන් මිස නීතිවිරෝධි මාර්ගවලින් එකිනෙකාගේ දේපළ නුඹලා ගිල නොගනු. තවද නුඹලා නුඹලාවම නොමරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි කරුණාන්විතය.
  • 4: 31 - එවැනි දෑ ආක්‍රමණකාරී හා අයුක්ති සහගතව කරන (තැනත්තා වු) ඔහුව අපි (අපා) ගින්නට දමන්නෙමු. අල්ලාහ්ට මෙය ඉතා පහසු දෙයකි.
  • 4: 32 - නුඹලාට තහනම් කරනු ලබන මහා භයානක පාපයන්ගෙන් නුඹලා වැළකුණහොත් අප නුඹලාගේ (සුළු) වැරදි වසන් කරන්නෙමු. තවද නුඹලා සම්මානනීය තැනකට ඇතුළු කරවන්නෙමු.
  • 4: 33 - නුඹලාගෙන් ඇතැමකුට සෙස්සන්ට වැඞ්යෙන් අල්ලාහ් විසින් ප්‍රදානය කොට ඇති දැයට නුඹලා ගිජු නොවනු. තමන් උපයාගත් දැයින් නිසි කොටස පුරුෂයින්ට ලැඛෙනු ඇත. එමෙන්ම තමන් උපයාගත් දෙයින් නිසි කොටස ස්තී්‍රන්ටද ලැඛෙනු ඇත. එබැවින් අල්ලාහ්ගෙන් ඔහුගේ ත්‍යාගගීලිත්වයෙන් ඉල්ලනු. නිසැකයෙන්ම සෑම දෙයක් පිළිබඳවම අල්ලාහ් මැනවින් දනී.
  • 4: 34 - දෙමව්පියන් හා (ඔවුන්ට උරුමකම් කීමට සුදුසු) නෑදෑයින් විසින් තබා ගිය උරුමයට අප විසින් නීත්‍යානුකූල උරුමක්කාරයින් පත්කොට ඇත. නුඹලා පොරොන්දුවකට ඇතුළත් වූ අයට ඔවුන්ගේ කොටස දෙනු. අල්ලාහ් නිසැකයෙන්ම සියලූ දේ කෙරෙහි සමීක‍ෂාකාරිය.
  • 4: 35 - පුරුෂයින් (ස්තී්‍ර පුරුෂ වන) ඔවුන් අතුරින් ඇතැමෙක් ඇතැමකුට වඩා අල්ලාහ් උසස් කළ හෙයින්ද ඔවුන් (පුරුෂයින්) තමන්ගේ ධනයෙන් (ස්තී්‍රන් උදෙසා) වැය කරන හෙයින්ද ඔවුහු (පුරුෂයෝ) ස්ත්‍රින්ගේ කටයුතු විෂයෙහි කළමනාකරුවෝ වෙති. එබැවින් ගුණවත් ස්තී්‍රහු කීකරුය. (පුරුෂයින් තමන් සමඟ) නොසිටින අවස්ථාවන්හිදී (එම පුරුෂයින්ගේ අයිතිවාසිකම් ඔවුහු) අල්ලාහ්ගේ සුපරීක‍ෂාව යටතේ මැනවින් ආරක්ෂා කරති. (නුඹලාගේ ස්තී්‍රන් වන) ඔවුන්ගේ දරද~ුකම පිළිබඳව නුඹලාට බියවීමට සිදුවුවහොත් ඔවුනට අවවාද කරනු. (ඔවුන්) නුඹලාගේ සගයන්ගෙන් ඈත් කරනු. තවද ඔවුන්ට ගසනු. ඉදින් ඔවුන් නුඹලාට අවනත වෙතොත් ඔවුන්ට විරුද්ධව (දඬුවම් දීමට අභව්‍ය) හේතූන් නොසොයනු. නියත වශයෙන්ම අල්ලාහ් උත්තරීතරය. ශ්‍රේෂ්ඨය.
  • 4: 36 - (අඹු සැමියන් වන) ඔවුන් දෙදෙනා අතර භේදයක් හටගැනීම ඉඩ ඇතැයි නුඹලා බියවුවහොත් ඔහු(ස්වාමිපුරුෂයා)ගේ පක‍ෂයෙන් තීරකයකුද ඇය(භාර්යාව)ගේ පක්ෂයෙන් තීරකයකුද පත් කරනු. කටයුතු සමථයකට පත්කර ගැනීමට දෙපක‍ෂයම 60 අවංකවම අපේක්ෂා කරතොත් ඔවුන²තර සමගි සමාදානයක් ඇති කිරීමේ මඟක් අල්ලාහ් පාදා දෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්වඥය, සර්වප්‍රාඥය.
  • 4: 37 - තවද, නුඹලා අල්ලාහ්ට අවනත වනු. ඔහුට කිසිවක් හෝ කිසිවෙකු ආදේශ නොකරනු. නුඹලාගේ දෙමව්පියන්ට කරුණාව හා ස්නේහය දක්වනු. නුඹලාගේ කිට්ටු ඥාතීන්ටද අනත් දරුවන්ටද ඳිළින්ඳන්ටද නුඹලාගේ ඥාතීන්වන අසල් වැසියන්ටද ඥාතීන් නොවන අසල්වැසියන්ටද නුඹලා අසල සිටින සහචරයින්ටද, මාර්ගයෙහි ගමන් කරන මගීන්ට ද නුඹලාගේ දකුණු අත් හිමිකරගත් අය(වහලූන්)ට ද (කරුණාන්විත වනු) නියත වශයෙන්ම අහංකාර වන්නන් ද පුරසාරම් දොඩවන්නන් ද අල්ලාහ් පි්‍රය නොකරන්නේය.
  • 4: 38 - මසුරුවූත් මසුරුවන ලෙසින් මිනිසුන්ට අණ කරන්නාවූත් ඔවුනට අල්ලාහ් ඔහුගේ ත්‍යාගශීලිත්වයෙන් පිරිනැමූ දෑ සඟවන්නාවූත් 63 තැනැත්තන් (අල්ලාහ් ප්‍රිය නොකරයි) එවැනි අකෘතඥ පුද්ගලයන්ට අපි නින්දනීය දණ්ඩණයක් පිළියෙළ කර ඇත්තෙමු.
  • 4: 39 - මිනිසුන්ට විදහා පාමින් තමන්ගේ ධනය වියදම් කරන්නන්ද අල්ලාහ් සහ පරමාන්ත දිනය කෙරෙහි විශ්වාස නොකරන්නන්ද (අල්ලාහ් පි්‍රය නොකරයි.) කවරකුගේ සහචරයකු වශයෙන් ෂෙයිතාන් සිටින්නේද ඔහු (තෝරා ගෙන ඇත්තේ) නරක මිත්‍රයකි.
  • 4: 40 - ඔවුන් අල්ලාහ් සහ පරමාන්ත දිනය කෙරෙහි විශ්වාසය පිහිටුවා ඔවුනට අල්ලාහ් විසින් දී ඇති දැයින් වැය කළේ නම් ඔවුනට කවර (නම් හානියක්) වන්නේද? ඔවුන්(ගේ යහපත් කි්‍රයාවන්) පිළිබඳව අල්ලාහ් සර්වඥයය.
  • 4: 41 - නියත වශයෙන්ම අල්ලාහ් කිසිවකුට ලේශමාන වුවද හානියක් නොකරයි. (යමකු) කරන දෑ යහපත් දෙයක් නම් ඔහු (අල්ලාහ්) එය ද්වීගුණ කරයි. අනතුරුව තමාගෙන් අගනා තෑග්ගක්ද පිරිනමයි.
  • 4: 42 - (නබි මුහම්මද්!) අප සෑම ජන කොට්ඨාශයකින්ම සාක්කිකරුවකු ඉදිරිපත් කොට මොවුන්ට (මෙම ජනයාට) සාක්කිකරුවකු ලෙස නුඹ උත්ථාපනය කරවු විට ඔවුන්ට අත්වන ඉරණම කෙසේදැයි සිතා බලනු. ප්‍රතික්ෂේප කළ හා රසුල්වරයා(ධර්ම දුතයා)ට අකීකරු වු (සියලූ) අය (පරමාන්ත) දිනයේ තමන් සමඟම පොළොව සමතලා වන්නේ නම් මැනවයි සිතනු ඇත. තවද ඔවුනට අල්ලාහ්ගෙන් කිසිවක් සඟවන්නට හැකි නොවනු ඇත.
  • 4: 43 - විශ්වාසවන්තයිනි! නුඹලා සුරාමතින් සිටින විට නුඹලා කියන දේ නුඹලාට වැටහෙනතෙක් සලාතයට ළං නොවනු. නුඹලා ජනාබත් තත්ත්වයේ (අපිරිසිදුව) සිටී නම් ස්නානය කරන තුරු (නුඹලා මස්ජිදය පසුකරගෙන යනවිට) මාර්ගය හරහා යන්නකු ලෙස මිස (මස්ජිදයට) ළං නොවනු. තවද නුඹලා රෝගිවී හෝ ගමනක (යෙදී සිටීද්දී) හෝ නැතහොත් නුඹලා අතුරින් කවරකු හෝ ශරීර කෘත්‍යය කර සිටී නම් හෝ නුඹලා ස්තී්‍රන් ස්පර්ශ කර සිටී නම් හෝ පිරිසිදු කර ගැනීමට නුඹලාට ජලය සොයාගත නොහැකි වුවහොත් පිරිසිදු දුහුවිල්ල සොයාගනු. එමගින් නුඹලාගේ මුහුණු සහ නුඹලාගේ දෑත් පිසදමනු. නියත වශයෙන්ම අල්ලාහ් සහනශීලීය, ක‍ෂමාශිලීය.
  • 4: 44 - (නබි මුහම්මද්!) දහම්(අල් කිතාබ්)හි කොටසක් දෙනු ලැබු අයගේ තත්ත්වය පිළිබඳව නුඹ (කවර විටකදී හෝ) සලකා බලා තිබේද ඔවුහු සත්‍ය මාර්ගය වෙනුවට දුර්මාර්ගය මිලදී ගනිති. තවද නුඹලාද සත්‍ය මාර්ගයෙන් බැහැර වෙතැයි අපේක්ෂා කරති.
  • 4: 45 - අල්ලාහ් නුඹලාගේ සතුරන් හොඳින් දනී. තවද ආරක්ෂාව සඳහා අල්ලාහ් ප්‍රමාණවත්ය. තවද සහාය පිණිසද අල්ලාහ් ප්‍රමාණවත්ය.
  • 4: 46 - යුදෙව්වන් බවට පත්වූ අය අතුරින් සමහරු (දේව ග්‍රන්ථයේ) වචන, එය ප්‍රකරණයට නොගැළපෙන පරිද්දෙන් විකෘති කරති. සමිඋනා වසයිනා (අපි සවන් දුනිමුයිද තවද අකීකරු වුනෙමුයිද) වස්මඃ ගයිරමුස්මයින් (සවන්දෙනු නොඅසන්නෙක් වෙනු) කියමින්ද තවද ඔවුන්ගේ දිව ගොතකරමින් රාඉනා (අපට සවන් දෙනුයි) කියමින්ද දහමෙහි දොස් පවරමින්ද (ඔවුහු) කියති. සමිඃනා වඅතඋනා (අපි සවන් දුනිමුයිද කීකරු වුනෙමුයිද) වස්මඋ වන්ළුර්ණා (නුඹ අපට සවන් දෙවයිද අප දෙස බලවයිද) ඔවුහු කිවාහු නම් එය ඔවුනට ඉතා හොඳය. තවද සෘජු මාර්ගයද වන්නේය. එහෙත් ඔවුන්ගේ ප්‍රතික‍ෂ්ප කිරීම හේතුකොට ගෙන අල්ලාහ් ඔවුනට ශාප කළේය. එම නිසා ඔවුන් සුළු වශයෙන් හෝ විශ්වාස නොකරති.
  • 4: 47 - ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ ජනයිනි, අප මුහුණු විකෘතිකොට ඒවා පසුපසට හැරවීමට හෝ සබත්(කඩකළ)වුනට අප ශාප කළ පරිදි ඔවුන්ට ශාප කරන්නට මත්තෙන් නුඹලා වෙත ඇති ධර්ම ග්‍රන්ථය තහවුරු කරන්නාවු අප විසින් (දැන් නුඹලා වෙත) එවන ලද ග්‍රන්ථය විශ්වාස කරනු. තවද අල්ලාහ්ගේ ආඥාව නිසැකයෙන්ම කි්‍රයාත්මක වේ.
  • 4: 48 - නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආදේශ කිරීම (ෂිර්ක්) ක්ෂමා නොකරන්නේය. ඔහුට අභිමත වු අයට (ෂිර්ක් හැර) අන් දෙය ක්ෂමා කරන්නේය අල්ලාහ්ට ආදේශ කරන්නන් කවරෙක් වුවද ඔහු සැබැවින්ම මහ ප්‍රලාපයක් ගොතා ඉතා බරපතලම පාපය කරන්නා වෙයි.
  • 4: 49 - (නබි මුහම්මද්!) තමන්ගේ පාරිශුද්ධත‍වය (පිළිබඳව මහා ගර්වයෙන්) කථාකරන්නන් පිළිබඳව නුඹ සලකා බලා තිබේද? එහෙත් අල්ලාහ් තමන්ට අභිමත වුවන් පාරිශ=ද්ධවූවන් කරයි. (ඉදින් ඔවුන් පාරිශුද්ධ බවට පත් නොකෙරේ නම්) ඔවුන්ට රටඉඳි ඇට කෙන්දකටවත් අයුක්තියක් සිදු නොකෙරේ.
  • 4: 50 - (නබි මුහම්මද්!) බලනුල අල්ලාහ් පිළිබඳව ඔවුහු කෙසේ ප්‍රලාපයන් ගොතන්නහුද? ප්‍රකටම පාපය සඳහා මෙය ප්‍රමාණවත්ය.
  • 4: 51 - (නබි මුහම්මද්!) ධර්ම ග්‍රන්ථ(අල් කිතාබ්)හි කොටසක් ප්‍රදානය කරනු ලැබුවන් නුඹ නිරීක‍ෂණය නොකළේද? ඔවුහු ජිබිත් (මිථ්‍යාවන් ගැනද) සහ තාඝූත් 82 (අල්ලාහ්ගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නාද) විශ්වාස කරති. තවද, මේ අය විශ්වාසිකයින්ටත් වඩා යහමඟ ලැබුවෝ යැයි ඔවුහු ප්‍රතික්ෂේප කරන්නන් ගැන කියති.
  • 4: 52 - අල්ලාහ් විසින් ඔවුනට ශාප කරනු ලැබුවෝ ඔවුහු වෙති. තවද කවරකුට අල්ලාහ් ශාප කරන්නේද ඔහුට කිසිම සහායකයකු නුඹට හමු නොවනු ඇත.
  • 4: 53 - ඔවුනට (අල්ලාහ්ගේ) රාජධානියෙහි කොටසක්වත් තිබේද? එසේ නම් ඔවුහු ඉඳිඇටයක මතුපිටෙහි තිඛෙන තිතක ප්‍රමාණයත් මිනිසුන්ට නොදෙන්නෝය
  • 4: 54 - අල්ලාහ් තම ත්‍යාගශීලිත්වයෙන් මිනිසුන්ට දී ඇති දේ ගැන ඔවුහු (යුදෙව්වෝ) ඒ අයට ඊර්ෂ්‍යා කරන්නාහුද? නියත වශයෙන් ඉබ්‍රාහීම්ගෙන් පැවත එන්නන්ට ධර්ම ග්‍රන්ථය හා ප්‍රඥාව අපි පිරිනැමුවෙමු. තවද ඔවුන්ට ශ්‍රේෂ්ඨ රාජ්‍යයක්ද පිරිනැමුවෙමු. (මේ බව ඔවුහු දැන ගනිත්වා!)
  • 4: 55 - එහෙත් ඔවුන්ගෙන් ඇතැමකු එය විශ්වාස කළ අතර සෙස්සෝ ඊට පිටුපෑහ. එසේ (පිටුපෑ අයවන ඔවුන්ට) අපායේ දැවෙන ගින්න ප්‍රමාණවත් වේ.
  • 4: 56 - අපගේ ආයාත් (වදන්. සංඥාවන්) ප්‍රතිෙක‍ෂ්ප කළවුන් අපි නිසැකවම ගින්නට ළන්නෙමු. ඔවුන්ගේ සම් ගින්නෙන් දැවී යත්ම, ඔවුන් දඬුවම විඳීම පිණ්ස, අපි වෙනත් සම් ඒ වෙනුවට ඔවුනට යොදවන්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් සර්වබලධාරීය, සර්වඥ
  • 4: 57 - විශ්වාස කර යහපත් ක්‍රියාවන්හි යෙදුණු අය වන ඔවුන් අපි එහි යටින් දිය ඇළි ගලා බස්නා ස්වර්ගයට ඇතුළත් කරමු. ඔවුන් එහි සදාකල්හිම වෙසෙනු ඇත. එහි ඔවුනට පවිත්‍ර වූ සහකාරියෝද වෙති. තවද අපි ඔවුන් ඉතා පුළුල් වු සෙවනැල්ලෙහි ඇතුළත් කරන්නෙමු
  • 4: 58 - අමානාත් (භාරයන් දැරීමට) සුදුසුවු අයට ඒවා භාර දෙන ලෙසද නුඹලා මනුෂ්‍යයින් අතර මතභේද විනිශ්චය කරන විට එය නීත්‍යානුකූලව 88 විනිශ්චය කරන ලෙසද නියත වශයෙන් අල්ලාහ් නුඹලාට අණ කරයි. අල්ලාහ් නුඹලාට දෙන උපදේශය උත්තරීතරයි. අල්ලාහ් සර්වඥය, සර්ව ප්‍රාඥයය.
  • 4: 59 - මතභේදයක් නුඹලා අතර පැන නැගුණහොත් නුඹලා සත්‍ය වශයෙන්ම අල්ලාහ් සහ පරමාන්ත දිනය විශ්වාස කරන්නේ නම් එම (ආරවුල) අල්ලාහ් සහ රසූල්(ධර්ම දුත)වරයා වෙත යොමු කරනු.89 මෙයයි ඉතා හොඳ මාර්ගය. (අවසානය සලකන විට) ප්‍රසංශනීය මාර්ගයද එයයි.
  • 4: 60 - * [[4:(නබි මුහම්මද්!) නුඹ වෙත එවන ලද දෑ (ධර්ම ග්‍රන්ථය) නුඹට පෙර එවන ලද දෑද (ධර්මග්‍රන්ථයන්ද) තමන් විශ්වාස කරන බව පවසමින්ම එය (තාඝූත්) ප්‍රතිෙක‍ෂ්ප කරන සේ ඔවුන්ට උපදෙස් දී තිබියදීත් තමන්ගේ ප්‍රශ්න විනිශ්චය කරවා ගැනීම සඳහා තාඝූත් (අල්ලාහ්ගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නා) වෙත යොමුවන අය නුඹේ අවධානයට ලක් නොවුවාහුද? සත්‍ය මාර්ගයෙන් ඔවුන් බොහෝ ඈතට ගෙනයාමට ෂෙයිතාන් අදහස් කරයි
  • 4: 61 - අල්ලාහ් පහළ කළ දැය වෙතද රසුල්වරයා වෙතද එන්නැයි ඔවුන්ට කී කල්හි කුහකයින් නුඹ වෙත ඒමට මැළිකම් දක්වමින් (පිටු පා) යෑම නුඹ දකින්නෙහිය.
  • 4: 62 - එහෙත් ඔවුන්ගේම කි්‍රයාවන්හි ප්‍රතිඵල නිසා ඔවුනට විපතක් පැමිණි විට ඔවුහු කෙසේ හැසිරෙත්ද? පසුව ඔවුහු නුඹ වෙත පැමිණ, අප අදහස් කළේ යහපතක් කිරීමටත් (පාර්ශවයන්) අතර යළි සමගියක් ඇති කිරීමටත් මිස නැතියි ඔවුහු අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා පවසති.
  • 4: 63 - ඔවුන්ගේ හදවත් තුළ (සැබැවින්ම) ඇත්තේ” කුමක්ද යනු අල්ලාහ් දනී. එබැවින් ඔවුන්ගෙන් වැළකී සිටිනු. ඔවුනට අනුශාසනා කරනු. ඔවුන්ගේ හදවත් ගැඹුරට කාවදින වචන කියනු.
  • 4: 64 - අල්ලාහ්ගේ අවසරයෙන් ඔහුට කීකරුවීම පිණිස මිස” කිසිම රසූල්වරයකු අපි නොඑව්වෙමු. ඔවුන් (කුහකයින්) තමන්ටම වරදක් කරගත් විට (කළයුතුව තිබුණු හොඳම දෙය නම්) නුඹ වෙතට පැමිණ අල්ලාහ්ගෙන් සමාව ඇයැදීමත් රසූල්වරයාද ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිමත්ය. (එවිට) නිසැකවම අල්ලාහ් ක‍ෂමාශීලී හා දයාන්විත බව ඔවුහු දකිති.
  • 4: 65 - නැත, ඔවුන් තමන් අතර ඇතිවු ආරාවුල(විසඳීම)ට විනිශ්චයකරු වශයෙන් නුඹ (මුහම්මද්) පිළිගෙන නුඹගේ තීරණය ගැන ඔවුන්ගේ සිත්වල කිසිදු කනස්සල්ලක් නොමැතිව මුළුමනින්ම එයට අවනත වනතුරු ඔවුහු විශ්වාස කරන්නෝ නොවෙති.
  • 4: 66 - (ඔවුන් පිළිබඳව කියතොත්) නුඹලා නුඹලාම මරණයට පත්කරගනුයි හෝ නුඹලාගේ නිවෙස්වලින් බැහැරවනුයි අප විසින් ඔවුනට නියම කරන ලද්දේ නම්, ඒ අනුව ඔවුන් අතුරින් ස්වල්ප දෙනකු හැර (සෙසු අය) එය නොකරති. ඔවුනට උපදේශ කරන ලද දෑ ඔවුන් විසින් ඉටු කරන ලද්දේ නම් එය ඔවුනට වඩාත් යහපත් වෙයි. තවද (ඔවුන්) වඩාත් තහවුරු කෙරෙයි.
  • 4: 67 - නියත වශයෙන්ම එවිට ඔවුනට අප විසින් මහත් තිළිණයන් පිරිනමනු ලැබේ.
  • 4: 68 - තවද නියත වශයෙන්ම ඔවුන් සෘජු මාර්ගයට යොමුකරන්නෙමු.
  • 4: 69 - තවද අල්ලාහ්ට හා රසූල්වරයාට කීකරුවන කවුරුන් වුවද ඔවුන් අල්ලාහ් ඔවුනට ආශීර්වාද කළ නබිවරයින් (ධර්ම දූතයින්), සිද්දිකීන් (සත්‍යවාදීන්), ෂුහදාඋ (සත්‍ය උදෙසා දිවි පිදුවන්) හා සාලිහීන් (ධර්මිශ්ඨයින්)99 අතරට පත්වනු ඇත. සහචරයින්ගෙන් මොවුන් ඉතා හොඳය.
  • 4: 70 - අල්ලාහ්ගෙන් ලැඛෙන සැබෑ ත්‍යාගශීලිත්වය මෙයයි. (ඔවුන්ගේ තත්ත්වය දැන ගැනීමට) අල්ලාහ් සර්වඥය.
  • 4: 71 - විශ්වාසවන්තයිනි! (සැමවිටම සටනට) සුදානමින් සිටිනු. තවද (අවස්ථාව අනුව) එක් එක් (කණ්ඩායම්) වශයෙන් හෝ සමුහයක් වශයෙන් හෝ සෑදී ඉදිරියට යනු.
  • 4: 72 - තවද නුඹලා අතර සටනට පමාවන අයද සිටිති නුඹලාට විපතක් පැමිණියහොත් මා මොවුන් සමඟ නොසිටීම මට අල්ලාහ්ගේ අනුග්‍රහයෙන් වු දෙයක් යැයි ඔහු පවසන්නේය.
  • 4: 73 - (එසේ සටනට ගිය) නුඹලාට අල්ලාහ්ගෙන් ආශිර්වාද ලදහොත්, (පෙර කී සටනට පමා වු) ඔහු, නුඹලා හා ඔහු අතර දැන හැඳිනිමක් නොමැති අයකු මෙන් අහෝ! මාත් ඔවුන් සමග සිටියා නම් මටද විශිෂ්ඨ භාග්‍යයක් ලැඛෙනු ඇතැයි පවසයි.
  • 4: 74 - පරලොව ජිවිතය සඳහා මෙම ලෞකික ජිවිතය විකුණන අය අල්ලාහ්ගේ මාර්ගය උදෙසා සටන් කළ යුතුය. අල්ලාහ්ගේ මාර්ගයේ (සටන් කර) යමකු ඝාතනය කරනු ලැබුයේද, නැතහොත් ජය ලැබුවේද (අල්ලාහ් උදෙසා සටන් කිරීම වෙනුවෙන්) අපි ඔහුට ශ්‍රේෂ්ඨ තිළිණයක් පිරිනමමු.
  • 4: 75 - අපගේ පරමාධිපතියාණනි ! අයුක්ති සහගත පීඩකයින් ජීවත්වන මේගමින් අප බැහැර කරනු මැනවි. (ඔබගේ දයාවෙන්) අප උදෙසා ආරක‍ෂකයකු අපට ඇති කරනු මැනවි. තවද ඔබගෙන් සහායකුද, අපට ඇති කරනු මැනවයි හඬ නගන්නාවු දුබල හා පරිපීඩිත අසරණ පිරිමින්, ස්ත්‍රින් හා ළමයින් වෙනුවෙන් අල්ලාහ්ගේ මාර්ගය උදෙසා නුඹලා සටන් නොකළයුත්තේ මක්නිසාද?
  • 4: 76 - විශ්වාසවන්තයෝ අල්ලාහ්ගේ මාර්ගය උදෙසා සටන් කරති. ප්‍රතිෙක‍ෂ්ප කරන්නෝ තාඝුත් (අල්ලාහ්ගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නා) මාර්ගයෙහි සටන් කරති. එබැවින් නුඹලා ෂෙයිතාන්ගේ සහායිකයින් සමග යුද්ධ කරනු. නියත වශයෙන්ම ෂෙයිතාන්ගේ කපටි උපක්‍රම ඉතා දුබලය.
  • 4: 77 - (සටන් කිරීමෙන් මදකට) නුඹලාගේ අත් ඉවතට ගනු. සලාත් ඉටුකරනු. සකාත් ගෙවනුයි අමතනු ලැබූ අය ගැන නුඹ සලකා බැලූවෙහිද? සටන් කිරීමට ඔවුනට අණ කරනු ලැබු විට ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ට බියවන තරම් හෝ ඊටත් වඩා ජනයාට බියවෙති, අපගේ පරමාධිපතියාණනි, ඔබ අපට සටන් කිරීම නියම කොට ඇත්තේ කවර හෙයින්ද? ඔබ තව ටික කලකට අප ප්‍රමාද කළෙහි නම්, යන්නෙන් පවසති. මෙම ලෞකික ජිවිතයේ සැප සම්පත් අල්පය. අල්ලාහ්ට බියවෙන මිනිසකුට පරලොව ජිවිතය මීට වඩා බොහෙවින් අගනේය. තවද නුඹලාට එයින් ඉතා සුළුවුවද හානියක් සිදු නොවේ. යැයි (නබි මුහම්මද්) පවසනු.
  • 4: 78 - නුඹලා මැනවින් සවි ගැන්වූ බලකොටුවල සිටියද මරණය නුඹලා වෙත පැමිණෙන්නකි. ඔවුනට යහපත් වාසනාව අත්පත්වු විට මෙය අල්ලාහ්ගෙන් යැයි ඔවුහු පවසති. ඔවුනට අලාභ හානියක් සිදුවුවහොත් මෙය (සිදුවුයේ මුහම්මද්) නුඹ නිසායැයි කියති. සෑම දෙයක්ම අල්ලාහ්ගෙන් යැයි කියනු. ඔවුන්ට කිසිවක් නොතේරෙන තරමට මෙම ජනයාට කවර් නම් දෙයක් (අභාග්‍යයක්) සිදුවී තිබේද?
  • 4: 79 - (මනුෂ්‍යය!) නුඹට කවරනම් හොඳක් සිදුවේද එය අල්ලාහ්ගෙනි. (දයාව හේතුවෙනි.) නුඹට කවරනම් අයහපතක් සිදුවුවද ඒ නුඹගෙනි (කි්‍රයාවන්හි ප්‍රතිපලයකි). (මුහම්මද්) අප නුඹ මිනිසුන්ට රසුල්වරයකු වශයෙන් එවා ඇත. මේ සඳහා සාක්කිකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
  • 4: 80 - යමෙක් රසුල්වරයාට කීකරුවේද නියත වශයෙන්ම ඔහු අල්ලාහ්ට කීකරු වන්නේ වෙයි. යමෙක් (ඔහුගෙන්) ඉවත්ව යන්නේද, (සිය කි්‍රයාවන් වෙනුවෙන් පිළිතුරු දීමට ඔහු බැඳී සිටි) ඔවුන් රැක බලාගන්නා කෙනකු වශයෙන් අපි නුඹ පත් නොකළෙමු.
  • 4: 81 - (නුඹගේ අභිමුඛයෙහි අපි ඔබට) කීකරු වෙමුයි ඔවුහු පවසති. එහෙත් ඔවුන් නුඹගෙන් ඉවත්ව ගියවිට ඔවුන්ගෙන් පිරිසක් රාත්‍රියේදී රහසින් රැස්ව නුඹ පවසන දෙයට විරුද්ධව කුමන්ත්‍රණය කරති. අල්ලාහ් ඔවුන්ගේ රහස් සාකච්ඡා සියල්ලක්ම ලියා තබයි. එබැවින් ඔවුන්ට එසේම සිටින්නට ඉඩ හරිනු. තවද අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබනු. ආරක්ෂකයකු වශයෙන් අල්ලාහ් පමණක් ප්‍රමාණවත් වේ.
  • 4: 82 - ඔවුහු අල්කුර්ආනය පිළිබඳව කල්පනාව යොමු නොකරන්නහිද? එය (එවන ලද්දේ) අල්ලාහ් නොව වෙන කවරකුගෙන් නම්, ඔවුන් එහි පරස්පර විරෝධතා රාශියක් දකිනු ලැබ ඇත.
  • 4: 83 - සාමය හෝ ආන්තරාය පිළිබඳව යම් ආරංචියක් ඔවුන්ට ලැඛෙන විට ඔවුහු එය සැමටම දැනගන්නට සලස්වති. (එසේ කරනු වෙනුවට) ඔවුන් රසුල්වරයාටත් ඔවුන් අතුරින් සමාජයේ වගකිව යුතු පුද්ගලයින්ටත් එය පැවරුවහොත් ඔවුන් අතුරින් එය (ආරංචිය කිරා බලා පිරික්සීමට) සුදුසුකම් ඇති අයට එය දැන ගැනීමට පුළුවන් වනු ඇත. (නුඹලාගේ දුර්වලකම් කොපමණ වීද යත්) නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ දයාව හා ඔහුගේ කරුණාව යොමු නොවී නම් නුඹලාගෙන් ස්වල්ප දෙනකු හැර, අන් සියල්ලන්ම ෂෙයිතාන් අනුගමනය කළෝ වූහ.
  • 4: 84 - (නබි මුහම්මද්!) එබැවින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු. නුඹ නුඹටම හැර අන්කිසිවකුටවත් වගකිවයුතු නොවේ. (එතකුදුවුවත් සටන් කරන ලෙස) නුඹ විශ්වාසිකයින් දිරිගන්වනු. (වැඩිකල් නොයාම) අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ගේ බලය බිඳිනු ඇත. බල පරාක්‍රමයෙන්ද දඬුවම් දීමෙන්ද අල්ලාහ් ඉතාමත් ශක්තිමත්ය.
  • 4: 85 - යමකු යහපත් පරමාර්ථයක් උදෙසා මැදිහත් වන්නේද, ඔහුට එයින් ලැඛෙන ප්‍රතිවිපාකයෙන් කොටසක් ඇත. තවද අයහපත් පරමාර්ථයක් උදෙසා මැදිහත්වන්නකු වේද ඔහුට එමගින් (ලැඛෙන අකුසලයෙන්) කොටසක් ඇත. හැම දෙයක් කෙරෙහිම අල්ලාහ් ඉතා සුපරික්ෂාකාරීව පසුවේ.
  • 4: 86 - තවද (යමකු) නුඹලාට (ගරු බුහුමනින් යුතුව) ආචාර කරනු ලබන්නේ නම් එම ආචාරයටත් වඩා යහපත් ආචාරයකින් ප්‍රත්‍යාචාර කරනු. එසේ නැත්නම් (යටත් පිරිසෙන්) එවැනිම සමාචාරයක් දක්වනු. සැබැවින්ම අල්ලාහ් සෑම දෙයකම (කුසල් අකුසල්) ගණන් මිණුම් පිළිබඳ සුපරීක්ෂාවෙන් පසුවෙයි.
  • 4: 87 - අල්ලාහ් (ඒකීයයි) ඔහු හැර අන් දෙවි කෙනකු නැත. එය (එළැඹිම) සැක නැති පරමාත්ත දිනයේදි නුඹලා සියල්ලම නියත වශයෙන්ම එක්රැස් කරවනු ඇත. අල්ලාහ්ට වඩා සත්‍යය පවසන්නා කවුරුහුද?
  • 4: 88 - කුහකයින් රැස්කරගත් පාපයන් නිසා අල්ලාහ් ඔවුන් පෙර සිටි තත්ත්වයට පත්කර තිිබියදීත් ඔවුන් පිළිබඳව නුඹලා අතර දෙපිරිසක් පහළ වුයේ කෙසේද? මංමුළාවීමට අල්ලාහ් විසින් ඉඩහරිනු ලැබුවකුට මඟ පෙන්වීමට නුඹලා අදහස් කරන්නාහුද? (සත්‍ය මාර්ගයෙන්) අල්ලාහ් පිටමං කළ අයකුට යහ මාර්ගයක් නුඹ කිසිවිටෙක නොදකින්නෙහිය.
  • 4: 89 - ඔවුන් අපේක්ෂා කරන්නේ ඔවුන් ප්‍රතික්ෂේප කරන්නාවු පරිදිම නුඹලාත් ප්‍රතිෙක‍ෂ්පකරන්නන් බවට පත් වී නුඹලා එකසේ විය යුතු බවයි. එබැවින් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගය දෙසට සංක්‍රමණය වනතුරු නුඹලා ඔවුන් අතුරින් කිසිවකු මිතුරකු නොකරගත යුතුය. ඔවුන් (එසේ සංක්‍රමණය කිරිමට) පසුබට වුවහොත් ඔවුන් අල්ලාගනු. ඔවුන් හමුවන කොතැනක දී වුවද ඔවුන් ඝාතනය කරනු. තවද ඔවුන්ගෙන් කිසිවකුද මිතුරන් හෝ සහායකයින් ලෙස නොගනු.
  • 4: 90 - නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇතිකරගත් ජනයා වෙත එකතු වු අයද නුඹලාට විරුද්ධව හෝ තමන්ගේම ජනයාට විරුද්ධව හෝ සටන් කිරීමට ඔවුන්ගේ හදවත් පැකිලෙමින් නුඹලා වෙත ආ අයද හැර (අන් අය නුඹලාගෙන් වෙන්වු අයයි.) අල්ලාහ්ට අභිමත වුයේ නම් ඔවුන් නුඹලා කෙරෙහි පවරයි. එවිට ඔවුහු (ද නුඹලාට විරුද්ධව) සටන් කළ හැකිය. එබැවින් ඔවුහු නුඹලාට (සාමයෙන් සිටින්නට) ඉඩ හැර ඉවත්වී නුඹලාට විරුද්ධව සටනට ඉදිරිපත් නොවී සාමය සඳහා නුඹලාට යෝජනා ඉදිරිපත් කරන්නාහු නම් (නුඹලා විසින් ඔවුන් ආක්‍රමණය කිරීමට) කිසිදු මාර්ගයක් අල්ලාහ් නුඹලාට තබා නැත.
  • 4: 91 - නුඹලාගෙන් ආරක්ෂාව ලබාගන්නටද තමන්ගේ ජනයාගෙන් ආරක්ෂාව ලබා ගැනීමට ද අදහස් කරන්නාවු තවත් (වංචනිකයින්) පිරිසක් නුඹලා දකිනු ඇත. ඔවුහු අයහපත් අනර්ථකාරි කි්‍රයාවන්හි යෙදීමට අවස්ථාවක් ලත් විගස එහි සම්පුර්ණයෙන්ම ගිලෙති. ඔවුහු (නුඹලා සතුරු කර ගැනීමෙන්) නොවළකින්නාහු නම්ද, නුඹලාගෙන් සාමය නොපතන්නාහු නම්ද (නුඹලා හා සටන් කිරීමෙන්) ඔවුන්ගේ අත් නොවළකින්නාහු නම්ද ඔවුන් (සිරභාරයට) ගනු. තවද ඔවුන් හමුවන තැන ඔවුන් ඝාතනය කරනු. ඔවුන් හා සටන් කිරීමට ඒකාන්ත බලයක් අප විසින් නුඹලාට දී ඇත.
  • 4: 92 - වැරදීමකින් හැර (විශ්වාසිකයෙකු) ඝාතනය කිරීමට තවත් විශ්වාසිකයෙකුට තහනම්ය. යමෙකු වැරදීමකින් විශ්වාසිකයෙකු ඝාතනය කරන ලද්දේ නම් ඊට (වන්දියක් වශයෙන් ඔහු) විශ්වාසික වහලෙකු නිදහස් කළ යුතුය. තවද (ඝාතනය කරනු ලැබු තැනැත්තාගේ) උරුමක්කාරයින්ට දියත් (රුධිර වන්දිය) ගෙවිය යුතුය. (එම උරුමක්කාරයින්) දානශීලී චේතනාවෙන් (එම මුදල් භාර නොගතහොත්) හැර (එවිට එය නොගෙවා සිටිය හැකිය) එහෙත් (මරණ ලද) විශ්වාසවන්තයා වූ ඔහු, නුඹලාට සතුරු වු ජනතාවටකට අයත් වූයේ නම් (වන්දිය වනුයේ) එක් (විශ්වාසික) වහලෙකු නිදහස් කිරීමය. (ඝාතනය කරනු ලැබු) ඔහු, නුඹලාත් ඔවුන් අතරත් ගිවිසුමක් කරගත් ජනතාවකට අයත් වූයේ නම්, එවිට දියත් (රුධිර වන්දිය) ඔහුගේ උරුමක්කාරයින්ට ගෙවිය යුතුය. තවද, විශ්වාසික වහලෙකු මුදාහළ යුතුයි. (වහලෙකු මුදාහැරීමට) නොහැකිනම් අල්ලාහ්ගෙන් තව්බා (පශ්චාත්තාපය) ප්‍රකාශ කිරීම පිණිස ඔහු එක දිගට මාස දෙකක් සව්මි උපවාසය පිහිටුවිය යුතුය. අල්ලාහ් සර්වඥය, සර්වප්‍රාඥය.
  • 4: 93 - (වරදකින් තොරව) විශ්වාසිකයකු ඕනෑකමින්ම ඝාතනය කරන තැනැත්තා වන ඔහුට දඬුවම අපායයි. ඔහු සදාකල්හිම එහි වෙසෙනු ඇත. අල්ලාහ් ඔහු කෙරෙහි උදහස් පහළ කළේය. ඔහුට ශාප කළේය. ඔහුට මහත් වූ වේදනාවද සූදානම් කර ඇත.
  • 4: 94 - විශ්වාසවන්තයිනි! අල්ලාහ්ගේ මාර්ගය වෙනුවෙන් (ජිහාද් සඳහා) නුඹලා යනවිට (සතුරා කව්දැයි මිතුරා කව්දැයි) පැහැදිලි කරගනු. කෙනෙකු නුඹලාට සලාම් (සාමයේ ආචාරය) කිවහොත් නුඹලා ලෞකික ලාභ බලාපොරොත්තුවෙන් නුඹ විශ්වාසිකයෙකු නොවේ යැයි නොපවසනු. නිමක් නැති වස්තු අල්ලාහ් වෙත ඇත. මීට පෙර නුඹලාත් මේ තත්ත්වයෙහිම පසු විය. එවිට අල්ලාහ් නුඹලා කෙරෙහි සිය දයාව දැක්වුයේය. එබැවින් මෙවැනි අය නුඹලා පැහැදිලිව හඳුනාගනු. නුඹලා කරන දෙය කුමක්දැයි අල්ලාහ් සම්පුර්ණයෙන්ම දනී.
  • 4: 95 - මුඃමින්වරුන් අතුරින් (යුද්ධයට සහභාගී වීමට) බාධාවන (සාධාරණ) හේතුවක් නොමැතිව (එසේ සහභාගී නොවී) රැඳී සිටින්නන්ද අල්ලාහ්ගේ මාර්ගයේ සිය ජීවිත සහ සිය වස්තූන් කැප කරමින් යුද්ධ කරන (මුජාහිද්) සෙබළුන්ද (යන දෙපිරිසද) සම නොවේ. මන්ද සිය ජීවිත හා වස්තූන් කැප කොට යුද්ධ කරන (මුජාහිද්) සෙබළුන්ව (සාධාරණ හේතු නොමැතිව) රැඳී සිටින්නන්නට වඩා (දරජාහ්) තරාතිරමක් අතින් අල්ලාහ් ඉතා උසස් කොට ඇත. (එවැනි මුජාහිද්වරුන්) සියල්ලන්ටම අල්ලාහ් යහපත (ස්වර්ගය තිළිණ කරන බව) පොරොන්දු වී තිබේ. තවද මුජාහිද් සෙබළුන්ව, රැඳී සිටින්නන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ තිළිණයක් මගින් අල්ලාහ් උසස් කොට තිෙබි.
  • 4: 96 - (යුද්ධයට සහභාගී වූ ඔවුනට) ඔහු(අල්ලාහ්)ගෙන් උසස් තනතුරුද ක්ෂමාවද දයාවද ලැබේ. අල්ලාහ් ක්ෂමාශීලී හා දයාශීලි වෙයි.
  • 4: 97 - තමාට තමන්ම අපරාධ කරගත් අයගේ ප්‍රාණය සුරදූතයින් අත්පත් කරගන්නා කල්හි නුඹලා කෙසේ සිටියාහුදැයි (සුරදූතයෝ) අසති. පෙළොවෙහි අප ඉතා ඛෙලහීනයන්ව සිටියෙමුයි ඔවුහු පවසති. (එවිට) නුඹලාට එහි සංක්‍රමණය වීමට තරම් අල්ලාහ්ගේ භූමිය විශාලව නොතිබුණේදැයි ඔවුහු (සුරදූතයෝ) අසති. එවැන්නන්ගේ ලැගුම් ස්ථානය අපාගින්නයි. එය සැබැවින්ම නරකම (ලැගුම්) ස්ථානයකි.
  • 4: 98 - පුරුෂයින්ගෙන්ද ස්තී්‍රන්ගෙන්ද කුඩා දරුවන්ගෙන්ද කිසිම හව්හරණයක් ලබාගැනීමට අපොහොසත් වූද ඉතා දුර්වල වූද (එයින් බැහැර යාමට) මඟ නොදැන සිටියවුන්ද හැරය.
  • 4: 99 - මොවුන්ට අල්ලාහ් සමාව දිය හැක. අල්ලාහ් ක්ෂමාශීලී හා සහනශීලීය.
  • 4: 100 - අල්ලාහ්ගේ මාර්ගයේ සංක්‍රමණය වන්නන්ට (රැකවරණය සඳහා) භූමියෙහි විශාල පහසුකම් ඇති තැන්ද සුවපහසුව ඇති ස්ථානද ලැඛෙන්නේය. අල්ලාහ් සහ ඔහුගේ නබිවරයා වෙත සංක්‍රමණය වීම සඳහා තමන්ගේ නිවසින් පිට වී ගමන් කරන විට ඔහුට (අතරමඟදී) මරණය සිදුවුවහොත් නිසැකවම ඔහුගේ පලවිපාක අල්ලාහ් කෙරෙහිය. අල්ලාහ් ක්ෂමාශීලී හා දයාන්විත වේ.
  • 4: 101 - නුඹලා මහපොළොවේ ගමනක යෙදී සිටින විට ප්‍රතිෙක‍ෂ්ප කරන්නෝ නුඹලාට විපතක් කරතැයි නුඹලා බියවන්නෙහු නම් සලාතයන් කෙටි කිරීම නුඹලා කෙරෙහි වරදක් නැත. නියත වශයෙන්ම ප්‍රතිෙක‍ෂ්ප කරන්නෝ නුඹලාගේ ප්‍රකට සතුරෝ වෙති.
  • 4: 102 - තවද (නබි මුහම්මද්!) නුඹ (යුද තත්ත්වයකදී මුස්ලිම්වරුන් වු) ඔවුන් අතර සිටින අවස්ථාවක ඔවුන්ට නුඹ සලාත් ඉටු කළොත් ඔවුන්ගෙන් කණ්ඩායමක් නුඹ පසුපසින් සිටගැනීමට සැලැස්විය යුතුය. ඔවුන් සිය අවි ආයුධ තමන් සමඟ තබාගත යුතුය. ඔවුන් සජදාහ් (නමස්කාරයන්) කර නිම වු විට (එතැනින් ඉවත්ව) නුඹලාට පිටුපසින් සිටිය යුතුය. තවද ඔවුන් සලාත් ඉටු නොකළ වෙනත් කණ්ඩායමක් පැමිණ නුඹ සමඟ සලාත් ඉටුකළ යුතුය. තවද ඔවුන් ඔවුන්ගේ (ආරක්ෂාව ගැන) සිහිකල්පනාවෙන්ද ඔවුන්ගේ ආයුධ තමන් සතුව තබාගනිමින්ද සිටිය යුතුය. නුඹලා නුඹලාගේ අවි ආයුධ හා බඩු බාහිරාදිය ගැන නොසැලකිලිමත් වුවහොත් එවිට නුඹලා වෙත හදිස්සියෙන්ම කඩා පැන ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිෙක‍ෂ්ප කරන්නෝ අවස්ථාවක් එන තුරු (මාන බලමින්) සිටිති. එහෙත් වර්ෂාව නිසා හෝ නුඹලා අසනිපයෙන් පසුවන හෙයින් හෝ නුඹලාට යම් අපහසුවක් දැනුනහොත් හෝ නුඹලා නුඹලාගේ අවි (බිම) තැබීම වරදක් නැත. තවද නුඹලා නුඹලාගේ ආරක්ෂාව පිළිබඳව අවධානයෙන් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතිෙක‍ෂ්ප කරන්නන්ට නින්දා සහගත වේදනාවක් සුදානම් කර ඇත.
  • 4: 103 - නුඹලා සලාතය අවසන් කළවිට සිටගෙන සිටිමින්ද, වාඩිවී සිටිමින්ද පැත්තට ඇලවී සිටිමින්ද අල්ලාහ් සිහිපත් කළ යුතුය. ඉක්බිතිව නුඹලා (සතුරන්ගෙන්) ආරක්ෂා සහිත තත්ත්වයකට පත්වු වහාම නුඹලාගේ නියමිත සලාත් (සම්පුර්ණයෙන්) ඉටු කරනු. නියත වශයෙන්ම සලාත් වනාහි විශ්වාසිකයින් විසින් නියමිත වේලාවන්හිදී පැවැත්විය යුතු අනිවාර්ය යුතුකමකි.
  • 4: 104 - (මෙම) මිනිසුන් ලූහුබැඳීමේදී දුබලකමක් නුඹලා නොදක්වනු. නුඹලා දුෂ්කරතාවලින් පෙළෙන්නාහුද? නුඹලා දුෂ්කරතාවලින් පෙළෙන්නාක් මෙන්ම ඔවුහුද නියත වශයෙන්ම දුෂ්කරතාවලින් පෙළෙති. තවද ඔවුන් අපේක්ෂා නොකරන දෙය නුඹලා අල්ලාහ්ගෙන් අපේක්ෂා කරන්නාහුය. අල්ලාහ් සර්වඥය, සර්වප්‍රාඥය.
  • 4: 105 - (නබි මුහම්මද්!) අල්ලාහ් විසින් නුඹට දක්වන ලද සත්‍ය (මාර්ගය) අනුව ජනයා අතර විනිශ්චයකට එළැඹීමට නුඹට හැකි වනු පිණිස සත්‍යය අන්තර්ගත මේ ග්‍රන්ථය නියත වශයෙන්ම අප විසින් නුඹ වෙත එවන ලදී. එබැවින් වංක වු මිනිසුන්ට නුඹ ආයාචනය කරන්නකු නොවනු.
  • 4: 106 - තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය.
  • 4: 107 - තමන්ටම වංක වු අය වෙනුවෙන් නුඹ ආයාචනා නොකළ යුතුය. යළි යළිත් වංක වු සහ පාපකාරී වු තැනැත්තා නියත වශයෙන්ම අල්ලාහ් පි්‍රය නොකරයි.
  • 4: 108 - ඔවුහු (තමන්ගේ පාපී ක්‍රියා) ජනයාගෙන් සඟවති. එහෙත් (මේවා) අල්ලාහ්ගෙන් නොසඟවති. අල්ලාහ් ප්‍රියය නොකරන රහස් සාකච්ඡාවන් ඔවුන් රාත්‍රි කාලයේදී පවත්වන විට පවා ඔහු(අල්ලාහ්) ඔවුන් සමඟ වෙයි. ඔවුන් කරන සියලූ දෑ පිළිබඳව අල්ලාහ් වටලමින් සිටී.
  • 4: 109 - නුඹලා මෙම ලෞකික ජිවීතයේදී ඔවුන් වෙනුවෙන් තර්ක විතර්ක ඉදිරිපත් කොට ඇත. එහෙත් මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේදී ඔවුන් වෙනුවෙන් අල්ලාහ් සමග විවාද කරන්නේ කවුරුද? නැතහොත් (එහිදී) ඔවුන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්නා කවුරුද?
  • 4: 110 - කෙනකු පාපී දෙයක් කිරීමෙන් පසු හෝ කවර අයුරකින් වුව තමාට වරදක් කර ගැනිමෙන් පසු අල්ලාහ්ගෙන් සමාව අයදින්නේ නම්, අල්ලාහ් ක්ෂමාශීලී හා දයාන්විත බව ඔහුට පෙනී යනු ඇත.
  • 4: 111 - එහෙත් කෙනකු යම් නපුරක් කර එහි ප්‍රතිවිපාක උපයා ගන්නේ නම්, ඔහු තමාටම එම නපුර උපයාගන්නේය. අල්ලාහ් සර්වඥානීය, සර්වඥය.
  • 4: 112 - එහෙත් කෙනකු වරදක් හෝ පාපයක් කොට එය වෙන අහිංසකයකුට පවරයි නම් ඔහු ප්‍රකට පාපයද පරාපවාදයේ වරදද නියත වශයෙන්ම තමා වෙත පවරාගනී.
  • 4: 113 - (නබි මුහම්මද්!) අල්ලාහ්ගේ වරප්‍රසාදය හා ඔහුගේ දයාවද නුඹ කෙරෙහි නොවන්නේ නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ නොමඟ යැවීමට උත්සාහ කරන්නෝය. එසේ වුවද ඔවුන් තමන්වම මිස නොමඟ නොයවන්නෝය. තවද ඔවුහු නුඹට කිසි දැයකින් හානි නොකරන්නෝමය. අල්ලාහ් නුඹ වෙත ග්‍රන්ථය හා ප්‍රඥාව එවා නුඹ නොදත් දෑ නුඹට උගන්වා ඇත. නුඹ කෙරෙහි අල්ලාහ්ගේ වරප්‍රසාදය අති උදාරය.
  • 4: 114 - ඔවුන්ගේ රහස් සාකච්ඡාවලින් බොහෝමයක යහපත් දේ නැත. එහෙත් දානය හෝ ධර්මිෂ්ටතාව හෝ මිනිසුන් අතර සමාදානය ඇති කිරීම ගැනද, අණකරන අය(ගේ කථා) හැරය. යමකු අල්ලාහ්ගේ ප්‍රසාදය පතා එසේ කළහොත් මතුව අපි ඔහුට මහත් වු ඵල විපාක දෙන්නෙමු.
  • 4: 115 - එහෙත් මාර්ගෝපදේශය තමාට පැහැදිලි වු පසුත් රසුල්වරයාට විරුද්ධ වෙමින් විශ්වාසිකයින්ගේ මාර්ගය හැර, අන්‍ය මාර්ගයක් අනුගමනය කිරීමට පෙළැඹී සිටින තැනැත්තා ඔහු එළඹ ඇති මාර්ගය වෙතම අපි ඔහු යොමු කරමු. තවද අපි ඔහු අතිශය නිරයට ඇතුළත් කරමු. එය (අවසානයට) යන ස්ථානයෙන් නපුරුම ස්ථානයයි.
  • 4: 116 - සැබැවින් අල්ලාහ් ඔහුට සමානයක් තැබීම ක‍ෂමා නොකරයි. ඒ හැර වෙනත් පාපයන් උදෙසා තමාට අභිමත වු කෙනකුට ඔහු (අල්ලාහ්) සමාව දෙයි. අල්ලාහ්ට ආදේශ ඉදිරිපත් කරන්නා කවරෙක්ද ඔහු සැබැවින්ම මංමුළා වී ඈත් වූ දුර්මාර්ගයේ ගමන් කරයි.
  • 4: 127 - (මුෂ්රික් වු) ඔවුහු දේවතාවියන් මිස ඔහු (අල්ලාහ්) නොඅදහති. තවද ඔවුහු දුෂ්ඨ ෂෙයිතාන් මිස නොඅදහති.
  • 4: 119 - අල්ලාහ් ඔහු(ෂෙයිතාන්)ට ශාප කළේය. (එවිට ෂෙයිතාන්) මම ඔබගේ වහලූන්ගෙන් නිසි කොටස මා වෙත (ගන්නෙමි) කීවේය.
  • 4: 120 - (එසේ කොට) නියතවශයෙන්ම මම ඔවුන් මුළා කරන්නෙමි. ඔවුන් තුළ වැරදි අදහස් ඇති කරවන්නෙමි. මා ඔවුන්ට අණ කරන්නෙමි. එවිට ඔවුහු (එළු” බැටළු, ඔටු, ගව ආදී) තිරිසනුන්ගේ කන් කපන්නෝය. තවද මා ඔවුන්ට අණකළවිට ඔවුහු අල්ලාහ්ගේ නිර්මාණයන් වෙනස් කරතියි. ඔහු (ෂෙයිතාන්) කීය. අල්ලාහ් වෙනුවට ෂෙයිතාන් තමාගේ අනුග්‍රහාකයා කරගන්නා කවරකු වුවද, ඒකාන්තයෙන්ම ඔහු ප්‍රකට පරාජිතයෙක් වන්නේය.
