ඉස්ලාමීය පාරිභාෂිත වදන් පෙලගැස්ම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්ලාහ් (දෙවි)
අල්ලාහ් (දෙවි)

මෙම පිටුව තුලින් ඉස්ලාම් දහමට ආවේනික පාරිභාෂිත වදන් සදහා වූ විග්‍රහයන් පෙලගැසීම සිදුකෙරේ. මෙම පිටුව වැඩිදියුණූ කිරීම සදහා ඔබේ සහයෝගය ද අපේක්ෂෘ කර සිටිමි.

අල්ලාහ්

ඉස්ලාම් දහම පවසන දේව සංකල්පය 'ඒකදේව' සංකල්පය වන අතර ඔහු සර්වබලධාරී දෙවි වේ. එම සර්වබලධාරී එකම දෙවියා 'අල්ලාහ්' යනුවෙන් ඉස්ලාම් හදුන්වනයි. මේ පිලිබදව වැඩි විස්තර පහත link එක තුලින් පිවිස කියවන්න.

අල්ලාහ් (දෙවි)

අසාබියා

අරාබි බසින් ‘අසාබියා’ යනු ‘ජාතිවාදය හෝ ගෝත්‍රවාදය’ යන්න අදහස් කරයි

අදාන්

අස්සලාමු අලෛකුම්

"අස්සලාමු අලෛකුම්" මෙය ඉස්ලාම් දහම, මුස්ලීම් සමාජයට යෝජනා කරන ආචාර (සුබ පැතුම්) ක්‍රමයකි. මෙහි අරුත "ඔබට ශාන්තිය / සාමය අත්වේවා!" යන්නයි.

අල්හදීස්

ආහිරා

‘ආහිරා’ යන වදන මරණින් මතු නැඟිටුවන ලෝකය යන අරුථ ගෙනදෙන අදහසින් ඉස්ලාම් දහම භාවිතා කරයි.

ඉස්ලාම්

සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය මිනිස් සිතේ ඇති වේ. මේ ආකාරයට සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට අවනත වී සාමයෙන් ජීවත් වීම ලොව ඇති එකම යහමගයි.

ඉහ්සාන්

ඉහ්සාන් යනු අල්ලාහ් (දෙවි) තමා අබියස සිටින බවට උපකල්පනය කොට ඔහුට වැඳුම්පිඳුම් ඉටු කිරීමයි. ඔහු අපට නොපෙනුනත් නියත වශයෙන්ම ඔහු අපගේ ක්‍රියාවන් සියල්ල නිරීක්ෂණය කරන බව විශ්වාස කිරීම.
වැඩිදුර කරුණු කියවන්න - ඉහ්සාන් යනු කුමක්ද?

ඊමාන්

‘ඊමාන්’ යනු පහතින් සදහන් ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති 06 හදවතින් පිලිගැනීමයි.

  • අල්ලාහ් (දෙවි) ද,
  • ඔහුගේ දේවදූතයන් ද,
  • ඔහු විසින් පහල දහමන්ද,
  • (මරණින් මතුවට) අල්ලාහ් (දෙවි) හමුවන බවද,
  • ඔහුගේ වක්තෘවරුන් (හෙවත් නබිවරුන්)ද විශ්වාස කිරීමද,
  • මරණින් මතු යලි නැඟිටීම විශ්වාස කිරීමද,

මෙම විෂය පිලිබදව වැඩිදුර දැනගැනීම සදහා ප්‍රතිපත්ති යන ගොනුව කියවන්න

උපවාසය

මලාඉකාවරු

දේව දූතයන් හෙවත් දෙවියන්ගේ පණිවුඩ මනුෂ්‍යා වෙත ගෙන එන දූතයන් පිලිබදව ලොව සෑම දහමකම පාහේ සදහන් වන ආකාරය ඒ ඒ ආගමික ඉගෙන්වීමන් අධ්‍යනය කරන විට දැකගන්නට ලැබේ. ඉස්ලාම් දහම තුල ද දේව දූතයන් පිලිබදව බොහෝ කරුණූ සාකච්චා වන අතර එම දේවදූතයන් පිලිබදව මුස්ලීම්වරුන් විශ්වාස කිරීම ද ඉස්ලාම් දහමේ මූලික අංගයක් වේ. ඔවුන් ‘මලාඉකාවරුන්’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර ඔවුන් පිලිබදව වූ ඉස්ලාමීය විශ්වාසය කුමණ ආකාරයේ එකක් වියයුතුද? යන්න දැන් සරලව විමසා බලමු.

ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මිනිස් මැවීමන්ට වඩා සම්පූර්ණයෙන් වෙනස් වූ ආකාරයේ මැවීමක් ලෙස දේවදූතයන් නොහොත් මලාඉකාවරුන් හැදින්වේ. මිනිසා පස්වලින් මැවුවා සේම දේවදූතයන් වන මලාඉකාවරුන් ආලෝකයෙන් මැවූ බව ඉස්ලාම් පවසයි. මේ දේවදූතයන් සදහා අල්ලාහ් (දෙවියන්) විසින් පවරන ලද සුවිශේෂි රාජකාරී ඇති බව පවසන ඉස්ලාම් ඒවා අතුරින් බොහෝමයක් පිලිබදව ඉස්ලාම් ආගමික මුලාශ්‍ර හි සදහන්ම වේ. මේ පිලිබදව වැඩි විස්තර පහත link එක තුලින් කියවන්න.

මලාඉකාවරුන් නොහොත් දේවදූතයන්

මුනාෆික්

ඉස්ලාම් දහමටත්, මුස්ලීම් සමාජයටත් එරෙහිව විවිධ කුමණ්ත්‍රණයන් ක්‍රියාත්මක වන අවස්ථාවල එම කුමණ්ත්‍රනකරුවන් හා කරට කර හිඳ ඉස්ලාමයට හා මුස්ලීම්වරුන්ට එරෙහිව කුමණ්ත්‍රන කරන මුස්ලීම් නම්දරයන් නොහොත් ‘කුහකයින්’ (අරාබි බසින් ‘මුනාෆික්වරුන්’ යන්න සිංහල බසින් ‘කුහකයින්’) ලෙස හැදින්විය හැකි ඔවුන් මෙම ඝනයට අයත් වේ. ‘ජනයා ඉදිරියේ ප්‍රසිද්ධියේ තමන් මුස්ලිම්වරයකු ලෙස පෙනීසිටින නමුත් ඉස්ලාමය හඳවතින් ප්‍රතික්ෂේප කරමින් හෝ ඉස්ලාමයට එරෙහි වෙමින් ඉස්ලාමයට හෝ මුස්ලීම්වරුන්ට එරෙහි සතුරන් සමඟ එක් වී කුමණ්ත්‍රනය කරන පිරිස’ ඉස්ලාම් ‘මුනාෆික්වරුන්’ ලෙස හදුන්වයි.

මූමීන් (මූ:මීන්)

‘මුස්ලීම්’ යන තත්වය ඉක්ම වූ ‘මූමීන්’ නැමැති තත්වයක් ඉස්ලාම් දහම තුල ඇති බව බොහෝ දෙනෙකු නොදනී. මූමීන් (Mumen) යනු අල්කුර්ආනයේ සහ අල්හදීසයේ නිතර නිතර සදහන් වන අරාබි වදනකි. එහි අරුත වන්නේ ‘ඇදහිලිවන්තයා’ යන්නයි. අල්ලාහ් (දෙවි)ට පූර්ණ ලෙස අවනත වී ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් ජීවත් වන තැනැත්තා ‘මූමීන්’ ලෙස එසේත් නැත්නම් ‘පරිපූර්ණ මුස්ලිම්වරයෙක්’ ලෙස ඉස්ලාම් හදුන්වයි.

සලාතය

සzකාතය

ඉස්ලාම් දහම කිසියම් නීතිරීති පද්ධතියකට යටත්ව මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්‍ය බද්දක් ලෙස ‘සකාතය’ නියම කරයි. ‘සකාත්’ යන වදනේ සෘජු අර්ථය පිරිසිදුකම, පවිත්‍ර, වර්ධනය, භාග්‍ය… යනාදීය වේ. නමුත් මුස්ලිම්වරයෙකු තම සතු දේපල, මිලමුදල් හා අනිකුතත් වස්තූන්වලින් කිසියම් අනුපාතයක් සමාජයේ ජීවත් වන දුප්පතුන්, අසරණයන්… වැනි (පිරිස් පිලිබදව මෙහි ඉදිරියට සාකච්චා වේ) පිරිස් වෙනුවෙන් ලබාදීම ඉස්ලාමීය දෘෂ්ඨි‍යෙන් සකාතයේ අරුථ වේ. (මේ පිලිබදව වැඩි විස්තර සදහා සzකාත් නම් බද්ධ නම් ලිපිය කියවන්න