  • 4: 121 - ඔහු ඔවුන්ට පොරොන්දු දෙයි තවද ඔවුන් මුළා කර ගනී. හුදෙක් රැවටීම විනා ෂෙයිතාන් ඔවුන්ට පොරොන්දු නොදෙන්නේය.
  • 4: 122 - ඔවුන් නිවසන තැන නිරය වන්නේය. ඔවුහු එයින් මිදීමක් නොදකිති.
  • 4: 123 - විශ්වාස කොට යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නවුන් යටින් දිය ඇළි ගලා බස්නා ස්වර්ගයට ඇතුළු කරවන්නෙමු. ඔවුන් එහි සදාකල්හීම වෙසෙනු ඇත. අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය. අල්ලාහ්ගේ වචනයට වඩා සත්‍ය වන්නේ කවරකුගේ වචනයද?
  • 4: 124 - නුඹලා අදහස් කරන ප්‍රකාරයට හෝ දහම්ලත් අය, අදහස් කරන ප්‍රකාරයට හෝ නැත. පව් කරන්නේ කවරෙක්ද ඔහු එයට දඬුවම ලබයි. ඔහුට අල්ලාහ් හැර ආරක්ෂකයකුද ආධාරකරුවකුද ඔහු නොදකින්නේය.
  • 4: 125 - යමකු විශ්වාස කරමින් යහකම් කරන්නේද ඔහු පුරුෂයකු වේවා ස්ත්‍රීයක හෝ වේවා ඔවුහු ස්වර්ගයට ඇතුළත් වෙති. ඔවුහු තිතක ප්‍රමාණයකවත් අපරාධ නොකරනු ලබති.
  • 4: 126 - ඔහු යහපත් ක්‍රියාවන් කරමින් තම මුහුණ අල්ලාහ් වෙත අවනත කර (අල්ලාහ්ට සම්පූර්ණයෙන් අවනත වී) අන්සෑම මාර්ගයකින්ම ඉවත් වී ඉබ්‍රාහීම්ගේ මාර්ගය අනුගමනය කරන්නා(ඔහු)ට වඩා යහපත් ජීවන ප්‍රතිපදාවක් කා හට නම් ලද හැක්කේද? අල්ලාහ් (සිය) මිත්‍රයකු වශයෙන් ඉබ්‍රාහීම් තෝරා ගත්තේය.
  • 4: 127 - අහස්වල හා මහපොළොවේ ඇති සෑම දෙයක්ම අල්ලාහ් සතුය අල්ලාහ් සියල්ලක්ම වටළමින් සිටී.
  • 4: 128 - ඔවුහු ස්තීන් පිළිබඳව නුඹගෙන් ආගමික තීරණය කුමක් දැයි විමසති. ඔවුන් පිළිබඳව අල්ලාහ් නුඹලාට තීරණය දෙන්නේ යැයි පවසනු. තවද ඔවුනට නියමිත දෑ නුඹලා නොදී සිටින්නාවූද නුඹලා ඔවුන් සරණපාවා ගැනීමට ආශාකරන්නාවූද අනාථ ස්ත්‍රීන් ගැනද දරුවන් අතුරින් දුර්වලයින් ගැනද මෙම ග්‍රන්ථයෙ(අල්-කුර්ආනයෙ)හි නුඹලා වෙත හදාරවනු ලැබුවාවූ (නීතිරීති)ද අනාථයින් කෙරෙහි සාධාරණ ලෙස හැසිරිය යුතු යැයිද (නුඹලා සිහිපත් කරනුයි නබි මුහම්මද්) පවසනු. තවද නුඹලා කරන සියලූ හොඳ දෑ ගැන නියත වශයෙන් අල්ලාහ් හොඳින් දැන සිටී.
  • 4: 129 - ස්ත්‍රීයක් සිය ස්වාමි පුරුෂයාගෙන් අකාරුණික සැලකිල්ලක් ලැබීම හෝ අප්‍රිය කිරීමක් පිළිබඳව බිය වෙතොත් ඔවුන් දෙදෙනා අතර සමාදානය ඇතිකර ගැනීම ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. සාමය ඉතා අගනේය මසුරුකම (මිනිසුන්ගේ) සිත්හි පළපැදියම් කරන ලදී. නුඹලා ත්‍යාගශීලිත්වය දක්වා නුඹලාගේ (ගනුදෙනු හා වැඩ කටයුතුවලදී අල්ලාහ්ට) බියබැතිමත් වෙතොත් එවිට නියත වශයෙන්ම නුඹලා කරන සෑම දෙයක්ම ගැන අල්ලාහ් මැනවින් දනී.
  • 4: 130 - නුඹලාගේ (සියලූම) භාර්යාවන්ට (සැලකීමේදී පරිසමාප්ත වශයෙන්) යුක්ති සහගත වීමට නුඹලා දැඩිසේ අදහස් කළද, එය නුඹලාට කළ නොහැකි දෙයක් විය හැක. (එහෙත් නුඹලා පි්‍රය කරන එකම භාර්යාවක් වෙත) නුඹලා එකහෙලාම හැරී (අනෙක් භාර්යාව අහසේ) එල්ලී සිටින කෙනකු මෙන් අත් නොහරිනු. නුඹලා නිවැරදි ලෙස හැසිරෙන්නේද අල්ලාහ්ට බියබැතිමත් වෙන්නේද අල්ලාහ් සමාශීලිය, දයාන්විතය.
  • 4: 131 - එහෙත් (අඹු සැමියන් වන) දෙදෙනා වෙන් වෙතොත් අල්ලාහ් සිය ප්‍රභූමය මගින් ඒ එක් එක් අය (අනෙකාගෙන්) යැපෙන්නකු නොවන තත්ත්වයකට පත්කරනු ඇත. අල්ලාහ් ස්වයං ප්‍රභූමය වන්නාද සර්වප්‍රාඥද වේ.
  • 4: 132 - තවද අහස්වල තිඛෙන දෑද, මහපොළොවේ තිඛෙන දෑද, අල්ලාහ් සතුය. නුඹලාට පෙර ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබුවන්ටද (දැන්) නුඹලාටද (නුඹලාගේ සියලූම ගනු දෙනු හා කටයුතුවලදී) අල්ලාහ්ට නුඹලා බියබැතිමත් විය යුතු යැයි අනුශාසනා කරමු. නුඹලා ප්‍රතික්ෂේප කළහොත් නියත වශයෙන්ම අහස්වල තිඛෙන දැ හා මහපොළොවේ තිඛෙන දෑ අල්ලාහ් සතු(බව නුඹලා දත යුතුය)ය. අල්ලාහ් ස්වයංසම්පූර්ණ වන්නාද, සකල ප්‍රසංශාවටම හිමිකරුවන්නාද වේ.
  • 4: 133 - තවද අහස්හි දෑද මහපොළොවෙහි දෑද අල්ලාහ් සතුය. පාලකයා වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
  • 4: 134 - ජනයිනි! ඔහු(අල්ලාහ්)ට අභිමතවේ නම් නුඹලා ඉවත්කොට (නුඹලා වෙනුවට) වෙනත් අය පහළ කරවීමට ඔහුට හැකිය. මෙසේ කිරීමට තරම් අල්ලාහ් සර්ව බලධාරි වේ.
  • 4: 135 - යමෙක් මෙලොව තිළිණය ලබාගැනිමට අපේක්ෂා කරන්නේද? මෙලොව හා පරලොව තිළිණයන් අල්ලාහ් වෙත යැයි ඔහු දත යුතුය. අල්ලාහ් සර්වශ්‍රවණය, සියල්ල මැනවින් දකින්නේය.
  • 4: 136 - යමෙක් මෙලොව තිළිණය ලබාගැනිමට අපේක්ෂා කරන්නේද? මෙලොව හා පරලොව තිළිණයන් අල්ලාහ් වෙත යැයි ඔහු දත යුතුය. අල්ලාහ් සර්වශ්‍රවණය, සියල්ල මැනවින් දකින්නේය.
  • 4: 137 - විශ්වාසවන්තයිනි! අල්ලාහ්ද ඔහුගේ රසුල්වරයාද ඔහුගේ රසුල්වරයා වෙත එවන ලද ධර්ම ග්‍රන්ථයද මීට පෙර අල්ලාහ් විසින් එවන ලද (සෑම) ග්‍රන්ථයක්මද විශ්වාස කරනු. අල්ලාහ්ද, ඔහුගේ මලක්වරු(සුරදුතයෝ)ද, ඔහුගේ ධර්ම ග්‍රන්ථද, ඔහුගේ රසුල්වරු හා පරමාත්ත දිනය කවරෙක් ප්‍රතික්ෂේප කරන්නේද, නියත වශයෙන්ම ඔහු ඈත් වු දුර්මාර්ගයේ නොමඟ ගොස් සිටී.
  • 4: 138 - විශ්වාස කරන්නාවූද ඉන්පසුව ප්‍රතිෙක‍ෂ්ප කරන්නාවුද නැවතත් විශ්වාස කරන්නාවූද ඉන්පසුවද ප්‍රතික්ෂේප කරන්නාවූද ඉක්බිතිව අවිශ්වාසයෙහි දැඩිව සිටින කවරෙක් වේද කිසි දිනෙක ඔවුනට අල්ලාහ් සමාවක් නොදෙන්නේය. තවද ඔහු(අල්ලාහ්) ඔවුන් යහමඟට යොමු නොකරන්නේය.
  • 4: 139 - ඔවුනට වේදනීය දඬුවම ඇත්තේ යැයි මුනාෆික්වරු(ව්‍යාජ භක්තිකයි)න්ට ශුභාරංචිය දෙනු.
  • 4: 140 - ඔවුහු (කවරෙක් නම්) විශ්වාසිකයින් වෙනුවට ප්‍රතික්ෂේප කරන්නන් තම ආරක්ෂකයින් බවට ගනිති. ඔවුහු ඔවුන්ගෙන් (ප්‍රතික්ෂේප කරන්නන්ගෙන්) ගෞරවය ලබාගන්නට අදහස් කරන්නෙහිද? සැබැවින්ම සියලූම ගෞරව හිමිවන්නේ අල්ලාහ්ට පමණකි.
  • 4: 141 - අල්ලාහ්ගේ වදන් ප්‍රතික‍ෂ්ප කරනු ලැබීමද එය විහිළුවට භාජනය කරනු ලැබීමද (ඊට) නුඹලා සවන් දුනහොත් එය හැර වෙන කතාවක යෙදෙන තෙක් ඔවුන් සමග නුඹලා නොසිටින්නැයි (අල්ලාහ්-මෙම) ධර්ම ග්‍රන්ථය මගින් නියතවශයෙන් නුඹලා වෙත පළ කළේය. (නුඹලා එහි රැඳී සිටියහොත්) නියතවශයෙන්ම නුඹලාද ඔවුන් පමණටම වැරදි කළා වන්නෝය. අල්ලාහ් වංචනිකයින්ද අවිශ්වාසිකයින්ද සාමුහිකව නියත වශයෙන් අපායෙහි රැස්කරවයි.
  • 4: 142 - ඔවුහු කවරෙක්ද නම් නුඹලාට බාධාව (විපත) සිදුවීම බලාපොරොත්තු වන්නෝය. නුඹලාට අල්ලාහ්ගෙන් ජයග්‍රහණය අත්පත්වුවහොත් අපි නුඹලා සමඟ නොසිටිමු දැයි ඔවුහු කියති. ප්‍රතික්ෂේප කරන්නන් ජයග්‍රහණයට නැඹුරුවුවහොත් අපි නුඹලාට විරුද්ධව සටන් කිරීමට තරම් ශක්තිමත් නොවුමුද? නමුත් අපි නුඹලා විශ්වාසිකයින්ගෙන් ආරක්ෂා නොකළෙමුදැයි ඔවුහු කියති. නිසැකයෙන්ම පරමාන්ත දිනයේදී අල්ලාහ් නුඹලා අතර විනිශ්චය කරනු ඇත. විශ්වාසිකයින් අභිබවා යෑමට ප්‍රතිෙක‍ෂප කරන්නන්ට කිසි ඉඩක් අල්ලාහ් නොතබයි.
  • 4: 143 - නියත වශයෙන්ම වංචනිකයෝ අල්ලාහ් මුළා කිරීමට තැත් කරති. එහෙත් ඔහුද ඔවුන් මුළාවේ හෙළා ඇත. ඔවුහු සලාත් සඳහා නැගි සිටින විට මැලිකමින් නැගී සිටිති. මිනිස්සුන්ට පෙන්වීම පිණිස (සලාතය ඉටු කරති.) ස්වල්ප වශයෙන් මිසක ඔවුහු අල්ලාහ් සිහිපත් නොකරති.
  • 4: 144 - ඔවුහු (විශ්වාසය හා අවිශ්වාසය වන) ඒ අතර චංචලව පසුවෙති. මේ අය අතරද නැත. ඒ අය අතරද නැත. යමකු අල්ලාහ් දුර්මාර්ගයට පත් කරන්්නේද ඔහුට (යහ)මඟක් නුඹ නොදකින්නෙහිය.
  • 4: 145 - විශ්වාසවන්තයිනි! නුඹලා ආරක්ෂකයින් වශයෙන් විශ්වාසිකයින් වෙනුවට ප්‍රතික්ෂේප කරන්නන් නොගනු. (ප්‍රතික්ෂේප කරන්නන් ආරක‍ෂකයින් වශයෙන් ගැනීමෙන්) නුඹලාට විරුද්ධව පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට ඉඩ ප්‍රස්ථාවක් අල්ලාහ්ට ලබාදීමට නුඹලා කැමැත්තහුද?
  • 4: 146 - නියත වශයෙන්ම වංචනිකයින් අපායේ ගැඹුරුම අගාධයෙහිය. ඔවුනට පිහිට වන කිසිකෙනකු නුඹට දැකිමට නොහැකිය.
  • 4: 147 - ඔවුන් අතුරින් පශ්චාත්තාප වී (තම ගතිපැවතුම්) යහපත් මඟට හරවා ගෙන අල්ලාහ්(ගේ මාර්ගය) ස්ථීරව ග්‍රහණය කොට සිය ආගම අවංකවම අල්ලාහ්ට පුද කරන්නන් හැර (මෙවැනි අය වූ) ඔවුහු විශ්වාසිකයින් සමඟ සිටිති. විශ්වාසිකයින්ට අල්ලාහ් ඉමහත් ඵල විපාක මතුවට දෙයි.
  • 4: 148 - නුඹලා කෘතඥවන්නේ නම්, විශ්වාසිකයින් වන්නේ නම් අල්ලාහ් නුඹලාට දඬුවම් දෙන්නේ මන්ද? අල්ලාහ් කෘතඥමයල සියල්ල මැනවින් දන්නේමය.
  • 4: 149 - අපරාධය කරනු ලැබු අය හැර (අන්කිසිවකු) පරුෂ වචන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අල්ලාහ් ප්‍රිය නොකරයි. අල්ලාහ් සර්වශ්‍රවණය සර්වඥය.
  • 4: 150 - (නුඹලාට යම් වරදක් කරනු ලැබූ විට පරුෂ වචන කතා කිරීමට නුඹලාට අවසර ඇතත්) නුඹලා හොඳ දෙය ප්‍රසිද්ධියේ කරන්නෙහු නම් හෝ එය නුඹලා සඟවන්නහු නම් හෝ නරක දෙයට ක්ෂමා කරන්නහු නම් හෝ සැබැව්න්ම අල්ලාහ් නිරතුරුවම ක‍ෂමා කරන්නේය. බලසම්පන්නය.
  • 4: 151 - අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දුතයින් ප්‍රතික්ෂේප කර, අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දුතයින් අතර වෙනසක් හුවා දැක්වීමට අදහස් කරමින් අපි ඇතැම් අය පිළගෙන සෙසු අය ප්‍රතික්ෂේප කරමුයි පවසා (විශ්වාස හා අවිශ්වාස වන) ඒ අතර මැදි පිළිවෙතක් සොයන අය. (නම්)
  • 4: 152 - සැබැවින්ම ප්‍රතික්ෂේප කරන්නෝ මොවුහුමය. ප්‍රතිෙක‍ෂ්ප කරන්නන් සඳහා අප අවඥා සහගත දඩුවමක් පිළියෙළ කොට ඇත.
  • 4: 153 - අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දුතයින් විශ්වාස කරමින් ඔවුන්ගෙන් කිසිවකු අතර වෙනසක් නොකළ අය(ට නම්) ඔවුනට ඔහු (අල්ලාහ්) ඔවුන්ගේ නිසි ත්‍යාගය මතුවට පිරිනමයි. අල්ලාහ් අතිශය ක්ෂමාශීලීය, අතිශය දයාන්විතය.
  • 4: 154 - දහම්ලත් අය තමන් වෙත අහසින් ධර්ම ග්‍රන්ථයක් පතිත කරවන්නැයි නුඹට ඇරැයුම් කරති. ඔවුහු මීට වඩා අභව්‍ය ඉල්ලිම් නියත වශයෙන්ම මුසා වෙතද ඉදිරිපත් කළහ. එවිට අපට අල්ලාහ් ඇස් ඉදිරිපිට පෙන්වන්නැයි ඔවුහු කීවෝය. එවිට ඔවුන්ගේ දුෂ්ටත්වය හේතුවෙන් ඔවුනට අකුණු සැරයක් වැදිණ. ඔවුනට පැහැදිලි සංඥා පැමිණීමෙන් පසුද (ඇදහීම සඳහා) වසු පැටවා ඔවුහු (තෝරා) ගත්හ. මෙයින් පසු පවා අපි (ඔවුන්ට) ඒ සඳහා සමාව දුනිමු. තවද අපි මුසාට ප්‍රකට අණ පණතක් ප්‍රදානය කළෙමු.
  • 4: 155 - ඔවුන් මත්තෙහි තූර් (කන්ද) අපි නංවා (ඊට අවනත වන බවට) ඔවුන්ගෙන් පොරොන්දුවක් ගතිමු. නිහතමානි ලෙස සිරස නමමින් වාසල් දොරින් ඇතුළු වන ලෙස අපි ඔවුන්ට කීවෙමු. තවද සබත් (සෙනසුරාදා) දවස කඩ නොකරනුයි ඔවුන්ට පැවසුවෙමු. තවද (මෙම නීතිය අකුරටම පිළිපදින බවට) ඔවුන්ගෙන් දැඩි පොරොන්දුවක් ලබාගතිමු.
  • 4: 156 - එහෙත් ඔවුන් තමන්ගේ පොරොන්දු කඩකළ නිසාත් අල්ලාහ්ගේ සංඥාවන් ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාත් (අල්ලාහ්ගේ) නබිවරුන් අයුක්ති සහගත ලෙස ඔවුන් ඝාතනය කළ නිසාත් අපගේ හෘද ආවරණය යටතේ සුරක්ෂිත යැයි ඔවුන් පැවසු නිසාත් (අපි ඔවුන්ට ශාප කළෙමු.) නැත, ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතුකොට ගෙන අල්ලාහ් ඊට (හදවත්වලට) මුද්‍රා තබා ඇත. එබැවින් ඔවුහු මඳක් මිස විශ්වාස නොකරති.
  • 4: 157 - තවද ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතුකොට ගෙනද මර්යම් පිළිබඳව ඔවුන් මහත් නින්දිත ප්‍රලාපයක් පැවසු නිසාද.
  • 4: 158 - අල්ලාහ්ගේ රසූල්වරයකු වු මර්යම්ගේ පුත් ඊසා නියත වශයෙන්ම අපි ඝාතනය කළෙමුයි ඔවුහු පැවසූහ. එහෙත් සැබැවින්ම 192 ඔවුන් ඔහු ඝාතනය කළේවත් ඔවුන් ඔහු කුරුසියේ තබා ඇණ ගැසුවේවත් නැත. එහෙත් ඔවුන්ට (එම කාරණය) සැක සහිත වුවක් කරන ලද්දේය. තවද ඒ පිළිබඳව මතභේද ඇති කරගත් අයද ඒ පිළිබඳව සැකයෙන් පසුවෙති. හුදෙක් අනුමානය අනුගමනය කරනු මිස ඔවුන්ට ඒ පිළිබඳව දැනුමක් නැත. තවද නියත වශයෙන්ම ඔවුහු ඔහු(ඊසා) ඝාතනය නොකළහ.
  • 4: 159 - සත්‍යය නම් අල්ලාහ් ඔහු (ඊසා) තමා වෙතටම ආරෝහණය කර ගත්තේය. අල්ලාහ් සර්ව බලධාරී හා සර්වඥය.
  • 4: 160 - දහම් ලැබු අයගෙන් කිසිවකුත් ඔහුගේ මරණයට පෙර ඔහු පිළිබඳව විශ්වාස කරනු මිස නැත. පරමාන්ත දිනයේ දී ඔහු (ඊසා) ඔවුන්ට විරුද්ධව සාක්ෂිකාරයකු වනු ඇත.
  • 4: 161 - මෙසේ යුදෙව්වන් බවට පත්වූ ඔවුන්ගේ අයුක්ති සහගත කි්‍රයා නිසාත් ඔවුන් බොහෝ විට අල්ලාහ්ගේ මාර්ගයට සම්භාධකව(ප්‍රතිවිරුද්ධව) සිටින නිසාත් (මීට කලින්) ඔවුන්ට නීතත්‍යානුකූල වු බොහෝ පිරිසිදු වු හා පවිත්‍ර වු දේ අපි ඔවුනට නීති විරෝධි කළෙමු.
  • 4: 162 - (තවද ඔවුනට එය තහනම් කරනු ලැබු) පොළී ගත් නිසාත් නීති විරෝධී ලෙස මිනිසුන්ගේ දේපළ ඔවුන් ගිලගන්නා නිසාත් (මීට කලින් ඔවුන්ට නීත්‍යානුකූල වු බොහෝ පිරිසිදු වු හා පවිත්‍ර වු දේ අපි ඔවුන්ට නීති විරෝධී කළෙමු) තවද ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කරන අය සඳහා අපි වේදනා සහගත දඬුවම සුදානම් කළෙමු.
  • 4: 163 - එහෙත් ඔවුන් අතුරින් ගැඹුරු දැනුමක් ඇත්තා වූද විශ්වාසිකයෝද, නුඹ වෙත එවන ලද දෙය හා නුඹට පෙර එවන ලද දෙය විශ්වාස කරති. (සැබෑ ලෙසින් විශ්වාස කර) සලාත්හි නිරතවුවන්ටද zසකාත් ගෙවන්නන්ටද අල්ලාහ් සහ පරමාත්ත දිනය අවංකව ම විශ්වාස කරන්නන්ටද, අපි ඔවුනට නොමසුරුව තිළිණ පිරි නමන්නෙමු.
  • 4: 164 - (නබි මුහම්මද්!) අප විසින් නුහ්ටද, ඔහුගෙන් පසු සෙසු නබිවරුන් වෙතද, වහි පහළ කළාක් මෙන් නියත වශයෙන්ම අපි නුඹ වෙතද වහී පහළ කළෙමු. තවද, අපි ඉබ්‍රාහීම්, ඉස්මායිල්, ඉස්හාක් හා යඃකූබ් වෙතද (යඃකූබ්ගේ) ගෝත්‍රිරකයින් වෙතද ඊසා, අයියුබ්, යූනුස්, හාරුන් සහ සුලෙයිමාන් වෙතද වහී පහළ කළෙමු. තවද” අපි දාවුද්ට සබුර් (ආගම) ප්‍රදානය කළෙමු.
  • 4: 165 - (නබි මුහම්මද්!) මීට පෙර අපි නුඹට විස්තර කළ රසූල්වරුන්ටද තවද නුඹට විස්තර නොකළ රසූල්වරුන්ටද (අපි වහී-ආවිෂ්කාරය පහළ කෙළෙමු.) තවද අල්ලාහ් මූසා සමඟ කෙළින්ම සම්භාෂණය කළේය.
  • 4: 166 - (මෙවැනි) රසුල්වරුන් පැමිණි පසු අල්ලාහ් ඉදිරියේ කියා සිටීමට කිසිදු නිදහසට කරුණක් ජනයාට නැතිවනු පිණිස ශුභාරංචි ගෙනෙන්නන් වශයෙන්ද අනතුරු අඟවන්නන් වශයෙන්ද රසුල්වරුන් අපි පහළ කළෙමු. අල්ලාහ් සැබැවින්ම සර්ව බලධාරිය, සර්වප්‍රාඥය.
  • 4: 167 - (ජනයා මෙය විශ්වාස කිරීමට හෝ නොකිරීමට පුළුවන.) එහෙත් තමන් විසින් (නබි මුහම්මද්!) නුඹ වෙත එවන ලද දෙය එසේ ඔහු එවූයේ සිය ඥානයෙන් බවට අල්ලාහ් සාක්ෂි දරයි. මලක්වරු(සුරදුතයෝ)ද ඊට සාක‍ෂි දරති. (සාක‍ෂි දැරිමේදි) අල්ලාහ්ගේ සාක්ෂිය ප්‍රමාණවත්ය.
  • 4: 168 - නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන්ද (සෙස්සන්) අල්ලාහ්ගේ මාර්ගයෙන් බැහැර කළවුන්ද වන ඔවුහු ඈත්වූ දුර්මාර්ගයේ නොමඟ ගොස් සිටිති.
  • 4: 169 - සැබැවින්ම ප්‍රතිෙක‍ෂ්ප කළවුන්ද වැරදි කළවුන්ද වන ඔවුනට අල්ලාහ් ක්ෂමා නොකරයි. තවද ඔහු ඔවුනට අන් කිසි මඟක් නොපෙන්වයි.
  • 4: 170 - අපාය මාර්ගය හැර (ඔවුනට අන් කිසිම මාර්ගයක් නොපෙන්වයි.) ඔවුන් එහි සදා කාලයටම වෙසෙනු ඇත. මෙය අල්ලාහ්ට ඉතා පහසුය.
  • 4: 171 - මිනිසුනි! රසුල්වරයා නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය රැගෙන නියත වශයෙන්ම නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් (ඔහු) විශ්වාස කරනු. එය නුඹලාට වඩාත් යහපත් වනු ඇත. එහෙත් නුඹලා ප්‍රතිෙක‍ෂ්ප කළහොත් අහස්වල හා මහපොළොවෙහි ඇති සියලූ දෙයක්ම අල්ලාහ්ට හිමිය. අල්ලාහ් සර්වඥය, සර්වප්‍රාඥය.
  • 4: 172 - දහම්ලත් ජනයිනි! නුඹලාගේ ආගමේ සීමාවන් නොඉක්මවනු. තවද සත්‍යය හැර අන් කිසිවක් අල්ලාහ් ගැන නොකියනු. මර්යමිගේ පුත් මසීහ් ඊසා (අන් කවරකුවත් නොව) අල්ලාහ්ගේ රසුල්වරයාද මර්යම් වෙත එවන ලද ඔහු(අල්ලාහ්)ගේ ආඥාවද වේ. තවද ඔහු(අල්ලාහ්)ගෙන් වු ප්‍රාණයක්ද වේ. එබැවින් අල්ලාහ් සහ ඔහුගේ රසුල්වරුන් විශ්වාස කරනු. ති්‍රත්වයක් යැයි නොපවසනු. මෙයින් වළකිනු. එය නුඹලාට වඩාත් යහපත් වේ. අල්ලාහ් හුදෙක් එකම දෙවියාය. එබැවින් ඔහු තමාට පුත්‍රයකු ලැබීමට වඩා, ඛෙහෙවින් සුවිශුද්ධය. අහස්වල හා මහපොළොවේ ඇති සෑම දෙයක්ම ඔහු සතුය ඒවායේ පෝෂණය හා ආරක්ෂාව සඳහා අල්ලාහ්ම ප්‍රමාණවත්ය.
  • 4: 173 - මසීහ් අල්ලාහ්ගේ සේවකයා වීමට කිසිලෙසකිනුදු අකමැති නොවීය. අල්ලාහ්ට සමීපතම වු මලක්වරු(සුරදුතයෝ)ද එසේ වෙති. ඔහු(අල්ලාහ්)ට සේවය කිරීමට අප්‍රිය කරමින් ඒ පිළිබඳව උදම්වන යම් කෙනෙකු වේද” (අල්ලාහ්) ඔවුන් සියල්ලන්ම තමා ඉදිරියට කැඳවයි.
  • 4: 174 - (එවිට) විශ්වාස කොට යහපත් කි්‍රයාවන් කළ අයට ඔවුන්ගේ තිළිණයන් ඔවුන්ට සම්පූර්ණයෙන් ඔහු (අල්ලාහ්) පිරිනමනු ඇත. තවද ඔවුන්ට (හිමි ප්‍රමාණයටත්) වඩා තිළිණ ප්‍රමාණයක් තම ත්‍යාගශීලීතවයෙන් ප්‍රදානය කරනු ඇත. තවද තමාට සේවය කිරීම අපි්‍රය කරමින් ඒ පිළිබඳව උද්දාමවුවන්ට ඔහු වේදනා සහගත දඬුවමක් පමුණුවනු ඇත. අල්ලාහ් හැර තමන්ගේ ආරක්ෂකයින් හා ආධාරකරුවන් වශයෙන් (ඔවුන් විසින් සලකනු ලබන) කිසිවකු එහිදී ඔවුන්ට හමු නොවනු ඇත.
  • 4: 175 - මිනිසුනි! සත්‍යය පිළිබඳව පැහැදිලි සාක‍ෂියක් නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් සැබැවින්ම පැමිණ ඇත. තවද (නුඹලාට මාර්ගය) පැහැදිලි ලෙස පෙන්වන ආලෝකයද අපි නුඹලාට පහළ කළෙමු.
  • 4: 176 - අල්ලාහ් විශ්වාසය කර ඔහු ග්‍රහණය කරගත්තාවු අය ඔහු(අල්ලාහ්)ගෙන් වූ දයාළු භාවයෙහිද වරප්‍රසාදයෙහිද මතුවට ඇතුළු කරවනු ඇත. තවද ඔහු ඔවුන්ට ඔහු වෙත සෘජු මාර්ගයද දක්වනු ඇත.
  • 4: 177 - අල්ලාහ් විශ්වාසය කර ඔහු ග්‍රහණය කරගත්තාවු අය ඔහු(අල්ලාහ්)ගෙන් වූ දයාළු භාවයෙහිද වරප්‍රසාදයෙහිද මතුවට ඇතුළු කරවනු ඇත. තවද ඔහු ඔවුන්ට ඔහු වෙත සෘජු මාර්ගයද දක්වනු ඇත.


005 Al-Ma’idah
  • 5: 1 - විශ්වාසවන්තයිනි! නියමිත ගිවිසුම එකහෙළාම පිළිපදිනු. මතු පවසනු ලබන දෑ (සතුන්) හැර සියලූ අන්දමේ සිවුපාවුන් නුඹලාට හලාල් (අනුමත) කරනු ලැබ ඇත. නමුත් නුඹලා ඉහ්රාම් තත්ත්වයේදි දඩයම් කිරීම හලාල් (අනුමත) කර නොගත යුතුය. නියත වශයෙන්ම අල්ලාහ් තමාට අභිමත දෙය නියම කරයි.
  • 5: 2 - විශ්වාසවන්තයිනි! අල්ලාහ්ගේ පූජනීය සංකේතය නොකෙලෙසනු. (සටන් සඳහා) තහනම් කෙරුණු මාසද කඃබාහිදි අල්ලාහ් වෙනුවෙන් කැප කරන ලද කිසිදු සතකුද, අල්ලාහ්ට කැපකර ඇති බවට සලකුණක් ඇති සතුන්ද (නොකෙලෙසනු.) තවද ඔවුන්ගේ පරමාධිපතිගේ දායාද සහ ප්‍රසාදය පතා පාරිශුද්ධ ගෘහය(කඃබාහ්ව)ට යන ජනයාටද හිරිහැර නොකරනු. නුඹලා ඉහ්රාම් ඉවත් කළහොත් ඉන්පසු දඩයමේ යෙදීමට නුඹලාට අවසර ඇත. මස්ජිදුල් හරාම් (කඃබාහ්) වෙත පැමිණීමෙන් ඔවුන් නුඹලා වැළක්වීම නිසා (එවැනි) ජනයාට එරෙහිව ඇති කෝපය නුඹලා සීමාව ඉක්මවීමට නුඹලාව නොපෙළෙඹවිය යුතුය. තවද යහපත් පුණ්‍ය කටයුතුවලදීද, බියබැතිමත් භාවයේදීද එකිනෙකාට සහාය වනු. පාපකාරී (කටයුතු) හා සීමාව ඉක්මවායාම(කටයුතුවල)ට නුඹලා එකිනෙකාට සහාය නොදෙනු. අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන්ම අනිශ්ඨ ප්‍රතිවිපාක ගෙනදීමෙදී අල්ලාහ් දරුණුය.
  • 5: 3 - ස්වාභාවික ලෙස මියගිය සතුන්ද” රුධිරයද” ශුකර මාංශද” අල්ලාහ්ට හැර (වෙනත් නමකින්) මරනු ලැබූ සතුන්ද” ගෙළ මිරිකීමෙන් මැරුණු සතුන්ද” මිය යනතුරු පහර දෙනු ලැබූ සතුන්ද” වැටීමෙන් මරණයට පත්වූ සතුන්ද” (තවත් සතෙකු විසින්) ඇන මරනු ලැබූ සතුන්ද” මාංශ භක්ෂිකයෙකු විසින් (ගොදුරු කොට) සපා කන ලදුව (පණ පිටින් සිටි) සතුන්ගෙන් නුඹලා විසින් නිසි ලෙස මරනු ලැබූ සතුන් හැර (අන්සතුන්ද) නැමදුම් කිරීමට සිටුවන ලද දැයට කපන ලද සතුන්ද, තවද, ඊතලවලින් නිමිති සෙවීමද, නුඹලාට තහනම් කරන ලදී. මේ සියල්ල පාපකාරී ක්‍රියාවන්ය. (නුඹලා) නුඹලාගේ ආගමෙන් (දීන්හි සිට ආපසු හැරවීමේ) ප්‍රතික්ෂේප කරන්නන්(ගේ බලාපොරොත්තුව) අද දින සුන්විය. එනිසා නුඹලා ඔවුනට බිය නොවනු. මට බියවනු. අද දින මම නුඹලා වෙනුවෙන් නුඹලාට නුඹලාගේ ආගම සම්පූර්ණ කළෙමි. තවද මාගේ දායාදයන් නුඹලා වෙත පරිපූර්ණ කළෙමි. තවද නුඹලාගේ දීන් (ජීවන රටාව) වශයෙන් ඉස්ලාමය සතුටින් තෝරා දුනිමි. (එනිසා හරාම් හලාල් පිළිබඳව සීමා නොඉක්මවනු.) නමුත් කුසගින්නෙන් පෙළෙන්නෙකුට පව් කිරීමේ අදහසින් තොරව තහනම් දෙයින් යමක් කෑම වැළැක්විය නොහැකි වී නම්, එය පාපයක් නොවන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා අසීමිත කරුණාන්විතය.
  • 5: 4 - (නබි මුහම්මද්!) තමන්ට හලාල් (අනුමත) කරනු ලැබ ඇත්තේ කුමක් දැයි ඔවුහු නුඹෙන් විමසති. (සියලූම) පිරිසිදු වූ දේ නුඹලාට හලාල් (අනුමත) කරනු ලැබ ඇත. තවද අල්ලාහ් විසින් නුඹලාට උගන්වා ඇති පරිදි නුඹලා විසින් ඔවුනට උගන්වා (දඩයම් කිරීමට) නුඹලා පුහුණු කර (පිටත් කර හරින ලද) දඩයක්කාර සතුන් විසින් නුඹලා වෙනුවෙන් හසු කරගෙන සිටින සතුන්ද අනුභව කරනු. නමුත් නුඹලා එවිට අල්ලාහ්ගේ නම සඳහන් කළ යුතුය. තවද අල්ලාහ්(ගේ නීතිය කඩ කිරීම)ට බිය විය යුතු යැයි පවසනු. නියත වශයෙන්ම (ප්‍රතිවිපාක සඳහා නුඹලාගේ කටයුතු) ගණන් ගැනීමේදී අල්ලාහ් කඩිනම්ය.
  • 5: 5 - (සියලූම) හොඳ දෑ අද නුඹලාට හලාල් (අනුමත) කර දී තිබේ. තවද දහම්ලත් ජනයාගේ ආහාරයද නුඹලාට අනුමතයි. නුඹලාගේ ආහාරයත් ඔවුනට අනුමතයි. ඔවුනට ඔවුන්ගේ දෑවැදි දී, විවාහ මගින් නුඹලා ඔවුන්ගේ ආරක්ෂකයින් වී (ඔවුන්) ව්‍යාභිචාරයට හෝ අනියම් පෙම්වතියන් ලෙසින් තබා නොගතහොත්, පතිවත රැකි (දෙව්බැති) මුඃමීන් ස්ත්‍රීන්ද, නුඹලාට පෙර දහම් ලත් ජනයා අතුරින් පතිවත රැකි ස්ත්‍රීන්ද22 (විවාහ කරගැනීමට නුඹලාට අවසර ඇත.) කවරකු විශ්වාසය ප්‍රතික්ෂේප කරන්නේද නියත වශයෙන් ඔහුගේ (සියලූම) ක්‍රියා නිශ්ඵල වේ. තවද පරලොව ජීවිතයේදී ඔහු පරාජිතයින් අතුරින් කෙනෙක් වේ.
  • 5: 6 - විශ්වාසයන්තයිනි! නුඹලා සලාත් පැවැත්වීමට නැගී සිටින විට (නුඹලාගේ) මුහුණුද නුඹලාගේ අත් වැලමිට තෙක්ද සෝදනු. තවද නුඹලාගේ හිස (ජලයෙන්) පිසදමනු. තවද විලූඹ දක්වා නුඹලාගේ පාදද (සෝදනු.) නුඹලා ජුනුබ් (අපිරිසුදු) බවට පත්වූවානම්, එවිට (දියනා) පිරිසිදුවනු. නුඹලා රෝගිව සිටී නම් හෝ ගමනක යෙදී සිටී නම් හෝ නුඹලාගෙන් කිසිවකු මළ මුත්‍රා පහකර ඇත්නම් හෝ නුඹලා ස්ත්‍රීන් ස්පර්ශකර ඇත්නම් හෝ ජලය ලබාගත නොහැකි නම් පිරිසිදු පස් උපයෝගි කරගනු. (නුඹලාගේ අත්ල පස් මත ගසා) එයින් නුඹලාගේ මුහුණු සහ අත් පිස දමනු. නුඹලාට (ජීවිතය) දුෂ්කර කිරීමට අල්ලාහ් කැමති නැත. නමුත් අල්ලාහ් නුඹලා පිවිතුරු බවට පත් කිරීමටත් නුඹලා වෙත ඔහුගේ ආශිර්වාද සම්පූර්ණ කිරීමටත් කැමති වෙයි. ඒ හේතුවෙන් නුඹලා ගුණගරුක වන්නට පුළුවන.
  • 5: 7 - (අල්ලාහ් නුඹලාට පිරිනැමූ) අල්ලාහ්ගේ ආශිර්වාදයද නුඹලා අපි සවන් දුන්නෙමුයිද, යටත් වන්නෙමුයිද කී විට ඔහු නුඹලා සමඟ ඇති කරගත් ඔහුගේ පොරොන්දුවද සිහිපත් කරනු. තවද අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් සිත් තුළ ඇති රහස් පවා හොඳින් දනී.
  • 5: 8 - විශ්වාසවන්තයිනි! අල්ලාහ්ට (දැහැමිව) තිරසාරවූවන්ද සාධාරණ සාක්ෂිකරුවන්ද වනු. යම් ජනතාවක් සමඟ සතුරු වී සිටීම නුඹලා යුක්තියෙන් බැහැර වීමට නුඹලා නොපෙළඹවනු ඇත. යුක්තිය ඉටු කරනු. එය බියබැතිමත් භාවයට ඉතා කිට්ටුය. තවද (නුඹලාගේ කටයුතුවලදි) අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන්ම නුඹලා කරන්නේ කුමක්ද යන්න අල්ලාහ් සපුරා දැන සිටියි.
  • 5: 9 - විශ්වාසවන්තයින් වී යහපත් ක්‍රියාවල යෙදෙන්නන්ට සමාවද වටිනා තිළිණද (දෙන බවට) අල්ලාහ් පොරොන්දු වී ඇත.
  • 5: 10 - ප්‍රතික්ෂේප කරන්නෝද අල්ලාහ්ගේ ආයාත් (සංඥා) බොරු යැයි සලකන්නෝද, ඔවුහුය අපා ගින්නේ සහකාරයෝ.
  • 5: 11 - විශ්වාසවන්තයිනි! අල්ලාහ් නුඹලාට (මෑතදී) දැක්වූ අනුග්‍රහය සිහිපත් කරනු. කිසියම් ජනකොටසක් (නුඹලාට අනතුරු කිරීමට) ඔවුන්ගේ අත් නුඹලා වෙත දික්කරන්නට අදහස් කළහ. එවිට ඔහු (අල්ලාහ්) ඔවුන්ගේ අත් නුඹලාගෙන් වැළැක්වූයේය. (නුඹලාගේ කටයුතුවලදී) අල්ලාහ්ට බියබැතිමත් වනු. විශ්වාසවන්තයින් අල්ලාහ් කෙරෙහි පමණක් බලාපොරොත්තු තැබිය යුතුය.
  • 5: 12 - අල්ලාහ් ඉස්රාඊල් දරුවන්ගෙන් ස්ථීර ගිවිසුමක් ගත්තේය. ඔවුන් අතුරින් නායකයින් දෙළොස් දෙනකු අපි පත් කෙළෙමු. නුඹලා සලාත් තහවුරු කර zසකාත් ගෙවා, මාගේ රසූල්වරුන් විශ්වාස කර්මින් ඔවුන්ට ආධාර කර අල්ලාහ්ට යහපත් ණය මුදලක් ගෙව්වා නම් නියත වශයෙන්ම මම නුඹලා සමඟ සිටිමි. එවිට මම නුඹලාගේ දොස් මකා දමන්නෙමි. තවද යටින් දියඇලි ගලා බස්නා ස්වර්ගයන්ට මම නුඹලා ඇතුළත් කරන්නෙමියිද අල්ලාහ් පැවසීය. ඉන්පසු නුඹලා අතුරින් යම් කිසිවකු ප්‍රතික්ෂේප කරයි නම් ඔවුන් නියතවශයෙන්ම සත්‍ය මාර්ගයෙන් ඉවතට ගොස් ඇත.
  • 5: 13 - පසුව ඔවුන් තම ගිවිසුම කැඩූ නිසා අපි ඔවුන්ට ශාප කළෙමු. තවද ඔවුන්ගේ සිත් දැඩි කළෙමු. (ඔවුන් දැන් කෙතරම් පිරිහී ඇත්ද යත් ශුද්ධ ලියවිලිවල) වචන ඒ ඒ තැන්වලින් ඉඳුරා වෙනස් කරති. මේ හැර ඔවුන්ට පිරිනමන ලද ඉගැන්වීම්වලින් වැඩි කොටසක් ඔවුන් අමතක කර ඇත. තවද ඔවුන්ගෙන් ස්වල්ප දෙනකු හැර සෙස්සන්ගේ කූටෝපක්‍රම නුඹ දිගින් දිගට දැනගන්නේය. එවිට නුඹ ඔවුන්ට සමාවදී ඔවුන් කරන වරද ඉවසනු. නියත වශයෙන්ම අල්ලාහ් (සෙසු අය සමඟ කටයුතු කිරිමේදී) ත්‍යාගශීලි වන්නන් ප්‍රිය කරයි.
  • 5: 14 - එසේම අපි නසාරාවරුන් යයි කි ජනයාගෙන්ද ගිවිසුමක් ගත්තෙමු. නමුත් ඔවුහුද තමන්ට උගන්වන ලද බොහෝ දේ අමතක කළහ. එබැවින් පරමාන්ත දිනය තෙක් ඔවුනතර වෛරය හා සතුරුකම් වැපිරුවෙමු. ඔවුන් (මෙලොවදී) සිදු කළ දෙය ගැන අල්ලාහ් ඔවුන්ට මතුව දන්වයි.
  • 5: 15 - දහම්ලත් ජනයිනි! නියත වශයෙන්ම අපේ රසූල්වරයා නුඹලා වෙත පැමිණ සිටී. දහමෙහි තිබියදී නුඹලා සැඟවූ බොහෝ දේ ඔහු නුඹලාට හෙළිදරව් කරයි. තවද ඔහු බොහෝ දේවලට සමාව දෙයි. අල්ලාහ් වෙතින් ආලෝකයද (සත්‍ය දහම පැහැදිලි කරන) ධර්ම ග්‍රන්ථද නුඹලා වෙතට පත්ව ඇත.
  • 5: 16 - ඔහු(අල්ලාහ්)ගේ ප්‍රසාදය පතන්නන්ට අල්ලාහ් එමගින් සාමයේ මං පෙන්වයි. තවද ඔහුගේ කැමැත්තෙන් ඔවුන් අන්ධකාරයන්ගෙන් මුදවා ආලෝකය වෙත ගෙනෙයි. තවද සෘජු මාර්ගය දෙසට ඔවුනට ඔහු මඟ පෙන්වයි.
  • 5: 17 - සැබැවින්ම ‘අල්ලාහ්’ යනු මර්යම්ගේ පුත් මසීහ් යැයි කී අය නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළෝ වෙති.39මර්යම්ගේ පුත් මසීහ්ද ඔහුගේ මවද මෙම මිහිතලය මත වෙසෙන සියල්ලන්ද විනාශ කර දැමීමට ඔහු(අල්ලාහ්)ට සිත්වූවා නම්, අල්ලාහ් එසේ කිරීමෙන් වැළැක්වීමට බලය ඇත්තේ කවරකුටදැයි (නබි මුහම්මද්) පවසනු. අහස්වලද මහපොළොවෙහිද ඒ දෙක අතර ඇති සියලූ දෙයක්මද අල්ලාහ්ට අයිතිය. ඔහු තමාට අභිමත ඕනෑ දෙයක් මවයි. අල්ලාහ් සෑම දෙයක් කෙරෙහිම බලසම්පන්නය.
  • 5: 18 - යුදෙව්වෝත් කිතුනුවෝත් අපි අල්ලාහ්ගේ පුත්‍රයෝද තවද ඔහුගේ සෙනෙහසට ලක් වූවෝද වෙමුයි පවසති. එසේ නම් නුඹලාගේ පව්වලට නුඹලාට ඔහු දඬුවම් කරන්නේ ඇයි? අත්තෙන්ම නුඹලාත් ඔහු මැවූ සෙසු මිනිසුන් මෙන්ම මිනිස්සුය. ඔහු තමාට අභිමත වූ අයට සමාව දෙයි. තමාට අභිමත වූ අයට දඬුවම් දෙයි. අහස් සහ මහපොළොවේත් ඒ දෙක අතර සියල්ලත් අල්ලාහ් සතුය. ආපසු පැමිණීම ඔහු වෙත යැයි (නබි මුහම්මද්) පවසනු.
  • 5: 19 - දහම් ලත් ජනයිනි, ශුභාරංචි ගෙනෙන්නකු හෝ අනතුරු අඟවන්නකු අප වෙත පැමිණියේ නැතැයි නුඹලා නොකියනු පිණිස රසූල්වරුන් නොපැමිණි දිගු කලකට පසු නුඹලාට දේව මාර්ගය පැහැදිලි කරන්නෙක් ලෙස අපගේ රසූල්වරයා නුඹලා වෙත නියත වශයෙන් පැමිණියේය. ශුභාරංචි ගෙනෙන්නාද අනතුරු අඟවන්නාද දැන් නියත වශයෙන්ම නුඹලා වෙත පැමිණ සිටී. අල්ලාහ් සෑම දෙයක් කෙරෙහිම බලසම්පන්නය.
  • 5: 20 - මාගේ ජනයිනි, නුඹලාට පිරිනැමූ අල්ලාහ්ගේ ආශිර්වාද ගැන මතකයට නගනු. ඔහු නුඹලා අතුරින් නබිවරුන් බිහි කළේය. තවද නුඹලා පාලකයින් බවට පත් කළේය. තවද ලොව අන් කිසිවකුටත් නුදුන් දෙය නුඹලාට පිරිනුමුවේයැයි. මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
  • 5: 21 - මාගේ ජනයිනි, අල්ලාහ් නුඹලාට නිර්ණය කළ ශුද්ධ වූ භූමියට ඇතුළු වනු. නුඹලා නුඹලාගේ ආපස්සට නොහැරෙනු. එවිට නුඹලා පරාජිතයෝ වන්නාහුය.
  • 5: 22 - මූසා, එහි බලවත් මිනිස්සු සිටිති. ඔවුන් එයින් පිටවනතෙක් අපි එහි ඇතුළු නොවෙමු. ඔවුන් එයින් පිටව ගියා නම් ඊට පිවිසීමට අපි සූදානම් යැයි ඔවුහු කීහ.
  • 5: 23 - එහි පිවිසීමට බියවූවන් අතර අල්ලාහ්ගේ ආශිර්වාදය ලද, දෙදෙනෙක්ද වූහ. (මොවුහු ඒ බලවතුන් ගැන නොතකා ඒ දොරටුව වෙත ගමන් ගත්හ.) නුඹලා ඔවුන් වෙත වාසල් දොරටුවෙන් ඇතුළු වනූ. නුඹලා එහි ඇතුළු වුවහොත් නිසැකයෙන්ම නුඹලා ජයග්‍රාහකයින් වනු ඇත. නුඹලා සැබෑ විශ්වාසකයින් නම් (නුඹලාගේ කටයුතු) අල්ලාහ් කෙරෙහි බාර කරන්නැයි පැවසූහ.
  • 5: 24 - මූසා, ඔවුන් එහි රැඳී සිටින තාක් අපි කිසිදිනක ඊට ඇතුළු නොවෙමු. එබැවින් නුඹත් නුඹගේ පරමාධිපතිත් එහි ගොස් (නුඹලා දෙදෙනා) සටන් කරනු. අපි මෙහි හිඳ සිටින්නෙමුයි ඔවුහු පැවසූහ.
  • 5: 25 - (මෙවිට මූසා) මාගේ පරමාධිපතියාණනි! මට මාත් මගේ සොහොයුරාත් හැර අන් කිසිවකු කෙරෙහි බලයක් නැත. එබැවින් අකීකරු මිනිසුන්ගෙන් අප වෙන් කරන්නැයි පැවසූහ.
  • 5: 26 - එවිට වසර සතළිහකට ඔවුනට එය (ඒ දේශය) තහනම් කරනු ලැබේ. (ඒ කාලය තුළ ඔවුන් ගෙයක් දොරක් නැතිව) මේ මහ පොළොවෙහි සැරිසරනු ඇත. ඒ අකීකරු ජනයා සම්බන්ධයෙන් කණගාටු නොවන්නැයි අල්ලාහ් කීය.
  • 5: 27 - (නබි මුහම්මද්!) තවද, ඔවුනට ආදම්ගේ පුතුන් දෙදෙනාගේ කථාව කියනු. මේ දෙදෙනා කුර්බාන් (අල්ලාහ් වෙනුවෙන් සතෙකු පරිත්‍යාග කිරීම) දුන් විට, මේ දෙදෙනාගේ එක් කෙනෙකුගෙ(කුර්බානය)න් පිළිගනු ලැබූ නමුත් අනෙක් කෙනාගෙන් පිළිනොගන්නා ලදී. එවිට ඔහු (දෙවැන්නා) මම නුඹ මරන්නෙමියි කීය. එවිට අල්ලාහ් පිළිගන්නේ බියබැතිමත් අයගෙන් පමණකි. යි ඔහු (පළමුවැන්නා) කීය.
  • 5: 28 - නුඹ මා මරන්නට නුඹේ අත මා වෙත දිගු කලත්, මම නුඹ මැරීමට මගේ අත නුඹ වෙත දිඟු නොකරමි. විශ්වයේ අධිපති වන අල්ලාහ්ට නියත වශයෙන්ම මා බියබැතිමත් වන්නේ යැයි ඔහු කීය.
  • 5: 29 - නුඹ මගේ පව්වලත් නුඹේම පව්වලත් බර ඉසිලිය යුතුයි. එමගින් නුඹ නිරයේ සහකරුවන් අතරින් කෙනකු වන්නේ යැයි මම අපේක්ෂා කරමි. අපරාධකරුවන්ගේ ඵල විපාකය මෙය වේ.
  • 5: 30 - එවිට, ඔහුගේ සහෝදරයා මරන්නට ඔහුගේ සිත ඔහු පෙළඹුවේය. (එමනිසා හෙතෙම ඔහු මරා දැමුවේය.) එමගින් ඔහු පරාජිතයන්ගෙන් (කෙනකු) විය.
  • 5: 31 - එවිට ඔහුගේ සහෝදරයාගේ මළ සිරුර කෙසේ වසන්නේ දැයි ඔහුට පෙන්වා දෙනු පිණිස පොළොවෙහි පහුරු ගසන කපුටකු අල්ලාහ් එව්වේය. අහෝ! මාගේ ඛේදවාචකය, මාගේ සහෝදරයාගේ මළ සිරුර වසා දැමීමට මෙම කපුටා මෙන්වත් මට නොහැකි වූයේද යි ඔහු කීවේය. ඉක්බිතිව ඔහු පසුතැවිලි වන්නන්ගෙන් කෙනෙක් වීය.
  • 5: 32 - මිනී මැරීමකට දඬුවමක් ලෙසින් මිස හෝ මහපොළොවේ අවුල් වියවුල් පැතිර වීම සම්බන්ධයෙන් මිස හෝ (වරදකරුවන්නකු හැර) අන් කෙනකු ඝාතනය කරන්නා සකල මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කළා සේය. එහෙත් යමෙක් කෙනකු ජීවත් කර වන්නට සැලසු වුවහොත් ඔහු සකළ මනුෂ්‍ය වර්ගයාම ජීවත් කළා වැනි යැයි අප ඉස්රායිල් දරුවන්ට අණ කළෙමු. තවද අපගේ රසූල්වරුන් පැහැදිලි සංඥා රැගෙන ඔවුන් වෙත පැමිණියහ. ඉන්පසුද ඔවුන්ගෙන් වැඩි දෙනා මහ පොළොවෙහි සීමාව ඉක්මවන්නට වූහ.
  • 5: 33 - අල්ලාහ්ටත් ඔහුගේ රසූල්(වක්තෘ)ටත් විරුද්ධව සටන් වදිමින් දේශයේ අනර්ථ ක්‍රියා පතුරුවන්නන්ට නියමිත දඬුවම මෙයයි. එවැන්නන් මරණයට පත් කළ යුතුයි. නැත්නම් කඳ ගැසිය යුතුයි. නැත්නම් ඒකාන්තරව ඔවුන්ගේ අත්ද ඔවුන්ගේ පාදද කපා දැමිය යුතුයි. එසේත් නැත්නම් ඔවුන් රටින් පිටුවහල් කළ යුතුයි. මෙය ඔවුන්ට මෙලොවේදි විඳින්නට සිදුවූ නින්දාවයි. පරලොවදීද ඊට වඩා දරුණු වේදනාවක් ඔවුනට නියමිතව ඇත.
  • 5: 34 - ඔවුන් කෙරෙහි නුඹලා බලයට පත් වීමට පෙර (ඔවුන්ගෙන්) පශ්චාත්තාප වන්නන් හැර. (එවැන්නෝ දඬුවමින් මිදෙති) අල්ලාහ් ක‍ෂමාශීලී හා අසීමිත කරුණාවන්ත යැයි දැනගනු.
  • 5: 35 - විශ්වාසවන්තයිනි! අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද ඔහුට සමීප වීමේ මාර්ග සොයනු. තවද ඔහුගේ මාර්ගයෙහි දැඩි උත්සාහ කරනු. නුඹලා සැබෑ ජයග්‍රාහකයන් වීම පිණිස.
  • 5: 36 - නියත වශයෙන්ම, ප්‍රතික්‍ෂේප කරන්නන්ට මහ පොළොවෙහි වූ සියලූම දේ (සම්පත්) හා එවැනි තවත් කොටසක් ඒ සමඟම ඔවුනට තිබී ඒවා සියල්ලද ඔවුන් මළවුන් නැගිටුවීමේ දිනයෙහි සතු වේදනාවෙන් ගැලවීම සඳහා වන්දියක් වශයෙන් පිදුවද ඔවුන්ගෙන් එය පිළිගනු නොලැඛෙනු ඇත. තවද ඔවුනට ඉතා කුරිරු වේදනා සහගත දඬුවම නියමිතය.
  • 5: 37 - අපායේ ගින්නෙන් පිටත් වීමට ඔවුන් පතනු ඇත. නමුත් ඔවුන්ට ඉන් පිටත යාමට නොහැකිය. තවද” සදාකාලින වේදනාව ඔවුනට හිමිය.
  • 5: 38 - සොරකම් කරන පිරිමියකු හෝ ගැහැණියක හෝ වේවා ඔවුන් දෙදෙනා කළ ක්‍රියාවට විපාකය ලෙසත් තවද (සෙස්සන් විසින් ආදර්ශයට ගත හැකි) අල්ලාහ්ගෙන් ලැබුණු දඬුවමක් ලෙසත් ඔවුන් දෙදෙනාගේ අත් සිඳ දමනු. අල්ලාහ් සර්ව බලධාරිය, සර්ව ප්‍රාඥය.
  • 5: 39 - නමුත් සිය පාපී ක්‍රියාවෙන් පසු යමකු තව්බා (පශ්චාත්තාප) කර යහපත් කෙනකු බවට පත්වනවා නම් නියත වශයෙන්ම අල්ලාහ් ඔහු කෙරෙහි සමා වන්නේය. නියතවශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලීය, අසීමිත කරුණාන්විතය.
  • 5: 40 - (නබි මුහම්මද්!) නියත වශයෙන්ම අහස්වල හා මහපොළොවේ පරමාධිපතිකම අල්ලාහ්ට බව නුඹ නොදන්නහුද? ඔහු තමාට අභිමත වූවකුට දඬුවම් දෙන්නේය. තවද තමාට අභිමත වූවකුට ඔහු සමාව දෙන්නේය. සියලූම දේ කෙරෙහි අල්ලාහ් බල සම්පන්නය.
  • 5: 41 - ධර්ම දූත(මුහම්මද්!) තම මුවින් අපි විශ්වාස කළෙමු. යැයි පවසමින් තම සිත්හි විශ්වාසයක් නොමැති ප්‍රතික්ෂේපයේ ඉක්මන් කරන්නාවූ අයද (ඉතා කැමැත්තෙන් හා ඕනෑකමින්) අසත්‍යයවලට සවන් දෙන්නා වූද, නුඹ වෙතට පැමිණීමට අවස්ථාවක් (කිසි දිනෙක) නොලද්දවුන් වෙනුවෙන් සවන් දෙන්නා වූද, (අල්ලාහ්ගේ ධර්ම ග්‍රන්ථයේ එන) වදන් ප්‍රකරණයෙන් බැහැරට ගෙන (ඒවායේ නිවැරදි අරුත) විකෘති කර මෙය නුඹලාට දෙන ලද්දේ නම් එය පිළිගනු. එය නුඹලාට නොදෙන ලද්දේ නම් ප්‍රවේශම් වනු 66 යැයි පවසන යුදෙව්වන්ද නුඹ ශෝකයට පත් නොකෙරේවා. අල්ලාහ් යමකු පරීක්ෂාවට ලක් කිරීමට අභිමත වුවහොත් අල්ලාහ්ගෙන් (එය) වළක්වා ගැනීමට ඔහු වෙනුවෙන් නුඹට කිසිවක් කිරීමට නුපුළුවන. ඔවුන්ගේ සිත් පිරිසිදු කිරීමට අල්ලාහ්් අභිමත නොවූ අය ඔවුහු වෙති.68 ඔවුන්ට මෙලොවහිදි නින්දා අපහාසය, තවද පරලොවහිදි කටුක දඬුවම්ය.
  • 5: 42 - ඔවුහු අසත්‍යයට සවන් දෙති. හරාම් (තහනම්) දේ ගිල දමති. එබැවින් ඔවුන් (තමන්ගේ නඩු ඉදිරිපත් කරමින්) නුඹ හමුවට පැමිණියා නම් ඔවුන් අතර නුඹ විනිශ්චය කරනු. නැතහොත් ඔවුන් ප්‍රතික්ෂේප කරනු. නුඹ ඔවුන් ප්‍රතික්ෂේප කළා නම් නුඹට යම් හානියක් කිරීමට ඔවුනට නුපුළුවන. නමුත් නුඹ ඔවුන්ගේ නඩු විසඳනවා නම් යුක්තිය අනුව ඔවුන් අතර විසඳනු. නියතවශයෙන්ම යුක්තිය අනුව ක්‍රියා කරන අය අල්ලාහ් ප්‍රිය කරයි.
  • 5: 43 - අල්ලාහ්ගේ විසඳුම් සහිත තව්රාත්(ග්‍රන්ථය) ඔවුන් වෙතම තිබියදී ඔවුන් නුඹ තම විනිශ්චයකරු කරගන්නේ කෙසේද? ඉක්බිතිව ඔවුහු එයින් බැහැර වෙති. ඔවුහු විශ්වාස කරන්නෝ නොවෙති.
  • 5: 44 - සැබැවින්ම අපි තව්රාතය පහළ කළෙමු. එහි යහමඟ ද ආලෝකය ද ඇත. (අල්ලාහ්ට) ඉඳුරා අවනත වූ (සියලූම) නබිවරුන් යුදෙව්වන් බවට පත් වූවන්ට නඩු විසඳුවේ ඒ අනුවය. රබ්බානිවරු(ධර්ම විශාරදයෝ)ද අහ්බාර්වරු(ආගමික නීතිවේදීහු)ද එසේම කළහ. ඒ ඔවුන් අල්ලාහ්ගේ ධර්ම ග්‍රන්ථයේ ආරක‍ෂයින් හා ඊට සාක‍ෂිකරුවන් ලෙස සිටි හෙයිනි. ඒ නිසා (යුදෙව්වරුනි) මිනිසුන්ට බිය නොවනු. මට බිය වනු. තවද මාගේ වචන සුළු මිලක් වෙනුවෙන් නොවිකුණනු. අල්ලාහ් විසින් එවන ලද දෑ (නීතිය) අනුව තීන්දු නොදෙන්නේ කවරෙක්ද ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.
  • 5: 45 - ජීවිතයට ජීවිතය, ඇසට ඇස, නාසයට නාසය, කණට කණ, දතට දත සහ (සියලූම) තුවාල වෙනුවෙන් ඒ හා සමාන විපාක කරනුයි අපි එහි (තව්රාතයෙහි) ඔවුනට අණ පැණවීමු. පිනක් වශයෙන් එයින් (පළිගැනීමෙන්) වළකින අයට එය පව් සමාවක් වෙයි. අල්ලාහ් පහළ කළ දෑ අනුව විනිශ්චය නොකරන්නේ කව්රුද? අපරාධකරුවෝ ඔවුහුමය.
  • 5: 46 - අනතුරුව ඔවුන්ගෙන් (එම රසූල්වරුන්ගෙන්) පසුව (ඔවුන්ගේ මාර්ගයෙහිම) තමා ඉදිරියෙහි (පෙර) වූ තව්රාතයද සත්‍ය කරමින් මර්යම්ගේ පුත් ඊසාව අනුපිළිවෙලින් සැළැස්වූවෙමු. තවද එයට ඉදිරියෙහි වූ තව්රාතයේ (වෙනස් නොකර) ඇති දෑ සත්‍ය කරමින්ද බැතිමතුන්ට යහමඟක් හා උපදේශයක් වශයෙන්ද එහි මඟපෙන්වීම හා ආලෝකය ඇති ඉන්ජිලය අපි ඔහුට පිරිනැමුවෙමු.
  • 5: 47 - ඉන්ජිලය පිරිනමන ලද අය එහි අල්ලාහ් පහළ කළ දෙය අනුව යුක්තිය විනිශ්චය කරත්වා. තවද කවරෙක් අල්ලාහ් පහළ කළ දෑ අනුව විනිශ්චය නොකළේද (අල්ලාහ්ගේ නීතිය) උල්ලංඝණය කරන්නෝ ඔවුහුමය.
  • 5: 48 - එයට ඉදිරියෙහි වූ දහම් ග්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක‍ෂා කරමින්ද (නබි මුහම්මද්!) සත්‍යයෙන් පදනම් වූ දහම් ග්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු. අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය. එබැවින් සත් ක්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.
  • 5: 49 - (නබි මුහම්මද්!) අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. අල්ලාහ් නුඹ වෙත පහළ කළ දැයින් (මඟ පෙන්වීමෙන්) කිසිම දෙයකින් ඔවුන් නුඹ ඉවත් නොකරන්නට වග බලාගනු. ඔවුන් (එම මඟපෙන්වීමෙන්) බැහැර වනවා නම් ඔවුන්ගේ ඇතැම් පව් හේතුවෙන් ඔවුන් දුක් කරදරවල පටලැවීමටය අල්ලාහ් අභිමත වී ඇත්තේ යැයි දැනගනු. නියත වශයෙන්ම මෙම ජනයාගෙන් වැඩිදෙනා පව්කාරයෝ වෙති.
  • 5: 50 - (ඔවුන් දේව නීතියෙන් බැහැර යන්නේ) ජාහිලිය්යත් (අඥාන) කාලයේ නීති අනුව විනිශ්චය කරනු ලැබීමට කැමැති නිසාද? (නමුත්) ස්ථීර විශ්වාසික ජනයාට අල්ලාහ්ට වඩා යහපත් විනිශ්චයකාරයකු කවරකුද?
  • 5: 51 - විශ්වාසවන්තයිනි ! යුදෙව්වරුන්වත්, ක්‍රිස්තියානිවරුන්වත් නුඹලාගේ සහායකයන් වශයෙන් නොගනු. ඔවුහු හුදෙක් අන්‍යොන්‍ය වශයෙන් සහායකයෝය. නුඹලාගෙන් යමකු ඔවුන් සහායකයින් වශයෙන් ගත් විට (එසේ ගත්) ඔහු, ඔවුන්ගෙන් කෙනෙක් වෙයි. නියත වශයෙන්ම අල්ලාහ් වරදකරුවන්ට සිය මඟපෙන්වීම නොකරයි.
  • 5: 52 - (වංචාව හා කුහක භාවය නම්) රෝගය තම සිත් තුළ ඇති අය, අපි කිසියම් විපතකට පත්වේද කියා බියවීමුයි 84 කියමින් (යුදෙව්වරුන් හා ක්‍රිස්තියානිවරුන් තම මිත්‍රයින් කරගැනීමට ඉතා කැමැත්තෙන්) නිතර සීඝ්‍රවීම නුඹ දකිනු ඇත. අල්ලාහ් (නුඹට) තීරණාත්මක ජයග්‍රහණයක් හෝ තමන් වෙතින් විධානයක් ලබා දෙන්නට පුළුවන. එවිට ඔවුන් තම සිත්සතන් තුළ වසන් කරමින් තිබූ දෑ (වංක භාවය) ගැන පසුතැවිලි වන්නන් බවට පත්වෙනු ඇත.
  • 5: 53 - එවිට නියත වශයෙන්ම ඔවුන් නුඹලා සමඟ යැයි අල්ලාහ් නමින් දිවුරා උනන්දුවෙන් සහතික කළ අයමද මේ යැයි විශ්වාසවන්තයෝ පවසති. ඔවුන්ගේ (සියලූම) ක්‍රියා නිශ්ඵල විය. එබැවින් ඔවුහු පරාජිතයෝ වූහ.
  • 5: 54 - විශ්වාසවන්තයිනි! නුඹලා අතුරින් ඔහුගේ ධර්මයෙන් බැහැරව යන යම් කෙනකු වේ නම් (ඔහු දත යුතුයි) ඔහු (අල්ලාහ්) ඔවුනට ප්‍රිය කරන, ඔවුන් ඔහු(අල්ලාහ්)ට ප්‍රිය කරන, විශ්වාසිකයින් කෙරෙහි නිහතමානී වන, ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහි දැඩි වන, අල්ලාහ්ගේ මාර්ගයේ ඉතා කැපවීමෙන් වෑයම් කරන, තවද තමන්ට නින්දා අපහාස කරන්නවුන්ගේ අවලාදවලට බිය නොවන වෙනත් සමාජයක් අල්ලාහ් බිහිකරනු ඇත. මෙය අල්ලාහ්ගේ භාග්‍යයයි. ඔහු එය තමන්ට අභිමත කෙනකුට පිරිනමයි. අල්ලාහ් සර්ව ව්‍යාපකය, සර්වඥානීය.
  • 5: 55 - නුඹලාගේ සහායකයෝ අල්ලාහ්ද ඔහුගේ රසූල්වරයාද විශ්වාසිකයෝද සලාත්හි නිරතවන්නෝද zසකාත් ඉටු කරන්නෝද (අල්ලාහ්ට) රුකූඋ (නැමී නමස්කාරය) කරන්නෝද වෙති.
  • 5: 56 - අල්ලාහ්ද ඔහුගේ රසූල්වරයාද, විශ්වාසිකයන්ද තමන්ගේ සහායකයන් කරගන්නේ කවුරුන්ද? නියත වශයෙන්ම ජයග්‍රහකයෝ වන්නේ අල්ලාහ්ගේ පක්ෂය(ට අයත් වූවෝයැ)යි (ඔවුහු දැනගනිත්වා).
  • 5: 57 - විශ්වාසවන්තයිනි! නුඹලාට පෙරාතුව ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබූ අයගෙන් නුඹලාගේ දහම විහිළුව හා විනෝදය ලෙසට ගන්නා වූ අයද ප්‍රතික්ෂේප කරන්නන්ද සහායකයන් ලෙස නොගනු. නුඹලා (සැබෑ) විශ්වාසිකයින් නම් අල්ලාහ්ට බියබැතිමත් වනු.
  • 5: 58 - නුඹලා සලාතයට කැඳවන විට, ඔවුහු එය විහිළුවක් හා සෙල්ලමක් කරගනිති. මීට හේතුව නියත වශයෙන්ම ඔවුන් අවබෝධයක් නැති ජනතාවක් වීමයි.
  • 5: 59 - දහම් ලත් ජනයිනි, අප අල්ලාහ් හා අපට එවන ලද දෑ සහ (ඊට) පෙර ඒවූ දෑ(දහම)ද විශ්වාස කරන නිසා මිස, නුඹලා අපට එරෙහි වන්නේද? තවද නියත වශයෙන්ම නුඹලාගෙන් වැඩිදෙනා පව්කාරයෝ වෙතියි (නබි මුහම්මද්!) පවසනු.
  • 5: 60 - අල්ලාහ්ගේ සන්නිධානයෙහි දඬුවමින් (එය) වඩාත් දරුණු (දඬුවම් ලබන) අය ගැන මා නුඹලාට දන්වන්නද? (ඔවුහු කවරෙක්ද නම්) අල්ලාහ් යමෙකුට ශාප කළේද තවද ඔහු වෙත උදහස පහළ කර ඔවුන්ගෙන් වඳුරන්ද ශුකරයන්ද බවට පත් කළ අයද තාඝූත්ට කීකරු වන අයද වෙති. වඩාත් දරුණුතම තත්ත්වයට පත්වූවෝද සත්‍ය මාර්ගයෙන් බැහැරව සිටින්නෝද ඔවුහු යැයි (නබි මුහම්මද් !) පවසනු.
  • 5: 61 - ඔවුහු නුඹ වෙත පැමිණෙන විට අපි විශ්වාස කළෙමු යැයි කියති. (එහෙත්) සැබවින්ම ඔවුන් පැමිණියේ ප්‍රතික්ෂේපයෙහිය. ඔවුන් පිටව යන්නේද එලෙසින්මය. ඔවුන් (තම සිත් සතන්වල) සඟවා ගෙන සිටි දෙය අල්ලාහ් හොඳින් දනී.
  • 5: 62 - ඔහුගෙන් බොහෝ දෙනකු පවෙහිද, සීමාව ඉක්මවා යාමෙහිද, හරාම් (තහනම්) වූ ආහාර ගැනීමෙහිද තැත් කරන බව නුඹට පෙනේ. ඔවුන් කරන දේ ඉතා නපුරුය.
  • 5: 63 - පාපකාරී දෑ නොදොඩන ලෙසත්, හරාම් (තහනම්) වන දේ නොබුදිනා ලෙසත් ඔවුන්ගේ රබ්බිවරුන් (ආගමික උගතුන්) හා අහ්බාර්වරුන් (ආගමික නීති විශාරදයින්) ඔවුන්ව නොවළක්වනුයේ මන්ද? ඔවුන් කරන දේ ඉතා නපුරුය.
  • 5: 64 - අල්ලාහ්ගේ අත් බඳිනු ලැබ ඇතැයි යුදෙව්වෝ පවසති. (නැත) බඳිනු ලැබ ඇත්තේ ඔවුන්ගේම අත්ය. ඔවුන් (දේව අපහාසාත්මක) කියූ කථා නිසා ඔවුහු ශාප කරනු ලැබුවෝය. ඔහු(අල්ලාහ්)ගේ දෑත් විහිද ඇත. තමාට අභිමත අයුරු වියදම් කරයි. නුඹගේ රබ්(පරමාධිපති)ගෙන් නුඹ වෙත පහළ කරන ලද දෑ (අල්-කුර්ආනය) ඔවුන්ගෙන් බොහෝ දෙනකුට සිමාව ඉක්මවා යාමත්, කුෆ්ර්(ප්‍රතික්ෂේපිත) භාවයත් වැඩි කෙරෙන්නේමය. (මේ හේතුව නිසා) කියාමත් (පරමාන්ත) දිනය දක්වා ඔවුන²තර එදිරිවාදිකම් හා වෛරය වැපිරුවෙමු. ඔවුන් යුද ගිනිසිළු අවුලූවන සෑම විටම අල්ලාහ් එය නිවා දමන්නේය. තවද ඔවුහු ලොවේ ෆසාද් (අවුල් වියවුල්) පැතිර වීමට වෑයම් කරති. අල්ලාහ් අවුල් වියවුල් ඇති කරන්නන් ප්‍රිය නොකරන්නේය.
  • 5: 65 - දහම් ලත් ජනයා (අල්ලාහ්) විශ්වාස කර (ඔහුට) බියබැතිමත් වුවහොත් නියත වශයෙන්ම අපි ඔවුන්ගෙන් ඔවුන්ගේ පාපයන් මකා දමන්නෙමු. තවද ඔවුන්ව සෞභාග්‍යමත් සිරිබර උයන් (ස්වර්ගයන්) තූළට ප්‍රවේශ කරවන්නෙමු.
  • 5: 66 - තව්රාතයද, ඉන්ජීලයද ඔවුන්ගේ රබ්(පරමාධිපති) විසින් ඔවුන් වෙත එවන ලද දෑද අනුව ඔවුන් ක්‍රියා කළා නම් ඔවුනට ඉහළ සිටද ඔවුන්ගේ පා යට සිටද (ලැඛෙන් සම්පත් රැසක්) ඔවුහු බුක්ති විඳින්නෝමය. ඔවුනතුරින් සමහරු සෘජු මෙඟහි සිටින අයය. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනකු කරන දෑ ඉතා නපුරුය.
  • 5: 67 - ධර්ම දූත(මුහම්මද්!) නුඹේ රබ්(පරමාධිපති) විසින් නුඹ වෙත එවනු ලැබූ දෑ (ජනතාවට) පවසනු. නුඹ (එය) ඉටු නොකළා නම්, නුඹ ඔහුගේ දූත මෙහෙවර ඉටු නොකළා වනු ඇත. අල්ලාහ් ජනතාවගෙ(දුෂ්ට ක්‍රියාවන්ගෙ)න් නුඹව ආරක‍ෂා කරනු ඇත. ප්‍රතික්ෂේප කරන ජනයාට අල්ලාහ් නියත වශයෙන්ම යහමඟ නොපෙන්වන්නේය.
  • 5: 68 - දහම් ලත් ජනයිනි! තව්රාතයද ඉන්ජීලයද නුඹලාගේ රබ්(පරමාධිපති) විසින් නුඹලා වෙතට එවනු ලැබූ දෑද තරයේ පිළිපදිනතෙක් නුඹලා කිසිම පදනමක නැතැයි (නබි මුහම්මද්!) පවසනු. නුඹගේ රබ්(පරමාධිපති) විසින් නුඹට පහළ කරන ලද දෑද (අල්-කුර්ආනය) ඔවුන්ගෙන් බොහෝ දෙනකුට සීමාව ඉක්මවා යාමත් කුෆර්(ප්‍රතික්ෂේප)භාවයත් වැඩි කෙරෙන්නේමය. එබැවින් ප්‍රතික්ෂේප කරන පිරිස ගැන නුඹ ශෝක නොවනු.
  • 5: 69 - අල්ලාහ් ගැනද. යව්මුල් ආක්හිර් (අවසාන දිනය) ගැනද විශ්වාස කරමින් සත් ක්‍රියාවන් කරන කව්රුන් වුද, ඔවුන් විශ්වාසිකයින්ද, යුදෙව්වන්ද, සාබිඌන්ද, කිතුනුවන්ද වුවත් ඔවුනට බියකුදු නැත. ඔවුහු ළතැවෙන්නෝද නොවෙති.
  • 5: 70 - ඉස්රායීල් දරුවන් සමඟ අපි ගිවිසුමක් ගතිමු. තවද ඔවුන් වෙත (බොහෝ) රසූල්(වක්තෘ)වරුන් එවුවෙමු. ඔවුන්ගේ සිත් ප්‍රිය නොකරන දැය රසූල්වරයකු ඔවුනට ගෙන එන විට (රසූල්වරුන්ගෙන්) පිරිසක් බොරු(කාරයින්) යැයි ඔවුහු කීහ. තවත් පිරිසක් ඔවුහු ඝාතනය කළෝය.
  • 5: 71 - (තමන්ගේ එම ක්‍රියාවෙන්) අනර්ථයක් නොවෙතැයි ඔවුහු සිතූහ. එබැවින් ඔවුහු (සත්‍ය වටහා ගැනීමට නොහැකි) අන්ධයෝද (එයට ඇහුම්කන් දෙන්නට නොහැකි) බිහිරෝද වූහ. ඉන්පසුව අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. (ඉන්) පසුව(ත්) ඔවුන්ගෙන් බොහෝමයක් වඩවඩාත් අඳ හා බිහිරි (වූවෝ සේ හැසිරෙන්නට) වූහ. ඔවුන් කරන දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දකින්නේය.
  • 5: 72 - මර්යම්ගේ පුත් මසීහ් නියත වශයෙන්ම අල්ලාහ් යැයි කී අය සැබැවින්ම ප්‍රතික්ෂේප කළෝ වූහ. ඉස්රායිල් දරුවනි ! මාගේ ස්වාමිවූද, නුඹලාගේ ස්වාමිවූද (එකම) අල්ලාහ් නුඹලා නමදිනු. නියත වශයෙන්ම කවරකු අල්ලාහ්ට ආදේශයක් තබන්නේද අල්ලාහ් ඔහුට ජන්නාහ්ව(ස්වර්ගය) තහනම් කළේය. ඔහුගේ නිවහන අපාය වේ. (මෙවැනි) පව්කාරයන්ට පිහිට වන්නන් කිසිවකු නැතැයි මසීහ් පැවසුවේය.
  • 5: 73 - නියත වශයෙන්ම අල්ලාහ් තිදෙනාගෙන් තුන්වැන්නා යැයි කිවූ අය සැබැවින්ම ප්‍රතික්ෂේප කළෝ වෙති. එකම දෙවියකු හැර වෙනත් දෙවියන් නැත. ඔවුන් කියන දෙයින් ඔවුන් නොවැළකුණහොත් ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප කරන අයට වේදනීය දඬුවම ලැඛෙනු ඇත.
  • 5: 74 - එබැවින් ඔවුන් අල්ලාහ් වෙත හැරී ඔවුහු (කළ පාපයන්ට) පසුතැවිලි වී ඔහුගෙන් ක්ෂාමාව අයැදිය යුතු නොවේද? අල්ලාහ් ඛෙහෙවින් ක්ෂමාශීලීය. අසීමිත කරුණාන්විතය.
  • 5: 75 - මර්යම්ගේ පුත් මසීහ් රසූල්(වක්තෘ)වරයකු මිස (වෙනත් කෙනකු) නොවීය. ඔහුට පෙරද (ඔහු වැනි බොහෝ) රසූල්වරු උකුත් වූහ. ඔහුගේ මවද සත්‍යශීලි තැනැත්තියකි. ඔවුන් දෙදෙනාම (සෙසු මිනිසුන් මෙන්) ආහාර අනුභව කළෝය. අපි (සත්‍ය පිළිබඳ) සංඥා (ආයාත්) ඔවුනට කෙසේ පැහැදිලි කරන්නෙමු දැයි බලනු. පසුව ඔවුන් (එම සංඥාවන්-ආයාත්) විකෘති කරන සැටිද බලනු.
  • 5: 76 - අල්ලාහ් නමදිනවා වෙනුවට නුඹලාට හානියක්වත් සෙතක්වත් කිරීමේ බලයක් නැති දෙයකටද නුඹලා නමදින්නේදැයි (නබි මුහම්මද්!) පවසනු. නියත වශයෙන්ම සර්වශ්‍රාවක, සර්වඥ වනුයේ අල්ලාහ්ය.
  • 5: 77 - දහම් ලත් ජනයිනි! නුඹලාගේ දහමේ සත්‍යය හැර (නැති දෑ වැඩිපුර කියා) සීමා නොඉක්මවනු. නුඹලාට පෙර දුර්මාර්ගයේ ගොස් සෙසු බොහෝ අයත් නොමඟ යවා සම්‍යයක් මාර්ගයෙන් බැහැර ගිය ජනයාගේ සිතුවිලි නුඹලා අනුගමනය නොකරනුයි (නබි මුහම්මද්) පවසනු.
  • 5: 78 - ඉස්රායිල් දරුවන් අතුරින් ප්‍රතික්ෂේප කළ අය, දාවුද් සහ මර්යම්ගේ පුත් ඊසාගේ දිවෙන් ශාප කරනු ලැබුණි. එය ඔවුන් අකීකරු වී සීමාව ඉක්මවූ හෙයිනි.
  • 5: 79 - ඔවුහු තමන් කළ වැරදි ක්‍රියාවන් නොකරන ලෙස එකිනෙකා නොවැළැක්වූහ. ඔවුන් කළ දැය ඉතා නපුරුය.
  • 5: 80 - (නබි මුහම්මද්!) ඔවුන්ගෙන් බොහෝ දෙනකු (විශ්වාසිකයන්ට එරෙහිව) ප්‍රතික්ෂේප කරන අය සහායකයින් කරගැනීම නුඹට දැකිය හැකිය. ඔවුන් තමතමන්ටම ඉදිරිපත් කළ දැය ඉතා නපුරුය. අල්ලාහ් ඔවුන් කෙරෙහි උදහස පහළ කෙළේ මෙනිසාය. ඔවුහු වේදනාවෙහි සදාකාලිකවම වෙසෙති.
  • 5: 81 - ඔවුහු අල්ලාහ් ගැනද නබිවරයා ගැනද ඔහු (නබිවරයා) වෙත පහළ කරනු ලැබූ දැය ගැනද විශ්වාසය කරන්නාහු නම් ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) ආරක්ෂකයන් ලෙස නොගන්නෝමය. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනකු පව්කාරයෝ වෙති.
  • 5: 82 - (නබි මුහම්මද් !) විශ්වාසිකයින්ට ඉතා දරුණු සතුරන් ලෙස යුදෙව්වන්ද, (අල්ලාහ්ට) ආදේශ තබන්නන්ද, නියත වශයෙන්ම නුඹ දකින්නෙහිය. තවද නියත වශයෙන්ම (අපි නසාරා-කිතුනුවන් යැයි කියන්නෝ) විශ්වාසය කරන අයට ආදරයෙන් සමීප වන්නන් ලෙස නුඹ දකින්නෙහිය. මීට හේතුව බැතිමත් විද්වතුන්ද පැවිද්දන්ද ඔවුන් අතර සිටින නිසාත් ඔවුන් උඩඟු නොවන නිසාත්ය.
  • 5: 83 - රසූල්(වක්තෘ)වරයා වෙත පහළ කරනු ලැබූ දැයට ඔවුන් සවන් දුන් විට, ඔවුන් සත්‍ය වටහාගත් හෙයින් ඔවුන්ගේ ඇස්වලින් කඳුළු ගලා යාම (නබි මුහම්මද්) නුඹ දකී. අපගේ ස්වාමීනී, අපි විශ්වාස කළෙමු. එබැවින් අපව සාක්ෂි දරන්නන් සමඟ ලියා තබනු මැනවියි ඔවුහු කියති.
  • 5:84 - අපගේ ස්වාමි අපව යහපත් අය සමඟ ඇතුළු කිරීම අප ප්‍රිය කරන හෙයින් අප අල්ලාහ් ගැනද අප වෙත පහළ වූ සත්‍ය ගැනද විශ්වාස නොකරන්නේ කුමක් නිසාදැ(යි ඔවුහු කියති.)
  • 5: 85 - ඔවුන් කියූ (මෙවැනි) දෑ නිසා ඊට යටින් දිය දහර ගලා බස්නා ජන්නාහ්ව (ස්වර්ගය) ඔවුනට තිළිණයක් සේ අල්ලාහ් පිරිනැමුවේය. ඔවුහු එහි සදාකල් වෙසෙති. මෙය යහකම් කරන්නවුන්ගේ තිළිණයකි.
  • 5: 86 - ප්‍රතික්ෂේප කළාවූද තවද අපගේ සංඥාවන් (ආයාත්) බොරු යැයි කී අයද (වන) ඔවුහුමය නිරයේ සහකාරයෝ.
  • 5: 87 - විශ්වාසවන්තයිනි! අල්ලාහ් නුඹලාට හලාල් (අනුමත) කළ පිවිතුරු දේ නුඹලා තහනම් නොකරගනු. තවද සීමාව නොඉක්මවනු. නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ප්‍රිය නොකරයි.
  • 5: 88 - අල්ලාහ් නුඹලාට සපයා ඇති අනුමත කළ දේ හා පිවිතුරු දේ අනුභව කරනු. නුඹලා ඔහු ගැන විශ්වාසය තබන අල්ලාහ්ට බියබැතිමත්වනු.
  • 5: 89 - නොසැළකිල්ලෙන් (අවබෝධයෙන් තොරව) දිවුරන නුඹලාගේ දිවුරිම් සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාව වරදට පත් නොකරයි. නමුත් නුඹලා ඕනෑකමින් (අවබෝධයෙන් යුතුව) කරන දිවුරිම් සම්බන්ධයෙන් ඔහු නුඹලාව වරදට හසු කරයි. එයට (දිවුරිම් කඩ කිරීමේ වරදට දෙන) පිළියම නම්, නුඹලාගේම පවුලේ අයට සපයනු ලබන තත්ත්වයේ සාමාන්‍ය ආහාර පානවලින් දිළින්දන් දස දෙනකුට සංග්‍රහ කිරීමයි. නැතිනම් ඔවුන්ට අඳුම් දන් දීමයි. එසේ නැත්නම් එක දාසයකු (වහළකු) නිදහස් කිරීමයි. කවරකු හෝ (මෙයින් එකක්වත් කිරීමට) අපොහොසත් වේ නම් ඔහු දින තුනක් සව්ම් (උපවාසය) සමාදන් විය යුතුය. නුඹලා දිවුරා ඇති නුඹලාගේ දිවුරීම් කඩ (කළා නම්) ඊට පිළියම (විපාකය) මෙයයි. (එබැවින්) නුඹලාගේ දිවුරීම ආරක‍ෂා කරගනු. නුඹලා ගුණ ගරුක වීම පිණිස අල්ලාහ් මෙසේ තම අණපනත් නුඹලාට පැහැදිලිව දක්වයි.
  • 5: 90 - විශ්වාසවන්තයිනි! සුරාව, සූදූව, අන්සාබ් (ආදේශවාදීන් අදහන පිළිරුව ඉදිරියේ පූජාවන් සඳහා යොදා ගන්නා ගල්) හා අzස්ලාම් (නිමිති බැලීමට සිටුවා තබා ඇති රිටි) යන මේ සියල්ලම ෂෙයිතාන්ගේ පිළිකුල් සහගත ක්‍රියා වේ. එනිසා මේවායින් වළකිනු. නුඹලාට ජයග්‍රාහකයන් විය හැකිය.
  • 5: 91 - සුරාව, සූදුව මගින් නුඹලා අතර වෛරය හා ද්වේශය වැපිරීමටත් අල්ලාහ් සිහිකිරීම හා සලාතය (ඉටු කිරීමෙන්) නුඹලා වළක්වාලීමටත්ය, නියත වශයෙන්ම ෂෙයිතාන් ප්‍රිය කරන්නේ. (ඒනිසා ඒවායින්) නුඹලා වළකින්නේද?
  • 5: 92 - අල්ලාහ්ට අවනත වනු. රසූල්(වක්තෘ)ටත් අවනත වනු. තවද (අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට අවනත නොවී සිටිමෙන්) ප්‍රවේසම් වනු. නුඹලා (යම් හෙයකින් අවනත නොවී) බැහැර වුවහොත් (අපගේ පණිවිඩය නුඹලාට) පැහැදිලිව ප්‍රචාරය කිරීමය නියතවශයෙන්ම අපගේ රසූල්වරයාගේ වගකීම වන්නේ යැයි නුඹලා දැනගනිත්වා.
  • 5: 93 - විශ්වාස කර යහපත් ක්‍රියාවන් කරන්නන් (අනුමත නොවූ ආහාර) කිසිවක් (එය තහනම් කිරීමට පෙර) අනුභව කර සිටියහොත් (එය) ඔවුන් කෙරෙහි වරදක් නැත. ඔවුන් (තහනම් කළ පසු එයින්) වැළකී විශ්වාස(ඊමාන්) කර යහපත් ක්‍රියාවන් කර පසුව (අනෙකුත් පාපකාරී ක්‍රියාවන්ගෙන්) වැළකී විශ්වාස(ය ස්ථීර) කර (අල්ලාහ්ට) බිය වී අනුන්ටත් යහපත කරමින් සිටියහොත් (ප්‍රමාණවත්ය. එබැවින් තහනමට පෙර අනුභව කළ දේ පිළිබඳව වරදට හසු කරන්නේ නැත.) අල්ලාහ් යහපත කරන්නවුන් ප්‍රිය කරයි.
  • 5: 94 - විශ්වසවන්තයිනි! රහසිගතව පවා තමාට බියවන්නේ කවුරුන්දැයි දැනගැනීමට නුඹලාගේ අත්වලට හෝ නුඹලාගේ හෙල්ලවලට (පහසුවෙන්) හසුවන සේ නුඹලා (ඉහ්රාම් ඇඳුමෙන් සැරසී හරම් නම් පූජනීය ප්‍රදේශ සීමාව තුළ සිටින කල්හි) දඩයම් කළ හැකි යම් දෙයකින් අල්ලාහ් නුඹලා පරීක්ෂා කරයි. (මෙසේ අනතුරු ඇඟවීමෙන් පසුවද) සීමාවන් ඉක්මවා යන්නේ කවුරුද ඔහුට ඉතාමත් වේදනීය දඬුවම් ඇත.
  • 5: 95 - විශ්වාසවන්තයිනි! නුඹලා ඉහ්රාම් තත්ත්වයෙන් සිටිනා විට දඩයම් සතුන් නොමැරිය යුතුයි. තවද නුඹලා අතුරින් කෙනකු සිතාමතාම (ඉහ්රාම් තත්ත්වයෙන්) එය (දඩයම් සතුන්) මැරුවා නම්, ඊට සමාන අගයකින් යුත් එළු, ගව, ඔටු යනාදියෙන්, නුඹලා අතුරින් සාධාරණ (අපක්ෂපාත) මිනිසුන් දෙදෙනකු තීරණය කරන හදිය්යු එකක් (කැප කරන සතකු) ඔහු පරිභාරයක් වශයෙන් කඃබාහ්ව වෙත යැවිය යුතුයි. නැතහොත් (එසේ කිරීමට අපොහොසත් වුවහොත්) ඔහු වන්දිය වශයෙන් දිළින්ඳන්ට ආහාර සැපයිය යුතුයි. නැතහොත් ඊට සිරිලන සේ සවුම් (උපවාසය) රැකිය යුතුයි. තමා කළ ක්‍රියාවට විපාකය විඳීම සඳහා (මෙසේ පැනවේ) මීට පෙර කළ දෑට අල්ලාහ් සමා කළේය. නමුත් යමකු එය නැවත කළේ නම් අල්ලාහ් ඔවුන්ගෙන් පළිගනු ඇත. අල්ලාහ් සර්වබල සම්පන්නය, දඬුවම් කරන්නාද වේ.
  • 5: 96 - (ඉහ්රාම් තත්ත්වයේ සිටිනා විටදී) මුහුදු සතුන් දඩයම් කිරීමත් එය ආහාර වශයෙන් ගැනීමත් නුඹලාට සහ නුඹලා සමඟ ගමන් ගන්නන්හට අනුමත කර ඇත. එහෙත් නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිනා තාක් ගොඩබිම සතුන් දඩයම් කිරීම නුඹලාට තහනම් කර ඇත. නුඹලා ඔහු වෙතම රැස්කරනු ලැඛෙන්නා වූ අල්ලාහ්ටම බියබැතිමත්වනු.
  • 5: 97 - අල්ලාහ් පාරිශුද්ධ ගෘහය වූ කඃබාහ්ව ජනයා වෙනුවෙන් (ඔවුන්ගේ සාමුහික ජන ජීවිතය තහවුරු කරන) තෝතැන්නක් වශයෙන් සළසා ඇත. (ඒසේම) පූජනීය මාසයන්ද අල්-හදිය්යු සඳහා යොදා ගන්නා සතුන්ද, කලායිද්(කැප කිරීම සඳහා ගෙල වටා සංකේත මාල පැළඳ වූ) සතුන්ද, (අභයදානයන් ලෙස) සළසා ඇත. එය අහස්වල හා පොළොවේ පවතින දෑ සම්බන්ධව අල්ලාහ් මැනවින් දන්නා බව නුඹලා දැන ගැනීම පිණිසය. නියතවශයෙන් අල්ලාහ් සියලූ දේ පිළිබඳව මැනවින් දනියි.
  • 5: 98 - දඬුවම් කිරීමෙහිලා නියත වශයෙන්ම අල්ලාහ් ඛෙහෙවින් දැඩි බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා අසීමිත කරුණාන්විත බවත් මැනවින් දැනගනු.
  • 5: 99 - රසූල්වරයා(ගේ වගකීම වන්නේ-දූත මෙහෙවරය) ඉදිරිපත් කිරීම පමණකි. නුඹලා හෙළිදරව් කරන හා සඟවන සෑම දෙයක්ම අල්ලාහ් දනී.
  • 5: 100 - නරක දේ පිරී පැවතීම නුඹේ සිත්ගත්තත් හොඳ හා නරක යන දේ කෙසේවත් එක හා සමාන නොවිය හැකි යැයි (නබි මුහම්මද්) පවසනු. එබැවින් දැනුම් තේරුම් ඇති ජනයිනි, අල්ලාහ්ට (අකීකරු වීමෙන් වැළකී) බියබැතිමත්වනු. (එමගින්) නුඹලා සැබෑ ජයග්‍රහකයින් වනු ඇත.
  • 5: 101 - විශ්වාසවන්තයිනි! නුඹලාට දැනගන්නට සැළස්වීමෙන් නුඹලාටම හානිකර වියහැකි දේවල් පිළිබඳව ප්‍රශ්න නොනගනු. අල්-කුර්ආනය පහළ කෙරෙන කල්හි ඒවා පිළිබඳව නුඹලා ප්‍රශ්න ඇසුවහොත් ඒවා ගැන නුඹලාට දැනගන්නට සළස්වනු ලැබේ. (නුඹලා මෙතෙක් කර ඇති) ඒවාට අල්ලාහ් සමාව දී ඇත. අල්ලාහ් ක්ෂමාශීලි හා සහනශීලිය.
  • 5: 102 - නුඹලාට පෙර සමහර ජනයා මෙවැනි ප්‍රශ්න නැගූහ. ඔවුහු ඒනිසාම කාෆිර්වරු (ප්‍රතික්ෂේපකරුවෝ) බවට පත්වූහ.
  • 5: 103 - බහීරා, සාඉබා, වසීලා හෝ හාම් අල්ලාහ් නියම කළේ නැත. නමුත් කාෆිර්වරු (ප්‍රතික්ෂේප කරුවෝ) අල්ලාහ්ට විරුද්ධව බොරු ගොතා කියති. ඔවුන්ගෙන් බොහෝ දෙනකුට අවබෝධයක් නැත.
  • 5: 104 - (ඒනිසා ඔවුහු එවැනි මිථ්‍යා විශ්වාස පිළිගනිති.) අල්ලාහ් විසින් පහළ කර ඇති ධර්මය හා රසූල්වරයා වෙත පැමිණෙන්නැයි ඔවුනට පැවසූ විට, අපට අපේ මුතුන් මිත්තන් ජීවත් වූ අයුරු ප්‍රමාණවත් යැයි ඔවුහු පැවසූහ. ඔවුනගේ මුතුන්මිත්තෝ කිසිම දෙයක් නොදැන සත්‍ය මාර්ගය පිළිබඳව සම්පූර්ණයෙන් අඥානව සිටියාහු නම් එවිට ඔවුහු සිය මුතුන් මිත්තන් අනුගමනය කරන්නෙහිද?
  • 5: 105 - විශ්වාසවන්තයිනි! නුඹලා නුඹලාගේ ආත්මයන් රැකබලා ගනු. නුඹලා සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නාහු නම් නිවැරදි මගින් බැහැර යන කිසිවකු නුඹලාට හානියක් නොකරනු ඇත. නුඹලා සියල්ලන්ගේ ආපසු පැමිණීම අල්ලාහ් වෙතමය. එවිට ඔහු නුඹලා (එතෙක්) කරමින් සිටි දේ පිළිබඳව නුඹලාට දන්වනු ඇත.
  • 5: 106 - විශ්වාසවන්තයිනි! නුඹලා අතුරින් කෙනකුට මරණාසන්න වී ඔහු අන්තිම කැමත්ත පිළියෙළ කරන විට නුඹලා අතුරින් (යුක්ති ගරුක) සාධාරණ මිනිසුන් දෙදෙනකු (සාක්ෂිකරුවන් වශයෙන් ක්‍රියා කළ යුතුයි.) නුඹලා ගමනක යෙදී සිටින විට එහිදී නුඹලාට මරණ විපත ළඟා වූවා නම් නුඹලා අතුරින් නොවූ වෙනත් දෙදෙනකු (සාක්ෂිකරුවන් වශයෙන්) යොදවා ගත හැකිය. (ඔවුන් පිළිබඳව යම් කිසි සැකයක් නුඹලාට පහළ වුවහොත්) සලාතයෙන් පසුව එම (සාක් ෂිකරුවන්) දෙදෙනා (මස්ජිදයේ) රඳවාගත යුතුයි. එවිට ඔවුන් දෙදෙනා අල්ලාහ් නමින් දිවුරා ඔහු අපගේ කිට්ටු නෑයකු වුවත් අපි ඔහුට පක්ෂග්‍රාහි නොවෙමු. අල්ලාහ්ට දුන් අපේ සාක‍ෂිය ලාභ ප්‍රයෝජන තකා අපි නොවිකුණන්නෙමු. තවද අපි අල්ලාහ් වෙනුවෙන් දෙනු ලබන සාක්ෂිය සඟවන්නට තැත් නොකරමු. අප එසේ කළා නම් නියත වශයෙන්ම අපි පව්කාරයෝ අතර වෙමුයි (පැවසිය යුතු වේ.)
  • 5: 107 - නමුත් මේ දෙදෙනාම පාපකාරී ක්‍රියාවන් සඳහා වරදකරුවන් යැයි එළිවුවහොත් පෙර කී දෙදෙනා නිසා අයිතිවාසිකම් අහිමිවූ අය අතුරින් කිට්ටු නෑකම් ඇති දෙදෙනකු ඔවුන් වෙනුවට ඉදිරියට පැමිණ අපේ සාක‍ෂිය ඔවුන් දෙදෙනාගේ සාක‍ෂියට වඩා සැබෑය. අපි (සාක‍ෂි දීමෙහිදි) කිසිදු උල්ලංඝනයක් නොකළෙමු. අප එසේ කළා නම් නියත වශයෙන්ම අපි අයුක්ති සහගත පිරිස අතර වෙමුයි අල්ලාහ්ගේ නාමයෙන් දිවුරුම් දිය යුතුයි.
  • 5: 108 - මෙය ඔවුන් සත්‍ය මුහුණුවරින්ම සාක‍ෂිය ගෙන ඒමටද නැතහොත් (සාක‍ෂිකරුවන් වූ) ඔවුන්ගේ දිවුරුමෙන් පසු (මොවුන්ගේ සාක‍ෂිවලට විරුද්ධව උරුමක්කාරයන්ගේ) සාක්ෂි ගනු ලැබ මොවුන්ගේ සාක්ෂි බල රහිත වීම මොවුන් බියවීමට ඉතා උචිත පිළිවෙළකි. (එබැවින්) නුඹලා අල්ලාහ්ට බියවනු. (ඔහුගේ) අණපනත්වලට සවන් දෙනු. පව්කාරයින්ට අල්ලාහ් යහමඟ නොපෙන්වන්නේමය.
  • 5: 109 - අල්ලාහ් (පරලොවෙහි) සිය රසූල්වරුන් (වක්තෘවරුන්) සියල්ල එක්රැස්කරවන දිනයේ (නුඹලා මාගේ දූත මෙහෙවර මිනිසුන් වෙත පැවසූ කල්හි) නුඹලාට (ඔවුන් විසින්) කුමන පිළිතුරු දෙනු ලැබුවේදැයි විමසයි. එවිට අපට දැනුමක් නැත. නියත වශයෙන්ම ගුප්ත දැය හොඳින් දන්නේ ඔබමයැයි ඔවුන් කියනු ඇත.
  • 5: 110 - මර්යම්ගේ පුත් ඊසා! රූහුල් කුද්ස්(ශුද්ධ ආත්මය) මගින් මා නුඹ ශක්තිමත් කර නුඹ තොටිල්ලෙහිද වැඩිවියෙහිද (එක සමානව) ජනයා සමඟ කථා කිරීමටත්, තවද ධර්ම ග්‍රන්ථයද ප්‍රඥාවද තව්රාතය(තෝරාහ්)ද ඉන්ජිලය(ශුභාරංචිය හෙවත් බයිබලය)ද මා නුඹට ඉගැන්වීමත්, තවද මාගේ අවසරයෙන් නුඹ මැටියෙන් පක්ෂියකුගේ ස්වරූපය මෙන් තනා එයට නුඹ (හුස්ම) පිඹී විට එය මාගේ අවසරයෙන් (සජිවී) පක‍ෂියකු වීමත්, තවද ජාත්‍යාන්ධයන් හා කුෂ්ඨ-ලාදුරු රෝගීන් මාගේ අවසරයෙන් නුඹ සුවපත් කිරීමත්, තවද මාගේ අවසරයෙන් නුඹ මළවුන් නැගිටුවීමත්, තවද පැහැදිලි ප්‍රාතිහාර්යයන්-සංඥාවන් නුඹ ඔවුන් වෙත ගෙන ආ විට ඔවුන²තුරින් අවිශ්වාසිකයන් මෙය ඉතා පැහැදිලි හූනියමක් මිස වෙනකක් නොව යැයි කී විට(නුඹව මරණයට පත් කිරීමට තැත් කරනා) විට මා නුඹ ඉස්රායිල්ගේ පුත්‍රයන්(වන ඔවුන්)ගෙන් ආරක්ෂා කිරීමත් (මගින්) මා නුඹටත් නුඹගේ මවටත් (පිරිනැමූ) මාගේ ආශිර්වාදය සිහිපත් කරනුයි අල්ලාහ් පවසයි.
  • 5: 112 - තවද මා ගැනත් මාගේ රසූල්(වක්තෘ)වරයා ගැනත් විශ්වාස කරන්න යැයි හවාරිය්යූන්(වන නුඹගේ ගෝලයින්)ට මා ප්‍රකාශ කළ විට අපි විශ්වාස කළෙමු. තවද නියත වශයෙන්ම අපි මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වූවන්) බවට ඔබ සාක්ෂි දරන්නැයි. ඔවුහු පැවසූහ. (මෙයද නුඹ) සිහිපත් කරනු.
  • 5: 113 - (මෙයද) සිහිපත් කරනු. මර්යම්ගේ පුත් ඊසා! අහසින් අප වෙතට ආහාර තැටියක් එවන්නට නුඹගේ පරමාධිපතිට හැකිදැයි හවාරිය්යුන්හු (වන නුඹගේ ගෝලයෝ) ඇසූහ. (එවිට) නුඹලා සැබෑ මුඃමීන්වරුන් නම් අල්ලාහ්ට භියබැතිමත් වන්නැයි ඔහු (ඊසා) කීවේය.
  • 5: 114 - අප මෙයි(තැටියෙ)න්, අනුභව කරන්නටද අපගේ හදවත් ස්ථීර වීමටද ඔබ අපට සැබෑ දේ පැවසුවේදැයි අපට දැන ගැනීමටද එයට අප සාක්ෂිකරුවන් වීමටද අපි අදහස් කළෙමුයි ඔවුහු (හවාරිය්යුන්හු) පැවසූහ.
  • 5: 115 - අපගේ පරමාධිපතියාණනි! අපගේ පළමු වැන්නාටත් අන්තිමයාටත් උත්සවයක් වන පරිදිද ඔබගෙන් සංඥාවක් වශයෙන්ද අහසින් අපට ආහාර තැටියක් එවනු මැනවි. තවද අපට ආහාර සපයනු මැනවි. ආහාර සපයන්නන්ගේ ශ්‍රේෂ්ඨතමයා ඔබයැයි මර්යම්ගේ පුත් ඊසා (ප්‍රාර්ථනා කරමින්) පැවසුවේය.
  • 5: 116 - නියත වශයෙන්ම මා නුඹලා වෙත එය පහළ කරන්නෙමි. නමුත් ඉන්පසුව නුඹලා අතුරින් යම් කිසිවකු (විශ්වාස කිරීම) ප්‍රතික‍ෂ්ප කරයි නම්, මෙලොව කිසිවකුට නොදුන් අන්දමේ දඬුවම නියත වශයෙන්ම ඔහුට මා දෙන්නෙමියි අල්ලාහ් පැවසුවේය.
  • 5: 117 - අල්ලාහ් හැර මාත් මාගේ මවත් දෙවිවරුන් දෙදෙනකු වශයෙන් සළකනුයි 130 මර්යම්ගේ පුත් ඊසා, නුඹ ජනයාට කීවේදැයි අල්ලාහ් අසයි. (එවිට) ඔබ සුවිශුද්ධයි. මට අයිතියක් නැති දේ පැවසීම මට සුදුසු නොවේ. මා එවැන්නක් පැවසුවා නම් ඔබ ඒකාන්තයෙන්ම ඒ ගැන දන්නෙහිය. මා සිත්හි ඇති දෑ ඔබ දනියි. නමුත් ඔබේ සිත්හි ඇති දෑ මම නොදනිමි. ගුප්ත සියලූම දේ පිළිබඳ පූර්ණ අවබෝධය ඇත්තා ඔබ වේ යැයි ඔහු (ඊසා) පැවසුවේය.
  • 5: 118 - මාගේ පරමාධිපතිද නුඹලාගේ පරමාධිපතිද වූ අල්ලාහ් (පමණක්) නමදිනුයි ඔබ මට පැවසූ දේ විනා අන් කිසිවක් මා ඔවුනට නොකීවෙමි. තවද මා ඔවුන් සමඟ සිටිනා තාක්කල් ඔවුන්(ගේ හැසිරීම)ට සාක්ෂි කරුවකු වී සිටිමි. නමුත් ඔබ මා ආපසු කැඳවාගත් විට ඔවුන් ගැන විමසිලිමත් වූයේ ඔබයි. තවද සියලූ දෙය කෙරෙහි සාක‍ෂිය ඔබ වේ.
  • 5: 119 - ඔබ ඔවුනට දඬුවම් කළා නම් ඔවුහු ඔබේම ගැත්තෝ වෙති. තවද ඔබ ඔවුනට සමාව දෙතොත් නියත වශයෙන්ම ඔබ සර්ව බලධාරි හා සර්ව ප්‍රාඥයැයිද (ඊසා) පැවසුවේය.
  • 5: 120 - සත්‍යවාදීන්ට ඔවුන්ගේ සත්‍යභාවය ප්‍රයෝජනවත් වන දිනයයි මේ. ඊට පහළින් ගලන ගංගාවන් ඇති ජන්නාහ්වන් (උයන්) ඔවුනට ඇත. ඔවුහු සදාකාලීකව එහි වෙසෙති. ඔවුන් ගැන අල්ලාහ් තෘප්තිමත් වන්නේය. ඔවුහුද ඔහු ගැන තෘප්තිමත් වෙති. මෙය විශිෂ්ඨතම භාග්‍යයයි.
  • 5: 121 - අහස්වලත් පොළොවෙහිත් සහ එහි පවතින සියලූ දෙය කෙරෙහිත් පරමාධිපතිත්වය අල්ලාහ් සතු වෙයි. ඔහු සෑම දෙයක් කෙරෙහිම බල සම්පන්නය.