(සල්)

සව්මය

සහාභාවරුන්

කලිමාව

ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති හා විශ්වාසයන් අතුරින් ප්‍රධාන තැනක් හිමි කරගන්නා සාධකය වන්නේ ‘ලාඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලිල්ලාහ්’ යයි විශ්වාසයෙන් යුතුව පවසන ‘කලිමාව’ නම් ප්‍රතිපත්තියයි. එය ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති අතර පලමු වැන්නයි. එසේම මෙය ඉස්ලාම් දහමේ අත්තිවාරමයි. මෙම ‘කලිමාව’ සෑම මුස්ලීම්වරයෙකුම ක්‍රියාවෙන් පිලිගැනීම අත්‍යඅවශ්‍ය වන අතර මුවින් පැවසීමෙන් නතර නොවී එහි පරමාර්ථය කරා ක්‍රියා කිරීම ද අත්‍යඅවශ්‍ය වේ. (වැඩි විස්තර - ඉස්ලාම් හි අත්තිවාරම – කලිමාව නම් ලිපිය කියවන්න)

කද්ර්

මනුෂ්‍යාහට ඇතිවන යහපත හා අයහපත අල්ලාහ් (දෙවි)ගේ පෙර සැලැස්ම නොහොත් නියමය පරිධිම සිදුවනවා යැයි විශ්වාස කිරීම 'කද්ර්' විශ්වාස කිරීම වේ. තවත් සරලව පවසනවා නම්, 'දෛවය' පිලිගැනීම කද්ර් ලෙස හැදින්විය හැකි වේ. මේ පිලිබදව වැඩි විස්තර පහත link එක තුලින් පිවිස කියවන්න.

ක:බාව

මක්කාවේ පිහිටි පලමු දෙව්මැදුර 'ක:බාව' ලෙස හදුන්වන අතර එය පිහිටි භූමිය “බක්කා” ලෙස හැදින් වේ. ශුද්ධ වූ කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවියන්) පවා එම ස්ථානය ආමන්ත්‍රණය කොට ඇත්තේ “බක්කාව” යනුවෙනි. (මේ පිලිබදව වැඩි විස්තර බක්කාවේ පිහිටා ඇති ප්‍රථම දෙව්මැදුර නම් ලිපිය තුලින් කියවීමට පුළුවන.



කද්ර් හෙවත් පෙර නියමය

තව්හීද්

අරාබි භාෂාවෙන් ‘වහ්ද්’ (Wahadha) යන වචනයට ‘එකක්’, ‘ඒකක’ යන අරුථ හිමිවේ. මෙය පදනම් කරගෙන ගොඩනැ‍‍‍ඟෙන ක්‍රියා පදය ‘වහ්හද්’ (wahhadha) යන්නයි. එහි අරුථ ‘ඒකීය කළා‍’ යන්නයි. එහි වර්ථමාන කාල ක්‍රියාපදය වන්නේ ‘යුවහ්හිදු’ (yuwahhidhu) යන්නයි. එහි ‍අරුථ ‘ඒකීය කරනවා’ යන්නයි (ඉංග්‍රීසියෙන් unite, unify). මෙම ‘වහ්හද්’ (wahhadha) යන අතීත කාල ක්‍රියා පදයෙන් බිහිවෙන නාම පදය ‘තව්හීද්’ යන්නයි. එය අරාබි ‘සර්ෆ්’ (පද ව්‍යාකරණ) ක්‍රමයට අනුව සර්ෆ් ක්‍රමයේ තුන් වන අවස්ථාවයි. (එනම්, වහ්හද – යුවහ්හිදු – තව්හීද්) මේ අනුව මෙම ‘තව්හීද්’ යන පදයේ අර්ථය ඒකීයභාවය – ඒකකත්වය යන්නයි. (මේ පිලිබදව වැඩි දුර දැනුම සදහා 'ඉස්ලාම් පවසන තව්හීදය නොහොත් ඒකදේව සංකල්පය' යන ලිපිය කියවන්න. එසේම දේව විශ්වාසය ගොනුව කියවන්න.)


නබි

දෙවිගෙන් ලැබුණු පණිවිඩය ජනතාව වෙත දැනුම් දී ඔවුන්ට අවවාද කිරීම සඳහා දෙවියන් විසින් පත්කරුනු ලබන මිනිස් නියෝජිතයන් නබිවරුන් හෙවත් වක්තෘවරුන් ලෙස ඉස්ලාම් හදුන්වයි. මේ පිලිබදව වැඩි විස්තර පහත Link එක තුලින් කියවන්න.

නබි හෙවත් වක්තෘවරුන්

නිසාබව

සකාත්දීම සදහා අවම සීමාවක් සපුරා තිබිම අත්‍යඅවශ්‍යය. එම සීමාව සපුරා නොමැති පිරිසට සකාත් බද්ධ අනිවාර්‍ය නොවේ. එම අවම සීමාව ඉස්ලාම් දහම ‘නිසාබය’ (සකාතය අනි‍වාර්ය‍ වන අවම ප්‍රමාණය) ලෙස හදුන්වයි. (වැඩි විස්තර සදහා සzකාත් නම් බද්ධ යන ලිපිය කියවන්න)

(රලි)

බක්කාව

මක්කාවේ පිහිටි පලමු දෙව්මැදුර පිහිටි භූමිය “බක්කා” ලෙස හැදින් වේ. ශුද්ධ වූ කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවියන්) පවා එම ස්ථානය ආමන්ත්‍රණය කොට ඇත්තේ “බක්කාව” යනුවෙනි. (මේ පිලිබදව වැඩි විස්තර බක්කාවේ පිහිටා ඇති ප්‍රථම දෙව්මැදුර නම් ලිපිය තුලින් කියවීමට පුළුවන.


වහී

දේව පණිවුඩ මනුෂ්‍යයකුට ප්‍රකාශ වීම අරාබි භාෂාවෙන් ‘වහී’ යනුවෙන් හදුන්වයි

වක්තෘවරුන්

දෙවිගෙන් ලැබුණු පණිවිඩය ජනතාව වෙත දැනුම් දී ඔවුන්ට අවවාද කිරීම සඳහා දෙවියන් විසින් පත්කරුනු ලබන මිනිස් නියෝජිතයන් නබිවරුන් හෙවත් වක්තෘවරුන් ලෙස ඉස්ලාම් හදුන්වයි. මේ පිලිබදව වැඩි විස්තර පහත Link එක තුලින් කියවන්න.

නබි හෙවත් වක්තෘවරුන්

ජාහිලියා

ජාහිලියා යන අරාබි පදයේ වචනාර්ථය ‘නොදැනුවත්කම’ යන්නයි. මෙම ජාහිලියා යන වචනය යහමග අඩවිය තුල බොහෝ විට ‘අඥාන සමාජය’ ලෙස පරිවර්ථනය කොට ඇත. නමුත් මෙම ජාහිලියා යන පදයට ‘නොදැනුවත්කම’ හෝ ‘අඥාන’ ලෙස පරිවර්ථනයන් ලබාදුන්න ද ඉස්ලාම් අදහස් කරන නිවැරදි අදහස එය නොවේ. එය මෙතැන් සිට විමසා බලමු.

මුහම්මද් (සල්) තුමාණන් මගින් ඉස්ලාම් දහම ප්‍රකාශ වීමට පෙර අරාබිද්වීපයේ පැවති ජන සමාජය ‘ජාහිලියා’ සමාජය ලෙස ඉස්ලාම් හදුන්වයි. එවකට පැවති සමාජය නොදැනුවත්කමින් පිරි සමාජයක් හෝ අඥාන සමාජයක් හෝ නොවේ. ඉස්ලාමය එම යුගයේ අරාබිවරුන්ව ‘ජාහිලියා’ ලෙස හැඳින්වූයේ ශාස්ත්‍රීය හා කලාත්මක දැනුම ඔවුන් තුල උපරිමයෙන් තිබියදීය. ඔවුන් කිසිදු අයුරකින් නූගත්කමින් හෝ විද්‍යා ක්ෂේත්‍රයේ පසුගාමීව පැවති සමාජයක් නොවීය. එසේ තිබියදී එම සමාජය ‘ජාහිලියා’ සමාජය ලෙස ඉස්ලාම් හදුන්වන්නට මූලික වූ හේතුකාරණා වන්නේ,