006 Al-Anam
  • 6: 1 - අහස් හා මහපොළොව මැවූ, තවද ආලෝකය හා අන්ධකාරයන් ඇති කළ අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා හිමි වේ. එසේ නමුත් ප්‍රතික‍ෂ්ප කළ අය ඔවුන්ගේ රබ්(පරමාධිපති)ට සමානයන් තබන්නෝය.
  • 6: 2 - නුඹලා මැටියෙන් මවා ඉන්පසුව (නුඹලාට) ආයුකාලයක් නියම කළේ ඔහුය. තවද (නුඹලාට) නියම කළ කාලයක්ද ඔහු වෙත ඇත.3 නමුත් ඒ ගැන නුඹලා සැක කරන්නෝය.
  • 6: 3 - අහස්වලද, මහපොළොවෙහිද, අල්ලාහ් ඔහුය. නුඹලාගේ රහස්ද, නුඹලාගේ හෙළිදරව්ද ඔහු දනියි. නුඹලා උපයාගන්නා (හොඳ හා නරක) දේ ගැනද ඔහු සපුරා දනියි.
  • 6: 4 - නමුත් තම රබ්(පරමාධිපති)ගේ සංඥාවන්ගෙන් කුමන හෝ සංඥාවක් ඔවුන් වෙත එන විට ඔවුහු එයින් ඉවත් වී සිටිති.
  • 6:5 - (දැන්) ඔවුනට සත්‍යය පැමිණි විට (ඔවුහු එය) නියත වශයෙන්ම බොරු යැයි කීහ. තමන් (මෙතෙක්) පරිහාසයට ලක් කළ දේ පිළිබඳව (යම් යම්) ප්‍රවෘත්ති 4 ඔවුනට ඉක්මණින් ලැබෙනු ඇත.
  • 6: 5 - (ඔවුනට පෙර කොපමණ පරම්පරාවන් අපි විනාශ කළෙමුදැයි ඔවුහු නොදුටුවෝද? මහපොළොවෙහි නුඹලාට වඩා අපි ඔවුන් බලගතු කළෙමු. තවද ඔවුනට අහසින් අධික වැසි එවීමු. තවද ගංගාවන් ඔවුනට පහළින් ගලා බසින්නට සැළස්වූවෙමු. නමුත් ඔවුන්ගේ පාපයන් නිසා අපි ඔවුන් විනාශ කළෙමු. තවද ඔවුනට පසුව වෙනත් පරම්පරාවක් අපි උත්පාදනය කළෙමු.
  • 6: 7 - කඩදාසියෙහි (ලියන ලද) ධර්ම ග්‍රන්ථයක් නුඹට අප පහළ කළාවුවත් එවිට එය ඔවුන්ගේ අතින් ස්පර්ශ කර බලා මෙය ප්‍රකට සූනියමක් මිස නැතැයි ප්‍රතික්ෂේප කරන අය නියත වශයෙන්ම පවසනු ඇත.
  • 6:8 - (තවද, මෙම නබි සත්‍ය නබිවරයෙකු යන්න අප භාරගැනීමට) ඔහු වෙත මලක්වර(දේව දුත)යෙකු පහළ කළ යුතු නොවේදැයි ඔවුහු කියති. (ඔවුන් කියන පරිදි) අප මලක්වරයකු පහළ කළේ නම් එවිට (ඔවුන්ගේ) ඉරණම තීරණය කරනු ලැඛෙනු ඇත. පසුව ඔවුනට අවකාශ දීමක් දෙනු නොලැබෙනු ඇත.
  • 6: 9 - (ඔවුන් තමන් වෙත පහළ විය යුතුයි කියන රසූල්වරයා) වන ඔහු මලක්වරයකු වශයෙන් අප මහපොළොවට පහළ කළේ නම්, ඔහු (ඒ මලක්වරයා) මිනිසකු ලෙසම අපි සලස්වන්නෙමු. එනිසා ඔවුන්ගේ සිත් කැළඹූ දෙයින්ම අපි ඔවුන් කැළැඹීමට පත් කරමු.
  • 6: 10 - (නබි මුහම්මද්!) නුඹට පෙර (පහළ වූ) බොහෝ රසූල්වරු ඇත්තෙන්ම සමච්චලයට ලක්කරනු ලැබූහ. එවිට ඔවුනතරින් සමච්චල් කළවුන් ඔවුන් සමච්චල් කළ දෑ විසින්ම ග්‍රහණයට ගනු ලැබීය.
  • 6: 11 - නුඹලා පොළොවෙහි සංචාරය කර බොරු යැයි කී අයගේ අවසානය කෙසේ වී දැයි සලකා බලනුයි (නබි මුහම්මද්!) කියනු.
  • 6: 12 - අහස්වල හා මහපොළොවහි ඇති දේ කාට අයිති දැයි (නබි මුහම්මද් ඔවුන්ගෙන්) අසනු. (ඒ සියල්ලම) අල්ලාහ්ට හිමි යැයි (නබි මුහම්මද්) නුඹ කියනු. ඔහු දයාලූභාවය තමා සතුකර ගත්තේය. (නුඹලා ප්‍රතික්ෂේප කරන දිනය වූ) කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) දින නියත වශයෙන්ම නුඹලා සියල්ලම ඔහු(අල්ලාහ්) එක්රැස් කරන්නේය. එය (පිළිබඳව කිසිදු) සැකයක් නැත. එහෙත් තමන් තමන්ටම හානි සිදුකරගත් අය නම්, ඔවුහු විශ්වාස නොකරති.
  • 6:13 - රාත්‍රියෙහිද දහවල්හිද පවතින සියලූ දෙය ඔහු(අල්ලාහ්)ට හිමිය. ඔහු සර්ව ශ්‍රාවකය, සර්වඥය.
  • 6: 14 - අහස් හා මහපොළොව නිර්මාණය කළ අල්ලාහ් හැර වෙනත් (කෙනකු හෝ දෙයක්) මාගේ ආරක‍ෂකයා වශයෙන් මා ගන්නෙහිද? ඔහු සියල්ලන්ටම ආහාර දෙන්නේය. ඔහුට ආහාර දෙනු නොලබන්නේය. යැයි (නබි මුහම්මද්) කියනු. ඔහුට යටහත්වන්නන්ගෙන් මා පළමුවැන්නා වන ලෙසද නුඹ මුෂ්රික්වරුන්(ආදේශ කරන්නන්)ගෙන් කෙනකු නොවිය යුතු යැයිද මට අණ කරනු ලැබුවෙමියි (නබි මුහම්මද්) පවසනු.
  • 6: 15 - මා මාගේ රබ්(පරමාධිපති)ට අකීකරු වූවා නම් මහ භයානක දිනයේ දඬුවම ගැන නියත වශයෙන්ම මා බිය වන්නෙමියි (නබි මුහම්මද්) පවසනු.
  • 6:16 - එදින කවරකුගෙන් (වද හිංසාව) ඉවත් කරනු ලබන්නේද ඔහු(අල්ලාහ්) ඔහුට දයාව දැක්වූවා වේ. මෙය පැහැදිලි ජයග්‍රහණයකි.
  • 6: 17 - අල්ලාහ් නුඹට යම් පීඩාවක් සිදුකළහොත් එය ඉවත්කිරීමට ඔහු හැර වෙනත් කෙනකු නැත. තවද ඔහු නුඹට යම් හොඳක් සිදු කළහොත් ඔහු සියලූ දෑ කෙරෙහි බල සම්පන්නය.
  • 6:18 - ඔහුමය තම ගැත්තන් කෙරෙහි තේජෝ බලපරාක්‍රමාන්විත වන්නේ. තවද ඔහුමය සර්වප්‍රඥ හා සර්වඥානී වන්නේ.
  • 6: 19 - අතිශයින්ම විශ්වාසනීය වනුයේ කුමන සාක්ෂිය දැයි (නබි මුහම්මද්) අසනු. අල්ලාහ් (මා ඔහුගේ නබිවරයා බවට) මා හා නුඹලා අතර සාක්ෂි දරයි. තවද මෙම අල්-කුර්ආනය මට ආවිශ්කාරය කොට ඇත්තේ එමගින් මවිසින් නුඹලාටත් එය ලැඛෙන අන් සියලූ දෙනාටත් අනතුරු ඇඟවීම් කිරීමටය. අල්ලාහ් සමඟ වෙනත් දෙවිවරුන් ඇතැයි කියා නුඹලා සැබවින්ම සාක්ෂි දරන්නේදැයි (නබි මුහම්මද්) අසනු. මම නම් (එවැනි කිසිවකට) සාක්ෂි නොදරමියි (නබි මුහම්මද්) පවසනු. ඇත්තෙන්ම ඔහු එකම දෙවියාය. නුඹලා (අල්ලාහ්ට) ආදේශ කරන දෙයින් නියතවශයෙන්ම මම නිදොස් වෙමියිද (නබි මුහම්මද්) පවසනු.
  • 6:20 - අප විසින් ඔවුන්ට ධර්මග්‍රන්ථය ප්‍රදානය කරනු ලැබුවෝ තමන්ගේ පුතුන් හදුනාගන්නා මෙන් (නිසැක භාවයෙන්ම) එය හඳුනාගනිති. (නමුත්) තමන් තමන්ටම අලාභ සිදු කරගත් අය නම් වූ ඔවුහු විශ්වාස නොකරති.
  • 6: 21 - තවද අල්ලාහ්ට විරුද්ධව අභූත චෝදනාවන් නඟන කෙනකුට වඩා හෝ ඔහු(අල්ලාහ්)ගේ සංඥාවන් බොරු යැයි කී කෙනකුට වඩා ඉමහත් අපරාධකරුවෝ කවරෙක්ද? ඇත්තෙන්ම (එවැනි) අපරාධකරුවෝ ජය නොලබන්නෝය.
  • 6: 22 - අප ඔවුන් සියල්ලන්ම එක්රුස් කරන(අවසන්) දින නුඹලා (නුඹලාගේ දෙවි දේවතාවුන් වශයෙන්) සැලකූ නුඹලාගේ ආදේශනයන් කොහේ දැයි? අපි ආදේශ කරන්නන්ගෙන් විමසන්නෙමු.
  • 6: 23 - (එවිට ඔවුන්) අපගේ පරමාධිපතියාණනි ! අපි කිසිසේත්ම මුෂ්රික්වරුන් (ආදේශ කරුවන්) නොවූ බවට ඔබේ නාමයෙන් දිවුරමු. යැයි කියනු මිස ඔවුනට වෙනත් ව්‍යාජ පිළිතුරක් නොමැත.
  • 6: 24 - ඔවුන් තමන්ට විරුද්ධව බොරුව කෙසේ පවසන්නේ දැයිද තවද ඔවුන් බොරු ගොතමින් සිටි දැය ඔවුන්ගෙන් බැහැරට ගිය සැටිද (නබි මුහම්මද්) නුඹ (සලකා) බලනු.
  • 6: 25 - නුඹ(පවසන දෙය)ට සවන් යොමු කරන (බවක් අඟවන) ඇතමෙක් ඔවුන් අතර වෙති. (ඔවුන්ගේ නරක ක්‍රියා හේතුකොට ගෙන) ඔවුන් එය නොවටහා ගැනීම පිණිස ඔවුන්ගේ සිත්හි තිරයක්ද ඔවුන්ගේ සවන්හි බිහිරි භාවයක්ද අපි සළස්වූවෙමු. (එබැවින් තමන්ගේ සවනට යොමුවන දෙය ඔවුනට නෑසේ.) ඔවුන් සියලූ සංඥාවන් දුටුවද, එය විශ්වාස නොකරති. ඔවුන් නුඹ වෙත පැමිණියහොත් නුඹ සමඟ විවාද කරමින් මෙය පැරුණ්නන් විසින් ගොතන ලද බොරු කථාන්තරයන් මිස නැතැයි ප්‍රතික‍ෂ්ප කරන්නෝ පවසති.
  • 6:26 - ඔවුහු (සත්‍ය වූ) එයි(විශ්වාස කිරීමෙ)න් (අන්‍යයන්ව) වළක්වති. තවද ඔවුහුද එයින් ඈත් වෙති. (මෙමගින් ඔවුන් නුඹලාට යම් හානියක් කරතැයි ඔවුහු විශ්වාස කරති. නමුත්) ඔවුන් තමන්ව විනාශයට පත් කරගැනීම මිස (වෙනත් දෙයක් කරන්නේ) නැත. (නමුත් මෙය) ඔවුහු නොවටහා ගනිති.
  • 6: 27 - ඔවුන් නිරය ඉදිරිපිට නතර කරනු ලැබූ කල්හි නුඹ (ඔවුන්ව) දුටහොත් එවිට ඔවුන් යළිත් වරක් අපි (පොළොවට) යවනු ලබන්නෝ නම් අපි අපගේ රබ්(පරමාධිපති)ගේ ආයාත් (අණපනත් සංඥාවන් ආදීන්) බොරු යැයි නොකියන්නෙමු. තවද අපි විශ්වාස කළ අය(ගෙන්) වන්නෙමුයි කියති.
  • 6: 28 - (ඔවුහු හදවතට එකඟව මෙය කියන්නෝ) නොවෙති. මෙයට පෙර ඔවුන් (තමන් තුළ) සඟවා ගෙන සිටි දැය ඔවුනට හෙළි විය. (ඔවුන් එලෙස පොළෝ ජීවිතය වෙත) ආපසු යවනු ලැබුවත් (නොකරන ලෙස) ඔවුනට තහනම් කරනු ලැබූ දැය වෙතම ඔවුහු නැවත හැරෙන්නෝය. ඇත්තේනම ඔවුහු මුසාවාදීහුමය.
  • 6: 29 - තවද, අපගේ මෙලොව ජීවිතය හැර (මරණයට පත් වූ පසු) වෙනත් ජීවිතයක් අපට නැත. (මියගිය පසු) අපි (ප්‍රාණය දී නැවත) නැගිටුවනු නොලබන්නමුයි ඔවුහු පවසති.
  • 6: 30 - තවද (ඔවුන්) ඔවුන්ගේ රබ්(පරමාධිපති)ගේ සන්නිධානයෙහි නතර කරනු ලැබූ කල්හි නුඹ (ඔවුන්) දුටුවා නම් එවිට ඔවුන්ගේ රබ් (පරමාධිපති) ඔවුන්ගෙන් (විනිශ්චය දිනය වන) මෙය සත්‍ය නොවේ දැයි පවසයි. එසේයි අපගේ පරමාධිපතියාණනි ! යැයි ඔවුහු කියති. (එවිට) එහෙයින් නුඹලා ප්‍රතිෙක‍ෂ්ප කිරීම හේතුකොට ගෙන දඬුවම අනුභව කරනු යැයි ඔහු (පරමාධිපති) කියයි.
  • 6: 31 - (විනිශ්චය දිනයේ) අල්ලාහ් හමුවීම බොරු යැයි කී අය ඇත්ත වශයෙන්ම පරාජිතයෝය. ඔවුන් වෙත (නොසිතූ පරිදි) ක්ෂණිකයෙන් (විනිශ්චය) කාලය එළඹුණහොත් ඔවුන් තම පව් තමන්ගේ පිටමත උසුලමින් අහෝ! ඛේදවාචකය මේ (දිනය) ගැන අප කොතරම් නොසැලකිලිමත් වුණා දැයි (විලාප දෙමින් ඔවුන්) කියනු ඇත. ඔවුන් ඉසුලූ දැය ඉතා නපුරුය.
  • 6: 32 - මෙලොව ජීවිතය කෙළි සෙල්ලමක් හා විනෝදයක් මිස නැත. සැබවින්ම (අල්ලාහ් කෙරෙහි) බියබැතිමත් අයට පරලොව ඉතා හොඳය. (මෙය) නුඹලා වටහා නොගන්නෙහිද?
  • 6: 33 - (නබි මුහම්මද් ! නුඹ බොරුකාරයකුයි) පවසන්නන්(ගේ වදන්) නියත වශයෙන්ම නුඹට දුක් දෙන්නක් බව අපි දනිමු. ඇත්තෙන්ම ඔවුන් නුඹව බොරු කාරයකු කරන්නේ නැත. එනමුත් අපරාධ කරන්නෝ අල්ලාහ්ගේ ආයාත් (අණපනත්-සංඥාවන් බොරු යැයි කියමින් ඒවා) ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
  • 6: 34 - (නබි මුහම්මද්!) නුඹට පෙරද රසූල්වරුන් බොරු යැයි කියනු ලැබූහ. එනමුත් තමා බොරු යැයි කියනු ලැබූ දෑ කෙරෙහිත් වද හිංසා කෙරෙහිත් අපගේ උදව් ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුහු ඉවසීමෙන් සිටියහ. (කිසිවකුටත්) අල්ලාහ්ගේ වදන් (නීතිය) වෙනස් කළ නොහැකිය. (අපගේ) රසූල්වරයන්ගේ (මෙවැනි) තොරතුරු නියත වශයෙන්ම නුඹ වෙත පැමිණ ඇත.
  • 6: 35 - ඔවුන්ගේ පැහැර හැරීම නුඹට බරක්වුවහොත් නුඹට හැකි නම් පොළොවෙහි උමඟක් කැණ හෝ අහසට ඉණිමඟක් තබා හෝ (ඔවුන් විශ්වාස කරවනු පිණිස) ප්‍රාතිහාර්යයක් ඔවුන් වෙත ගෙන එනු. අල්ලාහ්ට අභිමත වී නම් ඔවුන් සියල්ලන්ම යහමඟහි එක්රැස් කරන්නේමය. එනිසා නුඹත් අඥානයන්ගෙන් (කෙනකු) නොවනු.
  • 6: 36 - ඇත්තෙන්ම (නුඹගේ දහමට) සවන් දෙන්නෝ පමණක් එය පිළිගන්නෝ වෙති. මළවුන්ට නම් අල්ලාහ් (මළවුන් කෙරෙන් නැගිටුවන දිනයෙහි) ඔවුන් නැගිටුවන්නේමය. පසුව ඔවුහු (විනිශ්චය සඳහා) ඔහු වෙතම ආපසු ගෙන එනු ලබන්නෝය.
  • 6: 37 - ඔහු(රසූල්වරයා)ට සිය පරමාධිපතිගෙන් කිසියම් ආයතය(සංඥාව)ක් පහළ කරනු නොලැබුවේ මන්දැයි ඔවුහු කියති. සංඥාවක් පහළ කිරීමට නියත වශයෙන්ම අල්ලාහ් ශක්තිමත් යැයි (නබි මුහම්මද්) පවසනු. එනමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් (ඊට පදනම් වූ ප්‍රඥාව වටහා ගැනීමට) නොදන්නෝය.
  • 6: 38 - මහපොළොවේ (සැරිසරන) කුමන සත්වයකු වුවද, තම පියාපත් දෙකෙන් අහසේ පියාඹන කුමන පක්ෂියකු වුවද නුඹලා වැනි සමූහයන් මිස නැත. (නුඹලාගේත් ඔවුන්ගේත් ඉරණම නිර්ණය කිරීමේදි) ග්‍රන්ථයෙහි (ලව්හුල් මහ්ෆූල්) කිසිවක් අප අත්හැර නොඇත්තෙමු. (මරණයෙන්) පසුව තම රබ්(පරමාධිපති) කරා ඔවුහු (සියල්ල) එක්රුස් කරනු ලබන්නෝය.
  • 6: 39 - තවද අපගේ සංඥාවන් බොරු යැයි සිතන්නෝ අන්ධකාරයන්හි සිටින ගොළු බිහිරි අය වෙති. (නොමඟ යන්නට) අල්ලාහ් අභිමත කරන අය නොමඟ යවන්නේය. තවද ඔහු (අල්ලාහ්) අභිමත කරන අය සෘජු මාර්ගයෙහි (යොමු) කරන්නේය.
  • 6: 40 - නුඹලාට අල්ලාහ්ගෙන් වේදනාව පැමිණි විට හෝ අවසාන මෙහොත නුඹලාට පැමිණි විට (පිහිට පතා) නුඹලා අල්ලාහ් නොවන දැයටද කන්නලව් කරන්නේ? නුඹලා සත්‍යවන්තයන් නම් (මෙයට පිළිතුරු දෙනු) යැයි (නබි මුහම්මද්) පවසනු.
  • 6: 41 - එසේ නොවේ. ඔහුටය නුඹලා (පිහිට පතා) කන්නලව් කරන්නේ. එවිට ඔහුට අභිමත වේ නම් (ගලවා ගන්නා ලෙස) නුඹලා කන්නලව් කළ දෙයින් ඔහු නුඹලා වළක්වන්නේය. තවද (එවිට) නුඹලා (දෙවියන් වශයෙන්) අල්ලාහ්ට ආදේශ කළ දෑ අමතක කරන්නෝය.
  • 6: 42 - තවද නියත වශයෙන්ම නුඹට පෙර අපි බොහෝ ජන සමාජයන් වෙත(රසූල්වරුන්) යැවුවෙමු. ඔවුන් නිහතමානීව (අපට) අවනත වන පරිදි අපි ඔවුන්ට නොයෙක් විපත්ති හා දුක්කම්කොටොළු පැමිණ වූයෙමු.
  • 6: 43 - අපගේ විපත්ති ඔවුන් වෙත පහළ වූ කල ඔවුන් අවනත භාවයට පත් විය යුතු නොවේද? නමුත් ඔවුන්ගේ සිත්පිත් දැඩි විය. ඔවුන් කරමින් සිටි දැය ෂෙයිතාන් ඔවුනට අලංකාර කළේය.
  • 6: 44 - ඔවුනට එමගින් දේශනා කරන ලද දෑ ඔවුන් අමතක කළ විට අපි (සෞභාග්‍යයේ) සෑම දොරටුවක්ම ඔවුනට විවෘත කළෙමු. ඔවුනට දෙන ලද දෑහි ඔවුන් ඉතා ප්‍රීතිමත් වූ විට අපි ක්ෂණිකයෙන් ඔවුන් ග්‍රහණය කළෙමු. එවිට ඔවුහු අපේක්ෂා භංගත්වයෙන් වූහ.
  • 6: 45 - එහෙයින් අපරාධ කළ ජනයාගෙන් අන්තිමයා (වන තෙක්) මුලිනුපුටා දමනු ලැබීය. සියලූ ප්‍රසංශා විශ්වයේ රබ්(පරමාධිපති) අල්ලාහ්ටමය.
  • 6: 46 - අල්ලාහ් නුඹලාගේ ශ්‍රවණය හා නුඔලාගේ දෘෂ්ඨිය ඉවත්කොට නුඹලාගේ හදවත් මුද්‍රා තැබුවා නම් ඒවා නුඹලාට අල්ලාහ් හැර (නැවත) ලබාදෙන දෙවියකු කවරකුදැයි නුඹලා සිතා බැලූවේදැයි (නබි මුහම්මද්) අසනු. අප (අපගේ) සංඥාවන් කෙසේ (නැවත නැවතත්) ගෙන හැර දක්වන්නේදැයි (නබි මුහම්මද්) බලනු. ඉන්පසුද ඔවුහු එය (විශ්වාස නොකර) වැළකෙන්නෝය.
  • 6: 47 - අල්ලාහ්ගේ දඬුවම නුඹලා වෙත ක්ෂණිකයෙන් හෝ එළිපිටම පැමිණියා නම් (මිනිසුන් අතුරින්) අපරාධකාරයින් වූ ජනයා හැර (අන් කවරකු) විනාශ කරනු ලැබේවිදැයි නුඹලා සලකා බලා තිබේදැයි (නබි මුහම්මද්) අසනු.
  • 6: 48 - (යහමඟ යන්නවුන්ට) ශුභාරංච් ගෙන එන්නන් වශයෙන්ද (අපරාධ කරුවන්ට) අනතුරු අඟවන්නන් වශයෙන්ද හැර (අපගේ) රසූල්වරුන් අපි පහළ නොකරන්නෙමු. එමනිසා කවරකු විශ්වාස කරමින් යහපත් ක්‍රියාවන් කරන්නේද ඔවුනට බියකුදු නැත. තවද ඔවුහු ළතැවැන්නෝද නොවෙති.
  • 6: 49 - අපගේ සංඥාවන් බොරු යැයි කියන්නේ කවරකුද? ඔවුන් කළ පාපකාරී ක්‍රියාවන් හේතුකොට ගෙන දඬුවම් ඔවුන් කරා එයි.
  • 6: 50 - මා වෙත අල්ලාහ්ගේ නිධානයන් තිඛෙන්නේ යැයි නුඹලාට මම නොකියමි. ගුප්ත දෙයද මම නොදනිමි. තවද නියතවශයෙන්ම මා මලක්වරයකුයි නුඹලාට මම නොකියමි. මා වෙත වහී (ආවිශ්කාරයන්) මාර්ගයෙන් ලැඛෙන දෑ පමණි මා අනුගමනය කරනුයේ. යැයි (නබි මුහම්මද්) පවසනු. අන්ධයාත් ඇස් පෙනෙන්නාත් එක හා සමාන වේද?32 නුඹලා සිතා බැලිය යුතු නොවේදැයි (නබි මුහම්මද්) පවසනු.
  • 6: 51 - ඔවුනට ආරක්ෂකයා හෝ මැදිහත්වන්නා වශයෙන් ඔහු (අල්ලාහ්) හැර (වෙනත් කෙනකු) නැතැයි (වටහාගත් තත්ත්වයෙන්) තමන් තම රබ්(පරමාධිපති) වෙත නැවත රැස්කරනු ලබන බවට බිය වන අයට මෙම (වහී) මගින් අවවාද කරනු. මෙමගින් ඔවුන් අල්ලාහ්ට බියබැතිමත් වන්නන් විය හැක.
  • 6: 52 - (තම පරමාධිපති වන) ඔහුගේ ප්‍රසාදය තකා උදේ සවස ඔවුන්ගේ පරමාධිපතිට කන්නලව් කරන අය පළවා නොහරිනු. ඔවුන් කෙරෙහි විනිශ්චය ගැන නුඹ වෙත කිසිවක් පැවරී නැත. තවද නුඹ කෙරෙහි විනිශ්චය ගැන ඔවුන් වෙතද කිසිවක් පැවරී නැත. එහෙයින් නුඹ ඔවුන් පළවා හැරියේ නම් නුඹද අපරාධ කරුවන්ගෙන් (කෙනකු) වන්නේය.
  • 6: 53 - මෙසේම ඔවුන්ගෙන් සමහරකු (තවත්) සමහරකු ළවා පරීක්ෂා කෙළෙමු. අප අතුරින් අල්ලාහ් උදව් කළවුන් මේ අය දැයි ඔවුන් කියන පරිදිය. කෘතගුණ දත් අය ගැන අල්ලාහ් ඉතා හොඳින් දන්නෙහිය.
  • 6: 54 - අපේ ආයාත් (වදන්) විශ්වාස කරන අය නුඹ වෙත පැමිණියහොත් නුඹලාට ශාන්තිය අත්වේවා නුඹලාගේ රබ්(පරමාධිපති) දයාලූ භාවය තමා කෙරෙහිම පවරා ගත්තේය. (එමනිසා) නුඹලාගෙන් යමෙක් නොදැනීමෙන් නරක ක්‍රියාවක් කොට පසුව එයින් පසුතැවිලි වී 3 තමා හැඩගස්වා ගන්නේද? ඇත්තෙන්ම (ඔහුට) ඔහු (අල්ලාහ්) ක්ෂමාශීලි හා පරමදයාබර වේ යැයි (නබි මුහම්මද්) පවසනු.
  • 6: 55 - වැරදිකරුවන් යන මඟ පැහැදිලි වීම පිණිස අපි මෙසේ (අපගේ) සංඥාවන් විස්තර(ව විදහා) පෙන්වමු.
  • 6: 56 - නුඹලා අල්ලාහ් හැර නැමදීම් (කන්නලව්) කරන දැය නැමදුම් කිරීමෙන් නියත වශයෙන්ම මා (අල්ලාහ් විසින්) වළක්වනු ලද්දෙමියි (නබි මුහම්මද්) පවසනු. මම නුඹලාගේ අරමුණු අනුගමනය නොකරමි. මා එසේ (අනුගමනය) කළහොත් නියත වශයෙන්ම මම නොමඟ ගියවුන්ගෙන් (කෙනෙක්) වන්නෙමි. (එසේ වී නම්) මම නිසි මඟ ගියවුන්ගෙන් (කෙනෙක්) නොවන්නෙමියි (නබි මුහම්මද්) පවසනු.
  • 6: 57 - නියත වශයෙන්ම මම මාගේ රබ්(පරමාධිපති)ගෙන් (පහළ වූ පැහැදිලි) සාක්ෂිය මත වන්නෙමි. නුඹලා එය බොරු යැයි කීහ. නුඹලා කුමන දෙයක් (දඬුවම) වෙත ඉක්මන් වන්නෙහිද එය මා වෙත නැත. විනිශ්චය දීමේ (සියලූ) බලය අල්ලාහ්ට මිස වෙන කිසිවකුට නැත. ඔහු සත්‍යය ප්‍රකාශ කරයි. විනිශ්චය කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨ (විනිශ්චයකරු) ඔහුමය.
  • 6: 58 - නුඹලා ඉක්මන් වන දේ (දඬුවම) නියත වශයෙන්ම මා ළඟ තිබේ නම් නුඹලා අතරත් මා අතරත් (තිඛෙන) ප්‍රශ්නය විසඳනු ලැබ ඇත. අපරාධ කරුවන් (කවුරුන්දැයි) නියත වශයෙන් අල්ලාහ් හොඳින් දනීයැයි (නබි මුහම්මද්) පවසනු.
  • 6: 59 - ගුප්ත (දේ පිළිබඳ) යතුරු (ඇත්තේ) ඔහු වෙතය. ඔහු හැර වෙන කිසිවෙක් එය නොදනී. තවද ගොඩබිමේත් සාගරයේත් (පවතින සෑම) දෑ ඔහු දනී. ඔහු නොදැනුවත්ව (ගසකින්) කොළයක්වත් නොහැළේ. පොළොව තුළ ඝණ අඳුරෙහි වූ (ඉතා කුඩා) බීජයද තෙත්ව ඇති දැයද වියළි දැයද පැහැදිලි (සටහන්-ලව්හුල් මහ්ෆූල්) පොත්හි සටහන් නොවී නොඇත.
  • 6: 60 - රාත්‍රියෙහි (නුඹලා නිදන කල්හි) නුඹලාගේ ප්‍රාණය ආපසු කැඳවා ගන්නේ ඔහුමය. නුඹලා දිවා කාලයේ කරන දේ ගැන ඔහු දනියි. අනතුරුව නුඹලාට නියමිත පරමායුෂය සම්පූර්ණ කරවීම සඳහා (දිවා කාලය වන) එහි ඔහු නුඹලාව නැවත (නින්දෙන්) නැගිටුවන්නේය. ඉන්පසු නුඹලාගේ නැවත පැමිණීම ඔහු වෙතමය. අනතුරුව නුඹලා කරමින් සිටි දේ ඔහු නුඹලාට දන්වන්නේය.
  • 6: 61 - ඔහුමය තම ගැත්තන් කෙරෙහි (උත්තරීතර අණසක පතුරුවන) තේජෝබල සම්පන්නා. තවද ඔහු (නුඹලාගේ මරණය පැමිණෙන විට) නුඹලාට ආරක්ෂකයින් (මලක්වරුන්) පහළ කරන්නේය.40 (එවිට නුඹලාගෙන් කෙනකුට මරණය පැමිණිය හොත්) අපගේ (සුර)දූතයෝ ඔහුව මරුමුවට පත්කරන්නෝය. ඔවුහු (තම කාර්යය ඉටු කිරීමෙහිලා අල්පමාත්‍ර වූද) අතපසු කිරීමක් සිදු නොකරති.
  • 6: 62 - පසුව (ඔවුහු සියල්ලෝම) ඔවුන්ගේ සැබෑ ස්වාමි වූ අල්ලාහ් වෙත ආපසු ගෙන එනු ලබති. (විනිශ්චය කොට තීන්දුව දීමේ සම්පූර්ණ) බලය ඔහුටමයැයි දැනගනු. නිරීක්ෂණය කිරීමෙහිලා ඔහු ඉතා වේගවත්ය.
  • 6: 63 - ඔහු අප මෙයින් මුදවාගතහොත් නියත වශයෙන්ම අපි කළ ගුණ සළකන්නන්ගෙන් වෙමුයි බියබැතියෙන් හා බැගෑපත්ව නුඹලා කන්නලව් කරන විට මහපොළොවෙහි හා සමුද්‍රයෙහි ඇති අඳුරෙන් නුඹලා මුදවාගන්නේ කව්රුදැයි (නබි මුහම්මද්) අසනු.
  • 6: 64 - මෙයින්ද (මෙම විපතින්ද) අන් සියලූ දුක්කම්කටොළුවලින්ද නුඹලා මුදවා ගන්නේ අල්ලාහ්මය. පසුව නුඹලා (ඔහුට) සමානයන් තබන්නෙහුයැයි. (නබි මුහම්මද්) පවසනු.
  • 6: 65 - නුඹලාට ඉහළින් හෝ නුඹලාගේ පාදවල්වලට යටින් හෝ නුඹලාට (කිසියම්) දඬුවමක් පහළ කිරීමට නැතහොත් නුඹලාව විවිධ වර්ගයන්වලට වෙන්කර ඇතමකුගේ සැහැසිකම් නුඹලාගෙන් ඇතමකුට විඳිමට (යුද්ධය ඇතිකර සටන් කිරීමට ඉඩ තැබීමටත්) ඔහු බල සම්පන්නය. ඔවුන් (සත්‍යය) වටහා ගැනීම පිණිස (අපගේ) සංඥාවන් අප කෙසේ පැහැදිලි කරන්නේ දැයි සිතා බලනු.
  • 6: 66 - එය (අල්-කුර්ආනය) සත්‍යයව තිබියදීත් නුඹේ ජනයා එය ප්‍රතික්ෂේප කරති. මා නුඹලාට වගකිව යුත්තේ නොවේ යැයි (නබි මුහම්මද්) පවසනු.
  • 6: 67 - සෑම නිවේදනයක් සදහාම නියමිත කාලයක් ඇත. නුඹලා එය ඉදිරියේදි දැනගන්නේය.
  • 6: 68 - අපේ ආයාත් (අල්-කුර්ආන් වාක්‍යයන්) ගැන විතර්කයෙහි ගිලෙන අය නුඹ දකී නම් එවිට එය හැර (වෙන) විෂයයන්හි ඔවුන් ගිලෙනතෙක් ඔවුන්ගෙන් මඟහැර යනු. තවද ෂෙයිතාන් නුඹට (මෙය) අමතක කරවුවා නම්, (නුඹට නුඹේ වැරුද්ද) වැටහුණු පසු වැරදි කරන පිරිස සමඟ අසුන් නොගනු.
  • 6: 69 - (අල්-කුර්ආන් වදන් පිළිබඳව විතර්කයේ යෙදීමෙන්) වැළකෙන්නන් වෙත (එවැනි විතර්කයේ ගිලෙන) ඔවුන්ගේ විනිශ්චය පිළිබඳව කිසිදු වගකීමක් (පැවරී) නැත. එනමුත් (විතර්කයේ යෙදෙන්නන් වන) ඔවුන් එයින් වළක්වනු පිණිස මතක් කිරීම (විතර්කයේ වැළකෙන්නන්ගේ යුතුකම) වේ.
  • 6: 70 - තමන්ගේ දහම ක්‍රීඩාවක් ලෙසද විනෝදයක් ලෙසද ගත් අයද, ලෞකික ජිවිතය කවරකු මුළා කළේද, ඔවුන්ද අතහැර දමනු. කෙනකු (තමා) සපයාගත් දැය හේතුකොට ගෙන විනාශයට පත් නොවන පිණිස එයින් (අල්-කුර්ආනයෙන්) නුඹ එයට අනුශාසනා කරනු. (පීඩාවට පත් වනවිට) අල්ලාහ් හැර එයට ආරක්ෂයකු හෝ මැදිහත් වන්නකු නැත. එය සියලූ දෑ වන්දියක් ලෙස ගෙව්වත් එයින් එ(ම වන්දි)ය භාර ගනු නොලැබේ. ඔවුහුමය, තමා සපයාගත් දැය හේතුකොට ගෙන විනාශය කරනු ලබන්නෝ. ඔවුන් (සත්‍ය) ප්‍රතික්ෂේප කළ බැවින් ඔවුනට (බීමට) කැකෑරෙන් ජලයද වේදනා සහගත වද හිංසාවද ඇත.
  • 6: 71 - අල්ලාහ් හැර අපට කිසිම පිහිටක් නොවන හා අපට කිසිම හානියක් නොකරන (අන්) අයට අප කන්නලව් කරන්නෙමුද? තවද යහමඟ සඳහා අප වෙත එන්නැයි ඔහුට අ~ගසන යහළුවන් සිටියදී ෂෙයිතානුන් පෘථීවියෙහි මංමුළා කළ අයකු මෙන්, අල්ලාහ් අපට මාර්ගෝපදේශය දැක්වූ පසු අපගේ විලූඹ මත අපි හරවනු ලබන්නෙමුදැයි (නබි මුහම්මද්) පවසනු. නියත වශයෙන්ම නියම මඟ පෙන්වීම වනුයේ අල්ලාහ්ගේ මඟපෙන්වීමයි. තවද සර්ව ලෝක රබ්(පරමාධිපති) වූ අල්ලාහ්ට අප කීකරු විය යුතු යැයි අපට අණ කරනු ලැබ ඇත්තෙමු(යිද නබි මුහම්මද් පවසනු.)
  • 6: 72 - තවද සලාතය තහවුරු කරනු! ඔහු(අල්ලාහ්)ට බියබැතිමත් වනු! තවද ඔහු වෙතමය නුඹලා (යළි) එක්රැස් කරනු ලබන්නේයැයි(ද අපට අණ කරනු ලැබ ඇත්තෙමුයි පවසනු.)
  • 6: 73 - තවද ඔහු(අල්ලාහ්)මය, අහස්ද මහපොළොවද සත්‍ය පදනම් කරමින් නිර්මාණය කළේ. (සිදු) වනුයි ඔහු පවසන දිනයේ (මළවුන් කෙරෙන් නැගිටුවීම, ඔවුන් එක්රැස් කිරීම ආදි) සිදුවනු ඇත. ඔහුගේ වචනයයි සැබෑ සත්‍යය වන්නේ. සූර් (හොරණෑව) පිඹිනු ලබන දින (සියලූ) ආධිපත්‍යයන් ඔහු සතු වේ.(මිනිසුන්ට නොවැටහෙන) ගුප්ත (දේ) ගැනද දෘෂ්‍යමාන (දේ) ගැනද 49 ඔහු දන්නේය. තවද ඔහු සර්ව ප්‍රාඥයය, සර්වඥයය.
  • 6: 74 - ප්‍රතිමාවන්ද නුඹ දෙවිවරුන් වශයෙන් ගන්නේ? නුඹද නුඹගේ පිරිසද පැහැදිලි දුර්මාර්ගයේ සිටිනු බව නියත වශයෙන්ම මම දකිමියි ඉබ්‍රාහීම් තම පියා වූ ආzසර් අමතා පැවසූ (අවස්ථාව සිහි කරනු.)
  • 6: 75 - එසේම අපි ඉබ්‍රාහීම්ට අහස්හිද මහපොළොවෙහෙිද රාජ්‍ය ස්වභාවය පෙන්වූවෙමු. ඒ ඔහු ස්ථීරවන්නවුන්ගෙන් කෙනකු වනු පිණිසය.
  • 6: 76 - ඔහු (ඉබ්‍රාහීම්) වටා රෑ බෝ වුනු කල්හි ඔහු තරුවක් දැක මේ මාගේ රබ්(පරමාධිපති) යැයි කීවේය. ඒ (තරුව) අස්ත වූ කල්හි අස්තවන්නන් මම පි්‍රය නොකරන්නෙමියි ඔහු කීවේය.
  • 6: 77 - ඉන්පසු සඳ බැබලෙන දුටු ඔහු මේ මාගේ රබ්(පරමාධිපති) යැයි කීවේය. එය අස්තවූ කල්හි මාගේ රබ්(පරමාධිපති) මට යහමඟ නොපෙන්වුවහොත් දුර්මාර්ගයේ යන ජනතාවගෙන් නියත වශයෙන් මමද කෙනෙක් වන්නෙමියි කීවේය.
  • 6: 78 - අනතුරුව හිරු ප්‍රභාවත්ව බැබලෙනු දුටු ඔහු මේ මාගේ රබ්(පරමාධිපති)ය. මෙය ඉතා විශාලය යැයි කීවේය. එය අස්ත වූ කල්හි මාගේ ජනතාවනි ! නුඹලා (අල්ලාහ්ට) ආදේශනය කරන දැයින් ඇත්තෙන්ම මම වෙන් වුනෙමියි කීවේය.
  • 6: 79 - අහස්ද පොළොවද නිර්මාණය කළාවූ ඔහු වෙත සෘජු ප්‍රතිපන්නව දුර්මාර්ගය හැර දමා සත්මාර්ගයෙහි නියත වශයෙන්ම මාගේ මුහුණ හැරෙව්වෙමි. තවද මම ආදේශ කරන්නන්ගෙන් (කෙනෙක්) නොවෙමි(යිද ඔහු කීවේය.)
  • 6: 80 - එවිට ඔහුගේ ජනයා ඔහු සමඟ තර්ක කළහ. එයට ඔහු නියත වශයෙන්ම ඔහු (අල්ලාහ්) මා යහමඟ කළ කල්හි මා සමඟ නුඹලා අල්ලාහ් ගැන විවාද කරන්නහුද? තවද මාගේ රබ්(පරමාධිපති)-(මට විපතක් කිරීමට) අභිමත වූයේ නම් මිස නුඹලා ආදේශන කරන (කිසි) දැයකට (මට හානියක් කිරීමට පුළුවන් යැයි) මම බිය නොවන්නෙමි. මාගේ පරමාධිපති සියලූ දෙය වටා දැනීමෙහි ඉතා ව්‍යාප්තය. නුඹලා මෙනෙහි නොකරන්නෙහුදැයි (ඔහු) කීවේය.
  • 6: 81 - තවද නුඹලා අල්ලාහ්ට ආදේශය කරන දැය ගැන මම කෙසේ බිය වන්නෙම්ද? ඔහු(අල්ලාහ්) නුඹලාට ඒ ගැන බලයක් පහළ නොකර තිබියදීත් නුඹලා නියත වශයෙන්ම අල්ලාහ්ට ආදේශ කිරීම ගැන නුඹලා බිය නොවන්නෙහිය. (එමනිසා අප) දෙපක්ෂයෙන් කුමන පක්ෂයද බියෙන් මිදීමට ඉතා සුදුසු දැයි නුඹලා දැන සිටින්නාහු නම් (කියනු.)
  • 6: 82 - විශ්වාස කර තමන්ගේ විශ්වාසය ආදේශනයේ තැබීමෙන් මිශ්‍ර නොකළවූ ඔවුහු (කවරකුද) ඔවුන්ටමය බියෙන් මිදීම(ට සුදුසුකම ඇත්තේ) තවද ඔවුහුමය යහමඟ ලද්දෝ.
  • 6: 83 - මෙය අපගේ සාධකය යි. ඒවා අපි ඉබ්‍රාහීම්ට ඔහුගේ ජනයාට එරෙහිව ප්‍රදානය කළෙමු. අපට අභිමත අය (උසස්) තත්ත්වයන්ට අපි පත් කරමු. නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) සර්වඥය, සර්වප්‍රාඥය.
  • 6: 84 - අපි ඔහු(ඉබ්‍රාහීම්)ට ඉස්හාක්ද යඋකුබ්ද ප්‍රදානය කළෙමු. (ඔවුන්) දෙදෙනාම අපි යහමඟ කළෙමු. මෙයට පෙර අපි නුහ්ද යහමඟ කළෙමු. තවද ඔහුගේ සංහතියෙන් වූ දාවුද්ද සුලෙයිමාන්ද අය්යූබ්ද යූසුෆ්ද මූසාද හාරූන්ද (යහමඟ කළෙමු.) ධාර්මික ජනයාට මෙලෙස අපි තිළිණ පිරිනමමු.
  • 6: 85 - සකරිය්යාද යහ්යාද ඊසාද ඉල්යාස්ද (යහමඟ කළෙමු. මේ) සියල්ලන්ම යහකම් කරන්නවුන්ගෙන්ය.
  • 6: 86 - ඉස්මායීල්ද, අල් යසඃද, යූනුස්ද, ලූත්ද (යහමඟ කළෙමු.) මේ සියල්ලන්ම ලෝ වැසියන් අතර උසස් කළෙමු.
  • 6: 87 - තවද ඔවුන්ගේ පියවරුන්ගෙන්ද ඔවුන්ගේ සංහතියන්ගෙන්ද ඔවුන්ගේ සහෝදරයින්ගෙන්ද (නොයෙක් අය අපි උසස් කළෙමු.) තවද අපි ඔවුන් තෝරාගෙන ඔවුන් සෘජු මාර්ගය වෙත පත් කළෙමු.
  • 6: 88 - (මෙවන් සියල්ලන්ම ගමන් කළ) එය අල්ලාහ්ගේ යහමඟයි. තම ගැත්තන්ගෙන් තමාට අභිමත කෙනකුට එමගින් ඔහු යහමඟ පෙන්වන්නේය. තවද ඔවුන් (අල්ලාහ්ට) ආදේශනයන් තැබුවා නම් ඔවුන් කළ (යහපත්) දේ ඔවුන්ගෙන් මැකී යන්නේය.
  • 6: 89 - අප ධර්ම ග්‍රන්ථයත් විනිශ්චයත් නබිත්වයත් පිරිනැමූ අය වන්නේ ඔවුහුමය. ඔවුන් එය ප්‍රතික්ෂේප කළහොත් එවිට ඒවා ප්‍රතික්ෂේප නොකරන ජනතාවක් එයට නියත වශයෙන්ම අපි පත් කරන්නෙමු.
  • 6: 90 - (නබි මුහම්මද්!) අල්ලාහ් යහමඟ පෙන්වූ අය වන්නේ ඔවුහුමය. එබැවින් නුඹ(ද) ඔවුන්ගේ යහමඟ අනුගමනය කරනු. නුඹලාගෙන් ඒ (යහමඟ පෙන්වීම) සඳහා පඬුරක් මම නොඉල්ලමි. නියත වශයෙන්ම එය ලෝකවාසීන්ට සිහිපත් කිරීමක් මිස නැතැයි පවසනු.
  • 6: 91 - තවද අල්ලාහ් කිසිම මිනිසකු වෙත කිසිවක් පහළ නොකළැයි ඔවුන් පැවසූ කල්හි අල්ලාහ් පිළිබඳව ඔවුහු සැබෑ ලෙස තක්සේරු නොකළෝය. ආලෝකය ගෙනදෙන්නාවූද මිනිසුන්ට යහමඟ පෙන්වන්නාවූද මූසා ගෙන ආ එම ධර්ම ග්‍රන්ථය පහළ කළේ කවුරුද? (නමුත්) නුඹලා එය කඩදාසිවලට පත්කොට එයින් (ස්වල්පයක්) හෙළිදරව් කරන්නෝය. (එයින්) වැඩි කොටසක් සඟවා තබන්නෝය. (තවද) නුඹලාත් නුඹලාගේ පියවරුනුත් නොදන්නා දේ60 (එමගින්) නුඹලාට උගන්වනු ලැබුවේයැයි (නබි මුහම්මද්) පවසනු. (එය පහළ කළේද) අල්ලාහ් යැයි පවසනු. පසුව ඔවුන්ගේ නිරර්ථක විවාදයෙහි ඔවුන්ව ගිලෙන්නට ඉඩ හරිනු.
  • 6: 92 - (එම ධර්ම ග්‍රන්ථය මෙන්ම) මෙයද ධර්ම ග්‍රන්ථයකි. අපමය මෙය පහළ කළේ. (මෙය) සෞභාග්‍යයෙන් සපිරිවූද එයට පෙර පැමිණි (දහම් ග්‍රන්ථයන්) සත්‍ය කරන්නක්ද වේ. (එම නිසා මෙමගින්) නුඹ නගරයන්ගේ මාතා(මක්කාහ්)වද ඒ අවට සිටින අයටද අවවාද කරනු. තවද පරලොව විශ්වාස කරන්නෝ එය (අල්-කුර්ආනය) බව විශ්වාස කරති. තවද ඔවුහු තම සලාතයන් (යාඥාවන්) අඛණ්ඩව රකින්නෝය.
  • 6: 93 - තවද අල්ලාහ්ට එරෙහිව බොරු ගෙතූ අයට වඩා හෝ තමාට වහී (ආවිශ්කාරය) කිසිවක් පහළ නොවී තිබියදී මට වහී පහළ වුයේයැයි පවසන අයට වඩා හෝ අල්ලාහ් පහළ කළ දේ මෙන් මමද පහළ කරමියි යනුවෙන් පවසන අයට වඩා අපරාධකරුවෙක් කවරෙක්ද? අපරාධකරුවන් මරණයේ අභියස සිටින කල්හි මලක්වරු තම අත් දිගුකරමින් නුඹගේ ප්‍රාණය බැහැර කරව්. අල්ලාහ් කෙරෙහි සත්‍ය නොවන දේ නුඹ පවසමින් සිටි බැවින්ද ඔහුගේ ආයාත් (අණ පනත්) පිළිබඳව නුඹලා (විශ්වාස නොකර) උඩඟු වූ බැවින්ද අද දින නුඹට නින්දා සහගත දඬුවම විපාකය වශයෙන් දෙන ලද්දේ යැයි (පවසති.)
  • 6: 94 - (තවද අල්ලාහ් මෙසේ පවසයි) අප නුඹලාට පිරිනැමූ දෑ නුඹලා පසුපසට දමා, අප නුඹලා පළමුවන අවස්ථාවේ මැව්වා සේ නුඹලා අප වෙත තනිව පැමිණ ඇත. (නුඹලාගේ ඉරණම හැඩගැසීමෙහිලා) ඔවුන් නුඹලාට සහායවන බවට නුඹලා විශ්වාස කළ නුඹලාගේ අතරමැදියන් (දැන්) නුඹලා ඇසුරෙහි (සිටින බව) අපි නොදකිමු. නියත වශයෙන්ම නුඹලා අතර (වූ සියල්ලම සම්බන්ධයෙන්) සිඳලී ඇත. නුඹලා සිතාගෙන සිටි දෑ නුඹලා හැර දමා ගොස් ඇත.
  • 6: 95 - නියත වශයෙන්ම ධාන්‍ය බීජ හා පළතුරු ඇට අංකුර ලන්නේ අල්ලාහ්ය. ඔහු අජීවයෙන් ජීවය බිහි කරයි. තවද ජීවයෙන් අජීවය බිහි කරන්නාද වේ. මේ (සියල්ලක්ම කරන්නේ) අල්ලාහ්ය. (එසේ නම්) නුඹලා මං මුළා කරවනු ලබන්නේ කෙසේද?
  • 6: 96 - (රාත්‍රියේ තිරය තුළින්) අරුණාලෝකය දිස්වීමට සළස්වන්නා ඔහුය. ඔහු රාත්‍රිය විවේකය සඳහාද, ඉර හඳ (උදාවීම හා බැස යාම) වේලාව නිර්ණය කිරීම සඳහාද නියම කර ඇත. මේ (සියලූ දෙක්ම) සර්ව බලධාරී හා සර්වප්‍රාඥයන්ගේ නියමය වේ.
  • 6: 97 - ගොඩබිම හා මුහුදේ (පවතින නොයෙක් අන්දමේ) අඳුරින් නුඹලාට මාර්ගය සොයා ගැනීම පිණිස නුඹලාට තාරකාවන් බිහි කළේ ඔහුමය. නියත වශයෙන්ම දැනුමැති පිරිසට අපගේ සංඥා අපි පැහැදිලි කළෙමු.
  • 6: 98 - එක් ජීවයකින් නුඹලා ඇති කළේ ඔහුමය. ඉන්පසු නැවතුම් තැනක් හා සුරැකුම් තැනක් (නුඹලා එකිනෙකාට) ඇත. අවබෝධය ඇති ජනයාට නියත වශයෙන්ම අපි (අපගේ) ආයාත් (සංඥාවන්) පැහැදිලි කළෙමු.
  • 6: 99 - අහසින් (වැසි) දිය පහළ කළේ ඔහුමය. එමගින් සෑම වර්ගයකම පැළෑටි අපි හෙළි කරන්නෙමු. පසුව එයින් හරිත (කෙත්වතු) අපි හෙළි කරන්නෙමු. එමගින් ඝණව වැඩෙන ධාන්‍ය (විශේෂයන්) උත්පාදනය කරන්නෙමු. තවද පොකුරු පොකුරු ලෙස සමීපයෙන් එල්ලෙන එහි කෝෂයන්ගෙන් යුත් රටඉඳි කෙත්ද මිදිවතුද ඔලිව්(රට වෙරළු)ද දෙළුම්ද අපි හෙළි කරන්නෙමු. (පෙනුමෙන් එකිනෙකට) සමාන වූත් (රසයෙන්) වෙනස් වූත්. ඵල දරන විට ඵල දරන සැටිද එම පළතුරු පැසී මුහුකුරා යන සැටිද බලනු. විශ්වාස කරන ජනයාට නියත වශයෙන්ම මෙහි ආයාත් (සංඥාවන්) ඇත.
  • 6: 100 - නමුත් ඔවුහු (ප්‍රතික්ෂේපකරුවෝ) ජින්වරුන්ව අල්ලාහ්ට කොටස්කරුවන් කළෝය. (සත්‍යය නම්) ඔහුමය (අල්ලාහ්) ඔවුන් (ජින්වරුන්) නිර්මාණය කළේ. එමෙන්ම දැනුම රහිතව ඔවුහු ඔහු(අල්ලාහ්)ට පිරිමි හා ගැහැණු දරුවන් ඇති බව උපකල්පනය කරති. ඔවුන් (මෙසේ) ආරෝපණය කරන දෙයින් ඔහු (අල්ලාහ්) පාරිශුද්ධය.
  • 6: 101 - (පෙර උදාහරණයක් රහිතව) අහස්වලද, මහපොළොවහිද, නිර්මාතෘ ඔහු(අල්ලාහ්)ය. ඔහුට බිරිඳක් නැති කල ඔහුට පුතෙකු පවතිනුයේ කෙසේද? ඔහු සියලූ දෙයම නිර්මාණය කළේය. තවද, ඔහු සියලූ දේ පිළිබඳව සර්වඥය.
  • 6: 102 - ඒ (සියල්ල නිර්මාණය කළේ) අල්ලාහ්ය. ඔහු නුඹලාගේ රබ්(පරමාධිපති)ය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. සියල්ලන්ගේ නිර්මාතෘ ඔහුය. එබැවින් නුඹලා ඔහුට ඉබාදත් කරනු. (අවනත වනු.) සෑම දෙයකම භාරකරු ඔහුමය.
  • 6: 103 - (කිසිදු) දෘෂ්ඨිය(න්) ඔහු ග්‍රහණය නොකරයි. ඔහු සියලූ දෘෂ්ඨියන් ග්‍රහණය කරයි. ඔහු විවක්ෂණශීලිය. සර්ව ඥානීය.
  • 6: 104 - නියත වශයෙන් නුඹලා වෙත නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් සළකුණු පැමිණ ඇත. එම සළකුණෙන් කිසිවකු ප්‍රයෝජන ගන්නේ නම් එය ඔහුට(යහපත වන්නේ)මය. යමකු (එය නොසළකා) අන්ධයකු වුවහොත් එය ඔහුට (අයහපත් වන්නේ)මය. (අල්ලාහ්ගේ නබි වන) මම නුඹලා රැකබලා ගන්නා භාරකාරයෙක් නොවෙමි.
  • 6: 105 - මේවා (අල්ලාහ් හැර වෙනත් කෙනකුගෙන්) නුඹ ඉගෙන ගන්නේ යැයි ඔවුන් පවසන පරිද්දෙන්ද, නැණවතුන්ට අප එය (සත්‍ය) පැහැදිලිව දක්වන පරිද්දෙන්ද (අපේ) ආයාත් (වදන්-නැවත නැවතත්) මෙසේ වෙනස් අයුරින් ප්‍රකාශ කරමු.
  • 6: 106 - (එබැවින්) නුඹගේ රබ්(පරමාධිපති) විසින් නුඹ වෙත පහළ කරන ලද දෑ පිළිපඳිනු. ඔහු හැර වෙනත් දෙවියකු නැත. මුෂ්රික්වරුන්ව (ඔබේ ඇසුරෙන්) බැහැර කරනු.
  • 6: 107 - අල්ලාහ්ට අභිමත වූයේ නම් ඔවුහු ඔහුට ආදේශනයන් නොකරති. තවද අපි නුඹව ඔවුන්ගේ රැකබලාගන්නකු ලෙස පත් නොකළෙමු. තවද නුඹ ඔවුනට භාරකරුවකුද නොවේ.
  • 6: 108 - (විශ්වාසවන්තයිනි!) අල්ලාහ් හැර ඔවුන් කන්නලව් කරන (අන්) අයට නුඹලා පරිභව නොකරනු. මන්ද (නුඹලා එසේ කළා නම්) ඔවුහු අඥානකමින් අල්ලාහ්ට ද්වේශ සහගතව පරිභව කරති. මෙසේ හැම පිරිසකටම ඔවුන්ගේ ක්‍රියාවන් අප අලංකාර කළෙමු. පසුව ඔවුන්ගේ රබ්(පරමාධිපති) වෙතය ඔවුන්ගේ යළි පැමිණීම. එවිට ඔවුන් කරමින් සිටි දේ ගැන ඔහු (අල්ලාහ්) ඔවුනට දන්වන්නේය.
  • 6: 109 - තමන් වෙත සංඥාවක් 74 පැමිණියේ නම් එය (සංඥාව) විශ්වාස කරන බවට ඔවුහු අල්ලාහ්ගේ නාමයෙන් තරයේ දිවුරා පවසති. (නබි මුහම්මද්) සංඥාවන් (පෙන්වීමේ හැකියාව) අල්ලාහ් වෙතමැයි පවසනු. (විශ්වාසවන්තයිනි) නියත වශයෙන්ම එය (සංඥා) ලැබුනත් ඔවුහු ඊමාන් (විශ්වාස) නොකරතියි යන්න නුඹලාට වටහා දෙන්නේ කුමක්ද?
  • 6: 110 - පළමු වරටම ඔවුන් විශ්වාස නොකළාක් මෙන්ම ඔවුන්ගේ සිත් හා ඔවුන්ගේ දෘෂ්ඨියන් (සත්‍යයෙන්) ඉවත් කරන්නෙමු. තවද තමන්ගේ වැරදි ක්‍රියාවල අන්ධයන් ලෙස සැරිසැරීමට අපි ඔවුනට ඉඩ හරින්නෙමු.
  • 6: 111 - ඔවුන් වෙත අපි මලක්වරුන් පහළ කළත් මළවුන් ඔවුන් සමඟ කථා කළත් සියලූ දේ ඔවුන් අභියස අප රැස් කළත් අල්ලාහ්ට අභිමත වූයේ නම් මිස ඔවුහු විශ්වාස නොකරන්නෝමය. එහෙත් ඔවුන්ගෙන් වැඩිදෙනෙක් එය නොසලකා හරින්නෝය.
  • 6: 112 - මෙසේ එක් එක් නබිවරයෙකුට මනුෂ්‍ය වර්ගයා අතුරින්ද ජින්වර්ගයා අතුරින්ද සතුරන් වශයෙන් ෂෙයිතානුන් සැළස්සූවෙමු. ඔවුන්ගෙන් ඇතමෙක් ඇතමෙකුට මුළා බස් පළ කරන්නෝය. නුඹගේ රබ්(පරමාධිපති)ට අභිමත වුයේ නම්, ඔවුහු එය නොකරති. එබැවින් ඔවුන්වද ඔවුන් ගෙතු බොරුවද (අත) හැර දමනු.
  • 6: 113 - (එවිට) පරලොව ගැන විශ්වාස නොකරන්නන්ගේ සිත් එය(රැවටිලි කථාව)ට මුළාවනු පිණිසද ඔවුන් එයට ඛෙහෙවින් සතුටු වන පිණිසද ඔවුන් උපයා ගැනීමට අපේක්ෂිත දැය උපයා ගැනීම පිණිසද.
  • 6: 114 - ඔහු සම්පූර්ණ විස්තර සහිත ධර්ම ග්‍රන්ථය නුඹලා වෙත පහළ කර තිබියදී මා අල්ලාහ් නොවන වෙනත් විනිශ්චයකාරකු සෙවිය යුතුද? (නුඹට පෙර) අප (විසින්) ඔවුනට ධර්ම ග්‍රන්ථය(ලබා) දුන් අය එය (අල්-කුර්ආනය) සත්‍ය සහිතව නුඹගේ රබ්(පරමාධිපති) විසින් පහළ කරන ලද බව දනිති. එනිසා නුඹ සැකකරන්නවුන් ගෙන් කෙනකු නොවනු.
  • 6: 115 - සත්‍ය හා යුක්තිය සම්බන්ධයෙන් නුඹගේ රබ්(පරමාධිපති)ගේ වචනය අංග සම්පූර්ණ වූවකි. ඔහුගේ වචන වෙනස් කරන්න(ට සමත)කු නැත. ඔහු සර්ව ශ්‍රාවකය, සර්වඥය.
  • 6: 116 - තවද (නබි මුහම්මද්!) නුඹ මෙලොව (වෙසෙන) අයගෙන් බහුතරයන්ට කීකරු වුවහොත් ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙන් නුඹ නොමඟට පමුණු වන්නෝය. ඔවුහු අනුමානය අනුගමනය කරන්නෝ මිස නැත. තවද ඔවුහු ප්‍රලාප දොඩන්නෝ මිස නැත.
  • 6: 117 - ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් (සිට) නොමඟ යන්නවුන් ගැන නියත වශයෙන්ම මැනවින් දන්නේ නුඹගේ රබ්(පරමාධිපති) වන ඔහුමය. තවද සෘජු මාර්ගයේ සිටින්නවුන් ගැනද ඔහු ඉතා හොඳින් දනියි.
  • 6: 118 - නුඹලා ඔහුගේ ආයාත් (අණපනත්) විශ්වාස කරන්නවුන් නම් (කෑම සඳහා සතකු මරණ විට) අල්ලාහ්ගේ නම උච්චාරණය කරන ලද දෙයින් පමණක් නුඹලා අනුභව කරනු.
  • 6: 119 - නුඹලා ඛෙහෙවින්ම අසරණ වූ තත්ත්වයකදී මිස නුඹලාට (අනුභව කිරීමට) තහනම් කළ දෑ ගැන ඔහු (අල්ලාහ්) නියත වශයෙන්ම නුඹලාට පැහැදිලි කර ඇත. (එනිසා ඝාතනය කරන විට) ඔවුන් ඒ සඳහා අල්ලාහ්ගේ නම උච්චාරණය කරන ලද දෙයින් නුඹලා අනුභව නොකර සිටින්නේ මන්ද? බොහෝ දෙනා කිසිම දැනුමක් නැතිව තම කැමැත්ත පරිදි (හිතුවක්කාරකමට) මිනිසුන් නොමඟ යවති. සීමාව ඉක්මවා යන්නන් පිළිබඳ නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) ඉතා හොඳින් දනියි.
  • 6: 120 - ප්‍රසිද්ධ පාපයද රහසිගත පාපයද හැර දමනු. නියත වශයෙන්ම මෙලොවදී පාපය උපයාගත් අයට ඔවුන් උපයාගත් දේ හේතුකොට ගෙන ඔවුනට (පරලොවහිදී) ඵල විපාක දෙනු ලැඛෙනු ඇත.
  • 6: 121 - (ඝාතනය කරන විට) ඒ සඳහා අල්ලාහ්ගේ නම නුසූරන ලද දෙයින් අනුභව නොකරනු. එ(ම ක්‍රියාව)ය පාපයකි. නියත වශයෙන්ම ෂෙයිතානුහූ නුඹලා සමඟ විවාද කිරීමට ඔවුන්ගේ මිතුරන් පොළඹවන්නාහුය. නුඹලා ඔවුන්ට කීකරු වුවහොත් නියත වශයෙන්ම නුඹලා ආදේශනය තබන්නවුන්මය.
  • 6: 122 - මියගිය කෙනකුව සිටි අයකුට අපි ඔහුට ජීවයදී, තවද මිනිසුන් අතර ගමන් කිරීමට, ඔහුට අප ආලෝකය දුන් කෙනකු අන්ධකාරයන්හි (මංමුළාවී) එයින් පිටවිය නොහැකි තැනැත්තකුට සමාන වේද? ප්‍රතිෙක‍ෂ්ප කරන අයට ඔවුන් කළ (අයහපත්) දැය මෙලෙසින් අලංකාර කරවන ලදී.
  • 6: 123 - මෙලෙසින්ම සෑම ගමකම (එහි වෙසෙන) ප්‍රධාන සාහසිකයින් එහි කුමන්ත්‍රණය කිරීම පිණිස (ඔවුන් එහි) පත් කළෙමු. ඔවුහු තමන්ටම මිස කුමන්ත්‍රණය නොකළෝය. (නමුත්) ඔවුහු (එය) නොදනිති.
  • 6: 124 - ඔවුන් වෙත ආයතය(අල්ලාහ්ගේ වදන සංඥාව)ක් පැමිණි විට අල්ලාහ්ගේ රසූල්වරුන්ට දෙනු ලැබූ දෙය වැනි දෑ අපටද දෙනු ලබන තෙක් අපි විශ්වාස නොකරන්නෙමුයි ඔවුහු කීවෝය. තම ධර්ම දූත මෙහෙවරය කෙසේ පැවරිය යුතුද යන්න අල්ලාහ් ඉතා හොඳින් දනී. වැරදි කළ අයට තමන් කළ කුමන්ත්‍රණය නිසා අල්ලාහ් අභියස නින්දාවද දරුණු වද හිංසාවද ඉතා ඉක්මනින් පැමිණෙන්නේය.
  • 6: 125 - යම් කෙනකුට යහමඟ පෙන්වීමට අල්ලාහ් සිතන්නේ නම් ඔහුගේ සිත ඉස්ලාම් කරා (අල්ලාහ්) පුළුල් කරන්නේය. තවද යම් කෙනකු නොමඟ යවන්නට (අල්ලාහ්) සිතන්නේ නම් අහසට නගින්නකු(ගේ සිත) මෙන් හද තෙරපීමකට ඔහුගේ සිත ලක්කරයි. මෙසේ විශ්වාස නොකරන අයට අල්ලාහ් පිළිකුල ඇති කරන්නේය.
  • 6: 126 - මේ නුඹගේ රබ්(පරමාධිපති)ගේ සෘජු මාර්ගයයි, අවබෝධ කරගන්නා ජනයාට සැබවින්ම අපි ආයාත්(වදන් හා සංඥා) විස්තර කළෙමු.
  • 6: 127 - ඔවුනට ඔවුන්ගේ රබ්(පරමාධිපති) වෙත සාමයේ නිවහන ඇත. ඔවුන් කළ (යහපත්) ක්‍රියා නිසා ඔවුන්ගේ ආරක්ෂකයා ඔහුම වේ.
  • 6: 128 - ඔවුන් සියල්ල එක්රැස් කරන දිනය (ජින්වරුන් අමතා) ජින්වරුනි! නියත වශයෙන්ම නුඹලා මනුෂ්‍ය වර්ගයාගෙන් (වැඩි දෙනෙක් නොමඟ යවා නුඹලාගේ මඟ ගත්තවුන්) වැඩි කරගත්තේයැයි (අල්ලාහ් පැවසූ විට) මිනිසුන් අතර සිටින ඔවුන්(ජින්වරුන්)ගේ හිතමිතුරෝ අපගේ රබ්(පරමාධිපතියාණනි) අපගෙන් සමහරකු (ඔබට පිටුපෑ) තවත් සමහරකුගෙන් ප්‍රයෝජන වින්දෙමුු. තවද ඔබ අප වෙනුවෙන් නියම කොට ඇති අපගේ කාලසීමාවට පැමිණියෙමුයි පවසති. එවිට නුඹලාගේ නවාතැන නිරය වේ. අල්ලාහ්ට අභිමත වූ අය හැර නුඹලා එහි සදාකල් වෙසෙන්නාහුයැයි (අල්ලාහ්) පවසයි. නියතවශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) සර්වප්‍රාඥය, සර්වඥය.
  • 6: 129 - මෙලෙස ඔවුන් සපයාගත් දෙයින් අපරාධකරුවන්ගෙන් සමහරකු (තවත්) සමහරකුට මිතුරන් ලෙස පත් කළෙමු.
  • 6: 130 - ජින් හා මනුවර්ගයාණනි ! මාගේ ආයාත් නුඹලාට කියාපාන්නාවූද නුඹලා නුඹලාගේ මෙදින හමුවීම ගැන නුඹලාට අවවාද කරන්නාවූද රසූල්වරුන් නුඹලා අතුරින්ම නුඹලා වෙත නොපැමිණියේදැයි (අල්ලාහ් පවසයි.) එසේය අපට විරුද්ධව අපි සාක්ෂි දරන්නෙමුයි ඔවුහු පැවසූහ. තවද මෙලොව ජීවිතය ඔවුන් මංමුළා කළේය. තවද නියතවශයෙන්ම ඔවුන් ප්‍රතිෙක‍ෂ්ප කරුවන් වී යැයි ඔවුන්ට විරුද්ධව ඔවුහුම සාක්ෂි දරන්නාහුය.
  • 6: 131 - (ඔවුන්ම මෙසේ සාක්ෂි දැරීමට සිදු කරනු ලැබ ඇත්තේ) එහි (ජීවත්වන) වැසියන් සත්‍ය නොදැන සිටියදී නුඹගේ රබ්(පරමාධිපති එම) ගම්මානයන් විනාශ කරන්නකු නොවන බැවිනි.
  • 6: 132 - සෑම කෙනකුටම තමා කළ දෑ අනුව තරාතිරම් ඇත. ඔවුන් කරන දෑ ගැන නුඹගේ රබ්(පරමාධිපති) තැකීමක් නැත්තා නොවේ.
  • 6: 133 - නුඹේ රබ්(පරමාධිපති) සර්ව සම්පූර්ණය, දයාබරය. ඔහුට අභිමත වූයේ නම් වෙනත් ජනතාවගේ සංහතියකින් නුඹලා ඇති කලාක් මෙන් නුඹලා ඉවත්කොට නුඹලාගෙන් පසුව (නුඹලා වෙනුවට) තමා කැමති ඕනෑම සමාජයක් නියුක්ත කරවනු ඇත.
  • 6: 134 - නුඹලාට පොරොන්දු වූ දැය ඒකාන්තයෙන්ම පැමිණෙයි. තවද (අල්ලාහ්) පරාජය කිරීමට නුඹලාට හැකියාවක් නැත.
  • 6: 135 - (ජනයිනි!) නුඹලා(ට අභිමත දෑ) නුඹලාගේ ශක්තිය අනුව කරනු. මමත් (මට අණ කරනු ලැබූ දෑ) කරන්නෙමි. නමුත් නිවහනේ (යහපත්) අවසානය (අප අතුරින්) කාහට දැයි නුඹලා මතුවට දැනගන්නාහුය. නියත වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබන්නාහුයැයි (නබි මුහම්මද්) පවසනු.
  • 6: 136 - අල්ලාහ් විසින් උත්පාදනය කළ ගොවිතැන හා ගවමහීෂාදීන්ගෙන් කොටසක් ඔවුහු අල්ලාහ්ට වෙන් කර ඔවුන් සිතැඟි පරිදි මෙය අල්ලාහ්ට යැයිද මෙය අපගේ හවුල්කාර(දෙවි)යන්ට යැයිද පවසති. නමුත් ඔවුන්ගේ හවුල්කාර(දෙවි)යන්ට අයත් දෑ අල්ලාහ් වෙතට පත් නොවෙයි. අල්ලාහ්ට අයත් දෑ ඔවුන්ගේ හවුල්කාර දෙවියන් වෙතට පත් වෙයි. ඔවුන් ගත් මෙම තීරණය ඉතා නපුරුය.
  • 6: 137 - එසේම (අල්ලාහ්ට) ආදේශ තබන්නන්ගෙන් වැඩි දෙනකුට ඔවුන්ගේ දරුවන් ඝාතනය කිරීම ඔවුන්ගේ හවුල්කාරයන් විසින් ඔවුනට යුක්තිසහගත ලෙස පෙන්වා ඇත. එය ඔවුන් විනාශ මුඛයට යොමු කිරීම හා ඔවුන්ගේ ආගම ඔවුනට අවුල් කිරීම 109 සඳහා වේ. අල්ලාහ්ට අභිමත වූයේ නම් ඔවුහු එසේ නොකරති. ඒනිසා ඔවුන්ද ඔවුන් කළ අභූත චෝදනාවන්ද හැර දමනු.
  • 6: 138 - මෙම ගවමහීෂාදීන් හා වගාවන් කැප කරන ලද දේ වේ. අපට අභිමත අය මිස ඒවා අනුභව නොකළ යුතුයි යැයි ඔවුහු සිතැඟියෙන් කීවෝය. තවද ඇතැම් ගවමහිෂාදීන්ගේ පිට (මත බරපැටවීම හා ගමන් කිරීම ඔවුන් විසින්) තහනම් කරන ලදී. තවද ඇතැම් ගවමහිෂාදීන් සම්බන්ධයෙන් (උන් ඝාතනය කිරීමේදි) අල්ලාහ්ගේ නාමය ඔවුන් විසින් උච්චාරණය නොකරන ලදි. (මෙසේ කිරීම අල්ලාහ්ගේ අණය බවට) ඔවුහු ඔහු(අල්ලාහ්) කෙරෙහි බොරු කීවෝය. ඔවුන් ගෙතූ ව්‍යාජය සඳහා ඔවුනට (අල්ලාහ්) ඵල විපාකය දෙන්නේය.
  • 6: 139 - මෙම ගවයින්ගේ ගැඛෙහි පවතින (පැටවූ) දේ අපේ පිරිමි පක‍ෂයට පමණක් කැප කොට ඇත. (ඌ) අපගේ ස්ත්‍රි පක්ෂයට තහනම් කරන ලද (දේ) වේ. (නමුත්) ඌ මැරි ඇතොත් ඔවුන් (දෙපක්ෂයම) එයට සහකාරයින් යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මෙම (ව්‍යාජ) ගුණවර්ණනා වෙනුවෙන් (අල්ලාහ්) ඔවුනට දඬුවම් පමුණුවයි. නියත වශයෙන්ම ඔහු සර්වප්‍රාඥාය, සර්වඥය.
  • 6: 140 - දැනුමින් තොරව මෝඩකම නිසා තමන්ගේ දරුවන් මරා තවද අල්ලාහ් කෙරෙහි බොරු ගොතා ඔවුනට යැපීම සඳහා අල්ලාහ් සැපයූ දෑ තහනම් කරගත් අය නියත වශයෙන්ම පරාජිතයෝ වෙති. නිසැකවම ඔවුහු මංමුළාවෙහි සිටිති. ඔවුහු කිසි ලෙසකින්වත් නිවැරදි මඟපෙන්වීම ලබන්නෝ නොවෙති.
  • 6: 141 - ඔහු(අල්ලාහ්)මය පන්දලම් සහිත වූත් පන්දලම් රහිත වූත් උයන්ද ඉඳිගස්ද එහි රසයෙන් විවිධාකාර ඵලදාව දෙන ගොවිතැනද (පෙනුමට) එක සමානවද (රසයෙන්) අසමානවද ඔලිව් (රට වෙරළු) හා දෙළුම්ද නිර්මාණය කළේ. ඵල දරන විට එහි ඵලයෙන් අනුභව කරනු. එය (ඵල) නෙළන දින ඔහුගේ (අල්ලාහ් වෙනුවෙන් දිය යුතු) කොටස දෙනු. නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්ති කරන්නන් ප්‍රිය නොකරන්නේය.
  • 6: 142 - තවද ගවමහීෂාදීන් අතුරින් බර උසුලන්නන්ද, (ආහාරයට හා) පලසට උපයෝගී කරගන්නා සමහරවුන්ද, (නිර්මාණය කළේ ඔහුය.) අල්ලාහ් නුඹලාට පිරිනමා ඇති දැයින් අනුභව කරනු. ෂෙයිතාන්ගේ පියවරයන් අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලාගේ ප්‍රකට සතුරකි.
  • 6: 143 - (මෙහි ගවමහීෂාදීහු පිරිමි සතුන් හා ගැහැණු සතුන් වශයෙන්) ජෝඩු අටක් වෙති. බැටළුවන්ගෙන් දෙදෙනෙක්ද එළුවන්ගෙන් දෙදෙනෙක්ද වෙති. පිරිමි සතුන් දෙදෙනාද නැතහොත් ගැහැණු සතුන් දෙදෙනාද, නැතහොත් ගැහැණු සතුන් දෙදෙනාගේ ගැඛෙහි සිටින(පැට)වුන්ද නුඹලා විසින් (ආහාරයට ගැනීම) ඔහු(අල්ලාහ්) තහනම් කොට තිබේදැයි නුඹලා සත්‍යවාදී නම් දැනුම් තේරුම් ඇතිව මට දන්වනුයි (නබි මුහම්මද් ඔවුනට) පවසනු.
  • 6: 144 - ඔටුවන්ගෙන් දෙදෙනකුද ගවයන්ගෙන් දෙදෙනකුද පිරිමි සතුන් දෙදෙනාද නැතහොත් ගැහැණු සතුන් දෙදෙනාද, නැතහොත් ගැහැණු සතුන් දෙදෙනාගේ ගැඛෙහි සිටින පැටවුන්ද (නුඹලා විසින් ආහාරයට ගැනීම) ඔහු(අල්ලාහ්) තහනම් කොට තිබේ දැයිද නැතහොත් අල්ලාහ් නුඹලාට මෙය අණ කරන විට නුඹලා ඉදිරියෙහි සිටියාහුදැ(යිද නබි මුහම්මද්) අසනු. (එසේ නොසිටියා නම්) ජනයා නොමඟ යැවීමට දැනුමක් නැතුව අල්ලාහ් කෙරෙහි බොරු ගොතා (අල්ලාහ්ගේ කියමනක් යැයි) ප්‍රකාශ කරන අයට වඩා අපරාධකරු කවරෙක්ද? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධ කළ ජනයා යහමඟ නොයවන්නේය.
  • 6: 145 - මළකුණුද ගලන රුධිරයද ශූකර මාංශද නියත වශයෙන්ම එය අපිරිසිදු වෙයි. තවද අල්ලාහ් නොවන දෑ නමින් ඝාතනය කරන ලද පිළිකුල් දෑ හැර භෝජකයකුට භෝජනය කිරීමට තහනම් කරනු ලැබූ කිසිවක් මා වෙත පහළ කරන ලද දෑහි (ආවිශ්කාරය) මම නොදුටුවෙමි. නමුත් (යම් අසරණ අවස්ථාවකදී) අකීකරු වීමේ අදහසක් නැතිවද (අවශ්‍යතාවයේ) සීමාවන් නොබිඳමින්ද යමකුට (ඉහත කී වර්ග කෑමට ගැනීම) අවශ්‍යතාවයෙන් මෙහෙයවන ලද්දේ නම්(එය නීත්‍යානුකූල වන්නේය.) නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) ක‍ෂමාශීලීය, අසමසම කරුණාන්විතය.
  • 6: 146 - යුදෙව්වන් වූ අය කෙරෙහි නිය ඇති සියලූ සතුන්ද අපි තහනම් කළෙමු. තවද ගවයන්ගෙන්ද බැටළුවන්ගෙන්ද උන් දෙදෙනාගේ මේදය ඔවුනට තහනම් කළෙමු. උන් දෙදෙනාගේ පිටකොන්ද හා බඩවැල් උසුලාගත් දෑද ඇට සමඟ මිශ්‍ර වූ දෑද හැරය. ඒ ඔවුන්ගේ හිතුවක්කාරකම නිසා අප දුන් දඬුවමයි. නියත වශයෙන්ම අපි සත්‍යවන්ත වෙමු.
  • 6: 147 - ඔවුන් නුඹ බොරු යැයි කිවහොත් නුඹලාගේ රබ් (පරමාධිපති) අසීමීත දයාන්විතයාය. නමුත් ඔහු(අල්ලාහ්)ගේ දඬුවම අපරාධ කරන ජනයින්ගෙන් වැළක්විය නොහැකියැයි (නබි මුහම්මද් ) පවසනු.
  • 6: 148 - අල්ලාහ්ට අභිමත වී නම් අපිද අපගේ මුතුන්මිත්තන්ද (අල්ලාහ්ට කිසිවක්) ආදේශනය කර නොසිටිමු. තවද අපි කිසි දෙයක් තහනම් නොකර සිටිමු. යැයි ආදේශ කරන්නන් කියනු ඇත. ඔවුනට පෙර විසූ අය අපගේ දඬුවම ඔවුන් විඳිනතෙක් මෙසේම (සත්‍යය) බොරුයැයි කීවෝය. නුඹලා වෙත යම් දැනුමක් තිබේද එසේ නම් එය අපට හෙළි කරනු. නුඹලා සිතුවිලි මිස අනුගමනය නොකරන්නෙහුය. තවද නුඹලා බොරු නිගමනවලට එළැඹෙන්නන් මිස නැතැයි (නබි මුහම්මද්) පවසනු.
  • 6: 149 - තීරණාත්මක තර්කය අල්ලාහ්ටමය. අල්ලාහ්ට අභිමත වී නම් ඔහු නිසැකවම නුඹලා සියල්ලන්ටම මඟපෙන්වීම සලසනු ඇතැයි. (නබි මුහම්මද් ) පවසනු.
  • 6: 150 - නියත වශයෙන්ම අල්ලාහ් මේවා (සියල්ලම) තහනම් කළේ යැයි සාක්ෂි දරන්නාවු නුඹලාගේ සාක්ෂිකරුවන් (ඉදිරියට) ගෙන එන්නැයි (නබි මුහම්මද්) පවසනු. ඔවුහු සාක්ෂි දැරුවහොත් නුඹ ඔවුන් සමඟ සාක්ෂි නොදරනු. අපගේ ආයාත් (අණපනත්) බොරුයැයි කියන්නාවූද පරලොව විශ්වාස නොකරන්නා වූද තම රබ්(පරමාධිපති)ට ආදේශනයන් පිහිටුවන්නාවූද අයගේ අභිලාෂයන් අනුගමනය නොකරනු.
  • 6: 151 - එනු! නුඹලාගේ රබ්(පරමාධිපති) නුඹලාට තහනම් කළ දෑ මම ප්‍රකාශ කරමි. නුඹලා ඔහුට කිසිවක් ආදේශනය නොකරනු. තවද දෙමාපියන්ට කරුණාවෙන් සලකනු. තවද දිළිදුකම නිසා නුඹලා නුඹලාගේ දරුවන් නොමරනු. (මන්ද) නුඹලාටද ඔවුන්ටද ආහාර සපයන්නේ අපමය. විවෘත වේවා ගුප්ත වේවා අශික්ෂිත දේ වෙත නුඹ ළං නොවනු. (නොමරන මෙන්) අල්ලාහ් තහනම් කළ ජීවය අයිතිය පරිදි මිස නොමරනු. මේවා නුඹලාට වටහාගනු පිණිස මෙයින් නුඹලාට (නුඹලාගේ පරමාධිපති) අණ කළේය.
  • 6: 152 - අනාථයෙකු (දරුවෙකු) ඔහුගේ පූර්ණ වයස එළඹෙන තුරු නුඹලා ඔහුගේ දේපළ අසළට යහපත් අයුරින් මිස ළං නොවනු. මිනුම් කිරුම් සාධාරණ ලෙස ඉටු කරනු. අපි කිසිවෙකුට ඔහුගේ පමණට වඩා වැඩියෙන් නොපවරන්නෙමු. නුඹලා යමක් කිවහොත් එය (නුඹලාගේ) නෑයින් වේවා යුක්ති සහගත විය යුතුයි. අල්ලාහ් සමඟ වූ පොරොන්දුව ඉටු කරනු. නුඹලා මෙනෙහි කරනු පිණිස එයින් නුඹලාට (නුඹලාගේ රබ්-පරමාධිපති) අණ කළේය.
  • 6: 153 - නියත වශයෙන්ම මෙය මාගේ සෘජු මාර්ගයයි. එබැවින් නුඹලා එය අනුගමනය කරනු. තවද (වෙනත්) මාර්ගයන් අනුගමනය නොකරනු. එසේ වුවහොත් එය ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් නුඹලා වෙන් කරයි. මෙය නුඹලා (අල්ලාහ්ට) කීකරු වී(දුර්මාර්ගයෙන් වැළැක්වී)ම පිණිස මෙසේ (නුඹලාගේ රබ්) නුඹලාට අණ කළේය.
  • 6: 154 - (මෙයද සැලකිල්ලට ගනු!) (දැහැම් හැසිරීම) මැනවින් පිළිගත් අයට (අපගේ ආශිර්වාදය) සම්පූර්ණ වන පරිදිද සියලූ දේ විස්තර කිරීමක් වශයෙන්ද සෘජු මාර්ගයක් වශයෙන්ද දයාවක් වශයෙන්ද අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. ඔවුන් (ඉස්රායිල් දරුවන්) ඔවුන්ගේ රබ්(පරමාධිපති) මුණ ගැසීම විශ්වාස කිරීම පිණිස.
  • 6: 155 - මෙය (අල්-කුර්ආනය) ධර්ම ග්‍රන්ථයකි. මෙය පහළ කළේ අපමය. (මෙය) ආශිර්වාදයක්ද වේ. එමනිසා එය අනුගමනය කරනු. තවද නුඹලා (අල්ලාහ්ට) බියබැතිමත් වනු. එමගින් නුඹලාට දයාලූභාවය ලැබිය හැකියි.
  • 6: 156 - ධර්ම ග්‍රන්ථ පහළ කරනු ලැබ ඇත්තේ අපට පෙර විසූ දෙපිරිසකටය. ඔවුන් එමගින් ඉගෙනගත් දෑ ගැන අපි නොදනිමුයි කියා (නුඹලා මින්පසු) නොකියනු පිණිසය.
  • 6: 157 - නැතහොත් අප වෙත ධර්ම ග්‍රන්ථය පහළ කරන ලද්දේ නම් සැබවින්ම ඔවුනට වඩා හොඳින් අපි යහමඟ ලැබුවෝ වන්නෙමුයි නුඹලා නොකියනු පිණිසද (මෙම අල් කුර්ආනය නුඹලා වෙත අපි පහළ කෙළෙමු.) නියත වශයෙන්ම නුඹලාගේ රබ්(පරමාධිපති) වෙතින් පැහැදිලි සාක්ෂියක්ද යහමඟද ආශිර්වාදයද නුඹලාට ලැබී ඇත. ඒ නිසා අල්ලාහ්ගේ ආයාත් (වදන් අණපනත්) බොරුයැයි කියා එයට පිටුපාන අයට වඩා වැරදිකරුවෝ කවුරුහුද? (ක්‍රෝධය නිසා) අපගේ ආයාත්වලට පිටුපාන අයට ඔවුන්ගේ පිටුපෑම නිසා අපි දරුණුතම වේදනාව පමුණුවන්නෙමු.
  • 6: 158 - (තමන් හමුවට) මලක්වරුන් (සුරදූතයින්) පැමිණිය යුතු යැයි හෝ නුඹේ රබ්(පරමාධිපති) පැමිණිය යුතු යැයි හෝ නුඹේ රබ්(පරමාධිපති)ගේ ආයාත් (සංඥා-අණපනත්) වලින් සමහරක් පහළ විය යුතු යැයි හෝ ඔවුහු අපේක්ෂාවෙන් පසු වන්නෝද? නුඹේ රබ්(පරමාධිපති)ගේ ආයාත් (සංඥා අණපනත්)වලින් සමහරක් පහළ වන දින පෙර විශ්වාසය නොකළාවු හෝ ඔවුන්ගේ විශ්වාසය තුළදී සත්ක්‍රියා සපයා නොගන්නා වූ හෝ කෙනකුට තම විශ්වාසය ඵල නොදන්නේය. නුඹලා බලා සිටිනු. ඇත්තේන්ම අපිත් බලා සිටිමුයි (නබි මුහම්මද්) පවසනු.
  • 6: 159 - තම දහම භේද භින්න කරගෙන නිකායවලට පත්වූ අය සමඟ නුඹ(ට) කිසිම සම්බන්ධයක් නැත. නියත වශයෙන්ම ඔවුන්ගේ කරුණ අල්ලාහ් වෙතය. ඔවුන් කරමින් සිටි දැය ගැන ඔවුනට (අල්ලාහ්) පසුව දන්වන්නේය.
  • 6: 160 - යමකු යහපත රැගෙන පැමිණියහොත් ඔහුට එවැනි දැයෙන් දස ගුණයක් ඇත. යමකු අයහපත රැගෙන පැමිණියහොත් ඔහුට එවැන්නක්ම මිස ඵල විපාක නොදෙනු ලැබේ. ඔවුනට කිසිදු අසාධාරණයක් සිදුකරනු නොලැබේ.
  • 6: 161 - නියත වශයෙන්ම මාගේ රබ්(පරමාධිපති) මා සෘජු මාර්ගයේ පත් කළේය. (එය) සදා සත්‍ය මාර්ගයයි. අසත්‍යයෙන් බැහැර වූ ඉබ්‍රාහීම්ගේ ආගමයි. ඔහු ආදේශ තබන්නන්ගෙන් කෙනෙක් නොවීයැයි (නබි මුහම්මද්) පවසනු.
  • 6: 162 - නියත වශයෙන්ම මාගේ සලාතය(නැමදුම) මාගේ පුද පූජාවන් මාගේ ජීවිතය හා මාගේ මරණය රබ්බුල් ආලමීන් (විශ්වයාධිපති) වූ අල්ලාහ්ටමයැයි (නබි මුහම්මද්) පවසනු.
  • 6: 163 - ඔහු(අල්ලාහ්) සියලූ දැය කෙරෙහි රබ්(පරමාධිපති)ව සිටියදී අල්ලාහ් නොවන්නකු පරමාධිපතියකු සේ මම සොයන්නෙමිද? සෑම ආත්මයක්ම සපයා ගන්නා දේ එයටම මිස නැත. (පාපයන්ගෙන් යුත්) බර උසුලන්නකු අන් කෙනකුගේ (පාපයන්ගෙන් යුත්) බර නොඋසුලන්නේය. ඉන්පසුව නුඹලාගේ පරමාධිපති වෙතමය නුඹලාගේ නැවත පැමිණීම. නුඹලා මතභේද වූ දෙය ගැන එවිට ඔහු (අල්ලාහ්) නුඹලාට දන්වන්නේයැයි (නබි මුහම්මද්) පවසනු.
  • 6: 164 - 你说:真主是万物的主,我能舍他而另求一个主吗?各人犯罪,自己负责。一个负罪的人,不负别人的罪。然后,你们将来要归于你们的主,而他将把你们所争论的是非告诉你们。
  • 6: 165 - ඔහුමය මහපොළොවෙහි නියෝජිතයන් වශයෙන් නුඹලා පත් කර ඇත්තේ. ඔහු නුඹලාට දී ඇති දේ සම්බන්ධයෙන් ඔහු නුඹලා පරීක්ෂණයට භාජනය කිරීමට නුඹලාගෙන් ඇතැමකු ඇතමකුට වඩා තරාතිරමෙන් උසස් තත්ත්වයට පත් කර ඇත. නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) දඬුවම් දීමේ සීඝ්‍රය. තවද සැබැවින්ම ඔහු ක්ෂමාශිලීය, දයාලූය.


007 Al- Araf
  • 7:1 - අලිෆ් ලාම් මීම් සාද්.
  • 7:2 - මෙය නුඹ වෙත පහළ කෙරුණ ග්‍රන්ථයකි. (ඒනිසා මුහම්මද්) ඒ ගැන නුඹේ සිතෙහි කිසිම සැකයක් තබා නොගනු. නුඹට එමගින් (අවිශ්වාසියන්ට) අනතුරු ඇඟවීමටත් විශ්වාසිකයන්ට අනුශාසනා කිරීමටත් හැකි වනු පිණිස එය පහළ කෙරිණි.
  • 7:3 - (ජනයිනි!) නුඹලාගේ රබ්(පරමාධිපති) විසින් නුඹලා වෙත පහළ කර තිඛෙන දෑ (මෙම දහම) අනුගමනය කරනු. ඔහු (අල්ලාහ්) හැර වෙනත් ආරක්ෂකයින් නොපිළිපදිනු. නමුත් නුඹලා අනුශාසනා පිළිගන්නේ කලාතුරකිනි.
  • 7:4 - කොපමණ ගම්මානයන් අපි විනාශ කළෙමුද? රාත්‍රියේ හෝ නැතහොත් දහවල් කාලයේ ඔවුන් නින්දෙහි සිටියදී හෝ ඔවුනට අපගේ දඬුවම් පහළ විය.
  • 7:5 - අපගේ දඬුවම් ඔවුනට පහළ වූ කල්හි ඇත්තෙන්ම අපි අපටම අපරාධ කරගත්තෝ වෙමුයි. ඔවුන් කියනවා මිස ඔවුන්ගේ අඳෝනාව වෙන කිසිවක් නොවේ.
  • 7:6 - මේ අනුව ඔවුන් වෙත රසූල්වරයන් පහළ කරනු ලැබූ අය(ජනයා)ගෙන් අපි(විනිශ්චය දිනයේදී) විමසන්නෙමු. තවද යවන ලද රසූල්වරයින්ගෙන්ද නියත වශයෙන් අපි විමසන්නෙමු.
  • [[ 7:* [[ 7:එවිට ඥාණයෙන් යුතුව ඔවුන්ට අපි (ඒවා) නියතවශයෙන්ම විස්තර කර දෙන්නෙමු. තවද අපි (ඔවුන්ගෙන්) ඉවත් වී නොසිටියෙමු.
  • 7:8 - තවද එදින (කිරා බැලීම) කිරුම සත්‍ය කිරුම වේ. මේ අනුව කවරකුගේ තරාදිය බර වැඩි වන්නේද ඔවුහු ජයග්‍රාහකයෝය.
  • 7:9 - තවද කවරකුගේ තරාදිය සැහැල්ලූ වේද අපගේ ආයාත්(අණපනත්)වලට පටහැනි වූ නිසා ඔවුහුමය තමාට අලාභය කරගත්තෝ.
  • 7:10 - නියත වශයෙන්ම අපි නුඹලාට මහපොළොවේ අධිකාරී බලය පවරා දුන්නෙමු. තවද එහි නුඹලාට ජීවනෝපාය(මාර්ගය)න් සැළස්සුවෙමු. (එනමුත්) නුඹලා ගුණ ගරුක වන්නේ ඉතා සුළු වශයෙනි.
  • 7:11 - නියත වශයෙන්ම අපි නුඹලා මැවීමු. පසුව නුඹලා හැඩ ගැස්සුවෙමු. ඉන්පසුව මලක්වරුන් (සුරදූතයින්) වෙත ආදම්ට සුජූද් (නමස්කාර) කරව් යැයි අපි පැවසුවෙමු. එවිට ඉබ්ලීස් හැර ඔවුහු සුජූද් කළහ. ඔහු (ඉබ්ලීස්) සුජූද් කරන්නන්ගෙන් (කෙනකු) නොවීය.
  • 7:12 - මා ඔබට අණ කළ අවස්ථාවේ සුජූද් (නමස්කාර) කිරීමෙන් ඔබව වැළක්වූයේ කුමක්දැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය. මා ඔහුට වඩා ශ්‍රේෂ්ඨය. ඔබ මා ගින්නෙන් මැවීය. තවද ඔබ ඔහුව කිරි මැටියෙන් මැවීයැයි ඔහු(ඉබ්ලීස්) පැවසුවේය.
  • 7:13 - එසේ නම් නුඹ මෙතැනින් පහළට බසිනු. මෙහි නුඹට උඩඟුවීමට අයිතියක් නැත. පිටවී යනු. නියත වශයෙන්ම නුඹ අපකීර්තියට පත්වූවන්ගෙන් කෙනකු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
  • 7:14 - ඔවුන් (සියලූ දෙනාම) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් මා පමා කරන්න යැයි ඔහු (ඉබ්ලීස්) කීවේය.
  • 7:15 - නියත වශයෙන්ම නුඹ පමා කරනු ලැබූවන්ගෙන් කෙනකුයැයි අල්ලාහ් පැවසුවේය.
  • 7:16 - ඔබ මා නොමඟ යැවූ නිසා ඔබගේ සෘජු මාර්ගයෙන් ඔවුනට (බාධාවක්ව) මම සිටින්නෙමියි ඔහු(ඉබ්ලීස්) කීවේය.
  • [[ 7:1* [[ 7:ඉන්පසු ඔවුන්ගේ ඉදිරියෙන්ද ඔවුන්ගේ පිටුපසින්ද ඔවුන්ගේ දකුණු පසින්ද ඔවුන්ගේ වම් පසින්ද ඔවුන් වෙත පැමිණෙන්නෙමි. එවිට ඔවුන්ගෙන් වැඩි දෙනකු ගුණගරුක වන බව ඔබ නොදකිනු ඇත.
  • 7:18 - පිළිකුලට පත්වූ කෙනකු හා නින්දාවට පත් වූ කෙනකු ලෙස නුඹ මෙයින් පිට වී යනු. ඔවුන්ගෙන් යමකු නුඹ අනුගමනය කරන්නේද නුඹලා සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමියි ඔහු (අල්ලාහ්) පැවසීය.
  • 7:19 - ආදම්, නුඹ සහ නුඹගේ බිරිඳද ස්වර්ගයෙ(උයනෙ)හි වාසය කරනු. (ස්වර්ගයේ පළතුරුවලින්) නුඹ දෙදෙනාට සිතූ අයුරින් නුඹ දෙදෙනා අනුභව කරනු. (නමුත්) නුඹ දෙදෙනා මෙම ගසට ළං නොවනු. එසේ වුවහොත් නුඹ දෙදෙනා වැරදිකරුවන්ගෙන් වන්නේ(යැයි අල්ලාහ් පැවසුවේය.)
  • 7:20 - ඔවුන් දෙදෙනාගෙන් එකිනෙකාට සැඟවී තිබුණු ඔවුන් දෙදෙනාගේ විළිබිය (සහිත අඟපසඟ) ඔවුන් දෙදෙනා වෙත හෙළිදරව් වන පිණිස ෂෙයිතාන් ඔවුන් දෙදෙනාව පොළඹ විය. නුඹලා දෙදෙනා මලක්වරුන්(සුරදූතයින්) දෙදෙනකු වීමෙන් හෝ නුඹලා දෙදෙනා සදා අමරණීයයන්ගෙන් වීමෙන් හෝ මිස නුඹලා දෙදෙනාගේ රබ්(පරමාධිපති) නුඹලා දෙදෙනා මෙම ගසින් නොවැළක්වූයේයැයි ඔහු (ෂෙයිතාන්) කීවේය.
  • 7:21 - නියත වශයෙන්ම මම නුඹලා දෙදෙනාගේ හිතවතුන්ගෙන් කෙනෙක් යැයි ඔවුන් දෙදෙනාටම ඔහු(ෂෙයිතාන්) දිවුරුම් කළේය.
  • 7:22 - ඔහු මෙසේ ඔවුන් දෙදෙනා රවටා ගෙන (කෙමෙන් කෙමෙන් තම අභිමතය පරිදි) හැඩගසා ගත්තේය. (මේ අනුව) ඔවුන් දෙදෙනා එමගසෙ(හි පළතුරු) රස බැලූවිට ඔවුන් දෙදෙනාගේ විළිබිය ඔවුන් දෙදෙනාට හෙළිවිය. ඔවුන් දෙදෙනා (ස්වර්ග) උයනේ ඇති කොළවලින් ඔවුහු දෙදෙනා මත ආවරණය කිරීමට පටන් ගත්හ. එවිට ඔවුන් දෙදෙනාගේ රබ්(පරමාධිපති) ඔවුන් දෙදෙනා කැඳවා මම නුඹ දෙදෙනා මෙම ගසින් වැළක්වූයේ නැද්ද? තවද නියතවශයෙන්ම ෂෙයිතාන් නුඹ දෙදෙනාටම ප්‍රකට සතුරකු බව මා නුඹ දෙදෙනාටම කීවේ නැද්දැ(යි අල්ලාහ් පැවසුවේය.)
  • 7:23 - අපගේ රබ්(පරමාධිපතියාණනි) අපි අපටම අපරාධය සිදුකර ගත්තෙමු. ඔබ අපට සමාකර අපට දයාලූ නොවූවහොත් නියත වශයෙන්ම අපි අලාභයට පත්වූවන්ගෙන් වෙමුයි ඔවුහු දෙදෙනා කීවෝය.
  • 7:24 - නුඹලා (මෙම උයනින්) බැස යනු. නුඹලාගෙන් ඇතමකු ඇතමකුට සතුරුය. නුඹලාට පොළොවෙහි වාසස්ථානයද යම් කාලසීමාවකට දිවි පැවැත්මද ඇතැයි ඔහු (අල්ලාහ්) කීවේය.
  • 7:25 - නුඹලා එහිම ජිවත් වන්නෙහුය. එහිම නුඹලා මිය යන්නෙහුය. එහි සිටම නුඹලා බැහැර කරනු ලබන්නෙහුයැයි ඔහු (අල්ලාහ්) කීවේය.
  • 7:26 - ආදම්ගේ දරුවනි! නුඹලාගේ විළිය වසාගැනීමට සහ සිරුර ආරක්ෂා කරගැනීමට හා අලංකාරයට වස්ත්‍රය අපි නුඹලාට පහළ කළෙමු. තවද තක්වා (බියබැතිමත්කම) නැමති වස්ත්‍රය එය ඉතා හොඳය. ඔවුන් මෙනෙහි කරනු පිණිස මේ (සියල්ල) අල්ලාහ්ගේ ආයාත්(සංඥාවන්)ය.
  • 7:27 - ආදම්ගේ දරුවනි! ඔවුන් දෙදෙනාගේ විළිය ඔවුන් දෙදෙනාට පෙන්වනු පිණිස ඔවුන් දෙදෙනාගේ වස්ත්‍රය ඔවුන් දෙදෙනාගෙන් ඉවත් කර, ස්වර්ග උයනින් නුඹලාගේ දෙමාපියන් දෙදෙනා බැහැර කළාක් මෙන් ෂෙයිතාන් විසින් නුඹලා නොමඟ යැවීමට ඉඩ නොදෙනු. නියත වශයෙන්ම ඔහුද ඔහුගේ පිරිසද නුඹලා ඔවුන් නොදකින අයුරින් නුඹලා දකින්නෝය. ඇත්තෙන්ම අපි විශ්වාස නොකරන අයට ෂෙයිතානුන් නියත වශයෙන්ම යහළුවන් බවට පත් කළෙමු.
  • 7:28 - ඔවුහු නින්දනීය (පහත්) ක්‍රියාවක් කර (එයින් වළක්වනු ලැබුවහොත්) අපගේ දෙමව්පියන්ද ඒ මත අපි දුටුවෙමු. තවද අල්ලාහ් ඒ ගැන අපට අණ කළේයැයි කියන්නෝය. නියත වශයෙන්ම නින්දනීය (ක්‍රියාවන් කරන ලෙස) අල්ලාහ් අණ නොකරන්නේය. නුඹලා නොදන්නා දැය අල්ලාහ් ගැන කියන්නෙහුදැයි නුඹ (නබි මුහම්මද්) අසනු.
  • 7:29 - මාගේ රබ්(පරමාධිපති) යුක්තිය ඉටුකරන ලෙස අණ කර ඇත. තවද නැමඳුම් කරන සියලූ තැනකම නුඹලා නුඹලාගේ මුහුණු (ඔහු වෙතම) යොමු කරන ලෙසත් තවද ඔහුට පමණක් අවංක වී ඔහුගෙන්ම කන්නලව් කරන ලෙසත් මාගේ රබ්(පරමාධිපති) අණකර ඇත. දැනට නුඹලා මවා ඇති ආකාරයෙන්ම නුඹලා නැවතත් පැමිණෙන්නාහුයැයි (නබි මුහම්මද්) පවසනු.
  • 7:30 - ඔහු (අල්ලාහ්) පිරිසකට යහමඟ පෙන්වුයේය. තවත් පිරිසකට ඔවුන් කෙරෙහි අයහපත් මාර්ගය ස්ථීර විය. මෙය ඇත්තෙන්ම ඔවුන් අල්ලාහ් හැර ෂෙයිතානුන් ආරක්ෂකයින් ලෙස ගත් නිසාත් නියත වශයෙන්ම තමන් යහමඟ ලත් අය යැයි ඔවුන් සිතාගෙන සිටි නිසාත්ය.
  • 7:31 - ආදම්ගේ දරුවනි! සියලූම නැමදුම් වේලාවන්හීදි නුඹලාගේ අලංකාරය (රඳවා) ගනු. තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. නමුත් සීමාව ඉක්මවා නොයනු. නියත වශයෙන්ම ඔහු (අල්ලාහ්) සීමාව ඉක්මවා යන්නන් ප්‍රිය නොකරන්නේය.
  • 7:32 - තමාගේ ගැත්තන් වෙනුවෙන් අල්ලාහ් හෙළි කළ අලංකාර(ඇඟලූම්)ද (අනුමැතිය ලත්) පිවිතුරු ආහාරද (භුක්ති විඳීමට) හරාම් (තහනම්) කළේ කවුරුදැයි (නබි මුහම්මද්) අසනු. මෙලොව ජීවිතයේදී මේ සියලූ දේ (ප්‍රථමයෙන්) ඊමාන් (විශ්වාස) කළ අයටය. කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේදී ඔවුනට පමණක්යැයි (නබි මුහම්මද්) පවසනු. නැණවත් පිරිසට මෙසේ අපගේ ආයාත් (සංඥාවන්-අණපනත්) පැහැදිලි කරන්නෙමු.
  • 7:33 - මාගේ රබ්(පරමාධිපති) තහනම් කළේ ප්‍රසිද්ධ හෝ රහස්‍ය නින්දිත ක්‍රියාවන්ද (සියලූම) පාපකාරී ක්‍රියාවන්ද න්‍යායෙන් තොරව අක්‍රමිකතාවන්ද (අල්ලාහ්ගේ) අනුමැතිය පහළ නොවූ දෑ අල්ලාහ්ට සමානයන් ලෙස තැබීමද අල්ලාහ් ගැන නුඹලා නොදන්නා දේ කීමද යැයි (නබි මුහම්මද්) පවසනු.
  • 7:34 - සෑම ජන සමාජයකටම නියමිත කාලසීමාවක් ඇත. ඔවුන්ගේ කාලසීමාව පැමිණියහොත් ඔවුන්ට එක් පැයකින්වත් පමා වීමට හෝ ඉක්මන් වීමට නොහැකිය.
  • 7:35 - ආදම්ගේ දරුවනි ! මාගේ ආයාත්(වදන්) නුඹලාට කියාපාන රසූල්(වක්තෘ)වරුන් නුඹලා වෙත පැමිණෙන කල්හි කවරකු අල්ලාහ්ට බියබැතිමත් වන්නේද තවද තම චර්යාව යහපත් ආකාරයකින් සකස් කරගන්නේදල ඔවුනට බියකුදු නැත. තවද ඔවුහු ළතැවෙන්නෝද නොවෙති.
  • 7:36 - අපගේ ආයාවන් බොරු යැයි කියමින් උඩඟු වී එයින් වැළකුණා වූ අය, ඔවුහු ගින්නෙහි සහකාරයෝය. ඔවුහු එහි සදාකාලිකවම වෙසෙති.
  • 7:37 - අල්ලාහ් ගැන බොරු ගෙතූ අයට හෝ ඔහු(අල්ලාහ්)ගේ ආයාත්(වදන්) බොරු යැයි කී අයට වඩා දරුණු අපරාධකරු කවරෙක්ද? එවැන්නන්ට තමන්ට හිමි තමන්ගේ කොටස ලැඛෙන්නේය. ඔවුන්ගේ ආත්මයන් අත්පත් කරගැනීමට අපගේ දූතයන් (මලක්වරුන්) ඔවුන් වෙත පැමිණෙන කල්හි නුඹලා කන්නලව් කළ අල්ලාහ් නොවන දේ කොහේදැයි? ඔවුහු(මලක්වරු) අසති. එවිට ඔවුන් අප අතහැර දමා ගොසිනැයි ඔවුහු කියන්නෝය. තවද නියත වශයෙන්ම තමන් ප්‍රතික්ෂේප කළවුන්ව සිටි බවට ඔවුන්ම තමන්ට විරුද්ධව සාක්ෂි දරන්නේය.
  • 7:38 - නුඹලාට පෙර නිරයට ගිය ජින්වරුන් හා මිනිසුන්ගේ සමූහයන් අතරට නුඹලාත් පිවිසෙතැයි ඔහු(අල්ලාහ්) කියන්නේය. සමූහයක් (නිරයට) පිවිසෙන සෑම මොහොතකම එම සමූහයට පෙරගිය අයට ශාප කරති. එහි ඔවුන් සියලූ දෙනාම එක්රැස් වන විට ඔවුන්ගෙන් පෙර පැවතියන් ගැන ඔවුන්ගේ පසු පැවතියන්, අපගේ රබ්(පරමාධිපතියාණනි!) මොවුහු අපව නොමඟ කළෝය. එබැවින් ඔවුනට ගින්නෙන් දෙගුණයක් දඬුවම් දෙන්නැ²²යි ඔවුහු පවසන්නෝය. සියල්ලන්ටම දෙගුණයක්ය. නමුත් නුඹලා (එය) නොදන්නෙහුයැයි ඔහු(අල්ලාහ්) කියන්නේය.
  • 7:39 - තවද ඔවුන්ගෙන් පෙර පැවතියෝ පසු පැවතියන් අමතා අපට වඩා නුඹලාට කිසිම උත්තරීතර කමක් නැත. එම නිසා නුඹලා සපයාගත් දෙයින් දඬුවම් විඳින්නැයි කියන්නෝය.
  • 7:40 - අපගේ ආයාත්(වදන්) බොරු යැයි කියමින් උඩඟු කමින් ඒවායෙන් වැළකුණු අයට අහස්හි දොරවල් විවෘත කරනු නොලැබේ. තවද ඔටුවකු ඉඳි මලෙහි ඇතුලූ වන තෙක් ඔවුහු ජන්නා(ස්වර්ගය)හි ඇතුලූ නොවන්නෝය. වැරදි කරන්නන්ට අපි මෙසේ ඵල විපාක දෙන්නෙමු.
  • 7:41 - ඔවුනට නිරයෙන් යහනාවද ඔවුනට ඉහළින් ආවරණයද ඇත. තවද මෙසේය වරද කරුවන්ට අප ඵලවිපාක දෙන්නේ.
  • 7:42 - නමුත් විශ්වාස කර යහකම් කළ අයට- කිසිම කෙනකුට ඔහුගේ ප්‍රමාණයට මිස අපි නොපටවන්නෙමු. ඒ අය ස්වර්ගයේ සහකාරයෝය. ඔවුහු එහි සදාකාලිකව වෙසෙති.
  • 7:43 - තවද ඔවුන්ගේ සිත්හි දුෂ්ඨ චේතනාවන් ලෙස තිබූ දෑ අපි පහ කළෙමු. ඔවුන්ගේ (මැදුර-මාළිගාව) යටින් ගංගාවෝ ගලා බසති. මේ මාර්ගයට අප යොමු කළ අල්ලාහ්ට සියලූ ප්‍රශංසා හිමි වේවා. අල්ලාහ් අපට මඟ පෙන්වූයේ නැත්නම් අපට යහමඟ සොයාගත නොහැකි වන්නට තිබුණි. නියත වශයෙන්ම අපගේ රබ්(පරමාධිපති)ගේ ධර්ම දූතයන් සත්‍ය රැගෙන පැමිණියෝයැයි ඔවුහු පවසති. (එවිට) මෙම ජන්නාහ්ව(ස්වර්ගය) නුඹලා (මහපොළොවෙහිදි) කළ දැය නිසා නුඹලා සතු කරන ලද්දේ යැයි ඔවුහු අඬගසනු ලබන්නාහුය.
  • 7:44 - අපගේ රබ්(පරමාධිපති) අපට පොරොන්දු වූ දේ සත්‍යයැයි අපි දැකගත්තෙමු. නුඹලාගේ රබ්(පරමාධිපති) නුඹලාට පොරොන්දු වූ දේ සත්‍යයයි නුඹලා දැක ගත්තෙහිදැයි ස්වර්ගයේ සහකාරයෝ නිරයේ සහකාරයන්ට අඬගසා පවසති. (එවිට) ඔවුහු “ඔව්” යැයි පවසති. එවිට අල්ලාහ්ගේ ශාපය වැරදිකරුවන් කෙරෙහි යයි ඔවුන් අතර සිටි නිවේදකයෙක් නිවේදනය කරයි.
  • 7:45 - (එම වැරදි කරුවන් නම්) අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) වළක්වන්නාවූද එහි ඇද සොයන්නාවූද පරලොව ප්‍රතික්ෂේප කරන්නා වූද අය වේ.
  • 7:46 - මෙම කණ්ඩායම් දෙක අතර බාධාවක් පවතී. තවද උච්චස්ථානයේ ඇතැම් මිනිස්සු සිටිති. ඔවුහු ඔවුන්ගේ ලක්ෂණයෙන් එකිනෙකා හඳුනාගනිති. ඔවුහු ස්වර්ගවාසීන් කැඳවා නුඹලාට ශාන්ති වේවායි පවසති. (නමුත්) ඔවුහු (උච්චස්ථානයේ සිටින්නන්) එය(ස්වර්ගය)ට ඇතුළුවන්නට අපේක‍ෂා කළද ඔවුහු එයට එතෙක් ඇතුළු නොවන්නෝය.
  • 7:47 - ඔවුන්ගේ නෙත් නිරය වාසීන් වෙත යොමුවන විට ඔවුහු “අපගේ පරමාධිපතියාණනි, අපව වැරදි කළ පිරිස සමඟ (එක්) නොකරන්නැයි” පවසති.
  • 7:48 - එවිට උච්චස්ථානයේ සිටින අය (නිරයේ සිටින්නන් අතර) ඔවුන්ගේ ලක්ෂණ අනුව ඔවුන් දැන(හඳුනා)ගත් මිනිසුන් හට අඬ ගසා නුඹලා(අනුගාමිකයන්)ගේ කණ්ඩායම හෝ නුඹලාගේ උඩඟු වීම(ට හේතු වූ වස්තුව හා ධනය)ද නුඹලාව (නිරයේ වේදනාවෙන්) ආරක්ෂා නොකළේයැයි පවසති.
  • 7:49 - එමෙන්ම අල්ලාහ් (සිය) ආශිර්වාදවලින් (කිසිම කොටසක්) මේ අයට ලබා නොදෙතැයි නුඹලා දිවුරා කියා සිටියේ (ස්වර්ග වාසීන් වන) මේ අය ගැන නේදැයි (ඔවුහු පවසති.) (ඒ අයට) නුඹලා ස්වර්ගයට පිවිසෙනු. නුඹලාට බිය(වීමට අවශ්‍ය) නැත. තවද නුඹලා ශෝක වීටමද (අවශ්‍ය) නැතැයි (කියනු ලැබේ.)
  • 7:50 - නිරයේ වැසියන් ස්වර්ගයේ වැසියන් අමතා “ජලයෙන් හෝ අල්ලාහ් නුඹලාට දුන් දෙයින් හෝ අප මත වත් කරන්න යැයි විලාප නගති. එවිට (ස්වර්ගවාසීන්) නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කළවුන් කෙරෙහි ඒදෙක තහනම් කළේයැයි.” (ස්වර්ගවාසීහු) කියන්නෝය.
  • 7:51 - (ඔවුහු කවරෙක්ද නම්) තමන්ගේ දහම විනෝදය හා කෙළි සෙල්ලම් බවට පත්කර ගත්තාවූද ලෞකික ජීවිතය ඔවුන්ව මංමුළා කළාවුද අය වේ. ඔවුන් අපගේ ආයාත් (වදන්) ප්‍රතික්ෂේප කළාක් මෙන්ද මෙදින හමුවීම අමතක කළාක් මෙන්ද අපිද අද දින ඔවුන්ව අමතක කළෙමු. (යැයි අල්ලාහ් පවසයි.)
  • 7:52 - තවද නියත වශයෙන්ම අප ඔවුන් වෙත දේව ග්‍රන්ථයක් ගෙන ආවෙමු. එය දැනුම පදනම් කරගත් අපගේ විස්තරය ලෙසද, විශ්වාස කරන ජනයාට යහමඟක් ලෙසද, දයාලූ භාවයක් ලෙසද (පවති.)
  • 7:53 - ඔවුහු (මෙම ග්‍රන්ථයෙන් අනතුරු ඇඟවුණු) ඵලවිපාක හැර (වෙනත් දෙයක්) අපේක‍ෂා කරන්නෙහිද? එම ඵල විපාක පැමිණෙන දවස මීට පෙර එය (අගෞරවයෙන්) අමතක කළ අය ‘නියත වශයෙන්ම අපේ රබ්(පරමාධිපති)ගේ රසූල්(වක්තෘ)වරු සත්‍ය රැගෙන පැමිණියහ. අපට අප වෙනුවෙන් මැදිහත් වී කන්නලව් කරන අය සිටීද? නැතිනම් අප කලින් කරමින් සිටි ක්‍රියාවන් නොවන (වෙනත්) ක්‍රියාවන් කිරීමට (ලොවට) අපි ආපසු යවනු ලැඛෙමුදැ’යි කියන්නෝය. නියත වශයෙන්ම ඔවුහු තමන්ටම පාඩුව සිදුකර ගත්තෝය. ඔවුන් බොරු ගොතමින් කියූ දේ ඔවුන්ගෙන් බැහැර වීය.
  • 7:54 - දින හයකින් අහස් හා පොළොව නිර්මාණය කළ පසුව (අර්ෂ්) රාජාසනයෙහි අසුන් ගත් අල්ලාහ්මය නියතවශයෙන්ම නුඹලාගේ රබ්(පරමාධිපති) වන්නේ. ඔහු රාත්‍රිය මගින් දහවල ආවරණය කරවන්නේය. එය (රාත්‍රිය) අනෙක (දහවල) පසුපස යයි. තවද සුර්යයාවද, චන්ද්‍රයාවද, තාරකාද, ඔහු(අල්ලාහ්)ගේ අණසක පවතින ආකාරයෙන් (නිර්මාණය කළේය.) නිර්මාණයද අණයද, ඔහු සතුය. සකල ලෝකයේම රබ්(පරමාධිපති) වූ අල්ලාහ් ආශිර්වාදයෙන් පරිපූර්ණය.
  • 7:55 - නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් බැගෑපත්වද නිහඬවද අයදිනු. නියත වශයෙන් ඔහු සීමාව ඉක්මවන්නන් ප්‍රිය නොකරන්නේය.
  • 7:56 - එය (මහපොළොව) නියම ක්‍රමයකට පිළියෙළ කළ පසු මහපොළොවෙහි අවුල් වියවුල් ඇති නොකරනු. තවද බියබැතිමත් භාවයෙන්ද අභිලාෂයෙන්ද ඔහු (අල්ලාහ්) අයදිනු. නියත වශයෙන් අල්ලාහ්ගේ දයාලූභාවය යහකම් කරන්නවුන්ට සමීපය.
  • 7:57 - තවද ඔහුගේ දයාලූභාව පෙරටුව ශභාරංචිය ගෙන එන්නක්සේ සුළං හමවන්නේ ඔහු(අල්ලාහ්)මය. එය (සුළඟ) ඝණ වළාකුළු ඉසුළු කල්හි මළානික වූ ගමකට අපි එය පා කර හැර එයින් වර්ෂාව පහළ කර එමගින් සියලූ පළතුරු හටගන්වන්නෙමු. එසේම මළවුන් අපි නැගිටුවන්නෙමු, නුඹලා මෙනෙහි කරනු පිණිස.
  • 7:58 - සරු බිමෙහි එහි රබ්(පරමාධිපති)ගේ අවසරයෙන් ඵල හටගනී. නමුත් නිසරු බිම නිසරු ඵල මිස හට නොගන්නේය.46 ගුණ ගරුක වීමට සිතන පිරිසට මෙසේ අපි නැවත නැවතත් ආයාත්(සංඥාවන්) පැහැදිලි කරන්නෙමු.
  • 7:59 - නියත වශයෙන්ම අපි නුහ්ව ඔහුගේ ජනයා වෙත යැවීමු. එවිට මාගේ ජනයිනි, අල්ලාහ්ට ඉබාදත් කරනු. (කීකරු වනු.) නුඹලාට ඔහු හැර වෙනත් දෙවියකු නැත.48 නුඹලා කෙරෙහි බිහිසුනු දිනයේ දඬුවම ගැන මම බියවන්නෙමියි ඔහු පැවසුවේය.
  • 7:60 - එයට, පැහැදිලිවම ඔබ ප්‍රකට දුර්මාර්ගයෙහි අපි දකින්නෙමුයි ඔහුගේ ජනයාගෙන් ප්‍රධානීහු කීවෝය.
  • 7:61 - එයට ඔහු, මාගේ ජනයිනි! මා තුළ දුර්මාර්ගය නොමැත. එනමුත් ඇත්තෙන්ම මා විශ්වයේ රබ්(පරමාධිපති)ගෙන් (පහළ) වූ රසූල්(වක්තෘ)වරයකු යැයි කීවේය.
  • 7:62 - මම මාගේ රබ්(පරමාධිපති)ගේ දූත මෙහෙවරය නුඹලාට ගෙන හැර දක්වමි. තවද මම නුඹලාට යහපත අපේක්ෂා කරන්නෙමි. නුඹලා නොදන්නා දේවල් අල්ලාහ්ගෙන් මම දැන ගන්නෙමියි (කීය.)
  • 7:63 - නුඹලාට අවවාද කිරීම පිණිසද නුඹලා පාපයෙන් ආරක‍ෂා වනු පිණිසද නුඹලාට දයාලූ භාවය ලැඛෙනු පිණිසද නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් වූ උපදෙස් නුඹලා අතුරින් මිනිසකු වෙතින් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමයට පත් වන්නෙහුදැයි (නූහ් ඇසීය.)
  • 7:64 - නමුත් ඔවුහු ඔහුව(නුහ්) බොරු යැයි කිහ. එහෙයින් අපි ඔහු සහ ඔහු සමඟ නැවෙහි සිටි පිරිස ගලවා ගත්තෙමු. තවද අපගේ ආයාත්(වදන්) බොරු යැයි කී අය අපි ගිල්වූයෙමු. නියත වශයෙන් ඔවුහු අන්ධ ජනතාවක්ම වූහ.
  • 7:65 - තවද, ආද් (සමාජය) වෙත අපි ඔවුන්ගේ සෙහොයුරු වූ හූද් (යැව්වෙමු.) ඔහු (ඔවුන් අමතා) මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට ඉබාදත් කරනු. (කීකරු වනු.) ඔහු හැර නුඹලාට වෙනත් දෙවියෙකු නැත. නුඹලා වැරදි මාර්ගවලින් ඉවත් වන්නේ නැද්දැයි පැවසුවේය.
  • 7:66 - ඔහුගේ ජනයින්ගෙන් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහූ නියත වශයෙන්ම අපි ඔබව මෝඩකමේ සිටින බව දකින්නෙමු. තවද ඔබ බොරු කාරයන්ගෙන් (කෙනකු) යැයි අපි සිතන්නෙමුයි පැවසූහ.
  • 7:67 - ( එවිට) මාගේ ජනයිනි! මා තුළ මෝඩකම නැත. එනමුත් මා විශ්වයේ රබ්(පරමාධිපති) ගෙන්වූ රසූල්වරයකු (දූතයකු) වන්නෙමියි ඔහු පැවසීය.
  • 7:68 - මම මාගේ රබ්(පරමාධිපති)ගේ දූත මෙහෙවරය නුඹලාට ගෙනහැර දක්වමි. තවද මම නුඹලාට විශ්වාස වන්තවූ යහපත අපේක්ෂා කරන්නෙක් වෙමි.
  • 7:69 - නුඹලාට අවවාද කිරීම පිණිස නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් වූ උපදෙස් නුඹලා අතුරින් මිනිසකු වෙතින් නුඹලාට පහළ වීම ගැන නුඹලා පුදුම වන්නාහුද. නුහ්ගේ ජනතාවට පසු ඔහු නුඹලා නියෝජිතයන් කර ජීවීන් අතුරින් ශක්තිමත් බවට නුඹලා වර්ධනය කර ඇති බවද මෙනෙහි කරනු. එනිසා නුඹලා අල්ලාහ්ගේ ආශිර්වාදය සිහිපත් කරනු. එමගින් නුඹලා ජයග්‍රාහකයන් විය හැකි(යි පැවසීය.)
  • 7:70 - ඔබ අප වෙත පැමිණි සිටින්නේ අප අල්ලාහ් පමණක් නැමදිය යුතුයි, අපගේ මුතුන් මිත්තන් නැමදිමින් සිටි දේ අතහැර දැමිය යුතුයි. (යනුවෙන් අණ කිරීම) පිණිසද ඔබ සත්‍යවාදී නම් ඔබ අපට අවවාද කළ දේ අප වෙත රැගෙන එන්නැයි ඔවුහු කීවෝය.
  • 7:71 - නියත වශයෙන්ම නුඹලාගේ රබ්(පරමාධිපති)ගේ දඬුවම්ද උදහස්ද නුඹලා මත පැමිණ ඇත. නුඹලාද නුඹලාගේ මුතුන් මිත්තන්ද තබාගත් නාමයන් ගැන නුඹලා මා සමඟ තර්ක කරන්නෙහුද? ඒ ගැන කිසිදු බලයක් අල්ලාහ් පහළ කර නොමැත. එබැවින් නුඹලා (දඬුවම එනතුරු) බලා සිටිනු. නියත වශයෙන් මමද නුඹලා සමඟ බලා සිටින්නන් අතර කෙනෙක් වෙමියි ඔහු පැවසීය.
  • 7:72 - එවිට අපි අපගේ දයාලූභාවයෙන් ඔහු(හූද්)වද ඔහු සමඟ සිටි අයවද මිදෙව්වෙමු. අපගේ ආයාත්(වදන්) බොරු යැයි කී අයවද විශ්වාසවන්තයින් නොවූ අයවද අපි සහමුලින් විනාශ කළෙමු.
  • 7:73 - සමූද් (ජන සමාජය) වෙත ඔවුන්ගේ සොහොයුරු සාලිහ් (යැව්වෙමු.) මාගේ ජනයිනි! අල්ලාහ්ට ඉබාදත් කරනු. (කීකරු වනු.) නුඹලාට ඔහු හැර වෙනත් දෙවියකු නැත. නියත වශයෙන්ම නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් නුඹලාට (පැහැදිලි) සාක‍ෂියක් පැමිණ ඇත. මෙය අල්ලාහ්ගේ ඔටුදෙනයි. ඇය නුඹලාට සංඥාවකි. එබැවින් අල්ලාහ්ගේ පොළොවෙහි අනුභව කිරීමට ඇයට ඉඩ හරිනු. කිසිම නපුරු අරමුණකින් ඇයව ස්පර්ශ නොකරනු. එසේ කළහොත් වේදනීය දඬුවම නුඹලාව වෙළාගනු ඇතැයි ඔහු පැවසුවේය.
  • 7:74 - තවද ආද් (ජනසමාජයෙන්) පසු (මහපොළොවේ අල්ලාහ්) අනුප්‍රාප්තිකයන් බවට නුඹලා (සමූද්) පත්කර නුඹලාට මහපොළොවේ වසන්නට බලය දුන් ඔහු(අල්ලාහ්) සිහිපත් කරනු. එබැවින් එහි තැනිතලාවෙහි නුඹලා මන්දිර තනාගන්නෝය. තවද නුඹලා කඳු හාරා ගෙවල් තනා ගන්නෝය. එමනිසා අල්ලාහ්ගේ (ආශිර්වාදය ගෙනහැර දක්වන) වරප්‍රසාදයන් සිහිපත් කරනු. තවද අනර්ථකාරීන් ලෙස මහපොළොවේ දූෂිත ක්‍රියාවන් පතුරුවමින් විසිර නොයනු.
  • 7:75 - ඔහු(සාලිහ්)ගේ සමාජයේ උඩඟුවෙන් පිරුණු ප්‍රධානීන්, පීඩිත ජනයා අතර සිටී විශ්වාස කළවුන්ට නියත වශයෙන් සාලිහ් ඔහුගේ රබ්(පරමාධිපති) විසින් එවන ලද්දකු(වක්තෘ) බව නුඹලා දන්නෙහිදැයි පැවසුවෝය. ඔහු(සාලිහ්) සමඟ එවන ලද දේ කෙරෙහි සත්‍යවශයෙන් අපි විශ්වාස කරන්නෝ වෙමුයි ඔවුහු(එම පීඩිත ජනයා) පැවසුහ.
  • 7:76 - නුඹලා විශ්වාස කළ දේ නියත වශයෙන්ම අපි ප්‍රතික්ෂේප කරන්නෙමුයි උඩඟු වූ අය කීවෝය.
  • 7:77 - පසුව ඔවුහු ඔටුදෙන මරා දැමූහ. තවද ඔවුන්ගේ රබ්(පරමාධිපති)ගේ අණය අහංකාර ලෙස පැහැර හැරියහ. තවද, සාලිහ්! නුඹ නියත වශයෙන්ම රසූල්(වක්තෘ)වරයන්ගෙන් කෙනකු නම් නුඹ අපට අවවාද කළ දේ (දඬුවම) ගෙන එන්නැයි පැවසුවෝය.
  • 7:78 - අනතුරුව (ඉතා භයානක) භූමි කම්පාව ඔවුන්ව ග්‍රහණය කර ගත්තේය. එමනිසා ඔවුහු ඔවුන්ගේ නිවස්වලට ඇදවැටි මියගියහ.
  • 7:79 - මාගේ ජනයනි! මම මාගේ රබ්(පරමාධිපති)ගේ පණිවුඩය නුඹලාට සැල කළෙමි. තවද නුඹලාගේ යහපත සඳහා මම(මට හැකි උපරීම අන්දමින්) නුඹලාට අනුශාසනා කළෙමි. නමුත් නුඹලා අනුශාසනා කරන (හිතවත්) අය ප්‍රිය නොකරන්නෝයැයි කියමින් ඔහු(සාලිහ්) ඔවුන්ගෙන් වෙන්වී ගියේය.
  • 7:80 - ලූත්(ද වක්තෘවරයකු) ලෙස අපි යැවීමු. නුඹලාට පෙර ලෝක වැසියන්ගෙන් කිසිවකු නොකළාවූ නින්දිත ක්‍රියා නුඹලා කරන්නෙහුදැයි ඔහු තම ජනයාගෙන් ඇසීය.
  • 7:81 - නියත වශයෙන්ම නුඹලා ස්ත්‍රීන් අතහැර නුඹලාගේ කාමාශාව(සංසිදුවා ගැනීම)ට පුරුෂයින් වෙත පැමිණෙන්නෝය. නුඹලා සීමාව ඉක්මවා යන ජනතාවකි.
  • 7:82 - නුඹලාගේ නගරයෙන් නුඹලා ඔවුන් බැහැර කරනු. මන්ද ඔවුහු තමන් පිරිසිදු බව ව්‍යාජව අඟවන්නෝයැයි ඔවුන් කියනු මිස ඔහුගේ ජනතාවගේ වෙනත් පිළිතුරක් නොතිබිණ.
  • 7:83 - ඔහුගේ භාර්යාව හැර ඔහුද ඔහුගේ පිරිවරද අපි මිදුවෙමු. ඕ (නගරයේ) පමා වූවන්ගෙන් කෙනෙක් වූවාය.
  • 7:84 - තවද (අල්ලාහ්ගේ දණ්ඩනයට ලක්වූ) ඔවුන් වෙත අපි වර්ෂාවක් වැස්සෙව්වෙමු. වැරදිකාරයින්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ මෙනෙහි කරනු.
  • 7:85 - තවද මද්යන්(වැසියන්) වෙත ඔවුන්ගේ සොහොයුරු ෂුඅයිබ්වද (අපි යැව්වෙමු) මාගේ ජනයිනි! අල්ලාහ්ට ඉබාදත් කරනු. (කීකරු වනු.) නුඹලාට ඔහු හැර වෙනත් කිසිඳු දෙවියකු නැත. නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් නුඹලා වෙතට නිර්මල මඟපෙන්වීමක් පැමිණ ඇත. මේ නිසා නුඹලා මිණුමද කිරුමද පූර්ණ කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වංචා නොකරනු. මිහිතලය සංස්කරණය කළායින් පසු එහි අවුල් වියවුල් නොපතුරුවනු. නුඹලා මුඃමීන්වරුන් නම්, මෙය නුඹලාට යහපත් වේයැයි ඔහු(ෂුඅයිබ්) පැවසුවේය.
  • 7:86 - (ජනයිනි!) බියගැන්වීම පිණිසද ඔහු(අල්ලාහ්) විශ්වාස කළ අය අල්ලාහ්ගේ මාර්ගයෙන් බාධා කිරීම පිණිසද එය (සෘජු මාර්ගය) ඇද කිරීමේ අදහසින්ද (ජීවිතයේ) සෑම මාවතකම සැඟවී නොසිටිනු. නුඹලා සංඛ්‍යාවෙන් ටික දෙනකුව සිටි කාලයෙහි ඔහු(අල්ලාහ්) නුඹලා වැඩි කළ බව සිහිපත් කරනු. තවද දූෂණය පතුරුවන්නන්ගේ අවසානය කෙසේ වී දැයි මෙනෙහි කරනු.
  • 7:87 - මා මගින් එවන ලද දේ ගැන විශ්වාසය කරන පිරිසක්ද විශ්වාස නොකරන පිරිසක්ද නුඹලා අතර සිටි නම් අප අතර අල්ලාහ් විනිශ්චය දෙන තෙක් නුඹලා ඉවසනු. ඔහු (අල්ලාහ්) විනිශ්චය දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය.
  • 7:88 - ඔහුගේ ජනතාවගෙන් උඩඟු වූ ප්‍රධානීහු (ෂුඅයිබ්ව අමතා) ෂුඅයිබ් නුඹද නුඹ සමඟ විශ්වාස කළවුන්ද අපි අපේ නගරයෙන් ස්ථීර ලෙසම පිටමං කරන්නෙමු. නැතිනම් නුඹලා අපේ දහමට නැවත පැමිණිය යුතුයැයි කීවෝය. (එයට) අපි (එය) පිළිකුල් කරන නමුත්දැයි ඔහු (ෂුඅයිබ්) ඇසීය.
  • 7:89 - අපව අල්ලාහ් එයින් ගළවාගෙන තිබියදීත් අපි ඔබලාගේ දහමට නැවත පැමිණියහොත් අපි අල්ලාහ් කෙරෙහි බොරු ගෙතූවෝ වන්නෙමු. අපගේ පරමාධිපති වූ අල්ලාහ් අභිමත වූවානම් මිස අපි එහි නැවත පැමිණීමට (හේතු) නැත. අපගේ රබ්(පරමාධිපති) සියලූ දේ දැනුමෙන් සර්ව ව්‍යාප්තකය. අල්ලාහ් වෙතම අපි සියල්ල බාර කළෙමු. අපගේ පරමාධිපතියාණනි අප හා අපගේ ජනතාව අතර නිවැරදි විනිශ්චය ලබා දෙනු මැනවි. ඔබ විනිසුරුවන්ගෙන් ශ්‍රේෂ්ඨයැයි ෂුඅයිබ් කීවේය.
  • 7:90 - ඔහු(ෂුඅයිබ්)ගේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප කළා වු ප්‍රධානීහු නුඹලා ෂුඅයිබ් අනුගමනය කළහොත් එවිට නියත වශයෙන්ම නුඹලා අන්ත විනාශයට පත්වනවා ඇතැයි කීහ.
  • 7:91 - අනතුරුව (ඉතා භයානක) භූමිකම්පාව ඔවුනට ඇතිවිය. එමනිසා ඔවුහු ඔවුන්ගේ නිවස්වලම ඇද වැටි මිය ගියහ.
  • 7:92 - ෂුඅයිබ් බොරුයැයි කී ඇත්තෝ ඔවුහු එහි(මීට පෙර) වාසය නොකළාක් මෙන් (සහමුලින්ම විනාශ) වූහ. ෂුඅයිබ් බොරුයැයි කී අය වූ ඔවුහුමය අලාභයට පත් වූවෝ.
  • 7:93 - එවිට මාගේ ජනයිනි! මම මාගේ රබ්(පරමාධිපති)ගේ පණිවුඩය නුඹලාට සැල කළෙමි. තවද නුඹලාගේ යහපත සඳහා මම(මට හැකි උපරිම අන්දමින්) නුඹලාට අනුශාසනා කළෙමි. එහෙයින් ප්‍රතික්ෂේප කළ ජනතාවක් ගැන මම කෙසේ පසුතැවිලි වන්නෙම්දැයි ඔහු (ෂුඅයිබ්) ඔවුන්ගෙන් වෙන්වී ගියේය.
  • 7:94 - කිසියම් ජනාවාසයක් වෙත නබිවරයකු අපි එවන විට එහි ඇත්තන් බැගෑපත් වනු පිණිස ඔවුන් උවදුරින් හා දිළිඳුකමින් හසුකරමින් මිස එම නබිවරයා නොඑවන්නෙමු.
  • 7:95 - පසුව අපගේ පියවරුන්ටද ඇත්තෙන්ම විපත හා උවදුර වැඳුනේයැයි ඔවුන් කියනතුරු නපුර වෙනුවට යහපත මාරු කළෙමු. ඉන්පසු අහම්ඛෙන් ඔවුනට නොවැටහෙන සේ අපි ඔවුන්ව හසු කළෙමු
  • 7:96 - ජනාවාසවල(වාසය කළ) ජනයා විශ්වාස කර බියබැතිමත් වූයේ නම් ඔවුනට අහසේ හා පොළොවේ භාග්‍යයන්(වල දොරටු) නියතවශයෙන් අප විවෘත කරන්නට තිබුණි. නමුත් ඔවුහු (සත්‍ය පිළිනොගෙන) බොරු යැයි කීහ. එබැවින් ඔවුන් සපයාගත් දැය හේතුකොට ගෙන අපි ඔවුන් (දැඩි ග්‍රහණයට) හසු කළෙමු.
  • 7:97 - එම නගරවාසීන් (වන) ඔවුන් රාත්‍රියේ තද නින්දේ පසුවන කල්හි අපගේ දඬුවම් ඔවුනට පහළ වෙයිදෝ යන බියෙන් මිදුණෝද.
  • 7:98 - නැතහොත් ඔවුන් දිවා කාලයේ විනෝදයේ යෙදී සිටියදී ඔවුනට අපගේ දඬුවම් පහළ වෙයිදෝ යන බියෙන් එම නගරවාසීහු මිදුණෝද.
  • 7:99 - ඔවුහු අල්ලාහ්ගේ රහස් සැලැස්ම (පිළිබඳ බියෙන්) මිදුණෝද. එසේ නම් අලාභවූවන් හැර වෙන ජනතාවක් අල්ලාහ්ගේ රහස් සැලැස්ම(පිළිබඳ බියෙන්) මිදෙන්නේ නැත. (මේ බව ඔවුන් දැනගත යුතුය.)
  • 7:100 - අප සිතුවානම් ඔවුන්ගේ පව් හේතුවෙන් අප විසින් ඔවුනට දඬුවම් දිය හැකිය යන වග මුලින් විසූ ජනතාවගෙන් පසුව මහපොළොවේ උරුමය ලැබූ ජනතාවට නොපැහැදිළිද. තවද (ඔවුන් මූලික දේවල් ගැන නොතැකීම නිසා) ඔවුන්ගේ හදවත්වලට අපි මුද්‍රා තැබුවෙමු. එබැවින් ඔවුහු කිසිවකට සවන් නොදෙති.
  • 7:101 - එම ගම්මානයන්(වල ජීවත් වූ අය)ගේ කථාන්තර අපි ඔබට කියමු. ඔවුන්ගේ රසූල්වරු පැහැදිලි සංඥා සහිතව ඔවුන් වෙත පැමිණියහ. නමුත් ඔවුහු කලින් බොරු යැයි කී දෙය (නැවත) විශ්වාස කිරීමට සූදානම් නොවූහ. මෙලෙසමය කාෆිර්වරුන්ගේ හදවත්වලට අල්ලාහ් මුද්‍රා තබන්නේ.
  • 7:102 - තවද ඔවුන් අතුරින් බොහෝ දෙනකු (කිසිම වැදගත්) ගිවිසුමට ගරු කරන බව අපි නොදුටුවෙමු. ඔවුන්ගෙන් වැඩිදෙනෙක්ම උල්ලංඝණය කරන්නන් බව අපි දුටුවෙමු.
  • 7:103 - ඉන් අනතුරුව ඔවුන්ගෙන් (ඉහත සඳහන් මේ ප්‍රජාවන්ගෙන්) පසුව අපේ සංඥා සමඟ ෆිර්අවුන් සහ ඔහුගේ (ජාතියේ) ප්‍රධානීන් වෙත මූසා යැව්වෙමු. නමුත් ඔවුහුද ඒවා (අපේ සංඥා) නොසළකා හැරියහ. සැහැසිකම්වල නියැලූණු අයගේ අවසානය කුමක් වූයේ දැයි (සිතා) බලනු.
  • 7:104 - තවද ඕ ෆිර්අවුන්! නියත වශයෙන්ම මම රබ්බුල් ආලමීන්(විශ්වයාධිපති)ගේ රසූල්(වක්තෘ)වරයකු යැයි මූසා පැවසුවේය.
  • 7:105 - අල්ලාහ් පිළිබඳව සත්‍යයම හැර වෙන කිසිවක් ප්‍රකාශ නොකිරීමට මම ඉතා සුදුස්සෙක්මි. නියත වශයෙන්ම මම නුඹලාගේ රබ්(පරමාධිපති) වෙතින් පැහැදිලි සංඥාවන් නුඹලා වෙතට ගෙන ඇවිත් සිටිමි. එමනිසා ඉස්රායිල්ගේ දරුවන් මා සමඟ එවනු.
  • 7:106 - ඔබ සංඥාවක් ගෙනවිත් තිබේ නම්, ඔබ සත්‍යවාදින්ගෙන් කෙනකු නම් එය ගෙන හැර දක්වනුයි ඔහු (ෆිර්අවුන්) කීවේය.
  • 7:107 - එවිට ඔහු (මූසා) තම සැරටිය (බිම) දැම්මේය. එවිට (සැනකින්) එය පැහැදිලි සර්පයෙක් (බවට පත්) විය.
  • 7:108 - ඉන්පසුව සිය අත (එළියට) ගත්තේය. එවිට එය (සැනකින්) බලන්නන්ට බැබලෙන්නට විය
  • 7:109 - (මෙය දුටු) ෆිර්අවුන්ගේ ජනයාගෙන් ප්‍රධානීහු නියත වශයෙන්ම මොහු ඉතා උගත්(දක‍ෂ) හූනියම් කාරයෙකියි කීවෝය.
  • 7:110 - නුඹලා නුඹලාගේ භූමියෙන් බැහැර කරන්නට ඔහු අදහස් කරන්නේය. (එයට) නුඹලා කුමක් පවසන්නේද?
  • 7:111 - (ඉන්පසුව සියලූ දෙනාම) ඔහු සහ ඔහුගේ සහෝදරයා (ටික කලක්) ප්‍රමාද කර (දක‍ෂ හූනියම්කාරයින් එකතු කර ගැනීමට) නගරයට කැඳවන්නන් යවන්න යැයි කීහ.
  • 7:112 - ඔවුන් (ඔබ වෙත) උගත් (දක්ෂ) හූනියම්කරුවන් සියල්ල කැඳවාගෙන පැමිණීම සදහා.
  • 7:113 - (මේ අනුව) හූනියම්කරුවෝ ෆිර්අවුන් වෙත පැමිණ අපි දිනුවේ නම් අපට නිසැකයෙන්ම තෑගි ලැඛෙනවාදැයි ඇසූහ.
  • 7:114 - එයට ඔහු(ෆිර්අවූන්) ඔව්, (තවද) නියත වශයෙන්ම නුඹලා (මැති සභයේ) මට ඉතා ළංවූවන්ගෙන් වන්නෝයැයි කීය.
  • 7:115 - මූසා! ඔබ (මුලින්) විසිකරන්නේද? නැතිනම් අප මුලින් විසිකරන්නන් විය යුතු දැයි ඔවුහු පැවසූහ.
  • 7:116 - ඔහු (මූසා) නුඹලා විසි කරනුයි කීවේය. එවිට ඔවුහු(හූනියම්කරුවෝ) විසිකළ කල්හි මිනිසුන්ගේ ඇස් මෝහනය කර ඔවුන් බියගන්වා මහ හූනියමක් ගෙනහැර පෑහ.
  • 7:117 - එවිට නුඹ නුඹගේ සැරයටිය විසි කරනුයි අපි මූසාව පෙළඹවීමු. (ඔහු එය විසි කළ වහාම) එය ඔවුන්ගේ ව්‍යාජ (හූනියම්) ගිල දැමුවේය.
  • 7:118 - එවිට සත්‍ය තහවුරු විය. තවද ඔවුන් කළ දේ පහ වී ගියේය.
  • 7:119 - එවිට ඔවුහු (ෆිර්අවුන් හා ඔහුගේ ජනයා) එහිදී (තරඟයෙන්) පරාජය කරනු ලැබුවෝය. තවද ඔවුහු නින්දනීය තත්ත්වයට පත් වූහ.
  • 7:120 - තවද හූනියම්කරුවෝ (ඔවුන්ගේ සිත්හි ඇති වූ හැඟීමක් නිසා) සුජූද් (සිරස බිම තබා නමස්කාර) කරන්නෝ ලෙස වූහ.
  • 7:121 - විශ්වාධිපති (වූ අල්ලාහ්) ගැන අපි විශ්වාස කළෙමුයි ඔවුහු කීහ.
  • 7:122 - මූසාගේද හාරූන්ගේද පරමාධිපති ගැන (අපි විශ්වාස කළෙමුයි ඔවුහු කීහ.)
  • 7:123 - මා නුඹලාට අවසර දෙන්නට පෙර නුඹලා ඔහු ගැන විශ්වාස කළෙහිද. නියත වශයෙන්ම නීත්‍යානුකූල අයිතිකරුවන්(ගේ බලයෙන් ඔවුන්) එයින් බැහැර කරන්නට නගරයේ නුඹලා කළ කුමන්ත්‍රණයකි මේ. (ඒ කුමන්ත්‍රණයේ විපාක) ඉක්මනින් නුඹලා දැනගන්නාහුයැයි ෆිර්අවුන් කීවේය.
  • 7:124 - මම නුඹලාගේ අත් හා නුඹලාගේ පය (ඒකාන්තරව) කපා වෙන් කරන්නෙමි. පසුව නුඹලා සියල්ලම කුරුසියේ එල්ලන්නෙමි(යි ෆිර්අවුන් කීවේය.)
  • 7:125 - (එයට) නියත වශයෙන්ම අපි අපගේ රබ්(පරමාධිපති) වෙත නැවත යන්නෙමුයි ඔවුහු කීහ.
  • 7:126 - අපේ රබ්(පරමාධිපති)ගේ ආයාත්(සංඥාවන්) අප වෙත පැමිණි විට අප එය (සංඥාව) විශ්වාස කිරීම මිස නුඹ (වෙන කිසි දෙයකට) අපගෙන් පළිනොගන්නෙහිය. අපගේ රබ්(පරමාධිපතියාණනි!) අප වෙත ඉවසීම(ගුණාංගය) වර්ධනය කරන්න. අපව මුස්ලිම්වරුන් (අවනතවූවන්) මෙන් මරණයට පත් කරන්නැයි ඔවුහු කීහ.
  • 7:127 - ලොවේ අසමගිය පතුරුවා හැරීමටත් නුඹටත් නුඹගේ දෙවිවරුන්ටත් (කීකරු වීම) පැහැර හැරීමටත් මූසාට හා ඔහුගේ ජනයාට නිදැල්ලේ සිටීමටත් නුඹ ඉඩ හරිනවාදැයි ෆිර්අවුන්ගේ ජනතාවගේ ප්‍රධානීහු ඇසූහ. (එවිට) අපි ඔවුන්ගේ පුතුන් මරාදමා ඔවුන්ගේ ස්ත්‍රීන්ට (පමණක්) ජීවත්වීමට ඉඩ හරිමු. තවද නියත වශයෙන්ම අප ඔවුන් මත ඉතා බලසම්පන්නයැයි ඔහු(ෆිර්අවුන්) කීවේය.
  • 7:128 - නුඹලා අල්ලාහ්ගෙන් පිහිට පතනු. ඉවසිලිවන්ත වනු. නියත වශයෙන්ම මහපොළොව අල්ලාහ්ටම අයිතිය. ඔහුගේ ගැත්තන්ගෙන් ඔහුට අභිමත අයට එය උරුම කරයි. අවසාන ජයග්‍රහණය ඇත්තේ (තමන්ගේ සෑම කටයුත්තකදීම අල්ලාහ්ට) බියබැතිමත් වන අයටැයි මූසා තම ජනයාට කීවේය.
  • 7:129 - ඔබ අප වෙත පැමිණෙන්නට පෙර ද ඔබ අප වෙත පැමිණි පසුව ද අපි හිංසා පීඩා කරනු ලැබුවෙමුයි ඔවුහු කීහ. එවිට නුඹලාගේ පරමාධිපති නුදුරු අනාගතයේදී නුඹලාගේ සතුරන් විනාශ කර මහපොළොවෙහි නුඹලා (ඔහුගේ) නියෝජිතයින් බවට පත්කර එමගින් නුඹලා කෙසේ හැසිරෙන්නෝදැයි ඔහු (අල්ලාහ්) පරීක‍ෂා කර බලනු ඇතැයි ඔහු (මූසා) කීවේය.
  • 7:130 - ඔවුන් වටහා ගනු පිණිස දුර්භීක‍ෂයෙන්ද අස්වැන්නෙන් අඩු කිරීමෙන්ද ෆිර්අවුන්ගේ ජනතාව නියත වශයෙන්ම අපි හසු කරගත්තෙමු.
  • 7:131 - ඔවුන් හට යහපතක් පැමිණි විට මෙය අපට අයත් යැයි කියති. නමුත් ඔවුන් හට අයහපතක් සිදු වූ විට එය මූසාගේද ඔහු සමඟ (සිටින) අයගේද දුර්නිමිතිවලට ආරෝපණය කරන්නෝය. නමුත් ඔවුන්ගේ දුර්නිමිති අල්ලාහ්ගේ සන්නිධානයෙහිය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් (ඒ බව) නොදනිති.
  • 7:132 - එමගින් අප වසඟ කිරීමට ඔබ කුමන සංඥා ඉදිරිපත් කළත් අපි ඔබ කෙරෙහි විශ්වාස කරන්නෝ නොවෙමුයි ඔවුහු (මූසාට) කීහ.
  • 7:133 - එබැවින් ඔවුන් මත මහා ජලගැල්මද” පළගැටියන්ද” උකුණන්ද” ගෙම්බන්ද” රුධිරයද” පැහැදිලි ආයාත් (සංඥාව-අනපනත්) ලෙස අපි පහළ කළෙමු. එනමුත් ඔවුහු උඩඟු වූහ. තවද” ඔවුහු වැරදි කරන ජනතාවෝ වූහ.
  • 7:134 - ඔවුනට විපත සිදුවු විට මූසා! ඔබගේ රබ්(පරමාධිපති) ඔබට ලබා දුන් පොරොන්දුව අනුව (අපගේ විපත ඉවත් කරන මෙන්) අප වෙනුවෙන් ඔබගේ රබ්(පරමාධිපති)ගේ සන්නිධානයෙහි දුආ (ප්‍රාර්ථනා) කරන්න. ඔබ අපගේ විපත ඉවත් කළහොත් නියතවශයෙන්ම අපි ඔබ විශ්වාස කර ඔබ සමඟ ඉස්රායිල් දරුවන් නියතවශයෙන් එවන්නෙමුයි ඔවුහු කීහ.
  • 7:135 - ඔවුනට නියම කළ අවසාන කාලසීමාව වනතුරු ඔවුන්ගෙන් විපත අප ඉවත් කළ විට ඔවුහු තම ගිවිසුම කඩ කරන්නෝය.
  • 7:136 - ඔවුන් අපගේ ආයාත් (සංඥා-අනපනත්) ප්‍රතික්ෂේප කළ නිසාත් ඔවුන් එය නොතැකූ නිසාත් ඔවුන්ගෙන් අපි පළි ගත්තෙමු. ඔවුන් මුහුදෙහි ගිල්වීමු.
  • 7:137 - තවද පීඩාවට පත් කරනු ලැබූ ජනයාට අප එහි සෞභාග්‍යවත් කළ භූමියේ නැගෙනහිරද එහි බස්නාහිරද අපි හිමි කළෙමු. තවද ඔවුන් ඉවසූ හෙයින් ඉස්රායිල් දරුවන් කෙරෙහි නුඹගේ රබ්(පරමාධිපති)ගේ ශ්‍රේෂ්ඨ පොරොන්දුව සම්පූර්ණ විය. ෆිර්අවුන් සහ ඔහුගේ ජනතාව කළ දැයද ඔවුන් නිර්මාණය කළ දැයද අපි විනාශ කළෙමු.
  • 7:138 - තවද අපි ඉස්රායිල් දරුවන් මුහුදින් එගොඩ කළෙමු. එවිට (ඔවුහු තම ගමන ආරම්භ කළහ.) මහත් උනන්දුවෙන් තමන්ගේ පිළිම වැඳුමට කැප වී සිටින ජනකායක් වෙත ඔවුහු පැමිණියහ. ඕ! මූසා” මේ ජනයාට සිටින දෙවිවරුන් මෙන් දෙවියෙකු අපට ද සලසා දෙන්නැයි ඔවුහු (ඉස්රායිල් දරුවෝ) කීවෝය. එයට ඇත්තෙන්ම නුඹලා අඥාන සමාජයක් යැයි ඔහු (මූසා) කීවේය.
  • 7:139 - නියත වශයෙන්ම මේ අය අනුගමනය කරන මාර්ගය විනාශය ගෙන දෙන්නක්. තවද ඔවුන් කරන දේ මුළුමනින්ම නිශ්ඵලය.
  • 7:140 - අල්ලාහ් හැර අන් කවරකු දෙවියකු වශයෙන් මා නුඹලාට සෙවිය යුතුද. නුඹලා ලෝකයේ සියලූ ජාතීන් අතුරින් උසස්(මහා ජාතිය බවට පත්) කළේ ඔහු(අල්ලාහ්)මයැයි ඔහු (මූසා) කීවේය.
  • 7:141 - නුඹලාගේ පිරිමි දරුවන් ඝාතනය කර නුඹලාගේ ස්ත්‍රීන්ට ජීවිත දානය දී, වද වේදනා දී නුඹලාට හිරිහැර කළ ෆිර්අවුන්ගේ ජනතාවගෙන් අප නුඹලා ගලවා ගත් බව නුඹලා සිහියට නගනු. මෙහි නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් ඉමහත් වූ පරික‍ෂණයක් තිබුණි.
  • 7:142 - මූසාට අපි තිස්රැයක් නියම කර ඊට (තවත්) දහයක් එක් කළෙමු. එබැවින් ඔහු(මූසා)ගේ රබ්(පරමාධිපති) විසින් නිර්ණය කළ කාලය සතළිස් රැයක් සම්පූර්ණ විය. තවද මූසා (පිටත් වී යාමට පෙර) තම සොහොයුරා වූ හාරූන් අමතා (මගෙන් පසුව) මාගේ ජනතාව අතර මාගේ නියෝජිතයකු ලෙස නුඹ සිට (ඔවුන් අතර) යහපත සිදු කරනු. තවද අපරාධකරුවන්ගේ මාර්ගය නොපිළිපදිනුයි කීවේය.
  • 7:143 - අපගේ නියමිත ස්ථානයට මූසා පැමිණ ඔහු සමඟ ඔහුගේ රබ්(පරමාධිපති) සම්භාෂණය කළ කල්හි, පරමාධිපතියාණනි! මා ඔබ දෙස බැලීමට මට (ඔබ) බැලීම(ට ශක්තිය) ලබා දෙනුයි ඔහු(මූසා) පැවසුවේය. නුඹට කිසිවිට මා බැලිය නොහැකිය. නමුත් කන්ද දෙස බලනු. එය නොසැලි එතැනම තිබුණා නම් එවිට නුඹ මා දකින්නේයැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය. ඔහුගේ රබ්(පරමාධිපති) කන්දෙහි විද්‍යාමාන වූ කල්හි එය සුනුවිසිනු කළේය. තවද මූසා සිහිසුන්ව මුර්ච්ඡාවී ඇද වැටුණේය. ඔහු(මූසා)ට පියවි සිහිය ලැබුණු කල්හි, ඔබ සුවිශ=ද්ධය මම ඔබ වෙත සමාව අයැද පසුතැවිලි වෙමි. තවද මම විශ්වාසිකයන්ගෙන් පළමු වැන්නා වෙමියි ඔහු (මූසා) පැවසුවේය.
  • 7:144 - ඕ! මූසා, මාගේ පණිවුඩය(දේශනා කිරීම)ටත් මා සමඟ සම්භාෂණයටත් නියතවශයෙන්ම මිනිසුන් අතුරින් මම නුඹ තෝරා ගන්නෙමි. එනිසා මා නුඹට පිරිනමන දෑ භාරගනු. තවද ගුණගරුකයන්ගෙන් (කෙනකු) වනුයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
  • 7:145 - තවද, ඔහු(මූසා)ට (ජිවිතයේ) සෑම කොටසකටම අදාළ අවවාදානුශාසනා සහ එක් එක් කොටසේ (සියලූ අංශවලට) අදාළ විස්තර අපි ලව්හ්(ඵලකයන්)හි ලීවෙමු. එය දැඩිව ග්‍රහණය කරගනු. තවද එය හොඳින් තේරුම් ගෙන ග්‍රහණය කරන ලෙස නුඹගේ ජනතාවට අණ කරනු. මම නුඹලාට පාපිෂ්ටයන්ගේ නිවහන ඉක්මණින් පෙන්වන්නෙමි(යි අල්ලාහ් මූසාට පැවසීය.)
  • 7:146 - අයුක්තියෙන් මහපොළොව මත උඩඟු ලෙස හැසිරෙන අය මාගේ ආයාත්(සංඥාවන්-වදන්)වලින් ඉවත් කරන්නෙමි. ඔවුහු සියලූ ආයාත්(සංඥාවන්) දුටුවත් එය විශ්වාස නොකරති. ඔවුහු සෘජු මාර්ගය දුටුවත් එය(සෘජු) මාර්ගයක් සේ නොගනිනි. ඔවුහු දුර්මාර්ගය දුටුවහොත් එය මාර්ගයක් කරගනිති. එසේ කරනුයේ ඔවුන් අපගේ ආයාත්(සංඥා) ප්‍රතික්ෂේප කොට එය නොතැකූ නිසාය.
  • 7:147 - අපගේ සංඥාවන් අසත්‍යයයි සලකා පරලොවදී මුණගැසීම ප්‍රතික්ෂේප කළ අයගේ ක්‍රියාවන් නිෂ්ඵල බවට පත් විය. ඔවුන් කළ දැයට මිස ඔවුනට ඵලවිපාක දෙනු ලබන්නේද?
  • 7:148 - (මූසා නොසිටි කාලය තුළ) මූසාගේ ජනයා ඔවුන්ගේ ආභරණවලින් (ඇඳහීම සඳහා) තප්පුලන වසු පැටවකුගේ රූපයක් තැනූහ. ඌ ඔවුන් සමඟ කථා නොකරන්නේ යැයිද ඔවුනට (කිසිම) යහමඟක් නොපෙන්වන්නේ යැයිද ඔවුහු නොදුටුවෝද? (නමුත්) ඔවුහු ඌ ඇඳහීමට ගත්තෝය. තවද ඔවුහු අපරාධකරුවෝ වූහ.
  • 7:149 - නමුත් ඔවුහු තම ආත්ම මායා මෝහනයෙන් මිදි තමන් සැබවින්ම නොමඟ ගොස් ඇති බව දුටු කල්හි, අපගේ රබ්(පරමාධිපති) අප කෙරෙහි දයාන්විත නොවනවා නම් සහ අපට සමාව නොදෙනවා නම් නියත වශයෙන්ම අපි පරාජිතයන්ගෙන් වන්නෙමුයි කීවෝය.
  • 7:150 - මූසා ඉතාමත් කෝපයෙන් සහ ශෝකයෙන් යුතුව සිය ජනයා වෙත පෙරළා පැමිණි කල්හි (මා නැති විට) මගෙන් පසුව නුඹලා කළ දෑ ඉතා නපුරුය. නුඹලාගේ රබ්(පරමාධිපති)ගේ අණය ගැන නුඹලා ඉක්මන් වූයේදැයි පැවසුවේය. තවද සෙල් පුවරුව විසිකොට තම සහෝදරයාගේ හිසෙන් අල්වා ඔහු තමා වෙත ඇද්දේය. තවද (මූසාගේ සහෝදරයා වූ හාරූන්) මාගේ මවගේ පුත්‍රයාණනි! මේ ජනයා මා දුබලයකු යැයි සිතූහ. තවද මා මරන්නට ඔවුහු තැත් කළහ. එබැවින්, ඒ හේතුවෙන් මාගේ සතුරන්ට පි්‍රතීවීමට ඉඩ නොතබනු. තවද මා අපරාධකාරී ජනතාව සමඟ නොතබනුයි කීවේය.
  • 7:151 - පරමාධිපතියාණනි! මට සහ මාගේ සොහොයුරාට සමාව දෙනු මැනවි. තවද ඔබගේ දයාලූභාවයෙහී අප ඇතුළු කරනු මැනවි. තවද ඔබමය දයාලූවන්ගෙන් ඉතා දයාලූයැයි ඔහු(මූසා) කීවේය.
  • 7:152 - වසු පැටවා (දෙවියකු වශයෙන්) ගත් අය කෙරෙහි ඔවුන්ගේ රබ්(පරමාධිපති)ගෙන් උදහස හා මෙලොව ජීවිතයේදි නින්දාවද නියත වශයෙන්ම ඇති වේ. මෙලෙසය බොරු ගොතන අයට අප ඵල විපාක දෙන්නේ.
  • 7:153 - නමුත් පාප ක්‍රියාවන් කර පසුව (එයින් වැළකි) ඉන්පසුව පශ්චත්තාප වී විශ්වාසය කළ අයට (ඔවුන් කෙරෙහි) නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) ඊට පසුවද අධි ක‍ෂමාන්විතය, පරම දායලූය.
  • 7:154 - මූසාගේ උදහස සංසිඳුණු කල්හි ඔහු සෙල් පුවරුව ගත්තේය. එහි ලිඛිත දෙයහි තමන්ගේ පරමාධිපතිට බියබැතිමත් අයට යහමඟද ආශිර්වාදයද අන්තර්ගතය.
  • 7:155 - එමෙන්ම අප විසින් නියම කෙරුණු ස්ථානයට (තමා සමඟ යාමට) මූසා සිය ජනයාගෙන් හැත්තෑ දෙනකු තෝරා ගත්තේය. තදබල භූමිකම්පාවක් ඔවුන් වෙළාගත් විට මාගේ රබ්(පරමාධිපතියාණනි !) ඔබ අභිමත වූවා නම් මීට පෙරම ඔවුන්වද මාවද විනාශ කරන්නේය. අපගෙන් අනුවණයන් කළ දෙය හේතුකොට ගෙන ඔබ අපව විනාශ කරන්නේද. ඇත්තෙන්ම එය ඔබගේම පිරික්සුමක් මිස නැත. එයින් ඔබ අභිමත කළ අය අයහමඟ කරන්නේය. තවද ඔබට අභිමත වූ අය යහමඟ කරන්නේය. ඔබමය අපගේ ආරක්ෂකයා එබැවින් අපට සමාව දෙනු මැනවි. තවද අපට දයාලූවනු මැනවි. ඔබ සමාව දෙන්නන්ගෙන් ඉතා ශ්‍රේෂ්ඨයැයි ඔහු(මූසා) කීවේය.
  • 7:156 - තවද මෙලොව දී අපට යහපත් (වන දේ) නියම කරනු මැනවි. පරලොවදීද (එසේම නියම කරනු මැනවි.) නියතවශයෙන්ම අපි (පසුතැවිලි වී) ඔබ වෙත හැරුනෙමුයි (මූසා) කීවේය. එවිට මාගේ වද වේදනාව මට අභිමත වූවන් කෙරෙහිය පමුණුවන්නේ. (නමුත්) මාගේ දයාලූභාවය සියලූ දේ කෙරෙහි ව්‍යාප්තය. බියබැතියන්ද, zසකාත් ගෙවන්නන්ද තවද, අපගේ ආයාත්(වදන්) විශ්වාස කරන්නන්ද වූ අයට එය මා සලස්වන්නෙමියි ඔහු(අල්ලාහ්) කීවේය.
  • 7:157 - (මාගේ දයානුකම්පාව පිරිනමන ලද අය නම්) තමන් ළඟ ඇති තව්රාත් සහ ඉන්ජිල්හි සඳහන් කරනු ලැබ ඇති (මේ) උම්මි (අකුරු ශාස්ත්‍රය නොදත්) නබි වන මේ රසූල්(වක්තෘ)වරයාව අනුගමනය කරන්නෝය. ඔහු (රසූල්වරයා) යහපත් දෑ (පිළිපදින ලෙස) ඔවුනට අණ කරයි. තවද අයහපත් දැයින් ඔවුන් වළක්වාලයි. තවද පිරිසිදු දේවල් ඔවුනට අනුමත කරයි. අපිරිසිදු දේවල් ඔවුනට තහනම් කරයි. ඔහු ඔවුන් මත පටවන ලද බරද ඔවුන් කෙරෙහි වූ විලංගුද පහ කරයි. එබැවින් ඔහු විශ්වාස කර ඔහුට ගෞරව කර ඔහුට උදව් කර ඔහු සමඟ පහළ වූ ආලෝකය අනුගමනය කරන්නාවූ ඔවුහුමය ජයග්‍රාහකයෝ.
  • 7:158 - ජනයිනි! නියත වශයෙන්ම මම නුඹලා සියල්ලන් වෙත, අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය හිමි වූ අල්ලාහ්ගේ රසූල්(වක්තෘ)වරයාය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ඔහු ජීවය දෙන්නේය. මරණයද පමුණුවන්නේය. එබැවින් නුඹලා අල්ලාහ් ගැන විශ්වාස කරනු. තවද අල්ලාහ් ගැනද ඔහුගේ අණපනත් ගැනද විශ්වාස කරන්නා වූ උම්මි නබි වූ ඔහුගේ රසූල්(වක්තෘ)වරයා ගැනද විශ්වාස කරනු. තවද නුඹලා ඔහු අනුගමනය කරනු. නුඹලා යහමඟ වනු පිණිස(යැයි නබි මුහම්මද්) පවසනු.
  • 7:159 - මූසාගේ ජනතාව අතර (සෙස්සන්ට) සත්‍යයට මඟපෙන්වා ඒ අනුව විනිශ්චය ඉටු කරන්නා වු පිරිසක් සිටියහ.
  • 7:160 - අපි ඔවුන් ගෝත්‍ර දොළහකට ඛෙදා(වෙනස්) ජන සමාජයන් බවට පත් කළෙමු. ඔහු(මූසා)ගේ ජනයා ඔහුගෙන් ජලය ඉල්ලා සිටි විට නුඹ නුඹගේ සැරයටියෙන් ගල් පර්වතයට ගසනුයි අපි ඔහු(මූසා)ට දන්වා සිටියෙමු. එවිට වහාම එයින් උල්පත් දොළහක් පැණ නැගුණි. සියලූ ජනයින් තම ජලය පානය කරන ස්ථානය ඉතා හොඳින් දැනගත්තෝය. තවද ඔවුන් වෙත වළාකුළ ආවරණය කළෙමු. තවද නුඹලාට අපි දුන් දැයින් හොඳ දැය අනුභව කරනුයි අපි ඔවුන්ට මන්නු සල්වා (දිව්‍ය ආහාර) පහළ කළෙමු. ඔවුහු අපට අපරාධ නොකළාහුය. එහෙත් ඔවුහු තමන්ටම අපරාධ කරගත්තෝ වූහ.
  • 7:161 - තවද, මේ නගරයේ වාසය කරනු. තවද නුඹලාට රිසි පරිදි එයින් අනුභව කරනු. තවද හිත්තතුන් කියා සුජූද්(නළල බිම තබා නමස්කාර) කරමින් එහි වාසල් දොරටුවෙන් ප්‍රවේශ වනු. අපි නුඹලාට නුඹලාගේ වැරදිවලට සමාව දෙන්නෙමු. යහපත සිදු කරන්නන්ට තිළිණ වැඩි කරමුයි ඔවුනට කියන ලද අවස්ථාව සිහි කරනු.
  • 7:162 - නමුත් ඔවුන් අතුරින් වරදට නැඹුරු අය තමන්ට කියනු ලැබූ වචනය වෙනුවට වෙනත් වචනයක් යොදා ගත්හ. එබැවින් (ප්‍රතිඵලයක් වශයෙන්) ඔවුන් කරමින් සිටි වැරදි නිසා අපි ඔවුනට අහසින් දඬුවමක් පහළ කළෙමු.
  • 7:163 - තවද මුහුදු වෙරළ අසල පිහිටා තිබූ ග්‍රාමය ගැන ඔවුන්(මූසාගේ ජනයා)ගෙන් විමසනු. (එහි ජීවත් වූ වැසියන්) සබත්(සෙනසුරාදා) දිනයේදී (දේව නීතිය) කඩ කිරීම ගැන ඔවුනට මතක් කර දෙනු. ඔවුන්ගේ සබත් දිනයෙහි ඔවුන්ගේ මත්ස්‍යයෝ (මුහුද මතුපිට දිස් වී) ඔවුන් වෙත බහුලව පැමිණෙති. නමුත් ඔවුන්ගේ සබත් නොවන අන් දිනවල (එසේ එම මත්ස්‍යයෝ) ඔවුන් වෙත නොපැමිණෙති. ඔවුන් පාප ක්‍රියාවන් කරමින් සිටි බැවින් අපි ඔවුන් මෙසේ පරීක‍ෂා කළෙමු.
  • 7:164 - අල්ලාහ් ඔවුන් විනාශ කිරීමට හෝ ඔවුනට දැඩි ලෙස දඬුවම් කිරීමට ඉතා ආසන්න පිරිසකට, නුඹලා අනුශාසනා කරන්නේ ඇයි දැයි ඔවුන් (ඉස්රායිල්වරුන්) අතුරින් සමූහයක් ඇසූහ. (එවිට) නුඹලාගේ රබ්(පරමාධිපති) ඉදිරිපිට වරදින් අප මිදෙනු පිණිසත් තවද ඔවුන් (අල්ලාහ්ට අකීකරු වීමෙන්) වැළක්වීම පිණිසත් යැයි (අනුශාසනා කරන) ඔවුහු කීහ. මෙයද සිහියට නගනු.
  • 7:165 - ඔවුනට සිහිපත් කරනු ලැබූ දැය ඔවුන් අමතක කළ විට ඔවුන් අතුරින් නපුරෙන් වළක්වන අය අපි ගලවා ගත්තෙමු. තවද වරද කළ අය ඔවුන් පව්කම් කළ හෙයින් දැඩි දඬුවමින් හසු කළෙමු.
  • 7:166 - නමුත් ඔවුනට තහනම් කරන ලද දැය ඔවුන් උල්ලංඝණය කළ කල්හි නුඹලා වානරයන් වී නිචයන් බවට පත්වනුයි අපි ඔවුනට කීවෙමු.
  • 7:167 - (නබි මුහම්මද්!) තවද කියාමත් දිනය දක්වා ඔවුනට දැඩි දුක්වේදනා දෙනවුන් පත් කරන්නෙමුයි නුඹගේ රබ්(පරමාධිපති) දැන්වූ බව සිහියට නගනු. නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) දඬුවම් දීම කෙරෙහි අප්‍රමාණය. තවද නියත වශයෙන් ඔහු ක‍ෂමාශීලිය, අසමසම දයාලූය.
  • 7:168 - තවද අපි ඔවුන් මහපොළොවෙහි විවිධ උම්මත් (ජන සමාජයන්) බවට වෙන් කළෙමු. ඔවුන් අතුරින් ඇතමකු යහපත් වූ අතර ඔවුන් අතුරින් ඇතමකු එසේ නොවීය. ඔවුන් ආපසු නිවැරදි මඟට පැමිණෙන පිණිස අපි ඔවුන් හොඳ දෙයින්ද නරක දෙයින්ද පිරික්සුවෙමු.
  • 7:169 - මෙම අධම ජීවිතයේ නිසරු දෙය අත්පත් කරගෙන එයට අපට සමාකරනු ලැඛෙනු ඇතැයි කියන, ග්‍රන්ථයට හිමිකම් ලැබූ (නපුරු) පරම්පරාවක් ඔවුන්ගෙන් පසුව ආහ. ඔවුන් හමුවේ තවත් ඊට සමාන ලෞකික දේ පැමිණියහොත් ඒවාද ඔවුහු ඩැහැ ගනිති. සත්‍යය හැර වෙන කිසිම දෙයක් ඔවුන් අල්ලාහ්ට ආරෝපණය නොකළ යුතු බවට ධර්ම ග්‍රන්ථය මගින් ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් නොගන්නා ලද්දේද. තවද ඔවුහු එහි පවතින දෑ අධ්‍යයනය කළහ. (අල්ලාහ් කෙරෙහි) බියබැතිමත් වන්නන්ට පරලොව නිවහන ඉතා හොඳය. නුඹලා අවබෝධ කරනොගන්නෙහිද.
  • 7:170 - ධර්මග්‍රන්ථය (අල්-කුර්ආනය) තදින්ම පිළිපදිමින් සලාතය තහවුරු කරන යහපත් අයගේ තිළිණ නියත වශයෙන්ම අපි නිෂ්ඵල නොකරමු.
  • 7:171 - අපි ඔවුනට(ඉස්රායිල් දරුවන්ට) ඉහළින් පර්වතය සොළවා එය කුඩයක් මෙන් විහිදුවෙමු. (එවිට) එය තමන් හිස මත වැටෙතැයි ඔවුන් සිතූ අවස්ථාව සිහියට නගනු. තවද අප නුඹලාට දුන් දෑ (ධර්මය) තදින් ග්‍රහණය කරගනු. තවද එහි ඇති කරුණු සිතෙහි තබාගනු. නුඹලා වැරදි මාර්ගයෙන් වැළකෙනු පිණිස යැයි ඔවුනට කීවෙමු.
  • 7:172 - (නබි මුහම්මද්!) මෙය සිහිපත් කරනු. නුඹේ රබ්(පරමාධිපති) ආදම්ගේ දරුවන්ගේ කොදු නාරටියෙන් ඔවුන්ගේ පරපුර පිට කරමින් ඔවුන් තමන් කෙරෙහිම සාක‍ෂි දැරීමට සැලස්වමින්ල මා නුඹලාගේ රබ්(පරමාධිපති) නොවේදැයි (විමසුවේය. එවිට ඔවුහු) එසේයල (ඔබමය අපගේ පරමාධිපති වන්නේ යැයි) අපි සාක‍ෂි දරමුයි පැවසුහ. අප මේ පිළිබඳව නොදැන සිටිමුයි කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ නුඹලා නොකියනු පිණිස (අපි මෙසේ කළෙමු.)
  • 7:173 - නැතහොත් මීට පෙර අපගේ මුතුන්මිත්තෝ ෂිර්ක් (ආදේශනය) සිදු කළහ. අපි ඔවුන්ට දාව උපන් පරපුරයි. (ඉඳින්) වැරදිකළවුන් කළ පව්වලට ඔබ අපට දඬුවම් කරනවාදැයි නුඹලා නොකියනු පිණිස (අපි මෙසේ කළෙමු.)
  • 7:174 - ඔවුන් ආපසු යහමඟට පැමිණීම පිණිස අපි මෙසේ ආයාත් (සංඥාවන්) පැහැදිලි කරන්නෙමු.
  • 7:175 - තවද (නබි මුහම්මද්!) අපගේ ආයාත් (සංඥාවන්) අප ඔහුට පිරිනමන ලද අයගේ වෘත්තාන්තය ඔවුනට කියාපානු. ඔහු එයින් (පිළිපැදීමෙන්) බැහැර විය. අනතුරුව ෂෙයිතාන් ඔහු පසුපස ලූහු බැන්දේය. එබැවින් ඔහු නොමඟ ගියවුන්ගෙන් (කෙනෙක්) විය.
  • 7:176 - අපට අභිමත වූයේ නම් අපට ඔහු එමගින් උසස් තත්ත්වයට පත් කරන්නට ඉඩ තිබුණි. නමුත් ඔහු මහපොළොව(ලෞකික ජීවිතය)ට ගැලී තම ආශාවන් අනුගමනය කළේය. එමනිසා ඔහු සඳහා වූ උපමාව සුනඛයකුගේ උපමාවට සමානය. නුඹ ඌ එළවා දැමුවත් ඌ දිව එළියට ඇද දමයි. නුඹ ඌ අතහැර දැමුවත් ඌ දිව එළියට ඇද දමයි. අපගේ ආයාත්-වදන් බොරු යැයි කියන ජනයාගේ උපමාවද මෙය වේ. එබැවින් ඔවුන් මෙනෙහි කරනු පිණිස (පෙර වූවන්ගේ) කථාන්තරය (ඔවුනට) කියා පානු.
  • 7:177 - :අපගේ ආයාත්-වදන් බොරු යැයි කියමින් තමන්ටම අපරාධ කරගත් ජනතාවගේ නිදසුන නපුරුය.
  • 7:178 - අල්ලාහ් කවරකුට යහමඟ පෙන්වන්නේද ඔහුමය යහමඟ වූ තැනැත්තා තවද ඔහු (අල්ලාහ්) කවරකු නොමඟ යවන්නේද ඔවුහුමය පරාජිත වන්නෝ.
  • 7:179 - නියතවශයෙන් අපි ජින්වරුන්ගෙන් හා මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් නිරය සදහාම ඇති කළෙමු. ඔවුනට හෘදයන් ඇත. නමුත් එමගින් ඔවුහු අවබෝධ කර නොගනිති. ඔවුනට නෙත් ඇත. නමුත් එමගින් ඔවුහු අවධානයෙන් නොබලති. ඔවුනට සවන් ඇත. නමුත් ඔවුහු එමගින් ශ්‍රවණය කර නොගනිති. ඔවුහු ගවමහිෂාදීන් (තිරිසන්) මෙනි. නැතල ඔවුහු එයටත් වඩා නොමෙඟහිය. නොතැකූ අය ඔවුහුමය.
  • 7:180 - අල්ලාහ්ට ඉතා අලංකාර නාමයන් තිබේ එබැවින් ඔහුව එයි(අලංකාර නම්වලි)න් ආමන්ත්‍රණය කරනු. ඔහුගේ නාමයන්හි දෝෂාරෝපණය කරන අය නොසලකා හරිනු. ඔවුන් කරමින් සිටි දැයහි ඵලවිපාකය ඔවුනට දෙනු ලැඛෙනු ඇත.
  • 7:181 - අප මවා ඇති අය අතර සත්‍යයෙන් මඟපෙන්වන සමූහයක් සිටිති. තවද ඔවුහු එමගින් යුක්තිය ඉටු කරති.
  • 7:182 - අපගේ ආයාත්(වදන්) බොරු යැයි සළකන අය සම්බන්ධයෙන් ඔවුන් නොදන්නා මාර්ගයෙන් අපි අනුක්‍රමයෙන් ඔවුන් ඔවුන්ගේ (විනාශයට) ගෙන යන්නෙමු.
  • 7:183 - තවද (මේ සඳහා) මම ඔවුන් පමා කරවන්නෙමි. නියතවශයෙන්ම මාගේ උපාය ශක්තිමත්.
  • 7:184 - ඔවුන්ගේ සාහයකයා (නබි මුහම්මද්) කෙරෙහි උමතු බවක් නැති බව ඔවුහු කල්පනා නොකළෙහිද? ඔහු පැහැදිලි අනතුරු අඟවන්නෙක් පමණකි.
  • 7:185 - ඔවුහු අහස්හි සහ මහපොළොවෙහි ක්‍රියාකාරීත්වය ගැනද අල්ලාහ් නිර්මාණය කළ දැය ගැනද ඔවුන්ගේ අවසාන කාලය ළඟා වී ඇතැයි යන්න ගැනද කල්පනා නොකළෙහිද? (රසූල්වරයාගේ අනතුරු ඇඟවීමෙන්) පසුව කවර වදනක් ඔවුහු විශ්වාස කරන්නෙහිද?
  • 7:186 - අල්ලාහ් කවරකු නොමඟ යවන්නේද ඔහුට මඟපෙන්වන්නකු නැත. තවද ඔවුන්ගේ බලවත් අකීකරුකම නිසා ඔවුනට තමන්ගේ ගර්වයෙහි අන්ධ ලෙස සැරිසරන්නට ඔහු (අල්ලාහ්) ඔවුනට ඉඩ හරින්නේය.
  • 7:187 - :(නබි මුහම්මද්! මළවුන් කෙරෙන් නැගිටුවන) අන්තිම දිනය එළඹෙන්නේ කවදාද? (ඒ ජනයා) නුඹෙන් අසති. ඒ පිළිබඳ දැනුම ඇත්තේ මාගේ රබ්(පරමාධිපති)ට පමණි. එය සිදුවන නිසි කාලය ඔහු හැර අන් කවරකුට හෝ හෙළිදරව් කිරීමට නොහැකිය. එය (සිදුවන කාලය) අහස්වලට සහ මහපොළොවට ඉතා තදින් බලපායි. ක‍ෂණිකයෙන් මිස එය නුඹලා වෙත නොපැමිණෙන්නේයැයි පවසනු. නුඹ ඒ ගැන ස්ථීරව දන්නකු මෙන් නුඹගෙන් ඔවුහු අසති. නියතවශයෙන්ම ඒ පිළිබඳ ඥානය අල්ලාහ් වෙතය. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් එය නොදනිතියි (නබි මුහම්මද්) පවසනු.
  • 7:188 - අල්ලාහ් අභිමත වූ දැය මිස මාහට කිසිඳු යහපතක් කරගැනීමටවත් අයහපතක් කරගැනීමටවත් මට ශක්තිය නොමැත. ගුප්ත දේ පිළිබඳ ඥානය මට තිබුණා නම් බොහෝ ප්‍රතිලාභයන් මට සලසා ගන්නට තිබුණි. තවද මට කිසිදු හානියක් සිදු නොවීමටද (ඉඩ) තිබුණි. මා හුදෙක්ම අනතුරු අඟවන්නකුද (විශ්වාස කරන ජනයාට) ශුභාරංචි ගෙන එන්නකුද පමණකියි (නබි මුහම්මද්) පවසනු.
  • 7:189 - එකම ආත්මයකින් නුඹලා මැව්වේ ඔහු(අල්ලාහ්)මය. තවද ඔහුට (ආත්මයට) ඇය සමඟ ශාන්ත ජීවිතයක් ගත කළ හැකි වීම සඳහා (එම ආත්මිකයාගෙන්) තම සහකාරිය (උපැත්) කළේය. ඔහු ඇය වැසුකල්හි ඇය සැහැල්ලූ බරක් දැරුවාය. එය (දරාගනිමින්) ඇය රැගෙන ගියාය. නමුත් එය ඇයට බරක් (ලෙස පත්) වූ විට ඔබ අපට යහපත් දරුවකු ලබා දෙන්නේ නම් අපි ඔබට ගුණ ගරුක වන්නන්ගෙන් වෙමුයි ඒ දෙදෙනා ඒ දෙදෙනාගේ රබ්(පරමාධිපති) වූ අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළහ.
  • 7:190 - නමුත් (අල්ලාහ්) ඒ දෙදෙනාට යහපත(දරුව)කු දුන් කල්හිල ඔවුන් දෙදෙනා ඒ දෙදෙනාට ඔහු දුන් දැයෙහි ඔහු(අල්ලාහ්)ට සමානයන් ආදේශ කළහ. නමුත් ඔවුන් ආදේශයන් තබන දෙයින් අල්ලාහ් ඉතා උසස්ය.
  • 7:191 - කිසිම දෙයක් නොමවනද තමන් පවා මවනු ලැබූවන් වන දෑ ඔවුහු (අල්ලාහ්ට) සමානයන් ලෙස ආදේශ කරන්නෙහිද?
  • 7:192 - තවද (එම සමානයන් තමන්ට ආදේශ කරන්නාවූ) ඔවුනට කිසිදු උපකාරයක් කළ නොහැකිය. තවද ඔවුනට තමන්ටද උපකාරයක් කළ නොහැකිය.
  • 7:193 - නුඹලා ඔවුන් නිවැරදි මාර්ගය කරා (කැඳවූවත්) ආරාධනය කළත් ඔවුහු නුඹලා අනුගමනය නොකරති. නුඹලා ඔවුන් (කැඳවුවත්) ආරාධනය කළත් නිහ~ව සිටියත් නුඹලාට (ලැඛෙන ප්‍රතිඵලය) සමානය.
  • 7:194 - අල්ලාහ් හැර නුඹලා (කැඳවන) ප්‍රාර්ථනා කරන අය නියතවශයෙන්ම නුඹලා වැනි ගැත්තෝය. එමනිසා නුඹලා ඔවුන්(කැඳවන්නන්)ට ප්‍රාර්ථනා කර බලනු. නුඹලා (ඔවුන් පිළිබඳ තබා ඇති විශ්වාසය) සත්‍යය නම් ඔවුන් නුඹලා(ගේ ප්‍රාර්ථනාවන්)ට පිළිතුරු දෙනු ඇත.
  • 7:195 - ඔවුනට එමගින් ඇවිදීමට පාද තිබේද? නැතහොත් ඔවුනට එමගින් ඇල්ලීමට අත් තිබේද? නැතහොත් ඔවුනට එමගින් බැලීමට ඇස් තිබේද? නැතහොත් ඔවුනට එමගින් ශ්‍රවණය කිරීමට කන් තිබේද? නුඹලා (අල්ලාහ්ට සමාන කළ) නුඹලාගේ හවුල්කරුවන් කැඳවනු. පසුව නුඹලා මට විරුද්ධව කුමන්ත්‍රණය කරනු. මට කිසිම අවකාශයක් නොදෙනුයි (නබි මුහම්මද්) පවසනු.
  • 7:196 - නියතවශයෙන්ම මාගේ ආරක‍ෂකයා මෙම ධර්මග්‍රන්ථය පහළ කළ අල්ලාහ්ම වේ. තවද යහපත් දැහැමියන් ආරක‍ෂා කරන්නේ ඔහුමය.
  • 7:197 - :නුඹලා ඔහු(අල්ලාහ්) හැර (කැඳවන) ප්‍රාර්ථනා කරන අයට නුඹලාට උපකාර කිරීමට නුපුළුවන. තවද ඔවුනට තමන්ටද කිසිදු උපකාරයක් කර ගත නොහැකිය.
  • 7:198 - (එපමණක් නොවේ.) නුඹ ඔවුන් යහමඟට කැඳවූවත් ඔවුහු එය ශ්‍රවණය නොකරති. ඔවුන් නුඹ දෙස බලා සිටිතැයි නුඹ සිතුවත් නියතවශයෙන්ම ඔවුහු කිසිවක් නොදකිති.
  • 7:199 - (නබි මුහම්මද්!) සමාව (දීම) යොදා ගනු. යහපත් දේ පතුරුවනු. අනුවණයන්ගෙන් වැළකී සිටිනු.
  • 7:200 - ෂෙයිතාන්ගේ පෙළඹවීමක් නුඹව ඇවිස්සුවහොත් එවිට නුඹ, අල්ලාහ්ගෙන් ආරක‍ෂාව පතනු. නියතවශයෙන් ඔහු (අල්ලාහ්) සර්ව ශ්‍රාවක, සර්ව ඥානීය.
  • 7:201 - නියත වශයෙන්ම (දෙව්) බැතියන්ට (ෂෙයිතාන්ගේ) නපුරු පෙළඹවීමක් ඇතිවුවහොත්, ඔවුහු වහා විමසිලිමත් වෙති. එවිට ඔවුහු (ගත යුතු හරිමඟ) දකින්නෝය.
  • 7:202 - ඔවුන්(ෂෙයිතානුන්)ගේ සහෝදරයින්ව නම්ල ඔවුහු (ෂෙයිතාන්හු) ඔවුන් වැරදි මාර්ගයේ ගැඹුරටම ගෙන යති. තවද එම ප්‍රයත්නය සැහැල්ලූ නොකරති.
  • 7:203 - (නබි මුහම්මද්!) නුඹ ඔවුනට සංඥාවක් (ප්‍රාතිහාර්යක්) නොගෙනා විට නුඹ (නුඹ වෙනුවෙන්) සංඥාවක් (ප්‍රාතිහාරයක්) තෝරාගත යුතු නොවේදැයි ඔවුහු පවසති. මා අනුගමනය කරනුයේ මාගේ රබ්(පරමාධිපති)ගෙන් මට පහළ කරන ලද දෑ පමණකි. මෙය නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් වූ පැහැදිලි කිරීමය. තවද විශ්වාස කරන ජනයින්ට යහමඟද දයාලූභාවයද වේ යැයි පවසනු.
  • 7:204 - අල්-කුර්ආනය පාරායනා කරනු ලැබුවහොත් එයට නුඹලා සවන් යොමු කරනු. තවද නිහඬව සිටිනු. එමගින් නුඹලාට දයාවේ ආශිර්වාදය ලැබිය හැකිය.
  • 7:205 - (නබි මුහම්මද්!) නුඹගේ හද පත්ලෙන්ම අවනත භාවයෙන් හා බියෙන්ද හඬ නොනංවා උදය හා සවස නුඹේ රබ්(පරමාධිපති) සිහිපත් කරනු. නොතැකුවන්ගෙන් කෙනකු නොවනු.
  • 7:206 - නුඹේ රබ්(පරමාධිපති) වෙත ආසන්නව සිටින (මලක්වරු වන) අය ඔහු(අල්ලාහ්)ට නමස්කාර කිරීමෙන් උඩංගු නොවෙති. ඔවුහු ඔහු සුවිශුද්ධ කරති. තවද ඔහුටම සුජූද් (සිරස නමා නමස්කාර) කරති.


008 Al-Anfal
  • 8:1 - (නබි මුහම්මද්!) ඔවුහු අල්-අන්ෆාල් (යුද්ධයේදී අත්පත් වූ දෑ) සම්බන්ධයෙන් නුඹගෙන් අසති. (එයට) නුඹ පවසනු. අන්ෆාල් අයත්වන්නේ අල්ලාහ්ටත් ඔහුගේ රසූල්(වක්තෘ)ටත්ය. ඒ නිසා අල්ලාහ්ට බියබැතිමත් වනු. නුඹලා අතර (කටයුතු) නිවැරදි කරගනු. නුඹලා සැබෑ මුඃමීන්(විශ්වාසික)වරුන් නම් අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් කීකරුවනු.
  • 8:2 - (සැබෑ) මුඃමීන්වරු(විශ්වාසිකය)න් කවරකු නම්, අල්ලාහ් ගැන සඳහන් කරන සෑම විටකම ඔවුන්ගේ සිත් බියෙන් වෙවුළයි. ඔහු(අල්ලාහ්)ගේ ආයාත්(වදන්) ඔවුනට පාරායනය කරනු ලබන විට එය ඔවුන්ගේ විශ්වාසය වැඩි කරවයි. තවද ඔවුහු (සියලූ කටයුතු) තම රබ්(පරමාධිපති) කෙරෙහි බාර කරති.
  • 8:3 - ඔවුහු (විශ්වාසිකයෝ) සලාතය තහවුරු කරති. අප ඔවුනට පිරිනමා ඇති දෙයින් (අපේ මාර්ගයේ) විය හියදම් කරති.
  • 8:4 - සැබෑ මුඃමීන්වරු(විශ්වාසිකයෝ) නියතවශයෙන්ම ඔවුහුමය. ඔවුනට තම රබ්(පරමාධිපති) වෙත උසස් තරාතිරම්ද සමාවද, උදාර අවශ්‍යතා සැපයීමද ඇත.
  • 8:5 - (මෙම යුද පිටියේදී අත්පත් වූ දෑ සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය) නුඹේ රබ්(පරමාධිපති) නුඹ සත්‍යය සමඟ නුඹේ නිවහනින් ඉවතට ගෙනා (වේලාවේ පැණ නැගුණ තත්ත්වයට සමානය) මෙන්ය. නියත වශයෙන්ම මුඃමීන්වරු (විශ්වාසකයි)න්ගෙන් කණ්ඩායමක් (එය) අප්‍රිය කරන්නේය.
  • 8:6 - (සත්‍යය) පැහැදිලි වූ පසුවත් ඔවුන් බලා සිටියදීම ඔවුන් මරණයට ඇඳගෙන යන්නාක් මෙන් (බියෙන්) ඔවුහු සත්‍යය පිළිබඳව නුඹ සමඟ තර්ක කරන්නෝය.
  • 8:7 - සේනාවන් දෙකකින් එක් සේනාවක් නුඹලාට ඇතැයි අල්ලාහ් නුඹලාට පොරොන්දු වූ අවස්ථාව සිහිපත් කරනු. දුර්වල(නිරායුධ) සේනාව නුඹලාට අත්විය යුතු යයි නුඹලා පැතූහ. නමුත් අල්ලාහ් ඔහුගේ වදනින් සත්‍යය ජයගන්වන්නටත් කාෆිර්වරුන්ගේ මුල් සිඳළීමටත් ප්‍රිය කරන්නේය.
  • 8:8 - වැරදිකරන්නවුන් ප්‍රිය නොකළ නමුත් සත්‍යය සත්‍ය කරවී(ජය ගැන්වී)මටත් අසත්‍යය අසත්‍ය කරවී(පරාජය කරවී)මටත්(අල්ලාහ් ප්‍රිය කරන්නේ)ය.
  • 8:9 - තවද නුඹලා නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් උදව් පතා ප්‍රාර්ථනා කළ කල්හි පසුපස ලූහුබැන්ද වූ මලක්වරු(සුරදූතයි)න් දහසකින් මම නුඹලාට උදව් කරන්නෙමියි ඔහු(අල්ලාහ්) නුඹලාට පිළිතුරු දුන් බව සිහිපත් කරනු.
  • 8:10 - (නුඹලාට) ශුභාරංචියක් වශයෙනුත් නුඹලාගේ සිත් සතන් එමගින් සැනසුම ලබන්නටත් හැර අල්ලාහ් එය නොකළේය. අල්ලාහ් වෙතින් මිසක් උපකාර නොමැත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය, සර්වඥානීය.
  • 8:11 - ඔහු(අල්ලාහ්)ගෙන් අභය දානය වශයෙන් ඔහු නුඹලාට (සියුම්) ශාන්ත නින්ද වෑහෙන්නට සැලස්වීමත් නුඹලා පිරිසිදු කරනු පිණිසද ෂෙයිතාන්ගේ කෙළෙසීම නුඹලාගෙන් ඉවත් කරගනු පිණිසද නුඹලාගේ සිත් ශක්තිමත් කරනු පිණිසද නුඹලාගේ පා ස්ථීර කරනු පිණිසද නුඹලා වෙත අහසින් වැසි වැස්සවීමත් සිහිපත් කරනු.
  • 8:12 - නුඹේ රබ්(පරමාධිපති) මලක්වරුන්(සුරදූතයන්)ට නියතවශයෙන්ම මම නුඹලා සමඟ සිටිමි. එනිසා ඊමානය (විශ්වාසය) ඇති අය ස්ථාවරව තබා ගනු. ප්‍රතික්ෂේප කරන්නන්ගේ හදවත්හි මම බිය ඇති කරන්නෙමි. එමනිසා ඔවුන්ගේ ගෙළ ඉහළින් ගසා දමනු. ඔවුන්ගේ සෑම ඇඟිල්ලකම සන්දි කපා තුඩු තළා දමන්නැයි දැන්වූ බව සිහිපත් කරනු.
  • 8:13 - මෙය මන්දයත් ඔවුහු අල්ලාහ්ට සහ ඔහුගේ රසූල්(දේව ධර්ම දූතයා)ට විරුද්ධ වෙති. අල්ලාහ්ට සහ ඔහුගේ රසූල්ට විරුද්ධ වන්නේ කවරකුද. නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුනට) දඬුවම් කිරීමෙහි ඉතා දැඩිය.
  • 8:14 - මෙය (නුඹලාට දෙනු ලබන දඬුවමයි) එමනිසා එහි රස විඳිනු. නියත වශයෙන්ම කාෆිර්වරුන්(ප්‍රතික්ෂේප කරන්නන්)ට නිරයේ වේදනාව පවතිනු ඇතැයි (දැනගනු.)
  • 8:15 - විශ්වාසවන්තයිනි! නුඹලා සේනාවක් වශයෙන් සටනකදී ප්‍රතික්ෂේප කරන්නන් හට මුහුණ දුනහොත්, එවිට ඔවුනට නුඹලා පිටු නොපානු.
  • 8:16 - එවැනි අවස්ථාවකදී කෙනකු යුද උපායක් වශයෙන් හෝ (විශ්වාසිකයිනගේ වෙනත්) කණ්ඩායමකට එකතුවීමට හෝ මිස ඔවුනට පිටුපෑවේ නම් නියත වශයෙන්ම ඔහු අල්ලාහ්ගේ උදහසට ලක්වන්නේය. තවද ඔහුගේ නිවහන නිරයමයි. එම නවාතැන අතිශයින්ම ඛේදජනකය.
  • 8:17 - නුඹලා ඔවුන් ඝාතනය නොකළෝය. නමුත් අල්ලාහ් ඔවුන් ඝාතනය කළේය. (එසේම) නුඹ (ඔවුනට වැලි) විසිකළ කල්හි නුඹ විසි නොකළේය. නමුත් අල්ලාහ් විසි කළේය. (ඒ සඳහා මුඃමීන්වරුන්ගේ අත් යොදා ගනු ලැබුවේ) ඔහු(අල්ලාහ්) මුඃමීන්වරුන්හට යහපත ගෙන දෙන පරීක්ෂණයන් සමත් කරවීම පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය, සර්වඥානීය.
  • 8:18 - ( නුඹලා සමඟ අල්ලාහ්ගේ ගනුදෙනුව) මෙයයි. ප්‍රතික්ෂේප කරන්නන්ගේ (දුෂ්ට) සැලසුම්වලට අල්ලාහ් බාධා කරයි.
  • 8:19 - නුඹලා තීන්දුවක් ගැන සිතුවේ නම් නියත වශයෙන්ම එම තීන්දුව නුඹලා හමුවට පැමිණ තිබේ. දැන් නුඹලා (වැරදි ක්‍රියාමාර්ගයන්ගෙන්) වැළකී සිටියහොත් එය නුඹලාට වඩාත් හොඳය. නුඹලා නැවතත්(එම වරද) කරයි නම් අපිද නැවතත් (එම දඬුවම) ලබාදෙන්නෙමු. නුඹලාගේ සේනාව කෙතරම් විශාල වූවත්, ඒ කිසි දෙයකින් නුඹලාට ප්‍රයෝජනය නොවන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් මුඃමීන්වරුන් සමඟ යැයි (නබි මුහම්මද්) කාෆිර්වරුන් හට පවසනු.
  • 8:20 - විශ්වාසවන්තයිනි! අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයා(දේව ධර්ම දූතයා)ටත් කීකරු වනු. නුඹලා (පණිවුඩය) ශ්‍රවණය කරමින්ම ඊට පිටු නොපානු.
  • 8:21 - ඔවුන් සවන් නොදී සිටියදී අපි සවන් දුන්නෙමුයි යනුවෙන් පැවසූ අය මෙන් නොවනු.
  • 8:22 - (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් හමුවේ නින්දිතම තිරිසනුන් (වනුයේ) අවබෝධ කරනොගන්නා බිහිරන් සහ ගොළුවන් (වැනි මිනිසුන්)ය.
  • 8:23 - ඔවුන් තූළ කිසියම් යහපතක් තිබේයැයි අල්ලාහ් දැන සිටියා නම් නියත වශයෙන්ම ඔවුනට ඇසීමේ ශක්තිය දෙන්නට ඉඩ තිබුණි. (ඔවුන් දැනට සිටින තත්ත්වය අනුව) ඔහු ඔවුනට ඇසීමට සැලැස්වූවා නම්ද ඔවුහු පිළිකුලෙන් යුතුව පිටුපාන්නෝය.
  • 8:24 - විශ්වාසවන්තයිනි! නුඹලාට (යහපත්) ජීවිතයක් ලබා දීමේ (මඟ වෙතට රසූල්වරයා) නුඹලාට ඇරයුම් කරන විට අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයා(දේව ධර්ම දූතයා)ටත් ප්‍රතිචාර දක්වනු. එසේම නියත වශයෙන්ම අල්ලාහ් මිනිසා සහ ඔහුගේ හදවත අතර සිටින බවත් තවද නුඹලා එක්රැස් කෙරෙන්නේ ඔහු වෙත බවත් දැනගනු.
  • 8:25 - නුඹලා අතුරින් පව් කළ අයට පමණක් බලනොපාන ෆිත්නාවෙන් (විපාකවලින්) ආරක‍ෂා වනු. තවද දඬුවම් පැමිණවීමේදි අල්ලාහ් දැඩි බව දැනගනු.
  • 8:26 - නුඹලා මහපොළොවෙහි දුර්වලවද සුළු සංඛ්‍යාවක් ලෙසද ජනයා නුඹලා හැර දමා යනු ඇතැයි බියෙන්ද සිටි කල්හි ඔහු (අල්ලාහ්) නුඹලාට රැකවරණය සැලසුවේය. තවද ඔහුගේ උදව්වෙන් නුඹලා ශක්තිමත් කළේය. නුඹලා ගුණගරුක වනු පිණිස නුඹලාට හොඳ දෙයින් බෝග දුන්නේය. මේ බවද සිහි කරනු.
  • 8:27 - විශ්වාසවන්තයිනි! අල්ලාහ් සහ ඔහුගේ රසූල්වරයා(දේව ධර්ම දූතයා) පාවා නොදෙනු. තවද නුඹලාගේ අමානාත්(විශ්වාසය මත බාරව තැබූ දේ)ද දැන දැනම පාවා නොදෙනු.
  • 8:28 - එසේම නුඹලාගේ (ලෞකික) වස්තූන් සහ නුඹලාගේ දරුවන් ඇත්තෙන්ම නුඹලාට පරීක‍ෂණයක් වේ. (නුඹලාට පිරිනැමීමට) නියත වශයෙන් අල්ලාහ් සතුව බොහෝ දේ ඇතැයි දැනගනු.
  • 8:29 - විශ්වාසවන්තයිනි! නුඹලා අල්ලාහ්ට බියබැතියෙන් පසුවූවා නම් ඔහු නුඹලාට මිණුම් දණ්ඩයක් පිරිනමන්නේය. තවද නුඹලාගේ පව් නුඹලාගෙන් පහ කරන්නේය. තවද නුඹලා(ගේ අඩුපාඩුවල)ට සමාව දෙන්නේය. අල්ලාහ් මහත් වරප්‍රසාද හිමිය.
  • 8:30 - ප්‍රතික්ෂේප කළ අය නුඹ සිරකර ගැනීමට හෝ නුඹ මරා දැමීමට හෝ නුඹ රටින් පිටුවහල් කිරීමට හෝ නුඹට එරෙහිව කුමන්ත්‍රණය කළ අවධිය ගැන (නබි මුහම්මද්) සිහි කරනු. ඔවුහු කුමන්ත්‍රණය කරති. තවද අල්ලාහ්ද (තමාගේ උපාය මාර්ග සකස් කරමින්) කුමන්ත්‍රණය කරයි. තවද අල්ලාහ් සෙසු සියලූ කුමන්ත්‍රණකාරීන්ට වඩා ඉතා ශ්‍රේෂ්ඨ කුමන්ත්‍රණකරුවා වෙයි.
  • 8:31 - අපගේ ආයාත්(වදන්) ඔවුනට පාරායනය කළ විට, අපි ශ්‍රවණය කළෙමු අපි සිතුවානම් අපට මෙවන්නක්(සේම) කියන්නට පුළුවන. මෙය පැරන්නන්ගේ කථාන්තරය මිස (වෙනකක්) නොවේයැයි (ඔවුහු) කියති.
  • 8:32 - ඕ අල්ලාහ්! මේ ඔබගේ (සන්නිධානයේ) වූ සත්‍යය නම් අප මත අහසින් ගල්වැසි පතිත කරනු මැනවි. නැතිනම් අපට (වෙනත්) වේදනීය දඬුවමක් පමුණුවනු මැනවියි 26 ඔවුන් කී බව සිහියට නගනු.
  • 8:33 - නුඹ ඔවුන් අතර සිටින විට අල්ලාහ් ඔවුනට දඬුවම් නොකරන්නේය. තවද ඔවුන් ක්ෂමාව අයැද සිටියදී අල්ලාහ් ඔවුනට දඬුවම් නොකරන්නේය.
  • 8:34 - ඔවුන් එහි නියම භාරකරුවන් නොවී සිටියදී ඔවුහු මස්ජිදුල් හරාම් (ශුද්ධ වූ දේවස්ථාන)යෙන් (මිනිසුන්) වළක්වති. (මෙම තත්ත්වය මත) අල්ලාහ් ඔවුනට දඬුවම් නොදී සිටීමට කුමන හේතු තිබේද? නියත වශයෙන්ම එහි නියම භාරකරුවන් (අල්ලාහ්ට) බියබැතියන් මිස (අන් කවරකු) නොවේ. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් (මෙය) නොදනිති.
  • 8:35 - ගෘහ(අල්ලාහ්ට නමදින දේවස්ථාන)යේ ඔවුන්ගේ නැමදුම් සියුරු හඬලෑමයි අත් පොළොසන් දීමයි මිස නැත. එබැවින් නුඹලා ප්‍රතික්ෂේප කළ හෙයින් (දැන්) දඬුවම අනුභව කරව්.
  • 8:36 - නියත වශයෙන්ම (සත්‍යය) ප්‍රතික්ෂේප කළ අය අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) වැළක්වීමට ඔවුන්ගේ ධනය වියදම් කරති. ඉදිරියේදීත් ඔවුහු එය (වැඩි වැඩියෙන්) වියදම් කරති. පසුව එය ඔවුනට ශෝකය(ක්) වනු ඇත. තවද ඔවුහු පරාජය කරනු ලබන්නෝය. (මෙවැනි) ප්‍රතික්ෂේප කරුවෝ නිරය වෙත රැස්කරනු ලබති.
  • 8:37 - මන්ද යත් අල්ලාහ් පවිත්‍ර අයගෙන් අපවිත්‍ර අය වෙන් කරනු පිණිසත් අපවිත්‍ර අයගෙන් ඇතමකු මත ඇතමකු තබා ඔවුන් සියල්ල ගොඩ ගසා එය නිරයේ දමනු පිණිසත්ය. නියත වශයෙන්ම පරාජිතවූවෝ ඔවුහුමය.
  • 8:38 - ඔවුන් (පව් කරන මාර්ගවලින්) වැළකි සිටියා නම් ඔවුන්ගේ යටගියාවට ඔවුනට සමා කරනු ලැබේ. ඔවුන් නැවත (පව් කරන මාර්ග වෙතට) පැමිණියා නම්, නියත වශයෙන් පැරැන්නන්ට (අල්ලාහ්ගේ) තීරණය සිදුවිය. (මේ බව සියලූ දෙනා දනිති) යැයි (නබි මුහම්මද්) ප්‍රතික්ෂේප කරන්නන්ට පවසනු.
  • 8:39 - (මුඃමීන්වරුනි) ෆිත්නා (විපාකයන්) සහමුලින්ම අහෝසි වී දීන් (ජීවන රටා) සියල්ල අල්ලාහ්ටම වනතුරු ඔවුන් (කාෆිර්වරුන්) සමඟ සටන් වදිනු. ඔවුන් (විපාකයන් කිරීමෙන්) වැළකී සිටියා නම් නියතවශයෙන්ම ඔවුන් කරන දේ අල්ලාහ් සුපරික්ෂාකාරීව බලාගෙන සිටියි.
  • 8:40 - ඔවුන් එයට ප්‍රතිචාර නොදක්වනවා නම් නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාගේ ආරක‍ෂකයා බව දැනගනු. (ඔහු) ඉතා හොඳ ආරක‍ෂකයාය. තවද ඉතා හොඳ උපකාරකයාය.
  • 8:41 - නුඹලා අල්ලාහ් කෙරෙහිද (සත්‍ය අසත්‍ය අතර) තීරණය කරන දිනයේ- සේනා දෙක හමුවූ දිනයේ, අපගේ ගැත්තාට අප පහළ කළ දෑ කෙරෙහිද, විශ්වාස කරන්නේ නම් (යුද්ධයෙදී) නුඹලා සතුරන්ගෙන් දිනාගත් සියලූ දෑවලින් පහෙන් කොටසක් අල්ලාහ්ටද රසූල්වරයාටද නෑදැයින්ටද අනාථයින්ටද දූගීන්ටද මගීන්ටද අයත්වන බව දැනගනු. අල්ලාහ් සියලූ දේ කෙරෙහි බලසම්පන්නය.
  • 8:42 - නුඹලා (බද්ර්) නිම්නයේ කිට්ටු පැත්තෙහිද ඔවුන් වඩා දුර පැත්තෙහිද කඳවුරු බැඳගෙන සිටි අතර තවලමද නුඹලාට පහළින් (වෙරළ දිගේ) සිටි අවස්ථාව සිහිපත් කරනු. (ඔවුන් සමඟ සටන් කිරීමේදී පූර්ව සාකච්ඡාවකින්) නුඹලා තීරණයක් ගෙන තිබුණා නම්, තීරණය පසුබසින්නට ඉඩ තිබුණි. නමුත් (සටනක් පැවතුණි.) අල්ලාහ්ට තමා නියම කර තිබූ දෙය ඉටු කර ගත හැකි පරිදි (එය එසේ සිදු විය) විනාශ වීමට අදාළ කෙනකු පැහැදිලි (සංඥාවකින් යුතු)ව විනාශ විය යුතුය. තවද ජීවත් විය යුතු කෙනකු පැහැදිලි(සංඥාවකින් යුතු)ව ජීවත් විය යුතුය. නියත වශයෙන්ම අල්ලාහ් සර්වශ්‍රාවකය, සර්ව ඥානීය.
  • 8:43 - නබි මුහම්මද්! අල්ලාහ් නුඹගේ සිහිනයෙහිදි ඔවුන්ගේ සංඛ්‍යාව නුඹට සුළු කොට පෙන් වූ වග සිහිපත් කරනු. 36 ඔහු ඔවුන්ගේ සංඛ්‍යාව නුඹට විශාල කොට පෙන්වා තිබුණා නම් නුඹලා ඒකාන්තයෙන්ම අධෛර්යයට පත්වනු ඇත. තවද (සටන ගැන) නුඹලා මතභේද ඇතිකර ගන්නට ඉඩ තිබුණි. නමුත් අල්ලාහ් නුඹලා එයින් ගළවා ගත්තේය. නියතවශයෙන්ම අල්ලාහ් සිත්වල සැඟවී තිබෙන දේ පවා හොදින් දනියි.
  • 8:44 - සිදුවීමට තිබූ දෙය හෙළි කරවීම සඳහා අල්ලාහ් (සටනෙහි) නුඹලා ඔවුන් හමුවූ අවස්ථාවේදී නුඹලාගේ ඇස් හමුවේ ඔවුන්(සතුරන්)ගේ (සංඛ්‍යාව) සුළු කරමින්ද ඔවුන්ගේ ඇස් හමුවේ නුඹලාගේ (සංඛ්‍යාව) විශාල කරමින්ද පෙනෙන්ට සැළැස්වූ බවද සිහි කරනු. අවසාන වශයෙන් සියලූ දේ නැවත පැමිණෙන්නේ අල්ලාහ් වෙතය.
  • 8:45 - විශ්වාසවන්තයිනි!(සටනකදී) සතුරු කණ්ඩායමකට නුඹලා මුහුණ දෙතොත්, එවිට නොසැලී සිටිනු. තවද අල්ලාහ් ගැන බෙහෙවින් සිහිපත් කරනු. නුඹලා ජයග්‍රාහකයන් විය හැක.
  • 8:46 - අල්ලාහ්ට සහ ඔහුගේ රසූල්(ධර්ම දූත)වරයාට කීකරු වනු. එකිනෙකා අතර ආරවුල් ඇතිකර නොගනු. එසේ වූවානම් නුඹලාගේ ධෛර්යය හීන වී නුඹලා (සතුරන් හමුවේ) දුබල වන්නෝය. නොසැළෙන ගතිය (ඉවසීම) තහවුරු කරගනු. නියත වශයෙන්ම අල්ලාහ් නොසැළෙන්නන් සමඟ සිටියි.
  • 8:47 - අහංකාර ලෙසද, ජනයාට ප්‍රදර්ශනය කිරීම පිණිසද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළක්වමින්ද සිය නිවෙස්වලින් පිටත්වූවන් මෙන් නුඹලා නොවනු. ඔවුන් කරන සෑම දෙයක්ම අල්ලාහ් හාත්පසින්ම දනියි.
  • 8:48 - ෂෙයිතාන් ඔවුන්ගේ (අසාධාරණ) ක්‍රියාවන් (සාධාරණ බවට) පෙනෙන්නට සලස්වා, “මම නුඹලා සමඟ සිටින්නෙමි. අද මිනිසුන්ගෙන් කිසිවකුටත් නුඹලා (අභිබවා) ජයග්‍රහණය කළ නොහැකිය” යැයි (ෂෙයිතාන්) කියූ අවස්ථාව සිතා බලනු. නමුත් සේනා දෙක එකිනෙකාට මුණ ගැසුණු විට මම නුඹලාගෙන් නිදහස් වෙමි. නුඹලාට දැකිය නොහැකි දේවල් මම දකිමි. නියත වශයෙන්ම මම අල්ලාහ්ට බිය වෙමි. අල්ලාහ් දඩුවම් පැමිණවීමේදී ඉතා දැඩියැයි (පවසමින් ඔහු ආපසු හැරී දුවන්නට විය.) මෙයද සිහියට නගනු.
  • 8:49 - ඔවුන්ගේ දහම් මාර්ගය ඔවුන් රවටා ඇතැයි මුනාෆික්වරුන් (කුහකයන්) ද තමන්ගේ හදවත් රෝගීව සිටි අය ද කී බව සිහියට නගනු. (නමුත් සත්‍යය නම්) අල්ලාහ් කෙරෙහි තවක්කුල්(සියලූ කටයුතු බාර) කරන කෙනෙකුට ඇත්තෙන්ම අල්ලාහ් සර්ව බලධාරි සහ සර්ව ඥානීය (යන්න පෙනී යයි.)
  • 8:50 - ප්‍රතික්ෂේප කරන්නන්(ගේ ආත්ම) දැන් පිළිස්සීමේ පීඩාවේ රස විඳිනුයි කියමින් ඔවුන්ගේ මුහුණට හා ඔවුන්ගේ උකුලට පහර දෙමින් මලක්වරුන් පැහැර ගෙන යන විට (එය කුමන ආකාර වේද යන්න) නුඹට දැකිය හැකි වූවා නම්.
  • 8:51 - නුඹලාගේ අත් කල් ඇතිව සූදානම් කර තිබූ දෙය සඳහා (වන්දිය) මෙයයි. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ට අසාධාරණ නොකරයි (යනුවෙන් මලක්වරු කියති.)
  • 8:52 - ෆිර්අවුන්ගේ ජනතාවට සහ ඔවුන්ට පෙර සිටි ජනතාවට වූ පරිදිම (ඔවුනට මෙය සිදු විය.) ඔවුහු අල්ලාහ්ගේ ආයාත් (වදන්-සංඥා) ප්‍රතික්ෂේප කළහ. එමනිසා ඔවුන්ගේ පාපයන් හේතුකොට ගෙන අල්ලාහ් ඔවුන් හසු කළේය. නියත වශයෙන්ම අල්ලාහ් ශක්ති සම්පන්නය. දඩුවම් දීමේදි ඉතා දැඩිය.
  • 8:53 - මෙය (අල්ලාහ්ගේ න්‍යාය අනුව සිදුවන්නකි.) අල්ලාහ් කිසියම් ජන කොටසකට පිරිනැමු අනුග්‍රහය, ඔවුන් විසින්ම වෙනස් කරගන්නා තුරු වෙනස් නොකරන්නේය. නියතවශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකයාය, සර්ව ඥානීය.
  • 8:54 - ෆිර්අවුන්ගේ ජනතාවට සහ ඔවුනට පෙර සිටි ජනතාවට වූ පරිදිම (ඔවුන්ට මෙය සිදු විය.) ඔවුහු තම රබ්(පරමාධිපති)ගේ ආයාත් (වදන්-සංඥා) බොරු යැයි කීහ. එමනිසා ඔවුන්ගේ පාපයන් හේතුකොට ගෙන අපි ඔවුන් විනාශ කළෙමු. තවද ෆිර්අවුන්ගේ ජනතාව මුහුදුබත් කළෙමු. ඔවුහු සියල්ලෝම අපරාධ කරුවන්ව සිටියෝය.
  • 8:55 - අල්ලාහ් හමුවේ තුච්ඡතම ප්‍රාණීහු නම් සත්‍ය ප්‍රතික්ෂේප කළ අය වෙති. ඔවුහු විශ්වාස නොකරති.
  • 8:56 - (ඉතා තුච්ඡතම අය වන ඔවුහු) නුඹ සමඟ ගිවිසුම් ඇතිකරගෙන” පසුව සෑම විටම තම ගිවිසුම කඩ කරන්නෝය තවද තමන්ගේ යුතුකම ගැන ඔවුහු අල්ලාහ්ට බිය නොවන්නෝය.
  • 8:57 - සටනෙහිදී නුඹ ඔවුන් හමුවූවානම් ඔවුන්ගේ අනුගාමිකයන්ද විසිරයන සේ ඔවුනට බිහිසුණු (ආදර්ශයක්) දෙනු. එයින් ඔවුන් පාඩමක් ඉගෙනගනු ඇතැයි (අපේක‍ෂා කෙරෙයි.)
  • 8:58 - කිසියම් ජන කොටසකින් (සම්මුතිය) කඩ කිරීම ගැන නුඹ බියවන්නේ නම් ඔවුන්ගේ (සම්මුතිය) එළිපිටම විසිකර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් (සම්මුතිය කඩකරන්නන්) ප්‍රිය නොකරන්නේය.
  • 8:59 - ප්‍රතික්ෂේප කළ අය තමන් දිනුවා යැයි නොසිතිය යුතුයි. නියත වශයෙන්ම ඔවුන්ට (අප පැරදවිය) නොහැකිය.
  • 8:60 - තවද ඔවුන් හා සටන් වැදීමට නුඹලාට හැකි පමණින් අධික ශක්තියත්, සූදානමින් සිටින අශ්ව සේනාවත් රැස්කර තබනු. මෙමගින් අල්ලාහ්ගේ සතුරාද නුඹලාගේ සතුරාද මොවුන් හැර නුඹලා නොදන්නා වෙනත් සතුරන්ද නුඹලා විසින් බිය ගැන්විය යුතුය. අල්ලාහ් ඔවුන් ගැන ඉතා හොඳින් දන්නේය. අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා කරන සෑම වියදමකටම අල්ලාහ් නුඹලාට ආපසු සම්පූර්ණයෙන්ම ගෙවයි. එසේම කිසිම ලෙසකින් නුඹලාට අසාධාරණයක් සිදු කරනු නොලැබේ.
  • 8:61 - (නබි මුහම්මද්!) ඔවුන් (සතුරන්) සාමයට කැමති නම් එවිට නුඹද ඊට කැමති වනු. තවද අල්ලාහ් කෙරෙහි සියල්ල බාර කර විශ්වාසය තබනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය, සර්ව ඥානීය.
  • 8:62 - තවද ඔවුන් නුඹ රැවටීමට අදහස් කරනවා නම් නියත වශයෙන්ම නුඹට අල්ලාහ් ප්‍රමාණවත්ය. ඔහුගේ පිහිටෙන්ද මුඃමීන්වරුන් (විශ්වාසිකයන්) මාර්ගයෙන්ද නුඹ ශක්තිමත් කළේ ඔහුය.
  • 8:63 - ඔවුන් (මුඃමීන්වරුන්) අතර හද බැඳුණු එක්සත් බවක් ඇති කළේ ඔහුය. මහපොළොවේ සියලූ වස්තුව නුඹ වියදම් කළත් ඔවුන්(මුඃමීන්වරුන්)ගේ හදවත් එක්සත් කිරීමට නුඹට නුපුළුවන. නමුත් ඔවුන් (හදවත්) අතර එක්සත් කරනුයේ අල්ලාහ්ය. නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරීය, සර්ව ඥානීය.
  • 8:64 - (නබි මුහම්මද්!) නුඹටත් නුඹ අනුගමනය කරන මුඃමීන්වරුන් (විශ්වාසිකයන්)ටත් අල්ලාහ් ප්‍රමාණවත්ය.
  • 8:65 - (නබි මුහම්මද්!) මුඃමීන්වරුන්(විශ්වාසිකයන්)ව සටනට පොළඹවනු. ඉවසිලිවන්ත විසිදෙනෙකු නුඹලා අතර සිටිනවා නම් ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) දෙසිය දෙනෙකු අභිබවා යනු ඇත. තවද (එවැන්නන්) සිය දෙනෙකු නුඹලා අතර සිටිනවා නම් ප්‍රතික්ෂේප කරන්නන් දහසක් අභිබවා ඔවුන් යනු ඇත. මන්ද ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) අවබෝධය නොමැති ජනයා බැවිනි.
  • 8:66 - දැන් අල්ලාහ් නුඹලාගෙන් (බර) සැහැල්ලූ කර ඇත. නුඹලා වෙත (තවමත්) දුර්වලකම් පවතින බව ඔහු දන්නෙහිය. එමනිසා නොසැලෙන සිය දෙනකු නුඹලා අතරෙහි සිටිනවා නම් ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) දෙසිය දෙනකු අභිබවා යනු ඇත. තවද නුඹලා අතර (එවැනි) දහසක් සිටිත් නම් ඔවුන් අල්ලාහ්ගේ අවසරය පිට (ප්‍රතික්ෂේප කරන්නන්) දෙදහසක් අභිබවා යනු ඇත. අල්ලාහ් නොසැලෙන්නන් සමඟය.
  • 8:67 - මිහිපිට සතුරන් මර්දනය කරන තුරු යුද සිරකරුවන් තබාගැනීම නබිවරයකුට නොහොබිනේය. නුඹලා ලෞකික ලාභ අපේක්ෂා කරති. අල්ලාහ් අපේක්ෂා කරන්නේ (නුඹලාගේ) පරලොව(යහපත)ය. අල්ලාහ් සර්ව බලධාරීය, සර්ව ඥානීය.
  • 8:68 - අල්ලාහ්ගේ පූර්ව තීන්දුවක් නොතිබුණේ නම් නුඹලා ගත් දෑ ගැන (විපාක වශයෙන්) තදබල වේදනාව නුඹලා හසුකරගන්නට තිබුණි.
  • 8:69 - එහෙයින් නුඹලා යුද්ධයෙන් ලබාගත් හලාල් (අනුමත) සහ පිවිතුරු දෑ අනුභව කරනු. එසේම අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලීය, කරුණාන්විතය.
  • 8:70 - නුඹලාගේ හදවත් තුළ කිසියම් යහපත් ගුණයක් පවතින බව අල්ලාහ්ට පෙනී යනවා නම් නුඹලාගෙන් ලබාගත් දෙයට වඩා ඉතා වැඩිවූත් ඉතා හොඳවූත් වස්තුව නුඹලාට පිරිනමා නුඹලාගේ පව්වලට ඔහු සමාව දෙනු ඇතැයි නුඹලාගේ සිරභාරයේ සිටින යුද සිරකරුවන්ට නබි(මුහම්මද්) කියනු. අල්ලාහ් ක‍ෂමාශීලීය, කරුණාන්විතය.
  • 8:71 - ඔවුන් නුඹට ද්‍රෝහී වීමට අදහස් කළහොත් ඔවුහු මීට පෙරද අල්ලාහ්ට ද්‍රෝහීව සිටියහ. (එහි විපාක වශයෙන්) ඔහු (අල්ලාහ්) ඔවුන් (පිළිබඳ ආධිපත්‍යය) නුඹලාට ලබාදී ඇත. අල්ලාහ් සර්ව ඥානීය, සර්ව ප්‍රාඥයය.
  • 8:72 - ඊමාන් (විශ්වාසය) තබා හිජ්රත් (සංක්‍රමණය) කරමින් ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දිවියෙන් අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද්(සටන්) කළ අයද (හිජ්රත් කළා වූ) ඔවුනට සරණ වෙමින් සෙවණ ලබාදී උපකාර කළ අයද ඔවුහු එකිනෙකාගේ භාරකරුවෝ වෙති. (කෙසේ වූවත්) ඊමාන් තබා හිජ්රත් නොකළ අය නම්, ඔවුන් හිජ්රත් කරන තෙක් ඔවුන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් නුඹලාට කිසිදා වගකීමක් නැත. නමුත් නුඹලා අතරද ඔවුන් අතරද ගිවිසුමක් ඇති කරගෙන සිටින ජනතාවකට විරුද්ධව හැර, ඔවුන් දීන්(ධර්මය) සම්බන්ධ කරුණුවලදී නුඹලාගෙන් උදව් පැතුවහොත් ඔවුනට උදව් කිරීම නුඹලාගේ යුතුකමක් වන්නේය. තවද නුඹලා කරන දේ ගැන අල්ලාහ් ඉතා සුපරික‍ෂාකාරීව සිටියි.
  • 8:73 - කාෆිර්වරු (ප්‍රතික්ෂේප කරන්නෝ) ඔවුන්ගෙන් එකිනෙකාගේ භාරකරුවෝ වෙති. එබැවින් නුඹලා එසේ නොකළා නම් මිස, මහපොළොව මත අකටයුතු කම් සහ මහ අවුල් සහගත තත්ත්වයක් පවතිනු ඇත.
  • 8:74 - ඊමාන් (විශ්වාසය) තබා හිජ්රත් (සංක්‍රමණය) කළ අයද (ඔවුන්ගේ වස්තුව හා දිවියෙන්) අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද්(සටන්) කළ අයද (හිජ්රත් කළා වු ඔවුනට) සරණ වෙමින් සෙවන ලබාදී උපකාර කළ අයද ඔවුන්මය සැබෑ මුඃමීන්වරුන් (විශ්වාසියකයන්) වන්නේ. ඔවුනට සමාවද උදාර බොජුන්ද (තිළිණයන්) ලැඛෙනු ඇත.
  • 8:75 - ඉන්පසුව, ඊමාන් (විශ්වාසය) තබා හිජ්රත් (සංක්‍රමණය) කර නුඹලා සමඟ ජිහාද්(සටන්) කළ අයද, ඔවුහු නුඹලාගෙන් යුත් අයම වෙති. නමුත් අල්ලාහ්ගේ ධර්මය අනුව ලේ ඥාතීන් එකිනෙකාට වඩාත් කිට්ටු අය වේ. නියතවශයෙන්ම අල්ලාහ් සියලූ දෑ මැනවින් දනී



009 At-Tawbah
  • 9:1 - (මේ වනාහි) මුෂ්රික්වරුන්(අල්ලාහ්ට ආදේශ කරන්නන්)ගෙන් නුඹලා ගිවිසුම් ඇති කරගෙන තිඛෙන අයට අල්ලාහ්ගෙන්ද ඔහුගේ රසූල්වරයා(ධර්ම දූතයා)ගෙන්ද වූ (එම වගකීමෙන්) මුදාහැරෙන ප්‍රකාශයකි.
  • 9:2 - නුඹලාට (තවත්) මාස හතරක් රටතුළ සැරිසැරීමට නිදහස ඇත. නමුත් නුඹලාට අල්ලාහ්(ගේ අභිමතය) පරාජයට පත් කළ නොහැකි බවත් අල්ලාහ් (ඉස්ලාමය) ප්‍රතික්ෂේප කරන්නන් නින්දාවට පත් කරන බවත් දැනගනු.
  • 9:3 - තවද, මුෂ්රික්වරුන්(ආදේශකරන්නන්) සමඟ එළැඹ ඇති ගිවිසුම්වල වගකීමෙන් අල්ලාහ් ද” ඔහුගේ රසූල්වරයා ද” නිදහස්ය යනුවෙන් (මෙය) ශ්‍රේෂ්ඨ හජ් දවසේ සකල ජනතාව වෙත අල්ලාහ් සහ ඔහුගේ රසූල්(ධර්ම දූත)වරයා විසින් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයකි. මේ නිසා නුඹලා දැන් පසුතැවිලි වනවා නම්” එය නුඹලාට වඩාත් හොඳය. එය නුඹලා පැහැර හරිනවා නම්” නුඹලාට අල්ලාහ්(ගේ අභිමතය) පැරදවිය නොහැකි බව හොඳින් දැනගනු. තවද” (නබි මුහම්මද්!) ප්‍රතිෙක‍ෂ්ප කරන අයට වේදනීය දඬුවම ගැන ශුභාරංචිය දෙනු.
  • 9:4 - මුෂ්රික්වරුන්(ආදේශ කරන්නන්)ගෙන් නුඹලා ගිවිසුම් ඇතිකරගත් පසුව ඔවුන් නුඹලාට (එය සුළුවෙන් වූවත්) කඩකර නොමැති හා නුඹලාට විරුද්ධව කිසිවකුටත් උපකාර කර නැති අය හැර. (ඔවුනට) නියමිත කාලය තෙක් ඔවුන්ගේ ගිවිසුම නුඹලා ඉටු කරනු. නියතවශයෙන්ම අල්ලාහ් දැහැමි ජනයා ප්‍රිය කරයි.
  • 9:5 - (සටන් කිරීම) තහනම් මාස අවසන් වූවාට පසුව නුඹලා ඔවුන් (මුෂ්රික්වරුන්) දුටු තැන ඔවුන් මරා දමනු. තවද ඔවුන් අත් අඩංගුවට ගනු. ඔවුන් වටලනු. තවද ඔවුන් සැඟවී සිටින සෑම තැනකින්ම ඔවුන් හසුකර ගැනීමට රැක සිටිනු. නමුත් ඔවුන් පසුතැවිලිවී සලාත් ඉටුකර zසකාත් ගෙවනවා නම් ඔවුනට ඔවුන්ගේ මාර්ගයහි ඉඩ හරිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලී සහ අසීමිත කරුණාන්විතය.
  • 9:6 - මුෂ්රික්වරුන්(ආදේශ තබන්නන්)ගෙන් කෙනකු නුඹගෙන් ආරක‍ෂාව පතනවා නම් ඔහු අල්ලාහ්ගේ වචනයට සවන් දෙන තුරු ඔහුට ආරක‍ෂාව සලසා දෙනු. ඉන්පසුව ඔහුගේ ආරක්ෂක ස්ථානය වෙත ඔහුව ගෙන යනු. මන්දයත් ඔවුන් නියත වශයෙන්ම (සත්‍යය) නොදන්නා ජනයින් වන නිසාය.
  • 9:7 - (මුෂ්රික්වරුන්ගෙන්) නුඹලා මස්ජිදුල් හරාමයේ දී ගිවිසුම් ඇතිකරගත් අයට හැර අල්ලාහ්ගෙන් හා ඔහුගේ රසූල්වරයාගෙන්(අනෙක්) මුෂ්රික්වරුන්ට ගිවිසුමක් තිබිය හැක්කේ කෙසේද? එනිසා ඔවුන් නුඹලා සමඟ නිවැරදිව ක්‍රියා කරන තාක්කල් නුඹලාද ඔවුන් සමඟ නිවැරදිව ක්‍රියා කළ යුතුය. නියත වශයෙන්ම අල්ලාහ් දැහැමි ජනයා ප්‍රිය කරයි.
  • 9:8 - (නමුත් සෙසු මුෂ්රික්වරුන් සමඟ ගිවිසුමක් ඇති කරගන්නේ) කෙසේද? ඔවුන් නුඹලාට ඉහළින් ජයග්‍රාහී වන්නේ නම් ඔවුහු කිසිවිටෙක නුඹලා සමඟ නෑකම හෝ ගිවිසුම නොසලකති. ඔවුන්ගේ සිත් විරුද්ධ වුවද ඔවුන්ගේ මුව (දිව) මගින් නුඹලා සතුටු කිරීමට ඔවුහු තැත් කරති. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අපරාධකාරයෝය.
  • 9:9 - ඔවුහු අල්ලාහ්ගේ ආයාත් (වදන්) සුළු මුදලකට විකුණුවෝය. තවද (අනෙකුත් අය) ඔහුගේ (අල්ලාහ්ගේ) මාර්ගයෙන් වැළක්වූවෝය. නියත වශයෙන්ම ඔවුන් කරමින් සිටි දෑ ඉතා දුෂ්ඨය.
  • 9:10 - මුඃමීන්වරයකු කෙරෙහි නෑ සබඳතා හා ගිවිසුමෙහි (කිසිඳු) වගකීම් ඔවුහු නොසළකති. සීමාව ඉක්මවා යන්නෝ ඔවුහුමය.
  • 9:11 - එසේ වූවත් ඔවුන් පසුතැවිලි වී සලාත් ඉටුකර zසකාත් ගෙවනවා නම් ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති. (මෙසේ) වටහා ගන්නා ජනයාට (අපගේ) වදන් අපි විස්තර කරන්නෙමු.
  • 9:12 - ඔවුන්ගේ ගිවිසුමෙන් පසුව ඔවුන් ඔවුන්ගේ දිවුරුම කඩකර නුඹලාගේ දහමට නින්දා කරනවා නම් කුෆ්ර්(ප්‍රතිෙක‍ෂ්ප කරන්නන්ගේ) නායකයන් සමඟ සටන් කරනු. (එමගින්) ඔවුන් එයින් වැළැක්විය හැකිය.අ නියත වශයෙන්ම ඔවුනට දිවුරුම් ගැන කිසිඳු සැලකිල්ලක් නොමැත.
  • 9:13 - තම ගිවිසුම කඩ කළාවූත් රසූල්වරයා පිටුවහල් කිරීමට උත්සාහ කළාවූත් මුලින්ම (ප්‍රහාරය) ආරම්භ කළාවූත් ජනයාට විරුද්ධව නුඹලා සටන් නොකරන්නෙහිද. නුඹලා ඔවුන්ට බිය වන්නෙහිද. නුඹලා සැබෑ මුඃමීන්වරුන් නම් නිරනුමානවම නුඹලා බිය විය යුත්තේ ඔහු(අල්ලාහ්)ටමය.
  • 9:14 - නුඹලා ඔවුන් සමඟ සටන් කරනු. අල්ලාහ් නුඹලාගේ දෑතින් ඔවුනට දඬුවම් කරන්නේය. තවද ඔවුන් නින්දාවට පත් කරන්නේය. ඔවුනට විරුද්ධව නුඹලාට උදව් කරන්නේය. තවද විශ්වාස තබන ජනතාවගේ සිත් සනසන්නේය.
  • 9:15 - එසේම ඔහු ඔවුන්ගේ සිත්වල පවතින් කෝපය තුරන් කරනු ඇත. අල්ලාහ් අභිමත වූ අය(ගේ පාප ක්‍රියාවන් වල)ට සමා කරනු ඇත. අල්ලාහ් සර්ව ඥානීය, සර්ව ප්‍රාඥයය.
  • 9:16 - නුඹලා අතුරින් (අල්ලාහ්ගේ මාර්ගයේ) ඉතා මැනවින් වෑයම් කළ අයත් අල්ලාහ්ද ඔහුගේ රසූල්වරයාද සහ මුඃමීන්වරයින්ද හැර (අන් කෙනකු තමාගේ) සමීප හිතමිතුරන් කර නොගත් අය (කව්රුදැයි) අල්ලාහ් තීරණය කරන තෙක් ඔහු නුඹලා (පරීක්ෂණය කිරීමකින් තොරව) අත්හැර දමාවීයැයි නුඹලා සිතනවාද. නුඹලා කරන දේ පිළිබඳව අල්ලාහ් ඉතා මැනවින් දනී.
  • 9:17 - කුෆ්ර් භාවය(ප්‍රතිෙක‍ෂ්පවාදය)ට තමන් විසින්ම සාක‍ෂි දරද්දි ඔවුනට අල්ලාහ්(නමදින)ගේ මස්ජිදයන් (දේවස්ථාන) පරිපාලනය කිරීමට මුෂ්රික්වරුන්ට අයිතියක් නැත. ඔවුන්ගේ සියලූ කටයුතු අපතේ ගියා වේ. තවද ඔවුහු සදාකාලයෙහිම අපා ගින්නෙහි වෙසෙති.
  • 9:18 - අල්ලාහ්ගේ දේවස්ථානවල භාරකරුවන් සහ පරිපාලකයින් වීමට සුදුස්සෝ අල්ලාහ් සහ අවසාන දිනය ගැන ඊමාන්(විශ්වාස) තබා සලාතය ඉටුකර zසකාත් ගෙවා අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට බියබැතිමත් නොවන අය පමණක් වෙති. ඔවුන් යහමඟ වූවන්ගෙන් විය හැකිය.
  • 9:19 - හුදෙක්ම(මක්කාවෙහි) හජ් වන්දනාගාමීන්ට ජලය සැපයීම හා මස්ජිදුල් හරාමයේ භාරකාරත්වය ලබා සිටීම (ආදී කටයුතුවල යෙදෙන්නකු) අල්ලාහ් සහ අවසාන දිනය කෙරෙහි ඊමාන්(විශ්වාස) තබා අල්ලාහ්ගේ මාර්ගයේ උපරීම වශයෙන් වෙහෙසව කටයුතු කළ අයට සමාන වන්නේදැයි නුඹලා සිත්නෙහිද. ඔවුහු අල්ලාහ් ඉදිරියේ සමාන නොවෙති. අපරාධ කරන ජනයාට අල්ලාහ් යහමඟ නොපෙන්වයි.
  • 9:20 - ඊමාන්(විශ්වාසය) තබා සංක්‍රමණය කර අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන්ගේ ධනයෙන්ද ඔවුන්ගේ දිවියෙන්ද උපරීම වශයෙන් කැපවීම් කළ අය අල්ලාහ් ඉදිරියෙහි තරාතිරමෙන් උසස් ඉතා උසස්ය. සැබෑ ජයග්‍රාහකයෝද මොවුහුමය.
  • 9:21 - ඔවුන්ගේ රබ්(පරමාධිපති) ඔහුගෙන් වූ දයානුභාවයද සතුටද එහි ඔවුනට සදාකාලික භාග්‍යය ඇති ස්වර්ග උයන්ද පිළිබඳව ඔවුනට ශුභාරංචි ලබාදෙයි.
  • 9:22 - ඔවුහු එහි සදාකාලිකවම වාසය කරති. නියත වශයෙන්ම අල්ලාහ් වෙත මහත් වූ තිළිණ ඇත.
  • 9:23 - විශ්වාසවන්තයිනි! නුඹලාගේ පියවරුන් සහ සහෝදරයින් ඊමානයට වඩා කුෆ්ර්භාවය ප්‍රිය කරන්නේ නම් ඔවුන් නුඹලාගේ ආරක්ෂයන් ලෙස නොසලකනු. නුඹලා අතුරින් කිසිවකු ඔවුන් ආරක‍ෂකයන් සේ සලකනවා නම් ඔවුහුමය අපරාධකරුවෝ.
  • 9:24 - නුඹලාගේ පියවරුන් නුඹලාගේ පුත්‍රයින් නුඹලාගේ සහෝදරයින් නුඹලාගේ භාර්යාවන් නුඹලාගේ නැදෑ හිතවතුන් සහ නුඹලා ඉපැයූ ධනයත් එය පිරිහේවී යැයි නුඹලා බියවන වෙළඳාමත් නුඹලා ප්‍රමෝදයට පත් කරන නිවෙස් (යන මේ සියලූ දේවල්) අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් ඔහුගේ මාර්ගයේ ජිහාද් (ඉස්ලාමීය යුද්ධය) කිරීමටත් වඩා ඛෙහෙවින් නුඹලාට ප්‍රිය නම් අල්ලාහ් ඔහුගේ විනිශ්චය (නුඹලා වෙතට) ගෙනෙන තෙක් බලා සිටිනුයිද අල්ලාහ් දුෂ්ඨ ජනයා යහමඟට යොමු නොකරන්නේයැයිද (නබි මුහම්මද්) කියනු.
  • 9:25 - (මීට පෙර) නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට බොහෝ (රණ)බිම්හි උදව් කර තිබේ. (මෑතදී නුඹලා ඔහුගේ උදව්වල මහිමයට සාක‍ෂි දැරූහ.) හුනයින් (සටන සිදු වූ) දින නුඹලාගේ (සංඛ්‍යා) බහුතරය නුඹලාට උදාරකම් ඇති කළේය. නමුත් එයින් නුඹලාට කිසිඳු ඵලක් අත් නොවීය. මහපෙළොව විශාල වුවද නුඹලාට එය ඛෙහෙවින් පටුවිය. පසුව නුඹලා පිටු පා පසුබට වූහ.
  • 9:26 - එවිට අල්ලාහ් ඔහුගේ සකීනත් (නිසල සන්සුන් භාවය) තම රසූල්වරයා (ධර්ම දූතයා) සහ මුඃමීන්වරුන් වෙත පහළ කළේය. නුඹලා නොදුටු සේනාවක් ද, (නුඹලාගේ ආධාරයට) පහළ කළේය. තවද, ප්‍රතික්ෂේප කළවුනට දඬුවම් ලබා දුන්නේය. ප්‍රතික්ෂේප කළවුන්ගේ ඵල විපාකය එයාකාර වේ.
  • 9:27 - (කාෆිර්වරුන්ට දඬුවම් දීමෙන්) පසුව (ඔවුන්ගෙන් කවරකු හෝ තම ක්‍රියාවලට පසුතැවිලි වූයේ නම්) ඉන් අනතුරුව තමා අභිමත වූවන්හට අල්ලාහ් සමාව දෙන්නේය. අල්ලාහ් ක්ෂාමශීලී, අසමසම කරුණාන්විතද වෙයි.
  • 9:28 - විශ්වාසවන්තයිනි! නියත වශයෙන්ම මුෂ්රික්වරුන් (ආදේශ තබන්නන්) අපවිත්‍රය. ඒ නිසා ඔවුන්ගේ මෙම වසරින් පසු ඔවුන් මස්ජිදුල් හරාම්(ශුද්ධ වූ දේවස්ථානය) වෙත ළං නොවිය යුතුයි. නුඹලා දිළිදුකමට බියවන්නේ නම් අල්ලාහ් ඔහුගේ දායාදයෙන් නුඹලා ධනවත් කරවයි ඔහු අභිමත වී නම්. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය, සර්ව ප්‍රාඥයය.
  • 9:29 - දහම ලත් අය අතුරින් අල්ලහ් ගැනද, අවසාන දිනය ගැන විශ්වාස නොකරන්නාවූද, අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දූතයා තහනම් කළ දෑ තහනම් නොකරන්නා වූද, නිවැරුදි ධර්මය අනුගමනය නොකරන්නා වූද, අය ඔවුන් යටහත් වී තම අත්වලින්ම ජිස්යාහ් (බදු) දෙනතුරු ඔවුන් සමඟ සටන් කරනු.
  • 9:30 - යුදෙව්වෝ උzෙසෙර් (ඉzස්රා) අල්ලාහ්ගේ පුත්‍රයා යැයි කියති. තවද ක්‍රිස්තියානිවරු අල්-මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයා යැයි කියති. මේවා පෙර සිටි කාෆිර්වරුන්ගේ (ප්‍රතික්‍ෂේප කරන්නන්ගේ) අඩිපාරේ ගමන් කරන, ඔවුන් තම මුවින් දොඩන (පදනමක් නැති) දේවල්ය. අල්ලාහ් ඔවුනට ශාප කරත්වා! ඔවුහු කෙසේ සත්‍යයට පිටුපෑවෙහිද.
  • 9:31 - ඔවුහු අල්ලාහ් හැර තම උගත් විශාරදයින් සහ තම පූජකවරුන් අර්බාබ්(දෙවි)වරුන් බවට පත්කරගෙන සිටිති. තවද මර්යම්ගේ පුත් මසීහ්ද (රබ් බවට පත්කරගෙන සිටිති.) එහෙත් ඔවුනට අණ කරන ලද්දේ වෙනත් කිසිවකුට නොව, එකම දෙවියකුට පමණක් නැමදුම් කරන ලෙසය. ඔහු(අල්ලාහ්) හැර වෙනත් දෙවියකු නැත. ඔවුන් ආදේශ කරන දෙයින් ඔහු(අල්ලාහ්) ඉඳුරා පිවිතුරුය.
  • 9:32 - අල්ලාහ්ගේ ආලෝකය ඔවුන්ගේ මුවින් නිවා දමන්නට ඔවුහු අදහස් කරති. අල්ලාහ් එයට ඉඩ නොදෙයි. ප්‍රතිෙක‍ෂ්ප කරන්නන් අකමැති වුවද ඔහු තම අලෝකය පරිපූර්ණ නොකර නොසිටින්නේය.
  • 9:33 - මුෂ්රික්වරුන් (ආදේශ තබන්නන්) ඛෙහෙවින් එරෙහි වුවද සෙසු සෑම දීන් (මාර්ගයක්ම) අභිබවා යෑම පිණිස යහමඟ සහ සත්‍ය මාර්ගය සමඟ ඔහු(අල්ලාහ්)ගේ රසූල්(දේව ධර්ම දූත)වරයා එව්වේ ඔහුය.
  • 9:34 - විශ්වාසවන්තයිනි ! (දහම්ලත් ජනයාගෙන්) උගත් විශාරදයින් සහ පූජකවරුන් අතුරින් බහුතරයක් මිනිසුන්ගේ ධනය වැරදි ක්‍රමවලින් (කෑදර ලෙස) ගිල ගනිති. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔවුන් වළක්වති. රන් රිදී ගොඩගසා ගෙන අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියහියදම් නොකරන අයට අත්වන වේදනා සහගත පීඩාව සම්බන්ධයෙන් ශුභාරංචිය දෙනු.
  • 9:35 - අපා ගින්නෙහි ඒවා රත් කරනු ලබන දිනයේ මේවා නුඹලා නුඹලාටම රැස්කරගත් දේවල්ය. දැන් ඉතින් නුඹලා රැස්කරගත් දේ රස විඳිනු(යි කියමින්) ඔවුන්ගේ නළල්ද ඔවුන්ගේ ඇළපත්ද ඔවුන්ගේ පිටවල්ද ඒවායින් හංවඩු ගසනු ලැබේ.
  • 9:36 - නියත වශයෙන්ම අහස්ද මහපොළොවද නිර්මාණය කළ දිනය (පටන්) අල්ලාහ්ගේ සැළසුමෙහි මාස ගණන දොළොස් මාසයකි. එයින් (මාස) සතරක් (යුද්ධ කිරීමට තහනම්) පූජනීය (මාස) වේ. මෙයයි නියම දීන්(ජීවන මාර්ගය) වන්නේ. එනිසා ඒවායේ(ඒ මාසවල) නුඹලා නුඹලාට අපරාධ නොකරනු. තවද ඔවුන් නුඹලා සියල්ලන් සමඟ සටන් කරන්නාක් මෙන් නුඹලා මුෂ්රික් (අදේශ තබන්නන්) සියල්ලන් සමඟ සටන් කරනු. තවද දැනගනු. නියත වශයෙන්ම අල්ලාහ් බියබැතියන් සමඟය.
  • 9:37 - නියත වශයෙන්ම අන්-නසීඋ (පූජනීය මාස කල් දැමීම) කුෆ්ර් (ප්‍රතිෙක‍ෂ්ප) භාවයේ වර්ධනය(අවස්ථාව)කි. එමගින් කාෆිර්වරුන් (ප්‍රතිෙක‍ෂ්ප කරන්නන්) නොමඟට යොමු කරනු ලැබේ. අල්ලාහ් (යුද්ධ කිරීමට) තහනම් කළා වූ (මාසවල) ගණන හිලව් කරනු පිණිස එක් අවුරුද්දක (කිසියම්) මාසයක් යුද්ධ කිරීමට ඔවුන් හලාල් (අනුමත) කරගන්නා අතර (තවත්) අවුරුද්දක (එම මාසයම යුද්ධ කිරීමට) ඔවුන් හරාම් (තහනම්) කරගනිති. එබැවින් ඔවුන් අල්ලාහ් (යුද්ධ කිරීමට) තහනම් කළාවූ මාස හලාල් කරගනිති. ඔවුන්ගේ නරක ක්‍රියාවන් ඔවුනට අලංකෘත කරන ලදී. ප්‍රතිෙක‍ෂ්ප කරන ජනතාව අල්ලාහ් යහමඟට යොමු නොකරවයි.
  • 9:38 - විශ්වාසවන්තයිනි! අල්ලාහ්ගේ මාර්ගයෙහි ඉදිරියට ගමන් කරන ලෙස නුඹලාට පවසනු ලැබූ විට නුඹලා මහපොළොව බදා ගත්තේ මන්ද. පරලොව(ජීවිතය)ට වඩා මෙලොව ජීවිතය නුඹලා ප්‍රිය කරන්නේද. එසේ නම් මෙලොව ජීවිතයේ (සියලූ) සැප සම්පත් පරලොවෙහි (සැප සම්පත් සමඟ සසඳන විට) ඉතා අල්පයක් හැර නැත.
  • 9:39 - නුඹලා ඉදිරියට ගමන් නොකරනවා නම් (අල්ලාහ්) නුඹලාට වේදනීය දඬුවමෙන් දඬුවමක් දෙයි. තවද නුඹලා නොවන වෙනත් ජනයින් (නුඹලා වෙනුවට) පත් කරයි. එවිට නුඹලාට ඔහු(අල්ලාහ්)ට කිසිඳු හානියක් කළ නොහැකිය. අල්ලාහ් සියලූ දේ මත බල සම්පන්නය.
  • 9:40 - නුඹලා ඔහු(රසූල්වරයා)ට උදව් නොකළේ නම් (එයින් කිසිඳු දෝෂයක් නැත.) කාෆිර්වරුන්(ප්‍රතික්ෂේප කරන්නන්) ඔහු (මක්කාහ්වෙන්) පිට මං කළ විට අල්ලාහ් ඔහුට උදව් කළේය. එම දෙදෙනා ගුහාවෙහි සිටි විට (දෙදෙනාගෙන් දෙවැන්නා) තම සහායකයාට, දුක් නොවන්න, නියත වශයෙන්ම අල්ලාහ් අප සමඟයැ යි කීවේය. එවිට අල්ලාහ් තමාගෙන් වූ සකීනත් (නිසල-සන්සුන් භාවය) ඔහු මත පහළ කළේය. තවද නුඹලාගේ (නෙත්වලින්) නොදුටු සේනාවන් මගින් අල්ලාහ් ඔහු ශක්තිමත් කළේය. තවද ප්‍රතික්ෂේප කරන්නන්ගේ වචනය නිකෘෂ්ට (නිගාවට පත්) කළේය. අල්ලාහ්ගේ වචනමය ඉතා උත්කෘෂ්ට වන්නේ. අල්ලාහ් සර්ව බලධාරීය, සර්ව ප්‍රාඥායය.
  • 9:41 - නුඹලා සැහැල්ලූ වූවත් බර වූවත් ඉදිරියට ගමන් කරනු. තවද නුඹලාගේ ධනයෙන්ද නුඹලාගේ දිවියෙන්ද අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු. නුඹලා දන්නෙහි නම් එය නුඹලාට ඉතා යහපත්ය.
  • 9:42 - (නබි මුහම්මද්!) ක්ෂණික ලාභයක් හා පහසු ගමනක් වූයේ නම් ඒකාන්තයෙන්ම ඔවුහු නුඹ අනුගමනය කරති. නමුත් (මෙම ගමන) ඔවුනට දුෂ්කර විය. එසේ තිබියදීත් අපට පුළුවන් වුවහොත් නියත වශයෙන්ම අප නුඹලා සමඟ පිටත් වන්නට තිබුණි යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරති. ඔවුහු තමන්වම නසා ගත්තෝය. ඔවුන් නියත වශයෙන්ම බොරුකාරයන් බව අල්ලාහ් දන්නේය.
  • 9:43 - (නබි මුහම්මද්!) අල්ලාහ් නුඹට සමාව දෙත්වා! ඇත්ත කී අය ප්‍රත්‍යක්ෂ වී බොරුකාරයින් නුඹට පැහැදිලි වීමට පෙර නුඹ ඔවුනට (යුද්ධයට සහභාගී නොවීම සඳහා) අනුමැතිය දුන්නේ ඇයි?
  • 9:44 - අල්ලාහ් සහ අවසන් දිනය ගැන විශ්වාසකරන්නෝ තම වස්තුවෙන් හා තම දිවියෙන් (අල්ලාහ්ගේ මාර්ගය) සඳහා සටන් කිරීමෙන් නිදහස් කරන ලෙස නුඹගෙන් අවසර නොපතති. නියත වශයෙන්ම (අල්ලාහ්ට) බියබැතිමත් වන්නන් ගැන අල්ලාහ් මැනවින් දනියි.
  • 9:45 - නියත වශයෙන්ම (අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ නොකිරීමට) නුඹගේ අනුමැතිය පතන්නේ අල්ලාහ් සහ අවසන් දිනය ගැන විශ්වාස නොකරන්නා වූද තම සිත්හි සැකය පවතින්නා වූද අයයි. ඔවුහු තම සැකයෙහි පැකිළෙන්නෝ වෙති.
  • 9:46 - ඔවුන් පිටවීමට අදහස් කළේ නම් නියත වශයෙන්ම ඔවුන් ඒ සඳහා කිසියම් සූදානම් වීමක් කරන්නට තිබුණි. නමුත් ඔවුන්ගේ නැගිටීම (ඉදිරීයට යාම) ගැන අල්ලාහ් අකමැති වූයේය. එනිසා ඔවුන්ව (අල්ලාහ්) රඳවා තැබුවේය. නැවතී සිටින්නවුන් සමඟ නුඹලාද නැවති සිටිනුයි ඔවුනට පවසනු ලැබුණි.
  • 9:47 - ඔවුන් නුඹලා සමඟ පිටත් වූයේ නම් ඔවුන් නුඹලාට පීඩාවට වඩා වැඩි දෙයක් කරන්නේ නැත. ආරාවුල් ඇති කිරීමේ අදහසින් ඔවුහු නුඹලා අතර අසමගියද ඇති කරවති. තවද නුඹලා අතර ඔවුනට ඉතා මැනවින් සවන් දෙන අය(තවමත්) සිටිති. අල්ලාහ් වැරදි කරන්නවුන් ගැන ඉතා හොඳින් දන්නේය.
  • 9:48 - මීට පෙරද ඔවුහු ආරවුල් ඇති කිරීමට තැත් කළහ. තවද ඔවුහු වරින් වර නුඹට කරුණු විකෘති කර (දැක්වූහ). ඔවුන් අකමැති වුවද සත්‍යය පැමිණියේය. තවද අල්ලාහ්ගේ අරමුණද ප්‍රත්‍යක‍ෂ විය.
  • 9:49 - මට (යුද්ධයට සහභාගී නොවී) රැඳී සිටීමට අවසර දෙන්න. මා අවුල් නොකරන්නැයි කියන්නෙක් ඔවුන් අතර සිටියි. (මෙවැන්නෝ දැනටමත්) ආරවුල්වල වැටී සිටිති. නියත වශයෙන්ම නිරය, කාෆිර්වරුන්(ප්‍රතික්ෂේප කරන්නන්)ව වට කරන්නක් බව දැනගනු.
  • 9:50 - නුඹට යහපතක් සිදුවුවහොත් එය ඔවුන්ව ශෝකයට පත් කරයි. නුඹට විපතක් සිදු වුවහොත් අප අපගේ කටයුතු (හරියට කරගෙන යන්නට) පෙර සිටම පියවර ගත්තෙමුයි කියමින් ඔවුහු සතුටින් පිටු පා යති.
  • 9:51 - අල්ලාහ් අපට නියමකර තිඛෙන දෑ හැර අපට (කිසිවක්) සිදු නොවෙයි. ඔහු (අල්ලාහ්) අපගේ භාරකරු වෙයි. මුඃමීන්වරුන්(විශ්වාසිකයන්) අල්ලාහ් වෙතම (තම කටයුතු) භාර කළ යුතු වේ. යැයි (නබි මුහම්මද්) පවසනු.
  • 9:52 - හොඳම දේවල් දෙකෙන් එකක් හැර (අන් කිසිවක්) අපට (ලැබිය හැකි යැයි) නුඹලා බලාපොරොත්තු වන්නේද. ඔහු(අල්ලාහ්)ගේ සන්නිධානයෙන් හෝ අපගේ අතින් අල්ලාහ් නුඹලාට දඬුවමක් සිදු කෙරෙතැයි අපිද බලාපොරොත්තු වෙමු. එහෙයින් නුඹලා බලාපොරොත්තු වනු. නියත වශයෙන්ම අපද නුඹලා සමඟ බලාපොරොත්තු වන්නෝ වෙමු(යි නබි මුහම්මද්) පවසනු.
  • 9:53 - නුඹලා(නුඹලාගේ ධනය) කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ වියදම් කරනු. නමුත් නුඹලාගෙන්(එය) භාරගනු නොලබන්නේමය. නියත වශයෙන්ම නුඹලා දුෂ්ඨ ජනතාවක්ව සිටිතැ(යි නබි මුහම්මද්) පවසනු.
  • 9:54 - අල්ලාහ් ගැනද ඔහුගේ රසූල්(ධර්ම දූතයා) ගැනද ඔවුන් ප්‍රතික්ෂේප කිරීමද ඔවුන් අලසකමින් මිස සලාත් ඉටුකිරීමට නොපැමිණීමද, තවද ඔවුන් අකැමැත්තෙන් මිස (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කිරීමද මිස ඔවුන්ගේ අය මුදල් ඔවුන්ගෙන් පිළිගැනීමට බාධා නොකළේය.
  • 9:55 - එනිසා ඔවුන්ගේ වස්තූන්ද නැතහොත් ඔවුන්ගේ දරුවන්ද නුඹව මවිතයට පත් නොකරත්වා. නියතවශයෙන්ම ලෞකික ජීවිතයේදී එමගින් ඔවුනට දඬුවම් කිරීමත් ප්‍රතික්ෂේප තත්ත්වයෙන්ම ඔවුන්(ප්‍රතික්ෂේප කරන්නන්)ගේ දිවිතොර වීමත්ය අල්ලාහ් අදහස් කරන්නේ.
  • 9:56 - නියත වශයෙන්ම ඔවුහු නුඹලාගෙන් වූ අයැයි යනුවෙන් අල්ලාහ්ගේ නාමයෙන් දිවුරති. නමුත් ඔවුහු නුඹලාගෙන් වූ අය නොවෙති. එනමුත් ඔවුහු (නුඹලාට) බියගුළු ජනතාවකි.
  • 9:57 - සරණ දෙන ස්ථානයක් හෝ ගුහාවක් හෝ සැඟවීමට හැකි ස්ථානයක් හෝ ඔවුනට ලැබුණහොත් ඔවුන් ඉතා වේගයෙන් ඒවෙත දිවයනු ඇත.
  • 9:58 - තවද (නබි මුහම්මද්) ඔවුන්ගෙන් සමහරෙක් සදකාවන් (සzකාත් එක්රැස් කර ඛෙදාදීම) සම්බන්ධයෙන් නුඹට අපවාද කියන්නෝය. ඔවුනට එමගින් (සදකාවන් මගින්) යමක් දෙනු ලැබුවහොත් ඔවුහු තෘප්තිමත් වෙති. එමගින් ඔවුනට කිසිවක් නොදෙනු ලැබුවහොත් එවිට ඔවුහු උරණ වෙති.
  • 9:59 - අල්ලාහ් සහ ඔහුගේ දූතයා ඔවුනට ලබාදුන් දෑ කෙරෙහි ඔවුන් තෘප්තිමත් වී අල්ලාහ් අපට ප්‍රමාණවත්ය. අල්ලාහ් තම දායාදයන්ගෙන් අපට (තව තවත්) ලබා දෙයි. ඔහුගේ දූතයාද (ලබාදෙයි.) නියත වශයෙන්ම අපි අල්ලාහ් වෙතම හැරෙන්නෙමු යනුවෙන් කීවා නම් ඉතා හොඳය.
  • 9:60 - ඇත්ත වශයෙන්ම (එකතු කෙරෙන) සදකාත් (නොහොත් සzකාත්) අසරණයන්ටත් දිළින්දන්ටත් ඒවා (සzකාත්-එකතු කිරීමට හා ඛෙදා දීම) සඳහා (පත්කර ඇති) සේවකයන්ටත් ඔවුන්ගේ සිත් (සත්‍යය කරා) එකඟ කරගනු ලබන අයටත් වහලූන්(මුදවා ගැනීම සඳහා වන්දි ගෙවීම)ටත් ණයකරුවන්ට(උපකාර කිරීමට)ත් අල්ලාහ්ගේ මාර්ගය වෙනුවෙන් සහ මගීන්(සඳහා ආගන්තුක සත්කාර කිරීම)ටත් පමණක් අයත් වේ. (මෙය) අල්ලාහ්ගෙන් (නිර්ණය) වූ අනිවාර්ය(යුතුකම)කි. නියත වශයෙන්ම අල්ලාහ් සර්වඥානීය, සර්ව ප්‍රාඥයය.
  • 9:61 - නබිවරයාට අපහාස කරමින් ඔහු (හැම කෙනකුටම සවන් දෙන) කන් ඇත්තකු කියන, සමහරෙක් ඔවුනතර සිටිති. ඔවුනට මෙසේ කියනු. ඔහු එසේ සවන් දෙන්නේ නුඹලාගේ යහපත් දෙයටයි. ඔහු අල්ලාහ් විශ්වාස කරන අතර මුඃමීන්වරුන්ටද ඔහු විශ්වාසය. මේනිසා නුඹලා අතරෙහි සිටින මුඃමීන්වරුන්ට ඔහු ආශිර්වාදයකි. අල්ලාහ්ගේ රසූල් (ධර්ම දූත)වරයාට අපහාස කරන අයට (ගැන සලකන විට) ඔවුනට වේදනා සහගත දඬුවමක් තිබේ.
  • 9:62 - ඔවුන් නුඹලා සතුටු කිරීම පිණිස නුඹලා හමුවේ අල්ලාහ්ගේ නමින් දිවුරති. ඇත්තෙන්ම ඔවුන් සැබෑ දෙව්බැති මුඃමීන්වරුන් නම් ඔවුන් විසින් අල්ලාහ් සහ ඔහුගේ රසූල්වරයා සතුටු කරනු ලැබීම වඩාත් සුදුසු වේ.
  • 9:63 - අල්ලාහ් සහ ඔහුගේ රසූල්(ධර්ම දූත)වරයාට විරුද්ධ වන කෙනකුට නියතවශයෙන්ම අයත් වන්නේ අපාගින්නයි. ඔහු එහි සදාකල් වාසය කළ යුතුයි. මෙය මහ අපකීර්තියකැයි ඔවුහු නොදනිත්ද?
  • 9:64 - තම සිත් තුළ ඇති දේ කුමක්දැයි මුස්ලිම්වරුන්ට හෙළි කරමින් සූරතයක්(පරිච්ඡේදයක්) පහළ කෙරේ දැයි මුනාෆික්වරු බිය වෙති. සමච්චල් කරනු. නුඹලා බියවන දේ නිැසකයෙන්ම් අල්ලාහ් හෙළිකරනු ඇතැයි (නබි මුහම්මද්) පවසනු.
  • 9:65 - නුඹලා කතා කරන්නේ කුමක් දැයි නබි මුහම්මද්, නුඹ ඔවුන්ගෙන් ප්‍රශ්ණ කළානම්, අප නිකම් විහිලූ තහලූ කරමින් ප්‍රීති වෙනවායි ඔවුන් නියත වශයෙන්ම කියනු ඇත. නුඹලා අල්ලාහ්ද, ඔහුගේ වදන්දල ඔහුගේ රසූල්(ධර්ම දූත)වරයාද සමච්චලයට ලක් කරමින් සිටිතියැයි (නබි මුහම්මද්) පවසනු.
  • 9:66 - දැන් නිදහසට කරුණු නොකියනු. නුඹලා විශ්වාස කිරීමෙන් පසුව නියත වශයෙන්ම නුඹලා එය ප්‍රතික්ෂේප කළාහුය. නුඹලාගෙන් සමහරකුට අපි සමාව දුන්නත් නුඹලා අතුරින් තවත් සමහරකුට අපි දඬුවම් පමුණුවමු. මන්ද, ඔවුන් වරදකරුවන් වන බැවිනි.
  • 9:67 - මුනාෆික් වූ පුරුෂයින් හා මුනාෆික් වූ ස්ත්‍රීන්, ඔවුහු එකිනෙකාගෙන්ය. ඔවුහු අයහපත පනවති. යහපත තහනම් කරති. (යහපත් දේ කිරීමෙන්) ඔවුන්ගේ අත් (මිටි) මොළවති ඔවුහු අල්ලාහ් අමතක කළහ. එනිසා ඔහු(අල්ලාහ්)ද ඔවුන් අමතක කළේය. නියතවශයෙන්ම ප්‍රතිරූපකයෝ (වන) ඔවුහුමය පව්කාරයෝ.
  • 9:68 - මුනාෆික් පුරුෂයින්ට හා මුනාෆික් ස්ත්‍රීන්ටද කාෆිර්වරුන්(ප්‍රතික්ෂේප කරන්නන්)ටද අල්ලාහ් අපා ගින්න හිමි කර දීමට පොරොන්දු වී ඇත. ඔවුහු සදහටම එහි වාසය කරති. එය ඔවුනටම සුදුසු තැනයි. අල්ලාහ් ඔවුන්ට ශාප කළේය. ඔවුනට සදාකාලික පීඩාව ඇත.
  • 9:69 - මුනාෆික් පුරුෂයින්ට හා මුනාෆික් ස්ත්‍රීන්ටද කාෆිර්වරුන්(ප්‍රතික්ෂේප කරන්නන්)ටද අල්ලාහ් අපා ගින්න හිමි කර දීමට පොරොන්දු වී ඇත. ඔවුහු සදහටම එහි වාසය කරති. එය ඔවුනටම සුදුසු තැනයි. අල්ලාහ් ඔවුන්ට ශාප කළේය. ඔවුනට සදාකාලික පීඩාව ඇත.
  • 9:70 - ඔවුනට පෙර ගියාවූ නුහ්, ආද් සහ සමූද් ගෝත්‍ර, ඉබ්‍රාහීම්ගේ ජනයා, මද්යන්ගේ ජනයා සහ විනාශයට පත්වූ නගරවල ජනයා පිළිබඳ කතාන්තර ඔවුනට (අසන්නට) ලැබී නැතිද? ඔවුන්ගේ රසූල්(ධර්ම දූත)වරු පැහැදිලි සංඥා ඇතිව ඔවුන් අතරට පැමිණියහ. එසේ නම් ඔවුනට වැරදි කළේ අල්ලාහ් නොවේ. ඔවුහුම ඔවුනට වැරදි කර ගත්හ.
  • 9:71 - විශ්වාස කරන පුරුෂයෝද විශ්වාස කරන ස්ත්‍රීහුද ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමකුට ආරක්ෂකයෝය. ඔවුහු හොඳ දෑ අණවති. නරක දැයින් වළක්වති. සලාතය ඉටුකරති, zසකාත් දෙති. අල්ලාහ්ටද ඔහුගේ රසූල්(ධර්ම දූත)වරයාටද කීකරු වෙති. නියත වශයෙන් අල්ලාහ් ඔවුනට අනුග්‍රහය දක්වනු ඇත. අල්ලාහ් සර්ව බලසම්පන්නය, සර්ව ඥානීය.
  • 9:72 - මුඃමීන් පුරුෂයින්ට ද මුඃමීන් ස්ත්‍රීන්ට ද ගලා බස්නා දිය ඇලි එහි යටි්න් පිහිටි ජන්නාහ්වන් (ස්වර්ගයන්) දීමට අල්ලාහ් පොරොන්දු වී ඇත. ඔවුහු එහි සදාකල් වාසය කරති. තවද (ඔවුනට) අද්න් යන ජන්නාහ්වන්හි පිරිසිදු වාසස්ථානයන් ද (අල්ලාහ් පොරොන්දු වී ඇත.) එසේම සියල්ලටම වඩා ඔවුන් අල්ලාහ්ගේ ප්‍රසාදය භුක්ති විඳිනු ඇත. විශිෂ්ඨතම ජයග්‍රහණය එය වේ.
  • 9:73 - නබි (මුහම්මද්!) කාෆිර්වරුන්(ප්‍රතිෙක‍ෂ්ප කරන්නන්)ට සහ මුනාෆික්වරුන් (ප්‍රතිරූපකයින්)ට විරුද්ධව තදින්ම සටන් කරනු. ඔවුන් පිළිබඳව දැඩි වනු. අවසානයේ ඔවුන්ගේ නිවහන අපාය වේ. එය (සියලූ වාසස්ථානවලින්) නරකම වාසස්ථානයයි.
  • 9:74 - (කුෆ්ර්-ප්‍රතිෙක‍ෂප භාවය ගැන) නොකීවේයැයි ඔවුහු අල්ලාහ්ගේ නමින් දිවුරති. සත්‍ය වශයෙන්ම ඔවුහු කුෆ්ර්(ප්‍රතිෙක‍ෂ්ප) වදන් දෙඩූහ. (තවද) ඔවුහු ඉස්ලාම් (වන බව) ප්‍රකාශ කිරීමෙන් පසුව කුෆ්ර් (බව පිළිබඳ වරදකරුවෝ) බවට පත්වූහ. තවද ඔවුනට ඉටුකර ගත නොහැකි කාර්යයන් සඳහා ඔවුහු උත්සාහ කළහ. අල්ලාහ් සහ ඔහුගේ රසූල්(ධර්ම දූත)වරයා ඔහු (අල්ලාහ්)ගේ දායාද මගින් ඔවුන් පොහොසත් කිරීම හැර (මුස්ලිම්වරුන් සමඟ) කුපිත වීමට ඔවුනට හේතුවක් නැත. ඔවුන් (දැන්වත් තමන්ගේ නොහික්මුණුකම ගැන) පසුතැවෙන්නේ නම් එය ඔවුනට (ඔවුන්ගේ ආත්මයන් සඳහා) යහපත් වේ. නමුත් ඔවුන් පිටුපා යන්නේ නම් අල්ලාහ් ඔවුනට මෙලොවදී මෙන්ම පරලොවදීද වේදනාත්මක අන්දමින් දඬුවම් පමුණුවයි. තවද ඔවුනට ආරක්ෂකයෝද ආධාරකරුවෝද මිහිපිට නොවෙති.
  • 9:75 - අල්ලාහ් අපට ඔහුගේ තිළිණයෙන් දෙන්නේ නම් නියත වශයෙන්ම අපි පිනට දෙන්නෙමු. තවද අපි දැහැමි වූවන් අතුරින් වන්නෙමුයි ඔවුන් අතුරින් ඇතැමෙක් අල්ලාහ් සමඟ ගිවිසුම ඇති කරගෙන සිටිති.
  • 9:76 - එහෙත් අල්ලාහ් තම තිළිණයෙන් ඔවුනට දුන් විට ඔවුහු එයින් මසුරු බවට පත් වූහ. තවද (ගිවිසුම) නොසලකා පිටුපෑහ.
  • 9:77 - අල්ලාහ් සමඟ ඔවුන් ඇති කරගත් ගිවිසුම ඔවුන් කඩ කිරීම නිසාද ඔවුන් බොරු කී නිසාද ඔවුන් ඔහු(අල්ලාහ්) හමුවිය යුතු (පරමාන්ත) දිනය දක්වාම මුනාෆික්(ප්‍රතිරූපක) බව ඔවුන්ගේ හදවත් තුළ මුල් බැසීමට ඔහු(අල්ලාහ්) ඉඩ හැරියේය.
  • 9:78 - ඔවුන්ගේ රහස් මෙන්ම ඔවුන්ගේ රහස් සාකච්ඡා ගැනද නියත වශයෙන්ම අල්ලාහ් දන්නා බවත් ගුප්ත වූ දේ අල්ලාහ් නියතවශයෙන්ම දැන සිටින බවත් ඔවුහු නොදනිත්ද?
  • 9:79 - :මුඃමීන්වරුන් අතුරින් සතුටින් සහ සිය කැමැත්තෙන් මුදල් කැපකරන්නන