  • ඔවුන්ගේ විශ්වාස ඒකදේව සංකල්පයෙන් බැහැර වූ බොහෝ දුරට පිළිම වන්දනාවන් මූලික කොට පැවතී පාරම්පරික ආගමික විශ්වාසයන් ලෙස පැවතීම,
  • සමාජ පුරුදු, නමස්කාරය, සංකල්ප, ජීවිතය පිළිබඳ දෘෂ්ඨිකෝණය… යනාදීය ඔවුනට ම ආවේනික වීම,
  • සංස්කෘතිය, කලාව, සාහිත්‍යය, දේශපාලනය, ආර්ථිකය… වැනි මානව ක්‍රියාකාරකම් සඳහා තමන්ට ම ආවේනික විශ්වාසය, චින්තන ක්‍රමයක් සහ ජීවන රටාවක් පැවතීම,
  • පුරුෂ මූලික කොටගත් සමාජයක් ලෙස පැවතීම,

යනාදීය සදහන් කලහැක. මේ පිලිබදව වැඩිදුර කියවීමට පහත link වෙත පිවිසෙන්න.

ජිබ්රීල්

ජහන්නම

ජිසියා බද්ධ

ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් තුල මුස්ලීම් නොවන ජනයා රජයට ගෙවිය යුතු බදු මුදල ‘ජිසියා’ නම් වේ. මෙම බද්ධ මුස්ලීම්වරුන් ගෙවීමට අවශ්‍ය නොවේ. (මෙම විෂය පිලිබදව දීර්ඝ ලෙස පැහැදිලි කොට ඇති ඉස්ලාම් පවසන බදු සහ එහි ජිසියා බද්ධ යන ලිපිය මෙතැනින් කියවන්න)

දු

දුන්යා

‘දුන්යා’ යනු ලෝකය, මෙලොව, ආසන්න, පහත්, කුඩා, සමීප යන අරුථ ගෙනදේ, නමුත් මෙය ඉස්ලාම් දහම තුල මෙලොව ජීවිතය අදහස් කරයි

ශිර්ක්

ඉස්ලාමීය ඉගෙන්වීම අනුව ‘ශිර්ක්’ යන්න මහා පාපයකි. ශිර්ක් යනු අල්ලාහ් (දෙවි)ට කිසිවක් හෝ කිසිවෙක් සම කිරීමයි. (මේ පිලිබදව වැඩිදුර පැහැදිලි කිරීම ශිර්ක් හෙවත් දෙවියන් ප්‍රතික්ෂේප කිරීම සමයාන්තර විමසුමක් යන ලිපිය තුලින් කියවීමට පුළුවන)


ශෛතාන්

දෙවියන් විසින් මවන ලද මැවීමන් අතර ශෛතාන් ද සුවිශේෂි මැවීමකි. මොහු මනුෂ්‍යයන් සේම ස්වාධීනව කටයුතු කරන්න අවසර ලද මැවීමකි. නමුත් මොවුන් මිනිසුන්ට වඩා ශක්තිසම්පන්නය. එසේම ඉතා බුද්ධිමත්ය. නමුත් මොහු දේව ශාපයට ලක්වූවෙකි. එයට හේතුව තමන්ට වඩා උසස් මැවීමක් ලෙස දෙවියන් විසින් මනුෂ්‍ය මැවීම නිසා මොහුට ඇති වූ ඊර්ෂ්‍යාවයි. එහිදී ඔහු ‘මම සමස්ථ මිනිස් සමාජයම අපාය කරා රැගෙනයමි.’ යන අභියෝගය දෙවියන්ට කරන ලද්දෙකි. මේ හේතුව නිසාම ඔහු දේව ශාපය හිමිවුවෙකි. ඔහු ගින්නෙන් මවා ඇතැයි යන්න ඉස්ලාම් හි ඉගෙන්වීමයි. එසේම ‘සාතාන්’යනුවෙන් බොහෝ ආගම් හි හදුන්වන්නේ ද මෙම ශෛතාන්වමය.






සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/03/20

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම